Mar 31, 2012

සුපිරි ක්‍රීඩා සංස්කාරගේ මවගේ අවසන් කටයුතු අප්රේ ල් 1 දා


ක්‍රීඩා මාධ්‍යවේදී www.supirikrida.com සංස්කාරක නිශ්මං රණසිංහ ගේ මව සෝමා කුළුමුරේ  අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් කටයුතු අප්‍රේල් පළමු දින කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.මිය යන විට 78 වන වියේ පසු වූ ඇය මියගිය ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම සීතා කුළුමුරේ සෙනෙට් මංත්‍රීවරියගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි නෙවිල් රණසිංහ ගේ බිරිදයි.
දැනට දේහය කොළොන්නාව, සාලමුල්ල, අයිඩීඑච් පාරේ අංක 43/2 ඒ නිවසේ තැන්පත් කර තිබෙනවා.මේ තත්ත්වය මත ඉදිරි දින කිහිපය අප වෙබ් අඩවියේ තොරතුරු ඉදිරිපත් කිරීමේ යම් අඩුවක් විය හැකි බව ද පාඨකයන්ගේ දැණ ගැනීම පිණිස කණගාටුවෙන් දන්වා සිටිනවා.

රට සහ ක්‍රීඩාව ගැන සිතා නීතිය හමුවට යන්නේ නැහැ- ජෙනරාල් පාලිත ප්‍රනාන්දු


ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මලල ක්‍රීඩා නිලවරණයට පිවිසීම වළකාලීම සදහා තමාට එරෙහිව ගොනු කර තිබෙන කාරණා සියයට 99 ක් ම බොරු බව ප්‍රකාශ කළ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඊට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට හැකියාව ඇතත් රට සහ ක්‍රීඩාව පිළිබද සිතා එසේ නොකිරීමට තීරණය කළ බව ඊයේ සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට මාධ්‍යවේදීන් පිරිසක් කැදවා කොළඹ දී පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇත.
මේ කරුණු ගැන සාකච්ඡා කිරීමේ දී ඊට එරෙහිව කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බව දැන ගන්නට ලැබුණ ද,එසේ කටයුතු කර අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදෙන කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට බාධා එල්ල විය හැකි නිසා රටත් ක්‍රීඩාවත් ගැන සිතා නීතිය හමුවට නොගිය බව පැහැදිළි කළ ජෙනරාල්වරයා,මේ තීරණය යම්කිසි ආකාරයකින් ක්‍රීඩා ඇමතිවරයා නොමග යැවීම නිසා ගත් තීරණයක් බව ද ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා තමාගේ හොදම මිතුරෙකු බව ප්‍රකාශ කළ ජෙනරාල්වරයා ඉදිරියටත් මලල ක්‍රීඩාව වෙනුවෙන් නිලතල නැති වුව ද සේවය කිරීමට නොපැකිළිව ඉදිරිපත් වන බව පෙන්වා දුන්නේය
www.supirikrida.com

Mar 30, 2012

ශ්‍රී ලංකා මේස පන්දු පිරිමි කණ්ඩායම තවත් ඉදිරියට



මේ දිනවල ජර්මණියේ ක්‍රියාත්මක ජගත් කණ්ඩායම් මේස පන්දු සූරතාවලියේ පස්වන කොටසේ තරග වදින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඔවුන් නියෝජනය කළ Q කාණ්ඩයේ සූරයන් වීමෙන් අනතුරුව පස්වන කොටසේ ජයග්‍රාහකයන් තීරණය කරන තරගාවලිය සදහා ද ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගන්නට සමත් වුණා.ඒ ටොගෝ රාජ්‍යයට එරෙහිව තරග 3 / 2 ක ජයක් ලබමින්.
මේ ජයග්‍රහණයත් සමගින් මේ වන විටත් පස්වන ‍කොටසේ මුල් කණ්ඩායම් 4 තුළට පිවිස තිබෙන ශ්‍රී ලංකාවේ අද ප්‍රතිවාදියා වන්නේ,ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ කණ්ඩායමයි.අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන්නේ නම් හෙට එම කාණ්ඩයේ අවසාන තරගයට අද පැවත්වෙන ජැමෙයිකාව සහ මොංගෝලියා අතර තරගයේ ජයග්‍රාහකයන් සමග පිවිසීමට නියමිතයි.
පහත දැක්වෙන්නේ ටෝගෝ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ නිල ප්‍රතිපලයි.

These results are provided by ITTF
Match ID: 110946
  
29/3
16:00

ABC 
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                3
2                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    P2
XYZ
3
SIRISENA Rohan 
     
11
9
0
JOHNSON Koudjo       
11
7
11
8
0
0
0
0
0
JAYASINGHA Nirmala 
     
9
11
3
AGBETOGLO Mawussi       
3
11
9
11
0
0
0
0
3
SILVA Deshappriya 
     
12
10
1
LAWSON-GAIZER Fessou       
7
11
11
7
11
7
0
0
2
SIRISENA Rohan 
     
4
11
3
AGBETOGLO Mawussi       
11
5
11
8
6
11
10
12
3
JAYASINGHA Nirmala 
     
11
13
2
JOHNSON Koudjo       
11
8
9
11
11
9
11
6