Jun 22, 2012

ලංකාවේ ක්‍රිකට් වලට අන්දන්න අලුතින් හොයයි


ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා ඇදුම් සැපයීම සදහා නව නිෂ්පාදකයෙකු සෙවීම සදහා ක්‍රිකට් පරිපාලනයේ අවධානය යොමු වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.දැනට ඇදුම් ලබා දෙන්නන් විසින් කොන්දේසි කිහිපයක් උල්ලංඝණය කිරීම පිළිබදව අවධානය යොමු කරමින් මෙම තීරණයට පිවිසි බව එම දැන්වීම මගින් අනාවරණය කර සිටියි.21 දා රැස් වූ අනුග්‍රාහක කමිටුව විසින් ගත් තීරණයකට අනුව නව අනුග්‍රාහකත්වයක් සොයා ගැනීමට අදාළ කටයුතු ඉක්මණින් සිදු කෙරෙනු ඇත.

කණිෂ්ඨ ටෙනිස් ක්‍රීඩකයන් ගේ පිහිටට “ඊබ්‍රාහීම්”


attachment (345×480)ණිෂ්ඨ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට ටෙනිස් දැණුම ලබා දීමේ ප්‍රවීනයෙකු බවට කරුණු සහතික කර ඇති සිරියානු ජාතික ඒබ්‍රහම් ඊබ්‍රහිම් ශ්‍රී ලංකාවේ කණිස්ඨ ක්‍රීඩකයන් පුහුණු කිරීම සදහා වසරක කාලයකට කැදවා ඇත.2010 දී ඉරාන කණ්ඩායම දෙවන කාණ්ඩයට උසස් කිරීම සදහා පුහුණුව ලබා දුන් ඊබ්‍රාහිම්,කයිරෝ නුවර පිහිටි ටෙනිස් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධූරය දරා ඇත.අන්තර්ජාතික ටෙනිස් මූලස්ථාන තරගයේදී බටහිර ආසියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඊබ්‍රාහීම් ගේ සේවය වෙනුවෙන් අදාළ අනුග්‍රාහකත්වය ක්‍රීඩා අමාත්‍යංශය විසින් දරනු ඇත.
ඔහු ක්‍රීඩකයෙකු ලෙස සිරියාව නියෝජනය කරමින් ඩේවිස් කුසලාන නියෝජනය කර ඇති අතර ජගත් ශ්‍රේණිගත කිරීම් වල දී සිරියාවේ ක්‍රීඩකයෙකු ගේ ඉහළම දක්ෂතාවය සනාථ කරමින් එම ශ්‍රේණිගත කිරීම් වල 301 වන ස්ථානයට පැමිණ ඇත. 

පළමු දිනයේ සියළු ගෞරව ලංකාවට


ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඇරඹි පළමු යටස්ට් තරගයේ දී පළමු දිනය නිමා වන විට සියළු ගෞරව ශ්‍රී ලංකාව විසින් අත් කර ගැනීමට සමත් විය.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වන විට කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු  ලබා ප්‍රබල ස්ථාවරයක පසුවන අතර විහේෂත්වය වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වීමය.ඒ අතරින් කුමාර සංගක්කාර නොදැවී ලකුණු 111 ක් ලබා සිටින අතර ආරම්භක පිතිකරු ටීඑම් ඩිල්ෂාන් ලකුණු 101 ක් ලැබීය.
Kumar Sangakkara celebrates his fourth century in Galleආරම්භක පිතිකරුවන් වූ තරංග පරණවිතාන (24) සහ ඩිල්ෂාන් ප්‍රථම කඩුල්ලට ලකුණු 63 ක් එක් කළ අතර දෙවන කඩුල්ලට ඩිල්ෂාන් සහ සංගක්කාර එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 124 ක් විය.එතැන් පටන් දිනය නිමා වනතෙක් පකිස්තානු පන්දු යවන්නන්ට අවස්ථාවක් ලබා නොදුන් සංගක්කාර සහ මහේල ජයවර්ධන (නොදැවී 55) සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් පකිස්තානය දෙසට පීඩනය හරවා යැවීමට සමත් විය.
පන්දු යවන්නන් අතරින් සහීඩ් අජ්මාල් දැවී ගිය කඩුලු දෙකම ලකුණු 81 ක් ලබා දෙමින් දවා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අපහසුවකින් තොරව ලකුණු ලබා ගත්තද ගාලු තණතීරුවේ දග පන්දු යවන්නන්ගේ පන්දු වල සැළකිය යුතු තර්ජනාත්මක දග කැවීමක් දකින්නට ලැබිණ.ඒ නිසා තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුල්ලේ රැදී සිටිමින් විහාල ලකුනු ගණනකට පිවිසීම තරගය සිවිවන ඉණිම දක්වා දික් වවුහොත් පකිස්තානු පිතිකරුවන්ට විශාල පීඩනයක් ඇතිවනු ඇති බව නිසැකය.
විශේෂයෙන්ම එවැනි තත්ත්වයක රංගන හේරත්ට මෙන්ම සුරාජ් රනදිව් ටත් තියුනු දෝලනයක් ලබා ගන්නා නුවන් කුලසේකරටත් මුහුණ දීම පකිස්තානු පිතිකරුවන්ට පහසු වේ යැයි සිතිය නෙහැක.පහත දැක්වෙන්නේ තරගයේ ප්‍රථම දිනය නිමා වන විට තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට ඇති සම්බන්ධතාවය ය.

පැසිපන්දුවේ යෞවනයන්ගේ කිරුළ යාපනයට - යෞවනියන්ගේ කිරුළ කොළඹට

ජාතික තරුණ සේවා සභාව යෞවන කටයුතු අමාත්‍යංශයේ දායකත්වය ලබමින් ක්‍රියාත්මක කරන යෞවන ක්‍රීඩා උළෙලට මේ වසරේ සිට ඇතුළත් කරන්නට යෙදුණ පැසිපන්දු තරගාවලියේ පිරිමි සූරතාවය යාපනය දිස්ත්‍රික්කය විසින් දිනා ගත් අතර කාන්තා සූරතාවය කොළඹ දිස්ත්‍රික්කය විසින් දිනා ගත්තේය.මෙහිදී යෞවන ක්‍රීඩා උළෙලේ පළමු වරට දක්ෂතම පැසිපන්දු ක්‍රීඩකයා වීමේ භාග්‍යය යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ ෂන්මුගසුන්දරලිංගම් වහීසන් ට හිමි වූ අතර එම භාග්‍යය විදීමේ පැසිපන්දු ක්‍රීඩිකාව වීමේ අවස්ථාව හිමි වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රිස්ටීන් සෝලන්ග ගුණවිජය ට ය.
තරගාවලියේ පිරිමි අනු සූරතාවය ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ය.කාන්තා අනු සූරතාවය හිමි වූයේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර තෙවන ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි විය.

සුක්කානම යළි ‘ශෂී’ ට

Shashikala Siriwardene plays a shot against Pakistan Womenශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත 20 /20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීමේ වගකීම ශෂිකලා සිරිවර්ධනට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණයකට එළැඹ ඇත.මීට පෙරද ශ්‍රී ලංකා ්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ඇය ආගමන විගමන නීති කඩ කිරීමකට වරදකාරියක වීම නිසා නායකත්වය අහිමි විය.එවැනිම චෝදනා එල්ල වූ මලල ක්‍රීඩකයන් පිරිසක් ඒ වන විටත් දග ගෙයි සිටියත් ශසිකලා ට ගැටළුවක් ඇති නොවීමට ඇය මේ රටේ සුපිරිතම ක්‍රීඩාව නියෝජනය කිරීම බල පෑ අතර කෙසේ වුව ද ඇය දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජාත්‍යන්තර මට්ටමේ තැබිය හැකි ඉහළම දක්ෂතා ඇති ක්‍රීඩිකාව බව කිහිප අවස්ථාවකදී ම තහවුරු කර ඇති අතර ඇයගේ දක්ෂතාවයන් සුපිරි ක්‍රීඩා ද ඉතා ඉහළින් අගයන්නේමු.නමුත් ආගමන විගමන නීතිය උල්ලංඝණය කළ ක්‍රීඩිකාවකට කණ්ඩායමක නායකත්වය දීමට තරම් ක්‍රීඩාවේ විනය තත්ත්වය නොසළකා හැරීම බරපතළ තත්ත්වයකි.
ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වය යටතේ නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ උප නායකත්වය සදමාලි දොලවත්තට හිමි වී ඇත.චමරි අතපත්තු,චාමිනි සෙනවිරත්න,ඩිලානි මනෝදරා,ඊෂානි ලොකුසූරිය,උදේහිකා ප්‍රබෝධනී,ප්‍රසාදනී වීරක්කොඩි,ඉනෝකා ගලගෙදර,ඉනෝකා රණවීර,චන්දිමා ගුණරත්න,චමරි පොල්ගම්පොළ,ලසන්ති මධුෂානි,දීපිකා රසාංගිකා,නිපුනි හංසිකා,නිලුක්ෂි සිල්වා,කාංචනා වීරක්කොඩි සහ ශලේකා නිලුක්ෂි සංචිතයට අයත් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.

පැසිපන්දුව විදී බසියි

ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය වන පැසි පන්දු වීදි තරගාවලිය 3 x 3 තරගාවලියක් ලෙස ජූනි 23 දා  නවම් මාවත කාර් නැවතුම් පොළ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙයි.23 දා සහ 24 දා මෙහි පළමු අදියර ක්‍රියාත්මක වන අතර දෙවන අදියර එම ස්ථානයේදී ම ක්‍රියාවට නැගෙන්නේ ජූනි 30 දා සහ ජූලි 1 වන දා යන දෙදින තුළ ය.තෙවන අදියර ජූලි 7 සහ 8 පැවත්වීමට නියමිතය.
තරගාවලිය සදහා අවුරුදු 15 න් පහළ බාලක - බාලිකා ,අවුරුදු 18 න් පහළ බාලක බාලිකා සහ විවෘත පිරිමි සහ කාන්තා ලෙස තරග පැවත්වෙන අතර එක කාණ්ඩයකින් කණ්ඩායම් 24 ක් පමණක් යොදා ගැනීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.මෙහිදී තරගයට ඇතුළත් වන අවුරුදු 15 න් පහළ සහ 18 න් පහළ කණ්ඩායම් වලට ඇතුළත් වීමේ ගාස්තු රුපියල් 2000 බැගින් අය කරන අතර විවෘත කණ්ඩායමකට රුපියල් 4000  ක මුදලක් අය කෙරේ.දෙවන අදියර ට පිවිසීමේදී පළමු අදියරේ හොදම කණ්ඩායම් අටට ඇතුළත්වීමේ ගාස්තු වලින් තොරව පිවිසීමට අවස්ථාව හිමිවන අතර පළමු අදියරට ක්‍රීඩා කළ කණ්ඩායමක් දෙවන අදියරට පිවිසේනම් එය විවෘත කණ්ඩායමක් වන්නේ නම් ඇතුළත් වීමේ ගාස්තු රුපියල් 1000 ක් වන අතර කණිස්ඨ කණ්ඩායමක් ගෙවිය යුතු මුදල 500 ක් වෙයි.දෙවන අදියරේ සහ තෙවන අදියර ද ක්‍රියාවට නැගෙන්නේ මෙම පසුබිමේ වන අතර මෙය විශාල බලාපොරොත්තු සහගත ගමණක ආරම්භය බව ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය වෙනුවෙන් චන්දන ලියනගේ ප්‍රකාශ කරන්නේය.
ලේකම් චන්දන ලියනගේ ට අනුව ඉකුත් වසරේ 3 x 3 ලෝක කණිෂ්ඨ තරගාවලියට සහභාගි වූ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ බව ඔප්පු කළ බව කියන චන්දන එහිදී ක්‍රීඩක දක්ෂතා අනුව ප්‍රනීත් උඩුමලගේ ලොව 11 වැනි ස්ථානයට ශ්‍රේණිගත වූ බවත් තරගාවලිය ආශ්‍රිතව පැවති විදින්නියන් තීරණය කරන තරගයේදී ශ්‍රී ලංකාවේ සදුනි පෙරේරා ලෝකඩ පදක්කම දිනා ගත් බව පවසන චන්දන ලෝකයේම අවධානය යොමුවී ඇති 3 x 3 පැසිපන්දු සංස්කෘතිය 2016 රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලට ද ඇතුළත් වීමට නියමිතව ඇති බව පෙන්වා දුන්නේය.
තරගාවලියට  කොමාති ඉංජිනියර්ස් ආයතනය ප්‍රමුඛව සීමාසහිත ලංකා ටයිල්ස් පුද්ගලික ඩ්‍රීම්රොන් බියුටි කෙයාර් දායකත්වය දක්වන අතර පතරග සදහා යොදා ගන්නා පැසි පන්දු සදහා නිල අනුග්‍රාහකත්වය දක්වන්නේ රාහුල් ට්‍රේඩිං සමාගමය. තරගාවලිය පිළිබදව වැඩි තොරතුර සදහා දුරකථන අංක 0773 071794 (අජිත් කුරුප්පු) සහ 0777306602 (චන්දන ලියනගේ) හා සම්බන්ධ විය හැකිය.    

ලංකාවේ කබඩි වලට ආසියාතික පදක්කම් දෙකක්


චීනයේ හායියැන්ග් හී පැවත්වෙන ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කබඩි කණ්ඩායම් ලෝකඩ පදක්කම් දිනා ගත් බව වාර්තා වේ. ඒ අතරින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම වඩාත් කැපී පෙණුන අතර අවසාන තරගයට ඉන්දියාව පරදවා පිවිසි පකිස්තානයට පවා ඔවුන් ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.පකිස්තානය සමග අවසාන තරගයට සුදුසුකම් ලැබූ ප්‍රබල ඉරානය හමුවේ ලකුණු 50 – 23 ක් ලෙස පරාජය ලැබූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉන්දියාව සමග ලෝකඩ පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව දිනා ගත්තේය.එම තරගයට පෙර  ඇෆ්ගනිස්තානය ලකුණු 53 – 25 ක් ලෙස පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අවසාන පූර්ව තරගයට පිවිසීමට අවස්ථාව උදා කර ගත්තේය.  
පැවති දෙවන අවසාන පූර්ව තරගයෙන් ඉන්දියාව පරදවා පකිස්තානය 32 – 30 ක් ලෙස ජය අත්කර ගත් අතර ඒ අනුව අද අවසාන තරගය පකිස්තානය සහ ඉරානය අතර පැවත්වේ.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය තෙවන තරගයෙන්ද ඉන්දියාවට එරෙහිව 57 – 31 ලෙස පරාජයට පත් වූ අතර ඒ තරග වැදි  කණ්ඩායම් ඉතා ප්‍රබල වීම එයට ප්‍රධානතම හේතුව ලෙස දැකිය හැකිය. ඉන්දියාව සහ තායිලන්තය අද රන් පදක්කම සදහා සටනට සුදුසුකම් ලබා තිබීම එයට කදිම උදාහරණයකි.නමුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංගලාදේශය හමුවේ පරාජය ලැබීම විශාල පසුබැසීමක් ලෙස සැළකිය යුතුය. නමුත් තරගයට සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය සළකද්දී හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වූ අතර ඒ අනුව පදක්කම් කිසිවක් අහිමි ව සිටි ශ්‍රී ලංකාව තරගාවලියේ අවසාන දිනය වන විට ලෝකඩ පදක්කම් දෙකක උරුමක්කාරයන් වී පදක්කම් සටහනට පිවිස සිටියි.
  

දොස්තරලා දුවයි


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් එම සංගමය සංවිධානය කරන්නට යෙදෙන කිමී 3.5 ක මාර්ග ධාවන තරගයක් ජූලි 1 වන දා බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ අසළින් ආරම්භ වීමට නියමිතව ඇත. මෙම තරගය විවෘත කාන්තා සහ පිරිමි ලෙසත් එසේම වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරියන්ට වෙනමත් පැවත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තරගයේ සෑම කාණ්ඩයකම ප්‍රථම ස්ථාන තුන ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම වෛදවරුන්ට සහ වෛද්‍යවරියන්ට ද වටිනා ත්‍යාග පිරිනැමෙන අතර සමස්ත තරගය පළමුව නිම කරන 50 දෙනාට එටිසලාට් දුරකථන ආයථනය පිරිනමන අන්තර්ජාල සම්බන්ධතා වලට පිවිසිය හැකි ඩොන්ගලයක් තෑගි වශයෙන් හිමිවනු ඇත. 

ලංකා අත් පන්දු කණ්ඩායම මොංගෝලියාව පමණක් පරදවයි

චීනයේ හායියැන්ග් හි පැවත්වෙන ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා අත්පන්දු පිරිමි කණ්ඩායම තරග පහකට සහභාගි වී මොංගෝලියාවට එරෙහි තරගය පමණක් ජය ගැනීමට සමත් විය.එම තරගයේදී තරග වට 2 – 0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත් අතර වියට්නාමය හා පැවති තරගයේදී එක් තරග වටයක් ජය ගත්තද අවසාන ප්‍රතිපලය ලෙස වට 2 – 1 ලෙස ශ්‍රී ලංකාවට පරාජය වැළද ගන්නට සිදු විය.
සෙසු තරග වලදී ශ්‍රී ලංකාව පකිස්තානය,කටාරය සහ හොංකොං වෙතින් තරග වට 2- 0 ක් ලෙස පරාජය ලැබූ අතර මීට පෙර ජාත්‍යන්තර තරගවලදී දැක් වූ දක්ෂතා සහ සංසන්දනය කිරීමේදී මෙම ප්‍රතපල වලින් ශ්‍රී ලංකා අත් පන්දු කණ්ඩායම යම් ප්‍රගතියක් ලබා ඇති බව දකින්නට හැකි වීම සතුටුදායක තත්ත්වයකි.
අද මෙහි රන් පදක්කම තීරණයකරන තරගය පවත්වන අතර එහිදී බහරේනය සහ කටාරය තරග බිමට පිවිසීමට නියමිතව ඇත.ලෝකඩ පදක්කම සදහා වන තරගය ඕමානය සහ පකිස්තානය අතර පැවත් වේ.කාන්තා අවසාන තරගයට චීන සහ චීන තායිපේ කණ්ඩායම් පිවිස සිටින අතර ලෝකඩ පදක්කම සදහා වන තරගයට තායිලන්තය සහ වියට්නාමය තරග වැදීමට නියමිතය.

අමන්ති ගේ වාර්තාව ජානි ට

ඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ඊයේ ඇරඹි ප්‍රසිද්ධ පාසල් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ බිහි වූ එකම තරග වාර්තාවට හිමිකම් කියන්නට මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ජානි ගයානා ද සිල්වා සමත් වුණා.ඇය විසින් අවුරුදු 14 න් පහළ යගුලිය වීසි කිරීමේ තරගයේදී මෙම වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර ඇය විසින් වාර්තා කරන ලද දුර ප්‍රමාණය මීටර් 8.93 ක් විය.
මීට පෙර මෙම වාර්තාව හිමිකර ගෙන සිටියේ මෙවර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කොළම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අමන්ති ඕෂධී  ද සිල්වා ය.ඇය වාර්තා කර තිබූ දුර ප්‍රමාණය මීටර් 8.75 ක් විය.

නාවික,හැව්ලොක්,නුවර සහ හැව්ලොක් අපරාජිතව පෙරට

යලොග් රගර් තරගාවලිය ඇරඹි දෙවන සතිය වන විට,නැවික හමුදා,හැව්ලොක්,මහනුවර සහ සීආර්එෆසී කණ්ඩායම් අපරාජිත බව රැක ගෙන ඉදිරියට පැමිණ සිටියි.ලකුණු ලබා ගැනීම සහ ප්‍රතිවාදීන්ට ලකුණු ලබා දීම සළකා ලැබෙන ප්‍රසාද ලකුණු අනුව දෙසතියක් ගෙවෙන තැන පෙරමුණ ගැනීමට සමත් වී සිටින්නේ නාවික හමුදා කණ්ඩායම ය.දෙවන තැන හැව්ලොක් කණ්ඩායම පසුවන අතර තෙවන සහ සිව්වන තැන් හී පිළිවෙලින් පසු වන්නේ මහනුවර සහ සීආර්එෆ්සී කණ්ඩායම් ය.පහත දැක්වෙන්නේ දෙසතියක් ගෙවෙන තැන නිල ලකුණු සටහන දිස්වෙන අයුරුය.

SRI LANKA RUGBY FOOTBALL UNION
DIALOG RUGBY LEAGUE - " A " DIVISION
Total Points - First Round after WK - 2          (MEDIA)



Team
Played
Won
Drawn
Lost
M/Points
T
C
P
DG
P/F
P/A
Bonus
Total
Points
Tries
Position
Last Wk














Difference
Difference
Position
Navy SC
2
2
0
0
10
8
4
3
1
60
30
2.00
12.00
30

1
2
Havelock SC
2
2
0
0
10
8
3
4
0
58
32
1.00
11.00
26

2
1
Kandy SC
2
2
0
0
10
7
0
3
0
44
21
1.00
11.00
23

3
3
CR & FC
2
2
0
0
10
9
6
3
0
66
47
0.00
10.00
19

4
4
Army SC
2
0
0
2
0
7
2
1
0
42
47
3.00
3.00
-5

5
5
Air Force SC
1
0
0
1
0
4
2
1
0
27
44
1.00
1.00
-17

6
9
Up Country Lions
1
0
0
1
0
1
3
2
1
11
26
0.00
0.00
-15

7
6
CH & FC
2
0
0
2
0
3
2
2
1
23
47
0.00
0.00
-24

8
7
Police SC
2
0
0
2
0
4
2
1
0
27
64
0.00
0.00
-37

9
8