Feb 11, 2012

මැතිව්ස් අතින් කළය බිදෙයි


යග්‍රහණයේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව රැගෙන යාම සදහා අනගි ඉණිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ගේ උත්සාහය අවසාන මොහාතේ දී ව්‍යර්ථ කරමින් ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 5 ක් සහ තරගය නිමා වන්නට පන්දු  2 ක් තිබියදී ශ්‍රී ලංකා ඉණිම නවතා දැමූ ඕස්ට්‍රේලියාව ලකුණු පහක ජයක් ලබමින් කොමන්වෙල්ත් බැංකු තරගාවලියේ සිය අපරාජිත බව තව දුරටත් ආරක්ෂා කර ගන්නට සමත් විය.ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරු නාමාවලියේ අංක 10 ට පැමිණි සචිත්‍ර සේනානායක පවා පිළිගත් පිතිකරුවෙක් හැටියට ගත හැකි වුව ද මයිකල් ක්ලාක් යළිත් ප්‍රවීන නමට වඩා තරගයක් ජය ගැනීමට අවශ්‍යය කැපවීමෙන් යුතුව දක්ෂතා අතරට පැමිණීම බව සනාත කරමින් නවක පන්දු යවන්නන් සමග ජයග්‍රහණය සදහා යාමට සමත් විය.
ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයේ ඇතුළත් නොවුණු දග පන්දු යැවීමේ භූමිකාව ඇතුළත් කර තිබූ අතර ඒ වගකීම පැවරි සචිත්‍ර සේනානායක ලකුණු 45 ට කඩුලු 2 ක් දවා ගනිමින් සිය වගකීම ද ඉටු කළේය.නමුත් ඊයේ තරගයට දකුණු අප්‍රිකා සංචාරයේ දී කැපී පෙණුන තිසර පෙරේරා ඇතුළත් කළ නොසිටි අතර ඇතැම් විටෙක ඔහු ධම්මික ප්‍රසාද් ගේ ස්ථානයට ආදේශ වී සිටියේ නම් ශ්‍රී ලංකාවට යම් පිළිගැනීමක් සහිත පිතිකරුවන් දස දෙනෙකු ඇතුළත් වන්නට තිබිණි.
තරගයේ කාසියේ වාසිය මහේල ට හිමි වූ අතර ඔහු ගේ තීරණය වූයේ පළමුව පන්දු රැකීමය.ඒ තීරණයට සාධාරණයක් ඇති කරන අයුරෙන් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් මෙහෙය වූ මහේල 42 වන පන්දු ඕවරය ක්‍රියාත්මක වන විට ලකුණු 192 ට කඩුලු 8 ක් දවා ගෙන තිබිණ.නමුත් නව වන කඩුල්ල වෙනුවෙන් ක්ලින්ට් මැකේ (25) සහ මිචෙල් ස්ට්‍රැක් (14) ඇති වූ අනපේක්ෂිත ලකුණු 32 ක සබදතාවය ඕස්ට්‍රේලියානු ඉණිම ලකුණු 231 දක්වා රැගෙන යන්නට සමත් විය.ඕස්ට්‍රේලියාව ඇද වැටීම නවතාලන ඉණිම වූ මයිකල් ක්ලාක් ගේ නායකත්වයේ සුපිරි ඉණිම ලකුණු 57 කින් කෙළවර වූ අතර ඕස්ට්‍රේලියාව එම ඉණිම මත ගොඩ නැගීම සළකා තරගයේ වීරයා සම්මානය මයිකල් ක්ලක් ට හිමි විය.ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ලසිත් මාලිංග,නුවන් කුලසේකර,ඇන්ජලෝ මැතිව්ස්,ධම්ම්ක ප්‍රසාද් සහ සචිත්‍ර සේනානයක කඩුලු 2 බැගින් දවා ලූ අතර ඒ අතරින් නුවන් කුලසේකර ලකුණු 39 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණින.
පිළිතුරු ඉණිමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංග මෙම තරගාවලියේ දී දෙවන වරටත් අසරණ වූ අතර ඔහු ගේ ඉණිම ලකුණු 5 චී කෙළවර විය.නමුත් යළිත් ලකුණු 50 ක සබදතාවයක් ඇති කළ ඩිල්ෂාන් (40) සහ සංගක්කාර (22) ශ්‍රී ලංකාව යළි තරගයට කැදවා අවත් ක්‍ෂේවියර් ඩොරිති ගේ දග පන්දු හමුවේ ලකුණු අතරට ඒමට අපොහොසත් වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ  ඔහුගේ පන්දු ඕවර් 10 තුළ ලකුණු 24 ක් පමණක් ලබා ගනිමින් කඩුලු දෙකක් පූජා කළහ.
ඇන්ජලෝ මැතිව්ස් අනගි ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 64 ක් ලබා ගත්ත ද සෙසු පිතිකරුවන්ගෙන් අවශ්‍යය සහය ඔහුට නොලැබිණ.විශේෂයෙන්ම ලකුණු වේගය රදවා ගැනීමට අපොහොසත් වීම නිසා තරගයේ අවසාන පන්දු දෙක තුළ ජයග්‍රහණය පිණිස ලකුණු 6 ක් ලබා ගැනීමේ අභියෝගයට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අතර එහි අවසාන ප්‍රතිපලය වූයේ ඇන්ජලෝ ගේ කඩුල්ලද අහිමි වී ශ්‍රී ලංකාවට පරාජය වැළද ගන්නට සිදු වීමය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518958.html

දැයට කිරුළ දැල්පන්දු සංවිධානය හුණු කොට්ටෙන් ගොඩ යයි, දෙවන වරටත් කිරුළ කුරුණෑගල ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමයට


දැයට කිරුළ වෙනුවෙන් සංවිධානය වූ දැල් පන්දු තරගාවලියේ දී දෙවන වරටත් අවසාන තරගයට පිවිස එය ජය ගන්නට පාසල් කණ්ඩායමක් වූ කුරුණෑගල ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය සමත් විය.මෙම තරගාවලියේ අවසාන තරගයක් පැවත් වූ දෙවන අවස්ථාව මෙය වූ අතර එම දෙවරම පළපුරුදු ඒකාබද්ධ ආරක්ෂක සේවා කණ්ඩායමට එරෙහිව කුරුණෑගල ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය ජය ගැනීම කැපී පෙණින.
ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය වෙනුවෙන් නායකත්වය ගත් දුලංගි චමත්කා වන්නිතිලක 2010 ජාතික ක්‍රීඩා උළෙලේ ද දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය.ඇය මෙම තරගාවලිය තුළ ද කැපී පෙණුන අතර දක්ෂතම විදින්නිය ලෙස සම්මානනීය වූයේ ද ඇය ය.නමුත් ඇය කුරුණෑගල දැල්පන්දු පරිපාලනයට සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින නම් කරන ලද තේරීම් කමිටුව විසින් ලොවට ක්‍රීඩාව ගෙන යාම පිණිස සකසන ලද ක්‍රීඩා ශක්ති වැඩ සටහනට නුසුදුසු යැයි නම් කළ ක්‍රීඩිකාවක් වීම ද දැල්පන්දු පරිපාලනය මෙන්ම ක්‍රීඩාව සම්බන්ධ ජාතික මට්ටමේ වගකීම් දරන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු සියල්ලගේ අවධානයට ලක්විය යුතු තත්ත්වයකි.තරගාවලියේ දැල් පන්දු රැජිණ වූයේ ද ශුද්ධ වූ පව්ලේ ක්‍රීඩිකාවක් වූ රුක්ෂිලා හපුආරච්චිය.
තරගාවලියේ සමාප්ත උත්සවයට දැයට කිරුළ හා සම්බන්ධවන කිසිදු දේශපාලනඥයෙකු සම්බන්ධ කර ගැනීමට තරග සංවිධානය අපොහොසත් වී තිබුණු අතර අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවයට ශබ්දවාහිණි පවා යොදා ගෙන නොතිබිණ.දැයට කිරුළ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ සියළු ක්‍රීඩා වැඩ සටහන් වලට ජාතික මට්ටමේ තරග ලෙස ලබා දී තිබූ ආලෝකය දැල් පන්දු තරගාවලියෙන් ඉවත් කර තිබූ අතර ඒ ආකර්ශණය ඉවත් කිරීම නිසා නමගිය ක්‍රීඩිකාවන් අභිබවා ගිය පාසල් ක්‍රීඩිකාවන් ගේ දක්ෂතා සමාජ ගත වීමට ද බාධක පැන වී තිබිණ.අනෙකුත් තරග ක්‍රියාත්මක වූ ආකාරය හා සසදන කළ මෙම තරගාවලියේ සංවිධාන ක්‍රියාවලිය දැයට කිරුළ ක්‍රීඩා සංකල්පයට ද මදි පුංචිකමක් ඇති කළ බව පෙන්වා දුන් වෙනත් ක්‍රීඩා සංවිධායකයන් දැල් පන්දු තරගාවලිය හැදින් වූයේ ක්‍රීඩා පිටිවල සීමා ලකුණු කිරීමට යොදා ගත් හුණු කොට්ටයෙන් ෂේප් වුණු තරග  සංවිධානයක්  ලෙසය.
ක්‍රීඩාව වෙනුවෙන් අනාගතය සැකසීම සිය එම කීඩාවේ පරිපාලන වගකීම වුව ද දැයට කිරුළ දැල්පන්දු තරගාවලියේ  අවුරුදු 23 න් පහළ තරග වල දී තමන් ක්‍රීඩා පුහුණුව ලබා දෙන ක්‍රීඩා කණ්ඩායම් සහ ක්‍රීඩිකාවන් අභිබවා කුරුණෑගල ක්‍රීඩිකාවන් ගේ නැගිටීම සිදුවන බව අවබෝධ කරගත් ඇතැම් පුහුණුකාරියන් මෙම තරගාවලියේ සංවිධානයේ මුල සිටම ත්‍යාග මුදල් ප්‍රදානයෙන් වැළකී සිටින්නටත් තරගාවලිය සමාජ ආකර්ශණයට ලක්වීම වැළක්වීමටත් පිඹුරුපත් සකස් කරන ආකාරයක් දකින්නට ලැබිණ.
නමුත් මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ දැල් පන්දු අනාගතයට වන හානිකර තත්ත්වයන් දැල්පන්දු පරිපාලනයේ ලේකම් කුමුදුණී ගෝමස් ට පෙන්වා දීමට සුපිරික්‍රීඩා සමත් වූ අතර මීට දින දෙකකට පෙර සිදු වූ එම සාකච්චඡෘවේ දී ඇය පොරොන්දු වූ පරිදි ජයග්‍රාහී කණ්ඩායම් වලට මුදල් ත්‍යාග පිරිනැමීමට අවශ්‍යය පසුබිම සකස් කිරීම ප්‍රශංසාවට ලක්විය යුතුය.දැයට කිරුළ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රීඩා හා සංසන්දනය කිරීමේදි එම ත්‍යාග මුදල් ප්‍රමාණාත්මක නැතත් ජයග්‍රාහකයන්ට කිසිවක් නැතිව අත් පිසදා ගෙන යන්නට සිදුවීම වැළක්වීමට ලේකම්වරිය පොරොන්දු වූ පරිදි තමාරා ධර්මකීර්තී සභාපති සමග සාකච්ඡා කරමින් ගත් එම තීරණය අගය කළ යුතුය.
නමුත් සභාපතිණිය මෙන්ම ලේකම්වරිය ද තමන් සතු කීර්තිනාමය සුරක්ෂිත කර ගැනීම මූලික අරමුණ කරගෙන කටයුතු කරන්නේනම් මෙම පරිපාලනයෙන් ඉවත් වීම හෝ නැතිනම් දැනට තමන් වගකීම් පවරන පුදගලයන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබදව මීට වඩා ගැඹුරින් අධීක්ෂණයට ලක් කළ යුතුය.විශේෂයෙන් මූල්‍ය කටයුතු වල දී එහි විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම වැදගත් අතර එය දැයට කිරුළ සංවිධානයට වැය කළ මුදල් වියදම් වූ ආකාරය අධීක්ෂණ්‍යට ලක් කිරීමෙන් ඇරඹිය හැකිනම් අපූරුය.

එඩ් වර්නර් ට බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා මුල් පුටුව


න්ඩන් නුවර 2017 දී ක්‍රියාත්මක වීමට නියමිත ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය ඉලක්ක කර ගනිමින් බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා මුල් පුටුව එඩ් වර්නර්ට පැවරීමට තීරණය වී ඇත.කටාර් හී පැවති 2017 ජගත් මලල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගැනී‍මේ සටනේ දී සෙබස්තියන් කෝ පිටුපස රැදී ඉහළම දායකත්වය සැපයූ පුද්ගලයා ලෙස සැළකෙන එඩ් වර්නර් මෙවර ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් වන සංවිධාන කමිටුවද නියෝජනය කරන්නෙකි.
මලල ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තරය ජය ගෙන නැතත් මාර්ග ධාවනයේදී මෙන්ම ඉන් පිටතදී ද දුර ධාවකයෙකු ලෙස දක්ෂතා දැක් වූ ඉතිහාසයක් ඇති වර්නර් සතු පරිපාලනමය සහ සංවිධානමය හැකියාව පිළිබදව වර්නර්ට මෙම තනතුර පිරිනැමීමට විහේෂ හේතුවක් වී ඇත
www.supirikrida.com 

Feb 10, 2012

අදත් සචිත්‍ර එළියෙද?


ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අද තරගයේ දී කණ්ඩායමේ ස්ථානයක් හිමි විය හැකි බවට වාර්තා පළ වෙනවා.පරාජිත ඉන්දීය තරගය පැවති  පර්ත් පිටියේම අද තරගය ද පැවත්වෙනු  ඇති අතර පරාජිත තරගයේ දී ඉන්දීය දග පන්දු යවන්නන් වන අශ්වින් ජඩේජා ගේ දක්ෂතාවයන් ශ්‍රී ලංකාවේ පරාජයට හේතු වුණා.නමුත් තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර මෙන්ම රංගන හේරත් ද සිටිය දී ඔවුන් මෙම තරගයට යොදා ගනු වෙනුවට නිත්‍ය පන්දු යවන්නා ලෙස තිලකරත්න ඩිල්ෂාන් යොදවා ගැනීමෙන් ශ්‍රී ලංකාවට යම්කිසි ආකාරයක පාඩුවක් සිදු වූ වා.
කෙසේ නමුත් ලොව එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ කණ්ඩායම ලෙස සැළකෙන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්  ප්‍රහාරාත්මක වේගය මෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් ඉදිරියේ කළබල නොවීම යන කරුණු කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන සැළකිල්ල  මෙම තරගයේ ශ්‍රී ලංකාවට අත්වන  තීරණය තීන්දු කරනවා විය හැකියි.
  
 

ලොව දිනන ගමණට එක් වූවන්ට ප්‍රථම ප්‍රදානය ජනපතිගෙන්

IMG_0840.jpg


ලොව දිනන ක්‍රිඩා ශක්ති වැඩ සටහන යටතේ ක්‍රීඩාවන් 17 ක් සදහා තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1200 දෙනෙකුට රුපියල් 2,500 ක මාසික ප්‍රදානයන් ලබා දීමේ මංගල පියවර ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් අරලියගහ මන්දිරයේ දී සිදු වුණා.අවුරු 14 – 18 අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලට වෙන් වි සිටින විවිධ ක්‍රීඩා වලට දක්ෂාතා දක්වන ‍ක්‍රීඩාශක්ති වැඩ සටහන සදහා තෝරා ගත් සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම උත්සව අවස්තාවට එක් වී සිටියා.
ජාත්‍යන්තර මට්ටමට ලාංකේය ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීම මෙන්ම ඒ සදහා වන භෞතික සම්පත් විමධ්‍යගත කර ප්‍රාදේශීය ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වේගවත් කිරීම සහ සශ්‍රීක කිරීමද මෙම වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර නමුත්ක්‍රීඩාසංවර්ධන දෙපාර්තමේන්තුවේම ඇතැම් ඉහළ නිලධාරීන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරය පෝෂණය කරන පාසල් ක්‍රීඩා ගුරුවරුන්ට තර්ජනාත්මකව බලපෑම් කරමින් ප්‍රාදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ පාසල් සදහා දිනා දීමේ වෑයමක නිරත වන බව අසන්නට ලැබීම වැඩ සටහනේ පරමාර්ථ සහ අරමුණු වලට බලපෑම් ඇති කරන්නක්.

ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක පාසලකින් නිර්මාණය වන්නේ ඒ සදහා එහි සිටින ක්‍රීඩා ගුරුවරයා හෝ පැමිණෙන ක්‍රීඩා උපදේශකයාගේ හැකියාව මෙන්ම ඔහු හෝ ඇය ක්‍රීඩාවට දක්වන ආදරය සහ ඇල්ම ද නිසා බව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් කල්පනා කළ යුතු වෙනවා.එවැනි ක්‍රීඩා සංස්කෘතියක් නොමැති පසුබිමකින් ක්‍රීඩකයන් නිර්මාණය නොවන අතර එවැනි තැනකදි සිදුවිය හැක්කේ ක්‍රීඩකයාගේ ශක්‍යතාවයන් මොට වීමක් පමණක් බව එම බලධාරීන් කල්පනාවට ගතු යුතු වෙනවා.

තෝමස් සහ ඌබර් කුසලාන ආසියානු තරග 13 දා ඇරඹේ




තෝමස් සහ ඌබර් කුසලාන ආසියානු කළාපීය මූලික වටයේ තරග පෙබරවාරි 13 දා සිට 19 දා දක්වා මැකාවෝ හී පැවත්වෙන අතර ඒ සදහා සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් 11 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව එම තරගාවලියේ ශ්‍රී ලංකා කළමණාකරු ලෙස කටයුතු කරන අමල් ඩයස් සුපිරික්‍රීඩා වෙත ප්‍රකාශ කළේය.පිරිමි අංශයේ තරග ඒ,බී,සී සහ ඩී ලෙස පැවත්වෙන අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ජපානය,තායිලන්තය සහ කසකස්තානය සමග සී කොටසෙන් තරග වදියි.
කාන්තා අංශය ඩබ්ලිව්,එක්ස්,වයි සහ ඉසෙඩ් ලෙස වර්ගීකරනය කර ඇති අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වයි අංශයෙන් තරග වදින අතර එම කාණ්ඩයට 
තායිලන්තය,ඉන්දුනීසියාව සහ කසකස්තානය එක් වී සිටියි. 

පැසිපන්දු ජාතික සටන් ඇරඹේ





ජාතික පැසි පන්දු සම්මේලනය මෙහෙයවන ජාතික පැසි පන්දු සම්මේලන තරගාවලිය පිරිමි අංශයෙන් කාණ්ඩ තුනක් යටතේ ද කාන්තා අංශයෙන් ‍කොටස් දෙකක් යටතේ ද පෙබරවාරි 15 දා සිට ආරම්භ වේ.කොළඹ සහ ඊට ආසන්න පැසි පන්දු පිටි කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මෙවර තරගාවලියේ අවසාන තරග 22 දා සහ 23 දා පැවත්වීමට කටයුතු යොදා ඇත.මෙහිදී පිරිමි පළමුවන කොටසේ සහ කාන්තා පළමු කොටසේ තරග 23 දා බම්බලපිටිය පොලිස් පැසි පන්දුපිටියේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
සෙසු අවසන් තරග 22 දා ක්‍රියාත්මක වන අතර එම තරග පොලිස් පිටියේ සහ නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලීය පැසි පන්දු පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට කටයුතු යොදා ඇත.තරගාවලියට වෙනදාට වඩා උත්සවශ්‍රීයක් ඇති කරමින් පැසි පන්දු ක්‍රීඩාව පිළිබදව ආකර්ශණයක් ඇති කිරීම පිළිබදව පැසි පන්දු සම්මේලනයේ අවධානය යොමු වී ඇති බව එහි ප්‍රකාශකයෙක් සුපිරික්‍රීඩා වෙත පැවසීය.

නිලූක 63 ට




ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් සූරයා වන නිලූක කරුණාරත්න ජගත් ශ්‍රේණිගත කිරීම්වල 63 වන ස්ථානය දක්වා ඉහළ නැග ඇත.එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ජගත් ශ්‍රෙණිගත කිරීමක පැමිණි ඉහළම ස්ථානය ලෙස සැළකේ. මෙම ශ්‍රේනිගත කිරීම සදහා ඔහු පසුගිය තෙමසක කාලයක් තුළ ජාත්‍යන්තර ‍තරගාවලි හතරක ජයග්‍රහණ ලබා ගනිමින් සහ තවත් ජාත්‍යන්තර තරගාවලි ගණනාවක විශිෂ්ඨ දක්ෂතා පෙන්වමින් ක්‍රීඩා කළ අතර මේ තත්ත්වය අනුව මේ වන විට මෙවර ඔලිම්පික් නියෝජනයට අවශ්‍යය සුදුසුකම් ද සපුරන්නට සමත් වී ඇත.
ක්‍රීඩකයෙකුට වඩා රටකට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස ඔලිම්පික් නියෝජනයට ලැබෙන අවස්ථාව සැළකෙන අතර ඒ සදහා නිලූක පුහුනුකරුවෙක් හෝ තරගයෙන් තරගයට සිය සිරුර තරගය සදහා සූදානම් කිරීමට අවශ්‍යය සම්භාහකයෙකු හෝ නොමැතිව මෙම අවස්ථාව ලංකාවට උදා කර දීමට පියවර ගෙන ඇත.ඒ සදහා ක්‍රීඩා අමාත්‍යංශය හෝ බැඩ්මින්ටන් පරිපාලනය කිසිදු මූල්‍ය අනුග්‍රහයක් නොදැරූ තත්ත්වයක් තුළ,තමා වෙළද තානාපති ලෙස ක්‍රියා කරන මැක්ලරන්ස් ආයතනයේ අනුග්‍රහය සහ මනිලාල් ප්‍රනාන්දු වැනි ක්‍රීඩා හිතෛශීන්ගේ ආධාර උපකාර ද සහිතව මේ අවස්ථාවට පැමිණීම විශේෂයෙන් අගය කළ යුතු තත්ත්වයකි.
නමුත් බැඩ්මින්ටන් පරිපාලනයේ නියොජිතයන් ලෙස ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරුණු දක්වන්නට පැමිණෙන පිරිස් රටට ‍මෙම ක්‍රීඩකයා ගෙන දුන් කීර්තිය හෑල්ලුවට ලක් කරමින් සිය කුහකකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට උත්සාහ දැරීම කණගාටුදායක තත්ත්වයකි.නිලූක ජයගත් තරගාවලි වල දී වැඩි අවස්ථා ගණනක ඔහු ජයගෙන ඇත්තේ තමන්ට වඩා ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් වීම මෙන්ම ලොව ප්‍රථම ක්‍රීඩකයන් 25 අතර සිටින ක්‍රීඩකයන් ද පරාජය කරමින් සහ ඔවුන්ට තියුණු තරගයක් ලබා දෙමින් ක්‍රීඩා කරන්නට ද නිලූකට හැකි වූ බව එම පුද්ගලයින් අමතක කිරීම පතුල නැති බදුනකින් නිරුවත වසා ගෙන විලිලැජ්ජාකමේ වටිනාකම ගැන දේශනයක් පැවත්වීමක් බදුය. 

දැයට කිරුල පාසල් වොලිබෝල් සූරතාවය නාත්තණ්ඩිය ධම්මිස්සරයට




දැයට කිරුළ පාසල් වොලිබෝල් සුරතාවය මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය පැරදවූ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය විසින් දිනා ගත්තා.ඉතා තියුණු මුහුනුවරක් ගත් අවසාන තරගයේ ප්‍රථම වටය ලකුණු 26 – 24 ක් ලෙස මාරිස්ටෙල්ලා විද්‍යලය ජයගත් නමුත් ඉතිරි වට තුන 25- 23,28 – 26 සහ 25 – 23 ක් ලෙස ජය ගන්නට ධම්මිස්සර ක්‍රීඩකයන්ට හැකි විය.ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග සහ සහතිකපත් සහ කුසලාන ධම්මිස්සරයටත්,රුපියල් 75,000 ක් සහ මුදල් සහ සහතිකපත් මාරිස්ටෙල්ලාවටත් හිමි විය.
වට 3-2 ක් ලෙස අවසාන පූර්ව තරගයේ දී මාරිස්ටෙල්ලාවට පරාජය වූ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය සහ වට 3 – 1 ක් ලෙස ධම්මිස්සරයට පරාජය වූ දවිසමර විද්‍යාලය කෙවන ස්ථානය සදහා තරග වැදි අතර එයින් ජයගත් දවිසමර විද්‍යාලය ට රුපියල් 50,000 ක ත්‍යාග මුදලක් සහ ජය සංඛේත හිමිවිය.
තරගාවලියේ දක්ෂතම ඔසවන්නා ලෙස ධම්මිස්සරයේ තිසර පැතුම් ද,දක්ෂතම ප්‍රහාරකයා ලෙස මාරිස්ටෙල්ලා වේ සී එස් ජයකොඩි ද ඇගයීමට පාත්‍ර වූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබු වේ 
ධම්මිස්සර විද්‍යාලයේ එච් ටී විමර්ශනය.

හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රිකට් හෙට සිට තෙදිනක් මාතර දී



ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාසල් ලෙස ගැනෙන ආනන්ද,නාලන්ද,පන්නිපිටිය ධර්මපාල,මහනුවර ධර්මරාජ,ගාල්ල මහින්ද,අම්බලන්ගොඩ ධර්මාශෝක,කුරුණෑගල මලියදේව සහ මාතර රාහුල යන විද්‍යාල සහභාගි වන හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රිකට් තරගාවලිය මෙවර මාතර රාහුල විද්‍යාලයේ සංවිධානත්වයෙන් හෙට සිට තෙදනක් පුරා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවත් වේ.
මෙම විද්‍යාලයන් හී ජාතික තලයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ආදි සිසුන් විශාල පිරිසක් මෙම තරගාවලිය නියෝජනය කරන අතර පන්නිපිටිය ධර්මපාලය හැර අන් සෑම පාසලකින්ම ටෙස්ට් ක්‍රීඩකයන් බිහි වී තිබීමද විශේෂත්වයකි.
ප්‍රථම වරට මෙම තරගාවලියේ සියළුම තරග සදහා වර්ණ ඇදුම් භාවිතය මෙන්ම සුදු පන්දුව යොදා ගැනීමද සිදුවන අතර තරගාවලිය නිමාවට පත්වන 13 දා මෙම විද්‍යාල වල වර්ථමාන ක්‍රීඩකයන් සහභාගි වන සය සාමාජික තරගාවලියක් ද සුපුරුදු පරිදි පැවත්වීමට නියමිතය.

Feb 9, 2012

වෙරළ වොලිබෝලයට අලුත් තරු යුගලක්



අසංග ප්‍රදීප් කුමාර
දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ සූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළඅසංග ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා විසින් දිනා ගත්තේ ලාංකේය වෙරළ වොලිබෝල් කේෂ්ත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් වීම කැපී පෙණුනා.ගෙවුණු දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභීන් වූ සහ ජාත්‍යන්තර වශයෙන් ඉමහත් ප්‍රසාදයක් දිනා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාව නියොජනය කළ මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල පරාජයට පත් කරමින් අසංග සහ මලින්ද විසින් සූරතාවය දිනා ගැනීම ශ්‍රී ලංකා වෙරළ වොලිබෝලයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කිරීමක් වනවාට සැක නැහැ.අසංග සහ මලින්ද තරග‍ාවලිය අරඹමින් දකුණු ආසියාතික වෙරළ වොලිබෝල් අනු සූරයන් වූ පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් පරාජය කරමින් මෙම ජයග්‍රාහී ගමන ඇරඹුවා.

තරගාවලියේ කාන්තා සූරතාවය තක්ෂිලා නෙරංජලී සහ වාසනා සදමාලී වරාය අධිකාරියට දිනා දුන් අතර එහි අනු සූරතාවය ගුවන් හමුදාවට දිනා දෙන්නට ගීතිකා ගුණවර්ධන සහ නිරංජලා ගුණසිංහ සමත් වුණා.
කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරී ගුණසිංහ සහ සංජීවනී නිලක්ෂිකා විසින් හිමි කර ගත්තා.පිරිමි අංශයේ තෙවැන්නන් වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ ගයාන් දිල්රුක් සහ දිමුතු ක්‍රිෂාන්තයි.

රවි චන්ද්‍රන් ගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකා ජයග්‍රහණය වළකයි


Ravindra Jadeja and R Ashwin walk off after India's win
ඉන්දියාවේ ජය තහවුරු කළ ජඩේජා (වමේ) සහ අශ්වින්

න්දු යවමින් ලකුණු 32 ට කඩුලු 3ක් දවා ගත් රවි චන්ද්‍රන් අශ්වින් තීරණාත්මක මොහොතේදී හත් වන කඩුල්ල සදහා රවීන්ද්‍ර ජඩේජා සමග  නොබිදුණු ලකුණු 53 ක සබදතාවයක් පවත්වමින් ද ශ්‍රී ලංකාවට ජය ගැනීමට තිබූ ඉඩකඩ අසුරා දැමීය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මෙම තරගයට කණ්ඩායම නම් කිරීමේ දී නිත්‍ය දග පන්දු යවන්නෙකු අමතක කර තිබූ අතර එම කාර්යය තිලකරත්න ඩිල්ෂාන් පිට පැට වූ බවක් පෙනෙන්නට තිබිණ.නමුත් එම තීරණය වැරදි බව පෙන් වූ රවීන්ද්‍ර ජඩේජා සහ අශ්වින් සිය පන්දු ඕවර් 20 ලකුණු 73 ට දීමා කරමින් ශ්‍රී ලංකාවේ කඩුලු 4 ටම වග කීහ.
ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අවසාන ජයග්‍රහණය වාර්තා කිරීම සදහා දැඩි පීඩනය මැද දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් සහ හොදින් පන්දු යවමින් කැපී පෙණුනු සචිත්‍ර ඇලෙක්සැන්ඩර් මෙම තරගයේ දී යොදා ගැනීමේ හැකියාව තිබුණත් මහේල ඉකුත් සමයේ කණ්ඩායමෙන් පිටට ගිය විට ලකුණු අතරට පැමිණි ලහිරු තිරිමාන්න පිළිබදව තීරණයක් ගැනීමට තිබූ නොහැකියාව නිසා ශ්‍රී ලංකාව තරගය ආරම්භයේදීම වරදක් කර ගෙන තිබූ අතර ඒ නිසාම තරගය කඩුලු 6 ක් දැවී ලකුණු 181 ව තිබූ ඉන්දීය ඉණිම පාලනය කර ගැනීමට විශ්වසනීය දග පන්දු යවන්නෙක් ගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ඇහිරී තිබිණ.
තරගයේ කාසියේ වාසිය මහේල ජයවර්ධන ට හිමි වූ අතර පළමුව පන්දුවට පහර දීමට මහේල තීරණය කළේය.ඒ අනුව පිටියට පිවිසි ඩිල්ෂාන් සහ උපුල් තරංග අතරින් තරංග මුලු ලකුණු ප්‍රමාණය 12 ක් වෙද්දී ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට සහීර් ඛාන් සමත් විය.අනතුරුව තෙවන කඩුල්ල සදහා ඩිල්ෂාන් (48)  සහ කුමාර සංගක්කාර (26) අතර ලකුණු 62 ක සබදතාවයක් ඇති විය.අනතුරුව මේ කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු යන්ත්‍රය බවට පත් ව සිටින දිනේෂ් චන්දිමාල් (64) ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අර්ධ ශතකය වාර්තා කරමින්මහේල ජයවර්ධන (23) සමග සිව්වන කඩුල්ලට ලකුණු 52 ක් එක් කළ අතර අනතුරුව බිද වැටෙන ශ්‍රී ලංකා ඉණිමේ එක් අන්තයක් රැක ගත් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 33 ක් ලබා ගනිමින් ලාංකේය ලකුණු පූවරුව 233 දක්වා රැගෙඒ ඒමට පියවර ගත්තේය.
පිළිතුරු ඉණිමේදී නමගිය ඉන්දීය පිතිකරුවන් අතරින් විරාට් කෝලී එකම අර්ධ ශතකලාභියා වෙමින් අගනා ලකුණු 77 ක් රැස් කළ අතර තෙන්දුල්කාර්ගේ පිත්තෙන් ලකුණු 48 ක් ගලා ආවේය.අනතුරුව කලෙකට පසු පන්දුවෙන් දස්කම් පෙන් වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 ට කඩුලු 2 ක් දවා ගනිමින් ඉන්දීය ඉණිම යම් කිසි පීඩනයකට ලක් කරන්නට පියවර ගත් අතර නමුත් හත්වන කඩුල්ලට රවිචන්ද්‍රන් අශ්වින් සහ ජඩේජා එකතු කළ ලකුණු 53 ක සබදතාවයට හරස් කපන්නට කිසිවෙකුට හැකි නොවිණි.
ඒ අනුව ලෝක සූරයන් සහ අනු සුරයන් ලෝක සූරතා අවසාන තරගයට පසුව හමු වූ පළමු අවස්ථාවේද ජයග්‍රණය ඉන්දියාවටම හිමි වූ අතර ශ්‍රී ලංකාවට තීරණාත්මක අවසාන තරගයේදී පරාජයට කණ්ඩායම් සංයුතිය යම් බලපෑමක් කළ අයුරෙන්ම මෙහිදී ද කණ්ඩායම් සංයුතිය තරගයේ තීරණය ඉන්දියාව දෙසට හැරවීමට යම් හේතුවක් වූ බව පැහැදිළිව දකින්නට ලැබීම හ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් හොද තත්ත්වයක් නොවේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පිවිසීමට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518957.html

Feb 8, 2012

ශ්‍රී ලංකාව ජයග්‍රහණය රැක ගැනීමේ වෑයමක්




ගෙවුණු දකුණු අප්‍රිකා සංචාරයේදී අවසාන එක්දින තරග දෙක ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායමට එම අති විශිෂ්ඨ ජයග්‍රහණයන් තව දුරටත් රැක ගනිමින් පෙරට යන්නට ලැබෙන අපූරු අවස්ථාවක් ලෙස කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලිය යටතේ අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන තරගය හැදින්විය හැකිය.එසේම ලෝක කුසලාන තරගාවලියේ සූරයන් සහ අනු සූරයන් වූ ඉන්දියාව සහ සහ ශ්‍රී ලංකාව එම අති විශිෂ්ඨ අවසන් තරගයෙන් පසුව හමුවන ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.
ඉන්දියාව මේ මොහොතේ එක දිගටම පරාජයන් වලින් හෙම්බත්ව සිටීම නිසා ජයක් සොයමින් සිටින අතර සිය ලෝක කුසලාන අවසාන තරගයේ ප්‍රතිවාදියා වෙතින් පරාජය නොවී සිටීමේ දැඩි උවමනාවද ඔවුන්ට ජයගහණයේ අවශ්‍යයතාවය ඇති කරන අයුරෙන්ම යම් පීඩනයක් ද ඇති කරනු සැක නැත.ඒ අතින් බලන විට තරගයට ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම නායකයෙක් ලෙස පිළි ගැනෙන මහේල ජයවර්ධන ගේ මග පෙන්වීම මත පිටියට පිවිසෙන ශ්‍රී ලංකාව අද තරගයේ දී වඩා හොද මානසික තත්ත්වයකින් සිටින බව කිව හැකිය.
විශේෂයෙන්ම ලෝකයේ නව ක්‍රිකට් වීරයන් බිහි වෙමින සිටින,අලුත් පරම්පරාවක් හැදිණගමින් සිටින මොහොතක දෙපිළේ තරුණ ක්‍රීඩකයන් ගේ දක්ෂතා වලට විශාල අවකාශයක් සිය කණ්ඩායම් ජයග්‍රහණ වෙනුවෙන් පැවරී තිබෙන බව සත්‍යයකි.එසේම ශ්‍රී ලංකාව මේ සංචාරයට තුන් ඉරියව් ක්‍රීඩකයන් හය දෙනෙකුම සහභාගි කර ගෙන සිටින අතර එයින් වැඩි දෙනෙකුට අවස්ථාව ලබා දෙමින් එඩිතර තීරණයක් සදහා යාමට ශ්‍රී ලංකාව උත්සාහ ගැනීම ඉතාමත් වැදගත් ය.