Mar 24, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායකත්වය වියපත් බඹරෙකුට


න්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යතාවය මත එංගලන්ත කණ්ඩායම සමග පවත්වන ක්‍රිකට් තරගාවලියට ඇතුළත් නොකිරීමට තීරණය වීමත් සමග ඊයේ දිනය තුළ දෙවන වරටත් සංශෝධනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය තිලාන් සමරවීරට පැවරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.මේ තිලාන් ඒ සදහා නම් කරන ලද ප්‍රථම අවස්ථාව වන අතර අනාගතයට පලදායක විය නොහැකි වියපත් ක්‍රීඩකයෙකුට උප නායකත්වය පැවරීමෙන් තේරීම් කමිටුව කුමක් බලාපොරොත්තු වන්නේ දැයි සිතා ගැනීමට අපහසුය.
මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ගෙන් හිස් වන කණ්ඩායමේ ස්ථානය චාමර සිල්වා ට පැවරීමට තීරණය කර ඇත.චාමර වසර හතරකට පමණ පසුව කණ්ඩායමට ඇතුළත් වී ඇති අතර සුරාජ් රන්දිව්ට ද කණ්ඩායමේ ස්ථානයක් හිමි වී ඇත.ටෙස්ට් පන්දු යවන්නෙකු ලෙස යහපත් ප්‍රවේශයක් ලද ශමින්ද එරන්ද ආබාධයකට ලක් වීම නිසා කණ්ඩායමෙන් ඉවතට ගිය අතර නමුත් ආසියානු තරගාවලියේදී ඔහු නැවත කණ්ඩායමට කැද වූවේ ඇන්ජලෝ මැතිව්ස් ගේ ආබාධ තත්ත්වය හේතුවෙන්ය.
එහෙත් ඕස්ට්‍රේලියාවට එරෙහිව හොද දසකම් දැක් වූ ඔහු වෙනුවට ටෙස්ට් තරග වල දී චානක වෙළගෙදර ට සහය දැක්වීම සදහා කැදවා ඇති පන්දු යවන්නන් අතර ශමින්ද නැති අතර එහි ඇත්තේ ධම්මික ප්‍රසාද් සහ සුරංග ලක්මාල් ය.ලක්මාල් බංගලාදේහය අතර තරගයේදී තීරනාත්මක මොහොතේදී බංගලාදේශය දෙසට තරගය හරවා දීමට අවශ්‍යය පසුබිම සකස් වූ ක්‍රීඩකයා වුව ද ඔහු ට කලෙක සිට කණ්ඩායමේ ස්ථානයක් නිතැතින් වෙන්ව පැවතීම සුලභ කරුණක් වී ඇත.ඔහු හම්බන්තොට ප්‍රදේශයෙන් පැමිණි ක්‍රීඩකයෙකු බැවින් මෙසේ ස්ථානය හිමිවීම පිටුපස දේශපාලන ආශිර්වාදයක් ඇති බවට පැතිර යන රාවය දේශපාලන නායන නායකාදීන්ගේ කීර්ති නාමයට ද හානි පමුණුවන තත්ත්වයක් ඇති කර ඇත.

පෝලන්ත සූරතාවලියේදී නිලූක අවසන් අට දෙනාට අචිනි පළමු වටයෙන් සහ චන්ද්‍රිකා සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉවතට


පෝලන්තයේදී මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින පෝලන්ත විවෘත බැඩ්මින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිලූක කරුණාරත්න අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.කාන්තා අංශයෙන් තරග වදින ක්‍රීඩිකාවන් වන අචිනි රත්නසිරිට සහ චන්ද්‍රිකා ද සිල්වා ට නිලූක මෙන් සෘජ්ව තරගකාරී වටයට පිවීසීමට අවස්ථාව නොලැබුණ අතර එහිදී අචිනි සහභාගි වූ මූලික වටයේ තරග තුනම ජ‍යගෙන මූගික වටයට සුදුසුකම් ලැබූ අතර චන්ද්‍රිකා එක තරගයක් ජය ගෙන ඊ ළග තරගයේදී පරාජයට පත් වූ බැවින් මූලික වටයට සුදුසුකම් ලබා ගැනීම ඇයට අහිමි විය.
නිලූක මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ගේ වර්ගීකරණයට අනුව තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් අට වන තැන සිටින අතර මාසයක පමණ විවේකයකින් පසුව සහභාගි වූ පළමු තරගයේ ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ඔස්ට්‍රියාවේ ලුකා වරබර්ය.වර්බර් ප්‍රථම වටයේදී නිලූකට හොද තරගයක් ලබා දුන්න ද ලකුණු 21 /19 ක් වූ ප්‍රථම වටයෙන් පසුව දෙවන වටයේ දී නිලූක ලකුණු 14/9 ක් ව පවතිද්දී ලුකා සෞඛ්‍ය තත්ත්වය මත තරගයෙන් ඉවත් විය.අනතුරුව පැවති තරගය යළිත් නීලූකගේ දක්ෂතා රුසියාවේ ඉවාන් සොෂොනොව් විසින් පසු පසට අදින්නට උත්සාහ කළ ද එය ප්‍රථම වටයේ ජය 24/22 ක් ලෙස කළ අභියෝගයට සීමා වූ අතර දෙවන වටයව 21/14 ක් ලෙස ජය ගන්නට නිලූකට හැකි විය.
අර්ධ අවසන් වටයේදී නිලූක ගේ ප්‍රතිවාදියා වන්නේ මෙම තරගාවලිය ආශ්‍රිතව කරන ලද ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින ස්පාඤ්ඤයේ ෆැබ්ලෝ ඒබියන් ය.වර්ථමානයේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල අංක 20 ට සිටින ෆැබ්ලෝ කලෙකට පෙර නිලූකට පරාජය වී ඇති ක්‍රීඩකයෙකු බැවින් මෙම තරගයට හොද විහ්වාසයකින් මුහුණ දීමට නිලූක සූදානම් බව පෝලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.
කාන්තා සුදුසුකම් ලැබීමේ වටය නියෝජනය කළ චන්ද්‍රිකා ද සිල්වා එක් තරගයක් ජයගත් අතර දෙවන තරගයෙන් පරාජය වීම නිසා තරගකාරී ප්‍රථම වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූවා ය.එක් නිතරග ජයක් සමග සුදුසුකම් ලැබීමේ තරග තුනම ජයගත් අචිනි රත්නසිරි තරගකාරී ප්‍රථම වටයට සුදුසුකම් ලබා ගත්තද,එම වටයේ ප්‍රථම තරගයෙන්ම ඇය ඉන්දියාවේ අරුන්දතී පත්මවානි පරාජය අතින් පරාජය වූවා ය.

ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය අද චීනයේ ක්වින්ෂෙන්හී දී



සියාතික රට හරහා දිවීමේ 12 වැන්න අද චීනයේ ක්ව්න්ෂෙන්හී දී පැවත්වීමට නියමිතය.ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහ එක් ක්‍රීඩකයකු සහභාගි වීමට නියමිතය.කාන්තා තරග අංශයෙන් ලක්මිණි අනුරාදා බෝගහවත්ත,ඩබ්කේඑල්ඒ නිමාලි,ගීතානි රාජසේකර සහ ගයන්තිකා තුෂාරි සහභාගි වීමට නියමිතය.පිරිමි තරග අංශයෙන් ලයනල් සමරජීව සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකාව 2001 වසරේදී ආසියානු රට හරහා දිවීමේ කණ්ඩායම් සූරතාවය දිනා ගන්නට සමත් වී ඇති අතර තරග ඉතිහාසය තුළ දිනා ඇත්තේ එකම ලෝකඩ පදක්කමක් පමණි.

Mar 23, 2012

සැබෑ අවසන් තරගයකින් පසුව කුසලානය පකිස්තානයට


සියානු කුසලාන අවසන් තරගය අවසන් තරගයක පැවතිය යුතු සියලු ගුණාංග වලින් පුරවා ලූ පකිස්තාන් සහ බංගලාදේශ ක්‍රීඩකයෝ තරගයේ අවසාන පන්දුව තෙක්ම තීරණය පිළිබද අවිනිශ්චිත බව සුරැකි අතර අවසාන පන්දුවේදී අයිෂස් චීමාගේ නැණවත් පන්දු යැවීම පදනම් කර ගෙන ලකුණු 2 ක ජයක් සමග ආසියානු කුසලානය පකිස්තානය ට හිමි විය.
බංගල‍ාදේශය බලාපොරොත්තු වූ පරිදිම කාසියේ වාසිය දිනා ගත් අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දීම පකිස්තානයට පැවරිණි.බංගලදේශයේ තීරණය නිවැරදි බව පසක් කරමින් පන්දු ඕවර් 21.2 ක් වෙද්දී පකිස්තානයේ කඩුලු 4 ක්ම පකිස්තානයට අහිමි වී තිබිණි.අනතුරුව උමාර් අක්මාල් සහ හැමඩ් අසාම් සමග එක්ව පස්වන කඩුල්ලට ලකුණු 59 ක සබදතාවයක් ක්‍රියාත්මක කළේය.එහෙත් පකිස්තානයේ ලකුණු වේගය ඉහළට දැමීමේ ක්ෂණික මෙහෙයුම ක්‍රියාත්මක වන්නට ගත්තේ හත්වන කඩුල්ල වෙනුවෙන්ය.කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් සමග එක් වූ සහීඩ් අෆ්රිඩී පන්දු 22 කින් ලකුණු 32 ක් ලබා නොගන්නට පකිස්තානයට ලකුණු 200 වුව ද තිබුණේ බොහෝ ඈතට වන්නට‍ය.සෆ්රාස්,අෆ්රිඩී දැවී යාමෙන් ඉක්බිතිව වගකීම සියතට ලත් අතර ඔහුගේ මෙහෙයවීමෙන් පකිස්තානු ඉණිම කඩුලු 9 ට ලකුණු 236 දක්වා  විහිදිණ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු නොකළ දග පන්දු යැවීම ඉහළින් මතු වී පෙණුනු අතර අබ්දූල් රසාක් ලකුණු 26 ට කඩුලු 2 ක් සහ සකීබ් අල් හසන් ලකුණු 39 ට කඩුලු 2 ක් ලබා ගනිමින් කැපී පෙණින.
බංගලාදේශ ඉණිමට යහපත් ආරම්භයක්  ලැබිණ.එය ලකුණු 68 ක් වූ අතර එහිදී නසිමූදීන් දැවී යාමෙන් අනතුරුව ජහුරල් ඉස්ලාම් ලකුණු නොලබා දැවී යාමෙන් පසු තරගාවලිය පුරාම බංගලාදේශ ඉණිමට ශක්තිය සැපයූ තමීම් ඉක්බාල් ගේ පිත්තද ලකුණු 60 ක් ලබා සිටිය දී අක්‍රිය වීමත් සමග බංගලාදේශ ඉණිම කඩුලු 3 ට ලකුණු 81 ක් ලෙස දිස් වන්නට විය.ඒ ඇද වැටීමෙන් බංගලාදේශ ඉණිම ගොඩ ගන්නට දායකත්වය සැපයූ තරගාවලිවයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ජගත් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා වන සකීබ් අල් හසන් අගනා ලකුණු 68 ක් එක් කළේ සිව්වන කඩුල්ලට නසීර් හොසේන් (28) සමග ලකුණු 89 ක සබදතාවයක් පවත්වමින් ය.නමුත් එහිදී නසීර් ගේ දායකත්වය අතිශයින් මන්දගාමී වූ නිසා බංගලාදේශයට ළගා වන්නට තිබූ ලකුණු ප්‍රමාණය කරා යාමට විශාල ඕවරයකට රැස් කර ගත යුතු ලකුණු ප්‍රමාණය ඉහළ ගියේය.
නමුත් මස්රෆි මොර්ටාසා සහ මහමදුල්ලාහ් ගේ දායකත්වයෙන් යළිත් බංගලාදේශ ඉණිමට පණ ලැබුණු අතර තරගයේ අවසන් ඕවරයේදී පන්දු යැවූ අයිෂස් චීමා තරමට අබ්දූල් රසාක් නැණවත් නොවීම නිසා පන්දු දෙකට ලකුණු 4 ක් ජයග්‍රහණය සදහා අවශ්‍යයව තිබියදී ඔහු දැවී ගිය අතර ඒ නිසා එක පන්දුවකට ලකුණු 4 ක් වූ ඉලක්කයට පිවිසීමට පන්දුවට පහර දෙමින් සිටි විශ්වසනීය පිතිකරුවා වූ මහමදුල්ලාහ්ට ද අවස්ථාව අහිමි වී ගියේය.
බංගලාදේශය මෙන්ම පකිස්තානය ද බංගලාදේශ පිතිකරුවන් පාලනයට දග පන්දුවම යොදා ගත් අතර ඒ අතරින් පිත්තෙන් පකිස්තාන ඉණිම ඔසවා තැබීමේ කාර්යේදී පෙරමුණ ගත් අෆ්රිඩී පන්දු යැවීමේදී ද සිය පන්දු ඕවර් 10 ලකුණු 28 ට සීමා කළේ එක් කඩුල්ලක්ද ලබා ගනිමින් තරගයේ වීරය‍ා සම්මානයට ද සුදුසුකම් ලබමින්ය.අයිෂිස් චීමා මනා පාලනයකින් යුතුව පන්දු සංකලනයක් භාවිතයට ගත් අතර ඔහු තරගයේ තීරණාත්මක අවස්ථාවල දී තරගය පකිස්තානය දෙසට හැර වීමට මූලිකත්වය ගනිමින් ලකුණු 46 ට කඩුලු 3 ක් ලබා ගත් අකාරය කැපී පෙණින.
තරගයේ ලකුණු විස්තරය
http://www.espncricinfo.com/asia-cup-2012/engine/current/match/535800.html මෙම සබදතාවය තෙරපීමෙන් ලබා ගත හැකි අතර  තරගාවලියේ ක්‍රීඩක දක්ෂතා දත්ත පිළිබද විමසීමට http://www.espncricinfo.com/asia-cup-2012/engine/series/524504.html?view=records මෙම සබදතාවයද තරගාවලිය ආශ්‍රිත වාර්තා ගැන දැන ගැනීමට මෙම http://stats.espncricinfo.com/asia-cup-2012/engine/records/index.html?id=14;type=trophy සබදතාවය ද භාවිතයට ගැනීමට හැකිය

ශිරෝමාලි ආසියානු බොක්සිං අවසන් පූර්ව තරගයට


මොංගෝලියාවේ උටන්බාර් හී ක්‍රියාත්මක ආසියානු කාන්තා බොක්සිං සූරතාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් හය දෙනා අතරින් ශිරෝමාලී වීරරත්න පමණක් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට  ශිරෝමාලී වීරරත්න සමත් විය.කිග්‍රෑම් 69 බර පංතියෙන් තරග වැදුණු ඇය ඉදිරියේ ලකුණු 19 – 14 ක් ලෙස පරාජයට පත් වූයේ තායිලන්තයේ අනුසාරා දුෂන්තියා පරාජයට පත් කරමින්ය.
තරගාවලිය කිග්‍රෑම් 51 බර පංතියෙන් නියෝජනය කළ අනූෂා කොඩිතුවක්කු මූලික වටයේදී වියට්නාමයේ එන්ගුයින් තී තුවෙට් මායි අතින් පරාජයට පත් වූයේ ලකුණු 27 – 18 ක් ලෙස ය.කිග්‍රෑම් 60 බර පංතියෙන් තරග වැදි නිල්මිණි ජයසිංහ  මූලික වටයේදීම පරාජයට පත් වූ අතර ඒ මොංගෝලියාව නියෝජනය කළ ඔයෙන්ගුරල් සුවද් එරදිනී අතින් ලකුණු 23 – 8 ක් ලෙස ය.අර්ධ අවසන් පූරිව තරග සදහා පිවිසීමට භාග්‍යය ලත් කෝසලා නිල්මිණි,සිතාරා සදරේඛා,විදුශිකා ප්‍රභාධි සහ ශිරෝමාලි වීරරත්න අතරින් කිග්‍රෑ 48 නියෝජනය කළ කෝසලා පරාජයට පත් වූයේ මොංගෝලියාවේ බොලෝතර්ල් අතින් ය. එම තරගයේ ලකුණු සටහන 26 – 11 ක් විය.විදුශිකා ප්‍රබාධි කිග්‍රෑම් 54 බර පංතියේදී ඉන්දියාවේ සෝනියා ලතෙර් අතින් පරාජයට පත් වූ අතර එහි ලකුණු සටහන 24 – 5 ක් විය.
සිතාරි සදරේඛා සිය ප්‍රතිවාදිනියට යම් ප්‍රමාණයක සටනක් ලබා දීමට සමත් වුව ද.එය ජය ගැනීමට තරම් ප්‍රමාණවත් නොවිණි.ඇය කිග්‍රෑම් 57 බර පංතියේදී වියට්නාමයේ ලූතී හැනාහ් අතින් පරාජයට පත් වූයේ ලකුණු 15 – 9 ක් ලෙස ය.

දකුණු බටහිර ආසියාතික බේස්බෝල් සූරයන් වීමේ සටනට ශ්‍රී ලංකාව පිටත් වෙති


ද සිට මාර්තු 29 දක්වා පකිස්තානයේ ලාහෝර් නුවර දී පැවත්වෙන දකුණු බටහිර ආසියාතික බේස්බෝල් තරගාවලියට සහබාගි වන ශාලිත පෙරේරා ගේ නායකත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් සැදුම් ලත්  ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔවුන් ප්‍රථම තරගයට සහබාගි වන්නට නියමිතව ඇත්තේ 25 වන දෘ ඉරාන කණ්ඩායම සමගය.කණ්ඩායම සමග මෙම තරගාවලියට පුහුණුකරු ලෙස එක්වන  1977 ලෝක සූරතාවලිය ජයගත් කොරියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන්ම වර්ථමානයේ කොරියාවේ වෘත්තීය පුහුණුකරුවෙකු ද වන කිම් ජුන්ග් සූ කණ්ඩායම පිළිබදව දැඩි විශ්වාසයකින් පසුවන අතර විශේෂයෙන් දකුනු ආසියාතික කළාපයේ ප්‍රමුඛයන් වෙමින් පකිස්තානය පරාජය කිරීමට හැකිවෙනු ඇතැයි විශ්වාසය පළ කර සිටියේය.
කණ්ඩායමේ කළමණාකරු ලෙස රජිත් රත්නායක සහභාගි වන අතර සහය පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වන්නේ අමිල බන්දු පතිරාජ ය.පාසල් සංගමය නියෝජනය කරමින් තරගාවලියට සුජිත් කුමාර එක්වන අතර මෙම තරගාවලියේදී විනිසුරු‍වකු ලෙස ප්‍රියන්ත පීරිස් කටයුතු කිරීමට නියමිතය.
තරග කාල සටහන පහත දැක්වෙන්නේය

1.පකිස්තානය සහ ඉරානය                      23/3/ 2012
 2.පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය            24/3/ 2012
 3.ශ්‍රී ලංකාව සහ ඉරානය                            25/ 3/ 2012
 4.ශ්‍රී  ලංකාව සහ ඇෆ්ගනිස්තානය               26 /3/ 2012
5.ඇෆ්ගන්ස්තානය සහ ඉරානය                   27 /3 /2012
6.ශ්‍රී ලංකාව සහ පකිස්තානය                      28/ 3/2012

වෙළද සේවා ආධුනික තරගාවලියෙ තරගකාරී වටයට මූලික වටයෙන් අට දෙනෙක්


මේ දිනවල ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වෙළද සේවා ආධුනික බැඩිමින්ටන් තරගාවලියේ පළමු දිනය වූ මාර්තු 21 දා පැවති සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලින් ක්‍රීඩකයන් අට දෙනෙකු තරගකාරී වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.තරගිවලිය 21 දා ඇරඹී මාර්තු 25 වන දා නිමාවට පත් වීමට නියමිත අතර අද තරගාවලියේ තෙවන දිනය වේ.
සුදුසුකම් ලැබීමේ වටයෙන් තරගකාරී වටය සදහා සුදුසුකම් ලද්දේ පහත නම් සදහන් ක්‍රීඩකයන් අට දෙනාය.ජොයෙල් රත්නායක,ටීඑල් අලගියවන්න,කසුන් මධුරංග,සතීශපවක් පවන් ගෝබිනාත්,ගේන් ද සිල්වා,ඇලෙන්සෝ ඩෝල්,කිසෝර් පලනිප්පන් සහ ප්‍රභාත් ඉන්ද්‍රජිත්

උතුරු මැද සහ වයඹ පළාත් ක්‍රීඩා සමුළු 26 දා පැවත්වේ


ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩාව ජාතික තලයට ඔසවා තබමින් ජාත්‍යන්තරය ජයග්‍රහණ උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීමේ සත් අවුරුදු සැළස්මට අනුව යමින් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන පළාත් ක්‍රීඩා සමුළු යතේ ක්‍රියාත්මක වන උතුරු මැද සම වයඹ පළාත් ක්‍රීඩා සමුළු මෙම 26 දා පැවත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය අංශය මගින් වාර්තා කරනවා.ඒ අනුව මාර්තු 26 දා පෙරවරු 9.00 ට උතුරු පළාත් ක්‍රීඩා සමුළුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වෙන අතර පස්වරු 2.30 ට වයඹ පළාත් ක්‍රීඩා සමුළුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී ක්‍රීඩා දක්ෂතා හදුණාගැනීම සදහා වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවට සම්බන්ධ පිරිස් මෙන්ම මහජන සමබන්ධතා පවත්වාගෙන යන පිරිස් ද දායක කර ගන්නා අතර ඒ අනුව මෙම සමුළු වලදී පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ සිට ක්‍රීඩාවට සීජු දායකත්වයක් දක්වන පුහුණුකරුවන් මෙන්ම පාසල් ක්‍රීඩා කේෂ්තුයේ නිලධාරීන්ද ප්‍රාදේශිය ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ජාතික තරුණ සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

Mar 22, 2012

ශ්‍රී බංග්ලා පිටිය හිස් ගොඩක් වන ලකුණු


සියානු කුසලාන තරග ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහභාගි නොවන අවසාන තරගයක් ලෙස අද බංගලාදේශයේ මිර්පූර් හී ශ්‍රී බංගලා ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන පකිස්තානය සහ බංගලාදේශය අතර තරගයේ දී,ක්‍රීඩාංගණය එකම හිස් ගොඩක බවට පත්වනු ඇති බවට බංගලාදේශ ජනමාධ්‍යය විශ්වාසය පළකරයි.ඉතිහාසයේ ක්‍රිකට් තරගයක් නැරඹීම  සදහා සහභාගි වූ  වැඩිම ප්‍රේක්ෂක පිරිස මෙම තරගය නරරඹීමට සහභාගි වනු ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විටත් ලෝක සූරතා දෙකක් දිනූ ඉන්දියාව,සහ ලෝක සූරතාවයක් සහ අනු සූරතා දෙකක් දිනා ඇති ශ්‍රී ලංකාව පරාජය කර ඇති බංගල‍ාදේශය අද තරගයේදී පකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ ඒ ජයග්‍රහණයන්ගෙන් ඇති කර ගත් දැඩි විශ්වාසය සහිතවය.පළමු වටයේ දී පකිස්තානය ඉදිරියේ පරාජය වුව ද ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එරෙහිව දක්වා ඇති දක්ෂතා අනුව පකිස්තානය මේ තරගයට පිවිසෙන්නේ ද බංගලාදේශය පිළිබදව ඇති කර ගත් යම් තැති ගැන්මකින් විය යුතුය.
නායක මුෂ්ෆිකර් රහීම් බංගලාදේශ නායකත්වයට පත්වීම පිළිබදව විවිධ කතා පැතිරුණද ඔහු තරග පිටියේ නායකයෙකු ලෙස ඉක්මණින් පරිනත වී ඇති බව මෙම තරගාවලියේදී පැහැදිළි කර ඇති අතර හිටපු නායක සකීබ් අල් හසන් දැනට එක්දින පිටියේ ශ්‍රේණිගත කිරීම්වල හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සිටීමට තමාට ඇති සුදුසුකම මේවන විටත් පැහැදිළි කර ඇති අතර ලෝක සූරයන් සහ අනු සූරයන් පරාජය කළ තරග ද්විත්වයේම තරගයේ වීරයා වීමේ භාග්‍යය ලැබුවේ සකීබ්ය.
පුහුණුකරු වට්මෝර් ඊයේ පකිස්තාන් කණ්ඩායම සමග විශේෂ උනන්දුවකින් පුහුණු කටයුතු වල යෙදෙන අන්දම විදෙස් ජනමාධ්‍යයට විශේෂ ප්‍රවෘත්තියක් වී තිබූ අතර නිහඩ සහ දැඩි බවෙන් යුත් නිවැරදි සහ සෘජු තීරණ ගැනීමෙහිලා සමත් නායකයෙකු බව මේ වන විට පසක් කර ඇති පකිස්තාන් නායක මිස්බා උල් හක් ගේ නායකත්වය අද තරගයේදී බංගලාදේශ හීනයට එරෙහිව දැවැන්ත අභියෝගයක් වනු නිසැකය.විශේෂයෙන් මේ වන විට හඹා යාමේ කුසලතාවයෙන් යුතු කණ්ඩායමක් ලෙස මේ තරගාවලිය තුළ කැපී පෙනෙන බංගලාදේශය මේ තරගයේදී හඹායාම තෝරා ගැනීමේදී දෙවරක් සිතිය යුතුව ඇත.පළමු වැන්න පකිස්තාන් පිතිකරුවන් පළමුව පන්දුවට පහර දී දිගු ඉණිමක් ගොඩ නැගීමට සමත් වුවහොත් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ ඇත.එසේම ලකුණු හඹා යාමේදී එකිනෙකට වෙනස් පන්දු යැවීමක නිරත පකිස්තානු පන්දු බල ඇණිය උපක්‍රමශීලි ලෙස ප්‍රයෝජනයට ගන්නා නායක මිස්බා උල්හක් ගෙන් ලකුණු ලබා ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත.

ලාංකේය ක්‍රිඩාවට රුසියානු හොද හිත


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය පිණිස රුසියානු රජයේ සහය පළවන අවබෝදාත්මක ගිවිසුමකට අත්සන් තැබීමට රුසියානු තානාපති ව්ලැඩ්මිර් පී මිකායොලොව් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමග එකගතාවය පළ කර ඇත.තානාපතිවරයා පසුගියද ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කර ඇති අතර ලාංකේය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දැණුම වැඩි දියුණු කර නවීන ලෝකය සමග යාවත්කාලීන කිරීමට අවශ්‍යය අධයාපනික අවස්ථා රුසියානු රජයේ සහය ඇතිව ලබා දීමට ද එකග වී තිබේ.
රාජ්‍යතාන්ත්‍රිකව ශ්‍රී ලංකා රජයට හැකි සෑම විටෙකම සිය සහය පළ කරන බව එහිදි තානාපති වරයා ක්‍රීඩා අමාත්‍යවරයාට දැණුම් දී ඇති අතර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සහ ඉදිරි ජාත්‍යන්තර ඉසව් ඉලක්ක කර ක්‍රීඩා සදහා ඉහළ ජාත්‍යන්තර පුහුණු දැණුම ආයෝජනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගෙන ඇති තීරණයට අනුව ටෙනිස් සහ ස්කොච් ක්‍රීඩා සදහා රුසියානු පුහුණුකරුවන් ලබා දීමට සහ බීච් වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය සදහා රුසියානු රජයේ උපකාරය ඇතිව ස්වෙච්චා පුහුණුකරුවන් ලබා දීමටද එහිදී තානාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා හා එකග වී ඇත.

බස්නාහිර පළාත් කාල්ටන් මරතන් ජය තෙන්නකොන්ට සහ මංජුලා ට


මෙවර ජාතික ක්‍රීඩා උළෙල ආහ්‍රිතව පවත්වනු ලබන අන්තර් පළාත් මැරතන් තරගාවලියේ බස්නාහිර පළාත් මැරතන් තරගය ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් කාල්ටන් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ අතර එහි පිරිමි අංශයේ ජය ටී ගුණසේකර විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ ජය ඉකුත් වසරේ ජාතික ක්‍රීඩා තරගාවලියේ දී ජාතික ක්‍රීඩා උළෙලක හොදම මැරතන් නිමා කිරීමේ කාලය වාර්තා කරමින් ජය ගත් මංජුලා කුමාරසිංහ විසින් දිනා ගත්තාය.
කාන්තා අංශයේ දෙවන ස්ථානය එම්එස්පීඑම් පෙරේරා විසින් ද තෙවන ස්ථානය ඩීපීඑම්එච් මධුශිකා විසින් ද දිනා ගත්තාය.පිරිමි අංහයේ දෙවන ස්ථානය මහේෂ් ගුණතිලකට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ඒඑල්පීකේ පිගේරාට ය.මෙම පළාත් තරග වල විශේෂත්වය වන්නේ,කාල්ටන් අනුග්‍රහය සමග ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමි වීමය.දෙවන ස්ථානයට රුපියල් 50,000 ක් ද තෙවන ස්ථානය සදහා රුපියල් 25,000 ක් ද පිරිනමන අතර දහවන ස්ථානය දක්වාම මුදල් ත්‍යාග පිරිනැමේ.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් මංජුලා කුමාරසිංහ ට තරගයේ ජය සංඛේත ප්‍රදානයට එක් වූ පන්ඩු බණ්ඩාරනායක අමාත්‍යවරයා ජය සංඛේත ප්‍රදානය කළ අයුරුයි.

මලල ක්‍රීඩාවේ ජෙනරාල් යුගයට තිත?


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී නැවතත් සභාපති ධූරය සදහා තරග වැදීමට අවසර ඉල්ලා ඇති ජාපරාල් පාලිත ප්‍රනාන්දුට ඒ සදහා අවසර නොලැබෙනු ඇතැයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.ජෙනරාල් පාලිත ප්‍රනාන්දු,ලේකම් මෙන්ම සභාපති ලෙස ද එක දිගට මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව ගෙවෙන හත්වන වසර මෙය වන අතර නැවත පරිපාලනයට ඉදිරිපත් වීම සදහා ඔහු අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ අවසරය ලබා ගත යුතු වුව ද,එම කමිටුව ජෙනරාල්වරයාගේ සේවය පිළිබදව තෘප්තියට පත් වී නැති බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
මේ පිළිබදව අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමක දී කිසිදු පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුගෙන් තමාට බලපෑමක් එල්ල වී නැති බවත් යමෙක් විසින් යහපත් දෙයක් සහ නැවත පත් වීමට තරම් සුදුසු සේවයක් කර ඇත්නම් එම කමිටුව ඔහුව අනිවාර්යයෙන් නිර්දේශ කරනු ඇති බවත් ප්‍රකාශ කළේය.එහෙත් යමෙක් සෑහීමකට පත් විය නොහැකි අන්දමෙන් ක්‍රියා කර ඇත්නම් තමා ඔහුව නිර්දේශ කිරීමට කමිටුවට බලපෑම් නොකරන අයුරෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමාටද කිසිවෙකු බලපෑම් නොකරන බවත් අවධාරණය කළේය.
කෙසේ වුව ද ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පිළිබද තීරණය පත් කර ඇති කමිටුව විසින් ඔහු කර ඇති සේවය පිළිබදව සළකා බලා ගනු ඇති බවත් පුද්ගලයාගේ තරාතිරම අනුව නොව,ඔහු කර ඇති සේවයේ ප්‍රමාණය සළකා බලා එම කමිටුව තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.ජෙනරාල්වරයා පත් වීම හෝ පත් නොවීම නොව මලල ක්‍රීඩා සම්මේලනයට සම්බන්ධ සංගම් සහ ක්‍රීඩා සමාජ වෙත අතුරු කමිටුවකින් තොරව සිය කැමැත්ත පරිදි නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට ඉඩ ලබාදීම තම අපේක්ෂාව බවත් පැවසූ අමාත්‍යවරයා ඒ නිසා නිලවරණය සදහා නාමයෝජනා බාර ගන්නා දිනය කල් දැමීමට තීරණය කර ඇති බවත් පැවසීය.  

Mar 21, 2012

ලෝක සූරයන් සහ අනු සූරයන් පැරද වූ බංගලාදේශය අවසාන තරගයට


ලෝක කුසලාන අනු සූරයන් මෙන්ම කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අනු සූරතාවය ද දිනූ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජය කළ බංගලාදේශය හෙට පැවත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේදී පකිස්තානයට එරෙහිව තරග වැදීමේ සුදුස්සන් වීමට සමත් විය.මීට ප්‍රථම තරගයේදී ලෝක ක්‍රිකට් සූරයන් වන ඉන්දියාව පරාජය කරමින් පෙරට පැමිණි බංගලාදේශය අවසාන තරගයට පිවිසීම සහතික කර ගනිමින් අනු සූරයන් වූ ශ්‍රී ලංකාව පරාජය කිරීම කැපී පෙණින.ආසියානු කුසලාන තරග ඉතිහාසයේ අවසාන තරගයකට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව වෙනුවෙන් මග සකස් කළ හිටපු බංගලාදේශ නායකයා මෙන්ම මේ වන විට ජගත් එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයා ද වන සකීබ් අල් හසන් මෙම තරගාවලියේ දෙවන වරටත් තරගයේ වීරය සම්මානයට හිමිකම් කියමින් ශ්‍රී ලංකාවට එරෙහිව තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය.
කාසියේ වාසිය ලැබූ බංගලාදේශ නායක මුස්ෆිකර් රහීම් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර එහි ප්‍රතිපලයේ නිවැරදි බව සහතික කළ නස්මුල් හොසේන් ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම පිතිකරුවන් තිදෙනා වන ටීඑම් ඩිල්ෂාන්,කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යන තිදෙනාම ලකුණු පූවරුව 32 ක් වෙද්දී කඩුල්ලෙන් ඉවත් කිරීමට සමත් විය.නමුත් එතැන පටන් වාසනාවට මෙන් කණ්ඩායමට පැමිණි චාමර කපුගෙදර (62) සහ ලහිරු තිරිමාන්න (48) සිව්වන කඩුල්ලට ලකුණු 88 ක් එක් කළ අතර අනතුරුව කපුගෙදර උපුල් තරංග (48) සමග එක්ව ලකුණු 49 ක් පස්වන කඩුල්ලට එක් කළේය. තරගයේ අවසාන භාගයේ යළි කඩා වැටෙන්නට වූ ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් ලද අවස්ථාවෙන් ඉහළම දස්කම් දැක් වුව ද තවමත් කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් පිරි නොනමන සචිත්‍ර සේනානායක නොදැවී ලකුණු 19 ක් එක් කළේය.
ලකුණු 232 ට සීමා වූ ශ්‍රී ලංකා ඉණිම අවසානයේ වට වර්ෂාව හේතුවෙන් බංගලාදේශයට පන්දු ඕවර් 50 දී ලබා ගත යුතු ලකුණු 233 පන්දු ඕවර් 40 දී 212 ක් වන තරමට පහසු වූ අතර ආසියානු තණතිල්ලේ දග පන්දුවට ඇති වාසිය නොසළකා මෙම තරගයේදීත් වේග පන්දුව පිළිබදව වැඩි විශ්වාසය තබා කටයුතු කිරීමට යාමේ ප්‍රතිපලයක් ලෙස ලකුණු 212 ට එරෙහි ආක්‍රමණය පහසු එකක් නොවුණේය.යළිත් වරක් සාර්ථක වූ තවමත් ක්‍රිකට් තේරීමේ විශ්වාසයට නතු නොවූ සචිත්‍ර පන්දුවෙන්ද දස්කම් දක්වමින් සිය පන්දු ඕවර් 8 ලකුණු 38 ට නිමා කළේ බංගලාදේශ ඉණිමේ ශක්තිය බවට පත් වූ තමීම් ඉක්බාල් (59) සහ සකිබ්අල් හසන් (56) යන දෙදෙනාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට දායක වෙමින් ය.
තරගයේ ආරම්භය හොදින් පාලනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 40 ට කඩුලු 3 ක් ලෙස බංගලාදේශ ලකුණු පූවරුව ගෙන ආව ද සකීබ් අල් හසන් ගේ සහ තමීම් ඉක්බාල් ගේ ප්‍රහාරය නවතා දමන්නට තරම් හැකියාවක් ප්‍රදර්ශනය නොකළේය.විශේෂයෙන්ම සුරංග ලක්මාල් සහ ෆර්විස් මහරූෆ් ලකුණු 212 ක් රැක ගැනීමට සුදුසු අයුරෙන් පන්දු නොයවන තත්ත්වය තුළ වුව මහේල, කොමන්වෙල්ත් තරගාවලියේද අවසාන මොහොත තෙක්ම යොදා නොගෙන සිටි ටීඑම් ඩිල්ෂාන් අතට පන්දුව දීමට තරම් උනන්දුවක් නොදැක්වීම කැපී පෙණින.විටෙක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඩිල්ෂාන් ට ඇති ඉඩ හසර වසා දමමින් ඔහුට කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඇති ස්ථාවරය බිද දැමීමේ උවමනාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සැක සිතෙන තරමට ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව සගවා තැබීමේ ප්‍රතිවිපාකය කණ්ඩායමට විදින්නට වීම කණගාටුදායක තත්ත්වයකි.
පහත දැක්වෙන්නේ තරගයෙ සමස්ථ ලකුණු සටහනට පිවිසීමට ඇති සබදතාවය ය. http://www.espncricinfo.com/asia-cup-2012/engine/current/match/535799.html

Mar 20, 2012

බංගලාදේශය අවසාන තරගයට පිවීසීමටත් ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමටත් අද සටනට බසිති



සියානු කුසලාන තරගාවලියේ අවසාන තරගයේ දී පකිස්තානයට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීමට නම් අද ශ්‍රී ලංකාවට එරෙහිව පැවත්වෙන තරගයේ දී ප්‍රසාද ලකුණක් සමග ජයග්‍රහණය කිරීමේ උවමනාව සහිතව පිටියට එන බංගලාදේශය සමග මෙම තරගාවලියේ මේ දක්වා කිසිදු ජයක් වාර්තා නොකළ ශ්‍රී ලංකාව සිය ආත්ම ගෞරවය රැක ගැනීමේ උවමනාවෙන් තරග පිටියට පිවිසෙති.ඉන්දියාවට එරෙහිව දැවැන්ත ලකුණු ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීම මෙන්ම පකිස්තානයට එරෙහිව තියුණු තරගයක් ලබා දීම යන කාරණා ගත් විට අද ශ්‍රී ලංකාවට හමුවන බංගලාදේශ කණ්ඩායම වෙනදා හමුවන අන්දමේ නොමේරු කණ්ඩායමක් නොවන බව පැහැදිළිය.
ශ්‍රී ලංකාව පකිස්තානය සමග පැවති තරගයේදී පිතිකරුවන් ලෙස  අසාර්ථක වන අයුරු දක්නට ලැබුණ ද පසුගිය කාල වකවානුව පුරාම අසාර්ථක වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ පන්දු යවන්නන් අසාර්ථක වීමය.විදේශ ජනමාධ්‍යවේදීන් සහ ක්‍රිකට් විචාරකයන්ගේ නොමද අවධානය සහ ආශිර්වාදය දිනූ ලසිත් මාලිංග සිය පන්දු යැවීමේ ඉරියව්ව සහ කායික ස්වරූපය මත ආකර්ශණීය චරිතයක් බවට පත් වුව ද මේ වන විට ඊට සාපේක්ෂව සිය දක්ෂතා නඩත්තු කිරීමේ අපහසුතාවයකින් සහ නව්‍යතාවයකින් කටයුතු කිරීමේ අපහසුතාවයකින් පෙළෙන බව පැහැදිළි කරමින් සිටීම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් විට ප්‍රබල පසුබැස්මක් වී තිබෙන බව පැහැදිළිය.
එසේම වරින් වර හැකියාව තිබුණ ද අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන් පිළිබද වන කතා ගොන්නට එකතුවන අලුත්ම චරිතය බවට සචිත්‍ර සේනානායක පත්ව ඇත.අවස්ථාව ලද හැම විටම එම තරගය වෙනුවෙන් යමක් කර තිබෙන සචිත්‍ර,තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට අවශ්‍යය ක්‍රීඩකයෙකු ලෙස පැහැදිළි කර ඇතත් තවමත් ඔහු පිළිබදව සිතා බලන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීත්වයෙ අවධානය යොමු වී නැත.
බංගලාදේශ 20/20 ක්‍රිකට් තරගාවලිය නිමා වූ සැනින් එම තණතීරු වලම ක්‍රියාත්මක වන ආසියානු කුසලාන තරගාවලියේදී 20/20 තරගවලදී පිතිකරුවක් ලෙස ප්‍රහාරාත්මකව කටයුතු කළ බංගලාදේශ පිතිකරුවන් මෙම තරගාවලිය තුළදී ද එම හැකියාව නඩත්තු කරමින් සිටීම දැක ගැනීමට හැකිය.වේගවත් පිතිකරණ රටාවට මෙන්ම උපක්‍රමශීලී පන්දු යැවීමේ ගුණාංගද එම තරගාවලිය තුළ දී වර්ධනය කරගෙන සිටින බංගලාදේශය සීඝ්‍ර වර්ධනයක් සහිතව මෙම තරගාවලියට මුහුණ දෙන අතර ඕස්ට්‍රේලියානු වේග තණතීරුවල ලොවේම අවධානය දිනා ගනිමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිටින්නේ අනපේක්ෂිත කඩා වැටීමකට ලකුව යන කාරණා සැළකිල්ලට ගනිද්දී අද තරගය විවෘත තරගයක් වනු නිසැකය.පන්දුව සහ පිත්ත අතර දැඩි සටනක් අපේක්ෂා කළ හැකි තරගයක් බවට පත් විය හැකි මෙම තරගයේදී වැඩිම දෙපිළටම ජයග්‍රහණය යන්න අත්‍යවශ්‍යය කාරණයක් වී තිබීම එම තරගකාරීත්වය තව දුරටත් ඉහළ නංවන්නට හේතු වන බව සිතිය හැකිය.

කරාටේ,ජූඩෝ සහ බේස්බෝල් ක්‍රීඩා සදහා ජපන් පුහුණුව


ලාංකේය ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා අන්තර් ජාතික  වශයෙන් පිළිගත් දැණුමක් ඇති පුහුණුවක් ලබා දීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය ගත්තා උත්සාහයේ එක් ප්‍රතිපලයක් හැටියට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජපන් තානාපති මොබිහිටෝ හොබෝ අතර පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස මෙරට ක්‍රියාත්මක කරාටේ,ජූඩෝ සහ බේස්බෝල් ක්‍රීඩා සදහා ජපන් පුහුණුකරුවන් ලබා දීමට ජපානයේ කැමැත්ත පළ වී ඇත.එසේම  JICA ආධාර යටතේ ක්‍රීඩා සංවර්ධනය සදහා දායකත්වය දැක්වීම කෙරෙහි මෙන්ම ක්‍රීඩා අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකරුවන්ට නිලධාරීන්ට පුහුණු අවස්ථා සහ උසස් ඩිප්ලෝමා දැණුමක් ලබා ගැනීමේ ඇති ඉඩකඩ පිලීබදවද මෙහිදී අවධානයට ලක්ව ඇත.
එසේම ඉදිරියේදී ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම කෙරෙහිද අවධානය යොමු වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගුණාත්මක තත්ත්වය සැළකිල්ලට ගෙන ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව  දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කිරීමටද මෙහිදී ජපාන තානාපතිවරයා ක්‍රියා කර ඇත.ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් විජයානන්ද අලුත්ගමගේ, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන අයද එක්ව සිටියහ.

srilankasports.com අවුරුදු 15 න් පහළ අත්පන්දු තරගාවලියට කණ්ඩායම් විසි අටක්


  
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලිය සම්බන්යෙන් පාසල් අත්පන්දු සම්මේලනය සහ srilankasports.com අතර ඇතිකර   ගත් ගිවිසුම හුවමාරු කර ගත් අයුරුයි.ඡායාරූපයේ වමේ සිට පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප්‍රදීප්,එම සංගමයේ සභාපති කොළඹ ඩීඑස් සේනානයක විද්‍යාලයේ විදුහල්පති ඩීඑම්ඩී දිසානායක සහ srilankasports.com හී සංස්කාරක හිෂාන් වැල්මිල්ල


ලාංකේය ක්‍රීඩා කේෂ්ත්‍රයට ක්‍රීඩාවේ ප්‍රගමනයට සහ ජනප්‍රියතවය වර්ධනයට අවශ්‍යය වන ආකාරයෙන් ක්‍රීඩා ඉසව් කිහිපයක් හදුන්වා දුන් srilankasports.com පාසල් අත්පන්දු සම්මේලනය සමග එක්ව එළැඹෙන 24 සහ 25 යන දෙදින තුළ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වනු ලබන අවුරුදු 15 න් පහළ අත්පන්දු තරගාවලියට බාලක කණ්ඩායම් 16 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සශභාගීවීමට නියමිතව ඇත.අවුරුදු 15 න් පහළ වයස් ඛාණ්ඩයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළමු ගෘහස්ථ අත්පන්දු තරගාවලිය වන මෙම තරගාවලියට  කණ්ඩායම් තෝරා ගැනීම සිදු කර ඇත්තේ පාසල් අත්පන්දු සම්මේලනයේ නිර්දේශයන්ට අනුව එම සංගමය විසින් පවත්වන්නට යෙදුණ ජාතික තරගාවලියේ දක්ෂතා පදනම් කර ගෙනය.
  තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන තරග කුසලාන සහ සහතික පත් ප්‍රදානයන්ට අමතරව තරගාවලියට සහබාගිවන සෑම ක්‍රීඩකයෙකුටම පාසල් අත්පන්දු සම්මේලනයේ නිර්දේශයන් සහිතව සහභාගිත්ව සහතිකයක් පිරිනැමීමට srilankasports.com වේබ් අඩවිය විසින් කටයුතු සම්පාදනය කර තිබීම විශේෂත්වයකි.


Mar 19, 2012

ශ්‍රී: ලංකාවට අවසාන තරගය ගැන තිබූ අවසන් බලාපොරොත්තුවත් කෝලි විසින් අහවර කරයි

සියානු කුසලානය පිළිබදව ශ්‍රී ලංකාවට තිබූ අවසාන බලාපොරොත්තුවත් අහිමි කළ විරාට් කෝලී පකිස්තානය ඉන්දීයාවට එරෙහිව ලබා ගත් ලකුණු 329 ක ලකුණු ප්‍රමාණය පහසුවෙන් අභිබවා යා හැකි තත්ත්වයක් උදා කරමින් අගනා ලකුණු 189 ක් රැස් කළේය. පන්දු 148 දී හතරේ පහර 22 ක් සහ හයේ පහර එකක් සමග ගලා ආ මෙම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට කෝලිට හැකි වූයේ ඉන්දියාව කිසිදු ලකුණක් නොලබා  එක් කඩුල්ලක් දැවී සිටියදී පිටියට පැමිණීමෙන් පසුව වීම වඩාත් කැපී පෙණින.
සචින් තෙන්දුල්කාර් (52) සමග ලකුණු 133 ක සබදතාවයක් දෙවන කඩුල්ල වෙනුවෙන් පැවත් වූ කෝලි තෙවන කඩුල්ලට රෝහිත් ෂර්මා (68) සමග ලකුණු 172 ක සබදතාවයක් පවත්වන්නට සමත් විය.ලකුණු 00 ක් ව තිබියදී ක්‍රීඩා පිටියට පිවිසි කෝලි ලකුණු 318 ක් ව තිබියදී ක්‍රීඩා පිටියෙන් ඉවත් වන විට තවත් පන්දු 18 ක් තුළ ඉන්දියාවේ ඉලක්කය ලකුණු 12 ක් දක්වා  කෙටි වී තිබිණ.තවත් පන්දු 4 දී සුරේෂ් රයිනා සහ නායක මහේන්ද්‍ර සිං දෝනි එම ඉලක්කයට ඉන්දියාව කැදවා ගෙන ගියේ තඩුලු 6 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සටහන් කරමින් ය.
කාසියේ වාසිය ලැබූ පකිස්තාන් නායක මිස්බා උල්හක් පළමුව පන්දුවට පහර දීට ගත් තීරණයට සාධාරණය ඉටු කළ පකිස්තාන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මොහොමඩ් හෆීස් (105) සහ නසීර් ජම්ෂේඩ් (112) ප්‍රථම කඩුල්ල සදහා ලකුණු 224 ක් එක් කළේ පන්දු ඕවර් 35.5 ක් තුළය.නමුත් පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව පකිස්තානයට හනි හනික කඩුලු අහිමි වී යාමට පටන් ලත් අතර ඒ හදිසි ඇද වැටීම හමුවේ නොසැලී සිටිමින් යුනිස් ඛාන් රැස් කළ ලකුණු 52 නිසා පකිස්තාන් ලකුණු පූවරුව 339 දක්වා ඉහළ ගිය අතර  උමාර් අක්මාල් 28 සමග යුනිස් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සබදතාවයක් පැවත්වීය.
හෙට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන තරගය ජය ගත්තද ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට අවස්ථාවක් නැති අතර නමුත් බංගලාදේශය ජය ගතහොත් ජයග්‍රහණයේ ස්වභාවය අනුව අවසාන තරගයේ ප්‍රතිවාදියා වීමට බංගලාදේශයට අවස්ථාවක් ඇත.දැනටමත් ශ්‍රී ලංකාව සමග පැවති තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගත් පකිස්තානය අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රී ලංකාව සමග තරගය බංගලාදේශය ජය ගතහොත් පකිස්තානයේ ප්‍රතිවාදියා තෝරා ගනු ලබන්නේ ඉන්දියාව සහ බංගලාදේශය රදවාගෙන ඇති ලකුණු වේගය මතය.යම් අකාරයකින් බංගලාදේශය ශ්‍රී ලංකාවට එරෙහි තරගය ප්‍රසාද ලකුණක් ද සමග ජය ගතහොත් බාධාවකින් තොරව පකිස්තානය සමග තරගයට පිවිසීමට බංගලාදේශයට අවස්ථාව උදා වනවා ඇත.
පහත දැක්වෙන්නේ දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වාර්තා වූ ඉන්දීය - පකිස්තාන තරගයේ ලකුණු පූවරුවට සම්බන්ධ වීමට ඇති සබදතාවය ය.



‘සියනෑ තරු’ – ‘විජය’ සූරයෝ සහ සූරියෝ සමීර ට සහ දිනේෂා ට දක්ෂතම ක්‍රීඩක කිරුළු

සියනෑතරු

යලොග් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මුල් වට වල සිට පැවති තරගකාරීත්වය සගවා ගත් අවසාන තරග දෙකකින් පසු ගම්පහ සියනෑතරු පිරිමි සූරතාවයත් කොස්වාඩිය විජය කාන්තා සූරතාවවයත් දිනා ගනිමින් තරගාවලිය නිමාවට පත්විය.පිරිමි අවසාන තරගයේදී දෙබෑගම රන්තරු ක්‍රීඩා සමජයටත් කාන්තා අවසාන තරගයේදී රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයටත් සිය ප්‍රතිවාදීන්ට බලාපොරොත්තු වූ තර්ජනය එල්ල කිරීමට ඉඩ නොලැබුණු අතර අවසාන තරග දෙකම නිමාවට පත් වූයේ තරග වට 3- 0 ක් ලෙසය.
විජය
 
තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග පැවති රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී ලැබුණු උනුසුම් ප්‍රේක්ෂක සහභාගීත්වය අවසාන තරග පැවති නිට්ටඹුවේදී තව දුරටත් ඉහළ ගොස් තිබුණු බව ප්‍රකාශ කළ වොලිබෝල් සම්මේලන ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම තරගාවලිය ජනාධිපති රන් කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වය ලද තරගාවලිය ලෙස ඉතිහාසයට එක්වන බවය.දැවැන්ත ප්‍රේක්ෂක ආශිර්වාදයක් ලද අවසාන තරග යුගලයේ දී දක්වන ලද දක්ෂතා සැළකිල්ලට ගෙන දක්සථම ක්‍රීඩකයා ලෙස සමීර දිසානායකත් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වර්ථමාන ශ්‍රී ලංකා නායිකා දිනේෂා ප්‍රසාදිනීත් සම්මාන ලැබූහ.සමීර සියනෑතරු ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර දිනේෂා කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවකි.

Mar 18, 2012

අද ඉන්දියාවට එරෙහිව සටනට බසින පකිස්තානයට ලාංකේය සිහිනයේ බරත්



 ක්‍රියාත්මක ආසියානු කුසලාන තරගාවලියේ මේ දක්වා සිය අපරාජිත බව රැකගෙන සිටින පකිස්තානය අද     ඉන්දියාවට එරෙහිව තරගයේදීත සිය අපරාජිත බව රැක ගැනීම ශ්‍රී ලංකාවට තව දුරටත් තරගාවලිය පිළිබද බලාපොරොත්තු ඇති කර වන්නට හේතුවක් වනු ඇත.ඉන්දියාව බංගලාදේශයට පරාජය වීමත් මේ වන විට ජයග්‍රහණ අතින් ඉන්දියාව සහ බංගලාදේශය සම තත්ත්වයට පත් ව සිටින අතර තවමත් ජයග්‍රහණයක් නොලද එකම කණ්ඩායම ශ්‍රී ලංකාව බවට පත් වී ඇත.
මේ තත්ත්වය මත අද තරගයෙන් පසුව ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා බංගලාදේශ තරගය පමණක් වන අතර එම තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක් සමග ජය ගැනීම මෙන්ම අද ඉන්දියාව පරාජය වීම යන කාරණා පදනම් කර ගෙන බංගලාදේශය සහ ඉන්දියාව සමග තරගාවලියේ ජයග්‍රහණ  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ද සමතැන් ගැනීමට ලැබෙනු ඇත.එහිදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක් සමග ජය ගෙන තිබීම අවසාන තරගයේදී ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හේතු වන අතර එසේ වුවහොත් ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දී පකිස්තානයේ ප්‍රතිවාදියා වීමට ශ්‍රී  ලංකාවට අවස්ථාව ලැබෙනු ඇත. 

හෙට සටනට උපාලි සහ ගාමිණි සූදානම්


හෙට මීගමුවේදී දෙවන මීගමු ජාත්‍යන්තර රෝද පුටු විවෘත පාපැදි තරගාවලිය ඇරඹෙන අතර ඒ සදහා ඉදිරිපත් වන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල  75 වන ස්ථානයේ සිටින උපාලි රාජකරුණා මෙන්ම 95 වන ස්ථානයේ සිටින ගාමිණි වික්‍රමසිංහ ද හොද සූදානමින් සිටින බව ශ්‍රි ලංකා ටෙනිස් ආරංචි මාර්ග පැහැදිළි කරයි.මෙම තරගාවලියට ලොව 28 සහ 42 වන ස්ථාන වල සිටින චිලී ක්‍රීඩකයා සහ 42 වන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකා ක්‍රීඩකයා සහභාගි වුව ද ජගත් වැලිකල යටතේ මනා කැපවීමකින් පුහුණුවීම් කර සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක දෙපළ සිය මව්බිමේදී පහසුවෙන් පරාජය භාර නොගනු ඇතැයිද ශ්‍රී ලංකා ටෙනිස් ආරංචි මාර්ග පැහැදිළි කරයි.
ඇමෙරිකානු ඩොලර් 2000 ක මුදල් ත්‍යාගයක් වෙනුවෙන් ක්‍රියාත්මක තරගාවලිය හෙට ඇරඹි 21 වන දින අවසන් වීමට නියමිතය.

තෙවන .දිනයේ යුධ හමුදා ආක්‍රමණය ගුවන් හමුදාවට එරෙහි වීමට ප්‍රමාණවත් නොවේ.ජයග්‍රාහකයා ජීවන් ජයසිංහ


ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවන දිනයේ දඹුල්ලේ සිට කෙළෙඹ දක්වා වූ තෙවන අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුධ හමුදා පාපැදි කණ්ඩායමේ ලක්ෂ්මන් විජේරත්න හිමි කර ගත් අතර දෙවන ස්ථානය වර්ථමානය වන විට යුධ හමදා බී කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ අති විශිෂ්ඨ පාපැදි සූරයෙකු වන මීමනගේ පෙරේරාටත් තෙවන සථානය යුධ හමුදාවේම සමීර චතුරංගට ත් හිමි විය.
නමුත් තරගාවලියේ ප්‍රථම අදියර වූ කොළම සිට පුත්තලම දක්වා වූ කොටස සහ දෙවන අදියර වූ පුත්තලම සිට දඹුල්ල දක්වා වූ කොටස ජය ගත් ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ තරගාවලියේ සමස්ත ජයග්‍රාහකයා වීමට සමත් වූ අතර දෙවන ස්ථානය ගුවන් හමුදාවේම බුද්ධික වර්ණකුලසූරියට හිමි විය.තෙවන ස්ථානය යුධ හමුදාවේ ලක්ෂ්මන් විජේරත්නට හිමි වූ අතර තරගාවලියේ සමස්ත ස්ප්‍රින්ට් ජයග්‍රහණයේදී ජීවන් ජයසිංහ ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර තරගාවලියේ ජයග්‍රාහී පාපැදි කණ්ඩායම වන්නට ද ග්‍රවන් හමුදා පාපැදි කණ්ඩායමට හැකි විය.
තරගාවලියේ සමස්ත ජයග්‍රහණ සටහනේ ප්‍රථම 10 දෙනා අතරට ඒමට ශ්‍රි ලංකාවේ සිටිය ප්‍රබලතම පාපැදි ක්‍රීඩකයෙකු වූ ඒ එම් සුමනවීරගේ පුත්‍රයා වූ ජානක සුමනවීර සමත් වූ අතර ජානක ජාතික මට්ටමේ මෙවැනි තරගාවලියක දී එවන් ස්ථානයකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය හැටියට දැක්විය හැකිය.