Feb 25, 2012

ශ්‍රී ලංකාව කොමන්වෙල්ත් බැංකු තරගාවලියේ අවසාන තරගයට ?

Dinesh Chandimal and Kumar Sangakkara have some fun at practice
දැනට ක්‍රියාත්මක කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අවස්ථාවක් මේ වන විට සෑදි ඇත.කණ්ඩායමකට තරග 8 ක් හිමි වන අතර මේ වන විට තරග 6 බැගින් නිමකර තිබියදී ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණක් ද සමග ලකුණු ලකුණු 15 ක් ලබමින්ය.දෙවන ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව ලකුණු 14 ක් ලබා සිටියි.ඉන්දියාව තෙවන ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 10 කි.මේ තත්ත්වය මත ඉන්දියාවට සහභාගිවීමට නියමිත තරග දෙකම ජය නොගෙන අවසාන තරගයට පිවිසීමට නොහැකිය.ඉන්දියාව එක් තරගයක් ජය ගෙන ශ්‍රී ලංකාව තරග දෙකම පරාජය වුව හොත් ඉන්දියාව ජය ගන්නා තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගතහොත් අවසාන තරගය සදහා සහභාගි වන්නේ ඉන්දියාවද ශ්‍රී ලංකාවද යන්න තීරණය වන්නේ ලකුණු වේගය මතය.දැනට ඇති තත්ත්වය මත හොදම ලකුණු වේගය ඇත්තේ ද ශ්‍රී ලංකාව සතුවය.
ඉන්දියාව තරගයක් ජයගෙන ඕසට්‍රේලියාව තරග දෙකම පරාජය වුවහොත් ඉන්දියාවට ඕස්ට්‍රේලියාව හා සම ලකුණු මට්ටමට පිවිසෙන්නට අවස්ථාවක් ඇති වන අතර එහිදී මෙම කණ්ඩායම් දෙකෙන් අවසාන තරගයට සහභාගි වන කණ්ඩායම තීරණය වන්නේද ලකුණු වේගය මතය.නමුත් ඉහත ආකාරයෙන් ඕස්ට්‍රේලියාව තරග දෙකම පරාජය වී ඉන්දියාව ජය ගන්නා තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගන්නේ නම් අභියෝගයකින් තොරව ඉන්දියාවට අවසාන තරගය හිමිවෙයි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට දැනට ඇති වී තිබෙන තත්ත්වය තුළ වැඩි අවස්ථාවක් තිබෙන අතර එක් තරගයක් ජය ගැනීමෙන් ඒ තත්ත්වය වඩාත් තහවුරු කර ගැනීමට හැකිය.
www.supirikrida.com

පාළක මණ්ඩල පිල පැරදවූ ස්කොට්ලන්තය බදුරලිය ඉදිරියේ අසරණ වෙයි



මේ දිනවල 20 – 20 ජගත් ක්‍රිකට් සූරතාවලිය ඉලක්ක කරගෙන කැනඩා සහ ස්කොට්ලන්ත ජාතික කණ්ඩායම් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින අතර ඊට අදාළව බදුරලිය කණ්ඩායම සහ ස්කොට්ලන්ත ජාතික කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 22 ක ජයක් ලබන්නට බදුරලිය කණ්ඩායමට හැකිවිය.ශ්‍රී ලංකා ක්‍රිකට් පාළක මණ්ඩල පිල සමග පැවති තරගය කඩුලු හතරකින් ජය ගෙන සිටි ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ට මෙම තරගයේදී බදුරලිය ක්‍රීඩකයන් ලබා දුන් ලකුණු 139 ඉක්මවා යාමට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ගත් උතසාහය ලකුණු 117 දී නැවතිණ.
පළමුව පන්දුවට පහර දුන් බදුරලිය කණ්ඩායමේ කඩුලු හතට ලබා ගත් ලකුණු 139 පෝෂණය කිරීමට නිලූෂන් නෝනිස් 28,ශාලික කරුණානායක 26,ප්‍රධාන වශයෙන් දායක වූ අතර එම ලකුණු ප්‍රමාණය හඹා ආ ස්කොට්ලන්ත උත්සාහය ව්‍යර්ථ කිරීමට මූලිකත්වය ගත් දිනේෂ් දර්ශනප්‍රිය ලකුණු 16 ට කඩුලු 4 ක් දවා ගත්තේය.අලංකාර අසංක ලකණු 16 කඩුලු 2 ක් සහ රොෂාන් ලක්සිරි ලකුණු 31 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.
බදුරලිය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතානය.

පියාඹන ගැහැණියගෙන් යළි වාර්තාගත පියැඹීමක්

A familiar site - Yelena Isinbayeva with her World record numbers in Stockholm

පියාඹන ගැහැණිය නමින් විරුදාවලි ලත් යෙලීනා ඉසින්බයේවා ගෘහස්ථ තරගයකදී මීටර් 5.00 සීමාව ඉක්මවා ගිය පළමු රිටි පනින්නිය වීමට සමත් වූවාය.සිවීඩනයේ ස්ටොක්හෝම් හී පැවති ගෘහස්ත තරගාවලයේදී මීටර් 5.01 ක දස්කමක් පාමින් ජයගත් යෙලීනා විවෘත පිටියේ දී මෙන්ම ගෘහස්ථ පිටියේද රිටි පැනීම සදහා සුවිශේෂි ක්‍රීඩිකාව තමා බව යළිත් සනාථ කළේ විවෘත පිටියේ මෙන්ම ගෘහස්ත පිටියේ ද මීටර් 5.00 සීමාව ඉක්මවා ගිය පළමුවැන්නිය ලෙස ඉතිහාසයට එක් වෙමින්ය.යෙලීනා විවෘත පිටියේදී ද මීටර් 5.00 සීමාව ඉක්මවා ගිය එකම රිටි පැනීමේ ක්‍රීඩිකාව වන්නීය.ඇය නමින් ලියැවී ඇති එහි වර්ථමාන වාර්තාව මීටර් 5.06 කි.
මීට දෙසතියකට පෙර (පෙබරවාරි 4) ජර්මණියේ බොස්ටන් හී දී පැවති ගෘහස්ත තරගාවලියක දී ඇමෙරිකාවේ ජෙනිෆර් සුහ්ර් මීටර් 2.88 ක් පැන ජගත් ගෘහස්ත රිටි පැනීමේ වාර්තාව සිය නමට ලියා ගත්ත ද යෙලීනා ගේ මෙම ඓතිහාසික පිම්මත් සමග ජෙනිෆර් ගේ නම  වාර්තා පොතෙන් ඉවත් වී යන්නීය.14 වන ජගත් ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලිය මාර්තු 9 දා තූර්කියේ ඉස්තාන්බුල් හී දී ඇරඹීමට නියමිත අතර ඊට දින 15 ට මෙපිටින් යෙලීනා පෑ මේ දක්ෂතාවය ඇයට මෙම තරගාවලිය සදහා මුහුණ දීමට අමතර ශක්තියක් සපයනු නො’අනුමානය.

Feb 24, 2012

ශ්‍රී ලංකාව එක ට එයි

Nuwan Kulasekara and Thisara Perera celebrate Sri Lanka's win
නුවන් කුලසේකරගේ පිත්තෙන් ජයග්‍රාහී ලකුණ වාර්තා වීමෙන් අනතුරුව තිසර සහ නුවන්

කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ රටවල් තුනම තරග හය බැගින් නිම කර තිබෙන අවස්ථාවේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට එමින් ඕසට්‍රේලියාවට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.කාසියේ වාසිය දිනා ගෙන මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රෙලියාව ලකුණු 280 ක් ලබමින් දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නද එම ලකුණු ප්‍රමාණය කඩුලු හතක් දැවී පන්දු ඖවර් 49.2 ක දී ඉක්මවා යන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.
එම දැවැන්ත ඉලක්කය හඹා යාමේදී ටීඑම් ඩිල්ෂාන් ගේ දායකත්වය ලකුණු 3 ක් වුවත් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් මහේල සමග එක් කළ ලකුණු සබදතාවය 55 ක වීම පිළිතුරු ඉණිම වෙනුවෙන් හොද අඩිතාලමක් ලබා දුන්නා.ඉන් අනතුරුව මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ගේ දායකත්වය ලකුණු 22 ට සීමා වූ අතර ඉන් අනතුරුව තරගයේ ශ්‍රී ලංකා ඉණිමේ හොදම සබදතාවය වූ ලකුණු 63 ක සබදතාවය මහේල සහ චන්දිමාල් වෙතින් වාර්තා වුණා.පන්දු 81 දී ගලා ලකුණු 85 කින් හැඩ වූ මහෙල් ගේ දැවී යාමෙන් අනතුරුව මේ වන විට මෙම තුන් කොන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 80 ක් රැස් කළ චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න නම් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත වීරයන් දෙදෙනා යළිත ලකුණු ලකුණු 49 ක සබදතාවයක් සිව්වන කඩුල්ලට එක් කළා.
පස්වන කඩුල්ල වෙනුවෙන් යළිත් ඇන්ජලෝ මැතිව්ස් සහ චන්දිමාල් වෙතින් ලකුණු 41 ක් එකතු වූ අතර හයවන කඩුල්ල ලෙස ෆර්විස් මහරූෆ ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි,තිසර පෙරේරා ඉතිරි කර තිබූ කඩුලු ප්‍රමාණයේ වාසිය අතට ගනිමින් පන්දු 11 ක් තුළ හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 21 ක් ලබා ගත්තා.49 වන පන්දු ඕවරයේ දෙවන පන්දුව තමන මුහුණ දුන් පළමු පන්දුව ලෙස භාර ගත් නුවන කුලසේකර එය හතරේ සීමාවෙන් එපිටට ඇදී යාමට සළස්වමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට උරුම කර දුන්නා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ද පන්දු ඕවර් 6.4 ක් ගත වෙන තැන කඩුලු දෙකක් ලකුණු 27 ට අහිමි කර ගෙන සිටියා.නමුත් සිය තීරණය තණතිල්ල පිළිබදව විමසා බලා ගත් තීරණයක් බව සනාත කළ මයිකල් ක්ලාක් තෙවන කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව 181 දක්වා ගෙන යන්නට පීටර් ෆොරස්ට් සමග සමත් වූ අතර  ෆොරස්ට් මෙවර තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කරමින් අගනා හැඩකාර ලකුණු 104 ක් ලබා ගැනීමට සමත් වුණා.මේ තරගයේදී ද පන්දු යවන්නන් ප්‍රහාරයට ලක් වෙද්දී පවා නායක මහේල හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් වෙත පන්දු යැවීම නොපැවරීම ගැටළුකාරී වුණා.පිළිගත් එක්දින පන්දු යවන්නෙකු වන ඩිල්ෂාන් ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් පන්දුවෙන් විශාල දායකත්වයක් දැක් වූවා.
කෙසේ වුවත් මයිකල් ක්ලාක් සහ ෆොරස්ට් වටාත් හසී සොහොයුරන් තරගයේ අවසාන භාගයේ දැක් වූ ප්‍රවේගකාරී පිති හරඹයත් නිසා ලකුණු 280 ට ගියද ශ්‍රී ලංකා පිතිකරුවන් අතර සුළුවෙන් හෝ කඩුලු අතර ඇති වූ ලකුණු සබදතා ශ්‍රී ලංකාව ට සිය ඉලක්කය කර යන්නට මාවත විවර කර දුන්නා.තරගයේ තීරණය මෙන්ම සියල්ල අභියෝගාත්මක ලෙස නැගෙන විට ප්‍රවේශම් සහගතව සහ ඉවසුම් සහගතව ඒවා මැඩ පවත්වන්නට සැළසුම් සකස් කළ මහේල ජයවර්ධන තරගයේ වීරයා ලෙස සම්මාණනීය වුණා.
තරගයේ නිල ලකුණු සටහනට පිවිසෙන්නට පහත සබදතාවය යොදා ගත හැකියි.

ශ්‍රී ලංකාවට අද එක වෙන්න අවස්ථාවක්

කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේ මේ වන විට ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය දක්වා පැමිණීමට අවස්ථාවක් ලැබෙන තරගයක් ලෙස අද පැවත්වෙන ඕස්ට්‍රේලියාව සමග වන තරගය හැදින්විය හැකිය.දිනෙන් දින දක්ෂතා අතින් වැඩෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමාන ක්‍රීඩා විලාශය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය රටේදී තම අභිමානය රැක ගැනීම උදෙසා සටන් කිරීමේදී ඇතිවන පීඩනය ද ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික තත්ත්වය වඩාත් යහපත් තත්ත්වයක තිබෙන බව පැහැදිළීය.
මේ තත්ත්වය මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් පවා පිළිගෙන ඇති අතර අද තරගයට ආබාධිත තත්ත්වය සුව අතට හැරීමෙන් පසුව මයිකල් ක්ලාක් එක් වීමට සුධානමින් සිටින්නේය.නමුත් අද සිට ඔවුන්ට කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ රිකී පොන්ටින් ගේ සහයෝගය නොලැබී යන අතර එය ද ක්‍රීඩා පිටිය තුළ දී කණ්ඩායම් ක්‍රියාකාරීත්වය කෙරෙහි යම් බලපෑමක් ඇති කළ හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ කිසිම කණ්ඩායමකට නො’දෙවැනි තුන් ඉරියව් සංචිතයකින් යුතුව තරග බිමට පිවිසෙන අතර එම කණ්ඩායමේ පන්දු යවන්නෙකු ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගෙන් මේ දක්වා සේවයක් ලැබීමට නායක මහේල ජයවර්ධන කල්පනාවට නොගැනීම ගැටළුකාරීය.රංගන හේරත් ගේ ස්ථානය සචිත්‍ර අලෙක්සැන්ඩර්ට පවරා ක්‍රීඩා කළ හැකිනම් එය තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සදහා කණ්ඩායමේ දොරටු විවර කිරීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සදහා වටිනා ආයෝජනයක් බවද කණ්ඩායම තේරීමේ දී මේ දක්වා නොසළකා හැර තිබීම කණගාටුදායකය.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ඩිල්ෂාන් ලොව එක්දින ක්‍රීඩක වර්ගීකරණයේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉහළ ස්ථානයක වැජඹෙන අතර සචිත්‍ර කණ්ඩායමට කැදවා ඩිල්ෂාන් ද යොදවා පන්දු යැවීම තුලනය කර ගන්නට කල්පනා කරන්නේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වාසිදායක සහ අනාගතයට වඩා පලදායි තත්ත්වයක් විය හැකිය.
දැනට ශ්‍රී ලංකාව සහ ඕසට්‍රේලියාව තරග පහ බැගින් ක්‍රීඩා කර ඇති අතර ලකුණු සටහනේ ලකුණු 14 ක් ලබා ඕස්ට්‍රේලියාව පළමු තැන ද ලකුණු 11 ක් ලබා ශ්‍රී ලංකාව දෙවන තැන ද සිටියි.තරග 6 ක් ක්‍රීඩා කර ඇති ඉන්දියාව ලකුණු 11 ක් ලබා පසු වන්නේ තෙවන තැනය.මෙම තරගාවලියේදී මූලික වටයේ තරග වල දී කණ්ඩායමකට තරග අටක් ක්‍රීඩා කිරීමට සිදු වේ. 

www.supirikrida.com

නිලූක 52 ට - තිළිණි කණිෂ්ඨ අංශයෙන් 49 ට


බැඩ්මින්ටන් ජගත් ශ්‍රේණිගත කිරීම්වල පිරිමි අංශයේ 52 වන ස්ථානය දක්වා ඉහළ යන්නට නිලූක කරුණාරත්න ට හැකි වී ඇත.ඊයේ සිදු වූ ජගත් ශ්‍රේණිගත කිරීම්වල දී නිලූකට 52 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙනන්නට හැකි වී තිබෙන අතර මේ අනුව නිලූක ගේ ඔලිම්පික් සුදුසුකම තව දුරටත් තහවුරු වී ඇත.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක පැමිණි ඉහළම ශ්‍රේණිගත කිරීම මෙය වන අතර ඊයේ මේ සම්බන්ධයෙන් නිලූකගෙන් කරන ලද අදහස් විමසීමක දී පැවසුවේ ඉදිරි කාලයේදී තවත් තරගාවලි කිහිපයකට සහභාගි වීමේ සූදානමින් සිටින බැවින් මේ තත්ත්වය තව දුරටත් යහපත් වේ යැයි තමා විශ්වාස කරන බවය.
විශේෂයෙන්ම තමා ගේ ඉදිරි පුහුණුවීම් වල දී විදෙස් පුහුණුකරුවෙකුගේ සහය ලැබෙනු ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම ඇතිව අනුග්‍රාහකත්වයක් ලැබෙනු ඇති බවටත් ඒ තත්ත්වය මත තමාට වෙනදාට වඩා සැහැල්ලුවකින් තරග වැදීමට හැකි වනු ඇති බවටත් නිලූක විශ්වාසය පළ කළේය.
මීට පෙර ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලැබීමට තිබූ ක්‍රීඩකයෙකු ලෙස හැදින්විය හැකි නිලූකට ජාත්‍යන්තර මට්ටමේ තරග අවස්ථා ප්‍රමාණාත්මකව නොලැබී යාම නිසාත් යම් යම් පරිපාලකයන් ගේ දුර්දාන්ත ක්‍රියාකළාපයන් නිසාත් එම අවස්ථාව වැළකී ගියේය.අද වන විට නිලූකට අවස්ථා ගණනාවකදීම පරාජය වූ ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන පහළොව තුළ රැදෙනු දැකිය හැකි අතර කලක් අංක පහට සිටි සහ වර්ථමානයේ අංක නවයට සිටින වියට්නාම ක්‍රීඩක ටියෙන් මින් න්ගුයෙන් ද නිලූක අතින් දෙවරක්ම පරාජය වූ ක්‍රීඩකයෙකු වීම ඒ සදහා හොදම උදාහරණයකි.
මේ  අතර චීනය,ජපානය සහ කොරියාව වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නොමැති වුව ද කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් වල කාන්තා 49 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාවේ තිළිණි හෙන්දහේවා ට පැමිණිමට හැකි වී තිබීම ද අගය කළ යුතු තත්ත්වයකි.තවමත් 15 හැවිරිදි තිළිණි ශ්‍රී ලංකාවේ අනාගත බැඩිමින්ටන් ක්‍රීඩා බලාපොරොත්තුව ලෙස අවිවාදයෙන්ම හැදින්විය හැකිය.ඇය සුරැකිය යුතු සම්පතක් ලෙස සළකා මේ මොහොතේ සිටම ඇය වෙනුවෙන් මේ රටේ ක්‍රීඩා බලධාරීත්වය විශේෂ වැඩ පිළිවෙළක් සකසන්නේ නම් තිළිණි ශ්‍රී ලංකාවට අනාගතයේදී ඉමහත් කීර්තියක් අත් කර දිය හැකි ක්‍රීඩිකාවක බවට පත් වෙනු නො’අනුමානය.
විශේෂයෙන්ම ඇයගේ අධයාපනයට ද හානියක් නොවන පරිදි ඇයට විදේශයක ක්‍රීඩා පුහුණුවට සහ අධ්‍යාපනයට අවස්ථාවක් ලබා දීමට ක්‍රීඩා බලධාරීන්ගේ මැදිහත් වීම සිදු වන්නේ නම් එය ලාකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් කමක් වනු ඇත.එසේම එහිදී අධ්‍යාපනික පහසුකම් තරමටම ක්‍රීඩාව ගැන ඇයගේ උනන්දුව සහ කැපවීම දැරීම පිණිස දෙමව්පිය අධීක්ෂණය සහ අවධානය යොමු කරන බවට දෙමව්පිය පොරොන්දුවක් ලබා ගැනීමද වැදගත් අතර නැතිනම් ක්‍රීඩාවේ සහ රටේ සුභ සිද්ධිය සදහා වැය කරන මුදල් යමෙකුගේ පෞද්ගලික දියුණුව සදහා වැය කිරීමක් විය හැකි තත්ත්වයන් පිලිබද උදාහරණ ඉතිහාසයේ දැකිය හැකිය.

මංචි වොලිබෝල් තරගාවලිය කන්ද උඩ රටින් ඇරඹේ



මංචි ජාතික වොලිබෝල් තරගාවලිය හෙට මහනුවර හතරලියැද්ද මහා විදුහලෙන් ඇරඹීමට නියමිතය.ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට එක් වීමට නියමිතය.දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රියාත්මක වී ජාතික මට්ටමට පිවිසෙන මෙම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ජාතික මට්ටමේ අවසාන තරග මාර්තු 31 දා පැවත්වීමට නියමිතය.
ජාතික මට්ටමේ තරගාවලියන් හී අවසාන තරගය පමණක් නැරඹීමට හුරුව සිටින ජාතික තේරීම් කමිටු සාමාජිකයන් මෙම තරගාවලියේ මුල සිටම තරග නැරඹීම සදහා සහභාගි කරවීමට යෙදවීම වොලිබෝල් පරිපාලනය වගකීමක් කර ගත යුතුය.එළැඹෙන වසරේ පැවත්වීමට නියමිත දකුණු ආසියානු තරගාවලි සදහා සංචිත නම් කිරීම සදහා යොදා ගන්නා තරගාවලියක් ලෙස මේ තරගාවලිය ක්‍රියාවට නැගීම ඊට හේතු වන්නේය. 

Feb 23, 2012

ක්‍රීඩා සමාජ දැල් පන්දු 3 - 4 කටුනායකදී -


ශ්‍රී ලංකා දැල් පන්දු අතුරු කමිටුව ක්‍රියාත්මක කරන ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලිය මාර්තු 3 සහ 4 යන දෙදින තුළ කටුනායක දී පැවත්වීමට කටයුතු යොදා ඇති බව අතුරු කමිටු ලේකම් කුමුදුනී ගෝමස් පවසයි.ලීග් කුමයට ක්‍රියාත්මක වන මෙම තරගාවලියට ඒ සහ බී කොටස් වලට අමතරව අවුරුදු 19 න් පහළ සහ අවුරුදු 16 න් පහළ ලෙස කාණ්ඩ දෙකකින්ද තරග පැවත්වීමට කටයුතු යොදා ඇත.මෙම වයස් ඛාණ්ඩ තරග වලදී වයස සළකා බලන්නේ 2012 ජනවාරි පළමුවන දා පදනම් කරගෙන බව ද තරගාවලිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවෙන් පෙන්වා දෙයි.තරගාවලිය සදහා ඇතුළත් වීම සදහා කණ්ඩායම් මෙම මස 27 වන දිනට පෙර තරගාවලිය සදහා සිය අයදුම්පත් යොමු කළ යුතුය.
මෙම ක්‍රීඩා සමාජ තරගාවලිය මීට ඉහත නුවර දී පැවත් වූ අවස්ථාවේ ගැටළු ගණණාවක් මතු වූ අතර එහි වගකීම දැරූ නිලධාරිණියම වගකීම දැරූ, දැයට කිරුළ දැල්පන්දු තරගාවලිය 'හුණු කොට්ටෙන් ෂේප් තරගාවලිය' ලෙස ප්‍රකට වූ අතර එම තරගාවලිය ද  කිසිදු ආකර්ශනයක් ඇති වන අන්දමෙන් සංවිධානය කිරීමට අපොහොසත් විය.ආරංචි ලැබෙන ආකාරයට මෙම තරගාවලිය ද සංවිධානය කිරීමේ වගකීම එම නිලධාරිනියම ලබා ගෙන ඇති අතර එහි අවසාන ප්‍රතිපලය ලෙස පවතින අතුරු කමිටුවේ අපොහොසත්භාවය පෙන්වා එහි ප්‍රධාන තනතුරක් සිය සමීප ඥාතියෙකුට ලබා දී තමන්ද පරිපාලනයට පිවිසීම අපේක්ෂාවෙන් කරන එකක් විය හැකි බව ඇය පිළිබද තොරතුරු දන්නා පිරිස් පෙන්වා දෙයි.
මීට පෙර ද ජාතික පුහුණුකාරියට අයදුම් පත් කැද වූ අවස්ථාවේ දී එම පරීක්ෂණය පැවත් වූ ආකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විට පරීක්ෂනය පැවත් වූ ආකාරය නිවැරදි බව කියූ එම පරීක්ෂණයට ඉදිරිපත් වූ ඇය පසුව සහය පුහුණුකාරිය ලෙසින් පත් වීම සදහා අවශ්‍යය පසුබිම සකස් කර ගත්තාය.අතුරු කමිටු සභාපතිණිය මෙන්ම ලේකම්වරිය ද දූෂණ හෝ අක්‍රමිකතා වලට සම්බන්ධබවට චෝදනා එල්ල කර අසමත් පුද්ගලයන් කිරීමට අපහසු තත්ත්වයක මේ ආකාරයෙන් ඔවුන් හා සුහදත්වයෙන් සිට වගකීම් පවරා ගෙන ඔවුන් අපහසුවට පත් කිරීම හෙවත් අගේ සිට කණ කෑම මෙම නිලධාරිණියගේ අලුත්ම උපක්‍රමය වී ඇති බව ද එම තොරතුරු පැහැදිළි කරයි.

BYE පොන්ටින්

Ricky Ponting walks back after failing to reach 10 for the fifth successive innings
මේ දක්වා ලොව බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු ලෙස අවිවාදිත රිකී පොන්ටින් එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කළා.සුපිරි එක්දින ක්‍රීඩකයෙකු මෙන්ම එක්දින නායකයෙකු ද වූ රිකී පොන්ටින්,ලෝක කුසලාන දෙකක් දිනූ නායකයෙකු වන අතර ලෝක කුසලාන අවසාන තරග තුනකට නායකත්වය දෙන්නට සමත් වුණා.මේ හැකියාව පලකළ තවත් නායකයෙකුට සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් පමණයි.
නමුත් මේ වන විට 37 හැවිරිදි පොන්ටින් සිය ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රීඩකයෙකුට ඔබින ජාවාධික බවින් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටිනවා.ඒ බව මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින කොමන්වෙල්ත් බඅංකු තරගාවලියේදී හොදින්ම පැහැදිළි වුණා.එහෙත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනය රිකී පොන්ටින් ට යළි දක්ෂතා අතරට ඒමට අවශ්‍යය මානසික ශක්තිය කාන්දු කිරීම පිණිස මයිකල් ක්ලාක් ආබාධිත වූ විට උප නායක ඩේවිඩ් වර්නර්ට උප නායකත්වය පිරි නො'නමා පොන්ටින්ට නායකත්වය ලබා දීමට පියවර ගත්ත ද එහිදී ද ඔහුට සාර්ථක වීමට හැකි වුණේ නැහැ.ඒ අනුව කොමන්වෙල්ත් තරගාවලියේ ඉදිරි තරග වලින් පොන්ටින්ව ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබීමත් සමග පොන්ටින් මේ තීරණයට එළැඹ තිබෙනවා.
එක්දින තරග 375 දී ලකුණු 13,704 ක් ලබා ඇති පොන්ටින් එහිදී ශතක 30 ක් සහ අර්ධ ශතක 82 ක් ලබා ගන්නට සමත් වී තිබෙනවා.නමුත් වර්ථමාන නායක මයිකල් ක්ලාක් නායකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළ පරිදිම නම,ප්‍රවීනත්වය ඉක්මවා ඕස්ට්‍රේලියාවට අවශ්‍යය දක්ෂතා යන්න බව එරට ක්‍රිකට් බලධාරීන්ගේ ද තීරණය වන නිසා පොන්ටින් ට එක්දින පිටියෙන් ඉවතට යනෙන පාර නවතා ගන්නට ඒ අතීත විභූතින් ප්‍රමාණවත් වූයේ නැහැ
www.supirikrida.com.

Feb 22, 2012

රනිල් ගේ හඩ නිහඩ වෙයි

නිල් ගැමුණු අබේනායක ලොව ප්‍රකට ව සිටියේ රනිල් අබේනායක ලෙස ය.ඔහු ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට ජාතික තලයෙන් සම්බන්ධ වීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොවිණ.හැකියාවන් පෝෂණය කරගෙන ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට ඒමට වඩා රනිල් තුළ තිබූ චතුරත්වය ඔහුට ක්‍රීඩා පිටියේ ස්ථානයක් වෙන කර දුන්නේය.තණතිලි සැකසීමට ඔහු තුළ තිබූ දැණුම ක්‍රීඩා පිටියේ විස්තර අට්ටාලය තුළ ඔහුට වෙන්කළ ස්ථානය තවත් තහවුරු කළාක් මෙන්ම ආලෝකවත් ද කළේය.ඒ නිසා තරගයට පෙර තණතීරුව ගැන කරන විස්තර කථනය සදහා රනිල්ට විශාල අවස්ථාවක් හිමි වී තිබිණ.
දැන් ඒ අවස්ථාව ඇබෑර්තු වී ඇත.රනිල්ගේ බර හඩ නිහඩ වී ඇත.නමුත් හිස් අවකාශයේ රුදුණු ඔහු ගේ තණතීරුව පිළිබද තර්කාණුකූල ප්‍රකාශයන් ක්‍රිකට් ලෝලීන්ට යළි යළිත් ඇසෙනු ඇත.'රනිල් හිටියනම්' ඔව්හූ ආදේශකයන් දෙස බලා හෙට සිතනු ඇත.එහෙත් ඒ හඩ රැගෙන යළි ඔහු නොඑන්නේ සිය 57 වන උපන් දිනය සමරා දින 9 ට පසු ඔහු ගිය ගමන යළි පැමිණිය හැකි ගමණක් නොවන නිසාය.සහෘදයෙකු යනවාට අකමැති වුව,කිසිවිටෙක ඒ සහෘද බවට නැවතිය නොහැකි මරණය සොයා ඔබ ගියා ඉක්මන් වැඩි යැයි සිතුණද.ඒ නිසා ඇස්,හිත් කදුළෙන් දුකෙන් බර වුව ද, රනිල්! ගිය ඔබට නිවන් සුව පතනු හැර අන් කිසිවක් කිරීමට අපට නොහැකිය.මරණයේ හැටි එබදුය.ලොව නියත වශයෙන්ම යටත් කළ නොහැකි මරණයට ඔබ යටත් වුව ද ඔබේ හඩ සිත් තුළින් යටපත් කළ නොහැකි මතක බොහෝමයක් ඉතිරිකර තිබේ.ඒ මතක ඔස්සේ ඒ සියල්ලෝම ඔවුන් අදහන ආගම අනුව ඔබේ මරණයේ ගමණෙන් ලැබිය හැකි ඉහළම සැපත ඔබට ප්‍රාර්ථනා කරනවා නිසැකය.ඔබ විශ්වාස කළ ධර්මයට අනුව ඒ සියළු ආශිර්වාදයන් ඔබට යහපතක්ම කරනු ඇත.
සහෘදයාණෙනි !
අවසරයි!
www.supirikrida.com

ලංකාව දිනයි,ප්‍රසාද ලකුණ දෙවරක්ම චන්දිමාල් අතින් ගිලිහී යයි

Nuwan Kulasekara won the Man-of-the-Match award for his 3 for 40
කොමන්වෙල්ත් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති ශ්‍රී ලංකා ඉන්දියා තරගයෙන් ලකුණු 51 ක අති විශිෂ්ඨ ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.දිනේෂ් චන්දිමාල් අතින් දෙවරක්ම විරාට් කෝලි ගේ උඩ පන්දු ගිලීහී නොගියේනම් මෙම ජයග්‍රහණය ප්‍රසාද ලකුණකුත් සමග හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණු අතර එම සිදුවීම හැරෙන්නට ශ්‍රී ලංකාව මෙම තරගයේදී සෑම අතකින්ම ඉන්දියාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටීම කැපී පෙණන.
කාසියේ වාසිය හිමිකර ගත් මහේල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මෙම තරගාවලිය මුල අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් ඉවතට ගිය උපුල් තරංග ගේ වගකීම පවරා ගත් මහේල යළිත් ඩිල්ෂාන් සමග එම තීරණයේ නිවැරදි බව තහවුරු කරමින් ආරම්භක කඩුලුලට ලකුණු 95 ක සබදතාවයක් පැවත්වීය.නමුත් ඒ සබදතාවය නිමා වීමෙන් පසු ලකුණු පූවරුව එක් වරම ලකුණු 124  ට කඩුලු 3 ක් වූ අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ කාර්යය පැවරුණේ ශ්‍රී ලංකාවේ අනාගත පිතිකරණ බලාපොරොත්තු යුගලය වන දිනේෂ් චන්දිමාල් ට සහ ලහිරු තිරිමාන්නටය.එම දෙදෙනා සිය වගකීම නොපිරිහෙළා ඉටු කරමින් සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවී යන විට ලකුණු පූවරුව 195 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.චන්දිමාල් ලකුණු 38 ක් ලැබූ අතර ලහිරු තිරිමාන්න පන්දු 62 ක් තුළ අගනා ලකුණු 62 ක් ලැබීය.ඒ විශ්වාසය පදනම් කරගෙන ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නියමිත පන්දුවාර 50 නිමා වන විට නොදැවී ලකුණු 49 ක් ලබා සිටි අතර ඒ සදහා ඔහු වැය කළේ පන්දු 37 ක් පමණි.
Sri Lanka had plenty of support at the Gabba
ශ්‍රී ලංකා ඉණිමේ දී ලහිරු තිරිමාන්න පන්දු යවන්නාගේ කඩුල්ලේ දී හැසිරෙන ආකාරයේ දැඩි දුර්වල කමක් ප්‍රදර්ශනය කළ අතර සාමාන්‍යයෙන් පන්දු යැවීමට පෙර කඩුල්ලෙන් ඉදිරියට ඒම දැවී යාමට අවස්ථාවක් වුව ද නූතණ ක්‍රිකට් සදාචාරය එය ක්‍රියාවට ‍නගන්නේ නැත.නමුත් සදාචාරයට වඩා ජයග්‍රහණය ගැන පමණක් අපේක්ෂා කරන රවිචන්ද්‍රන් අශ්වින් ලහිරු ඒ ආකාරයෙන් දවා ගන්නට උත්සාහ කළ අවස්ථාවේ ඉන්දීය නායක විරේන්ද්‍ර ෂෙවාග් මෙන්ම ප්‍රවීන සචින් තෙන්දුල්කාර් ද ක්‍රිකට් සදාචාරයට මුල් තැන දෙමින් එම ඉල්ලීම ඉවත් කර ගැනීමට කටයුතු කළේය.නමුත් ලහිරු දිගින් දිගටම එම වරද සිදු කරන්නේ නම් ඔහුගේ සදාචාරයද ගැටළුකාරී වන අතර නීති ගරුක නොවීමද වැටෙන්නේ සදාචාර විරෝධි ක්‍රියා ගණයට බව ලහිරු සිහියට ගත යුතුය.
පිළිතුරු ඉණිමට පිවිසි ඉන්දියා කණ්ඩායම ට එම අභියෝගය භාර ගැනීමට නොහැකි බව පසක් කරමින් තරගයේ දෙවන පන්දුවේ දී ෂෙවාග් දැවී ගිය අතර එවිට ලකුණු පූවරුව 00 ක් විය.කඩුලු 3 ක් ලකුණු 54 ක් තුළ දැවී ගිය අතර ඉන් අනතුරුව චන්දිමාල් ගේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත සුරේෂ් රයිනා සහ විරාට් කෝලි ඉන්දියාවට ජයග්‍රහණය පිළිබද යම් බලාපොරොත්තුවක් ඇති කරමින් සිවිවන කඩුල්ලට ලකුණු 92 ක සබදතාවයක් පවත් වන්නට සමත් විය.එහෙත් තිසර පෙරේරා ගේ ක්‍රියාත්මක වීමත් සමග ඉන්දීය පිතිකරු බල ඇණිය පැමිණ විගස ආපසු හැරී යන තත්ත්වයක් උද්ගත වූ අතර තිසර ලකුණු 37 ට කඩුලු 4 ක් ලබා ගත් අතර ඔහුට එරෙහිව හුදෙකලා වටනක නියැලි ඉර්ෆාන් පතාන් පන්දු 34 දී ලකුණු 47 ක් ලබා ගනිමින් ගත් උත්සාහයද අවසානයේ තිසරගේ පන්දුවක් හමුවේම ව්‍යර්ථ විය.තිසරගේ පන්දු ඉදිරියේ පෙරළා ලබා දුන් උඩ පන්දුවකින් පතාන් දැවී යාමත් සමග ඉන්දීය ඉණිම ලකුණු 238 ට සීමා විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය භාවිතයට ගත හැකිය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/match/518963.html

www,supirikrida.com 

Feb 21, 2012

පොන්ටින්ට පල නොකියා පලා බෙදයි


සර 17 ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තමා ඕස්ට්‍රේලියාවට ලබා දුන් දායකත්වය තව දුරටත් අවශ්‍යය නොවන බවට එරට ක්‍රිකට්  පරිපාලනය විසින් රිකී පොන්ටින්ට හගවන නිවේදනය ඊයේ එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීම හරහා වක්‍රාකාරයෙන් දැණුම් දී තිබෙනවා.කලෙක සිට එක්දින පිටියේ දස්කම් අතර නොමැති පොන්ටින් මේ වන විට ක්‍රියාත්මක කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේ දී ගෙවුණු තරග 5 තුළදී ම ලබා ගෙන ඇත්තේ ලකුණු 18 ක් පමණයි.
සහභාගි වූ අවසාන තරග දෙකේදී මයිකල් ක්ලාක් වෙනුවට නායකත්වය පැවරැණු පොන්ටින් ශ්‍රී ලංකාව සහ පැවති තරගයේදී පරාජය වුව ද,ඉන්දියාවට එරෙහිව වූ තරගය විශිෂ්ඨ ජයක් කරා මෙහෙයවීමට සමත් විය.නමුත් පිතිකරුවෙකු ලෙස ඔහුගෙන් කිසිදු දායකත්වයක් නොලැබීම සළකා නමට පමණක් කණ්ඩායමේ රදවා ගැනීම වෙනුවට දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකු රට වෙනුවෙන්  කැදවිය යුතුය යන තීරණයේ පිහිටා කටයුතු කළ ඕස්ට්‍රේලියානු බලධාරීන් තමන්ගේ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨකම ක්‍රීඩකයා පැකිලීමකින් තොරව කණ්ඩායමෙන් ඉවත් කර දැමීමට තීරණය කර ඇත.
මේ අතර ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ මේ ඉවත් කිරීමත් සමග පොන්ට්න් සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමු දෙනු ඇති බවය. 

දෝනි ගේ තැන පාර්තිව් පටෙල්ට ?


නිසි වේලාවට පන්දු ඕවර් ප්‍රමාණය අවසන් කිරීමට නොහැකි වීමේ චෝදනාව මත යළිත් තරග තහනමකට ලක් වූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අද ශ්‍රී ලංකාව සමග තරගයට ක්‍රීඩා නොකරන නිසා කණ්ඩායමේ අතිරේක කඩුලු රකින්නා වන පාර්තිව් පටෙල්ට අද තරගයේදී අවස්ථාවක් හිමි විය හැකිය.එසේම කණ්ඩායමේ නායකත්වය බොහෝ දුරට ගෞතම් ගාම්බීර්ට පැවරෙනු ඇතැයිද  ඉන්දීය ක්‍රිකට් ආරංචි සදහන් කරන අතර මේ තරගයට ශ්‍රී ලංකාව ඉතා හොද මානසික ස්ථාවරයකින් පිවිසීම සැළකිල්ලට ගෙන අතිරේක පිතිකරුවෙකු යොදවා කඩුලු රැකීමේ වගකීම ගාම්බීර් විසින්ම පවරා ගන්නට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග  පෙන්වා දුන්නේය.
අවසන් තරග කිහිපයේදී ලකුණු අතර සිටි මහේන්ද්‍ර සිං දෝනි තරගයට සහභාගි නොවීම ඉන්දියාවට අවාසිදායක තත්ත්වයක් වන නමුත් ඉන්දීය පිතිකරු බල ඇණිය සුළුවෙන් තැකීම අවදානම්ය.එසේම ඉන්දීය කණ්ඩායම මේ තරගාවලියේ ජයග්‍රහණය කරන ලද තරග දෙකේම වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වූ ගෞතම් ගාම්බීර් තරගයේ සිටීම මෙන්ම සචින් තෙන්දුල්කාර්,විරාට් කෝලි,සුරේෂ් රයිනා,රෝහිත් ෂර්මා,රවීන්ද්‍ර ජඩේජා වැනි ඕනෑම කණ්ඩායමකට හිසරදයක් විය හැකි ක්‍රීඩකයෙකු ලකුණු අතරට පැමිණෙන්නේ නම් එය ප්‍රතිවාදීන්ට හිත සුව පිණිස නොවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් මේ තරගාවලියේ දී තම වගකීම විශ්වාසයෙන් යුතුව ඉටු කරමින් සිටින අතර පිතිකරුවන් අතරින් දිනේෂ් චන්දිමාල් පෙරටු කොට ගත් පිතිකරු බල ඇණියට ඩිල්ෂාන් ගේ ලැබුණු සහයෝගය තවත් ශක්තිමත් කිරීමට මෙන් නායක ජයවර්ධන ද ලකුණු අතරට පැමිණීම අස්වැසිල්ලකි.



Feb 20, 2012

20 - 20 තරග කොන්දේසිවල අවාසි ඉවත් කිරීමට සමර්සෙට් සමග සාකච්ඡා


පැවත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා 20 - 20 ක්‍රිකට් තරගාවලියේ මෙහෙයවීම පැවරි සමර්සෙට් නම් වූ සිංගප්පූරු සමාගම සමග සාකච්චෘ කොට එම කොන්දේසි වල ශ්‍රී ලංකාවට අවාසිදායක යමක් ඇත්නම් ඒවා ඉවත් කිරීමට බලාපොරොත්තුවන බව ක්‍රීකට් ආයතන ආරංචි මාර්ග වාර්තා කරයි.විදේශ ක්‍රීඩකයන් 30 දෙනෙකු ගේ සහභාගීත්වය ඇතිව පැවත්වීමට කටයුතු සම්පාදනය කර තිබූ මෙම තරගාවලිය කල් දැමීමේ මුවාවෙන් නවතා දමන්නට පියවර ගැණුනේ විහේෂයෙන් සිංගප්පූරු සමාගම පිළිබද මතු වුණු ප්‍රශ්න මුල් කර ගෙනය.එහි ලියාපදංචියේ සිටම ප්‍රශ්න තිබූ බව ජනමාධ්‍ය වලින් ප්‍රකාශ කිරීමත් සමග තරගාවලිය සම්බන්ධයෙන් නීතිමය ගැටළු පැන නැගිය හැකි වීම තරගාවලිය නැවත්වීම කෙරෙහි විශාල බලපෑමක ඇති කළේය.
ඇති වි තිබෙන තත්ත්වය තුළ සමර්සෙට් සමාගම හා එකග වූ ගිවිසුම අවසන් කරන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම සමාගම වෙත යම් ගෙවීමක් කිරීමට සිදුවන නිසා ඔවුන් සමග සාකච්ඡෘ කර එම ගැටළුකාරී කාරණා පිළිබදව තීරණයකට එළැඹීමට අලල්ක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
www.supirikrida.com

ආසියාතික වාර්තාවක් සමග වසරේ හොදම පිම්ම මුටාස්ගෙන්

යේ චීනයේ මැන්ග්සොව් හී දී නිමාවට පත් වූ පස්වන ආසියාතික ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ දී කටාරය නියෝජනය කළ 21 හැවිරිදි මුටාස් එස්සා බර්ෂිම් මීටර් 2.37 ක උසක් තරණය කරමින් නව ආසියාතික ගෘහස්ත උස පැනීමේ වාර්තාවේ හිමිකාරයා වන්නට සමත් වුණා.මීට දින කිහිපයකට ඉහත ගෘහස්ත තරග සමයේ හොදම උස ලෙස ඇන්ඩ්‍රි සිල්නොව් ඉක්මවා ගිය මීටර් 2.36 මේ දක්වා මේ වසරේ හොදම උස ලෙස වාර්තා වුව ද මුටාස් ගේ දස්කමත් සමග එම උස දෙවන තැනට පත් වෙනවා.
එසේම මේ වසරේ ගෘහස්ත හෝ විවෘත ක්‍රීඩා පිටියක  වාර්තා වූ හොදම උස පැනීමේ දක්ෂතාවය ලෙසත් මුටාස් ගේ දක්ෂතාවය ඇගයීමට පත් වෙනවා.
දැනට කියුබාවේ ජාවියර් සොටෝමේයර් ගෘහස්ත උස පැනීමේ ලෝක වාර්තාවට මෙන්ම විවෘත උස පැනීමේ වාර්තාවට ද හිමිකම් කියනවා.විවෘත පිටියේදී මීර් 2.45 ක් වූ ජාවියර් ගේ දක්ෂතවය ගෘහස්ත පිටියේදී මිටර් 2.43ක් ලෙස සටහන් වෙනවා.මෙහි ගෘහස්ත වාර්තාවට1989 දී මෙන්ම විවෘත වාර්තාව 1993 දී පිහිටා තිබෙනවා.මීට සතියකට පෙර මුටාස් ගෘහස්ත උස පැනීමේ වාර්තාව අත්කර ගත් අතර ඊයේ යළිත් එය අලුත් කළාවිවෘත පිටිියේ වාර්තාව හිමිවන්නේ චීනයේ ජිඇන්සුවා සායි ට ය.

නිලූක පස්වන ජාත්‍යන්තර තරගාවලියත් ජය ගනියි - පරාජිතයා ලෝක කණිෂ්ඨ අනු සූරයා


රානයේ පැවති ජබාර් කසලාන අන්තර් ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය ජයගත් නිලූක කරුණාරත්න, තෙමසකට ආසන්න කාලයක් ඇතුළත  පස්වන ජාත්‍යන්තර තරගයද ජය ගනිමින් සිය හැකියාව විදහා පෙන්වීය.බැඩ්මින්ටන් පරිපාලනයේම ඇතැම් නියෝජිතයන් නිලූක ගේ ජාත්‍යන්තර ජයග්‍රහණවල වටිනාකම හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ දරණ තත්ත්වයක් තුළ නිලූක මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ලකුණු 21 / 17 සහ 21 /15 ක් ලෙස නිලූක විසින් පරාජයට පත් කළේ ලෝක කණිෂ්ඨ අනු සූරයා වන ඉන්දියාවේ සමීර් චර්මා වීම ද විශේෂත්ත්වයකි.
නිලූක මෙම ජයග්‍රහණ අතරතුර ලොව මුල් පෙළේ සිටින ර්‍කඩකයන් 30 දෙනා අතර සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පරාජය කර තිබෙන අතර මේ කිසිවක් ගැන අවධානය යොමු නොකොට මෙම ක්‍රීඩකයා මේ සියළු ජයග්‍රහණ ලබා ගන්නේ තරගයකින් තරගයකට අවශ්‍යය ශාරීරික යෝග්‍යතාවය සැකසීම වෙනුවෙන් ශෘරිරික සම්භාහකයෙකුගේ හෝ සහය නොමැතිව බව අමතක කරමින් ඇතැම්හූ දක්වන අදහස් සුපිරික්‍රීඩා පිළිකලෙන් යුතුව හෙළා දකිමු.අප කිහිප වාටෙකදීම පෙන්වා දුන්න ද මේ වන විටත් ඔලිම්පික් තරගාවලිය නියෝජනය සදහා අවශ්‍යය සුදුසුකම සපුරා තිබෙන නිලූක වෙනුවෙන් තව දුරටත් ඉදිරියට යාම වෙනුවෙන් අවශ්‍යය දායකත්වය ලබාදීම වෙනුවෙන් අවශ්‍යය භෞතික වටපිටාව නිර්මාණය කිරීම පසෙක ලා පරිපාලනයට සම්බන්ධ ඇතැම් පිරිස් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මට්ටමෙන් පැමිණි ඉහළම තැන මෙසේ හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ දැරීම ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේම අභාග්‍යයකි.
නිලූක ට මෙම තරගාවලි සියල්ල වෙනුවෙන් ඔහු වෙළද තානාපති ලෙස කටයුතු කරන මැක්ලරන්ස් ආයතනයෙන් ලැබෙන අනුග්‍රාහකත්වයත් මනිලාල් ප්‍රනාන්දු ගේ අත දීමත් විශාල ශක්තියක් වී ඇති අතර,හිටපු ඇතැම් බලධාරීන් ශ්‍රී ලංකාවට මේ ක්‍රීඩකයාගෙන් ලැබිය හැකි ජයග්‍රහණ ගැන නොසිතා ඔහුගේ තරග දිවිය හමාර කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පනවන ලද තරග තහනම අඩු කිරීමට ගත් උත්සාහයද මේ ජයග්‍රාහී ගමණට විශාල ශක්තියක් වී ඇත.

ඉන්දියාවට දැවැන්ත පරාජයක් ඕස්ට්‍රේලියාව යළිත් ලකුණු සටහනේ පෙරට


දින දෙකකට පෙර ශ්‍රී ලංකාව වෙතින් ලද දැවැන්ත පරාජයේ වාඩුව ඉන්දියාවෙන් ගත්  ඕස්ට්‍රේලියාව කොමන්වෙල්ත් බැංකු තරගාවලිය යටතේ ඊයේ පැවති තරගය ලකුණු 110 කින් ජය ගැනීමට සමත් වුණා.බ්‍රිස්බේන් හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ලත් ඕස්ට්‍රේලියාව තම නියමිත පන්දු වාර 50 තුළ ලකුණු 288 ක් ලබා ගත්තා.කිසිදු පිතිකරුවෙකු විශාල ලකුණු ප්‍රමාණයකට නොගියද ඕස්ට්‍රේලියානු ඉණිමේ හොද කඩුලු සබදතා ඇතිවන අයුරු කැපී පෙණුනා.
ප්‍රථම කඩුල්ල ට මැතිව් වේඩ් සහ ඩේවිඩ් වර්නර් විසින් ලකුණු 70 ක් ද,තෙවන කඩුල්ලට මයික් හසී  සහ පීටර් ‍‍ෆොරස්ට් අතර ලකුණු 100 ක් ද ඩේවිඩ් හසී සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් හයවන කඩුල්ලට එක් කළ නොදැවුණු ලකුණු 65 ක් ද මෙම ඉණිම ශක්තිමත්ව ගොඩ නැගීමට පදනම වුණා.ඕස්ට්‍රේලියා ඉණිමේ අර්ධ ශතකලාභීන් මතු වූ අතර ඒ අතරින් වඩාත්ම කැපී පෙණුනේ පන්දු 52 ක් තුළ ලකුණු 59 ක් රැස් කළ මයික් හසී යි.පීටර් ෆොරස්ට් ලකුණු 52 ක් රැස් කළා.ඉර්ෆාන් පතන් ලකුණු 61 ට කඩුලු 3 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉණිමට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පිතිතරුවන්ට ස්ථාවර වීමට ඉඩක් ලබා නොදුන් බෙන් හිල්ෆෙන්හස්  සහ බ්‍රෙට් ලී ඉන්දීය පිතිකරුවන් ක්‍රීඩාගාරයට හරවා යැවීමේ ව්‍යායාමයේ දිගින් දිගටම සාර්ථක වුණා.මහේන්ද්‍ර සිං දෝනි පමණක් උඩු ගං බලා යාමට උත්සාහ ගැනීමට වෙහෙස වුව ද හිල්ෆෙන්හස් දෝනි ගේ ඉණිමද ලකුනු 52 ක් ලබා සිටිය දී අවසන් කළා.සමස්ත ඉන්දීය ලකුණු පූවරුව 178 ට සීමා වෙද්දී හිල්ෆෙන්හස් ලකුණු 33 ට කඩුලු 5 ක් ලබා තරගාවලියේ වීරයාට හිමිකම් කීවා.
තරගයේ ලකුණු විස්තරය පහත දැක්වෙනවා.

බොක්සිං වලට සායත් පුළුවන් කලිසමත් පුළුවන්


මෙවර ඔලිම්පික් තරගාවලියට ඇතුළත් වන කාන්තා බොක්සිං ඉසව්වල දී සිය කැමැත්ත අනුව ක්‍රීඩිකාවන්ට කොට කළිසම හෝ සාය භාවිතා කිරීමට අවසර ලැබෙන බව ජගත් ආධුනික බොක්සිං සම්මේලනයේ සභාපති සීකේ වූ පවසනවා.මේ සම්බන්ධයෙන් වන තීරණයට හිටපු ඔලිම්පික් කඩුලු පැනීමේ සූරියක වන වර්ථමානයේ ඇමෙරිකානු ජවන සහ පිටිය ඉසව්වල ක්‍රීඩා කාර්යසාධන නිරීක්ෂන කමිටුවේ  ප්‍රධානි බෙනීටා ෆිස්ටාජෙරල්ඩ් විසින් 300 ක පිරිසක් සහභාගි කරන ලද නිරීක්ෂණයක් ප්‍රතිපල හේතු වූ පැවසෙනවා.
ඒ අනුව ක්‍රීඩිකාවන්ගේ බොක්සිං ඇදුම ලෙස සාය යොදා ගැනීමට මෙන්ම කෙටි කලිසම යොදා ගැනීමට ද කැමැත්ත ඇති පිරිසක් සිටින නිසා මෙවර ඔලිම්පික් තරගාවලියට කාන්තා බොක්සිං ඉසව් වල දී  කලිසමෙන් මෙන්ම කෙටි සායෙන් ද සැරසී ක්‍රීඩා කිරීමට ලැබෙනු ඇත.  

Feb 19, 2012

නිලූක අද තවත් සූරතාවයක් අභියස - ප්‍රතිවාදියා ජගත් කනිෂ්ඨ අනු සූරයා


රාන ජබාර් කුසලාන අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික සූර නිලූක කරුණාරත්න අද එහි අවසාන තරගයට මුහුණ ‍දීමට සුදුසුකම් ලබා සිටිනවා.ජගත් කණිෂ්ඨ බැඩ්මින්ටන් අනු සූරයා වන ඉන්දියාවේ සමීර් චර්මා මෙම අවසාන තරගයේදී නිලූක ගේ ප්‍රතිවාදියා වෙනවා.
ආසියාවේ ප්‍රබලතම බැඩ්මින්ටන් බිම් ලෙස සැළකෙන ඉන්දුනීසියාව,මැලේසියාව,මෙන්ම ජපානය නියෝජනය කරමින්ද මෙම තරගාවලියට ක්‍රීඩකයන් සහභාගි වී සිටියා.වර්ථමානයේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල අංක 63 ට ශ්‍රේණිගතව සිටින නිලූක මෙන්ම ජගත් බැඩ්මින්ටන් අනු සූරයාද ඒ සියල්ලගේ අභියෝග මැඩ අවසන් තරගයට පිවිසීම දකුණු ආසියාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් හිමි වීමක් ලෙස දැක්විය හැකියි.
විදෙස් පුහුණුකරුවෙකුගේ සහය ඇතිව දීර්ඝකාලීන සැළසුමක් ඇතිව සිය රටේ බැඩ්මින්ටන් ක්‍රීඩාව නැංවීමේ අභිප්‍රායෙන් කටයුතු කරන ඉරානය ද  මෙම තරගාවලියේ දී වශේෂ දක්ෂතා දැක්වීම කැපී පෙණුනා.අවසන් පූර්ව සහ අර්ධ අවසන් පූර්ව තරග වල දී ඉන්දුනීසියානු සහ ඊශ්‍රායෙල් ජාතික ක්‍රීඩකයන් වන ඩිඩික් පුර්වන්ටෝ (ඉන්දුනිසියා) සහ ඔමිඩ් කරාමි පරාජය කරමින් නිලූක අවසන් තරගය සදහා පිවිස සිටිනවා.  

මයිකල් ක්ලාක් අද යළි තරග බිමට ?



ලව ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසා ශ්‍රී ලංකාව සමග පැවති තරගයට ක්‍රීඩා නොකළ ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් අද ඉන්දියාව සමග පැවත්වෙන තරගයේදී ද   යළි ක්‍රීඩා පිටියට පිවිසීම අවිනිශ්චිත බව විදෙස් ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරනවා.ඔහු ක්‍රීඩා නොකළ තරගයේදී හිටපු නායක රිකී පොන්ටින් නායකත්වය දැරූ අතර නමුත් ඔහුට එම තරගයේදී නායකයෙකු ලෙස සතුටුවිය හැකි ප්‍රතිපලයක් නොලැබුණු අතර ශ්‍රී ලංකාව තරගය කඩුලු අටකින් ජය ගත්තේ,වරප්‍රසාද ලකුණක් ද දිනාගනිමින් ය.නමුත් අදත ක්ලාක් ක්‍රීඩා නොකරන්නේ නම් නායකත්වයේ වගකීම පොන්ටින්ටම පැවරෙනු ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරනවා.
කෙසේ හෝ ඉන්දියාව සමග පැවති තරගය මෙන්ම ශ්‍රී ලංකාව සමග පැවති තරගයද පරාජය වී සිටින ඕස්ට්‍රේලියාව අද තරගයට එතරම් හොද මානසික විශ්වාසයකින් මුහුණ දෙනු ඇතැයි කිව නොහැකියි.එසේම මෙම කණ්ඩායම් දෙකම අවසාන තරග දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවත පිබිදීම පිළිබදව යම් මානසික පීඩනයක්ට මුහුණ දි තිබෙනු ඇතැයි ද විශ්වාස කළ හැකියි. 

මංචි වොලිබෝල් සූරතාවලිය ඇරඹෙයි


දිවයිනේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වන ජාතික තරගාවලිය වන මංචි වොලිබෝල් ජාතික වොලිබෝල් සූරතාවලියට මෙවර කණ්ඩායම් 4000 ඉක්මවා සහභාගි වනු ඇතැයි වොලිබෝල් පාළක මණ්ඩලයේ සභාපති සහ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.වොලිබෝල් සූරතාවයක් වෙනුවෙන් වැය කරන විශාලතම  මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන තරගාවලිය වන මංචි තරගාවලිය ක්‍රීඩාවට විශාල ආකර්ශණයක් ඇති කරන බව ද අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.




නමුත් ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික තලය දක්වා පියවරෙන් පියවර දිවෙන මෙවැනි තරගාවලි අවසාන තරග වන තෙක් වොලිබොල් තේරීම් කමිටුවල අධික්ෂණයට ලක් නොවීම සුලභ කරුණක් වී තිබෙනවා.මේ තත්ත්වය වොලිබෝල් පරිපාලකයන් විසින් හදුනාගෙන ජාතික මට්ටමේ මූලික තරග ඇරඹෙන මොහොතේ සිට හෝ මෙම තරගාවලිය ජාතික තේරීම් කමිටුවේ අධික්ෂණයට නතු වෙනවා නම් යහපත් බව සුපිරික්‍රීඩා යෝජනා කර සිටිනවා.
මංචි තරගාවලියේ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ අවස්ථා කිහිපයක්  මේ සමග වන ඡායාරූපවලින් දැක්වෙනවා.
www.supirikrida.com

ලන්ඩන් ඔලිම්පික් බිම හැකියාවන් ඇති කාන්තාවන්ට නිසි තැන හිමිවන තැනක් සෙබස්තියන් කෝ


ක්ෂතාවය අනුව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වයට කාන්තාවගේ දායකත්වය ඉහළින්ම ලබා ගැනීමට කටයුතු කරන බව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මෙහෙයුම් ප්‍රධානි හිටපු මැදි දුර සූර සෙබස්තියන් කෝ පෙන්වා දෙනවා.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් දකුණු කැලිෆෝර්නියා ඔපිම්පික් කමිටුව විසින් ලොස් ඇන්ජලීස් නුවර සංවිධානය කරන්නට යෙදුණ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පස්වන කාන්තා සහ ක්‍රීඩා සමුළුව අමතමින් කෝ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කාන්තා හා ක්‍රීඩා කටයුතු අංශයේ ප්‍රධානි ඇනීටා ඩිෆ්‍රාන්ට්ස් මෙම සමළුව මෙහෙයවීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ කෝ, පෙන්වා දී ඇත්තේ ලන්ඩන් ඔලිම්පික් උළෙ‍ල වෙනුවෙන් සේවය සළසන ශ්‍රම බලකායෙන් සියයට 54 ක් කාන්තාවන් බවයි.එසේම ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංනිවේදන සහ මහජනසම්බන්ධතා පිළිබද කමිටු සභාපති ධූරය කාන්තාවක් වන ජැකී බ්රොක් ඩොයිලි ට හිමි වී ඇති අතර ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් වන කමිටු සභාපති ධූරය දරන්නේ ද කාන්තාවක් වන ඩෙබී ජෙවාන්ස්ය.මේ ඔලිම්පික් ඉතිහාසයේ මෙවැනි වගකීම් කාන්තාවන් දරන පළමු අවස්ථාව ද වෙනවා. 
ඡායාරූපයේ වම් පසින් ඩෙබී ජෙවාන්ස් ය.දකුණු පසින් ජැකී ඩොයිලි ය.