Apr 28, 2012

යශෝධා සහ ශෂිකලා ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ශෂිකලා 

ටහිර ඉන්දීය කොදෙව් හි සංචාරය කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ප්‍රථම තරගය ලකුණු 88 කින් පරාජය වුව ද දෙවන තරගයේදී නැවත දක්ෂාත අතරට පිවිසෙමින් තොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු එකක ජයක් වාර්තා කරන්නට සමත් විය.ශෂිකලා සිරිවර්ධන ගේ තුන් ඉරියව් දක්ෂතා මෙන්ම යශෝධා මෙණ්ඩිස් ආරම්භක පිතිකාරිණිය ලෙස ලබා ගත් ලකුණු 51 ද  සමග පෙරට  පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ අවසාන පන්දු ඕවරයේ තවත් පන්දු දෙකක් ඉතිරිව තිබිය දී කොදෙව් කණ්ඩායමට එරෙහිව මෙම ජය වාර්තා කළහ.
පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවන් තම පන්දු ඕවර් 50 තුළ කඩුලු 9ක දැවී රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 197 ක් විය. එහිදි ෂෙමින් කැම්බල් කොදෙව් කණ්ඩායමට ලකුණු 56 කින් සිය දායකත්වය ලබා දුන් අතර පන්දු යැවීමේ දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 27 ට කඩුලු 3 ක් දවාලීය.ශ්‍රීපාලි වීරක්කොඩි ලකුණු 36 ට කඩුලු 2 ක් සහ චාමිනි සෙනවිරත්න ලකුණු 38 ට කඩුලු 2 ක් දවා ගනිමින් කොදෙව් ඉණිම අඩපණ කිරීමට ශෂිකලා සමග පෙරමුණ ගත් අනෙක් පන්දු යවන්නියන් දෙදෙනා වූහ.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යශෝධා මෙන්ඩිස් ලබාගත් අර්ධ ශතකයට අමතරව චාමිනි සෙනවාරත්න ලකුණු 36 ක් සහ ශසිකලා සිරිවර්ධන ලකුණු 34 ක් ලබාගෙන දක්ෂතා දැක් වූ අතර ප්‍රථම තරගයේදී හ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සනාත කළ අනීෂා මොහොමඩ් මෙහිදී ද ලකුණු 29 ට නඩුලු 2 ක් දවා ගැනිමට සමත් වූවා ය.

ආසියානු තරගාවලියට සුදානම් වන කණිටු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‍ගේ දක්ෂතා විමසා බැලීම අද දියගම දී


කොළඹ දී පැවත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම පිණිස පවත්වාගෙන යන කණිෂ්ඨ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 81 දෙනා සහ එම තරගාවලියට සහභාගි වීමට සුදුසු වයස් සීමාවේ සිටින තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන තේරීම් තරගයක් අද දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේ දී පැවත්වීමට නියමිතය.මේ වන විට ක්‍රීඩා සංචිතයෙන් ඉවත්කර සිටින දැනටමත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා සිටින උස පැනීමේ ක්‍රීඩක මිලාන් මධුෂ්ක මෙම තරගයේදී යළිත් සිය ස්ථානය දිනා ගැනීමට තරග කරනු ඇත.
එසේම දැනටමත් මීටර් 100 ඉසව්වේ ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරග පරිසාධන මට්ටමට පිවිස සිටින අසන්ත කුමාර මෙන්ම ඉකුත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ පරිසාධන මට්ටමට පිවිසි හිමාෂ අසාන් සහ තිමේෂ හේවගේ වැනි ක්‍රීඩකයන් අතර ද තියුණු තරගයක් ඇති විය හැකි අතර බොහෝ විට බලධාරීන් මෙම ක්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් මෙන්ම පීඑස්ඒසී නදීශාන් පිළිබදවද යොමු කරන අවධානයේ ප්‍රමාණය අනුව ඔවුන්ට ආසියානු යොවුන් තරගාවලියේ දක්ෂතා සමග ජගත් කණ්ෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී එම තරගාවලිය නියෝජනය කරන මිටර් 4x100 කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව රැදවීමට ද පුළුවන් කමක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
කෙසේ වුවත් රන් පදක්කම් දෙකකට සහ රිදි පදක්කම් හයකට සීමා වී ඇති ශ්‍රී ලංකාවේ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතා ජයග්‍රහණ සදහා මෙම තරගාවලියේදී තවත් ජයග්‍රහණ එකතු කර ගැනීමට නම් ආසියවේ කණිෂ්ඨ මලල ක්‍රීඩාවේ යථාර්තය දැන ගැනීම වැදගත් වනු ඇත.පහත දැක්වෙන්නේ ඉකුත් දෙසැම්බර් 31 වන දා වන විට ආසියාවේ වඩාත්ම ඉදිරියෙන් සිටි කණිෂ්ඨ ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ඒ ඒ ඉසව් වලින් දක්වා තිබෙන දස්කම්ය.
                (මෙම සබදතාවය මත තෙරපන්න)

Apr 27, 2012

කොංග්‍රසය සචින් ගේ ඇගේ එල්ලෙයි



 Thumbnail
 http://www.youtube.com/watch?v=lFuVmfiV__A&list=PLF4D43F86A8A0C1E2&index=1&feature=plpp_video

චින් තෙන්දුල්කාර් රාජ්‍ය සභාව යටතේ මංත්‍රී ධූරයට පත් කිරීමට ඉන්දීය පාළක කොංග්‍රස් පක්ෂය ගත් තීරණය ජනතා අප්‍රසාදයට පත් වෙමින් තිබෙන රජය සචින් ගේ ජනප්‍රියත්වයේ එල්ලී ගොඩ යාමට දරණ වෑයමක් ලෙස ප්‍රතිවිරුද්ධ පක්ෂවල හංවඩුවට ලක් වී ඇත.ප්‍රවීන ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ පවා සචින් ගේ තීරණය හොද තීරණයක් ලෙස හදුන්වා දෙන්නේ නැත.සන්ජේ මන්ජෙකාර් පවා එම තීරණයෙන් විමතියට පත් වූ බව පවසයි.
කෙසේ හෝ සචින් සිය බිරිද වන අංජලී සමග  ගොස් කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි හමු වීමෙන් ඉනික්බිති රාජ්‍ය සභවට පත්වීම සම්බන්ධයෙන් සචින් සිය කැමැත්ත ලබා දී තිබෙන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.39 හැවිරිදි මෙම සුපිරි පිතිකරුවා මෙන්ම ප්‍රවීන නිළි රේඛා මෙන්ම ව්‍යාපාරිකාවක වන අනු අගා ද මෙසේ රාජ්‍ය සභාවට පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මනමෝහන් සිං ඉදිරිපත් කළ ලිපියට ජනාධිපති ප්‍රතිපා පටෙල් ගේ කැමැත්ත ලැබී ඇත.





ලංකාව අන්තිමයා නොවී සිටීමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙයි


තායිලන්තයේ නකොන් රචසිමා හී දී රැජින කුසලානය වෙනුවෙන් ක්‍රියාත්මක ආසියානු කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම තරගාවලිය නියෝජනය කළ කාන්තා කණ්ඩායම් නවය අතර අන්තිමයා නොවි සිටීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බුරුමය නියෝජනය කළ ආසියා වර්ල්ඩ් කණ්ඩායම වට 3 – 2 ක් ලෙස ශ්‍රී ලංකා  කණ්ඩායම පරාජයට පත් කරමින් තරගාවලියේ අවසාන කණ්ඩායම් 8 අතරට පිවිසීමට සුදුසුකම් ලැබීය.
තරගයේ ප්‍රථම වටය ලකුනු 25 / 18 ක් ලෙස ආසියා වර්ල්ඩ් කණ්ඩායම ජයගත් අතර දෙවන සහ තෙවන වට ඔවුන් ශ්‍රී ලංකා විද්ශ සේවා කණ්ඩායම වෙතින් පරාජය ලැබුවේ 22 /25 සහ 20 / 25 ක් ලෙස ය.යළිත් සිව්වන වටයේ දී ආසියා වර්ල්ඩ් කණ්ඩායම තරගයට පිවිසෙමින් 28 / 26 ක් ලෙස ජය ලබා ගන්නා අතර තීරණාත්මක වටයේ දී ඔවුන් ජයග්‍රාහී ලකුණු 15 සීමාවට පිවිසෙන විට  විදේශ සේවා කණ්ඩායම ලබා සිටියේ ලකුණු 11ක් පමණි.
ඡායාරූපයේ දැක්වෙන්නේ විදේශ සේවා කණ්ඩායම චීනයේ ට්‍රැන්ජින් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ක්‍රීඩා කළ අයුරුයි.තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජගත් කාන්තා ක්‍රීඩා සමාජ අතර තරගාවලිය නියෝජනය කිරිමට අවස්ථාව හිමි වන්නේය.

පළමු සතිය නිමවන විට රාජකීයන් පෙරමුණේ


ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන සිංගර් කුසලාන රග්බි තරගාවලියේ  දී පළමු සතිය නිමා වන විට ඒ කොටසේ පෙරමුණ රැක ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වී තිබෙනවා.දෙවන ස්ථානයේ රැදී සිටින්නේ මහනුවර කිසංස්වුඩ් විද්‍යාල කණ්ඩායමයි.රාකීය සහ කිස්වුඩ් විද්‍යාල තමන්ට නියමිත එක් තරගයකට පමණක් සහභාගිව සිටියදී තරග දෙකක්ම නිමා කර තිබෙන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු සටහනේ තෙවන තැන රැදී සිටිනවා.
රාජකීය කණ්ඩායමට ලකුණු සටහනේ මුල් තැන ලබා ගැනීමට මාවත විවර කර දුන් ඩීඑස්සේනානායක විද්‍යාල කණ්ඩායම ලකුණු 5 /45 ක් ලෙස රාජකීයන් වෙතින් දැවැන්ත පරාජයක් ලැබූ අතර එසේම ඉකුත් සතියේ කොළඹ ඉසිපතනයට එරෙහිව මහනුවර විද්‍යාර්ථය ලකුණු 19 / 19 ලෙස තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමද විහේෂ සිදුවීමක් වුණා.ඒ අනුව ඉසිපතනය ලකුණු සටහනේ සිව්වන ස්ථානයේත් විද්‍යාර්ථය පස්වන ස්ථානයේත් පසු වෙනවා.

චන්ද්‍රපෝල් 10000 සමාජයේ 10 වැනි තැනට එක් වේ

ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ලකුණු 10000 සීමාව පසු කළ ලොව 10 වැන්නා වීමට සිවනාරින් චන්ද්‍රපෝල් යේ සමත් වුණා.ඒ ඕස්ට්‍රේලියාව සමග පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දී ලකුණු 69 ක් ලබා ගැනීමත් සමගයි.ප්‍රථම ඉණිමේද අර්ධ ශතකයක් රැස් කළ චන්ද්‍රපෝල් එම ඉණිම නිමා කළේ ලකුණු 10000 සීමාවට ලකුණු 14 ක් පමණක් පිටු පසින් සිට යි.ඊයේ  තවත් පීඩනයට එරෙහිව නැගුණු සාර්ථක ඉණිමක් ක්‍රීඩා කළ චන්ද්‍රපෝල් ඊයේ තමා සහභාගි වන 140 වන ටෙස්ට් තරගයේ දී 239 වන ටෙස්ට් ඉණිම නිමා කළේ ලකුණු 50.02 ක සාමාන්‍යයක් සහතව එක් වී ඇති ලකුණු 10,055 ක් සමගයි.ශතක 25 ක් සහ අර්ධ ශතක 59 ක් අයත් වී ඇති චන්ද්‍රපෝල්  13 වතාවක්ම ලකුණු නොලබා ද දැවී ගොස් තිබෙනවා.
මෙම ලකුනු 10000 සමාජයට ඉන්දියාවෙන් තිදෙනෙක් (සචින් තෙන්දුල්කාර්,රාහුල් ඩ්‍රාවිඩ්,සුනිල් ගවස්කාර්),ඕස්ටේලියාවෙන් තිදෙනෙක් (රිකී පොන්ටින්,ස්ටීව් වෝ,ඇලන් බෝඩර්) එක්ව සිටිනවා.බ්‍රයන් ලාරා අඩුම තරග සහ ඉණිම ගණනකින් මෙම සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙස පිළිගැනෙන අතර ලාරාට පසුව එම 10000 සීමාවට පැමිණි ‍බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දෙවැන්නා බවට චන්ද්‍රපෝල් පත් වෙනවා.දකුණු අප්‍රිකාවෙන් ජැක් කලිස් 10000 සමාජයට එක් වී සිටින අතර ඔහු මෙම 10000 සමාජයේ සිටින හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස පන්දු යැවීමෙන් කඩුලු 276 ක් ද උඩ පන්දු 181 ද රැක ගෙන සිටිනවා.ශ්‍රී ලංකාවෙන් මෙම සීමාවට පැමිණ සිටින්නේ නායක මහේල ජයවර්ධන පමණයි.


සිංගප්පූරු දැල්පන්දු අවසාන තරගයට අකිලා ගේ කණ්ඩායමත්


සිංගප්පූරු දැල් පන්දු සුපර් ලීග් දැල් පන්දු තරගාවලියේ අවසාන තරගය හෙට පස්වරු 2.30 ට ටෝ පායිහ් ක්‍රීඩා ශාලාවේ දී පැවත්වේ.මේ සදහා නික් මරලින්ස් කණ්ඩායම සහ බ්ලේස් ‍ඩොල්පින්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.මෙහිදී ශ්‍රීලංකා ක්‍රීඩිකා අකිලා නිම්නි ජයවර්ධන ද බ්ලේස් ඩොල්පින්ස්  කණ්ඩායමට ඇතුළත් ය.
අකිලා පසුගිය දිනෙක ක්‍රිඩා අමාත්‍යවරයා යළි ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙස අතුරු කමිටුවට නියෝග කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අතර සිටි අතර නමුත් අතුරු කමිටුව ඇය ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවුණු බව පවසමින් සංචිතයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර නමුත් පසුව ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායම හෝ නියෝජනය කර නොමැති කිසිදු ජාත්‍යන්තර අත්දැකීමක් නැති ක්‍රීඩිකාවක් ඇතුළත් කර ගැනීමට කටයුතු කර ඇත.  

Apr 26, 2012

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට ශ්‍රී ලංකාවෙන් හයක්




තායිලන්තයේ බැංකොක්,කාන්චන්බුරි,චන්බුරි යන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලි‍ය නියෝජනය කිරීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහභාගි වන බව මලල ක්‍රීඩා අතුරු කමිටු ආරංචි මාර්ග අනාවරණය කරයි.තරගාවලිය නියෝජනයට ඇතුළත් වන ෂෙහාන් අඹේපිටිය ජැමෙයිකාවේ සිට තායිලන්තයට පැමිණෙන අතර ඔහු එහිදී මීටර් 100 තරගයට සහභාගි වීමට නියමිතය.ක්‍රිස්ටීන් මෙරිල් මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා තරගය නියෝජනය කිරීම සදහා තායිලන්තය බලා පැමිණෙන්නේ ඇමෙරිකාවේ සිටය.



මෙම දෙදෙනාට අමතරව ප්‍රසන්න අමරසේකර (මීටර් 400),මංජුල කුමාර (උස පැනීම),වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල වීසි කිරීම) සහ චන්ද්‍රිකා සුභාෂණී (මීටර් 400) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝද මෙම තරගාවලියට එක් වෙති.



කොදෙව් ක්‍රීඩිකාවෝ ලකුණු 88 කින් ශ්‍රී ලංකාව පරදවයි

උදම් අනන්නී අනීෂා
ටහිර ඉන්දී කොදෙව් දූපත් හී සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ බ්‍රිජ්ස්ටවුන් හි පැවති පළමු එක්දින තරගයෙන් කොදෙව් ක්‍රීඩිකාවන් ඉදිරියේ ලකුණු 88 කින් පරාජයට පත් විය.කාසියේ වාසිය ලා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවන් ගේ ඉණිමට අර්ධ ශතක තුනක් ඇතුළත් වූ අතර ඒ අතරින් නායිකා මෙරිස්සා ඇගුලේරා ගේ ඉණිම වඩාත් ප්‍රබල බලපෑමක් එල්ල කළ අතර ඇය පන්දු 64 ක් තුළ ලකුණු 62 ක් ලබා ගත්තාය.වැඩිම ලකුනු ලාභිණිය වූ ෂැනල් ඩැලේ ලකුණු 63 ක් ලැබූ අතර ආරම්භක පිතිකාරිණිය ස්ටෙෆනි ටේලර් ලකුණු 53 ක් රැස් කළාය.
ශ්‍රී ලංකා පන්දු යැවිමේ දී කැපී පෙණුනම ක්‍රීඩිකාව වූ මධුරි සමුද්දීකා සිය පන්දු ඕවර් 10 ලකුණු 39 ට සීමා කරන අතරතුර කොදෙව් කඩුලු දෙකකට වග කීවාය.චාමිනි සෙනවිරත්න ද ලකුණු 40 ට කඩුලු 2 ක් දවා ගත්තාය.
පිළිතුරු ඉණිමට මුහුණ දීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් වාර්තා වූ සාර්ථකම ඉණිම ක්‍රීඩා කළ නායිකා ඩිලානි මනෝදරා ලකුනු 37 ක් රැස් කළ අතර ශෂිකලා සිරිවර්ධන ලකුණු 34 ක් ලැබුවාය.ශ්‍රී ලංකා ඉණිම සුණුවිසුණු කිරීමේහිලා පෙරමුණ ගත් දකුණතින් පිට දග පන්දු යවන අනීෂා මොහොමඩ් ශ්‍රී ලංකා පිතිකරුවන් පස් දෙනෙකුම ලකුණු 34 ට දවා ගත්තාය.ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල් වරට ජාත්‍යන්තර තරග පිටියට පැමිණි ඉනෝකා රණවීර ට පන්දු යැවීමෙන් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණු අතර ඇය විසින් යවන ලද පන්දු ඕවර් 6 තුළ කොදෙව් ක්‍රීඩිකාවන් ලකුණු 35 ක් රැස් කර ගෙන තිබිණි. 

තරග තුනම පැරදුනත් අර්ධ අවසාන වටයට තවත් අවස්ථාවක් ඉතිරිව තිබේ


තායිලන්තයේ නකෝන් තචසිමා හී පැවත්වෙන ආසියානු කාන්තා කණ්ඩායම් වොලිබෝල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම ඊයේ කසකස්තානය නියෝජනය කරන ෂෙටිසු අල්මාටි කණ්ඩායම සමග පැවති තරගයෙන් 3 – 0 ක පරාජයක් ලැබුවද තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් නවය අතරින් අවසන් කණ්ඩායම් 8 අතරට පත් වීමට තවත් අවස්ථාවක් හිමි වී ඇත.තරගාවලියේ බී කාණ්ඩයෙන් තරග වැදුණු කණ්ඩායම් 4 අතරේ චීන සහ මැලේසියා කන්ඩායම් ඉදිරියේ පරාජයට පත් වී සිටි ශ්‍රී ලංකාව කසකස්තානය ඉදිරියේ ද  25 /11,25 / 13, සහ 25 /09 ලෙස පරාජයට පත් වූ පසු  හතරවන ස්ථානයට පත් වුව ද කණ්ඩායම් පහක් නියෝජනය කළ ඒ කාණ්ඩයේ පස්වන ස්ථානයට පත් මියන්මාරය නියෝජනය කරන ආසියා වර්ල්ඩ් කණ්ඩායම සමග තරග වැදීමට නියමිත අතර එහි ජයග්‍රාහක කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව හිමි වේ.
ආසියා වර්ල්ඩ් සහ ශ්‍රී ලංකා විදේශ සේවා කණ්ඩායම අතර තරගය අද පැවත්වෙන අතර අද තරගය ජය ගැනීමට ශ්‍රී  ලංකාවට අවස්ථාව ලැබෙන්නේ නම්  හෙට ජපානය නියෝජනය කරන ටෝරි ඇරෝස් කණ්ඩායම සමග තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

ක්‍රිස් ගුණරත්න අනුස්මරණ මේස පන්දු තරගාවලිය හෙට ඇරඹේ


මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන ක්‍රිස් ගුණරත්න අනුස්මරණ මේස පන්දු තරගාවලිය හෙට (27 ) සිට 29 වන දා දක්වා කොකාකෝලා අනුග්‍රහයෙන් ගල්කිස්ස හාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී පැවත්වේ.ජාතික මේස පන්දු සම්මේලනයේ උප සභාපති පාර්ලිමේන්තු මංත්‍රී කණක හේරත් තරග සංවිධායක කමිටුවේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් ඉනික්බිති පැවත්වෙන මෙම තරගාවලිය සදහා කොකකෝලා අනුග්‍රහය ලබා ගැනීමට හැකි වී තිබීම විශේෂ කොට දැක්විය හැකිය.
කොකාකෝලා අනුග්‍රහයෙන් ක්‍රියාත්මක මෙම ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට ජාතික මට්ටමේ විවෘත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම අවුරුදු 18 න් පහළ,15 න් පහළ,12 න් පහළ සහ අවුරුදු 10 න් පහළ බාලක බාලිකා තරග ද ඇතුළත්ව ඇත.

Apr 25, 2012

නිලූක ගේ කර පිටින් ලන්ඩන් යන්න හැදූ නිලධාරීන්ට විරෝධය

න්ඩන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා සිටින නිලූක කරුණාරත්නත් සමග එම තරගාවලියට පුහුණුකරු සහ කළමණාකරු ලෙස ක්‍රීඩකයාගේ ඉල්ලීම නොතකා එහි නලිධාරීන් දෙදෙනෛකු සහභාගි වීමට ගත් උත්සාහයට ඊයේ බැඩ්මින්ටන් විධායක කමිටුවේ දී විරෝධය එල්ල වී තිබෙන බව වාර්තා වේ.විශේෂයෙන්ම මෙම තරගාවලියට සහභාගි වීම සදහා විදේශ තරගාවලි සදහා සහභාගි වීමට බැඩ්මින්ටන් පරිපාලනයට අනුග්‍රහයක් ලබා දීමට වත්කමක් නොතිබි අතර ඒ සදහා ඉදිරිපත් වූ මැක්ලරන්ස් ආයතනයේ ප්‍රධානි රොහාන් ද සිල්වා ප්‍රමුඛ මනිලාල් ප්‍රනාන්දු අතුළු පිරිසක් එම ජාතික වගකීමට උර දී කටයුතු කළේය.
අවසානයේ නිලූක ඔලිම්පික් වරම් දිනා ගැනීමෙන් පසුව ඒ සදහා පිවිසීමට අවශ්‍යය සුදුසුකම් ලබා ගැනීම සදහා මහා ධනස්කන්ධයක් වැය කළ රොහාන් ද සිල්වා කළමණාකරු ලෙසත් තමාගේ බැඩ්මින්ටන් ජීවිතයේ ආරම්භයේ සිටම මාර්ගෝපදේශකයා ලෙස සිටි ලුවී කරුණාරත්න පුහුණුකරු ලෙසත් සහභාගි කරවන ලෙස නිලූක ඉල්ලා ඇතත්  ඒ වෙනුවට බැඩ්මින්ටන් පරිපාලනයේ නිලධාරීන් සිය නම් යෝජනා කර ගනිමින් ලන්ඩන් ගමණට සහභාගි වීමට උත්සාහ දරා ඇත.
මේ තත්ත්වය වෙනස් විය යුතු බව මීට දින කිහිපයකට උඩ දි අප වේබ අඩවිය වාර්තා කළ අතර ඉන් අනතුරුව ඊයේ රැස් වූ බැඩ්මින්ටන් විධායක කම්ටුවේ දී එම පරිපාලන තීරණයට විරෝධය දැක් වූ බහුතර පිරිසක් ක්‍රීඩකයා ගේ ඉල්ලීමට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බව කිම නිසා නිලධාරීන් දෙදෙනාගේ ලන්ඩන් සිහිනය හකුලා ගන්නට සිදු වී ඇත.ඒ අනුව ලැබෙන ආරංචි මාර්ග වලට අනුව අද (25) නවතම ලිපියක් මගින් ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වබ බැඩ්මින්ටන් නිලධාරීන් ලෙස රොහාන්ද සිල්වා ගේ නමත් ලුවී කරුණාරත්න ගේ නමත් ජාතික ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් වීමට නියමිතය.
www.supirikrida.com

පොඩි තිළිණි දෙකට ලොකු තිළිණි අටට, නිලූක ට තෙ'අංශයෙන්ම මුල් තැන


වතම බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල දී ජගත් කණිස්ඨ කාන්තා ශ්‍රේණිගත කිරීම්වල අංක 59 ට සිටින 15 හැවිරිදි  තිළිණි හෙන්දහේවා (පොඩි තිළිණි) ශ්‍රී ලංකාවේ  අංක දෙක දක්වා ඉදිරියට පැමිණ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.අචිනි රත්නසිරි තවදුරටත් අංක ‍එක ක්‍රීඩිකාව ලෙස සිය ස්ථානය සුරැක‍ගෙන සිටියත් ඇතැම්විට ඇයට නුවරඑළියේ පැවත්වීමට නියමිත ශ්‍රේණිගත කිරීම් තරගයේ දී තිළිණි ට පරාජය  වුවහොත්  තිළිණිටට ප්‍රථම ස්ථානය ලබා දී දෙවන ස්ථානය දක්වා පසුබසින්නට වනු ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.මේ කාන්තා ශ්‍රේනිගත කිරීමේ විශේෂතම සිදුවිම වන්නේ 2008 ඔලිම්පික් නියෝජනයට වරම් ලැබූ තිළිණි ජයසිංහ 8 වන ස්ථානය දක්වා පහළ බැසීමයි.ඇය පමණක් නොව යොවුන් ඔලිම්පික් නියෝජනය කළ ලේඛා ෂෙහානි ,ඕෂධි කුරුප්පු සහ ඉල්මි ද සිල්වා ද සිටින්නේ 8 වන ස්ථානයේ වන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා සිව්වන ස්ථානයේත් නදීෂා ගයත්‍රි තෙවන ස්ථානයේත් රැදෙන බව වාර්තා වෙයි.
නිලූක කරුණාරත්න කේවල ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට අමතරව පිරිමි යුගල ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය සිය සොහොයුරු දිනුක කරනාරත්න සමග ද,මිශ්‍ර යුගල තරග ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය කවිදි ඉසංකා සමග ද ලබා සිටින්නේය.මේ වන විට ලංකාවෙන් බැහැරව සිටින දිනුක කරුණාරත්නට කේවල අංක දෙක ස්ථානය අහිමිවී ඇති අතර ඔහු තෙවන ස්ථානයට පත් ව ඇති අතර නවතම පිරිමි ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය හිමිව ඇත්තේ ලසිත මේනකට ය. 
පිරිමි යුගල තරග වල දී දෙවන ස්ථානය දිනා ඇත්තේ හසිත චානක සහ ආර්එස් දහනායක ය.තෙවන ස්ථානය ලසිත මේනක ට සහ අමිල ප්‍රනානන්දුට හිමි වී ඇත.
කාන්තා යුගල අංශයේ සූරතාවය තව දුරටත් රැක ගැනීමට අචිනි රත්නසිරිට සහ උපුලි සමන්තිකාට හැකියාව ලැබී ඇත.දෙවන ස්ථානය හිමිව ඇත්තේ සුස්මිතා ඉලංගකොන් සහ චන්ද්‍රිකා ද සිල්වා වන අතර ලේඛා ‍ෂෙහානි සහ තිළිණි ජයසිංහ තෙවන ස්ථානයේ රැදී සිටියි.මිශ්‍ර යුගල අංශයේ දෙවන ස්ථානය ලසිත මේනක සහ චන්ද්‍රිකා ද සිල්වා ත් තෙවන ස්ථානය හසිත චානක සහ තිළණි ජයසිංහත් ලබා සිටියි.

අනුරාධ ගැන අපේ මැදිහත්වීමට ‘ලංකා සිටිසන්’ සැළකිල්ල


කුමක් හෝ සිදු වූ පසු එයට අයිතිකරුවන් වැහි වහින බව අපි දනිමු.ඇතැම් විට අතීතය අමතක වීමේ රෝගය බරපතල විදිහට දැකිය හැකි ශ්‍රී ලංකාව වැනි රටක යමක් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් පෙරළා දමා වෙනත් පුද්ගලයන් ඒ කීර්තිය පොරවා ගැනීම සාමාන්‍ය සිදුවීමකි.අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ගේ ලන්ඩන් මැරතන් තරගයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනිමත් එවැනිම සිදුවිමක් වන්නේය.
කුරේ වෙනුවෙන් බොහෝ කාලයක සිට අප වෙබ් අඩවිය පෙනී සිටියේය.ඔහුට හ්‍රී ලංකාවට නැවත පැමිණීමට තිබූ අපහසුතාවයන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ද එවකට මලල ක්‍රීඩා පරිපාලනයේ නිලධාරීන්ට පෞද්ගලිකව කරුණු පෙන්වා දෙමින් කුරේ යළිත් ලාංකේය ධජය යටතට ගෙන ඒමට වෙහෙස දැරූවන් අතර අප කළ භූමිකාව පිළිබද ඒ නිලධාරීන් සහතික ඉදිරිපත් කිරීමට මැලි නොවනු ඇත.
ගියවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට කුරේ ට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වීමට අවකාශයක් නොතිබි අතර අප එහිදී කුරේ ගේ දක්ෂතාවය අගයමින් සහ ඔහු ගැන සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් ද කළෙමු.නමුත් කුරේ නැවත ලංකාව වෙනුවෙන් දිවීමේ භාග්‍යය ලද විට එය සදහා අපේ මැදිහත්වීමක් තිබි බවක් කියන්නට අප උත්සාහ නොකළද,අපේ භාවිතාවන් ගැන සැළකිල්ලෙන් සිටි ලංකා සිටිසන් අපේ පළමු මැදිහත් වීමේ සිටම තොරතුරු ඇතුළත් කරමින් ලිපියක් ඉදිරිපත් කර ඇත.
සාමාන්‍යයෙන් සියල්ල ඉක්මණින් අමතක කර දමා වළ දමන සංස්කාතියක තවත් මාධ්‍යයක් අගය කිරීමට වෙනත් මාධ්‍යයක් ඉදිරිපත් වීම දුර්ලභ වපසරියක දුලබ ආදර්ශයක් සැපයීම පිළිබදව අපි ලංකා සිටිසන් වෙත අපේ කෘතඥතාවය පිළිගන්වමු.
අදාල ප්‍රවෘත්තිය

සුසී සහ සුගත් උප සභාපති සටනට


මේ වන විට කැදවා ඇති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයට මෑත කාලයේ ශ්‍රි ලංකාවට මලල ක්‍රීඩාවෙන් විශාල කීර්තියක් ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකා යුගලයක් වන සුසන්තිකා ජයසිංහ සහ සුගත් තිලකරත්න ඉදිරිපත් වී සිටියි.නමුත් මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව සිටි අත්දැකීම් සහිත පරිපාලකයන් ලෙස පිළිගැනෙන සුනිල් ජයවීර,ෂෙමාල් ප්‍රනාන්දු,සුදත් මඩුගල්ල,එන්ඒටී ජයසිංහ,උපාලි කුමාරසිරි වැනි තවත් 12 දෙනෙක් සමග තරග වැදීමට සිදුවීම ධාවන පථයේ ජය ගැනීම තරම් පහසු කාර්යයක් නොවන බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
දැනටමත් ආසියාතික යොවුන් තරගාවලියේ සංවිධාන කමිටුවලට ඇතුළත්ව සිටින ෂෙමාල් ප්‍රනාන්දු,සුදත් මඩුගල්ල මෙන්ම මේ වන විට එම උළෙලේ සංවිධායක කටයුතුවල ප්‍රධානතම භූමිකාව බවට පත් වී සිටින සුනිල් ජයවීර ද උප සභාපති තනතුරට තරග වදිමින් සිටීම සුගත් සහ සුසන්තිකා ගේ ජයග්‍රාහී බලාපොරොත්තු අපහසුවට ලක් කරන්නකි.කෙසේ හෝ කේෂ්ත්‍රයේ කිහිප දෙනෙකුගෙන්ම කරන ලද විමසිමක දි දැන ගන්න ලැබුණේ ජ්‍යෙෂ්ඨයන් නොතකා හැරීමකින් තොරව ඔවුන් ‍ගේ අත්දැකීම් සමග එකතු වෙමින් ඔවුන්ගේ සහයෝගයෙන් නිලවරණයේ ඡන්ද ලබා ගැනීමට උත්සාහ කළහොත් ඔවුන් දෙදෙනාට ජය ලැබීමට යම් ඉඩක් ඇති බව ය.
දිවීම සහ පරිපාලනය යන කාරණා පටලවාගෙන අධි තක්සේරුවෙන් කටයුතු නොකොට පරිපාලනයට පිවිසීම සදහා උපක්‍රමශීලී වුවහොත් මෙවර සුසන්තිකා සහ සුගත් යන දෙදෙනාටම හෝ එක් අයෙකුට හෝ මලල ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට අවස්ථාව ඇති බව එම අදහස් දැක් වූවන් තව දුරටත් සනාථ කළ අතර මුලින් සභාපති තනතුරට තරග කරන බව කී රොහාන් ප්‍රදීප් කුමාර කිසිදු නිලයකට තරග නොවදියි. 

Apr 24, 2012

ආසියානු කණිටු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දැඩි තරගයක්


සියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සදහා නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතයට පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ඇතුළත්ව සිටින අතර මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා දීමේදී විශාල තරගයක් ඇතිවනු ඇති බව මලල ක්‍රීඩා ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් දකින්නට ඇති අතර විරාජ් රන්දෙණිය,ලහිරු ප්‍රසංජිත්,දිලීප අබේකෝන්,සීපී වීරසිංහ,ඉදුනිල් හේරත් මෙන්ම මෙ වන විටත් ස්පාඤ්ඤයේ බාසිලෝනා හී පැවත්වෙන ජගත් කණ්ෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා සිටින මිලාන් මධුෂ්ක දිසානායකත් ක්‍රීඩකයන් අතර නායකත්වය සදහා පෙරමුණේ සිටින අතර ක්‍රීඩිකාවන් අතරින් අක්ෂනා මාරලන්ද,පබසරා සේනානායක,මධුෂානි නිමේෂා සිරිවර්ධන,ශිවන්ති කුමාරි සිරිවර්ධන,නදීශානි හෙන්ඩර්සන් පෙරමුණේ සිටිනවා.
කෙසේ නමුත් මේ කිසිවෙකුට නොමැතිව නායකත්ත්ව ලක්ෂණ ඇති ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මෙම නායකත්වය හිමිවීමට ද ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග සදහන් කරනවා.  

ලංකාව දෙවන තරගයත් පරදියි


සියානු කාන්තා ක්‍රීඩා සමාජ තරගාවලියේ දී බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම එහිදී චීනයේ ටියැන්ජින් බ්‍රිජ්ස්ටෝන් කන්ඩායම ඉදිරියේ වට 3 – 0 න පරාජයක් ලැබීය.ජගත් කාන්තා ක්‍රීඩා සමාජ අතර වොලිබෝල් තරගාවලිය නියෝජනය කිරිමට සුදුසු ආසියාතික කණ්ඩායම් නිර්ණය කිරිම සදහා තායිලන්තයේ දී ක්‍රීයාත්මක මෙම තරගාවලියේ දී මීට පෙර තරගය වට 3- 1 ලෙස මැලේසියාවේ සැන්ටා බාබාරා කණ්ඩායම  ඉදිරියේ පරාජය වූ (20 – 25,25 -16,25 – 17 සහ 25 -18) ශ්‍රී ලංකා විදේශ සේවා කණ්ඩායම ටියැන්ජින් කණ්ඩායම හමුවේ පරාජය ලැබුවේ 25 -7,25 – 9 සහ 25 -9 ලෙස ය.
ශ්‍රී ලංකාව තරග වදින බී කාණ්ඩයේ අවසාන තරගය වන කසකස්තානයේ ෂෙටීසු අල්මාටි කණ්ඩායම වන තරගය 25 වන දා පැවත්වීමට නියමිතය.කසකස්ථාන් කණ්ඩායම ප්‍රබල දක්ෂතා ඇති ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන අතර ඔවුන් චීන කණ්ඩායම හමුවේ පරාජය ලැබුවේ වට 3 – 2 ක් ලෙස විශාල තරගයක් ලබා දීමෙන් අනතුරුවය.
ඡායාරුපයේ දැක්වෙන්නේ විදේශ සේවා කණ්ඩායම සහ සැන්ටා බාබරා කණ්ඩායම අතර පැවති තරගයේ අවස්ථාවකි. 

Apr 23, 2012

අනුන්ගේ කර පිටින් බැඩ්මින්ටන් බලධාරීන් ඔලිම්පික් යන්න දත මදිති

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල සදහා සහභාගිවන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සමග ලන්ඩන් ඔලිම්පික් උළෙල සදහා සහභාගි වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් උත්සාහ දරන බව  සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.නමුත් නිලූක මේ සම්බන්ධයෙන් තමාට විදේශ තරගාවලි සදහා සහභාගි වීමට අනුග්‍රාහකත්වය දැක් වූ රොහාන් ඩි සිල්වා ගේ නමත් තම ජීවිත කාලය පුරාම සිය බැඩ්මින්ටන් ජිවිතය වෙනුවෙන් පුහුණු උපදේශකත්වය ලබා දෙමින් කැප වුණු සිය පියා ගේ නම ද යෝජනා කර ඇත.
මේ සම්බන්ධයෙන් සුපිරි ක්‍රීඩා වෙත ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ තමන් ගේ මානසිකත්වය යහපත්ව තබා ගෙන ක්‍රීඩා කිරීමට නම් මෙම දෙදෙනා තමන් සමග සිටීමේ වැදගත් කම පවසා නිලූක ජාතික ඔලිම්පික් කමිටුවට සහ බැඩ්මින්ටන් පරිපාලනයට ද ලිපි ඉදිරිපත් කර ඇති බවය.ඔලිම්පික් කමිටුව නිලූක සම්බන්ධ ක්‍රීඩා පරිපාලනය විසින් ඔහුගේ අවශ්‍යයතාවය අනුව නම් ඉදිරිපත් කරන්නේ නම් රොහාන් ඩි සිල්වා ගේ නමත් නිලූක ගේ පියාගේ නමත් ඉදිරිපත් කිරීමට කිසිදු අපහසුවක් නොමැත යන තීරණයේ එළඹ සිටියත් නිලධාරීන් බැඩ්මින්ටන් බලධාරින්ට අවශ්‍යයව ඇත්තේ නිලූක යොදා ගනිමින් මෙම සංචාරයට එකතු වීමටය.
ක්‍රීඩාවට සහ ක්‍රීඩකයෙකුට අනුග්‍රාහකත්වය ලබා ගැනීමේ විශාල දුෂ්කරතාවයකින් පෙළෙන සමාජ රාමුවක් තුළ නිලූක ගේ අනුග්‍රාහකයා වෙනුවෙන් යම් කැපවීමක් කිරිම ක්‍රීඩා පරිපාලකයන්ගේ පූර්වාදර්ශය වුව ත් මේ වන තෙක් බැඩ්මින්ටන් බලධාරීන් ක්‍රීඩාවේ ජාතික සංගමය ලෙස තමන් සතු බලය තමන්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් යොදා ගැනීමේ ක්‍රියා පටිපාටියෙන් ඉවත් වී නැත.මේ වන විටත් නිලූක ගේ බැඩිමින්ටන් ජීවිතයට තහංචි දමා ඔහුගේ ඔලිම්පික් සිහිනය බොද කිරීමට උත්සාහ ගත් පිරිස් මෙම පරිපාලනය තුළ රැදී සිටින බැවින් එම තත්ත්වය වෙනස් කිරීමට මැදිහත් වූ ක්‍රීඩා අමාත්‍යවරයාටම මෙම තීරණය ද වෙනස් කිරීමට මැදිහත් වීමට සිදුවනු ඇති බව අපගේ විශ්වාසය වන්නේය.
කෙසේ හෝ සමස්ත ක්‍රීඩාවටම දායකත්වය දක්වන අනුග්‍රාහකයන්ට එම වටිනාකම ලබා දෙමින් විශාල පූර්වාදර්ශයක් ඉදිරිපත් කිරීමට බැඩ්මින්ටන් පරිපාලනයට පරිත්‍යාගශීලී වන්නට නොහැකිනම් එම අවස්ථාව උදා කර දීමට ක්‍රීඩා අමාත්‍යවරයා හෝ මැදිහත් විය යුතු බව අපගේ විශ්වාසය වන්නේය.
www.supirikrida.com 

කුරේ ට ඔලිම්පික් වරම්


නිමාව දුටු ලන්ඩන් මැරතන් තරගයේ දි බලාපොරොත්තු වූ අයුරින්ම ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා ගිය අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2012 ලන්ඩන් මැරතන් තරගය සදහා සුදුසුකම් ලැබූ පළමු ලා‍ංකේය මලල ක්‍රීඩකයා වීමේ භාග්‍ය්‍ය ලද්දේය.සමස්ත පිරිමි තරගයේ 23 වන ස්ථානය ලත් කුරේ පැය 2:17:50 ක කාලයක් වාර්තා කරමින් මෙම අවස්ථාව උදා කර ගත්තේය.ලන්ඩන් ඔලිම්පික් සදහා සුදුසුකම් ලැබීමට ඒ ශ්‍රේණිය යටතේ පැය 2:15:00 ක කාලයක් වාර්තා කිරීමට නියමිතව තිබූ අතර කුරේ සුදුසුකම් ලබා ගත්තේ බී ශේණිය යටතේ 2:18:00 ක කාලය අභිබවා යමින්ය.
2004 දී ග්‍රීසියේ පැවති ඔලිම්පික් තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කුරේ එහි දී 30 වන ස්ථානය දිනා ගත්තේ පැය 2:19:24 ක් වූ මේ දක්වා ඔලිම්පික් උළෙලක දී ලාංකිකයෙකු වාර්තා කළ හොදම මැරතන් තරග නිමා කිරීමේ කාලය වාර්තා කරමින් ය.2004 දී ම ඉස්ලාමාබාද් හි පැවති දකුණු ආසියාතික තරගාවලියේ දී මැරතන් ජයග්‍රහණය වෙනුවෙන් ඔහු වාර්තා කර ඇති පැය 2:16:38 ඔහුගේ හොදම තරග නිමි කිරීමේ කාලය වන්නේය.
නොයෙකුත් කළකිරීම් මත ඉන් අනතුරුව රට අතහැර එක්සත් රාජධානියේ පදිංචියට යන මෙම ක්‍රීඩකයා එහිදී ක්‍රීඩා පුහුණුවීම්වල යෙදෙනු දුටු විදේශිකයෙකු කිසිදු හැදුණුම්කමක් නොමැතිව මොහුගේ දක්ෂතාවයන් ඇගයීමට ලක් කරමින් ඔහුගේ ධාවන ජීවිතයට උපකාර කිරීමට ඉදිරිපත් නොවුණේනම් ඇතැම්විට ඔහුට යළිත් මෙවැනි අවස්ථාවක් උදා නොවන්න ද තිබිණි.ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කෙතරම් දක්ෂතා දැක් වුව ද කුරේට ශ්‍රී ලංකාව නියෝජනයට තබා ලංකාවට පැමිණීමට හෝ හැකියාවක් නොතිබි අතර ඔහු ඉකුත් වසරේ ලන්ඩන් මැරතන් තරගය නියෝජනය කළේ ද ශ්‍රී ලංකා ධජය යටතේ නොවේය.
නමුත් කේෂ්ත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු මෙන්ම ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද නිරන්තරයෙන් කළ බලපෑම් මත කුරේට යළිත් ශ්‍රී ලංකාව නියෝජනයට අවස්ථාව උදා වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති පාලිත ප්‍රනානන්දු ගේ මැදිහත්වීම මත ඔහුට යළිත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවකාශ සැළසිණි.පමා වී ලද ඒ අවස්ථාවෙන් පසුව ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වරට සහභාගි වූ පූනේ මැරතන් තරගයේ දී ආසියාවේ ප්‍රථමයා වන්නා සමත් විය.පළමුව සිය දුර ධාවන ජීවිතයේ හැකියාව බ්‍රිගේඩියර් පැරී ලියනගේ යටතේ මුවහත් කර ගත්තේය.
වර්ථමානයේ එංගලන්තයේ සුපිරි වෙළද සංකීරණයක සේවයේ නියුතු අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ට මෙම ජයග්‍රහණයෙන් ඉනික්බිති ලන්ඩන් මැරතන් තරගය සදහා පුහුණුවීමට රාජකාරි නිවාඩු සමග පහසුකම් සැළසෙන බව ලන්ඩන් නුවරින් ලැබෙන වාර්තා ලාංකිකයන් වශයෙන් සතුටු වන්නට විශාල හේතුවක් වන බව නිසැකය.එහි දි කුරේ ගේ ප්‍රධානතම ඉලක්කය වනු ඇත්තේ වසර 36 ක් තිස්සේ එස්එල්බී රෝසා සතුව පවතින ලාංකික ක්‍රීඩකයෙකුගේ හොදම මැරතන් නිමා කිරීමේ කාලය වන පැය 2:14:31 ඉක්මවා යාම බව සැක නැත.
අනුරාධ 23 වන ස්ථානය ලද ලන්ඩන් මැරතන් තරගයේ ප්‍රථම ස්ථානය හිමිවූයේ කෙන්යාවේ කිප්සෑන්ග් විල්සන්ට ය.ඔහු පැය 2:04:44 දී තරගය නිමා කරන්නට සමත් විය.එසේම මුල් ස්ථාන දෙකම කෙන්යාවට හිමි වූ අතර කාන්තා තරගයේදී ප්‍රථම ස්ථානය දිනා ගත්තේ මේරි කෙටිනි ය.එහිදී මුල්  ස්ථාන පහම කෙන්යාවට හිමි වීම ද කැපී පෙණින.

Apr 22, 2012

විදේශ සේවා කණ්ඩායම සැන්ටා බාබරා කණ්ඩායමට පරදියි


ගත් කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියට සුදුසකම් ලබන ආසියානු කාන්තා වොලිබෝල් කණ්ඩායම් නිර්ණය කිරීම සදහා තායිලන්තයේ නාකොන් රචසිමා හී පැවත්වෙන ආසියානු කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ ප්‍රථම තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාව නියෝජනය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම සිය ප්‍රථම තරගයේදී මැලේසියාවේ සැන්ටා බාබරා කණ්ඩායම ඉදිරියේ වට 3 – 1 ක පරාජයක් ලැබුවාය.මෙම තරගාවලිය සදහා විදේශ සේවා කණ්ඩායම සුදුසුකම් ලබාගත් 2010 ජාතික වොලිබෝල් සූරතාවලිය ඇතුළු පසුගිය කාලයේ එම කණ්ඩායම ලද සෑම ජයග්‍රහණයකම පිටුපස සිටි ලීනා සදමාලි ආබාධ තත්ත්වයේ පසුවන හෙයින් ඇය නොමැතිව මෙම තරගාවලියට සහභාගි වන විදේශ සේවා කණ්ඩායමට ඇයව ඇතුළත් වී නැත.ඒනිසා ඇය මූලිකත්වය ගෙන පාදා දුන් මාර්ගයේ ‍ඇය පමණක් නොමැතිව සෙසු ක්‍රීඩිකාවන්ට ආසියාවේ ප්‍රබලතම වොලිබෝල් කණ්ඩායම් හමුවේ තරග වදිමින් අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන තරගය සදහා හෙට (23) මුහුණ දීමට නියමිතය.ඒ චීනය නියෝජනය කරන ටියැන්ජින් බ්‍රිජ්ස්ටෝන් කණ්ඩායමට එරෙහිවය.එසේම තරගාවලිය ආශ්‍රිතව පැවති වියට්නාමයේ වීටීවී බින් ඩියෑන් ලෝන් ඇන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් මියන්මාරයේ ඒසියා වර්ල්ඩ් කණ්ඩායම වට 3 – 0 ලෙස පරාජය වූවාය.

කොදෙව් කාන්තාවෝ කඩුල්ල පිටුපස වගකීම 17 හැවිරිදි කෙල්ලකට පවරයි


ටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වදින කොදෙව් කාන්තා කණ්ඩායමේ කඩුල්ල පිටුපස වගකීම 17 හැවිරිදි නටාෂා මැක්ලීන් ට පැවරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.20 හැවිරිදි කේසියා නයිට් විසින් දරන්නට යෙදුණු වගකීම නටාෂා ට පැවරී ඇති අතර ඇය කොදෙව් කණ්ඩායමට කැදවා ඇති පළමු අවස්ථාව ද මෙය වන්නේය.කේසියා නයිට් සංචිතයට හෝ නම් කර නොමැති අතර මේ හෙතුවෙන් ජැමෙයිකාව නියෝජනය කරන 17 හැවිරිදි නටාෂා ට මෙම තරග සංචාරය තුළ වඩා විශ්වසනීයත්වයකින් කඩුල්ල පිටුපස රාජකාරිය කිරීමට අවස්ථාව ලැබෙනවා ඇත.
ජැමෙයිකාවේ ශාන්ත කැතරීන් විද්‍යාලයේ සිසුවියක වන නටාෂා දකුණතින් පිතිකරණයේ යෙදෙන්නී ය.1994 දෙසැම්බර් 22 උපත ලබා ඇති මෙම ක්‍රීඩිකාව කෙරෙහි පළපුරුදු ක්‍රීඩිකාවක වන කොදෙව් නායිකා මෙරිස්සා ඇගුලේරා දැඩි විශ්වාසයකින් පසුවන්නී ය.

වසරේ හොදම කාලය සෙමෙන්යා ගෙන්


මීටර් 800 කාන්තා ඉසව්වේ මේ වසරේ ලොව හොදම කාලය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ කැස්ටර් සෙමෙන්යා ප්‍රිටෝරියා හී පැවති යෙලෝ පේජස් මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන අදියරේදී සමත් වූවාය.තමාට හුරු පුරුදු ප්‍රිටෝරියා ධාවන පථයේදී සෙමෙන්යා විසින් මීටර් 800 ඉසව්ව විනාඩ් 1:59.60 කින් නිමා කළ අතර එය මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 සදහා වන පරිසාධන මට්ටමට වඩා තත්පර .30 කින් ඉදිරියට පැමිණීමකි.
සෙමෙන්යා තවමත් 21 හැවිරිදි වියේ පසුවන අතර ඇය 2009 ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 800 ඉසව්ව විනාඩි 1:55.45 කින් ජය ගනිමින් මුළු ලෝකයේම අවධානය දිනා ගත්තාය.ඒ ඇයගේ සූර ධාවනය සම්බන්ධයෙන් පමණක් නොව ඇය ගේ පෙණුම අනුව ඇය පිරිමියෙකුද ගැහැණියක ද යන්න තීරණය කර ගැනීමේ පරීක්ෂණ ගණනාවකට ද ඇයට මුහුණ දෙන්නට වු බැවින් ය.