Aug 24, 2013

ආසියානු යොවුන් තටාකයෙනුත් පදක්කමක්

නැන්ජින් නුවර ක්‍රියාත්මක ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලැබූ පස්වන ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට ඩන්කන් මැතිව් අබේසිංහ සමත් වුණා.ආසියාතික පදක්කමක් යනු ලාංකේය පිහිණුම් කේෂ්ත්‍රයට හීනයක්ව පවතින වට පිටාවක මැතිව් ගේ මෙම පදක්කම රන් පදක්කමක් හා සමාන වටිනාකමක් ගෙන දෙනවා.ලොව ඉහළම පිහීනුම් පුහුණු තාක්ෂනය අත් විදින්නට භාග්‍යය ලබා තිබෙන මැතිව් ඒ ආහිර්වාදය ශ්‍රී ලංකා පිහිණුම් කේෂ්ත්‍රයට දුර්ලභ පදක්කමක් බවට පෙරලා දීමත් සමග ශ්‍රී ලංකාවේ පදක්කම් පැස රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 5 ක් බවට පත් වුණා.
ශ්‍රී ලංකාවට එකතු වූ මෙම පදක්කම් ගොන්නෙන් රිදි පදක්කම සහ ලෝකඩ පදක්කම් තුනක්ම හිමි වුණේ මලලක්‍රීඩාවට වීම අගය කළ යුතුයි.එසේම තවත් ආසියාතික මට්ටමේ විශාල තරගකාරීත්වයක් තියෙන ස්කෝෂ් ක්‍රීඩාවෙන්ද ලෝකඩ පදක්කමක් දිනා දීමට මිහිලියා මෙත්සරනි සමත් වීම කැපී පෙනෙනවා.ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සිසුවියක්.
ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා දුන්නේ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අකිල රවිශංක යි.ඒ මීටර් 110 ඉසව්වේදී ආසියාවේ දැව්නතයන්ට අභියෝගයක් ලබා දෙමින්.ඒ වගේම මීටර් 400 කඩුලු බාලක ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි වුණා.එය දිනා දුන්නේ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ අනුරාධ විදුශංක යි.එසේම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දිල්හානි ප්‍රනාන්දු බාලිකා මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.නිර්මලි මධුශිකා ශ්‍රී ලංකා පදක්කම් සටහනට ලෝකඩ පදක්කමක් එකතු කළේ මීටර් 400 ඉසව්වෙන්.ඇය කතළුව විද්‍යාලයේ ක්‍රීඩිකාවක්.
මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සෝඩා බෝතල් ප්‍රශංසාවක් සහ ඇගයීමක් කිරීම වෙනුවට දීර්ඝකාලීන වැඩ පිළිවෙළකට පිවිස මෙම කණිටු ජයග්‍රහණ ජ්‍යෙෂ්ඨ ජයග්‍රහණ බවට පත්කිරීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට කටයුතු කිරීමට බලධාරීන් ක්‍රියා කළ යුතුයි.
www.supirikrida.com

උදරට උදාර අවස්ථාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය සදහා කැදවා ඇති සංචිතයට 22 හැවිරිදි උදාර ජයසුන්දරට කැදවීමක් ලැබී තිබෙනවා.මේ සංචිතය සදහාද ප්‍රසන්න ජයවර්ධන කැදවා නැති අතර සංචිතයේ කඩුලු රකින්නන් ලෙස කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,කුසල් ජනිත් පෙරේරා,කිත්රුවන් විතානගේ සහ කෞෂාල් සිල්වා ඇතුළත් කර තිබෙනවා.සංචිතයේ එක දිගට සිය දක්ෂතා නඩත්තු කර ගැනීමේ අපහසුවකින් පෙළෙන උපුල් තරංග දකින්නට ලැබෙන්නෙ නැහැ.නමුත් එක දිගට අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ සිටිනවා.
අලුතින් කැදවා ඇති උදාර ජයසුන්දර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා අවුරුදු 19 න පහළ සහ 23 න් පහළ කණ්ඩායම් වලට ක්‍රීඩා කර දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකු වෙනවා.එසේම කලෙකට පසුව මෙම සංචිතයට ගෙවුණු 20/20 තරගාවලියේ දක්ෂතා සළකා ඉසුරු උදාන ද කැදවා තිබෙනවා.ඔහු එම තරගාවලියේදී තීරණාත්මක මොහොතක පන්දු යවන්නෙකු පමණක් නොව පිතිකරුවෙකු ලෙස ද කණ්ඩායමට සේවයක් කළ හැකි බවට කරන ලද ඔප්පු කිරීම ඊට හේතු වුණා විය හැකියි
මහේල,සංගක්කාර සහ ඩිල්ෂාන් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාම මෙම සංචිතයේ දකින්නට ලැබෙන අතර,රංගන හේරත්,අජන්ත මේණ්ඩිස් සහ සචිත්‍ර සේනානනායක දග පන්දු යවන්නන් ලෙස ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරමින් කැදවා ඇති ක්‍රීඩකයෝය.ඊට අමතරව පිතිකරුවෙකු ලෙස ද යමක් කළහැකි දිල්රුවන් පෙරේරා ද සංචිතයේ දකින්නට ඇත.කැදවා ඇති තෝරා ගැනීමේ සංචිතයට ක්‍රීඩකයන් 27 දෙනෙකු ඇතුළත් වී ඇත.

ක්ලිෆර්ඩ් කුසලාන තරග හෙට ඇරඹේ

ශ්‍රී ලංකාවේ පැවත්වෙන ප්‍රමුඛතම ජාතික බොක්සිං තරගාවලියක් වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ 86 වැන්න හෙට (25) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඇරඹේ.හෙට  ඇරඹෙන බොක්සිං තරගාවලිය 29 දා නිමා වීමට නියමිතයි.බොක්සිං කේෂ්ත්‍රයේ විනිසුරු කටයුතු සම්බන්ධයෙන් සහ පරිපාලනමය කටයුතු වලින් කීර්තියක් දිනූ ඩොනල්ඩ් මුණසිංහ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.
තරගාවලියට ක්‍රීඩා සමාජ 20 ක් පමණ එක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ක්‍රීඩකයන් 150 ක් පමණ සහ ක්‍රීඩිකාවන් 50 ක් පමණ තරග බිමට බැසීමට නියමිතව ඇත.පිරිමි සහ කාන්තා අංහ සදහා බර පංති 10 බැගින් ක්‍රියාත්මක වන මෙම තරගාවලියේදී ජාත්‍යන්තර බොක්සිං සම්මේලන නීති අනුගමනය කිරීමට නියමිත අතර ඒ අනුව පහළ පිරිමි බර පංති තරග ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ හිස් ආවරණ රහිතවය.
දිනෙන් දින ලාංකේය බොක්සිං පිටියේ තරගකාරීත්වය ඉහළ යාම නිසා නිශ්චිත ජයග්‍රාහකයන් නොමැති තත්ත්වයට ඒ ඒ බර පංතිවල තරගකාරීත්වය විවෘත මුහුණුවරක් ගෙන ඇති නිසා තියුණු තරගකාරීත්වයක් දකින්නට ලැබෙන අතර මෙම තරගාවලියන්හී දී ඇතැම් විට විනිශ්චය කටයුතු සම්බන්ධයෙන් ඇතිවන අපැහැදිලි තැන් මෙන්ම ඊට විරෝධය දක්වන්නන් හැසිරෙන අප්‍රසන්න ආකාරයද බොක්සිං ක්‍රීඩාවට එතරම් උචිත නොවන බව කිව යුතුව ඇත.
විශේෂයෙන් ඇතැම් බොක්සිං ලෝලීන් විනිසුරුවරියන්ව විවේචනයට ලක් කරන ආකාරය ආශෝභන බව මෙහිදී සදහන් කළ යුතුමය.විශේෂයෙන් බොක්සිං විනිසුරු ක්‍රියාවලිය විවේචනය කරන බොහෝ ප්‍රේක්ෂකයන් අතර බොක්සිං ක්‍රීඩා කළ අයද දකින්නට ලැබෙන අතර ඔවුන්ට මේ තත්ත්වය වෙනස් කිරීමට කළ හැකි හොදම දේ,විනිසුරු සුදුසුකම් ලැබීමට අවශ්‍යය පදනම සකස් කර ගැනීම වුව ද කිසිවෙකු එසේ දැණුම හඹා යාමට උනන්දුවන බවක් පෙනෙන්නට නැත.
 www.supirikrida.com

Aug 23, 2013

ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක්

චීනයේ නැන්ජින් හි පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාවේ පදක්කම් ගොන්නට තවත් පදක්කම් දෙකක් එකතු කර දෙන්නට දිල්හානි ප්‍රනාන්දු සහ අනුරාධ විදුශංක සමත් වුණා.දිල්හානි මීටර් 800 ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගත්තේ විනාඩි 2:14.16 ක කාලයක් වාර්තා කරමින්.කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියක වන දිල්හානි එම පදක්කමට හිමිකම් කියද්දී මීටර් 400 බාලක කඩුලු මතින් දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම ලංකාවට ගෙන ඒමට කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ අනුරාධ විදුශංකට හැකි වුණා.ඔහු ඒ සදහා තම ඉසව්වේ හොදම පෞද්ගලික දක්ෂතාවය දක්වමින් තත්පර 54.05 කින් සිය ඉසව්ව නිමා කළා.ඊයේ දිනයේදී උදාන්ත බණ්ඩාර ද උස පැනීමේ ඉසව්ව සදහා තරග බිමට පිවිසිය ද ඔහුගේ උත්සාහයන් මීටර් 1.90 ට  සීමා වුණා.ඒ නිසා ඔහුට හිමි වුණේ හයවන ස්ථානය යි.
ඒ වගේම ඊයේ පැවති බාලක මීටර් 100 නිදහස් ආර පිහිණුම් තරගයේදි ඩන්කන් මැතිව් අවසාන තරගයට පිවිසෙන්නට වරම් ලැබුවා.වාර්තාකර තිබෙන කාලයන් සසදද්දී අද බොහෝ විට ඩන්කන් පදක්කමකට යා හැකි මට්ටමක සිටිනවා.ඩන්කන් සිය මූලික තරගය තත්පර 52.43 කින් නිමා කළ අතර අවසාන පූර්ව තරගයට පිවිසීම සදහා තත්පර 52.42 කින් තරගය නිම කරන්නට සමත් වුණා.
මචිකෝ රහීම ද බාලිකා මීටර් 100 නිදහස් ආර මූලික තරගයේදී තත්පර 59.49 ක් වාර්තා කර දෙවන ස්ථානය දිනා අවසාන පූර්ව තරගයට පිවිසියද අවසාන පූර්ව වටයේදී තත්පර 59.90 ක කාලයක් වාර්තා කරමින් ඇයට දිනා ගන්නට හැකි වුණේ සිව්වන ස්ථානය යි.ඒ නිසා ඇයට අද අවසාන තරගය අහිමි වෙනවා.
www.supirikrida.com

Aug 22, 2013

රුවන්පුර පුතු ලක් මව රිදී පැහැ ගන්වයි

නැන්ජින් හී ක්‍රියාත්මක ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ලෝකඩ සදහා වෙන් වී තිබූ ලාංකේය පදක්කම් පැසට පළමු රිදී පදක්කම උරුම කර දීමේ ගෞරවය රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ අකිල රවිශංක  දිනා ගත්තා.ඒ මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයේ ජයග්‍රහණය වාර්තා කරමින්.ජපානයේ පුරුසා ටකුමු ට තියුණු තරගයක් ලබා දුන් අකිල සිය හොදම පෞද්ගලික කාලය ලෙස තත්පර 13.99 වාර්තා කිරීම කැපී පෙණෙනවා.පසුගිය දා මෙල්බර්න් හී පැවති ආරාධිත තරගාවලියකට සහභාගි වී මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරගයේ රන් පදක්කම ලබා ගත් අකිල,ශ්‍රී ලංකාවට පිරිමි කඩුලු පැනීමේ ඉසව්වක ලබා දුන් ඉහළම ජයග්‍රහණය ලෙස මෙම ජයග්‍රහණය වාර්තා කළ හැකියි.මීට පෙර ඉකුත් වසරේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී සුපුන් විරාජ් රණ්දෙණිය මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගෙන සිටියා.
මේ අතර තවත් මලල ක්‍රීඩා පදක්කමක් පිළිබද බලාපොරොත්තුවක් තබමින් බාලිකා මීටර් 800 මූලික තරග වටයේ දී දිල්හානි ප්‍රනාන්දු සිය මූලික තරගයේ දෙවැනියා වන්නට සමත් වුණා.ඇය අවසන් තරගයට තේරී සිටින ක්‍රීඩිකාවන් අතර ද දෙවන තැනම පසු වෙනවා.ඒ නිසා එම ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට පදක්කමක් ගැන බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව තිබෙනවා.එසේම හ්‍රී ලංකා පදක්කම් පැසට පදක්කම් බලාපොරොත්තු ඇති කරමින් අවසාන තරගයට පිවිසීමට විදුශංක අනුරාධ ද සමත් වුණා.ඔහු තත්පර 54.65 කින් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය අවසන් කර අවසාන තරගයට පිවිසීමට සමත් වුණේ මුලික තරගයේ දෙවන ස්ථානය ද දිනා ගනිමින්.ඉසුරු දිල්හාන් ද මීටර් 200 මූලික තරග වල දී තෙවන ස්ථානය දිනා ගනිමින් ඉදිරියට යාම සදහා සුදුසුකම් ලබා ගත්තා.මේ අතර බාලිකා දුර පැනීමේ තරගයට ඉදිරිපත් වූ කේසි විජේසිරිවර්ධන ක්‍රීඩිකාවන් 12 දෙනෙක් අතරින් 11 වන ස්ථානයට පත්වුණේ මීටර් 5.08 ක දුරක් වාර්තා කරමින්.
මේ අතර කිග්‍රෑම් 85 බර පංතියේන් තරග වැදි උපේක සේනාධීර ස්නැච් ක්‍රමයට කිග්‍රෑම් 110 ක් සහ ක්ලින් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිග්‍රෑම් 135 ක් ලෙස මුළු බර කිග්‍රෑම් 245 ක් ඔසවමින් තරගයේ හය වන ස්ථානයට පත් වුණා.ටෙනිස් මිශ්‍ර යුගල පළමු මූලික තරගය යේමනයට එරෙහිව ජයගත් නෙත්මි වඩුගේ සහ ෂර්මාල් දිසානායක අනතුරුව පැවති තරගයේදි තායිලන්ත යුගලය අතින් පරාජයට පත් වුණා.
www.supirikrida.com

Aug 21, 2013

නීතිඥ ක්‍රිකට් නායකයා සොදුරු බන්ධනයට යටත් වේ


විවාහය වනු සොදුරුතම බැදීමකි.මේ බැදීමේ සොදුරුතම අවස්ථාවක් පසුගියදා උදා විය.එය සොදුරු වූයේ එම බන්ධනයට යටත් වූයේ සොදුරුතම මිතුරෙකු වූ බැවිනි.අප වෙබ් අඩවියත් සමග මුල සිටම සොදුරු ගණු දෙනුවක නියැලි හෙතෙම වත්මන් ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාය.අසේල පටබැදි වන ඔහු ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කේෂ්ත්‍රයට වඩාත්ම වැදගත් වන ප්‍රබලතම හේතුවක් වන්නේ නීතිඥ ලෝක ක්‍රිකට් කුසලාන ලෝකයට හදුන්වා දුන් වසරේදී ම එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වන්නේ ඔහු බැවිනි.

මේ සොදුරු මිනිසා ගේ සොදුරුසෙනෙහස සොදුරු බන්ධනයට යටත් කර ගත් සොදුරිය වූයේ ජුලාන්ජලී වනිගසේකරය.එලැඹෙන නීතිඥ ලෝක කුසලාක ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් තරගාවලියේ සූරයන් වන්නට වෙහෛසෙන මොහොතක බැදුණු මේ සොදුරු බන්ධනය අසේලගේ ක්‍රිකට් දිවියට මෙන්ම ජීවිත ඉණිමටද නොදැවී බොහෝ ජයග්‍රහණ කරා යන්නට ආශිර්වාදයක් වන්නැයි සුපිරි ක්‍රීඩා සුපැතුමයි

Aug 20, 2013

මධුෂිකාටත් ලෝකඩ පදක්කමක්

චීනයේ නැන්ජින් නුවර ක්‍රියාත්මක දෙවන ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක් වූ දෙවන ලෝකඩ පදක්කම දිනා දීමට නිර්මලී මධුෂානි සමත් වුණා.ඒ මීටර් 400 ඉසව්වේදී ඇ‍යගේ හොදම පෞද්ගලික කාලය (55.96) වාර්තා කරමින්.අවසාන තරගයට ඉදිරිපත් වූ අය අතර හොදම කාලය වාර්තා කළ අය අතර දෙවන තැන සිටි මධුෂිකා ට අවසාන තරගයේ සැබෑ තරගකාරී වටපිටාව යටතේ සිය පෞද්ගලික හොදම කාලය වාර්තා කර ගන්නට හැකි වුව ද තරගයේ තෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.
කතළුව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මධුෂිකා මේ ගමන යාම සදහා විශාල වෙහෙසක් දැරූ බව අමතක නොකළ යුතුයි.දිනපතා කළුතර සිටින සිය පුහුණුකරු සොයා පැමිණෙන ගමණම ඊට උදාහරණයක් ලෙස දැක්විය හැකියි.ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මග හසර කියාදෙන ප්‍රසන්න පෙරේරා යටතේ පුහුණුව ලබන මධුෂිකා අනාගතය වෙනුවෙන් රැක ගැනීම සදහා වගකිවයුත්තන්ගේ නිසි අවධානය යොමු විය යුතු ක්‍රීඩකාවක්.
මේ අතර මීටර් 100 අවසාන පූර්ව තරගය සදහා සුදුසුකම් ලැබූ චංචලා දිසානායකට සිය අවසන් පූර්ව තරගයේ දී හිමි වූයේ හත්වන ස්ථානයයි.ඇය එහිදී තත්පර 12.72 ක කාලයක් වාර්තා කිරීමට සමත් වුණා.එසේම මීටර් 110 කඩුළු පැන දිවීමේ ඉසව්වේ මූලික තරගයේ දෙවන ස්ථානය දිනා ගත් අකිල රවිශංක (14.52) ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්තා.එසේම මිටර් 400 බාලක අවසාන තරගයට ඉදිරිපත් වූ ෂෙහාන් ලක්ෂිත සිය හොදම පෞද්ගලික කාලය (50.51) වාර්තා කළ ද,ඔහුට හිමි වුණේ සිව්වන ස්ථානයයි.
මේ අතර මලල ක්‍රීඩා අංශයේ මීටර් 1500 ඉසව්වට සහබාගි වූ දිල්හානි ප්‍රනාන්දු විනාඩි 5:04.17 කින් තරගය නිම කරමින් 16 දෙනෙකු අතරින් 11 වන ස්ථානයට පත් වන්නට සමත් වුණා.පිහිණුම් තරග වල දී නිදහස් ආර මීටර 200 පිරිමි තරගයට සහභාගි වූ ඩන්කන් මැතිව් මූලික තරගයකදි ප්‍රථම ස්ථානය දිනා ගත්තා.බාලිකා මීටර් 200 නිදහස් ආ තරගයට සහභාගි වූ මචිකෝ රහීම් සිය මූලික තරගයේදී සිව්වන ස්ථානයට පත් වුණා.පිරිමි වෙඩි තැබීම මුදිතා තරග සදහා ඉදිරිපත් වූ මුදිත සමරනායකට 16 දෙනෙකු අතරින් 16 වන ස්ථානයම දිනා සෑහෙන්නට සිදු වුණා.
www.supirikrida.com

නිර්මලී පදක්කම් බලාපොරොත්තු අතරට

චීනයේ ක්‍රියාත්මක දෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නිර්මලී මධුශිකා මීටර් 400 බාලිකා ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් බවට පත් වෙමින් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් එම ඉසව්වේ මූලික තරගය ජය ගත්තාය.තත්පර 56.62 ක දක්ෂතාවයක් පෙන්වමින් එම ඉසව්ව නිමා කළ නිර්මලී මධුශිකා අවසාන තරගයට තේරීපත් වී සිටින ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අතර දෙවන වන්නේ චීන ක්‍රීඩිකාවට පමණි.අහංගම කතළුව විද්‍යාලයේ සිසුවියක වන නිර්මාලි,වර්ථමානයේ ප්‍රසන්න පෙරේරා යටතේ පුහුණුව ලබන්නීය.
මේ අතර ඊයේ බාලිකා මීටර් 100 තරගයට ඉදිරිපත් වූ චංචලා දිසානායක එම ඉසව්වේ පස්වන ස්ථානයට පත් වුව ද,අවසාන පූර්ව තරග සදහා සුදුසුකම් ලද්දේ ඇයගේ හොදම පෞද්ගලික දක්ෂතාවය සටහන් කරමින් තතපර 12.72 ක දක්ෂතාවයක් දක්වමින්ය.සුරංග කාරියවසම්ද සිය මූලික තරගයේදි සිව්වැන්නා වුව ද,අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබ ගැනීමට සමත් වූ අතර එහිදී ඔහු සිය ඉසව්ව තත්පර 11.35 කින් නිම කරන්නට සමත් විය.
වෙඩි තැබීමේ ඉසව් නියෝජනය කළ කොර්න් ඕමාන් වායු රයිෆල් මීටර් 10 ඉසව්වේ දී 37 ක් අතරින් 34 වැන්නා වූ අතර ශ්‍රී ලංකාවේ රගර් පදක්කම් බලාපොරොත්තුව කණපිට හැරවූ චීන තායිපේ ගැටවරයන් ශ්‍රී ලංකාවට ලකුණු 24 - 17 ක පරාජයක් හිමි කර දුන්නේය.
www.supirikrida.com

රවීන් සේයර් ගේ පන්දු ඉදිරියේ එංගලන්ත ගැටවරයෝ අසරණ වෙති - ලංකාවට ඉණිමක ජයක්!


එංගලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පළමු දෙදින තරගයේදී ද එංගලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල කළ ද,අනතුරුව පැවති තෙදින තරගය ජයග්‍රහණයකින් කෙළවර කළේ එංගලන්තයට ඉණිමක සහ ලකුණු 80 ක පරාජයක් අත් කර දෙමින්ය.ඒ සදහා ප්‍රබල දායකත්වයක් සැපයූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වු රවීන් සේයර් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 98 ට කඩුලු 10 ක් බිද හෙළමින් සමස්ත තරගය පුරා ඉණිම දෙකටම එංගලන්තය ලබා ගත් ලකුණු 329 ලබා ගැනීමට වැය කළ කඩුලු 20 න් හරි අඩකටම වග කියන්නට සමත් විය.එංගලන්තය පළමු ඉණිමට ලකුණු 191 රැස් කරද්දී ලකුණු 71 ට කඩුලු 8 ක් බිද හෙලූ රවීන්,දෙවන ඉණිමේදී ලකුණු 28 ට කඩුලු 2 ක් බිද හෙලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 399 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ගැටවරයන් වෙනුවෙන් සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ කවීන් බණ්ඩාර අගනා ලකුණු 109 ක් එක් කළ අතර නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න ලකුණු 66 ක් ලැබීය.සහන් අරච්චිගේ ලකුණු 60 ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක් රැස් කිරීමට සමත් විය.
www.supirikrida.com


Aug 18, 2013

නදීකා ට 12 ෙකටි දුර සහය දිවීම් කිරුළත් ජැ‍මෙයිකාවටම

මොස්කව් හී දී නිමාව දුටු ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ ෙහල්ල වීසි කිරීමේ අවසාන තරගය නියෝජනය කිරිෙම් ඓතිහාසික අවස්ථාව දිනා ගත් නදීකා ලක්මාලි ට අවසාන තරගයේ දී සුපුරුදු දස්කම් දැක්වීමට අවස්ථාව නොලැබුණු අතර ඒ නිසා  පළමු උත්සාහයන් තුනේදී තරග අවසාන උත්සාහයන් තුන හිමි වන අට දෙනා අතරට හෝ පිවිසීමට ඇයට නොහැකි විය.අවසාන තරගය සදහා තරග වැදි 12 දෙනා අතරෙන් මීටර් 58.16 ක දක්ෂතාවයක් දැක් වූ නදීකා 12 වැනියා ලෙස තරගය නිමා කළාය.තරගයේ ජයග්‍රහණය ජර්මණියේ ක්‍රිස්ටිනා බබර්ගෆොල් විසින් දිනා ගත්තේ මීටර් 69.05 ක දක්ෂතාවයක් දක්වමින්ය.දෙවන ස්ථානය හිමි වූයේ ඕස්ට්‍රේලියාවේ මයික්ලේ කිම්බර්ලේට වන අතර ඇය මීටර් 66.60 ත දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.තෙවන ස්ථානය රුසියාවේ මාරියා ඇබකුබෝවා විසින් මීටර් 65.09 ක දක්ෂතාවයක් දක්වමින් දිනා ගත්තාය.
කෙසේ හෝ කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම ගත් කළ වීසි කිරීම් ඉසව් වලදී වැඩිම ලෝක අවධානයක් දිනා ගත්තේ නදීකා යන්න මේ වන විට විවාදයකින් තොරව පිළිගත යුතු සත්‍යයක් වන අතර ඇය පින්ලන්තයේ ලද පුහුණුව මෙන්ම ලෝකයේ නව ප්‍රවනතා පිළිගනිමින් ඒ ඔස්සේ ස්වීය ක්‍රීඩකයන්ගේ පෞද්ගලික හැකියාවන් හදුනා ක්‍රියා කිරීමේ හැකියාව ඇති ඒජේ රොද්‍රිගෝ නම් වන පුහුණුකරුවාද මේ ජයග්‍රහණය පිටුපස දැවැන්ත සෙවනැල්ලක් විය.
එසේම තරගාවලිය නිමා කරමින් පැවති කාන්තා සහ පිරිමි 100 සහය දිවීමේ තරග වල දී කිසිදු අපහසුවකින් තොරව රන් පදක්කම් පැළද ගැනීමේ අවස්ථාව ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි විය.මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වයම කාන්තා (ෂෙලී ඈන් ප්‍රෙසර්) සහ පිරිමි (උසෙයින් බෝල්ට්) ලෙස ජැමෙයිකාවට දිනා ගත් අතර මෙම සහය දිවීමේ ඉසව් ජයත් සමග තරගාවලියේ කෙටි දුර සම්බන්ධ සම්පූර්ණ ගෞරවය කිසිදු විවාදයකින් තොරව ජැමෙයිකාවට හිමි වන්නේය.
www.supirikrida.com

පළමු පදක්කම මිහිලියාගෙන්

චීනයේ පැවත්වෙන දෙවන ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පදක්කම් සටහනට පළමු පදක්කම එකතු කිරීමට ස්කෝෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණි සමත් වුණා.බාලිකා ස්කොෂ් රන් පදක්කම සදහා වන සටනට පිවිසෙන ක්‍රීඩිකාවන් දෙදෙනා තෝරා ගැනීම සදහා පැවත් වූ අවසාන පූර්ව තරගයේදී මැලේසියාවේ වැනීසා රාජ් ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලැබීම නිසා ඇයට ලෝකඩ පදක්කමෙන් නවතින්නට සිදු වුණා.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන මිහිලියා මීට පෙර ද ආසියාතික මට්ටමෙන් දක්ෂතා දක්වා තිබෙන අතර ඇය එම දක්ෂතාවයන් සුරැක ගනිමින් ඇය මෙවර ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දීමේ ගෞරවණිය අවස්ථාවට සමීප වුණා.
මේ අතර ස්කොෂ් තරග සදහා ඉදිරිපත් වූ ලක්සිරි කවිදු අද මැලේසියාවේ කමල් මොහොමඩ් අතින් වට 3 - 0 ක පරාජයක් ලැබුවා.මේ අතර මේස පන්දු තරග වලදි දක්ෂතා දැක් වූ උදය රණසිංහ මොංගෝලියාවේ කුස්ලේන් ඔට්ගොන්චුන්ජ්ට එරෙහිව නිතරග ජයක් ලැබූවද තායිලන්තයේ සුසනට් විසුත්මයිනොකොන්ජ් ඉදිරියේත්,තායිපේ ක්‍රීඩක හුවාන්ග් වෙයින් ටූ අතිනුත් වට 3 - 0 ක් ලෙස පරාජයට පත් වුණා.එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරන මේස පන්දු ක්‍රීඩක විමුක්ති විජේසිරි,සවුදි අරාබියේ අල්කද්වාරි අලි ඉදිරියේ වට 3 - 1 න් පරාජයට පත් වුණා.මේස පන්දු ක්‍රීඩිකා රුවිනි කන්නන්ගරට ද සිය ප්‍රතිවාදි ක්‍රීඩිකා රිසෝවා යුලී  වෙතින් හිමි වූයේ වට 3 - 1 ක පරාජයක්.
ටෙනිස් තරග සදහා ඉදිරිපත් වූ ෂර්මාල් දිසානායක වට 2 - 1 ක් ලෙස මූලික තරගයේදී ආසියානු ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග වදින අමාන් අගාර්වල් අතින් පරාජය වු අතර යොවුන් ක්‍රීඩිකා නෙත්මි වඩුගේ පරාජයට පත් වුණේ වට 2 - 0 ක් ලෙසයි.ඒ මැලේසියාවේ යලිසා නූර් වෙතින්.එසේම වෙඩි තැබීමේ ඉසව්වට ප්‍රනීතා වාසුදේවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වෙමින් 39 දෙනෙකු අතරින් 19 වන ස්ථානයට පත් වුණත් අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ නැහැ.පළමු දිනයේ චීනයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් රගර් ක්‍රීඩකයන් අද පිලිපීනය ද ලකුණු 47 - 0 ක් ලෙස පරාජයට පත් කළා.එහෙත් හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ලකුණු 29 - 0 ක පරාජයක් විදින්නට සමත් වුණා.
www.supirikrida.com

   

ලෝක ප්‍රවීනයන්ගේ මේස පන්දු සූරතාවලියට තිදෙනෙක්

තාලියේ ටොරිනෝ හී අගෝස්තු 2 දා සිට 10 දා දක්වා පැවත්වෙන ලෝක ප්‍රවීනයන්ගේ මේස පන්දු සූරතාවලියට ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ උප සභාපතිණියක මෙන්ම සිව් වරක් ජාතික සූරතාවය දිනූ හිටපු ජාතික සූරියක වන තමාරා හේවගේ ඇතුළුව ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහභාගි වීමට නියමිතව ඇත.ඒ අනුව තමාරා ට අමතරව විජිතා ජයරත්න සහ නිල්මිණි විජේතුංග යන ක්‍රීඩිකාවන් දෙදෙනාද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com


ක්ලිෆර්ඩ් 25 දා සුගතදාස භූමියේදී

ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා ඉසව්වක් වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය මෙම 25 වන දා සිට 29 වන දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.කාන්තා සහ පිරිමි බර පංති 10 ක් බැගින් අයත්වන මෙම තරගාවලිය වීවෘත වන්නේ අවුරුදු 19 න් ඉහළ සහ 40 න් පහළ තරගකරුවන්ට පමණි.
ජාත්‍යන්තර බොක්සිං සම්මේලන නීති රීති වලට අනුව පැවත්වෙන තරගාවලිය තුළ ජයග්‍රාහකයන් අතරෙන් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනීම මෙන්ම වැඩි දක්ෂතා දක්වන ක්‍රීඩා සමාජයද ඇගයෙන බැවින් තරගාවලියේ තරගකාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවත්වෙනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com