Jun 19, 2012

ජොෂපියන්ලා ගේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාවට පකිස්තානයට එරෙහිව තරගාවලි ජයක්


කිස්තානයට එරෙහිව ඇන්ජලෝ මැතිවිස් විසින් දියත් කරන ලද සටන්කාමී ඉණිම නිසා ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ ජයග්‍රහණය වැළක්වීමට පකිස්තානය ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේය.අවසාන ප්‍රතිපලය 3 – 1 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි වූ මෙම තරගාවලියේ තෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට දායක වූ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා වූ අතර තරගාවලිය පුරා තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ තිසර පෙරේරා තරගාවලියේ වීරයා වූ අතර මෙම දෙදෙනාම කොළම ශාන්ත ජෝෂප් විද්‍යාලීය ආදි සිසුවන් වීම කැපී පෙණින.
තරගයේ කාසියේ වාසිය හිමි වූ පකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී පකිස්තානු පිතිකරු බල ඇණිය ශක්තිමත් කිරීම සදහා මෙම තරගාවලියේදී පළමු වරට කැදවීමක් ලද ඉම්රාන් ෆර්හාත් පකිස්තානු ඉණිම අරඹමින් ලකුණු 56 ක් රැස් කරේ පන්දු 63 ක් වැය කරමින්ය.පකිස්තානු ඉණිමේ අවසාන භාගය ප්‍රහාරාත්මක ගුණයෙන් ඔපවත් කළ උමාර් අක්මාල් නොදැවී ලකුණු 55 ක් රැස් කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගය.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේදී පළමු වරට කැද වූ ජීවන් මෙණ්ඩිස් තර්ජණාත්මක පන්දු යැවීමක නිරත වූ අතර ඔහු ලකුණු 30 ට කඩුලු 2 ක් ලබා ගත්තේ පන්දු ඕවර් 9 ක් වැය කරමින්ය.නුවන් කුලසේකර ලකුණු 53 ක් තුළ කඩුලු 2 ක් දවා ගත් අතර ලසිත් මාලිංග සහ තිසර පෙරේරා පිළිවෙළින් ලකුණු 52 ට සහ 54 ට එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ.
පිලීතුරු ඉණිමේදී යළිත් අසාර්ථක වූ උපුල් තරංග ලකුණු 2ට පිටියෙන් ඉවත් වූ අතර ඩිල්ෂාන් ට රැස් කිරීමට හැකි වූයේද ලකුනු 10 ක් පමණි.ඉන් අනතරුව පකිස්තානය ලබා ගත් ලකුණු 247 ට පිවිසීම සදහා හැකි බවට ඉගි පළ කළ සබදතාවයක් දියත් කළ කුමාර සංගක්කාර( 40 ) සහ දිනේෂ් දන්දිමාල් (54) තෙවන කඩුල්ලට ලකුණු 78 ක් එක් කළ ද අනතුරුව පිටියට පිවිසි ජයවර්ධන මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී යාමත් සමග තරගය ක්‍රමයෙන් පකිස්තානය දෙසට හැරෙන්නට විය.
මේ අවස්ථාවේදී කණ්ඩායමේ බර සිය දෙ’උර මත තබා ගත් ඇන්ජලෝ මැතිවිස්  විශිෂ්ඨ ඉණිමක් දියත් කළ අතර ලහිරු තිරිමාන්න (11) සහ ජීවන් මෙණ්ඩිස් (19)  සමග පිලිවෙළින් හත් වන සහ අට වන කඩුලු සදහා ලකුණු 37 බැගින් සබදතා පැවත් වූ ඇන්ජලෝ මැතිව්ස් නව වන කඩුල්ල සදහා ලකුණු 212  සිට 248 දක්වා කුලසේකර සමග නොදැවුණු සබදතාවයක් පවත්වමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
මෙම සංචාරය පුරාම කැපී පෙණෙන පකිස්තානු වමත් වේග පන්දු යවන්නා සොහේල් තනවීර් ලකුණු 42 ට කඩුලු 3 ක් දවා ගත් අතර සහීඩ් අෆ්රිඩී ලකුණු 48 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට සාධාරණය ඉටු කිරීමට අපොහොසත් වුව ද මොහොමඩ් හෆිස් මෙම තරගයේදී ද පන්දු යවන්නෙකු ලෙස කැපී පෙනෙමින් පන්දු ඕවර් 10 තුළ ලකුණු 30 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත්තේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවයෙන් පිවිසීමට හැකියාව ඇත. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562443.html
www.supirikrida.com

No comments: