Jun 17, 2012

තිසර, පකිස්තානය ජය මාවතෙන් ඉවතට තල්ලු කරයි


Thisara Perara ripped through Pakistan's middle orderශ්‍රී ලංකා‍ව විසින් ලබා දුන් ලකුණු 243 වෙත ඉතා පහසුවෙන් ගමන් කරමින් සිටි පකිස්තානය එම මාර්ගයෙන් ඉවත් කරවීම සදහා මැදිහත් වූ තිසර පෙරේරා කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සහ එම පන්දු ඕවරයේදීම දක්ෂ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් දුවද්දී දවා ගැනීමක් ලබා ගනිමින් ද තරගය ශ්‍රී ලංකාව වෙත හරවා දුන්නේය.තරගයේ 40 වන ඕවරයේ දෙවන පන්දුවේදී තිසරගේ සංග්‍රාමය ඇරඹි අතර ඒ වන විට පකිස්තානය ලකුණු කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියේය.තිසරගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු ලෙස යුනිස් ඛාන්,සහීඩ් අෆ්රීඩී සහ සෆ්රාස් අහමඩ් යන ප්‍රබලතම පිතිකරැවන් තිදෙනෙකු සිටීම නිසා යළි පකිස්තානයට හිස එසවීම ගැන සිතන්නටවත් අපහසු වූ අතර ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි අසාර් අලි ට සිදු වූයේ ඉණිම නිමා වන තුරු කඩුල්ලේ රැදෙමින් වාර්තා පොත් අතරට එක් වීමටය.ඔහු පමණක් ශ්‍රී ලංකාවේ පන්දු යැවීමට සහ පන්දු රැකීමට අවනත නොවී සිය ඉණිම නිම වන විට නොදැවී ලකුණු 81 ක් රැස් කර සිටියේය.
කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව පන්දු ඕවර් 50 නිමා වන විට ලකුණු 243 දක්වා රැගෙන යාමට කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් ‍සිව්වන කඩුල්ල වෙනුවෙන් රැස් කළ ලකුණු 110 ක සබදතාවය ඉවහල් විය.ලකුණු 90 ක් ව තිබියදී පිටියේ එක් වූ මහේල සහ සංගක්කාර ගේ සබදතාවය නවතා දමමින් සොහීල් ටන්වීර් විනසුරුවරයන්ගේ නොසැළකිල්ලද ප්‍රයෝජනයට ගනිමින් මහේල ගේ කඩුල්ල දවා ගත්තේ නිපන්දුවකට ය.එවිට ලකුණු 200 ක් වූ ශ්‍රී ලංකා ඉණිමට මහේල ගේ දැවී යාමෙන් පසුව පන්දු ඕවර් 6.2 ක් තුළ ලකුණු 43 ක් එක් වූ අතර  මහේල ගේ ලකුණු 40 සහ සංගක්කාරගේ ලකුනු 97 හැරෙන්නට වෙනත් කිසිදු විශාල ඉණිමක් ශ්‍රී ලංකාව වෙතින දකින්නට නොලැබිණි.
පිළිතුරු ඉණිම එතරම් අසීරු ඉලක්කයක් ලෙස නොපෙනුන ද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පකිස්තානු පිතිකරුවන්ට නිදහසේ අත දිග හරින්නට අවසර ලබා නොදුන්න හ.ප්‍රථම ඕවරයේදීම ලසිත් මාලිංග ක්‍රියාත්මක වූ අතර මොහොමඩ් හෆීස් පිටියෙන් ඉවත් වූයේ ලකුණු නොලබාම ය.නමුත් අසාර් අලී සහ අසාද් සෆික් (25) දෙවන කඩුල්ලට ලකුණු 53 ක් ද,නායක මිස්බා උල්හක්( 57) සහ අසාර් අලී තෙවන කඩුල්ලට ලකුණු 113 ක් ද එක් කරමින් පකිස්තානය සාරවත් ස්ථාවරයකට කැදවා ගෙන ආව ද තිසරගේ ක්ෂණික මැදිහත් වීමත් සමග පකිස්තානු පසුපෙළ පිතිකරු ලකුණු ලබා ගැනීම දුරකථන අංක පෙළකට සමාන විය.විශිෂ්ඨ පන්දු රැකීමකින් ලබා ගත දුවද්දී දැවී යාමක් ද පන්දු යැවීමෙන් ලකුණු 42 ට කඩුලු 4 ක් ද දවා ගනිමින් කැපී පෙණුනු තිසර තරගයේ වීරයා ද විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට ප්‍රවේශ වීමට ඇති සම්බන්ධතාවය ය.
http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562442.html
 www.supirikrida.com

No comments: