Mar 3, 2012

ආසියානු කුසලානයට රංගන,ධම්මික සහ චානක වෙනුවට සීකුගේ සහ සුරංග

සීකුගේ ප්‍රසන්න
 සියානු ක්‍රිකට් තරගාවලිය මාර්තු 11 දා බංගලාදේශයේදී ඇරඹීමට නියමිත අතර ඒ සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේ දී මේ වන විට ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් වන රංගන හේරත්,ධම්මික ප්‍රසාද් සහ චානක වෙළගෙදර වෙනුවට සීකුගේ ප්‍රසන්න සහ සුරංග ලක්මාල් කැදවා ඇත.මේ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව අති විශිෂ්ඨ ජයක් ලබමින් ලකුණු සටහනේ පළඹු ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණි තරගයේදී ආබාධ වලට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා මෙම සංචාරය සදහා ද නම් කර ඇති අතර එම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට ඕස්ට්‍රේලියාවට පිටත් කර යැවීමට තීරණය කර ඇති චාමර කපුගෙදර ආසියාතික කුසලාන සංචිතයට යොදවා නැති වීම විශේෂත්වයකි.
තරගාවලිය සදහා ආසියාවේ ප්‍රධාන ටෙස්ට් ජාතීන් හතර වන ශ්‍රී ලංකාව,ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සහභාගිවන අතර තරගාවලිය අරඹමින් ප්‍රථම තරගය පැවත්වෙන්නේ බංගලාදේශය සහ පකිස්තානය අතර ය.
පහත දැක්වෙන්නේ තරග කාලසටහනය.
Date
Day
Match

11th March 2012
Sunday
Bangladesh v Pakistan

12th March 2012
Monday
Reserve Day / Rest Day

13th March 2012
Tuesday
India v Sri Lanka

14th March 2012
Wednesday
Reserve Day / Rest Day

15th March 2012
Thursday
Pakistan v Sri Lanka

16th March 2012
Friday
India v Bangladesh

17th March 2012
Saturday
Reserve Day / Rest Day

18th March 2012
Sunday
India v Pakistan

19th March 2012
Monday
Reserve Day / Rest Day

20th March 2012
Tuesday
Sri Lanka v Bangladesh

21st March 2012
Wednesday
Reserve Day / Rest Day

22nd March 2012
Thursday
Final

23rd March 2012
Friday
Reserve Day























www.supirikrida.com

මැතිව්ස් ගේ සහ තිසරගේ ආබාධ නිසා කපුගෙදර සංචිතයට

ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ආබාධ වලට ලකු වූ ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා වෙනුවට චාමර කපුගෙදර කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.කලෙකට පසු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන කපුගෙදර,එක්දින තරග 87 ක් සදහා ක්‍රීඩා කර ඇති පළපුරුදු අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකි.වර්ථමානයේ එන්සීසී කණ්ඩායම නියෝජනය කරන කපුගෙදර,ගෙවුණු ලෝක කුසලාන සංචිතයේ ද සිටි ක්‍රීඩකයෙකු වන අතර,ඔහු ක්‍රීඩකයෙකු ලෙස වඩාත් කතා බහට ලක් වන්නට වූයේ ද ඕස්ට්‍රේලියාවේ පැවති එක්දින තරගාවලියක් තුළ දී බ්‍රෙට් ලී වැනි පන්දු යවන්නන්ට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩ ප්‍රහාරයන් හේතුවෙනි.

බැඩ්මින්ටන් නීතිය හෙට කෑගල්ලට

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංවර්ධන වැඩමුළුව යටතේ පවත්වන ප්‍රථම වැඩ මුළුව ක්‍රීඩාව හා නීතිය ලෙස හෙට (අප්‍රේල් 04) කෑගල්ල බණ්ඩාරනායක විද්‍යාලීය ශාලාවේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.ගැටියමුල්ල විද්‍යාලීය ශාරීරින අධ්‍යාපන ක්‍රීඩා ගුරුවරයා විසින් සංවිධානය කරන්නට යෙදෙන මෙම වැඩ මුළුවේදී අදාළ විෂය සම්බන්ධයෙන් සහභාගිවන පිරිස දැණුවත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ජාත්‍යන්තර විනසුරුවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා තාක්ෂණික කමිටු නිලධාරී චන්දන නිලන්ත ය. 

Mar 2, 2012

මෙල්බර්න් නුවර කැන්ගරුවන් දෙවැනි කළ සිහ නාදය ට මහේල ඇතුළු පිරිසගෙන් ඉහළම තෑග්ග මෙල්බෝර්න් නුවර කැන්ගරුවන් දෙවැනි කළ සිහ නාදය ට මහේල ඇතුළු පිරිසගෙන් ඉහළම තෑග්ග මෙල්බෝර්න් නුව

Dinesh Chandimal launches into one
දිනේෂ් චන්දිමාල්
මෙල්බර්න් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙවනත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය පැතූ ලාංකිකයන්ගේ අත්වල රැදි සිංහ ධජ අභිමානයෙන් ඔසවා තබා ගත හැකි පරිසරයක් නිර්මාණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු නවයක අති විශිෂ්ඨ සටන්කාමී ජයග්‍රහණයක් වාර්තා කළහ. 
ලකුණු සපිරි මෙල්බර්න් පිටියේ කාසියේ වාසිය ලබන්නට තරම් මහේල ජයවර්ධනට භාග්‍යය තිබිණ.නමුත් අනවශ්‍යය ලකුණක් කරා යද්දී මහේල දැවී යාමත්ඉන් අනතුරුව ඩිල්ෂාන් ගේ දැවී යාමත් නිසා ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 2 ට ලකුණු 17 ක් විය.නමුත් එම කඩා වැටීම නැවතීමට සාර්ථක  පිළියමක් එක් කළ කුමාර සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සබදතාවයක් එක් කළේය.ලකුණු 140 දී සංගක්කාර දැවී ගිය පසු ඩිල්ෂාන් ට එකතු වූ ලහිරු තිරිමාන්න යළිත් ලාංකේය ක්‍රිකට් අනාගතයේ පැහැබර බව ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ට නිදසුන් සහිතව ඉදිරිපත් කරන්නට විය.ඔවුන් දෙදෙනාගේ සබදතාවය ලකුණු පූවරුව 146 ක් වෙද්දී නැවතී ගියේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා වූ චන්දිමාල් ලකුණු 75 ට දැවී යාමත් සමගින්ය.
තරගයෙන් පසුව බිරිද හා සතුට බෙදා ගන්නා මහේල

සංගක්කාර 64 න් සහ චන්දිමාල් 75 න් දැවී ගිය පසු ශ්‍රී ලංකාවට තවත් අර්ධ ශතකයක් එක් කළ තිරිමාන්න කණ්ඩායමට තමාගේ ඇති අවශ්‍යයතාවය යළිත් පැහැදිළි කරමින් ලකුණු 51 ක් රැස් කළ අතර ඩැනී ක්‍රිස්ටියන් ලබා ගත් කඩුලු ත්‍රිත්වයෙන් පසුව පසු පෙළ වෙතින් වාර්තා වූ හොදම ඉණිම වාර්තා කළ රංගන හේරත් ලැබූ ලකුණු 14 ක් නොදැවී එක් කර තිබිණ.ක්‍රිස්ටියන් ලකුණු 31 ක් ලබා දෙමින් කඩුලු 5 ක් ලබද්දී අවසන් තරග පිළිබදව මහත් බලාපොරොත්තු ඇතිව කැද වූ ජේම්ස් පැටින්සන් ද ලකුණු 51 ට කඩුලු 4 ක් දවා ගනිමින් සිය කැදවීම සාධාරණ බව පසක් කළේය.
පිළිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පෙර තරගයේදී ලකුණු 321 ක් පන්දු ඕවර් 37.4 දි ලබා දුන් ලාංකේය පන්දු යවන්නන් ලිලපුට්ටන් සේ දැනෙන්ට ඇති වුව එම තරගයේ වූ වැරදි නිවැරදි කර සිටි ලාකේය ආරම්භක පන්දු යවන්නන් වන කුලසේකර සහ ලසිත් මාලිංග ලකුණු 26 ක් ලකුණු පූවරුවේ දැක්වෙන විට ඕස්ට්‍රේලියානු කඩුලු 3 ක් ම ඩැහැගෙන තිබිණ.නමුත් මයික් හසී සහ මෙම තරගයේදී මයිකල් ක්ලාක් ගේ අඩුව පුරවමින් නායකයා ලෙස ක්‍රියා කළ ෂේන් වොට්සන් ගේ නායකත් ඉණිමත් සමග හතරවන කඩුල්ල ඕස්ට්‍රේලියාවට අහිමි වන්නේ ලකුණු 113 ක් ලකුණු පූවරුවේ සටහන්ව තිබියදීය.මයික් හසී ලකුණු 29 ට සහ වොට්සන් ලකුණු 65 ට දැවී ගිය පසු ඕස්ට්‍රේලියානු ඉණිම වෙනුවෙන් වාර්තා වූ හොදම සබදතාවය ලකුණු 39 ක් වූ අතර එය නව වන කඩුල්ල වෙනුවෙන් ඩේවිඩ් හසී සහ ක්ෂේවියර් ඩොරති වාර්තා කළහ.තරගය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වගකීම සිය දෙවුරට ගත් ඩේව්ඩ් හසී ලකුණු 74 ක ට දැවී යන විට ඕස්ට්‍රේලියානු ඉණිම ශ්‍රී ලංකා ඉණිමට වඩා ලකුණු 9 ක් පිටු පසින් විය.
පන්දු යැවීමේ දී යළි පිබිදි ලසිත් මාලිංග ලකුණු 49 ට කඩුලු හතරක් දවා ගෙන තිබිණ.පන්දු 6 න් ලකුණු 10 ක් ලබා ගැනීමේ අභියෝගය වෙනුවෙන් වගකීම පවරා ගත් නුවන් කුලසේකර අවසාන ඕවරයේ පළමු පන්දුවෙන්ම ඩේවිඩ් හසීව දවා ගැනීමත් සමගම මෙල්බර්න් ක්‍රීඩා පිටියට සිංහ ධජත් සමග රැස්ව සිටි දහස් ගණනක ලාංකිකයන් සියල්ලෝගේම ගල් ගැසී තිබූ දෑත් අත්පොළසන් නදින් ද ගොලුවී තබු මුවවල් ජය ඝෝෂා වලින් ද පරි ඉතිරී යන්නට වූහ.
පහත දැක්වෙන්නේ නිල ලකුණු විස්තරයට පිවිසිය හැකි සබදතාවය ය.http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518967.html

Sri Lankasports.com වෙතින් පාසල් අත්පපන්දු තරගාවලියක්




ලාංකේය ක්‍රීඩා කේෂ්ත්‍රයේ විවිධ ක්‍රීඩාවන්ට නව තරග රටා හදුන්වා දීමට ප්‍රමුඛත්වය ගත් Sri Lankasports.com පළමු වරට අවුරුදු 15 න් පහළ අත් පන්දු තරගාවලියක් සංවිධානය කරන්නට තීරණය කර ඇති අතර එය මාර්තු 24 සහ 25 යන දෙදින තුළ කොළඹ ඩීඑස් සේනානායක විදාලීය ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලිය කුසලාන,පළග සහ බදුන ලෙස සූරතා තුනක් පිරිනැමන ආකාරයෙන් ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම තරගාවලිය සදහා Sri Lankasports.com අත්වැල් බැද ගන්නා පාසල් අත්පන්දු සංගමය විසින් කරන ලද ආරාධනාවකට අනුව මෙම තරගාවලිය සදහා බාලක කණ්ඩායම් 16 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සහභාගී වීමට නියමිතය.
www.supirikrida.com

දිගු දුර සහ මද දුර දිවීමේ පරීක්ෂණ සාර්ථකයි



ගෙවෙමින් තිබෙන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිතරග සමය හමාර කරමින් තරගකාරී සමය ඇරඹිමට ප්‍රථමයෙන් ඒ සදහා ප්‍රවිශ්ඨ වීමට පෙර සිය පෞද්ගලික වේගය,දරා ගැනීමේ ශක්තිය ආදී කරුණු පිළිබදව යම් දැණුමක් සහ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සළසමින් දිගු දුර සහ මද දුර දුර තරග ඇතුළත් පැවත්වීමට මලල ක්‍රීඩා සංගමය පියවර ගත්තා.දීර්ඝ කාලයකක් තරග වලින් ඈත් වී සිය දෝෂ හදුනාගෙන අලුත් තරග සමයකට පිවිසෙන්නට සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අලුත් යහපත් ගමණක් යාම සදහා සූදානමින් සිටින බව පැහැදිළි කරමින් හොද දක්ෂතා අතරට පිවිසීම මේ තරගාවලියේ කැපී පෙණුනා.
අලුතින් උදාවන තරග සමයේ දී තරග වැදීම වෙනුවෙන් තරගකරුවන්ට මෙන්ම පුහුණුකරුවන්ටද ඉතා වැදගත්වන මෙම තරගාවලියේ ප්‍රතිපල සියල්ලම ‍අප වෙබ් අඩවියේ සටහන් කරන අතර
 'දිගු දුර සහ මද දුර ප්‍රතිපල'  යන බැනරය තෙරපීමෙන් එම ප්‍රතිපල ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.
www.supirirkrida.com

වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය ගල්කිස්සේ දී


වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන AVI ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය DSI අනුග්‍රහයෙන් තෙවන වරටත් මාර්තු 21 සිට 25 දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවත්වෙනවා. මෙම තරගාවලියේ විවෘත අංශය කේවල, යුගල සහ මිශ්‍ර යුගල ලෙස ක්‍රියාත්මක වන අතර අවුරුදු 40 ට වැඩි පිරිමි කේවල සහ යුගල ලෙස ද,අවුරුදු 35 න් ඉහළ කාන්තා කේවල සහ යුගල ලෙස ද ක්‍රියාත්මක වීමට නියමිතයි.අවුරුදු 50 න් ඉහළ ප්‍රවීන තරග අංශයේ තරග ක්‍රියාවට නැංවෙන්නේ කේවල සහ යුගල තරග ලෙස යි.
වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ අනුබද්ධ ක්‍රීඩා සමාජ වලට පමණක් සහභාගි විය හැකි මෙම තරගාවලියේ අයදුම්පත් තරග ලේකම්,වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/1,දෙවන මහළ,නාවල පාර,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතුයි.වැඩි විස්තර  0714900631 දුරකතන අංකයෙන් මෝදිත ජයසේකර ඇමතීමෙන් සහ  www.mercantilebadminton.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැකි අතර තරග අයදුම්පත් සහ තරගාවලියේ වැඩි තොරතුරු   MBA AVI NOVICES ENTRY FORM & RULES ලෙස www.supirikrida.com වෙබ් අඩවියේ ඇති බැනරය තෙරපීමෙන්ද ලබා ගැනීමේ හැකියාව ඇත.

ශ්‍රී ලංකාවේ ඉරණම ඕස්ට්‍රේලියාව සතුයි

David Hussey leaps to take a catch

න්දියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඉක්බිතිව ලකුණු සටහනේ ඉන්දියාව හා සමතැන් හී සිටින ශ්‍රී ලංකාව අද ඕස්ට්‍රේලියාවට එරෙහිව දක්වන දක්ෂතා අනුව අවසාන තරගයට පිවිසීමට ඇති හැකියාව තීරණය කෙරෙනවා.මේ වන විට ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය අනුව ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් පෙනෙන්නට තිබුණත් අද ඕස්ට්‍රේලියාව තරගය ජය ගතහොත් සහ ශ්‍රී ලංකාව එහිදී ලබා දෙන පිළිතුර මත ශ්‍රී ලංකාවේ අවසාන තරගයට සහභාගි වීම තීරණය වීමට නියමිතයි.ඒ නිසා ශ්‍රී ලංකාව මේ තරගයේදී පරාජය වුවත් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම වැදගත් වන අතර ලකුණු වේගය ගැන අමතක කර තරගය ජය ගැනීම වඩා වැදගත් වන අතර එසේ වුවහොත් කිසිදු බාධකයකින් තොරව අවසාන තරගයට ප්‍රවේශවීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙනවා.
අද තරගයේදී ත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක සංයුතිය වෙනස් වේ යැයි සිතිය නොහැකි අතර ඒ අනුව සචිත්‍ර සේනානනායකට කණ්ඩායමට පැමිණිමට අවස්ථාවක් හිමි වේදැයි සැක සහිතයි.මෑත කාලයේ මතු වූ හොදම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන සචිත්‍ර,තමාට ලැබුණු අවස්ථාවන් හී කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවයක් ලබා දීමට කටයුතු කර ඇතත් තවමත් ඔහුව විශ්වාසවන්තයෙකු ලෙස නොසළකා හැරීම ඒ ක්‍රීඩකයාගේ අනාගතය පිළිබද අවිනිශ්චිත තත්ත්වයක් ඇති කිරීමක් ලෙස සිතිය හැකියි.ඒ නිසා මේ වන විට රංගන හේරත් ගේ ස්ථානය තුන් ඉරියව්වෙන්ම දක්ෂතා ඇති සචිත්‍රට ලබා දී කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකා පිතිකරු බල ඇණිය ප්‍රතිවාදීන්ට පීඩනයෙන් ගැලවිය නොහැකි සංයුතියක් බවට පත් කිරීමේ හැකියාව පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය තවමත් යොමු නොවීම විමතිය දනවනවා.එසේම අද තරගයේදී හෝ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීම උදෙසා තිලකරත්න ඩිල්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස  යොදා ගන්නේ ද යන්නත් විමසා බැලිය යුතුයි.

Mar 1, 2012

වෙන්නප්පුවෙන් මලල ක්‍රීඩාවට අරුණැල්ලක්


වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාවගේ ආධාර සහ උපකාර ලබා ගනිමින් වෙන්පුර අරුණළු නමින්  ජාතික මට්ටමේ මලල ක්‍රීඩා උළෙලක් පැවත්වීමට තීරණය කර ඇත.ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සේපාල  කුමාරදාසගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක මෙම ක්‍රීඩා උළෙල මාර්තු 10,11,සහ 12 යන තෙදින තුළ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.දිවයිනේ සිටින පිළිගත් මලල ක්‍රීඩා විනිසුරුවන් ගේ නිරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ක්‍රීඩා උළෙල විවෘත,ආධුනික සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පාසල් වලට විවෘත වූ බාලක බාලිකා සහය දිවීමේ සැණකෙළියකින් ද යුතු වේ.
මෙම තරගාවලිය ආශ්‍රිතව ළමා මලල ක්‍රීඩා පුහුණු සහ තරග වැඩ සටහනක් ද ක්‍රියාත්මක වන අතර වෙන්නප්පුව ප්‍රදේශයට ආගන්තුක මිටිය වීසි කිරීමේ ඉසව්ව ප්‍රදරශන තරගයක් ලෙස පැවත්වීමට ද අපේක්ෂා කරයි.එසේම දිවයිනේ ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙකුගේ සහභාගීත්වයෙන් පෝෂණය පිළිබද වැඩමුළුවක්ද ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි දී ජාතික මට්ටමේ සිටින පෝෂණ ගැටළු හදුනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබා දීමටද වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මැදිහත් වීම ලැබීමට නියමිතය.
මාර්තු 10 දා පස්වරු 4.00 ට වෙන්නප්පුව ප්‍රදේශය පුරා රැගෙන යන ඔලිම්පික් ගිණි සිළුව එම ප්‍රදේශයෙන් ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩිකාවකගේ සහ  ක්‍රීඩකයෙකුගේ අතින් ක්‍රීඩාංගණයේ පිහිටි ඔලිම්පික් පහණට ආගෝකය මුසු කරන්නට නියමිත අතර දිනපතා පෙරවරු 7.30 ට ආරම්භ වී 10.30 දක්වා දිවෙන පෙරවරු තරග කාල සටහන පස්වරුවේ දී පස්වරු 2.30 ට ඇරඹී 6.30 ට නිමා වීමට නියමිතය.එහි සංවිධායකයෙකු කියා සිටියේ පස්වරු තරග තව දුරටත් පමා කර විදුලි ආලෝකය මැද්දේ පැවත්වීමෙන් මෙම ක්‍රීඩා උළෙල තවත් විචිත්‍රවත් කිරීමේ අදහසක්ද පවතින බවය.
සෑම ජයග්‍රාහකයෙකුටම වටිනා ත්‍යාග සහ සහතික පත් හිමිවන අතර ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීමක දී වටිනා මුදල් ත්‍යාගයක් ලබා දීමට ද අපේක්ෂා කරන්නේය.එසේම ජයග්‍රාහී සෑම ක්‍රීඩකයෙකුටම අදාළව විශේෂ පීඨීකාවක් මත ඇයගේ හෝ ඔහු ගේ පුහුණුකරු ඇගයීමක් ද සිදුවන අතර මෙවැනි සාධනීය අංගෝපාංග රැසකින් යුත් ක්‍රීඩා උළෙලේ අවසානය සනිටුහන් කරන්නට යොදා ගෙන ඇති චාම් වූත් විචිත්‍රවත් වූත් සමාප්තිය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු වීමට නියමිත අතර ඒ සදහා ප්‍රදේශයේ ප්‍රභූ අමාත්‍යවරු සහ වෙනත් දේශපාලන සහ විවිධ වූ ආගමික නායකයන්ගේ ආශිර්වාදයද එක් වීමට නියමිතය.  
පාදේශයේ පාසල් වලින් හැරෙන්නට විවෘත සහ ආධුනික තරගවලදී එක් ඉසව්වක් සදහා රුපියල් 100 ක මුදලක් අය කරන අතර එම මුදල් මුදල් ඇණවුමකින් හෝ චෙක්පතකින් හෝ කෙළින්ම බැංකුවට යොමු කිරීම තුළින්ද ගෙවිය හැකි වන අතර ගිණුම් අංකය වන්නේ වෙන්නප්පුව හැටන් නැෂනල් බැංකුවේ 110010165160 අංක දරණ බැංකු ගිණුමය.ඉල්ලුම් පත් ක්‍රීඩාංගණභාර නිලධාරී,ශ්‍රිමත් ඇලබට් පීරිස් ක්‍රීඩාංගණ සංකීරණය,වෙන්නප්පුව නමට හෝ එම ලිපිනය යොදා 031 2253249 ‍ෆැක්ස් අංකයට හෝ wempuraarunalu@yahoo.com යන විද්‍යුත් ලිපිනයට ද යොමු කළ හැකිය.
තොරතුරු දැන ගැනීමේ ක්ෂණික දුරකථන අංකය ලෙස 0757318561 භාවිතා වන අතර එයට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමේ හැකයාව ඇත.  

මම තවමත් වරායට යන්න තීරණය කරල නැහැ - සුමිත් ජයලාල්


‘තරුණ පුහුණුකරු’ වරායට වැටෙයි, යනුවෙන් අප වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික තරුණ සේවා සභාවේ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු සුමිත් ජයලාල් තමන් තවමත් එවැනි තීරණයකට එළැඹ නැති බව ප්‍රකාශ කරයි.එක් දිනක් තමා වරාය කණ්ඩායමේ පුහුණුව සදහා සහභාගි වූ බව ප්‍රකාශ කරන ජයලාල්,එහෙත් තමා එහි පුහුණුකාර ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයකට එළැඹ නැති බවත් එසේ පුහුණුව සදහා සහභාගි වන්නේ නම් තරුණ සේවා සභාවෙන් නිසි අවසරය ලබා ගන්නා බවත් ප්‍රකාශ කරයි.
ඒ හේතුව නිසා මෙම ප්‍රවෘත්තිය පළවීම පිළිබදව තමාගේ විරෝධයක් නැති බව අවධාරණය කරන ජයලාල්,තමා මීට පෙර ද තරුණ සේවා සභාවේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ද පුහුණුව ලබා දී ඇති බවත් තමා ලංකාවේ සිටින අත්දැකීම් බහුලම පුහුණුකරුවෙකු බවත් ප්‍රකාශ කරයි.එසේම අදාළ ප්‍රවෘත්තිය පළවීම නිසා තරුණසේවා සභාවේ සේවය කරන දැනට වෙනත් ආයතනවලට සම්බන්ධව පුහුණුකරු ධුරයන් හී නියැලෙන පිරිසටද ගැටළුවක් ඇති විය හැකි බවත් පැහැදිළි කළ ජයලාල් ඒ පිළිබදව කම්පාවෙන් යුතුව අදහස් දැක්වීය.
මෙම කරුණු සම්බන්ධයෙන් වරායේ ක්‍රීඩා අංශයේ නියෝජිතයෙකුගෙන් කරන ලද අදහස් විමසීමක දී පැවසුවේ සුමිත් ජයලාල් වරායේ කාන්තා කණ්ඩායමේ පුහුණුව සදහා පැමිණී බවත් එය කාන්තා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම අනුව සිදු වූ බවත් ය.තිබෙන තත්ත්වය අනුව තවත් පුහුණුකරුවෙකුට ගෙවීමක් කළ නොහැකි තත්ත්වයක් තුළ එම ගෙවීමේ වගකීම ද එම ක්‍රීඩිකාවන් විසින්ම පවරාගෙන ඇති බවය.
එසේම සුමිත් ජයලාල් ප්‍රකාශ කළ පරිදි තරුණ සේවා සභාවේ සේවය කරන අය ‍එහි අවසරයකින් තොරව වෙනත් කණ්ඩායම් පුහුණු කරන්නේ නම් ඒ ගැන සොයා බැලිය යුතු බව තරුණ සේවා සභාවේ නියෝජිතයෙකු සුපිරික්‍රීඩා වෙත පැවසීය.දැනට එවැනි චෝදනා වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් පමණක්  නොව වෙනත් ක්‍රීඩා සම්බන්ධයෙන් ද එල්ල වී ඇති බව පැහැදිළි කළ එම නියෝජිතයා වොලිබෝල් නොවන ක්‍රීඩාවක පුහුණුකාරියක විසින් එහි සම්පත් යොදාගෙන ඇය පුහුණු කරන ආරක්ෂක හමුදාවකට අයත් ක්‍රීඩා කණ්ඩායමක් පුහුණුකරන බවට විශාල චෝදනාවක් ඇති බව ද ප්‍රකාශ කළේය.ඒ ක්‍රීඩාව කවරේද යන්න ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ එම නියෝජිතයා මෙම කරුණ ඉදිරියේදී සභාපතිවරයාට ඉදිරිපත් කර පරීක්ෂනයක් පැවත්විය යුතු තත්ත්වයේ පවතින බැවින් ද,එය චෝදනාවක් පමණක් වන බැවින් ද නම්-ගම්, ක්‍රීඩාව හෙළිකිරීම සදාචාරාත්මක නැතැයි ද ප්‍රකාශ කළේය.   
මේ සම්බන්ධයෙන් තරුණසේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා ප්‍රකාශ කර සිටියේ අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවය
www.supirikrida.com

Feb 29, 2012

ඩිල්ෂාන්ගේ ශ්‍රේෂ්ඨ ඉණිම පන්දු යවන්නෝ හප කර දමති

තරගයේ වීරයා වූ විරාට් කෝලි
තිලකරත්න ඩිල්ෂාන් විසින් ක්‍රියාත්මක කරන ලද සෑම අතින්ම සාර්ථක පිතිකරුවෙකුගේ ලක්ෂණ සහිත ශ්‍රේෂ්ඨ ඉණිම, ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දු යවන්නන් බුද්ධිය ප්‍රයෝජනයට නොගෙන ශක්තිය කෙරෙහි පමණක් විශ්වාසය තබමින් කළ පන්දු යැවීම නිසා විනාශයට පත් විය.ලෝක කුසලාන අවසාන තරගයේ දෙවන කොටස බවට මෙම තරගය පත් කළ ඉන්දීය පිතිකරුවන්, ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 320 පන්දු ඕවර් 36.4 දී ඉක්මවා යමින් කඩුලු 3 ට ලකුණු 321 ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොව  ක්‍රිකට් ලෝකයම විමතියට පත් කරමින්ය.
එතරම් ප්‍රහාරයකට ලක් වෙද්දීත් පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ශක්තිමත් කළ පන්දු යවන්නෙකු ලෙස ප්‍රකටව සිටින තිලකරත්න ඩිල්ෂාන් එකදු පන්දු ඕවරයක් යැවීම සදහාවත් යොදා නොගැනීමට මහේල ජයවර්ධන පියවර නොගන්නේ ඩිල්ෂාන් හා පවතින පෞද්ගලික් ගැටළුවකටදැයි සිතෙන තරම්ය.මෙම තරගාවලිය පුරාවටම පන්දු යවන්නෙකු ලෙස යොදවා නොගන්නා ඩිල්ෂාන් ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ ස්ථාවරය අවසන් කිරීමේ උපායක් ක්‍රියාවට නැගෙමින් තිබෙන බවට මෙම හැසිරීම් සැක උපදවන සුළුය.
ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම නායකයෙකු ලෙස අවිවාදිත වුව ද මහේල, සිය පෞද්ගලික රුචිකත්වයන් කණ්ඩායම් හැගීමෙන් මිදී ක්‍රියාවට නංවන්නේ නම් එය සිය පෞද්ගලික ක්‍රිකට් පෞරශ්‍යයට  විනාශය කැදවා ගැනීමක් බව කිව යුතුය.එය ශ්‍රී ලංකාවට හිතකර නොවන තත්ත්වයක දී ‘වීරයා’ යන පදයේ මුල් අකුරු දෙකට ‘ද්‍රෝහී’ යන අකුරු එකතුවීම වැළකීම කෙරෙහි මහේල මීට වඩා අවධානය යෙමු කළ යුතුව ඇත.
හොබාර්ට් තණතිල්ලේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා තම ණ්ඩායමට ඇති දැවැන්ත ඉලක්කය ඉදිරියේ දෙවනුව පන්දුවට පහර දීමේ අවශ්‍යයතාවය තේරුම් ගෙන පන්දුවර පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවරුවේය.මහේල සහ ඩිල්ෂාන් යළිත් හොද ආරම්භයක් ලබා ගනිමින් ප්‍රථම  කඩුල්ලට ලකුණු 49 ක් රැස් කළ අතර මහේල ,ලකුණු 22ට දිවී ගියේය.අනතුරුව වාර්තාගත දබදතාවයක් ඇති කළ කුමාර සංගක්කාර සහ ඩිල්සාන් අතරන් සංගක්කාරගේ ප්‍රහාරය වඩා ප්‍රවේගකාරී වූ අතර ලකුණු 249 ක් ව පැවතෙද්දී සංගක්කාරගේ ඉණිම අවසන් වූයේ පන්දු 85 කින් රැස් කළ ලකුණු 105 ට ය.
ආරක්ෂාව සහ ආක්‍රමණය මනාව කැටි කොට ගත් පිරුණු පිතිකරුවෙකුගේ ඉණිමක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 165 ක දී ලකුණු 160 ක් ලබා නොදුවී සිටි අතර ශ්‍රී ලංකාවේ සමස්ථ ලකුණු ප්‍රමාණය වූ ලකුණු 320 න් එම ලකුණු ප්‍රමාණය හරි අඩක් විය.ඉන්දීය පන්දු යවන්නන් අතරින් අඩුවෙන් ප්‍රහාරයට ලක් වූයේ දග පන්දු යුවලය වු රවීන්දු ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින්ය.අශ්වින් කඩුලු ලබා ගත්තේ නැති වුව ද සිය පන්දු ඕවර් 10 ලකුණු 52 ට සීමා කරන්නට සමත් විය.ජඩේජා පන්දු ඕවර් 9 ක් යවා ලකුණු 43 ට කඩුල්ලක් දවා ගත් අතර සෙසු සියළු පන්දු යවන්නන්ගෙන්, ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවරයකට ලකුණු 6 ඉක්මවා ලබා ගන්නට සමත් වූහ.
පිලිතුරු ඉණිම ඇරඹෙන විට ඉන්දියාවට මේ තරගයෙන් නැති වන්නට කිස්වක් නොතිබි අතර තරගය ජය ගැනීමෙන් මේ තරගාවලිය තුළ රැදී සිටීමේ භාග්‍යය ද ඔවුන්ගෙන් ගිලිහී තිබුණු බැවින් ඔවුන්ට අවශ්‍යය වී තිබුණේ ප්‍රසාද ලකුණක් සමග ලබා ගන්නා ජයක් පමණි.ඒ නිසා ඒ සදහා අවශ්‍යය ප්‍රවේගකාරී බව නොඅඩුව රුදුණු ආරම්භයකට පිවිසි විරේන්ද්‍ර ෂෙවාග් සහ සචින් තෙන්දුල්කාර් ප්‍රථම කඩුලල්ට ලකුණු 54 ක සබදතාවයක් ඇති කළේ පන්දු ඕවර් 6.2ක් තුළය.ප්‍රථම කඩුලු දෙක 86 ක් වෙද්දී අහිමි වීමෙන් ඉනික්බිති විරාට් කෝලි සහ ගෞතම් ගාම්බිර් එකතු කළ ලකුණු 115 ක සබදතාවය ජයග්‍රහණයේ අඩිතාලම වූ අතර ගැම්බීර් 28 වන ඕවරයේ තෙවන පන්දුවට දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සුරේස් රයිනා සහ තරගයේ වීරයාගේ ඉණිම ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 133 ක් රැස් කළ විරාට් කෝලි ක්‍රීඩංගණයට ගිණිකෙළි සංදර්ශණයක සිරි කැදවීය.ඔවුන් දෙනොට ලකුණු 120 ක් රැස් කරන්නට ගත් වූයේ පන්දු ඕවර් 9.1 පමණක් වූ අතර කොලි ට ලකුණු 133 සදහා පන්දු 86 ක් පමණක් වැය වෙද්දී රයිනා පන්දු 24 ක් තුළ ලකුණු 40 කින් සිය දායකත්වය සැපයීය.
මෙම පරාජයත් සමග තුන්කොන් තරගාවලියේ අවසාන තරගය පිළිබද බලාපොරොත්තු යළිත් ශ්‍රී ලංකාවෙන් ඈතට වී ඇති අතර සිහිනයක් පමණක්ව පෙනෙන්නට තිබුණු ඉන්දීය කණ්ඩායමේ අවසන් තරග සිහිනය යථාර්තයට ළගා කරන්නට කෝලි ප්‍රමුඛ පිතිකරුවන්ට හැකි වූහ.ශ්‍රී ලංකා නායකයා ඩිල්ෂාන් යොදා නොගැනීමෙන් නොනැවතී යොදා ගත් රංගන හේරත් ද පන්දු ඕවර් 4 ට සීමා කළ අතර එම පන්දු ඕවර් 4 තුළ ලකුණු 20 ක් පමණක් ලබා දුන්නේ වුවද ඔහු යළි යොදා ගත්තේ නැත.එකම විශ්වාසය වූ ලසිත් මාලිංග ගෙන් කඩුලු ලැබීමේ සිහිනයේ දැඩිව එල්ඹ සිටි ශ්‍රී ලංකා නායකයා දිගින් දිගටම ප්‍රහාරයට ලක් වෙද්දීත් ඔහුගෙන් ආශ්චර්යයක් බලාපොරොත්තුවෙන් පන්දු යැවීම භාර කළ අතර අවසාන ප්‍රතිපලය වූයේ පන්දු ඕවර් 7.4 දී ලසිත් මාලිංග ලකුණු 96 ක් ප්‍රතිවාදීන්ට ලබා දීමය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518966.html තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.
කෙසේ වුව ඕස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති තරගය ජය ගැනීමෙන් අපහසුවකින් තොරව අවසාන තරගයට පිවිසීමට තවමත් ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව විශාලය.එසේ නොවන්නේනම් සෑම අතින්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තත්ත්වය සම වන අතර එවැනි තත්ත්වයක දී ශ්‍රී  ලංකාව ඕස්ට්‍රේලියාව ඉදිරියේ සිය ශුද්ධ ලකුණු වේගය සුරුකෙන ඉණිමකට ප්‍රවේශ වීම අනිවාර්යය වේ.

බටහිර දකුණු ආසියානු බේස්බෝල් කුසලානය දිනා ගැනීමේ සැළසුමට කොරියාවෙන් පුහුණකරුවෙක්

කිස්ථානයේ මාර්තු 22 දා සිට 28 දා දක්වා පැවත්වෙන බටහිර ආසියාතික බේස්බෝල් තරගාවලිය දිනා ගැනීමේ සැළසුම දියත් කිරීම සදහා කොරියානු පුහුණුකරුවෙකු ගේ උපකාරය ලබා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය තීරණය කර ඇත.ඒ අනුව කොරියානු වෘත්තීය පුහුණුකරුවෙකු වන කිම් ජුන්ග් සූ නව ජාතික බේස්බෝල් පුහුණුකරු ලෙස පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළේය.
1997 ලෝක සූරතාවය දිනූ කොරියානු බේස්බෝල් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ කිම් පසුව පුහුණුකරුවෙකු ලෙස කොරියාවේ ප්‍රථම පෙළේ  කණ්ඩායම් වලට වෘත්තීයමය පුහුණුකරුවෙකු ලෙස දායකත්වය ලබා දී ඇත.දකුණු ආසියාතික මට්ටමෙන් මේ වන විට පකිස්තානයට පමණක් දෙවන ව සිටියද පසුගිය කාලයේ අවස්ථා ගණනාවක දී ඔවුන් පරාජය කිරීමේ හැකියාව ඇති බවට ඔප්පු කර පෙන්වා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම  මේ තරගාවලියේදී පකිස්තානයේදීම එය නිල ලෙස ඉටු කරනු ඇතැයි ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමේ නව පුහුණුකරු ගේ සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ එම සම්මේලන සාමාජිකයෙක්  සුපිරික්‍රීඩා වෙත පැවසීය.
ඡායාරූපයේ දැක්වෙන්නේ නව පුහුණුකරු කිම්, ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ අවස්ථාවයි.


Feb 28, 2012

පැරදුනත් අවසාන තරගයට යන්නට ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක්

ද හෙබාර්ට් හී පැවත්වෙන කොමන්වෙල්ත් තුන් කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට අවස්ථාවක් තිබෙන බැවින් අද තරගයේ වැඩි පීඩනයක් ඉන්දියාවට එල්ලවීම නොවැළක්විය හැකිය.මේ වන විටත් ලකුණු සටහනේ ලකුණු 15 ක් ලබා සිටින ශ්‍රී ලංකාව හා සම වීමට මෙම තරගය ජය ගැනීම පමණක් ඉන්දියාවට ප්‍රමාණවත් නොවන අතර තරගය ජය ගන්නේනම් ප්‍රසාද ලකුණක් ද සමග ජය ගැනීම අත්‍යවශ්‍යය වීමත් ශ්‍රී ලංකාවේ සමස්ත දළ ලකුණු වේගය අභිබවා යා හැකි පරිදි ඉහළ ලකුණු වේගයක් පවත්වා ගැනීමත් ඉන්දියාවට අනිවාර්යෙයන් කළ යුතුව ඇති බැවින් මෙම තරගය ජය ගත්තද අවසාන තරගයට ශ්‍රී ලංකාව පිවිසීම වැළක්වීම ඉන්දියාවට පහසුවෙන් කළ හැකි වෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.
මහේල ජයවර්ධන යළි නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගිවන මෙම තරගාවලියේදී නායකයෙකු සතු විය යුතු ගුණාංග මොනවට විදහා පාමින් මහේල ශ්‍රී ලංකා කණ්ඩායමට හොද තරගයක් ලබා දීම කැපී පෙනෙයි.එහිදී ඩිල්ෂාන් තිලකරත්න නායකත්වය දරණ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවරයක් සකසා ගත් නවක ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් දක්වන දක්ෂතා ප්‍රවීන ක්‍රීඩකයන් අභිබවමින් පෙරය පැමිණ තිබෙන අතර මේ වන විට තුන්කොන් තරගාවලියේ ප්‍රබලතම පිතිකරුවා ලෙස වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා සිටින්නේ ද දිනේෂ් චන්දිමාල් ය.


ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ හොදම පිටියේ ක්‍රීඩිකාව අමන්ති


ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ වීසි කිරීම් සූරියන් අතර කැපී පෙනෙන ක්‍රීඩිකාවක වන අමන්ති සිල්වා ‍සිය විද්‍යාලය වන කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාර‍ාමයේ 110 වන නිවාසාන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ දක්ෂතම පිටියේ ක්‍රීඩිකාව ලෙස ඇගයීමට ලක් වූවාය.තරග පුහුණුවීම් අතරතුර සිදු වූ අනතුරකින් පීඩා විදිමින් සිට සුවය ලබන අතරතුර මෙසේ දක්ෂතා අතරට පිවිසෙමින් නව වසරේ තරග සමයට පිවිසීමට හැකිවීම ඇය සම්බන්ධයෙන් මේ වසරේ වැඩි බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයකි.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරග උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ජීඑල්එස් පෙරේරා අමන්ති ගේ දක්ෂතාවයන් ඇගයීමට ලක් කරමින් කුසලාන ප්‍රදානයට එක් වූ අවස්ථාවයි.

මොරටුවේ කණිටු බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු 17 – 18 මොරටුවේ කණිටු බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු 17 – 18



මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමය සහ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන කණීෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු 17 සහ 18 යන දෙදින තුළ මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවත්වෙනවා.අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ ක්‍රීඩත ත්‍රීඩිකාවන් වෙනුවෙන් තරග පැවත්වෙන මෙම තරගාවලිය එම වයස් ඛාණ්ඩයේ බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් විවෘත වෙනවා.
මෙම තරගාවලිය සදහා සහභාගි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාර්තු 8 වන දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුය.ඒ පිළිබදව වැඩි තොරතුරු මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ ලේකම් (0112-648961) හෝ තරග ලේකම් (071821705) ඇමතීමෙන් ලබා ගැනීමේ අවස්ථාව ඇත.

ජාතික මලල ක්‍රීඩා ලීගයේ පළමු පියවරේ තරග අප්‍රේල් 28 – 29 දියගම දී



ජාතික මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන 2012 ජාතික මලල ක්‍රීඩා ලීග් තරගාවලියේ පළමු පියවර ‍අප්‍රේල් 28  - 29 යන දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.තරගාවලිය සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය අයදුම් පත් අප්‍රේල් 05 දාට පෙර යොමු කළ යුතු අතර තරගාවලිය සදහා ඇතුළත් වීමේ අයදුම් පත් සහ වැඩි තොරතුරු අප වෙබ් අඩවියේ ඇති ‘National Athletic League(1st Leg) – 2012 applicationබැනරය තෙරපීමෙන් ලබා ගැනීමට හැකිය.
වසරේ පැවත්වෙන පළමු තරගාවලිය මෙන්ම ලබ්ඩන් ඔලිම්පික් උළෙලේ පරිසාධන මට්ටමට ආසන්නව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනා ඒ සදහා මෙම තරගාවලියේ දී දරණ උත්සාහයද ගත් විට මෙම තරගාවලිය තුළ දැඩි තරගකාරීත්වයක් අපේක්ෂා කළ හැකිය.


Feb 27, 2012

ඉන්දියාව ලංකාවේ කොමන්වෙල්ත් බැංකු සූරයන් වීමේ සිහිනය තවත් ශක්තිමත් කරයි


Shane Watson leaps after dismissing Virat Kohli
කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව තව දුරටත් ශක්තිමත් කළ ඉන්දියාව ඊයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 87 ක පරාජයක් ලැබීය.ඒ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණක් ද සමගින් වන අතර ඒ ආකාරයට මේ තරගාවලිය තුළ ඉන්දියාව ප්‍රසාද ලකුණු සමග ඕස්ට්‍රේලියාවට ජය ගන්නට දුන් තෙවන අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකිය.මේ අනුව ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට තවත් ඉතිරිව ඇත්තේ මේ තරගාවලියේ මූලික වටයේ එක් තරගය බැගින් වුව,ශ්‍රී ලංකාවට තරග දෙකක් ඉතිරිව ඇත.
මේ තත්ත්වය මත ඉන්දියාව ඉතිරිව තිබෙන ශ්‍රී ලංකාව සමග තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගතහොත් පමණක් ලකුණු සටහනේ ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග සම ලකුණු තත්ත්වයට පිවිසීමට අවස්ථාවක් ඇත.නමුත් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව සමග තරගය ජය ගෙන ඒ තත්ත්වය වෙනස් කරන්නට අවස්ථාවක් ඇති අතර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමග තරගය සහ ඉන්දියාව සමග පරාජය වුව ද,ලකුණු ලබා ගැනීමේ වේගය අතින් දැනට තිබෙන තත්ත්වය අනුව ඉන්දියාවට ශ්‍රී ලංකාවේ දළ ලකුණු වේගය ඉක්මවා යාමට අවස්ථාවක් ලැබේයැයි සිතීම අපහසුය.
ඊයේ ඉන්දියාව පරාජය වූ තරගය ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් ට අතිශයින් වැදගත් තරගයක් විය.යළි සෞඛ්‍ය තත්ත්වය මත නායක මයිකල් ක්ලාක් ඊයේ තරගයට සහභාගි නොවූ අතර ඒ නිසා වොට්සන්ට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට පළමු වරට නායකත්වය දීමේ අවස්ථාව ලැබිණ.එමෙන්ම නායකයෙකු ලෙස මෙන්ම මෙම තරගාවලියේ දී පළමුවරට ක්‍රීඩා පිටියට පිවිසෙන්නට ද අවස්ථාව ලද වොට්සන් එම දෙයාකාර පිවිසීම ජයග්‍රාහී ලෙස අවසන් කරන්නට සමත් විය.
සිය පළමු මෙහෙයවීමේ දී කාසියේ වාසිය ලබන්නට ද වාසනාවන්ත වූ ෂේන් වොට්සන්ට සිය ප්‍රහාරාත්මක පිතිකරණ රටාව පවත්වා ගෙන යන්නට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණ.වොට්සන් ගේ ඉණිම ලකුණු 1 ට සීමා නමුත් ඔහු සමග ඉණිම ඇරඹු ඩේවිඩ් වෝනර් ලකුණු 68 ක් ලබා ජයග්‍රහණයේ අඩිතාලම සකස් කරමින් තරගයේ වීරයා ද විය.මේ තරගාවලියේ වොට්සන් ගේ පැමිණිම නිසා ආරම්භක පිතිකරුගේ කාරියෙන් මිදී මැද පෙළ ශක්තිමත් කිරීමට සිදුවුණු මැතිව් වේඩ් ලකුණු 56 ක් ලැබීය.පිතිකරුවෙකු ලෙස අසාර්තක වී සිටින විරේන්ද්‍ර ෂෙවාග් පන්දු යැවීමෙන් සාර්ථක වෙමින් ලකුණු 43ට කඩුලු 3 ක් ලැබීය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518965.html මෙම සබදතාවය යොදා ගෙන තරගයේ නිල ලකුණු විස්තරයට පිවිසීමට ඹබට අවස්ථාව ඇත.