Jun 20, 2012

ඉන්දීය සංචාරයේදී හම්බන්තොටට,ප්‍රේමදාසට සහ පල්ලෙකැලේට තරග දෙක බැගින්


ක්දින තරග පහකට සහ 20 – 20 තරගයකට සහබාගි වීම සදහා හ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම සමග පැවත්වෙන පළමු සහ දෙවන එක්දින තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට තීරණය කර ඇත.තෙවන සහ සිව්වන තරග පැවත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.පස්වන සහ තරගාවලියට ඇතුළත් වන එකම 20 – 20 තරගය සදහා පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තෝරා ගෙන ඇත.
ඉන්දීය කණ්ඩායම ජූලි 19 වන දා ශ්‍රී ලංකාවට පැමිණිමටනියමිත අතර පළමු එක්දින තරගය ජූලි 22 පැවත්වීමට නියමිතය.දෙවන සහ තෙවන එක්දින තරග පැවත්වෙන්නේ පිළිවෙළින් ජූලි 24 සහ 28 යන දිනවල ය.ජූලි 31 වන දා සිව්වන ක්දින තරගය පැවත්වෙන අතර අගෝසතු 5 දා පස්වන එක්දින තරගයත් අගෝස්ත 7 වන දා 20 – 20 තරගයත් පැවත්වීමට නියමිතය.

No comments: