Mar 10, 2012

මංචි වොලිබෝල් පළාත් තරග අද ඇරඹේ

මංචි ජාතික වොලිබෝල් තරගමාලාවේ පළාත් මට්ටමේ දෙවන කොටසේ තරග අද ඇරඹීමට නියමිතය.අද සහ හෙට පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක පළාත් තරග වල නිල උත්සවය අනුරාධපුරයේදී පැවත්වෙන අතර ඒ අනුව උතුරු මාද පළාත් තරග වොලිබෝල් පාලක මණ්ඩල සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා ගේ සහ සීමාසහිත සිලෝන් බිස්කට් සමූහ අධ්‍යක්ෂ (වෙළද) නන්දන වික්‍රමගේ ගේ පධානත්වයෙන් අනුරාධපුර සිරිමාපුර යුනයිටඩ් ක්‍රීඩාංගණයේදී පැවත්වේ.
ජාතික වොලිබෝල් තරගමාලාවකට අනුබද්ධව මන්නාරම ප්‍රදේශයේ තරග ක්‍රියාත්මක වන්නේ 1960 පසුව වීම විශේෂ සිද්ධියක් වන අතර ඒ අනුව උතුරු පළාතේ  තරග මන්නාරම මහජන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට නියමිත අතර මෙම තරග මාලාවේ ජාතික මට්ටමේ අවසාන තරග ද අප්‍රේල් 6,7 සහ 8 යන තෙදින තුළ මෙම ක්‍රීඩාංගණය කේනද්‍ර කරගෙන පැවත්වීමටමද තීරණය වී ඇත..නැගෙනහිර පළාත් තරග ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමල මැක්හෙයිසර් ක්‍රීඩාංගණයේදී වන අතර සබරගමු පළාත් තරග කුරුවිට මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.පොතුපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වෙන්නේ බස්නාහිර පළාත් තරග වන අතර ඌව පළාත් තරග පැවත්වීමට නියමිතව ඇත්තේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදීය.
මහනුවර සීතාදේවී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් තරග පැවත්වීමට නියමිතය.වයඹ පළාත් තරග පැවත්වෙන්නේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදීය.මෙම තරග මාලාවේ සුපර්ලීග් තරග මාර්තු මස 21,22 සහ 23 යන තෙදින තුළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට ද කටයුතු යොදා ඇත.


කාන්තා පංච ප්‍රයාම ඉසව්වේ පළමු ලකුණු 5000 නතාලියාගෙන්

නතාලියා ඩොබ්රින්ස්කා

තූර්කියේ ඉස්තාන්බුල් හී පැවත්වෙන ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ දී කාන්තා ගෘහස්ථ පංච ප්‍රයාම ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබීමට යුක්රේනයේ නතාලියා ඩොබ්රින්ස්කා සමත් වුණා.ඇය මෙම වාර්තාව තැබීමේ දී පංච ප්‍රයාම ඉසව්වෙදී ලකුණු 5000 සීමාව ඉක්මවා ගිය පළමු කාන්තාව වීම කැපී පෙණුන අතර ඇය එම ඉසව්වේදී ලකුණු 5013 ක් රැස් කිරීමට සමත් වුණා.ඊට පෙර එම වාර්තාව හිමි වූ ඉරේනා බිලෝවා ලබා සිටයේ ලකුණු 4991 ක් පමණයි.
එහිදී ඉසව් ත්‍රිත්වයක දී ඇය ලකුණු දහස ඉක්මවා ලැබීම කැපී පෙණුනා. මීටර් 60 කඩුලු පැනීම (තත්8.38) 1044,උස පැනීම (මීටර් 1.84) 1029 සහ දුර පැනීම (මීටර් 6.57) 1030 එම ඉසව් වූ අතර ඇය ඊට අමතරව මීටර් 800 ඉසව්වෙන් (2:11.15)  948 සහ යගුලිය දැමීම (මීටර් 16.51) 962 ලෙස ලබා ගනිමින් මෙම නව ලෝක වාර්තාවට පිවිසියා.
තරගාවලියේ දෙවන දිනය අදයි.

Mar 9, 2012

කුසලානය ඕස්ට්‍රේලියාවට තරගාවලියේ වීරයා ඩිල්ෂාන්





තා තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාවය දිනා ගත්තේ තීරණාත්මක තෙවන අවසන් තරගයේ දී  ලකුණු 16 ක පරාජයක් විද ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩ සළසවමින් ය.පරාජය වුව ද තරගාවලිය පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක් වූ තුන් ඉරියව් දස්කම් සළකා තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ වීරයා ලෙස නම් කිරීම පරාජය හමුවේ ශ්‍රී ලංකාව ලද අති විශිෂ්ඨ ජයක් විය.
එසේම තරගාවලියේ ප්‍රතිපල දීර්ඝ ලෙස අධ්‍යයනය කරන්නේ නම් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ තරගාවලිය ආශ්‍රිතව මුහුණ දුන් තරග 7 න් 4 ජය ගැනීම ඉතාමත් ඉහළින් අගය කිරීමට ලක් විය යුතුය.බෙහෙවින් ලකුණු ගැවසුණු තරගාවලියක් වූ මෙම තරගාවලියේ   අවසාන තරගය ලකුණු හිග, පන්දුව පිත්තට ගලා ඒම පමා කරන තණතීරුවක ට රැගෙන යාම නිසා අවසාන, අවසාන තරගයේ තරගකාරීත්වය මද වශයෙන් අඩු විය.
තරගයේ කාසියේ වාසිය ලද මහේල ජයවර්ධන,තරගාවලිය පුරාවටම හඹා යමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින් පන්දු රැකීමට තීරණය කළේය.එම තීරණය තරමක් අභියෝගයට ලක් කරමින් තණතීරුව ක්‍රමයෙන් පන්දු යවන්නන් ගේ රාජධානියක් වන ලකුණු පහළ කළ අතර පළමු කඩුල්ලට ඩේවිඩ් වර්නර් සහ මැතිව් වේඩ් අතර ලකුණු 75 ක සබදතාවයක් ද,වේඩ් සහ ෂේන් වොට්සන් අතර දෙවන කඩුල්ලට පැවති ලකුණු 40 ක සබදතාවය ද හැරුණු විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යළි හොද සබදතවයක් දකින්නට ලැබුණේ බ්‍රෙට් ලී සහ ක්ලින්ට් මැකී 8 වන කඩුල්ලට එකතු කළ ප්‍රවේගවත් ලකුණු 40 යි.
යළිත් වරක් ලකුණු අඩු තණතීරුවේ ලසිත් මාලිංග ප්‍රහාරයකට ලක් වූ අතර ඔහු පන්දුවාර 10 තුළ ලකුණු 69 ක් ලබා නොදෙන්නට ද ශ්‍රී ලංකාවට එරෙහි ඕස්ට්‍රේලියානු ලකුණු පූවරුව 231 ට මෙපිටින් නවතින්නට තිබුණා.රංගන හේරත් ලකුණු 36 ට කඩුලු 3 ක් සහ ෆර්විස්  මහරුෆ් ලකුණු 40 ට කඩුලු 3 ක් බිද දැමූ අතර නුවන් කුලසේකර කඩුලු 2 ක් බිද දැමුවේ ලකුණු 40 ක් ලබා දෙමින්ය.ඩිල්ෂාන් සිය දග පන්දුව යොදා ගනිමින් පවර් ප්ලේ අවස්ථාවේ ද පන්දු යවමින් දුෂ්කර කාර්යයක් සාර්ථකව ඉටු කළ අතර ඔහු ලකුණු 40 ට එක් කඩුල්ලක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පළමු පන්දුවේ සිටම වේගයේ සහ දෝලනයේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වූ අතර 10 වන ඕවරයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය ලකුණු 53 ට කඩුලු 4 ක් විය.පස්වන කඩුල්ලට උපුල් තරංග සහ ලහිරු තිරිමාන්න 60 ක් එක් කළ අතර  තිරිමාන්න ‍ගෙන් පසුව පිටියට පිවිසි චාමර කපුගෙදර ගෙන් ලකුණු නොලැබුණු අතර තරංග පමණක් හුදෙකලා සටනක නිරත වෙමින් තරගයේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 70 ක් ලබා ගත්තේය.
ක්ලින්ට් මැකී ශ්‍රී ලංකාවේ විනාශයට මග පෑදු ක්‍රීඩකයා වූ අතර ඔහු ලකුණු 28 දී ශ්‍රී ලංකාවේ කඩුලු 5 ක් දවා ගත්තේය.පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය ය. http://webcache.googleusercontent.com/search?q=cache:http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518970.html

ක්‍රීඩා මාධ්‍යවේදීන් නීතිගරුකව වැඩ අරඹයි


මෑතදී පිහිටුවා ගන්නට යෙදුණ ජාතික ක්‍රීඩා ජනමාධ්‍යවේදී පදනම විසින් සංවිධානය කළ ක්‍රීඩා නීතිය පිළිබදව සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම සහ තහනම් උත්තේජන පරීක්ෂන ක්‍රමවේදය පිළිබද සාකඡාචට බදුන් කළ වැඩ මුළුව ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරතනයන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.1973 ක්‍රීඩා පණත සහ එහි සංශෝධන ආහ්‍රිතව ක්‍රීඩා පණත හා එහි එන රෙගුලාසි පිළිබදව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද විසින් දේශනයක් පවත් වන්නට යෙදුණා.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම පිළිබදව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් එකකායකයන් සහ තහනම් උත්තේජන පරීක්ෂා ක්‍රමවේදය පිළිබදව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේම  වෛද්‍ය ශිරෝමි පිලපිටිය විසින් දේශනා පවත්වන්නට  යෙදුණා.

Mar 8, 2012

තීරණාත්මක තරගයට ක්ලාක් නැත



ද  ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව මුහුණ දීමට නියමිත කොමන්වෙල්ත් කුසලාන තුන් කොන් තරගාවලියේ තීරනාත්මක අවසක් තරගයට ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ආබාධ මත සහභාගි නොවන බව වාර්තා වෙනවා.  අවසන් තරග තුනකින් සමන්විත මෙම තරග අතරෙන් නිමා වී ඇති තරග දෙක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර එබැවින් අද ඇඩිලේඩ් තණතිල්ල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති කිරිම නොවැළක්විය හැකියි.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් තරග කිහිපයකට පසුව අද උදෑසන තරගයට සහභාගි වීමට උචිත තත්ත්වයේ සිටින්නේ දැයි විමසා බැලීමට නියමිත අතර ලසිත් මාලිංග ද ඇති වී තිබෙන ආබාධ තත්ත්වය නිසා ක්‍රීඩා කිරීමට උචිත ද යන්න සොයා බැලීමට නියමිතයි.  එසේම ඕස්ට්‍රේලියාව මේ තරගාවලිය තුළ දී ක්ෂේවියර් ඩොරති දක්වන දස්කම් සැළකිල්ලට ගෙන අඩිලේඩ් තණතිල්ලේ තවත් දග පන්දු යවන්නෙකු යොදවා පන්දු යැවීමට ඉඩක් ඇති බවද වාර්තා වෙනවා.එසේ වුවහොත් එම අවස්ථාව නේදන් හර්ට්ස් ට හිමි වෙනවා.
ඕස්ට්‍රේලියාව සංවිධානය කරන මෙම තුන්කොන් තරගාවලි වෙනත් විදේශ කණ්ඩායම් වලට සූරතාවය දිනා දෙමින් නිමා වූ අවස්ථා වාර්තා වන්නේ ඉතාමත් කළාතරකින් වුව ද මේ වන විට ශ්‍රී ලංකාවේ දස්කම් ඉතා ඉහළ මට්ටමක පවතිනවා.ඕස්ට්‍රේලියානු ජනමාධ්‍යය,සහ විශාල ප්‍රේක්ෂක සමූහය ද එම ජයග්‍රහණ පිටුපස විශාල කාර්ය භාරයක් ඉටු කරනවා.නමුත් මෙවර තරගාවලියේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එම තත්ත්වය කණපිට හරවමින් විශාල ලෙස තරගවලට සහභාගි වීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අතිරේක උත්තේජනයක් සපයා දුන්නා.
ඉතා ඉහළ මට්ටමකින් ක්‍රීඩාවේ නියැලෙන සහ එහි ගුණාංග සුරකින කණ්ඩායමක් ලෙස තරගාවලිය තුළ සිටි නිසා මෙන්ම තරගාවලියට සහභාගි වන විට එතරම් ප්‍රබල බලපෑමක් කළ හැකි මට්ටමේ නොසිටි බවක් පෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මානසික මට්ටමෙන් බිද වැට්ටීමේ ක්‍රියාවලිය පක්ෂග්‍රාහී ඕස්ට්‍රේලියානු ජනමාධ්‍යය වෙතින් මග හැරී ගියා.නමුත් දෙවන අවසාන තරගයේ දී මහේල ජයවර්ධන ගේ හැසිරීම අළලා ඇතැම් ජනමාධ්‍ය ප්‍රහාරයට පිවිසුණ ද, මධ්‍යස්ථ ජනමාධ්‍ය විසින් මහේල නායකයෙකු ලෙස කළ මැදිහත්වීම ඇගයීම මෙන්ම විනිසුරුවන් එයින් නොනැවතී තරගය පුරාවටම කළ වැරදි සහ එයින් ශ්‍රී ලංකාවට වන්නට ගිය හානිකර තත්ත්වයන් මෙන්ම පාඩු ද  එම මාධ්‍යයන් විසින් උපුටා දක්වා තිබුණා.
සුපුරුදු පරිදි අදත් අඩිලේඩ් පිටියට අඩුවක් නැතිව සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් මෙන්ම එහි සිටින ඉන්දීය සහ පකිස්තානු ක්‍රීඩා ලෝලීන් ගේ ආහිර්වාදයද ලංකාවට හිමිවීම පදනම් කර ගෙන අද ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයේදී ඉහළ දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.විශේෂයෙන් තරගාවලිය පුරාවටම මහේල සහ ඩිල්ෂාන් ලබා දුන් ආශිර්වාදාත්මක ආරම්භය මෙම තරගයේදී ද අඛණ්ඩව පැවතීම වැදගත් අතර එය එසේ වීමම ඕස්ට්‍රේලියාව මානසික වශයෙන් ඇද දැමීමට විශාල හේතුවක් වන වා නිසැකය.

තර්ජනී ලංකාවට අහිමි වේ?


ව දැල් පන්දු පරිපාලනයේ තීරණයක් මත ශ්‍රී ලංකා දැල් පන්දු නායකත්වය දරන තර්ජනී සිවලිංගම් සමග සම නායිකාවක් පත් කිරීමට යෝජනා වීමත් සමග ඇය ක්‍රීඩාවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ.ඊයේ ද ඇය නියමිත පුහුණුවීම් වලට සහභාගි වී ඇති අතර ඇය සමග නම් කර ඇති සම නායිකාව මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා ඇති බවත් සාමාන්‍ය සම්ප්‍රදාය අනුව දෙවරක් අයෙකුට නායකත්වය පිරි නොනැමීමේ තීරණයක් ඇතත් මේ තීරණය ගෙන ඇත්තේ පැමිණ සිටින ඕස්ට්‍රේලියන් පුහුණුකාරිය බවත් පරිපාලනය විසින් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.
සම නායිකාවක ලෙස ක්‍රීඩා කරමින් ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේදී ලොව සාර්ථකම දැල විදින්නිය වූ තර්ජනී ට දැල් පන්දු කණ්ඩායමේ නායකත්වය හිමිවීම සුළු ජාතිකත්වය නොසළකා හරින බවට ශ්‍රී ලංකාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලබා දුන් පිළිතුරක් ලෙසද දේශපාලන වශයෙන් ඇගයිමට ලක් වූවා.නමුත් මේ ආකාරයෙන් කටයුතු කරමින් ඇයගේ හිමිතැන උදුරා ගැනීම ශ්‍රී  ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබදව ජාත්‍යන්තරයට වැරදි පූර්වාදර්ශ සැපයීමක් ද වෙනවා.  
මීට පෙර ද පරිපාලනය පුහුණුකාරියගේ අයිතීන් සහ අවශ්‍යයතාවයන්  හදුනා නොගැනීම මෙන්ම පුහුණුකාරිය පුහුණුකාරිය‍‍‍ගේ සීමාවන් හදුනා නොගැනීම ද හේතු කර ගෙන ශ්‍රී ලංකා දැල් පන්දුවේ විශාල වශයෙන් ගැටළු ඇති වන අවශ්‍යයතා අප දැක ඇති අතර වර්ථමානයේ ද සියල්ල ඕස්ට්‍රේලියන් පුහුණුකාරියගේ තීරණ මත ක්‍රියාවට නැගෙමින් තිබෙන්නේ පරිපාලනයට අයත් තීරණයන් ද ඇයටම පවරමින් ය.ලාංකේය සිරුරු වල ස්වභාවය සහ හැසිරීම් රටාවන් ද තීරණය කළ යුතු තීරණ ද ගැනීම ද මෙම වන විට විදේශ පුහුණුකාරියට පවරා ඇති අතර ඒ අනුව තරග පවත්වන ස්වභාවයන් සහ වේලාවන් ද අපේ රටේ භූ විෂමතා සාධක වලට අනුව ජීව විද්‍යාත්මක අනන්‍යයතාවයන් වල ස්වභාවයන් නොසළකා ඕස්ට්‍රේලියන් පොළවට අනුව තීරණ ගන්නට විදේශ පුහුනුකාරයට අවසර ලබා දෙන බවක් ද දැකිය හැකිය.ී
තර්ජනී ඉවත්වීමත් සමග වර්ථමාන පුහුණුකාරිය නිතරම මාධ්‍යයට ප්‍රකාශ කරන පරිදි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කණ්ඩායමෙන් ඉවත් වීම ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මත ගත් එකක් නොවන බවත්, ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් ලෙස එක් වී ඒ පිළිබදව නිවැරදි හේතු දැක්වීමකට අමාත්‍යවරයා හමු වීමට තීරණය කර ඇති බව ත් වාර්ථා වේ.
එසේම ආසියානු තරගාවලි සංවිධාන කමිටුව වෙනුවෙන් පසුගිය කාලයේ ඇති වූ විශාල ගැටළු ගණනාවක් සහිත පරිපාලනය හේතුවෙන් විසුරුවා හරින්නට සිදු වූ දැල් පන්දු පරිපාලනයක මුල් පුටුව දැරෑ නිලධාරිණියක පත් කර ඇති බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙන අතර,තර්ජනී සිවලංගම් හදුන්වා දීමට මුල් වූ තැනැත්තිය ලෙස ඇය හරහා ද තර්ජනී ගේ ඉවත්ව යාම නැවත්වීමට උත්සාහ දරා ඇති බව වාර්තා වන නමුත් එම ඉල්ලීමට ද තර්ජනී කැමැත්තක් පළ කළ බවක් වාර්තා නොවේ.
මේ අතර ආණ්ඩුවේ ඉහළම තනතුරකට දැල් පන්දු  කේෂ්ත්‍රයේ ඉහළ චරිතයක් ලියූ ලිපියක් ටොරිංටන් භූමියේ තිබී ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ පුද්ගලයෙකු අතට පත් වීමද දැල් පන්දු කේෂ්ත්‍රයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් වී ඇත.එසේම දැල් පන්දු අතුරු කමිටු ප්‍රධානි තමාරා ධර්මකීර්ති සිය පෞද්ගලික අවශ්‍යයතාවයක් වෙනුවෙන් විදෙස් ගත වද්දී අතුරු කමිටු ප්‍රධානියා ලෙස වගකීම නූතණ දැල් පන්දු අර්බූදයේ නිර්මාතෘවරිය ලෙස හැදින්විය හැකි ජාතික පුහුණුකාරිය පත් කිරීමට මුල් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු පත් කිරීම ගැන ද,කාන්තාවක් සදහා ඒ වගකීම නොපැවරීම ගැන ද විවිධ කතා පැතිර යමින් ඇත.

Mar 7, 2012

කොමන්වෙල්ත් කුසලාන තරගාවලියේ ඩිල්ෂාන් සෑම අතින්ම පෙරමුණට


නායකත්වයේ කටු ඔටුන්න අත හැරීමෙන් පසුව මුහුණ දෙන පළමු තරගාවලිය නිමා වීමට තවත් එක් තරගයක් පමණක් ඉතිරිව සිටියදී තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වී සිටියි.දෙවන අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක් ලබා දීමට පෙරමුණ ගත් ඩිල්ෂාන්,තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා වීමට අමතරව තරගාවලියේ ලකුණු එකතුව 500 සීමාවට රැගෙන ගිය පළමුවැන්නා වෙමින් ලකුණු 505 ක් දක්වා තම ලකුණු එකතුව රැගෙන ගියේය.එසේම තරගාවලියේ කඩුලුලාභීන් අතර ‍ඕවරයකට අඩුම ලකුණු සාමාන්‍යයක් රදවාගත් පන්දු යවන්නා ලෙස සිටින්නේද ඩිල්ෂාන් ය.එසේම විරාඒ කෝලි සමග වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් පන්දු රකින්නා ලෙස ඩිල්ෂාන් උඩ පන්දු 6 ක් රැක ගෙන සිටින්නේය.තරගයක දී වැඩිම උඩ පන්දු පමාන්‍යක් ලෙස ඉකුත් මෙල්බර්න් තරගයේදී උඩ පන්දු 3 ක් රැක ගත්තේද ඩිල්ෂාන්ය.
දෙවන අවසාන තරගය ආරම්භ වීමට පෙර එය විකාශය වන කාල්ටන් ස්පෝර්ට්ස් නාලිකාවට විශේෂ විස්තර ප්‍රකාශනයට එක් වූ අරවින්ද ද සිල්වා සිය පරිනත බව මෙන්ම අත්දැකීම් ද එකතු කර ගනිමින් නිවැරදි අනාවැකි පළ කිරීම ද අගය කළ යුතුයි.ඇඩිලේඩ් තණතිල්ලේ ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රටාවට ගැලපෙන බව මෙන්ම අවසාන වරට පන්දුවට පහර දීමට ලැබීමේ වාසිදායක තත්ත්වය ද අරවින්ද විග්‍රහ කළ අයුරු අපූරුයි.ඔහු ප්‍රකාශ කළ ආකාරයටම කිසිදු ගැටළුවක් නොකර කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවට පහර දීමට සුපුරුදු පරිදිම ඩේවිඩ් වර්නර් සහ මැතිව් වේඩ් පැමිණියා.ආබාධ ගැන කියවුණ ද, වර්නර් ඊයේ තරගයට ඇතුළත් කර තිබුණ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසාන තරග සදහා පැමිණෙන තෙක් පන්දු යැවීමට නිසි අවස්ථාවක් නො’ලද ඩිල්ෂාන් ඊයේ තරගයේ අරම්භක පන්දු යවන්නා ලෙස ද යොදා ගත්තා.මාලිංග දිගින් දිගටම ප්‍රහාරයට ලක් වූ නිසා මහේල කළ ඩිල්ෂාන් යොදා ගැනීම සාර්ථක වූ අතර ප්‍රහාරාත්මක පිතිකරු වේඩ් ලකුණු 14 ට දවා ගැනීමට අමතරව පවර්ප්ලේ අවස්ථාවේ පිතිකරුවන් පාලනය කරමින් පන්දු යැවූ ඩිල්ෂාන් ලකුණු 40 ක් පමණක් සිය පන්දු ඕවර් 10 තුළ ලබා දුන්නා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු රැකීම දුර්වල තත්ත්වයක පැවති අතර උඩ බන්දු 5 ක්ම ගිලීහී ගිය අතර ඉන් ප්‍රයෝජන ගත් නායක මයිකල් ක්ලාක් ලකුණු 117 ක් සහ ඩේවිඩ් වර්නර් ලකුණු 100 ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියා ලකුණු පූවරුව පන්දු ඕවර් 50 නිම වන විට ලකුණු 271 දක්වා ගෙන ගියා.යළි ඉපදුණු ලසිත් මාලිංග සිය පන්දු ඕවර් 10 ලකුණු 40  ට සීමා කිරීමෙන් නො’නැවතී කඩුලු 3 ක් දවා ගත් අතර ඒ අනුව මේ වන විට තරගාවලියේ ඔහු ලබා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව වන 18 මෙම තරගාවලිය තුළ පන්දු යවන්නෙකු ලබා ගත් වැඩිම කඩුලු ප්‍රමාණය ද වෙනවා.   
පිළිතුරු ඉණිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් නායක මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 179 දක්වා දික් ක‍‍ළේ,ජයග්‍රහණය අත පේන මානයට ගෙන එමින්.ජයවර්ධන ඒ අතරින් වඩාත් ප්‍රහාරාත්මක වූ අතර ඔහු පන්දු 76 දී ලබා ගත් ලකුණු 80 කින් සිය ඉණිම නිදා කරද්දී පිටියට බට කුමාර සංගක්කාර සහ ඩිල්ෂාන් අතර දෙවන කඩුල්ලේ සබදතාවය 55 ක් වූ අතර ඩිල්ෂාන් ගේ ඉණිම ලකුණු 106 ට නිමා වුණා.තරගය නිමවන විට සංගක්කාර නමට නොදැවී ලකුණු 51 ද. දිනේෂ් චන්දිමාල් නමට නොදැවී ලකුණු 17 ක් ද එකතු වී තිබුණා.ශ්‍රී ලංකාවට ජය ගැනීමට පන්දු ඕවර් 50 ක් ම හිමිව තිබුණත් 45 වන ඕවරයේ දෙව පන්දුවට සංගක්කාර එල්ල කළ හතරේ පහරත්  සමග ලකුණු තත්ත්වය ලකුණු 274 ක් දක්වා ඉහළ ගියා.
තරගයේ සමස්ත ලකුණු සටහනට පහත සබදතාවයෙන් ප්‍රවේශ විය හැකිය. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518969.html

හංවැල්ලෙ බොරු සෙල්ලං සල්ලං කෙරෙයි?


හංවැල්ල අධ්‍යාපන කොට්ඨාශයේ කොට්ඨාශ මලල ක්‍රීඩා තරග නිසි ප්‍රමිතියෙන් නො’පැවත්වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබදව සොයා බලන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග පවසයි.එම තරගාවලියේ දී අවුරුදු 15 න් පහළ උස පැනීමේ තරගය අතර මැද නවතා දිවා භෝජනයෙන් පසුව ඉතිරි කොටස පැවත්වීමට එම ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ලේකම්වරයා ක්‍රියා කර ඇති බවට නැගෙන චෝදනාව ඒ අතරින් ප්‍රධාන තැනක් ගනියි.
ක්‍රීඩා ගුරුවරයෙක්ගෙන් එවැනි ප්‍රාථමික මට්ටමේ නොදන්නා බවක් පළවිය නොහැකි බව පෙන්වා දෙන පළාත් අධ්‍යක්ෂවරයා,නිසි ප්‍රමිතියෙන් තොරව මෙම ක්‍රීඩා උළෙළ නො‍’පවත්වා ඇත්නම් ඒ සම්බන්ධයෙන් කොට්ඨාශ  අධයාපන අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ගෙන් නිදහසට කරුණු විමසීමක් කළ යුතුව ඇතැයි ද අධ්‍යක්ෂවරයාගේ අදහසයි.
ධාවන පථ සැකසීමක් නිවැරදිව සිදු නොකොට මෙම ක්‍රීඩා උළෙලේ තරග පවත්වා ඇති අතර මීටර් 400 තරග ආරමභය සිදුව ඇත්තේ නිවැරදි ආරම්භක ස්ථාන වෙනුවට යෂ්ටි හුවමාරු කළාප ආරම්භ කරන ස්ථාන යොදා ගනිමින්ය.මේ සියළු කාරණා පිළිබදව මෙන්ම නිවැරදිව සහ සුදුසුකම් සහිත නිලධාරීන් යොදා ගනිමින් මෙම ක්‍රීඩා උළෙල පවත්වා ඇත්දැයි සොයා බලන බව ද ජාතික පාසල් ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ද වන බස්නාහිර පළාත් අධ්‍යාපන ක්‍රීඩා අධ්‍යක්ෂවරයා පැවසීය.

අවසාන තරගයේ දී 13 දෙනෙකු සමග ක්‍රීඩා කිරීමට වේ දැයි සැකයක්


ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරදවා ජයගත් කොමන්වෙල්ත් බැංකු කුසලාන දෙවන අවසාන තරගයේ දී මහේල ජයවර්ධනට සිය තරග මුදලින් සියයට දහයක මුදලක් දඩ මුදල් වශයෙන් අය කර ගන්නට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර තිබෙනවා.ඒ මේ ප්‍රවෘත්තිය සමග පළවන වීඩියෝ දර්ශන‍ය මගින් පැහැදිළි කරන පරිදි තරග විනිසුරු බෘස් ඔක්සෙන්ෆෝර්ඩ් සමග ඇති කර ගත් ආරාවුලක් නිසයි.එම ආරාවුලට මුල එම විනිසුරුවරයා පිතිකරු මයිකල් ක්ලාක් ගේ ඉල්ලීමට නිපන්දුවක් ලබා දීමයි.එසේම ආසන්නයේ සිටින පන්දු යවන්නාගෙන් හෝ තෙවන විනිසුරුගේ තීරණයකින් තොරව හතරේ පහරකට එම විනිසුරුවරයා ලබා දෙන හයේ පහරත් පසුව කරන ලද ඉල්ලීමකට අනුව වෙනස් වෙනවා.
මේ ආකාරයට මහේල ගේ හැසිරීම යම් දඩයකට යටත් වන්නේ නම් විනිසුරුවරයා සිය කාර්ය ඉටුකළ ආකාරය ද අභියෝගයට ලක්විය යුතු වෙනවා.මෙම විනිසුරුවරයාම ඕස්ට්‍රේලියාව පන්දු රකින විට පන්දු යවන්නන්ගේ නිපන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටියා.ඒ එක පන්දුවකට මහේල ජයවර්ධන දැවී ගියත් අනෙක් අන්තයේ සිටි තිලකරත්න ඩිල්ෂාන් පන්දු යවන්නා නිපන්දුවක් යැවූ බව ප්‍රකාශ කිරීමෙන් පසුව කළ පරීක්ෂණයකින් එය නිපන්දුවක් බව සහතික වූවා.
වැඩි අත්දැකීම් නැති ‍මෙම විනසුරුවරයා ගේ ඇතැම් හැසිරීම් ඔහු ක්‍රීඩා කිරීමට යෙද වූ අයෙක්දැයි සිතන තරමට සැක ඉපැද්දූ අතර 1996 දී ශ්‍රී ලංකාවේ පීඩනයෙන් ගැලවීමට ඕස්ට්‍රේලියාව විනිසුරුවන් යොදා ගත් ආකාරයෙන් මෙවරත් රොස් ඉමරසන් ගේ හෝ ඩැරල් හෙයාර් ගේ ක්‍රියාවලිය කිරීමට ඔක්සෙෆෝන් යොදා ගන්නේ දැයි සැක සහිතයි.තරග තීරක ලෙස ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් දැක්මක් නැති ක්‍රිස් බෝඩ් කටයුතු කරන තත්ත්වයක අවසාන තරගයේදි ශ්‍රී ලංකාවට 13 දෙනෙකු සමග ක්‍රීඩා කිරීමට සිදුවේදැයි සැක සහිතයි.
www.supirikrida.com

Mar 6, 2012

ඕස්ට්‍රේලියාවට වර්නර් ගේ සවිය අහිමි වේ


ළමු අවසාන තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියා ඉණිමේ පළමු පන්දුවේ සිට අවසාන පන්දුව දක්වා කඩුල්ලේ රැදී සිටිමින් ලකුණු 163 ක් ලබා ගත ඩේවිඩ් වර්නර් ‍අද තරගයේදී ආබාධයක් නිසා ක්‍රීඩා නොකරනු ඇතැයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.එසේම පළමු අවසාන තරගයේදී අලස ක්‍රීඩා රටාවක් ක්‍රීඩා කළ ෆර්විස් මහරුෆ් වෙනුවට මෙම අවසාන තරගයේදී සචිත්‍ර සේනානායක එම ස්ථානය දිනා ගනු ඇතැයි ද එම ආරංචි මාර්ග ඔස්සේම වාර්තා වෙනවා.
විෂේශයෙන්ම බ්‍රිස්‍බේන් තණතීරුව මත ඕස්ට්‍රේලියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වේග පන්දු යවන්නන්ට වඩා දග පන්දු යවන්නන් කැපී පෙණින.දෙපිළම ප්‍රචණ්ඩ පිතිහරඹයක නියැලි එම තරගයේ දී කඩුලු නොලැබුවේ වුව ද,ක්ෂේවියර් ඩොරති සහ ඩිල්ෂාන් පන්දුවෙන් පෑ දක්ෂතා නොවන්නට කණ්ඩායම් දෙකේම ලකුණු පූවරු 350 ද ඉක්මවා යන්නට තිබුණා.මේ තත්ත්වය නිසා අද තරගයේ අඩිලේඩ් තනතිල්ල තුළ දී ශ්‍රී ලංකාවට සුවිෂේශී වූ දග පන්දුවේ හැකියාව ගැන ශ්‍රී ලංකාව වඩා විශ්වාසයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ හැකියි.
එසේම ශ්‍රී ලංකාවේ සුපිරි එක්දින පන්දු යවන්නා වන ලසිත් මාලිංග වැඩි තරග ප්‍රමාණයක දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීම කැපී පෙනෙනවා.ඒ ලකුණ අතරේ ඔහු ශ්‍රී ලංකාවට වැඩි කඩුලු ප්‍රමාණයක් ලබා නොදුන්න හොත් එය ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන තරමේ ඉලක්කයක් වීමට ඇති ඉඩ විශාලයි.ඒ නිසා ශ්‍රී ලංකාවට පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට දුෂ්කර පන්දු යවන්නන් සංචිතයක් සිටීම වැදගත් වෙනවා.එසේම මාලිංග සතු පන්දු සංකලනය වැඩි කර ගැනීම හෝ එය භාවිතා කිරීම සම්බන්ධයෙන් වැඩි අධ්‍යයනයක් කිරීම ඔහුගේ මෙන්ම ලංකාවේ ද හිත සුව පිණිස වෙනවා.
කෙසේ හෝ අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වෙනවා.අවසාන තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ මෙම තරගයද පරාජයට පත් වුවහොත් ඕස්ට්‍රේලියාව තරගාවලිය 2-0 ක් ලෙස ජය ගන්නා නිසා තරගාවලියේ උණුසුම ද දිය වී යනවා.මූලික වටයේ අවසාන තරගය තෙක් අවසාන තරග සදහා පිවිසෙන කණ්ඩායම් කවරේද යන්න තීරණය කිරීමට අපොහොසත් වූ මෙම තරගාවලියේ තියුණු භාවය සුරක්ෂිත කරමින් මෙම තරගයේදී ශ්‍රී ලංකාව ජය ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම විදින්නට කැමති සියල්ලන්ගේම කැමැත්ත විය හැකියි. 

පාසල් දැල් පන්දු මුල් පුටුව ගෝතමියේ සෝමා මුණසිංහ ට - ලේකම් අනුරුද්ධ යේ සුධර්මා


මේ වසර සදහා පැවති පාසල් දැල් පන්දු සම්මේලනයේ නිලවරණයේ දී සභාපති තනතුර සදහා කොළඹ ගෝතමී බාලිකාවේ සෝමා මුණසිංහ තේරී පත් වී සිටිනවා.ඇය,ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරිවරයෙකු සහ පුහුණුකරුවෙකු වූ,වැලිවේරිය බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ආර් ඒ සිරිපාලයන්ගේ ප්‍රිය බිරිද වෙනවා.
ලේකම් ධූරයට පත් සුධර්මා ජයවර්ධන කාලයක් දැල් පන්දු කේෂ්ත්‍රයේ ඉහළ පරිපාලනය සමග සම්බන්ධ වී සිටින ජාත්‍යන්තර අත්දැකීම් සහිත අයෙක් වන අතර ඇය වර්ථමානයේ කොළඹ අනුරුද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණිය ලෙස ක්‍රියා කරනවා.භාණ්ඩාගාරික තනතුර සදහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ සංජිකා විජේනායක තේරී පත් වී ඇති අතර ඉකුත් වසරේ ලේකම් ධූරය දැරූ වර්ථමානයේ අධ්‍යාපන අමාත්‍යශයේ දැල් පන්දු ව්‍යාපෘති නිලධාරිණිය ලෙස ක්‍රියා කරන ශිරෝමි කුරුප්පු මේ වසරේ දී නියෝජ්‍ය උප සභාපතිණිය ලෙස තේරී පත් වී සිටිනවා.
කොළඹ මියුසියස් විද්‍යාලයේ ඩෙසීමා ප්‍රනාන්දු උප ලේකම් ධූරයට තේරී පත් වී සිටින අතර ජානකී ගුණසේකර,ලලිතා ද සිල්වා,ඉවැන්ජලින් ජයලත්,ශ්‍යාමේන් විතානවසම්,අමල්කා ගුණතිලක,ඩබ්කේ පද්මලතා සහ චන්ද්‍රානි ජයලත් මෙහි දී උප සභාපති තනතුරු සදහා තේරී පත් වූ අතර උප භාණ්ඩාගාරික තනතුරට චාන්දනී ගුණවර්ධනත් තරග ලේකම් ලෙස චම්පා රංජනී ත් තේරී පත් වූහ.

Mar 5, 2012

මාලිංග යළිත් අසාර්ථක වෙයි.පළමු අවසන් තරගය ඕස්ට්‍රේලියාවට


ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ පන්දු යවන්නා වන ලසිත් මාලිංග දෙවන වරටත් කොමන්වෙල්ත් තරගාවලිය තුළ අසාර්ථක වීම ප්‍රධාන කොට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කොමන්වෙල්ත් බැංකු කුසලාන පළමු අවසාන තරගයෙන් ලකුණු 15 ක පරාජයක් අත් කර ගන්නට සිදු විය.
කාසියේ වාසිය දිනා ගනිමින් බ්‍රෙස්බේන් තණතිල්ලෙන් ලකුණු නෙලා ගැනීම ඇරඹු ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව විශ්වසනීය පන්දු යැවීමක නියැලෙන්නට අපොහොසත් වූ ලසිත් මාලිංග,ඔවුන් ගේ ප්‍රධාන දඩයම වූ අතර ඔහුගේ පන්දුවාර 8 ක් තුළ ඕස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු ප්‍රමාණය 74 ක් විය.මාලිංග ගේ පළමු පන්දුවාර 4 තුළ ලකුණු 40 ක් ලැබූ ඕස්ට්‍රේලියාව අවසානයට යැවූ පන්දුවාර 4 තුළ දී තවත් ලකුණු 34 ක් ලබා ගත්තේය.
එසේම ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අතින් ගිලිහී ගිය තරගය නුවන් කුලසේකර සහ උපුල් තරංග විසින් යළි ජයග්‍රහණය ලැබිය හැකි තත්ත්වයට ඔසවා තැබීමෙන් ඉනික්බිතිව ප්‍රසාද් ධම්මික එය ඉදිරිට ගෙන යද්දී අවසාන කඩුල්ල ලෙස පන්දුවට පහර දීමට පැමිණි මාලිංග,ලකුණක් ලබා පන්දුවට පහර දීමට ධම්මිකට අවස්ථාව ලබා දීම වෙනුවට වේගවත් පහරවල් සදහා යාමට උත්සාහ දරමින් පන්දු 6 ක් තුළ කඩුල්ල පූජා කළේ එක් ලකුණක් පමණක් ලබමින් වීම ද,මෙම පරාජයට බෙහෙවින් බල පෑවේය.
තරගයේ කාසිය වාසිය ලැබ පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 50 තුළ ලකුණු 321 ලැබුවේ කඩුලු 6 ක් පමණක් දැවෙද්දී ය.සිය ශාරිරික යෝග්‍යතාවය 100% ක් තිබියදී තරගයට පැමිනියේදැයි සැක සිතෙන ආකාරයේ පන්දු රැකීමක නිරත වූ ෆර්විස් මහරුෆ් ගේ පන්දු රැකීමේ දෝෂයෙන් ප්‍රයෝජන ගත් ඕස්ට්‍රේලියාව පළමු කඩුල්ලට ලකුණු 136 ක සබදතාවයක් පැවත්වූයේ  පන්දු ඕවර් 24 ක් තුළ දීය.ඒ අතරින් මැතිව් වේඩ් ලකුණු 64 ට රංගන හේරත් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුවකින් දැවී ගිය ද තරගයේ අවසාන පන්දුවේදී දැවී ගිය ඩේවිඩ් වර්නර් ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිස පන්දු 157 ට මුහුණ දී එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 163 ක් විය.
සියළුම පන්දු යවන්නන්ට සිත් සේ ප්‍රහාර එල්ල කරද්දී මේ දක්වා තරගාවලිය තුළ පන්දු යවන්නෙකු ලෙස අත් හදා නොලැබූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 350 ක් ඉක්මවා යන තත්ත්වයක් පෙන්නුම් කළ ඕස්ට්‍රේලියානු ඉණිමේ ප්‍රහාරය නවත්වන සුළු අයුරෙන් පන්දු යැවූ අතර ඔහු කඩුලු නොලැබුව ද පන්දු ඕවර් 9 ක් යවමින් ලබා දුන්නේ ලකුණු 35 ක් පමණි.රංගන හේරත් දග පන්දු යවමින් එක් කඩුල්ලකත් ලබා ගත් අතර ඔහු ඊ ළගට අඩුම ලකුණු වේගයක් රදවා ගත් පන්දු යවන්නා වුූ අතර ඔහු පන්දු ඕවර් 7 ක් තුළ ලකුණු 36 ක් පමණක් රැස් කළේය.නමුත් ඩිල්ෂාන් හෝ රංගන පන්දු ඕවර් 10 ක් යැවීම සදහා යොදා ගන්නට මහේල අසමත් වීම ගැටළුකාරීය.
 කණ්ඩායමට ඉහළම සේවයක් සළසමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා නැතිව සිටින ශ්‍රී ලංකාව වේග තණතිලි මායාව විසින් වෙලා ගෙන සිටින නිසා සිය පන්දු යැවීමේ සංචිතය පෝෂණය කර ගැනීමට 100% ශරීර යෝග්‍යතාවය තිබුණු බවක් නොපෙන්වූ මහරූෆ් වෙනුවට සචිතුව යොදා ගැනීමේ අභියෝගය තෝරා ගත්තේ නම් ඊයේ දවස තුළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ට අපහසුවක් දග පන්දුවේ පීඩනය තව දුරටත් වැඩි කිරීමට මෙන්ම හොද පන්දු රකින්නෙකු ගේ සේවය ද ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබිණ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවක් දෙදෙනා පන්දු ඕවර් 4.4 ක් තුළ ආරම්භක කඩුල්ලට එකතු කළ සබදතාවය ලකුණු 39 ක්  වූ අතර එම වේගය පවත්වා ගැනීමට දැරූ උත්සාහයේදී මහේල ජයවර්ධන ට දැවී යන්නට සිදු විය.ඩිල්ෂාන්, මෙන්ම ලකුණු අතර සිටි චන්දිමාල් සහ තිරිමාන්නට ද ඊයේ සාරථක වීමට අවස්ථාවක් නොලැබුණු අතර සංගක්කාර පමණක් සටන්කාමී ලකුණු 42 ක් රැස් කළේය.නමුත් 31  පන්දු ඕවරයේ ආරම්භක පන්දුවේ දී ශ්‍රී ලංකාවේ කඩුලු ප්‍රමාණය 6 ක් ලෙස ද ලකුණු ප්‍රමාණය 144 ක් ද දිස් විය.
එතැන් සිට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අන්ද මන්ද කළ ප්‍රහාරයක් එල්ල කළ නුවන් කුලසේකර ශ්‍රී ලංකාව යළි ජයග්‍රාහී මාවතට කැදවා එමින් රැස් කළ ලකුණු ප්‍රමාණය 73 ක් වූ අතර ඒ සදහා නුවන් ට වැය වූයේ පන්දු 43 ක් පමණි.හත්වන කඩුල්ලට ලකුණු 60 ක් රැස් කළ උපුල් තරංග සමග එක් ව ලකුණු 104 ක සබදතාවයක් පැවත්වීමට ද නුවන් ගේ දායකත්වය ලැබිණ.මේ තත්ත්වය දිගට පවත්වා ගනිමින් ඕසට්‍රේලියානු ක්‍රීඩකයන් ගේ දෑස් තුළ අවිනිහ්චිතභාවය සහ තැති ගැන්ම රදවන්නට නොදැවී පන්දු 21 කින් ලකුණු 31 ක් ලැබූ ධම්මික ප්‍රසාද් ට හැකි වුව ද අවසාන ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි ලසිත් මාලිංග පන්දුව දකිමින් සිටි ප්‍රසාද් ට අවස්ථාව සළසා දීම වෙනුවට ඔහු ප්‍රහාරකයා වීමට දැරූ අසාර්ථක උත්සාහය නිසා පන්දු 6 ක් තුළ එක් ලකුණක් පමණක් ලබා දැවී යන්නට මාලිංගට සිදු වූයේ මුළු ලකුණු පූවරුව 306 ක් ව තිබියදී ය.
මෙම තරගාවලිය පුරා ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වෙනුවෙන්  කැපවෙන ඩේවිඩ් හසී ඊයේ පිතිකරුවෙකු ලෙස අසාර්ථක වුව ද පන්දු යැවීමෙන් සාර්ථකම පන්දු යවන්නා වූ අතර ඔහු ලකුණු 43 ක් තුළ පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගත්තේය.ක්සේවියර් ඩොරති ද කඩුලු ලබා නොගත්ත ද සිය පන්දු ඕවර් 10 ලකුනු 39 ක් තුළ නිම කරමින් ලංකාවේ ලකුනු ලැබීමේ වේගය අඩාල කිරීමට හවුල් විය.නමුත් තරගයේ වීරයා වූයේ ඊයේ ඕස්ට්‍රේලියානු ලකුණු ප්‍රමාණයෙන් අඩකටත් වඩා රැස් කළ ඩේවිඩ් වර්නර් ය.
සමස්ත ලකුණු විස්තරය පහත දැක්වේ. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518968.html

ජාතික ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම් වලට යුධ හමුදාවෙන් ප්‍රහාරයක්


මෙවර අන්තර් ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලිය කටුනායක දී නිමාවට පත් වූයේ ඒ කොටසේ සූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදාවට දිනා දෙමින් ය.විදේශ පුහුණුකාරියගේ උපදෙස් මත යැයි කියමින් තරග පැවත් වූ ක්‍රීඩා පිටියේ පොළව තද වැඩි බව කියමින් ඒ කොටසේ තරගයක විනාඩි 14 ට සීමා කරන්නට ගත් තීරණය නිසා ප්‍රබල කණ්ඩායම් බොහෝමයක් තරගාවලිය තුළ දකින්නට නොලැබිණ.ඒ හේතුව නිසා ඒ කාණ්ඩයෙන් තරග වැදුනේ ත්‍රිවිධ හමදා කණ්ඩායම් පමණක් වන අතර එහිදී ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පරාජය කරමින් ජාතික සංචිතයට කිසිදු ක්‍රීඩිකාවක් ඇතුළත් නැති ශ්‍රී ලංකා යුධ හමුදාව සූරතාවය දිනා ගැනීම කැපී පෙණින.
භූ විෂමතා සාධක, ශාරීරික හැඩය සහ එහි ශක්තීන් වල අනන්‍යතාවයට ද බලපාන බව සත්‍යයක් වුව ද විදේශ පුහුණුකාරියගේ උපදේශ අනුව යමින් සියල්ල කිරීමට යාමේ පල විපාකයක් ලෙස ශ්‍රී ලංකා‍වේ ප්‍රධානතම තරගාවලියක් වන ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලියේ  සැබෑ තරගකාරීත්වය සහ උවමනාව පසෙක ලෑමට දැල් පන්දු පරිපාලනය ක්‍රියා කිරීම කණගාටුදායකය.කෙසේ වුව ත් ඒ ආකාරයෙන් පැවත් වූ තරගාවලියේද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දැල් පන්දු කේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් මරීෂා ප්‍රනාන්දු ට එම ඇගයීම නොලැබීම ද කණගාටුදායක ය.
ජාතික පුහුණුකාරිය නිසා කණ්ඩායම හැර ගිය ක්‍රීඩිකාවන් සිටින බවට මෑත කාලයේ ජාතික පුහුණුකාරිය සහභාගි වූ විද්‍යුත් නාලිකාවක සජීවි වැඩ සටහනකදී දුරකථන ඇමතුමකින් චෝදනා එල්ල වූ අතර ඒ අවස්ථාවේ එම පුහුණුකාරිය එම ඇමතුම ලබා දුන්නේ මරීෂා බවට ප්‍රකාශ කළේ ඇය කණ්ඩායම හැර  යන්නට හේතුව තමා බව පිළිගන්නා ආකාරයෙන්ය.නමුත් ඊට සුළු මොහොතකට පසුව එම වැඩ සටහන සමග සම්බන්ධ වූ මරීෂා තමා තමා මීට පෙර දුරකථන ඇමතුමක් ලබා ගත් බවට ජාතික පුහුණුකාරිය කළ ප්‍රකාශය වැරදි බව ප්‍රකාශ කළාය.කෙසේ හෝ ඊට දින කිහිපයකට පසුව පැවති මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මරීෂා ට හිමි වීමට තිබූ කුසලානය ඇයට අහිමි වූවාය.
එසේම ජාතික සංචිත වල සිටින ක්‍රීඩිකාවන් පරාජය වීම සම්බන්ධයෙන් සහ මරීෂාට දක්ෂතම ක්‍රීඩිකා සම්මානය නොලැබීම පිළිබදව නිල නොවන ප්‍රකාශයක් සෙසු කණ්ඩායම් හමුවේ ප්‍රකාශ කර ඇති ජාතික සංචිතයේ පුහුණුවට මෙන්ම  දෙවන වරටත් ගැටළුකාරි වූ ක්‍රීඩා සමාජ තරගාවලියක් සංවිධානය කිරීමේ වගකීම ඉටු කළ නිලධාරිණියක්, ජාතික සංචිත වල සිටින ක්‍රීඩිකාවන් පරාජය වීම ඔවුන් තවමත් අත්දැකීම් නොමැති පිරිසක් වීම බවට කරුණු දක්වා ඇත.එසේනම් ජාතික සංචිත ලෙස නඩත්තු කරමින් සිටින්නේ සංවර්ධන සංචිතයක්ද යන්න පිලිබදව ගැටළුවක් මතුවන අතර දැල්පන්දුව සම්බන්ධයෙන් විවේචනය කරන්නන්ට දෙස් දෙවොල් තබමින් සිටින ජාතික පුහුණුකාරිය සිය සහයිකාවද ජාතික සංචිතය හොදම ක්‍රීඩිකාවන් සිටින සංචිතය නොවන බව පිළිගන්නා බව දත යුතුය.විෂේශයෙන් සෙලාන් සහ හැටන් නැෂනල් කණ්ඩායම් නැතුව වුව,ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමටවත් තරගයක් දිය නොහැකි තත්ත්වයේ ජාතික කණ්ඩායමක් වෙනුවෙන් උපරිම පහසුකම් ලබා දෙන ලෙස කරන ඉල්ලීම් මේ රටේ සිටින හොදම ජාතික කණ්ඩායම සංචිත ගත කර ඉල්ලා සිටින්නේනම් සාධාරණ බව අපේ හැගීමය.මේ තත්ත්වය නිසාම ජාතික කණ්ඩායම දේශීය කණ්ඩායම් සමග පුහුණු තරග පැවත්වීම ගැන අවධානය යොමු කර නොමැති බව දැන ගන්නට ලැබෙන අතර ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ජාතික කණ්ඩායම ද ක්‍රීඩා සමාජ කණුඩායම්වලට වඩා බොහෝ පසුපසින් සිටීමය.
තරගාවලියේ බී කොටසේ සූරතාවය ගුවන් හමුදා බී කණ්ඩායම දිනා ගත් අතර අවුරුදු 19 න් පහළ සූරතාවය කොළඹ මියුසියස් ද අවුරුදු 16 න් පහළ සූරතාවය නුගේගොඩ සමුද්‍රදේවී කණ්ඩායම ද දිනා ගත්තේය.


පුහුණු කරන්නට කණ්ඩායමක් යදින ජාතික පුහුණුකාරිණියක්!


විවිධ පාර්ශව මුලා කරමින් එක්තරා ක්‍රීඩාවක ජාතික පුහුණුකාරිය ලෙස පත් වන්නට භාග්‍යය ලද්දේ වුව ද මෙරට කිසිදු කණ්ඩායමක් තමාව පුහුණුකාරිය ලෙස තෝරා ගන්නට නොසිතීම ගැන සිත් තැවුලෙන් පසුවන ජාතික පුහුණුකාරිනියක්, මේ වන විට විවිධ කණ්ඩායම් වලින් තමාව පුහුණුකාරිණිය ලෙස බදවා ගන්නයි ඉල්ලිම් කරන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.ඇය ආරක්ෂක අංශ කණ්ඩායමකින් ලිඛිතව ඉල්ලිමක් කරමින් තමාව පුහුණුකාරිය ලෙස බදවා ගන්නා ලෙස ඉල්ලා ඇති අතර එම ආරක්ෂක අංශ ප්‍රධානිනන්ට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ගේ සේවය ලබා දෙන බව ද ඇය විසින් දන්වා ඇත.
නමුත් ජාතික කණ්ඩායමේ දක්ෂයන් වැඩි දෙනෙකු ඇය නිසා කණ්ඩායම හැර යාම මෙන්ම ඇය විසින් රැගෙන එන බව කියන ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් ක්‍රීඩා සමාජ අතර තරගයේදී ඇය පුහුණුකාරිය ලෙස බදවා ගන්නා ලෙස ඉල්ලීම් කළ කණ්ඩායම ඉදිරියේ පරාජය වීම යන කරුණු ද සළකා එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.මේ අතර කවත් ජාතික මටටමේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක පුහුනුකරු ධූරයට ද ඉල්ලීම් කරන්නට මෙම පුහුනුකාරිය කටයුතු කර ඇතත් එම අවස්ථාව ද ඇයට අහිමි වී ඇත. 

Mar 4, 2012

දක්ෂතම දකුණු අප්‍රිකානුවා තේරීමේ අවසාන තරග අද ඇරඹේ

ග්‍රෙහැම්
                           නොවනු ඇත." 



මිකී
කුණු අප්‍රිකානු ජාතිකයන් වන මිකී ආතර් පුහුණුකරවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ග්‍රෙහැම් ෆෝර්ඩ් පුහුණුකරන ශ්‍රී ලංකා කණ්ඩායම කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියේ සූරයින් තීරණය කරන අවසාන තුරග තුනෙන් පළමු වැන්නට අද බ්‍රිස්බේන් හී දීමුහුණ දීමට නියමිතය.ශ්‍රී ලංකාව සමග තරග වැදි අවසන් තරග තුනම ජය ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ සිය රටේදීම ලද පරාජයේ  වේදනාව සමග තරග බිමට පිවිසෙන ඕස්ට්‍රේලියාව වෙත වැඩි පීඩනයක් එල්ල වී ඇති අතර ශ්‍රී ලංකාව සිටින විශ්වසනීය තත්ත්වයට යම් පළුද්දක් ඇති කර තිබෙන්නේ මේ ජයග්‍රහණ පිටුපස විශාල සේවයක් කළ තිසර පෙරේරා,ඇන්ජලෝ මැතිව්ස් සහ ෆර්විස් මහරූෆ්  ආබාධ මත කණ්ඩායමේ නොසිටීමයි. 

තරගාවලිය තුළ අඛණ්ඩව සිය නායකත්වය ඕස්ට්‍රේලියාවට ලබා දීමේ භාග්‍යය අහිමි වූ මයිකල් ක්ලාක් මේ තරගයේදී කණ්ඩායමට පිවිස සිටින අතර එය ඕස්ට්‍රේලියාවට යම් මානසික සහනයක් ඇති කරනවා නිසැකය.නමුත් මයිකල් ක්ලාක් ගේ නායකත්වය ඇතිව අවසන් වරට ශ්‍රී ලංකාව හමු වූ අවස්ථාවේදී බ්‍රෙට් ලී වැනි සුපිරි ක්‍රීඩකයන් ද සමග ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකා පිතිකරුවන් ඉදිරියේ ලකුණු 280 ක් ආරක්ෂා කර ගැනීමට හැකි නොවීම ක්ලාක් ගේ පැමිණීම ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල කිරීමට කාරණයක් නොවනු ඇත. 

"තරගාවලිය තුළ අඛණ්ඩව සිය නායකත්වය ඕස්ට්‍රේලියාවට ලබා දීමේ භාග්‍යය අහිමි වූ මයිකල් ක්ලාක් මේ තරගයේදී කණ්ඩායමට පිවිස සිටින අතර එය ඕස්ට්‍රේලියාවට යම් මානසික සහනයක් ඇති කරනවා නිසැකය.නමුත් මයිකල් ක්ලාක් ගේ නායකත්වය ඇතිව අවසන් වරට ශ්‍රී ලංකාව හමු වූ අවස්ථාවේදී බ්‍රෙට් ලී වැනි සුපිරි ක්‍රීඩකයන් ද සමග ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකා පිතිකරුවන් ඉදිරියේ ලකුණු 280 ක් ආරක්ෂා කර ගැනීමට හැකි නොවීම ක්ලාක් ගේ පැමිණීම ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල කිරීමට කාරණයක්  
අවසාන වරට ඕස්ට්‍රේලියාව හමු වූ අවස්ථාවේදී හැරෙන්නට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය  සෑම විටම සාර්ථක ආරම්භයක් ලබා දීම මෙම තරගාවලියේ මහේල සහ ඩිල්ෂාන් ඉණිම ආරම්භ කිරීමට පැමිණිමෙන් පසු නිරන්තරයෙන් දකින්නට ලැබුණු කරුණකි.ඒ වාසිදායක තත්ත්වය මෙන්ම දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න දිගින් දිගටම ලකුණු අතර සිටීමත්,කුමාර සංගක්කාර තරගාවලිය මුල ලකුණු සොයමින් සිට අවසාන මොහොත වන විට ශතකයක් සහ අර්ධ ශතකයක් ලබමින් ලකුණු අතරට ප්‍රවේශ විමත් මේ මොහොතේදී ශ්‍රී ලංකාවට විශාල ශක්තියකි.
මේ තත්ත්වය ඕස්ට්‍රේලියා සංචිතය තුළ දකින්නට නො’ලැබෙන අතර හසී සොහොයුරන් සහ මයිකල් ක්ලාක් හැරුණු විට අඛණ්ඩව දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකු ඕස්ට්‍රේලියා සංචිතයේ දකින්නට නැත.පන්දු යැවීමේන් ක්ෂේවියර් ඩොරති විශාල කඩුලු ප්‍රමාණයක් ලබා නො’ගත්ත ද, ලකුණු ලබා ගැනීමට එරෙහිව සෑහෙන පීඩනයක් එල්ල කිරීම මේ තරගාවලිය පුරාම දකින්නට ලැබිණ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් පීඩනය නිරන්තරයෙන් රදවා ගැනිම මේ තරගාවලිය තුළ දකින්නට නොලැබුණද ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කර ඇති ආකාරය සතුටුදායකය.විශේෂයෙන් වේග තණතීරු වුව ද රංගන හේරත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් වෙත පීඩනය රදවා ගෙන පන්දු යවා ඇති අතර අවසාන වරට ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ජයගත් තරගයේදී සචිත්‍ර සේනානායක පවර් ප්ලේ අවස්ථාවේ ද දග පන්දු යවමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ට ප්‍රහාරාත්මක වීමට ඉඩ ලබා නොදීම ද ඊට කදිම නිදසුනකි.
නමුත් වෘත්තීය මට්ටමෙන් ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමකින් පැවතෙන ක්‍රිකට් ක්‍රීඩාවක් ඇති රටක් වන ඕස්ට්‍රේලියාව සිය මව් රටේ දී අභියෝගයකින් තොරව ශ්‍රී  ලංකාවට කොමන්වෙල්ත් කුසලානය රැගෙන ඒමට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකිය. ශ්‍රී ලංකා කණ්ඩායම ද මානසිකව දැඩි විශ්වසනීයත්වයකින් කටයුතු කරන අතර ඔවුන් ද පෙරට තැබූ පය යළි ආපසු ගැනීමට සූදානම් නැති සටන්කාමී මානසික වාතාවරණයක සිට මේ තරග සදහා පිවිසෙනු ඇත.නායකයෙකු ලෙස අසාර්ථක වුව ද සිය නායකත්වය සමයේ වැඩි අවස්ථාවක් ලබා දෙමින් මානසික වශයෙන් ස්ථාවර කළ දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න සහ සචිත්‍ර අලෙක්සැන්ඩර් වැනි නව යොවුන් ක්‍රීඩකයන්ගේ දායකත්වය සහ හැකියාව උපරිමයෙන් ලැබිමද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලද භාග්‍යයක් වී ඇත.

ක්‍රීඩා නීතිය පිළිබද ව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

ජාතික ක්‍රීඩා මාධ්‍ය පදනම විසින් ක්‍රීඩා මාධ්‍යවේදීන් ගේ දැණුම වර්ධනය කිරීම පිණිස පවත්වනු ලබන සම්මණ්ත්‍රණ සහ වැඩමුළු ඇතුළත් වැඩ සටහන් මාලාවේ පළමු වැන්න ලෙස 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා රෙගුලාසි පිළිබදව ක්‍රීඩා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ එක්දින වැඩ මුළුව එළැඹෙන 8 දා පෙ.ව 10.00 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවත්වේ.ක්‍රීඩා පනතට අදාළව එහි නෛතික විධි විධාන සහ රෙගුලාසි පිළිබදව ප්‍රවීන නීතිවේදී සහ ක්‍රීඩා උපදේශන සභාවේ සාමාජික පණ්ඩුක කීර්තිනන්ද දේශණයක් පවත්වන අතර ඊට අමතරව ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අර්ජුන ද සිල්වා ද දේශනයක් පැවත්වීමට නියමිතය.ඊට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එන් අබේසිංහයන් ක්‍රීඩා සංගම් පරිපාලනය සම්බන්ධයෙන් දේශනයක් ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්‍රීඩා ජනමාධ්‍යවේදයට සම්බන්ධ වෘත්තීමය හැකියාවන් දියුණු කිරීම සම්බන්ධයෙන් ඇතුළු තවත් වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවේ රැදී සිටිය දි දත යුතු බොහෝ දේ පිළිබදව න්‍යායයාත්මක සහ ප්‍රායෝගික ව ක්‍රීඩා මාධ්‍යවේදීයා දැණුවත් කිරිම සදහා වනවැඩ මුළු ගණනාවකට මේ වන විටත් සහෝදර විදේශ මාධ්‍යවේදින්ගේ  ආධාරය සහ උපකාරය ද ලැබීමට නියමිත අතර ආරම්භක වැඩමුළුව සදහා ක්‍රීඩාවට වෘත්තිමය වශයෙන් සම්බන්ධකමක් ඇති සහ විද්‍යාර්ථින් විශාල පිරිසකට ද සහභාගි වීම සදහා අවකාශ සළසා ඇත.සහභාගි වන සියළු දෙනාට සහභාගීත්ව සහතිකයක් පිරිනැමීමට ද අදහස් කර ඇති අතර මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනීම සදහා 0773 063554 අංකය විවෘතව තබා ඇත.
මෙම වැඩමුළුවේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහභාගි වන අතර ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්න ඇතුළු තවත් සම්භාවණීය අමුත්තන් පිරිසක් ද සහභාගි වීමට නියමිතය.