Nov 9, 2013

බස්නාහිර ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් අයදුම්පත් www.supirikrida.com වෙබ් අඩවියෙන්


 බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 2013 බස්නාහිර පළාත් අන්තර් සමාජීය බැඩ්මින්ටන් තරගාවලිය සදහා තරග කරන්නන්ට සිය අයදුම් පත අප www.supirikrida.com වෙබ් අඩවියේ ඉහළ වම් කෙළවරේ දිස්වන මෙහි දැක්වෙන කොළ පාට බැනරය තෙරපීමෙන් බාගත කිරීමේ හැකියාව ඇත.තරගාවලිය ආශ්‍රිත නීති රිති ද එහි අඩංගු වේ.

බස්නාහිර පළාතේ ක්‍රීඩා සමාජ සදහා විවෘත මෙම තරගාවලිය සදහා අයදුම්පත් භාර ගැනීම නොවැම්බර් 23 දා අවසන් වන අතර අයදුම්පත් තරග ලේකම් ෂටල්පවර් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය,136, පූර්වාරාම පාර,කිරුළපන,කොළඹ 5 යන ලිපිනයට යොමු කළ යුතු අතර තරගාවලිය දෙසැම්බර් 6,7,8 යන තෙදින තුළ  ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවත්වීමට කටයුතු සූදානම කර ඇත.වැඩි විස්තර ගබා ගැනීමට අසංක පීරිස් (දුරකතන අංක 0718217056) හෝ එල් ආර් ආරියනන්ද (දුරකතන අංක 011 2726383 ) ඇමතීමෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.
www.supirikrida.com

ගිනස් දෙවන මනාලියෝ සහ සුපිරික්‍රීඩා

Wedding 550px
වැඩිම දෙවන මනාලියන් සංඛ්‍යාවක් සහිත විවාහ මංගල්ලය පසුගියදා මිගමුවේදී පැවත් වුණා.නව ගිනස් වාර්තාවක් ලෙස ඒ මොහොතේම ඊට අදාළ සහතික පත්‍රය ද මෙහිදී එම දෙවන මනාලියන් 126  දෙනෙක් හැඩ ගැන් වූ චම්පි ගුණතිලක මහත්මියට හිමි වුණා.මෙහිදී විශේෂත්වය වන්නේ ගිනස් ආයතනයේම නියෝජිතයෙක් පැමිණ එම සහතිකය වාර්තාව තැබූ මොහොතේම පිරිනැමීමයි.ශ්‍රී ලංකාවේදී එවැනි ආකාරයට ගිනස් නියෝජිතයෙක් සහභාගි වී නව වාර්තාවක් ඒ මොහොතේම පිළිගැනීමට සිදු වූ අවස්ථාව හැටියට මෙම අවස්ථාව ඉතිහාසයට එකතු වෙනවා.
මෙය ලංකාවේ ගිනස් වාර්තා තැබීම ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය සතු වගකීමක් ලෙස සිතා වැරදි පාරේ යමින් තිබූ ගමණක් නිවැරදි දිශාවට යොමු වීමෙන් පසුව වූ සිදු වීමක්.කලක් මෙම ගිනස් වාර්තා තැබීමට උත්සාහ කළ පිරිස් දඩයම් කර ජීවත්වෙන ව්‍යාපෘතියක් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හිටපු ප්‍රධානියෙක් සහ ඔහුගේ ගෝලයන් පිරිසක් අතින් සිදු වෙමින් තිබුණා.එහිදී ගිනස් වාර්තාවන් පිළිගැනීමට ලක් වීම වෙනුවට සිදු වුණේ අදාළ වෛද්‍ය ප්‍රධානියාට සහ ඔහුගේ ගෝලයන්ට රාජ්‍ය දේපළ ද පරිහරණය කරමින් සිය බඩකට වඩා ගැනීමට මාවත සකස්වීමයි.
මේ තත්ත්වය දිගින් දිගටම හෙළිදරව් කරමින් මාධ්‍ය ඔස්සේ විශාල සටනක් කර එම වෛද්‍ය ප්‍රධානියා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමට වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කිරීමේදී අපි පෙරමුණේම සිටියා.නමුත් සමාජ මතය නිවැරදි වූයේ නැහැ.තවමත් ගිනස් තොරතොරු සොයා වෛද්‍ය ආයතනය වෙත යන පිරිස් බොහෝමයි.වර්ථමානයේ මේ සියල්ලම පාහේ මහාචාර්යවරයා විසින් ගිනස් වාර්තාලාභී සනත් බණ්ඩාර හෝ අප වෙත යොමු කෙරෙන්නේ ඒ පිළිබදව උපදෙස් ලබා ගැනීමටයි.ඊට හේතු වන්නේ අප විවේචනයෙන් නොනැවති නියම ආකාරයට ගිනස් වාර්තාවක් තබන්නේ කොසේද කියා සනත් බණ්ඩාර විසින් ගිනස් වාර්තාව තැබීමේදී අනුගමනය කර පෙන්වා තිබිමයි.ඒ නිසා මෙම වාර්තාව තැබීම සදහා චමිපි ගුණතිලක මහත්මියට අවශ්‍යය කරුණු දැන ගැනීම පිණිසත් ඇය මහාචාර්යවරයා මගින් මවෙත යොමු කෙරුණා.ඇය දුරකථනයෙන් අවස්ථා කිහිපයකදීම කතා කර අදාළ තොරතොරු ලබා ගත් අතර මෙම වාර්තාව තැබීමේ දී එහි මුල් පියවර ශක්තිමත් කිරීමට සුපිරික්‍රීඩා දායකත්වයද එකතු වි තිබුණා.
ඇය මෙම වාර්තාව තැබුවේ සිය සහෝදරියගේ විවාහ මංගල්ලය සදහා දෙවන මනාලියන් හැඩ ගැන්වීමෙන් වන අතර දෙවන මනාලියන් වැඩිම පිරිසක් සහභාගි වූ මංගල්ලය ලෙස මෙම ගිනස් වාර්තාව සිය නැගණියගේ නමට හිමි වේ ද  යන සැකය ඉවත් කර ගැනීමට හැඩ ගැන්වීම පිලිබදව මූලිකත්වය දි ගිනස් ආයතනය සමග සාකච්ඡා කරන ලෙස මග පෙන්විම කරන්නට ද අප මැදිහත් වූවා.
නමුත් වාර්තාව තැබෙන මොහොතේ ඒ පරිශ්‍රයට මාධ්‍යයක් ලෙස හෝ අපට ආරාධනාවක් නොලැබුණු අතර සමහර විට මුල් අවස්ථාවේ ද කිහිපවාරයක්ම කතා කර තොරතොරු ලබා ගැනීමටද මගේ කාලය උදුරා ගත් නිසා තව දුරටත් ඇය වෙනුවෙන් මගේ කාලය උදුර ගැනීම සිදු නොකළ යුතු බව ඇය සිතන්නට ඇති.ඒ සිතුවිල්ලට ඇයට ස්තූතිවන්ත වන අතරේම අප නව ගිනස් වාර්තාලාභිණියක් වීම පිළිබදව ඇයට සුභ පතනවා.
ඉදිරියේදී එලැඹෙන 17 වන දා තවත් ගිනස් වාර්තාවක මැදිහත් කරුවන් වන්නට අපට හැකි වේ යැයි විශ්වාස කරන අතර නොවැමිබර් 17 දා පස්වරු 4.00 ට බත්තරමුල්ල පැලවත්ත ජනකලා කේන්ද්‍රයේදි ලොව විශාලතම ‍ඖෂධ පෙත්ත ගිනස් වාර්තාවක් සදහා ප්‍රදර්ශනය වෙනවා.එම වාර්තාව තැබීමට නියමිතව ඇත්තේ අහුන්ගල්ලේ ජයසේන පිටියගේ මහතායි. 

Nov 8, 2013

ලේඛා පරාජය වේ ඉන්දිය ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් අවසානයට

හරේන් ජාත්‍යනතර අභියෝගතා බැඩ්මින්ටන් සූරතාවලියේ අවසන් අට දෙනා අතරට පිවීසීමට සමත් වූ ලේඛා ෂෙහානි ගේ ගමන එතෙකින් නවතා දැමීමට ඉන්දියාවේ තෘප්ති මුර්ගන්ඩේ සමත් වුණා.කලක් ලොව අංක 49 ට ශ්‍රේණිගතව සිටි තෘප්ති,අද වන විට 135 වන ස්ථානයේ පසු වන අතර ඇයට 446 වන තැන රැදි සිටින ලේඛාව පරාජය කිරිමට විනාඩි 30 ක කාලයක් ගත වූවා.ප්‍රථම වටය ලකුණු 21 - 9 ක් ලෙස තෘප්ති ජය ගත්තද දෙවන වටයෙදී යම් අභියෝගයක් එල්ල කළ ලේඛා,තාප්ති ජයග්‍රාහී ලකුණ වාර්තා කරන විට ලකුණු 17 ක් ලබා සිටියා.
අවසන් පූර්ව වටයට පිවිස සිටින ක්‍රීඩිකාවන සිව් දෙනාම ඉන්දීය ක්‍රීඩිකාවන් වන අතර මේ වන විට බහරේන් තරගාවලියේ කාන්තා අංශයේ සියළු බලය ඔවුන් සතු කර ගෙන තිබෙනවා.ලේඛා සහ මැලේසියාවේ සන්නාතාෂ් සනිරු නොවන්නට අවසාන අට දෙනා අතරට පිවිසි සියළුම ක්‍රීඩිකාවන් ඉන්දීය ක්‍රිඩිකාවන් වන්නට තරම් මේ තරගය තුළ ඉන්දිය ආධිපත්‍යය ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා.තරගාවලියේ සංවිධානයට ඉන්දීය සම්භවයක් සහිත පිරිස් සම්බන්ධ විම නිසා ඉන්දියානුවන් වැඩි දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වීම මෙන්ම ඒ අනුව ජයග්‍රහණයට අවශ්‍යය මානසික පරිසරය මෙන්ම ඒ සදහා ඇති සම්භාවිතාව පුළුල් විමත් මේ සදහා හේතු වෙනවා.
පිරිම් අංශයේදී ද මේ ඉන්දිය ආධිපත්‍යය දකින්නට ලැබෙන අතර අවසනා පූර්ව තරගයට පිවිස සිටින තරග කරුවන් අතර ඉන්දුනීසියාවේ සුකම්ටා එවාර්ට් හැරෙන්නට අනෙක් තිදෙනාම ඉන්දියානුවන් වෙනවා.
www.supirikrida.com

Nov 7, 2013

ලේඛා අවසන් අට දෙනා අතරට

හරේනයේ ක්‍රියාත්මක බහරේන් ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට ලේඛා ෂෙහානි සමත් වුණා.කලාපයේ බැඩ්මින්ටන් බලවතා වන ඉන්දියාව නියෝජනය කළ මුද්රා ධනන්ජිං සමග පැවති තරගයකින් ලකුණු 17 - 21,21 - 18 සහ 22 - 20 ලෙස තියුණු ජයක් ලබමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගත් ලේඛා සිය දෙවන තරගයේදී ජෝර්දානයේ ඩීමා ඉස්සාම් විනාඩි 21 ක් තුල පරාජය කළේ ලකුණු 21 - 8 ක් සහ 21 - 8 ක් ලෙස යි.
අද තරගාවලිය ක්‍රියාත්මක ප්‍රධාන තරග පිටියේදී ලේඛා සිය අවසාන පූර්ව තරගයට ඉන්දියාවේ තෘප්ති මුර්ගන්ඩේ ට මුහුණ දීමට නියමිත අතර ඇය මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේනිගත කිරීම් හී සිව්වැනියාට සිටින්නියයි.
මෙම තරගාවලියට පිරිමි අංශයෙන් දිනුක කරුණාරත්න සහභාගි වූ අතර ඔහුට අවසන් පූර්ව තරගයට ඒමට ඉඩ නොතැබූ බහරේනයේ හෙරි සෙතිවාන් ලකුණු 21 - 14 ක් සහ 21 - 15 ලෙස දිනුකව පරාජයට පත් කළා.දිනුක ද මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ට නම් වී සිටි රෝහිත් යාදෙව් ලකුණු 21 - 19 ක් සහ 21 - 17 ක් ලෙස පරාජයට පත් කරමින් හොද ස්ථාවර තත්ත්වයක සිටියදි බහරේන් ක්‍රීඩකයා ඉදිරියේ අනපේක්ෂිත පරාජයකට ගොදුරු වෙමින් අර්ධ අවසන් වටයට පිවිසීමේ ද්වාරය වසා ගත්තා.
www.supirikrida.com

රශ්නි සහ උදිතට දක්ෂතම ක්‍රීඩක සම්මාන

යඹ පළාත් මේස පන්දු සංගමය මෙහෙයවන ලද කුරුණෘගල ස්පුට්නික් ආසියා ශාලාවේ පැවති වයඹ පළාත් මේස පන්දු තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මලියදේව බාලිකාවේ රශ්නි රාජපක්ෂ ද,දක්ෂතම ක්‍රීඩකයා ලෙස මලියදේව පිරිමි විද්‍යාලයේ උදිත ජයලත්ද ගෞරවයට පාත්‍ර විය.එහිදී රහ්නි අවුරුදු 18 න් පහළ බාලිකා සූරතාවය සහ විවෘත කාන්තා සූරතාවයට ද හිමි කම් කියූ අතර ඉසුරි ගොඩවිට සමග එකව විවෘත කාන්තා යුග අනු සූරතාවයට ද හිමිකම් කියන්නට සමත් විය.උදිත අවුරුදු 15 න් පහළ සූරතාවය සදහා පැවති තරගයේදි සචින්තන මූණමලේ අතින් පරාජයට පත් වී අනූ සූරයා බවට පත් වුව ද,විවෘත පිරිමි සූරතාවය දිනා ගන්නට සමත් විය.එමෙන්ම සුපුන් විමලසේන සමග එක්ව පිරිමි විවාත යුගල සූරතාවයට ද හිමිකම් කියන්නට උදිතට හැකි විය.
මෙහිදී විහේෂතවයක් ගත්තේ ඊසොෆ්ට් මෙට්රෝ විශ්වවිදයාලය විසින් ජයග්‍රාහී දක්ෂතා සළකා බලා පරිගණක විද්‍යාව හැදෑරීම සදහා රුපියල් 20,000 බැගින් වූ ශිෂ්‍යත්ව දෙකක් පිරිනැමීට කටයුතු කිරීමය.
www.supirikrida.com

ඩයන් ගෝමස් හොරණ සන්තකයට

විද්‍යාරතන කණ්ඩායම
 පාසල් දරුවන්ගේ බොක්සිං ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව වර්ධනය කිරීමට සහ හැකියාවන් සංවර්ධනයට හේතු වන පරිදි සවිධානය වන ඩයන් ගෝමස් අභියෝගතා කුසලාන බාලක බාලිකා බොක්සිං තරගාවලියේ දී මෙවර බාලක මෙන්ම බාලිකා සූරතාවය ද හොරණට රැගෙන යන්නට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය සහ හොරණ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයන්ට හැකි විය.බාලක සහ බාලිකා තරගවලදී නව පාසල් වල ඉදිරිපත්වීම මෙන්ම දක්ෂතා මට්ටමද සම තලයක පැවතීම අනාගතය පිළිබද හොද දර්ශනයක් ඇති කරන්නට සමත් වු අතර වඩා ක්‍රීඩා තාක්ෂනය කෙරෙහි සහ ක්‍රීඩාවේ තාක්ෂණික භාවිතාවන් කෙරෙහි නැඹුරුවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්  යොමු කිරීමට මේ තත්ත්වය ඉතාමත් වැදගත් වන්නේය.
ප්‍රජාපතී කණ්ඩායම
හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය ලකුණු 35 ක් ලබා ගනිමින් බාලක සූරතාවයට හිමිකම් කියද්දී,අනු සූරතාවය දිනූ මහනුවර විද්‍යාර්ථ විද්‍යෘලයට හිමි වූ‍යේ ලකුණු 16 කි.ලකුණු 14 ක් ලැබූ පානදුර යුනිචෙලා බොක්සිං සමාජය තෙවන ස්ථානයට පත් විය.බාලිකා සූරතාවයේදී ප්‍රජාපති බාලිකාවන් ලකුණු 38 ක් හිමි කර ගනිමින් සූරතාවය දිනා ගනිද්දී,අනු සූරියන් බවට පත් වූ නාරන්දේණිය ජතික පාසල ලකුණු 17 ක් ද තෙවන ස්ථානය දිනූ ඉංගිරිය ගැමිණි මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 13 ක් ද ලබා ගන්නට සමත් විය.
දක්ෂතම බාලක ‍බොක්සිං ක්‍රීඩකයා ලෙස ඩබ්ලිව්ඒඩීඩී තාරක ඇගයීම් ලැබූ අතර ඔහු හොරණ විද්‍යාරතනය නියෝජනය කළේය.දක්ෂතම පරාජිතයා බවට පත් වූයේ මහනුවර විද්‍යාර්ථය නියෝජනය කළ,ඩබ්ලිව්ඒඑස් මධුශංක ය.දක්ෂතම බාලිකා ක්‍රීඩිකාව ලෙස නාරන්දෙනිය ජාතික පාසල නියෝජනය කළ,ඒඑච්එන්කේ නදීශානි තේරි පත් වූ අතර ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කළ කේවිවී සිවරංගි තේරී පත් විය.
කේළඹ පාසල් වල ඉදිරිපත් වීමේ අඩුව මෙන්ම ක්‍රීඩාවෙන් පසු බැසීමද මෙම තරගාවලියේදී ද දැක ගන්නට ලැබුණු අතර මෙවර කොළම ප්‍රදේශ්‍යට හිමි වූ එකම රන් පදක්කම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට දිනා දෙන්නට එම විද්‍යාලය නියේජනය කළ සදරුවන් ක්‍රීඩකයා සමත් විය.තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාත්‍යන්තර තාක්ෂනික නිලධාරියෙක් මෙන්ම හිටපු ජාතික සූරයෙක් මෙන්ම ජාතික පුහුණුකරුවෙක්ද වූ ආර්කේ ඉන්ද්‍රසේන සමත් විය.
www.supirikrida.com

Nov 5, 2013

ඩිඑස්අයි සූරතාවයට තරග වදින්නෝ

අවුරුදු 14 න් පහළ බාලක අවසාන තරගය
 නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය
මාදම්ප සේනානායක මධ්‍ය මහා විද්‍යාලය
අවුරුදු 14 න් පහළ බාලිකා අවසාන තරගය
නාත්තණ්ඩිය ධම්මිස්සර මධය මහා විද්‍යාලය



රක්වාන රත්නාලෝක මහා විද්‍යාලය

අවුරුදු 16 න් පහළ බාලක අවසාන තරගය
සීදුව දවිසමර විද්‍යාලය


රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය

අවුරුදු 16 න් පහළ බාලිකා අවසාන තරගය
ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය

ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

අවුරුදු 18 න් පහළ බාලක අවසාන තරගය
සීදුව දවිසමර විද්‍යාලය

මිගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය

අවුරුදු 18 න් පහළ බාලිකා අවසාන තරගය
ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය
                                                  තොඩුවාව ශාන්ත අන්තෝනි විද්‍යාලය

ජාතික ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සිදුවන උදරතම සත්කාර්යය බවට අවිවාදිත ඩීඑස්අයි සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ වයස් ඛාණ්ඩ අවසාන තරග නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත.දෙවන වරට නාවලපිටියේ සංවිධානය වන මෙම තරගාවලියේ අවුරුදු 16 න් පශළ සහ අවුරුදු 18 න් පහළ අවසාන තරග සදහා නිරන්තරයෙන්ම පිවිසෙන කණ්ඩායම් ලෙස ඉතිහාසයට එක් වී සිටි මාදම්ප සේනානායක හෝ නාත්තණ්ඩාය ධම්මිස්සර යන විදයාල වලින් බාලක හෝ බාලිකා කණ්ඩායම් කිසිවකට සුදුසුකම් ලබා ගන්නට නොහැකි වී තිබීම විශාල පෙරළියක් ලෙස හැදින්විය හැකිය.
ඊට ප්‍රධානතම හේතුව වශයෙන් නිරන්තරයෙන් වසරක් පාසා පැවත්වෙන ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලිය ඉලක්කයක් කර ගනිමින් පාසල් ප්‍රජාව තුළ වොලිබෝල් ක්‍රීඩාව පිළිබද සැළසුම් සහගත ක්‍රියාවලියක් ආරම්භ වී තිබීම හැදින්විය හැකිය.එවැනි නිශ්චිත ඉලක්කයක් ලැබීම තුළ ක්‍රීඩාවේ නියැලෙන්නන්ට අභියෝග වලට මුහුණ දීම සදහා සැළසුම් සකස් කර ගැනීමට ලැබෙන කාලය ඉති වැදගත් මෙහෙවරක් ඉටු කරන අතර ඩීඑස්අයි වොල්බෝල් තරගාවලිය තුළ සිදුවන වොලිබෝල් ව්‍යාප්තිය මෙන්ම දක්ෂතාවයන් ව්‍යාප්තියද ඊට උදාහරණ ලෙස ගත හැකිය.නමුත් අවාසනාවට ජාතික ක්‍රීඩාවේ හෝ ජාතික හෝ පාසල් සැළසුම් තුළ මෙවැනි වගකීම් සහගත සැළසුමක් දකින්නට නොලැබීම කණ්ගාටුදායක තත්ත්වයක් ලෙස ගත හැකිය.
විශාල ග්‍රාමීය ජන සහභාගීත්වයක් ඇතිව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙවර අවසාන තරග වයඹ,බස්නාහිර සහ සබරගමුව අතර තුන් කොන් සටනක් බවට පත් වී ඇති අතර වයඹ නියෝජනය කරමින්,මාදම්ප සේනානායක,නාත්තණ්ඩිය ධම්මිස්සර,තොඩුවාව ශාන්ත අන්තෝනි සහ ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලබා ඇත.සබරගමුවෙන් ඇහැලියගොඩ ධර්මපාල,රක්වාන රත්නාලෝක,රුවන්වැල්ල රාජසිංහ සහ ගලිගමුව මධය මහා විදයාලය තේරී පත් වී සිටිති බස්නාහිරෙන් සීදුව දවිසමර සහ මීගමුව මාරිස්ටෙල්ලා යන විද්‍යාල අවසාන තරග සදහා සටන් වදින අතර මෙවර අවසාන තරග සදහා තේරී පත් වූ කණ්ඩායම් 12 අතර සබරගමුවෙන් කණ්ඩායම් අටක් තේරී පත්වීම නව ප්‍රවනතාවයක් ලෙස හැදින්විය හැකිය.   

Nov 4, 2013

බංගලිදේශය නවසීලන්තය බිංදුවට දමයි

වසිලන්තය සහ බංගලාදේශය අතර පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරග දෙක ජය ගෙන සිටි බංගලාදේශ කණ්ඩායමේ එක් ජයග්‍රහණයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලැබු එකක් වූ බැවින් ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙක් අවසාන තරගයේදී බංගලාදේශයට නවසීලන්තය නොසෑහෙන පහරක් දෙනු ඇතැයි විශ්වාසයෙන් සිටියද,නවසීලන්තයට තරග 3 - 0 ක පරාජයක් අත් කර දුන් බංගලාදේශ ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගැනීමට සමත් වූහ.පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය රොස් ටේලර් ප්‍රමුඛ කොට බංගලාදේශයට තර්ජනාත්මක ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ නිසා ඕවර් 50 නිමා වන විට නවසීල්නත ඉණිම කඩුලු 5 ට ලකුණු 307 ක් ලෙස දැක්විණ.රොස් ටේලර් පන්දු 93 දී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී රැස් කළ ලකුණු ප්‍රමාණය 107 ක් විය.කලින් මුන්රෝගේ දායකත්වය ලකුණු 85 ක් වූ අතර ඔහු හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් එල්ල කළේය.
Bangladesh do a victory lap after sealing the series 3-0තරගය ආරම්භයේ සිටම එම අභියෝගය ජය ගැනීමට සුදුසුබව පෙන්නුම් කළ බංගලාදේශ පිතිකරුවන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 61 ක සබදතාවයක් පැවත් වූයේ පන්දු ඕවර් 7.4 ක් තුළදී ය.එහිදි ආරම්භක පිතිකරු ආක්‍රමණය මෙන්ම ආරක්ෂාවද කැටි වු ඉණිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු සම්ෂුර් රහ්මන් ලකුණු 96 ක් රැස් කළේ පන්දු 107 ට මුහුණ දෙමින්ය.හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් එක් වී තිබූ එම ඉණිමට අමතරව අවසාන මොහොතේදී කඩුලු ඉතිරිව තිබීමේ වාසිය අතට ගත නසීර් හොසේන් පන්දු 38 දී නොදැවී ලකුණු 44 ක් ලැබූ අතර පන්දු ප්‍රහාර 5 ක් ම හතරේ පහර වූ අතර එක් හයේ පහරක්ද නසීර් එල්ල කළා.නයීම් ඉස්ලාම් ලකුණු 63 කින් මෙම ලකුණු ප්‍රමාණය හඹා යෘමට දායක වූ අතර තරගයේ අවසාන ඕවරයේ දෙවන පන්දුවේ දී තරග 3 - -0 ක තරගාවලි ජයක් ලෙස බංගලිදේශයට සියළු ගෞරවය හිමි වෙමින් තරගය නිමාවට පත් වුණා.

ක්‍රිකට් රක්ෂණය හොරු එක්ක හෙළුවෙන්

ක්‍රිකට් ආයතනය නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී රක්ෂණ සමාගම ලෙස මීට පෙර තරගාවලියේ රක්ෂණ කටයුතු භාරව කටයුතු කළ සමාගම වෙනුවට වෙනත් සමාගමක් තෝරා ගැනීමට කටයුතු කිරීම පිළිබදව විවිධ සැක කටයුතු චෝදනා එල්ල වෙමින් ඇත.මීට හේතුව වී ඇත්තේ දැනට ක්‍රිකට් ආයතනයට එරෙහිව ඇමෙරිකානු ඩොලර් මිලියන 17 ක් සම්බන්ධයෙන් නඩු හබයක පැටලී සිටින රක්ෂණ සමාගමක නිලධාරියෙකු මෙම රක්ෂණය පැවරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් වී සිටීම මෙම චෝදනා එල්ල වීමට ප්‍රධාන වශයෙන් බල පා තිබුණද,එම නිලධාරියාට හෝ ක්‍රිකට් ආයතන පරිපාලනයට මෙම නිලධාරියා අදාළ කමිටුවෙන් ඉවත් කිරීම පිළිබදව සදාචාරාත්මක වගකීමක් නොමැති වීම ක්‍රීඩාවේ ඛේදවාචකයක් බව ක්‍රිකට් සහෘදයන්ගේ අදහස වී තිබෙනවා.
කෙසේ හෝ එවැනි ආයතනයක නිලධාරියෙක් කුමනාකාරයේ තත්ත්වයෙන් හෝ මේ කමිටුවේ සිටීම ගණුදෙනු වල විනිවිද භාවය පිළිබද සැක ඇති කරන හේතුවක් වූ නමුදු කිසිදු ක්‍රීඩා බලධාරියෙක් ඒ බව නොසළකා හැර තිබීම කණ්ගාටුදායක තත්ත්වයකි.
www.supirikrida.com