Apr 14, 2012

ලංකාවට බැරි බෝල ඉන්දියාවෙදි යැවෙයි


මේ දිනවල ක්‍රියාත්මක ඉන්දීය 20 / 20 තරගවල දී ශ්‍රී  ලංකා කණ්ඩායම වෙනුවෙන් ආබාධ කියමින් පන්දු නොයැ වූ ක්‍රීඩකයෝ පන්දු යවන ආකාරය දැක ගැනීමට හැකිය.ලැබෙන විශාල මුදල හේතුවෙන් එම මුදල් රැක ගැනීමට මෙසේ යැවිය නොහැකි පන්දු යැවීමෙන් තව දුරටත් මෙම ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ප්‍රයෝජනයක් ගත නොහැකි ආකාරයෙන් ආබාධ සදහා ලක් වීමට ඉඩ ඇත.
ඒ අනතුරුදායක තත්ත්වය මෙන්ම මෙම ක්‍රීඩකයන් තමන්ට විශාල මුදලක් ලැබෙන මෙම තරගාවලියට තමන් සතු සියළු හැකියාවන්ගෙන් ලබා දෙන දායකත්වය ජාතික කණ්ඩායමට ලබා නොදෙන්නේදැයි සැකයක් මතු වීම ද ජාතික කණ්ඩායමේ හිත සුව පිණිස නොවන තත්ත්වයකි.

නිලූක පවර් ගේ පවර් එකට යට වේ


යොනෙක්ස් නෙදර්ලන්ත ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ අවසාන පූර්ව තරගයට ඉදිරිපත් වූ නිලූක කරුණාරත්න ඉන්දීය ක්‍රීඩක ආනන්ද් පවර් සමග විනාඩි 53 ක් තිස්සේ පැවති තරගයෙන් ප්‍රථම වටය 21 / 18 ක් ලෙස ජය ගත්ත ද, වට 2 / 1 ක් ලෙස පරාජයට පත් විය.දෙවන සහ තෙවන වට ලකුණු 21/ 12 සහ 21/18 ක් ලෙස ජයගත් පවර් ඉන්දුනීසියවේ ඇන්ඩ්‍රේ කුර්නිවාන් සමග අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
අර්ධ අවසන් පූර්ව තරගය නිලූක විනාඩි 35 දී අවසන් කළ අතර එහිදී සිය ප්‍රතිවාදියා වූ චෙක් ජනරජයේ පෙට්ර් කොවුකල් ලකුණු 21 /13 සහ 21 / 9 ක් ලෙස පරාජයට පත් කළේය.කෙසේ වුවත් මෙම තරගයේ අවසාන පූර්ව තරගය සදහා පිවීසීමට සමත් වූ නිලූක මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීමේ 49 වන ස්ථානයේ සිට මේ සතියේ 51 වන ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූ නිලූකට මෙම අවසාන පූර්ව තරගයට පිවිසීම පාදක කරගෙන ඉදිරි සතියේදී යළිත් පියවර කිහිපයක් ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට පැමිණීමට ලැබෙනු ඇත.  

නිලූක නෙදර්ලන්ත තරගාවලියේ අවසන් අට දෙනා අතරට


ශ්‍රී ලංකා බැඩ්මින්ටනෟ සූර නිලූක කරුණාරත්න යොනෙක්ස නෙදර්ලන්ත ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ අද පැවති තරගකාරී වටයේ ප්‍රථම සහ දෙවන වටයේ තරග ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා..රගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් අතර අංක තුනට ශ්‍රේණිගතව සිටින නිලූක,ප්‍රථම තරගයේදී ස්ලොවේනියාවේ ඊස්ටොක් උත්රෝස් විනාඩි 29 ක කාලයක් තුළ පරාජය කරනු ලැබුවේ ලකුණු 21 /14 සහ 21 /15 ක් ලෙස යි.දෙවන තරගයේදී දෙවන වටයේ ලද මද පසු බෑම හේතුවෙන් ස්ලොවේකියාවේ ජරොලම් වීසන් වෙතින් එම වටය ලක්‍රණු 9 / 21 ලෙස පරාජය ලැබුවද
විනාඩි 45 ක් තිස්සේ ගත් උත්සාහයක ප්‍රතිපලයක් අනුව ප්‍රථම වටයේ සහ තෙවන වටයේ ජය 21 /17 සහ 21 / 15 ලෙස ජයගත් නිලූක අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මේ අතර කාන්තා අංශයෙන් මෙම තරගාවලියට ඉදිරිපත් වූ රේණු චන්ද්‍රිකා ද සිල්වා එංගලන්තයේ එලිසබෙත් කැන් අතින් විනාඩි 23 ක් තුළ දී ලකුණු 21 /8 ක් සහ 21 /11 ලෙස පරාජයට පත් වුණා.
www.supirikrida.com

නුගේගොඩ මේස පන්දු තරගාවලියේදී රුමාල් ට සූරතා දෙකක්


නුගේගොඩ මේස පන්දු සංගමය මෙහෙය වූ සමස්ථ ලංකා අන්තර් මාධ්‍ය සහ ආධුනික මේස පන්දු තරගාවලියේදී කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කළ රුමාල් ඉන්ටිකාබ් අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 18 න් පහළ යන පිරිමි මේස පන්දු සූරතා දෙකම දිනා ගනු ලැබුවා.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ දී අප්‍රේල් 7 සහ 8 යන දෙදින පැවති මෙම තරගාවලියේදී වයස් ඛාණ්ඩ හතරක් යටතේ සහ විවෘත ආධුනික සහ අන්තර් මාධ්‍ය ලෙස කාන්තා සහ පිරිමි ඉසව් ක්‍රියාවට නැගුණා.
පහත දැක්වෙන්නේ නුගෝගොඩ මේස පන්දු සංගමය විසින් නිකුත් කරන්නට යෙදුණ තරගාවලිය ආශ්‍රිත නිල ප්‍රතිපල ලේඛණය යි.

NUGEGODA TABLE TENNIS CLUB
ALL ISLAND INTERMEDIATE / NOVICES TABLE TENNIS CHAMPIONSHIP- 2012

Conducted By Nugegoda Table Tennis Club
Venue : S. Thomas’ Indoor Stadium, Mt Lavinia
Date : 07th & 08th April 2012

Chief Guest, Mr. Dietmar Doering, the Chairman of the Asian German Sports Exchange Programme
Rumal Intikab of Royal College, Colombo and Chaushalya De Silva of Dialog Sports Club were
adjudged as the most outstanding Men & Women player of the tournament respectively.
Rumal won under 18 & under 15 Boys’ Singles events and Chaushalya won Novices Womens’ &
Intermediate Womens’ Singles events.

Final Result

Under 8 Girls Singles : Sanduni Prabuddika of Prajapathi Balika Vidyalaya Ambalangoda

bt Dahami Nishara of Prajapathi Balika Maha Vidyalaya, Ambalangoda - 11/08, 11/03

Under 8 Boys Singles : Attaab Manzil of Trinity College, Kandy bt Anshul Hulangamuwa of

S Thomas’ College Mt Lavinia – 11/07, 12/10

Under 10 Girls Singles : Yasasvi Kahawatte of Sussex College, Kegalle. bt Nethmi Tharuka of

Prajapathi Balika Maha Vidyalaya, Ambalangoda – 05/11, 12/10, 11/07

Under 10 Boys Singles Lahiru Tharanga of P De S Kularathne College Ambalangoda bt Zavaresh Chitty

of S Thomas’ College, Mt Lavinia – 09/11, 11/08, 11/06.

Under 12 Girls Singles : Rovinya Karunathilaka of Holy Family BMV Kurunegala bt Anuradha
Hansamalee of Holy Family BMV Kurunegala – 11/05 , 12/10
Under 12 Boys Singles : Malith Dulsara of Maliyadeva College, Kurunegala bt Nimesh Ranchagoda
of Royal College, Colombo – 11/06, 16/14
Under 15 Girls Singles :Dewanji Perera of Maliyadewa Balika Vidyalaya, Kurunegala bt Senuri Perera
of Anula Vidyalaya, Nugegoda – 11/09, 10/12, 11-05
Under 15 Boys Singles : Rumal Intikab of Royal College Colombo bt Uditha Jayalath of Maliyadewa
College Kurunegala - 11-05, , 10/12, 11/08
Under 18 Girls Singles : Nethmi Asaktha of Janadipathi BMV, Rajagiriya bt Vimasha Dissanayaka of
Musaeus College, Colombo - 12/10, 13/11
Under 18 Boys Singles : Rumal Intikab of Royal College Colombo bt Uditha Jayalath of Maliyadewa
College Kurunegala - 11/07, 11/05
Novices Womens Singles : Chaushalya De Silva of Dialog Sports Club bt Hasini Gunasekara of Visakha
Vidyalaya , Colombo – 11/09, 11/07
Novices Mens Singles : Sandesh Nissanka of Ananda College Colombo bt K W M S Kodagoda of
Wickkramabahu Sports Club , Gampola - 11/07, 12/10
Intermediate Womens Singles : Chaushalya De Silva of Dialog Sports Club bt Deeksha Rodrigo of
Visakha Vidyalaya , Colombo – 11/03, 11/04
Intermediate Men's Singles : M Z M Ziraj of Trinity College, Kandy bt Sandesh Nissanka of Ananda
College Colombo – 09/11, 11/06, 11/09

Chandana Perera
Chief Coordinating Officer - TTASL

Apr 13, 2012

නිලූක සහ චන්ද්‍රිකා අලුත් අවුරුද්දට නෙදර්ලන්තයේ


  
ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් සූරයා සහ මේ වන විට ඔලිමිපික් තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටින එකම ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්නත් බැඩ්මින්ටන් සූරී රේනු චන්ද්‍රිකා ද සිල්වා ත් හෙට උදාවන සිංහල අවුරුදු දා නෙදර්ලන්තයේ පැවත්වෙන යොනෙකස් නෙදර්ලන්ත ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියට සහභාගි වීමට නියමිතය.තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අතර තෙවන තැනට ශ්‍රේණිගතව සිටින නිලූක, ස්කොවේකියාවේ ඊස්ටොක් උස්ටෝසා සමග තරග වැදීමට නියමිතය.
රේණු චන්ද්‍රිකා ද සිල්වා තරග වැදීමට නියමිතව ඇත්තේ මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් අතරින් තෙවන ස්ථානයට ශ්‍රේණිගතව සිටින  එංගලන්තයේ එලිසබෙත් කෑන් සමගින් ය.නිලූක ජගත් ශ්‍රේණිගත කිරීම්වල 49 වන ස්ථානයේ පසුවන අතර රේණු චන්ද්‍රිකා පසු වන්නේ කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 141 වන ස්ථානයේ ය.

මාවතගමට බොක්සිං


MAS  සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ගේ මග පෙන්වීම යටතේ මාවතගම ජාතික පාසලට බොක්සිං හදුන්වා දීමේ වැඩ සටහනක් මාර්තු 26 වන දා එම පාසලේදී ක්‍රියාවට නැගිණ.මාවතගම කැෂුවලයින් ආයතනයේ සාමාන්‍යාධිකාරී චන්දන ගලප්පත්ති මෙන්ම හිටුපු ජාතික පුහුණුකරු මෙන්ම වර්ථමානයේ විනිසුරුවන්ගේ සංගමයේ ලේකම් ධූරය දරන කපිතාන් ඉන්ද්‍රසේනයන් ගේ ද ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී බොක්සිං ක්‍රීඩාවේ ආරම්භය,නීති - රීති සහ ආරක්ෂක ක්‍රමවේදයන් පිළිබද මූලික හැදින්වීමක් සිදු කළේය.
මෙහිදී පුහුණු කටයුතු භාරව කටයුතු කිරීම හිටපු ජාත්‍යන්තර මට්ටමේ බොක්සිං ක්‍රීඩකයෙකු වූ එස්අයි කුමාර ට පැවරී ඇති අතර ඉදිරියේදී MAS  සමූහ ව්‍යාපාරයට අයත් මාවතගම කැෂුවලයින් ආයතනයේ ද බොක්සිං ක්‍රීඩාව ආරම්භ වීමට නියමිතය.

Apr 12, 2012

ලන්ඩනයේ දී සිංහ ධජය නිලූක අතට ?

නිලූක මියාමි ජාත්‍යන්තර තරගාවලිය ජය ගැනීමෙන් අමතරව
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දීමේ වගකීම බොහෝ දුරට නිලූක කරුණාරත්න ට හිමි වනු ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයෙකු සුපිරි ක්‍රීඩා වෙත පැවසීය.දැනට ඔලිමිපික් සහභාගීත්වය සදහා සුදුසුකම් ලබා ඇති එකම ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න මේ වන විට ජගත් බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 49 වන සථානයේ පසුවන නිලූක ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් 38 අතර මේ වන විට 29 වන ස්ථානයේ පසුවෙයි.ඉදිරි තරගාවලි වල දී තව දුරටත් මෙම තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් නිලූකට තරග සටහනේ පහසු ස්ථානයක සිට තරග වැදීමට අවස්ථාව ලැබෙනු ඇත.
අද නෙදර්ලන්තයේ ඇරඹෙන නෙදර්ලන්ත ජාත්‍යන්තර තරගාවලිය සදහා සහභාගි වීමට නිලූක සූදානමින් සිටින අතර ඔහු ගේ ඔලිම්පික් සහභාගීත්වය සදහා විශාලතම දායකත්වය ලබා දුන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව මැක්ලරන්ස් අධිපති රොහාන් ඩි සොයිසා ය.හිටපු පරිපාලනය නිලූක ට ගෙනෙන ලද බැඩ්මින්ටන් තහංචිය ඉවත් කිරීමට කටයුතු කරමින් ඔහුට යළි බැඩිමින්ටන් තරග සදහා සහභාගිවීමට අවස්ථාව ලබා දුන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ය.එසේම ඉන් අනතුරුව ජාත්‍යන්තර ජයග්‍රහණ ලබමින් මෙම කීර්තිමත් අවස්ථාව රටට උදා කර දීමට මුල් තැන ගත්තේ රොහාන් ඩි සොයිසා ය.නමුත් නිලූක සමග ඔලිම්පික් තරගාවලියට කළමණාකරු සහ පුහුණුකරු ලෙස සහභාගි වීමට බැඩ්මින්ටන් පරිපාලනයේ නිලධාරීන් දෙදෙනෙකු ගේ නම් ඉදිරිපත් කරමින් නිලූක ගේ ඇවෑමෙන් ලන්ඩන් සංචාරයක යෙදෙන්නට උත්සාහ දරන බවක් වාර්තා වන අතර මේ දෙදෙනා නිලූකට තරග තහනම සදහා අවශ්‍යය ආකාරයට චෝදනා සකස් කළ නිලධාරීන් වීම ද ඛේදවාචකයකි.
නිලූකට ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට නොහැකි ආකාරයට තරග තහනමක් පැන වූ නිලධාරීන්ම ඔහු ගේ අැගේ එල්ලී ලන්ඩන් යාමට උත්සාහ දැරීමේ නිර්ලජ්ජිත කාර්යයක නියැලෙමින් සිටීම සුපිරි කීඩා දැඩිව හෙළා දකින අතර එම අවස්ථාව ශ්‍රී ලංකාවට මෙම අනර්ඝ අවස්ථාව දිනා දුන් නිලූක කරුණාරත්නගේ මානිකත්වයට සුදුසු ආකාරයෙන් සිදුවිය යුතු බව සුපිරික්‍රීඩා අවධාරණය කරයි.  
www.supirikrida.com

හෙළ ක්‍රීඩාවට මුල් තැන දෙන්න ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලයි

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් විසින් මාධ්‍යයට යොමු කරන්නට යෙදුණු ලිපියකින් ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ අලුත් අවුරුද්දේ දී හෙළ ක්‍රීඩාවට මුල් තැනක් දෙන ලෙස ය.ශක්තිය මෙන්ම සංයමය,ආචාරශීලීත්වය,මිත්‍රශීලීත්වය සහ විනය පිළිඹිඹු වන හෙළ ක්‍රීඩාවන් හී එම ගුණයන් ඇසුරෙන් වර්ථමාන ක්‍රීඩාවන් හී පෝෂණයට අවශ්‍යය ගුණ ධර්ම එකතු කර ගත හැකි බව ද එම වාර්තා පෙන්වා දෙයි.











Apr 11, 2012

ස්කොට්ලන්ත 2 ඇරඹීමට දැල් පන්දු පරිපාලනය සැරසේ



ර්ථමාන දැල් පන්දු පුහුණු උපදේශිකාව වන ඕස්ට්‍රේලියානු ජාතික සූ ගේ න්‍යාය පත්‍රයට අනුව කැරකැවෙන ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගාවලියක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පුහුණුව සදහා යාමට තීරණය කිරීම ලෝක කුසලානය ආසන්නයේ ස්කොට්ලන්තයේ කළ සංචාරයට සමාන අනුවණ ක්‍රියාවක් පමණකි.
ඒ සදහා යන විශාල වියදමෙන් ශ්‍රී ලංකාවට හොද තරගාවලි සංවිධානයක පෙරහුරුවක් සමග ජාත්‍යන්තර තරගාවලියකට පිවිසීමට හැකියාව ඇති නමුත් ක්‍රීඩා අමාත්‍යංශය නොමග යවමින් දැල් පන්දු පරිපාලනය ඕස්ට්‍රේලියානු සංචාරය සදහා අනුමැතිය ලබා ගනිමින් මේ රටේ ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා අවශ්‍යය කරන විශාල ධනස්කන්ධයක් ඕස්ට්‍රේලියානු පුහුණුකාරිය ජීවත්වන පර්ත් හී ඇයට පහසුවෙන් ක්‍රියා කිරීමට හැකි වන ආකාරයෙන් වියදමි කිරීමට යෙදවීම අනුමත කළ නොහැකිය.
විශේෂයෙන් අමාත්‍යංශ නිලධාරීන් ආසියානු තරගාවලිය පැවත්වෙන කාල වකවානුව සහ ඕස්ට්‍රේලියාවේ වර්ථමාන කාල වකවානුව ගත් විට කාලගුණික තත්ත්වයන් ගැලපෙන්නේදැයි යන්න හෝ සොයා බලා මෙම තීරණය ගත යුතුව තිබුණ ද ඒ පිළිබදව හෝ අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැත.පසුගිය කාලය පුරාම දැල් පන්දු තීරණ විසින් පෙරළෙන පිට හොද බවට කියූ කතා සත්භාවයෙන් පිළි ගැනීම ඇතැම් මාධ්‍යවල ද සහය ඇතිව අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පිළිගැනීමට ලක් කිරීමේ ශෝකාන්තයක් හාස්‍යමය අයුරෙන් ක්‍රියාවට නැගෙමින් තිබෙන බවක් දැකිය හැකිය.
නේෂන් කුසලාන තරගාවලිය අත්දැකීම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස නම් කරමින් එම ක්‍රීඩිකාවන්ගෙන් ආසියානු කුසලානය රැක ගැනීමට හැකි බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ වෙනස්වීම ඔවුන් ගේ වයස සහ පෞද්ගලික කාරණා නිසා සිදු වූ බවත් ප්‍රකාශ වුව ද අද වන විට යළිත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කරළියට පිවිසි සිටින අතර නේෂන් කුසලානයෙන් අත්දැකීම් ලබා ගත් ක්‍රීඩිකාවන් ගැන කවුරුත් කතා කරන්නේ හෝ විමසා සිටින්නේ ද නැත.
මේ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද තමන් ඉවත්වීමට පෞද්ගලික කාරණා හෝ වියපත් වීම බල පෑ නොපෑ බව කීමට අමාත්‍යවරයා හමු වීමට අවස්ථාවක් ලබා ගත්ත ද එහි දී කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව ඉල්ලා සිටීමය.මේ වන විට දැල්පන්දු ක්‍රීඩිකාවන් හෝ එයට සම්බන්ධ නිලධාරීන් හෝ දැල් පන්දු ක්‍රීඩාවේ සැබෑ ප්‍රගමනය වෙනුවෙන් කතා කිරීම වෙනුවට තම දරුවන්ගේ අනාගතය සිය දායකත්වය ඇතිව පෝෂණය කිරිම,විදේශ සංචාර සදහා සහභාගි වීම වැනි පෞද්ගලික ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටිනු විනා ක්‍රීඩාව වෙනුවෙන් යමක් කිරීම හෝ ඒ වෙනුවෙන් කැපවීම දෙවැනි තැන තබා කටයුතු කරන බව පැහැදිළි ය.
මෙම සටහනට අදාළ සියළු කරුණු වෙනුවෙන් වැඩි දුර කරුණු දැක්වීමකට අත්දැකීම් සහිතව තොරතුරු ඉදිරිපත් කිරීමට සුපිරි ක්‍රීඩා වෙත හැකියාව ඇත.එසේම මේ සම්බන්යෙන් දැල් පන්දු පරිපාලයට හෝ වෙනත් ක්‍රීඩා ප්‍රවීනයෙකුට හෝ මෙම තරග සංචාරය සදහා අනුමැතිය ලබා දුන් අමාත්‍යංශ නිලධාරියෙකුට ඕස්ට්‍රේලියානු සංචාරයේ පලදායකත්වය පිළිබදව විද්‍යානුකූල කරුණු ඉදිරිපත් කිරීමට සුපිරික්‍රීඩා වෙබ් අඩවිය ඉඩ හසර ලබා දෙනු කැමැත්තෙමු.මෙහි පර්ත් හි මැයි කාලගුණික තත්ත්වයන් සහ අගෝස්තුවේ කොළඹ කාලගුණික තත්ත්වයන් පිළිබදව වැඩිම උෂ්නත්වය මෙන්ම අඩුම උෂ්නත්වය පිළිබදවද දත්ත සටහන් ඇති අතර එයද සැළකිල්ලට ගෙන එම විද්‍යාත්මක කරුණු පැහැදිළි කිරීම ඉදිරිපත් කිරීම කළ හැකිනම් අප ස්තූතිවන්ත වන්නෙමු.
රටේ ජාතික ධනය වැය කරමින් තරග සංචාරයක යෙදෙන කණ්ඩායමකින් එම සංචාරය ආශ්‍රිතව ජාතික මෙහෙවරක් සිදු නොවන බවට සැක සහිත කරුණු මතු වන්නේ නම් එම කරුණු ඉදිරිපත් කිරීම මාධ්‍යයක ජාතික මෙහෙවරක් ලෙස අප විශ්වාස කරන අතර එය එසේ නොවන බවට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කර හැකි නම් ඒ සදහාද අවස්ථාව ලබා දීම අප ජාතික මෙහෙවරක් ලෙස සළකන බව අවධාරණය කරන්නෙමු.එසේම අප පසුගිය කාලයේ ජාතික දැල් පන්දුව සම්බන්ධයෙන් අසුභවාදීව බලන බවට එම පුහුණුකාරිය ද චෝදනා කළ අතර නමුත් අප තර්කාණුකූලව ඉදිරිපත් කළ ඒ සියළු කාරණා වලින් දුටු අභාග්‍යසම්පන්න සිදුවීම් ඒ ආකාරයෙන්ම සිදු වූ බව ද මතක් කරනු කැමැත්තෙමු.

[hide]Climate data for Perth, Western Australia (temperatures 1993–2010, extremes 1897–2010, rain data 1876–2010)
Month
Jan
Feb
Mar
Apr
May
Jun
Jul
Aug
Sep
Oct
Nov
Dec
Year
Record high °C (°F)
45.8
(114.4)
46.2
(115.2)
42.4
(108.3)
37.6
(99.7)
34.3
(93.7)
28.1
(82.6)
26.3
(79.3)
27.8
(82.0)
32.7
(90.9)
37.3
(99.1)
40.3
(104.5)
44.2
(111.6)
46.2
(115.2)
Average high °C (°F)
30.8
(87.4)
31.3
(88.3)
29.5
(85.1)
25.6
(78.1)
22.4
(72.3)
19.3
(66.7)
18.3
(64.9)
18.8
(65.8)
20.1
(68.2)
23.0
(73.4)
26.4
(79.5)
28.8
(83.8)
24.5
(76.1)
Average low °C (°F)
17.8
(64.0)
18.1
(64.6)
16.5
(61.7)
13.6
(56.5)
10.6
(51.1)
8.5
(47.3)
7.8
(46.0)
8.1
(46.6)
9.4
(48.9)
11.2
(52.2)
14.2
(57.6)
16.2
(61.2)
12.7
(54.9)
Record low °C (°F)
8.9
(48.0)
8.7
(47.7)
6.3
(43.3)
4.1
(39.4)
1.3
(34.3)
−0.7
(30.7)
0.0
(32.0)
1.3
(34.3)
1.0
(33.8)
2.2
(36.0)
5.0
(41.0)
7.9
(46.2)
−0.7
(30.7)
Rainfall mm (inches)
9.5
(0.374)
12.7
(0.5)
19.5
(0.768)
44.1
(1.736)
117.5
(4.626)
175.7
(6.917)
169.7
(6.681)
133.6
(5.26)
80.6
(3.173)
52.2
(2.055)
22.1
(0.87)
12.8
(0.504)
850.0
(33.465)
39
38
40
46
50
56
57
54
53
47
44
40
47
Avg. precipitation days
2.1
2.2
4.4
6.6
11.5
15.1
17.3
15.6
15.3
8.8
6.0
3.9
108.8
Mean monthly sunshine hours
359.6
310.8
294.5
246
210.8
177
186
220.1
228
297.6
321
359.6
3,211


[hide]Climate data for Colombo, Sri Lanka
Month
Jan
Feb
Mar
Apr
May
Jun
Jul
Aug
Sep
Oct
Nov
Dec
Year
Average high °C (°F)
30
(86)
31
(88)
31
(88)
31
(88)
31
(88)
30
(86)
30
(86)
30
(86)
30
(86)
30
(86)
30
(86)
30
(86)
30
(86.6)
Average low °C (°F)
23
(73)
24
(75)
26
(79)
26
(79)
26
(79)
26
(79)
26
(79)
26
(79)
26
(79)
25
(77)
25
(77)
24
(75)
25.3
(77.5)
Precipitation mm (inches)
83.8
(3.30)
63.5
(2.50)
114.3
(4.50)
254
(10.00)
335.3
(13.20)
190.5
(7.50)
129.5
(5.10)
96.5
(3.80)
157.5
(6.20)
353.1
(13.90)
307.3
(12.10)
152.4
(6.00)
2,238
(88.1)