Jul 14, 2012

නොවටින නමුත් ඔබ තරමට රන් කිරුළු - පිදුමකි ඔබට හෙලුවට වැඩියෙන් කදුළු


වුන් සිය දෑතෙන් ජීවිතය මසා ගන්නට පොර බදින්නට තුරුලිය වෙත පැමිණියෝ වෙති.එහෙත් ඒ දැතේ සවිය රටා මැවෙන රෙදි කඩවල් මතට සීමා නොවිණි.සිය බාහු වල ඇති සැගවි ශක්තිය මතු කර ගනිමින් ඔවුන් කර්මාන්ත ශාලා බිත්ති උඩින් සිහ ධජය ගෙන ලොවට පිය මනින සිහිනය සමග රැදුණේ කර්මාන්ත ශාලා බොක්සිං කවය තුළ ය.එසේ රුදුණු දෑතක සවියෙන් සිහිනයේ ඉම දකින්නට ඇති ගැට ලිහමින් සිටින මොහොතක රියදුරෙකුගේ එක් ඇසිල්ලක පමාවෙන් සහ නොසැළකිල්ලෙන් ඒ සිහින යළ උපද්දන්නට බැරි ලෙසම මහ පාරේ තැලී පොඩි වී ගියේය.
එසේ ලාකේය බොක්සිං කවයට අහිමි වූ ඈ නමින් ඉරේෂා අබේවර්ධන නම් විය.එහෙත් ඉරේෂා විසින් ඒ පවුල තුළට කැදවා ආ බොක්සිං සිහින සම්පූර්ණයෙන් ඒ බිත්ති හතරෙන් ඈත් වි නැති බව මෙවර අන්තර් මාධ්‍ය බොක්සිං තරගාවලියේ දී පැහැදිළි විය.සිය සොයුරියගේ අඩි පාරේ යමින් තුරුලිය වෙතත් - ඉන් නොනැවතී බොක්සිං කවය වෙතත් පා තැබූ සොදුරු යුවැත්තිය දුලාරි අබේවර්ධන මෙවර අන්තර් මාධ්‍ය බොක්සිං තරගාවලියේ කිග්‍රෑ 57 බර පංතියේ ජයග්‍රාහිකාව පමණක් නොව තරගාවලියේ අති සූර ක්‍රීඩිකාව ද වූවාය.සිය සොහොයුරියගේ උණුසුම තරම් රන් පදක්කම්,කුසලාන,සහතික නොවටිනා බව දන්නා නමුත් ඈ වෙනුවෙන් හෙලන අප්‍රමාණ කදුළු වලට වඩා මේ ගෞරවය කෙතරම් වටිනා සහෝදර ප්‍රේමයක්දැයි නොහැ‍ගෙන්නේ නැද්ද?
“නොවටින නමුත් ඔබ තරමට රන් කිරුළු -  පිදුමකි ඔබට හෙලුවට වැඩියෙන් කදුළු”ඇය හෙට සිය සොහොයුරියගේ ඡායාරූපය අසළ මෙම උපහාරය තබා නිහඩව මෙසේ සිතනවා ඇත.
දුලාරි ඒ අනුව මෙවර අන්තර් මාධ්‍ය බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් හෙට ජාතික තලයට පිවිසෙන්නට මග සකසා ගනිද්දී ඇය හමුවේ පරාජයට පත් වූ ශ්‍රි ලංකා නිවික හමුදාවේ ඩබ්ලිව්එන්ඩී ප්‍රනාන්දු මෙවර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූවාය.මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට යුධ හමුදා රතු කණ්ඩායමේ පීපීඩී පනාගොඩ සමත් වූ අතර දක්ෂතම පරාජිතයා වන්නට සමත් වූයේ එල්එම් සුදුවැලිකන්දය.
තරගාවලියේ දී නාවික හමුදා බොක්සිං කණ්ඩායම විශාල ප්‍රගතියක් පෙන් වූ අතර පොලිස් කණ්ඩායම වෙතින් විශාල පසුබෑමක් දකින්නට තිබීම ද කණගාටුවට කරුණකි.තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරාල් රංජිත් සමරතුංග සහභාගි වූ අතර ජය සංඛේත ප්‍රදානය ද ඔහු අතින් සිදුවිය.
ඡායාරූපයේ දැක්වෙන්නේ දුලාරි සහ පනාගොඩය.

  

මිලාන් උසෙන් උසස් දස්කම් පෙන්වයි


ගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ උස පැනීමේ ඉසව්වේ අවසාන තරගයට සුදුසුකම් ලැබූ මධුෂ්ක මිලාන් දිසානායක එම ඉසව්වේදී සිය උපරිම දක්ෂතාවය වාර්තා කරමින් මීටර් 2.17 ක දක්ෂතාවයක් දක්වමින් හත් වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.මීටර් 2.03 න් සිය පිමි ඇරඹූ මිලාන්,මීටර් 2.17 වන සිය උපරිම දක්ෂතාවයට දෙවන පිම්මෙන් පිවිසීමට සමත්විය.
ඔහුට මිටර් 2.21 ඉක්මවා යාමට නොහැකි වූ අතර මෙම අවසාන තරගය සදහා සුදුසුකම් ලබා සිටි ආසියාතික ක්‍රීඩකයින් අතරින් මිලාන් දෙවැනි වූයේ මීටර් 2.21 දමිත්‍රි ක්‍රොයිටර් ට පමණි.ඔහු සිව්වන ස්ථානය දිනා ගත් අතර ප්‍රථම ස්ථාන තුන දිනූ ක්‍රීඩකයන් මීටර් 2.24 ක් තරණය කිරීමට සමත් විය.ඒ අතරින් බල්ගේරියාවේ Andrei Churyla ප්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවන ස්ථානය ජර්මණියේ Falk Wendrich විසින් දිනා ගත්තේය.තෙවන ස්ථානය බහමාස් හී Ryan Ingraham විසින් දිනා ගත්තේය.
මේ අතර කාන්තා උස පැනීමේ අවසාන තරගයට පිවිසීමට නිමේෂා මධුෂානි සිරිවර්ධන දැරූ උත්සාහය ද ව්‍යර්ථ විය.වැඩි උසකට යාමට අවශ්‍යය ශක්තිය ඉතිරි කර ගැනීම සදහා මීටර් 1.75 කින් සිය පිමි ඇරඹීමට නිමේෂා තීරණය කළද ඇයට ඉක්මවා යාමට ලැබුණේ එම උස පමණි.එයටද සිය තෙවන උත්සාහයෙන් පිවිසි නිමේෂා,සිය මූලික තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් 16 ක් අතරින් 11 වැන්නිය වූවාය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වීමට සිටි ඉදුනිල් හේරත් ඩෙංගු රෝගයට ගොදුරු වීම නිසා මෙම තරගාවලියට ඉදිරිපත් නොවුණු බැවින්,මිලාන් ගේ උස පැනීමේ අවසාන තරගයෙන්  පසුව ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අවසන් වන අතර,සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩාකාවන් අතරින් සුපුන් විරාජ් රන්දෙණිය මීටර් 110 කඩුලු මතින් දිවීම තරගයේ නව ජාතික යොවුන් වාර්තාව තත්පර 13.90 දක්වා ගෙන එමින්ද,මිලාන් මධුෂ්ක දිසානායක සිය පෞද්ගලික දක්ෂතාවය මීටර් 2.17 දක්වා වර්ධනය කර ගනිමින්  දැක් වූ දක්ෂතාවය අගය කළ යුතුය.මිලාන් ගේ දක්ෂතාවය ලාංකේය කණිෂ්ඨ උස පැනීමේ ක්‍රීඩක දක්ෂතා අතර දෙවැනි වන්නේ එම ඉසව්වේ කණිෂ්ඨ ජාතික වාර්තාව වන මංජුල කුමාර 2002 දී කින්ග්සටන් හි දී පිහිටුවා ඇති මීටර් 2.18 දක්ෂතාවයට පමණි. 

Jul 13, 2012

නිලූක ට නායකත්වය


මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න තෝරා ගෙන ඇත.දැනට ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගි වන බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අතරින් 29 වන ස්ථානයේ සිටින නිලූක මේ වන විට පෝලන්තයේ වැඩිදුර පුහුණුව ලබමින් සිටියි.නිලූක ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට පෝලන්තයේ සිට ලන්ඩනයට පැමිණීමට නියමිතය.

මුරලි සමග නික්ම ගිය ජය යළි පැමිණෙයි


The victorious Sri Lanka team
ලොව බිහිවූ සුපිරිතම පන්දු යවන්නා ලෙස විරුදාවලි ලත් මුත්තයියා මුරලිදරන් ගේ නික්ම යාමෙන් ඉනික්බිතිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට නොහැකිව ලත වෙමින් සිටි ශ්‍රී ලංකාව ඊයේ පකිස්තානයට එරෙහිව එම අඩුව පිරිමසා ගත්තේය.තරගය පැවති කාලයෙන් තුනෙන් දෙකකටත් වැඩි කාලයක් යොදා ගෙන ලකුණු 270 ක් ලබා, හැකිනම් ජය ගන්නට යැයි පකිස්තානු නායකයා ලබා දුන් අභියෝගයට පිළිතුරු බැදීම වෙනුවට ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය පන්දුවට පහර දීමේ රිද්මය වෙනස් කළ අතර,ජය සොයා ගොස් දෙපසටම විවෘතව පැවති තරගයේ අනවශ්‍යය බිද වැටීමක් ලබා ගනු වෙනුවට තරගාවලියේ තරගයක් ජය ගනිමින් ඉදිරියෙන් සිටීමේ වාසිය රැක ගනිමින් තරගාවලිය ජය ගත්හ.
පකිස්ථානයට එරෙහි ඉලක්කය ලකුණු 200 ට පමණ් සීමා වෙනු ඇතැයි සිතුවද පෙරදා බිද වැටී තිබූ කඩුලු 8 වෙනසක් නොකරම,තවත් ලකුණු 89 ක් එක් කර දීමට අසාද් සෆීක් සහ අදනන් අක්මල් සමත් විය.සටන්කාමී ඉණිමක නිරතව සිටි සෆීක්,ඔහුට හිමි විය යුතුවම තිබූ ශතකය ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලකුණු 270 ක ඉලක්කයක් ලබා දෙන්නට තීරණයක් ගත් මිස්බා උල් හක් ගෞරවයට ලක් විය යුතු අතර සෆික් ගෞ ශතකයට මෙන්ම ශ්‍රී ලංකාවට එවැනි විවෘත ඉලක්කයක් ලබා දීම සදහා සිය අබාධය ද නොතකා දැඩි වේදනාවෙන් පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 35 ක් ලැබූ අදනන් අක්මාල් කළ සේවය ද ශතකයක් තරම් ම වටිනා එකක් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹු  තරංග පරණවිතාන සහ දිනේෂ් චන්දිමාල් අතරින් චන්දිමාල් තරමක වේගයෙන් ලකුණු රැස් කරමින් ලබා දී තිබූ ඉලක්කය වෙත යන බවක් පෙනන්නට තිබුණද පරණවිතානගේ දැවී යාමත් සමග ඔහු තරමක් නිහඩ විය.ඒ සමගම තරගයේ ජය නොව තරගාවලියේ ජය පමණක් අපේක්ෂාවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් දිනේෂ් චන්දිමාල් ලකුණු 65 ක් ලැබූ අතර කුමාර සංගක්කාර තරගාවලියේ වීරයා බවට පත් වෙමින් තවත් නොදැවී ලකුණු 74 ක් එක් කළේය.
තරගාවලියේ වීරයා වෙමින් කුමාර සංගක්කාර පිතිකරුවෙකු ලෙස දැක්වූ දක්ෂතාවය මේ තරගාවලියේ දි ඔහු ලොව ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ තව දුරටත් අංක එකේ පිතිකරු බව සනාත කළ අතර තරගයේ වීරයා වීමට පකිස්තාන ඉණිම දෙකම හැඩ කළ අසාද් සෆීක් ට හැකි විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562446.html මගින් ද පකිස්තානු සංචාරයේ සියළු දක්ෂතා පිළිබද http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/series/562333.html?view=records මගින් ද දැක ගැනීමට හැකිය.

දැලේ උදව්වට ආ මහජන බැංකුවට ඇමති දැල එලති



 ඡායා:පාලිත ගුණසේන

සරකට රුපියල් මිලියන 23 ක් වැනි දැවැන්ත අනුග්‍රහයක් ඇතිව ශ්‍රී ලංකා දැල්පන්දුව නගා සිටුවීමේ මෙහෙවරට පැමිණි මහජන බැංකුව ස්තූති පූර්වකව ඇගීමට ලක් කරන අතරේම සාර්ථක දේශපාලනඥයෙකු ලෙසත්,පරිපාලකයෙකු ලෙසත් ඇති ප්‍රායෝගික බුද්ධිය මෙහෙයවමින් රටේ සියළු දැල් පන්දු කටයුතු වලට මහජන බැංකුවේ අනුග්‍රහය ලබා ගැනීමට හැකි වන පරිදි මහජන බැංකුවෙන් කොළ එළියක් දල්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට හැකිවිය.
ඔලිම්පික් නිවහනේ  පැවති මාධ්‍ය හමුවක දී දැල් පන්දු සම්මේලනයේ  ඉදිරි වැඩ පිළිවෙල එළි දැක්වීම ඇතුළුව වැඩ රාශියක් සිදු කරන්නට යෙදුණ අතර ජූලි 14 සහ 15 දෙදින තුළ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදෙන අවුරුදු 14 න් පහළ ‘සිසු උදාන’තරගාවලිය පිළිබදව සහ අවුරුදු 21 න් පහළ YES තරගාවලිය පිළිබදවද මාධ්‍ය දැනුවත් කරන්නට යෙදිණ.
එහිදී අමාත්‍යවරයා කරුණු දක්වමින් මහජන බැංකුවේ වානිජ පරමාර්ථය ඉක්මවා ගිය දැල් පන්දු අනුග්‍රාහකත්වයේ ජාතික වගකීම ස්තූති පූර්වකව ඇගයීමට ලක් කරමින් ප්‍රකාශ කළේ, මහජන බැංකුව ජාතික තලයේ දැල් පන්දු ක්‍රීඩිකාවන්ගේ රැකියා ස්ථානය වීමේ වැදගත්කමය. දැනට ලැබී ඇති වාර්ෂික අනුග්‍රාහකත්වය දිර්ඝ කිරීමේ අවශ්‍යයතාවය පෙන්වා දෙන උත්තේජන වලින් පෝෂණය වූ අමාත්‍යවරයාගේ කතාව තුළින් දිවයින පුරා විසිරී සිටින මහජන බැංකු ශාඛාවන් ආශ්‍රිතව දැල් පන්දු පිටියක් නඩත්තු කිරීමේ හැකියාව සහ වගකීම ද පෙන්වා දුන්නේය.
මෙහිදී අමාත්‍යවරයා මෙරට ක්‍රීඩාවේ අනුග්‍රාහකත්වයේ ස්වභවය මෙබදු විය යුතු බවට කරන ලද ඉගි කිරීම මෙරට ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යයතාවය පිළිබිඹු කරන එකකි.මහජන බැංකුව ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රදානයන් කරන ආයතනයක් මෙන්ම ක්‍රීඩාව හරහා උපයන ආයතනයක් බවට පත්වීමේ හැකියාවත් අමාත්‍යවරයාගේ කතාව ඔස්සේ සිතීමේ දී හදුනා ගන්නට පුළුවන.සෑම ප්‍රදේශයකම පාහේ දැල් පන්දු ක්‍රීඩාව තිබෙන බවට දිවයිනේ පාසල් 7000 ක දරුවන් 5 00000 ක් දැල් පන්දු ක්‍රීඩාවේ යෙදීම කදිම උදාහරණයකි.
එසේම සෑම ප්‍රදේශයකම ගෘහස්ථ ක්‍රීඩා පිටියක් තිබේනම් එය වානිජමය වශයෙන් ඉපයිය හැකි තැනක් බවට පත් කිරීමට අපහසුවක් නැති බවද රටේ ක්‍රීඩාව ක්‍රියාත්මක වන ආකාරයෙන් සිතිය හැකිය.වොලිබෝල්,බැඩ්මින්ටන් වැනි ක්‍රිඩාවන් හරහා ද පුහුණුව සහ තරගාවලි සදහා  යෙදවිමට ඉපයීමට හැකි තැනක් බවට මහජන බැංකුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන හරහා පත්වන ක්‍රීඩා භූමි දැකීමට ලැබීම අමාත්‍යවරයාගේ යෝජනාව හරහා මහජන බැංකුව කෙතරම් දුරට සිතන්නේදැ යි යන කාරණය මත තීරණය වෙනවා ඇත.එසේම දැල් පන්දු පරිපාලනය මේ අනුග්‍රාහකත්වයත් සමග දැල් පන්දුවේ ප්‍රබෝධයට අවශ්‍යය කරනම දේ කරන්නේ ද යන්නත් අමාත්‍යවරයාගේ සාධනීය ඉල්ලීම් වලට මහජන බැංකුවේ අවධානය යොමුවීමේ ප්‍රමාණය තීරණය කරන්න‍ට හේතු සපයනු ඇති බව අපේ විශ්වාසය ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා අතින් දැල් පන්දු නිල ලාංඡනය එළි දැක්වූ අවස්ථාවයි. මෙම අවස්ථාවට එක් වූ මහජන බැංකු ප්‍රධාන විධායක,සාමාන්‍යාධිකාරී සාබ්‍රි ඊබ්‍රාහිම්, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය ආරි සෙනවිරත්න,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි,දැල්පන්දු අතුරු කමිටු සභාපිතිණි තමාරා ධර්මකීර්ති සහ මහජන බැංකුවේ වෙළද හා මහජන සම්බන්ධතා ප්‍රධානි දීපාල් අබේසේකර ද ඡායාරූපයේ  වෙති.


Jul 12, 2012

අලිගෙන් යළිත් අලි ඉණිමක්

ශ්‍රී ලංකා පකිස්තාන ටෙස්ට් තරගමාලාවේ තෙවන තරගයේදි මේ තරගාවලිය තුළ වාර්තා කළ තෙවන ශතකය වාර්තා කළ අසාර් අලි පකිස්තානයට ගෞරවණීය අඩිතාලමක් ලබා දෙන්නට අප්‍රමාණ වෙහෙසක් දැරීය.මොහොමඩ් හෆිස් ( 52) සමග එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කළ අලී තවමත් කඩුල්ලේ ලකුණු 55 ක් ගෙන නොදැවී සිටින අසාද් සෆීක් සමග එක්ව ලකුණු 100 ක් ද එක් ක‍ළේය. අසාර් අලි දිල්හාර ප්‍රනාන්දු ගේ පන්දුවකට ප්‍රසන්න ජයවර්ධනට උඩ පන්දුවක් දී දැවී යන විට රැස් කර ගෙන සිටි ලකුණු ප්‍රමාණය 136 කි.
Azhar Ali completed his second century of the seriesකලෙකට පසුව ලැබෙන අවස්ථාවක් සාර්ථක කර ගැනීමේ භාග්‍යය ලද දිල්හාර ප්‍රනාන්දු ලකුණු 65 ට කඩුලු 3 ක් දවා ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ දවස තුළ කැපී පෙණුනම පන්දු යවන්නා බවට පත් වූ රංගන හේරත් ලකුණු 64 ට කඩුලු 4 ක් දවා ගෙන සිටියි.
අද අවසාන දිනය තීරණාත්මක වන අතර දැනට ලකුණු 188 ක් ඉදිරියෙන් සිටින පකිස්තානයට එම ලකුණු ප්‍රමාණය 200 ට ඔබ්බට රැගෙන යාම වැළක්වීමට හැකිනම් අද දිනයේ පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකාවට විශාල කාලයක් ඉතිරි කර ගැනීමට ලැබෙනවා ඇත.ලකුණු ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂව ඉතිරි වන කාලය ද අඩු වන බැවින් ජයග්‍රහණය සම්බන්ධයෙන් වන හඹායාම වඩා පීඩාකාරී විමේ අවධානම ශ්‍රී ලංකාව දෙසට හැරීමට ඉඩ ඇත.නිත්‍ය දග පන්දු යවන්නා වන සහීඩ් අජ්මාල් මෙන්ම මොහොමඩ් හෆිෂ් ද දග පන්දුවෙන් වැඩ ගත හැකි දක්ෂයෙකු බැවින් ද ජුනයිඩ් ඛාන් මෙම තරගාවලිය පුරා ශ්‍රී ලංකාවට එල්ල කරන අභියෝගය දෙස බලන විට ද සිව්වන ඉණිම ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකාවට ලකුණු 200 ක් දෙස වුව පහසුවෙන් බැලීමට හැකියාවක් නැත.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසිමට ඇති මගය.
http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562446.html

මිලාන් අවසන් වටයට


ගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ තරගයේ සුදුසුකම් ලැබීමේ වටයෙන් අවසන් වටය නියෝජනය සදහා සුදුසුකම් ලැබූ තරගකරුවන් 12 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකාවේ මිලාන් මධුෂ්ක දිසානායක සමත් විය.ආසියාව නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් මිලාන් හැරුනු විට කසකස්ථාන සහ ඊශ්‍රා‍යල් ක්‍රීඩකයා පමණක් අවසන් වටයට තේරී ඇති අතර චීනය,කටාරය,ජපානය,කොරියාව,චීන තායිපේ,ඉරානය සහ ඉන්දියාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයන්ට ඒ අවස්ථාව උදා වුණේ නැත.
මීටර් 2.14 ක උසක් සිය පළමු උත්සාහයෙන්ම ඉක්මවා යමින් මිලාන් මෙම අවස්ථාව උදා කර ගත් අතර ඔහු මීටර් 2.10 න් සිය පිමි අරඹමින් සිය ශක්තිය වැය නොකර උපරිමයට ළගා වීමට ගත් අභියෝගාත්මක තීරණය ජය ගැනීම විශේෂයෙන් ඇගයිය යුතුය.
මේ අතර මිලාන් හැරුණුවිට පෙරේදා තරගවැදි තරගකරුවන් අතරින් නව කණිෂ්ඨ හ්‍රී ලංකා වාර්තාවක් සමග මීටර් 110 කඩුලු පැනීමේ තරගයේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබූ සුපුන් විරාජ් ට නීත්‍යානුකූල නොවන ධාවනයකින් තරගයෙන් ඉවත් වන්නට සිදු වීම නිසා තව දුරටත් ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාව අහිමි විය.
දැනට හ්‍රී ලංකාව වෙනුවෙන් තරග නොවැදි සාමාජිකයෙකුට සිටින්නේ උස පැනීමේ ක්‍රීඩිකා නිමේෂෘ මධුෂානි සිරිවර්ධන පමණක් වන අතර ඇය සිය තරග ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටයට 13 දා ඉදිරිපත් වන අතර පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසාන තරගයට මිලාන් සහභාගි වන්නේ ද එදිනමය.

තිළිණි තවමත් නොපෙනේ


 තිළිණි ජයසිංහ ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත් බව ප්‍රකාශ කළ ද තවමත් අන්තර් ජාතික බැඩිමින්ටන් සම්මේලන වෙබ් අඩවිය එය සනාත කරන ලියවිල්ල තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැති අතර බොහෝ විට එය අද සිදු කිරීමට නියමිත දත්ත ඇතුළත් කිරීමේ දී ප්‍රසිද්ධ කිරීමට ඉඩ ඇත.ජූනි 12 වන දා වන විට සහභාගීත්වය සම්බන්ධයෙන් කරන ලද නව්‍යකරණයේදී පැහැදිළිවම දක්වා ඇත්තේ ඔස්ට්‍රියාව,ග්‍රීසිය,නවසීලන්තය,සුඩානය,ඉන්දුනීසියාව වැනි රටවල් වල සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් ඉවත් වී ඇති බවය.අවසාන වරට ජූලි නව වන දා කරන අලුත් කිරීමේදී ලොව අංක 03 ට  ශ්‍රේණිගත WANG SHIXIAN ඉවත් කර ගන්නා චීනය ඇය වෙනුවට මේ වන විට චීනයේ ඇයට වඩා දක්ෂතා දක්වන ලොව අංක හතරට සිටින LI Xuerui ට තරගාවලිය නියෝජනයට අවශ්‍යය වට පිටාව සකසා දෙන්නේය.
මෙම ලැයිස්තු දෙකටම ඇතුළත් නොවන තිළිණිගේ නම අද ඇතුළත් වන ලැයිස්තුවට ඇතුළත් වන්නේනම් ජූලි නවවන දිනට පසුව ද තවත් ක්‍රීඩිකාවක් සිය පෞද්ගලික අවශ්‍යයතාවයක් මත හෝ එරට බැඩ්මින්ටන් පරිපාලනය සහ ජාතික ඔලිම්පික් කමිටුව එවැනි තරගාවලියක් සදහා ප්‍රමාණවත් දක්ෂතා නොදක්වන බවට තීරණය කිරීම නිසා තරගාවලියෙන් ඉවත්වීම නිසා තිළිණිට ලැබෙන අවස්ථාවක්ය.එම අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් අතර ද අංක 10 ට සිටින තිළිණිට ලබාදීම සාධාරණයැයි තීරණය කිරීමේ අයිතිය,ක්‍රීඩා අමාත්‍යංශයට,බැඩ්මින්ටන් පරිපාලනයට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට ඇති අයිතියක් වන අතර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අයිතිය තිළිණි ජයසිංහට ද ඇත.
නමුත් මෙම ඡායාරූපය පැහැදිළි කරන්නේ තිළිණි හෝ වගකිවයුතු කිසිවෙක් ඒ පිළිබද තැකීමක් නොකරන බවය.ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර ඔලිම්පික් තරගාවලිය  නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සහභාගි වන නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයා,අමාත්‍යංශ ලේකම්වරයා ,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඇතුළු නිලධාරීන් සමග ඡායාරූපයකට පෙනි සිටි අයුරුයි.කෙසේ වුව ද මෙම කණ්ඩායමට තිළිණි ඇතුළත් වන්නේනම් හිස්තැන් පුරවමින් හෝ සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක ලෙස තරගාවලියට ඇතුළත් වන අතර ඒ අකාරයට වරප්‍රසාද නියෝජනයකින් තොරව තරගාවලියට සහභාගි වන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ මලල ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ය.ඡායාරූපයේ දකුණේ සිට තෙවැන්නාට සිටින්නේ කුරේ වන අතර නිලූක ඡායාරූපයේ නැත

ජුණි 12 දා තේරීම සම්බන්ධ ලේඛණය (කාන්තා)


ජූලි 09 වන දා තේරීම් සම්බන්ධ ලේඛනය (කාන්තා)


ජුණි 12 දා තේරීම සම්බන්ධ ලේඛණය(පිරිමි)


ජූලි 09 වන දා තේරිම් සම්බන්ධ ලේඛණය (පිරිමි)


DSI ජාතික මට්ටමේ තරග තේරීම් පෙරහුරු තරග ලෙස 14,15,16 නාත්තණ්ඩියේ දී

DSI   පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ජූලි 14 දා පෙ.ව. 9.00 ට නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ දී ඇරඹිමට නියමිතය.ඒ සදහා අමාත්‍ය දයාශ්‍රිත තිසේරා,අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරිරික අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න මෙන්ම DSI ආයතනය වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෝමවංශ ද සහභාගි වීමට නියමිතය.
 මෙම තරගාවලිය ආසියානු බාලක බාලිකා තරග සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම වෙනුවෙන් ජූලි 18 වන දා ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලබන බාලිකා කණ්ඩායම තේරීමේ තරග සදහා ත්,19 දා එම ස්ථානයේම පවත්වන බාලක තේරීම් තරග සදහා ත් පෙරහුරු තරග ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය

Jul 11, 2012

සුපුන් ගේ සුවද පමණක් ඉතිරි වේ


ජූලි 10 දා ඇරඹි ජගත් කණිෂෟඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී ප්‍රථම දිනයේ තරග වැදි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් අවසාන පූර්ව වටයට පිවිසෙමින් තව දුරටත් සිය පෞද්ගලික හොදම කාලය වාර්තා කර ගැනීමට මීටර් 110 තඩුලු පැනීමේ කණිටු සූරයා වන සුපුන් විරාජ් රන්දෙණිය පමණක් සමත් වී ඇත.එම ඉසව්වේ පස්වන මූලික තරගය නියෝජනය කළ සුපුන් විරාජ් එහි දෙවන ස්ථානය දිනා ගත්තේ ජේම්ස් ග්ලරඩ්මෑන් ට පමණක් දෙවැනි වෙමින් ය.
ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මල ක්‍රීඩා සූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනූ සුපුන් මෙහිදී වාර්තා කළ කාලය වන තත්පර 13.90 සිය පැවති කණිෂෟට ජාතික වාර්තාව අලුත් කිරීමක් වීම කැපී පෙනෙයි.ඉකුත් ජගත් යොවුන් සූරතාවලියට ද ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමුවැන්නා සුපුන් වූ අතර නමුත් එවකට පැවති පරිපාලනය සුපුන්ට එම අවස්ථාව දීම ප්‍රතික්සේප කළේය.ඉන් අ‍ධෛර්‍යට පත් නොවු සුපුන් තමන්ට ලැබුණු අවස්ථාවන් වලින් සිය හැකියාව ඉදිරියට ගෙන විත් බලධාරීන්ට නිසි පිළිතරු ලබා දෙන්නට සමත් විය.ඔහු යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසාන තරගය නියෝජනයට සුදුසුකම් ලබා ගත් අතර අනතුරුව ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.මේ වන විට ඔහු ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අද (11) පැවත්වෙන් අවසාන පූර්ව තරග වලට සුදුසුකම් ලබා සිටින්නේය.
මේ අතර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනූ දුලාජ් මධුශංක මෙහිදී සිය හොදම පෞද්ගලික කාලයට එන්නට හෝ ඒ ආසන්නයට පැමිණිමට ද අපොහොසත් වූ අතර ඔහු ඉසව්ව නිමා කළේ තත්පර 49.43 ට වූ අතර ඔහුට සිය මූලික තරගයේ හිමි වූයේ හයවන තැනය.‍මීටර් 3000 කාන්තා ඉසව්වේ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභිණිය වූ චාමිකා ජයමිණි ට ද සිය හොදම දක්ෂතාවය වාර්තා කිරීමට හැකි නොවූ අතර ඇය ඉසව්ව නිමා කළේ 11:13.91 ට වූ අතර ඇය එම තරගය නිමකළ 18 දෙනා අතරින් 15 වැන්නිය වූවාය.
මීටර් 100 මූලික තරගයට සහභාගි වූ අශාන් කුමාරට ද සාර්ථක ප්‍රතිපල අත් කර ගන්නට නොහැකි වූ අතර ඔහු සිය මූලික තරගය නිම කළේ හත් වැන්නාට වූ අතර ඔහු ඒ සදහා තත්පර 11.32 ක කාලයක් ගත කළේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ සුපුන් විරාජ් සිය තරගයේ දෙවැනි ස්ථානය සටහන් කරමින් නිමා කළ අයුරු දැක්වෙන තරග නිමාව සටහන් වන තාක්ෂනික ඡායාරූපය වන අතර ඔහු තරගයට මුහුණ දුන් පස්වන මං තීරුව සංඛේතවත් කරමින් ඔහුගේ පාදයේ ඇලවී තිබෙන අංක පහ දැකිය හැකිය.
 www.supirikrida.com

තිළිණි ට බැඩ්මින්ටන් පරිපාලනයෙන් තිළිණයක් අමාත්‍යවරයාගේ අවධානයට

ලොව 116 වන ස්ථානයට සහ ලංකාවේ මේ වන විට 10 වන ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම් වල පහත වැටී සිටින තිළිණි ජයසිංහ ට ඒ අවස්ථාව උදා වූයේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් පරිපාලනය ඇයට දැක් වූ විශේෂ සැළකිල්ල හේතුවෙන් බව ක්‍රීඩා කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.ඒ අවස්ථාවද සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සහභාගී නොවීම නිසා අවස්ථාවක් බව බැඩ්මින්ටන් පරිපාලනය ද පිළිගන්නේය.
කෙසේ හෝ ඊයේ රාත්‍රිය වන විටත් අන්තර්ජාලය හරහා http://en.wikipedia.org/wiki/Badminton_at_the_2012_Summer_Olympics_%E2%80%93_Women%27s_singles මගින් තොරතුරු ලබා ගනිද්දී ද තිළිණි ගේ නම දකින්නට නොතිබි අතර එහි තේරී පත් වී සිටින ක්‍රීඩිකාවන් අතර අවසානයට සිටින රේනා වැන්ග් (ඇමෙරිකාව) සිටින්නේ 63 වන ස්ථානයේ වන අතර තිලිණි සිටින්නේ 116 වන ස්ථානයේය.රේනා ට ඒ සදහා ලකුණු  23546.4119 ක් හිමි අතර තිළිණි ට හිමි වී තිබෙන ලකුණු ප්‍රමාණය 12613.0000 කි.
තිලිණි මේ  සදහා අන්තර්ජාතික තරග 14 ට සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකාවේ අංක එකට සිටින ක්‍රීඩිකාව වන අචිනි රත්නසිරි ට ලබා දී ඇති ජාත්‍යන්තර තරග ප්‍රමාණය 9 ක් පමණක් වන අතර ඇය එම තරග තුළ දී  ලොව 148 වන ස්ථානයට පත් වී සිටියි.නමුත් තරගාවලි 10 ට සහභාගි වීමේ භාග්‍යය ලබා ඇති චන්ද්‍රිකා ද සිල්වා 137 වන ස්ථානයේ පසුවෙයි.
මේ තත්ත්වය තවත් ආකාරයකින් සනාත කර ගත හැකි අවස්ථාවක් පසුගිය තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියේදී ද සිදු වූ අතර ඒ සදහා කේවල තරග සදහා සුදුසුකම් ලබා සිටි ලේඛා ෂෙහානි වෙනුවට එක් තරගයක් සදහා තිළිණි යෙදවීමට අසාධාරණ ලෙස බැඩ්මින්ටන් පරිපාලනය ගත් තීරණය නිසා තිළිණගේ ලකුණු 12613.0000 සදහා එම තරගයෙන් ලකුණු 1373 ක් එක් කර ගන්නට හැකි විය.එහිදී තිළිණ එම තරගයේදී තායිලන්තයේ INTHANON RATCHANOK  වෙතින් ලද පරාජය සටහන් වූයේ ලකුණු 25 – 9 ක් සහ 25 – 5 ක් ලෙස ය.
ක්‍රීඩිකාවක ලෙස ඇය බින්දුවට දැමීම අපේ පරමාර්ථය නොවන අතර බින්දුවක්වත් නොවටින වැඩ කරන බැඩ්මින්ටන් පරපාලනය මේ සටහනට අභියෝග කරන්නේ නම් ඒ සදහා තිළිණි ලකුණු ලැබූ ආකාරය සටහන් මෙම http://www.bwfbadminton.org/page.aspx?id=14955 සබදතාවය ද රැගෙන එන ලෙස එම අභියෝගයට මුහුණ දීමට පෙර අප යෝජනා කරන්නෙමු.එහි දී අප ක්‍රීඩිකාවට ඇති ගෞරවය සළකා ඉදිරිපත් නොකළ ඒ ඒ තරග වල දි ලකුණු එකතු වීමට බල පෑ භෞතික සාධක සමග ඇය මේ ලකුණු තත්ත්වයට පැමිණි ආකාරය පෙන්වා දීමට සූදානමින් සිටින්නෙමු.
ඒ නිසා 2008 දී තිලිණි ඔලිම්පික් සදහා සහභාගි වන විට දැමූ මල් මාලා දැමීමට අපගේ මාධය භාවිතය මගින් පෙළඹවීම් ඇති කිරීම හදවතට එකගව කළ නොහැකි ය.මන්ද එදා තිළිණි මේ රටේ සිටි අංක එකේ ක්‍රීඩිකාව ලෙස ඒ සදහා සුදුසුකම් ලැබුවත් මෙවර සහභාගි වීම රටේ ක්‍රීඩාවේ ප්‍රගතියක් ලෙස හැදින්වීමට නොහැකිය.ඒ සදහා තිළිණි ට ගල් ගසන්නට ද අප සුදානම් නැත.ඒත් අප පෙන්වා දෙන්නේ බැඩිමින්ටන් පරිපාලනය සැගවී යැයි සිතා ගෙන කරන වීදුරු ගෙදර සිට ගල් ගැසීමය.
වරෙක එහි උප සභාපතිවරුන්ගේ දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ ආවතේවකරුවන්ට ද කණ්ඩායම් කළමණාකරුවන් ලෙස විදේශ සංචාර ලබා දෙන තත්ත්වයට අජූත වී සිටින බැඩ්මින්ටන් පරිපාලනයේ වෙනස් වීමක් අපේකෂා කළ ක්‍රීඩා අමාත්‍යවරයාට එම පරිපාලනයේ එල්ලී සිට එන එන පරිපාලනය අවුල් කරන පුද්ගලයෙකු වෙනස් කිරීමට නොහැකි වීම මේ තත්ත්වය ඇති වීමට වැඩි පුරම බලපාන හේතුව බව බැඩ්මින්ටන් කේෂ්ත්‍රයේ විශාල පිරිසක ගේ අදහස වී ඇත.
වෙනත් දේශපාලනඥයන්ගේ නම් ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ උවමනාවන් ලෙස ද තමන්ගේ නොපනත්කම් හදුන්වා දීම විළාශයක් ලෙස කරගෙන යන බැඩ්මින්ටන් පරිපාලනය තිළිණි ගේ බැඩ්මින්ටන් ඔලිම්පික් තේරීම ස්ථීර කිරීමට හෝ නොකිරීමට ඇති අයිතියට,ඇයගේ ගම මහනුවර ප්‍රදේශය වීම උලුප්පා දක්වා අමාත්‍යවරයාට ඈදා බලපෑම් කිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් පවතින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.එසේම මේ වන විටත් අමාත්‍යවරයා මේ ක්‍රියා කළාපයන් පිළිබදව සොයා බැලීමට සූදානම් වන තත්ත්වයක නිලූක කරුණාරත්නට අමාත්‍යංශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් දී ඇති බවට අමාත්‍යවරයාට ලබා දී තිබූ බොරු සංඛ්‍යා ලේඛණ පිළිබදව ද කළබලයට පත් වී ඇති බව වාර්තා වේ
අමාත්‍යවරයා සැබවින්ම අමාත්‍යංශ මුදල් නිලූක වෙනුවෙන් මුදා හැර ඇත්නම් ඒ මුදල් නිලූකට ද වෙනත් ක්‍රීඩිකාවන්ට ද ලබා ලබා දී ඇත්තේ දැයි පරීක්ෂණයක් අවශ්‍යය වී ඇත.ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා දුන් මුදල් සහ බැඩ්මින්ටන් පරිපාලනයෙන් එම මුදල් ලබා දීමේදී එක එක ක්‍රීඩකයාට ලබා දී ඇති ප්‍රමාණයන් කවරේද යන්න එහි නිවැරදි ගිණුම් සමග ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් තවමත් එම ගිණුම් අනුමත කර ගැනීමක්වත් නොකර පාරදෘශ්‍යභාවයෙන් තොරව ක්‍රියා කිරීමද ගැටළුවකි.මේවා නිවැරදිව ඉදිරිපත් කරද්දී සැබවින්ම දක්ෂයාට නිවැරදිව සළකා ඇද්ද යන්න පිළිබදව ඇති ගැටළුව තව දුරටත් ලිහා ගැනීමට හැකි වනු ඇත.

තරගය තිසර පෙරේරා අතට පත්වන ලකුණු



Thisara Perera counterattacked for Sri Lankaමෑත කාලයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ ලබා දෙන්නෙකු බවට පත් ව සිටින තිසර පෙරේරා ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දී ද ඒ බව සනාත කරමින් සිටියි.පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වෙමින් පකිස්තානු කණ්ඩායමේ පිතිකරුවන් සිව් දෙනෙකුම දවා ගත් තිසර, ශ්‍රී ලංකා ඉණිමේ දී පිතිකරුවෙකු ලෙස සාර්ථක වෙමින් පන්දු 86 ක් තුළ ප්‍රවේගකාරී ලකුණු 75 ක් ලබමින් ශ්‍රී ලංකාවට ප්‍රථම ඉණිමේ ලකුණු 111 ක වාසියක් ලබා ගන්නට ඇවසි පසුබිම සකස් කළේය.
ඊයේ දිනය නිමා වන විට පිලිතුරු දෙවන ඉණිම සදහා පන්දුවට පහර දෙන පකිස්තානය එක් කඩුල්ලක් ලබා ලකුණු 27 ක් ලබා සිටින අතර දැවී ගිය තවුෆික් උමාර් ගේ කඩුල්ල නුවන් කුලසේකරට හිමි වී තිබිණ.අද උදෑසන පරිසරයේ ඇති සිසිල් ස්වභාවයත් සමග වේග පන්දුවෙන් ලබා ගත හැකි දෝලනය මෙන්ම වේගයද උපයෝගි කර ගනිමින් තරගය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයකට හරවා ගැනීමට වැඩි ඉඩක් පවතින අතර එහිදී යළිත් තිසර පෙරේරා ට මුලීක තැනක් හිමි වන්නේය.ඒ නිසා පකිස්තානු පිතිකරුවන්ගේ අවධානය සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් සටන් වැදීමේ ප්‍රමාණය මත තරගයේ මුල් පැය කිහිපය ක්‍රියාත්මක වීමට නියමිත අතර එම කාලය තරගයේ හැරවුම් ලක්ෂය තීරණය කරන කාලය වනු ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීමට නම් පකිස්තානය අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම ඉතා වැදගත් වන අතර මන්ද පකිස්තානු වේග පන්දු යවන්නන් අතරින් මෙම තරගයේ ‍ප්‍රථම ඉණිමේදී දෙවන වරටත් කඩුලු 5 ක් දවා ගත් ජුනයිඩ් ඛාන් විශාල ලකුණු ප්‍රමාණයක් හඹා යාමේදී විශාල බාධාවක් වනු සැක නැත.ඒ නිසා තරගයේ තීරණය පිළිබද තීරණාත්මක දිනය අද වබ බවට සැළකිය හැකි අතර මේ දක්වා තරගයේ ලකුණු පූවරුව ක්‍රියාත්මක වූ අයුරු පහත සබදතාවයෙන් දැක ගැනීමට හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562446.html
www.supirikrida.com

Jul 10, 2012

බස්නාහිර ආධුනික බැඩ්මින්ටන් තරගාවලියේ අයදුම්පත් www.supirikrida.com වෙතින්

ස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 14 වන CLASSIC BADMINTON CHAMPIONSHIPS තරගාවලියට අදාළ අයදුම්පත්   www.supirikrida.com අඩවියේ මේ ප්‍රවෘත්තියට අදාළව පළ වී තිබෙන  බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ ලෝගුව ඇති ස්ථානය තෙරපීමෙන් (click) ලබාගත් හැකි අතර ඒ සමග තරගාවලියට අදාළ නිතිරීති සහ කොන්දේසි ද සදහන් වේ.ආධුනික අංශයෙන් අවුරුදු 20 න් ඉහළ සහ අවුරුදු 40න් ඉහළ කාන්තා සහ පිරිමි ලෙස  කේවල,යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවත්වෙන අතර අවුරුදු 14 න් පහළ සහ අවුරුදු 19 න් පහළ ලෙස මේ තරගාවලිය ආශ්‍රීතව ක්‍රියාත්මක බාලක සහ බාලිකා තරග කේවල සහ යුගල ලෙස ක්‍රියාත්මක වේ.
අගොස්තු 4 දා සිට 6 වන දා දක්වා මොරටුව විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලිය සදහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ජූලි මස 21 වන දා ය.
www.supirikrida.com

අද තරගය පැවත්වීමට හැකි ලකුණු

Fans walk outside the Pallekele Stadium as rain held up second day's playහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක තෙවන පකිස්තාන - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය සදහා තරගය ආරම්භ කිරීමට හැකි තත්ත්වයක් පවතින බවත් උදෑසන 7.00 වන විට ක්‍රීඩා තණතීරුව ආවරණය කර තිබූ ආවරණ ඉවත් කරමින් තිබූ බවත් සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.වර්සාව නිසා දෙවන දිනයේ තරගය එකදු පන්දුවක්වත් යැවීමෙන් තොරව අත්හිටවා දැමූ අතර තෙවන දිනයේ පෙ.ව. 7.00 වන විට පවතින තත්ත්වය අනුව යහපත් කාලගුණයක් පෙනෙන්නට ඇත.ඒ අනුව තරගය ආරම්භ කිරීමට පෙර යළිත් වර්සාපතනයක් හදිසියේ කඩා නොවැටෙන්නේ නම් තරගය නියමිත වේලාවට පැවත්වීමට අපහසුවක් නොවනු ඇති බව පල්ලේකලෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරන්නේය.
සම්පූර්ණ දිනයක් අතහැරි තරගයක් ඊ ළග දිනයේ නියමිත වේලාවට ඇරඹීමට හැකි පරිදි පිටිය ආවරණය කටයුතු නිසි පරිදි සිදු වී තිබීම පැසසුම්දායක කාර්යයක් වන අතර ඒ සම්බන්ධයෙන් අදාල පැසසුම විදින්නටනම් ගතවෙන කාලය තුළ යළි වර්ෂාව ඇති නොවී තිබිය යුතුය.

පඤ්ඤාසේකර හාමුදුරුවෝ අලුත් තැනකින් වඩිති


මිනි වොලිබෝල් ක්‍රීඩාව ඩීඑස්අයි වොලිබෝල් තරගාවලිය සදහා හදුන්වා දීමෙන් අනතුරුව එම බාලිකා සූරතාවයට හිමිකම් කී පුස්සැල්ලේ පඤ්ඤාසේකර හිමියන් විසින් පුහුණකරන්නට යෙදුණ කැන්දලන්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉවත් වී රක්වාන රත්නාලෝක විද්‍යාලයට සේවය සදහා වැඩම කළ පඤ්ඤාසේකර හිමියන් මෙවර මිනි වොලිබෝල් පළාත් බාලිකා සූරතාවය රත්නාලෝක විද්‍යාලයට හිමි කර දෙමින් යළිත් වරක් සිය පහුණු හැකියාව පිළිබදව ජාතික තලයේ වොලිබෝල් පරපාලනයට දැණුම් දෙන්නට සමත් විය.
කැන්දලන්ද විද්‍යාලයට වඩා යහපත් තත්ත්වයක පවතින රත්නාලෝක විද්‍යාලය ට පඤ්ඤාසේකර හිමියන්ගේ ස්ථාන මාරුව ලැබෙන්නේ සූරතාවය හිමිකර ගත් කැන්දලන්ද විද්‍යාලයට පහසුකම් ලගා කර දීමට වඩා එයින් තෝරාගත් දක්ෂයන් පහසුකම් ඇති තැන් වලට අනුයුක්ත කිරීමේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් හැටියට ය.ඉකුත් වසරේ මිනි වොලිබෝල් සූරතාවයට අමතරව අවුරුදු 14 න් පහළ බාලිකා සූරතාවයත් අත් කර ගත් කැන්දලන්ද විද්‍යාලයේ දක්ෂයන් වෙනත් නමගිය පාසල් වලින් ඩැහැ ගැනීමත් සමග එම විද්‍යාලයට පහසුකම් දිනා දීමේ සටනට තිත තැබූ පඤ්ඤාසේකර හිමියෝ රත්නා ලෝක විදයලයේ සේවයට වැඩම කළ හ.මෙවර තරගවෙලියේ දී රත්නාලෝක දැරියෝ පළාත් සූරතාවය දිනා ගනිද්දී එහි ප්‍රතිපලයක් ලෙස කැන්දලන්ද විද්‍යාලයේ දැරියන්ගේ නම් පළාත් සූරතාවයේදීවත් සදහන් නොවූහ.
පහත දැක්වෙන්නේ තරගාවලියේ මේ දක්වා පැවත් වු පළාත් සූරතාවයන් සහ අනු සූරතාවයන් දිනු මිනි වොලිබෝල් තරග අංශයේ සහ ඩීඑස්අයි සුපර් ස්පෝර්ට්ස් වොලිබොල් තරග අංශයන්හි සූරතා සහ අනු සූරතා දිනූ පාසල් කණ්ඩායම්ය

මිනි වොලිබෝල්
 Under 12 Super kids Fiesta
Provincial Matches
Province: Uva Province
Location: Bandarawela Urban Council Ground - Bandarawela
Date      : July 01
Boys under 12

Champion
Ranugalla Vidyalaya - Badalkumbura
Runner up
Royal Central College - Monaragala
Girls under 12

Champion
Wiyaluwa Central College - Badulla
Runner up
Royal Central College - Monaragala

Province: North Central Province
Location:  Kekirawa Central College - Kekirawa
Date      : June 30
Boys under 12

Champion
Puwarasankulama Maha Vidyalaya
Runner up
Kadulugamuwa  Vidyalaya
Girls under 12

Champion
Puwarasamkulama Maha Vidyalaya
Runner up
Swarnamali Balika College - Anuradhapura


Province:  Sabaragamuwa Province
Location: Public Ground - Kuruwita
Date      : 01/July/2012
Boys under 12

Champion
Walagamba Maha Vidyalaya - Kegalle
Runner up
Welipathayaya Vidyalaya - Kaltota
Girls under 12

Champion
Ratnaloka Maha Vidyalaya - Rakwana
Runner up
Dharmapala Maha Vidyalaya - Ehaliyagoda

Province: Northern Province
Location: Nadaraja Awaragal College - Jaffna
Date      :02/July   2012
Boys under 12

Champion
Dharmapala Vidyalaya - Vauniya
Runner up
Parakum Maha Vidyalaya - Vauniya


Champion
Absent
Runner up
Absent


Province: North Western Province                     
Date      : 07/July   2012
Location  : Shilpa Shalika Centre - Kuliyapitiya
Boys under 12

Champion
Deegalla Central College - Kuliyapitiya
Runner up
St.Saviar Central College - Marawila
Girls under 12

Champion
Sri Ratanapala Navodya Maha Vidyalaya-Anamaduw
Runner up
Sri Nissanka Maha Vidyalaya - Kurunegala


 DSI SUPERSPORT SCHOOLS VOLLEYBALL CHMPIONSHIP- 2012
Results of Provincial Matches

Province: Uva Province                                         
Location: Bandarawela Urban Council Ground - Bandarawela
Date       : July 02


Boys under 14

Champion
Sri Dewananda Maha Vidyalaya - Mirahawatta
Runner up
Dutugamunu Central College -  Monaragala
Girls under 14

Champion
Alpitiya Maha Vidyalaya - Monaragala
Runner up
Buduge Kanda Vidyalaya - Badulla
Boys under 16

Champion
New Burg Maha Vidyalaya - Bandarawela
Runner up
Maliyadewa Maha Vidyalaya - Bandarawela
Girls under 16

Champion
Ritigalawatta Primary School - Buddama
Runner up
Galgamuwa Primary School - Iginiyagala
Boys under 18

Champion
Ramakrisna Tamil School - Badulla
Runner up
National School - Mahiyanganaya
Girls under 18

Champion
Hambegamuwa Maha Vidyalaya
Runner up
Mei Mal Tamil Maha Vidyalaya - Badulla



Province: North Central Province                      
Location: 30/JUNE/2012
Date       : Kekirawa Central College - Kekirawa

Boys under 14

Champion
Puhudivulwewa Vidyalaya
Runner up
Hawampitiya Tamil Maha Vidyalaya
Girls under 14

Champion
Puwarasankulama Maha Vidyalaya
Runner up
‘E’ Yaya ‘5’ Post Maha Vidyalaya - Padaviya
Boys under 16

Champion
Unagalawehera Maha Vidyalaya
Runner up
Aselapura Maha Vidyalaya - Welikanda
Girls under 16

Champion
Mudunegama Maha Vidyalaya
Runner up
Kadulugamuwa  Vidyalaya
Boys under 18

Champion
Kekirawa Central College
Runner up
Hawampitiya Tamil Maha Vidyalaya
Girls under 18

Champion
Mudunegama Maha Vidyalaya
Runner up
Anuradhapura Central College


Province: Sabaragamuwa Province                      
Location: Kuruwita Public Ground - Kuruwita
Date       :30/June/2012

Boys under 14

Champion
Rajasinghe Central College - Ruwanwella
Runner up
Kongahamankada Vidyalaya - Ratnapura
Girls under 14

Champion
Dharmapala Maha Vidyalaya - Ehaliyagoda
Runner up
Kobbawela Maha Vidyalaya - Kegalle
Boys under 16

Champion
Rajasinghe Central College - Ruwanwella
Runner up
Da-ela Maha Vidyalaya – Da-ela
Girls under 16

Champion
Dharmapala Maha Vidyalaya - Ehaliyagoda
Runner up
Rajasinghe Central College - Ruwanwella
Boys under 18

Champion
Rajasinghe Central College - Ruwanwella
Runner up
Budda Jayanthi Central College - Balangoda
Girls under 18

Champion
Rajasinghe Central College - Ruwanwella
Runner up
Dharmapala Maha Vidyalaya - Ehaliyagoda

Province: Southern Province                      
Location :Galle Fort Grounds - Galle
Date       : 06/07/July  2012

Boys under 14

Champion
Wijayabahu Maha Vidyalaya - Thotagamuwa
Runner up
Wimalabuddhi Maha Vidyalaya - Seenigama
Girls under 14

Champion
St.Mathews Maha Vidyalaya - Deniyaya
Runner up
Wijayabahu Maha Vidyalaya - Thotagamuwa
Boys under 16

Champion
Wimalabuddhi Maha Vidyalaya - Seenigama
Runner up
Vijitha Central College - Dickwella
Girls under 16

Champion
Lankagama Maha Vidyalaya - Deniyaya
Runner up
Wimalabuddhi Maha Vidyalaya - Seenigama
Boys under 18

Champion
Wijayaba Central College - Hungama
Runner up
Vijitha Central College - Dickwella
Girls under 18

Champion
St.Mathews Maha Vidyalaya - Deniyaya
Runner up
Ketiyape Maha Vidyalaya - Deiyandara


Province: Central Province                      
Location: Peradeniya Central College - Peradeniya
Date       : 02/03/July/2012

Boys under 14

Champion
Vidya Pradeepa Vidyalaya - Walapane
Runner up
Nillamba Maha Vidyalaya - Gampola
Girls under 14

Champion
Hoorikaduwa Girls College - Manikhinna
Runner up
Seethadevi Balika Vidyalaya - Kandy
Boys under 16

Champion
Handungamuwa Maha Vidyalaya - Vilgamuwa
Runner up
Jinaraja Maha Vidyalaya - Gampola
Girls under 16

Champion
Girls High School - Kandy
Runner up
Kolongoda Central College
Boys under 18

Champion
Nugawela Central College
Runner up
Owilikanda central College - Matale
Girls under 18

Champion
Poramadulla Central College - Rikillagaskada
Runner up
Girls High School - Kandy

Province: Northern Province                      
Location :Nadaraja Awaragal College - Jaffna
Date       : 02/July   2012

Boys under 14

Champion
Kopay Maha Vidyalaya - Jaffna
Runner up
Ramanatha Puram West G.T.M.S.- Kilinochchi
Girls under 14

Champion
Vayavalam Central College - Jaffna
Runner up
Attiyar Hindu College - Jaffna
Boys under 16

Champion
Vayavalam Central College - Jaffna
Runner up
Victoria College - Jaffna
Girls under 16

Champion
Nadaraja Ramalingam Vidya. Avarangal Jaffna
Runner up
Vayavalam Central College - Jaffna
Boys under 18

Champion
Nadaraja Ramalingam Vidya. Avarangal Jaffna
Runner up
Sri Somaskanda College - Puttur
Girls under 18

Champion
Hindu College - Sandilipay
Runner up
Sri Sumana Maha Vidyalaya  Vauniya