Oct 18, 2013

ගයාන්ගෙන් විශිෂ්ඨ සටනක්


සකස්තානයේ පැවත්වෙන ලෝක බොක්සිං සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ සිව්වන පරාජය සනිටුහන් කළ ගයාන් ජයවීර අති විශිෂ්ඨ සටනකින් පසුව පින්ලන්තයේ මෙටී කූටා අතින් අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුණා.තෝරා ගත් විනිශ්ඥයන් තුනක අවසාන ලකුණු සටහන් නිරීක්ෂනයේදී එම ලකුණු සටහන් තුනේම ගයාන්ට පරාජය හිමි වී තිබුණේ ලකුණු 29 - 28 ක් ලෙසයි.කිලෝග්‍රැම් 56 බර පංතියෙන් තරග වැදුණු ගයාන් පන්නල ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙවර ලෝක කුසලාන බොක්සිං සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වී සිටිනවා.
හිස් ආවරණ රහිතව පවත්වනු ලබන ප්‍රථම ලෝක බොක්සිං සූරතාවලිය ලෙස ඉතිහාසයට එක්වෙන මෙම තරගාවලිය බොක්සිං ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගැනිමට සමත් වී තිබෙන අතර මෙම තරගාවලියේදී හිස් ආවරණ වලින් තොරව ලොව පුරා විසිරී සිටින බොක්සිං සූරයන් අභිතව සටන් වදින ආකාරයත් දරුණු ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන්නට සූදානම් ශක්තිමත් දරා ගැනීමත් සුවිශේෂී කොට සැළකිය හැකියි.ශ්‍රී ලංකාවෙන් තරගාවලියට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් අතරින් ඉදිරියේදි තරග වැදීමට නියමිත මලිත් ප්‍රභාෂ්වර පමණක් වන අතර ඔහු මෙන්ම ඔහුගේ පුහුණුකරු වසන්ත කුමාරත් තරගාවලියට පෙර සිටම කසකස්තානයේ රැදී සිටිමින් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ පුහුණු සැසි සදහා සහභාගි වී විශාල අත්දැකීම් සහිතව සිටින බැවින් ඔහුගේ තරගය පිළිබදව ශ්‍රී ලංකාව දැඩි විශ්වසනීයත්වයකින් පසු වෙනවා.
www.supirikrida.com

ජාතික නෙට්බෝල් සූරතාවලිය හෙට සහ අනිද්දා මාතරදී


 ශී‍්‍ර ලංකා නෙට්බෝල් සම්මේලනය මහජන බැංකුවේ පුර්ණ අනුග‍්‍රහයෙන් පවත්වනු ලබන ජාතික ශුරතා
නෙට්බෝල් තරඟාවලිය හෙට සහ අනිද්දා (19 සහ 20 දීන) වලදී මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්විමට කටයුතු සූදානම් කර ඇත.ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ඉහළම නෙට්බෝල් තරගාවලිය ලෙස සැළකෙන මෙම තරගාවලිය සදහා මේ මොහොතේ ක්‍රියාත්මක ජාතික සංචිතයේ සිටින සහ ලංකාවේ සිටින ඉහළම මට්ටමේ දැල් පන්දු ක්‍රීඩිකාවන් සියල්ලම පාහේ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මේ වන විට පවතින දැල් පන්දු තේරීම් සම්බන්ධයෙන් සැබැවින්ම යම් ගැටළුවක් වන්නේ නම් එය වඩාත් දක්ෂයන්ගෙන් යුත් ජාතික සංචිතයක් සහ ජාතික කණ්ඩායමක් බවට පත් කරන්නට ලැබෙන සුදුසුම අවස්ථාව ලෙස සැළකීමට ජාතික දැල්පන්දු සම්මේලනය නිහතමානී වන්නේ නම් ‍එය නේෂන් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් ශකත්තිමත් කණ්ඩායමක් බවට පත් කර ගන්නට දැල්පන්දු පරිපාලනයට ලැබෙන ඉහළම අවස්ථාව වනු ඇතැයි සිතිය හැකිය
 www.supirikrida.com



මහානාමයේ සජනගෙන් ගොල් ත්‍රත්වයක්


මස්ත ලංකා පාසල් වයස අවුරුදු 19 න් පහළ ඒ කොටසේ පාපන්දු තරගයකදී කොළම අශෝක විද්‍යාලයට එරෙහිව ගෝල 6 - 0 ක ජයක් අත්කර දීම සදහා පෙරමුණ ගත් කොළඹ මහානාම විද්‍යාලයේ  සජන පුලන්ජිත් ගෝල ත්‍රිත්වයක් ලබමින් දස්කම් දැක්වීය.කොළම අශොක විද්‍යාලයේ පැවති මෙම පාපන්දු තරගයේදී මහානාමයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනිත් චක්දිමාල් ගෝල 2 ක් රැස් කරන්නට යෙදුණ අතර කවිංග දර්ශාන් ද ගෝලයක් ලබා ගන්නට සමක් විය.අශෝක විද්‍යාලීය ක්‍රීඩා පිටියේදීම පැවති මෙම තරගයේ දී සිය ක්‍රීඩාංගණයේදීම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අශෝකයට ඉඩ නොදුන් මහානාමය ගෝල 6 ක් රැස් කිරීම විෂේශත්වයකි.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම තරගයට මුහුණ දුන් ජයග්‍රාහී පාපන්දු කණ්ඩායමය.
එම්.අයි.සී. මල්ලිකා කත‍්‍රිආරච්චි මෙනෙවිය, රජිව් කාවින්ද, ඉරෝශාන් අනුරංග, සජන පුලන්ජිත්, එරන්ද සමීර, රන්දික ෆොන්සේකා, මිනුර මධුසංක සඳරුවන්, ජනිත් චන්දිමාල්, පුහුණුකරු සහීඞ් සලීග් මහතා
 වමේසිට ඉඳගෙන කසුන්, සජිත් පෙරේරා, රජිත, කවිංග දර්ශාන්
www.supirikrida.com

Oct 17, 2013

මදුශංක නොකවුට්

සකස්තානයේ අල්මති නුවර පැවත්වෙන ලෝක බොක්සිං සූරතාවලියේ මූලික වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තරිදු මධුශංකට තරගයේ පළමු වටයෙන්ම ඉවත්ව යන්නට මග සකස් කළ ජෝර්ජියාවේ කවචෂෙඩ්ස් ෂාල් පහසු ජයත්‍රහළුයක් ලබා ගත්තා.තරගාවලියට අයත් 71 වන තරගය ලෙස ක්‍රියාත්මක වූ තරගයේදී මධුශංක ලද පාජයත් සමග තරගාවලියට එක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස් දෙනාගෙන් තිදෙනෙකුම පරාජය වී අවසන් අතර තවත් ඉතිරිව සිටින්නේ මලිත් ප්‍රභාෂ්වර සහ ගයාන් ජයවීර පමණයි.
කිලෝ ග්‍රෑම් 71 බර පංතිය යටතේ ෂාල් සමග තරගයට පිවිසි මධුශංක,මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ලෝක සූරතා බොක්සිං තරගාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කරන්නට වරම් ලබා ගත්තා.ඡායාරූපයේ දැක්වෙන්නේ මධුශංකගේ තරගයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් වු අවස්ථාවයි.
www.supirikrida.com 

නීතිඥ ක්‍රිකට් කුසලානයේ ආරම්භයට අර්ජුන

මේ දිනවල ඉන්දියාවේ ක්‍රියාත්මක සිව්වැනි නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස 1996 ශ්‍රී ලංකාව ක්‍රිකට් කේෂ්ත්‍රයේ ලැබූ ඉහළම ජය ලෙස සැළකෙන ලෝක කුසලාන ජයග්‍රහණයට නායකත්වය ලබා දුන් අර්ජුන රණතුංග ආරාධනා ලැබ තිබීම ශ්‍රී ලංකාවට හිමි වූ විශාල ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකියි.නීති කේෂ්ත්‍රයේ දැවැන්ත චරිත සහභාගි වූ මෙම සමාරම්භ උත්සවයට ක්‍රිකට් කේෂ්ත්‍රයේ ප්‍රවීනත්වය සළකා ඇරයුමක් ලැබ තිබුණේ අර්ජුන පමණක් වීම ශ්‍රී ලංකාවම ලැබූ ජයක් ලෙස හැදින්වීම අසාධාරණ නැහැ.
තරග සංවිධායක කමිටු ප්‍රධානි ප්‍රකට නීතිවේදියෙකු වන කේටීසී තුල්සි,උපරිමාධිකරණ විනිසුරු සංගම් සභාපති එම්එස් ක්‍රිෂ්නාමනි ආදී නීති කේෂ්ත්‍රයේ දැවැන්තයන් එක් වූ මෙම අවස්ථාවේදී ප්‍රකාශයට පත් වූ තොරතොරු වලට අනුව තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය අටකි.සත්කාරක ඉන්දියාව,පකිස්තානය,බටහිර ඉන්දිය කොදෙව් දූපත්,එංගලන්තය,ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ලෙස ජාතීන් හයක් තරගාවලියට එක් වී සිටින අතර කණ්ඩායම් ප්‍රමාණය අටක් වන්නේ ශ්‍රී ලංකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් කණ්ඩායම් දෙකක් සහභාගි වන බැවින්ය.
පළමු වටයේදී සෑම කණ්ඩායමකටම එකිනෙකා හා තරග වදින්නට සිදු වන අතර එහිදී දක්වන දස්කම් අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර අවසාන පූර්ව වටයට තෝරා ගැනීමට නියමිතය.එහිදී අවසාන තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඔක්තෝම්බර් 22 දා ප්‍රසිද්ධ  ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී අවසාන තරගයට මුහුණ දීමට නියමිතය.අසේල පටබැදිගේ නායකත්වයෙන් තරගාවලියට එක් වී සිටින ශ්‍රී ලංකා නීතිඥ ඒ කණ්ඩායම මෙවර තෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ ද අවසාන පූර්ව වටය දක්වා පිවිසෙමින් ඉතා හොද මට්ටමක සිටින බැවින් මෙවර තරගවලියේ සූරයන් සම්බන්ධ අනාවැකි ප්‍රකාශ කිරීමේදී අමතක කළ නොහැකි කණ්ඩායමක් බවට පත් වී සිටියි.
www.supirikrida.com


Oct 16, 2013

ඇමෙරිකානුවා ඉදිරියේ සිසිර පසු බසියි

සකස්තානයේ අල්මස්ති හී පැවත්වෙන ලෝක බොක්සිං සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පරාජය ඊයේ වාර්තා වුණා.ඒ සංචාරයට එක් වී සිටින සිසිර කුමාරසිංහට යි.ඔහු පරාජය ලැබුවේ ඇමෙරිකාවේ සිම්ස් කෙනත් වෙතින්.ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට එක් වී සිටින කිලෝ ග්‍රෑම් 60 බර පංතියෙන් තරග වදින සිසිර,ලොව දැවන්තම බොක්සිං සංස්කාතියක් ඇති රටක් හැටියට පිළි ගැනෙන ඇමෙරිකාව නියෝජනය කරමින් සහභාගි වූ කෙනත් වෙත ජයග්‍රහණය පහසුවෙන් ලබා ගැනීමට ඉඩ නොදුන් අතර තෝරා ගත් විනිශ්චයකරු සටහන් වලින් ලකුණු තත්ත්වය 30 - 25,30 -24 සහ 30 -27 ලෙස දැක් වුණා.
කසකස්තානය විශාල පිරිවැයක් දරමින් මෙම තරගාවලිය සංවිධානය කර ඇති අතර පරිගණකාශ්‍රිත නූතණ තොරතොරු තාක්ෂණය විශාල වශයෙන් භාවිතයට ගෙන තිබෙනවා.ඡායාරූපයේ දැක්වෙන්නේ ඒ ආකාරයට තරග කාල සටහන ප්‍රදර්ශනය කරන ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් සකස් කළ දර්ශණ තිරයකි.

Oct 15, 2013

හැටන් නැෂනල් බැංකුව බැඩ්මින්ටන් කිරුල රැක ගනියි- තිළිණිට ත්‍රිත්ව සූරතා

වෙළද සේවා බැඩ්මින්ටන් සූරයන් ලෙස කිරුළ දරා සිටින හැටන් නැෂනල් බැංකුව මෙවරද සිය  සූරතාවය රැක ගැනීමට සමත් වූ අතර තිළිණි ජයසිංහ ත්‍රිත්ව සූරතා දිනා ගනිමින් කැපී පෙණින.ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ පැවති මෙම තරගාවලියේ දී පිරිමි කේවල සූරතාවය දිනා ගන්නට ජාතික බැඩ්මින්ටන් සූරයා වන මැක්ලරන්ස් කණ්ඩායමේ නිලූක කරුණාරත්න සමත් වු අතර අනු සූරතාවය දිනා ගනු ලැබුවේ ජාතික අනු සූරයා වන හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ දිනුක කරුණාරත්නය.කාන්තා යුගල සහ මිශ්‍ර යුගල සූරතාවයන්ට ද දායක වු,සම්පත් බැංකුව නියෝජනය කරන තිළිණි ජයසිංහ කාන්තා කේවල සූරිය වූ අතර තරගාවලියේ කාන්තා ප්‍රවින කේවල සූරතාවයට හිමිකම් කියු සහ තිළිණිගේ සමුප්‍රාප්තිය වන තෙක් අඛණ්ඩව ජාතික සූරියව සිටි චන්ද්‍රිකා ද සිල්වා සෙලාන් බැංකුවට කාන්තා කේවල අනු සුරතාවය ද දිනා දීමට සමත් වූවාය.

තරගාවලියේ ත්‍රිත්ව සූරතාවයක් සදහා හිමිකම් කියන්නට සමත් වු තිළිණි ජයසිංහ  යුගල කාන්තා ඉසව්වේදි ශහිනි රංජලා සමග එක්ව සම්පත් බැංකුව ජයග්‍රහණය කරා රැගෙන ගියේ මැක්ලරන්ස් ආයතනය නියෝජනය කළ රුවිනි රත්නසිරිගේ සහ මාස් ආයතනය නියෝජනය කළ අමාලි අමරසිංහගේ සුසංයෝගයට පරාජය හිමිකර දෙමින්ය.මිශ්‍ර යුගග සූරතාවය ද සම්පත් බැංකුවටම හිමි කර දීමට තිලිණි දායක වූ අතර එහිදි ඇයගේ සහයකයා වූයේ හසිත චානක ය.උදාර නයනජිත් සහ රුවිනි රත්නසිරි මැක්ලරන්ස් ආයතනයට එහි අනු සූරතාවය දිනා දෙන්නට සමත් විය
පිරිමි යුගල සූරතාවය සදහා වූ අවසාන තරගයේදි සුපුරුදු ජාතික මට්ටමේ පිරිමි යුගල සූරයන් වන නිලූක සහ දිනුක කරුණාරත්න සොහොයුරෝ වෙන් වෙන්ව වෙනත් පාර්ශවකරුවන් සමග තරග බිමට පිවිස සිටි අතර ඒ අතරින් දිනුක,ලක්ෂාන් සිල්වා සමග එක්ව හැටන් නැෂනල් බංකුවට පිරිමි යුගල සූරතාවය දිනා දුන්නේ මැක්ලරන්ස් ආයතනය වෙනුවෙන් තරග බිමට පිවිසි සිය සොහොයුරු නිලුක සහ තිසර නිම්මිකට පරාජය හිමිකර දෙමින්ය.


සුරේෂ්ට තියුණු තරගයකින් පසුව පරාජය

සකස්තානයේ අල්මස්ති හී ඇරඹි ජගත් බොක්සිං සූරතාවලියේ පළමු දිනයේ තරග සදහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක සුරේෂ් පට්ටියආරච්චි සිය සටන ජය ගන්නට විශාල උත්සාහයක් ගත් නමුත් තියුණු තරගයකින්  පසුව ඕස්ට්‍රේලියාවේ ඇන්ඩෘ මෙලනි අතින් පරාජයට පත් විය.කිලෝ ග්‍රෑම් 52 බර පංතිය යටතේ තරගයට පිවිසි පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං සූරතා පදක්කම්ලාභී සුරේෂ් සහ ඇන්ඩෘ අතර පැවති තරගයේදී අවසාන ප්‍රතිපලය සදහා සැළකිල්ලට ගත් විනිසුරු තීරණ තුනේදීම ඇන්ඩෘ ඉදිරියෙන් සිටිනු දක්නට ලැබිණ.නමුත් ඒ ලකුණු 30 -27,30 -27 සහ 29 - 28 ක් ලෙස ඉතා ආසන්න ලකුණු පරතරයකින්ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ජාත්‍යන්තර වශයෙන් වැඩිම කුසලතා ප්‍රකට කර ඇති සුරේෂ් ස්ලිම් ලයින් බොක්සිං සමාජය නියෝජනය කරන අතර හොරණ විද්‍යාරතනයෙන් බොක්සිං පිටියට පා තැබූවෙක්ය.ඡායාරූපයේ දැක්වෙන්නේ සුරේෂ් සහ ඇන්ඩෘ අතර පැවති තරගයේ අවස්ථාවක්ය.

Oct 14, 2013

සොමිතාගේ පැමිණීමෙන් සංචිතයේ වෙනසක්?

නේෂ්න් කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සොමිතා අල්විස් පත් කිරීමට ගත් තීරණයත් සමග දැනට නම් කර තිබෙන ජාතික සංචිතයේ වෙනසක් විය හැකි බවට දැල් පන්දු කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.සාමාන්‍යයෙන් තෝරා ගැනීමේදී තේරීම් කමිටුවක් එම කණ්ඩායමේ පුහුණුකාරියගේ පුහුණු සැළසුම් සහ තරග සැළසුම් ද සළකා බලන අතර එම පුහුණුකාරිය සදහා ඒ සදහා වන අත්‍යවශ්‍යය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබදව සැළකිල්ල යොමු කිරීමද සාමාන්‍ය සම්ප්‍රදාය වනවා.පුහුණුකාරිය සිය තරග අවශ්‍යයතා  මත ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් තර්කාණුකූලව සාක්ෂාත් කරන්නේ නම් සහ ඒවා තේරීම් කමිටුවට පිළිගත හැකි කාරණා වන්නේ නම් ඊට ඇහුං-කං දීම සාමාන්‍යයෙන් තේරීම් කමිටුවක සම්ප්‍රදාය වී තිබෙනවා.
නමුත් කණ්ඩායම තේරීමේදී කණ්ඩායම පුහුණුකිරීම සදහා පුහුණුකාරිණියක් පත් කර නොසිටි අතර තේරූ කණ්ඩායම පුහුණු කිරීමට සොමිතාට සිදු වී තිබෙනවා.මෙහිදී නව පුහුනුකාරිය දෙමසක කාලයක් සදහා සිය පුහුණු සැළසුම කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේද,ඒ අනුව තරග සැළසුම් සකස් කිරීමේ දී අවධානය යොමු කරන සීමාවන සහ විෂේශ කුසලතා කවරේද යන්නත් විමසා බැලීම දැල් පන්දු පරිපාලනයේ වගකීමක් වන අතර ඒ අනුව ඇය විසින් තේරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන්ද අදහස් විමසා බැලීම යුතුකමක් සහ වගකමක් වනවා.නීතිමය වශයෙන් ඊට බැදීමක්නැති වුව ද සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය අනුව ඒ පිළිබදව දැල් පන්දු පරිපාලනය සහ නව පුහුණුකාරිය අතර එකගතාවයක් ඇති විය හැකි බවට විශ්වාසයක් ගොඩ නැගී තිබෙන අතර ඒ නිසා මාතර පැවත්වෙන තරගාවලියේදී විෂේශ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි විහාල අවධානයක් යොමු වනු ඇති බව ද,තේරීම් වලදි කැපී ගිය සහ තේරීම් වලට විවිධ හේතු නිසා සහභාගි නොවු ක්‍රීඩිකාවන්ට මේ තරගාවලිය හරහා ජාතික සංචිතයට යම් අවස්ථාවක් දිනා ගැනීමට ඉඩ-කඩ පෑදෙනු ඇතැයිද ශ්‍රී ලංකා දැල් පන්දු කේෂ්ත්‍රයේ බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටිනවා.
මේ නිසාම ඇතැම් පුහුණුකාරියන් මෙන්ම ජාතික දැල් පන්දු පරිපාලනයට සම්බන්ධ ඇතැමුන් ද,ජාතික සංචිතයට නම් කර සිටින ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී සිය කණ්ඩායම් වලට ක්‍රීඩා කිරීම අනිවාර්යය කළ යුතු බව පෙන්වා දීමට නියමිත බවත්,ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්,හොද තරගකාරී පදනමකින් තරග වලට මුහුණ දීමේ හැකියාවෙන් යුක්තව සිටින බවත් මෙම තරග වලදී ඔප්පු කර පෙන්වීම අනිවාර්යය කරුණක් විය යුතු  බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
www.supirikrida.com


බස්නාහිර මේස පන්දු සැණකෙළියේ දෙව්මිණිට සහ ලිතුමිණට විෂේශ ඇගයීම්

ස්නාහිර පළාත් මේස පන්දු සම්මේලනය මෙහෙය වූ ඉකුත් 05 සහ 06 යන දිනයන්හී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ පැවති,බස්නාහිර පළාත් මේස පන්දු තරගාවලිය සහ ළමා මේස පන්දු සැණකෙළියේ දී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස කොළම වෙස්ලි විද්‍යාලයේ ලිතුමිණ මහානාම තේරී පත් විය.වටිනාම ක්‍රීඩිකාව බවට පත් වූයේ කොළම මියුසියස් විද්‍යාලයේ දෙව්මිණි වීරසේනය.තරගාවලියේ නැගී එන ක්‍රීඩක සම්මානය දිනා ගැනීමට කොළම රාජකීය විද්‍යාලයේ තිසස් රංචාගොඩ සමත් විය.
නැගී එන ක්‍රීඩකයෙකු ලෙස ජාතික කණිෂ්ඨ තරගාවලි ගණණාවකදීම සිය දස්කම් දක්වා ඇති කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලිතුමිණ මෙම තරගාවලියේදී අවුරුදු 18 න් පහළ සහ අවුරුදු 15 න් පහළ මේස පන්දු කේවල සූරතාවයට හිමිකම් කියන්නට සමත් විය.කොළම විශාකා විද්‍යාලයේ දෙව්මිණි වීරසේන අවුරුදු 15 න් පහළ සූරිය වූ අතර විවෘත සූරිය වූයේද ඇයය.ඊට අමතරව ඇය විවෘත කාන්තා යුගල සූරතාවයට ද දීක්ෂා රොද්‍රිගෝ සමග එක්ව උරුම කම් කීවාය.අවුරුදු 10 න් පහළ මෙන්ම අවුරුදු 12 න් පහළ බාලක සූරයා වූයේ තිසස් රංචාගොඩය.එ‍සේම අවුරුදු 15 න් පහළ බාලක යුගල තරගාවලියේ අනු සූරතාවය දිනා ගන්නටද දෙව්මිත් වීරසේනගේ සහයෝගය ඇතිව තිසස් ට හැකි විය.
තරගාවලියේ විවාත තරග අංශයේ සූරයා වන්නට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ රසික මනෝජ් සමත් වු අතර තරගාවලියේ ප්‍රධාන අරාධිතයා ලෙස සළු සල ආයතනයේ සභාපති රොෂාන් මද්දුමගේ සහභාගි විය.
www.supirikrida.com