Jan 14, 2012

‘හීලේ’ යළි උණුසුම් වෙයි -පකිස්තානයෙන් අමිල ජයක් ගෙනා ‘අමිල’ පරදියි


කුත් වසරේ ජාතික බොක්සිං සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ සමිත් හීල්බත්දෙණිය පසුගිය තරග සමයේ යම් පසුබෑමක් පෙන් වුව ද 85 වන ජාතික බොක්සිං තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ එම ඉසව්වේ වර්ථමානයේ සිටින ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිසිර කුමාරසිංහ ව අවසාන පූර්ව තරගයේ දී පරාජය කරමින් අවසාන තරගයට පිවිසෙන්නට සමත් විය.ඉතා තියුණු මුහුණු වරක් ගත් එම තරගයේ ප්‍රථම වටයේ දී හිල්බත්දෙණිය ඉදිරියට පැමිණිය ද දෙවන වටයේ දී යළි සිසිර ඉදිරියට පැමිණ අවසාන විනාඩි 4 ආරම්භ වන විට තරගයේ පෙරමුණ ගෙන සිටියේය.නමුත් අවසාන තරග වටයේ දී යළි තරගය සියතට ගත් හීල්බත්දෙණිය පහර පිට පහර එල්ල කරමින් අවසාන තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේය.
නමුත් දවසේ වටිනාම ජයග්‍රහණය අත්කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එස්එම්ආර් කුමාර,පකිස්තානයේ බෙනාසීර් භූතෝ අනුස්මරණ බොක්සිං තරගාවලියේ ලෝකඩ පදක්කමක් දිනූ අමිල නුවන් අධිකාරී ඉතා තියුණු තරගයකින් පසුව පරාජයට පත් කිරිමට සමත් විය.සුළු ආබාධයක් සමග තරග වැදුණු බැවින් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ‘අමිල නුවන්’ක්‍රීඩා රටාවේ යම් පසුබෑමක් පෙන්වුව ද කුමා ගේ තරගකාරිත්වය ඉතා ඉහළ මට්ටමක පැවතිණි.
අද තරගාවලියේ අවසාන තරග සදහා පිවිසෙන විට මෙවර තරගාවලියේ වැඩි ගෞරවය මේ වන විට දිනා ගන්නට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත්ව සිටින අතර බර පංති 10 අවසන් තරග හතකටම ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ‘ඒ’ ක්‍රීඩකයෝ සුදුසුකම් ලබා සිටිති. ශ්‍රී ලංකා යුධ හමුදා ඒ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 4 ක් ඉදිරියට පැමිණ සිටින අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන් තිදෙනෙකු ද ඒ අතර වෙති.ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගන්ධාරා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අවසන් තරග සදහා ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සුදුසුකම් ලබා සිටිති.
කාන්තා අංශයේ අවසාන පූර්ව තරග වල දී මාස් සදර්න් ඒ ක්‍රීඩිකාවෝ කැපී පෙනෙන දස්කම් පෙන්වූ අතර අද දවසේ පැවත්වෙන අවසාන තරග වල දි වැඩි නියෝජනයක් එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් වෙතින් දකින්නට ලැබෙනු ඇත.මෙවර පළමු වරට පැවත්වෙන ඔලිම්පික් කාන්තා බොක්සිං ඉසව්ව නියෝජනයට අදාළ බර පංති වලින්  සිය බර වෙනස් කර ගත් ක්‍රීඩිකාවෝ වැඩි පිරිසක් තරග කිරිමට උත්සාහ ගැනිම කැපී පෙණුන සිදු වීමක් විය.මේ නිසාම ගෙවුණු ලේට්න් ක        සලාන බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ නිලූකා කරුණාරත්න ට එරෙහිව කිසිදු ප්‍රතිවාදිණියක් දක්නට නොලැබුණු අතර ඒ අනුව ඇය නියෝජනය කරන කිග්‍රෑ. 64 බර පංතියේ ජය ඇයට නිතරගයේන්ම හිමි විය.  
 මේ සමග ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ 84 වන ජාතික බොක්සිං තරගාවලියේ දී හීල්බත්දෙණිය දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ලබා ගත් අවස්ථාවයි

නිලූක අද අර්ධ අවසන් පූර්ව තරගයට මුහුණ දෙති


එස්තෝනියාවේ ක්‍රියාත්මක යොනෙක්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබූ නිලූක කරුණාරත්න අද එම තරගයේ දි ඊශ්‍රායලයේ මීසා සිල්බර්මන් ට එරෙහිව තරග වැදීමට නියමිතය.වර්ථමානයේ ලොව 74 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින මීෂා,මෙම තරගාවලියට අදාළ ශේණිගත කිරීම් වල තෙවැන්නා ද වෙයි.
ඊයේ මෙම තරගාවලියේ මූලික තරගයේ ද එංගලන්තයේ බිජොන් සෙගුයින් ලකුණු 21 -17 සහ 21 - 18 ලෙස විනාඩි 38 ක කාලයක් තුළදී පරාජය කළනිලූක,දෙවන තරගයේ දී පරාජයට පත් කළේ බෙලිජියමේ මැක්සිමෙ මොරිල්ස් ය.මොරිල්ස් සමග පැවති තරගය පළමු තරගයටත් වඩා පහසුවෙන් ජය ගත් නිලූක ලකුණු 21 -16 සහ 21 -11 ලෙස එම තරගය විනාඩි 32 ක් තුළ අවසන් කර අර්ධ අවසාන පූර්ව වටය කරා පිවිසියේ ය.
www.supirikrida.com

අද අවමානයේ කැළල් වසා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊස්ට් ලන්ඩන් වෙත


කුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ පළමු වැන්නෙන් වාර්තාගත දැවැන්ත පරාජයක් අත් කර ගත් ශ්‍රී ලංකාව අද ඊස්ට් ලන්ඩන් වෙත යන්නේ එම පරාජයේ අවමානය ජයග්‍රහණයකින් අකාමකා දැමීමේ දැඩි උවමනාව සමගින් බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි.නමුත් මේ වන විට කණ්ඩායම අභ්‍යන්තරයේ ගැටුම් උත්සන්න වෙමින් පවතින බව වාර්තා වන අතර මේ විවිධ වූ බලපෑම් නිසා ඇතැම් ක්‍රීඩකයන්ට කුමන මට්ටමක සිටිය ද කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමේ අවස්ථාව පෑදී ඇති බව ද වාර්තා වේ.ඒ නිසාම අද ද අසාර්ථක දිල්හාර ප්‍රනාන්දු ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට ඉඩ ඇති අතර කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ සාර්ථක වන දිල්හාරට ඉදහිට සාර්ථකත්වයක් පෙන්වීම විශාල කාලයකට කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට තරම් ප්‍රබල හේතුවක් වීම හාස්‍යජනක ක්‍රියාවක් බවට පෙරලෙමින් ඇත.
එසේම තිලකරත්න ඩිල්ෂාන් ගේ නායකත්වයට එල්ල වන පීඩනය ද එන්න එන්නම දැඩි වෙමින් පවතින අතර ඒ පීඩනය හේතුවෙන් ඩිල්ෂාන් ගෙන් කණ්ඩායමට පිතිකරුවෙක් ලෙස ලැබෙන දායකත්වය ද හින වෙමින් තිබේ.මේ සියල්ලෙන් ගොඩ ඒමට අවශ්‍යය ජයග්‍රහණය ඩිල්ෂාන්ටත් වඩා වැදගත් වන්නේ ටෙස්ට් තරග වලදී මෙන්ම එක්දින තරග වලදී ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වර්ගීකරණයෙන් බලා සිටිය දී පහතට රූටා එමින් තිබිමය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට කියුබාවේ දැණුම ප්‍රදානය කරයි



ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනික පසුබිම වඩාත් විද්‍යාණුකූල දැනුවත් භාවයකින් පෝෂණය කිරීමට අවශ්‍යය දැණුවත් පරිසරය සකස් කිරීමට කියුබානු රජයේ සහය ලබා දීමට කියුබානු රජය ඉදිරිපත් ව සිටියි.මේ සම්බන්ධයෙන් වන රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කියුබානු තානාපතිනි නිර්සියා කැස්ත්‍රෝ ගුවේරා අතර අත්සන් තැබිණ.
මේ අනුව මලල ක්‍රීඩා,ජූඩෝ,ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සදහා ද එකගතාවයක් ගොඩ නැගී අතර ක්‍රීඩාව පිළිබද උසස් පාඨමාලා සහ උපාධි දක්වා වන අධ්‍යාපනික පසුබිමක් ඇති කියුබාව, ලාකේය ක්‍රීඩක ක්‍රීඩිකාවනට ඒ අධයාපනික පසුබිම හරහා සිය දැණුම ආලෝකවත් කර ගන්නට අවස්ථාව සළසා දීමට ද එකගතාවය ප්‍රකාශ කර ඇත.
ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්න සහ අතිරේක ලෙකම් එස්එච් හරිශචන්ද්‍ර ද මෙම ගිවිසුම අතසන් කිරිමේ අවස්ථාවට එක්විය.

Jan 13, 2012

පොලීසිය පස්සට වීසි වෙයි


කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක 85 වන ජාතික බොක්සිං තරගාවලියේ දෙවන දිනයේ තරග ඊ‍යේ (ජනවාරි 12) ක්‍රියාත්මක වූ අතර මෑත කාලයේ විශාල පිබිදිමකින් කටයුතු කළ පොලිස් ක්‍රීඩා සමාජය ඊයේ සහ පෙරේදා දෙදින තුළ මුහුණ දුන් තරග වල දී විශාල කඩා වැටීමක් පෙන්නුම් කරන බව පැහැදිළි කළේය.මෑත කාලින පිබිදීමට සාක්ෂි සාධක ඉදිරිපත් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල ප්‍රමාණයක් ද මෙම තරගාවලියේ දී මෙන්ම ආසන්න ලේටන් කුසලාන තරගාවලියේ දී ද මූලික වට වලින්ම දරුණු පරාජයන් අත් කර ගනු කැපී පෙණුන හ.
ඊයේ ක්‍රියාත්මක වූ කාන්තා මූලික තරග, පිරිමි අර්ධ අවසන් පූර්ව තරග මෙන්ම කිලෝ ග්‍රෑම් 81 බර පංතියේ කාන්තා අංශයේ තරගය ද ගත් විට පැවති තරග වල වැඩි ගෞරවය ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුධ හමුදාව විසින් අත් කර ගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩකයෝ ද කැපී පෙණුනහ.කාන්තා මූලික තරග වැඩි ප්‍රමාණයක් විනිසුරු විසින් නවතා තීරණ දෙන තත්ත්වයේ ඒක පාර්ශවික තරග වීම ප්‍රියජනක දසුනක් නොවීය.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ එම්වීඅයිඑස් බන්ඩාර ජයගත් තරගයේ දි ඔහුගේ ප්‍රතිවාදියා වූ සිලුවේටා ක්‍රීඩා සමාජයේ මාලන් සෙනවිරත්න පෑ තරගකාරිත්වය මෙන්ම ස්ලිම්ලයින් ඒ ක්‍රීඩා සමාජයේ සුරංග මුදන්නායක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කේඒඊඑච් ධර්මසිරි අතර තරගයෙන් මුදන්නායක ජය ගත්තේ ද ධර්මසිරි විසින් ලබා දුන් තියුණු අභියෝගයකින් පසුව වීමත් කැපී පෙණුනු තරග විය.ඊයෙ ද බොක්සිං ක්‍රීඩාවේ තාක්ෂණය අමතක කර දමමින් ක්‍රීඩා කරන ආකාරය ද අනීතික ක්‍රීඩා රටාවන් ද දකින්නට ලබුණු අතර නමුත් එය ප්‍රතම දිනයේ මූලික තරග වල දී තරම් ප්‍රදර්ශනය නොවීය.ක්‍රීඩාව කෙරෙහි ඇති වී ඇති උනන්දුව පදනම් කරමින් ක්‍රීඩාවට යොමුවන පිරිස ප්‍රමාණාත්මකව ඉහළ යද්දී එහි මූලික තරග වල දී ඇතැම් ක්‍රීඩකයන්ගේ අත්දැකීම් මදබව මෙන්ම දීර්ඝ කාලීනව ක්‍රීඩාවේ යෙදි ලබා ගත් පළපුරුද්ද මද කම නිසාද  මෙවැනි තත්ත්ව ඇති විය හැකි බව පෙන්වා දුන් බොක්සිං පරිපාලනයට සම්බන්ධ අයෙක් පෙන්වා දුන්නේ ඒ තත්ත්වය අවම කර ගැනිම ක්‍රීඩා සමාජවල වගකිමක් බව යි.ඒ සදහා ගත හැකි මහාදම පියවර ක්‍රීඩා සමාජ මට්ටමින් නිසි තේරීමක් කර හොදම ක්‍රීඩකයන් තරග සදහා යෙදවීම බව ද ඔහු ගේ අදහස විය.
කෙසේ හෝ අද තරගාවලියේ තෙවන දිනය වීම නිසා ද අද කාන්තා අංශයේ අවසාන තරග විශාල ප්‍රමාණයක් මෙන්ම පිරිමි අංශයේ අවසාන පූර්ව තරගද පැවත්වෙන නිසා අද පැවත්වෙන තරග වලදී තරග වදින්නේ දක්ෂතා දක්වා පෙරට පැමිණි පිරිස වී හේතු කොට ගෙන ඉහළ බොක්සිං ක්‍රීඩා ගුණාංග සහිත තරග නැරඹිය හැකි දිනයක් බවට අද දවස පත් වෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

නිලූක අද එස්තෝනියා තරග බිමට


ගත් ශ්‍රේණිගත කිරිම් හී 77 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න අද එස්තෝනියා යොනෙක්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දි තරග බිමට පිවිසීමට නියමිතය.එස්තෝනියාවේ කලෙව් හි ක්‍රීඩා මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක වක මෙම තරගාවලියට අදාළ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හී පස්වන ස්ථානයේ පසුවන නිලූක ගේ  අද ප්‍රතිවාදියා  වන්නේ ඇමෙරිකා‍වේ බීජෝන් සිගුවෙයින් ය.
වර්ථමානයේ 141 වන ස්ථානයේ පසුවන බිජෝන් මීට පෙර දක්වා ඇති දක්ෂතා අනුව ජගත් ශ්‍රේණිගත සටහනේ පිවිස ඇති උපරිමය වන්නේ 112 වන ස්ථානය ය.

Jan 12, 2012

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් යළි අශෝබන සංදර්ශනයක්


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින පිටියේ ලබාගත් අඩුම ලකුණු ගණන (43) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර එක්දින පිටියේ ලැබූ දැවන්තම ලකුණු පරතරය (258) සහිත පරාජයත් සටහන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක් අත්කර දුන්හ.දකුණු අප්‍රිකා කණ්ඩායමක් ලැබූ විශාලතම ලකුණු පරතරය සහිත පරාජ හා සසදද්දී මෙම පරාජය දෙවැනි වන්නේ ඔවුන් සිම්බාබ්වේ ට එරෙහිව ලද ලකුණු 272 ක දැවැන්ත ජයට පමණි.
ඒ අනුව ගත් විට දකුණු අප්‍රිකාව ලද එම ජය ද නවසීලන්තය අයර්ලන්තයට එරෙහිව ලබා ඇති ලකුණු 290 ක ජයට ද පමණක් පසුපසින් වන මෙම පරාජය ලොව විශාලතම ලකුණු පරාජයක් සහිතව  ලද තෙවන පරාජය හැටියට ඉතිහාසයට එකතු වෙනවා.එසේම කණ්ඩායමක් ලද අඩු ලකුණු සංඛ්‍යාව හා සසදද්දී මීට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35 ට සහ 38 ක ට දවාලීමත් ශ්‍රී ලංකාවම කැනඩාව ලකුණු 36 ට දවාලීමටත් පසුව කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අවස්ථාව ලෙස ද මෙම තරගය ඉතිහාසයට එකතු වෙනවා.
මෙම තරගයට ප්‍රථම අඩු ලකුණු ගණන් ලෙස සටහන් වූ ලකුණු ප්‍රමාණයන් අතර ශ්‍රී ලංකාවට එරෙහිව කැනඩාව ලකුණු 36 ට දැවී යාමද මෙම බෝලන්ඩ් පාක් පිටියේ දීම සිදුවීමත් විශේෂ අවස්ථාවක් වුණා.( http://www.espncricinfo.com/ci/engine/match/65251.html )
ඊයේ තරගයේ දී කාසියේ වාසිය දකුණු අප්‍රිකා එක්දින කන්ඩායම මෙහෙයවීම පළමු වරට හිමි වූ ‍බෙන්ජමින් ඩිවිලියර්ස් සතු වුණා.ලකුණු බහුලව දකින්නට ලැබුණු තණතිල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්නට දෙවරක් නොපැකිලුණු ඩිවිලියර්ස් පන්දුවට පහර දිමට තීරණය කළ අතර එම තීරණයට ප්‍රශ්ණාර්ථයක් එක් කළ ග්‍රෙහැම් ස්මිත් මුළු ලකුණු ප්‍රමාණය 9 ක් වෙද්දී ලකුණු 6 ට දැවී ගියා.නමුත් ඉන් අනතුරුව දෙවන කඩුල්ල සදහා අභියෝගයකින් තොර වූ ශ්‍රී ලංකා පන්දු යැවීම ඉදිරියේ හසීම් අම්ලා සහ ජැක් කලිස් ලකුණු 142 ක සබදතාවයක් ඇති කළ අතර මහේල ජයවර්ධන විසින් ප්‍රදර්ශනය කළ අති විශිෂ්ඨ පන්දු රැකීම හේතුවෙන් ජැක් කලිස් ගේ ඉණිම ලකුණු 72 ක් ලබා ගෙන සිටිය දි අවසන් වුණා.
කලිස්ගේ දැවී යාමෙන් පසුව පිටියට බට නව නායක ඩිවිලියර්ස් ඉතා ප්‍රවේගකාරී ලකුණු 52 ක් එක් කළ අතර තරගයේ අවසාන පනදු ඕවර් 10 සහ විශේෂයෙන් 5 තුළ පන්දු යැවීමේ රිද්මය සොයා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්න් ඕවර් 50 හමාර වන විට දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක් අහිමි කළේ ලකුණු 301 දී දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව නවතා තබමින්.ලසිත් මාලිංග ලකුණු 54 ට කඩුලු 5 ක් දවා ගත් අතර නුවන් කුලසේකර ලකුණු 50 ට කඩුලු 1 ද අජන්ත මෙණ්ඩිස් ලකුණු 54 ට කඩුලු 1 ක් ද දවා ගත්තා.මෙම තරගයේදී ද දස්කමක් දක්වන තුරුම කණ්ඩායමේ රැදී සිටීමේ අපූරු භාග්‍යවන්තයා වන දිල්හාර ප්‍රනාන්දු පන්දු ඕවර් 9 ලකුණු 65 ක් ලබා දුන්නා.එසේම පිතිකරුවන් ලෙස ස්තාවරව සිටියදී පන්දු යැවීමට පවර් ප්ලේ අවස්ථාවේදි අජන්ත මෙණ්ඩිස් කැදවීමට ගත් උත්සාහය ද පලදායී නොවුණු අතර අජන්ත තරගයේ අවසාන මොහොතේ පන්දු යවමින් තර්ජනයක් එල්ල කළා.
ලකුණු තිබෙන තණතිල්ලක් බවට විචාරකයන් පුන පුනා කී පර්ල් හී බෝලන්ඩ් පාක් තණතිල්ල ඒ ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනිමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාවක් නොලැබි අතර ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඩිල්ෂාන් ට සහ උපුල් තරංග ට පන්දු දෙක බැගින් පමණක් මුහුණ දීමට අවකාශ සැළසූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් නොදීම ක්‍රීඩා පිටියෙන් ඉවත් කළා.අනතුරුව සංගක්කාර,මහේල ,චන්දිමාල් සහ මැතිව්ස් ද ඉලක්කම් දෙකේ සීමාවට එන්නට පෙරතුව ඉවත් කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අතරින් මෝනි මෝකල් ලකුණු 10 ට කඩුලු 4 දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කීවා.
ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකේ සිමාවට පිවිසි එතම පිතිකරුවා වූ කෝසල කුලසේකර(19) නොවන්නට ඊයේ ශ්‍රී ලංකාවට කණ්ඩායමක් අඩුම ගණනකට දවා ගැනීමේ තමන් සතු ගෞරවය දකුණු අප්‍රිකාවට පවරා අඩුම ලකුණු ගණනට දැවී ගිය කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වන්නට තිබුණා.
තරගයේ ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514035.html

ජාතික බොක්සිං සූරතාවලියේ පළමු දිනයේ පෙරළිය දමිත් ගෙ පරාජය යි


සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ ඇරඹි 85 වන ජාතික බොක්සිං තරගාවලියේ දී ප්‍රථම දිනයේ පෙරළිකාර ජයග්‍රහණයට හිමිකම් කිමට සමත් වුයේ පානදුර යුනිචෙලා බොක්සිං ක්‍රීඩා සමාජයේ ගයාන් ජයවීරයි.හොරණ විද්‍යාරතනය හරහා බොක්සිං පිටියට පිවිසි ගයාන් එම බර පංතියේ සූරයෙකු ලෙස ප්‍රකට පන්නල ස්ලිම්ලයින් බොක්සිං සමාජයේ දමිත් විජේරත්න පරාජය කිරීමට සමත් වුණා.
පළමු දිනයේ පැවති ප්‍රථම වටයේ සහ අර්ධ අවසන් පූර්ව තරග වලදී කැපී පෙණුන දස්කම් දැක්වීමට නාවික හමුදාව,යුධ හමුදාව සහ පන්නල ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය සමත් වුණා.පකිස්ථානයේ පැවති බෙනාසීර් භූතෝ තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභියා වූ අමිල නුවන් ඊයේ මූලික වටයේ තරගයකට සහභාගි වූ අතර එහිදී සිය ජයග්‍රහණයේ අභිමානය සරැක ගනිමින් තරගය ජය ගත්තේ විනිසුරු විසින් තරගය නවතා අමිලට ජයග්‍රහණය පිරිනැමීමෙන් අනතුරුවයි.
තරගය සදහා ඉදිරිපත් වී සිටි බොහෝ ක්‍රීඩකයන් ඒ සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් නොවන බව පැහැදිළි වූ අතර විශේෂයෙන් ඉහළ බර පංති වලදි තරග වැදි ක්‍රීඩකයන් ගේ තරග රටාව බොක්සිං තාක්ෂණයට බොහෝ දුරින් තිබෙන බවක් දකින්නට ලැබුණා.සමස්ථයක් වශයෙන් ගත් කළ බොක්සිං ක්‍රීඩාව භෞතික වශයෙන් යම් ඉහළ තත්ත්වයකට පත්ව තිබෙන බව දකින්නට තිබුණත් ක්‍රීඩාවේ නියැලෙන්නන් ඒ පිළිබදව දක්වන කැපවීම ප්‍රමාණාත්මක දැයි සැකයක් උපදින තරමට ක්‍රීඩක තරග රටාවන් හී පසුගාමී තත්ත්වයන් දකින්නට ලැබුණා.ඒ නිසාම බොහෝ ක්‍රීඩකයන් බොක්සිං නීතීන්ට සහ තාක්ෂනයට අනුචිත ක්‍රීඩා රටාවන් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණා. 

දැල් පන්දු දක්ෂයන්ට ජාතික කණඩායමට පිවිසෙන්නට අවස්ථාවක්


දැල් පන්දු ක්‍රීඩාවේ දක්ෂතා ඇති සියළු ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා මගින් ජාතික කණ්ඩායමට පිවිසීම සදහා විවෘත අවස්ථාවක් ලබා දීමට දැල්පන්දු අතරු කමිටුව තීරණය කර තිබෙනවා.ඒ අනුව මෙම 15 දා ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු සංචිත සදහා  ක්‍රීඩිකාවන් තෝරා ගැනිම සදහා වන විවෘත පරීක්ෂණයක් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලීය ගාහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්වෙනවා.
මෙම තේරීම් පරික්ෂණ සදහා සහභාගී වන සියළුම ක්‍රීඩිකාවන් ක්‍රීඩා කිරීමට සුදුසු ඇදුමකින් සැරසී ක්‍රීඩාවට අවශ්‍යය වෙනත් දේ ද රැගෙන 15 දා පෙරවරු 8.00 ට පෙර ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණිය යුතු අතර තේරීමේ පරීක්ෂණ එදින පස්වරු 5.00 දක්වා පැවත්වෙනවා.‍
(කොළඹ පිටකොටුවට පැමිණ මාර්ග 120,190,170 මෙන්ම 125 යන බස් රථ වලින් මරදාන ශාන්ත ජෝශප් විද්‍යලය අසළට පැමිණිම සදහා ගමන් පහසුව සළසා ගැනිමට හැකියි.)

පින්නවල ආදි සිසුන් සංවිධානය කරන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 14 සහ 15


පින්නවල මැදි විදුහල ආදි සිසු සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 සහ 15 යන දෙදින තුළ රඹුක්කන අහෝක කරුණාරත්න මහජන ක්‍රීඩාංගණයේ ද පැවත්විමට කටයුතු යොදා ඇත.ක්‍රීඩාවට ලැදි ජනතාවට ආශ්වාදජනක අවස්තාවක් උදා කිරීම මෙන්ම විද්‍යාලීය සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනිම ඉලක්ක කර ගෙන  පවත්වනු ලබන මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ජයග්‍රාහී කුසලාන සමග රුපියල් 20,000 මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

අනු සූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ජයග්‍රාහී කුසලානය සමග රුපියල් 10,000 ක් මුදල් තයාගයක් පිරිනැමෙන මෙම තරගාවලියේ විශේෂ ක්‍රීඩක දක්ෂතා අගයමින් සමරු කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනැමිමටද කටයුතු යොදා ඇත.  


www.supirikrida.com

Jan 11, 2012

ඇනා ලෝක වාර්තාවට අනින්න හොද ආරම්භයක් ලබා ගනියි

වත්මන් උස පැනීමේ ලෝක සූරිය වන රුසියාවේ ඇනා චිකරෝවා රුසියාවේ හිටපු උස පැනීමේ සූරයෙකු වන යුරී ලුකාස්විච් අනුස්මරණය කරමින් පැවති තරගයක දී වසරේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළේ මීටර් 2.00 ක දක්ෂතාවයක් දක්වමින්ය.මෙම ඉසව්වේ ලෝක වාර්තාව (මී.2.09) මේ වසරේ අගෝස්තු 30 දා  රිදී ජුබිලියට පිවිසෙන අතර (වසර 25 ) එහි හිමිකාරිණිය වන්නේ බල්ගේරියාවේ ස්ටෙෆ්කා කොස්ටඩිනෝවා ය.
යුරෝපීය උස පැනීමේ සූරයා වන මීටර් 2.36 ක දක්ෂතාවයක් දක්වා ඇති ඇලෙක්සැන්ඩර් සස්ටොව් (මී.2.36) ගේ ද පුහුණුකරු වන ඇනා ගේ පුහුණුකරු යුවජිනි සුහර්ල්කෝ පවසන්නේ ඇනා වසර ආරම්බ කළ ආකාරය සම්බන්ධයෙන් තමන් අතිශයින් සතුටට පත් වන බවය.ඔහු ලෝක වාර්තාව පිළිබදව අදහස් දැක්වීමක් නොකළ අතර ඔහු ප්‍රකාශ කළෙ මෙම ඔලිම්පික් වර්ෂය ජයග්‍රාහී වසරක් වනු ඇති බව සහ ඇය මීටර් 2.05 ක දක්ෂතාවයක් මෙම වසර තුළ දක්වන බවට තමා විශ්වාස කරන බව ය.
www.supirikrida.com

මෙවර ජාතික බොක්සිං තරගාවලියේ සහභාගීත්වය 150 ඉක්මවයි.


අද (ජනවාරි 11)කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඇරඹෙන 85 වන ජාතික බොක්සි තරගාවලියට ක්‍රීඩකයන් 110 ක් සහ ක්‍රීඩිකාවන් 52 දෙනෙකු ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලන ලේකම් මහේෂ් දහනායකගෙන් කරන ලද විමසීමකදී දැන ගන්නට ලැබිණ.අද සිට 14 වන දා පැවත්වෙන මෙවර ජාතික බොක්සිං තරගාවලියේ මූලික වටයේ පිරිමි අංශයේ තරග 11 වන දා ඇරඹෙන අතර 12 වන දා කාන්තා අංශයේ තරග ආරම්භ වේ.
                                                  ධර්මසිරි වීරකෝන්
ආධුනික බොක්සිං සම්මේලනයේ ආරම්භක වර්ෂය ලෙස ගැනෙන 1926 වසරේ දී ම ඇරඹි මෙම ජාතික සූරතා තරගාවලිය 84 වන වරට පැවත් වූ අවස්ථාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ සමිත් හීල්බත්දෙණිය ත් දක්ෂතම පරාජිතයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිසිර කුමාරසිංහත් සම්මානයට පාත්‍ර වුණා.කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ නිලූකා කරුණාරත්න යි.හිදී දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිරංජලා සේනානායකයි.
නව බොක්සිං පුනරුදය යටතේ නිරන්තරයෙන් කතා බහට ලක් වූ නිශාන්ත වලිසුන්දර,අනුරුද්ධ රත්නායක,මංජු වන්නිආරච්චි මෙන්ම නයනජිත් ඇලෙක්සැන්ඩර් වැනි ක්‍රීඩකයන් දක්ෂතම ක්‍රිඩකයා ලෙස කිරුළු පැළදි මෙම තරගාවලියේ ඉතිහාසය සසදද්දී ද මෙරට බිහිකළ සුවිශේෂීම බොක්සිං ක්‍රීඩකයන් මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක සම්මානයට පාත්‍ර වී තිබෙන බව පැහැදිළි වෙනවා.ඒ අතර අල්බට් පෙරේරා,ධර්මසිරි වීරකෝන් ගේ ඉතිහාසයේ සිට ජගත් නෙත්තිකුමාර වැනි ක්‍රීඩකයන් දක්වා වූ කාලය අදාළ වෙනවා.

වර්ථමානයේ බොක්සිං පිටියේ ප්‍රබලතම ප්‍රතිමල්ලවයන්ව සිටින පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවද මෙම තරගාවලියේ දී සූරතාවය සදහා ප්‍රබල තරගයක් දිය හැකියි.ගෙවුණු දෙසැම්බරයේ දී මෙම කණ්ඩායම් අතර තියුණු තරගයක් පල්ලෙකැලේ ලීනියා ක්ලෝතින් හී දැක ගන්නට ලැබුණු අතර එහිදි යුධ හමුදාව සූරතාවය අත් කර ගන්නට සමත් වුණා.ඒ වන විට පකිස්තානයේ විශේෂ පුහුණුවකට සහභාගි වී සිටි දක්ෂ ක්‍රීඩකයන් රැසක මෙම තරගාවලියට එක්වන නිසා තරගාවලිය වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.ඒ අතර පකිස්තානයේ බෙනාසීර් බූතෝ අනුස්මරණ බොක්සි තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමකින් ගෞරවය දිනා දුන් ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ අමිල නුවන් ද වෙනවා.
මෙම තරගාවලියේ කාන්තා අංශයේ ජයග්‍රාහිකාවන් පිළිබදව විශාල අවධානයක් යොමුවන අතර ඔවුන්ගේ ජයග්‍රහණ මෙන්ම තාක්ෂාණුකූල ක්‍රීඩා රටාව දෙසද අවධානය යොමු කරමින් මොංගෝලියාවේ පැවත්වීමට නියමිත ආසියාතික කාන්තා බොක්සිං තරගාවලියට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට මෙම තරගාවලිය හරහා බලාපොරොත්තු වෙනවා.තරගාවලිය දින පතා පස්වරු 3.00 සිට ආරම්භ විමට නියමිත අතර සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එක්වන අතර වර්ථමාන බොක්සිං පුනරුදයේ නිර්මාණශීලී පුරෝගාමියා වන ඩයන් ගෝමස් මෙන්ම තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන ඒ ආන්ඩ් ඊ සහ මාස් ආයතන නියෝජතියන්ද ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීමට නියමිතව සිටිනවා.

Jan 10, 2012

ඇමති මහින්දානන්ද ගෙන් පාපන්දුවට තද පහරක්


විශාල ධනස්කන්ධයක් වැය කළද එහි නිසි ප්‍රතිපල දකින්නට නැති බව වසරක ක්‍රීඩාව පිලිබදව සමාලෝචනය කිරීමට කැද වූ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පැවසීය.පාපන්දු සම්මේලනයට අනුයුක්තව සිටින නිලධාරීන් රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ලබා ගත්තද එහි ප්‍රතිපලය ක්‍රීඩාවේ යහපතට හේතු වී නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා දිනෙන් දිනම පාපන්දු ක්‍රීඩාව කඩා වැටෙමින් ඇති බව පැවසීය.
නැවත වරක් ක්‍රිකට් මූල්‍ය අර්බූදය පිළිබදව කරුණු පැහැදිළි කළ ක්‍රීඩා අමාත්‍යවරයා එය තාවකාලික එකක් බව පැහැදිළි කළේය.මාර්තු මස සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන්නට නියමිත මුදල් ලැබුණු පසු එය විසදෙනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.මාධ්‍යවේදීන් ගේ ගැටළුව වූ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයෙන් ලැබිය යුතු මුදල ලැබෙන තෙක් පවතින අර්බූදය නිර්මාණය වෙමින් ක්‍රිකට් ආයතනය සතුව පැවති මූල්‍ය ස්ථාවරය විනාශ වීම පිළිබදව අමාත්‍යවරයාගෙන් පැහැදිළි කිරීමක් සිදු වුණේ නැත.
www.supirikrida.com

මංගල ශීත සෘතු යොවුන් ඹලිම්පික් උළෙලට ඔස්ට්‍රියාව සූදානම්


නවාරි 13 දා සිට 22 දා දක්වා ඔස්ට්‍රියාවේ ඉන්ස්බෘක් හී බර්ගිසෙල් ක්‍රීඩාංගණය මූලික කරගෙන පැවත්වීමට නියමිත පළමු ශීත සෘතු යොවුන් ඔලිම්පික් තරගාවලිය සදහා සියල්ල සූදානම් බවත් ඒ වෙනුවෙන් මුද්‍රණය කළ ටිකටි පත් 84.000 අතරින් මේ වන විටත් ටිකට් පත් 64,000 විකිණී අවසන් බවත් තරග උළෙලේ ප්‍රධාන විධායක පීටර් බේයර් පවසයි.අනාගතය පිළිබදව සූදානමින් 2014 සෝචි ශීත සෘතු ඔලිම්පික් උළෙලට අදාළ වන සියළු ඉසව් ඇතුළත් කර පැවත්වෙන මෙම යොවුන් ඔලිම්පික් උළෙලට වයස අවුරුදු 14 සිට 18 දක්වා වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,100 ක් පමණ සහභාගි වීමට නියමිතය.මෙම ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,100 රටවල් 60 ට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් මෙම තරගාවලියට එක් වෙති.
ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යයටත් විශේෂ තැනක්
ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යවේදින්ගේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවත්වෙන කොංග්‍රසයද මීට සමගැමීව පැවත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ ඔස්ට්‍රියානු ජනාධිපති හෙයින්ස් ෆිස්චර් ය.
www.supirikrida.com

ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය කොළඹදී මධ්‍යම පළාත් විවෘත තරගාවලිය නුවර දී


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය 52 වන වරටත් සංවිධානය කරන ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය ජනවාරි 19 දා සිට 21 දක්වා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් ශාලාවේදී ක්‍රියාත්මක විමට නියමිත අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ අධික්ෂණය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සම්මේලනය මෙහෙයවන ඉහළ මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීම් තරගාවලියක් වන මධ්‍යම පළාත් බැඩ්මින්ටන් විවෘත සූරතාවලිය මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජනවාරි 25 සිට 29 දක්වා පැවත්වීමට නියමිතව ඇත.
ආධුනික බැඩ්මින්ටන් සූරතාවලියේ අයදුම්පත් මෙන්ම මධ්‍යම පළාත් බැඩ්මින්ටන් විවෘත සූරතාවලියේ ද අයදුම්පත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයෙන් ලබා ගැනීමට හැකි අතර ආධුනික තරගාවලියේ අයදුම්පත් ලබා ගැනීමේ අවසාන දිනය ජනවාරි 12 දා වන අතර මධ්‍යම පළාත් තරගාවලියේ අයදුම්පත් ලබා ගැනීම 18 දා අවසන් වේ.
මධ්‍යම පළාත් තරගාවලියේ නිල තොරතුරු ඇතුළත් ඉල්ලුම් පත්‍රය වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම පහසුවන පරිදි මෙහි පහත පළවේ.










CPBA Open Badminton Championships 2011
      Organize by Central Province Badminton Association
       Conduct by Sri Lanka Badminton Association
Entry Form
Dates                                                 25th to 29th January 2012
Venue                                    St. Anthony’s College Indoor Stadium, Katugastota

Entries Close on                                          18th January 2012
Name of Applicant (Common known name)
Applicant’s Age as at 01st January 2012           ………………………………………………….
I wish to enter the following event/events which I have marked “X”
Event
No
Event
Entry Fees
SL Rs
Mark
“x”
Name of Doubles Partner
Signature of partner
1
Open Men’s Singles
400.00
                 N/A
       N/A
2
Open Men’s Doubles
500.00
3
Open Women’s Singles
400.00
                 N/A
       N/A
4
Open Women’s Doubles
500.00
5
Open Mixed Doubles
500.00
6
Veterans - Over 35 Men’s singles
400.00
                 N/A
       N/A
7
Veterans - Over 40 Men’s Singles
400.00
 N/A
       N/A
8
Veterans  -Over 40 Men’s Doubles
500.00
9
Masters  – Over 50 Men’s Singles
400.00
                 N/A
       N/A
10
Masters  – Over 50 Men’s Doubles
500.00
11
Under 15 Boy’s Singles
300.00
                 N/A
       N/A
12
Under 15 Girl’s Singles
300.00
                 N/A
       N/A
13
Under 13 Boy’s Singles
300.00
                 N/A
       N/A
14
Under 13 Girl’s Singles
300.00
                 N/A
       N/A
15
Under 11 Boy’s Singles
300.00
                 N/A
       N/A
16
Under 11 Girl’s Singles
300.00
                 N/A
       N/A


I enclosed Rs. …………………………………………. (Rs………..) being my Entry Fees for the above Championships. I Represent …………………………………. School/Club. I hereby agree to abide by the Rules governing the Championship and decisions taken by the Tournament Committee.
Contact Number
Name of Applicant       : …………………………………...
Address of Applicant    : …………………………………..     
                          ……………………………                                                    ………………………………….
                                                                                                                                                           Signature – Applicant
____________________________________________________________________________________________________________________________
ENTRY NO  ……………………..                                         OFFICIAL RECEIPT                                                                      
We acknowledge the receipt of cash/cheque/money order of Rs……………………………(……………………………………………………………………………………….)  As the entry fee for CPBA Open Badminton Championships 2012.                                                              
Sigtnature: ……………………………………………………………                                                                 S.L.B.A.Rubber stamp
Name of Official on behalf of S.L.B.A.…………………………………………………..






................................................................................................................................



  
                        C.P.B.A.Open Badminton Championships  2011
Rules & Regulations
I.                        CPBA open 2011 will be conducted from 25th to 29th January 2012 at St. Anthony’s College Indoor stadium Katugastota, Kandy.
II.                        All the senior open events shall be National Ranking Level 1 Events.
III.                        Entry Forms are available at SLBA Office.
IV.                        Entry fees as in the entry form and should be paid with the entry forms to the Sri Lanka Badminton Association.
V.                        Age to be calculated as at 01st January 2012 for junior events and as at 31st December 2012 for Veteran events.
VI.                        Cork based nylon shuttlecocks will be used for junior events and feather shuttlecocks will be used for all other events.
VII.                        Competitors will be allowed to take part only in one age category and any number of open Events.
VIII.                        The Championships shall consist of the events mentioned in the Entry Form.
IX.                        The Championships will run on a knock out basis and all matches will be played according to the rules and regulations of Badminton approved by the BWF and as adopted by the SLBA.
X.                        The tournament committee may cancel an event in the Championships if there are less than 5 entries.
XI.                        Depending on the number of entries the tournament committee may conduct qualifying rounds.
XII.                        Players are subject to a minimum of 30 minutes rest period between any two matches.
XIII.                        Players must be punctual and any player, who does not turn up for his/her match at the time allotted, will be liable to have a walk over given against him/her. Ten minutes (10) grace will be allowed. No postponements shall be allowed under any circumstances.
XIV.                        Competitors shall be allowed to play with the double partner nominated by them in the entry form. Partner name should necessarily be indicated on the Entry Form. Entry forms without partners name will be rejected at the time of draw.
XV.                        A competitor will be allowed to substitute a partner if his original partner is prevented from playing through illness, injury or other unavoidable hindrance Such proposed substitute shall be notified to the tournament Referee or an appointed Official in writing before the commencement of that particular event. Such substitution should not be of a higher rank than the original player and the new combination should not be of a standard higher than the original combination. The substitute should not have entered the same event separately.
XVI.                        The Referee shall be in overall charge of the tournament or event of which a match forms part. The decision of the umpire or all maters connected with the actual play in the match of which he/she is umpiring shall be final.
XVII.                        All disputes with regard to the championships shall be referred to the Referee & the Tournament Committee. On all matters connected with the tournament and on any matters not provided for the decision of the Tournament Committee shall be final binding on all participants.
XVIII.                        If a player concedes a walk over in any event due to injury/illness or absence she/he will not be permitted to compete in any other event of the tournament on the same day. Exceptional circumstances will be referred to the referee or appointed officials for a decision.
XIX.                        For Junior Events from under 11 to 15, the entries should be certified by the Principal of the school or copy of Birth Certificate should be produced to confirm the age. For senior events the NIC or Passport should be produced if requested.
XX.                        Entries will close on 18th January 2012 at 5.00 p.m. at SLBA, Maitland Place, Colombo 07. Draw will be displayed SLBA Notice Board from 23rd January 2012.
XXI.                        If entries are sent by post (registered or normal) the participants shall ensure that the entries are received by SLBA before the closing date/time. The tournament Committee will not be responsible for postal delays.
XXII.                        Cash prizes and Certificates will be awarded to all Winners and Runner-ups.

Tournament Referee -  Lakpriya Edirisnghe             0777306635
 Deputy Referees            Samantha Navarathna       0717213229
                                             Sanjeewa Wijesekera         0723321989
 Any inquiry regarding the Championships you may contact S.L.B.A. on                       2686264

Sgd.Ajith Wijayasinghe
Chairman – Tournament Committee