Jun 22, 2012

පැසිපන්දුව විදී බසියි

ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය වන පැසි පන්දු වීදි තරගාවලිය 3 x 3 තරගාවලියක් ලෙස ජූනි 23 දා  නවම් මාවත කාර් නැවතුම් පොළ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙයි.23 දා සහ 24 දා මෙහි පළමු අදියර ක්‍රියාත්මක වන අතර දෙවන අදියර එම ස්ථානයේදී ම ක්‍රියාවට නැගෙන්නේ ජූනි 30 දා සහ ජූලි 1 වන දා යන දෙදින තුළ ය.තෙවන අදියර ජූලි 7 සහ 8 පැවත්වීමට නියමිතය.
තරගාවලිය සදහා අවුරුදු 15 න් පහළ බාලක - බාලිකා ,අවුරුදු 18 න් පහළ බාලක බාලිකා සහ විවෘත පිරිමි සහ කාන්තා ලෙස තරග පැවත්වෙන අතර එක කාණ්ඩයකින් කණ්ඩායම් 24 ක් පමණක් යොදා ගැනීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.මෙහිදී තරගයට ඇතුළත් වන අවුරුදු 15 න් පහළ සහ 18 න් පහළ කණ්ඩායම් වලට ඇතුළත් වීමේ ගාස්තු රුපියල් 2000 බැගින් අය කරන අතර විවෘත කණ්ඩායමකට රුපියල් 4000  ක මුදලක් අය කෙරේ.දෙවන අදියර ට පිවිසීමේදී පළමු අදියරේ හොදම කණ්ඩායම් අටට ඇතුළත්වීමේ ගාස්තු වලින් තොරව පිවිසීමට අවස්ථාව හිමිවන අතර පළමු අදියරට ක්‍රීඩා කළ කණ්ඩායමක් දෙවන අදියරට පිවිසේනම් එය විවෘත කණ්ඩායමක් වන්නේ නම් ඇතුළත් වීමේ ගාස්තු රුපියල් 1000 ක් වන අතර කණිස්ඨ කණ්ඩායමක් ගෙවිය යුතු මුදල 500 ක් වෙයි.දෙවන අදියරේ සහ තෙවන අදියර ද ක්‍රියාවට නැගෙන්නේ මෙම පසුබිමේ වන අතර මෙය විශාල බලාපොරොත්තු සහගත ගමණක ආරම්භය බව ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය වෙනුවෙන් චන්දන ලියනගේ ප්‍රකාශ කරන්නේය.
ලේකම් චන්දන ලියනගේ ට අනුව ඉකුත් වසරේ 3 x 3 ලෝක කණිෂ්ඨ තරගාවලියට සහභාගි වූ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ බව ඔප්පු කළ බව කියන චන්දන එහිදී ක්‍රීඩක දක්ෂතා අනුව ප්‍රනීත් උඩුමලගේ ලොව 11 වැනි ස්ථානයට ශ්‍රේණිගත වූ බවත් තරගාවලිය ආශ්‍රිතව පැවති විදින්නියන් තීරණය කරන තරගයේදී ශ්‍රී ලංකාවේ සදුනි පෙරේරා ලෝකඩ පදක්කම දිනා ගත් බව පවසන චන්දන ලෝකයේම අවධානය යොමුවී ඇති 3 x 3 පැසිපන්දු සංස්කෘතිය 2016 රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලට ද ඇතුළත් වීමට නියමිතව ඇති බව පෙන්වා දුන්නේය.
තරගාවලියට  කොමාති ඉංජිනියර්ස් ආයතනය ප්‍රමුඛව සීමාසහිත ලංකා ටයිල්ස් පුද්ගලික ඩ්‍රීම්රොන් බියුටි කෙයාර් දායකත්වය දක්වන අතර පතරග සදහා යොදා ගන්නා පැසි පන්දු සදහා නිල අනුග්‍රාහකත්වය දක්වන්නේ රාහුල් ට්‍රේඩිං සමාගමය. තරගාවලිය පිළිබදව වැඩි තොරතුර සදහා දුරකථන අංක 0773 071794 (අජිත් කුරුප්පු) සහ 0777306602 (චන්දන ලියනගේ) හා සම්බන්ධ විය හැකිය.    

No comments: