තරගාවලියේ පළිහ සූරතාවය දිනා ගන්නට සමත් වුණේ කොමර්ෂල් බැංකු කණ්ඩායම වූ අතර අනු සූරතාවය සදහා ඩයලොග් ඒ කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.වට 3 - 2 ක් ලෙස විසැදි එම සූරතාවය මෙන්ම සෙලාන් බැංකු කණ්ඩායම සහ ශ්‍රී ලංකන් අතර පැවති පළග කුසලාන අවසාන තරගයද උණුසුම් මුහුණුවරක් ගත අතර එහි ජයග්‍රහණය වට 3 - 2 ක් ලෙස සෙලාන් බැංකුව දිනා ගත්තේ ශ්‍රී ලංකන් කණ්ඩායමට අනු සූරතාවය හිමි කර දෙමින්.
බදුන කුසලානය සදහා පැවති අවසාන තරගයට ගුවන් තොටුපළ සහ පර්යන්ත සේවා කණ්ඩායම සහ සම්පත් බැංක් බී කණ්ඩායම තේරී පත් වී සිටි අතර එහි ජයග්‍රහණය වට 3 - 0 ක් ලෙස ගුවන් තොටුපළ සහ සේවා පර්යන්ත කණ්ඩායම විසින් දිනා ගත්තා.
තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවය වෙනුවෙන් glits විලාසිතා නියෝජනය කරමින් එහි සාමාන්‍යාධිකාරී ඒ හසන් අම්ජාඩ් එක් වී සිටි අතර, මෙහෙයුම් කළමණාකරු ඒඑම්එම් සෆීක් සහ වෙළද කළමණාකරු ඒඑල්එම් අකීල් ද ඒ අතර සිටියා.
වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සබාපති නිරෝධ ද කොස්තා සහ එහි සාමාජිකයන්ගේ සංකල්පයක් අනුව glits එක් වීමෙන් මෙහිදී කොළඹ ලුම්බිණි,කළුබෝවිල බුද්ධඝෝෂ,අත්තිඩිය ආදර්ශ ප්‍රාථමික සහ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාල සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාව සදහා අවශ්‍යය වන උපකරණ බෙදා දීමක් ද සිදුවුණා.මීට අමතරව තරගාවලියේ මූලික වටයේ ඒ ඒ කණ්ඩායම් නියෝජනය කළ කාණ්ඩ වල සූරතාවයන් පිරිනැමීමක් ද සිදු වූ අතර එහි දී ඒ කාණ්ඩයේ සූරයන් ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තේරී පත් වූ අතර බී කාණ්ඩයේ සූරතාවය දිනා ගැනීමට සම්පත් බැංකු කණ්ඩායම සමත් වුණා.සී කාණ්ඩයේ සූරතාවය පළමු වරට තරගාවලියට අනුග්‍රාහකයන් ලෙස එක් වූ glits ආයතනයට අදාළ නෝ ලිමිට් කණ්ඩායම විසින් දිනා ගත් අතර සෙලාන් කණ්ඩායම ඩී කොටසේ සූරතාවය දිනා ගත්තා.
ඊ කාණ්ඩයේ සූරතාවය අබාන්ස් බී කන්ඩායමට හිමි වූ අතර ජී කාණ්ඩයේ සූරතාවය හිමි වූයේ මාස් හෝල්ඩින්ග්ස් කන්ඩායමට යි.එච කොටසේ සූරතාවය දිනා ගැනීමට එච්එස්බීසී කණ්ඩායම සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment