Aug 4, 2012

පරාජය නොවී - පරාජය ගෞරවණීය කර ගන්න අවස්ථාවක්

න්දියාවට එරෙහිව මේ වන විටත් එක්දින තරගාවලිය  3 - 1 ක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකාවට අද, ඉන්දියාවට එරෙහිව එක දිගට ලබන පරාජයෙන් වළකින්නටත් පරාජය ගෞරවනීය එකක් බවට පත් කර ගැනීමටත් අවස්ථාවක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී උදා වන්නට නියමිතය.ශ්‍රී ලංකාවට වඩා යොවුන් සහ අත්දැකීම් අඩු කණ්ඩායමක් සමග තරගාවලියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තාරුණ්‍යයේ වටිනාකම සහ ශක්තිය පිළිබදව ශ්‍රී ලංකාවට දෙවරක් සිතන්නට අවස්ථාව උදා කර දී ඇත.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු සාධක ලෙස ගත හැකි ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින විශේෂඥ එක්දින පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර පළමු තරගයේදීම ආබාධයට ලක්විය.මේ වන විට කුමාර සංගක්කාරට ද ආබාධ මත විවේකය ලබන්නට සිදු වී ඇත.මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා තේරීම් කමිටුවෙන් යම් කොළ එළියක් ප්‍රසන්න ජයවර්ධන වෙත දැල් වී තිබෙන බවක් වාර්තා වුව ද කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් ඒ කෙරෙහි දැක් වූ නොකැමැත්ත මත ප්‍රසන්න ට ඒ අවස්ථාව අප්‍රසන්න ලෙස මග හරී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් හේතු දක්වන පරිනත ක්‍රීඩකයෙකුට ප්‍රසන්න ගේ අවශ්‍යයතාවය පතුරු ගසමින් චන්දිමාල් වරදක් නොකළ බව පෙන්වමින් ඔහුගේ ක්‍රිකට් දැණුමේ පරිනත බව පෙන්වා දීමට හැකි වුව ද,ප්‍රසන්න කඩුල්ල පිටුපස සිටින විට සහ චන්දිමාල් සිටින විට එය පිතිකරුවා ගේ මානසිකත්වයට බලපාන ආකාරය දෙයාකාර බව නොදන්නා කමට හෝ අපි සිතන්නේමු.විශේෂයෙන් සිය පාද චලන ඉතා හොදින් නඩත්තු කරන කෝලි සහ රයිනා වැනි ක්‍රීඩකයන් ඉදිරියට ඇදී ඒමේදී ප්‍රසන්න සිටින විට සහ චන්දිමාල් සිටින විට දෙයාකාර මානසිකත්වයක් දරනු ඇත.එය පිතිකරුවා ගේ විශ්වසනීයත්වය ට සෘජුව බලපෑමක් කළ හැකි තත්ත්වයකි.
කෙසේ හෝ ශ්‍රී ලංකාවේ තරග වදින විට විදෙස් කණ්ඩායම් පවා වැඩිපුර දග පන්දු යවන්නන් ගැන සිතන තත්ත්වයක් තිබුණ ද,නායක මහේල කලෙක සිටිම ශ්‍රී ලංකා තණතිලි තුළ ත් වැඩි වේග පන්දු යවන්නන් පිරිසක් අත්හදා බැලීමට පෙළඹෙන තත්ත්වයක් දැක ගත හැකිය.පිතිකරනයේ වැඩි ප්‍රවනතාවක් දක්වන ක්‍රීඩකයන්ට අවස්ථා දෙමින් තුන් ඉරියව් ක්‍රීඩකයන් ප්‍රයෝජනයට ගැනීමද,මහේල අමතක කර දැමූ අයුරක් දකින්නට ඇති අතර විශේෂයෙන් ඩිල්ෂාන්ගෙන් නායකත්වය ලබා ගන්නා තුරු සංගක්කාර යටතේ ද මුරලි සිටිය දී පවා පන්දු යවන්නෙකු ලෙස කැපී පෙණුනු ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව මහේල සහ මුලින්ම අමතක කර දමා තිබීම කණගාටුදායක තත්ත්වයකි.
කෙසේ හෝ මේ සියළු තත්ත්වයන්ට මුහුණ දෙමින් පරාජයේ විශාලත්වය අවම කර ගැනීමට අද ලැබෙන අවසාන අවස්ථාව මහේල ඇතුළු පිරිස ප්‍රයෝජනයට නොගෙන අත හරිනු ඇතැයි අපි නොසිතන්නෙමු.
www.supirikrida.com

පහලොස් හැවිරිදි කැතී ලොව හොදම දෙවන කාලය වාර්තා කරයි

පහළොස් හැවිරිදි කැතී ලෙඩෙකි ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 800 නිදහස් ආර කාන්තා තරගය ජය ගනිමින් ලෝකයේම අවධානය තමන් වෙත දිනා ගන්නට සමත් වී සිටිනවා.ඇමෙරිකාව වෙනුවෙන් අවුරුදු 15 දී ඔලිම්පික් තටාගයට පිවිසි මයිකල් පෙල්ප්ස් අද වන විට ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගත් ක්‍රීඩකයා ලෙස රන් පදක්කම් 16 ක් සමග පදක්කම් 20 ක් දිනා ගැනීම උපුටා දක්වන ඇමෙරිකානු මාධය කැතී ගේ මෙම ජය ද තවත් පෙල්ප්ස් කොනෙකු බිහිවීමක් ලෙස හදුන්වා දෙන්නට උත්සාහ කරමින් සිටිනවා.ඊට වඩාත්ම සමීප හේතුව වන්නේ මේ 15 හැවිරිදි ඇමෙරිකානු කෙල්ල මීටර් 800 නිදහස් ආර ඉසව්ව සදහා වැය කළ කාලය ලොව හොදම දෙවැනි කාලය ලෙස වාර්තා පොත් අතරට එක් වීමයි.
www.supirikrida.com

ෆෙඩරර් ටෙනිස් තරගයට ටී - 20 ක්‍රිකට් තරගයක වේලාව ගනියි

LONDON, ENGLAND - AUGUST 03:  Roger Federer of Switzerland celebrates his 4-6, 7-6, 19-17 win over Juan Martin Del Potro of Argentina in the Semifinal of Men's Singles Tennis on Day 7 of the London 2012 Olympic Games at Wimbledon on August 3, 2012 in London, England.  (Photo by Clive Brunskill/Getty Images)ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස පිළිගැනෙන රොජර් ෆෙඩරර් ට ඔලිම්පික් තරග බිමේ දී සිය කීර්තිය රැක ගැනීමට ආර්ජන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ ඉදිරියේ විශාල ප්‍රයත්නයක් දරන්නට සිදු වුණා.වට 2 - 1 ක් ලෙස ෆෙඩරර් මෙම තරගය ජය ගනිද්දී එය ඔලිම්පික් ඉතිහාසයේ තීරණයක් ලබා ගැනීම සදහා වැඩිම කාලයක් වැය කළ තරගය ලෙස පැය 4 ක් සහ මිනිත්තු 26 ක් ගත කර තිබුණා.
තරගයේ ප්‍රථම වටය ෆෙඩරර් ලකුණු 4 - 6 ලෙස පරාජයට පත් වන අතර නමුත් දෙවන වටයේදී දක්ෂතා අතරට පිවිසෙන ඔහු එම වටයේ ජය ලකුණු 7 - 5 ක් ලෙස සටහන් කර ගත්තා.තීරණාත්මක තෙවන වටය දැඩී තරගකාරීත්වයකින් සහ උණුසුමකින් ඉතිරී ගියා.තරගය නිමා වෙද්දී ෆෙඩරර් ට ජයග්‍රහණය සාක්සාත් කර ගැනීම සදහා ලකුණු 19 ක් එක් කර ගන්නට සිදු වුණා.ජුවාන් මාටින් ලකුනු 17 ක් ලබා ගෙන තිබුණා.
www.supirikrida.com

Aug 2, 2012

නිලූක ගේ ගමන නැවතුණේ ඉන්දියානු බැරියරයේ වැදීමෙන් පමණක්ද? අමාත්‍යවරයාගේ අවධානයට


ලිම්පික් ඉතිහාසයේ ලාකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවට ඉහළම අගයක් ලබා දුන් පුද්ගලයා ලෙස නිලූක කරුණාරත්න ඉතිහාසයට එක් විය.ඔලිම්පික් තරගාවලියක දි තරග වටයක් හෝ ජය ගෙන නොසිටි ලංකාවේ බැඩ්මින්ටන් ඉතිහාසය  නිලූක විසින් වෙනස් කළේ ලොව අට වැන්නා පරාජය කරමින්ය.ඒ ජපානයේ ටාගෝ කෙනචි ය.ලකුණූ 21 / 18 සහ 21 /16 ක් ලෙස කෙනචි පරාජය කළ නිලූක, ලොව 21 වැන්නා ට සිටින ඉන්දියාවේ පාරුපිල්ලෙයි කාශ්‍යප් වෙතින් පරාජය ලබන්නේ ලකුණු 14/21,21/15 සහ 9 /21 ක් ලෙස තරග වට 2 - 1 ක් ලෙසය.
කෙනචි සහ නිලූක අතර තරගයේදී නිලූක සි්‍ය උපරිමය විදහා දක්වන අතර එය නිලූක ගැන වැඩි අධ්‍යයනකින් තොර කෙනචිව අතරමං කර දැමීමට ප්‍රමාණවත් විය.කෙනචි නිලූක පිළිබදව වැඩි අධ්‍යයනයකින් තොරව සිටි අතර නමුත් නිලූක තමන් සිතා සිටි තරම් පහසු ක්‍රීඩකයෙකු නොවන බන කෙනචි තේරුම් ගන්නා විට මෙවර තරගාවලියේ ඉළම පෙරළිය සිදු වෙමින් කෙනචි තරගාවලියෙන් ඉවතට වීසි වී තිබිණ.
කාශ්‍යයප් සමග තරගය ඊට වඩා හාත්පස වෙනස් මුහුණුවරක් ගත්තේ මීට පෙර කාශ්‍යයප් සහ නිලූක මුණ ගැසී තිබුණු බැවින්ය.එ සැම අවස්ථාවකම පාහේ කාශ්‍යයප් ජය ගෙන තිබුණ ද ඒත් ඒ සෑම ජයග්‍රහණයක්ම ඉතා අපහසුවෙන් ලැබූ ජයග්‍රහණ විය.ඒ සෑම අවස්ථාවකම පාහේ නිලූකට කාශ්‍යයප් සහ තනිව තරග වදින්නට සිදුවීම ඒ පරාජයන්ට හේතුව බව නිලූකම පවසා තිබුණද ඔලිම්පික් තරගයේදී ද නිලූකට තරග වදින්නට සිදු වූයේ තනිවමය.මේ සදහා වගකිව යුත්තෝ කවුරුද?
බැඩ්මින්ටන් සංගමය මේ තරගාවලියට නිලූක සමග සිය නිලධාරීන් දෙදෙනෙකු පිටත් කර හරින්නට උනන්දු වුව ද,නිලූක තමා මේ තරගාවලිය දක්වා ඔසවා තැබීමට වෙහෙස වු සිය අනුග්‍රාහකයා සහ සිය පියා පුහුණුකරුවා ලෙස ළග සිටිය යුතු බව අවධාරණය කළේය.සැබවින්ම නිලූක ගේ ක්‍රීඩා දිවියේ වැඩි කාලයක් ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද පියා බැවින් ඔහු ගේ තරග මානසිකත්වය යහපත්ව පාලනය කිරීමට ඔහුගේ ඉල්ලීම සැළකිල්ලට ගත යුතුව තිබිණ.
ඔලිමිපික් කමිටුවෙන් අවස්ථාව ලැබෙන්නේ එක් අයෙකුට බැවින් ඒ අවස්ථාව විශාල අරගලයකින් පසුව බැඩ්මින්ටන් පරිපාලනයේ අවසරය ඇතිව රොහාන් ස සිල්වා ට හිමි විය.සැබවින්ම රොහාන් ට එය හිමිවිය යුතු අතර නිලූක ගේ මේ ප්‍රවේශය ශක්තිමත් කිරීමට මූල්‍යමය දායකත්වය ලැබෙන්නේ ඔහුගෙන්ය.ක්‍රීඩා අමාත්‍යංශය නිලූක වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කළ බව කීව ද,ඒවා අමාත්‍යවරයාට වැරදීමක් බව බැඩ්මින්ටන් පරිපාලන ප්‍රධානියා වන පරාක්‍රම බස්නායක පවසන්නේ 80 ක්ලබ් හී පැවති මාධ්‍ය හමුවකදී ය.
නමුත් අමාත්‍යවරයා නිලූක ට දුන් මුදල් කන්දරාව ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ බැඩ්මින්ටන් පරිපාලනය විසින්ම ලබා දුන් තොරතුරු පදනම් කර ගෙනය.ක්‍රීඩා අමාත්‍යංශයේ තොරතුරු අනාවරණය කරන්නේ ද නිලූකට එවැනි මුදලක් ලබා දීමට අනුමැතිය හිමි වී ඇති බවය.දැන්වත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බොරුව ලිහා බැලිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිකුත් කළ මුදල් බැඩ්මින්ටන් පරිපාලනය විසින් කුමන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වියදම් කර ඇද්ද යන්න වෙන වෙනම සොයා බැලිය යුතුව ඇත.
වැඩිම ජාත්‍යන්තර තරග අවස්ථා 2010 සිට ප්‍රදානය කර ඇත්තේ කාට ද?ඒ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා පෞද්ගලිකව වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් වෙන වෙනම කවරේද?ඒ මුදල් වියදම් කරද්දී ලංකාවේ ශ්‍රේනිගත කිරීම් සැළකිල්ලට ගෙන එම වියදම් දරා ඇද්ද සහ එසේනම් වැඩිම තරග ප්‍රමාණයක්ට සහභාගි වී ප්‍රසාද ලකුණු එකතු කර ගෙන ඔලිම්පික් වරප්‍රසාදය ලංකාවේ අංක 11 ක්‍රීඩිකාවට ලැබෙන්නේ කෙසේද යන ගැටළු ද මේ සමග නිරාකරණය කර ගැනීමට අවස්ථාව ඇත.
නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාට බැඩ්මින්ටන් සම්බන්ධයෙන් යොමු කරන විරෝධතා ඉන් මෙපිට නැවතෙන තත්ත්වයක් තිබෙන බවට ද බැඩිමින්ටන් කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේය.බොහෝ අපහසුවෙන් අමාත්‍යවරයා හමු වූ විට අමාත්‍යවරයාට බැඩ්මින්ටන් ක්‍රියාකාරීත්වය පිළිබදව යොමු කර තිබෙන ලිපි ලැබී නොමැති බව දැන ගත් බොහෝ දෙනෙක් අමාත්‍යවරයාව මේ වන විටත් දැනුවත් කර ඇත.
කෙසේ වුව ඔලිම්පික් සදහා නිලූක වෙනුවෙන් සහභාගී වීමට ඔලිම්පික් කමිටුවෙන් අවසර ලැබුණේ රොහාන් ද සිල්වා ට පමණක් බව ක්‍රීඩා අමාත්‍යංශයම පිළිගන්නේ ඔලිම්පික් කමිටු ලේඛණ ද උපුටා දක්වමින්ය.එසේනම් බැඩ්මින්ටන් පරිපාලන ප්‍රධානියා නිලූක සමග තරග බිමේ සිටියේ කෙසේද යන්න පිලිබදව විමසා බැලිය යුතුය.එය ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනය හරහා ලබා ගත් අවස්ථාවක් විය යුතුය.එය පරාක්‍රම බස්නායක නෙලා ගන්නේ සිය නිල බලය භාවිතා කරමින්ය.නමුත් එය රටක බැඩිමින්ටන් පරිපාලන ප්‍රධානියෙකුට හිමි විය යුතු අවස්ථාවක් නොවන බව වෙනත් රටවල එසේ නිලධාරීන් අසුන් නොගෙන සිටීමෙන්ම පැහැදිළිය.
එහෙත් එය රටක බැඩ්මින්ටන් පරිපාලනයේ අවසරය මත හිමිවිය යුතු අවස්ථාවක් විය හැකිය.ඒ අවස්ථාව තමන්ටම බෙදා ගන්නා පරාක්‍රම බස්නායක ඔලිම්පික් තරගයක ක්‍රීඩා බිමේ වාඩිවී සිටීමෙන් චූන් වෙමින් නිලූකට තුවාය දෙමින් සහ වතුර බෝතලය ලබා දෙමින් ස්වයංවින්දනයක් ලබද්දී රටකට ලැබිය හැකි තිබූ විශාල අවස්ථාවක් අහිමි කිරීමේ ජාතික අපරාධයට ඔහු කොටස් කරුවෙකු වී තිබිණ.ඒ අවස්ථාව නිලූක ගේ පියාට ලබා දුන්නේ නම් කාශ්‍යයප් ගේ තරගය ශ්‍රී ලංකාව දෙසට හැරෙන්නට මෙන්ම ඔලිම්පික් තරගයක් අවසන් අට දෙනා අතරට පිවිසීම ලෙස ලාංකේය බැඩිමින්ටන් පෞරශ්‍යයට විශාල වටිනාකමක් එක් වන්නට තිබිණ.
නමුත් පරාක්‍රම,මීට පෙර ද නවදිල්ලියේදී පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී නිලූක රට වෙනුවෙන් හෙලූ දහදිය ගැන මහත් අභිමානයෙන් හැගීම්බරව කතා කොට,අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණ එවකට පැවති පරිපාලනයේ අවශ්‍යයතාවය මත නිලූක ජාතික හැගීමෙන් කටයුතු නොකළ බවට ප්‍රකාශයක් ලබා දෙන්නට තරම් නිහීන තත්ත්වයේ වු බව අපි දනිමු.එවකට සිටි සභාපතිවරයා නිලූක ට තරග තහනමක් පනවමින් මේ ඔලිම්පික් ගමන නැවතෙන සේ තිරිසන් ආශ්වාදයක් ලබන්නට උත්සාහ දරද්දී ඒ වෙනුවෙන් දර දිය ඇද කාලකන්නි තෘප්තියක් ලද්දෙකු වූ පරාක්‍රමයන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිලුකට අහිමි වන්නට ගිය ඒ අවස්ථාව යළි ලබා දීම සදහා පියවර ගනිද්දී එම ක්‍රීඩාවේ පරිපාලකයා වීම‍ට අමතරව තමන් විසින් ඝාතනය කිරීම සදහා උපකාර ලබා දුන් ක්‍රීඩකයාගේ ක්‍රීඩා හැකියාව මත එල්ලී ලන්ඩන් යන්නට තරම් ලැජ්ජෘ නැති කමක් ද තිබිණ.
කෙසේ හෝ ඉතිහාසයේ ලැබෙන්නට තිබුණු අවස්ථාව අහිමි වී ගොස් අවසන්ය.කාශ්‍යයප් ගේ තරගය ඔහු ජය ගත්තේ ඔහු ගේ පුහුණු උපදේශකයන්ගෙන් ලැබුණු උපදෙස් මතය. නිලූකට ඒ සියල්ල තනිවම කර ගන්නට සිදු වු අතර නිලූක ඒ තැනට ගෙන ඒම සදහා බැඩිමින්ටන් පරිපාලනය වෙනුවෙන් අත්සන් ගැසීම පදනම් කරගෙන ඔලිම්පික් තරග බිමේ ඉදගැනීම සිය අයිතියක් බව සිතූ බස්නායකයන් කාලකන්නි ආශ්වාදයක් ලැබීය.
දැන් ක්‍රීඩා ඇමතිතුමාට ක්‍රීඩා බලධාරියා ලෙස ඉදිරියට හෝ වරදක් නොවන්නට පියවර කිහිපයක් ගත යුතුව ඇත.පළමුවැන්න අමාත්‍යවරයා නිලූකට ලබා දුන් බව කියන මුදල් ප්‍රමාණය වැරදිය.එසේ වැරදි දත්ත ලබා දීම පිළිබදව අමාත්‍යවරයා බැඩ්මින්ටන් පරිපාලනයෙන් දැන්වත් විමසීමක් කළ යුතුය.(80 ක්ලබ හී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ප්‍රදානයන් නිලූකට පමණක් කළ ප්‍රදානයන් නොව ඒවා සමස්ත බැඩ්මින්ටන් පරිපාලනයට පිරිනැමූ බවට බස්නායකයන් කළ ප්‍රකාශය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයේම හඩපට තුළ තැන්පත් ව ඇත)
එසේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් වියදම් වී ඇත්තේ කෙසේද යන්න ද වෙන වෙනම විමසා බැලිය යුතුව ඇත.පරාක්‍රම බස්නායක ඔලිම්පික් තරගබිමේ අසුන් ගත්තේ කෙසේද යන්න පිලීබදවත් ඒ සදහා පුහුණුකරුවෙකු නම් නොකොට තමා ඉදිරිපත් වීමෙන් කරන ලද ජාතික අපරාධය සම්බන්ධයෙන් පියවරක් ගැනීමත් අමාත්‍යවරයාගේ රාජකාරියකි.ඇතැම් නිලධාරීන්ගේ පුත්තු බලා ගැනීම සදහා ඔවුන්ගේ රියදුරන් කණ්ඩායම් කළමණාකරුවන් ලෙස සහභාගි කිරීමට අවසර දෙන පරාක්‍රම බස්නායක සභාපතිවරයා ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයාගේ පුහුනුකරුවෙකු ලෙස සැබවින්ම කටයුතු කරන ඔහුගේ පියාට ඒ අවස්ථාව ලබා දීම පිණිස කටයුතු නොකරන්නේ මන්ද යන්න විමසා බැලිය යුතුව ඇත.
සාමාන්‍යයෙන් කථනයේදී දැඩි පුද්ගලයෙකු ලෙස පෙණුනද ක්‍රීඩා සංගම් පරිපාලනවල නිදහසට ඇගිලි ගැසීමේදී පරිස්සම් වන අමාත්‍යවරයෙකු ලෙස ඉවසීමෙන කටයුතු කළ ද දැන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනය ඒ සීමාවන් අතික්‍රමණය කර ඇත.ඒ පිලිබදව ජනාධිපතිවරයා ද දැනුවත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුවන ලිපි ලේඛණ අතරමගදී ගිල දැමීමක් සිදුවන බවත් ඇතැමෙකුට ඒ සම්බන්ධ ලිපි ලේඛණ පිළිබද විමසා බැලීමක් කරන ලෙස කීවද එම ලිපි ලේඛණ අමාත්‍යවරයාගේ කාර්‍ය මණ්ඩලයේ අත් අඩංගුවෙන් නොමිදෙන බවත් මේ සටහන් කරු අත්දැකීමේන්ම දනිමු.
ඒ නිසා අමාත්‍යවරයා ප්‍රවේශම් විය යුතුය.මේ ලිපියේ සදහන් කරුණු අමාත්‍යවරයාගේ ඇස ගැටෙන්නේ නම් ඒ පිළිබදව කරුණු කාරනා සිදු වූයේ කෙසේද යන්න පියවරෙන් පියවර සොයා බැලිය යුතුව ඇත.එසේ සොයා බැලීමේදී පවසා තිබෙන කරුණු වල නිර්වද්‍යතාවයක් ඇතිනම් පමණක් ජාතික අපරාධකරුවන්ට තව දුරටත් කුමන හෝ පදනමක ජාතික සංගමයක ඉහළ පුටුවක වැජඹෙන්නට දෙන්නේ ද යන්න පිළිබදව අමාත්‍යවරයා තීරණයක් ගත යුතුව ඇත.www.supirikrida.com

උනන්දුවෙන් ක්‍රීඩා නොකළ අටක් ඉවතට


සිය තරග වල දී සුපුරුදු දකුෂතා ප්‍රදර්ශනය නොකරමින් ක්‍රීඩාවට අගෞරව වන අකාරයේ මන්දෝසාහීබවක් හිතා-මතා ප්‍රදර්ශනය කිරීම යන චෝදනාව යටතේ සුපිරි කාන්තා යුගල බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් අට දෙනෙකු තරගාවලියෙන් නෙරපා දැමීමට ඔලිම්පික් තරග සංවිධ‍ානය පියවර ගෙන තිබෙනවා.ලොවඅංක එකේ කාන්තා යුගලය වන චීනයේ වැන්ග් ෂියොලි සහ යූ යැන්ග් ද මේ අතර විම විශේෂත්වයක්.
සෙසු ක්‍රීඩිකාවන් තිදෙනාද ලොව ප්‍රබලතම ක්‍රීඩිකාවන් වන අතර ඒ අතරට කොරියාවේ කාන්තා යුගලයන් දෙකක්ම අයත් වෙනවා.ජුන් කියුන්ග්-එවුන් සහ කිම් හා -නා ත් හා ජුන්ග් -එවුන් සහ කිම් මින් -ජුන්ග් යන දකුනු කොරියානු යුගල දෙකටම මේ අනුව තරගාවලිය අහිමි වෙනවා.ඉන්දුනීසියාවෙන් මේ චෝදනාව මත තරගාවලියේන ඉවත් කරන ලද ක්‍රීඩිකා යුගලය වන්නේ මෙලීන් ජවුහාරි සහ ග්‍රෙසියා පොලී යි.
මේ පිලිබදව තරගය අතරතුරදී ම තරග තීරකවරයෙකු විසින් චින ක්‍රීඩිකාවන් දෙදෙනාට සහ දකුනු කොරියාවේ ජුන් කියුන්ග්-එවුන් සහ කිම් හා -නා  දෙදෙනාට අවවාද කළ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වෙනවා.
www.supirikrida.com

නුවර පෙරට

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය ඉදිරිපත් කරන ඩයලොග් ප්‍රිමියර් තරගාවලියේ අටවන සතිය නිමා වන විට තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස  පෙරට ඒමට මහනුවර කණ්ඩායමට හැකි වී තිබෙනවා.ඒ අනුව මෙවර තරගාවලියේ ලකුනු සටහනේ පළමු ස්ථානයට පළමු වරට මහනුවර කණ්ඩායම ප්‍රවේශව සිටින අතර හැව්ලොක් කණ්ඩායමට දෙවන ස්ථානයත්,තෙවන ස්ථානය නාවික හමුදා කණ්ඩායමටත් හිමිව තිබෙනවා.පහත දැක්වෙන්නේ සති අටක් නිමාවේ ප්‍රිමියර් රග්බි තරගාවලියේ ඒ ඒ කන්ඩායම් ලබා තිබෙන ස්ථාන පිළිබදව නිකුත් වූ නිල ලකුණු සටහනයි.
www.supirikrida.com

බස්නාහිර පළාත් සංගමයේ බැඩ්මින්ටන් තරග දින තුනක් දෙතැනක

ස්නාහිර පළාත් සංගම මෙහෙයවන ක්ලැසික් බැඩ්මින්ටන් තරගාවලිය අගෝස්තු 4 සිට 6 දක්වා මොරටුව   බිලූ ෆීචර්ස් ස්පෝර්ට් පාක් හී දී සහ මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලා‍ව කේන්ද්‍ර කර ගෙන පැවත්වෙන්නට නියමිතය.තරගාවලියේ සමස්ත සමාචාර උත්සවය හය වන දින පස්වරු 6.30 ට තරුණ ක්‍රිස්තියානි ශාලාවේදී පැවත්වීමට නියමිතය.
අවුරුදු 14 න් පහළ,19 න් පහළ,20 න් ඉහළ සහ 40 න් ඉහළ යන වයස් ඛාණ්ඩ වලින් තරගාවලිය ක්‍රියාත්මක වන අතර සෑම තරගයකදීම තරගය ඇරඹිමට විනාඩි තිහකට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පැමිණීම සනාථ කිරීම අනිවාර්යය වේ.තරගාවලියේ නිල තරග කාල සටහන අප වෙබ් අඩවියෙන් දැක ගැනීමට ඉඩ සළසා ඇත.
www.supirikrida.com

Aug 1, 2012

අට වැන්නා පැරද්දූ නිලූක විසිඑක් වැන්නා හා ගැටෙයි

ලිම්පික් තරගාවලියක බැඩ්මින්ටන් තරගයක් ජයගත් පළමු ලාංකිකයා වූ සහ පළමු 16 දෙනා අතරට පිවිසි පළමු වැන්නා වූත් නිලූක කරුණාරත්න අද ඉන්දීය අංක ක්‍රීඩක පාරුපිල්ලෙයි කාශ්‍යප් සමග එරට වේලාවෙන් පෙ.ව. 9.02 ට තරග වැදීමට නියමිතය.නිලූක විසින් පළමු තරගයේදී බැඩ්මින්ටන් ලෝකයේම අවධානය තමා වෙත යොමු කර ගනිමින් ජපානයේ අංක එක ක්‍රීඩක සහ ජගත් වර්ගීකරණයේ අංක 8 ට ශ්‍රේණිගතව සිටින ටාගෝ කෙනචි පරාජය කරන්නට සමත් විය.ඉන්දීය ක්‍රීඩක කාශ්‍යප් සමග මීට පෙර අවස්ථා කිහිපයක දීම තරග වැදී පරාජය වී ඇති නමුත් නිලූක ඒ සෑම අවස්ථාවකම ප්‍රතිවාදියාට තියුණු සටනක් ලබා දෙමින් වට ගණනාවක් ජය ගෙන ඇති බැවින් මෙම තරගයේදී පළමු ජයග්‍රහණයේ පන්නරය සමග ජයග්‍රහණය ලබනු ඇතැයි  ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සියල්ලෝම දැඩි විශ්වාසයකින් පසුවෙති.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.02 ට මෙම තරගය පැවත්වෙන අතර බොහෝ විට මෙහි සජීවි විකාශය සිදුවන රූපවාහිනි චැනලයකින් මෙම තරගය සජීවී ව නැරඹීමේ අවස්ථාව ලාංකියනට උදාවනු ඇතැයි විශ්වාස කළ හැකිය.
මේ අතර රෙෂිකා උඩුගම්පොළ මීටර් 100 නිදහස් ආර තරගයේ මූලික තරගය සදහා එරට වේලාවෙන් පෙරවරු 10.03 ට තරග බිමට පිවිසෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.03 ලෙස සදහන් වේ.
www.supirikrida.com

Jul 31, 2012

අපි නිලූක ගැන ගත්තු තීරණය හරි

නිලූක කරුණාරත්නට නායකත්වය ලබා දෙන්නට ජාතික ඔලිම්පික් කමිටුව ගත තීරනය නිවැරදි බව ඔහු විසින් ඔප්පු කළ බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු සුපිරික්‍රීඩා සමග එක් වෙමින් පැවසීය.ඊයේ ලන්ඩන් නුවර සිට සුපිරි ක්‍රීඩා සමග සම්බන්ධ වූ හේමසිරි ප්‍රනාන්දු නිලූක ගේ ජයග්‍රහණය කණ්ඩායමක් වශයෙන් බෙදා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් බව පෙන්වා දුන්නේය.
සියල්ල හොදින් සිද්ධ වෙනවා,නිලූක ගේ ඊ ළග ප්‍රතිවාදියා කවුද යන්න 31 දා දහවල් වන විට හරියටම කියන්න පුළුවන් වෙයි.නිලූක ගේ ජයග්‍රහණයත් සමග ලංකාව දෙසට විශාල අවධානයක් යොමු වී තිබෙන බව පෙන්වා දෙන හේමසිරි ප්‍රනාන්දු,ජපානය යනු ලොව ප්‍රබල රටක් වීමත් පරාජය කළ ක්‍රීඩකයා ලොව අංක අටේ ක්‍රීඩකයා වීමත් එයට හේතු වී තිබෙන බව පැවසීය.
www.supirikrida.com

නිලූක දිණුම්!


Niluka Karunaratne hits a return in men's singles Badminton match
නිලූක















Kenichi Tago - Olympics Day 3 - Badminton
ටාගෝ
ර්ෂය 2000,නොවැම්බර් මාසේ අග සතියෙ දවසක මම අමාරුවෙන් හොයා ගත්තු ලිපිනයක් පසුපස හඹා ගොස් කොල්ලුපිටියේ තට්ටු නිවාස දොරකඩක නැවතුණා.දොරට තට්ටු කරා,කතා කරා, දොර නෑරුනත් ගෙදර නැති බව හගවන්න උත්සහ කළත් කවුරු හෝ පොඩි එකෙක් මගේ ආමන්ත්‍රණයට ප්‍රතිචාර දක්වන්න සූදානම්.අන්තීමේ දී ඒ පොඩි එකාව නවත්තන්න හැදුව සියළු උත්සාහයන් ව්‍යර්ථ වෙනවා.ගෙයි සාලෙ වසා තිබූ ජනේල අතරින් ඇගිල්ලක් කටේ ගහගෙන පොඩි එකා හිටන් ඉන්නවා.අනතුරුව බියට පත් සැකයට පත් දෑසක් ඇතිව පැමිණෙන ගැහැණිය සැලෙන ස්වරයෙන් මගෙන් අහනවා ඔයා කවුද ? කියලා.තොරතුරු කියල මදි මම මාධ්‍යවේදියෙක් කියල සනාථ කරන්න ලියවිලි එක එක ගෙන හැර පාන්නත් වෙනවා.
ඒ පොඩි එකා මේ සටහනට අදාළ කතා නායකයාගේ බාල සහෝදරයා,චාමික කරුණාරත්න.බියට පත් දෑස් ඇති කාන්තාව මිත්‍රා කරුණාරත්න හෙවත් නිලූක කරුණාරත්නගෙ මව.මම ඔවුන් සොයා ගියේ අවුරුදු 14 දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කරන්නට තරම් හැකියාවක් තිබූ නිලූක කරුණාරත්න සිය පළමු සංචාරයේදී නවක වධයට භාජනය වීම පිළිබදව සොයා බලන්නට යි.
‘අපේ මහත්තයත් රටනෙ,මම කොහොමද මේ ළමයින්ව ආරක්ෂා කරන්නෙ,බැඩ්මින්ටන් ගහන්න යන්න දෙන්නෙ නැහැ.’මිත්‍රා නම් මවගේ දෑසේ කදුළු ය.ඒවා නවතන්නට අපහසුය.
‘මේක නවත්තන්න ඕනි වැඩක්.මගේ මල්ලිලත් බැඩ්මින්ටන් ගහනව.ඒ අයට මේ දේ වෙන්න බෑ’ඒ නිලූක ය.
නමුත් බැඩ්මින්ටන් පරිපාලනය මේ කිසිවක් ගණන් ගත් බවක් පෙනෙන්නට නොතිබිණ.ඒ තත්ත්වය මත නිලූක සිය ආරක්ෂාව පතා බැඩ්මින්ටන් පිත්ත බිම තැබීමට සිත එකග කර ගෙන උන්නේය.
එවකට වෛද්‍ය විජේසේකර බැඩ්මින්ටන් පරිපාලනයේ මුල් පුටුවේ සිටිය ද නිලූක ‍ගේ සිදුවීමේ දී නිලූකව ආරක්ෂා කිරිමට ඔහුට පරිපාලනයෙන් එතරම් සහයක් නොලැබිණි.ඒ නිසාම විජේසේකරයන්ගේ ප්‍රකාශ ද බාලගිරි දෝෂය වෙමින් තිබිණ.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මිල්ටන් අමරසිංහ ට මෙම සිදුවීම පිළිබදව විශාල කම්පනයක් තිබිණ.ඔහු හරහා එවකට සිටිය ක්‍රීඩා අමාත්‍යවරයා (එස්බී දිසානායක හෝ ලක්ෂ්මන් කිරිඇල්ල) දැනුවත් කරමින් නිලූකට නැවත ක්‍රීඩා පිටියට ‍ඒමට මග  විවර කිරීමේ කාර්යයට මා මගේ පෑනෙන් නොනැවතී මැදිහත් වන්නට ගන්නේය.එය කිසිදු මාධ්‍යයක් අත නොගැසූ තනිව කරන ලද හුදෙකලා සටනක්ම පමණක් වූ අතර අවසානයේ නිලූකට නැවත ක්‍රීඩා පිටියට පැමිණීමේ විශ්වාසය සනාත කරමින් ඔහුව නවක වධයට භාජනය කළ සියල්ලෝම තහනමකට භාජනය වූහ.
මේ ඉතිහාසයේ සිට නිලූක පියවර මැන්නේම බාධක මධ්‍යයේය.නිලුක ගේ පියා බැඩ්මින්ටන් පරිපාලනයේ තීරණාත්මක චරිතයක් වීමෙන් නිලූකලා ට වාසිදායක තත්ත්වයක් ඇති විය යන මතය මත පිහිටා බොහෝ අය නිලූකලා ට එරෙහිව ක්‍රියාත්මක වුව ද,ක්‍රීඩා පිටියේ සිට ක්‍රීඩාව දකින්නට තරම් හැකියාවක් තිබුණා නම් නිලූක ට පරිපාලනයට පිවිසීමෙන් තාත්තා කළේ විශාල අසාධාරණයක් පමණි.නිලූක මීට පෙර ඔලිම්පික් තරගාවලි දෙක සදහාම සුදුසුකම් ලැබිය හැකි මට්ටමක වුව ද,ඒ සදහා අවශ්‍යය පසුබිම සැකසීමට නිලූක ගේ තාත්තා ද සිටි පරිපාලන අසමත් විය.2008 වන විට පත් වූ පරිපාලනය නිලූක ඝාතන කුමන්ත්‍රණකරුවෝ මෙන් වූහ.ඔවුන් නිලූකට බැඩ්මින්ටන් පිටිය එපා කරවන තැනට සිත වෙනස් කරන්නට තරම් දරුණු පීඩා ඇති කළහ.
එවැනි විටෙක මාධ්‍යකරුවාගේ භූමිකාවෙන් පිට සිට ඔහුගේ හිතවතෙකු මම ද නිලූකට පැවසුවේ මල්ලි ඔයාගෙ වටිනාකම තේරෙන රටකට යන්න යනුවෙනි.ඒ වන විටත් රටවල් කිහිපයක්ම නිලුකට විශාල සුඛෝපභෝගී සම්පත් සහිතව සිය රටේ දොරටු හැර තිබියදී මම කල යෝජනා සම්බන්ධයෙන් නිලූකට තිබුණේ වෙනත් හැගීමකි.
‘මම සෙල්ලම් කරන්න ඔනි මගේ රටටමයි අයියෙ’
නිලූක ට මේ ඔලිම්පික් ගමන ද වළක්වන්නට හිටපු පරිපාලනය පිඹුරුපත් සකස් කළේය.අදත් ඒ සදහා අවශ්‍යය සාක්ෂි සම්පාදනය කළෝ බැඩ්මින්ටන් පරිපාලනයේ සිටිති.ඉකුත් පොදු රාජ්‍ය මන්ඩල අවසාන පූර්ව තරගයේ දී නිලූක එංගලන්ත ක්‍රීඩකයාට පැරදුනේ නූලෙන් ය.ඒ අවස්ථාවේ එහි සිටි අපි බොහෝ දෙනෙකුගේ ඇස් ලාංකිකත්වය නිසා තෙතබරිත විය.එහෙත් ඒ සියල්ල විදි නිලධාරීන් පරිපාලනයේ ඉහළ පුටුවල අවශ්‍යයතාවය වෙනුවෙන් නිලූක රට වෙනුවෙන් ක්‍රීඩා නොකළ බවට වාර්තාවක් ඉදිරිපත් කළේය.අදත් ඔවුන් පරිපාලනයේ සිට නිලූක ගේ ඔලිම්පික් නායකත්වය පවා උදරා ගන්නට තැත් කළෝය.
ඒ ගමන මග තුළ නිලූක දරාගත් බොහෝ දුක්  තුළින් ගම්‍ය කළ ශක්තිය මම හොදින් දැන උන්නෙමි.
‘අපේ රටේ පුහුණුකරුවෝ දක්ෂයි.ඒත් පිටරට වල අයට තරම් පහසුකම් දැනුම එකතු කර ගන්න ක්‍රමවේදයක් නෑ.මට විදෙස් පුහුණුකරුවෙක් යටතේ පුහුණුවීම් කරන්න පුළුවන් නම් මීට වඩා දෙයක් කරන්න තිබුණා.’
ඒ නිලූක ගේ බලාපොරොත්තුව ඔහු ඔලිම්පික් සදහා පිටත් වීමට මාස කිහිපයක් තිබියදී යථාර්තයක් බවට පෙරලිණ.නිලූක කොරියානු පුහුණුකරුවෙක් යටතේ පෝලන්තයේ පුහුණුවට යොමු විය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඒ සදහා ඔහුට ලැබුණ අයුරින්ම ලොව මුල් ක්‍රීඩකයන් 50 දෙනා අතරට පිවිසීමේ අපහසුකම තේරුම් ගැනීමට තරම් ජාත්‍යන්තරය පිළිබද අවබෝධයක් ඇති ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු පුමුඛ පිරිස නිලූක කණ්ඩායම් නායකයා ලෙස තෝරා ගන්නේය.
දැන් නිලූක ඔහු සම්බන්ධයෙන් විශ්වාසය පළ කළ සියල්ල වෙනුවෙන් සාධාරණය ඉටු කර ඇත.ඔලිම්පික් තරගාවලිය සදහා කෙසේ හෝ තේරීපත් වී ගිහිං එන්නට ගිය අයෙකු නොවූ නිලූක ඔලිම්පික් තරගයක වටයක්වත් ජය ගැනිමට නොහැකි ව තිබූ ලාංකේය බැඩ්මින්ටන් ඉතිහාසය වෙනස් කළේ ලොව අට වැන්නා  වූ ජපානයේ ටාගෝ කෙනචි පිට පිටම වට දෙකකදී පරාජය කරමින් ය.21 – 18 සහ 21 – 16 ක් වූ එම ජයග්‍රහණයේ බර ද සමග නිලූක ට ඊළග තරගය සදහා විශාල ශක්තියක් එකතු වනවා නිසැකය.
ඊයේ නිලූක එසේ ජයග්‍රහණය කරද්දී තිලිණි ජයසිංහ පෘතුගාලයේ සන්තෝස් තෙල්මා ට පරාජය වූයේ 21 – 9 සහ 21 – 11 ලෙස ය.මේ අතර මංගල සමරකෝන් වායු රයිෆල් මීටර් 10 ඉසව්වේදී 47 දෙනෙකු අතරින් 45 වැනි ස්ථානයට පත් විය. 

කොබේ ගේ රෑ කුමාරියෝ වැනීසා ගේ ගමනට හරස් නොවෙයි

0727_kobe_bryant_girls_1_tmz_wmගත් පැසි පන්දු ලෝලීන් ගේ වීරයෙකු ලෙස අවිවාදිත කොබේ බ්‍රයන්ට් රාත්‍රී සමාජ ශාලාවක උඩුකය නිරුවතින් තරුණියන් දෙදෙනෙකු සමග ගත් ඡායාරූපයක් පළ වීමත් සමග ඔහු පිලිබද විශාල ආන්දෝලනයක් ඇති වී ඇත.මේ සම්බන්ධයෙන් කවුරුන් කළබළ වුව ද ඔහු ගේ බිරිද වැනීසා බ්‍රයන්ට් කළබළ නොවීම විශේෂත්වයකි.මේ ඡායාරුපය පළවීම පිළිබදව ඇය දරන්නේ එය අගතිගාමී සහ අනවශ්‍යය වැඩක් වැනි හැගීමකි.
කෝබේ ගේ තරග නරඹීම සදහා යාමට ඈ තුළ තිබූ උවමනාව මේ ඡායාරූප පළ වීමෙන් වෙනස් නොවුණු බව කියන වැනීසා සිය දරුවන් දෙදෙනා ද සමග කොබේ දිරි ගැන්වීම පිණිස එංගලන්තයට පැමිණෙන බව කියන්නීය.34 හැවිරිදි කොබේ 2008 දී වසරේ ද ඔලිම්පික් රන් පදක්කම දිනූ ඇමෙරිකානු පැසි පන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු විය.
www.supirikrida.com

ආසියානු දැල් පන්දු තරගාවලියට ශ්‍රී ලංකාව සැරසෙයි

ටවන ආසියානු දැල් පන්දු තරගාවලියේ සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව ඊයේ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතින් සිය නිල වෙබ් අඩවිය විවෘත කරන ලද අතර ඊට සමගාමීව නිල ලාංඡනය විවෘත වීම මෙන්ම රටපුරා තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට සුභ පතා දැල් පන්දුවකට අත්සන් ලබා ගැනීමේ වැඩ සටහනද අමාත්‍යවරයා අතින් ඇරඹිණ.මෙම සියළු කටයුතු දැල් පන්දු අතරු කමිටුවේ මූලිකත්වයෙන් ලාංකේය දැල්පන්දුවේ නිල අනුග්‍රාහකයා බවට පත් වී සිටින මහජන බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් සිදු විය.
මෙම නිල උත්සවයට කණ්ඩායමේ පුහුණුකාරිණිය වන හයසින්ත් විජේසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සම නායිකා තර්ජනී සිවලිංගම් මෙන්ම තිසාලා අල්ගම ක්‍රිඩිකාවද එක් වී නොසිටියහ.ක්‍රීඩිකාවන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ෆෝල්කන් නම් ක්‍රිඩා සමාජයේ ක්‍රීඩිකා සංයුතියට ඇතුළත් කර තිබෙන බවත් ඔවුන්ගේ භාරකරු ලෙස කණ්ඩායම් පුහුණුකාරිය ලෙස හයසින්ත් විජේසිංහ ද එරට නැවතී  තිබීමත් නිසා එම තිදෙනා මෙම නිල උත්සවයට සහභාගි නොවූ බව කණ්ඩායම් ආරංචි මාර්ග ඔස්සේ පැහැදිළි විය.‍
ප්‍රධාන පුහුණු උපදේශිකාව ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියානු පුහුනුකාරිය වන ෂූ ගේ සහ හයසින්ත් විජේසිංහ පුහුණුකාරිය ගේ ද අධික්ෂණයකින් තොරව මේ වන විට පුහුණුවීම් කටයුතු සිදුවන අතර.එම ‍ප්‍රධාන වශයෙන්ම පුහුනුව සම්බන්ධයෙන් වගකිව යුතු දෙදෙනාම කණ්ඩායම සමග දිගු දවසක සිට නොසිටීම පිළිබදව ක්‍රිඩා අමාත්‍යවරයාද නොසතුටෙන් සිටින බව ද සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.
එම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩක ගොනුවට ඇතුළත් වී නොමැති සහ කිසිදු ගෙවීමකින් තොරව එම කණ්ඩායම් සංයුතියේ ලාංකේය ක්‍රීඩිකාවන් දෙදෙනා රදවා තබා ගෙන සිටින බව ද ඇතැම් ආරංචි මාර්ග වාර්තා කරන අතර ලොව හොදම විදින්නිය වූ තර්ජනී සිවලිංගම් වැනි ක්‍රීඩිකාවක් වෘත්තීය ක්‍රීඩිකාවන් සහිත කණ්ඩායමකට ප්‍රධාන ක්‍රීඩිකාවක ලෙස හෝ ගෙවීමකින් තොරව ඇතුළත් කර ගන්නේ ද යන්න පිළිබදව අදහාගත නොහැකි තත්ත්වයකි. 
www.supirikrida.com

Jul 30, 2012

ක්‍රිකට් වලට නලා බෑ


 ක්‍රිකට් තරග වලදී විවිධාකාරයේ නලා පිඹීම නැවත්වීම සදහා පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියිවර ගෙන ඇත.මෙම නීතිය මගින් පැපරේ සංගීත කණ්ඩායම් වල සහභාගීත්වයට බාධාවක් ඇති නොවන අතර තනි නලා රැගෙන විත් පිඹීම නැවත්වීම අපේක්ෂාව වේ.ඒ නිසා මින් ඉදිරියට ආරක්ෂක වැඩ පිලිවෙලවල් තර කරමින් නලා රැගෙන එන්නේදැයි විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි
ක්‍රීඩකයන්ගේ ඒකාග්‍රතාවයට බාධාවක් ඇති වන ආකාරයෙන් සහ ශබිද දූෂනයට හේතු වන ආකාරයට භාවිතා කරන මෙම නලා පිඹීම නැවත්වීම සදහා ඉදිරියේදී විශේෂ මෙහෙයුමක් දියත් වනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කරයි.

තිලිනි පැරදෙයි හේෂාන් ට අවසාන වටය අහිමි වෙයි

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිලිනි ජයසිංහ  තමා සහභාගි වූ පළමු තරගයේදී තායිලන්ත ක්‍රීඩිකා ඉන්ටනොක් රචනොක් ඉදිරියේ පරාජය ලැබුවාය.ප්‍රථම වටයේදී තායිලන්ත ක්‍රීඩිකාවට එරෙහිව ලකුණු 13 ක් ලබා ගන්නට තිළිණිට හැකි වූ නමුත් දෙවන තරග වටයේදී රචනොක් සිය රිද්මයට පිවිසෙමින් තිළිණි ලකුණු 5 ක් ලබා ගනිද්දී තරගය අවසන් කරන්නට සමත් විය.විශේෂත්වය වන්නේ තිළිනි ට මෙම තරගාවලිය සදහා සහභාගි වීමට මාවත විවර කරන්නට බැඩ්මින්ටන් බලධාරීන් විසින් වෙනත් ක්‍රීඩිකාව‍කගෙන් උදුරා ලබා දුන් ඌබර් සහ තෝමස් කුසලාන තරගාවලියේ දී ද තිළිණි පරාජය වූයේ ද මෙම තායිලන්ත ක්‍රීඩිකාව වෙතින්ය.එහි දී පරාජය වුව ද එම තරගයට සහභාගි වීමෙන් තිළිණි ලද 1373 ක ප්‍රසාද ලකුණු ප්‍රමාණය මේ වන විට ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් වල මුල් දස දෙනාට පිවිසීමට අපොහොසත් මට්ටමක සිටින තිළිණිට මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනයට බෙහෙවින් පිටුවහල් විය.
ම් අතර හේෂාන් උනම්බුව මීටර් 100 පසුපස ආර මූලික තරගයට ඊයේ ඉදිරිපත් වූ අතර එහි දි සිය මූලික තරගයේ දෙවන ස්ථානය ලබා ගත්තේය.තත්පර 57.94 ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනා ගත්තද හේෂාන් ගේ කාලය ඊ ළග වටයට ප්‍රවේශ වීමට තරම් ඉහළ මට්ටමක් නොතිබිණ.
www.supirikrida.com

සබරගමුවෙන් වයඹට අභියෝගයක්

ලක්ෂාන්
ලක්ෂානි
ඡායාරුප -කසුන් විරාජ්
ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියේ මෙවර ජයග්‍රහණයන් පිළිබදව සැළකිළිමත් වෙද්දී වෙනදාට දකින වයඹ ඒකාධිකරය දකින්නට නොලැබෙන අතර මෙවර ඒ හා සමානවම සිය ආධිපත්‍යය විහිදුවමින් සබරගමුවද කැපී පෙනෙන දස්කම් දැක්වීය.අවුරුදු 12න් පහල මිනි වොලිබෝල් තරගාවලියේ සූරතා දෙකම  සබරගමුවට හිමි වූ අතර එහිදී ගලපිටමඩ වලගම්බා මහා විද්‍යාලය එහි බාලක සූරතාව දිනා ගනිද්දී බාලිකා සූරතාවය රක්වාන රත්නාලෝක මහා විදයාලය විසින් දිනා ගත්තේය.අවුරුදු 14 න් පහළ බාලිකා සූරතාවය ද කොබ්බැවෙල කීර්තිරත්න මහා විද්‍යාලය විසින් දිනා ගත් අතර අවුරුදු 16 න් පහළ බාලිකා සූරතාවය දිනා ගත්තේද ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය විසිනි.ඒ අනුව සූරතාවයන් හතරකට සබරගමුව හිමිකම් කියද්දී රුවන් වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයද තෙවන ස්ථාන දෙකකට ද හිමිකම් කියමින් මෙවර තරගාවලියේ සබරගමුව ආධිපත්‍යය තහවුරු කළේය.
පාසලක් ලෙස ගත් විට සුපුරුදු පරිදි මාදම්ප සේනානායකය ඉදිරියෙන් සිටිය අතර ඔවුන් තරගාවලියේ ප්‍රදානම සූරතාවය වන අවුරුදු 18 න් පහළ බාලක සූරතාවය ට අමතුව 14 න් පහළ සහ 16 න් පහළ බාලක සූරතා ද අවුරුදු 16 න් පහළ බාලිකා තෙවන ස්ථානය ද දිනා ගනිමින් කැපී පෙණින.අනුරාධ පුවරසන්කුලම විද්‍යාලය ද අවුරුදු 12න් පහළ බාලිකා සහ අවුරුදු 14 න් පහළ බාලිකා අනු සුරතා දෙකක් දිනා ගැනීම කැපී පෙණින.වසරින් වසර තරගාවලියේ තරගකාරීත්වය ඉහළ යාම නිසා යම් යම් පාසල් වල ඒකාධිකාරය බිද වැටීමක් සිදු වන බව පැහැදිලිව පෙනෙන්නට ඇති අතර ඒ නිසා විද්‍යාල වලින් අවසානය දක්වා පැමිණිය හැකි කණ්ඩායම් ප්‍රමාණය සීමාසහිත වෙමින් පවතිනු දැකිය හැකිය.සාමාන්‍යයෙන් මාදම්ප සේනානායක සහ නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාල වල බාලිකා සහ බාලක වොලිබෝල් කන්ඩායම් දෙවර්ගයම සාමාන්‍යයෙන් අවසාන තරග වල සිටීම පැහැදිළිව දැකිය හැකි නමුත් මෙවර එම විද්‍යාල දෙකෙන්ම කිසිදු බාලිකා කණ්ඩායමක් අවසාන තරග වලට පිවිසියේ නැත.සේනානායකයට බාලිකා අංශයේ තෙවන ස්ථානයක්  ධම්මිස්සරයට තෙවැනි ස්ථානයක් පමණක් හිමි වූ අතර ධම්මිස්සරයට බාලක අංශයෙන්ද හිමි වූයේ එක් අනු සූරතාවයක් පමණි.
සේනානායක විද්‍යාලය
ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය
දවිසමර විද්‍යාලය ද එවැනි ම කීර්තිමත් ඉතිහාසයක් ඇති පාසලක් වුව ද ඔවුන්ට ද අවුරුදු 14 න් පහළ බාලක සූරතාවය හැරෙන්නට වෙනත් කිසිදු සුරතාවයක් හිමි නොවීම කැපී පෙණින.ඊට හේතුව මහත් කැපවීමෙන් පුහුණුවීම් මෙහෙයවන පුහුණුකරුවන්ගේ දුර්වලතාවයක් නොවන අතර තරගකාරීත්වය ඉහළයාම සහ වොලිබෝල් ව්‍යාප්තියේ වර්ධනය නිසා විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සූරයන් බවට පත් කිරීමට ඇති හැකියාව ක්ෂය වෙමින් පැවතීමය.ඒ තත්ත්වය විද්‍යාලවල පුහුණුකරුවන්ගේ දුර්වලතාවයක් ලෙස හැදින්වීමට යාමට වඩා වොලිබෝල් ව්‍යාප්තියේ සහ තරගකාරීත්වය ප්‍රවර්ධනයට ඩීඑස්අයි වොලිබෝල් තරගාවලිය දක්වා ඇති දායකත්වය පිළිබදව සතුටට පත්විය හැකි කරුණකි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ මාදම්ප සේනානාක විද්‍යාලයේ නදිප ලක්ෂාන් ‍පැහැදිලිවම අනාගතයට වටිනා සම්පතක් බව තහවුරු කළ ක්‍රීඩා රටාවක් ප්‍රදර්නය කළේය.ප්‍රහාරයේදී මෙන්ම පන්දු පිරිනැමීමේදී ද ඔහු ගේ ප්‍රවේගකාරීත්වය තදින් කැපි පෙණුන අතර එම ප්‍රහාර සහ පිරිනැමීම් ගොඩ ගැනීමේ දී ධම්මමිස්සරය දැක් වූ දුර්වලතාවය සේනානායක ජයග්‍රහණයේ ප්‍රධානතම අඩිතාලම විය.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව අවුරුදු 18 න් පහළ බාලිකා අනු සූරතාවය දිනූ තොඩුවාව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දිල්කා ලක්ෂානි විසින් දිනා ගත්තාය.ඇයද සමස්ත ශාන්ත අන්තෝනිය වෙමින් ප්‍රහාරයෙන්,පන්දු ගොඩ ගැනීමෙන්,පිරිනැමීමෙන් ආදි සියළු ඉරියව් වලින් දක්ෂතා දක්වමින් පෑ හපන්කම අනාගතය පිළිබද සුභවාදී බලාපොරොත්තු පහළ කරන්නකි.ඇයගේ දක්ෂතා නිසාම අත්දැකීම් සහිත ආනමඩුව මධය විද්‍යාලයට එරෙහි අවසාන තරගය වට පහක් දක්වා ඇදී ගිය අතර මෙවර තරගාවලියේ වට පහක් පැවති එකම අවසාන තරගය ද එය විය.
ලාංකේය වොලිබෝලයේ චීවර ලකුණ පුස්සැල්ලේ පඥ්ඥාසේකර හිමි
 රත්නාලෝක සිසුවියන්ට උපදෙස් දෙමින්
ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩාවන් හී විශිෂ්ඨයන් නිර්මාණය කරන ලද පාසලක් බවට ප්‍රකට වෙන්නප්පුව ජෝෂප්වාස් කළකට පසුව යළි වොලිබෝල් පිටියට සූරයන් ලෙස ප්‍රවේශ වෙමින් අවුරුදු 16 න් පහළ සූරතාවය දිනා ගැනීම කැපී පෙණින.
පහත ඇති google සබදතාවය තෙරපීමෙන් තරගාවලියේ සූරතා බෙදී ගිය අයුරු මෙන්ම විශිෂ්ඨ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබද තොරතුරු ලබා ගැනීමට  හැකියාව ඇත
.https://docs.google.com/file/d/1GTosbbKbQi5VAxX7DuJZwB_lEaAlxfuNmBaezUjmpmIUAUeFglC8EgsO45Mg/edit?pli=1 

www.supirikrida.com

Jul 29, 2012

රයිනා සහ පතාන් ගෙන් පන්දු 69 කින් ලකුණු 88 ක්

Suresh Raina is congratulated by Irfan Pathan after India's victory off the last overන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර කොළම ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තෙවන එක්දින තරගයේ දී සුරේස් රයිනා සහ ඉර්ෆාන් පතාන් හයවන කඩුල්ල පන්දු 69 ක් තුළ පැවත්වූ ලකුණු 88 ක අගනා නොදැවුණු සම්බන්ධය නිසා හ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබන්නට ඉන්දියාවට හැකිවිය.ලකුණු 286 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව වෙනුවෙන් ඉණිම ඇරඹු ෂෙවාග් සහ ගම්බීර් දෙදෙනා අතරින් ෂෙවාග් යළිත් තිසර පෙරේරා හමුවේ අසාර්ථක වී ලකුණු 3 ට දැවී ගිය ද,විරාට් කෝලි සහ ගම්බීර් දෙවන කඩුල්ලට ලකුණු 105 ක් එක් කරමින් ඉන්දීය කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ කළේය.
විශේෂයෙන් ඉසුරු උදාන,තිසර පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් ගේ පන්දු රැකීම මෙන්ම රංගන,ඩිල්ෂාන් සහ ජීවන් මෙණ්ඩිස් ගේ පන්දු යැවීමත් නිසා ඉන්දියාවේ ලකුණු ලබා ගැනීමේ වේගය යම් තරමකට පාලනය වීම නිසා ඔවුන්ට ජයග්‍රහණය සදහා පවත්වා ගත යුතු ලකුණු ලබා ගැනීමේ දළ වේගය ඉහළ යාමෙන් පීඩනයක් ගොඩ නැගෙනු දැකිය හැකි විය.නමුත් මහේල වැඩි විශ්වාසයක් තබන වේග පන්දුවෙන් යැවීමට වැඩි කැමැත්තක් දැක් වූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක දග පන්දු යවන්නෙක් හෝ තරගයේ පන්දු ඕවර් 10 නිමා කිරිමට යොදා ගැනුණේ නැත.
ඉන්දීය ඉණිමේ මුළු ලකුණු ප්‍රමාණය 180 දී ලසිත් මාලිංග පිට පිටම කඩුලු දෙකක් (දෝනි - 31 සහ රෝහිත් ෂර්මා -0) ලබා ගනිමින් සහ ඉසුරු උදානගේ නිවැරදි එල්ලය කඩුල්ල මත පතිත වෙද්දී ගම්බීර් ට එම ක්‍රියාකාරීත්වයේ වේගය ඉක්මවා යන්නට නොහැකි වීම හේතුවෙන් අගනා ලකුණු 102 කින් පසු  දුවද්දී දැවී යන්නට සිදුවීමත් මත තරගය ශ්‍රී ලංකාව දෙසට හැරෙන ලකුණු පහළ විය.නමුත් සුරේෂ් රයිනා ඉර්ෆාන් පතාන් ගේ දායකත්වය ද උපරිමයට ලබා ගනිමින් පන්දු 45 ක් තුළ ලකුණු 65 ක් ලබමින් තරගයේ වීරයා ද වෙමින් ඉන්දියාවේ ජය තහවුරු කරද්දී තරගය නිම වන්නට තව පන්දු 2 ක් පමණක් ඉතිරිව තිබිණ.
කාසියේ වාසිය ලබා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 20 ක් තුළ දැවී යාමෙන් දැඩි අර්භූදයකට මුහුණ දුන්නද ශ්‍රී ලංකාවේ පළපුරුදුම පිතිකරු යුගලය වන කුමාර සංගක්කාර (73) සහ නායක මහේල ජයවර්ධන (65) එක්ව පන්ද ඕවර් 23.5 ක කාලයක් තුළ ලකුණු 121 ක් ලබමින් ශ්‍රී ලංකාවට යම් ස්ථාවර මට්ටමක් ඇති කළේය.
එසේම අවසාන පන්දු ඕවර් 12 තුළ ප්‍රවේගවත් ලකුණු 104 ක් එකතු කළ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 71 ) සහ  ජීවන් මෙණ්ඩිස් (නොදැවී 45) ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලිපොරොත්තු ඇති කරන්නට සමත්  විය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සදහන් සඉදතාවයෙන් පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564783.html
www.supirikrida.com

YI ලන්ඩන් උළෙලේ පළමු රන් පදක්කමේ උරුම්ක්කාරිය වෙයි

China's Yi Siling celebrates with her gold medalචීන වෙඩි තැබීමේ ක්‍රීඩිකා 23 හැවිරිදි යී සිලින්ග් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.වායු රයිෆල් මීටර් 10 ඉසව්වෙන් එම රන් පදක්කම චීනයට දිනා දුන් යී,ඉකුත් ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහකයන්ට මෙවරද හොද ආරම්භයක් ලබා ගන්නට මග සකසා දුන්නාය.ඒ අනුව ඊයේ දිනය නිමා වන විට චීනයේ රන් පදක්කම ප්‍රමාණය 4 ක් ව තිබූ අතර ඇමෙරිකාවට හිමි ව තිබුණේ එක් රන් පදක්කමක් පමණි.ඉතාලියට ඊයේ දිනය තුළ දී රන් පදක්කම් දෙකක් සමග දෙවන ස්ථානයේ රැදී සිටින්නට හැකි විය.
එම ඉසව්වේ දී යී සමග පුහුණුවීම් කරන යූ ඩෑන් ද ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් චීනයේ පදක්කම් එකතුව වර්ධනය කරන්නට දායක වූවාය.
www.supirikrida.com