Jun 20, 2012

ටෙස්ට් පිලේ උප නායකත්වය යළිත් මැතිව්ස් ට


ශ්‍රී ලංකාව පකිස්තානය අතර පැවත්වෙන ටෙස්ට් තරගමාලාවේ පළමු වැනි තරගය සදහා කැදවන ලද සංචිතයේ උප නායකත්වය යළිත් ඇන්ජලෝ මැතිව්ස් ට පිරිනැමීමට කටයුතු කර ඇත.මීට පෙර අවසාන වරට පැවති තරගාවලියේදි අසනීප තත්ත්වයේ සිට යළි පැමිණි මැතිව්ස්ට උප නායකත්වය පිරිනැමුණේ නැත.එය තිලාන් සමරවීරට පිරිනමා තිබුණු අතර මෙවර යලිත් එය මැතිව්ස් වෙත පිරිනමා ඇත.නමුත් පසුගිය කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලද අවස්ථාවන් හී සාධාරණය ඉටු කළ ලහිරු තිරිමාන්න මෙම සංචිතයෙන් ඉවත් කිරීම ගැටළුකාරී ය.දග පන්දු යවන්නන් තිදෙනෙකු නම් කර ඇති අතර මෙම සංචිතයට ලහිරුට අවස්ථාවක් ලබා නොදීම අලුත් පරපුරක් ගැන සිතන බව කියන තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති නැවත ප්‍රශ්න කිරීමකට බදුන් වීමකි.
පහත දැක්වෙන්නේ පළමු තරගය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය ය.නායක මහේල ජයවර්ධන,උප නායක ඇන්ජලෝ මැතිව්ස්,තිලකරත්න ඩිල්ෂාන්,තරංග පරණවිතාන,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,තිලාන් සමරවීර,චානක වෙළගෙදර,ප්‍රසන්න ජයවර්ධන,නුවන් ප්‍රදීප්,රංගන හේරත්,නුවන් කුලසේකර,සුරාජ් රන්දිව්,තිසර පෙරේරා,ජීවන් මෙණ්ඩිස්

No comments: