Jul 7, 2012

මුල් පැය කිහිපය තීරණාත්මකයි


කිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේදී තරගයේ පැය කිහිපය තුළ පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමේ පිතිකරුවන්ගේ ඉවසීම ඉතාමත් වැදගත් වනු ඇති බව තරගයට යොදා ඇති තණතීරුව ගැන අදහස් පළ කරන ක්‍රිකට් විචාරකයන්ගේ අදහස වී ඇත.ඒ වාසිය හෙට දිනයේදී බොහෝ විට ශ්‍රී ලංකාව මගින් අත් කර ගන්නට නම් පෙර තරග වලට වඩා උනන්දුවකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් පළමු තරග දෙකට වඩා උනන්දුවකින් කටයුතු කළ යුතුව ඇතැයි ද එම විචාරකයන් ගේ අදහස වී ඇත.
පාරිසරික සහ දේශගුනික තත්ත්වයන් ගැන හොද අවබෝධයකින් සිටින මහේල මෙම තරගයේදී කාසියේ වාසිය දිනුවොත් පන්දු යවනු ඇතැයි එම විචාරක විශ්වාසය වී ඇති අතර පකිස්තාක කදවුරට සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ තණතීරුවේ මුල්න්ම පන්දුවට පහරදීම වාසි සහගත වේ යැයි ඔවුන් තුළ විශ්වාසයක් පවතින බවය.ඒ නිසා කාසියේ වාසිය දිනුවත් පැරදුනත් පන්දු රැකීම තෝරා ගැනීමට කල්පනා කරන මේ ක්‍රීඩා පිටිය පිහිටි ප්‍රදේශය ගැන අවබෝධයක් ඇති ශ්‍රී ලංකාවට, ඒ අවබෝධය ප්‍රයෝජනයට ගනිමින් තරගයේ මුල් කාලයේ දී වේග පන්දු යවන්නන් හරහා පකිස්තානයේ පළමු පෙළ කඩුලු කිහිපයක් දවා ගනිමින් තරගයට පිවීසීමට වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඇත.
කෙසේ නමුත් මේ තත්ත්වයට මුහුණ දීම සදහා හෙට තරගයේදී පන්දු යැවීමේ ස්වභාවය මෙන්ම අතිරේක පිතිකරු ශක්‍යතාවය ද සැළකිල්ලට ගෙන තිසර පෙරේරා කණ්ඩායමට එක් වීමට ඉඩ ඇති අතර නුවන් ප්‍රදීප්ට බොහෝ විට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට ඉඩ ඇත. එහෙක් විශාල වශයෙන් දිල්හාර ප්‍රනාන්දු ගැන විශ්වාස කරන ජ්‍යෙෂ්ඨයන් එම අවස්ථාව ඔහුට පිරිනැමීමටත් ඉඩ ඇත.එසේ වුව හොත් මෙම පකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ 20/20 සහ එක්දින තරග වල කැපී පෙණුනම ක්‍රීඩකයා වූ තිසර ට මෙම තරගාවලියද විවේක සවාරියක් වීමට පුළුවන.
මෙම ක්‍රීඩා පිටියේ හොදින්ම දක්ෂතා අතර සිටින පිතිකරු වන තිලකරත්න ඩිල්ෂාන් ලකුණු අතර සිටීම ද අමතර වාසියක් විය හැකි අතර  ඇතැම් විට මෙම තරගයේදී ඩිල්ෂාන් ගේ ඉණිම ආරම්භ කරන සගයා ගේ වෙනස් වීමක් ද සිදුවිය හැකිය.

ඇමෙරිකානු ඔලිම්පික් කණ්ඩායමේ කාමාශාක්ත 50 නම් කරයි


Image via CoverGirlමෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල සදහා නම් කරන ලද ඇමෙරිකානු ක්‍රීඩක කණ්ඩායමේ වැඩිම කාමුක ආකර්ශණය ඇති 50 දෙනා නම් කිරීමට  http://bleacherreport.com  වූ එරට වෙබ් අඩවිය විසින් කටයුතු කර ඇති අතර එහි ප්‍රථම ස්ථානය හිමි වී ඇත්තේ වෙරළ වොලිබෝල් ක්‍රීඩිකා ජෙනිෆර් කෙසීට ය. මේ කාමාශක්ත පිරිසට සුපිරි පිහිණුම් සූර මයිකල් පෙල්ප්ස් ඇතුළත් නොවන අතර මේ දිනවල ක්‍රීඩා කේෂ්ත්‍රයේ විශාල අවධානයකට ලක් වී සිටින ලකුණු 9039 ක් ලබා නව දශ ප්‍රයාම ලෝක වාර්තාවක් පිහිට වූ   ඇස්ටන් ඒටන් ඇතුළත් ව සිටින අතර ඔහුගේ නම සදහන් වන්නේ 15 වන තැනට ය.
කාමුක ලෙස ඇද පැළදීම නිසාත් එවැනි ඡායාරූප වලට පෙනී සිටීම නසාත් ප්‍රසිද්ධියක් උසුලන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ද මෙම 50 දෙනාගේ ලැයිස්තුවේ සිටින අතර ශ්‍රී ලංකාවට බොහෝ සමීප මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඉදිරියෙන්ම සිටින්නේ මීටර් 3000 බාධක දිවීමේ සූරිය වන එමා කොබර්න් ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ එමා කොබර්න් වන අතර මේ සමග ඇති සබදතාවය තෙරපීමෙන් ඒ පිළිබද තොරතුරු සහ ඡායාරූප සදහා ද පිවිසිය හැකිය. http://bleacherreport.com/articles/1243428-50-hottest-american-olympians?utm_source=newsletter&utm_medium=newsletter&utm_campaign=webs-best-sports-lists

තේරීම් තරග වලදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක්

එරංගා
සචිත්

 දකුණු ආසියාතික තරගාවලිය සහ ඉදිරි ජාත්‍යන්තර තරග සදහා ජාතික සංචිතය සකස් කිරීම පිණිසත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන්නට යෙදුණ,ජාතික තේරීම් තරගවල දී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් බිහිවීම කැපී පෙණින.ඉන් වාර්තා දෙකක්ම සිය නමින් පැවති වාර්තා අලුත් කිරිම් විය.
මේ අතර ප්‍රථම දිනයේදී ශානිකා සමන්මලී සතුව පැවති ශ්‍රී ලංකා වාර්තාව පැහැරගත් චම්පිකා දිල්රුක්ෂි ඊයේ මීටර් 800 ඉසව්වද ජය ගත් අතර එහිදී ඇය හ්‍රී ලංකා වාර්තාලාභිණිය වන ධම්මිකා මැණිකේ ගේ ශ්‍රී ලංකා වාර්තාවට පසුව එම ඉසව්වේ හොදම කාලය වාර්තා (02:05.02) කිරීමද කැපී පෙණින.ඊට අමතරව එරංගා දුලක්ෂි යළිත් වරක් මීටර් 3000 බාධක දිවීමේ ශ්‍රී ලංකා වාර්තාව විනාඩි 10:24.55 දක්වා පෙරට රැගෙන එන්නට සමත් වූ අතර ඇයගේ ප්‍රබලතම ප්‍රතිවාදිනිය හැටියට ඇය සමග ශ්‍රී ලංකා වාර්තාවේ උරුමය වරින්වර මාරු කර ගනිමින් සිටින ඩබ්ලිව්කේඑල් නිමාලි මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය නියෝජනය කරමින් එම තරගය ජය ගත්තාය.
සචිත් මධුරංග පින්ලන්තයේ ලද පුහුණුවෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ ඉදිරිපත් වූ ප්‍රථම තරගය වූ මේ තේරීම් තරගයේ දී යළිත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීම කැපී පෙණින.මිටර් 77.80 ක දුරක් හෙල්ල වීසි කරමින් සචිත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමේදී ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ඩීඑස් රණසිංහ ද මීටර් 77 සීමාවට පිවිසෙමින් මීටර් 77.19 ක් වාර්තා කිරීමද කැපී පෙණෙන සිදුවීමක් විය.
මහල්ලන් සේ හං වඩු ගැසීම්වලට ලක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලම පාහේ මෙම තරග උළෙලේ ද දක්ෂතා අතරට පිවිසීම මෙන්ම පසුගිය කාලයට වඩා යහපත් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමත් මැනවින් කැපී පෙණින.ඒ අතරින් මීටර් 200 කාන්තා ඉසව්වේ දී ක්‍රීඩිකාවක තත්පර 23 සීමාව ස්පර්ශ කරනු කාලයකට පසුව දකින්නට ලැබුණු අතර එය සුජානි බුද්ධිකා (තත්පර 23.99) විසින් වාර්තා කරන්නට යෙදිණ.
දක්ෂතා විසින් යම් පසු බැසීමක් තිබුණද තවමත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියෙන් සිටින තත්ත්වය තුළ ඔවුන් ඉවත් විමෙන් අදාළ ඉසව් වල තරගකාරී තත්ත්වය පහත වැටිය හැකි බව මේ ක්‍රීඩා උළෙලේදී ද පැහැදිළිව දකින්නට ලැබුණු අතර ඒ නිසා ජ්‍යෙෂ්ඨයන් ඉවත් කිරිමට පෙර ඔවුන් සිටින තත්ත්වයට හෝ පැමිණිය හැකි මට්ටමට නවක පරපුරේ දක්ෂතා වර්ධනය කර ගැනීමට ක්‍රීඩාවට සම්බන්ධ සියල්ලගේ අවධානය යොමුවිය යුතුය.
උදාහරණයක් ලෙස මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින රෝසා ගේ දුර දිවීමේ තරග වාර්තා දශක ගණනාවක් නොබිදී පැවතීම ම ගත හැකිය.ඔහු ශ්‍රී ලංකාවෙන් ඈත් වී යාමත් සමග ක්‍රීඩකයන්ට ජයග්‍රහණය පිණිස හඹා යා යුතු ඉලක්කය හෑල්ලුවට ලක් විය. ඒ නිසාම අදත් ශ්‍රී ලංකාවේ ජයගැනීම පිණිස පමණක් නොවන ධාවනය අඩුම ගණනේ විනාඩි 30 සීමාවෙන් මෙ’පිටටවත් නොඑන තත්ත්වයක පවතියි.
මෙම තරගාවලිය හරහා ද එය ඔප්පු වූ අතර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිටමං කිරීමට උත්තේජන සැපයීමට පෙර කණිෂ්ඨ්‍යන්ට, ජ්‍යෙෂ්ඨයන්ට එකම තරග බිමක අභියෝග කළ හැකි මානසික ශක්තියක් සහ කායික ශක්තියක් නිර්මාණය කිරීමට උත්තේජන සැපයීම අවශ්‍යය වේ.

Jul 6, 2012

පැසි පන්දුව විදියෙන් ලෝකයට පිවිසීමට වෑයමක්

කාය ශක්තිය,ජවය ආදී කාරණා සළකා බලන විට ශ්‍රී ලංකාවට පැසි පන්දුවෙන් ජගත් තලයට පිවිසිම සදහා වැඩි අවස්ථාවක් ඇත්තේ 3x3 ක්‍රීඩාවෙන් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා පැසි පන්දු සම්මේලනය ඒ සදහා තැබූ සාර්ථක පියවරක් ලෙස මේ දිනවල ක්‍නවම් මාවත රථ ගාල කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක  3x3 පැසි පන්දු තරගාවලිය නම් කරයි.විනෝදකාමි මෙන්ම අඩු කාලයක් තුළ ක්‍රියාත්මක කිරිමට ඇති හැකියාවද සළකා බලන විට මේ සදහා ඇති වානිජමය ආකර්ශණයද සළකා මේ වන විටත් ලෝකයේ අවධානයක් දිනා ගැනිමට ශ්‍රී ලංකාවට ලැබී ඇති හැකියාවත් සළකා මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට ජනමාධ්‍යය ද සහයෝගය දැක්වීම වැදගත් බව ද පැසි පන්දු සම්මේලනය වැඩි දුරටත් අවධාරණය කරයි.
පැසි පන්දු සම්මේලන සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකයන්ගේ මූලිකත්වයෙන් කොළඹ බිලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැසි පන්දු පරිපාලනය මේ බව අවධාරණය කළ අතර එහිදී අදියර තුනකට ක්‍රියාත්මක වන නවම් මාවත රථ ගාලේ පැවත්වෙන 3x3 වීදී පැසි පන්දු තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය ද සිදු විය.‍මේ වන විටත් අදියර දෙකක් නිමා වී අති මෙම වීදි 3x3 පැසි පන්දු තරගාවලියේ තෙවන අදියර මෙම මස 7 සහ 8 යන දිනයන්හී දී පැවත්වීමට නියමිතය.
කණිෂ්ඨ ජගත් 3x3 පැසි පන්දු තරගාවලියේ දී ග්‍රීසිය පරාජය පවා පරාජය කර ඇති ශ්‍රී ලංකාව ඉදිරි ජගත් 3x3 පැසි පන්දු තරගාවලිය ද නියෝජනය කරන්නට නියමිත අතර මෙම අදියර තුනේ වඩාත් දක්ෂතා දක්වන කණ්ඩායම රුසියාවේ පැවත්වෙන 3x3 පැසි පන්දු තරගාවලියට සහභාගි කිරීමට නියමිත බව ද මෙම මාධය හමුවේදී අනාවරණය විය.
නවම් මාවත ක්‍රියාත්මක 3x3 පැසි පන්දු තරගාවලියේ දී ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන KOMATHI INTERNATIONAL SERVICES සමග සම අනුග්‍රාහකත්වයන් දරන LANKA TILES PVT LTD, RITZBURY යන ආයතනද,තරගාවලියේ නිල පන්දු අනුග්‍රාහකයන් ලෙස MOLTTEN ද මෙහිදි සිය අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කළ අතර ජාතික තරගාවලි සම්බන්ධයෙන් පන්දු අනුග්‍රහය දැක්වීමට MOLTTEN සහ ශ්‍රී ලංකා පැසි පන්දු සම්මේලනය අතර වසර තුනක කාලයක් සදහා ගිවිසුම් අත්සන් තැබීමක් ද මෙහිදී සිදුවිය.
www.supirikrida.com

චම්පිකා වාර්තාවකුත් සමග යළි ධාවන පථයට


Champi Dilrukshiසුගිය මලල ක්‍රීඩා පරිපාලනය විසින් කෙන්යාවේ පුහුණුව ලබා දුන් සහ අනතුරුව ඇති වූ ගැටළු ගණනාවක් මෙන්ම තහනම් උත්තේජන චෝදනාවකට දඩුවම් ලැබීම නිසා ද මලල ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් යම් දුරස් වීමක සිටි චම්පිකා දිල්රුක්ෂි, ඊයේ ජාතික තේරීම් තරග වලදී යළි ක්‍රීඩා පිටියට අවතීර්ණ වීම සටහන් කළේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගයි.මීට පෙර ද ඇය සතුව තිබී ශානිකා සමන්මලී විසින් අයිති කරගත් මීටර් 1500 ඉසව්වේ විනාඩි 4 තත්පර 20 සීමාව පළමුව ඉක්මවා ගිය ක්‍රීඩිකාව බවට පත් වූ චම්පිකා දිල්රුක්ෂි විනාඩි 4 තත්පර 18.5 කින් නව වාර්තාව සනිටුහන් කරන්නට සමත් වූවා ය.
මීට පෙර සමන්මලී විසින් තබා තිබූ වාර්තාව වූ 4:22.04 ක් වූ අතර චම්පිකා නව වාර්තාව තැබූ ඉසව්වේදී සමන්මලී ට හිමි වූයේ තෙවන තැනය.එහි දී දෙවන ස්ථානය ලද මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික වාර්තාලාභිණිය වූ එරංගා දුලක්ෂි විනාඩි 4:22.9 ක කාලයක් ද,සමන්මලී 4:24.9 ක කාලයක් ද වාර්තා කළාය.
චම්පිකා ගේ පුහුණුකරු වන්නේ එස්පී ඩී ද සිල්වා ය.

ජාතික තලයට පිවිසුම් අගුල බිදින අන්තර් මාධය බොක්සිං ජූලි 9 දා ඇරඹේ

ජාතික තලයේ ප්‍රධානතම බොක්සිං තරග ලෙස හැදින්වෙන ලේටන් කුසලාන,ක්ලිෆර්ඩ් කුසලාන සහ ජාතික සූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස හදුන්වන අන්තර් මාධ්‍ය බොක්සිං තරගාවලිය ජූලි 9 ද සිට 13 දා දක්වා කොළම සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවත්වේ.බර පංති 10 ක් නියෝජනය කරන ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට ඉදිරිපත් වන අතර වයස් සීමාව අවුරුදු 17 - 34 අතර විය යුතුය.
තරගාවලිය ප.ව. 4.00 ට ආරම්භ වන අතර අවසාන දිනයේ තරග ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය.
www.supirikrida.com

බොල්ට් ට වේදනාකාරී පරාජයක්

ජැමෙයිකානු ඔලිම්පික් තේරීම් තරග වල දී මීටර් 100 ඉසව්වෙන් යොහාන් බ්ලේක් ට පරාජය වී සිටි උසෙයින් බෝල්ට් යළිත් මීටර් 200 ඉසව්වේදී බ්ලේක්ටම පරාජය විය.මීටර් 100 ඉසව්වේදී මෙන්ම මීටර් 200 ඉසව්වේද වසරේ ලොව හොදම කාලය වාර්තා කරමින් බෝල්ට්ව පරාජය කරන්නට බ්ලේකට හැකි වීම විෂේශත්වයක් වන අතර එය බෝල්ට් ගේ ඔලිම්පික් රන් පදක්කම් බලාපොරොත්තු වලට මෙන්ම ලෝක වාර්තා වලට ද කරන ලද සෘජු අනතුරු ඇගවීමක් බදුය.නමුත් ඇමෙරිකානු කෙටි දුර ආදිපත්‍යයට එරෙහිව දියත් කරන ජැමෙයිකානු අභියෝගයට සතුටු විය හැකි ප්‍රතිපලයක් වූ බ්ලේක් ගේ අලුත් පිබිදීම මෙවර ඔලිම්පික් උළෙලේ දී ජැමෙයිකාවට බෙයිජිං ඔලිම්පික් උළෙලටත් වඩා යහපත් ප්‍රතිපල ලැබෙන බවට කළ ඉගියක් බදුය.
මීටර් 200 ඉසව්වේ දී බෝල්ට් ව පරාජය කළ බ්ලේක් තත්පර 19.80 ක කාලයක් වාර්තා කළ අතර බෝල්ට් තත්පර 19.83 ක කාලයක් වාර්තා කරන්නට සමත් විය.මීටර් 100 පරාජයට වඩා මෙම පරාජය බෝල්ට් සසල කළ පරාජයක් ලෙස දැකිය හැකි අතර බෝල්ට් තත්පර 19.19 ක ලෝක වාර්තාව පමණක් නොව තත්පර 19.93 ක් වූ කණිෂ්ඨ ලෝක වාර්තාවේද හිමිකරුය.එපමණක් නොව,තත්පර 20.13 ක් ලෙස ඔහු යෞවන වියේදී දක්වා ඇති දක්ෂතාවය ලොව යෞවනයෙකු විසින් මිටර් 200 ඉසව්වට දැක් වූ හොදම දක්ෂතාවය හැටියට ද සැළකේ.ඒ අනුව මීටර් 100 ට වඩා දක්ෂතාවයන් අතින් ඓතිහාසික ඥාතිත්වයක් ඇති මීටර් 200 ඉසව්ව පරාජය වීම බෝල්ට් ට මීටර් 100 පරාජයට වඩා දරුණු අත්දැකීමක් වනු සැක නැත.
www.supirikrida.com

ආනන්දඅප්පා ගේ දබරැගිල්ල සැගවේ

කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකුව සිටි සහ වර්ථමානයේ දේශිය තරග පිටියේ තරග තීරකයෙකු ලෙස ක්‍රියා කළ ඉග්නේෂස් ආනන්දඅප්පා ජීවිතයෙන් සමු ගත්තේය.හෙට (ජූලි 7) රාවතාවත්ත එම්මානුවෙල් දේවස්ථාන සුසාන භූමියේදී  පස්වරු 4.00 ට අවසන් කටයුතු සිදු වීමට නියමිත අතර දේහය මොරටුව,කොරළවැල්ල,කෝනේෂ්වරම් ප්ලේස් හී අංක 24/2 යන ස්ථානයේ තැන්පත් කර ඇත.
කලක් වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ලේකම් ව කටයුතු කර ඇති ආනන්දඅප්පා ටෙස්ට් තරග 6 ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 10 ක් සදහා විනිශ්චයෙන් දායක වී ඇත.අවුරුදු 45 ට වැඩි කාලයක් විනිසුරු දිවියේ ගත කර ඇති ආනන්දඅප්පා මිය යන විට 73 වැනි වියේ පසුවිය.
www.supirikrida.com

Jul 5, 2012

සංගා ට දෙවන වරටත් 200 අහිමි වේ

Kumar Sangakkara reacts after missing out on a double-centuryකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ද ද්විත්ව ශතකය ආසන්නයටම පැමිණි කුමාර සංගක්කාර ට ඉතාමත් අවාසනාවන්ත අයුරෙන් ද්විත්ව ශතකය අහිමි විය.ඔහු විසින් එල්ල කරන්නට යෙදුණ වේගවත් පහරක් පිතිකරු අසළ පන්දු රකිමින් සිටි අසාර් අලි ගේ හිස් ආවරණයේ වැදී ඉහළ යද්දී තවුෆික් උමාර් වෙතින් රැක ගන්නට යෙදුනෙන් ලකුණු 192 ක් ලබා සිටි සංගක්කාරට කඩුල්ලෙන් ඉවත් වන්නට සිදු විය.
සංගක්කාර සහ ඩිල්ෂාන් විසින් දියත් කළ සුපිරි ඉණිම් වලට වාරු වෙමින් ගොඩ නැගුණු ශ්‍රී ලංකා ප්‍රථම ඉණිම ලකුණු 391 ට සීමා වූ අතර පකිස්තානයේ ලකුණු 551 රැක ගැනිම වෙනුවෙන් එස්එස්සී තණතිල්ලේ විශාලතම කාර්ය භාරය කළ පකිස්තානු පන්දු යවන්නා වූ ජුනයිඩ් ඛාන් ලකුණු 73 ට කඩුලු 5 ක් ලබමින් සිය ටෙස්ට් දිවියේ ඉණිමක දී කඩුලු 5 වාර්තා කිරිම දෙවන වරටත් සංඛේතවත් කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.සංගක්කාර සහ ඩිල්ෂාන් හැරුණු විට ඇන්ජලෝ මැතිව්ස් පමණක් ජුනයිඩ් ඇතුළු පකිස්තානු පන්දු යවන්නන්ගේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් අතර මැතිවිස් ලකුණු 47 ක් ලබා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා ප්‍රථම ඉණිමේ කඩා වැටීමට මූලික හේතුව වෙමින් පරණවිතාන,මහේල සහ තිලාන් සමරවීර ලකුණු නොලබා දැවී ගිය අතර එම බින්දුවේ කණ්ඩායමට පසු පෙළින් කුලසේකර ද එකතු වීම නිසා ලකුණු නොලැබූ පිතිකරුවන්ගේ ප්‍රමාණය හතරක් විය.
පකිස්තාන දෙවන ඉණිම තරගයේ තීරණයක් අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වූ වේගවත් ඉණිමක් වූ අතර ඔවුන් ලකුණු 100 ක් කඩුලු 2 ක් සදහා ලබා ගැනීමට වැය කළේ පන්දු ඕවර් 18 ක් පමණි.සුරාජ් රන්දිව් කැදවීමත් සමග ප්‍රවේගකාරීත්වය මදක් අඩු වූ අතර සුරාජ් පකිස්තානු දෙවන ඉණිමට එරෙහිව අභියෝග කළ හොදම පන්දු යවන්නා වෙමින් පන්දු ඕවර් 4 ක් යවමින් ලකුණු 28 ට කඩුලු 2 ක් දවාලීය.
ශ්‍රී ලංකාවට ලැබුණු ලකුණු 261 ක ඉලක්කය සදහා අවතීර්ණ වන බවක් පෙනෙන්නට තිබුණ ද දග පන්දු යවන්නන් කැදවීමත් සමග එම අදහස අතහැර දැමූ බවක් පෙනෙන්නට විය.ඩිල්ෂාන් ලකුණු ලකුණු 28 ට ක් සහ පරණවිතාන ලකුණු 32 ක් ලබා දැවී ගිය අතර ලකුණු අතර සිටින සංගක්කාර දෙවන ඉණිමේදී ද පන්දු 22 ක් තුළ ලකුණු 24 ක් ලබා නොදැවී සිටියේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය ඔස්සේ ප්‍රවේශ විය හැකිය. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562445.html

දකුණේ බැඩ්මින්ටන් විරෝධය දැඩි වේ?


ර්ථමාන ජාතික පරිපාලනය ද හසුරවමින් දකුණු පළාතේ බැඩ්මින්ටන් බලධාරීන් ලෙස එම පළාත් බැඩ්මින්ටන් නිලධාරීන්ගෙන් නොවිමසා අන්තනෝමතික ලෙස ක්‍රියා කරමින් සිය පෞද්ගලික අවශ්‍යයතා සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාව යොදා ගැනීම ගැන කළකිරීමෙන් සහ ඊට විරෝධය දැක්වීම පිණිස එහි විධායක කමිටුවේ බොහෝ දෙනෙක් ඉවත්වීමට ඉඩ ඇති බව දකුණු පළාත් බැඩ්මින්ටන් ආරංචි මාර්ග සදහන් කරයි.
නමුත් දකුණු පළාතේ බැඩ්මින්ටන් බලධාරීයා ලෙස අනිසි වාසි ලබමින් සිටින පුද්ගලයාගේ ඇතැම් ඥාතීන් මේ වන විටත් ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් වීම නිසාත් දැනටමත් ඔහුට විරෝධය දක්වන ඇතැම් අයගේ නිවෙස් වලට තර්ජණාත්මක දුරකථන ඇමතුම් ලැබී තිබීම නිසාත් එම ඉවත්වීම පිළිබද සාකච්ඡා කරන නිලධාරීන් දෙගිඩියාවකින් පසුවන බවත් එම ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර එම බැඩ්මින්ටන් බලධාරියාගේ පුත්‍රයාගේ පාසලට සම්බන්ධ දෙමව්පියන් කිහිප දෙනෙකුම අප වෙබ් අඩවියේ ඊයේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කතා කරමින් පැවසුවේ දිවයිනේ වැදගත් විද්‍යාලයක් වන එම දරුවන් ඉගෙනුම ලබන පාසල මේ සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති වලට සම්බන්ධ කර නොගන්නා ලෙස ය.එම දරුවන් මෙම පාසලට ඇතුළත් වී වැඩි කාලයක් නොමැති බව පෙන්වා දුන් එම දෙමව්පියන් මෙම ක්‍රියා කළාප එම දරුවාගේ පියා විසින් කරනු ලබන වැරදි ක්‍රියාවක් බවත් එයින් තම විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ පුතුට යම් වාසිදායක තත්ත්වයන් ලැබෙන බව සත්‍ය නමුත් එවැනි අසාධාරණ වාසි සදහා විද්‍යලයේ කිසිදු සම්බන්ධ වීමක් නොමැති බැවින් සිය විද්‍යලයේ සිසුවෙකු ලෙස ඔහුගේ පුතු ගේ නම පළ කිරීමෙන් වළකින ලෙසත් එම දෙමව්පියෝ ඉල්ලා සිටියහ.
නමුත් අප එම විද්‍යාලයේම ගුරුවරියක් මෙම සංචාරයට එක් කර ගෙන ඇති බව පෙන්වා දුන් විට එයද පෞද්ගලිකව සිදු වී ඇති දෙයක් බව පෙන්වා දුන් දෙමව්පියන් ඒ පිළිබදව ඉදිරියේදී යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට විද්‍යාල පරිපාලනය දැනුවත් කිරිමට බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නේය. 

සිව්වන සතිය නිමාවේදී හැව්ලොක් පෙරමුණට


ළමු පෙළ රග්බි තරගාවලියේ සිව්වන සතිය නිමා වන විට කොළම හැව්ලොක් කණ්ඩායම සිය අපරාජිත බව තතව දුරටත් රැක ගනිමින් පළමු පෙළ රග්බ් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ රැදෙන්නට සමත් වී සිටියි.නාවික හමුදා කණ්ඩායම දෙවන ස්ථානයේ සිටින අතර මෑත කාලීන රගර් කිරුලේ උරුමක්කාරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය තෙවන ස්ථානයේ රැදී සිටියි.මෙම කණ්ඩායම් ත්‍රිත්වයම තවමත් අපරාජිතව සිටින බැවින් ඉදිරියේදි මෙම තරගාවලිය වඩා විවාත උණුසුම් තරගාවලියක් විය හැකි බවට ක්‍රීඩා විචාරකයන් මත පළ කරන අතර ශ්‍රී ලංකාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් වන  CH & FC කණ්ඩායම සහභාගි වූ තරග තුනම පැරදී අවසාන ස්ථානයේ පසුවෙයි.
පහත දැක්වෙන්නේ සිව්වන සතිය නිමාවන විට ඒ ඒ කණ්ඩායම් ලබා සිටි ස්තාන සදහන් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් නිකුත් කරන්නට යෙදුණ නිල ලකුණු සටහනයි.

Position
Teams
P
W
D
L
T
C
P
DG
PF
PA
PD
BONUS
POINTS
1
Havelock SC
4
4
0
0
21
13
4
0
143
44
99
3
23
2
Navy SC
4
4
0
0
19
9
5
2
134
59
75
3
23
3
Kandy SC
4
4
0
0
11
1
7
0
78
27
51
2
22
4
CR & FC
3
2
0
1
10
7
3
0
73
85
-12
1
11
5
UC Lions
3
1
0
2
9
3
4
0
63
48
15
2
7
6
Army SC
4
0
0
4
8
2
6
0
62
75
-13
5
5
7
Police SC
4
1
0
3
4
2
5
0
39
99
-60
0
5
8
Air Force SC
3
0
0
3
7
3
2
0
47
146
-99
1
1
9
CH & FC
3
0
0
3
4
2
2
1
33
89
-56
0
0