Sep 22, 2012

නවසීලන්තයෙන් සහ එංගලන්තයෙන් ලකුණු වැස්සක්

Brendon McCullum raises his bat after scoring a centuryවසීල්නත කණ්ඩායම බංගලාදේශයට එරෙහිවත් එංගලන්තය,ඇෆ්ගනිස්තානයට එරෙහිවත් කළ දැවැන්ත ප්‍රහාරය නිසා පල්ලේකැලේ ක්‍රීඩාංගණය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තාගත පිටියක් බවට පත් විය.නවසීලන්තය වෙනුවෙන් ලකුණු 123 ක් ලබමින් අන්තර්ජාතික 20 / 20 තරගයක හොදම ඉණිම දියත් කළ මේ වන විට 20 / 20 පිතිකරුවන් අතර ලොව පළමු තැන දිනා සිටින බ්‍රෙන්ඩන් මැකලම් නවසීලන්තය ලකුණු 191 දක්වා රැගෙන යන්නට සමත් විය.නමුත් එම තරගයෙන් පසුව ඇරඹි එංගලන්ත තරගයේදී ලුක් රයිට් නොදැවී ලබා ගත් ලකුණු 99 සමගින් බංගලාදේශයට එරෙහිව එංගලන්තය රැස් කළ ලකුණු 196 නවසීලන්තයේ වැඩිම ලකුණු ප්‍රමාණය අභිබවා මෙවර තරගාවලියේ වැඩිම ලකුණු සහිත ඉණිම බවට පත් විය.
කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළ බංගලාදේශයට බලාපොරොත්තු වූ සහය පන්දු යවන්නන්ගෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි නොවුණු අතර ප්‍රචණ්ඩ පිතිකරණයක නියැලි බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 58 කින් ලකුණු 123 ක් රැස් ක‍ළේ බංගලාදේශ පන්දු යවන්නන්ව සිත් පිත් නැති ප්‍රහාරයකට ලක් කරමින්ය.පිළිතුරු ඉණිමට පිවිසි බංගලදේශ ප්‍රහාරක බල ඇණිය ලැබී තිබුණු විශාල ඉලක්කය ඉදිරියේ දැඩිව අසරණ වූ බවක් පෙණින.ඒ නිසාම අනවශ්‍ය පීඩනය ඔවුන්ට නිසි මානසික මට්ටමක සිට හඹා යාමට ඉඩ හසර ලබා නොදුන් අතර නසීර් හොසේන් පමණක් පන්දු 39 කින් ලකුණු 50 ක් රැස් කර එය හඹා ගොස් ගැනීමට හැකි ලකුණු ප්‍රමාණයක් විය හැකි බවට ඉගි සැපයීය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533276.html තරගාවලියේ ලකුණු පූවරුවට ඉහළ සබදතාවය මගින් පිවිසිය හැකිය.
ලුක් රයිට් පන්දු 55 කින් නොදැවී ලබා ගත් ලකුණු 99 මෙන්ම ඇෆ්ගනිස්තාන පන්දු රකින්නන් සිය දුර්වලතා මගින් ලබා දුන් අවස්ථාත් ප්‍රයෝජනයට ගත් එංගලන්තය සිය පන්දු වාර 20 අවසන් කළේ ලකුණු 196 ක් ලබා ගනිමින්ය.පල්ලෙකැලේ දි බංගලාදේශයට අත් වූ ඉරණම දකිමින්ම ඇෆ්ගනිස්තානය ද කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීමේ වාරය එංගලන්තයට පැවරීය.එම ඉරණම පෙරළා ඇෆ්ගනිස්තානය වෙත හැර වූ එංගලන්ත පිතිකරුවන් ලබා ගත් ලකුණු 196 හඹා යාමට පිවිසි ඇෆ්ගනිස්තානය එම දැවැන්ත ලකුණු ප්‍රමාණය ඉදිරියේ කර කියා ගත දෙයක් නොහැකිව අසරණ වූ බවක් පෙණින.එහි ප්‍රතිපලය ලෙස පන්දු ඕවර් 17.2 ක් නිමා වෙද්දී ලකුණු 80 ක් ව පැවති ඇෆ්ගනිස්තානයේ ඉණිම සියල්ලන්ම දැවී යමින් නිමාවට පත් විය.
මේ සමග ඇති සබදතාවය තෙරපීමෙන් එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකිය.
www.supirikrida.com



ඉහළ ක්‍රිකට් තාක්ෂණය ආලින්දයට


විවිධ ස්ථානයන් පාදක කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව හැදෑරිම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය නිවසේ සිටම එහි නිර්වද්‍ය ශිල්පීය භාවිතය පිළිබදව නිවිහැනහිල්ලේ හැදෑරීමට අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සීඑස්එන් නාලිකාව පියවර ගෙන ඇත.ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි පුහුණුකරුවන්ගේ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජාතික පුහුණුකරුවන් ඊට සහභාගි වීමට නියමිතය.
ඒ අනුව මෙම වැඩ සටහනට පන්දු රකින්නන් පුහුණු කිරිමට රුවන් කල්පගේ සහභාගි වන අතර,පන්දු යැවීමේදි දග පන්දු යවන්නන් පුහුණු කිරීම පියල් විජේතුංගට පැවරී ඇත.වේග පන්දු යවන්නන් පුහුණු කිරීම චම්පක රාමනායකත් පිතිකරණය පිළිබදව පුහුණුව ලබා දීම මාවන් අතපත්තු වෙතින් ද සිදු වීමට නියමිතය.
www.supirikrida.com

Sep 21, 2012

සිම්බාබ්වේ නැවතත් පරදියි

Jacques Kallis was named Man of the Match for his 4 for 15සියළුම කණ්ඩායම් 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවල දස්කම් අනුව ඊ ළග වටය දක්වා පිවිසීමට අවශ්‍යය ජයග්‍රහණ සොයමින් වෙහෙසෙද්දී ඊ ළග වටයට නොපිවිසෙන කණ්ඩායම ලෙස පළමු සහතිකය ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය.ශ්‍රී ලංකාව ද තරග කරන සී කාණ්ඩයෙන් තරග බිමට පිවිස සිටින ඔවුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ ලද දැවැන්ත පරාජයෙන් නොනැවතී දකුණු අප්‍රිකාව ඉදිරියේද 10 ක පරාජයක් ලබමින් සී කාණ්ඩයේ අන්තිමයා බවට පත් විය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම තරගයේදී ක්‍රීඩාංගණය ස්වභාවය අනුව  කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම ආරම්භයේ සිටම ලකුණු ලබා ගැනීම සිදු කළේ ඉතා අසීරුවෙන්ය.එම තත්ත්වය තව දුරටත් දැඩි කළ ජැක් කලිස් ගේ පන්දු යැවීමේ ප්‍රවේශය සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 100 දක්වා යාමට හෝ අවස්ථාව ලබා නොදුන්නේය.ලකුණු 93 ට සීමා වූ සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු 4 ක් ම කලිස් ගේ ගිණුමට වැටුණේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්ය.
පිලිතුරු ඉණිමට ඉකුත් වසරේ හොදම 20/20 ක්‍රීඩකයා වූ රිචඩ් ලිවි සහ හසීම් අම්ලා ගේ ආරම්භය ජයග්‍රහණය දක්වා යාමට හොදින්ම ප්‍රමාණවත් විය.තරගාවලියේ සෙසු කණ්ඩායම් වලටත්අනතුරු ඇගවීමක් කළ ලිවි,13 වන පන්දු ඕවරයේ ජයග්‍රාහී ලකුණ සම්පූර්ණ වන විට පන්දු 44 දී ලකුණු 50 ක් ලබා නොදැවී සිටියේය.තරගයේ වීරයා ලෙස ජැක් කලිස් සම්මානනීය වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ සම්පූර්ණ ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය ය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533275.html
www.supirikrida.com

නුගේගොඩ ශාන්ත ජෝන් ළමා ක්‍රීඩා උළෙල 22 දා

නුගේගොඩ ශාන්ත ජෝන් ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් යුතුව පැවත්වෙන ළමා මලල ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 22 දා කළුබෝවිල පිහිටි නුගේගොඩ ශාන්ත ජෝන් ආදර්ශ කණිෂ්ඨ පාසලේ ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර සහභාගි වන අතර විශේෂ ආරාධිතයා ලෙස මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම් ශාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය ප්‍රේමා පින්නවල සහභාගි වීමට නියමිතය.
පළමු වසරේ සිට පහ වසර දක්වා වන දරුවන්ට විවාත මෙම තරගාවලියට වයස 7 න් පහළ මීටර් 50 සහ ටෙනිස් බෝල වීසි කිරීමේ ඉසව් ඇතුළත් වන අතර අවුරුදු 9 න පහළ මීටර් 40 සහ 60 ධාවන තරග සහ සිග් සැග් ධාවන තරග ද හිටි පිම්ම ඉසව් ඇතුළත් වේ.අවුරුදු 11 න් පහළ දරු දැරියනට මිටර් 60 ,හෙල්ල වීසි කිරීම සහ දුර පැනීම ඇතුළත් වේ.තරගාවලියේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකු වු සහ වර්ථමානයේ විධායක කමිටු සාමාජිකයෙකු වූ සුනිමල් රූපසිංහ අතින් සිදුවන අතර තරගාවලියට ඇතුළත් වීමට කැමති දූ දරුවන් සැප්තැම්බර් 22 දා තරගාවලිය ආරම්භ වීමට නියමිත පෙ.ව.9.00 ට පෙර ක්‍රීඩාංගණයට පැමිණිය යුතුය.
www.supirikrida.com

Sep 20, 2012

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ජය ගනියි

ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර පැවති තරගයත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයත් ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට ජය ලබා දෙමින් නිමාවට පත් වුණා.තරගාවලියට පෙර සිටම අයර්ලන්තය පෙරලිකාර කණ්ඩායමක් ලෙස විචාරක අවධානයට ලක් වී සිටියත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේදී ඇෆ්ගනිස්තානය දැක් වූ දස්කම් අයර්ලන්තය අභිබවා යන මට්ටමක තිබුණා.
Suresh Raina made a quick 38ප්‍රචණ්ඩ පිතිකරණ ලැයිස්තුවක් සහිත ඉන්දීය කණ්ඩායම යම් පාලනයකට යටත් කර ගෙන පන්දු යැවූ ඇෆ්ගනිස්තානය ඉන්දීය කණ්ඩායමට පන්දු ඕවර් 20 තුළ ලකුණු 159 ක් ලබා දෙන අතරේ කඩුලු 5 ක් අහිමි කරන්නට ද සමත් වුණා.විශේෂයෙන්ම ගාම්බීර් සහ ෂෙවාග් පස්වන පන්දු ඕවරය වන විට ලකුණු 22 ක් ව තිබිය දී ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින් ඇති කළ පීඩනය ඉන්දියානු පිතිකරුවන් යම් තරමක තිගැස්මකට ලක් කළා.නමුත් තරගයේ වීරයා වූ විරාට් කෝලි ගේ නිතර කතා කරන පිත්ත නිහඩ කිරීමට ඇෆ්ගනිස්තානයට ඉක්මණින් හැකි නොවුණු නිසා ඔහු සිය අර්ධ ශතකය පන්දු 38 කින් රැස් කර සිරවී තිබූ ඉන්දීය ලකුණු වේගය යථා තත්ත්වයට පත් කළා.අවසන් මොහේතේදී නායක දෝනි පන්දු 9 කින් ලබා ගත් ලකුණු 18 සහ කෝලි (50) සහ රයිනා (38) එක්ව පන්දු ඕවර් 5.3 දි ලබා දුන් ලකුණු 48 නිසාත් ඉන්දිය ඉණිමට අසීරුවෙන් වුව ලකුණු 150 සීමාව පසු කර යන්නට හැකි වුණා.
පිලිතුරු ඉණිම ඇරඹූ ඇ‍ෆ්ගනිස්තානය ගෞරවය රැක ගැනීම සදහා හොද සටනක් යන්න සිය තේමාව කර ගනු වෙනුවට නියත වශයෙන්ම ජය ගත හැකිය යන විශ්වාසයේ සිට පන්දුවට පහර දුන්නා.එහෙත් අත්දැකීම් මදකම නිසා විශාල කඩුලු සබදතාවයකට යාමට හැකියාවක් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට නෙලැබුණු අතර ඒ නිසා ඔවුන්ගේ ජයග්‍රාහී විශ්වාසය පන්දු ඕවර් 19.3 දී ලකුණු 136 ක් බවට පත් වී ගෞරවනීය පරාජයකින් කෙළවර වුණා.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසීමේ හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533274.html
Shane Watson pulls behind squareඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගයේදි ෂේන් වොට්සන් දැක් වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අයර්ලන්තයේ ශක්තිය නිවැරදිව ප්‍රදර්ශනය කිරිමට අවස්ථාවක් ලැබුණේ නැහැ.තරගයේ පළමු පන්දුවෙන්ම ෂේන් වොට්සන් අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඩ් ගේ කඩුල්ල දවා ගනිමින් සහ ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගනිමින් අයර්ලන්ත ඉනිම ලකුණු 123 ටසීමා කරන්නට පෙරමුණ ගත්තා.පිලිතුරු ඉණිම ඇරඹු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වූ වොට්සන් පන්දු 30 ලකුණු 51 ක් ලබමින් මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ ශතකලාභියා වෙමින්අයර්ලන්ත පරාජය ඉක්මණින් කැදවා ගෙන ආවා.පන්දු ඕවර් 15.1 පන්දුවකින් ඕස්ට්‍රේලියාව තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණේ ඒ සදහා කඩුලු 3 ක් පමණක් වැය කරමින් වූ අතර පහත දැක්වෙන්නේ එම තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකි සබදතාවය යි.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533273.html
www.supirikrida.com

චීන ක්‍රීඩකයෝ ජපන් තරගාවලිය මග හරිති

මේ දිනවල ක්‍රියාත්මක යොනෙක්ස් ජපන් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් ඉවත් වීමට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තීරණය කර තිබෙන බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංමේලනයේ නියෝජිතයන් සනාත කරනවා.චීනය සහ ජපානය අතර දූපත් සමූහයක් සම්බන්ධයෙන් පවතින අර්බූදය හේතු කර ගෙන ඇති වී තිබෙන දේශපාලන වාතාවරණය හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබදව සිතා මෙම තීරණය ගෙන තිබෙන බව ද එම වාර්තා සදහන් කරනවා.
ඇති වී තිබෙන තත්ත්වය නිසා දෙරටේම තානාපති කාර්යාල අසළ  දේශපාලන විරෝධතා මතු වි තිබෙන අතර මේ තත්ත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැක උපදවන සුළු බව පෙන්වා දෙන චීනය තරගාවලිය වර්ජනය කිරීම හරහා ජපානය සම්බන්ධයෙන් ජගත් ජනමතය වෙනස් කිරීමේ සියුම් උත්සාහයක නියැලෙන අතරේම තරගාවලියේ සාර්ථකත්වය ද තර්ජනයට ලක් කරනවා.ඩොලර් ලක්ෂ දෙකක් පමණ වන තෑගි මුදල් පිරිනැමෙන මෙම තරගාවලිය සදහා පිරිමි කේවල,කාන්තා කේවල සහ පිරිමි යුගල යන කාණ්ඩ වලින් සහභාගි වීමට සිටි ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියේ චීනයේ බැවින් ඔවුන් සහභාගි නොවීම හරහා තරගාවලියේ වැදගත්කම යම් තරමකින් පහතත වැටෙනවා
www.supirikrida.com

Sep 19, 2012

මෙණ්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි

Ajantha Mendis recorded best ever T20I bowling figures20 /  20 ජාත්‍යන්තර තරගවලදී ඉණිමක හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කර අජන්ත මෙණ්ඩිස් තබා තිබූ වාර්තාව සිම්බාබ්වේ ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට මුල් වෙමින් අජන්ත මෙණ්ඩිස් කළ පන්දු යැවීමෙන් යළිත් අලුත් විය.එහිදී ලකුණු 8 ට කඩුලු 6 ක් ලබා ගත් අජන්ත සිය නමට පෙර පැවති ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 16 ට කඩුලු හයක් ලබා ගැනීමේ වාර්තාව අලුත් කිරීමට සමත් විය.
ඉහළ ප්‍රහාරක වේගයක් රදවා ගෙන පිතිකරුවන් පිතිකරණයේ යෙදෙන තරගයක දී පන්දු යවන්නෙකුට හිමිවන පන්දු ඕවර් 4 තුළ කඩුලු හයක් ලබා ගැනීම ඕවරයකට කඩුලු 1 ට වැඩි සාමාන්‍යයක් පවත්වා ගත යුතු අතර අජන්ත එම දුෂ්කර කාර්යය දෙවන වරටද ඉටු කිරීම අපූරු අත්දැකීමක් විය.අජන්ත ගේ කඩුලු හයේ අවස්ථා දෙකෙන් පසුව කඩුලු 5 ලබා ගැනීම දැකිය හැක්කේ ද හය වතාවක් පමණ වන අතර උමාර් ගුල් එහිදී නවසීලන්තයට එරෙහිව ලකුණු 6 ට කඩුලු 5 ක් ලබා එහිදී ඉදිරියෙන් සිටින්නේය.

www.supirikrida.com

මෙණ්ඩිස්ලා සිම්බාබ්වේ අනාත කරති

මෙවර ලෝක කුසලාන 20 /  20 තරගාවලිය අරඹමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගයේදි නව පන්දු යැවීමේ ලෝක වාර්තාවක් පිහිටුවමින් අජන්ත මෙන්ඩිස් පෑ දක්ෂතාවය මෙන්ම ජිවන් මෙණ්ඩිස් පන්දුවෙන් සහ පිත්තෙන් පෑ දස්කම් ද හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 82 ක පහසු ජයක් හිමි විය.හම්බන්තොට නව තණතීරුව සහ සුළග නිසා කාසියේ වාසිය දිනූ කණ්ඩායමක් පළමුව පන්දු රකිනු ඇතැයි ප්‍රවීනයන් පළ කළ අදහස ක්‍රියාවට නංවමින් කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දුන්නේය.
Kumar Sangakkara and Jeevan Mendis run for overthrowsපළමුව පන්දුවට පහරදීම දුෂ්කර කාර්යයක් බව අවබෝධ කර ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 54 ක් ලබා දෙමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඒ අතරින් පළමු වරට 20 / 20 අන්තර්ජාතික තරගයකට පහර දුන් ඩිල්ෂාන් මුණවිර ලකුණු 17 ට දුවද්දි දැවී ගියේය.දග පන්දු යවන්නන් වූ ප්‍රොස්පර් උත්සෙයා සහ ග්‍රීම් ක්‍රිමියර් ශ්‍රී ලංකා පිතිකරුවන්ට යම් පීඩනයක් එල්ල කරන්නට වීමෙන් ලකුණු ලබා ගැනීම පහසු වූයේ නැත.
නමුත් ජිවන් මෙණ්ඩිස් පිටියට පිවිසීමෙන් පසු සංගක්කාර සහ ඔහු අතර සිදු වූ අවබෝධාත්මක කඩුලු අතර දිවීම හේතුවෙන් ලකුණු ගලා ඒම වැඩි වන්නට වූ අතර කෙට ලකුණු එක දෙක අතරට දුර්වල පන්දුවලට පිටියෙන් ඉවතටත් හතරේ පහරවලුත් එල්ල වන්නට වූ අතර ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉණිමේ 20 වන ඕවරයේ හතරවන පන්දුවේදී සංගක්කාර දැවි යන විට පන්දු ඔවර් 8ග1 දී ලකුණු 96 ක් රැස් කර තිබිණ.ඩිල්ෂාන් ලකුණු 39 ක් ද,සංගක්කාර ලකුණු 44 ක් ද එක් කළ අතර ජීවන් මෙණ්ඩිස් ලකුණු 43 ක් ලබා නොදැවී සිටියේය.
පිලිතුරු ඉණිම ඇරඹු සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රමයෙන් අභියෝගයට හැඩ ගැසෙමින් සිටිය දී   තරගයේ හයවන ඕවරය යැවීමට කැද වූ අජන්ත මෙණ්ඩිස් සියල්ල කණපිට හැරවීම ආරම්භ කළ අතර පළමු ඕවරයෙන්ම කඩුලු දෙකක් දවා ගත් අජන්ත සිය පන්දු ඕවර් 4 නිලකුණු ඕවර් 2 ක් ද සමග ලකුණු 8 ක් ලබා දී අවසන් කරන විට කඩුලු 6 ක් දවා ගෙන තිබිණි.සිම්බාබ්වේ ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ හැමිල්ටන් මසකඩ්සා ලකුණු 20 ට දැවී ගිය අතර එල්ටන් චිගුම්බුරා ලකුණු 19 ක් ලැබූ අතර ජීවන් මෙණ්ඩිස් ලකුණු 24 ට කඩුලු 3 ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533272.html
www.supirikrida.com

Sep 18, 2012

20/20 අද ඇරඹේ -පළමු තරගයට ශ්‍රී ලංකාව සමග සිම්බාබ්වේ

Mahela Jayawardene talks to the media        Brendan Taylor, the Zimbabwe captain, speaks to the pressමෙවර ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන 20 / 20 ලෝක කුසලාන තරගාවලිය අරඹමින් අද පස්වරු 7.30 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹේ.ආරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර කාණ්ඩ තුනක් යටතේ කණ්ඩායම් 12 ක් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරග‍ය සී කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ගැනේ.සී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේට අමතරව  දකුණු අප්‍රිකාව තරග බිමට පිවිසෙන අතර, තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන්නේ එංගලන්තය,ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යි.බී කොටසෙන් ඕසට්‍රේලියාව,බටහිර ඉන්දීය කොදෙව් සහ මෙවර තරගාවලියේ පෙරළියක් කළ හැකි කණ්ඩායමක් ලෙස අවධානය දිනා සිටින අයර්ලන්තය තරග බිමට පිවිසෙයි.ඩී කාණ්ඩයෙන් පකිස්තානය.නවසීලන්තය සහ බංගලාදේශය තරග බිමට පිවිසීමට නියමිතය.
අප වෙබ් අඩවියේ "LIVE බලමු " තුළින් තරගාවලිය නැරඹිමට හැකි අතර සජීවී ලකුණු විස්තරද ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

ක්‍රීඩා ඇමති වෙඩිල්ල පාසල දෙසට හරවයි

ජාත්‍යන්තර ජයග්‍රහණ රාහියක් ලබා ඇති වෙඩි තැබීමේ ක්‍රීඩාව මෑත කාලයේ දක්වන පසුබෑම පාසල තුලින්ම වෙඩි තැබීමේ ක්‍රීඩාව හදුන්වා දීම හරහා වෙනස් කිරීමේ පරමාර්ථය ඇතිව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා පාසල් පද්ධතියට වෙඩි තැබීමේ ක්‍රීඩාව හදුන්වාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.උපකරණ සහ භූමිය සම්බන්දයෙන් පැන නැගි ඇති ගැටළු පිළිබදව මේ වන විටත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවසරය ඇතිව වායු රයිෆල් ඇතුළු ක්‍රීඩා උපකරණ ගෙන්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා අවසර ලබා තිබෙන බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

මේ අතර ජර්මණියේ කාර්ල් වෝල්ටර් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත චන්දන වන්නිආරච්චි විසින් මිලියන 1.1 ක වටිනාකමක් සහිත රයිෆල් තුනක් ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දෙන්නට යෙදුනු අතර චන්දන වන්නිආරච්චි විසින් එම රයිෆල් භාර දුන් අවස්ථාවට අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම,වෙඩි තැබීමේ සංගමයේ ලේකම් දුෂාන් විජේවික්‍රම යන අයද එක් විය
www.supirikrida.com

ජාතික වොලිබෝල් සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩක කිරුළු ජනිත් ට සහ දිනේෂා ට

මෙවර 38 වන වරට පවත්වන්නට යෙදෙන ජාතික ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා වොලිබෝල් තරග ටොරිංටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදිණ.එහිදී පිරිමි අංශයේ සූරතාවය බස්නාහිර පළාත විසින් දිනා ගන්නට යෙදුණ අතර කාන්තා සූරතාවය වයඹ පළාතට හිමි විය.

පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජනිත් සුරත් සම්මානනීය වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූයේ දිනේෂා ප්‍රසාදිනී ය.ජනිත් බස්නාහිර පළාතෙන් තරග වැදුණු අතර දිනේෂා වයඹ පළාතෙන් තරග වැදිණ.
මේ වන විට ජනිත් වරාය අධිකාරි කණ්ඩායමට ක්‍රීඩා කරන අතර දිනේෂා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන්නීය.

පිරිමි අනු සූරතාවය වයඹට හිමි වූ අතර කාන්තා අනු සූරතාවය හිමි වූයේ බස්නාහිරට ය.
www.supirikrida.com

සහය දිවීමේ සූරතා ජෝෂප් වාස් සහ වලල දිනා ගනිති

පාසල් මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සහය ඇතිව පවත්වන්නට යෙදුණ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණයේ පැවත් වූ මෙවර සහය දිවීමේ සූරතාවලියේ පිරිමි සූරතාවය වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලය විසින් දිනා ගන්නට යෙදුණ අතර බාලිකා සූරතාවය වලල ඒ රත්නායක ක්‍රීඩා පාසල විසින් දිනා ගත්තේය.පිරිමි අනු සූරතාවය මීගමුව මාරිස්ටෙල්ලා  විද්‍යාලය දිනා ගත් අතර තෙවන ස්ථානය හිමි වූයේ වලල ඒ රත්නායක විද්‍යාලයට ය.බාලිකා අනු සූරතාවය කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවට හිමි වූ අතර තෙවන ස්ථානය රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට හිමි විය.
දින තුනක් පුරා දියත් වූ තරගාවලියේ දී නව තරග වාර්තා 24 ක් බිහි වීම කැපී පෙණුන සිදු වීමක් විය.මෑත කාලයේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට පාසල් මෙන්ම නව පාසල් කිහිපයක නැගී සිටීම ද මෙවර දැන ගන්නට ලැබුණු අතර කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය මෙන්ම කලෙකට පසුව කුරුණාගල මලියදේව පිරිමි පාසල ද ඇතැම් ඉසව් වල වාර්තාගත දස්කම් පෙන්වීම කැපී පෙණින.
www.supirikrida.com

සංජය සාජන්ට් තනතුරට


පැරා ඔලිම්පික් ඉතිහාසයේ පළමුවැනි ලාංකේය පදක්කම්ලාභියා වෙමින්ඉතිහාසයට එක් වූ ප්‍රදීප් සංජය සාජන්ට් තනතුර දක්වා උසස් කිරීමට යුධ හමුදාපති ජගත් ජයසූරිය විසින් තීරණය කිරීම මලල ක්‍රීඩාව ලද ජයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.එවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තරම් සැළකිල්ලක් වෙනත් ක්‍රීඩා වලට නොදක්වන බවට ඇති ඉතිහාස සාක්ෂි සමග අප වෙබ් අඩවිය සංජයගේ ජයග්‍රහණයෙන් දෙදිනකට පසුව ම එම ජයග්‍රහණය සාජන්ට් තනතුරත් තරමට හෝ බර නැතිද යනුවෙන් ලිපියක් ලියන්නට පෙළඹුණු අතර මෙම තනතුර එම ලිපිය නිසා ලැබුණු එකක් නොවිය හැකි වුව ද,අප සිතූ පරිදි ඔහුට  එවැනි උසස් වීමක් හිමි වීම පීලබදව ඉමහත් සතුටට පත් වන්නෙමු.
සාමාන්‍ය සිවිල් වැසියෙකු වන ජෑන්ස් දිසානායක නමු වූ ඔහු ගේ පුහුණුකරුද ඕපපාතික නොවන්නෙකු වන අතර ජාතික මට්ටමේ විවිධ ධාවන ඉසව් වල නියැලෙන පිරිසකගේ පුහුණුකරුය.විශේෂයෙන් කෙටි ධාවන ඉසව්වල අනාගත බලාපොරොත්තුවක් ලෙස දකින අක්ෂනා මාරලන්ද වැනි ක්‍රීඩිකාවකගේ මෙන්ම දුර ධාවන සූර විශාල පිරිසකගේ මාර්ගෝපදේශකයා ද වන ජෑන්ස්,මෙම ජයග්‍රහණය පිටුපස විශාල දෙයක් කර තිබෙන බව ද අප පිළිගත යුතුය.හිටපු මලල ක්‍රීඩකයෙකුද වන ජෑන්ස් මෙම ජයග්‍රහණය ගෙන ඒමට දැරූ වෑයම ද යම් ඇගයීමකට ලක් වන්නේනම් එය තවත් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට මෙරට පුහුණුකරුවන්ට ලැබෙන දිි දීමක් වන බව නිසැකය.
කෙසේ හෝ ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට ඉතිහාසයක් ඇති ජගත් ජයසූරියනට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් යුධ හමුදාව කරන වෙහෙස අර්ථවත් කිරීමට සිවිල් වැසියන් ලෙස සහය දෙන පිරිසට දිය හැකි සහය සහ අගය කිරීම පිළිබදව අලුත් ආරම්භයක් ලබා දිමට මෙය කදිම අවස්ථාවක් වනු ඇති බව අපේ විශ්වාසය ය.දැඩි ආරක්ෂාවක් අවශ්‍යය අවධියේ පවා ඔහු සිවිල් වැසියෙකු ලෙස සාමාන්‍ය ඇදුමින් සැරසි තොප්පියක් හිස පළදා ගෙන බොක්සිං තරග නැරඹිමට පැමිණි අයුරු අපට මතක ඇත.ඒ යුධ සමයේ ජීවිත තර්ජන මැද්දේ වුව ඔහු ගේ ශරීරය සහ මනස සම්බන්ධව ඇති ක්‍රීඩා පිටිය හැර යාමට ඔහු තුළ තිබූ නොකැමැත්ත පැහැදිළි කරන්නකි.ඉතිං එවැනි ලැදියාවක් ඇති අයෙකු ලෙස ජෑන්ස් දෙස ද,වෙනස් කෝනයකින් දැක හමුදාවේ ක්‍රීඩාව පිලිබදව අලුතින් ගමණක් විවර කර තව තවත් සිවිල් වැසියනගේ සහය ඒ කරා ආකර්ශණය කර ගැනිමට පදනම මෙම ජයග්‍රහණයත් සමග හමුදාපතිවරයා විසින් දමනු ඇතැයි  අප විශ්වාස කරමු.
www.supirikrida.com

Sep 17, 2012

දකුණු ආසියාතික කාන්තා පාපන්දු කිරුළ ඉන්දියාවට

කොළඹ සීආර් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ දෙවන දකුණු ආසියාතික කාන්තා පාපන්දු සූරතාවලියේ සූරතාවය නේපාල කණ්ඩායම ගෝල 3 - 1 ලෙස පරාජයට පත් කළ ඉන්දියාව විසින් දිනා ගත්තා.ඒ කාණ්ඩයෙන් සහ බී කාන්ඩයෙන් මූලක වටයේ තරග සදහා පෙනී සිටි නේපාල සහ ඉන්දියා කණ්ඩායම් දෙකම අවසාන තරගයට අපරාජිතව පිවිස සිටි අතර තරගාවලියේ සිටි දක්ෂතම කණ්ඩායම් දෙක ලෙස ඔවුන් විවාදයකින් තොරව පිළිගත හැකි දස්කම් දැක්වූවා.
අවසාන තරගය ඇරඹි විනාඩි තුනක් ගත වෙත්ම නේපාල ක්‍රීඩිකා දීපා අධිකාරී ක්‍රියාත්මක වූ අතර ඒ අනුව තරගයේ පළමු විනාඩි තුන ගෙවෙද්දිම නේපාලට ගෝල 1 - 0 ක් ලෙස ඉදිරියට පැමිණියා.නමුත් ඉන් ඇති වූ බලපෑම පසෙකට කරමින් ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩිකා සුප්‍රියා චෞද්රි ක්‍රියාත්මක වෙමින් මෙම තරගාවලියේ ඇය රැස් කළ ප්‍රථම ගෝලය ඉන්දියාවට ලබා දෙන අතර අටවන මිනිත්තුවේ වාර්තා වූ එම ගෝලයෙන් පසුව දෙපිළෙන්ම ගෝල වාර්තා නොවී පළමු අර්ධය ගෙවී ගියා.
දෙවන අර්ධයේදී ඉන්දීය නායිකා බෙම්බා දේවි විසින් 66 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අතර තරගය නිමා වන්නට විනාඩි කිහිපයක් තිබියදී 83 වන මිනිත්තුවේදී කමලා දේවී ඉන්දියාව වෙනුවෙන් තෙවන ගෝලය රැස් කර දුන්නා.
www.supirikrida.com

මෙල්වානි සූරිය රොහාන් සූරයා රොහාන් උදයටත් සූරතා දෙකක්


2012_03_21_10695.tif2012_03_20_10499.tif ශොක් මෙල්වානි මේස පන්දු තරගාවලියේ මේ වසරේ සූරයා වීමට රොහාන් සිරිසේන සමත් වූ අතර කාන්තා සූරතාවය දිනා ගැනීමට ඉෂාරා මධුරංගි සමත් වුණා.මේ අතර තරගාවලියට ඇතුළත් ව තිබූ වයස් ඛාණ්ඩ තරග වලදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ අවුරුදු 15 න් පහළ සහ 18 න් පහළ බාලක  සූරතා ද්විත්වයම දිනා ගනිමින් කැපී පෙණුනා.
අවුරුදු 18 න් පහළ බාලිකා සූරතාවය ප්‍රවීනා සිල්වා දිනා ගත් අතර අවුරුදු 15 න් බාලිකා සූරතාවයේ හිමිකාරිණිය වූයේ මුතුමාලි ප්‍රියදර්ශණි යි.ඇය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සිසුවියකි.ප්‍රවීනා මහනුවර උසස් බාලිකාවේ ඉගෙනුම ලබන්නීය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පීඩීයූ තෙන්නකෝන් අවුරුදු 12 න් පහළ බාලක සූරතාවයට හිමිකම් කියද්දී එහි බාලිකා සූරිය වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එස්එච්එස් ඉමාෂා යි.නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන අවුරුදු 10 න් පහළ බාලක සූරතාවය දිනා ගත් අතර එම වයස් ඛාණ්ඩයේ සිගිති සූරිය වූයේ අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ දිල්මි කොළඹගේ යි.

ප්‍රවීන පිරිමි සූරතාවය දිනා ගැනීමට හිටපු ජාතික සූරයෙකු වන ලලිත් ප්‍රියන්ත සමත් වූ අතර ප්‍රවීන කාන්තා සූරතාවය හිමි කර ගැනීමට තමාරා හේවගේ ට හැකි වුණා.වැඩිහිටි ක්‍රීඩකයන් අතර තරගයේ සූරයා වන්නට ඒඑස්බී රදැල්ල සමත් වුණා.
www.supirikrida.com


Sep 16, 2012

කුමා ලා දෙදෙන රටට කීර්තිය ගෙනෙති


Kumar Dharmasena with the ICC Umpire of the Year award, Colombo, September 15, 2012 
ගත් ක්‍රිකට් තරු පිරිවරා ගෙන  කොළඹ දී පවත්වන්නට ‍යෙදුණ අයිසීසී ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා,වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ජනතා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන තුනකට පාත්‍ර වීමට කුමාර සංගක්කාරට හැකි විය.එසේම ලොව හොදම ක්‍රිකට් විනිසුරුවරයා ලෙස මෙවර සම්මානයට පාත්‍ර වුණේ කුමාර ධර්මසේනය.සංගක්කාර එක්දින ක්‍රීඩකයා වීම සදහා ද හොද සටනක් ලබා දී තිබුණු අතර එහෙත් එහි ගෞරවය ඉන්දියාවට රැගෙන යන්නට විරාට් කෝලි ට හැකි විය.
වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍ර වූයේ මේ මොහොතේ සියළුම රටවල් දැඩි අවධානයකින්  සිටින පන්දු යවන්නෙකු වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුනිල් නරේන්ය.ශ්‍රි ලංකා කණ්ඩායමේ අජන්ත මෙණ්ඩිස් 20 - 20 ක්‍රීඩකයා වීම වෙනුවෙන් හොද සටනක් ලබා දුන්නද,එහි ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට ලබා දෙන්නට පන්දු 45 කින් ශතකයක් රැස් කර සිටි රිචඩ් ලෙවී ට හිමි විය.
ටෙස්ට් ක්‍රීඩා නොකරන රටවල් අතර හොදම ක්‍රීඩකයා ලෙස සම්මානනීය වූයේ අයර්ලන්තයේ ජෝර්ජ් ඩොක්රේල් ය.හොදම එක්දින ක්‍රීඩිකාව වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ස්ටෙෆ්නී ටේලර් ය.එංගලන්තයේ සාරා ටේලර් හොදම 20 - 20 ක්‍රීඩිකාව වූවා ය.වසරේ මහත්මා ගුණයන් අගය කරමින් පිරිනමන ගෞරවනීය සම්මානය මෙවර දිනා ගත්තේ නවසීලන්ත නායක ඩැනියෙල් විටෝරි ය.

ඉන්දියානුවෝ යළිත් බැට දෙති-ශ්‍රී ලංකාවේ අන්තිම කඩුලු පහ පන්දු හයකදී ලකුණු දෙකකට දැවෙයි

Irfan Pathan took 5 for 25 against Sri Lankaශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ විශ්වාස කළ නොහැකි ලෙස ඉන්දියාව ඉදිරියේ පරාජය වීම යළිත් පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20 - 20 ලෝක කුසලානය ආශ්‍රිතව පැවති පුහුණු තරගය ඉන්දියාවට ලකුණු 26 ක ජයක් හිමි කර දෙමින් අවසන් වුණා.කඩුලු 4 ක් ලකුණු 51 ට අහිමි කර ගෙන සිටි ඉන්දියාවට රෝහිත් ෂර්මා සහ නායක මහේන්ද්‍ර සිං දෝනි පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුනු 78 ක් එක් කරමින් ලබා දුන් දායකත්වය මත ඉන්දියාවට සිය පන්දු ඕවර් 20 කඩුලු 5 ට ලකුණු 146 ක් ව තිබියදී අවසන් කරන්නට හැකි වුණා.
ඉන්දියාව ඉදිරියේ අසාර්ථක සහ අසරණ වීමේ ඉහළ ප්‍රතිශතයක් පෙන්වන ලසිත් මාලිංග මෙම තරගයේදී ද දෝනි ඉදිරියේ දැඩි අසාර්ථක තත්ත්වයකට පත් වුණා.අවසාන පන්දු ඕවරයේ අවසන් පන්දු 5 ට ‍මාලිංග ගෙන් ලකුණු 17 ක් උදුරා ගැනීමට ඉන්දියාවට හැකි වූ අතර ඒ නිසා ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට රැස් කර ගත යුතු ලකුණු ප්‍රමාණය 147 දක්වා වර්ධනය වුණා.දෝනි ඉන්දීය ඉණිම ගොඩ ගනිමින් පන්දු 42 ක් තුළ ලකුණු 55 ක් නොදැවී ලබා ගත් අතර රෝහිත ෂර්මා ලකුණු 37 ක් ලබා ගත්තේ පන්දු 26 ට යි.
පිළිතුරු ඊනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් යුගලයම ලකුණු 15 ක් වන විට ක්‍රීඩාගාරයේ අසුන් ගන්වන්නට ඉර්ෆාන් පතාන් සමත් වුණා.තරගයේ ආරම්භයේදී මෙන්ම අවසාන භාගයේදී ද ශ්‍රී ලංකා ඉණිමට අවහිර කළ පතාන් ලකුණු 25 ට කඩුලු 5 ක් ලබා ගනිමින් ගෙවුණු එක්දින සහ 20 - 20 තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට අපහසුය ඉන්දීය බලවේගය බව තමා බව යළිත් තහවුරු කළා.
සංගක්කාර 32,මැතිව්ස් 16,ජීවන් මෙණ්ඩිස් 26 සහ ලහිරු තිරිමාන්න 24 ක් ලෙස ශ්‍රී ලංකා ඉණිම ගොඩ ගැනීමට යම් වෙහෙසක් දැරුවද ලකුණු 118 දී හයවන කඩුල්ල ලෙස තිසර ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මහේල ලකුණු නොලබාම දැවී ගියා.118 දී කඩුලු දෙකක් අහිමි කර ගන්නා ශ්‍රී ලංකාව ලකුණු 120 දී කඩුලු තුනක් අහිමි කර ගන්නා අතර දැවී ගිය කඩුලු පහෙන් තුනක්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබා නොදි (මහේල,කුලසේකර සහ මාලිංග) දැවී ගිය කඩුලු වූණා.ඒ සමගම ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 19.3 දී සියල්ලම දැවී ලකුණු 120 ට නිමාවට පත් වෙනවා.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/578137.html මෙම සබදතාවයෙන් තරගයේ සමස්ත ලකුණු පූවරුවට පිවිසිය හැකියි.
www.supirikrida.com