Apr 19, 2013

නුවරඑළියේ දකෂතම ක්‍රීඩකයා ෂන්මුගනාදන්

නුවරඑළි දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉන්දීය මහ කොමසාරිස් වරයා අතින් ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩක ඩිෂාන් ෂන්මුගනාදන් සම්මාන ලබා ගත්තා.අධයාපනික අංශයෙන්,ආගමික අංශයෙන් සහ ක්‍රීඩා අංශයෙන් දක්ෂයන් සම්මානයට ලක් කළ මෙම සම්මාන උළෙල,නුවරඑළිය මහ නගර සභාව,සහ නුවරඑළිය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය ඒකාබද්ධව සංවිධානය කර තිබුණා.ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම සම්මාන උළෙලෙට විශේෂ ආරාධිතයන් ලෙස පාර්ලිමේන්තු මංත්‍රීවරුන් සහ මධ්‍යම පළාත් සභාවේ මැති ඇමතිවරුන් නුවරඑළිය නගරාධිපති තුමා ඇතුළු නාගරික මංත්‍රීවරුන් ඇතුළු ප්‍රභූ ආරාධිතයන රැසක් එක්ව සිටියා.
ඩිෂාන් සණ්මුගනාදන් 2011 වසරේදි අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමන් ජාතික නියෝජනය ආරම්භ කළ අතර මේ වන විට ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර මේ වසරේ ජාතික සූරතාවය සහ ලීග් සූරතාවය දිනූ රණබිම රාජකීය කණ්ඩායම වෙනුවෙන් එම ජයග්‍රහණය සදහා ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා.
www.supirikrida.com

පාසල් 134 ට එංගලන්තයේ ලාංකිකයන්ගෙන් බෝල

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පළමු ශ්‍රේණියේ,දෙවන ශ්‍රේණියේ සහ තෙවන ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පාසල් 134 ට ලෙදර් බෝල පන්දු පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එක්සත් රාජධානි ක්‍රිකට් ‍කොමිටිය කටයුතු යොදා තිබෙනවා.එහි සභාපති ධූරය දරණ 70 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි සටන්කාමී ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් අසිත ජයවීර මෙම කොමිටයේ සභාපති ධූරය දරණ අතර කොමිටියේ ආරාධනය පරිදි මෙම පන්දු පිරිනැමීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අධයාපන ඇමති බන්දුල ගුණවර්ධන එක් වුණා.එක්සත් රාජධානි ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව වෙනුවෙන් එහි ලේකම් අජිත් දන්දෙනිය සහ කමිටු සාමාජික දීපාල් අහංගම එක්ව සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී පැවති රාත්‍රී නැටුම් සහ ආහාර පිරිනැමීමේ උත්සවයකින් ලද ආධාර හරහා උපයා ගත් මුදල මෙම පන්දු පිරිනැමීම සදහා මූලිකව යොදා ගෙන තිබෙන නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දායකත්වය ද මෙම ආධාර මුදල හා බැදී තිබෙනවා.
www.supirikrida.com


Apr 18, 2013

නැන්ජින් ගමණට මලල ක්‍රීඩාවට 10 ක්

චීනයේ පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනයේදී මලල ක්‍රීඩාව සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 ක් පමණක් සභභිගි කරවීමට අවස්ථාව ඇතැයි මළල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.ජාතික ඔලිම්පික් කමිටුව මෙම තරගාවලිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ප්‍රධානියා ලෙස සැළකෙන අතර රටේ පවතින ඔලිම්පික් සදහා සම්බන්ධ සියළු ක්‍රීඩා සළකා මෙම තරගාවලියට සුදුසු ක්‍රීඩා කවරේද යන්න තීරණය කිරීම ඹලිම්පික් කමිටුව සතු රාජකාරියක් බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.ඒ අනුව මුලදී ලැබුණු අවස්ථාවන් ප්‍රමාණය ඹලිම්පික් කමිටුවේ අවධානයට යොමු කර 10 දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බව ද එම ප්‍රකාශනයා පෙන්වා දුන්නේය.
එහිදී අවසර ලබා ගැනීමේ පහසුව පිණීස වැඩි දෙනෙකුගේ නම් යොමු කර අවසර ලබා ගැනීමට සිදු වූ බවත්  එම ප්‍රමාණය වැඩි කර ගැනීමට අවස්ථාව ඇද්ද යන්න ඹලිමිපික් කමිටුව සමග සාකච්ඡා කර තීරණය කිරීම අපේක්ෂාව බවත් පෙන්වා දුන් එම ප්‍රකාශකයා මේ පිලීබදව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කර ඇති බවත් පෙන්වා දුන්නේය.ඒනිසා දැනට සුදුසුකම් ලැබු බවට දැණුම් දී ඇති සියළු පිරිසගේ නම් ඹලිමිපික් කමිටුව හරහා ආසියානු ඹලිමිපික් කමිටුවට ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් එම ප්‍රකාශකයා,අවසානයේ ආසියානු මට්ටමේ ඉදිරියෙන්ම සිටින හොදම දස දෙනාට අවස්ථාව හිමි වීම අනිවාර්යය බවත් පෙන්වා දුන්නේය.
www.supirikrida.com

ලන්ඩන් මැරතන් ආරක්ෂාව පිළිබදව බ්‍රිතාන්‍ය ක්‍රීඩා ඇමතිගෙන් සහතිකයක්

Boston marathon bombingsලොව පැරණිතම මැරතන් තරගය ලෙස සැළකෙන බොස්ටන් මැරතන් තරගය ආශ්‍රිතව පුපුරා ගිය බෝම්බය හේතුවෙන් ලන්ඩන් මැරතන් තරගයේ ආරක්ෂාව තර කිරීම පිළිබදව බ්‍රිතාන්‍ය ක්‍රීඩා ඇමති හියු රොබට්සන්ගේ අවධානය යොමු වී තිබෙනවා.විශාල නරඹන්නන් පිරිසක් සහභාගි වන ලන්ඩන් මැරතන් තරගයේ ආරක්ෂාව තර කිරීමේදී මැරතන් ගමන් මාර්ගයේ සියළුම ස්ථාන පිළිබදව සොයා බැලෙන දැඩි ආරක්ෂක ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිීම අත්‍යවශ්‍යය කාරණයක් වනවා.
මෙම තරගය බනිංහැම් මාලිගාව අසළින් නිමා වීමට නියමිත අතර සාමාන්‍යයෙන් ලක්ෂය ඉක්මවා මෙම තරගය නැරඹිමට මග දෙපස එක්වීම දාමාන්‍යය කාරණයක් වෙනවා.එම නිසා ඇතැම් අය බොස්ටන් ප්‍රහාරය පදනම් කරගෙන ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය සළකා මෙම තරගය පැවත්වීම පිළිබදව දෙගිඩියාව පළ කළද,ක්‍රීඩා අමාත්‍යවරයා ලන්ඩන් ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල උදාහරණයට ගනිමින් ආරක්ෂාව පිළිබදව විශ්වාසය පළ කරමින් තරගාවලිය පැවත්වීම හැකි වෙනු ඇති බවට ස්ථීර ලෙසම පවසා තිබෙනවා.
ලොව පුරා සිටින ප්‍රබලතම මැරතන් සූරයන් සහ සූරියන් සහභාගි වන මැරතන් තරගයක් ලෙස සැළකෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එංගලන්තයේ වෙසෙන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ද තරග බිමට පිවිසීමට නියමිත අතර ඔහු ඉකුත් වසරේ මෙම තරගාවලියේදී දැක් වූ දස්කම් නිසා ලන්ඩන් ඔලිම්පික් තරගය නියෝජනයට සුදුසුකම් සපුරා ගත්තා.
මේ සමග වන ඡායාරුපයේ දැක්වෙන්නේ බොස්ටන් පිපිරීම සම්බන්ධ ඡායාරූපයකි.
www.supirikrida.com

Apr 17, 2013

.ගීතිකා සහ දිනේෂා කනෝමි තත්ත්වය සාමිලා තරගාවලියේදී ත් රැක ගනියි

තායිලන්තයේ කනොමි වෙරළ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රේණිගත කිරීම් වල නව වන තැනට පැමිණී ශ්‍රී ලංකා අංක එක කාන්තා කණ්ඩායම වූ දිනේෂා ප්‍රසාදිනි සහ ගීතිකා ගුණවර්ධන නියෝජනය කළ කණ්ඪායම තායිලන්තයේ සාමිලා වෙරළ වොලිබෝල් තරගාවලියේදීත් නව වන තැන දිනා ගන්නට සමත් වුණා.ඒ කණ්ඩායම් 20 ක් අතරෙන්.
කණ්ඩායම් 28 ක් ඉදිරිපත් වූ කනෝමි තරගාවලියේ පිරිමි අංශයේ අංක හතට පත් පුබුදු ඒකනායක සහ අසංග කුමාර නියෝජනය කළ පිරිමි අංක 1 කණ්ඩායමට කනොමි හී දී ශ්‍රේණිගත කිරීම් වල අංක හතට පැමිණිය ද,සාමිලා තරගාවලියේදී අංක නවයට දක්වා පහළ බසින්නට සිදු වුණා.
තරගාවලි දෙකෛ්ම කාන්තා සහ පිරිමි සූරතා ඕස්ට්‍රේලියාවට හිමි වූ අතර පිරිමි සූරතා ද්විත්වය ඉෂාක් ලෙනාඩ් සහ ක්‍රිස්ටෝපර් බර්නාඩ් විසින් හිමි කර ගත් අතර කාන්තා සූරතා ද්විත්වය දිනා ගනු ලැබුවේ ලුසී ඈන් සහ ටලිකා සැනිස් විසින් ය.ශ්‍රී ලංකා අංක 2 කණ්ඩායම් ලෙස සහභාගි වූ පිරිමි අංහයේ සදරුවන් රත්නපාල සහ අශේන් ජීවන්ත නියෝජනය කළ කණ්ඩායම සහ කාන්තා අංහයෙන් තරග වැදි රුවනි තක්ෂිලා සහ ශානිකා ප්‍රියදර්ශණී නියෝජනය කළකණ්ඩායම් දෙකම ශ්‍රේණිගත කිරීම් වල අංක 17 දක්වා පැමිණ තිබුණා.
www.supirikrida.com

Apr 16, 2013

සාමිලා වෙරළ වොලිබෝල් තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකාවට එක් ජයග්‍රහණයක් පමණයි

තායිලන්තයේ ක්‍රියාත්මක සාමිලා වෙරළ වොලිබෝල් තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ජය වාර්තා කරන්නට පුබුදු සහ අසංග නියෝජනය කරන ශ්‍රී ලංකා පිරිමි අංක එක කණ්ඩායම සමත් වුණා.පුබුදු සහ අසංග වෙතින් ජපාන අංක 2 කණ්ඩායම නියෝජනය කළ හතා සහ නකායා වට 2 - 1 ක් ලෙස පරාජයට පත් වුණා.මීට අමතරව ඊයේ පැවති තරග වලදී ශ්‍රී ලංකා අංක 2 කාන්තා කණ්ඩායම නියෝජනය කරන රුවනි තක්ෂිලා සහ ශානිකා ප්‍රියදර්ශණි ජපාන කාන්තා අංක 1 කණ්ඩායම ඉදිරියෙ වටයක් ජය ගැනීමට සමත් වූ අතර එම තරගය විනාඩි 40 ක් පුරා පවත්වාගෙන යාමට රුවනිට සහ ශානිකාට හැකියාව ලැබුණා.
මීට පෙර අප්‍රේල් 9 - 11 දක්වා ක්‍රියාත්මක වූ කානොම් වෙරළ වොලිබෝල් තරගාවලියේ දී  ඉතිහාසයේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු වෙරළ වොලිබෝල් කණ්ඩායමක් පරාජය කිරීමේ ගෞරවය දිනූ පුබුදු සහ අසංගගේ කණ්ඩායම සමස්ත තරගාවලිය තුළ හත් වන ස්ථානයට පත් වූ අතර කාන්තා අංක 1 කණ්ඩායම වූ දිනේෂා ප්‍රසාදිනි සහ ගීතීකා ගුණවර්ධන නියෝජනය කළ කණ්ඩායම සමස්ත ශ්‍රේණිගත කිරීමේ නවවන ස්ථානයට පත් වූවා.
www.supirikrida.com

Apr 15, 2013

බේස්බෝල් වලට මම නැහැ - ඩයන් ගෝමස්

වාරණ නියෝගයෙන් සැගවී නිලවරණය පැවත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ ඇතැම් ප්‍රධාන නිලධාරීන් ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස ව්‍යාපාරිකයෙකු,ආර්ථික උපදේශකයෙකු මෙන්ම විශිෂ්ඨ ක්‍රීඩා පරිපාලකවරයෙකුද ලෙස ප්‍රකට ඩයන් ගෝමස් කටයුතු කරන බවට කරනු ලබන ප්‍රකාශ සාවද්‍ය බව ඩයන් ගෝමස් පෙන්වා දෙයි.ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් විදෙස් ගතව සිටින ඩයන්,මීට සුළු මොහොතකට පෙර සුපිරි ක්‍රීඩා සමග සම්බන්ධ වෙමින් කළ කරුණු අනාවරණයට අනුව සභාපති පදවියට පත්ව සිටින නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස තමාට ආරාධනයක් කළ ද තමා එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කළේය.තමා දැනුවත්ව තමා සේවය කරන සමාගමේ තවත් ප්‍රබලයෙකුට ද එවැනි ආරාධනාවක් ලැබි ඇති බවත් ඔහු ද එය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඩයන් පෙන්වා දුන්නේය.
මෙවර නිලවරණයට පාර්ශව දෙකක් ඉදිරිපත් වූ අතර කාලිංග ඉන්ද්‍රතිස්ස නිලවරණ‍ය සදහා කැදවා ගෙන ඒමට මූලිකව කටයුතු කළේ හිටපු පරිපාලනයට සම්බන්ධ පිරිස්ය.ඊට ප්‍රති විරුද්ධ පාර්ශවය නියෝජනය කරමින් තරග කළ කණ්ඩායමෙන් ඩයන් ගෝමස් සමූහ කළඹණාකාරීත්වය දරණ මාස් සමාගමේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුද නිලවරණයට තරග කිරීමට ඉදිරිපත් වී සිටියේය.
මෙවර බේස්බෝල් නිලවරණය පැවත්වීම වාරණයට ලක් කරමින් ගම්පහ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබූ අතර එම වාරණ නියෝගය ලබා දීමට බේස්බෝල් පරිපාලනය සිය රාජකාරී ලිපිනය ලෙස සදහන් කර තිබෙන ස්ථානයට ගිය ද,එය කලෙකින් භාවිතයට නොගත් ස්ථානයක් ලෙස වල් බිහි වී තිබෙන බව වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය හරහා මෙන්ම පෞද්ගලික තැපැල්සේවා මගින් ද වාරණය පිළිබදව දැනුවත් කිරීමට ගත් උත්සාහයන්ද ව්‍යර්ථ වූයේ එය දැණුම් දිය යුතු පුද්ගලයන් තම පෞද්ගලික ලිපින වලින් ඒ අවස්ථාවන් හී අතුරුදහන් වී සිටි නිසාය.
කෙසේ හෝ වාරණය පිළිබදව ජනමාධ්‍යයද සිය ප්‍රවෘත්ති හරහා වාර්තා කර තිබියදී එය තමන් වෙත නොලැබුණු බව පවසමින් නිලවරණය පැවත් වූ එහි නිලධාරීන් පිළිබදව ක්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවද දැනුවත්ව සිටියදී මේ වන විට පත් වූ බේස්බෝල් නිලධාරීන් නිල සංචාරයක් සදහා ජපානයට ද ගොස් සිටින බව ද වාර්තා වේ.
නව බේස්බෝල් සභාපතිවරයා වන්නේ සීබී රත්නායකයන් ක්‍රීඩා අමාත්‍ය ධූරය දරන සමයේ අමාත්‍යවරයාගේ නීතිමය කටයුතු සදහා උපදෙස් ලබා දෙමින් කටයුතු කල නිතිඥවරයා ය.
www.supirikrida.com

Apr 14, 2013

17 දා සංචිතය 28 ට බස්සනවා

සියානු යොවුන් දැල් පන්දු සූරතාවය සදහා නම් කර තිබෙන දැල්පන්දු සංචිතය, 17 දා පැවත්වෙන දෙවන තේරීමේදි 35 දෙනාගේ සිට 28 දෙනෙකු දක්වා අඩු කිරීමට නියමිත බව දැල්පන්දු පරිපාලන ආරංචි මාර්ග පවසයි.ඉතා අඩුවෙන් පිරිස අඩු කිරීමට මෙන්ම අඩු කරන පිරිසගේ දක්ෂතා හදුනාගෙන ඔවුන් නැවත එම දුර්වලතා මග හරවා ගත හැකි පුහුණුවකට යොමු කිරීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමටත් දැල්පන්දු සභාපතිණය,ලක්ෂ්මි වික්ටෝරියාග් අවධානය යොමු වී තිබෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
එම ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙන්නේ සභාපතිණිය මේ සියළුම ක්‍රීඩිකාවන් ජවසම්පන්න දක්ෂතා වලින් පිරිපුන් ක්‍රීඩිකාවන් ලෙස පිළිගන්නා බවය.එම නිසා ඇය විශ්වාස කරන අන්දමට සුළු වෙනස්කම් වලින් අයෙකු තේරි අයෙකු නොතේරී ගිය ද,සුළු වෙනස්කමකින් යළි ඒ තත්ත්වය කණපිට හැරීමට ඉඩ ඇති බව පවසන එම ආරංචි මාර්ග මේ නිසා ඉවත්වන ක්‍රීඩිකාවන් සංචිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් නොකර ඔවුන්ට සිය අඩු- පාඩු කම් සකසා ගැනීමට වෙනම පුහුණුවක් පවත්වා ගෙන යාමට කටයුතු සකසා ඇති බවය.
www.supirikrida.com