Jun 18, 2012

මැද පෙරදිග අත්පන්දු කණ්ඩායම් වලින් ඉහළ දස්කම්


චීනයේ පැවත්වෙන තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දී මැද පෙරදිග අත් පන්දු කණ්ඩායම් ඉහළ දස්කම් වාර්තා කරමින් සිටියි.එහිදී කටාර් පිරිමි අත්පන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට සහ හොංකොං කණ්ඩායම් වලට එරෙහිව ජය වාර්තා කළ අතර ඔමානට ජපානය ඉදිරියේ ජය ලැබීය.මෙම ජය ග්‍රහණ තුනම පරාජිත කණ්ඩායම් වලට එරෙහිව වට 2  - 0 ජයග්‍රහණ ලෙස වාර්තා වීම කැපී පෙණින.
ශ්‍රී ලංකාව සහ කටාරය අතර පැවති තරගයේදී කටාරය ප්‍රථම වටය ලකුණු 30 – 11 ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන වටයේදී කටාරයේ ලකුණු ලබා ගැනීම 21 දක්වා පාලනය කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුව ද ශ්‍රී ලංකාවට ද එම වටයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 8 ක් පමණි. 

No comments: