Sep 8, 2012

ලක් පාපන්දු වනිතාවෝ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය වාර්තා කරති

කුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයෙන් භූතානය පරාජය කරමින් ගෝල් 4 - 0 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලාංකේය කාන්තා පාපන්දු ඉතිහාසයේ වාර්තා වූ ප්‍රථම අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූහ.ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල 2ක් පළපුරුදු ක්‍රීඩිකා එරන්දි කුමුදුමාලා ලියනගේ වාර්තා කළ අතර ඉතිරි ගෝල් දෙක තවමත් පාසල්වියේ පසුවන 17 හැවිරිදි ප්‍රවීනා පෙරේරා ගේ පාදයෙන් වාර්තා විය.එරන්දි ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන අතර ප්‍රවීනා තවමත් කැළණීය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවකි.
මීට පෙර ජාත්‍යන්තර තරග වලදී භූතානය හමු වී ඇතත් ජය ගැනීමට හැකි වී නැති අතර ඒ අවස්ථාවේදී තරගය ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.කණ්ඩායම් පුහුණුකරු මහින්ද ගලගෙදර ප්‍රකාශ කළේ කණ්ඩායමේ හරි අඩක්ම ඉතාමත් තරුණ වියේ පසුවන ජවසම්පන්න ක්‍රීඩිකාවන් වීමත් ඒ අතරට හරි සමානව මෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සිටීමත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු පාලනය සහ පන්දු පාලනයේ වේගවත් බව ඉහළ මට්ටමක පවතින බවය.
පුහුණුවේ දී තමා ඇරබික් ව්‍යායාම ආදිය භාවිතයට ගත් බවත් ඒවා කණ්ඩාමේ ක්‍රීඩා විලාශය එක රිද්මයක පවත්වා ගැනීමට මෙන්ම කණ්ඩායම් හැගීමෙන් එක ඒකකයක් හැටියට ක්‍රියා කිරීමටත් හැකි වී තිබීම සතුටුදායක තත්ත්වයක් බව මහින්ද පවසන්නේය.
භුතාන තරගයට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ අන්තර්ජාතික තරගාවලි තුනකදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 27 ක් රැස් කර ඇති අතර ශ්‍රී ලංකාව ලබා ගෙන තිබුණේ ගෝල 2 ක් පමණක් බවත් පැවසූ මහින්ද ඒ අනුව බලන විට මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව ලැබූ විහාල ජයක් බව පැවසීය.ඊ ළග තරගයේදී ඉන්දියාවට එරෙහිව මහා විප්ලවයක් කරන බව තමා නොකියන නමුත් හොද තරගයක් ලබා දීම තම අපේක්ෂාව බවත් පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකකට පමණක් මුහුණ දී ඇති ඉන්දියාව එහිදී ගෝල 15 ක ප්‍රමාණයක් රැස් කර ගෙන ඇති බව පෙන්වා දෙන මහින්ද,දකුණු ආසියාවේ වර්ථමාන කාන්තා පාපන්දු දැවැන්තයන් එක් වරම උස්සා පොළවේ ගසන්නේයැයි වහසි බස් කීමට තමා සූදානම් නැතැයි පැවසීය.එහෙත් මේ තරුණ පාපන්දු කණ්ඩායම වෙනස්කමක් කළ හැකි සහ අනාගතය වෙනුවෙන් රැකගත යුතු කණ්ඩාවමක් බව මහින්ද පෙන්වා දුන්නේය.
කණ්ඩායම් කළමණාකාරිය සුධර්මා ජයවර්ධන තරග මානසික මට්ටමෙන් සිටින ක්‍රීඩිකාවන් සියල්ලෝම දැඩි විනයකින් ඒ සදහා කැපවීමෙන් ක්‍රියා කරන නිසා භූතානයට එරෙහිව ජයෙන් නොනවතින ජයග්‍රාහී ගමණකමේ තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යොදනු ඇතැයි අපේක්ෂා කරයි.
www.supirikrida.com

ආදිවාසීහු මැති ඇමතින්ට විරුද්ධව ගැටෙති

CSN CHAMPS බදුල්ල දිස්ත්‍රික් වැඩ සටහනට සමගාමීව ආදි වාසීන් සහ පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන් සහ ආදිවාසීන් අතර ක්‍රිකට් තරගයක් පැවත්වීමට කටයුතු යොදා තිබේ.බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 14 දා පැවත්වෙන මෙම ක්‍රිකට් තරගයට මැති ඇමති කණ්ඩායම නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ගේ නායකත්වයෙන් කණ්ඩායමක් පිටියට පිවිසෙන අතර ආදි වාසී කණ්ඩායමේනායකයා ලෙස කටයතු කරන්නේ ඌරුවරිගේ හීන්බණ්ඩා ඇත්තන්ය.ඔහු වැදි නායක වන්නියැලැත්තන්ගේ හයවන පුත්‍රයා වීම විශේෂත්වයකි.
දැනට CSN  නාලිකාවේ අධීක්ෂනය සහ මග පෙන්වීම මත ක්‍රිකට් පුහුණුව සිදුවන ආදි වාසි ක්‍රිකට් කණ්ඩායම මෙම  තරගයට මුහුණ දීමට සූදානමින් සිටින අතර අලහප්පෙරුම අමාත්‍යවරයාගේ කණ්ඩායමට අමාත්‍ය ඩිලාන් පෙරේරා,පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ වැනි පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂ කෙරේ.
www.supirikrida.com

චීන කඩු හරඹවලට රන් පදක්කම් පහක්

න්ඩන් පැරා ඔලිම්පික් උළෙලට ඇතුළත් වූ කඩු හරඹ ඉසව් නවයෙන් ඉසව් පහකම රන් පදක්කම් චීනයට රැගෙන යන්නට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වී ඇත.ඊට අමතරව රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් ද අතුළුව කඩු හරඹ ඉසව් වලදී සමස්ත පදක්කම් නවයක් දිනා ගැනීමට ද චීනයට හැකි වී ඇත.ඉතිරි පදක්කම් බෙදී යාමේදී චීන හොංකොං කණ්ඩායම සෙසු රටවල් අභිබවමින් රන් පදක්කම් දෙකක් රිදී එකක් සහ ලෝකඩ තුනක් ලෙස සමස්ත පදක්කම් නවයක් එකතු කර ගනිමින් චීනයට පමණක් පසු පසින් වන අතර ඉන් අනතුරුව එම ඉසව්වේ වැඩි දස්කම් දක්වා ඇත්තේ රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගත් හංගේරියාවයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ චීනය වෙත ජයග්‍රහණය ගෙනවිත් දුන් ජිඇන්ග් රොන්ග්,බේලි වු සහ ෆෑන්ග් යාවො ය.
www.supirikrida.com

CSN සූරයෝ සොයා බදුල්ලට

CSN CHAMPS වැඩ සටහන යටතේ ක්‍රිකට්, පාපන්දු,වොලිබෝල්,දැල් පන්දු,රගර් සහ හොකී ක්‍රීඩාවන්ට දක්ෂයන් ජාතියට හදුන්වා දීමේ වැඩ සටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දක්ෂයන් තෝරා ඉදිරිපත් කිරීමේ වැඩ සටහන සැප්තැම්බර් 14 දා බදුල්ලේ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට නියමිතය.ඉකුත් ජූලි මාසයේ මාසතරින් ඇරඹි ‍ CSN CHAMPS   වැඩ සටහනේ දෙවැන්න ලෙස බදුල්ලේ පැවත්වෙන මෙම වැඩ සටහනට ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම අදාළ ක්‍රීඩාවන්හී සංගම් සහ සම්මේලන ද මේ සදහා දායකත්වය දක්වති.
මාතර පැවති  CSN CHAMPS   වැඩ සටහනට දහසකට අධික පිරිසක් සහභාගි වූ අයුරෙන්ම මෙම වැඩ සටහනට ද විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ ආකාරයෙන් හදුනා ගන්නා දක්ෂයන් ජාතික තලයට රැගෙන එමින් ජාතික මට්ටමේ තේරීම් වලදී දක්ෂතා දක්වන දක්ෂයන් ජාතික සංචිත වලට ඇතුළත් කිරීමට වැඩ කටයුතු සැළසුම් කර ඇත.
මේ සදහා සහභාගි වීමට කැමති බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ මේ සදහා වන අයදුම්පත් ලබා ගැනීමට හැකි අතර 14 දා පෙරවරුවේද ඒ සදහා අවස්ථාව සළසා ඇත.දැනට දිස්ත්‍රික්කයේ පාසල් සදහා විදුහල්පතිවරුන් මගින් ඉල්ලුම්පත් ලබා ගැනීමට හැකි පරිදි කටයුතු සැළසුම් කර ඇති අතර 0718 513337 දුරකථන අංකයෙන් මේ පිළිබදව වැඩි තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

Sep 7, 2012

දකුණු ආසියාතික කාන්තා තරගාවලිය වැස්ස සමග ගැටෙයි

ද ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිත දකුණු ආසියාතික පාපන්දු තරගාවලිය වර්ෂාව සමග ගැටෙමින් පවත්වා ගෙන යාමේ අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී ඇත.එහි ප්‍රථම තරගය අද උදෑසන සිට කොළඹට කඩා වැටෙන ධාරානිපාත වර්ෂාව සමග පෙ.ව.8.30 ට සීආර් පිටියේදී ආරම්භ කිරීමේ අභියෝගයට මුහුණ දෙමින් දැඩි වර්ෂාව මධ්‍යයේ තරගය ක්‍රියාත්මක වන බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.ඉන්දියාව සහ බංගලාදේශය අතර මෙම තරගය වැසි මැද පැවත්වෙන අතර
කොළඹ සීආර්එෆ්සී ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාභි වේ.  අද ප.ව.2.30 ට තරගාවලියේ සමාරම්භක උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතව ඇත.ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරගය අද භූතානය සමග ප.ව.3.30 ට ඇරඹීමට නියමිත අතර නමුත් මේ වන විට ලොන්ඩන් ප්‍රදේශයට පතිත වන වර්ෂාව හේතුවෙන් වැසි සමග තරග කිරිමෙන් ක්‍රිඩා පිටියේ තත්ත්වය ද නරක අතට හැරිය හැකි බැවින් සියලු කටයුතු අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.
කාණ්ඩ දෙකක් යටතේ තරගාවලියේ මූලික තරග ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව තරග වදින්නේ ඒ කාණ්ඩයෙන්ය.එම කාණ්ඩයට ඉන්දියාව,භූතානය සහ බංගලාදේශය අයත් වන අතර බී කාන්ඩයට පකිස්තානය,නේපාලය,මාල දිවයින සහ ඇෆ්ගනිස්ථානය සහභාගි වේ.කෙසේ හෝ මේ වන විටත් තරගාවලියට කණ්ඩායම් අටම සහභාගි වන බව ප්‍රකාශ වී ඇති අතර දකුණු ආසියාවේ සියළුම කණ්ඩායම් තරගාවලියට එක්කර ගැනීමට හැකි වීම සංවිධායකයන් ලද ජයක් ලෙස හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ දෙවන තරගය පැවත්වෙන්නේ ඉන්දියාවට එරෙහිවය.එම තරගය නව වන දා පෙ.ව.8.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.එකළොස් වන දා ප.ව.3.30 ට ශ්‍රී ලංකාව මූළික වටයේ අවසාන තරගයට බංගලාදේශයට එරෙහිව මුහුණ දීමට නියමිතය.
තරගාවලියේ අවසාන පූර්ව තරග  14 දා ක්‍රියාත්මක විමට නියමිත අතර පළමු අවසාන පූර්ව තරගය පෙ.ව.8.30 ට සහ අවසාන තරගය ප.ව.3.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.තරගාවලියේ අවසාන තරගය 16 වන දා ප.ව.3.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන කුමාරි ජයරත්න නායකත්වය දෙන අතර උප නායකත්වය දරන්නේ ශසිකා රම්මි ය.ඇය ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන්නීය.කණ්ඩායමට පාසල් සිසුවියන් සිව් දෙනෙකු සහ එක් සරසවි සිසුවියක් ඇතුළත්ව සිටීම කැපී පෙනෙන සිදුවීමකි.කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහින්ද ගලගෙදර කටයුතු කරන අතර,ශානිකා රාජපක්ෂ සහ මේනකා දිසානායක සහය පුහුණුකාරිනියන් ලෙස කටයුතු කරයි.කණ්ඩායමේ භෞත චිකිත්සක ලෙස එම්ඒ භාසිත් කටයුතු කරන අතර කණ්ඩායම් කළමණාකාරියගේ වගකීම දරන්නී සුධර්මා ජයවර්ධනයි.
www.supirikrida.com

ප්‍රිස්ටෝරියස් යළි පැරදෙයි

The medal winners in the men's 100m - T44 Final pose on the podium
සිය දෙපය අහිමි වුව ද සාමාන්‍ය මිනිසුන්ගේ ධාවනයට අභියෝග කරමින් සිය කෘතිම දෙපයේ ශක්තියෙන් ඔලිම්පික් නියෝජනයට පවා අවස්ථාව ලද ඔස්කා ප්‍රිස්ටෝරියස් මෙවර පැරා ඔලිම්පික් උළෙලේ දී මේ දක්වා ඉදිරිපත් වූ ඉසව් දෙකෙන්ම පරාජයට පත් වී ඇත.සිය කෘතිම පාද වලින් ඉපැයෙන ශක්තිය කෘතිම බවට ගෙනා තර්ක ප්‍රතික්ෂේප කළ ප්‍රිස්ටෝරියස්ම මීටර් 200 ඉසව්වේදී ඔහු පරාජයට පත් වීමෙන් ඉනික්බිතිව එය ජයගත් බ්‍රසීල ක්‍රීඩක ඔලිවේරා ගේ පාදවල අස්වාභාවික බව ප්‍රශ්න කළ අතර ඉන් අනතුරුව පැවති මීටර් 100 ඉසව්වේදී ප්‍රිස්ටෝරියස් එංගලන්තයේ ජොනී පීකොක් අතින් පරාජයට පත්විය.
පීකොක් අතින් පරාජයට පත් වීමෙන් නොනැවතී ප්‍රිස්ටෝරියස්ට කිසිදු පදක්කමකට යාමට ද ඉඩක් නොලැබි අතර දෙවන ස්ථානය ඇමෙරිකාවේ රිචඩ් බ්‍රවුන් ද තෙවන ස්ථානය ප්‍රිස්ටෝරියස්ගේම රට වන දකුණු අප්‍රිකාවේ ආර්නු පෝරිට ද ලබා දී ප්‍රිස්ටෝරියස්ට සිව්වන ස්ථානයෙන් සීමා වන්නට සිදු විය.මෙහිදී එංගලන්තයේ පීකොක් නව පැරා ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් තත්පර 10.90 ට ඉසව්ව නිමා කරන්නට සමත්විය.
මේ වන විට මීටර් 400 ඉසව්ව පමණක් ඉතිරිව ඇති අතර එම ඉසව්වෙන් ඔලිම්පික් තරගයද නියෝජනය කර ඇති ප්‍රිස්ටෝරියස්ගේ ප්‍රබලතම ඉසව්ව ලෙස සැළකෙන මීටර් 400 රන් පදක්කම රැක ගැනීමට ප්‍රිස්ටෝරියස් සියළු උත්සාහයන් දරනු ඇත.ඒ සදහා ඉදිරිපත් වන සෙසු ක්‍රීඩකයන්ට වඩා පෞද්ගලික දක්ෂතා සළකා බලද්දී ප්‍රිස්ටෝරියස් බොහෝ ඉදිරියෙන් සිටියද ඇති වී තිබෙන අලුත් ප්‍රවනතාවය ප්‍රිස්්ටෝරියස අභිබවා යාමට යම් ඉඩක් ඇති බව පැහැදිළි කරන බැවින් අද පැවත්වෙන ටී 44 මීටර් 400 මූලික තරගය මෙන්ම හෙට පැවත්වෙන එහි අවසාන තරගයද ක්‍රීඩා ලෝකයේ විශාල අවධානයකට ලක් ව තිබෙනු දැකිය හැකිය.
www.supirikrida.com

Sep 6, 2012

සංගාට සම්මාන තුනක්!

සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී සම්මාන තුනකට හිමිකම් කියන්නට හ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සමත් වුණා.ජනතාවගේ ක්‍රීඩකයා,වසරේ ක්‍රීඩකයා ලෙස ද සම්මානයට ප.් වූ සංගක්කාර වසරේ හොදම ටෙස්ට් පිතිකරු ලෙස  සම්මානනීය වුණා.හොදම ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් තේරී පත් වෙද්දී,හොදම එක්දින පන්දු යවන්නා ලෙස සම්මානනීය වූයේ ලසිත් මාලංගයි.හොදම එක්දින පිතිකරු ලෙස මහේල ජයවර්ධන සම්මානනීය වූවා.පන්දු යවන්නෙකු ලෙස මහේල ගේ වැඩි අවධානයක් දිනා ගන්නට අපොහොසත් වී සිටින ටිඑම් ඩිල්ෂාන් හොදම එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙසත් දිනේෂ් චන්දිමාල් නැගී එන ක්‍රීඩකයා ලෙසත් සම්මානනීය වුණා.
අවුරුදු 23 න් පහළ තරග අංශයේ මේ වන විට විශාල කැළඹිල්ලක් ඇති කර තිබෙන දග පන්දු යවන අකිල ධනංජය පරයා රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ තරිදු කෞශල්‍යය හොදම පන්දු යවන්නා ලෙස තේරි පත් වුණා.කාන්තා අංශයේදී සම්මාන කිහිපයකටම සුදුසුකම් ලද ෂරීනා රවිකුමාර් කැපී පෙණුනා.සියළු තොරතුරු සදහා පිවිසෙන්නට මේ සමග වන http://www.islandcricket.lk/blogs/srilankacricket/budditha/ceat-awards-2012 තෙරපීමෙන් සියැට් නිල වෙබ් අඩවියට පිවිසෙන්නට හැකියාව ලැබෙනවා.
www.supirikrida.com

පැරා ඔලිම්පික් සාජන්ට් කමක් තරම්වත් බර නැතිද ?

Gunther Matzinger (L-R) Silver medallist Yohansson Nascimento of Brazil, gold medallist Gunther Matzinger of Austria and bronze medallist Pradeep Sanjaya Uggl Dena Pathirannehelag of Sri Lanka  pose on the podium during the medal ceremony for the Men's 400m - T46 final on day 7 of the London 2012 Paralympic Games at Olympic Stadium on September 5, 2012 in London, England.
ක්‍රීඩාවකින් ලොව දිනන්නට යද්දීම එහි ප්‍රතිලාභ විසින් අත් කර දෙන දේ ප්‍රසිද්ධ වී හමාරය.නමුත් පැරා ඔලිම්පික් යද්දී ඒ ගැන වචනයක් නැත.අමාත්‍යංශවල සිටින අය ද,ඊට සහභාගි වන වෙනත් වෘත්තිකයන්ද මේ ආබාධ වලින් පෙළෙන අයගේ කර පිටින් වෙනත් රටක් බලා කියා ගෙන එන්නට යන්නට අනුග්‍රාහකයන් සොයනු විනා ඔවුන්ට අත්විය යුතු වරප්‍රසාද ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්ය.
ප්‍රදීප් සංජය සම්බන්ධයෙන් ද ගලා එන්නේ සුභ පැතුම් පමණි.ක්‍රීඩා අමාත්‍යවරයා ලෝකය ඉදිරියේ හ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබන්නට සංජීව තරග වැදුණේ කෙලෙසින් ද යන්න දෑස් පනා පිටම දුටුවේය.තරගයට පෙරාතුව මෙන්ම පසුවද උණු උණුවේම ජයග්‍රහණය පතා පිටව යන දෑත් ද ජයග්‍රහණය ලබා ආ දෑත් ද දෝතින් ගෙන සුභ පතන්නට ක්‍රීඩා අමාත්‍යවරයා එහි සිටියේය.සැබෑ ලාංකිකයෙකු සේ ඔහු එයින් උද්දාමයට පත්ව කැ ගසන්නට ඇත.ඔහු ගේ ස්වභාවය එබදු බව ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ඔහු අසළින් සිට තරග නැරඹූ කාට වුව අමුත්තක් නොවනු ඇත.එහෙත් ඒ අව්‍යාජකමට ලාංකේය හැගීමට අමතරව මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවේ බලධාරියා ලෙස සිය පරිපාලන තීන්දු තුළ ප්‍රදීප් සංජය වෙනුවෙන් කුමක් කරන්නේ ද යන්න ද ඉතා වටින්නේය.
සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනා දීමෙන් පසුව ලංකාව ලද විශාලතම ජය මෙය බව සැක නැත.ඒ වෙනත් ලෝක සූරතා ජයග්‍රහණ අවතක්සේරු කිරිමට ලියන දෙයක් නොව,වැඩිම තරගකාරීත්වයක් ඇති ලෝක මට්ටමේ තරගයකදී අප ලද ජය මෙය ය.ඒ සදහා මුදල් තිබුණාට සහභාගි  වන්නට නොහැකිය.වැදගත්ම දේහැකියාව පෙන්නා සුදුසුකම් ලබා ගැනීමය ප්‍රදීප්  මෙන්ම සහභාගිවූ සියල්ල මෙම තරගාවලියට ගියේ ආසියාතික මට්ටමෙන් මෙම තරගාවලිය සදහා සුදුසුකම් ලද්දෝ ලෙස ය.වයිල්ඩ් කාඩ් හෝ අඩු තරගකාරීත්වයක් ඇති තරගාවලි නියෝජනය කර ලබා ගත් ලකුණු වලින් තේරී පත් වී පත්වීමක් එහි නොවිණ.
මීට තෙවරකට පෙර ඔහු මලල ක්‍රීඩකයෙකු නොවිණ.2008 දෙසැම්බර් හීතල මකාලමින් උතුරුකරයේ හුවමාරු වූ උණුසුම වෙඩි උණ්ඩ ඔහු ගේ දෑතින් උණු ලේ දහර වක්කරමින් ඔහු එක් අතක් ආබාධිත සහිත අයෙකු බවට පත් කළේ 28 වැනි දිනය.ඒ දෙසැම්බර් 28 වැනිදා යින් පසුව ඔහු මාතෘ භූමිය වෙනුවෙන් අතක් අහිමි කර ගත් රණවිරු නාම ලේඛණයේ එක් පුද්ගල චරිතයක් නොවී ආබාධ සහිත අයගේ මලල ක්‍රීඩා පොකුරේ සාමාජිකයෙකු වන්නේය.සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඔහුට පාසලි වියේදී මලල ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දක්වන්නට ඇවැසි පසුබිම ඔහු ඉගෙනගත් ගම්පහ දෙල්වල විද්‍යාලයේ නොතිබිණ.ඒ නිසා ඒවා අයාලේ ගොස් සිය දෙපයේ ජවයෙන් ඔහුට යුධ හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකයෙකු නොවී යුධ පෙරමුණට යන සෙබළෙකු පමණක් වන්නට සිදු විය
එහෙත් යුධ හමුදාව සතු පිරිස් බලය මෙන්ම භෞතික වට පිටාව ආබාධිතයෙකු ලෙස හුදෙකලාව කල්පනාවේ ගැලි මනසින් දුක් විදිනවාට වැඩි යමක් ඔහුට ලබා දී ඇත.දෑත දෙපය හොදින් තිබියදී සැගව තිබූ සිය ක්‍රීඩා කෞශ්‍යය ඔහුගේ සිරුරෙන් මතු ව නැග ආවේ ලක් මවට ආශිර්වාදයක් වෙමින් ය.ප්‍රදීප් ගේ දෙමව්පියන් වූ රංජනී මාතාව මෙන්ම කරුණාරත්න පියා ද පහසුකම් ඇති පාසලක සිය දරුවාට අධ්‍යාපනයක් ලබා දුන්නේ නම් ඔහු කොතැනක නවතීද යන්න සිහින දැකපු කාලයක් තිබෙන්නට ඇත.නිශිකා දුලංජලී තමාට සහ ප්‍රදීප් ට දාව උපන් තවමත් තෙමසක් වන සිය සිගිති දියණියට සාමාන්‍ය යුධ සෙබළෙක් නොවන අධ්‍යාපනයක් පිළිබදව හින දකිමින් සිටිය දී අද ඇයට සිය දියණියට සිය පියා ගැන ආඩම්බරයෙන් කතා කරන්නට තවත් යමක් එකතු වී ඇත.
යුද්ධය විසින් අතක් අහිමි කර ගත් උඹේ අප්පා රට වෙනුවෙන් ඒ දේ කළ වීරයෙකි.රටේ ඒකීයත්වය දිනා දීමට සිය ශරීරය කැප කළ වීරයෙකි යනුවෙන් පමණක් නොකියා හෙට සිගිති දියණිය බහ තෝරන විට උඹේ අප්පා ලොවම දිනූ වීරයෙකි.ලොව ඉදිරියේ රට අභිමානයට පත් කළ වීරයෙකි යනුවෙන් පවසන්නට මග බලා සිටිනවා සැක නැත.
මේ දස්කම කරන පරිසරය ඉතා වැදගත්ය.ශ්‍රී ලංකාවේ නිකංම නිකං ආබාධිතයෙකු නොවී ඔහුට ලෝකය ඉදිරියේ වීරයෙකු වන්නට ලැබුණේ යුධ හමුදාව නිසාය.ඒ ගැන අවිවාදිතය.නමුත් ලෝකයට සාපේක්ෂව එය මහා කජ්ජක් නොවන බව අප පිළිගත යුතුය.උදාහරණයකට සාමාන්‍ය මිනිසුන් සමග එකට සිට දිවිය හැකි ඔස්කා ප්‍රිස්ටෝරියස් ගත හැකිය.කෘතිම පාදය ඔහු ට අසාමාන්‍ය හැකියාවක් උත්පාදනය කරන බවට නැගූ චෝදනා ඔහු මීට පෙර ප්‍රතික්ෂේප කළේය.
නමුත් මේ 'තල දෙපා ඇති' මිනිසා පරාජය කරමින් මෙවර මිටර් 200 ජය ගන්නට බ්‍රසිලයේ ඔලිවේරා සමත් විය.ඒ සමග ප්‍රිස්ටෝරියස්,ඔලිවේරා ගේ දෙපයේ තාක්ෂණය ගැන සැකයෙන් මුමුණන්නට පටන් ගෙන ඇත.එය සත්‍ය හෝ අසත්‍ය විය හැකිය.නමුත් එයින් ඔප්පු වන්නේ ලෝකයේ මෙම ක්‍රීඩා වට පිටාව දැඩි වියදමක් සහිත තාක්ෂණික පසුබිමකින් පෝෂණය වෙමින් පවතින බව ය.පහසුකම් ඉතා ඉහළින් භාවිතා වන බවය.
ඉතිං ප්‍රදීප් මේ ජයග්‍රහණය ලබන්නේ එවැනි සුඛෝපභෝගී තාක්ෂණයන්ට එරෙහිව ටොරිංටනයේ ගස් යට බත් පත් ලිහා ගෙන කමින් කළ පුහුණුව සහ කැපවීම පදනම් කරගෙන බව අප පිළිගත යුතුය.ඒ නිසාම එහි වීරත්වය දෙගුණ තෙගුණ වන්නේය.ඒ වීරත්වයට අප මුළු හදින්ම සුභ පතද්දි ඊට වඩා යමක් ඒ වෙනුවෙන් කරන්නට හැකි පිරිසක් ක්‍රීඩාවේ,හමුදාවේ සහ රාජ්‍ය තාන්ත්‍රිකව සිටිති.
කඩුලු කිහිපයකින් ආසියාවම දණ ගැස් වූ කළ,උසස් වීම් ලැබුණු අයුරු අපට මතකය.ඒ සම්බන්ධ විවේචන අපට නැත.සියළු ක්‍රීඩාවන්ට සම වරප්‍රසාද සැළකිලි ලැබෙන්නේ නම් මේ ජයග්‍රහණය ලොව දිනීමකි.ඒ ගැන තර්ක විතර්ක අනවැසිය.රටවල් දෙසිය ගණනක් ඉදිරියේ සිහ ධජය ලෙලෙන විට රටවල් පහ - හයක් ඉදිරියේ ලද ජයට වඩා එය අවතක්සේරු කළ හැකිද?ලුතිනන් ධූරයක් නොව අඩුම තරමේ සාජන්ට් ධූරයක් හෝ මේ රණවිරුවා ගේ ලෝක ජයග්‍රහණය වෙනුවෙන් හිමි වන්නේනම් එය කෙතරම් අගනේද?ලෝකයක් ඉදිරියේ රටක් ජයග්‍රහණය කරා රැගෙන ගිය පියෙකු ගැන පුංචි කබඩයක තිබෙන පදක්කමක් පෙන්නා කතා කරන දියණියක ගැන අනාගත මාධය පරපුරට සිදු නොවන්නේ නම් එය අගනේය.ලොවක් දිනූ සිය පියා නිසා ආඩම්බරයෙන් කතා කරන හොද අධ්‍යාපනයක් ආර්ථික පසුබිමක් සහිත දියණියක් පියාගේ අප්‍රතිහත දිරියෙන්-සවියෙන් තමන්ට ලැබුණු දායාද ගැන පිය ප්‍රශස්ති ගයනු දකින්නට ලියන්නට හැකි පරිසරයක් ප්‍රදීප්ගේ දියණිය හරහා අපේ අනාගත මාධ්‍යවේදින්ට උරුම වන්නේනම් එය අපූරු අත්දැකිමක් නොවන්නේද?
අප බලා සිටිමු!ක්‍රීඩා අමාත්‍යවරයා,ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපතිවරයා ද ප්‍රදීප් ගේ ලෝක ජයග්‍රහණයට කෙසේනම් ප්‍රතිචාර දක්වනු ඇත්ද?එසේම අද ද රණ විරුවන් සටන් පාඨයක් කර ගනිමින් උගුර ලේ රස වන තුරු වේදිකා වල මොර තලන මැති- ඇමති කැළ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මේ ජයග්‍රහණය හරහා රට ලැබූ කීර්තියට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
අපි ඒ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටින අතරේම රජයේ තේමා පාඨයම ගෙන ලොව දිනූ ශක්තිවන්ත දිරිය පුත්‍රයාට සුභ පතමු!
සුභ අනාගතයක්!

Sep 5, 2012

එරංගා සහ මිලන්ත අති සූර ක්‍රීඩක‍ -ක්‍රීඩිකාවෝ වෙති

මෙවර ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලේ අති සූර ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ මිලන්ත සම්පත් දිසානායක ඇගයීමට ලක් වූ අතර අති සූර ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එරංගා දුලක්ෂියි.මිලන්ත දුර පැනීමේ ඉසව්වෙන් පෑ දක්ෂතා හේතු කොට ගෙන අති සූර ක්‍රීඩකයා වෙද්දී මීටර් 3000 කාන්තා බාධක දිවීම ඉසව්වෙන් තමා සතුව පැවති විනාඩි 10:24.54 ක වාර්තාව බිද හෙලූ,එරංගා විනාඩි 10:17.56 ක් ලෙස ජාතික වාර්තාව යළිත් අලුත් කරමින් දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය.
මෙවර මලල ක්‍රීඩා උළෙලේ දි මීටර් 1500 ජාතික වාර්තාලාභිණිය වන ශ්‍රී ලංකා යුධ හමුදාවේ චම්පිකා දිල්රුක්ෂි මීටර් 800 ඉසව්වේදී විනාඩි 03:07.36 ක කාලයක් වාර්තා කරමින් නව ආරක්ෂක සේවා මලල ක්‍රීඩා වාර්තාවක් සිය නමට ලියා ගන්නට සමත් වීම කැපී පෙණින.එසේම කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී උස පැනීමේ ඉසව්වෙන් ලොව හත් වැන්නා වූ මිලාන් මධුෂ්ක දිසානායක මීටර් 2.13 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ආරක්ෂක සේවා වාර්තාව සියතට ගත්තද ඊට වඩා විශාල දක්ෂතාවයක් ඇති ක්‍රීඩකයෙකු ලෙස ඔහු එම ඉසව්වෙන් මද පසුබැස්මක් පෙන්වීය.
කාන්තා උස පැනීමේ ඉසව්වේදී නාවික හමුදාවේ දුලාංජලී රණසිංහ මීටර් 1.80 සීමාවට පිවිසෙමින් ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ඉසව්වක 1.80 කඩඉමට පිවිසි පළමු ක්‍රීඩිකාව වීම අගය කළ යුතුය.තිබූ වාර්තාවට වඩා තත්පර 10 ක ප්‍රගතියක් පෙන් වු ගීතානි රාජසේකර මීටර් 5000 ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙ නව තරග වාර්තාවට හිමිකම් කීවේ විනාඩි 17:10.13 කින් එම ඉසව්ව නිම කරමින් ය.එසේම වරථමාන හෙල්ල වීසි කිරීමේ සූර සචිත් මධුරංග ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලේ හෙල්ල වීසි කිරීමේ වාර්තාවට ද හිමිකම් කියමින් මීටර් 74.15 ක දුරක් තරණය කිරීමට සමත් විය.
කලෙක පටන් සිදුවන ආකාරයටම ශ්‍රී ලංකා යුධ හමුදාව සමස්ත සූරතාවය දිනා ගැනීමට සමත් විය.පසුගිය වසර දෙකක පමණ කාලයක් ඊට එරෙහිව සැහෙන සටනක් දියත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පසු බැසිමක් දක්නට ලැබුණ අතර නාවික හමුදාව ඊට සාපේක්සව ප්‍රගතියක් දැක් වීය.
www.supirikrida.com

ප්‍රදීප් ගෙන් ලංකාවට ඓතිහාසික පදක්කමක්

Gunther Matzinger of Austria crosses the line to win goldන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ ටී 46 මීටර් 400 ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් දිනා දීමට ප්‍රදීප් සංජීව සමත් වුණා.1996 වසරේ සිට පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාව සහභාගි වන පස්වන පැරා ඔලිම්පික් තරගාවලිය මෙය වන අතර එහිදි ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කම ලෙස සංජීව ගේ පදක්කම ඉතිහාසයට එක් වෙනවා.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මට්ටමේ මීටර් 400 ඉසව්වද මේ වන විට තත්පර 48 -49 සීමාවේ රැදෙන බව බොහෝ ප්‍රතිපල පැහැදිළි කරන තත්ත්වයක ප්‍රදීප් සිය ඉසව්ව තත්පර 49.28 කින් නිමා කරන්නට සමත් වීම කැපී පෙණුනා.තරගයේ රන් පදක්කම ගන්තර් මැට්ෂින්ජර් හිමි කර ගත් අතර ඒ සදහා ඔහුට තත්පර 48.45 ක කාලයක් ගත වුණා.රිදී පදක්කම දිනා ගත් බ්‍රසීලයේ යොහාන්සන් නැස්කමින්ටෝ තත්පර 49.21 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.ඡායාරූපයේ 2054 අංකය යටතේ තරග වදින්නේ ජයග්‍රාහක මැට්සින්ජර් වන අතර අංක  2708 යටතේ තරග වදින්නේ ප්‍රදීප් සංජීව ය.
ඊයේ අමරා ඉන්දුමතී ද ටී 46 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වට තරග වැදුණු අතර ඇයට එහි මූලික තරගයේදී පස්වන ස්ථානය දිනා ගත්තාය.අවසන් තරගයට තේරීමට නොහැකි වුව ද,අමරා තමා ගේ මීටර් 200 තරගයේදී මෙන්ම මෙම ඉසව්වේදී ද තම හොදම පෞද්ගලික කාලය වාර්තා කළ අතර ඒ අනුව ඇය මීටර් 100 තත්පර 13.96 කින් සිය ඉසව්ව නිම කළාය.
මේ අතර ප්‍රදීප් සංජීව සිය ජයග්‍රහණය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ දෑස ඉදිරිපිට දි වාර්තා කිරීමට සමත් වූ බව වාර්තා වන අතර තරගයට පෙර සංජීව ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම හමු වී ඔවුන්ට සුභ පතන්නට ද ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බවත් කණ්ඩායම සමග ඡායාරූපයකට පෙනී සිටි බවත් ලන්ඩනයෙන් වාර්තා වෙනවා.මේ අතර ශ්‍රී ලංකාවෙන් තරගාවලිය ආවරණය කිරිමට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් මුණ ගැසීමට ද ක්‍රීඩා ඇමතිවරයා සහභාගි වී ඇති අතර පහත දැක්වෙන්නේ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවයි.
www.supirikrida.com

මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය 7 සහ 8

කොළඹ දිස්ත්‍රික් මේස පන්දු සංගමය සහ ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය එක්ව පවත්වනු ලබන ජාතික මේස පන්දු ශ්‍රේනිගත කිරීමේ තරගාවලිය සැප්තැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදි පැවත්වීමට නියමිතය.අවුරුදු 8,10,12,15,18 යන වයස් ඛාණ්ඩ වල බාලක සහ බාලිකා යන තරග මෙන්ම විවෘත පිරිමි සහ කාන්තා කේවල සහ යුගල තරගත් මෙම තරගාවලිය ආශ්‍රිතව පැවත්වීමට නියමිතය.
තරගාවලියේ සමාරම්භක උළෙල වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි සහභාගි වන අතර විශේෂ ආරාධිතයන් ලෙස ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය එන්එල්ඒ කරුණාරත්න ද,එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ සහ වානිජ පීඨයේ පීඨාධිපති සම්පත් අමරතුංග ද සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com

Sep 4, 2012

ලෙස්ලි කුමාරගෙන් හොදම දක්ෂතාවය

DOBAGODA LIYANAGE Lesly Kumara න්ඩනයේ පැවත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියට ඉදිරිපත් වන හ්‍රී ලංකා කණ්ඩායමේ ලෙස්ලි කුමාර එෆ් 42 ඛාණ්ඩයේ උස පැනීමේ ඉසව්වේදී හත්වන ස්ථානයට පත් වෙමින් සිය හොදම පෞද්ගලික දක්ෂතාවය ලෙස මීටර් 1.50 ක උසක් ඉක්මවා යන්නට සමත් විය.මීටර් 200 සහ 400 ඉසව් සදහා ටී 46 ඛාන්ඩයෙන් ඉදිරිපත් වූ ප්‍රදීප් සංජීව පිළිවෙළින් තත්පර 23.40 ට සහ 50.56 ට සිය ඉසව් නිම කළ අතර එම ඉසව් දෙකෙන්ම අවසාන තරගයට පිවිසීමට ඔහුට අවස්ථාවක් හිමි වුණේ නැත.දුර පැනීමේ ඉසව්වට ටී 44 ඛාණ්ඩයෙන් සහභාගි වූ ධුමීර මධුරංග සියදෙවන ඉසව්ව වූ මීටර් 200 ට ඉදිරිපත් වී වාරතා කළේ තත්පර 26.23 ක  කාලයක් වූ අතර ඒ අනුව ඔහුටද අවසාන තරග සදහා පිවිසෙන්නට අවස්තාවක් හිමි වූයේ නැත.
මීට පෙර ටී 46 ඛාන්ඩයේ මීටර් 200 ඉසව්වේදී අවසාන තරගයට නොපිවිසුන ද,එම ඉසව්වේ සිය හොදම කාලය වාර්තා කළ අමරා ඉන්දුමතී අද මීටර් 100 ඉසව්ව නියෝජනය කරන්නට නියමිත අතර උස පැනීම එෆ් 46 සදහා තරග වදින ලෙස්ලි කුමාර දැනට ඉතිරිව ඇති අනෙක් බලාපොරොත්තුවය.රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනා පිළිබද ශ්‍රී ලංකාව විශාල බලා පොරොත්තු තබා තිබුණ ද එය සාර්ථක නොවිණි.කේවල තරග වලදී මෙන්ම ඔවුන් දෙදෙනා සහභාගි වූ යුගල තරගයේදී ද ජපානයේ ටී මිකී සහ ටී සන්ඩා වෙතින් ලකුණු 6- 0 සහ 6 - 1 ක් ලෙස පරාජයට පත් විය.
www.supirikrida.com

ජවන හා පිටිය වැඩි දස්කම් බෝගම්බරින්

 මෙවර බන්ධනාගාර මලල ක්‍රීඩා උළෙල අති සාර්ථක ලෙස කොළඹ වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ අතර එහිදී පිරිමි සූරතාවය සහ සමස්ත සූරතාවය බෝගම්බර බන්ධනාගාරයට හිමි වූ අතර කාන්තා සූරතාවය වැලිකඩ බන්ධනාගාරයට හිමි විය.මෙහිදී විශේෂත්වයක් ගත්තේ ක්‍රීඩා උළෙලේ සංවිධායක වගකීම කරට ගත් බන්ධනාගිර දෙපාර්තමේන්තුවේ මලල ක්‍රීඩා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයා ද වන බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායකයන් ගේ යටි සිතේ තැන්පත්ව තිබූ අදහසකට සුපිරික්‍රීඩා වෙතින් පණ පිඹිමෙන් ඉනික්බිතිව තරගාවලියට ඇතුළත් කරන ලද සිපිරියන්ගේ මීටර් 400 සහ මීටර් 100 ඉසව්වට විශාල ප්‍රතිචාරයක් සහ අවධානයක් හිමි වීමත් ඒ සදහා තරගකරුවන් ඉතා උනන්දුවෙන් සහභාගී වීමත්ය.
තරගාවලියේ ඒ ඒ වයස් ඛාණ්ඩවල දක්ෂතම ක්‍රීඩකයන් තෝරා ගැනීමේදි විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෙල්ල වීසිකිරීමේ ඉසව්වෙන් 2006 දකුණු ආසියාතික තරගාවලිය නියෝජනය කළ දැනට කුරුවිට බන්ධනාගාරයේ සේවයේ නියුතු කේඒජීසී තිලකරත්න සම්මාන ලැබීය.
මේ වන විට ක්‍රීඩාවට සම්බන්ධ නැතත් තවමත් තාරුණ්‍යයේ පසුවන මෙම ක්‍රීඩකයා මෙහිදි මීටර් 54.22 දක්ෂතාවයක් දක්වමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින් තමා තුළ තවමත් තාරුණ්‍යය මෙන්ම ක්‍රීඩාවද ඉතිරිව තිබෙන බව පැහැදිළි කළේය.ක්‍රීඩා පවුලකට උරුමකම් කියන හෙතෙම කණිෂ්ඨ තුන්පිම්ම ඉසව්වේ වාර්තාලාභියෙකු මෙන්ම වර්ථමානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකුද වන ඉසුරු උදානගේ සොහොයුරා ද වෙයි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූයේ බෝගම්බර බන්ධනාගාරය නියෝජනය කළ නිල්මිණි රණසිංහ ය.ඇය මීටර් 100 ඉසව්ව තත්පර 14.7 කින් නිම කර එම ජයග්‍රහණය ලද්දාය.වයස් 35 - 39 අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස බෝගම්බර කේබී අලවත්තේගම දුර පැනීම ඉසව්වෙන් පෑ දක්ෂතාවය හේතු කොට සම්මාන ලබද්දී,එම වයස් ඛාණ්ඩයේ දුර පැනීම කාන්තා ඉසව්වේදී මීටර් 3.59 ක දක්ෂතාවයක් දැක් වූ තුෂාරා රෝෂිණි දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය.40 -44 වයස් ඛාණ්ඩයේ පිරිමි දුර පැනීම ඉසව්ව මීටර් 5.69 ක දුරක් පනින ලද වැලිකඩ ඒඑම් ආරියරත්න එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා වෙද්දී,දක්ෂතම ක්‍රීඩිකාව වූයේ දුර පැනීම ඉසව්ව මීටර් 3.49 ක දක්ෂතාවයකින් ජයගත් බෝගම්බර පීකේ පෙතියාගොඩය.
වයස 45 - 49 ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.21 ක් වාර්තා කළ මඩකළපුව නියෝජනය කළ කේ චන්ද්‍රකුමාර්ට හිමි වූ අතර එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රිඩිකාව වූයේ කළුතර නියෝජනය කළ කේකේඑන්එච් රණවීර ය.ඇය යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 6.4 ක දක්ෂතාවයක් දැක් වූවාය.
යගුලිය වීසි කිරීමේ ඉසව්වට වයස 50 - 54 ඛාණ්ඩයෙන් ඉදිරිපත් වූ ඊඑම් සෙනවිරත්නමීටර් 11.00 ක දක්ෂතාවයක් දක්වමින් එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩක සූරතාවය බෝගම්බරට දිනා දෙද්දී,එහි කාන්තා සූරිය වන්නට සමත් වූ බෝගම්බරම පීජී අයිරංගනී දුර පැනීමේ ඉසව්වේදී මීටර් 2.9 ක දක්ෂතාවයක් වාර්තා කළාය.55 -59 කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා වූ බදුල්ල බන්ධනාගාරයේ උපාලි ද සිල්වා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 11.28 ක දක්ෂතාවයක් දැක් වූ අතර එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ ඒ මංජුලා කව පෙත්ත වීසි කිරීමේ තරගයේදී මීටර් 12.02 ක දක්ෂතාවයක් දක්වා තිබුණාය.
මෙම තරගාවලියේ දී ධාවන ඉසව් වලදී ඉහළ දක්ෂතා වාර්තා නොවීම පිළිබදව මලල ක්‍රීඩා ලේකම් චන්දන ඒකනායකයන්ගේ මෙන්ම බන්ධනාගාර කොමසාරිස් වරයා ගේද අවධානය යොමු වුණු අතර ඊට හේතුව ලෙස ඔවුන් විසින් නිසි ව්‍යායාම වලින් තොරව සිට තරබාරු වීම සහ බඩ නෙරා ඒම හේතු හැටියට හදුනාගෙන තිබිණ.ඒ තත්ත්වය වෙනස් කර රාජකාරියට යහපත් පෙණුමක් ලබා දීම සදහා මෙන්ම සේවක නිරෝගී බව වර්ධනයට ද නිසි පරිදි  බන්ධනාගාර නිලධාරීන් ව්‍යායාම වලට යොමු කිරීමට කටයුතු කිරිම කෙරෙහි බන්ධනාගාර කොමසාරිස් වරයා සිය අවධානය යොමු කරන බව මෙහිදී ප්‍රකාශ කරන්නට යෙදිණ.
www.supirikrida.com

Sep 2, 2012

පැරා තරග පිටියේ පරාජයන් කිහිපයක්

Gold for Germany in the men's Long Jumpපැරා ඔලිම්පික් තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ඉසව් සහ රෝද පුටු ටෙනිස් තරග සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරිපත් වුණත් සාර්ථක ප්‍රතිපල අත් වුණේ නැහැ.ඒ අතරින් මෙවර පැරාඔලිම්පික් තරගාවලියට සහභාගි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තු අතර සිටි රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් වූ උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායකට කේවල තරග ඉසව්වේ මූලික තරග වලදී පරාජයට පත් වීමට සිදු වුණා.
උපාලි රාජකරුණා ස්පාඤ්ඤයේ ඩැනියෙල් කැවර්සච් අතින් පරාජයට පත් වුණේ 6 - 1 සහ 6 - 2 ක් ලෙසයි.19 හැවිරිදි ඩැනියෙල් 37 හැවිරිදි පළපුරුදු ශ්‍රී ලංකාවේ අංක එකේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයා වන රාජකරුණා පරාජයට පත් කිරීමට පෙර ගාමිණි දිසානායක තමාට වඩා වසරකින් බාල 33 හැවිරිදි ප්‍රංශයේ පෙඩ්රික් කැටෙනේ පරාජයට පත් කරේ 6 - 4 සහ 6 - 0 ක් ලෙස යි.
මලල ක්‍රීඩා එෆ් 42 - එෆ් 44 දුර පැනීමේ ඉසව්වෙන් තරග බිමට පිවිසි දුමීර මධුරංග මීටර් 5.56 ක දුරක් පැන එම ඉසව්වේ නව වන තැනට පත් වූ අතර එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනමින් මීටර් 7.35 ක දක්ෂතාවයක් දැක් වු ජර්මණියේ මාර්කස් රෙහ්ම් ඡායාරුයේ දැක්වෙනවා.
මේ අතර ටී 46 පිරිමි මීටර් 200 තරග ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ප්‍රදීප් සංජය එම මූලික තරගයේද ී තත්පර 23.40 ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ පස්වන ස්ථානයට පත් වුව ද අවසාන තරග වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුණා.
www.supirikrida.com

2017 යොවුන් පොදුරද මඩුළු උළෙලට සත්කාරක ක්‍රීඩාවක් ලෙස දැල්පන්දු

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් සංවිධාන විසින් මෙහෙයවන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී
එම ක්‍රීඩා උළෙල සදහා සත්කාරකත්වය දරන රටට ක්‍රීඩාවන් කිහිපයක් ඇතුළත් කිරීමට ලැබෙන අවසරය ප්‍රයෝජනයට ගෙන 2017 දී හම්බන්තොට පැවත්වීමට නියමිත යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරක ක්‍රීඩාවක් ලෙස දැල් පන්දු ඇතුළත් කර ගන්නා බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු පවසයි.මීගමුවේ කැන්ටමාරා වෙරළ තීරයේ පැවති ආසියානු වෙරළ දැල් පන්දු තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි හේමසිරි ප්‍රනාන්දු  එම ප්‍රකාශය සම්බන්ධයෙන් තව දුරටත් කරන ලද කරුණු විමසිමක දී දැල්පන්දු ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ආ හැකි ක්‍රීඩාවක් ලෙස සැළකිය හැකි බවත් මෙම තත්ත්වයන් සැළකිල්ලට ගෙන සත්කාරක ඉන්දියාවේද සහය ලබා ගෙන 2013 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට ද දැල් පන්දු ක්‍රිඩාව ඇතුළත් කිරිමට හැකි වෙනු ඇතැයි ද විහ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර වශයෙන් සහ ආසියාතික ඔලිම්පික් කමිටු ප්‍රධානින් අතර විශේෂ සැළකීමක් ඇති පුද්ගලයෙකු ලෙස ප්‍රකට හේමසිරි ප්‍රනාන්දු 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය පතා ජාතික ඔලිම්පික් කමිටුව ඉක්මවා යමින් ඇතැමෙකු විසින් කරන්නට යෙදුණ දැවැන්ත ව්‍යාපාර පරාජයට පත් වෙද්දී එවැනි කිසිදු වැයක් නොමැතිව,2017 යොවුන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට නිතරගයෙන්ම දිනා දුන්නේ ඒ සම්බන්ධයෙන් තරග කරන්නට සිටි රටවල් හා සුහදව කරන ලද සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස ය.ඒ නිසා එවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස හේමසිරි ප්‍රනාන්දු විසින් දැල් පන්දුවට දක්වන්නට යෙදෙන දායකත්වය ශ්‍රී ලාංකේය දැල් පන්දුවට විශේෂ අවස්ථාවක් වනු සැක නැත.
www.supirikrida.com

පුංචි රෝමයේ ආසියානු වෙරළ දැල් පන්දු වසන්ත‍යේ සූරයෝ ඉන්දියාවෙන්- සූරියෝ ලංකාවෙන්

මීගමුවේ කැන්ටමාරා වෙරළ තීරයේ පැවති පළමු ආසියානු වෙරළ දැල් පන්දු තරගාවලියේ සූරියන් වෙමින් ඊට දිනකට පෙර අහිමි වූ ආසියානු දැල් පන්දු සූරියන්ගේ කිරිටයේ කදුළු යම් තාක් දුරට පිසලා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ජාතික දැල් පන්දු කණ්ඩායමට යොමු වූ අවධානයෙන් සහ සැළකිල්ලෙන් හරි අඩක්වත් යොමු නොවුණ ද ශ්‍රී ලංකා වෙරළ දැල් පන්දු ක්‍රීඩිකාවන් ආසියාවේ ලාංකේය දැල් පන්දුවට හිමි කීර්තියට කැළලක් නොවන්නට වග බලා ගත් අතර එම කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස 'යමුනා සදමාලි' ක්‍රීඩිකාවන්ගේ මුල් පුහුණුකාරියන්ගේ ද සේවය ස්වෙච්ඡාවෙන් ලබා ගනිමින් ඒවා නිසි සම්බන්ධිකරණයක් ඇතිව මෙහෙයවමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම සදහා කළ කැපවීම ද මෙහිදී ඇගයීමට ලක් කළ යුතුය.
එසේම යමුනා ගේ සේවය විශාල ඇගයීමකට ලක් කළ  තේරීම් කමිටු සාමාජිකාවක් ප්‍රකාශ කළේ ඇය කිසිදු බලපෑමක් තේරීමට නොකළ බවත් නම් කළ කණ්ඩායම ඉක්මණින් ලබා දී තමාට ඒ අතරින් දක්ෂ කණ්ඩායම තෝරා ගෙන පුහුණු කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළ බවය.පුහුණුකාරියක ලෙස ජාතික සංචිතයකට ඇතුළත් වන ඕනෑම ක්‍රීඩිකාවක දක්ෂ බව අවබෝධ කරගෙන ඔවුන් ගේ විශේෂ හැකියාවන් හදුනාගෙන ඒවා ඔප්නංවා ජයග්‍රහණය සදහා යොදා ගැනීමට පුහුණුකාරියකට දැණුම තිබිය යුතු බවත් යමුනා ට ඒ සම්බන්ධයෙන් විශාල අවබෝධයක් තිබුණු බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
පිරිමි අංශයේ දී සූරතාවය ඉන්දියාවට හිමි වූ අතර පකිස්තානය අනු සූරයෝ වූහ.ශ්‍රී ලංකාවට තෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු විය.කාන්තා අංශයේ සූරතාවය ශ්‍රී ලංකාව වැඩි අභියෝගයකින් තොරව දිනා ගත් අතර මාල දිවයින මීට පෙර දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ ඉන්දියාවට එරෙහිව පරාජය වුව ද මෙවර ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව අනු සූරයන් වීමට වග බලා ගත්තේය.තෙවන ස්ථානය ඉන්දියාවට හිමි විය.
පිරිමි අංශය නියෝජනය කරමින් බලාපොරොත්තු වූ පරිදි මාල දිවයින සහභාගි නොවුණු අතර එම අංශයේ අවසාන තරගයට ශ්‍රී ලංකාවට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි කරමින් ඉන්දියාව සහ පකිස්තානය යන දෙරටම දැල් පන්දු කණ්ඩායම් ශ්‍රී ලංකාව පරාජයට පත් කළේය.කාන්තා අංශයේදී ශ්‍රී ලංකාවට අභියෝග කළ හැකි කණ්ඩායමක් නොවු තරම් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික තරග වල දී පකිස්තානය 27/02,මාල දිවයින 17/10,ඉන්දියාව 25/03 ක් ලෙස පරාජය කළහ.අවසාන තරගයේදී ශ්‍රී ලංකාව මාල දිවයින කණ්ඩායමට එරෙහිව ජය ගත්තේ 19/04 ක් ලෙස ය.
පිරිමි කණ්ඩායම් තරගයේදි ජයග්‍රාහි  ඉන්දීය කණ්ඩායම මුලික වටයේ තරග වල දී ශ්‍රී ලංකාව ලකුණු 16/10 ක් ලෙස සහ පකිස්තානය ලකුණු 19 /13 ක් ලෙස පරාජයට පත් කළ අතර අවසාන තරගයේදි යළිත් වරක් පකිස්තානය පරාජයට පත් කළේ,ලකුණු 21/13 ක් ලෙස ය.
www.supirikrida.com