Aug 18, 2012

නැගෙනහිරට සහ වයඹට ජය

Chathuraga Kumara finished with three wickets
චතුරංග කුමාර
ස්එල්පීඑල් තරගාවලිය යටතේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි පැවති ඌව සහ වයඹ අතර තරගයෙන් වයඹ කණ්ඩායමත්,නැගෙනහිර සහ බස්නාහිර අතර පැවති තරගයෙන් නැගෙනහිර කණ්ඩායමත් ජය ලැබීය.වයඹ කණ්ඩායමට එරෙහිව ඌව කණ්ඩායමේ නායක තිළිණ කණ්ඩම්බි කාසියේ වාසිය ලබමින් පන්දු රැකීමට තීරණය කළ අතර එම තීරණයට සාධාරණය ඉටු කළ ඌව පන්දු යවන්නෝ ප්‍රබල පිතිකරු නාමාවලියක් සහිත වයඹ කණ්ඩායම ලකුණු 147 ට සීමා කර දුන්හ.
පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ජේකබ් ඕරම් ලකුණු 6 ට කඩුලු 3ක් ලබා ගනිමින් වයඹ ඉණිමේ ශක්තිය මොට කර දුන් අතර ඊට අමතරව උමාර් ගුල් සහ දිල්හාර ප්‍රනාන්දුට කඩුලු 2 බැගින් හිමි විය.වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය වයඹ කණ්ඩායම වෙනුවෙන් කම්රාන් අක්මාල් ගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහු ලකුණු 36 ක් ලැබීය.
ඌව පිතිකරුවන්ගේ කාර්යය නොනවත්වා පෙරට රැගෙන යන්නට ඌව පිතිකරුවෝ අසමත් වූහ.ඒ සදහා ඔවුන්ගේ කළබලය නිසා වූ දුවද්දී දැවී යාම් දෙකක්ද,වයඹ කණ්ඩායමේ තරුණ පන්දු යවන්නන්ගේ හැකියාව ද බල පෑ අතර එහ අවසාන ප්‍රතිපලය ලෙස ඌව ඉණිමට වයඹ ඉණිමට වඩා ලකුණු 20 ක් මෙපිටින් තිරිංග වැටිණි.විශේෂයෙන් කොළඹ ශාන්ත ජෝෂප් කණ්ඩායමෙන් පැමිණි 20 හැවිරිදි චතුරංග කුමාර මෙන්ම පානදුර මහානාම විද්‍යාලයෙන් පැමිණි තවමත් අවුරුදු 19 නොඉක්ම වූ අකිල ධනංජයගේ දකුණත් පිට දග පන්දුවද ඌවට එරෙහිව වූ  විශාලතම හිසරදය විය.
ජේකබ් ඕරම් සහ ඩිල්ෂාන් මුණවීර පන්දු 19 බැගින් මුහුණ ද ලකුණු 26 බැගින් රැස් කළ ද චතුරංග කුමාර ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගනිමින් සහ විශිෂ්ඨ පන්දු රැකීමක නියැලෙමින් පෑ දස්කම් නිසා ද,ධනංජය ලකුණු 20 ට කඩුලු 2 ක් දවා ගනිමන් පෑ දස්කම් නිසාද තරගයේ ජයග්‍රහණය වයධ කණ්ඩායමට හිමි විය.
දෙවන තරගයේදී බස්නාහිර සහ නැගෙනහිර කණ්ඩායම් මුණ ගැසුණු අතර එහිදී කාසියේ වාසිය ලද නැගෙනහිර කණ්ඩායම පළමුව පන්දු රැකිමට තීරණය කළ අතර සුපුරුදු පරිදි මේ තරගයේද මුල් භාගය සම්පූර්නයෙන් බස්නාහිර නායක ටීඑම් ඩිල්ෂාන් පිට පැටවුණු බවක් දකින්නට විය.පෙර පෙළ පිතිකරුවන්ගෙන් ලකුණු ලැබීම වේගවත්ව සිදු නොවන තත්ත්වය තුළ ඩිල්ෂාන් මත ගොඩ නැගෙන පීඩනය ද ඉහළ යන අතර එහිදී ඩිල්ෂාන් ගේ ඉණිම කළබලකාරි පහරකින් ලකුණු 35 ක් ලබා සිටියදි නිමාවන්නේය.එය බස්නාහිර පිලේ වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර දිමුත් කරුනාරත්න (25) සහ කැමරන් බෝගස් (32) ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කළ ද නැගෙනහිර පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නෝ ද ඊට ප්‍රමාණවත් ඉඩක් ලබා නොදුන්හ.ප්‍රතිපලය ලෙස සමින්ද එරන්ද නමට ලකුණු 20 ට කඩුලු 3 ක් හිමිවන අතර ඒ කඩුලු තුන තරම්ම ප්‍රමාණවත් අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින් සමින්ද ටීඑම් ඩිල්ෂාන් දවා ගැනීමට ද හවුල් වන්නේය.
පිළිතුරු ඉණිමට මුහුණ දුන් නැගෙනහිර කණ්ඩායමේ පළමු අංක හතරම විදෙස් පිතිකරුවන්ගෙන් සන්නද්ධ වුව ද ඊට එරෙහිව ක්‍රියාත්මක වන බස්නාහිර කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ ඉම්රාන් නසීර් ගේ පුහාරය විශ්‍රාම ගන්වන්නට ද,අහමද් ෂෙශාද් (18) සහ ට්‍රෙවිස් බර්ට් (1) ඉක්මණින් දවා ගන්නට ද සමත් වූ නමුත් බංගලාදේශ කණ්ඩායමේ නායක මුස්පිකර් රහිම් අගනා ලකුණු 54 ක් නොදැවී ලබමින් නැගෙනහිර කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් විය.රහීම් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් (30) තෙවන කඩුල්ලට ලකුණු 57 ක සබදතාවයක් ද රහීම් සහ ඇන්ජලෝ පෙරේරා (15) පස්වන කඩුල්ලට නොදැවුණු ලකුණු 43 ක් ද එක් කරමින් කඩුලු 6 ක ජයක් නැගෙනහිර කණ්ඩායමට ලබා දීමට පියවර ගන්නේය.
වයඹට ජය කැදවීම සදහා පන්දු යැවීමෙන් මෙන්ම රැකීමෙන්ද දස්කම් දැක් වූ චතුරංග කුමාර ට තරගයේ වීරයා සම්මානය හිමි වූ අයුරින්ම නැගෙනහිර - බස්නාහිර තරගයේදී ද පන්දු රැකීම සහ පන්දු යැවීම සළකා තරගයේ වීරයා සම්මානය සමින්ද එරංග ට හිමි විය.
වයඹ සහ ඌව අතර තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571360.html  සබදතාවයෙන්ද නැගෙනහිර සහ බස්නාහිර අතර තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571360.html සබදතාවයෙන්ද පිවිසිය හැකිය.
www.supirikrida.com

Aug 17, 2012

ලාංකේය ක්‍රිකට් අනාගතයට අසුභ ලකුණක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සම්බන්ධ අසුභ ලකුණක් මතු කරමින් ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට වීසි වී තිබෙනවා.අවසාන කණ්ඩායම් අතරට පැමිණීමට අපොහොසත් වූ එකම ආසියාතික ටෙස්ට් ජාතිය බවට පත් වී සිටින ශ්‍රී ලංකාව තමන් සහභාගි වූ ඩී කොටසේ දී දකුණු අප්‍රිකාවට සහ බංගලාදේශයට පරාජය වීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙනවා.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක පවතින් රටක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකාව අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියන් හී කැපී පෙනෙන දස්කම් දැක් වූ රටක් හැටියට ඉතිහාසයේ සදහන් වුව ද මේ ආකාරයෙන් තරගාවලියේ ප්‍රථම වටයෙන්ම ඉවතට වීසි වී යාමෙන් ඒ කීර්ති නාමය හානියට ලක් වී තිබෙනවා.
තරගාවලියේ ලකුණු සටහන සහ ඒ සම්භන්ධ සවිස්තරාත්මක තොරතුරු සදහා පිවිසෙන්නට ක්‍රිකට් සම්බන්ධ නිල වෙබ් අඩවියේ ඒ සම්බන්ධ තොරතුරු සදහා මෙම සබදතාවය තෙරපීමෙන් පිවිසීමට අවස්ථාව සළසා තිබෙනවා.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/series/526969.html?view=pointstable
www.supirikrida.com

Aug 16, 2012

NORLANKA ක්‍රිකට් තරග 18 දා සරා පිටියේදී

ජාත්‍යන්තර වශයෙන් විසීරි පවතින,රටවල් 25 ක ට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක  ඇගළුම් විලාසිතා කර්මාන්තයට  සම්බන්ධිත මිළදී ගැනිමේ සහ විකිණීමේ ජාලයක ශ්‍රී ලංකා නියෝජිතත්වය දරණ,'සිමාසහිත නොර්ලංකා මනුෆැක්චරින්ග්' තම ආයතනයට සම්බන්ධ 255 ක් පමණ වු සේවක පිරිස වෙනුවෙන් දෙවන වරටත් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය මෙම 18 වන සෙනසුරාදා කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තහාලා 60 ක් සමග පමණ සිය ව්‍යාපාරික ජාලය ක්‍රියාත්මක කරන නොර්ලංකා ආයතනය ඉකුත් වසරේ  පළමු වරට සංවිධානය කරන ලද නොර්ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එවර කණ්ඩායම් 10 ක් ඉදිරිපත් වුව ද මෙවර කණ්ඩායම් 18 ක් ඉදිරිපත් වීමට නියමිතය
www.supirikrida.com

තේරීම් කමිටුවේ තීරණයට ඇමති අනුමැතිය හිමි වේ





ණ්ඩායම තේරීමේ දී තේරීම් කමිටුවේ තීරණයට එරෙහිව නැගි යම් අර්බුදකාරී තත්ත්වයන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මැදිහත්ව විසදීමෙන් අනතුරුව තේරිම් කමිටුවේ තීරණට අනුව තෝරා ගන්නා ලද ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වි ඇත.මේ සම්බන්ධයෙන් අර්බූදයේ මුල් අවස්ථාවේම  ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සුපිරි ක්‍රීඩා කරුණු විමසීමක් කරන ලද අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තේරිම් කමිටුවේ ස්වාධිනත්වයට හානි කර තීරණයක් තමන් නොගන්නා බවය.ඒ අනුව මත දෙකක සිටි දෙපාර්ශවයේ තීරණයන් පිළිබද ප්‍රායෝගික සත්‍යය කවරේද යන්න විමසා බැලීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තේරීම් කමිටුව සමග ක්‍රීඩා සැසියකට සහභාගි වූ අතර එහිදී අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තේරීම් කමිටුවේ තීරණය අනුමත කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් තෝරා ඉදිරිපත් කරන ලද කණ්ඩායමට අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත.
"තේරීම් කමිටුව තේරු කණ්ඩායම හොදයි,දැන් තියෙන්නේ එම කණ්ඩායම තරගයේදි භාවිතා කරන්නේ කොහොමද කියන එකයි.හයසින්ත් වගේම ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකාරියද අත්දැකීම් ඇති අය.ඒ අය ඒ දේ කරයි.අමාත්‍යවරයා මේ තරගාවලිය වෙනුවෙන් සෑහෙන පහසුකම් ලබා දුන්නා.අපි ඒ වෙනුවෙන් යහපත් ප්‍රතිපලයක් ලබා දෙන්න මේ කණ්ඩායමට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා"යනුවෙන් පවසන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉදිරි දිනවලදී ද අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය පුහුණු සැසි පවා අධික්ෂණයට ලක් කරමින් කණ්ඩායම සමග රැදී සිට ඔවුන් දිරිමත් කිරිමට අවශ්‍යය පියවර ගන්නා බව පැවසීය.
මෙවර කණ්ඩායමේ සම නායිකාවන් ලෙස තර්ජණි සිවලිංගම් සහ ගයත්‍රි ලංකාතිලක කටයුතු කරන අතර කණ්ඩායමේ සිටින පළපුරුදු ක්‍රීඩිකාවන් අතර ශෂිකා සමරසිංහ සහ ධම්මිකා මල්කාන්ති 2001 ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඇතුළත් ව සිටි ක්‍රීඩිකාවන්ය.මරිෂා ප්‍රනාන්දු ද අත්දැකිම් ඇති ක්‍රීඩිකාවක් වන අතර සේමිණි අල්විස්,චතුරංගී ජයසූරිය,විශාකා ජයසූරිය,තිසාලා අල්ගම,ගයනි දිසානායක,සමන්ති නිලූෂිකා,දීපිකා අබේකෝන් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.
කණ්ඩායමේ පුහුණුකාරීත්වය හයසින්ත් විජේසිංහට හිමි වී ඇති අතර පුහුණු උපදේශිකාව ලෙස ෂු ගාඩියන්  කටයුතු කරන්නීය.කණ්ඩායම් කළමණාකාරිය ලෙස දිනලි පිටිගලආරච්චි කටයුතු කරන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ලාල් ඒකනායක ය.
www.supirikrida.com

අමිල සහ උපුල් පරාජයේ අගෞරවය හීන කරති

Pulina Tharanga plays a shot on the off side
පුලින තරංග
ස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතරක පරාජයක් ලැබූ අතර එම පරාජයේ ප්‍රමාණය අවම කරමින් අසාර්ථක වූ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් වෙමින් අමිල අපොන්සු (11) සහ පුලින තරංග (නොදැවී 50) අවසාන කඩුල්ලට එක් කළ ලකුණු 52 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූවරුව ලකුණු 150 දක්වා රැගෙන යන්නට සමත් විය.
කාසියේ වාසිය ලැබූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමට ගත් තීරණය නිවැරදි බව ඔප්පු කළ බ්‍රිස්බේන් තණතීරුව ශ්‍රී ලංකාවේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වන්නට දුන්නේ නැත.තණතිරුවේ ස්වභාවයෙන් අපරිමය නෙලාගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසෙන්නට ඉඩ ලබා දුන්නේ පස් දෙනෙකුට පමණි.පුලින් සහ අමිල හරුණු විට නිරෝෂන් දික්වැල්ල(12),ඇන්ජලෝ ජයසිංහ (10) සහ ලහිරු මධුෂංක (19) පමණක් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසි අතර සෙසු පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ප්‍රමානය වාර්තා ක‍ළේ නායක සනිත ද මෙල් (06) වන අතර වෙනත් කිසිදු පිතිකරුවෙක් ලකුණු 05 ක් හෝ රැස් කිරීමට අපොහොසත් වූහ.
දකුණු අප්‍රිකානු ආරම්භක පන්දු යවන්නා වූ ක්‍රොන් ඩ්‍රේ එම අසාර්ථක වීමට මග පාදමින් පන්දු ඕවර් 8 ක් තුළ ලකුණු 16 කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් ඉතා පහසුවෙන් සිය ඉලක්කය කරා යමින් සිටියදී ක්‍රියාත්මක වූ කඩුලු 2 ට ලකුණු 101 ක් ව පැවති දකුණු අප්‍රිකානු ලකුණු පූවරුවේ කඩුලු දැවී යාම ඉක්මන් කරමින් ලකුණු ගලා ඒම අවම කිරීමට සමත් විය.ඔහු සිය පන්දු ඕවර් 10 ලකුණු 28 ට කඩුලු 3 ක් ලෙස නිමා කරමින් දකුණු අප්‍රිකාවට විශාල තර්ජනයක් එල්ල කළ ද ශ්‍රී ලංකාවට රැක ගැනීම තරම් ලකුණු ප්‍රමාණයක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත්ව තිබීම නිසා පන්දු ඕවර් 33 දී කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබා ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබිණි.
ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554533.html
www.supirikrida.com

ගෑණු හඩින් කතා කරන පිරිමියෙක් ගෑණු වැසිකිලියේ

ලිම්පික් තරගාවලියේ පිහිණුම් තරග පුහුණුව සදහා වෙන් කර තිබූ තටාගයක කාන්තා වැසිකිලියක සිටි පිරිමියෙකු ලන්ඩන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.තමන් පිරිමියෙකු ලෙස හදුනා ගැනීම වැළක්වීමට කාන්තා හඩින් කතා කිරීමට උත්සාහ ගනිමින් සිටි මෙම පිරිමියා පිළිබදව ක්‍රීඩිකාවන් තිදෙනෙකුම හදුනාගෙන පැමිනිලි කිරීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
කාන්තා වැසිකිලියේ සිටියදී අත් අඩංගුවට ගත් ඔහුට පොලිසිය ලිංගික අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කළ බවට චෝදනා ගොනු කරමින් නීතිය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා.
www.supirikrida.com

Aug 15, 2012

රුහුණ ජය මගට

Lasith Malinga appeals for an lbw
ස්එල්පීඑල් 20 - 20 තරගාවලිය යටතේ රුහුණ සහ උතුර කණ්ඩායම් අතර පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35 ක ජයක් ලබා ගන්නට රුහුණ කණ්ඩායම සමත් විය.පන්දු ඕවර් 16 ක් තුළ ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය උතුර කණ්ඩායම ලකුණු 95 ට සීමා කරන්නට පෙරමුණ ගත් රුහුණ නායක ලසිත් මාලිංග ලකුණු 21 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායම නතු කිරීමට පෙරමුණ ගනිමින් තරගයේ වීරයා බවට පත් විය.
පළමුව පන්දුවට පහර දුන් රුහුණ කණ්ඩායම වෙනුවෙන් ඉණිම ඇරඹූ ගිහාන් රූපසිංහ තමන් වෙත ක්‍රිකට් බලධාරින්ගේ  අවධානය යොමු කරවන සුළු ඉණිමක නියැලෙමින් පන්දු 35 දී ලකුණු 50 ක් ලබා ගත්තේ මුත්තයියා මුරලිදරන් වැනි සුපිරි ක්‍රීඩකයන්ද දැඩි ප්‍රහාරයකට ලක් කරමින්ය.ඔහු සමග ඉණිම ඇරඹු ආරොන් ෆින්ච් ලකුණු 65 ක් ලැබූ අතර ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබදතාවයට වාරු වී වර්ෂාව නිසා තරගය නතර කරන විට පන්දු ඕවර් 16 දී ලකුණු 145 ක් දක්වා යන්නට රුහුණ කණ්ඩායමට හැකිවිය.
පිළිතුරු බැදීමට පිටියට බට උතුර කණ්ඩායමට මාලිංග මුලදීම හරස් වීම නිසා තරගය පිළිබද බලාපොරොත්තු කෙමෙන් ගිලිහෙන්නට වුව ද නායක ජෙහාන් මුබාරක් (28) සහ ෆර්විස් මහරූ‍ෆ් (32)යම් සටනක් ලබා දීමට මැද පෙළින් පැමිණ උත්සාහ දැරුවද ඒ වන විට උතුර කණ්ඩායමට හිස එසවීමට නොහැකි තරමට පීඩනය ගොඩනැගී තිබූ බැවින් එම උත්සාහයන් අතර මගදී ව්‍යර්ථව ගියේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571358.html
www.supirikrida.com

පැරා ඔලිම්පික් නියෝජනයට ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් හයක්

මෙවර ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියට මලල ක්‍රීඩිකාවක් සහ මලල ක්‍රීඩකයන් සිව් දෙනෙකුද,රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සභභාගි වීමට නියමිතය.මෙම සියළු දෙනාම පාහේ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා ඇති අය වීම විශේෂත්වයක් ගන්නා අතර ඒ නිසා මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල බලාපොරොත්තු පල දරන උළෙලක් වනු ඇතැයි පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු පළ කරයි.
ටී 46 කාණ්ඩයෙන් මීටර් 200 සහ 400 ඉසව් නියෝජනය කරන ප්‍රදීප් සංජය ලොව නව වන තැන පසුවන අතර එෆ් 44 කාණ්ඩයෙන් උස පැනීම තරගයට සහභාගි වන ලාල් පට්ටිවෙල සිටින්නේ ලොව සිව්වන තැනය.මීටර් 200 සහ දුර පැනීම යන ඉසව් සදහා ටී 44 කාණ්ඩයෙන් තරග   වදින
ධුමීර මධුරංගට එහිදී ලොව 19 වන තැන හිමි වී ඇත.
ඒ‍ෆ් 42 කාණ්ඩයේ උස පැනීමෙන් ලොව පස්වන තැන සිටින ලෙස්ලි කුමාර මෙන්ම වරක් සිය ඛාණ්ඩයේ ලෝක වාර්තාවට ද හිමිකම් කී මීටර් 100 ඉසව්වෙන් 11 වන තැන ද,මීටර් 200 ඉසව්වෙන් 10 වන තැන ද සිටින අමරා ඉන්දුමතී ද මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
රෝද පුටු ටෙනිස් තරග සදහා ඉදිරිපත් වන උපාලි රාජකරුණා මෙන්ම ගාමිණි දිසානායක ද ජගත් මට්ටමේ ඕනෑම ක්‍රීඩකයෙකුට අභියෝගයක් විය හැකි මට්ටමේ පසු වෙයි.මෑත ඉතිහාසය ගත්විට ඔවුන් දෙදෙනා සිටින තත්ත්වය ලෝක මට්ටමේ ඕනෑම ක්‍රීඩකයෙකුගේ හද ගැස්ම වෙනස් කළ හැකි තත්ත්වයක් බැවින් මෙවර පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වන සියළුම ක්‍රීඩක ක්‍රීඩාකාවෝ ජගත් මට්ටමෙන් ඉදිරියෙන් සිටින අය වීම බලාපොරොත්තු ඇති කරන්නකි.
www.supirikrida.com

අතුරුදහන් ලේඛණයට පුහුණුකරුවෙකුත්

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට පැමිණ යුරෝපයේ රැකියා වෙළද පොළ සොයා පලා ගිය අය අතරට අයිවරි කෝස්ට් නියෝජනය කරමින් පැවති මල්ලවපොර පුහුණුකරුවෙක්ද සිටින වග වාර්තා වෙයි.අයිවරි කෝස්ට් ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානියෙක් පැහැදිළි කරන්නේ සිය පිහිණුම් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ මල්ලවපොර පුහුණුකරු අතුරුදහන් වි ඇති බවය.
ගිනියා රාජ්‍යය නියෝජනය කරමින් පැමිනි ක්‍රීඩා කණ්ඩායමෙන් අතුරුදහන් වී ඇත්තේ පිහිණුම් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ ජූඩෝ ක්‍රීඩකයෙකි.කැමරූන් සහ මෙම රටවල් දෙකට අමතරව කොංගෝ රාජ්‍යයෙන් පැමිණි ක්‍රීඩකයෙකුද එක් වී සිටින බව වාර්තා වෙනවා.
මේ වන විට බ්‍රිතාන්‍ය පොලීසිය අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින අතර එළැ‍ඹෙන නොවැම්බර් මාසයේදී මොවුන් වෙනුවෙන් නිකුත් කර ඇති වීසා අවලංගු වන බැවින් ඉන් අනතුරුව මොවුන් අත් අඩංගුවට ගැනීම පහසුවනු ඇතැයි ද සදහන් වෙනවා.
www'supirikrida.com

Aug 14, 2012

තිසර සැරසූ පිටිය නසීර් වනසයි

Thisara Perera slogs on his way to a 33-ball 72ස්පීඑස්එල් තරගාවලිය යටතේ කදුරට සහ නැගෙනහිර කණ්ඩායම් අතර පැවති 20 - 20 තරගයේදී ආර් ප්‍රේමදාස පිටිය වර්ණවත් කළ තිසර පෙරේරා පන්දු 33 දී ලකුණු 72 ක් ලබා ගනිමින් දැක් වූ දක්ෂතාවය සදහා කදුරට සෙසු පිතිතරුවන්ගෙන් සැළකිය යුතු සහයක් නොලැබීම සහ නැගෙනහිර කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉම්රාන් නසීර් පන්දු 32 කින් ලකුණු 58 ක් ලබා ගැනීමත් නිසා නැගෙනහිර කණ්ායම කඩුලු 7 ක ජයක් ලැබුවේය.
පළමුව පන්දුවට පහරදුන් කදුරට කණ්ඩායම සිය පන්දු වාර 20 ලකුණු 159 ට නිමා කළ අතර ඊට තිසරගේ ඉණිම හැරුනු විට යම් තරමක් හෝ දායකත්වයක් දැක් වූවේ ලකුණු 24 බැගින් ලැබූ කිත්රුවන් විතානගේ සහ මිස්බා උල්-හක් ය.
අජන්ත මෙණ්ඩිස්,සහ සචිත් පතිරණ ලකුණු 30 බැගින් ලබා දෙමින් කඩුලු දෙක බැගින් දවා ලූ අතර බෙන් ලාගින් ලකුනු 29 ට කඩුලු 2 ක් දවා ගත්තේය.පිලීතුරු ඉණිමට පිවිසි නැගනහිර කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 85 ක් දක්වා ගෙන යාමට අහමද් ෂෙසාද්(34) හොද සහයක් ලබා දුන් අතර ඔවුන්ගේ ප්‍රවේගකාරීත්වය පදනම් කරගෙන සිය ඉණිම ගොඩ නැගූ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 42 ක් ලැබීය.
හොද පන්දු යැවීමක නියැලි කෞෂාල් ලොකුඅරච්චි ලකුණු 23 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571357.html
www.supirikrida.com

බැඩ්මින්ටන් පරිපාලනය නොදැන ගොස් අතරමං වීම

නමාධය මගින් ඔලිම්පික් තරගාවලිය සදහා නිලුක කරුනාරත්න වෙනුවෙන් පුහුනුකරුවෙක් නොයැවීම සම්බන්ධයෙන් කල විවේචන පිළිබදව සාකච්ඡා කිරිමට බැඩ්මින්ටන් පරිපාලනය විසින් කැදවන්නට යෙදුණු මාධ්‍ය හමුවක් බැඩ්මින්ටන් සම්මේලන මූලස්ථානයේදී ඊයේ  පැවති අතර එහිදි දැන ගන්නට ලැබුණේ බැඩ්මින්ටන් පරිපාලනයේ නොදැනුවත්කම හේතුවෙන් එම වරද සිදු වූ බවය.එහිදී නිලූක ගේ පුහුණුකරුවා ලෙස ඔහුගේ කොරියානු පුහුණුකරු කිම් යන්ග් සහභාගි වනු ඇතැයි සිතූ බව පැවසූ බැඩ්මින්ටන් සභාපති පරාක්‍රම බස්නායකයන් නමුත් ඔහු පෝලන්ත ජාතික පුහුණුකරු ‍බැවින් එම අවස්ථාව නොලැබුණු බවත් පෙන්වා දුන්නේය.
වෙනත් රටක ජාතික පුහුණුකරුවෙක්ට එසේ කටයුතු කළ නොහැකි බව සභාපතිවරයා නොදැන සිටීම නිසා වෙනත් පුහුණුකරුවෙක් යැවිම පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුවට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමක් නොකළ බව සභාපතිවරයා පිළිගත් අතර තමාට ඔලිම්පික් ගමණ යාම සදහා ජාතික ඔලිම්පික් කමිටුව සියළු වියදම් දැරූ බව පැවසීය.
තිලිනි ජයසිංහ ශ්‍රී ලංකාවේ අංක 11 ක්‍රීඩිකාව ලෙස සිට ඔලිම්පික් වරම් ලබා ගත්තේ ඇයට ජාත්‍යන්තර තරග සදහා සහභාගි වීමට බැඩ්මින්ටන් සංගමය කරන ලද විශේෂ අනුග්‍රහය යන්න සභාපතිවරයා ප්‍රතික්ෂේප කළ අතර ඒ සදහා එම ක්‍රීඩිකාවන් ආසියාවේ ප්‍රබල ක්‍රීඩිකාවන් සහභාගි නොවන අප්‍රිකාව වැනි රටවල පැවත්වෙන  තරග සදහා ගොස් ඔලිම්පික් පරිසාධන මට්ටම දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ බව පැහැදිළි කළ අතර ඉදිරියේදී එවැනි තත්ත්වයන් වැළක්විමට පියවර ගන්නා බව පෙන්වා දුන්නේය.එසේම තිලිණි ජයසිංහ මින් පසු කේවල තරග වලින් ඉවත්වන බව ඔලිම්පික් තරගාවලිය නිමාවේ පැවසූ බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
නිලූක කරුණාරත්නට කෝට් ගණනක මුදලක් ලබා දීම පිලිබදව අමාත්‍යංශය කරන නිවේදනය පිලිබදව සභාපතිවරයා කිසිවක් නොදන්නා බව පැවසූ අතර ඇතැම් විට ඔහුට අමාත්‍යංශය වෙනම එම මුදල් ලබා දී තිබෙනවාද යන්න පිළිබදව තමන් නොදන්නා බව ද සදහන් කළේය.නමුත් ක්‍රීඩකයෙකුට ආධාර කිරීම එම ක්‍රීඩකයාගේ පරිපාලනය නොදැනුවත්ව සිදු නොවන බව සත්‍යයකි.මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය නිලූකට වියදම් කළ මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය නිකුත් කළ අමාත්‍යංශ මාධ්‍ය ලේකම් හර්ශ බී අබේකෝන් පැවසුවේ එම මුදල් පිළිබදව අදාළ මාධ්‍ය නිවේදනයට ඇතුළත් කළේ බැඩ්මින්ටන් පරිපාලනය විසින් ලබා දුන් දත්තවලට අනුව බව ය.
පසුගිය කාලයේ කණිෂ්ඨ ක්‍රීඩකයන් ගේ සංචාරය පිළිබදව ජනමාධ්‍ය විසින් විමසා සිටි අවස්ථාවේ සභාපතිවරයා පැවසුවේ ඊට පිළිතුරු බැදීමට වෙනම මාධ්‍ය හමුවක් පවත්වන බවය.සිදුවීමෙන් සිදුවීමට මාධයහමු පැවත්වීම වෙනුවට ඊ ළගට කැදවන මාධ්‍ය හමුවට සම්මේලනය ගිණුම් අනුමත කර නොගැනීම,ලැබුණු පිහාටු මල් විකිණීම සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ දැනුවත් කර ඒ පිළිබදව ක්‍රීඩා සමාජ මිළදී ගැනීමකට සූදානම් වන විට එම පිහාටුමල් තොගය එක් ආයතනයකට විකුණා දැමීම ඇතුළු බැඩ්මින්ටන් සංගමයට එල්ල වී තිබෙන සියළු චෝදනා පිළිබදව සාකච්ඡාවට ගැනීමට සූදානම් වන ලෙස අවධාරණය කර සිටිමු.
www.supirikrida.com

තේරීම් කමිටුවේ තේරීමම අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තෝරයි

දැල් පන්දු තේරීම් කමිටුව විසින් තෝරා දෙන ලද කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවක් ඇතුලත් කිරීම සදහා කණ්ඩායම් පුහුණුකාරිය කරන ලද අරගලය ඊයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ මැදිහත් වීමෙන් අවසාන වූ බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වෙයි.තේරීම් කමිටුව සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉදිරියේ ඊයේ ක්‍රීඩිකාවන් නැවත ක්‍රීඩා කර ඇති අතර එහිදි තේරීම් කමිටුව කරන ලද තේරීම නිවැරදි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් පිළිගෙන ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සනාත කරයි.
ක්‍රීඩිකාවන් එසේ තරග වැදීමේදී තෝරාගෙන සිටින ක්‍රීඩිකාවන් ගේ දස්කම් මතු නොවන ආකාරයට ඔවුන් වෙත පන්දුව නොලැබෙන සේ කටයුතු කිරීමට ඇතැම් ක්‍රීඩිකාවන් උත්සාහ කිරීම පිළිබදව කළකිරීමට පත් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ක්‍රීඩිකාවන් අමතා සිය පුහුණුකාරියට අවනත වීම හෝ ඒ අනුව ක්‍රියා කිරිම දැල් පන්දු පිටියට පමණක් සිමා කරන ලෙස ක්‍රීඩිකාවන්ට උපදෙස් ලබා දී ඇති අතර අනෙකුත් කාරණා වලදී දැල් පන්දු පරිපාලනය මෙන්ම අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව ද අවශ්‍යය පහසුකම් ලබා දෙනු ඇතැයි පෙන්වා දී ඇත.
අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සුපිරික්‍රීඩා අමතමින් ප්‍රකාශ කළේ තේරීම් කමිටුව තෝරා ඇති කණ්ඩායම හොද එකක් බවත් ඒ සදහා පුහුණුකාරිය සිය දක්ෂතාවය උපරිමයට ලබා දෙමින් එළැඹෙන ආසියාතික තුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව ජයග්‍රහණය සදහා මෙහෙයවනු ඇති බවත්ය.

දැල්පන්දු සහ සුපිරික්‍රීඩා
මීට පෙරද ජාතික දැල් පන්දු පුහුණුකාරිය ලෙස රටට ජයග්‍රහණ ගෙනවිත් ඇති 'හයසින්ත්' පුහුණුකාරියක ලෙස සෑම විටම ක්‍රීඩිකාවන්ගේ පාර්ශවයේ සිට ඔවුන්ගේ පහසුකම් වෙනුවෙන් අරගල කළ තැනැත්තියක් ලෙස අපේ මාධ්‍ය භාවිතය තුළ කොන්දේසි විරහිතව ඇගයීමට ලක් වූ සහ ඇයගේ පෙනි සිටීම් වෙනුවෙන් පෙනී සිටි අය වුව ද ඇය බලාපොරොත්තුවන්නේ ඇය කරන කුමන දෙයක් වුව ඇගයීමක් සහිතව පිළිගත යුතුය යන්න වීම නිසා මේ වන විට අප වෙබ් අඩවිය සම්බන්ධයෙන් දැඩි විරෝධයක නිරත වි සිටින්නීය.නමුත් ඇ‍යගේ හෘද සාක්ෂිය අතීතයේ සිට නැවත නැවතත් ඇය වෙනුවෙන් කොන්්දේසි විරහිතව පෙනී සිටි අපේ මාධ්‍ය භාවිතාවේ හැරුම් ලක්ෂය කවරේද යන්න විමසා බලන්නට වෙහෙසන බව අපි දනිමු.ඇතැම් විට ඒ හැරුම් ලක්ෂයේදී අපි ඇය දෙස විවේචනාත්මකව බැලීම තේරුම් නොගන්නේ ඒ ඇය ඇයට නැඹුරුව සිතීම නිසා මිස අපේ වරදක් නොවන බව අපි විශ්වාස කරන්නෙමු.අද ද හයසින්ත් කියන චරිතය මේ විරෝධ පෞද්ගලික ආරෝවක් ලෙස සළකා අප දෙස බලන්නට උත්සාහ කළ ද,එම චරිත ස්වභාවය අනුව ඇය හොද මිතුරියක් හිත උණුවන ගැහැණියක් ලෙස දර්ශී බව අප අදද පිළිගන්නෙමු.නමුත් මේ සියල්ල හයසින්ත් කියන චරිතය හා බැදුණු පුහුණුකාර භූමිකාවට බැදුණු විවේචනය .
එසේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඉවත්ව සිටියදි එම පිරිස පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කරමින් මාධ්‍ය ලේකම් හර්ශ බී අබේකෝන් හා සම්බන්ධිකරණය තබා ගනිමින් ඒ අයව නැවත කණ්ඩායමට සම්බන්ධ කිරීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමට අප වෙබ් අඩවිය කටයුතු නොකරන්නට අද දකින්නට ලැබෙන ප්‍රබල කණ්ඩායම දකින්නට නොලැබෙන බව එම අවස්ථාව ලද ක්‍රීඩිකාවන් පවා නොදන්නා බව අපි දනිමු.ඒ අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයා ඇති වී තිබෙන තත්ත්වය තෙරුම් ගෙන එම ක්‍රීඩිකාවන් මුණ ගැසීමට අමාත්‍යංශය වෙත පැමිණියේ සිය දියණිය දැඩිව රෝගාතුරව රෝහලේ සිටිය දී බව ද අමාත්‍යවරයාට ගෞරවයක් ලෙස මෙහි සටහන් කළ යුතුය.
එසේම පසුගිය යුධ සමයේ තර්ජණි සිවලිංගම් ක්‍රීඩිකාව ආරක්ෂක අංශවල නොමනා සැකයට බදුන් වෙද්දි ඒ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත් කරමින් ආරක්ෂාව පිළිබද සහතිකයක් ලබා දිමට අපේ මාධ්‍ය භාවිතයේ එක් පියවරක් වැය කළ බව ඇතැම් විට ඇයද නොදන්නවා විය යුතුය.ඒ පිළිබදව අවශ්‍යය මැදිහත් විම කිරිමට අප සමග කටයුතු කළ එවකට පුහුණුකාරිය වූ තිලකා ජිනදාස,සභාපතිනිය වූ ට්‍රික්සි නානායක්කාර මෙන්ම යම් තරමකට කුමන පරිපාලනයක් යටතේ වුව සිය තනතුර රැක ගැනීමට සමත් යැස්මින් ධර්මරත්නද යම් තරමකට දන්නා බව අපි දනිමු.එසේම තවත් ක්‍රීඩිකාවන් ආබාධ වලට ගොදුරු වී ක්‍රීඩා කණ්ඩායමට  ඇතුළත් නොකිරිමට තීරණ ගෙන තිබූ මොහොතක බලධාරීන්ට එම කරුණු පෙන්වා දී එම තත්ත්වය වෙනස් කිරීමේ මැදිහත් විම පිලිබදව අප ප්‍රචාරයක් ලබා නොගත්තා සේම එම ක්‍රීඩිකාව හෝ දැනුවත් කිරීමට අත්සාහ නොකළේය.
ඒ සියල්ල අතරේ අප විසින් විරෝධතාවය දැක් වු තැන් වලදී එම විරෝධයේ පැහැදිළි පදනමක් තිබුණු බව ඒ සැම අවස්ථාවකම ක්‍රීඩාවට හානියක් වී තිබීම නිසා පැහැදිළි වී ඇත.උදාහරණයකට ස්කොට්ලන්ත සංචාරය නම් කළ හැකි අතර එහිදී සිදු වූ බිද වැටීම දිගින් දිගටම ලාංකේය දැල් පන්දුවේ වර්ථමාන පසුබැම දක්වා තල්ලු කරමින් පැමිණ තිබෙන බව ද පිළිගත යුතුය.
ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීමක් හෝ නැතුව ක්‍රීඩිකාවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් මෙන්ම,පුහුණුකාරියක ලෙස හයසින්ත් සාධනීය අරගල වල නියැලෙන අවස්ථාවන් හී ඊට දක්වා ඇති සහයෝගයත් මත සිදු වී ඇත්තේ දැල් පන්දු ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමට කළ උත්සාහයන්ය.ඒ වෙනුවෙන් හෘද සාක්ෂියට එකගව ඇතැම් විට ක්‍රීඩිකාවන්ට හෝ නිලධාරීන්ට නැති තෘප්තියක් අපට ඇත.
ඒ නිසාම අප විසින් ඇති කරගත් විශ්වාසය නිරන්තරයෙන් ම අපට විශ්වසනීය තොරතුරු ගලා ඒමේ මාර්ග විවාත කර ඇත. සුළු ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත් කරන්නට පිඹුරුපත් සකසන ක්‍රීඩිකාවක් ඇය හෝ නොදැන කණ්ඩායමේ රදවා ගැනීමට වාර්තාකරණයෙන් නොනැවතී කටයුතු කිරීමට හැකියාව අපට ලැබෙන්නේ එතැනින්ය.අප නිරන්තරයෙන්ම වාර්තාකරණය මෙන්ම අප විසින් ගොඩනගා ගත් ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටීමේ විශ්වසනීය පෞරශ්‍යය හරහා අසාධාරණයන් නිවැරදි කිරීමට ද උත්සාහ ගන්නෙමු.
එහිදී ක්‍රීඩාවට හෝ ක්‍රීඩකයනට ලැබෙන අවස්ථාවන් අපගේ ගිණුමට දමා ගැනීමට හෝ එය අප කළ බව ප්‍රසිද්ධ කිරිමට යාම හෝ අපේ සම්ප්‍රදාය නොවන නිසා දැල් පන්දු කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද ඔවුන් වෙනුවෙන් අප විසින් කළ කාර්යභාරයක් ඇති බව නොදන්නා නිසා නොව ඇතැමෙකු ද්වේශ සහගතව අප විවේචනය කිරීමට පෙළඹී තිබෙන නිසාත් ක්‍රීඩා පුහුණුව සහ ක්‍රීඩා කිරීම පසෙක ලා අපට තොරතුරු ලැබෙන ආකාරය සෙවීමට කාලය වැය කරමින් සිටින නිසාත් එය මෙසේ සදහන් කරන්නට සිතුවෙමු.
අප සියල්ල කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන්ය.ක්‍රීඩාව දෙවැනි කර ගත් න්‍යාය පත්‍ර ඇත්තන්ට එයින් රිදෙන්නට පුළුවන.එහෙත් අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ ක්‍රීඩාවට මුල් තැන දී කටයුතු කරන බවය.ආසියානු කුසලානය නැවතත් අපේ රටේ තබා ගැනීමට වෙහෙස වන ලෙසය.ඔබ එය කළ විට අප පෙරහැරේ යන්නට නො'එන්නෙමු.ඔබට පෙරහැරේ යාමට පාවඩ එලන්නට අප සූදානම්ය.ඒ මොහොතට පැමිණ ඔබ ආපසු හැරි බලන විට ඔබට එක් දෙයක් වැටහෙනවා ඇත.නමුත් ඒ වැටහීමේ වර්ගපලය ඔබේ දේශපාලනික සවිඥානික බවට සාපේක්ෂය.ඒ හැගිම නම් මෙච්චරකල් මුන් කරල තියෙන්නේ අපිට පෙරහැරේ යන්න පාවඩ එලීමක් බවය.'මුන්' නම් අප ය.
ලාංකේය දැල්පන්දු කණ්ඩායමට ජය!
www.supirikrida.com

19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරති

Lahiru Madushanka in his delivery strideස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම තරගයේදී පරාජයට පත් වුව ද දෙවන තරගයේදී නැමීබියාවට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට සමත් විය.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙහිදී ලකුණු 298 ක් රැස් කිරීමට සමත් වූ අතර එහිදී ආරම්භක පිතිකරු සෙබස්තියන් පෙරේරා ලකුණු 69 ක් ලබමින් තරගයේ වීරයා වන්නට සමත් විය.සදුන් වීරක්කොඩි  වේගවත් ලකුණු 50 ක් රැස් කළ අතර පළමු තරගයේදී ද සාර්ථක වු ලහිරු මධුශංක වේගවත් ලකුණු 45 ක් රැස් කිරීමට සමත් වූ අතර  පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 15 ට කඩුලු 4 ක් ද දවා ගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554525.html
www.supirikrida.com 

යගුලිය රන් පදක්කම තහනම් වැටේ වැදී වැටෙයි

Hi-res-149913148_crop_exactමෙවර ඔලිම්පික් තරගාවලියේ කාන්තා යගුලිය වීසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනූ බෙල්රුසියාවේ නැඩ්ෂෙයා ඔස්ටප්චක් ‍තහනම් උත්තේජන භාවිතා කර තිබුණු බව ඔප්පු විම නිසා එම පදක්කම වර්ථමානයේ යගුලිය වීසි කිරීමේ ඉසව්වේ අංක එකේ ක්‍රීඩිකාව ලෙස පිළිගැනෙන නවසීලන්තයේ වැලරි ඇඩම්ස් වෙත හිමි වීමට නියමිතය.මේ වන විටත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇයට එරෙහිව තරග තහනමක් පැපවීම පිළිබදව කටයුතු කරමින් තිබෙන අතර දිනූ රන් පදක්කම යළි භාරදෙන ලෙසට දැණුම් දීමක් ද කර ඇත.
බීජං ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම්ලාභිණිය වූ නඩ්ෂෙයා පසුගිය කාලයේ ජාත්‍යන්තර තරග වලදි විශාල ප්‍රගතියක් පෙන් වූ අතර ඔලිම්පික් උළෙලේ දී ඇය සිය පළමු උත්සාහයේ සිටම තර්ජනයකින් තොරව ප්‍රථම ස්ථානයේ සිටියාය.මීටර් 21.36 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජයගත් නඩ්ෂෙයා මෙවර ගෘහස්ථ ලෝක සූරතා තරගාවලියේද ජයග්‍රාහිකාව වී ඇත.
ඇයගේ තහනම් උත්තේජන චෝදනාව සනාත වීම නිසා වැලරි ට රන් පදක්කම හිමිවන අතර රුසියාවේ එව්ජිනියා කොලොඩ්කෝ රිදී පදක්කම ද පදක්කම් අතර නොසිටි චින ක්‍රීඩිකාව ලිජියාවෝ ගොන්ග් ට ලෝකඩ පදක්කම ද හිමි විමට නියමිතය.
www.supirikrida.com

Aug 13, 2012

ලතාවකට හැඩි කළ ලන්ඩන් සමාප්තිය

Celebrating the achievements of the athletes'ලතාවකට හැඩි කිරීම කලාව වෙයි.ලතාවකට හැඩි කිරිම මිස,රටාවකට හැඩි කිරීම මිස නිකං හැඩි කිරීම කලාව නොවෙයි.'
මට මෙසේ කලාව ගැන කියා දුන්නේ කෑගල්ලේ මාමා යනුවෙන් මා විසින් අමතන ඩිංගිරි අප්පුහාමි නැමැති මගේ ගැමි මිත්‍රයාය.මගේ හාදයාංගම සොහොයුරාය.
ඇවිදින ඥාණ ගබඩාවක් බදු අප අතරින් වියෝ වූ අපූරු කලාකරුවා,දේශපාලන චින්තකයා වූ ෂෙල්ටන් පයාගලයන් එසේ සදහන් කරන්නේ සිය චාලි චැප්ලින් කාතියේ පසු වදනේය.ලන්ඩන් සමාප්තිය ඒ හැදින්වීමට කෙතරම් ගැලපෙන්නේදැයි සිතෙන තරමට එය යුග - යුග විසිරුණු සංගීතමය සහ රෑපණය භාෂාව කරගත් අපූරු ප්‍රසාංගික ලාලිත්‍යයකින් යුතුව ගලා ගියේය.සිදුවීම් විසිරුණු යුග අනන්‍යතාවය පැහැදිළි කරන සංගීතය - නිරූපනය සහිත එම සමාප්ති සමාචාරයේ ප්‍රාසාංගික බව කියා පැවේ ලතාවකට රටාවකට හැඩි කිරීමෙන් උපදින සෞන්දර්‍යාත්මක වටිනාකමම ය.
සාහිත්‍යය සහ කලාව තුළ ඇති අපූර්වත්වය චින්තන පෙළහරක් පමණක් ද යන්න පිලිබදව නැවත සිතීමට බල කරන එහි ඇති මුදුණ තාක්ෂනයේ පිබිදීම සහ දැණුම ගවේශණයේ ඇති සම්බන්ධය ගැන යටි පෙළින් කියැවි එම සමාප්තිය පැහැදිළි කළේ අපූරු නිර්මාණශීලී චින්තනයන්ගේ කාන්තිය ය.ක්‍රීඩාව ද ශාරීරික බැදීමක් නොවන ව්‍යහුයක ඊට දැණුම සමග ඇති සොදුරු සංවාසය සහ පල පිලිබදව සිතන්නට වැඩි වැඩියෙන් කරන ලද උත්තේජනයක් බදු ලන්ඩන් සමාප්තිය ක්‍රීඩා සැණකෙළියක සමාප්ත උළෙලක් නොව අපූරු නිර්මාණශීලී අලුත් හැඩයක ඔපෙරාවක් ලෙස දකින්නට පොළඹවන සුළුය.
කතා නොකරන බොහෝ ද්‍රව්‍යන් ප්‍රකාශන මාධ්‍යන් ලෙස හැසිර වූ සමාප්ත සමාචාරයේ අපූරු හැඩි කිරීම තුළ අවශ්‍යය දේ මග හැරී නොතිබීම මෙන්ම අනවශ්‍යය දේ ඇතුල් වී නොතිබීම තුළ එය කලාත්මක ප්‍රසංගයක් ලෙස ඉහළ අගයක් ගත් බව ප්‍රකාශ කළ යුතුය.
තාක්ෂණය සහ විද්‍යාව ඇසුරේ ඇස් අදහාගත නොහැකි බොහෝ දේ කළ හැකි පසුබිමක් තිබෙන බව දන්නා නමුත් නාට්‍යනුසාරයෙන් ගීතමය රසයෙන් සහ රූපණයේ ආලෝකයෙන් ලන්ඩන් ඔලිම්පික් උළෙලින් විහිදුණු ප්‍රභාෂ්වරය තාක්ෂණය ඉක්මවා ගිය අභියෝගයක් වන අතර එය අසමසම නිර්මාණශීලීත්වය විසින් තාක්ෂණය සුවච කීකරු කොට පාලනය කිරීමක් විය.
කෙසේ හෝ යළි ලන්ඩනයෙන් නික්මී රියෝද ජැනෙයිරෝ දක්වා යන ගමණේ දී සංගීතමය සහ නර්තනය පිළිබදව විශාල මූලාශ්‍රයන් ඇති දකුණු ඇමෙරිකානු සංස්කෘතියට ලන්ඩන් පෙළහර අභියෝගයක් වන්නේ ස්වීය අනන්‍යතාවයන් නිර්මාණශීලීව පෙළ ගැස්වීමේ සංයමය නිර්මාණය කර ගැනීම සදහාය.ඒ නිසා ඇමෙරිකාව රන් පදක්කම් 46 ක් දිනා ගනිමින් චීනය රන් පදක්කම් 38 ට සීමා කරමින් යළි දිනූ ඔලිම්පික් කිරීටය 2016 දී චීනයෙන් බේරා ගැනීමට හැකි වේද යන ප්‍රශ්නාර්ථය සමගම බ්‍රසීලයට බ්‍රිතාන්‍යය ඉක්මවා යා හැකි මානව කලා ප්‍රකාශනයන්ගෙන් ලෝකය මවිත කළ හැකිද යන්නත් ක්‍රීඩා ලෝලීන්ට ඉදිරි වසර හතර තුළ යළි යළිත් සිතෙනු නො'අනුමානය.
www.supirikrida.com


දිල්හාරට පින පෑදෙයි


Dilhara Fernando celebrates his five-wicket haul for Uvaසුගිය කාලයේ දිගින්  දිගටම අසාර්ථක වුව ද,තේරුම් කමිටුව ගොළු බිහිරි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රීඩා කළ ද. නොකළ ද අනිවාර්යෙන්ම ජාතික සංචිතයේ රදවා ගෙන සිටි දිල්හාර ප්‍රනාන්දු කලකට පසු දක්ෂතා අතරට පිවිසෙමින් SLPL තරගාවලියේ ඌව කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණූ 17 ට කඩුලු 5 ක් ලබා ගනිමින් බස්නාහිර කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක් ජයග්‍රහණයක් සදහා මෙහෙයවමින් තරගයේ වීරයා බවට පත් විය.පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායමට ආරම්භක පන්දු ඕවර් කිහිපයේදී එල්ල වූ තර්ජනය නිසා ලකුණු වේගය ඉහළට ගෙන ඒමට අවස්ථාවක් නොලැබුණු අතර නායක ටීඑම් ඩිල්ෂාන් පමණක් ලකුණු අතරට එමින් යළිත් පන්දු 48 ක් තුළ ලකුණු 58 ක් ලබා ගත්තේය.

අවසාන පන්දු ඕවර් කිහිපයේදී ලකුණු වේගය වැඩි කිරීම සදහා ඉවක් බවක් නැති ප්‍රහාරවලට යොමු වීමේ අවශ්‍යයතාවය ඇතිව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායමට එරෙහිව උපායශීලී පන්දු යැවීමක නිරත වෙමින් දිල්හාර කඩුලු අතරට පිවිසිණ.ඒ අනුව පන්දු ඕවර් 20 නිමා වන විට ලකුණු 136 ක් වූ ලකුණු පූවරුවට පිළිතුරු බැදීමට පිවිසි ඌව කණ්ඩායමේ දිල්ෂාන් මුණවීර පන්දු 14 කින් ලකුණු 21 ක් සහ අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 16 කින් ලකුණු 19 ක් ද ලබා ගනිමින් ඌව කණ්ඩායමේ පළපුරුදු උපුල් තරංග වෙත ඇති වන පීඩනය ලිහිල් කරන්නට සමත් වූහ.එහි ප්‍රතිපලයක් ලෙස උපුල් සැළසුම් සහගත ලෙස ඉණිම ගොඩ නගමින් තෙවන කඩුල්ල සදහා පළපුරුදු සොහීබ් මලික් සමග තෙවන කඩුල්ලට නොදැවුණු ලකුණු 79 ක සබදතාවයක් ගොඩ නගමින් බස්නාහිර කන්ඩායමට පරාජය හිමි කර දුන්නේය.
සිය සුළු ලකුණු ප්‍රමාණය රැක ගැනීම වෙනුවෙන් පන්දු යැවීමෙන්ද දායකත්වය ලබා දුන් ඩිල්ෂාන් සිය පන්දු ඕවර් 4 ලකුණු 21 ට කඩුල්ලක් ලෙස නිමා කළ ද,ඊට සහය දක්වන්නට සිටියේ සිය පන්දු ඕවර් 4 ලකුණු 17 ට නිමා කරමින් කඩුල්ලක් දවා ගත් රංගන හේරත් පමණි.
ඊයේ දිනය අරඹමින් පැවති වයඹ සහ උතුර අතර තරග‍ය පිතිකරුවන්ගේ ප්‍රදර්ශන පිතිහරඹය සදහා තෝතැන්නක් වූ අතර පන්දු ඕවර් 40 තුළ කඩුලු 8 ක් පමණක් දැවි වාර්තා වූ ලකුණු ප්‍රමාණය 362 ක් විය.පළමුව පන්දුවට පහර දුන් උතුර සිය පන්දු ඕවර් 20 කඩුලු 7 ට ලකුණු 179 ක් ලබා අවසන් කළේය.ඉර්ෆාන් ෆර්හත් එහිදී ලකුණු 51 ක් රැස් කළේ පන්දු 22 දී ය.ඊට චාමර කපුගෙදර එක් කළ ලකුණු 38 ක්,ෆර්විස් මහරුෆ් සහ මහේල උඩවත්ත ලකුණු 28 බැගින් කළ එක් කිරීම්ද එක් වූ පසුව පන්දු ඕවර් 20 අවසානයේ උතුර කණ්ඩායමට කඩුලු 7 ට ලකුණු 179 ක් දක්වා යාම අපහසු කාරියක් නොවිණ.එම දැඩි ප්‍රහාරය හමුවේ ඉසුරු උදාන ලකුණු 38 ට කඩුලු 2 ක් දවා ගත් අතර මිලින්ද සිරිවර්ධන ලකුණු වේගය යම් තරමක පාලනයකට හසු කර ගනිමින් ලකුණු 25 ට එක් කඩුල්ලක් දවා ගත්තේය.
පිලිතුරු ඉණිම ඇරඹු වයඹ කණ්ඩායමේ තමීම් ඉක්බාල් සහ කම්රාන් අක්මාල් සමස්ත තරගයම පකිස්තාන පිතිකරුවන්ගේ ප්‍රදර්ශණාත්මක පිතිහරඹ සංදර්ශණයක් බවට පත් කළ අතර ඔවුන් දෙදෙනා අතරින් දැවී ගිය එකම ක්‍රීඩකයා වූ කම්රාන් අක්මාල් ලකුණු 79 ට දැවී යන විට සමස්ත ලකුණු පූවරුව 176 ක් විය.නොදැවී ලකුණු 93 ක් ලැබූ තමීම් වයඹ කණ්ඩායමේ ජය තහවුරු කරද්දී උතුර කණ්ඩායම වෙනුවෙන් වයඹ කණ්ඩායමේ දැවී ගිය එකම කඩුල්ල දවා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමින් කෙවන් කූපර් ලකුණු 26 ට කඩුල්ලක් දවා ගත්තේය.
උතුර සහ වයඹ ලකුණු විස්තරයට පිවිසීම සදහා http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571355.html
ඌව සහ බස්නාහිර ලකුණු විස්තරයට පිවිසීම සදහා http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571356.html
www.supirikrida.com


2016 ඔලිම්පික් සදහා ගොල්ෆ් සහ සත් සාමාජික රග්බි

රියෝද ජැනෙයිරෝ හී 2016 දී පැවත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කිරීමට යෝජනා වී තිබූ ගෝල්ෆ්,සත් සාමාජික රගර් යන ඉසව් පළමු වරට ඔලිම්පික් තරගාවලියක් සදහා ඇතුළත් කිරීමට අනුමැතිය ලැබී තිබෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු වාර්තා පැහැදිළි කරයි.මේ සදහා යෝජනා වී තිබූ කයිට්ස් සර්ෆින්ග් ඉසව්ව වෙනුවට වින්ඩ්සර්ෆින් ඉසව්ව ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති අතර මීට පෙර සත් සාමාජික රගර් ක්‍රීඩාව ඇතුළත් නොවුණ ද ඔලිම්පික් ඉතිහාසයෙන් ලැබෙන කරුණු වලට අනුව 1900 දී පමණ ද ඔලිම්පික් සදහා පහළොස් දෙනෙකුගෙන් යුත් ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩා කරන රගර් ක්‍රීඩාව ඇතුළත් වී තිබේ.
නමුත් 1924 න් පසු ඔලිම්පික් පිටියේ රගර් පන්දුව දකින්නට ලැබි නැති අතර මෙම ක්‍රීඩා දෙකට අමතරව තවත් ක්‍රීඩා කිහිපයක් ඉදිරියේදී තව දුරටත් රියෝද ජැනෙයිරෝ තරගාවලියට ඇතුළත් වනු ඇතැයි විශ්වාසය පළ වෙයි.
www.supirikrida.com

ලංකාවට අද ජය මගට පිවිසෙන්නට අවස්ථාවක්

The captains of the 16 Under-19 teams pose with the World Cup trophyටවල් 16 ක සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය වන නැමීබියාවට එරෙහි තරගය අද බ්‍රිස්බේන් හී දී පැවත්වීමට නියමිතය.පළමු තරගයෙන් බංගලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 249 ට පිළිතුරු ලෙස ලකුණු 224 ක් පමණක් ලබාගත් ශ්‍රී ලංකාව ලකුණු 25 කින් පරාජය වූ අතර ඒ නිසා අද ඇරඹෙන දෙවන තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් ය.
පළමු තරගය පරාජය වුව ද පිතිකරුවෙකු ලෙස ඇන්ජලෝ ජයසිංහ ලකුණු අතරට පිවිසීම කැපී පෙණෙන සිදුවීමක් වූ අතර ඔහු අගනා ලකුණු 83 ක් ලබා ගැනීමට සමත් විය.එසේම නායක සනිත ද මෙල් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 46 ට කඩුලු 3 ක් ලබා ගැනීමෙන් එම තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වීය.නමුත් දෙදෙනෙකුට පමණක් තරගය ජය ගැනීම අපහසු කාරියක් වන අතර ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හොද සබදතා කිහිපයක් වාර්තා නොවීම කැපී පෙණෙන දුර්වලතාවයක් විය.පස්වන කඩුල්ල සදහා ඇන්ජලෝ සමග එක්ව ලහිරු මධුශංඛ (48) ලකුණු 85 ක් එක් කළ ද ලහිරු දුවද්දී දැවී යාම නිසා ශ්‍රී ලංකාවට නිරපරාදේ ඔහුගේ කඩුල්ල අහිමි වීම පරාජයට බෙහෙවින් බල පෑවේය.නායක සනිත ද මෙල් (21) ද ඇන්ජලෝ සමග එක්ව හයවන කඩුල්ලට ලකුණු 53 ක් එක් කළ අතර එහෙත් තරගය ආරම්භයේ හොද අඩිතාලමක් වැටි නොවැටීම මෙන්ම පසුපෙළ කඩුලු රැක ගෙන ලකුණු අතරට ඒමේ කලාව හදුනා ගෙන නොසිටීම යන කරුණු ද්විත්වයම පරාජයට පාදක වූ ප්‍රධාන කාරණා විය.
www.supirikrida.com

Aug 12, 2012

කුරේ ට 55 වන තැන

න්ඩන් ඔලිම්පික් මැරතන් තරගය සදහා බී කාන්ඩයෙන් සුදුසුකම් ලබමින් තරග වැදි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එහි දී 55 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.ආසියාවේ මුල් දස දෙනා අතර සිටිමින් තරගය නිම කළ කුරේ පදක්කමකට පිවිසීමට වඩා මේ තරගයේදී වසර 37 ක් පැරණි ලුසියන් බී රෝසා ගේ පැය 2:14.31 ක් වූ ශ්‍රී ලංකා වාර්තාව ඉක්මවා යනු ඇතැයි විශ්වාස කළ ද එය ද සිදු නොවිණි.තරගයේ වේගය ඉතා ඉහළ මට්ටමක පැවති අවස්ථාවේ එයට අනුගත විමට නිරායාශයෙන් සිදුවීම කුරේට අදාළ ඉලක්කය ට යාමට නොහැකි වන්නට හේතුව විය හැකි අතර කෙසේ වුව ඔහු තරගයේ දි පියවරින් පියවර ඉදිරියට පැමිනි බවක් තරග දත්ත විමසීමේදී පැහැදිළි වන්නේය.
තරගයේ මුල් කිලෝ මීටර් 5 පසුවන විට 84 වන ස්ථානයේ සිටි කුරේ,අර්ධ මැරතන් දුර ප්‍රමාණය නිමා කරන විට 78 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබිණ.ඒ සදහා පැය 1:08.26 ක් ගත කර තිබුණු අතර ඉන් අනතුරුව තරගයේ සමස්තයේම වේගය බිද වැටීමක් සිදු වූවා දැයි සැක සිතෙන තරමට පසුබැමක් වී තිබෙන පැහැදිළි වන්නේ කුරේ ඉතිරි අර්ධයේදී ක්‍රමයෙන් ඉදිරියට පැමිණ ස්ථාන 23 කින් ඉදිරියට පැමිණ තිබෙන නිසාය.නමුත් මේ බිද වැටීම ඉදිරයෙන්ම සිටි කණ්ඩායම් වලට බලපෑමක් වී නැති අතර පළමු අර්ධයේ දී ඉදිරියෙන්ම සිටි ලෝකඩ පදක්කම්ලාභී විල්සන් කිප්සෑන්ග් සහ කුරේ අතර පරතරය වූයේ විනාඩි 5:11 ක් වූ අතර නමුත් තරගය නිමා වෙද්දී ප්‍රථම ස්ථානය දිනූ උගන්ඩාවේ ස්ටීවන් කිප්රොටිච් සහ කුරේ අතර පරතරය විනාඩි 12:40 ක් විය.
නමුත් කුරේ වඩාත් වැදගත් වන්නේ එංගලන්තයේ පුහුණුවකට නොගොස් එහි විවිධ අනීතික කාරනාද රහිතව රැදී සිටිමින් රැකියාවක් කරන අතරේ,ස්වෝත්සාහයෙන් සිය පුහුණුවීම් කටයුතු වල නියැලී ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තත්ත්වයට පත් වීමය.බොහෝ විට වෘත්තීය මට්ටමේ මලල ක්‍රීඩකයන් සමග එක්ව තරග කිරීමට ලැබීමේ හැකියාව ඒ ආකාරයෙන් ලැබීම වුව විශාල ජයග්‍රහණයක් බැවින් කුරේ ගේ නම සදහන් විය යුත්තේ රටට කීර්තියක් ගෙනා පුද්ගල ලේඛණයේ ය.
පැය 2:08.1 ක් වූ කාලයකින් තරගය නිමා කළ උගන්ඩාවේ සටීවන් රන් පදක්කම දිනා ගනිද්දී දෙවන ස්ථානය අබෙල් කිරුයි කෙන්යාවට දිනා දෙන්නේ පැය 2:08.27 ක කාලයක් ගත කරමින්ය.තෙවන ස්ථානය මේ වසරේ කැපී පෙනෙන විල්සන් කිප්සෑන්ග් ය.ඔහු පැය 2:09.37 කින් තරගය නිම කළ අතර මේ වසරේ හොදම කාලය වාර්තා කළ තරගකරුවන් අතරින් දෙවන ස්ථානයේ සිටි විල්සන් කිප්සෑන්ග් සිය හොදම කාලය වූ පැය 2:04.44 ක් පිලිබදව බලාපොරොත්තුවෙන් තරගයේ මුල් කිලෝ මීටර් 5 සිටම ඉදිරියෙන් සිටිය ද, පසුව තෙවැනියා ලෙස තරගය නිමා කළේය.වඩාත් වැදගත් කාරනය වූයේ දුර දිවීමට කෙන්යානුවන් සමග කරට කර සිටින කිසිදු ඉතියෝපියානුවෙක් තරගය නිමා නොකිරීම ය.ඒ අතර මේ වසරේ හොදම කාලය (2:04.23) වාර්තා කළ අයිලේ ඇබ්සෙරෝ ද විය.
මේ අතර දකුණු සුඩානයේ දේශපාලනික ස්වභායෙන් පීඩා විදින මැරිල් ගෝර් තරගාවලියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ධජය යටතේ සහභාගී වුව ද ඔහුට හිමි වුණේ 47 වන තැන ය.ඔහු තරගය නිමා කිරීමට ගත කළ කාලය පැය 2:19.32 ක් විය.තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 105 ක් අතරින් තරග කරුවන් 85 දෙනෙක් තරගය නිම කිරීමට සමත් වූ අතර ස්ටීවන් ගේ තරග නිමි කිරීමේ කාලය වැටෙන්නේ කාලින දක්ෂතා අතර  ලොව 65 වන ස්ථානයට ය.ස්ටීවන් මේ වසරේ හොදම කාලය ලෙස පැය 2:07.50 ක් වාර්තා කර තිබුණද එම කාලයට පිවිෂීමට මෙම ජයග්‍රහණයේදී ඔහුට නොහැකි විය.ඔහුගේ හොදම කාලය ලෙස ගැනෙන්නේ පැය 2:07.20 ය.
www.supirikrida.com

මලල ක්‍රීඩාවෙන් අසමත් වූ චීනයට මෙවර ඔලිම්පික් ජයග්‍රහණය අහිමි වෙයි

Gold medallists Usain Bolt, Yohan Blake, Michael Frater and Nesta Carter of Jamaicaලල ක්‍රීඩාවෙන් පදක්කම් ලබා ගැනීමේදී ඇමෙරිකාවට වඩා දුර්වල තත්ත්වයක පසු වීම නිසා දෙවන වරටද ඔලිම්පික් පදක්කම් සටහ‍නේ පළමු තැනට පත් වීමට චීනයට තිබූ හැකියාව අහිමි වන ලකුණු පහළ වී ඇත.අද ක්‍රීඩා උළෙලේ අවසාන දිනය වන විට මේ වන විට චීනයට වඩා පදක්කම් හයක් ඉදිරියෙන් සිට සමස්ථ පදක්කම් සටහනේ පළමු තැන පසු වන්නට ඇමෙරිකාවට හැකි වි ඇත.
සමස්ත පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින ඇමෙරිකාව රන් 44 ක් සහ රිදී 29 ක් සහ ලෝකඩ 29 ක් සමග ඉදිරියෙන් පසුවන අතර දෙවන තැන පසුවන චීනය රන් පදක්කම් 38 ක් සහ රදිී 27 ක් ද ලෝකඩ 22 ක් දලබා සිටියි.සමස්ත පදක්කම් සටහනේ හයක වෙනසක් පෙනෙන්නට තිබුණද රටවල් දෙක අතර බෙදී ගිය මලල ක්‍රීඩා රන් පදක්කම් ප්‍රමාණය අතර වෙනස බැලීමේදී ඇමෙරිකාව ජැමෙයිකාවට වඩා රන් පදක්කම්  අටක් ඉදිරියෙන් සිටියි.
ඇමෙරිකාව මලල ක්‍රීඩා ඉසව් වලදී රන් පදක්කම් 9 ක්,රිදී පදක්කම් 13 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් ලෙස ලබා පෙරමුණේ සිටිය ද,චීනය 13 වැනි ස්ථානයේ පසු වන්නේ රන් එකක් සහ ලෝකඩ හතරක් ලබා ගෙනය.මෙම ප්‍රතිපලය චීනයට මලල ක්‍රීඩාව පිළිබදව සිතන්නට අලුතින් සිතන්නට කෙරෙන සංඥාවක් ලෙස සිතිය හැකි අතර ඔවුන් ගේ එකම බලාපොරොත්තුව වූ මීටර් 110 කඩුලු පැනීමේ සූරයා සියු ෂියැන් ද මූලික තරග වටයෙන්ම ඉවත්වීම නිසා ඒ අවස්ථාවද චීනයට අහිමි වී ගියේය.
මලල ක්‍රීඩා පදක්කම් සටහනට මේ සබදතාවය හරහා පිවිසෙන්නට හැකියාව ඇත. http://www.london2012.com/athletics/medals/medal-standings/
සමස්ථ පදක්කම් සටහනට පිවිසීමට මෙම සබදතාවය තෙරමීමෙන් එළැඹිමේ හැකියාව ඇත.http://www.london2012.com/medals/medal-count/
www.supirikrida.com

4x 100 පිරිමි පළමු වරට තත්පර 37 න් මෙපිටට

Gold medallists Usain Bolt, Yohan Blake, Michael Frater and Nesta Carter of Jamaicaපිරිමි මීටර් 4x 100  ඉසව්ව ඉතිහාසයේ පළමු වරට තත්පර 37 න් මෙපිටට කැද වූ ජැමෙයිකානු සහය දිවීමේ කණ්ඩායම ලන්ඩන් ඔලිම්පික් උළෙලේ එම ඉසව්වේ රන් පදක්කම සදහා හිමිකම් කීවේ තත්පර 36.84 ක දක්ෂතාවයක් දක්වමින්ය.දෙපා ජෙට් යන්ත්‍රයක් බදු උසෙයින් බෝල්ට් ප්‍රමුඛ වූ එම ‍ෙඔතිහාසික ජයග්‍රහණය වාර්තා කළ ජැමෙයිකානු කණ්ඩායමට යොහාන් බ්ලේක්,නෙස්ටා කාටර් සහ මයිකල් ෆ්රේටර් අයත් වූහ.
කාටර්,ෆ්රේටර්,බ්ලේක් සහ බෝල්ට් ලෙස පෙළ ගැසී සිටි ජැමෙයිකානු වේග බලකායට සැළකිය යුතු තර්ජනයක් වූ ඇමෙරිකාව නියෝජනය කළ ටයිසන් ගේ,ජස්ටින් ගැට්ලින්,රේන් බේලි සහ ට්‍රෙල් කිමන්ස් තත්පර 37.04 ක් වූ පැවති ලෝක වාර්තාව සම කරමින් නව ඇමෙරිකානු ජාතික වාර්තාවක් තැබීමට සමත් වූහ.තරගය තෙවන තැනට හමාර කළ කණ්ඩායම කැනඩාව වුව ද තරගය අතර මැද දී යශ්ටි හුවමාරුවේ දී නීතිමය නොවන ප්‍රදේශයකදී එය සිදුකර තිබීම නිසා තරගයෙන් ඉවත් වන්නට සිදුවිය.එම හේතුව නිසා ට්‍රිනිටෑඩ් සහ ටුබෑගෝ කණ්ඩායමට තෙවන ස්ථානය හිමි විය.
www.supirikrida.com

ජාතික ටෙනිස් වසන්තයේ පළමු දිනය අද

ජාතික කණිෂ්ඨ ටෙනිස් තරගාවලිය,විවාත තරගාවලිය සහ රෝද පුටු තරගාවලිය පැවත්වීමට නියමිත මෙම මසට අදාළ ටෙනිස් තරගාවලි කිහිපයෙන් පළමුව ඇරඹෙන ජාතික කණිෂ්ඨ ටෙනිස් තරගාවිලය 11 දා සිට 26 දා දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදී පැවත්වේ.අවුරුදු 10 න් පහළ,12 න් පහළ,14 න් පහළ,16 න් පහළ සහ 18 න් පහළ වයස් ඛාණ්ඩ යටතේ පැවත්වෙන මෙම තරගාවලිය සදහා එයාර්ටෙල් සමාගමේ අනුග්‍රාහකත්වය හිමි වී ඇත.
මේ අතර එම තරගාවලිය යටතේ පැවත්වෙන විවෘත හා රේද පුටු තරගාවලි අගෝස්තු 18 සිට 26 දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ටෙනිස් පිටියේදී ම පැවත්වීමට නියමිතය.
www.supirikrida.com

SLPL ආරම්භයේදීම ඩිල්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව තේරීම් කමිටුවට මතක් කර දෙයි

Tillakaratne Dilshan celebrates his centuryමෑත ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින සහ 20 - 20 තරග වල ජයග්‍රහණ ලබා දීම සදහා තුන් ඉරියව් දක්ෂතා වලින් ඉහළ දායකත්වයක් දැක් වූ ක්‍රීඩකයෙකු බවට අවිවාදිත ටීඑම් ඩිල්ෂාන් ගේ  පන්දු යැවීමේ හැකියාව නොදුටු නියාවෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට SLPL තරගාවලිය ආරම්භයේදීම තමන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව සිහිපත් කර දෙමින් තමන් නායකත්වය දරන බස්නාහිර කණ්ඩායමට ලකුණු 34 ක ජයක් ලබා දීමට සමත් විය.තරගාවලියේ දෙවන තරගය වූ බස්නාහිර සහ කදුරට අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායම වෙනුවෙන් පන්දු 39 දී නොදැවී ලකුණු 66 ක් ලබා ගත් ඩිල්ෂාන් තෙවන කඩුල්ල වොනුවෙන් බ්‍රැඩ් හොග් (27) සමග ලකුණු 70 ක සබදතාවයක් ද,සිව්වන කඩුල්ල වෙනුවෙන් කැමරන් බෝර්ගස් (15) සමග නොබිදි ලකුණු 36 ක සබදතාවයක් ද පවත්වමින් බස්නාහිර කණ්ඩායම වර්ෂාව නිසා ඔවර් 13 ට සීමා වූ තරගයේ බස්නාහිර ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 129 දක්වා රැගෙන ගියේය.
පන්දු යැවීමේදී සොහේල් තන්වීර් දැවී ගිය කඩුලු 3 ම ලකුණු 31 ට දවා ගත් අතර පිලිතුරු ඉණිමට පිවිසි කදුරට කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තිසර පෙරේරා පන්දු 21 දී ලකුණු 35 ක් ලැබූව ද,බස්නාහිර ඉලක්කයට සමීප වීමට එය ප්‍රමාණවත් දක්ෂතාවයක් නොවිණි.පන්දු යැවීමේදී ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගැනීමටත් එක් දුවද්දී දැවී යාමකට දායක වෙමින්ද තරගය සියතට ගත් ඩිල්ෂාන් කදුරට කණ්ඩායම ලකුණු 95 ට සීමා කරන්නට මුල් විය.ඒ අනුව තරගයේ වීරයා වෙමින් ඩිල්ෂාන්,බස්නාහිර කණ්ඩායමට ලකුණු 34 ක ජයක් ලබා දෙන්නට සමත් විය.
තරගාවලිය අරඹමින් පැවති නැගෙනහිර සහ රුහුණ තරගයේ තීරණයක් ලැබීමට  වර්ෂාව බාධාවක් විය.පළමුව පන්දුවට පහර දුන් නැගෙනහිර කණ්ඩායම සිය පන්දු ඕවර් 20 තුළ ලකුණු 134 ක් ලබා ගත්තේ සියල්ලන්ම දැවී යමින්ය.ලහිරු තිරිමාන්න වැඩිම ලකුණු ලාබියා වෙමින් පන්දු 33 දී ලකුනු 34 ක් ලැබූ අතර ප්‍රහාරාත්මක පිතිකරු සහීඩ් අෆ්රිඩී ගේ වේගය දුවද්දි දවා ගැනීමකින් නතර වෙද්දි ඔහු පන්දු 12 දී ලකුණු 18 ක් ලබා සිටියේය.පන්දු යැවිමේදී රුහුණ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන සමින්ද එරංග ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගනිමින් ආරම්භක දිනයේ හොදම පන්දු යැවීම සනාත කළ අතර රුහුණු කණ්ඩායමේ පිළිතුරු ඉණිම පන්දු ඕවර් 12 නිමා වෙද්දී වර්ෂාවට ගොදුරු වන විට ඔවුන් කඩුලු 2 ට ලකුණු 77 ක් ලබා සිටි අතර ට්‍රෙවිස් බර්ට් ලකුණු 33 ක් නොදැවි ලබා සිටි අතර ඉණිම ඇරඹු යොවුන් ක්‍රීඩක උදාර ජයසුන්දර ලකුණු 25 ක් ලැබීය.ලසිත් මාලිංග පන්දු ඕවර් 2 ක් යවා ලකුණු 4 ක් දී එක් කඩුල්ලක් ලබා සිටියේය.
බස්නාහිර සහ කදුරට ලකුණු පූවරුව http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571354.html මෙම සබදතාවයෙන් ලබා ගැනීමට හැකි අතර නැගෙනහිර සහ රුහුණ අතර ලකුණු පූවරුව  http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571353.html සබදතාවයෙන්ද ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com