Apr 6, 2012

ටකර් ගේ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවය තිව්ර වෙයි


ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගයේ රූපවාහිණි විනිසුරු ලෙස කටයුතු කරන රෝඩ් ටකර් විසින් ටීඑම් ඩිල්ෂාන් දැවී ගිය බවට දෙනු ලැබූ වැරදි තීරණයත් සමග පරාජයෙන් බේරීම සදහා විශාල අරගලයක නියැලී සිටින ශ්‍රී ලංකාවේ තත්ත්වය වඩාත් දුෂ්කර අතකට හැරිණි.නිවැරදිව පන්දුව දකිමින් සිටින මොහොතක ඩිල්ෂාන් ගේ පා ආවරණයේ වැදී ගිය පන්දුවක් පිත්තේ වැදුණු පන්දුවක් බවට තෙවන විනිසුරුවරයා විසින් නම් කිරීමත් සමග ගොඩ නැගෙමින් තිබුණු ශ්‍රී ලංකා ඉණිම බිද වැටිණ.
ලකුණු අතරට ඒමට උත්සාහ කරමින් සිටින සංගක්කාර ඉතා දුෂ්කර වෑයමක යෙදෙමින් ලකුණු 21 ක් ලැබීය.ඉන් අනතුරුව තිලාන් සමරවීර දැක් වූ දායකත්වය ලකුණු 47 කි.ගොම්මන් මුරකරු ලෙස පෙරදා ඉණිම ඇරඹූ ධම්මික ප්‍රසාද් හොද ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 34 ක් ලැබූ අතර ඒ විශ්වාසය සුරාජ් රන්දිව් කෙරෙහි තබමින් ඔහු ද ගොම්මන් පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් ට පෙර පන්දුවට පහර දීමට එව්ව ද එය නිවැරදි තීරණයක් නොවී ය.සුරාජ් ගේ ඉණිම පන්දු දෙකකට සීමා කළ ග්‍රෙහැම ස්වෝන් ශ්‍රී ලංකා දෙවන ඉණිමේ හයවන කඩුල්ල ලෙස ඔහු ආපසු ක්‍රීඩා ගාරයට එරවා ඇරියේ ස්වෝන් විසින් දවා ගත් සිව්වන කඩුල්ල දවා ගනිමින් ය.නායක මහේල ජයවර්ධන යළිත් ලකුණු අතරට පිවිසෙමින් තරගයේ සිව්වන දිනය නිමා වන විට ලකුණු 55 ක් ලබා ගනිමින් නොදැවී සිටින අතර ශ්‍රී ලංකාව ලකුණු 33 ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 4 ක් අතැතිව ය.
තරගයේ අවසාන දිනයේ දී ශ්‍රී ලකාවට ජයග්‍රහණය ලබා ගැනීමට වඩා උත්සාහ කිරීමට ඇත්තේ අඩු ගණනේ තේ පානය ආසන්න වන තුරු හෝ ශ්‍රී ලංකා ඉණිම පවත්වා ගෙන යාමය.පමණට වඩා ආරක්ෂාවීමට ගොස් ලකුණු නොලබා කාලය මැරීමෙන් ද පලක් නොවන බව සංගක්කාරගේ දීර්ඝ කාලයක් වැය කළ ඉණිම පැහැදිළි කළ අතර ඒ නිසා දැවැන්ත පහර වලට ගොස් අවදානමක් ගැනීමට උත්සාහ නොකළ යුතු වුව ද,යම් ලකුණු ප්‍රමාණයක් ද මරා දමන කාලයට සාපේක්ෂව එක් විය යුතුය.
තරගයේ සමස්ත ලකුණු පූවරුව පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියාව ඇත. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/current/match/521226.html

ලාංකේය පන්දු යවන්නන්ගේ වෙහෙස පීටර්සන් අතින් දියවෙයි.

කෙවින් පීටර්සන් 
කුණු වලට වඩා ආරක්ෂාව මූලික කරගත් එංගලන්ත පිතිකරුවන් ගෙන් සිය ලකුණු 275 රැක ගැනීම පිණිස පීඩනයක් දියත් කිරීමට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ උත්සාහය දියකර හැරිය කෙවින් පීටර්සන් ලකුණු ලබා ගැනීමට අපහසු සරවනමුත්තු තණතීරුවෙන් උකහා ගත් අගනා ශතකයට (151) වාරු වූ එංගලන්තය සිය ප්‍රථම ඉණිම ලකුණු 460 දක්වා ගෙන යාමට සමත් විය.මුල් පෙළේ එංගලන්ත පිතිකරුවන් සිව් දෙනාම සිය වගකීම මැනවින් ඉටු කළ අතර ඇන්ඩෘ ස්ට්‍රෝස් (61),ඇලිස්ටෙයාර් කුක් (94) සහ ජොනතන් ට්‍රොට් (64) කෙවින් පීටර්සන් ගේ උත්සාහයට මැනවින් දිය පොහොර එක් කරමින් එංගලන්ත ඉණිම පෘෂ්ටිමත් ඉණිමක් බවට පත් කළහ.
යළිත් සාර්ථක වූ රංගන හේරත් මුරලි ගේ අඩුව පුරවමින් ලකුණු 133 ට කඩුලු 6 ක් දවා ගත් අතර ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සමතෙකු ලෙස ප්‍රකට තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 73 ට කඩුලු 2 ක් ලබා ගනිමින් තමාව ඕනෑම විටෙක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩකයෙකු බව පැහැදිළි කළේය.
ශ්‍රී ලංකා දෙවන ඉණිම අරඹමින් ධම්මික ප්‍රසාද් ට නුහුරු වගකීමක් පැවරීමට මහේල ජයවර්ධන තීරණය කර තිබුණු අතර ඒ අනුව ලහිරු තිරිමාන්න සමග ඉණිම ඇරඹීමේ කාර්යය ධම්මිකට පැවරී තිබුණා.තරගයේ තෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු නොදැවී ලකුණු 4 ක් ලබා ගෙන සිටින අතර පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය යි 





කොල්ලන්ට ආසියාවේ තෙවන තැන කෙල්ලන්ට හතරවන තැන


තායිලන්තයේ ට්‍රැට් නගරයේ පැවත්වෙන ආසියානු ජාත්‍යන්තර වොලිබෝල් තරග මාලාව නියෝජනය කළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහිදී තායිලන්ත කණ්ඩායම පරාජය කරමින් තෙවන ස්ථානයට පත් වී ඇත.කාන්තා කණ්ඩායම තෙවන ස්ථානය සදහා පැවති තරගයේදී වියට්නාම කණ්ඩායම හමුවේ පරාජය ලබමින් සිව්වන ස්ථානයට පත් විය. මෙවර ශ්‍රී ලංකාවේ පැවති ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ දී අලුත් සූරයන් බවට පත් වූ අසංක ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා මෙහිදී එක්ව තරග වැදි ප්‍රථම ජාත්‍යන්තර තරගයෙන්ම මෙසේ ජයග්‍රහණය ලැබීම කැපී පෙනෙන සිදු වීමක් වූ අතර ඒ අතරින් ‍මෙම තරගාවලිය මිලින්ද ගේ පළමු ජාත්‍යන්තර අත්දැකීම විය.ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කර දෙමින් තායිලන්තය ලකුණු 21 / 17 සහ 21 / 14 ක් ලෙස පරාජයට පත් කළ අතර කාන්තා අංහයේ සිව්වන ස්ථානය ගීතිකා ගුණවර්ධනට සහ තක්ෂිලා නෙරංජලී ට අත් විය.මොවුන් ආසියාවේ ප්‍රධාන වෙරළ වොලිබෝල්  තරගාවලියක් වන අප්‍රේල් 09 දා ඇරඹෙන කනොමෙ සහ සොන්ග්ලා හී පැවත්වෙන තරගාවලියට සහභාගි වීමට නියමිතය 

Apr 5, 2012

එංගලන්තයෙන් සාර්ථක පිළිතුරක්

ඇලිස්ටෙයාර් කුක්
එංගලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිකය නිමා වන විට ශ්‍රී ලංකාව ප්‍රථම ඉණිමට සියල්ල දැවී ලබා ගත් ලකුණු 275 ට පිළිතුරු ලෙස එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 154 ක් ලබා සිටියි. ශ්‍රී ලංකාවේ පසු පෙළ ශක්තිමත් කරමින් ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු 57 සමග ගලා ආ මෙම ලකුනු 275 ගත කිරීමට ශ්‍රී ලංකාවට  පන්දු ඕවර් 111. 1ක් ගත වූ අතර ඕවරයකට දළ ලකුණු වේගය 2.47 ක් විය.
සරවනමුත්තු තණතීරුවේ ලකුණු ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බව පැහැදිළි වන අතර එහි ලකුණු සදහා අවශ්‍යය වන ඉවසීම මැනවින් පසක් කළ එංගලන්ත පිතිකරුවන් ඊයේ දිනය නිමා වන විට කඩුලු ඉතිරි කර ගනිමින් පන්දු ඕවර් 66 ක් තුළ ලකුණු 154 ක් පමණක් ලබා ගනිමින් කළ ලකුණු රැස් කිරීම යහපත් පූර්වාදර්ශයක් විය.දැවී ගිය එකම කඩුල්ලට හිමිකම් කී තිලකරත්න ඩිල්ෂාන් ගෙන් ලකුණු ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වූ අතර ඔහු පන්දු ඕවර් 8 තුළම ලබා දුන්නේ ලකුණු 16 ක් පමණි.නමුත් ඔහුව වැඩි පුර යොදා ගැනීමට මේ කාලය තුළම කළ අයුරෙන් මහේල කැමති බවක් නොපෙන් වූ අතර දිගින් දිගටම එල්ලය සොයන පන්දු යවන්නෙකු බවට පත් වී සිටින සුරංග ලක්මාල් ක්‍රීඩා කරන වේග පන්දු යවන්නන් දෙදෙනා අතරින් වැඩිපුර යොදා ගැනීමට මහේල ඊයෙත් වැඩි කැමැත්තක් දැක්වීය.
තරගය තීරණයක් ලබා ගැනීමට හැකි තරගයක් බවට ක්‍රියාවට නැංවෙන ස්වරූපයෙන් පැහැදිළි වෙමින් තිබෙන අතර එයට යම් හරස් වීමක් වන්නේ නම් ඒ තණතීරුවේ ලකුණු ගලා ඒමේ මන්දගාමී ස්වභාවය ය.තරගය අද දවසේ තරගය ශ්‍රී ලංකාව දෙසට නම්මා ගැනීමට නම් දග පන්දු යවන්නන් තිදෙනාට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ගේ දෝලනය සහිත පන්දු යැවීමෙන් ද යම් ප්‍රයෝජනයක් ලැබිය හැකි අතර නමුත් ඊයේ දිනය තුළ මැතිව්ස් පන්දු යැවීම සදහා යොදා නොගත්තේ ඔහු මේ තරගයට දිනේෂ් චන්දිමාල් වෙනුවට කැදවා තිබෙන්නේ සියයට සියයක් ශාරිරික යෝග්‍යතාවය නොමැති තත්ත්වයක් තුළ දැයි සැක උපදවන්නේය.
එංගලන්ත පන්දු යැවීමේ දී ඇන්ඩා ස්ට්‍රෝස් ලකුණු 75 ට කඩුලු 4 ක් සහ ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 62 ට කඩුලු 3 ක් ලබමින් පන්දු යැවීමෙන් ඉටු කළ කාර්යය කිරීමට අද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහසු නොවන අතර පළපුරුදු ටෙස්ට් පිතිකරුවන් ලෙස එංගලන්ත ක්‍රීඩකයන් අද ලකුණු දෙවන තැන තබා ගෙන කඩුල්ල රැක ගැනීම ඉදිරියෙන් තබා ක්‍රීඩා කිරීමට බොහෝ දුරට උත්සාහ දරණු ඇත.ඊයේ දිනය තුළ දැවී ගිය ඇන්ඩෘ ස්ට්‍රෝස් (61) මෙන්ම නොදැවී ලකුණු 77 ක් ලබා සිටින ඇලිස්ටෙයාර් කුක් සහ 15 ක් ලබා සිටින ජොනතන් ට්‍රොට් ද ඒ බව මනාව පසක් කරමින් සිටින අතර මේ තත්ත්වය තුළ දිගින් දිගටම පිතිකරුවන්ව පීඩනයට ලක් කිරීමෙන් මෙපිට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාරථකත්වයට පත් වීම පහසු වන්නෙ නැත.
පහත සබදතාවය යොදා ගනිමින් තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට අවස්ථාව ඇත. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/current/match/521226.html
 www.supirikrida.com

Apr 4, 2012

ස්තූතියි


ගේ මවගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගි වූ සහ පණිවිඩ මගින් ශෝකය ප්‍රකාශ කෙරූ සහ විවිධාකාරයෙන් ඇප කැප වී අවමංගල්‍යය කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූ සියළු දෙනාටම අනේක වාරයක් ස්තූතියි.
එසේම මෙම දින කිහිපය සුපිරි ක්‍රීඩා පාඨකයන් වශයෙන් තොරතුරු වාර්තාකරණය ඇණ හිටී තිබූ වෙබ් අඩවිය සමග සිටිමින් දැක් වූ සහයෝගයට ද ස්තූතියි.
 

මහේල යළි ශතකයක් ලබයි


ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේ යළිත් ලකුණු අතරට පැමිණි ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ගේ ශතකයේ වාරුවෙන් තරගයේ ප්‍රථම දිනය ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකාව කඩුලු 6 ට ලකුණු 238 ක් ලබා සිටියි.කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුව පහර දීමට තීරණය කළ අතර තරගයේ ආරම්භය එතරම් සුභදායක නොවිණි.ලකුණු 30 වන විට කඩුලු 3 ක් (ඩිල්ෂාන් 14,තිරිමාන්න 08 සහ සංගක්කාර 00) හ්‍රී ලංකාවට අහිමි වී තිබිණ.මෙම තරගාවලියේ දෙවන වරටත් ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින සංගක්කාර ප්‍රථම පන්දුවෙන්ම දැවී යාම ඒ අතර විශේෂයෙන් කැපී පෙණින.
කෙසේ හෝ ප්‍රථම තරගයේදී මෙන්ම වගකීම සියතට ගත් නායක මහේල ජයවර්ධන ගේ පිත්තෙන් ගලා ආ හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ ලකුණු 105 දක්වා යන ගමනේ දී සිව්වන කඩුල්ලට ලකුණු 124ක සබදතාවයක් තිලාන් සමරවීර (54) සමග සහ පස්වන කඩුල්ලට ලකුණු  62 ක සබදතාවයක් ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 41) සමග ඇති කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී කලකට පසු ටෙස්ට් තරග සදහා විවෘත වූ සරවනමුත්තු තණතීරුවේ වැඩි වාසි එංගලන්ත පන්දු යවන්නන් විසින් දිනා ගැනීම කැපී පෙනෙන අතර ඒ අතරින් ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 52 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.දෙවන ටෙස්ට් තරගයට එංගලන්තය ක්‍රිස් බෝඩ් සහ මොන්ටි පනීසාර් වෙනුවට වේග පන්දු යවන්නන් වන ටිම් බ්‍රෙස්නන් සහ ස්ටීව් ෆින් පිළිබදව විශ්වාසය තබා ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ආබාධයකට ලක් වූ චානක වෙළගේදර වෙනුවට ධම්මික ප්‍රසාද් ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී තිබේ.ඒ අතර දිනේෂ් චන්දිමාල් ගේ ස්ථානය ඇන්ජලෝ මැතිව්ස් ගේ සුවපත් වීමත් සමග අහිමි වී ඇති අතර ඇන්ජලෝ යළි කණ්ඩායමට පැමිණියත් මේ තරගයේදී ත් උප නායකයා ලෙස නම් කර ඇත්තේ තිලාන් සමරවීර ය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට ඇති සබදතාවය ය. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/match/521226.html

මංචි දෙවන කොටසේ තරග මන්නාරමේදී මැයි 7 සහ 8


සීමාසහිත සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රහයෙන් වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන්නට යෙදුණ මංචි ‍ජාතික සූරතාවලියේ දෙවන කොටසේ අවසාන වටයේ තරග අප්‍රේල් 7 සහ 8 යන දෙදින තුළ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්නාරම කේන්ද්‍ර කර ගනිමින් ජාතික තරගාවලියක අවසාන තරගයක් ක්‍රියාත්මක වන මෙම අවසාන වටයේ තරග ආශ්‍රිත සමාරම්භක උළෙල වොලිබෝල් පාළක මණ්ඩලයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභ සාධන කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා,කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්  සහ සීමාසහිත සිලෝන් සමාගමේ සමූහ අධ්‍යක්ෂ (අලෙවි) නන්දන වික්‍රමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතය.
තරගාවලිය සදහා පළාත් මට්ටමෙන් ජය ගත් කාන්තා සහ පිරිමි සූරයන් සහ අනු සූරයන් ලෙස එක් තරග අංශයකින් කණ්ඩායම් 18 ක් එක් වීමට නියමිතය.කාන්තා කණ්ඩායම් 18 ක් මෙන්ම පිරිමි කණ්ඩායම් 18 ක් ලෙස තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 36 ක් සදහා පොදු පහසුකම් සම්පාදනය පිණිස මන්නාරම් ප්‍රදේශයේ වැඩ කටයුතු සූදානම්ව පවතින බව වොලිබෝල් සම්මේලනයේ ආරංචි මාර්ග සදහන් කරයි.

බර පේෂල ගේ කර පිටට


ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න තේරී පත් වී සිටියි.ඒ ඔහු හා තරග වැදි එස් ඒ විජේවික්‍රම ඡන්ද 17 ක් පබා ගනිද්දී ඡන්ද 30 ක් ලබා ගැනීමට සමත් වෙමින් ය.
නව සම්මේලන ලේකම්වරයා වන්නේ පූර්ණ කාහිංගල ය.ඔහු ඡන්ද 27 ක් ලබා ගනිද්දී ඔහු හා තරග වැදි පාලිත කුමාර ඡන්ද 22 ක් ලබා ගැනීමෙන් ලේකම් ධුරය සදහා විශාල සටනක් ලබා දෙන්නට සමත් විය.
භාණ්ඩාගාරික ධූරය සදහා ඩබ්පී නිහාල් කුමාර (ඡන්ද 33) තේරී පත් වූ අතර ඔහු හා තරග වැදි සාලිය වීරකෝන් ඡන්ද 15 ක් පමණක් ලැබීය.ජී එන් වීරසිංහ,ගෘප් කපිතාන් ජී වීරසිංහ,අයිජී නන්දසේන,එච්වයිඑස් ඩබ්.රූපසේන සහ එම් සී අල්විස් උප සභාපති දූර සදහා තේරී පත් විය.
ඊඑම්එම්බී ඒකනායක (ඡන්ද 15) , ඡන්ද 31  ක් ලැබූ ඩබ්ඒ කුමාරදාස ඉදිරියේ උප ලේකම් තනතුර සදහා වූ සටනේදී පරාජය විය.නිලවරණයේ එකම නිතරග ජය ලැබූ 
 ඊඑම්එම්බී ඒකනායක උප භාණ්ඩාගාරික තනතුර සදහා නිතරගයෙන් තේරී පත්විය.


කාන්තා - පිරිමි කණ්ඩායම් සූරතා ද්විත්වයම චීනයට ශ්‍රී ලංකාවට පසුවන කොටසේ අනු සූරතාවය



ර්මණියේ ක්‍රියාත්මක වූ ජගත් මේස පන්දු කණ්ඩායම් තරගාවලියේ පිරිමි සහ කාන්තා සූරතා ද්විත්වයම චීනය විසින් දිනා ගැනීමට සමත් විය.පිරිමි අංශයේ දී චීනය විසින් ජර්මණිය පරාජයට පත් කරමින් සූරතාවය දිනා ගත් අතර කාන්තා අංශයේදී චීනය සූරතාවය දිනා ගත්තේ සිංගප්පූරුව පරාජයට පත් කරමින් ය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පස්වන කොටසේ අනු සූරතාවය දිනා ගත්තේ එහි අවසාන තරගයේදී මොංගෝලියාව වෙතින් 3 - 2 ක පරාජයක් ලබමින්ය.නමුත් පස්වන කොටසේ මූලික වටයේ තමන් තරග කළ Q කොටසේ සූරතාවය ද දිනා ගත් ශ්‍රී ලංකා පිරිමි ක්‍රීඩකයෝ ලොව මේස පන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 98 වන ස්ථානයට පත් විය.