Aug 3, 2013

ඉවසිල්ල නැති කමෙන් වැනසේ

JP Duminy celebrates a dismissal with team-matesරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20 /20 තරගාවලියේ පළමුවැනි තරගය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිතකරුවන්ගේ නොඉවසිලිමත් බව විසින් ශ්‍රී ලංකාවට උරුම කර දුන් ලකුණු 12 ක පරාජයත් සමගින්ය.කාසියේ වාසිය ලබා ප්‍රේමදාස තණතිල්ලෙන් පිතිකරුවන්ට වැඩි වාසියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව පන්දුවට පහර දීමට තීරණය කළ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ව මෙල්ල කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වැඩි වෙහෙසක් දැරීමට සිදු නොවීය.විශේෂයෙන් සචිත්‍ර සේනානයකගේ පන්දු යැවීම ඉදිරියේ අසරණ වූ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සචිත්‍රගේ පන්දු ඕවර් 4 තුළ ලකුණු 14 ට කඩුලු 3 ක් පූජා කළහ.ඒ නිසා දකුණු අප්‍රිකානු ඉණිම කඩුලු 6 ට ලකුණු 115 ක් ලබා සිටියදී නිමාවට පත් විය.අනවශ්‍යය කළබලයක් නොපෙන්වා ක්‍රමිකව වේගවත් වූ ඉණිමක් ක්‍රීඩා කළ ජේපී ඩුමිනි දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 51 රැස් කළේ පන්දු 52 ක් තුළ ය.
පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඩුමිනිව ආදර්ශයට ගත් බවක් නොපෙන් වූහ.අඩු ගණනේ එක් පසක් ආරක්ෂා කර ගනිමින් සුපිරි පිතිකරණයක නියැලි සංගක්කාර වෙනුවෙන් කෙටි ලකුණකින් පන්දුවට පහර දීමේ අන්තය ලබා දීමේ අවශ්‍යයතාවය ද ඔවුන් නොතකා හරින ලද බව දැකිය හැකි විය.එකා එකා පිට එකා ආපසු හැරී යන ශ්‍රී ලංකා පිතිකරු නාමාවලියේ බින්දුකරුවෝ පහක් වූහ.ඒ අතරින් අජන්ත නොදැවී සිටිය අතර අනෙක් තිදෙනාගෙන් අංක 8,9 සහ 10 යන තිදෙනාම දැවී ගියේ ලකුණු නොලබමින් යන්නට අමතරව පන්දු 9 ක් අපතේ යවමින් වීම ද අවධානයට ලක් කළ යුතුය.
මේ තත්ත්වය වෙනස් කිරීමට කිසිවෙකුගෙන් ප්‍රමාණාත්මක සහයක් නොලබමින් ලකුණු 59 ක් නොදැවී ලබා ගත් සංගක්කාරගේ ඉණිමේ ශක්තිය දිය කර හරින ලද ඩුමිනි පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දක්ෂතා දකුවමින් ලකුණු 18 ට කඩුලු 3 ක් ලබා ගත්තේ දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ සැබෑ වීරයා වෙමින්ය.http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/current/match/635658.html  
සබදතාවය තරගයේ නිල ලකුණු විස්තරයට පිවිසීමට උපකාර ගැනීමේ හැකියාව ඇත.
ඊයේ ද අසාර්ථක වීම නොතකා යළිත් කුසල් ජනිත් පෙරේරාට මෙන්ම ජීවන් මෙණ්ඩිස්ට ද අවස්ථාව ලබා දී තිබුණේ ඇන්ජලෝ පෙරේරා වැනි ක්‍රීඩකයන් කව දුරටත් කඩුල්ලේ රදවා තබාය.
www.supirikrida.com

Aug 1, 2013

දකුණු අප්‍රිකාවට යළිත් පරාජය

The victorious Sri Lankan teamකුණු අප්‍රිකාව සමග පැවති තරග පහකින් සමන්විත වූ එක් දින තරගාවලියේ සිව්වන තරගය ජය ගනිමින් තරග 3 - 1 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය සනාත කර ගෙන සිටි ශ්‍රී ලංකාව පස්වන තරගයේදී යළිත් දක්ෂතා අතරට පිවිසෙමින් එම තරගය ලකුණු 128 කින් ජය ගන්නට සමත් විය.කොළම ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ට ලකුණු 307 ක් ලබා ගැනීමට සමත් වුණා.
තරගාවලිය පුරාම ලකුණු අතර සිටින තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගයේදී පිට පිටම තරග දෙකකදී ශතක දෙකක් රැස් කිරීමට ලැබුණු අවස්ථාව අහිමි කර ගත්තේ එක ලකුණකින්.ඔහු ලකුණු 99 ට දැවී ගිය අතර සංගක්කාර සුපිරි පිතිකරණයක නියැලෙමින් ලකුණු 75 ක් රැස් කර ගත්තා.තිරිමාන්නගේ පිත්තෙන් ගලා ආ ලකුණු ප්‍රමාණය 68 ක් වූවා.ඊයේ තරගයේදී යළිත් අවස්ථාවක් ලද කුසල් ජනිත් එහිදී ද රැ් කරේ ලකුණු 9 ක් පමණයි.
දකුණු අප්‍රිකා පිතිකරණය පිළිතුරු ලබා දීම වෙනුවෙන් සූදානම් බව පෙන්වමින් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත්තද තරගයේ හයවන ඕවරයේ සිව්වන පන්දුවේදී ක්විනටම් ඩි කොක් ලකුණු 27 ට දවා ගැනීමට සචිත්‍ර සේනානායක සමත් වුණා.ඒ බිද වැටීමෙන් ඉක්බිතිව හිස එසැවීමට ගත් දකුණු අප්‍රිකාවේ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගිය අතර නායක ඩිවිලියර්ස් පමණක් සටන්කාරී ප්‍රහාරාත්මක ඉණිමක නියැලෙමින් පන්දු 51 දී ලකුණු 51 ක් ලබා ගත්තා.
තරගාවලියේ තරග තුනකට පමණක් ක්‍රීඩා කළ අජන්ත මෙණ්ඩිස් කඩුලු 10 ක් ලබා ගෙන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට සමත් වුණා.සංගක්කාර සාමාන්‍යය 93.00 රදවා ගනිමින් ලකුණු 372 ක් ලබා ගනිමින් කඩුල්ල පිටුපස සිට ක්‍රීඩකයන් 13 දෙනෙකු දවා ගැනීමට හවුල් වෙමින් ද තරගාවලියේ වීරයා බවට පත් වුණා.පස්වන තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අගනා ලකුණු 99 ක් එක් කරමින් සහ කඩුල්ලක් දවා ගනිමින් ද කැපී පෙණුන ඩිල්ෂාන් එම තරගයේ වීරයා වුණා
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635657.html තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට යොදා ගැනීමට හැකියාව තිබෙනවා.
www.supirikrida.com

කණිටු බොක්සිං අද අැරඹේ

යස අවුරුදු 16 - 15 අතර කණිෂ්ඨ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය ඇතිව පැවත්වෙන 12 වන කණිෂ්ඨ බොක්සිං තරගාවලිය අද කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං කවයේදී ඇරඹේ.අද සිට 4 දා දක්වා පස්වරු 4.00 සිට ආරම්භ වන තරගාවලිය නව බොක්සිං නීති - රීති යටතේ පැවත්වේ.ජයග්‍රාහී බාලක බාලිකා කණ්ඩායම් වලට හර්බට් ඇඹුල්දෙණිය සහ නීවා ඇඹුල්දෙණිය සූරතා කුසලාන හිමි වීමට නියමිතය.
www.supirikrida.com

Jul 31, 2013

අද අලුත් තරු

Chaturanga de Silva is ecstatic after picking up a wicketමේ වන විටත් ජය ගෙන තිබෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක් දින තරගාවලියේ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය දැඩි වෙනසකට භාජනය කරමින් පස් වන තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.ඒ අනුව දක්ෂතා අතරට නොපිවිසුණු උපුල් තරංග මෙන්ම කාටත් විශමයාර්ථයක් මතු කළ තේරීමක් වූ ජෙහාන් මුබාරක් කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් තීරණය වී තිබෙනවා.මේ අතර නවකයන්ට අවස්ථාව දෙමින් අද තරගයේදී මහේල ජයවර්ධන,රංගන හේරත් සහ අජන්ත මෙණ්ඩිස් විවේක ගැන්වීමටත් පියවර ගෙන තිබෙනවා.
තරගාවලියේ මුල සිටම සංචිතයේ රැදී සිටි මෑත කාලයේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරාට අද තරගයේදී හෝ අවස්ථාවක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළවන අතර සචිත්‍ර සේනානායක ද අද තරගයට කැදවනු ඇති බවට විශ්වාසය පළ වෙනවා.ආරම්බක පිතිකරුවන්ගේ ස්ථානය සදහා කුසල් ජනිත් පෙරේරා යොදා ගන්නේද දිමුත් කරුණාරත්න යොදා ගන්නේ ද යන්නත් අද තීරණය වනු ඇති අතර බොහෝ විට වේග පන්දු යැවීම යන්න ඉලක්ක කර ගනිමින් පන්දු යැවීම සදහා සුරංග ලක්මාල් හෝ සමින්ද එරංග යන දෙදෙනාගෙන් එක අයෙකු පමණක් තෝරා ගෙන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා ද නිත්‍ය පන්දු යවන්නන් ලෙස සළකා කටයුතු කිරීමටත් ඉඩ තිබෙන බව තේරීම් සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.එසේ වුවහොත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස චතුරංග ද සිල්වා ට අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටු විවර වීමට බොහෝ දුරට ඉඩ-කඩ තිබෙනවා.
එසේම තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොලැබි වමත් වේග පන්දු යවන්නෙකු වන විමුක්ති පෙරේරා ද අද කණ්ඩායමට කැදවීමට තීරණය කර තිබෙන අතර ඔහු ට සංචිතය තුළින් කණ්ඩායමට පිවිසීමට නම් තේරීමේදී සමින්ද එරංග හා සුරංග ලක්මාල් ඉවත තැබීමේ අභියෝගාත්මක තීරණය ගැණිමට තේරීම් කමිටුව පියවර ගත යුතුව තිබෙනවා.
ඡායාරූපයේ දැක්වෙන්නේ අද පළමුවරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක් දින වරම් ලැබීමට සිහින දකින චතුරංග ද සිල්වා සහ ඇන්ජලෝ පෙරේරා යි.
www.supirikrida.com

Jul 30, 2013

දීපිකා සහ කෞශල්‍යයා ලන්දේසීන්ට බැට දෙති

Deepika Rasangika scored 84 to help set up a strong totalකාන්තා 20/20 ජගත් ක්‍රිකට් කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සදහා වන තරගයේ අවසාන තරගය සදහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත්ලුවිස් න්‍යාය යටතේ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 33 කින් පරාජය කරන්නට සමත් වුණා.අවසාන පූරව තරගයේ කාසියේ වාසිය ලැබූ නෙදරලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර එහිදී ඉණිම ඇරඹු චමරි අතපත්තු සහ යශෝධා මෙණ්ඩිස් පන්දු ඕවර් 2.3 දී ලකුණු 27 ක් රැස් කරමින් හොද ආරම්භයක් ලබා දුන්නා.
ඉකුත් ලෝක සූරතාවලියේදි ලෝකයේම අවධානය දිනූ දීපිකා රසාංගිකා විශිෂ්ඨ ඉණිමක නිරත වූ අතර ඇය පන්දු 50 දී ලකුණු 47 ක් ලබා ගත්තා.එසේම ජගත් කාන්තා ක්‍රිකට් පිටියේ සිටින ප්‍රහාරාත්මක ක්‍රීඩකාවක් ලෙස අවිවාදිත කෞශල්‍යයා ලොකුසූරිය තරගයේ අවසාන භාගයේදී නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තේ පන්දු 16 ක් තුළ ය.
පිලිතුරු ඉණිම අරඹන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු ඕවර් 20 ක් තුළ ලකුණු 158 ක ඉලක්කයක් ලබා දි තිබුණත් අවසානයේ අයහපත් කාලගුණය නිසා එය පන්දු ඕවර් 9 දි ලකුණු 84 ක් විය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කයට යන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් පන්දු ඕවර් 9 වන විට කඩුලු 4 ට ලකුණු 51 ට නෙදර්ලන්ත ලකුණු පූවරුව සීමා කළහ.ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල දායකත්වයක් දැක් වූ දීපිකා රසාංගිකා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-qualfier-2013/engine/match/640951.html
යන සබදතාවය තරගයේ ලකුණු විස්තරයට ප්‍රවේශය සකස් කරනු ඇත.
www.supirikrida.com

මලල ක්‍රීඩා සංගමය දිණුම්

ගත් මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගිවන මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම තේරීමට ආසියානු තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභීන් සිටියදී ගත් තීරණය පිළිබදව ඇතැම් පාර්ශව නොකැමැත්ත පළ කළහ.එහෙත් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා සිය අභිමතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතියෙන්     ක්‍රියාවට නැංවීය.
මීට වසර කිහිපයකට පෙර ද මේ දේ ම සිදු විය.එවර තේරීම් තරගයක් පවත්වා නැවත තේරීමක් පැවත්ීමට විරුද්ධව අධිකරණයට ගොස් තීන්දුවක් ද ලබා ගත්තේය.නමුත් ඒ තීන්දුවද නොතකා මලල ක්‍රිඩා සංගමය ක්‍රියාත්මක විය.එම සිදුවීමත් සමග වැඩුණු විරෝධය පසු කලෙක සභාපතිවරයාට එම තනතුර හැර දමා යාම දක්වා වර්ධනය විය.
මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නට වඩා දෙපාර්ශවයන් කල්පනා කළ යුත්තේ මේ තත්ත්වයන් පාලනය කර ගැනීමට අවශ්‍යය වට පිටාව සකසා ගැනිම පිළිබදවය.අමාත්‍යවරයා මෙවැනි අනුමැතීන් ලබා දීමෙන් ඉනික්බිතිව එන ප්‍රතිපලය පිළිබදව සැළකිල්ල යොමු කිරීමට මත්තෙන් එය සිදු විය යුත්තේ කෙසේද යන්න පිළිබදව සොයා බැලීම වටින්නේය.
මන්ද ඉකුත් අවස්ථාවේදී විරෝධය දැක්වීමේදී ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ එවැනි තේරීම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවන බවය.නමුත් එය නීතියක් නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ තේරීම් සිදු වීම කරන ප්‍රමිතිය මලල ක්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාවට සහ ප්‍රතිපත්තිවලට ඇතුළත් විය යුතුය.එවැනි අවස්ථාවක දී ගැටළුවක් පැන නැගීම හෝ සංගමය තුළ බෙදීමක් ඇති නොවනු ඇත.
අප පෞද්ගලිකව විශ්වාස කරන්නේ ජාත්‍යන්තර තරගයකට සහභාගි වන්නන් තීරණය කිරීමේදී ඒ මොහොතේ සිටින හොදම ක්‍රීඩකයන් එයට ඇතුළත් විය යුතු බවය.මේ තේරීම් තරගය ජය ගත් කසුන් කල්හාර සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කළේය.(46.76) දෙවන ස්ථානය දිනූ දහම් ආලෝක (46.90) වාර්තා කළ කාලය ද සැළකේන්නේ ඔහු ගේ හොදම කාලය ලෙස ය.
ආසියානු තරගාවලියේ ධාවනයේ යෙදුණු අංජන ගුණරත්නට මුල් හතර දෙනා අතරට පිවිසෙන්නට නොහැකි විය.තෙවැන්නා වූ  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දුලාන් ප්‍රියශාන්තට (47.31) පසු පසින් සිටියේ චානක මධුශාන් ය.(47.35) ඒ අනුව එම හතර දෙනාට එකතු වන අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා අතරට අංජනට අමතරව මසුන් සිල්වා එක් වි සිටියි.
මේ දක්ෂතාවයන් දෙස බලද්දී ආසියානු පදක්කමට වඩා දක්ෂතා දැක්විය හැකි කණ්ඩායමක් සිටින බව පැහැදිළිය.නමුත් කසුන් හා දහම් සිය උපරිමයට පැමිණිම එහි අවසානම ප්‍රතිපලය නම්? තාක්ෂණිකව මතු වන එම ගැටළුවට පිළිතුරු සෙවීම සදහා  ලෝක සූරතාවලියේ තරගය පැවත්වෙන තෙක් සිටිය යුතුය.
ප්‍රතිපලය කුමක් වුව වඩා වැදගත් සියල්ල ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වීමය.ඒ නිසා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාගේ හෝ වෙනත් කෙනෙක්ගේ බලය මත ක්‍රියාත්මක වන තීරණ වලට වඩා පොදු ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් බව මෙහිදි සදහන් කරනු කැමැත්තෙමු.
www.supirikrida.com

Jul 29, 2013

ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි

Tillakaratne Dilshan picked up two quick wicketsකුණු අප්‍රිකාවට එරෙහිව පැවත්වෙන එක්දින තරගාවලියේ ජයග්‍රහණය සහතික කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඊයේ හැකි වුණා.මහනුවර පල්ලෙකැලේ දී පැවත් වූ තරගයේදී කාසියේ වාසිය ලැබ පළමුවට පන්දුවට පහර දුන්  දකුණු අප්‍රිකාව ලකුණු 238 ට සීමා කිරීමට පෙරමුණ ගත් අජන්ත මේණ්ඩිස් ලකුණු 51 ට කඩුලු 4 ක් දවා ගත් අතර ලසිත් මාලිංගට එක් වූ කඩුලු ප්‍රමාණය 3 ක් විය.ඒ සදහා මාලිංග වැය කළ ලකුණු ප්‍රමාණය 52 කි.
හසීම් අම්ලා සහ ජේපී ඩුමිනි දකුණු අප්‍රිකාව වෙනුවෙන් අපූරු ඉණිම් දෙකක් ක්‍රියාත්මක කළ අතර එහිදී අම්ලා ලකුණු 77 ක් ද ඩුමිනි ලකුණු 97 ක් ද ලැබීය.නමුත් සෙසු පිතිකරුවන්ට සාර්ථක වෙන්නට අවස්ථාවක් නොලැබිණ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාව උපුල් තරංගට අහිමි තර තිබිණ.එය මහේලට පවරා තිබුණ අතර මහේල ලකුණු 12 ට දැවී ගියද ආරම්භක කඩුලුල සදහා ලකුණ 45 ක් එක් කරන්නට දායකත්වය දී තිබිණ.ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්තකම සහ ජයග්‍රාහී ලකුණු සබදතාවය ඇති වූ අතර එහිදී සංගක්කාර සහ ඩිල්ෂාන් එක්ව තෙවන කඩුල්ලට ලකුණු 129 ක් එක් කළහ.පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 40 ට කඩුලු 2 ක් දවා ගත් ඩිල්ෂාන් සුපිරි ඉනිමක කියැලෙමින් නොදැවී ලකුණු 115 ලබා ගැනීමට සමත් විය.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/current/match/635656.html හරහා ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත..
www.supirikrida.com
  

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපහසුවකින් තොරව අවසාන පූර්ව තරගයට පිවිසෙති

Sripali Weerakkody is congratulated by her team-matesකාන්තා 20/20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු අපහසුවකින් තොරව එහි අවසාන පූර්ව වටය පිවිසීමට සමත් විය.කරනඩාව සහ ජපානය යන රටවල් ඉතාමත් පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසාන පූර්ව වටයට පිවීසීම සදහා සත්කාරක අයර් ලන්තය පරාජයට පත් කළේ ද කඩුලු අටකින්ය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට අයර්ලන්තයට ආරාධනා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අයර්ලන්ත ඉණිම ඕවර් 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 62 ට සීමා කළහ.පන්දු යැවීමේ දී  නායිකා ශසිකලා සිරිවර්ධන ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගත්තාය.තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ හ්‍රීපාලි වීරක්කොඩි ලකුණු 10 ට කඩුලු 2 ක් දවා ගත්තාය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්තු ලකුණු 10 ට දැවී ගිය අතර යශෝධා මෙණ්ඩිස් ලකුණු 20 ට දැවී ගියාය.දීපිකා රසාංගිකා තරගාවලිය තුළ පළමුව පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 22 ක් ලබා ගත්තාය.කඩුලු අටකින් අයර්ලන්තය පරාජය කරන විට එම ලකුණු ප්‍රමාණය සදහා පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වැය කර තිබුණේ පන්දු  ඕවර් 14.5 ක් පමණි.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-qualfier-2013/engine/match/640945.html සබදතාවයෙන් තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකිය.ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පූර්ව තරගයේදී නෙදර්ලන්තය හමු වීමට නියමිතය.
www.supirikrida.com