Mar 17, 2012

සචින් 100 යි - ඉන්දියාවට 0 යි බංගලාදේශය ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ඉතිරි කර දෙයි


බංගලාදේශයේ ක්‍රියාත්මක ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය බංගලාදේශය තරගයෙන් කඩුලු 5 විශිෂ්ඨ ජයක් වාර්තා කළ බංගලාදේශය තරගාවලිය තුළ තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදා කර දුන්නේය. කගෙක සිට පෙරුම් පුරමින් සිට සචින් තෙන්දුල්කාර් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ ශතක ශතකයක් පසු කළ පළමු වැන්නා වීමට බංගලාදේශයට එරෙහිව ලකුණු 114 ක් ලබා ගනිමින් සමත් වීම ඊයේ තරගයේ විශේෂ සිදුවීම විය.එම ඝතකය ද සමග ඉන්දියාව සිය ලකුණු පූවරුව 289 දක්ව වර්ධනය කර ගත්තද බංගලාදේශය දැඩි ආක්‍රමණශීලී පිතිකරණ රටාවක නියැලෙමින් තරගයේ අවසන් පන්දු ඕවරයේ දෙවන පන්දුවේ දී ඉන්දියාවට පරාජය ගෙන දෙමින් තම ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 293 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය.ඒ අනුව සචින් තෙන්දුල්කාර් ශතක සියයක් සම්පූර්න කළ මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් බංගලාදේශයට ලකුණු 4 ක් හිමි වන අතර ඉන්දියාවට කිසිදු ලකුණක් හිමි වන්නේ නැත.
මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට තව දුරටත් බලාපොරොත්තු ඇති කර ගත හැකි තත්ත්වයක් ඇති වී තිබෙන අතර එහිදී පකිස්තානය ඉදිරියේ ඉන්දියාව පරාජය වීම සහ බංගලාදේශය ඉදිරියේ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සමග ජයක් ලබා ගතහොත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට අවස්ථාවක් උදා වනු ඇත.නමුත් ශ්‍රී ලංකාවේ දක්ෂතා වලට වඩා මෙහිදී වැදගත් වන්නේ පකිස්තානය ඉන්දියාවට එරෙහිව කෙතරම් දක්ෂතා දක්වන්නේ ද යන්නත් බංගලාදේශය හ්‍රී ලංකාව ඉදිරියේ කෙතරම් දුර්වල වෙනු ඇත්දත් යන්න කාරණා ය.
ඉන්දීය - බංගලාදේශ තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගෙන පිවිසීමට හැකිය.



29 වන වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය ගල්කිස්සේ දී


ඩීඑස්අයි ආයතනයේ AVI  ක්‍රීඩා නිෂ්පාදන තෙවන වරටත් අනුග්‍රහය දක්වන වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 29 වන වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු මස 21,22,23, 24 සහ 25 යන දින පහ තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වේ.තරගාවලියට ඉකුත් වසරේ සහභාගි වූ තරගකරුවන් සහ තරගකාරියන් 352 ඉක්මවමින් මෙවර 407 ක් සහභාගි වීම කැපී පෙනෙන අතර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් ප්‍රමාණය ද ඉකුත් වසරේ සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය 37 සිට 46 දක්වා ඉහළ නැග තිබීමද කැපී පෙනෙයි.

තරගාවලියේ ජයග්‍රාහකයන් ට වෙන වසර වල දී වගේම විදේශ සංචාරයක් ලබා දීමට තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන ආයතන වල අනුග්‍රහයෙන් සිදු කිරීමට සැළසුම් යොදා ඇති අතර එම සංදාර වසරක කාලයක් ඇතුළත දී සිදුවනු ඇත.
මෙම තරගාවලිය පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව www.supirikrida.com වෙබ් අඩවියේ සංවිධානත්වයෙන් ගෝල්ෆේස් හෝටලයේ ලෝටස් ඩී ශාලාවේදී පැවති අතර එහිදී ඩීඑස්අයි ආයතනය වෙනුවෙන් එහි දත්ත සැළසුම් කළමණාකරු සාලිය අමරතුංග විසින් වෙළදසේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝද ද කොස්තා වෙත භාරදුන් අවස්ථාව ප්‍රධාන ඡායාරූපයේ දැක්වේ.පිළිවෙළින් වමේ සිට ඩීඑස්අයි ආයතනයේ වෙළද ලාංඡන විධායක දේවින්ද කුලතුංග,එම ආයතනයේ දත්ත සැළසුම් කළමණාකරු සාලිය අමරතුංග,වෙළද සේවා බැඩ්ම්න්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා,තරගාවලියේ තරග ලේකම් සහ වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොසාන් ප්‍රනාන්දු,එම සංගමයේ ලේකම් රොහාන් සන්තානම් සහ එහි භාන්ඩාගාරික රහ්මික අබේසුන්දර ඡායාරූපයේ දැක්වෙන අතර පහත ඡායාරූපයේ මාධ්‍ය හමුවට සහභාගි වී සිටි මාධ්‍යවේදීන් පිරිසක් දැක්වේ. 
ඡායාරූප - එස් සුන්දර්රාජ් 

සොදුරු සිහිනයක් සැබෑ කිරීමේ වග කීමට තරුණ සේවා සභාවේ සවිය



රුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහිනය’ ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා උළෙල මාර්තු 20 සහ 21 යන දිනවල මහරගම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගණයේදී පැවත්වේ.පූර්ණ දෘෂ්‍යාබාධිත තරග,අර්ධ දෘශ්‍යාබාධිත,මන්ද මානසික,රෝද පුටු,සහ ශ්‍රවණාබාධිත ලෙස තරග අංශ කිහිපයකට ප්‍රබේද කර අදියර 5 කින් තරග පැවත්වෙන අතර අවුරුදු 20 න් ඉහළ සහ පහළ වශයෙන්  පැවත්වෙන අතර මේ සදහා මීටර් 75,100,200,400,යන ධාවන ඉසව්ද,දුර පැනීම,උස පැනීම,බෝලය වීසි කිරීම,යගුලිය වීසි කිරීම සහ රෝද පුටු තරග ද අතුළත් ය.

අවුරුදු 13 – 29 යන වයස් ඛාණ්ඩවලට අයත් විහේෂ අවශ්‍යයතා ඇති තරුණ තරුණියනට විවෘත මෙම තරගාවලියේ දී එක් තරග කරුවෙකුට සහභාගි විය හැකි උපරිම ඉසව් ප්‍රමාණය 3 ට සීමා කර ඇත.දිවයිනේ සියළුම පළාත් නියෝජනය වන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550 ක් පමණ සහභාගි වෙනු ඇතැයි අපේක්ෂා කරන මෙම ක්‍රීඩා උළෙල යෞවන කටයුතු සහ නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ උපදේශකත්වය හා නියෝජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක ගේ අධීක්ෂනය යටතේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් ‍පියුම් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නැගෙන්නේය.තරගාවලියේ වයස 20 න් ඉහළ සහ පහළ සූරතාවය සහ අනු සූරතාවය ද,සමස්ත සූරතාවය සහ අනු සූරතාවය ද ඒ ඒ වයස් ඛාණ්ඩ ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවද ඇගයීමට ලක් කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

තරගාවලියේ සමාරම්භක උත්සවය 20 දා පෙරවරු 10.00 ට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ අමත්‍ය ඩලස් අලහප්පෙරුම ය.  

ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි අවසන් තරගයට තරු යුගළක්

ගම්පහ සියනෑතරු
දෙබෑගම රන්තරු
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා අනුග්‍රහය ඇතිව පවත්වන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ අවසාන තරගයට ගම්පහ සියනෑ තරු කණ්ඩායමත් රුවන්වැල්ල දෙබෑගම රන්තුරු කණ්ඩායමත් තේරීපත් විය.සියනෑ කණ්ඩායම තරග වට 3 – 2 ක් ලෙස නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායමත් බොරලැස්ගමුව බලරැස් කණ්ඩායම වට 3 – 1 ලෙස පරදවා දෙබෑගම රන්තරු කණ්ඩායමත් ඒ අනුව අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
අවසාන තරගට හෙට (මාර්තු 18) දා ආර්ථික සංවර්ධන කටයුතු අදාත්‍ය බැසිල් රාජපක්ෂ,ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වොලිබෝල් සම්මේලන සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභ සාධන කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ ඩයලොග් ආසියාටා ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරිය යන අයගේ ප්‍රධානත්වයෙන් ප.ව. 3.00 ට නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වේ.


කාන්තා 20 / 20 තරගාවලිය 19 දා ඇරඹෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා 20 / 20 ක්‍රිකට් තරගාවලිය එලැඹෙන මාර්තු 20 දින පනාගොඩ දී ආරම්භ වීමට නියමිතය.උතරු මැද,බස්නාහිර,දකුණ, මධ්‍යම සහ ඒකාබද්ධ පළාත් ලෙස කණ්ඩායම් 5 ක් තරගාවලියට ‍නම් කර ඇති අතර පනාගොඩ,තර්ස්ටන්,මුවර්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා පිටි ආශ්‍රිතව තරගාවලිය ක්‍රියාත්මක වේ.

 



දිනය
          තරගය
ස්ථානය
වේලාව
                               
                                                                         උතුරු මැද පළාත
මධ්‍යම පළාත
පනාගොඩ
පෙ.ව.10.00

                                                                            බස්නාහිර පළාත
ඒකාබද්ධ පළාත්

ප.ව.2.00  
20-
                                                                          උතුරු මැද පළාත
දකුණ පළාත
පනාගොඩ
පෙ.ව.10.00

                                                                           මධ්‍යම පළාත
බස්නාහිර පළාත

ප.ව.2.00  
21-
                                                                           උතුරු මැද පළාත
ඒකාබද්ධ පළාත්
මුවර්ස්
පෙ.ව.10.00

                                                                            මධ්‍යම පළාත
දකුණ පළාත

ප.ව.2.00  
22-
                                                                           බස්නාහිර පළාත
උතුරු මැද පළාත
තර්ස්ටන්
පෙ.ව.10.00

                                                                           දකුණ පළාත
ඒකාබද්ධ පළාත්

ප.ව.2.00  
23-
                                                                           බස්නාහිර පළාත
දකුණ පළාත
තර්ස්ටන්
පෙ.ව.10.00

                                                                           ඒකාබද්ධ පළාත්
 මධ්‍යම පළාත

ප.ව.2.00  
26-
                                                                          අවසන් පූර්ව තරග
කෝල්ට්ස්
පෙ.ව.10.00



   
ප.ව.2.00  
27-
                                                                         අවසාන තරගය
කෝල්ට්ස්
ප.ව.2.00  
www.supirikrida.com

Mar 16, 2012

පකිස්තානය ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තු සුන් කරයි


සියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූරතාවය පිළිබදව තැබූ බලාපොරොත්තු සුණු විසුණු කර දැමූ පකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණ අවසාන තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.ඒ සදහා මේ වන විට අභියෝගයක් නොමැති අතර ඊයේ ජයග්‍රහණය ප්‍රසාද ලකුණක් ද සමග හිමි කර ගනිමින් පකිස්තානය ලකුණු සටහනේ ලකුණු 9 ක් දිනා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය ලැබූ හ්‍රී ලංකා පිතිකරු බල ඇණිය කලෙකට පසු අසාර්ථක වූ අතර ලකුණු 200 සීමාවෙන් මෙපිට නැවතිණ.ආරම්භක පිතිකරුවාගේ භූමිකාවෙන් මිදුණු පසු එක දිගට ලකුණු අතර සිටින උපුල් තරංග (57) සහ කුමාර සංගක්කාර ( 71) පසුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සබදතාවයක් පවත්වමින් ලකුණු 65 ට කඩුලු 4 ක් බිද වැටී තිබූ ශ්‍රී ලංකාවේ ඉරණම යහපත් ස්ථානයකට ගෙන ඒම සදහා සාධනීය උත්සාහයක් දැරුවද ශ්‍රී ලංකාවේ ඉතිරි කඩුලු 5 ලකුණු 27 ක් තුළ අහිමි විය.
අයිසීස් චීමා පන්දුවෙන් පෑ දක්ෂතා ඉහළ මට්ටමක පැවති අතර මහේල,ඩිල්ෂාන්,සංගක්කාර වන ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියේ ප්‍රබලතම තුරුම්පු තුන සහ ලසිත් මාලිංග ගේ කඩුලු ලකුණු 43 ක් තුළ දවා ගත් ඔහු පකිස්තානයේ ජය මාවත විවර කළ ක්‍රීඩකයා හැටියට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ලකුණු 33 ට කඩුලු 3 ක් අහිමි කළ ද,ශ්‍රී ලංකාව ඊයේ දවසේ ප්‍රදර්ශනය කළ ඇතැමි දුර්වලපන්දු රැකීම් ද වාරු කර ගත් නායක මිස්බා උල් හක් සහ උමාර් අක්මාල් සිව්වන කඩුල්ලට ලකුණු 152 ක සබදතාවයක් පවත්වමින් පකිස්තානය ජය මාවතට සමීප කළේය.ඒ අතරින් වඩාත් ප්‍රවේගකාරී වූ උමාර් අක්මාල් පන්දු 72 දී ලකුණු 77 ක් ලබමින් පකිස්තානයේ ජයග්‍රහණය ප්‍රසාද ලකුණක් සමග සහතික කිරීමට මූලිකත්වය ගත් අතර නායක මිස්බා නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත දැක්වේ. http://www.espncricinfo.com/asia-cup-2012/engine/match/535796.html

www.supirikrida.com

ඩයලොග් ජනාධිපති රන් කසලාන කාන්තා අවසාන තරගයට විජය සහ ගෝල්ඩන් බ්ර්ඩ්ස්

කොස්වාඩිය විජය
රදාවාන ගෝල්ඩන් බ්ර්ඩ්ස්

යලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ අවසාන තරගයට කොස්වාඩිය විජය සහ රදාවාන ගෝල්ඩන් බ්ර්ඩ්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ ඊයේ පැවති තරගවලදී පිළිවෙලින් ‍දෙනියාය ශාන්ත මේරි ක්‍රීඩා සමාජය සහ ඇහැළියගේාඩ ධර්මපාල කණ්ඩායම් පරාජයට පත් කරමින් වූ අතර මෙවර අවසාන පූර්ව තරග සදහා පිවිසි ධර්මපාල සහ ශාන්ත මේරි කණ්ඩායම් ඉතා ලාබාල පාසල් ක්‍රීඩිකාවන්ගෙන් යුතු කණ්ඩායම් වීම කැපී පෙණුනා.
මේ වසරේ ජයග්‍රාහකයින් තීරණය කරන තරගය 18 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැව්වෙනවා.
www.supirikrida.com
 

Mar 15, 2012

ලංකාවෙ කෙල්ලන්ට ආසියාවේ තෙවන තැන - ඉන්දියාව එක


කොළඹ, පොලිස් බලකා මූලස්ථානයේ ක්‍රියාත්මක පැවති අවුරුදු 13 න් පහළ ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර සූරතාවය ඉන්දියාවටත් දෙවන තැන ඉරානයටත් හිමි විය.ලීග් ක්‍රමයට ක්‍රියාත්මක වූ තරගාවලියේ අපරාජිත ඉන්දියාව ඊයේ සිය අවසන් තරගය භූතානයට එරෙහිව ගෝල 13 – 0 ක් ලෙස අති විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් සූරතාවයට හිමිකම් කීවේය.
ඉන්දියාවට පමණක් පරාජය වූ ඉරාන කණ්ඩායම ඊයේ තරගාවලියේ අවසාන දිනයේදී තම අවසාන තරගය ජෝර්දානයට එරෙහිව 6 -0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.ඉන්දියාවට සහ ඉරානයට පමණක් දෙවැනි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ තමන් මුහුණ දුන් අවසාන තරගය ජෝර්දානයට එරෙහිව 3 – 1 ලෙස ජය ගනිමින් තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්හ.
තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නියෝජ්‍ය විධායක අනුර ද සිල්වා එක් වූ අතර තරගාවලිය මෙහෙයවීම සම්මේලනයේ කාන්තා පාපන්දු අංශ ප්‍රධානි ඔලිවියා ගමගේ ගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.

මැතිව්ස් ගේ අවස්ථාව ෂමින්ද ට


කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසාන තරග කිහිපය ආබාධ මත ක්‍රීඩා කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් ඒ තත්ත්වය මත ආසියානු සූරතාවලියට සහභාගි වුව ද තවමත් එම ආබාධිත තත්ත්වය පහ වී නොයෑම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට කැදවා ගැනීමටත් ෂමින්ද එරංග මැතිව්ස් වෙනුවෙන් යෙදවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට තීරණයකට එළැඹ ඇත.
බොහෝ විට අද පකිස්තානයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ෂමින්ද ට අවස්ථාවක් හිමි වන්නට ඉඩ ඇති අතර  එසේ වුවහොත් සුරංග ලක්මාල් ට හෝ චාමර කපුගෙදර ට  අවස්ථාව බොහෝ විට අහිමි වීමට ඉඩ ඇත. 

අනූෂා - නිල්මිණි අලුත් බරෙන් ජාත්‍යන්තරයට යන පළමු ගමන


හෙට මොංගෝලියාවේ උලාන්බටාර් හී දී ඇරඹෙන හයවන ආසියානු කාන්තා බොක්සිං තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වෙති.මේ අතරින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ උපයා දී ඇති අනූෂා කොඩිතුවක්කු සහ නිල්මිණි ජයසිංහ සිය බර පංති වෙනස් කිරීමෙන් ඉනික්බිති ජාත්‍යන්තර තරගාවලියකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය වීම කැපී පෙනෙයි.ඔලිම්පික් තරග අවස්ථාවන් දිනා ගැනීම සදහා වන ජාත්‍යන්තර තේරීම් තරග සදහා සුදුසු වන පරිදි සිය බර පංති වෙනස් කර ගනිමින් ජාතික සූරතාවලියේ ජයග්‍රාහිකාවන් වූ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා මෙවර ආසියානු සූරතාවලියේදී කිග්‍රෑම් 51 (අනූෂා කොඩිතුවක්කු) සහ කිග්‍රෑම් 60 බර පංති වලින් තරග බිමට පිවිසීමට නියමිතය.
මේ අතර සිතාරි සදරේඛා කිග්‍රෑම් 57 බර පංතියෙන්ද,කෝසලා නිල්මිණි කිග්‍රෑම් 48 බර පංතියෙන්ද,විදුෂිකා ප්‍රභාදි කිග්‍රෑම් 54 බර පංතියෙන්ද සහ ශිරෝමාලි වීරරත්න කිග්‍රෑම් 75 බර පංතියෙන්ද මෙම තරගාවලියට සහභාගි වෙති.මේ අතරින් මාස් බොක්සිං සමාජ ජාලය නියෝජනය නොකරන එකම ක්‍රීඩිකාව ලෙස මෙම තරගාවලියට එක් වන්නී ශිරෝමාලී වීරරත්නයි.

මංචි සමග උතුරට ගිය වොලිබෝල් වසන්තය


තුරු පළාතට අයත් කිලිනොච්චි,යාපනය,වව්නියාව,මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක පහක් නියෝජනය කරමින් මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ උතුරු පළාත් තරග මන්නාරම ජාතික ක්‍රීඩාංගණයේදී පැවත් වූ අතර එම පළාත් තරග සදහා එක් වූ පිරිමි සහ කාන්තා කණ්ඩායම් 26 ක් අතරින් පිරිමි සූරතාවය මන්නාරම ජින්නා ක්‍රීඩා සමාජය වට 3 – 0 කින් පරාජය කළ කන්කසන්තුරේ එක්සත් ක්‍රීඩා සමාජය ද, කාන්තා සූරතාවය කන්කසන්තුරේ යුනයිටඩ් ක්‍රීඩා සමජය විසින් වට 3 – 0 කින් මුලතිව් මිලෝලි ක්‍රීඩා සමාජය පරාජය කරමන් ද හිමි කර ගන්නා ලදී.
ඒ අනුව මෙම කණ්ඩායම් හතරටම අප්‍රේල් 6,7  සහ 8 මෙම ක්‍රීඩාංගණය ආශ්‍රීතවම ක්‍රියාත්මක වන ජාතික තරගාවලියේ දෙවන ‍කොටසේ අවසාන තරග වටය නියෝජනය කිරීමට අවස්ථාව හිමි වන්නේය. ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවසිථාවට එක් වූ මන්නාරම් දිස්ත්‍රික් ලේකම් සරත් රවීන්ද්‍ර සහ වොලිබෝල් පාළක මණ්ඩල ලේකම් සුසිල් රණසිංහ ඇතුළු ප්‍රභූහූ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් සමග ඡායාරූපයකට පෙනී සිටි ආකාරය යි. 

ක්‍රීඩාවේ වැඩ හැඩ කරන ඉඩ හදන වෑයමක්


ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අයත් සෙසු අයතනයන්හී ජාතික සංවර්ධන වැඩ සටහන්කාර්යක්ෂම හා ඵලදායි ආකාරයෙන් ඉටු කිරීමට අවශ්‍යය මග පෙන්වීම සහ උපදේශයන් ලබා දීම සදහා වන කළමණාකරන හා සැළසුම් ශිල්ප උපාය මාර්ග පිළිබද දැනුවත් කිරීමේ වැඩ මුළුවක් අද (15) වන දා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවත් වීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩ මුළුව සදහා ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,ජාතික ක්‍රීඩා විද්‍යායතනය සහ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනය යන ආයතන වල සේවක සේවිකාවන් එක් වීමට නියමිතය.

ඩයලොග් ජනපති රන් කුසලාන අවසන් ගැටුම් අද නිට්ටඹුවේ දී ඇරඹේ


යලොග් රන් කුසලාන දෙවන අවසන් පූර්ව වටයේ තරග අද සහ හෙට පැවත්වෙන අතර එහි අවසන් තරග 18 වන දා නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතය.අද පැවත්වෙන කාන්තා දෙවන අවසන් පූර්ව තරග වල දී රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ඇහැළියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය තරග වදින අතර කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයට එරෙහිව තරග වදින්නේ දෙනියාය ශාන්ත මැතිව් ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.
හෙට  (16)  පැවත්වෙන පිරිමි දෙවන අවසාන පූර්ව  තරගවලදී ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමජය නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව තරග වදින අතර දෙබෑ ගම රන්තරු ක්‍රීඩා සමාජයට එරෙහි ප්‍රතිවාදීන් වන්නේ බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය යි.
අවසාන තරග 18 වන දා පැවත්වෙන අතර එහි කාන්තා අවසන් තරගය පස්වරු 1.00 ට මෙන්ම පිරිමි අවසන්  තරගය පස්වරු 3 .00 ට ද ආරම්භ වීමට නියමිතය. 
මේ තරග දෙකම ජාතික රූපවාහිණියේ අයි නාලිකාව ඔස්සේ සජීවී ව විකාශය කිරීමට සියල්ල සැළසුම් කර අවසන් කර හමාරය.

Mar 14, 2012

ශ්‍රී ලංකාවෙන් අසාර්ථක ආරම්භයක්


සියාතික කුසලාන තරගාවලියේ පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ ලකුණු 50 ක පරාජයක් ලැබුවා.කොමන්වෙල්ත් කුසලාන තරගාවලියේදී අසාර්ථක වූ ලසිත් මාලිංග වෙනුවට කැදවනු ලැබූ සුරංග ලක්මාල් තරගයේ ප්‍රථම කඩුල්ල ලබා ගත්තද ඔහුගේ අවසාන පන්දු ඕවර කිහිපයේදී පුල්ටොස් පන්දු ගණනාවක් යොමු කරමින් ඉන්දියාවට ලකුණු පූජා කිරීම නිසා මෙන්ම ඒ ආකාරයෙන්ම නුවන් කුලසේකරගේ පන්දු යැවීමද ක්‍රියාත්මක වීම හේතුවෙන් අවසාන පන්දු ඕවර් කිහිපය තුළ ඉන්දියාව විසින් විශාල ලකුණු ප්‍රමාණයක් එකතු කර ගත්තා.එහි ප්‍රතිපලය ලෙස කඩුලු 3 ක් දැවී ලකුණු 304 ක් ලබා ගත් ඉන්දියාව සිය පන්දු ඕවර් 50 නිමාවට පත් කළේ ඕවරයකට 6.08 ක දළ ලකුණු වේගයක් සමගයි.
කාසියේ වාසිය ලැබූ මහේල පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළ අතර එම තීරණය පලදායි එකක් බව ආරම්භයේ පෙනෙන්නට තිබුණද,විරාට් කෝලි (108) සහ ගෞතම් ගාම්බීර් (100)  පන්දු යවන්නන්ගේ බුරුලෙන් උපරිම ප්‍රයෝජන ලබමින් දෙවන කඩුල්ලට ලකුණු 205 ක සබදතාවයක් පැවත් වූවා.ඉන් අනතරුව තරගයේ සිව්වන කඩුල්ලට නොබිදුණු සබදතාවයක් එක් කළ නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේස් රයිනා පන්දු ඕවර් 7.1 තුළ ලකුණු 78 ක් එකතු කළේ ඉන්දියාවට ලකුණු 300 සීමාවට පිවිසීමට මග සකසමින්.පන්දු යැවීමේ දී මහරූෆ් කඩුලු දෙකක් ලකුණු 57 ට දවා ගත් අතර සීකුගේ ප්‍රසන්න යම් කිසි පීඩනයක් එල්ල කරමින් පන්දු ඕවර් 9 ලකුණු 45 ට සීමා කරා.
පිළිතුරුඉණිමට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භය යහපත් නොවූ අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 7 ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන විට ලකුණු පූවරුව 31 ක් පමණක් වුණා.නමුත් ඩිල්ෂාන් ගේ අඩුව දැනෙන්නට නොදුන් මහේල ජයවර්ධන ප්‍රවේගකාරී පිතිහරඹයක නියැලෙමින් ලකුණු වේගය සුරක්ෂිතව ඉදිරියට රැගෙන ගියා.සුපුරුදු රිද්මය සහ රටාව නොදුටුවද ඔහුට සහය වූ කුමාර සංගක්කාර මහේල සමග දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක් එක් කිරිමට සමත් වුණා.මහේල ගේ දැවී යැමෙන් පසුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් අනවශ්‍යය පීඩනයක් තමා තුළ ගොඩ නගා ගැනීම නිසා සීමාවෙන් පිටතට පැමිණ පන්දුවට පහර දීමට ගත් උත්සාහයේදී ඉලක්කය වැරදී පන්දුව කඩුල්ලේ දැවටුණා.
අනතුරුව යම් බලාපොරොත්තුවක් ඇති කරමින් සංගක්කාර සහ ලහිරු තිරිමාන්න ලකුණු රැස් කළ ද,දෙදෙනාම එකම පන්දු වාරයක දි ක්‍රීඩා පිටියෙන් ඉවත් කළ රවිචන්ද්‍රන් අශ්වින් තරගය ඉන්දියාව දෙසට හරවා දුන්නා.එහි අවසාන ප්‍රතිපලය ලෙස 46 වන පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවේදී ශ්‍රී ලංකාවේ සියළුම දෙනාට ලකුණු පූවරුව 254 ක් ව තිබිය දී ක්‍රීඩා ගාරයේ නැවත අසුන් ගැනීමට අවස්ථාව සකස් කළා.මේ තරගයේදී ත් මැත කාලයේදී සොයා ගන්නා ලද හොද තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයෙකු බවට සාධනීය ලක්ෂණ පහළ කළ සචිත්‍ර සේනානායක කණ්ඩායමේ නොසිටිය අතර ආබාධ සිට පැමිණ එක් වරම කණ්ඩායමට එක් වීමට සුරංග ලක්මාල් ට වාසනාව උදා වී තිබුණා.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියි. http://www.espncricinfo.com/asia-cup-2012/engine/current/match/535795.html

ශ්‍රී ලංකාව ප්‍රථම ජය වාර්තා කරයි- ඉන්දියාව ඉදිරියෙන්


මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අවුරුදු 13 න් පහළ ආසියාතික කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ජය ඊයේ වාර්තා වුණා.ඒ භූතානයට එරෙහිවයි.ලීග් ක්‍රමයට ක්‍රියාත්මක මෙම තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර පැවති එම තරගයෙන් ජෝර්දානය 4 – 3 ක් ලෙස පරාජයට පත් කර සිටි භූතානය ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවට තරගාවලියේ තෙවන ස්ථානය පිළිබද බලාපොරොත්තුවක් ඇති කර ගන්නට හැකි වුණා.
තරගාවලියේ අපරාජිතව සිටි ඉන්දියාව සහ ඉරානය ඊයේ තරග බිමට  පිවිසුන අතර එම තරගය ඉන්දියාව ජය ගත්තේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින්.මේ අතර තරගාවලියේ ජය පැරදුමෙන් තොර ප්‍රථම තරගය බවට ජෝර්දානය සහ පලස්තීනය අතර තරගය පත් වූ අතර එම තරගයේ ලකුණු තත්ත්වය 1 – 1 ලෙස පත් වුණා.

Mar 13, 2012

ලාංකේය බැඩ්මින්ටන් ජගත් මට්ටමෙන් ඉහළට



සුගිය කාලයේ නිලූක කරුණාරත්න ප්‍රමුඛව දක්වන ලද දක්ෂතා හේතු කර ගෙන බැඩ්මින්ටන් ර්‍කීඩා කරන රටවල් අතරින් ඉකුත් වසරට වඩා ප්‍රගතියක් ලබන්නට මේ වසරේ පළමු ශ්‍රේණිගත කිරීම්වල දීම ශ්‍රී ලංකාවට රටක් වශයෙන් හැකියාවක් හිමි වී ඇත.2011 වසරේ හත්වන මස වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වල 31 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව එම දක්ෂතා නිසා 2011 10 වන මස වන විට 30 වන ස්ථානය දක්වා ඉහළ පැමිණියේය.මේ වසරේ පළමු මාසය වන විට කරන ලද ශ්‍රේනිගත කිරීම් වල දී නිලූක ලද ජයග්‍රහණ සමග ශ්‍රී ලංකාවේ තත්ත්වය 28 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.
එසේම ඉදිරියේදී මේ තත්ත්වය තව දුරටත් යහපත් වර්ධනයක් පෙන්නනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර මේ වන විට 54 වන ස්ථානයේ නිලූක පසු වීමත් ඔහු විසින් ලබා ගත් ජාත්‍යන්තර ජයග්‍රහණත් පදනම් කරගෙනත් ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියට පැමිණෙනු ඇත.එසේම කණිෂ්කොන්තා ශ්‍රේනිගත කිරීම්වල දී තිළිණි ‍හෙන්දහේවා 52 වන ස්ථානයට පැමිණීමත් මේ සදහා විශාල හේතුවක් සපයනු බව නිසැකය.

එන්සීසී කණ්ඩායම පළමු කොටසෙන් හැලේ


ළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසාන ලකුණු සටහනට අනුව ප්‍රබල එන්සිසී කණ්ඩායමට ලබන වසරේ දී පළමු පෙළ තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව අහිමි වී යනු ඇත.පලමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ අවසානයට පැමිණෙන කණ්ඩායමට ඊට පසු වසරේ බී කාණ්ඩය නියෝජනය කිරීමට සිදුවන නිසා කුමාර් සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,උපුල් තරංග සහ ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් නියෝජනය කරන එන්සීසී ක්‍රීඩා සමාජයට 2013 වසරේ ක්‍රිකට වාරයේදී බී කොටසෙන් තරග වදින්නට සිදුවනු ඇත.
විශේෂයෙන්ම මෙම ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සුපිරිතම ක්‍රීඩකයටෙ පළමු පෙළ තරගාවලි‍යේ දී කණ්ඩායමට සිය දායකත්වය ලබා දීමට නොහැකි වීම නිසා එම කණ්ඩායමට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වූ බව සිතන්නට හැකි නමුත් තවත් ආකාරයකින් වෙනත් ක්‍රීඩා සමාජ තරග අවස්ථා බලාපොරොත්තුවෙන් වෙනත් ක්‍රීඩා සමාජ වෙත යොමු වීම නිසා දථමෙවැනි ක්‍රීඩා සමාජ වෙත ශක්තිමත් දෙවන පෙළක් නැති වී යාම ද මෙම තත්ත්වයට බල පා ඇති බව සිතිය හැකිය.
ඉකුත් වසරේ මෙම ඉරණමට තවත් ‍ඓතිහාසික ක්‍රීඩා සමාජයක් වන කොළඹ ක්‍රිකට් සමාජය මුහුණ දුන් අතර ඔවුන් මේ වන විට ද දෙවන පෙළෙන් ඉහළට පැමිණිය නොහැකි  මට්ටමක පසු වෙයි.ඒ අතර ප්‍රබල සිංහල ක්‍රීඩා සමාජයේ යොවුන් කණ්ඩායම ද අවසාන වරට පැවති අවුරුදු 23න් පහළ තරගාවලියේ දී අවසාන ස්ථානයට පත් වී පළමු පෙළෙන් ඉවත් වන තත්ත්වයට පත් වී ඇත.
මෙවර පළමු පෙළ තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ලෙස කෝල්ට්ස් ක්‍රීඩා සමාජය තේරී පත් වී සිටිනඅතර එම ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා,නුවන් කුලසේකර වැනි ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම සමග සිටියත් තරගාවලිය පාලනයකින් යුතුව පවත්වා ගැනීමට එම ක්‍රීඩා සමාජයට හැකි වී ඇත.
වැඩිම ලකුණු ලාභියා ලෙස චාමර සිල්වා ඉදිරියෙන් සිටියි.ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නෙකි.කඩුලු ලබා ගැනීමෙන් පෙරමුණේ සිටින්නේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමත් දග පන්දු යවන්නෙකු වන මාලින්ද පුෂ්පකුමාරය. තරගාවලිය තුළ ඉහළම ලකුණු ලාභීන් අතර හයවන ස්ථානයේ  රැදෙන බ්ලූම්‍ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ චින්තක ජයසිංහ ළග එන 20 – 20 තරගාවලිය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගත හැකි ක්‍රීඩා විලාශයක් දක්වා ඇති අතර ඔහු ලකුණු 637 ක එකතුවක් ලබා ගෙන ඇත්තේ ශතක දෙකක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු ලබා ගැනීමේ වේගය 114.56 ක් ලෙස ප්‍රවේගකාරී මට්ටමක රදවා ගනිමින් ය.
මේ අතර බී කාණ්ඩයේ තරග වලදී ප්‍රථම ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමට හැකි වී ඇත.