Apr 13, 2013

ක්‍රීඩාවේ අවුරුදු පැතුම!




මහජන බැංකු සත් සාමාජික කාන්තා සහ පිරිමි ශූරතා දෙකම ගුවන් හමුදාවට

පෙරළිකාර ගුවන් හමුදා කණ්ඩායම කුසලාන ලබා ගනිමින්
හනුවර සීතාදේවී බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන්න යෙදුණ මහජන බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ ක්‍රිඩා සමාජ සහ පාසල් අතර පැවති සත් සාමාජික හොකී තරගාවලියේ ක්‍රීඩා සමාජ අංශයෙන් කාන්තා සහ පිරිමි සූරතා ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම් සමත් විය.පිරිමි අංශයේ දී ඉදිරියෙන් සිටින ගුවන් හමුදා කණ්ඩායම සූරතාවය දිනා ගැනීම විමතියට කරුණක් නොවුණ ද,කාන්තා අංශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජාතික ක්‍රීඩිකාවන් හත් දෙනෙකුම නියෝජනය කරද්දීත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ නවක ක්‍රීඩිකාවන් ඔවුන් අභිබවා ජය ගැනීමය.
පාසල් අංශයේදි මාතලේ විජය විද්‍යාලය සූරතාවය දිනා ගත් අතර බාලිකා සූරතාවය සදහා තියුණු තරගයක් පැවති අතර අවසානයේ  සීතාදේවී බාලිකාව සහ පුෂ්පදාන බාලිකාව සම සූරතා හිමි කර ගත්හ.
ක්‍රීඩා සමාජ තරගයේ දී පිරිමි අංශයේ හොදම දැල් රැකීම සදහා ගුවන් හමුදා කණ්ඩායමේ තුසිත් රත්නසිරි ඇගයීමට ලක් වෙද්දී හොදම ක්‍රීඩකයා බවට ගුවන් හමුදා කණ්ඩායමේ තිළිණ පෙරේරා පත් විය.කාන්තා අංශයේදී දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ගුවන් හමුදා කණ්ඩාමේ පෙරළිකාර ජයග්‍රහණය වෙනුවෙන් දැක් වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන් එම කණ්ඩායමේ චතුරිකා ප්‍රේමසිරි ය.දක්ෂතම දැල් රකින්නිය බවට නාවික හමුදාවේ ජීවන්තිකා කීර්තිරත්න පත් විය.බාලක අංහයේ දක්ෂතම දැල් රැකිම වෙනුවෙන් මල්ෂාන් දිසානායක සම්මානයට පාත්‍ර වූ අතර දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූයේ ජාතික මට්ටමේ තරගාවලියක දී පළමු වරට අවසාන තරගයකට බදුල්ල ධර්මදූත විද්‍යාලය ප්‍රවේශ කරමින් තරගාවලිය පුරා සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රකට කරමින් හොකී කේෂ්ත්‍රයේ ප්‍රබල පාසල් අභිබවා යන්නට රුකුල් දීම වෙනුවෙන් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ විනුර සමන් ය.
බාලිකා අවුරුදු 15 න් පහළ තරගාවලියක්ද මහනුවර බාලිකා කණ්ඩායම් වෙනුවෙන් මෙම තරගාවලියට සමගාමීව සංවිධානය වී තිබූ අතර එහි සූරතාවය දිනා ගන්නට මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාල කණ්ඩායම සමත් විය.අවුරුදු 19 න් පහළ බාලක අංශයේ පලිහ සූරතාවය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට හිමි වූ අතර බදුන සූරතාවය මාතලේ සහිරා විද්‍යාලයට හිමි විය.පළග සූරතාවය දිනා ගනු ලැබුවේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින්ය.
බාලිකා පළිහ සූරතාවය කොළම විශාකා විද්‍යාලයට හිමි වූ අතර බදුන සූරතාවය දිනා ගනු ලැබුවේ පානදුර සුමංගල බාලිකා විද්‍යාල කණ්ඩායමය.කොළඹ යසෝධරා විද්‍යාල කණ්ඩායම පළග සූරතාවය දිනා ගනීමට සමත් විය.බාලක සූරතාවය දිනා ගත් මාතලේ විජය කණ්ඩායම මෙන්ම කාන්තා පළිහ සූරතාවයට හිමි කම් කී කොළඹ විශාකා විද්‍යාල කණ්ඩායම් ද අනුරුද්ධ හේරත් බණ්ඩාර යටතේ පුහුණුව ලැබීම ද තරගාවලියේ විශේෂ සිදුවීමක් ලෙස ගත හැකිය.
ජය සංඛේත ප්‍රදානය මහනුවර මහජන බැංකු විශේෂ ශ්‍රේණි ශාඛාවේ කළමණාකරු සහ මහනුවර පාපන්දු ලීගයේ සභාපති වන කපිල දිසානායක අතින් සිදු විය.
www.supirikrida.com

Apr 12, 2013

එල්වී ජයවීර ඉංගිරියේ නවතා ගනියි

ඉංගිරිය ගාමිණි මධ්‍ය විද්‍යාලයේ සංවිධානය කරන ලද 41 වැනි එල්වී ජයවීර අන්තර් පාසල් ආධුනික බොක්සිං තරගාවලියේ සූරතාවය ඉංගිරිය ගාමිනී මධ්‍ය විද්‍යාලය විසින්ම දිනා ගත්තා.දිවයිනේ නමගිය ප්‍රබල බොක්සිං පාසල් සියල්ලම පාහේ නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයන්ගේ තිඹිරිගෙය ලෙස හැදින්වෙන එල්වී ජයවීර කුසලානය බොක්සිං ක්‍රීඩාවේ එතරම් දිගු ඉතිහාසයක් නැති ගාමිණි මධ්‍ය විද්‍යාලය විසින් දිනා ගැනීම විශේෂ සිදුවීමකි.
පාසල් බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරන්නට යෙදුණ මෙම තරගාවලියේ අනු සූරතාවය දිනා ගැනීමට ගාමිණී මධ්‍ය විද්‍යාලයේ බොක්සිං පරමාදර්ශය වූ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය සමත් වූ අතර තෙවන ස්ථානය මහනුවර විද්‍යාර්ථයට හිමි විය.දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිග්‍රෑ 39 - 41 බර පංතියෙන් තරග වැදුණු ඉංගිරිය ගාමිණි මධය විද්‍යාලයේ කේවීඒඑල් එරන්ද තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා ලෙස තේරී පත් වූයේ කිග්‍රෑ 33 - 35 බර පංතියෙන් තරග වැදුණු පිළිමතලාව මධ්‍ය විද්‍යාලයේ එස්ජීඒඑස් බණ්ඩාර ය.
www.supirikrida.com

Apr 10, 2013

සුගත් නොදැනම පැරදිලා

ඔලිම්පික් මූලික තරගයකදී මයිකල් ජොන්සන් නම් මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාලාභියා ඔහුටත් නොදැනෙන්නට පරාජය කරමින් ලෝකයේම අවධානය දිනා ගත් සුගත් තිලකරත්න මෙවර මලල ක්‍රීඩා සංගම් නිලවරණයේදී ඔහුවත් නොදැන පරාජය වී තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙනවා.සුගත්ගේ නම උප සභාපති ධූරයකට යෝජනා වී ඇතත්,ඔහු කිසිදු ආකාරයකින් ලියවිල්ලකින් ඡන්දයට සහභාගි වන බව දන්වා නැහැ.ඉකුත් වසරේ මලල ක්‍රීඩා සංගම් නිලවරණයේදී ද උප සභාපති තනතුරට ඉදිරිපත් වී ඡන්ද 58 ක් ලබා ගනිමින් ජයග්‍රහණය ආසන්නයේම රැදුණු සුගත් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබුණු බැවින් නුවරඑළිය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයෙන් සිය නම උප සභාපති තනතුරකට යෝජන කළ ද,ඔහු ඉල්ලුම් පත්‍රයක් හෝ භාර දී නැහැ.
නමුත් නිලවරණයේදී ඔහු අපේක්ෂකයෙකු ලෙස සැළකිල්ලට ගෙන තිබෙන අතර,එහිදී ඔහුට ඡන්ද තුනක් හිමි වී තිබෙනවා.තමන් කිසිදු නිලවරණ කටයුත්තක නොයෙලුණු බවත් තමාද නොදැන නිලවරණයක අපේක්ෂකයෙකු ලෙස සිය නම යොදා ගැනීමෙන් තමන්ට විශාල අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදු වූ බවත් පවසන සුගත් තමා මෙවර මලල ක්‍රීඩා නිලවරණයට සහභාගි නොවූ බවත් කිසිදු තනතුරකට ඉදිරිපත් නොවූ බවත් අවධාරණය කර සිටිනවා.
www.supirikrida.com

Apr 9, 2013

තේරීම් තරග වලට නාව අයට ග්‍රොන්ප්‍රී තරග අහිමි වේ

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය  ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ නිමාවට පත් වූ අතර එම තරගාවලිය නියෝජනය නොකළ,ආසියානු ග්‍රොන්ප්‍රි තරගාවලියට නම් කර තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ග්‍රොන්ප්‍රී තරගාවලිය අහිමි විය හැකි බව මලල ක්‍රීඩා අභ්‍යන්තර මාර්ග ඔස්සේ සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වුණා.මීට මාස ගණනනට පෙර පැවති දක්ෂතා සැළකිල්ලට ගෙන තේරීම් කර තිබෙන නිසා ඔවුන් මෙම තරගාවලයට සහභාගි වී සිය දක්ෂතාවල තත්ත්වය ප්‍රදර්ශණය කළ යුතුව තිබූ බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග එයින් වැළකී සිටීම නිසා අදාළ ස්ථාන වලට මෙම තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීම වඩා යෝග්‍ය වනු ඇතැයි එම ආරංචි මාර්ග පැහැදිළි කරනවා.
තවමත් නිශ්චිතව තීරණයකට එළැඹ නැති වුව ද,එය කාලෝචිත පියවරක් ලෙස පෙන්වා දෙන එම ආරංචි මාර්ග අනාවරණය කරන තොරතොරු තමන් කිසිදු පැකිලීමකින් තොරව පිළිගන්නා බව පවසන ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දරයන් තරගාවලියකට ආසන්න අවස්ථාවේ උපරිම දක්ෂථා දක්වන අයට එම අවසථාව පිරිනැමිය යුතු බව පවසනවා.මලල ක්‍රීඩා බලධාරීන් කිසිදු පැකිලීමකින් තොරව එම තීරණයට පිවිසිය යුතු බව පෙන්වා දෙන යෝගානන්දයන් ආසන්න දිනයක යෙදෙන ග්‍රොන්ප්‍රී තරගාවලිය පෙනි පෙනී කුමන හෝ සෞඛය හේතුවක් මත මේ තරගාවලියෙන් වැළකි සිටින බව යමෙක් පවසයි නම් ඔහු හෝ ඇය තරගාවලියට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මෙන්ම පෙර දක්ෂතා අතර සිටීදැයි යන්න පවා පරික්ෂා කළ යුතුව ඇතැයි පෙන්වා දුන්නා.
www.supirikrida.com

වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් කිරුළු විද්‍යානි ට සහ වාහල ට

ර්බූදකාරී බැඩ්මින්ටන් පරිපාලන වටපිටාව තුළ යහපත් පරිපාලනයක් පවත්වාගෙන යන වෙළදසේවා බැඩිමින්ටන් පරිපාලනය සීමාසහිත සැම්සන් සහ පුත්‍ර සමාගමේ AVI අනුග්‍රහයෙන් පවත්වන්නට යෙදුණ වෙළදසේවා ආධුනික බැඩ්මින්ටන් සූරතාවලියේ පිරිමි කේවල සූරතාවය HDDEx හී ඩබ්ලිව්එම්එස්බී වාහල විසින් දිනා ගත් අතර කාන්තා සූරිය වූයේ Francisku නියෝජනය කළ රුවන්ති විද්‍යානි යි.
පිරිමි යුගල සූරතාවය කාර්ල් ද සිල්වා  (JKH)  සහ ජේන් ද සිල්වා  (Sri Lankan) විසින් දිනා ගනු ලැබු අතර කාන්තා යුගල සූරියන් ලෙස ExpoLanka හී මෙලීසා අන්ජලී සහ තිලීණි පෙරේරා තේරී පත් වුණා. NDB නියෝජනය කරමින් තරග වැදි නලීන් නානායක්කාර සහ ශානි රත්නායක මිශ්‍ර යුගල සූරතාවයට හිමි කම් කීවා.
Mc Larens නියෝජනය කරමින් තරග පිටියට පිවිසි සීඩීඒ සමන්ත අවුරුදු 40 න් ඉහළ පිරිමි සූරතාවයට හිමි කම් කී අතර එම යුගල සුරතාවය JKH හී මහේන්ද්‍ර අමරසිංහ සහ දීපාල් සිල්වා විසින් දිනා ගත්තේය.A&A හී මයුරි කරුණාකලගේ කාන්තා ප්‍රවීන සූරතාවයට හිමිකම් කී අතර ඇය එම ආයතනයේම දිල්රි මිරාල් සමග එම යුගල සූරතාවයට ද හිමිකම් කීවාය.අවුරුදු 50 න් ඉහළ පිරිමි සූරතාවය Akbar හී වසන්ත ගුණවර්ධන දිනා ගැනීමට සම්ත් විය.
www.supirikrida.com

Apr 8, 2013

රන්දෙණිය ඉහළ කඩුල්ලෙනුත් පනියි

 ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන දිනයේ දී ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 110 කඩුලු දිවීම තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභී සුපුන් විරාජ් රණ්දෙණිය ප්‍රථම වරට මීටර් 1.06 උස කඩුල්ල සහිත ජාතික මට්ටමේ තරගයකට ඉදිරිපත් වෙමින් තත්.14.49 ක දක්ෂතාවයක් දක්වමින් ජය ගැනීමට සමත් වුණා.ආසියාතික පදක්කම මෙන්ම යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ මෙම ඉසව්වේ අවසාන තරගයද නියෝජනය කළ සුපුන් එහිදී තරරග වැදුණේ මීටර් 0.990 ක උසින් යුතු කඩුල්ලක් තරණය කරමින්ය.
ආසියාතික යොවුන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දකුණු ආසියාතික මට්ටමෙන් ඔබ්බට ගොස් මීටර් 110 කඩුලු ඉසව්වෙන් දිනා ගත් පළමු පදක්කම ලෙස සැළකෙන අතර එම පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ කාරණාව වූයේ සුපුන් ජාත්‍යන්තරය ජය ගැනීම සදහා ඉහඵ උසින් යුතු කඩුල්ල කෙසේ තරණය කරාවිද යන්නයි.නමුත් සිය පළමු තරගයෙන්ම ඊට පිළිතරුදුන් සුපුන් මේ දක්වා එම ඉසව්වේ ආධිපත්‍යය දරා සිටි එස් රන්දීව දෙවන ස්ථානයට (තත්.14.81) පත් කරන්නට සමත් වුණා.
එසේම ඊයේ පැවති කාන්තා මීටර් 800 තරගය ඩබ්ලිව් කේ එල් නිමාලි විසින් ජය ගැනීම ද කැපී පෙණුනා.කලක් මිටර් 300 බාධක දීවීම ඉස්ව්වේ ජාතික වාර්තාලාභිණය ව සිටි නිමාලි ජාතික මට්ටමේ තරග වලදී වරින් වර ඉසව් වෙනස් කරමින් මීටර් 1500 මෙන්ම මීටර් 400 කඩුලු ඉසව්වේද ජාතික මට්ටමේ ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා.මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය ලබමින් ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නද සමත් වී ඇති නිමාලි ද ශ්‍රී ලංකාව සතු දුර්ලභ ධාවිකාවක ලෙස හැදින්විය හැකියි.
අද තරගාවලියේ අවසාන දිනය වන අතර කලෙකට පසු පිටියට පිවිසි ෂෙහාන් අඹේපිටිය ඊයේ මීටර් 100 මූලික තරග ජය ගනිමින් දක්ෂතා අතරට පිවිස සිටින අතර අද ඔහු අෂාන් හසරංග,එම් සෆ්රාන් වැනි ක්‍රීඩකයන් අතර මෙම ඉසව්වේ ජයග්‍රහණය සදහා තියුණු තරගයක් ඇති විය හැකියි.එසේම 2006 වසරේ මිටර් 100 ඉසව්වේ දකුණු ආසියාතික ජයග්‍රාහකයා වන උමංග සුරේන්ද්‍ර ද ඊයේ මීටර් සිය තමාගේ මූලික තරගය ජය ගෙන සිටින අතර ඔහුට ද මෙය සිය ඉසව්වේ අනාගතය පිලීබදව තීරණය කරන්නට හොද අවස්ථාවක් විය හැකියි.
www.supirikrida.com

Apr 7, 2013

සචිත් ගේ හෙල්ල නැවතත් ශ්‍රී ලංකා වාර්තාව සොයා පියඹයි

ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන සචිත් මධුරංග නැවතත් හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාව අලුත් කරමින් මීටර් 78.52 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.ඒ 2013 වසරේ ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියට සහභාගි වෙමින්.හෙල්ල වීසි කිරීමේ ඉසව්වේදී දක්ෂතාවයන් දැක්වීම හේතු කොට පින්ලන්තයේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ පුහුණු ආයතනයේ විශේෂ පුහුණුවක් ලද,සචිත්,එම පුහුණුවෙන් පසුව අවස්ථා දෙකකදීම ශ්‍රී ලංකා වාර්තාව ඉක්මවා යාම කැපී පෙනෙනනවා.සචිත් මෙම තරගය ජය ගනිද්දී හිටපු ජාතික වාර්තාලාභියෙකු වන වරුණ ලක්ෂාන් දයාරත්න එම ඉසව්වේ දෙවන ස්ථානයට පත් වෙමින් මීටර් 70.35 ක දක්ෂතාවයක් දැක් වූ අතර වරුණ සිය වෘත්තීය ජීවිතයේ උසස් වීමක් වෙනුවෙන් කාලය වැය කරමින් සිට එම දක්ෂතාවයට පිවිසීමත් මෙම වර්ෂයේ ඉදිරියේ දි මෙම ඉසව්ව තුළ තව දුරටත් දක්ෂතා වර්ධනයක් ඇති වනු ඇතැයි සුභවාදී බලාපොරොත්තු ඇති කිරීමක්.
තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී තවත් දින දෙකක් පැවත්වෙන අතර පළමු දිනයේ සචිත් ගේ වාර්තාව අලුත් වීම මෙන්ම කැපී පෙණුන කාරණයක් බවට පත් වූයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ සිටින ප්‍රවීනතම ජවන ක්‍රීඩිකාව හැටියට සැළකෙන ඩීඒ ඉනෝකා සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් ඉකුත් වසරේ තමන් වෙතින් උදුරා ගත් දුර දිවීමේ කිරීටය යළිත් තමන් සතු කර ගනිමින් මීටර් 10,000 ඉසව්ව ජය ගැනීමයි.
www.supirikrida.com