Nov 10, 2012

ජාතික සූරතාවලියේ පළමු දිනයේදී දුලක්ෂි සියවාර්්තාව තව දුරටත් ඉදිරියට ගෙන යයි

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ එකම ජාතික වාර්තාව හිමිකර ගැනීමට හ්‍රී ලංකා ගුවන් හමුදාවේ එරංගා දුලක්ෂි සමත් වූවාය.අවස්ථා කිහිපයකදීම විවිධ හේතූන් නිසා සසල වූ 90 වැනි ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඊයේ (නොවැම්බර් 09) සිට නොවැම්බර් 11 වන දි දක්වා කො"ළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.ගෙවුණු තායිලන්ත විවෘත තරගාවලියේද මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජයග්‍රාහිකාව වූ එරංගා දුලක්ෂි එහිදී මීටර් 1500 ඉසව්වේ රදී පදක්කමද දිනා ගත්තාය.එම තරගාවලිය නිමා වී ලංකාවට පැමිණ දින කිහිපයක් ඇතුළත යළිත් තමා සතුව තිබූ ජාතික වාර්තාව විනාඩි 10:11.72 දක්වා ඉදිරියට ගෙන ඒම විශේෂ සිද්ධීයකි.
ඊයේ පැවති සෙසු තරග වලදී කාන්තා දුර පැනීමේ තරගය ජය ගැනීමට එන්සීඩී ප්‍රියදර්ශණී සමත් වූවාය.කාන්තා කවපෙත්ත තරගය ජය ගත්තේ සොනාලි කුමාරී වීරසේකරය.තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු කාන්තා යගුලිය වීසිකිරීමේ තරගය ජය ගත්තාය.සුජානි බුද්දිකා කගකට පසුව මීටර් 200 ඉසව්ව තත්පර 24 ට අඩුවෙන් ධාවනයේ යෙදෙමින් තත්පර 23.92 කාලයකින් ජය ගත්තාය.එසේම ජාතික උස පැනීමේ වාර්තාලාභිණිය වන ප්‍රියංගිකා මධුමන්ති සිය නම තවත් වාර්තාවකට දායක කර ගනිමින් මීටර් 1.81 ක උසක් තරණය කරමින් නව ක්‍රීඩා උළෙල වාර්තාවක් තැබීමට සමත් වූවාය.
මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කරන ලද නිල ප්‍රතිපල ලේඛණයට පහත සබදතාවය හරහා පිවිසිය හැකිය.
 https://docs.google.com/file/d/17DStq4y4hbSZSdbiV5vBvoTTBj7FQZ7hMnaCStcYetkCidR1KquCmE1SkKVC/edit
www.supirikrida.com

ඩිල්ෂාන්ට ලෙඩ - කපුගෙදර ගොඩ- කෞෂාල්ට ඉඩ

Tharindu Kaushal registered Sri Lanka's best bowling figures with 3 for 28
තරිදු කෞෂාල්
වසීලන්තය සමග පැවත්වෙන සිව්වන සහ පස්වන එක්දින තරග සදහා නම් කරන ලද සංචිතයෙන් ටීඑම් ඩිලෂාන් ඉවත්වී ඇත.අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඩිල්ෂාන් ගේ ඉවත්වීමෙන් ඇති වූ අඩුව පිරිවීමට යලිත් වරක් ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමේ අවස්ථාව චාමර කපුගෙදර ට හිමි වී ඇත.ඒ අතරම යොවුන් ක්‍රීඩක තරිදු කෞෂල් ද මෙම තරග සදහ කැදවා තිබීම විශේෂ සිදුවීමක් කොට දැකිය හැකිය.දකුණතින් පිට දග පන්දු යවන සහ දකුණතින් පන්දුවට පහර දෙන මෙම ක්‍රීඩකයා පසුගිය අවුරුදු 19 න් පහළ ලෝක සූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක් වූ ක්‍රීඩකයා විය.
එම තරගාවලියට තරිදු තෝරා ගැනීමේ දී අකිල ධනංජය ඉවත් කරන්නට යෙදුණු අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ 20 / 20 එස්එල්පීඑල් තරගාවලිය හරහා අකිල තරිදු අභිබවා පෙරට පැමිණ ඉකුත් 20 / 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට සමත් විය.ඒ අනුව තේරීම් කමිටුව යම් අභියෝගයකට ලක් විය.එම අභියෝගයට පිළිතුරක් ලෙස ඉදිරි එක්දින තරග දෙක සදහා සහ ටෙස්ට් තරග සදහා තෝරා ගන්නා ලද කණ්ඩායම් සදහා තරිදු කෞෂාල් ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
එක්දින සංචිතය -මහේල ජයවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,උපුල් තරංග,ලහිරු තිරිමාන්න,තිසර පෙරේරා,ජීවන් මෙණ්ඩිස්,රංගන හේරත්,සමින්ද එරංග,චාමර කපුගෙදර,අකිල ධනංජය සහ තරිදු කෞෂාල්

ටෙස්ට් සංචිතය - මහේල ජවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,කුමාර සංගක්කාර,ටීඑම් ඩිල්ෂාන්,දිනේෂ් චන්දිමාල්,තරංග පරණවිතාන,ධම්මික ප්‍රසාද්,චානක වෙළගෙදර,සමින්ද එරංග,ප්‍රසන්න ජයවර්ධන,රංගන හේරත්,තිලාන් සමරවීර,සුරාජ් රන්දිව්,රංගන හේරත්,නුවන් කුලසේකර,තරිදු කෞෂාල්
www.supirikrida.com

නිලූක අද බහරේන අවසන් තරගයට මුහුණ දෙයි


ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න අද බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝග සූරතාවලියේ අවසාන තරගයට ඉන්දියාවේ සායි ප්‍රනීත් ට එරෙහිව මුහුණ දීමට නියමිතය.අවසාන තරගය දක්වාම සෘජු ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරියට පැමිණි නිලූක,මෙම තරගාවලියට ඉදිරිපත්වන ක්‍රීඩකයන් අතර සිටින ප්‍රබලතම ක්‍රීඩකයාය.


මේ වන විට අංක 43 ට ශ්‍රේණිගතව සිටින නිලූක ට අද හමුවන ඉන්දීය ක්‍රීඩකයා ලොව 71 වන ස්තානයට ශ්‍රේනිගතව සිටින ක්‍රීඩකයා ය.ඔහුගේ උපරිම දක්ෂතාවය 65 වන ස්ථානයට ශ්‍රේණිගත වීම බැවින් නිලූකට විශාල අභියෝගයක් එල්ල වේ යැවි අපෙක්ෂා කළ නොහැකිය.නමුත් ඔහු ද තරගාවලිය තුළ මේ දක්වා ඉතිමත් හොදින් ක්‍රීඩා කර තිබෙන බව ඔහුගේ තරග සටහන් නිරීක්ෂනයේදී පැහැදිළි වන කරුණකි.

www.supirikrida.com


ක්‍රීඩා සංවර්ධනයේ පළමු තැන කාර් රේසින් ද?


හින්ද චින්තනය යටතේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය පෙරමුණේ තබා ගෙන වැඩ කරන්නේ නම් ක්‍රීඩාවේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවිය යුතුය.ඒ සදහා ක්‍රීඩාංගණ නවීකරණයට සමගාමීව දේශීය ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයා දිරි ගැනවීම සදහා එම මූල ද්‍රව්‍ය ගෙන්වීමට බදු සහන සැපයීමේ සිටම අලුත් තාක්ෂනය පිළිබදව දැණුම යාවත්කාලීන කර ගැනීමට ද අවශ්‍යය සහයෝගය ලැබිය යුතුය.ක්‍රීඩා භාණ්ඩ ගත්තද වඩා හොද තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා උපකරණ පරිශීලනයට අවශ්‍යය පසුබිම සැකසිය යුතුය.
එහිදී ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රියාත්මක සමාජ තලය අනුව ඒ සදහා ලොකු අවුලක් නැකි වුව ද අනතුරුව පෙළ ගැසෙන මලල ක්‍රීඩා,වොලිබෝල් සහ පාපන්දු වැනි ක්‍රීඩාවල නිරත වන පිරිසගේ ආර්තිකය යහපත් නැත.එවැනි වට පිටාවක මෙම ක්‍රීඩකයන්ට යහපත්ම දේ වෙනුවට මිළ අඩුම දේ තේරා ගන්නට සිදු වන්නේය.ලාබ බඩුවේ හිලක් කීවා සේ එම මිල නියම වන වටපිටාව යනු එහි ක්‍රීඩාවට උචිත බව සාපේක්ෂව තීරණය කරන බව ද අප පිළීගත යුතුය.
උදහරණයකට යට ඇදුමේ සිටම ක්‍රීඩකයාගේ තේරා ගැනීම් ඔහුගේ ක්‍රීඩාවේ පැවැත්ම සහ ඒ සදහා බලපාන සෞඛ්‍යමය පරිසරය පිළීබදව තීරණය කරන අතර වඩාත් හොදම දේ සදහා ඔවුන්ට යා හැකි නොවන හේතූන් අතර එම භාණ්ඩ ගෙන්වීමේ දී දරන්නට වන අධික බදු වියදම් ද ඊට හේතු වන්නේය.උදහරණයකට මලල ක්‍රීඩකයෙකුගේ ඉදිරි ගමණට ඔහුගේ උපකරණ වල වැදගත්කම කෙතරම් බලපාන්නේද යන්න ඔවුන්ම කිහිප විටනදී පවසා ඇත.හෙල්ල වීසිකිරීමේ ක්‍රීඩාවේදී හෙල්ලේ නිෂ්පාදිත නම වැදගත් තැනක් ගන්නා අතර නිෂ්පාදන නාමය අනුව දක්ෂතා දැක්වීමට ඇති ඉඩ කඩ ද තීරණය වන බව ද ක්‍රිඩකයන්ම කිහිප විටෙක පවසා ඇත.මලල ක්‍රීඩා පරිපාලනයට නායකත්වය දුන් පුද්ගලයෙකු හැටියට ඕනෑම දෙයක් ඇද ඕනෑම දෙයක් භාවිතයට ගෙන ක්‍රීඩාවේ උපරිම ප්‍රතිපල නෙලා ගැනීමට නොහැකි බව ජනාදිපතිවරයා වුව දන්නේය.
නමුත් මේ රටේ බහුතරයකගේ ක්‍රීඩාවන් පසෙක තිබියදී අය - වැයෙන් මිළ අඩු කිරීමට තීරණය කර ඇත්තේ රේසින් මේටර් රථ වලය.එය රටේ සමස්ථ ක්‍රීඩාව ගත් විට අතිශයින් අඩු පිරිසක් නියෝජනය කරන ක්‍රීඩාවකි.එම අඩුවීම හේතු කර ගෙන කේෂ්ත්‍රයට කෙතරම් දෙනෙකු පිවිසේදැයි කීමට ද අපහසුය.මන්ද එය දහස් ගණනකින් සිදු කළ හැකි ක්‍රීඩාවක් නොවන බැවිනි.තරගයකට හෝ තරග පුහුණුවකට භාවිතා කරන්නට වන ඉන්ධන ද සමග එම එක් අවස්ථාවක න්‍රීඩකයෙකුට වැය කරන්නට වන මුදල ලක්ෂ ගණනක්ය.ඒ නිසා ක්‍රීඩාවේ ව්‍යාප්තිය යන කාරණය රේසින් මෝටර් රථ වල මිළ අඩුවීමෙන් තීරණය නොවෙන අතර එය එම ක්‍රීඩාවේ නිරත වන කිහිප දෙනෙකුට යම් සහනයක් ඇති කිරීමක් පමණි.
අප එය වැරදි යැයි නොකියන්නේමු.කුමන ක්‍රීඩාවකට වුව සහනයක් ලැබීම වැදගත්ය.එහෙත් බහුතරයක් නියෝජනය කරන,ප්‍රගමනයට සහ ව්‍යාප්තියට බල පා තිබෙන මිළ සාධකය මත සහභාගීත්වය සහ ප්‍රතිපලය තීරණය කරන ක්‍රීඩාවන් ට සහනයක් ලැබීම ඊට වඩ සාපේක්ෂව වටින්නේය.
ඒ අනුව ගත් විට ජනාධිපතිවරයාගේ පුතුන්ද මෝටර් රේසින් සදහා ඉදිරිපත්වන තත්ත්වයක් තුළ මෙය පුතාගේ සෙල්ලමට සළකා සෙස්සන්ට රොඩු වීසි කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය.එහෙත් යථාර්තය එයම විය නොහැකිය.මෙම අයවැය සකස් වන්නේ ආර්ථික උපදේශකයන් සහ මහ බැංකුවේත් මුදල් අමාත්‍යංශයේත් ජනාධිපතිවරයාගේ පෞද්ගලික උපදේශකයන්ගෙන් ලබා ගත් සැළසුම් ද සැළකිල්ලට ගනිමින්ය.ඒ අය මෙහිදී තාත්තා කෙනෙකු ලෙස ජනාධිපතිවරයාව චූන කිරීම පෙරට දමනු විනා ජනාධිපතිවරයා ලෙස මේ රටේ ජනතාවගේ වැඩි අවශ්‍යයතාවය නොසළකා හැර ඇත.රජයේ දේශපාලන නායකත්වය සහ එහි වුල් සාමාජිකයන් පිනවීමසිය රාජකාරිය ලෙස සළකන රටේ ජනතාවගේ බදු මදලින් වැටුප් ලබන මෙම නිලධාරීන් එම ජනතාව වෙනුවෙන් කළ යුතු ප්‍රතිඋපකාරයන් නොසළකා හරිමින් ජනාධිපතිවරයා නොමග හරින ප්‍රමාණය මෙම තීරණය තුළින්ද ඉතාමත් හොදින් පැහැදිළි වන්නේය.
මහින්ද චින්තනයේ ක්‍රීඩා සංස්කාතියක් පිළිබදව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී ඊට අවශ්‍යය වටපිටාව සැකසීම වෙනුවෙන් තීරණ ගැනීමට වැටුප් ගෙවා පත් කර තිබෙන පිරිස් බේබි චූන් නයායෙන් කටයුතු කර රටත් රටේ ක්‍රීඩාවත් දෙවන කොට සිතා ඇති බව පැහැදිළිය.
එහෙත් සියල්ල තීරණය වන්නේ මෙම අයවැය ලේඛණයෙන් නොවන බව අපි දනිමු.භාණ්ඩ මිළ වැඩි වීමට අඩු වීමට මෙන්ම ,ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ඇති අතරමැද අවස්ථාවන්ද යෙදෙන්නේය.ඒ නිසා ජනාධිපතිවරයාට අතර මැද සිට හෝ මේ දෙස නැවත හැරී බැලීමට හැකි අතර ඒ සදහා මේ අවයැය විවාදය වන අවස්ථාවේ පක්ෂ - විපක්ෂ කාට වුව ඒ පිළිබදව අදහස් දැක්වීමට ඉඩ විවෘතව පවතින්නේය.ක්‍රීඩා සංස්කෘතිය,ක්‍රීඩා ආර්ථිකය යන වචන වචන වලට සීමා නොවන වටපිටාවක් නිර්මාණය වීමේදී දේශිය ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයා රැක ගැනීම සදහා ඔහුට නිෂ්පාදන මූල ද්‍රව්‍ය ලබා ගැනීමේදී බදු සහන සැළසීම,උසස් තාක්ෂනය මිළදී ගැනීමට අවශ්‍යය බදු පරිසරය සැහැල්ලු කිරීම,ගෙන්වන ලද උසස් ක්‍රීඩා භාන්ඩවල මිළ සහනය සදහා ඉදු බර අඩු කිරීම වැනි කාරණා සැළකිල්ලට ගැනීම වැදගත්ය.දේශිය නිෂ්පාදකයා රැක ගැනීම සදහා යන්න ද ප්‍රතිපත්තිමය වශයෙන් සළකා බලන තත්ත්වයක,එම බදු සහන ක්‍රීඩාවේ දේශිය වශයෙන් නිෂ්පාදන සිදු කරන පිරිසට ලබා දීම ද කළ හැකිය.
නැවතත් උදාහරණයක් ලෙස මලල ක්‍රීඩාව ගත් විට එහි උපකරණ වල මිළ රුපියල් සිය ගණනකින් අඩු වැඩි වීමද භාවිතයේ උසස් බව ප්‍රතිපලයේ සාධනීය තත්ත්වයන් නිර්ණය කිරීමට බල පා හැකි බව ඉතාමත් පැහැදිළිය.ඉතිං එවැනි තත්ත්වයක රේසින් කාර් පදින සුඛෝපභෝගී ජීවිත ගත කරන අයට අමතරව,බස් එකේ,යන සාමාන්‍ය ක්‍රීඩකයාගේ ආර්තිකයද සැළකිල්ලට ගන්නේනම් අපි බෙහෙවින් එය අගය කරන්නෙමු.
www.supirikrida.com

Nov 9, 2012

නේපාලයට එරෙහිව ශ්‍රී ලංකා බේස්බොල් ක්‍රීඩකයන්ට පහසු ජයක්


පකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක පන්ජාබ් අන්තර් ජාතික බේස්බෝල් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාව තමන් සහභාගි වූ ප්‍රථම තරගයෙන් නේපාලයට එරෙහිව පහසු ජයක් ලැබීය.ලකුණු 10 - 0 ක් වූ එම තරගයේ අවසාන ප්‍රතිපලය අනුව සුපුරුදු පරිදිම නේපාලය සමග පැවත්වෙන තරගවලදී රැක ගෙන සිටින අපරාජිත බව තව දුරටත් රැක ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

තරගයේ ප්‍රධාන පන්දු යොමු කරන්නනා (පිචර්) ලෙස කටයුතු කළ යොවුන් ක්‍රීඩක දමිත් නදීර කැපී පෙණුන අතර හොම් හිට් එකක් ලබා ගනිමින් කැපී පෙණින.තරගය තරග වට පහකට සීමා විය.
මේ අතර සත්කාරක පකිස්තානය ද සිය පළමු තරගය වට තුනකට සීමා කරමින් ලකුණු 10 - 0 ක් ලෙස ඇෆ්ගනිස්තානය පරාජය කළේය.
www.supirikrida.com 

වෙළද සේවා වොලිබෝලයට හුළං වැදෙයි



ටක ක්‍රීඩාවක පිබිදීමට අත්‍යවශ්‍යම සහය ටික කලක සිට අහිමිව සිටි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට යළි එම සහයෝගය ලැබෙන බවට සහතිකයක් ලැබෙමින් වෙළද සේවා වොලිබෝල් සංගමය ‍ක්‍රියාකිරී වෙමින්,වෙළද සේවා වොලිබෝල් තරගාවලියක් කරළියට ගෙන ඒමට සූදානම් වෙයි.දෙසැම්බර් 1 සහ 2 යන දෙදිනත් දෙසැම්බර් 16 යන දිනයේත් මේ තරගාවලිය මහරගම තරුණසේවා සබා පරිශ්‍රමයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.රුපියල් ලක්ෂ ගණනින් ජයග්‍රහාකයන් පිදෙන මෙම තරගාවලියේ මූල්‍ය අනුග්‍රහය සදහා ප්‍රධාන වශයෙන් ලංකා ටයිල්ස්,ඩීඑස්අයි සහ ස්කෑන් ජම්‍බෝ නිෂ්පාදයන් වන සීඩබ්ලිව් මැකී යන ආයතනත් ඉදිරිපත් වී සිටියි.ඉදිරියේදී ඩයලොග්,රෙඩ්බුල්,එච්එන්බී,මාස්,බ්‍රැන්ඩික්ස් ආයතනත්අනුග්‍රහය සදහා සහය වීමට පැමිණ සිටියි.

  ඒ පිළිබදව දැණුම්දීම සදහා පැවති මාධය හමුවේදී අදහස් දැක්වූ වෙළද සේවා වොලිබෝල්  සංගමයේ නියෝජතයන් පැවසුවේ වොලිබෝල් ක්‍රීඩකයාට වෙළද කේෂ්ත්‍රයේ සුරක්ෂිත රැකියාවක් ලැබෙන පරිදි නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම කෙරෙහි වෙළද සේවා වොලිබෝල් සංගමය මැදිහත් වී කටයුතු කරන බව පැවසීය.
මෙහිදී පාසල් වොලිබෝල් කේෂ්ත්‍රයේ විශාල සහයෝගයක් අවශ්‍යය බව පැහැදිළි කළ ඔවුන් වෙළද කේෂ්ත්‍රයේ රැකියා සදහා අවශ්‍යය හොද අධ්‍යාපනික පසුබිමක් ලබා දීමට පාසල් ක්‍රීඩා කේෂ්ත්‍රයේ මැදිහත්වීම ද අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය.ෂබීර් ජැ‍ෆර්ජි මහතාගේ අභාවයෙන් පසුව අභිවයට ගොස් තිබූ වෙළද සේවා වොලිබෝල් සංගමයේ අලුත් ගමණේ නියමුවානෝ වන්නේ වර්ථමාන ජාතික වොලිබෝල් සංගමයේ භාණ්ඩාගාරික ධූරය දරන රොහාන් සෝමවංශ ය.ලේකම් ධූරයට ජාතික වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන විධායක සභිකයෙකු වන ඒඑස් නාලක පත් වී සිටින අතර දැනට වෙළද සේවා කේෂ්ත්‍රයේ ඉතිරිව තිබෙන ප්‍රධානතම කාන්තා වොලිබෝල් කණ්ඩායම වන කැෂුවලයින් වොලිබෝල් කණ්ඩායමේ කළමණාකරු වන චන්දන විජේසිංහ භාණ්ඩාගාරික ධූරයට පත් වී සිටියි.
කලකට පසුව කරළියට එන වෙළද සේවා වොලිබෝල් සංගමයේ ජවසම්පන්න නායකත්වය පිළිබදව විශ්වාසය තබමින් මේ වන විටත් ආරම්භ කිරීමට නියමිත වෙළද සේවා තරගාවලියට කණ්ඩායම් 16 ක් පමණ ඉදිරිපත් වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.මාධය හමුවට පෙර ප්‍රසිද්ධියකින් තොරව මෙතරම් කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වී සිටීම පිළිබදව සතුට ප්‍රකාශ කරන වෙළද සේවා වොලිබෝල් සංගමය ජනමාධයය මගින් ලැබෙන ප්‍රචාරණය මත තරගාවලියට කාන්තා සහ පිරිමි කණ්ඩායම් 70 ක් පමණ ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ප්‍රකාශ කරයි.
තරගාවලියේ අයදුම්පත් www.supirikrida.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සළසා ඇති අතර දෙසැම්බර් පළමු දින සහ දෙවන දින මහරගම තරුණ සේවා එළිමහන් ක්‍රීඩාංගණයේ පැවත්වෙන පළමු වටයේ තරග වල සිටම දෙසැම්බර් 16 වන දින මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ පැවත්වෙන තෙවන ස්ථානය තීරණය කරන තරගය සහ අවසන් තරගය දක්වාම තරගයෙන් තරගයට සජීවි ප්‍රතිපල ප්‍රචාරය කිරීමට ද www.supirikrida.com  වෙබ් අඩවිය කටයුතු සූදානම් කර ඇත.
පිරිමි අංශයේ ජයග්‍රාහකයන් සදහා රුපියල් 150,000 ක් දෙවන ස්ථානය සදහා රුපියල් 100,000 ක් සහ තෙවන ස්ථානය සදහා රුපියල් 50,000 ක් පිරිනැමීමටත්,කාන්තා අංශයේදී ජයග්‍රහණය සදහා රුපියල් 100,000 ක්,දෙවන ස්ථානය සදහා රුපියල් 50,000 ක් සහ තෙවන ස්ථානය සදහා රුපියල් 25,000 ක් පිරිනැමීමටත් තීන්දු වී ඇත.දක්ෂතම ක්‍රීඩකයා සදහා රුපියල් 10,000 ක් ද පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත.
www.supirikrida.com

සැගවුණ හොකී ලීලය

සිය ජීවිතය ලාංකේය හොකී සංස්කෘතිය තුළ දිය වන්නට හැර එහි උච්චතම අවස්ථාවට පිවිස ජාතික පුහුණුකරු ලෙස නිල වශයෙන් පත්වීම් ලැබ ඒ තනතුරත් සමග එක් දිනක් ක්‍රීඩා පිටියට නොබැසම,සිය ජීවිතයෙන් නික්ම ගිය ලීලානන්ද ඉත්තෑපාන පිළිබදව දැන් ඉතිරිව හොකී ක්‍රීඩාව වෙනුවෙන් පෑ ලීලවන්ත කමේ මතක සටහන් පමණකි.කොළම ආනන්දයෙන් අතට ගත් හොකී පිත්ත අතින් අතට පරපුරෙන් පරපුරට මාරු කළ ලීලානන්ද සිය ජීවිතයේ අඩ සිය වසකුත් එක් වසක් ගෙවෙන තැන සදහටම නික්ම යන්නේ සිය වසක් ජීවත් වූ මිනිසෙකු ලෙසය.
'හොද මනුස්සයා' ලීලානන්ද උපයාගත් උපරිමය එය විය.ඒ නිසාම ඔහුගේ මරණය ඇසූ සැණින් කම්පාවට පත් අයගේ මුවට එම වචන දෙක නිරතුරුව නැගිණ.ආනන්දයෙන් ඇරඹි හොකී ගමන ඔහුට ආනන්දයක්ම විය.සිය දැණුම පෝෂනය කර ගනිමින් කොළඹ ඉහළම පෙළේ පාසල් ගණනාවක හොකී පුහුණුකරු වන්නට මාවත විවර කර ගත් ලීලානන්ද,ඒ පාසල් පද්ධතියන් හා බැදුණු රටේ ඉහළින් වැජඹි බොහෝ චරිතයන් හී දූ - දරුවන්ට හොකී 'අ' යන්න කියා දුන් පුද්ගලයා විය.ඒ නිසාම හෙතෙම ඔහු එවැනි ඉහළ පංතියේ දෙමව්පියන්ගේ ද 'ස්ර්' විය.
ඒත් අද එවැනි වරප්‍රසාද වලින් ස්වීය චරිතයට රැස් වළලු අල්ලා ගන්නෙකු වන්නට ලීලානන්දට අනවැසි විය.ඔහු හැම විටම කල්පනා කළේ තමන්ට සියල්ල ලැබෙන හොකී පිත්ත නිවැරදිව අල්ලා ගන්නා සහ එය නිවරදිව මෙහෙයවන පරපුරක් පිලිබදවය.
ක්‍රීඩා ශක්ති වැඩ සටහන යටතේ දරුවන් මූලික පුහුණුව සදහා සහභාගි වන මොහොතක අනුරුද්ධ හේරත් බණ්ඩාරත් මමත් ලීලානන්දත් සංවාදයේ නියැලි මොහොතේත් ලීලානන්දයන් වික්ෂෝප වූවේ හොකී දරුවන් ක්‍රීඩා කල ද එහි පදනම වන තාක්ෂණික කාරණාවන් හී පෝෂනයක් ලබා නොමැති කම ගැනය.සම්මතය බිදීමට සම්මතය දැන සිටිය යුතුය යන න්‍යායේ සිටි ලීලානන්ද අධ්‍යයනයකින් ‍තොරව නිර්මාණාත්මක විය නොහැකිය යන මතයේ සිට කටයුතු කළ අයෙකි.
අද හොකී වලට පමණක් නොව සෑම තැනකටම අඩුවක්ව පවතින්නේ එවැන්නෝය.එවැන්නෝ සිය වගකීම දිවි දෙවැනි කොට තකති.ලීලානන්ද ට ද සිය රෝගී කම පසෙකලා ක්‍රීඩා පිටියේ රැදී සිටීම සිය අසනිපය මාරාන්තික අසනිපයක් බවට පත් ක‍ළේය.
ජීවත්ව සිටින බොහෝ අයට ජීවත්වීම පිලිබදව උගනින්නට ඉතිරි කළ බොහෝ දේ සමග ලීලානන්ද නික්ම ගියේ පුරවන්නට අපහසු හිස් තැනක් සැදූ මිනිසෙකු ලෙසය.ඉතිං ඒ හිස්කම පිරෙන දවසක් පැමිණි‍ය හොත් ලීලානන්ද වගේ කියා අපට කියවෙනු ඇත.ඔබ ඉතිරිකර ගිය ඒ ලොකුම ධනය දකින සිහිනය හිතැතිව අපි යන්න යැයි නොකියමු.ඒ ඔබ වැන්නන්ගේ හිස් කම සුවිසල් අඩුවක් වන බැවිනි.ඒ නිසා ඒ හිස් තැන යළි පිරෙනු දැකීමෙන් සමාජ හිතකාමීත්වය ඇතිව අපි  ඔබට මෙසේ කියන්නෙමු.
ගිහිං එන්න!
www.supirikrida.com

ලෝක සූරයාට විදේශ සේවා

attachment (3456×4608)ශ්‍රී ලංකාවට පළමු වරට කේවල කැරම් සූරතායක් දිනා දුන් නිශාන්ත ප්‍රනාන්දුට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කරන ලද ඉල්ලීමකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංහයේ රැකියාවක් ලබා දීමට විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධක අමාත්‍ය ඩිලාන් පෙරේරා පියවර ගෙන ඇත.මීට පෙර ද ශ්‍රී ලංකාවේ කැරම් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා විශාල මෙහෙයක් කරන වරාය අධිකාරිය හරහා ද ඩිලාන් පෙරේරා වරාය නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ ජාත්‍යන්තර කැරම් තරග පැවත්වීම සදහා පවා මැදිහත් වී ඇති අතර කැරම් ක්‍රීඩාවට අත දුන් පුද්ගලයෙකු ලෙස රැකියා විරහිත ලෝක සූරයාට රැකියාවක් ලබා දීමට ඉදිරිපත් වීම අප මහත් සේ අගය කරන්නෙමු.
මීට අමතරව ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ 10 ක මුදලක් නිශාන්ත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත මෙවර ලෝක සූරතාවලියේදී ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්කර දුන් නිශාන්ත ප්‍රනාන්දුට මෙන්ම දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජනාධිපති මන්දිරයේ ජනාධිපතිවරයා ද සහභාගි වන උපහාර උත්සවයක් සංවිධානය කරන්නට පියවර ගෙන ඇත.
එසේම අප සතු තොරතුරු අනුව ලෝක සූරතාවයක් සාර්ථකව සංවිධානය කිරීමට ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ගත් උත්සාහය සාර්ථ වුව ද එම තරගාවලිය පැවත්වීමේ දී දරන්නට වූ වියදම පියවා ගැනීමට නොහැකිව කැරම් සම්මේලනය ණය කරුවෙකු වී ඇත.ලෝක සූරයෙකු රටට බිහි කරමින් ලෝක සූරතාවලියක් සංවිධානය කළ සංගමයක් ණය බරින් මුදවා තැබීම පිළිබදව සිය උපහාරය පුදන අතරේම ජනාධිපතිවරයාගේ අවධානය ද යොමු වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.
www.supirikrida.com

Nov 8, 2012

වසර ගණන් තේරීම් කමිටුවේ තපින අය ක්‍රීඩාව වනසනවා - චින්තක ජයසිංහ

ශ්‍රී ලංකාව බිහිකළ අපූරු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චින්තක ජයසිංහ දිගින් දිගටම සිය හැකියාවන් නොසළකා හරින තේරිම් කමිටුව පිළිබදව විරෝධය ප්‍රකාශ කරමින් සිය පළමු පෙළ ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ප්‍රකාශ කළා.ආසන්නම සිදුවීම ලෙස චින්තක දක්වා සිටියේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ගිවිසුම් අත්සන් කිරිමට තෝරා ගත් ක්‍රීඩකයන් 60 දෙනා අතරට හෝ සිය නම ඇතුළත් නොවීම මෙම සමුගැනිමට බල පෑ බවයි.
'මට වඩා දක්ෂතා අඩු වයසින් වැඩි පිරිසක් එතන ඉන්නවා.එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබන ඇතැම් අයත් මේ කොන්ත්‍රාත් පදනමට ඇතුළත් වී සිටිනවා.ඔවුන්ට වඩා දක්ෂතා අතින් ඉදිරියෙන් සිටියද මට ඒ අවස්තාව ලැබෙන්නෙ නැහැ'
චින්තක කාලයක සිට දකින ක්‍රිකට් පක්ෂපාතීත්වයේ අන්දරය දිග හැරියා.චින්තක බොහෝ දේවල් කළ හැකි ක්‍රීඩකයෙකු වුව ද,ඔහුට එයින් අල්පමාත්‍රයක දෙයක් හෝ කළ නොහැකි වුණා.ඔහු වරප්‍රසාදිත අනියම් ක්‍රියා මාර්ග සොයා නොයාම ඊට ප්‍රධාන හේතුව වුණා.සිය දක්ෂතා පිලිබදව පමණක් විශ්වාසය තැබූ ක්‍රීඩකයෙකු හැටියට 20 / 20 තරග කිහිපයකට හෝ සහභාගිවීමට ලැබීමත් එක් අතකින් ප්‍රාතිහාර්යයක් වන තරමට ලාකේය ක්‍රිකට් කල්ලියක උරුමයක් වී ඇතිදැයි සැක සිතෙන දේ බොහෝයි.
මේ ගැන ක්‍රිකට් ආයතනය එක්ක කතා කළේ නැද්ද?
කොන්ත්‍රාත් ලේඛණයට සිය නම ඇතුළත් නොවීම පිළිබදව බලධාරින් දැනුවත් කළේදැයි දැන ගැනීම පිණිස මාධය චින්තකව ප්‍රශ්න කළා.
'ඉහළම බලධාරියෙක්ගෙන් විමසීමක් කළා.සතියක් ඇතුළත පිලිතුරක්  දීමට පොරොන්දු වුණා.දැන් සතිය පහුවෙලා හුගක් කල් '
තව දුරටත් සිය හැකියාව තබා ගෙන හිගමනේ යාමට වඩා හිගන්නන් ලෙස ක්‍රිකට්වලට අතපා ජිවත්වෙන පිරිස ගේ බල පරාක්‍රමයන් වලින් තැලී පොඩි නොවෙන්නට චින්තක තීරණය කරන්නේ එතැනදියි.වසර ගණනක් තේරීම් කමිටුවේ එල්ලී සිටිමින් රටේ ක්‍රිකට් වෙනුවට තමන්ගේ ක්‍රිකට් රටේ ක්‍රිකට් ලෙස ලේබල් ගසා විකුණන පිරිස් දෙන ඇතැම් දේශනා කෙතරම් හාස්‍ය ජනකදැයි දැනෙන්නේ ඒ දේශනා සහ ක්‍රියාකාරීත්වයන් අතර ඇති පරතරය දුටු විටයි.
තෙවසරක් පළමු පෙළ ක්‍රිකට් සූරයා වූ චින්තක,අවසාන වරට නිමා වූ පළමු පෙළ තරගාවලියේදීත් ලකුණු 750 ක් පමණ රැස් කරන්නේ තරගාවලියේ වැඩිම හයේ පහර ප්‍රමාණය එල්ල කළ ක්‍රීඩකයාද වෙමින්.මේ කාරණය තේරීම් කමිටු සභාපතිවරයාගේ වචන වලට අනුව චින්තක 20/20 ශ්‍රී ලංකා සංචිතයේ රදවා ගන්නට විශාලතම හේතුවක් වෙනවා.
සභාපතිවරයාට අනුව ගත්විට ශ්‍රී ලංකාවේ 20 / 20 පරාජයට බල පැ ප්‍රධානතම හේතුවක් වන්නේ දිගු පහර සදහා යා හැකි ක්‍රීඩකයන් නොමැති වීමයි.එසේනම් චින්තක එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව මෙල් ගේ අවදානයට ලක් නොවන්නේ මන්ද?අඩුම තරමේ හොංකොං සය සාමාජික තරග සදහා හෝ?
'20/20 සංචිතයෙත් ඉන්නවා මම තරම් හොදට නොකරපු අය,හොංකොං ගිය හතම මම තරම් හොදට කරල තිබුණෙ නැහැ.තේරීම් කමිටු සභාපතිවරයා කියන්නෙ එය කැමති අය හයේ ඒවා ගහනවා මදි කියලා-ඒ අයට ගහන්න කියල වෙන්නැති.'
චින්තක ඊට වඩා රටේ අසාධාරණයට ලක් වූ අයත් කට වසා සිටියදී,සිය කටහඩ ඉදිරිපත් කරන්නට එළැඹීම කෙතරම් අගය කළ යුතුදැයි හැගෙන්නේ මෙරට බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නා වන චමින්ද වාස් ගෙන් හෝ කිසිදු වැඩක් නොගෙන සිටින ක්‍රිකට් පාළකයන්ට ඔහු නවසීලන්තයෙන් තොරා ගන්නා විටවත් ඇස් නොහරෙන විටයි.එසේම ලෝකයම පිළිගත් ක්‍රීඩකයෙකු ලෙස වාසි වැන්නෙකුගේ හඩින් කළ හැකි බලපෑම සගවා සිටියදි චින්තක වැන්නන් ඉදිරියට ඇවිත කරන මේ අදහස් දැක්වීම් පිලිබදව කිව යුත්තේ එය අති විශිෂ්ඨයි යන්නයි.
මේ තේරිම් කම්ටුවට සහ යාන්ත්‍රණයට අභියෝග කිරීමෙන් එය ක්‍රිකට් වෙනුවෙන් සසල කරන සටනක් කරන්නේද යන්න හෝ සිය උවමනාවන් සදහා එම යාන්ත්‍රණයන් නම්‍යශීලී කර ගන්නා සටනක් කරනවාද යන්න පිළිබදව යමෙකුට සිතා බැලිය හැකියි.ඉන් දෙවැන්න පිලිබදව උදාහරණයන් දැනටමත් අපි විදිමින් සිටිනවා.ඒ මාවන් අතපත්තු වෙතින්.ඔහු හැදින්වූ මපට් තේරීම් කමිටුවත් සමග එකග වී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හැකි දීගයකට පිවිසීම දක්වා ඔහුගේ විවේචනය ලඝු වී තිබෙනවා..
'මම මේ අය ඉන්න කම් ක්‍රිකට් කෝච් කරන්නෙවත් නෑ'
චින්තක මාවන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිට සිය අවශ්‍යයතාවය කේන්ද්‍ර කර නොගත් ක්‍රිකට් කේන්ද්‍රීය හඩකින් එසේ පැවසීම පැසසුම් සහගතයි.එහෙත් මේ හඩට අසන්ත ද මෙල් ලා පිළිතුරු දෙන්නට නො'එන බව අපි දනිමු.එය පෞද්ගලික වගකීමක් ලෙස සිතා කටයුතු කරනු විනා සිය තේරීම් ගැන ජාතික වගකීමක් ලෙස සළකා ජාතික මාධ්‍යයකට හෝ පිලිතුරු දෙන්නට නොයන වපසරියක ජාතික ක්‍රිකට් තමන්ගේ ක්‍රිකට් ලෙස ගෙන කටයුතු කිරීමට අසන්ත ඇතුළු නඩයට ඉඩ දී සිටින ක්‍රීඩා පරිපාලනයක තවත් චින්තකලා දහස් ගණනක් අපට අහිමි විය හැකිය.
ඒ ඛේදවාචකයේ මුවදොර ළග නැවති අපි චින්තකගේ හඩින් කියන මේ වචන වල බර ගැන සිතන ලෙස සමස්ත ක්‍රිකට් ලෝලීන්ට ආරාධනා කරමු.
'ක්‍රිකට් නගා සිටුවීම පිලිබදව කරන ව්‍යාපෘති කෙතරම් පලදායකද කියල තව අවුරුදු දෙකක් යන්න ඉස්සර දැනෙයි.විශේෂයෙන් අද ඉන්න ක්‍රීඩකයො දෙන්නෙක් තුන් දෙනෙකු ගියාට පස්සෙ ඒ ගැන බලා ගන්න පුළුවන්'
චිනතක කියන දේ අනාගතයට බාර දී නිහඩව සිටින්නේ ද ඒ වචන වල හරයන් සොයා ගවේශනයක නිරත වන්නේද යන්න ක්‍රිකට් සහ ක්‍රීඩා බලධාරින් කළ යුතු කාරියකි.අසන්ත කිසිවකය පිළිතුරු සපයන්නේ නැති බව දන්නා නමුත් මේ රටේ ක්‍රිකට් ආර්ථිකය ශක්තිමත් කරන ජනතාව වෙනුවෙන් අපට අසන්නට ප්‍රශ්නයක් ඇත.තෝරා ගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ චින්තකගේ දක්ෂතා ප්‍රසිද්ධ කළ හැකිද?තොරා ගත් ඇතැම් ක්‍රීඩකයන් චින්තකට වඩා අඩු දක්ෂතා සහ වයසින් ද වැඩි පිරිසක් වන්නේ නම් ඊට බල පැ හේතුව කවරේද?යම් තරමක හෝ පාරදෘශ්‍ය බවක් ක්‍රිකට් ආයතනය තුළ වේදැයි දැන ගැනීමට මෙම සටහන අප පෞද්ගලිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රධානියා වෙත ද විද්‍යුත් තැපෑල මගින් යොමු කරන්නෙමු.සිය තනතුර ක්‍රිකට් ආයතනයේ ප්‍රශස්ති ගයන වන්දිභට්ටකමක්  පමණක් නොවන්නේ නම් ඔහුට හෝ මාධ්‍ය සම්බන්ධිකරණයේ එක් කාර්‍යයක් ලෙස සළකා මෙම කොන්ත්‍රාත් ගිවිසුමට තෝරා ගත් ක්‍රීඩකයන්ගේ ආසන්න දක්ෂතා කවරේද යන්න හෙළිදරව් කළ හැකිය.
අපි බලා සිටින්නෙමු.ඒ චින්තක වෙනුවෙන් නොව,ක්‍රිකට් වෙනුවෙනි.
www.supirikrida.com

ලංකාවේ පළමු ප්‍රතිවාදීන් වන්නේ නේපාලය

කිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක පන්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය හෙට නේපාලයට එරෙහිව පැවත්වෙනවා.ඒ එරට වේලාවෙන් පෙ.ව. 11.00 ට.සත්කාරක පකිස්තානය ඇතුළුව ශ්‍රී ලංකාව,නේපාලය,ඇෆ්ගනිස්තානය මෙම තරගාවලිය නියෝජනය කරන අතර ලීග් ක්‍රමයට ක්‍රියාත්මක තරගාවලියේ ශ්‍රී ලංකාවේ දෙවන තරගය අනිද්දා එරට වෙලාවෙන් පෙ.ව.11.00 ට ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවත්වෙනවා.ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය ලීග් වටයේ අවසාන තරගය වන අතර එය 13 වන දා එරට වේලාවෙන් පෙ.ව. 11.00 ට පැවත්වීමට නියමිතයි.
තරගාවලියේ ආරම්භක තරගය අද එරට වේලාවෙන් පෙ.ව. 11.00 ට ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර පැවත්වීමට නියමිතයි.10 වන දා පකිස්තානය සහ නේපාලය අතරත්,12 වන දා නේපාලය සහ ඇෆ්ගනිස්තානය අතරත් තරග පැවත්වීමට නියමිතයි.තරගාවලිය නියෝජනය කරමින් 18 දෙනෙකුගෙන් ක්‍රීඩක කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව සිටියද,අවසානයේ එම ප්‍රමාණය 17 දක්වා අඩු වුණේ පෞද්ගලික හේතුවක් මත ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත්ව ගිය නිසයි.එයට ආදේශකයක් ලෙස වෙනත් ක්‍රීඩකයෙකු යොදා ගැනීමට ජාතික සංචිතයක් නොමැති වීම බල පෑ බව බේස්බෝල් කේෂ්ත්‍රයේ මතය වි ඇති අතර,මෙම තරගාවලියට නිලධාරීන් හය දෙනෙකු සහභාගි කිරීමට පකිස්තානයෙන් ලැබෙන සහය මත නිලධාරීන් හය දෙනෙකු රැගෙන ගිය ද,එයට ක්‍රීඩක අවශ්‍යයතාවයක් ලෙස සළකා භෞත චිකිත්සකයෙකු හෝ සම්භාහකයෙකු රැගෙන යාමට අමතක කිරීම කණගාටුදායක තත්ත්වයකි.
www.supirikrida.com

ලෝක සූරතාවයක් දිනා ගැනීමටත් වඩා අපහසු රස්සාවක් සොයා ගැනීම

පාලුව කපන්නට මල ගෙදර දිග ඇරෙන කැරම් ලෑල්ලට ඊට වඩා වටිනාකමක් තියෙනවා කියන එක පසුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවේ කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔප්පු කරල තියෙනවා.පොඩියට හරි පාසල් කිහිපයක්ම කැරම් ක්‍රීඩාවක් හැටියට පවත්ගෙන යන්න පටන් අරගෙන තියෙනවා.නිශාන්ත ප්‍රනාන්දු සහ චමිල් කුරේ ප්‍රංශයේ පැවති ලෝක සූරතාවය දිනා ගෙන ආවම ඇති වූ මේ පිබිදීමට එවකට හිටිය කැරම් පරිපාලනය ඒ දෙදෙනා තෘප්තිමත් කිරීම වෙනුවෙන් කළ දහසින් බැදි පියලි ප්‍රදානයන්ද ඊට බලපැවා.
මේ අතරින් නිශාන්ත යළිත් ලෝක සූරයා වුණා.ඒ තනිවම.වරක් යුගල ලෝක සූරතාවයේ සහකරු වෙමින්ද,දැන් කේවල සූරයා වෙමින්ද ශ්‍රී ලංකාවට දෙවරක් ලෝක සූරතා ගෙනෙන්නට දායක වී සිටින්නේ නිශාන්ත පමණයි.ලාෆීර් 70 දශකයේ ගෙනා බිලියඩ් ලෝක සූරතාවයෙන් පසු 96' අර්ජුන ඇතුළු පිරිවර ක්‍රිකට් ලෝක සූරතාවය ගෙන එන තෙක්ම ලංකාවට ලෝක සූරතාවයක් ලැබිල තිබුණේ නෑ.මේ දෙක හැරුණ විට ලංකාවට තියෙන්නෙ ලෝක සූරතාවයන් දෙකයි.ඒ නිශාන්ත,චමිල් සමග එක්ව දිනා දුන් ලෝක සූරතාවය සහ නිශාන්ත මෙවර දිනා ගත් ලෝක සූරතාවයයි.
නමුත් ලෝක සූරතාවයක් දිනා ගන්නට කෙතරම් කැපවීමක් කළ යුතුද යන්න කාටවත් වැටහිලා නැති ගාණට දවස ගෙවෙනවා.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ට හිතෙනවා ඇති මේක නම් මොකද්ද වගේ හැගීමක්.ඒක එහෙම වෙනවා ප්‍රායෝගික නැති මිනිස්සු තීන්දු තීරණ ගන්න කොට.සමහර වෙලාවට දැලට බෝලයක් දා ගන්න බැරි මිනිස්සු,ගෝල කණු දෙකට පාපන්දුව තල්ලු කර ගන්නට බැරි මිනිස්සු ඒක බැරි වුණාට කැරම් බෝඩ් එකේ ප්‍රමාණය බලලා මේකනම් මොකද්ද කියල හිතල ඒ ගැන නොකතා ඉන්න පුළුවන්.ඒත් කැරම් ලෑල්ලෙ තියෙන  හිල ඒ දෙකටම වඩා ගොඩක් කුඩා සිය ඇගිලිවල ඉලක්කය පමණක් යොදා ගෙන ක්‍රියාකළ යුතු දෙයක් බව හිතන්න ඒ අයට බැහැ.
හැබැයි රට රටවල් මේ ලෝක සූරතා තරගයට එන්නෙ එකක් ඒකෙ ලෝක පිළිගැනිමක් තියෙන නිසා කියන කාරණය තේරුම් ගන්න ඕනි.දෙක ලෝක සූරතාවයක් ඇතුළත රට රටවලින් පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදින්නෙ මේක ජය ගැනීම පහසු වැඩක් නොවන නිසයි.ඒ නිසා මේ ලෝක සූරතාවයත් ලෝකයට අපේ රටේ නම රැගෙන ගිය,ලෝකය ඉදිරියේ රටේ නම ආඩම්බරයෙන් සටහන් කර තැබීමක් බව අප පිළිගත යුතුයි.
ඉතිං එවැනි ජාතික වීරයෙක් රැක ගැනීම ඔහුට ගෞරව දැක්වීම රටේ ක්‍රීඩා බලධාරීන්ගේ යුතුකමක් නෙමෙයිද?ඔහු පළමුව සේවය කළ ආයතනික ව්‍යහුය ඇතුළතින් ලෝක සූරතාවයට ලැබුණු පිළිගැනීම ගැන අප දැන සිටියා.නමුත් එය ආර්ථික කළබැගෑනියකින් වැසී ගිය පසු ඇති වූ රාජ්‍යමය වශයෙන් සම්බන්ධ පරිපාලනයට ලෝක සූරයෙක් සිය ආයතනික ව්‍යහුය ඇතුළත තබා ගැනීමේ වගකීම හෝ එයින් කීර්තියක් ලබා ගැනීම කියන කාරණය වැදගත් වුණේ නැහැ.ඒ නිසා ඔහුට සිද්ධ වෙන්නෙ ගෙදර යන්න.
පසෙකින් ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරිම ගැන,ක්‍රීඩා ආර්ථිකයක් ගැන කතා කරද්දි ඒ කතා කරන රාජ්‍යමය ව්‍යහුය ඇතුළතින්ම ලෝක සූරයෙක්ට ගෙර යන්න පාර කපනවා.ලෝක සූරයෙක් රස්සාවක් නැතිව රස්සාවක් හොයා ගෙන පාරෙ අවිදිනව නම්,ඒ රටේ ඇති ක්‍රීඩා සංස්කෘතිය කුමක්ද?ලෝක සූරයෙක් කඩත්තු කරන්න ක්‍රමයක් නැති රටක කුමන ක්‍රීඩා ආර්ථිකයක්ද?
අමාත්‍යවරයාගේ දොර විවර කර ඇතුළුවන බොහෝ දෙනෙකුට ඇති ගැටළු පෞද්ගලික වීම සාමාන්‍ය දෙයක්.රාජකාරි ලිපි ගොනුවක් රැගෙන එන නිලධාරියාත් ආපසු හැරී යන විට ස්ර් අර මගේ වැඩේ කියා කුමක් හෝ සිහිපත් කර යන එකත් අලුත් අත්දැකීමක් නෙමෙයි.ඒත් ලෝක සූරයෙක් රස්සාවල් හොය හොයා පාරේ රස්තියාදු වෙනව,ඒක ක්‍රීඩාවට එච්චර හොද දෙයක් නෙමෙයි කියල සිහිපත් කරන්න කෙනෙක් නැති බව අපි දන්නව.ඒ නිසාම මේ වගෙ සටහනක් ඇස නොගැටෙන්නත් ඉඩ තියෙනවා.මේ ගැන යමක් කළ යුතුයි කියල කියන්න කෙනෙක් නැති වෙන්න තියෙන ප්‍රතිශතයත් අඩුයි.ඒක අපි අත්දැකීමෙන් දන්නවා.නමුත් මේක රටේ ක්‍රීඩාවේ ඛේදවාචකයක්.ඒක ක්‍රීඩා ඇමතිවරයාගේ සිට ක්‍රීඩා ඇමතිවරයාගේ දැක්මේ- ක්‍රියාවේ  සීමාවන් හී පරාසය පුළුල් වීම වළක්වා සිය පැවත්ම වෙනුවෙන් එය පටු කාරණා මතට ලඝු කරගෙන සිටින අයටත් අදාළයි.
එසේම ලංකාවේ කැරම් ගැන කතා කරද්දී අමතක නොකළ යුතු පරම්පරා දෙකක් ගැනත් කියවෙනවා.එකක් වික්‍රමසිංහ පරපුර.අනෙක මතායෙස් පරපුර.මේ දෙපිරිස කිසිවෙකුට එකම මේසයකට අරගෙන ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් මෙහෙයවන්නටත් බැරි වෙලා තියෙනවා.ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ කාරණය පිළිබදවත් අවධානය යොමු කරන්න පුළුවන් නම් කැරම් ක්‍රීඩාව තව දුරටත් ලෝකයට අභියෝග කරන ලාංකේය සළකුණක් බවට පත් කළ හැකි බවත් අවධාරණය කරනු කැමැතියි.
www.supirikrida.com

Nov 7, 2012

ක්‍රීඩා ඇමති නොදුටු පෙරහැර

පෙරහැරේ යන්නාට පෙරහැර නොපෙනේ.ඒ නිසා ක්‍රීඩා ඇමතිවරයාද පෙරහැරේ යනු විනා පෙරහැර දකින අයෙක් නොවේය.ඔහු පෙරහැර බලා විස්තර කියන්නට පවරා ඇති අයද ඇමතිවරයාට නොපෙනෙන්නට පෙරහැර නෙබලාම මග හැර යන්නේය.අනතුරුව හොදට නැටූ - බෙර ගැසූ අය ලෙස ඔවුන් ඇමතිවරයා ඉදිරියේ වනන්නේ ඇත්‍ත නැට්ටුවන් ගැන හෝ භේරී වාදකයන් ගැන නොවේය තමන්ට හිතවත් නොන්ඩි නැට්ටටුවන් ගැනය.ඇතැම් විට හොදම භේරී වාදකයන් ලෙස ඔවුන් වනන්නේ තාලම් පොට වැයූවන්ය.
දැල්පන්දු කේෂ්ත්‍රය සම්බන්ධයෙන් කියන්න ඇත්තේද නැට්ටුවන්ගේ වගකීම නොන්ඩි නැට්ටුවන්ටත්,බෙර වැයීම තාලම් පොට ගසන්නන්ටත් භාර දී තිබෙන බවය.ඇමතිවරයාද එය ඒකමතිකව අනුමත කර ඇත්තේ වසර ගණනක් පුරා හොදින් ප්‍රශස්ති කලාව ප්‍රගුන කර ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් තමන්ගේ වැඩේ කර ගන්නට වැනුම් කලාව හොදින්ම ප්‍රගුණ කර තිබෙන නිසාය.එහෙත් ඇමතිවරයා ආසියානු දැල්පන්දු පරාජයෙන් පසු සිදු වෙමින් තිබෙන බොහෝ වෙනස්කම් නිවැරදිව නොදැන සිටින බව නම් අපට විශ්වාසය.
පරාජයේ වැඩි වගකීම් පැවරුණේ පුහුණුකාරියටය.නමුත් ඇය ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට මත්තෙන් අමාත්‍යංශයට,අමාත්‍යවරයාට,අතුරුපාලක කමිටුවට ගෝරනාඩු කරවරද පටවා පළා ගියේය.ඉන් පසුව ආ පරීක්ෂනයට ඉතුරු වුණේ අශ්වයා නොව උගේ සැදෑලය ය.එනම් අතුරු කමිටුවය.දැන් තලන්නේ අතුරු කමිටුවටය.එහෙත් අතුරු කමිටුවේ සිටි යසා රාමචන්ද්‍ර හෝ චන්ද්‍රානි පතිරාජ ඒ තීරණ වලට වගකිව යුතු නැද්ද?
දැන් නැවතත් මදක් ඉතිහාසයට ගොස් බලන්න.මේ සියළු අර්බූද ඇති වූයේ ආසියානු කුසලානය ලංකාවට දිනා දුන් පුහුණුකාරිය තිලකා ජනදාස ගේ ඉවත් කිරිමත් සමගය.එයට පිඹුරුපත් සකස් කරන්නට මේ දෙදෙනා සම්බන්ධම නැද්ද?එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට නොයා නිවැරදිව විමසා බැලිය හැකිනම් කවුරුත් බබාලා නොවන බව අමාත්‍යවරයාට සාධක ඇතිවම සොයාගත හැකිය.
දැන් නැවත පරීක්ෂණය පමා වීමෙන් ඇති වූ තත්ත්වයන් කවරේද යන්නත් අමාත්‍යවරයා දත යුතුය.පුහුණුකාරිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ප්‍රමාදයෙන් වැළකෙද්දී ඇය ජාතික කණ්ඩායමේ තමාගේ සහය පුහුණුකාරිය දැරූ තනතුර ඉහළින්ම බලපෑම් ඇති කර උදුරා ගෙන ඇති බව අමාත්‍යවරයා තවමත් නොදන්නවා විය යුතුය.ත්‍රිවිධ හමුදාවක අලුත පත් වූ ප්‍රධානියෙකුගේ බිරිද හා ඇති හිතවත් කම භාවිතා කොට එතෙක් කල් ජාතික කණ්ඩායමේ සහය පුහුණුකාරිය පුහුණුකරමින් සිටි එම හමුදා කණ්ඩායමේ පුහුණුකාරිය වන්නට ඇය සමත් වී ඇත.එක අතකට අමාත්‍යවරයාගේ සේවක මණ්ඩලයට ඇති වේගවත් ක්‍රියා පිලිවෙත ඉක්මවා ගිය වේගයකින් අවශ්‍යය ඉලක්ක සපුරා ගැනීමට ඇයට තියෙන හැකියාව විශිෂ්ඨය.ඒ පිළිබදව  අමාත්‍යවරයාද මේ මෑතක ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී ඒ බව පවසා තිබීම නිසා ඔහු එය නොදන්නා බව ද අපි නොසිතන්නෙමු.
අමාත්‍යවරයා කියන දේ වේගයෙන් කිරීමට හෝ ඒවා මත පිහිටා කටයුතු කිරීමට ප්‍රමාණවත් නිලධාරී පිරිසක් නොවන බව අපි අත්දැකීමෙන් දනිමු.එහෙත් ඒ කියන ලේබලය යටතේ සුපුරුදු දේවල්ම කරන්නට අමාත්‍යවරයා පොළඹවාගෙන සිටින බව අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයටද නොතේරෙන්නට කර ගැනීමට හැකි ලිස්සන ද්‍රව්‍ය මේ බොහෝ දෙනා සතුව ඇති බව නම් පැහැදිළිය.සුපරුදු වැණුම් ඉදිරිපත් කර හෘදයාංගම බව පාමින් ඔවුන් පරණ කාර්යයන් කර ගැනිමට පරණ ලිපි ගොනු වල කාර්යයන්ගෙන්  වෙනස් කරන්නේ එක් දෙයක් පමණි.ඒ අමාත්‍යවරයා අනුමත කරන සුළු ලේබලයකින් ගොනුව නම් කිරීම පමණි.
අමාත්‍යවරයා මේ මෑතක දැල්පන්දු ප්‍රේමීන් අමතන විටෙක දැනට ජාතික තලයේ සිටින පුහුණුකාරිණියක් ආවේගශීලීව සහ නිවැරදිව මේ වී ඇති දේ සහ එයට පාදක හේතු පැහැදිළි කිරීමක යෙදුණේ අමාත්‍යවරයාගේ පැසසුමටද ලක් වෙමින්ය.නමුත් අනතුරුව කවුරුන් බලයට ආවද අතුරු කමිටුවේ හෝ බලයට පත්වන කණ්ඩායමේ එල්ලී සිටීමේ කලාව හොදින් ප්‍රගුණ කළ නිලධාරිණියක ඇයට බැන වැදීමෙන් නොනැවතී දැනට ඇය පුහුණු කරන කණ්ඩායමකින් එම කණ්ඩායමට අදාළ ආයතනයේ සිටින සිය ඥාතියෙකු වන නිලධාරියෙකුගේ උදව්වවේ ඇය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා දන්නේ නැත.
එසේ ඇයද පැවසූ අමාත්‍යවරයාද පිළිගත් දැල් පන්දු ක්‍රීඩාවේ ප්‍රගමනයට ඇති තාරුණ්‍යයේ මැදිහත් වීම වෙනුවට අද ඇමතිවරයාටම හැට පැනපු අය පුහුණුකාරිත්වයට ද,තේරීම් කමිටුවට ද ගෙන එන්නට අනුමැතිය දෙන්නට සිදු වී ඇත.කුඩ ඉහළන් කණෙන් යන්නාක් මෙන් අමාත්‍යවරයාම කියන ප්‍රතිපත්ති කාරණා දෙදරවාලමින් සිය බලය සහ උවමනාවන් යාවත් කාලීන කරන පිරිසගේ ගොදුරක් විනා අමාත්‍යවරයා සිය හෘද්‍ය සාක්ෂියේ සාක්කිකරුවෙකුවත් වෙන්නට හැකි වී නැත.හොදින් විමසා බලන විට අමාත්‍යවරයාටම ඒ බව තේරුම් ගැනීමට හැකිවනු ඇත.ඔබ තවමත් ඔබේ හෘද්‍ය සාක්ෂියේ චූදිතයෙකි.
www.supirikrida.com

ඩිල්ෂාන් ගේ සැණකෙළියේදී වෙට්ලින්ගේ ගිනිකෙළි පුස් බවට පත් වෙයි

Tillakaratne Dilshan plays an unorthodox shotශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන්නට යෙදුණු තුන්වන එක්දින තරගයේදී ද සුපුරුදු පරිදි වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී තිලකරත්න ඩිල්ෂාන් දියත් කළ සුපිරි පිති හරඹය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ එල්ල වූ පන්දු ඕවර් 33 දී ලකුණු 197 ක ඉලක්කය පන්දු ඕවර් 31.1 ක් තුළ පරයා ගොස් කඩුලු 3 ට ලකුනු 200 ක් ලබමින් කඩුලු 7 ක ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකි විය.පන්දු 95 දී හතරේ පහර 12 ක් සමග ශතකය සම්පූර්ණ කිරිම සදහා එල්ල කළ හයේ පහරෙන් යුත් ඉණිම තරගය නිමාවන විටත් නොනිමී තිබුණේ ලකුණු 102 ක් සටහන් වෙමින්ය.
පළමුව පන්දුවට පහර දිමට කාසියේ වාසිය ලත් මහේල ගේ ආරාධනයෙන් පිටියට පිවිසි නවසීල්නතයට මුල් පෙළ පිතිකරුවන්ගෙන් එතරම් සහයක් නොලැබිණ.පන්දු ඕවර් 16.3 ක් වන විට කඩුලු 4 ක් දැවී ලකුනු 49 ක් පමණක් වූ නවසීලන්ත ඉණිම ලකුණු 150 සීමාවෙන් නවතින බවක් පෙන්නුම් කළ ද,ජෙම්ස් ෆ්‍රෑන්ක්ලීන් නවසීලන්ත ඉණිමේ නැංගුරම වූ බීජේ වෙට්ලින්ගේ සහයට එමින් ලකුණු 56 ක සබදතාවයක් පස්වන කඩුල්ල වෙනුවෙන් පැවත්වීය.නමුත් යළිත් ලකුණු 117 වෙද්දී කඩුලු 6 ක් අහිමිව තිබූ නවසීලන්තය වෙනුවෙන් වෙට්ලින්ගේ දෑත ශක්තිමත් කිරීම පිණිස එක් වූ නේදන් මැකලම්,තරගය නිම වන තෙක්ම වෙට්ලින්ග් සමග නොදැවි සිටිමින් ලකුණු 71 ක සබදතාවයක් පැවත්වූවේ පන්දු ඕවර් 6 ක් තුළ ලකුණු 71 ක් ලබා ගනිමින්ය.
ආරම්භක පිතිකරුවා ලෙස සැළසුම් සහගත ඉණිමක් ගොඩ නැගූ වෙට්ලින් අවසාන පන්දු ඕවර් කිහිපය තුළ ගිණිකෙළි සංදර්ශණයක් දියත් කළ අතර ඒ අනුව ඔහුට තරගය නිමා වන විට පන්දු 88  ක් තුළ ලකුණු 96 ක් හිමි වී තිබිණ.නේදන් මැකලම් ලකුණු 22 ක් ලබා නොදැවී සිටියේ පන්දු 18 ක් තුළදීය.ශ්‍රී ලංකාව වෙනුවෙන් හොදින් පන්දු යවමින් සිටි ජීවන් මෙණ්ඩිස්,නුවන් කුලසේකර මෙන්ම ලසිත් මාලිංග ද අවසාන පන්දු ඕවර් කිහිපයේදී වෙට්ලින්ගේ සහ මැකලම් ගේ අනුකම්පා විරහිත ප්‍රහාරයට ලක්විය
පිළිතුරු ඉණිම සදහා පිවිසි ශ්‍රී ලංකාවේ ඉලක්කය පන්දු ඕවර් 33 තුළ ලකුණු 197 ක් විය.වර්ෂාව නිසා ඇති වූ තත්ත්වයන් පාලනය කර ගනිමින් එම ගමන යාම පහසු නොවිණ.ලකුණු ඉලක්කය 6 .00 ට ආසන්න විය.ඒ පීඩනය තව දුරටත් වැඩි කරමින් උපුල් තරංග (10),කුමාර සංගක්කාර (15) සහ මහේල ජයවර්ධන(05) ලකුණු පූවරුව 73 ක් වන විට පිටියෙන් ඉවත්ව සිටියේය.කණ්ඩායමේ ඉතිරිව සිටි අත්දැකීම බහුලම පිතිකරුවා ලෙස ඩිල්ෂාන් පිට පැටවි පීඩනය සැහැල්ලු කළ හැකි විශ්වසනීය සහයෝගයක් ඇවැසිම මොහොතේ ඒ වෙනුවෙන් දායකත්වය දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් අවදානම් පහර වෙනුවට සිය දෙපයේ ශක්තිය මුල් කර ගනිමින් කෙට් ලකුණු එක් කර ගනිමින් ලකුණු පරතරය විශාල වීම වළකින සැළසුමක් දියත් කරන්නට විය.
ඩිල්ෂාන් සිය සගයාට ප්‍රහාරාත්මක වීම පවරමින් සහ ඔහු ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට ඇති අවකාශය පුළුල් කරන සහයෝගාත්මක ඉණිමක් දියත් කරන්නට විය.එහි ප්‍රතිපලය වූයේ මැතිව්ස් අගනා අර්ධ ශතකයක උරුමකරුවෙක් වෙද්දී ඩිල්ෂාන් සිය දිවියේ ක්‍රීඩා කළ හොදම ඉණිමක අවසානයේ හිමි විය යුතුම තිබූ ශතකයක උරුමක්කාරයා වීමය.අගනා සැණකෙළියක් බදු වූ ඩිල්ෂාන් ගේ ඉණිම තුළ පිටියේ දසතට එල්ල වූ ප්‍රවේගකාරි පහර මෙන්ම  නිවැරදි ස්ථාන ගත කිරීම් ආදිය නො'අඩුව දකින්නට ලැබුණු අතර,විශාල ලකුණු ඉලක්කයක් සහ ඉක්මණින් කඩුලු අහිමිවිමේ  පීඩනය මැද ඩිල්ෂාන් ගේ ඉණිම ඉතා ඉහළ මට්ටමක පැවති බව පැවසිය යුතුමය.
www.supirikrida.com

ජනිත මාල දිවයින හොල්ලයි

මාල දිවයින ජාතික වොලිබෝල් ලීග් සූරතාවලියේදී STO Recreation කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිත සුරත් ඉතා ඉහළ දස්කම් දක්වමින් අවසාන තරගයේදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත් කර දුන්නේය.වසාන තරගයේදි Dhivehi Sifainge  කණ්ඩායමට එරෙහිව ලකුණු 25 -21,25 -20 සහ 25 - 23 ක ් ලෙස වට 3 - 0 ක ජයක් ලැබූ ජනිත් ගේ කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ හොදම පන්දු පිරිනමන්නා ලෙසද සම්මානනීය වෙමින් ජනිත කැපී පෙණින.
ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණනාවක් මෙම තරගාවලියේ විවිධ කණ්ඩායම් සදහා ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද මෙම තරගාවලිය සාමාන්‍යයෙන් නියෝජනය කළද,මෙවර සහභාගි වන්නේ ජනිත පමණි.ඔහු පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ පැවති කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ජාතික මට්ටමේ තරග සෑම එකකදීම පාහේ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට මුල් වෙමින් තරගාවලියන් හී විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ක්‍රීඩකයා ලෙස මෙම තරගාවලියේදී ද එම දක්ෂතා තව දුරටත් පවත්වා ගෙන යමින් ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයන්ගේ දායකත්වය ලද කණ්ඩායම් STO Recreation කණ්ඩායම ඉදිරියේ දණ ගැස්වීම සදහා මුළිකත්වය ගනිමින් ලාංකේය වොල්බෝලයට ගෞරවනීය නමක් දිනා දීමට පෙරමුණ ගත්තේය.
STO Recreation කණ්ඩායම වෙනුවෙන් අංක හතරෙන තරග වදින ජනිත
මාල දීවයින ලීග් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් මෙවර එක ක්‍රීඩකයෙකු පමණක් ඉල්ලා සිටියදී,ජනිත් වොනුවට වෙනත් ක්‍රීඩකයෙකු යොමු කිරීමට උත්සාහ කළ ජාතික මට්ටමේ වොලිබෝල් පුහුණුකරුවෙක් පිලීබදවද,මාල දිවයින වොලිබෝල් පරිපාලනය ජනිත් ගැන කතා කරන ප්‍රසාදයේ තරමටම අප්‍රසාදයෙන් කරුණු පළකරන බවද මාල දිවයින ආරංචි මාර්ග පෙන්වා දෙන අතර මාල දිවයින ජාතික සූරතාවලියේ අවසාන තරගය අද පැවත්වෙන අතර එම අවසාන තරගයට ද STO Recreation කණ්ඩායම රැගෙන එන්නට ජනිත් සුරත් ගේ දක්ෂතා මූලික වී ඇත.
ජනිත ගේ දායකත්වය ප්‍රධාන කර ගනිමින් ලීග් තරගාවලියේ ආරම්භයේදී අංක පහට ශ්‍රේණිගතව සිටි STO Recreation කණ්ඩායමට ලීග් සූරතාවය දිනා ගැනීමට හැකි වීම මෙන්ම අද පැවත්වෙන ජාතික සූරතාවලියේ අවසාන තරගය සදහා තේරීපත් වීමට හැකි වීම යන කාරණා නිසා මේ වන විට ජනිත මාල දිවයින වොල්බෝල් ලෝලීන් අතර විශාල ප්‍රසාදයක් දිනා ඇති බව ද දැන ගන්නට ඇත.
www.supirikrida.com

චින්තක සමු ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජාතික කණ්ඩායමට   ක්‍රීඩා කළ යුතු බොහෝ දෙනෙකුට එම අවකාශය නිසි   කලට නිසි ලෙසට හිමි නොවීමේ ඛේදවාචක බොහෝය.එම ඉරණමට මුහුණ දුන් සුවිශේෂි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ චින්තක ජයසිංහ අද සිය පළමු පෙළ තරගවලින් සමු ගනියි.අවස්ථා කිහිපයකදීම පළමු පෙළ තරගාවලි වල දක්ෂතම ක්‍රීඩකයා වීමට ලැබුණද තේරිම් කම්ටු වලින් අවස්ථා දිනා ගැනීමට හැකි නොවූ චින්තකට හැකි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 20 / 20 තරග කිහිපයකට සහ ඒ කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් සෑහෙන්නට ය.
Chinthaka Jayasinghe - Sri Lanka Portrait Session - ICC T20 World Cupදැනට 34 වන වියේ පසුවන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද කළ චින්තක,පළමු පෙළ තරග වලදී ලකුණු 4960 ක් සහ කඩුලු 104 ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්   වූ ක්‍රීඩකයෙකි.
අද සිය සමුගැනීම නිමිත්තෙන් චින්තක මාධය හමුවක් පැවත්වීමට තීරණය කර ඇති අතර එය ඔහු ක්‍රීඩා කළ කොළඹ බ්ලූම්පීල්ඩ් ක්‍රීඩා සමාජයේදී පැවත්වෙනු ඇත.ක්‍රිකට් තරග නැරඹීම සදහා විශාල උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබුණද,ජාත්‍යන්තර තරග කෙරෙහි වන ඒ උනන්දුව සෙසු දේශිය ක්‍රිකට් තරග නැරඹිම සදහා දකින්නට නොලැබෙන බැවින් චින්තක වැනි ක්‍රීඩකයන් ක්‍රිකට් ලෝලීන්ට නිසි ලෙස හදුනා ගන්නට ඇති ඉඩ-කඩ වසා තබන අතර ඒ නිසාම ක්‍රිකට් වෙනුවෙන් ජනතා විරෝධයක් නොමැතිව තීන්දු තීරණ ගැනීමට එහි බලධාරින්ට ලැබෙන අවස්ථාව විශාලය.ඒ විශාලත්වය ප්‍රයෝජනයට ගනිමින් තේරිම් කමිටු සිය පටු හැගීම් වලින් පාගා දැමූ ක්‍රීඩකයෙකු වන චින්තක ගේ අනාගතයට සුපිරික්‍රීඩා හදවතින්ම සුභ පතමු.

කෙලින් හිටිය තේරීම් කමිටුවත් පෙරළයි

ක්‍රීඩා සංවර්ධන දෙප‍ාර්තමේන්තුව වගකීම් පැවරීමේදී ඒ හා බැදුණු පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දීමට වැඩි ඉඩ කඩක් සළසන බව පෙන්වමින් දැල් පන්දු තේරීම් කමිටුව ද ඉවත් කර සංවර්දන දෙපාර්තමේන්තුව හා බැදුණු වැඩි පිරිසකට එහි ද ඉඩකඩ සැළසීමට පියවර ගෙන ඇත.ගෙවුණු ආසියානු දැල් පන්දු තරගාවලියේදී විවිධ බලපෑම් මත ඉතාමත් හොද කණ්ඩායමක් තෝරා දිමට කටයුතු කළ තේරීම් කමිටුවේ තේරීම් අවසාන තරගයේදී නොසළකා හැරිම පිළිබදව අමාත්‍යවරයාගේ සිට වගකිව යුතු සියල්ලම පාහේ කණස්සල්ල ප්‍රකාශ කළ ද,එම තේරීම් කමිටුවේ බොහෝ දෙනෙකු නව තේරිම් කමිටුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පත් කර තිබෙන තේරීම් කමිටුව විමසීමේදී පැහැදිළි වේ.
අමාත්‍යවරයාම දැල් පන්දු පරිපාලනය සහ ආසියානු තරගාවලියේ සංවිධානය වගකීම් පැහැර හැර ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කරන තත්ත්වයක් තුළ එහි විශාල වගකීමක් දැරූ නිලධාරිනියක වන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු දැල් පන්දු ව්‍යාපෘති නිලධාරිණියක වන චන්ද්‍රානි පතිරාජ නව තේරීම් කමිටුවේ සභාපතිණිය ලෙස පත් කර එයට අනුමැතිය ගැනීමට අමාත්‍යවරයා පොළඹවා ගැනීමටද සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව ඇත.ඊට අමතරව එම සංචිතය සදහා චන්ද්‍රානි පතිරාජ ගෙන එන අතරේම ඇය ද සම්බන්ධ ඉකුත් තරගාවලිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කමිටුවේ සාමාජිකාවක වන ලක්මිණි සමරසිංහ ද තේරීම් කමිටුවට ඇතුළත් කිරීම කෙතරමි සදාචාරසම්පන්න ද යන්නත් ඇය ජාත්‍යන්තර විනිසුරුවරියක ලෙස කටයුතු කරන තත්ත්වයක් තුළ තේරිම් කමිටු සාමාජිකාවක ලෙස කටයුතු කිරීම සාධාරණද යන්නත් පිළිබදව පත් කළ බලධාරින්ට දෙවරක් සිතීමට තරම් කල්පනාවක් නොමැති වීම දැල් පන්දුවේ සහ ක්‍රීඩාවේ අභාග්‍යයකි.සෙසු සාමාජිකයන් ලෙස පත්කර ඇත්තේ සුනිමල් කුරුබලාපිටිය,සන්ධ්‍යා ජයසූරිය,ප්‍රියන්තා වර්ජිනී පීරිස් ය.
එසේම අප විසින් සදාචාරසම්පන්න බව පිළිබදව තර්කානුකූලව කරුණු අවධාරණය කිරීමේදී ත් මේ මොහොතේ ලාංකේය දැල්පන්දු පිටියේ සිටින දක්ෂතා අතර සිටින පුහුණුකාරිනියන් නොසළකා හරිමින්,යසා රාමචන්ද්‍ර පුහුණුකරු ධූරයටත්,තමාරා පරගොඩ ලියනගේ සහය පුහුණුකාරියටත් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දිනා ගැනීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී සිටියි.එසේම වෛද්‍ය ශිරෝමි පිලපිටිය ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජන සම්බන්ධයෙන් පරික්ෂණ කිරිමේදී ප්‍රධානතම භූමිකාවක් කරන අයෙකු බව නිල දැන දැනම ඇය කණ්ඩායමක් සමග කටයුතු කරන නිලධාරිණියක කරමින් සිංගප්පූරු සංචාරයේ කළමණාකාර ධූරයට පත් කිරීමට අමාත්‍යවරයාගේ අනුමැතිය දිනා ගැනීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
අදාළ නිලධාරීන් පත් කිරීම එක් තරග සංචාරයක් සදහා සිදු කරන තාවකාලික පත් කිරීමක් බව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරියා මාධ්‍ය හා සෙසු ක්‍රීඩා ප්‍රේමීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබදව මාධ්‍ය අංශය කරන ලද විමසිමකට පිළිතුරු ලෙස පවසා ඇතත් මෙයින් සිදුවිය හැකි දීර්ඝකාලීන හානිය විශාල විය හැකි බව අප අමාත්‍යවරයා වෙත යළි යළිත් අවධාරණය කරන්නෙමු.ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී සිටින තැනින් ද පශල වැටුනොත් ජාත්‍යන්තර පිටීයේ මේ වන විට සිදු වී තිබෙන ඇද වැටීම තව දුරටත් පහළට යන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය තරග පිළිබදව සිහිනය තව දුරටත් ඈත් වී යනු ඇත.මෙසේ කෙටි කාලීන පැලැස්තර යෙදීමේ ඊ ළග ප්‍රතිපලය ලෙස තරගාවලියෙන් පසුව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තවත් කාලය කා දමන පරීක්ෂණයකට අමාත්‍යවරයාට කමිටුවක් පත් කළ හැකි අතර එයද මේ ආකාරයෙන්ම ක්‍රීඩා සංවරධන දෙපාර්තමේන්තුවේ සිටින සහ විශ්‍රාම ගිය නිලධාරීන් බහුතරයක් පිරුණු හොරාගේ අම්මාගෙන් පේන අසන කමිටුවක් වීමට ඇති ඉඩකඩ ද විශාලය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දැඩි තීරණ ගනිමින් ක්‍රීඩා පරිපාලන ඒකක පාලනය කිරීමට යාම පසෙක ලා සිය රාජකාරිය ලෙස එම ක්‍රීඩාවන්හී බලාත්මක කාරණා සදහා තම නිලධාරීන් සහ විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම විලාසිතාවක් බවට පත් කර ගනිමින් සිටින බව මෙවැනි කාරණා වලින් පැහැදිළි වන අතර වැඩ කිරීමේ ගාය ඇති ඇමතිවරයෙකු ලෙස සැළකිය හැකි මහින්දානන්ද අලුත්ගමගේ ඒ උවමනාවන් වෙනුවෙන් මෙහෙයවීමට හැකි පුද්ගලයෙකු බවට ක්‍රමිකව පත් වෙමින් තිබීම ක්‍රීඩාව සම්බන්ධ ඛේදවාචකයේ පරිමාව පුළුල් කිරීමකි.
www.supirikrida.com

බස්නාහිර අන්තර් සමාජ බැඩ්මින්ටන් තරග දෙසැම්බර් 7 දා ඇරඹේ

ස්නාහිර පළාත් අන්තර් සමාජීය බැඩ්මින්ටන් තරගාවලිය දෙසැම්බර් 07,08 සහ 09 යන තෙදින තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.A, B, C, සහ D ලෙස පිරිමි තරග කාණ්ඩ හතරකින් ක්‍රියාත්මක වන අතර A, B, C, ලෙස කාන්තා තරග කාණ්ඩ තුනක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.
බස්නාහිර පළාත තුළ පවතින ක්‍රීඩා සමාජ සහ ආයතන සදහා වෙන් වන මෙම තරගාවලියේ සූරතාවයන් සහ අනු සූරතාවයන් දිනා ගන්නා ක්‍රීඩා සමාජ සදහා වටිනා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට කටයුතු යොදා ඇත.තරගාවලියේ අයදුම් පත් නොවැම්බර් 17 වන දිනට ප්‍රථම තරග ලේකම්,ෂටල් පවර් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය,පූර්වාරාම පාර,කිරුළපන,කොළඹ 5 යන ලිපිනයට යොමු කළ යුතුය.විඩි විස්තර සදහා තරග ලේකම් අසංක පීරිස් ගේ අංක 0718217056 ජංගම දුරකථනය විවෘතව තැබෙන අතර විස්තර සහ අයදුම්පත් බාගත කර ගැනීම සදහා පහසුකම් www.supirikreeda.com වෙබ් අඩවිය මගින් සළසා ඇත.
www.supirikrida.com

Nov 6, 2012

දැල පුහුණුව හැරමිටියකට?

ශ්‍රී ලංකා දැල් පන්දු අර්බූදය තව දුරටත් තීව්ර කරමින් සිංගප්පූරු සංචාරය සදහා වසර ගණනාවක් පුහුනු කටයුතු වලින් ඈත් වී සිටි හිටපු ජාතික පුහුණුකාරියකට දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාර ධූරය පිරිනැමීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට යෝජනා කර ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.මේ වන ක්‍රීඩා අමාතයවරයාගේ අනුමැතිය හිමි විමට නියමිත එම නිලධාරි මණ්ඩලයට හැකියාවන් පසෙක තබා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු සහ සිටින නිලධාරීන් පත් කිරිම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බවත්,කළමණාකාරිය පත් කිරීමේදී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ තහනම් උත්තේජන කටයුතු භාරව සිටින සහ ඒ පිළිබදව ජාත්‍යන්තර පළපුරුද්දක් ඇති වෛද්‍ය ශිරෝමි පිළපිටිය නම් කිරීමෙන් ඇයගේ රාජකාරිමය වටපිටාව පිළිබදව ඇති විශ්වසනීයත්ය අභියෝගයට ලක් කිරීමක් සිදු වී ඇති බවත් එම වාර්තා වලින් දැක්වේ.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාව ආසියාතික රටවල් අතර ඉහළ තැනෙක පවතින බව පිළිගත යුතු සත්‍යයකි.එවැනි වට පිටාවක ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් එකතු කරමින් සිටින මේ මොහොතේත් ප්‍රායෝගිකව පුහුණු කටයුතු වල යෙදෙන පිරිස් සිටියදි විශ්‍රාමික නිලධාරිණියක පුහුණුකාර ධූරයට යෝජනා කිරිම ගැටළුකාරී බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තුළම දැන් දැඩි කතා බහකට ලක් වෙමින් පවතියි.එසේම ඇය අර්බූදයට තුඩු දුන් පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ විශාල කාර්ය භාරයක් පැවරි තිබූ නිලධාරිණියක වීමද මෙම පත් වීම හරහා ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලිය ඉදිරියේ ප්‍රශ්නාර්ථයට නගයි.
පුහුණුකාරිය එසේ නම් කිරිමේදි සහය පුහුණුකාරිය ලෙස නම් කර ඇත්තේද,ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය හරහා බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ අයිතිය සිය නමට ලියා ගත් තැනත්තියක වීම ද ගැටළුකාරී තත්ත්වය තව දුරටත් උත්සන්න කරන්නේය.තිලකා ජිනදාස ට පසුව පසුගිය කාලයේ ජාතික තලයේදි පුහුණුකාරිණියන් ලෙස දක්ෂතා දැක් වූ යමුනා සදමාලි,සොමිතා අල්විස්,පීඩී ප්‍රසාදි,රූබා ජයලත් වැනි පුහුණුකාරිනියන් ගණනාවක් සිටියදී සහ පාසල් මට්ටමෙන් දස්කම් දක්වන පුහුණුකාරිණියන් අමල්කා ගුණතිලක,ජානකී ගුණසේකර වැනි විශාල ගණනක් සිටියදී එම සංකලනයකින් ජාතික පුහුණුකාරිය තෝරා නොගෙන ඉහත නම් සදහන් පුහුණුකාරිණියන්ගේ ක්‍රීඩක අවධියේ පුහුණුකාරිණියක ජාතික පුහුණුකාරිනිය කිරීම එයට අනුමැතිය දෙන ක්‍රීඩා අමාත්‍යවරයා හාස්‍යයට ලක් කිරීම සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගසන ලද ගැටයක්දැයි සැක සහිතය.සිය හිතවත්කම් සහ ගුරු පූජා ලෙස ජාතික වගකීම් දානය කිරීමට කටයුතු කිරීම රටේ කීර්තිය උගසට තබා සූදු කෙළිමක් බදු බව මෙවැනි තීරණ ගන්නා නිලධාරීන්ට නොසිතිම ඛේදවාචකයක් වන අතර එයට පත් කළ යුත්තේ කවුද යන්න තීරණය විය යුත්තේ ඒ සදහා ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනික,කායික සහ මානසික සුදුසුකම් ඒ මොහොත හා කෙසේ ගැලපෙන්නේදැයි සොයා බලාය.
ඒ අනුව බලන විට සිංගප්පූරුව තහනම් උත්තේජන පරික්ෂණ කටයුතු සදහා කැදවිය හැකි දැණුම් වපසරියක් පිහිටා සිටින වෛද්‍ය ශිරෝමි පිලපිටිය වැන්නෙකුට ක්‍රීඩා කණ්ඩායමක කළමණාකාර ධූරය පිරිනැමීම ඇයගේ විශේෂඥ වෘත්තීයට හානිකර තත්ත්වයක් විය හැකිය.එසේම සහය පුහුණුකාරිය ලෙස නම් කර ඇත්තේද වසර ගණනාවක සිට මෙම සංචාරය පිළිබදව දැඩි දොළකින් පසුවන නිලධාරිනියකට බව පසුගිය වසර ගණනාවක් මෙම තරග සංචාරයට කුමන හෝ පදනමකින් ඇය සහභාගි වී තිබෙන බවට ක්‍රීඩා අමාත්‍යංශය සතු තොරතුරු වලින්ම අනාවරණය කර ගැනීමට හැකිය.මෙවර එයට වඩා වටිනා කමක් එකතු කර දීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධව කටයුතු කල නිලධාරිනට හැගීමක් ඇති වි ඇත්තේ ඇයගේ විශ්‍රාමයට පෙර වටිනා තිලිණයක් ලබා දීමේ උවමනාවෙන්දැයි සැක සිතේ.
www.supirikrida.com

අන්තර් සමාගම් කණ්ඩායම් බැඩ්මින්ටන් තරග 24 දා ඇරඹේ

න්තර් සමාගම් බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලිය 29 වන වරටත් ඩියුලක්ස් අනුග්‍රහය ඇතිව නොවැම්බර් 24 වන දා සිට දෙසැම්බර් 02 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාසංකීරණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත. A, B, C, D, E, F, G සහ H ලෙස කාණ්ඩ අටක් ලෙස පිරිමි තරග ක්‍රියාත්මක වන අතර A, B, C, D සහ E ලෙස කාණ්ඩ පහක් යටතේ කාන්තා තරග ක්‍රියාත්මක වීමට නියමිතය.වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචි කණ්ඩායම් වලට පමණක් විවාත මෙම තරගාවලියේ කණ්ඩායම් ගත විවාත තරගාවලියට අමතරව වයස 40 න් ඉහළ පිරිමි සහ වයස 35 ට වැඩි කාන්තා අංශයේ තරග ද ක්‍රියාත්මක වීමට නියමිතය.
 www.mercantilebadminton.lk වෙබ් අඩවිය හරහා මෙන්ම වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොෂාන් ප්‍රනාන්දු (0772 -442432) ඇමතීමෙන් සහ තරග ලේකම් මෝදිත ජයසේකර (0714900631) ඇමතීමෙන්ද තරගාවලිය පිළිබදව තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇති අතර,සියළුම තරග ඉල්ලුම් පත් නොවැම්බර් 15 වන දිනට පෙර ලේකම්.වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/ 1,දෙවන මහළ,නාවල පාර,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.
www.supirikrida.com

අකිල ධනංජයට එක්දින වරම්?

Akila Dananjaya bowls at practiceශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම සොයා ගැනීම ලෙස සැළකෙන අකිල ධනංජයට අද දිනයේදි එක්දින වරම් ලැබීමට ඉඩ ඇති බවක් පල්ලෙකැලෙන් වාර්තා වෙනවා.ඉකුත් එස්එල්පීඑල් තරගාවලිය හරහා කරළියට පැමිණි පානදුර මහානාම විද්‍යාලයේ සිසුවෙකු වන අකිල,ඉකුත් 20 /20 ලෝක කුසලාන තරගාවලියේදී අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපි පෙනෙන දස්කම් දැක් වූවා.බොහෝ කාලයකට පසුව ජාතික කණ්ඩායමට පාසල් අවධියේදීම ඇතුළත් වන්නට තරම් භාග්‍යවන්ත වූ ක්‍රීඩකයා වන අකිල ධනංජය,ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ශ්‍රී ලංකාව ජයගත් තරගයේදී දග පන්දු යැවීමේදී නවසීලන්ත පිතිකරුවන් රංගන හේරත්ට මුහුණ දුන් අසීරුව සළකා අද තරගයට ඔහුව ඇතුළත් කිරිමට ඉඩ තිබෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.එසේ වුවහොත් කණ්ඩායමෙන් පිටතට යාමේ වැඩි අවධානමක් එල්ල වන්නේ ජීවන් මෙන්ඩිස් වෙත වන අතර ඇතැම් විට වේග පන්දු යැවීමේ බල ඇණියේ හිස් තැනක් ඇති කර ඒ සදහා අකිල ඇතුළත් කිරිමට ඉඩක් ඇති බවද වාර්තා වෙනවා.කෙසේ හෝ අද දවසේ තණතිලි පරික්ෂාව සිදුවන තෙක් අකිලගේ සහභාගීත්වය ස්ථීර නොවනු ඇති බව එම ආරංචි මාර්ග තව දුරටත් පැහැදිළි කරනවා.
මේ අතර නවසීලන්ත කණ්ඩායමේ නායක රොස් ටේලර් ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය පහ වී යහපත් තත්ත්වයට පත් වී ඇති බැවින් ඔහු අද නියත වශයෙන්ම තරගයට ඉදිරිපත් වන බව නවසීලන්ත ක්‍රිකට් ආරංචි මාර්ග සටහන් කරනවා.නමුත් අද නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් වෙනුවට බ්‍රෙන්ඩන් මැකලම් ද,ඇන්ඩෘ එලිස් වෙනුවට ජේකබ් ඕරම් ද යොදා ගැනීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
www.supirikrida.com

නාවලපිටියේදී ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශය හා එක්ව සංවිධානය කරන මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාපන්දු කුසලාන තරගාවලිය නොවැම්බර් 02 දා සිට 08 දා දක්වා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු සැළසුම් කර ඇත.ශ්‍රී ලංකාව,මාල දීවයින,බංගලාදේශය සහ පකිස්තානය තරග වදින මෙම තරගාවලියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂයන් එක් වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ප.ව. 2.00 ට බංගලාදේශය සහ පකිස්තානය අතර පැවත්වේ
එදිනම ප.ව. 4.00 ට ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර තරගය පැවත්වීමට නියමිතය.නොවැම්බර් 4 දා ප.ව. 2.00 ට මාල දිවයින සහ පකිස්තානය තරග වදින අතර ප.ව.4 .00 ට තරග වැදීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශයයි.නොවැම්බර් 06 වන දින පගව 2.00 ට මාල දිවයින් සහ බංගලාදේශය තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය පැවත්වෙන්නේ ප.ව. 4.00 ට ය.
තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවය සමග ද ජනාධිපතිවරයා එක් වීමට නියමිත අතර 08 දා ප.ව 4.00 ට පැවත්වෙන අවසන් තරගයෙන් පසුව තයාග හා ජය සංඛේත ප්‍රදානයේදී සූරයන්ට කුසලානය පිරි නැමීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරයා අතින්ය.ඉදියේදී මෙම තරගාවලිය දකුණු වෙනත් ආසියාතික රටවලද සංවිධානය වෙමින් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වේ
www.supirikrida.com

වඩාත්ම බලපෑම් කළ හැකි බ්‍රිතාන්‍ය ජාතිකයා නිකොලා ඇඩම්ස්

බ්‍රිතාන්‍යයේ වැඩිම බලපෑමක් කළ හැකි පුද්ගලයන් කවරේද යන්න නිශ්චය කරන Pink List  හී පෙරමුණ ගැනීමට මෙවර ඔලිම්පික් උළෙලේදකොන්තා ෆ්ලයිවේට් බර පංතියෙන් ඔලිම්පික් රන් පදක්කම දිනූ නි‍කොලා ඇඩම්ස් සමත් වී ඇත.නිකොලා ඔලිම්පික් ඉතිහාසයේ පළමු කාන්තා රන් පදක්කම දිනූ ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක් වන්නීය.
The Independent on Sunday' පුවත්පත් මගින් පවත්වන්නට යෙදුණ පාඨක ඡන්ද විමසීමකින් නිකොලා වඩාත් බලපැම් කළ හැකි කාන්තාව ලෙස තේරී ඇති අතර  පාඨක ඡන්ද විමසිමෙන් ලැබෙන ප්‍රතිපලය යළි විශේෂ ජූරි සභාවක සැළකිල්ලට සහ විමසීමට ද භාජනය වී ඇත.                            www.supirikrida.com

විරුනක සහ චමත්සරා බස්නාහි‍රෙන් කැපී එයි

යි ඇන්ඩ් ඩී මේස පන්දු ඇකඩමිය විසින් මෙහෙයවන්නට යෙදුණු බස්නානුගේහිර පළාත් විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේදී දක්වන ලද දක්ෂතා සැළකිල්ලය ගනිමින් එහි අවුරුදු 12 න් පහළ සහ 15 න් පහළ බාලක සූරතා දිනා ගත් කොළඹ රාජකීය විද්‍යාලයේ විරුනක හෙන්දහේවා සහ අවුරුදු 15 න් පහළ බාලිකා සූරතාවය සහ විවාත කාන්තා සූරතාවය දිනා ගත් ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දු තරගාවලියේ හොදම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස ඇගයීමට පත් විය.
තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී නොවැම්බර් 03 සහ 04 දෙදින තුළ ක්‍රියාත්මක වූ අතර ගම්පහ,කොළම සහ කළුතර දිස්ත්‍රික් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් තරගාවලියට ඉදිරිපත් වී සිටීම කැපී පෙණින.එහිදී බාලිකා අංශයේදී විශාකා විද්‍යාලයේ හසලි සනායා බුද්ධදාස,කොළම කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටි,නුගේගොඩ අනුලා විද්‍යාලයේ හංසනි පියුමිලා,ගල්කිස්ස උසස් බාලිකා විදයාලයේ චමත්සරා ප්‍රනාන්දු සහ කොළඹ විශාකා විද්‍යාලයේ කිත්මදී රණවක යන ක්‍රීඩිකාවන් පිළිවෙළින් අවුරුදු 8 න් පහළ,10 න් පහළ,12 න්  පහළ,15 න් පහළ සහ 18 න් පහළ සූරතා දිනා ගත්හ.බාලක අංශයේදී වරාපිටිය කණිෂ්ඨ විද්‍යලයේ කුමුදිත ලක්ෂාන්,ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන,පිලිවෙළින් අවුරුදු 8 න් පහළ සහ 10 න් පහළ සූරතා දිනා ගත් අතර අවුරුදු 18 න් පහළ බාලක සූරතාවය කොළඹ ආනන්ද විද්‍යලයේ සංදේශ් නිශ්ශංක ට හිමි විය.
යුගල අංශයේ තරග වලදී අවුරුදු 12 න් පහළ බාලක සූරතාවය හිමි වූයේ යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ තරුෂි නවීනා ට සහ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සචිනි අල්විස්ට ය.එම වයස් කාණ්ඩයේ බාලක සූරතාවය ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන සහ කොළම වෙස්ලි විද්‍යාලයේ ලිත්මිණ මහානාම විසින් දිනා ගත්හ.අවුරුදු 15 න් පහළ බාලිකා යුගල සූරියන් ලෙස නුගේගොඩ අනුලා විද්‍යාලයේ හංසනී පියුමාලා සහ ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමයේ එරෝනි කවින්ද්‍යා තේරි පත් වූ අතර ආනන්ද විද්‍යාලයේ සංදේශ් නිශ්ශංක සහ රාජකීය විද්‍යාලයේ රුමාල් ඉන්ටිකාබ් එම වයස් කාණ්ඩයේ යුගල සූරයෝ වූහ.විවෘත පිරිමි අංශයේ සූරතාවය හිමි වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වයිඑස් ජයකොඩි ට ය.ඡායාරුපයේ දැක්වෙන්නේ අයි ඇන්ඩ් ටී මේස පන්දු ඇකඩමියේ ඉන්දික ප්‍රසාද් සහ දීපිකා රොද්‍රිගෝ සහ ප්‍රධාන ආරාධිතයන් සමග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සමූහ ඡායාරුපයකට පෙනී සිටි අයුරුයි.
www.supirikrida.com

මෙව‍ර ජනාධිපති රන් කුසලානය රට පුරාම

යලොග් ආසියාටා අනුග්‍රහයෙන් ක්‍රියාත්මක ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මූලික තරග මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික් එක් කර ගනිමින් දිවයිනේ දිස්ත්‍රික් 25 පුරාම ක්‍රියාත්මක කිරිමට නියමිතය.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ සිට කළාප,දිස්ත්‍රික්,පළාත් ලෙස ජාතික මට්ටමට පිවිසෙන තරගාවලියේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ කළාප තරග නොවැම්බර් මස අවසන් කිරීමට නියිමිතව ඇත.
තරගාවලියේ සමාරම්භය නොවැම්බර් 11 දා නාරම්මල යූබී විජේකෝන් ක්‍රීඩාංගණයෙන් ඇරඹිමට නියමිත අතර එහි ප්‍රධෘන ආරාධිතයන් ලෙස වොලිබෝල් සම්මේලන සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා,වයඹ ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ,වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍ය අශෝක වඩිගමංගාව,කුරුණාගල දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති පාර්ලිමේන්තු  මංත්‍රී ශාන්ත බංඩාර,ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් එහි ව්‍යාපාරික කළමණාකරු ප්‍රදීප් කීර්තිරත්න,සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරු සහ මාධය උපදේශක රිස්වි ෆාරුක් යන අය සහභාගි වීමට නියමිතය.
ඉකුත් වසරේ කන්ඩායම් 4667 ක් සහභාගි වූ ඩයලොග් ජනාදිපති රන් කුසලාන තරගාවලියේ පිරිමි සූරයන් ලෙස ගම්පහ සියනෑතරු කණ්ඩායම තේරී පත් වූ අතර කාන්තා සූරියන් වූයේ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය යි.පිළිවෙළින් පිරිමි අනු සූරයන් සහ කාන්තා අනු සූරියන් ලෙස දෙබෑගම රන්තරු සහ රදාවාවන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජ තේරී පත් විය.
www.supirikrida.com

Nov 5, 2012

දිල්රුක්ෂි ට දෙවන රන් පදක්කමත් හිමි වේ


තමාසාට් ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ දී සිය දෙවන රන් පදක්කමට හිමිකම් කියන්නට චම්පිකා දිල්රුක්ෂී තරගාවලියේ අවසාන දිනය වූ පස්වන දා පැවති කාන්තා මීටර් 800  ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් සමත්කම් පැවාය.මීටර් 1500 ඉසව්වේ ජාතික වාර්තාලාභිණිය වන චම්පිකා දිල්රුක්ෂි මෙම තරග උළෙලේ මීටර් 1500 ඉසව්වේද ජයග්‍රාහිකාව වූවාය.
චම්පිකා ගේ එම රන් පදක්කමත් සමග තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගත් රන් පදක්කම් ප්‍රමාණය හය දක්වා ඉහළ යන අතර රාජේෂ් ඛාන් සහ එරංගා දුලක්ෂි සහ යූ සදමාලි රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර සචිත් මධුරංග ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.


www.supirikrida.com

නිශාන්තට ලෝක සූරතාවය අංක එකත් නිශාන්තට

න්දියාවේ ආධිපත්‍යයට සමස්ත කැරම් ලෝකයම නතුව තිබෙන වට පිටාවක ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට නායකතවය දෙන්නට තෝරා ගත් නිශාන්ත ප්‍රනාන්දු ඒ නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් ශ්‍රී ලංකාවට මෙවර කැරම් ඒකල සූරතාවය දිනා දෙන්නට සමත් විය.භාරතී දාස් සමග පැවති අවසන් තරගයේදී වට 2 - 0 ක් ලෙස භාරතීව පරාජය කළ නිශාන්ත මුළු තරගාවලියම නතු කර ගෙන සිටි ඉන්දීය ආධිපත්‍යය දෙදරවා හරිමින් වීරත්වය යනු උරුමයක් නොව සවියෙන් දිනා ගත යුතු දෙයක් ලෙස පැහැදිළි කළේය.ඒ ජයග්‍රහණයත් සමගම ජගත් කැරම් ශ්‍රේණිගත කිරීම්වල පිරිමි කේවල අංශයේ පළමු තැනට පත් වන්නටද නිශාන්තට හැකි විය.
හැත්තෑව දශකයේ දී අමිතා වික්‍රමසිංහ මෙම හපන්කම ඉන්දියාවටම ගොස් කර ඇති අතර නමුත් ප්‍රංශයේ පැවති ලෝක සූරතාවයේදී නිශාන්ත චමිල් කුරේ සමග එක්ව ලෝක යුගල කැරම් සූරතාවය දිනා ගන්නා තෙක් ඉන්දියාව පරාජය කිරීමේ කැරම් සිහිනය දුරම දුර සිහිනයක් පමණක්ව තිබිණ.එහෙත් මේ දශකය තුළ දෙවරක්ම එම දස්කමට දායක වෙමින් විශාල පෙරළියක් කරන්නට නිශාන්ත ට හැකි විය.අනුග්‍රාහකත්වයක් නැති ක්‍රීඩාවක් වන කැරම් ක්‍රීඩාව ඉන්දියාවේ ක්‍රියාත්මක වන්නේ වෘත්තීය පදනමකින්ය.ඔවුන්ගේ රැකියාව වන්නේම කැරම්ය.ඒ වෙනුවට ජාතියට ලෝක කීර්තිය ගෙන එන ඉන්දීය ක්‍රීඩකයන්ගේ අභියෝගයට නිශාන්ත මුහුණ දෙන්නේ ඊට වඩා දහසකුත් බාධා සහිත වට පිටාවක බව නොරහසකි.නමුත් දැන් පැන නගින්නේ නිශාන්තව හුදෙකලාව රැකීම නොවන අතර  කැරම් රැක ගන්නේ කොසේද යන්නය.එතැනදී මේ නිශාන්ත රැකෙමින් ඔහු වැනිම තවත් විශාල පිරිසකුත් බිහි වන්නට ඇති ඉඩ- කඩ විශාලය.
ඒ ඉඩ - කඩ පුරවන්නේ කව්ද?
ඉදහිට සිදුවන මහා පෙරළි වෙනුවට ලංකාවේ කැරම් සූරයන් පරාජය වීම පෙරළියක් ලෙස හැගෙන දැනෙන වෙනසකට නිශාන්තගේ ජයග්‍රහණය හරහා හෝ ප්‍රවේශ මාර්ගයක් තැනෙන්නේ නම්!
අපි බලා සිටිමු.
නිශාන්ත ඔබට ජය!
www.supirikrida.com


කදුළු රත්තරන් කළ රත්තරං පුතු - රුචිර

විදුහල් පරිපාලනයේ දරදඩු හා කුහක තීරණ හේතුවෙන් බොහො ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරිමට නොහැකි වුවද.තර්ජන හමුවී නොසැලී ක්‍රීඩා කරමින් ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියෙදී සීවලි නාමය රනින් සැරසෙව් ක්‍රීඩකයන්ට අපගේ සුබපැතුමි!!!
SIVALI BOXING නම්  වූ මහුණු පොතෙන් උපුටා ගැණුනු එම සටහනට පාදක වූ කරුණු සොයන අතරේ කණිෂ්ඨ බොක්සිං තරගාවලියේ සීවලියේ එකම රන් පදක්කම ගෙනා රුචිර ගුනසේන ගේ හඩ සමග සම වැදීමට ප්‍රථම තැන දිය යුතු බව හැගිණ.
'උණ හැදිල හිටියෙ,පළවෙනි දවසෙ ගහන්නෙ නැතිව යන්න හැදුවෙ,අපේ ස්කෝලෙ අයියල නවත්ත ගෙන බෙහෙත් අරං දීල උදව් කරා'
ඒ අයියලා සීවලි ආදි සිසුවෝය.සීවලි බොක්සි කවයෙන් පිබිද අද රටේ බොක්සි සංස්කෘතිය තුළ ඉහළ පිළිගැනිමක් ඇති කර ගෙන සිටින ඔවුන් සීවලියේ කාට වුව ආඩම්බර විය හැකි අස්වැන්නක් සීවලියට ලබා දී ඇත.අද දකුණු ආසියානු තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද බොක්සිං සංචිතය භාරව සිටින්නේද සිවලි පුත්‍රයෙකි.ඉතිං එවැනි වට පිටාවක රුචිරට යලිත් වරක් සීවලි යේ රන් අස්වැන්නට සිය දහදියේ අග්‍ර පල එක් කරන්නට භාග්‍යය උදා විය.
'ඕ ලෙවල් ඒ නවයයි.මම මැත්ස් කරන්නෙ,මේ මීට් එක ජාතික පාසල් වර්ණ වලටත් බලපාන නිසා මගේ අධ්‍යාපනයටත් මේකෙන් ලොකු රුකුලක් ලැබෙයි'
අධයාපනය පිළීබදව ඔහු කියන කතාව ඕනෑම ක්‍රීඩාවකට ප්‍රචාරනය පිණිස යොදා ගන්නට තරම් වටින්නේය.සෙල්ලමට ගියොත් ඉගෙන ගෙන හමාරයි කියන කතාවට  ප්‍රති විරුද්ධ මතයක් ගොඩ නගන රුචිර ඒ ඉගෙනුම ලබන්නේද සියළු සුඛ විහරණ මැද නොවේය.
'තාත්තා ඉංග්‍රිසී ටීචර් කෙනෙක්,ඒත් දියවැඩියාව නිසා එයා ඉක්මණට විශ්‍රාම ගියා.දැනටත් තාත්තා රෝහලේ ඉන්නෙ.කකුලෙ ඇගිල කීපයක්ම අයින් කරලා'
ඔහු ගේ ජයග්‍රහනය වෙනුවෙන් වැටෙන සතුටු කදුළු පිය සෙනෙහස වෙනුවෙන් උපන් කදුළු ද සමග මුහු වන්නේය.කිහිප විටකදිම මම දැක ඇති රුචිර ගේ තාත්තා දෙපය ගසා ඇවිදිය හැකි මොහොතක සිය පුතුගේ මුෂ්ටි පහරවල ශක්තිය පෝෂනය කරනු පිණිස බොක්සිං කවය අසළ සිට දැඩි අවධානයෙන් තරග සිය දෑසින් උරා ගන්නා අයුරු මම දැක ඇතිමි.ඒ තනිකම ද රුචිරට තදින් දැනෙනවා සැක නැත.එහෙත් ඔහුගේ වේදනාව අතරේම මම මගේ රස්සාවේ ඇති උවමනාව පෙරට දැමිමි.
'ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා'
මම මානුෂික සීමාවේ සහ වෘත්තීය අවශ්‍යයතාවය යන දෙපාර්ශවයේ දෝලනය වෙමින් එපමණකින් සෑහිණ.ඉන් ටික මොහොතකට පසු මේ සටහන දුටු තැන මා යළිත් සසල වූවෙමි.ඒ සිවලිය මගේ ද විදුමව නිසාය.ඒ නිසාම ඒ සටහනේ හේතු හොයා මගේ කුහුලට පියාපත් රිදවා ගන්නට වැඩි අවශ්‍යයතාවයක් නොවිණ.
විදුහල් පරිපාලනය අවුරුදු 17 - 19 අතර වයස් සිමා වලට සීමා වන මෙම තරගාවලිය පාසල් වලට ඇකැප බව ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ නිවෙස් වලට ද දැණුම් දෙමින් වලිගය පාගා ගෙන දගලා ඇත.ඒ අනුව ජාතික සම්මේලන මගින් පවත්වන මලල ක්‍රීඩා කණිෂ්ඨ සූරතාවලියට ද මෙම විදුහල්පතිවරයා හෙට දින විලංගු දමන්නට හැකිය.කණගාටුව එවැනි අවදානමක් නොදැක මෙන් පාසලේ ක්‍රීඩාභාර ගුරුවරුද විදුහල්පතිවරයාගේ මුග්ධ හැගීමට පියාසර කරන්නට අවසර දි බලා සිටිමය.
සමහර විට මේ රන් පදක්කමට රුචිරට පාසලෙන් ලැබෙන්න පුළුවන් පිළිගැනීමක් වෙනුවට දඩුවමක්.ඒක අහිමි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලත් හොයයි.
ඒ පිළිබදව කරුණු හොයා යන මට ලැබෙන එවැනි පිළිතුරු සිත් පාරවන්නේය.
ඉතාමත් හොදින් සාමාන්‍ය පෙළ සමත්ව ඉංජිනේරුවෙකු වන්නට සිහින දකින මේ සිසුවාට මේ රන් පදක්කමත් සමග විශ්ව විද්‍යාල ප්‍රවේශයටද ශක්තියක් ලැබෙන බව දැන දැනත් ගුරුවරයෙක් එහෙම කරයිද?දරුවන් සිටින පියෙක් එහෙම කරයිද?මම එය එසේ වනු ඇතැයි විශ්වාස නොකරමි.
සීවලිය යනු පසුගාමී චින්තනයෙන් බැහැරව දැඩි බැදීමකින් කටයුතු කරන සිසු කැළකගේ නිවහනක් බව මම අත් දැකීමෙන් දනිමි.
ගුණසේකර විදුහල්පතිතුමාගේ ආනන්දනිය සෙවණේ ගුරු හරුකම් ලබන්නට පිනැති වූ පරපුරේ අපි අදද සීවලියට වැද නමස්කාර කරන්නට පසුබට නොවන්නෙමු.එතුමා මිය ගිය දිනයේ රුවුල් ඇති වැඩිම පිරිසක් ඉකි ගසා හඩන අයුරු මම දුටුවේ මගේ කදුළු අතරින්ය.එවැනි සීවලිය ගැන ආදරණීය හැගීමක් ඇති අයෙකු මුලු පුටුවට පැමිණිය යුතුය.වෂය ක්‍රියාකාරකම් මෙන්ම ‍විෂය බාහිර ක්‍රියාකාරකම්ද එක සේ  ඉටු කරන්නට කැපවෙන නායකත්වයක් සීවලියට අවැසි ය.
දරුවන් ගේ හැකියාවන් වලට ඇණ නොගසන විවෘත සහ සංවාද ශීලී මනසකින් යුත් නායකත්වයක් පිණිස හැඩ නොගැසෙන්නේ නම් සීවලිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසලක් වූ ඉතිහාසය ඉදිරියේදී මැකී යනු ඇත.ලංකාවේ බොක්සිං පාසල කියන්නට තරම් බොක්සිං ක්‍රීඩාවෙන් පෙරට පැමිණි සීවලියේ බොක්සිං වලට ඇණ නොගසන්නට යැයි සීවලි ආදි සිසුවෙක් ලෙස නොව මාධ්‍යවේදියෙකු ලෙස ද ඉල්ලා සිටින්නට මට අයිතියක් ඇති බව මම සිතමි.
ජනමාධ්‍ය හරහා සීවලියට ලැබුණු දෑ බොහෝමය.සීවලියේ බොක්සිං කවයට පදනම වැටුණේ ද රංජන් පරණවිතාන නම් වූ මගේ හිතවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයා නිසාය.ඔහු සීවලි පුත්‍රයෙකු නොවුණද මේ රටේ බොක්සිං  වෙනුවෙන් සීවලි දූ පුතුනට දක්වන්නට හැකි දායකත්වය පිළිබදව ඔවුන්ට ඇති ශක්තිය සහ විශ්වාසය පිළිබදව  වටහා ගන්නට තරම් ඉවක් පරණවිතානයන්ට තිබිණි.ඒ අනුව ඔහු ජාතික මෙහෙවරක් යැයි සිතා ඔහු එයට මැදි විය.ඒ තරමට සීවලියේ බොක්සිං කාබාසිනියා කර දමන්නේ  නම් ජාතික අපරාධයකි.ජාතික අපරාධයකට එරෙහිව ජාති ප්‍රේමීන් සීවලියේ දොරටුව ළගට පැමිණීම සිදු වනු ඇත.එය ඇතැමෙකු සිය විශ්ව විද්‍යාල ජීවිතය තුළ පොරක් වන්නට සටන් පාඨ කියා උපාධියත් රැකියාවත් සමග අංශක 360 ක් කණපිටට හැරෙනවාට වඩා වෙනස්ය.
එසේම යමෙකු පාසලක කීර්තිය පවත්වා ගෙන යන ක්‍රීඩාවකට,හැකියාවන් ඇති දරුවන්ට ඒ අවස්ථාව නොදී විනාශ මුඛයට ඇද දමන්නට අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛණ වලින් බැහැරව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශයට,එහි ක්‍රීඩා අංශයේ ප්‍රධානින්ට කළ හැකි දෙයක්ද ඇති බව අපි දනිමු.
ඉතිං ඊ ළග පියවරට පිවිසෙන්නට මත්තෙන් අපි සීවලිය නිවැරදි වන අයුරු බලන්නට ඉසිඹු ලන්නෙමු.වූ වරදක් තේරුම් ගෙන නිවැරදි නොවන්නට තරම් හීන මානයක් නැති ඕනෑම අයෙකුට නිවැරදිවීමේ දේව ගතිය විදහාලන්නට පුළුවන්ය.එසේම සමස්ත සිවලි සගයින්ගෙන් ඉල්ලා සිටින්නට යමක් ඇත.ඒ රුචිර පිලිබදවය.උගනින්න පමණක් නොව ක්‍රීඩාවටද එක සේ හපන් ඒ දරුවාට සීවලියේ සහෝදරත්වයේ දෑත දිගු කරන්නට ඔබට හැකියාව ඇත.අවුරුදු ගණනක් දරුවන්ගේ නෙත් පෑදු ගුරු පියෙකුගේ පුතෙකුට,ඔහු වෙනුවෙන් යමක් කිරීමට ද එයින් ඔබට අවස්ථාව උදා වෙනවා සැක නැත.
www.supirikrida.com

ලංකාව ලුවිස් සමග එකතු වී නවසීලන්තය ලකුණු 14 කින් පරදවයි

Tom Latham was bowled by Lasith Malinga for 2 off 18 ballsවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක් දින තරගයෙන් ලකුණු 14 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේය.කාසියේ වාසිය ලැබූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 250 ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාවට වර්ෂාවත් සමග ඩක්වර්ත් ලුවිස් නයාය යටතේ ඉහළ ලකුණු වේගයක් රදවා ගැනීමේ අවදානම් අවශ්‍යයතාවයද ඇති කරමින්ය.
පළමු පන්දුවට පහර දුන් නවසීලන්ත ඉණිමේ පළමු කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව ලකුණු 17 ක් ව තිබූ අතර ක්‍රියාත්මක වෙමින් තිබුණේ හත් වන පන්දු ඕවරය ය.නමුත් ඉන්
අනතුරුව රොබ් නිකෝල් සහ බීජේ වැට්ලින්ග් ලකුණු අතරට කණ්ඩායම රැගෙන එමින් දෙවන කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව ලකුණු 100 රදවන්නට සමත් විය.නැවතත් ලකුණු 91 පස්වන කඩුල්ල වෙනුවෙන් එකතු කරන්නට නායක රොස් ටේලර් සහ ජේම්ස් ෆ්‍රෑන්ක්ලීන් සමත් වූයේ නවසීලීන්තය පසුව පන්දුවට පහර දෙන වර්ෂාවේ අවධානය ඇති තරගයක හොද ලකුණු ගණනකට සිය කණ්ඩායම ගෙනවිත් තබමින්ය.රොබ් නිකොල් ලකුණු 46 ක් ලැබූ අතර,බීජේවැට්ලින්ග් ලකුණු 55 ක් ලැබූ අතර වේගවත් පිති හරඹයක නියැලි ‍රොස් ටේලර් ලකුණු 72 ක් රැස් කළේය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට නවසිලන්තයේ පන්දු යැවීම මෙන්ම කළු වෙමින් පැවති අහසේ අභියෝගය සමගින් ද සටන් කරන්නට සිදු විය.ඒ අභියෝගයම ලකුණු 39 දී ශ්‍රී ලංකාවට කඩුලු 2 ක් අහිමි කළ අතර අනතුරුව ඩිල්ෂාන් සහ මහේල යම් ස්ථාවරයකට ලකුණු තත්ත්වය කඩුලු රැක ගනිමින් ලකුණු පූවරුව 98 දක්වා ගෙන ආවේය.ඩිල්ෂාන් ලකුණු 37 ට දැවී ගිය අතර මහේල නොදැවී ලකුණු 43 ක් එක් කර ගත් අතර ඒ තත්ත්වය මත වර්ෂාව පැමිණෙන විට ලකුණු පූවරුව පන්දු ඕවර් 22.5 දී 118 ක් ව තිබිණ.ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාව ලබා ගත යුතුව තිබුණේ ලකුණු 104 ක් පමණක් වූ බැවින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ලකුණු 39 ට කඩුලු 2 ක් දවා ගත් ලසිත් මාලිංග තරගයේ වීරයා විය.ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
 http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582188.html
www'supirikrida.com

විද්‍යාර්ථ බාලක සූරතාවය රැක ගනියි - බාලිකා සූරතාවය වේයන්ගොඩ ට


කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වූ ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියේ බාලක සූරතාවය තව දුරටත් රැක ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට හැකි විය.අනු සූරතාවය මහනුවර ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලයටත් තෙවන ස්තානය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයටත් හිමි විය.බාලිකා සූරතාවය හිමි වූයේ වේයන්ගොඩ මැදි විදුහල් කණ්ඩායමට ය.අනු සූරතාවය මාස් ලීනියා බොක්ෂිං සමාජයට හිමි වූ අතර තෙවන ස්ථානය සදහා මාස් සදර්න් බොක්සිං සමාජය,පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය,හොරණ විද්‍යාරත්න විද්‍යාලය සම සේ හිමිකම් කී අතර මාස කිහිපයක ඇවෑමෙන් බොක්සිං කවයට ගොඩ වූ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සිය පළමු අවසාන තරග පහක් නියෝජනය කරමින් තෙවන ස්ථානයට පත් වීම කැපී පෙණින.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලද්දේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඒඑස් තුඩුවේවත්තය.දක්ෂතම ක්‍රීඩිකාව බවට වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ එම්ඒටීඑච් ජයතිස්ස ය.දකුෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එච්ඒඩීඑල් හෙට්ටිආරච්චිය.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ ලීනියා බොක්සිං සමජයේ ආර්ජේ ජයරත්නය.
තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 158 ක් සහභාගි වූ අතර ආධුනික බොක්සිං සම්මේලනය තරගාවලිය සාර්ථකව පැවත්වීමට දැරූ වෙහෙස මල් පල ගැන්වීමට සෙසු කාර්යන් හී දායකත්වය තව දුරටත් ඊට එක් විය යුතුව තිබිණි.ඇපැහැදිළි විනිශ්චය කටයුතු ගණනාවක් දකින්නට තිබුනු අතර ඒවා සාමාන්‍ය මිනිස් වැරදීම් නොවන්නේ ඒවා බොහෝ විට පාර්ශව දෙකෙන් එක් පාර්වශයක් ඉලක්ක කර ගෙන සිදුවන බව දැනෙන නිසයි.
www.supirikrida.com.



තමාසාට් පිටියේ දී ලංකාවට රන් පැහැයක්


තායිලන්ත තමාසාට් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන 58 වන තායිලන්ත විවෘත ජවන හා පිටිය මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන දිනය නිමා වන විට එයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සමත් වී ඇත.නොවැම්බර් 02 දා ඇරඹි තරගාවලියේ අවසාන දිනය අද වන අතර ගෙවුනු දින තුන තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් හතරක් රිදී පදක්කම් තුනක් සහ එක් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වී සිටියි.
මිලන්ත සම්පත් දිසානායක (දුර පැනීම- මීටර් 7.69),උපමාලි රත්න කුමාරි (මීටර් 400 -තත්.55.12),චානක මධුශංක (මීටර් 400 - තත්.47.26),චම්පිකා දිල්රුක්ෂි (මීටර් 1500 - විනාඩි 4:19.27) සහ එරංගා දුලක්ෂි (විනාඩි 10:27.84 ) ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වූහ.ඒ අතරින් එරංගා දුලක්ෂි රන් පදක්කමට අමතරව රිදී පදක්කමක්ද හ්‍රී ලංකාවට දිනා දෙමින් විනාඩි 4:30.34 ක දක්ෂතාවයක් දක්වා මීටර් 1500 ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත්තාය.ඒඑම්ආර් රාජේෂ් ඛාන් (මීටර් 200 - තත්.21.63),යූජීයූ සදමාලි (මීටර් 400 -55.66) ශ්‍රී ලංකාවේ සෙසු රිදී පදක්කම්ලාභින් වූහ.ශ්‍රී ලංකා හෙල්ල වීසිකිරීමේ සූරයාට සිය පෞද්ගලික හොදම දක්ෂතා ආසන්නයට හෝ පැමිණියේ නම් රන් පදක්කම පහසුවෙන් දිනා ගැනීමට අවස්ථාව තිබුණු අතර නමුත් මීටර් 70.46 ක් වූ දක්ෂතාවයට සචිත් මධුරංගට හිමි වූයේ තෙවන ස්ථානය ය.
www.supirikrida.com

බේස්බෝල් පිටියේ ජාත්‍යන්තර වු ලාංකේය මුද්‍රාව - සුජීව විජේනායක

'ජපානයේ පැවත්වෙන විශාලතම බේස්බෝල් තරගාවලිය වන අන්තර් නගර තරගාවලිය විනිශ්චය කිරීමට සහභාගි වූ එකම විදේශිකයා මම' ඒක ඔහුට විතරක් නෙමෙයි අපටත් ආඩම්බර වෙන්න කාරණයක්.ඒ ඔහු ලාංකිකයෙකු වීම නිසයි.නමින් සුජීව විජේනායක වූ ඔහු ශ්‍රී ලංකාව සතුව සිටින එකම අන්තර්ජාතික බේස්බෝල් විනිසුරුවරයා යි.කොළඹ ආනන්දයෙන් බේස්බෝල් ක්‍රීඩාවට පිවිසෙන සුජීව අද වන විට ජපානයේ පමණක් නොව පිලීපීනය වැනි රටවල බේස්බෝල් විනිසුරුවන් පුහුණුකිරීමේ  උපදේශකයෙකු ලෙස ද සහභාගි වෙනවා.
කොළඹ ආනන්ද විද්‍යලයෙන් 99' වසරේ බේස්බොල් ක්‍රීඩාවට පිවිසෙන සුජීව 2002 වන විට එම විද්‍යාලීය කණ්ඩායමේ නායකයා බවට පත් වෙනවා.ඒ වන විට බේස්බෝල් ක්‍රීඩකයෙකු ‍ඉක්මවා දැඩි බේස්බෝල් ප්‍රේමියෙකු බවට පත්ව සිටින සුජීව ලංකාව වැනි නැගෙමින් පවතින රටක බේස්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් ඒ වෙනුවෙන් කළ හැකි අවශේෂ කාර්යයන් පිළිබදව අවධානය යොමු කරනවා.ඒත් 2006 දී සුජීවට මද කලෙකට සියල්ල අතහැර ජපානය බලා යන්න වන්නේ ලංකාවේ බේස්බෝල් ගැන තිබුණු ආදරය ඇතුළු හදවතේ තදින්ම ගුලි කරගෙන,ජපානයේ බේස්බොල් සංස්කෘතිය ඇතුළත එය විහිදුවා විකසිත කළ හැකි මං සෙවීමේ අරමුණත් ඇතිවයි.
ආසියානු ශාන්තිකර ආගන්තුක සත්කාර හා කළමණාකරණ උපාධිය හැදෑරීම පිණිස ජපානයට යන සුජීව සිය ඉගෙනුම් සාර්ථක කර ගන්නා අතරේම බේස්බෝල් ආදරයට අලුත් අරුතක් දීම පිණීස එහි තිබෙන බේස්බෝල් විනිසුරුවන් පුහුණුකිරීමේ පාසලකට ඇතුලත් වෙනවා.වෘත්තීය සුදුසුකම් වෙනුවට කුමන හෝ බලධාරියෙකුගේ හිතවතෙකු වීමේන් මහා දේවල් කළ හැකි ලාංකේය භූමිය තුළ එවැනි හිස් මිනිසෙකු ලෙස නොව මහා බරැති හඩකින් කතා කළ හැකි විශ්වසනීය පදනමක් සහිත මිනිසෙකු වීම සුජීවගේ උවමානව වන්නට ඇති බව හැගෙන්නේ අද බේස්බෝල් ලෝක සංස්කෘතිය ඉදිරියේ සමස්ත ලංකාව ඉක්ම වූ චරිතයක් ලෙස ඔහු  පත් වී සිටින නිසයි.
ජපානයේ කමොනෙයි හෝටල් සමූහයේ විධායක කළමණාකරුවෙකු ලෙස කටයුතු කරන සුජීව,ලෝකය පිලිගන්න බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙස වැඩිපුරම ක්‍රියා කරන්නෙ බේස්බෝල් ආගමක් ලෙස අදහන පැතිරි බේස්බෝල් සංස්කෘතියක් ඇති රටකයි.එවැනි සංස්කෘතියක් ඇතුළත ඔහු උපයාගෙන තිබෙන පිළිගැනීම,කීර්තිය යන දේ නැවත ශ්‍රී ලංකාවට ආයෝජනය කරන්නට ඔහුට හැකි වෙනවා.ලංකාවේ හැදෙන ප්‍රථම බේස්බෝල් ක්‍රීඩා පිටිය මේ දිනවල හෝමාගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා.ඒ ජපන් රජයේ ආදාර ඇතිව,ඒ සදහා වන වියදමෙන් ලක්ෂ 85 ක පමණ මුදලක් සොයා දීමට දායක වන්නේ සුජීවයි.ඒ තමා සේවය කරන හෝටල් සමූහයේ අධාරයෙන්.
ලංකාවේ බේස්බෝල් පරිපාලන ව්‍යහුය මුදල් ඉපයීම අතින් අසමත් වන්නේ සුජීවලා වැනි වාත්තීමය පදනමක් ක්‍රීඩාව තුළ නැති ලංකාවේ බේස්බෝල් පිටි තුළ සිය පරාක්‍රමයන් රදවා එය බූදලයක් බවට පෙරළාගෙන වසරකට වරක් ලැබෙන ඡන්ද වෙනුවෙන් වරප්‍රසාද බෙදා දිමේ යාන්ත්‍රනයෙන් එපිටට ඔවුන්ට සිතන්නට හැකියාවක් නැති නිසාදැයි සුජීවගේ මැදිහත් විම ගැන සිතන විට අපට හැගෙයි.ක්‍රීඩාව වෘත්තීය පදනමකට රැගෙන යාම සදහා අවශ්‍යය විද්‍යාත්මක සාධක ගැන සිතා ක්‍රීඩකයාගේ පහසුව පිණිස භෞතචිකිත්සකයෙකු රැගෙන යාම පසෙකලා ඡන්දයක් රැක ගැනීම වැදගත් කොට සිතා නිලධාරියෙකු කැටුව යන්නට සිතන බව මේ මොහොතේ ක්‍රියාත්මක වන පකිස්තානු සංචාරයටද නිලධාරීන් ගොන්නක් සහභාගි කරවීමෙන් ඔප්පු කරන පරිපාලනය සුජීවලා වැනි චරිත තමන් උපයා ගත් දැණුම,පිලිගැනීම,කීර්තිය හරහා ලංකාවේ බේස්බෝල් දියුණුවට ගෙනෙන මුදල් වලට වග කියන්නන් බවට පත් විම ඛේදවාචකයක් නොවන්නේද? 
මුහුණු මාරුව වෙනුවට ආකල්පමය වශයෙන් මේ රටාව වෙනස් කිරිමට අවශ්‍යය වටපිටාව ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් හෝ සැකසිය යුතු බව ලංකාවේ බේස්බෝල් ඉක්ම වූ සමස්තය පිළිබදව සිතද්දී වුව වැටහෙන යථාර්තයකි.ඒ යථාර්තයේ සිට නැවත සුජීව ගේ හඩ දෙසට සවන් යොමු කරන අපට හැගෙන්නේ,තව බොහෝ දේ නිවැරදි විය යුතු බවයි.එසේම එය සුජීවගේ සිහිනයේ සීමාවට එපිටින් ඇති පරිපාලනමය වශයෙන් එහි යාන්ත්‍රණයේ නියමුවන් අතින් ගිලිහී ‍ගොස් තිබෙන වැඩ රටාවන් විසින් අවුල් කල දෑය.
'මම විනිසුරුවරයෙකු ලෙස උපරිමයට ළගා වන අතරේ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන යන්න උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.අපේ ක්‍රීඩාවේ අඩුපාඩු ගොඩක් තියෙනවා.'
දැණුම වගේම තාක්ෂණික කාරනා වලිනුත් නිවැරදි විය යුතු ඒ බොහෝ දේ නිවැරදි කරන්නට සිය දැණුම මෙන්ම කාලය සහ ධනය ද වැය කරන්නට මග බලන සුජීව වැන්නන් ගේ කැපවීම ගගට ඉනි කැපීමක් නොවිය යුතුය.ක්‍රීඩක සහ නිලධාරි විනය සහිත වට පිටාවක සියල්ලගේ පළමු අවශ්‍යයතාවයත්,දෙවන අවශ්‍යයතාවයත් සියළු අවශ්‍යයතාවයනුත් බේස්බෝල්ම වන්නේ නම් එය එසේ වන්නේ නැත.
නැවත එලැඹෙන දෙසැම්බරයේ ලංකාවේ පළමු ජාත්‍යන්තර බේස්බෝල් පිටිය විවාත වන මෙහොත පියවි දෑසින් විදින්නට ලංකාවට ඒමේ බලාපොරොත්තු පෙරදරිව නැවත ජපානය බලා යන්නට පොදි බදින මොහොතක ලද ඉසිඹුව අප වෙනුවෙන් කැප කරන්නට එකගවීම පිළිබදව සුපිරික්‍රීඩා සුජීවට හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු.

www.supirikrida.com


Nov 4, 2012

දඹුල්ල නොසළකා හරීම පිලිබදව cricinfo ද කණස්සල්ලෙන්

ශ්‍රී ලංකාව වැනි කුඩා වර්ෂා අවධානම ඇති රටක වියළි කළාපයට අයත් ක්‍රීඩා පිටියක් වන දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නොසළකා හැර තිබෙන බවක් දැකිය හැකි බව cricinfo වෙබ් අඩවිය අවධාරණය කරයි.මීට පෙර අවස්ථා කිහිපයකදිම දඹුල්ල ක්‍රීඩාංගණයේ ඇති අවශ්‍යයතාවය සුපිරි ක්‍රීඩා ද පෙන්වා දුන් අතර මෙවැනි අන්තර් මෝසම් වැසි සමයකදි එවැනි ක්‍රීඩාංගණයක ඇති වටිනාකම තව දුරටත් ඉහළ යයි.
අන්තර් මෝසම් සමයක ක්‍රිකට් තරග සදහා ශ්‍රී ලංකාවට පැමිණීම අවධානමක් සහිත සහ කාලය නිකරුනේ වැය කිරිමක් විය හැකි බවට මතයක් වර්ෂාව නිසා තරග අත හැරීමට සිදු වීමේ ප්‍රවනතාවය දිගටම පැවතියහොත් ජගත් ක්‍රිකට් ප්‍රජාව තුළ ඇති වීමේ අවධානමක් ඇති වෙමින් ඇත.නමුත් ක්‍රිකට් දේශපාලනයේ බල අරගලයේ ප්‍රති පාර්ශවකරුවෙකුගේ ගිණුමට කීර්තිය එකතු වන බැවින් වර්ථමාන ක්‍රිකට් පරිපාලනය දඹුල්ල ක්‍රීඩාංගනයේ ආලෝකය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව නිවැරදි කිරිම මග හරිමින් සිටින්නේය.
2010 ලෝක කුසලාන තරගාවලියටත් පෙර සිට හදුනාගෙන තිබූ එම ගැටළුව 20 / 20 ලෝක කුසලානය පැමිණෙන විටත් ඉවත් කර නොතිබෙන අතර මෙම ගැටළුව ඉදි කිරිමෙන් කලකට පසුව මතු වූ ගැටළුවක් ලෙස සිතිය හැකිය.මන්ද විශාල දිවා රාත්‍රී තරග තණනාවක් පැවත් වූ ක්‍රීඩාංඝනයක් ලෙස හැදින්විය හැකි දඹුල්ල ක්‍රීඩාංගණයේ ආලෝක තත්ත්වයේ ගැටළුව නිවැරදි නොකිරිමට කාලය හෝ මුදල් වැය නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ආර්ථික අපහසුතා නොතකා වෙනත් ඉදිකිරීම් සහ බදවා ගැනීම සදහා කෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇද්ද යන්නත් ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් වන බැවින් ඔහු හෝ සොයා බැලිය යුතුය.
ලංකාවේ ජනමාධ්‍යයට සම්බන්ධ විම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වීම,දේශපාලනඥයෙකු විම සහ ජාත්‍යන්තර සබදතා වලින් හිග නොවීම යන කාරණා දඹුල්ල ක්‍රීඩාංගණය සදහා පිඹුරුපත් සකස් කළ පුද්ගලයා සතු වන බැවින් දඹුල්ල ක්‍රීඩාංගණයේ තරග පැවත්වීමේ දි ඔහුව ඉස්මතු වීම වැළක්වීමට නොහැකි කාරණයක් වීම මේ නොසළකා හැරීමට හේතුව ලෙස දැකීමේ වරදක් නැත.දැනට ශ්‍රී ලංකාවේ ක්‍රමානුකූලම ජලය බැස යාමේ පද්ධතිය සමග විවිධ කාරණා සැළකිල්ලට ගනිද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රසාදයට විශාල වශයෙන් ලක්වන ක්‍රීඩාංගණය වන පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිටු පස සිටි දැවැන්තම හස්තය වන බන්දුල වර්ණපුර පිළිබදව සදහන් නොකිරීමට එහි වගකිවයුත්තන් කටයුතු කරනාකාරයෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ තරග පැවත්වීමේදී එම ක්‍රීඩාංගණය ඉදිකළ පුද්ගලයා සගවා තැබීම දුෂ්කර නිසා එම ක්‍රීඩාංගණය සගවා තැබීමට උත්සාහ කරන බවක් දැකිය හැකිය.
www.supirikrida.com

ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ජුලියෝ සන්තානා

ද අවසන් වීමට නියමිත 2012 ජාතික කණිෂ්ට බොක්සිං තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ජාතික බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වන කියුබානු ජාතික ජුලියෝ සන්තානා සහභාගි වීමට නියමිතය.දින දෙකක් පුරා පැවති මෙම බොක්සිං තරගාවලියේදි දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අවසන් තරග සදහා පිවිසීමට නියමිතය.


ඇතැම් පාසල් විදුහල්පතිවරුන් මෙම තරගාවලිය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇකැප තරගාවලියක් ලෙස වැරදි මතයක සිටිමින් ක්‍රීඩකයන්ට ප්‍රතිපාදන ලබා දීමෙන් වැළකී තිබුණු බවට තොරතුරු වාර්තා වන අතර අඩු තරමේ පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ චක්‍රලේඛන පිළිබදව සැළකිල්ල යොමු කර මෙම තරගාවලිය පාසල් ක්‍රීඩකයන්ට අකැපද නැද්ද යන්න සොයා නොබලා තීරණ ගැනීම ඛේදණීය තත්ත්වයකි.පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික පාසල් වර්ණ දිනා ගැනීමෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලකුණු එකතු වන බව හෝ මෙම තරගාවලිය එසේ වර්ණ සදහා සුදුසුකම් ලබන තරගාවලියක් බව නොදැන කටයුතු කිරිම  ක්‍රීඩකයන්ගේ අවස්ථාවක් අහිමි කිරිමක් ලෙස දැකිය හැකිය.
ඒ නිසා පාසල් බොක්සිං සංගමය මෙවැනි තත්ත්වයන් ඇති වූ විද්‍යාල පිළිබදව සොයා බලා පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙන්ම,පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගෙන් පාසල් ක්‍රීඩකයන්ට කැප බොක්සිං තරග කවරේද යන්න පිලිබදව එම විදුහල්පතිවරුන් දැනුවත් කිරිම ද වැදගත් ය.කෙසේ හෝ අවුරුදු 17 - 19 යන වයස් ඛාණ්ඩ වල තරගාවලියක් යනු පාසල් ක්‍රීඩකයන් සහභාගි නොවන තරගාවලියක් බව තේරුම් ගැනීමට ප්‍රායෝගික බුද්ධියක් නොතිබෙන පාසල් ප්‍රධානින් සිටීම ක්‍රීඩාවට මෙන්ම අධයාපනයට ද හිතකර තත්ත්වයක් නොවේය.
www.supirikrida.com

මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 47,500 ක් සැන්ඩි සුළි කුණාටුවට හසුවේ

ද පැවත්වීමට නියමිතව තිබූ සුප්‍රකට නිව්යෝර්ක් මැරතන් තරගය නිව්යෝර්ක් හරහා හඹා ගිය සැන්ඩි සුලි කුණාටුවෙන් වූ හානිකර තත්ත්වය මත අවලංගු කිරීමට නිව්යෝර්ක් නගරාධිපති මිචෙල් බ්ලූම්බර්ග් තීරණය කිරීම නිසා එයට සහභාගි වීමට සිටි 47,500 ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දුෂ්කරතාවයට පත්ව ඇත.
ලොව අංක එකේ මැරතන් තරගයක් ලෙස ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ රත්තරන් ලේබලය යටතේ ක්‍රියාත්මක, නිව්යෝර්ක් මැරතන් තරගය ලොව පුරා මලල ක්‍රීඩා ලෝලීන් මිලියන ගණනක් සජීවිව නරඹන ආශක්ත තරගාවලියක් වුව ද,සුළගින් ඇති කරන ලද පීඩාකාරී තත්ත්වය මත නැවත මානව පුනරුත්ථාපන කටයුතු මෙන්ම නාගරික ප්‍රති සංවර්දන කටයුතු ද සිදුවන තෙක් එවැනි ජාත්‍යන්තර තරගයකට නිව්යෝර්ක් සූදානම් නැති බව නගරාධිපතිවරයාගේ අදහසය.
වසර 40 ක් පුරා නිව්යෝර්ක් වාසීන්ට අභිමානයක් වූ ලොව පුරා සිටින විශිෂ්ඨතම මැරතන් ක්‍රීඩකයන්ගේ පා පහස ලත් නිව්යෝර්ක් මැරතන් මාර්ගය හෝ වැසියන් නිව්යෝර්ක් මැරතන් තරගය පිළිගැනිමට සූදානම් තත්ත්වයක් නොමැති බව නගරාධිපතිවරයා සමග ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කරන තරග සංවිධායක කමිටු සභාපති මැරී විටෙන්බර්ග් ද පෙන්වා දෙයි.ඩොලර් බිලියන ගණනක හානියක් මෙන්ම මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් ද අහිමි කරමින් හමා ගිය සැන්ඩි සුළි සුළගින් මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා වන විදුලි බලය විසන්ධි කිරිම් ආදිය සැළකිය යුතු මට්ටමෙන් තවමත් නිවැරදි වි නැති බව පෙන්වා දෙන නිව්යෝර්ක් නගරාධිපතිවරයා එවැනි සංකීරණ තත්ත්වයක මැරතන් තරගය නිව්යෝර්ක් වාසීන්ට යහපත් ප්‍රතිපල අත් කර දෙන තරගාවලියක් නොවනු ඇති බව විශ්වාස කරයි.
ඔලිම්පික් රන් පදක්කම්ලාභිණිය ටිකි ගෙලේනා ඉකුත් වසරේ නිව්යෝර්ක් මැරතන් ජයග්‍රාහකයා වූ ග්‍රොඩ්පි මුතායි, විල්සන් කිප්සෑන්ග් වැනි සුප්‍රකට මැරතන් ධාවන සූර - සූරියන් රාශියක් මේ වන විටත් තරගාවලියට සහභාගි වීම සදහා නිව්යෝර්ක් වෙත පැමිණ සිටින බව සැළ වෙන අතර එවැනි තත්ත්වයක් උද්ගත වීමට පෙර ඇති වී තිබෙන තත්ත්වය සළකා තරගාවලිය අවලංගු කිරිමේ තීරණයට නිව්යෝර්ක් බලධාරීන් නොපැමිණීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදු වී ඇත.ඡායාරූපයේ දැක්වෙන්නේ ඉකුත් වසරේ ජයග්‍රාහකයා වූ ග්‍රොඩ්පි මුතායි එම ජයග්‍රහණයෙන් අනතුරුව ජය සංඛේත සමග ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවයි.
 www.supirikrida.com