Jun 22, 2012

සුක්කානම යළි ‘ශෂී’ ට

Shashikala Siriwardene plays a shot against Pakistan Womenශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත 20 /20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීමේ වගකීම ශෂිකලා සිරිවර්ධනට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණයකට එළැඹ ඇත.මීට පෙරද ශ්‍රී ලංකා ්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ඇය ආගමන විගමන නීති කඩ කිරීමකට වරදකාරියක වීම නිසා නායකත්වය අහිමි විය.එවැනිම චෝදනා එල්ල වූ මලල ක්‍රීඩකයන් පිරිසක් ඒ වන විටත් දග ගෙයි සිටියත් ශසිකලා ට ගැටළුවක් ඇති නොවීමට ඇය මේ රටේ සුපිරිතම ක්‍රීඩාව නියෝජනය කිරීම බල පෑ අතර කෙසේ වුව ද ඇය දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජාත්‍යන්තර මට්ටමේ තැබිය හැකි ඉහළම දක්ෂතා ඇති ක්‍රීඩිකාව බව කිහිප අවස්ථාවකදී ම තහවුරු කර ඇති අතර ඇයගේ දක්ෂතාවයන් සුපිරි ක්‍රීඩා ද ඉතා ඉහළින් අගයන්නේමු.නමුත් ආගමන විගමන නීතිය උල්ලංඝණය කළ ක්‍රීඩිකාවකට කණ්ඩායමක නායකත්වය දීමට තරම් ක්‍රීඩාවේ විනය තත්ත්වය නොසළකා හැරීම බරපතළ තත්ත්වයකි.
ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වය යටතේ නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ උප නායකත්වය සදමාලි දොලවත්තට හිමි වී ඇත.චමරි අතපත්තු,චාමිනි සෙනවිරත්න,ඩිලානි මනෝදරා,ඊෂානි ලොකුසූරිය,උදේහිකා ප්‍රබෝධනී,ප්‍රසාදනී වීරක්කොඩි,ඉනෝකා ගලගෙදර,ඉනෝකා රණවීර,චන්දිමා ගුණරත්න,චමරි පොල්ගම්පොළ,ලසන්ති මධුෂානි,දීපිකා රසාංගිකා,නිපුනි හංසිකා,නිලුක්ෂි සිල්වා,කාංචනා වීරක්කොඩි සහ ශලේකා නිලුක්ෂි සංචිතයට අයත් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.

No comments: