Jul 20, 2013

ඇන්ජලෝගෙ තැන ඇන්ජලෝටම?

Angelo Perera trains during a practice session in Pallekele
ද පැවත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක් දින තරගයේ දී නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් හිස්වන ස්ථානය ඇන්ජලෝ පෙරේරාට හිමි විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.කොදෙව් දූපත් හී පැවති තුන් කොන් තරගාවලියේ අවසාන තරගයේදී නියමිත වෙලාව තුළ පන්දු වාර 50 නොයැවීම පිළිබදව එල්ල වූ චෝදනා හේතුවෙන් තරග දෙකක තහනමකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට අද තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කරනු ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
23 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර මෙම තරග සංචාරයේ ක්‍රියාත්මක වූ එකම පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ද ඇන්ජලෝ පෙරේරායි.මේ දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක් 20 -20 තරගයක් පමණක් ක්‍රීඩා කර තිබෙන ඇන්ජලෝ අද තරගය සදහා නම් කළහොත් එය ඔහුගේ පළමු ජාත්‍යන්තර එක් දින තරගය වෙනවා.

ඉන්දියාවේ උත්සාහය රන් පදක්කම් 10 ම ගැනීම

ද ( ජූලී 20)පෙරවරු 10 ට තරග ඇරඹෙන දකුණු ආසියාතික කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ සමාරම්භක උළෙල පසුවරු 4.30 ට පැවත්වීමට නියමිත අතර මෙවරත් දකුණු ආසායාතික කණිෂ්ඨ මේස පන්දු සූරතාවලිය ආශ්‍රිතව පිරිනැමෙන රන් පදක්කම් 10 ම දිනා ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව බව ඉන්දීය මේස පන්දු වාර්තා සනාත කරනවා.නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ ක්‍රියාත්මක තරගාවලියේ කණිෂ්ඨ අංශයෙන්කේවල බාලක බාලිකා,යුගල බාලක බාලිකා සහ කණ්ඩායම් බාලක සහ බාලිකා සූරතාවය ලෙස රන් පදක්කම් පහක් සදහා තරග පැවත්වෙන අතර කැඩෙට් අංශයෙන්ද ඒ ආකාරයටම රන් පදක්කම් 5 ක් සදහා තරග පැවත්වෙනවා.
කණිෂ්ඨ සහ කැඩේට් අංශයේ බාලක තරග සදහා රටවල් හය බැගින් ඉදිරිපත් වී සිටින අතර බාලිකා අංශයේදී කණ්ඩායම් තුන බැගින් ඉදිරිපත් වී සිටිනවා.පිරිමි අංශයේදී ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකකට බෙදා මූලික වටයේ තරග ක්‍රියාත්මක වන අතර කණිෂ්ඨ බාලක තරග වලදී ශ්‍රී ලංකාව, නේපාලය සහ බංගලාදේශය සමග බී කාණ්ඩයෙන් තරග වදිනවා.ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පකිස්තානය සහ භූතානය තරග වැදීමට නියමිතයි. මෙම කාණ්ඩ දෙකේම මූලික තරග අදත් කණිෂ්ඨ බාලක කණ්ඩායම් සූරතාවය තීරණය කරන තරග හෙටත් පැවත්වෙනවා.
කැඩේට් අංශයේ බාලක තරග වලදී ද ශ්‍රී ලංකාව තරග වදින්නේ බී කාණ්ඩයෙන් වන අතර එහිදී බී කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් වන්නේ නේපාලය සහ භූතානය යි.ඒ කාණඩයෙන් ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය තරග වදිනවාතකලාපීය සූරයා ලෙස ඉන්දියාව තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර අනතුරුව ලාංකේය කණිෂ්ඨ සහ කැඩෙට් කණ්ඩායම් ප්‍රබල තත්ත්වයක සිටින අතර කණ්ඩායම් තරග වලදී අවසාන තරග සදහා ඉන්දියාවට එරෙහිව තරග වැදීමේ අවස්ථාව බොහෝ විට ශ්‍රී ලංකාවට හිමි වීමට ඉඩ තිබෙනවා.
අවුරුදු 15 න් පහළ බාලක තරග අංශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන උදය රණසිංහ ට ඉන්දියාවේ රන් මල්ලේ බර සැහැල්ලු කිරීමට හොද අවස්ථාවක් තිබෙන බව පෙනෙන අතර මෙම තරගාවලියට සහභාගි වන ලාබාල ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ජාතික තලයේදී ඉදිරියෙන් සිටි ජිත්‍යන්තර තරග අත්දැකීම් ඇති අය වීම ශ්‍රී ලංකාවට ලැබෙන අමතර වාසියක් වනු ඇති.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා මේස පන්දු පරිපාලනයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයන් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.මෙම අවස්ථාවට තරගාවලියේ ක්‍රීඩා ඇදුම් කට්ටල සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහය දක්වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව නියෝජනය කරමින් සහභාගි වූ එම බැංකුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් පීරිස් ද එක් ව සිටියා.
www.supirikrida.com

Jul 19, 2013

රමිත්ට දඩුවම් පැමිණිම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්?

ටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සිට පැමිණෙන අතරතුර ගුවන් යානයේ බීමතින් හැසිරුණු බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලට දැඩිව අවවාද කර තරග මුදලින් සියයට 50 ක් අය කර ගැනීමටත් තීරණය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා.රමිත් මේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා තිබුණේ තමන් නිදි මතින් ඇවිදි බවයි.එවැනි සෞඛ්‍ය ගැටළුවකින් ඔහු කුඩා කල සිටම පෙළෙන බව ද ඔහු පවසා තිබුණා.එය සත්‍ය්‍යක් නම් මෙසේ දඩුවම් කිරීම අසාධාරණයි.රෝගී තත්ත්වයක් නොසළකා හැර දඩුවමට ලක් කිරීම මානුෂික ස්වභාවයක් ලෙස ගත නොහැකියි.එසේම හීනයෙන් ඇවිදීම වැනි රෝගී තත්ත්වයක් වේනම් ඒ සදහා නිට්ටාවට සුවපත් බවට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව විදේශ සංචාර සදහා රැගෙන යාමද භයානක විය හැකියි.
එසේම රමිත් ගේ පියා වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයන් පවසන පරිදි රමිත් කිසි දිනෙක මත්පැන් පානය කර නැහැ.රජයේද මාධ්‍යයට නිල ප්‍රකාශ නිකුත් කරන්නා වන ඔහු කිසි විටෙක අසත්‍ය්‍යක් ප්‍රකාශ කරා වි යැයි නොසිතිය හැකි බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් මේ තීරණය ගැටළුකාරී වන අතර ඔහු ගේ නිර්දෝෂිභාවය පිළිගෙන  ඔහු මානසික වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර හීනෙන් ඇවිදීමේ රෝගය නිට්ටාවටම සුව වන තුරු සංචාර සදහා යොදා නොගෙන සිටීම වෙනුවට මෙම දඩුවම ඔහු බීමත්ව අවිනීත ලෙස හැසිරුණු බවක් ප්‍රකාශ කිරීම දෙවරක් කල්පනා කළ යුතුව තිබෙනවා.
එසේම මෙම දඩුවම් ලබා ‍දීම හරහා වරදක් කර තිබෙන බවක් ඒත්තු යාමෙන් කිසිවක් නොදන්නා ඉහළ වෘත්තියක නියැලෙන අවුරුදු 26 ක යුවතියක් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකුගේ පුතෙකු බීමත්ව සිටි බව කියමින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට උත්සාහ දැරීම දෙමළ ඩයස්පෝරාව සමග කරන ලද කුමන්ත්‍රණයක්දැයි සෙවීමට ජාත්‍යන්තර අධිකරණයක පරීක්ෂනයක් ඉල්ලා නඩු පැවරීමට තිබූ අවස්ථාවද අහිමිව යනවා.මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රමිත් රඹුක්වැල්ලගේ පියා ඔහුට දඩුවම් පැමිණ වූ පරීක්ෂණ මණ්ඩලය පිළිබදව සොයා බැලීමට සහ ඔවුන්  ලංකාවට එරෙහි කුමන හෝ ජාත්‍යන්තර සංවිධානයක හවුල් කරුවන්දැයි සෙවීමටත් ජනාධිපතිවරයාගෙන් යම් කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා සිටිනු ඇතැයි සිතිය හැකියි.
www.supirikrida.com

ජාතික ක්‍රීඩා මැරතන් තරගයේදී ක්‍රිෂාන්තිනි ට වෙට්ටු දැමුවත් යොවුන් ක්‍රීඩා උළෙලේදී වාර්තාවක් සමග ජය ගනියි


             

පොළොන්නරුවේ පැවති 25 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ කාන්තා අර්ධ මැරතන් තරගය නව තරග වාර්තාවක් සමග ජය ගන්නට මහනුවර දිස්ත්‍රික්කයේ පී ක්‍රීෂාන්තිනී සමත් වූයේ පැය 1:22:29 ක කාලයක් වාර්තා කරමින්ය.ජාතික ක්‍රීඩා උළෙල මැරතන් තරගයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකොට ඇයගේ ජයග්‍රාහී ස්ථානය අහෝසි කිරීමට කටයුතු කළ බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් තරගවනිශ්චයට සහ සංවිධායක කමිටුවටත් චෝදනා එල්ල වෙමින් පවතින අතර එවැනි වාතාවරණයක එහි උණුසුම  තවමත් විහිදෙමින් පවතින අතරේ ක්‍රිෂාන්තිනී ලද ජය ඇයගේ දක්ෂතා පිලිබද දෙන ලද අපූරු සහතිකයකි.කාන්තා මැරතන් දෙවන හා තෙවන ස්ථාන පුත්තලම දිස්ත්‍රික්කයේ රුවනි නිසංසලා හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජී.එම්. මහේෂිකා මධුෂානි විසින් දිනා ගන්නා ලදී.

මැරතන් පිරිමි ශූරතාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අමිල සනත් කුමාර විසින් දිනාගනු ලැබූ අතර මෙහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ ආර්.එම්.ඒ. යූක්ති නිරංග හා කළුතර දිස්ත්‍රික්කයේ එස්.ඩී.අයි.එල්. පල්ලෙවෙල විසින් දිනාගනු ලැබීය. 

මෙවර ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි පිරිමි ශූරතාව අනුරාධපුර දිස්ත්‍රක්කයේ සුමේධ රංගන (පැය 02:51:07) විසින් දිනාගනු ලැබූ අතර එහි කාන්තා ශූරතාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිනේෂා දිල්රුක‍්ෂි (පැය 01:02:06) විසින් හිමිකර ගන්නා ලදී.කි.මී.  106  කින් යුත් පිරිමි පාපැදි තරඟයේ දෙවැනි හා තෙවැනි ස්ථන පිළිවෙලින් ගම්පහ දිස්ත්‍රික්කයේ කේ. පී. රංජිත් දයාන් (පැය 02:51:10) හා ගම්පහ දිස්ත්‍රික්යේ නිෂාන් මධුසංක (පැය 02:51:16)විසින් හිමිකර ගනු ලැබීය.කි.මී. 35 කින් යුතු වූ කාන්තා තරඟයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පී.ඒ. සුදර්ශිකා ප්‍රියදර්ශනීට (පැය 01:02:06) හා ගම්පහ දිස්ත්‍රික්කයේ ඩබ්.එන්. ප්‍රසාදිකා ද සිල්වාට (පැය 01:02:06) හිමිවිය.

මෙම ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග අවුරුදු 20න් පශළ සහ ඉහළ ලෙස කාන්තා සහ පිරිමි දෙ අංහයෙන්ම ක්‍රියාත්මක වුණු අතර පහත දැක්වෙන්නේ එම තරග වල ප්‍රතිපලය.
ඇවිදීම 20න් පහළ (පිරිමි)
1 ප්‍රභාෂ් කුලසූරිය - ගම්පහ              
2 බී.ඩබ්. තරංග ලක්මාල් - කළුතර
3 මධූෂ චතුරංග - මාතලේ

ඇවිදීම 20න් ඉහළ (පිරිමි)
1   පී.ජී. සම්පත් නිරෝෂන් - ගම්පහ
2  ඒ.සී. ප්‍රනාන්දු - නාගරික තරුණයා
3 ලහිරු ජානක ප්‍රනාන්දු -  කළුතර

ඇවිදීම 20න් පහළ (කාන්තා)
1  ටී. මධුෂානි - මාතර
2  කේ. කෝකිලවානි - වවුනියාව
3  ජේ.කේ.එම්.සී. දමයන්ති - මොණරාගල

ඇවිදීම 20න් ඉහළ (කාන්තා)
1  ටී.එම්. දිනූෂා දිල්හානි - ගාල්ල
2  එම්.කේ.එන්. සංජීවනී ජයතිලක - කෑගල්ල
3  ඒ.එම්.ජේ. ප්‍රියදර්ෂනී - මොණරාගල
www.supirikrida.com



















ඇග හදා ගන්න ඔළුවට බෙහෙතක්

ශ්‍රී ලංකා පෝෂණ සංගමය සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනය එක්ව කායවර්ධනය සදහා පෝෂණය නමින් ජූලි 24 පෙරවරු 9.සිට පස්වරු 2 දක්වා ජාතික ක්‍රීඩා විදයාතන ශ්‍රවණාගාරයේ පෝෂණ වැඩ මුළුවක් පැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.එහිදි එම මාතෘකාව යටතේ දැණුම ලබා දීමට කායවර්ධනය සදහා ස්වභාවික ආහාර භාවිතය,කායවර්ධන ක්‍රීඩකයින් සදහා නිවැරදි පෝෂණය,අතිරේක ආහාර භාවිතය සහ තහනම් උත්තේජක සහ ක්‍රීඩාව යන අනු මාතෘකා ඔස්සේ කරුනු ඉදිරිපත් කිරීමට නියමිතය.මේ පිලිබද තොරතොරු ශ්‍රී ලංකා පෝෂණ සංගමය හරහාත්  ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ දුරකතන අංක 0112 695953 හරහා මෙන්ම http//nutritionsocietysrilanka.com වෙබ් අඩවිය හරහා ද ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
www.supirikrida.com

කිලිනොච්චි පා පන්දුව හොද අතට පෙරලන වැඩක්

කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශවල තරුණයන් අතර පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සදහා ආරක්ෂක හමුදා සහය ඇතිව වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.පුද්ගල මෙන්ම සමාජ සංවිධාන හා ක්‍රීඩා සමාජ දායකත්වය ද ලබා ගනිමින් ක්‍රීඩාව පෝෂණය කිරීම උදෙසා තරුණ තරුණියන් අතරට ගෙන යමෙ සදහා වන මෙම ව්‍යාපෘති‍යට අදාළ පුහුණු කදවුරු දෙකක් පැවත්වීමට පියවර ගෙන තිබෙනවා.ඉන් පළමු වැන්න ජූලි 24 සිට 27 දක්වා මාන්කුලම් හී පැවත්වෙන අතර දෙවැන්න පැවත්වෙන්නේ ජූලි 29 සිට අගෝස්තු 1 දා දක්වා මුලන්කාවිල්හී දී ය.
ඇමෙරිකානු ජාතිකයන් අට දෙනෙකුගේ සහය ඇතිව මෙම පුහුණු  කදවුරු හරහා කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශ වලින් අනාගතයට වටිනා පාපන්දු ක්‍රීඩකයන් හදුන්වා දීම අපේක්ෂා කරයි.
www.supirikrida.com

ඇන්ජිගේ මගුලට ඩේවිඩ් බූන්ගේ ආශිර්වාදයත්

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයට තියෙන්නෙ ලේසි පහසු වගකීමක් නෙමෙයි.හිත එකලස් කර ගෙන වැඩ කරන්න පහසු නැහැ.පෞද්ගලික ජීවිතයෙ ගොඩක් දේවල් අත පසු වෙනවා.කැපවීම් ගොඩක් කරන්න වෙනවා.ඇන්ජලෝ මැතිව්ස් කියන්නෙ ඒ වගෙ චරිතයක්.හැබැයි ටිකක් ප්ලෑන් කරල ලයිෆ් එක අරන් යන චරිතයක්.ඒ නිසාම ඇන්ජලෝ මැතිව්ස් තමන්ගෙ වෙඩින් එකත් ප්ලෑන් කළා.දකුණු අප්‍රිකානු සංචාරයට ඔන්න මෙන්න කියල පොඩි විවේකයක් වැටෙන විදිහට වෙඩින් එකත් කරල ක්‍රිකට් ගහන්න යන්නයි හිටියෙ.
ගෙවුණු කොදෙව් සංචාරයෙදි මේ බව ආරංචි වෙලාද කොහෙද ඕස්ට්‍රේලියාවෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් බූන් එම තරගාවලියෙ තීරක හැටියට ඇන්ජිගෙ විවාහය සිද්ධ වෙන්න යන අවිවේකි කාල සටහනට පුංචි සහනයක් එකතු කළා.ඒ පන්දු ඕවර් ගාණ වෙලාවට ඇරියෙ නැහැ කියල තරග දෙකක තහනමක් පනවලා.ඒ නිසා ඇන්ජි පළමු තරග දෙකටම සෙල්ලම් කරන්නෙ නැහැ.නායකයා හැටියට ඉතිර තරග ගැන ටච් එකේ ඉන්න වෙනවා.ඒත් සෙල්ලම් නොකරන නිසා සෙල්ලම් කරද්දි තියෙන පීඩනයෙන් තොරව මේ දින ටික සිය ප්‍රියම්බිකාවත් එක්ක ගත කරන්න ඇන්ජලෝට චාන්ස් එකක් ලැබෙනවා.
ඔක්කොම වෙන්නෙ හොදටයි කියන්නෙ ඕකට තමයි ද?කොහොම හරි ඩේවිඩ් බූන් මේ තෑග්ග දෙද්දි අර කප්පාදු කරපු තරග ගාස්තුවත් ඉතුරු කරානම් ඇන්ජි ඊ ළගට බූන්ව හම්බ වෙන දවසෙ ඒ සල්ලි වලින් බූන්ට තෑග්ගක් අරං දෙයි.එහෙම වුණා නම් ඇන්ජි ඒ දේ නොකළත් ඇන්ජිගෙ නෝනා හෙෂානි හරි ඇන්ජිට කියල ඒ තෑග්ග අරං දෙයි.රටේ වැඩිම දෙනෙක් අතර ජනප්‍රිය ක්‍රීඩාවේ නායකයා තමන්ගෙ සැමිය වෙන මංගල්ලෙ දවස් ටිකේ එයාට තමන් එක්ක නිදහසේ ඉන්න ඉඩ හදල දුන්න ප්‍රීතියට.
ඇනජි!
සුභ ගමන්!
www.supirikrida.com

Jul 18, 2013

නදීකා ලොව හොදම හෙල්ල වීසි කරන්නියන් 25 දෙනා අතරට

ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම හෙල්ල වීසි කිරීමේ සූරිය බවට පත්ව සිටින නදීකා ලක්මාලි යළිත් වරක් මීටර් 60 සීමාවෙන් ඔබ්බට යමින් යුධ හමුදා ස්වෙච්ඡා බලකා ක්‍රීඩා උළෙලේදී සිය ශ්‍රී ලංකා වාර්තාව මීටර් 60.64 දක්වා වර්ධනය කර ගත්තාය.මෙම දක්ෂතාවයත් සමග මේ වසරේ ලොව ඉහළම දක්ෂතා දැක් වූ හෙල්ල වීසි කිරීමේ සුරියන් 25 දෙනා අතරට ඇය එක් වන්නීය.මේ වසරේ ඉහළම දක්ෂතාවය ලෙස දැක්වෙන්නේ රුසියාවේ මාරියා අබකුබෝවා දක්වා තිබෙන මීටර් 69.34 ක දක්ෂතාවය ය.
එම දක්ෂතාවය ගෙවුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී ජගත් මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබමින් රිදී පදක්කමට හිමිකම් කියමින් නදිකා දැක් වූ දක්ෂතාවය වන මීටර් 60.16 ක දක්ෂතාවයට වඩා සෙ.මී. 48 ක වර්ධනයක් වී සුවිශේෂි කාරණයකි.මසකට ආසන්න කාලයක් තුල තෙවරක්ම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර සිටින නදීකා ආරම්භ වීමට නියමිතව තිබෙන ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේදී සුවිශේෂි චරිතයක් විය හැකිය.
නදීකා මෙහිදී දක්වන ලද දක්ෂතාවය ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය ජය ගත් ලී ලින්ග්වෙයි ගේ දක්ෂතාවය වන 60.65 ට වඩා අඩු වන්නේ එක් සෙන්ටි මීටරයක් පමණි.
www.supirikrida.com 

චන්දිමාල් ගැනම විශ්වාසය තබයි

මේ දිනවල ලකුණු අතර නැති දිනේෂ් චන්දිමාල් තරග දෙකක තහනමකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට දකුණු අප්‍රිකාව සමග පැවත්වෙන පළමු සහ දෙවන එක් දින තරග දෙ‍ක සදහා නායකත්වයට පත් නොකරනු ඇතැයි ආරංචි පළ වුණ ද ඔහු පිළිබදව විශ්වාසය තැබූ ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඔහු එම තරග දෙක සදහා නායකයා‍ ලෙස පත් කිරීමට තීරණය කර ඇත.නායකත්වය ලබා දීමට පෙර ඊයේ පැවති සභාපතිවරයාගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී ද සභාපති කණ්ඩායමේ නායකත්වය චන්දිමාල් ට පැවරූ නමුත් එම තරගයෙන් සභාපතිගේ කණ්ඩායමට ලකුණු 73 ක පරාජයක් අත් වූ අතර චන්දිමාල් ද ඉහළ දක්ෂතා දැක්වීමට අපොහොසත් විය.මෙම තරගයේදී දකුණු අප්‍රිකාවේ මුල් පෙළ පිතිකරුවන් සියල්ලම පාහේ ලකුණු අතරට පැමිණි අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ  ඇන්ජලෝ පෙරේරා ලකුණු 46 ක් ලැබුව ද,නායක චන්දිමාල් ඔහුව පන්දු යවන්නෙකු ලෙස යොදවා ගත්තේ නැත.
කෙසේ හෝ පත්වන තේරීම් කමිටු කිසිවක් විසින් අමතක කරන්නට අකමැති වාසනාවන්තයා වන ජෙහාන් මුබාරක් ද මෙම සභාපතිගේ කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ඇන්ජලෝ පන්දු යැවීමට යොදා නොගත්තද නායක චන්දිමාල් ඔහුට පන්දු ඕවර් 9ක්ම ලබා දුන් අතර පිත්තෙන් ලකුණු 42 ක් ලබා ගැනිමට මුබාරක් සමත් විය.එම දක්ෂතාවය නිසා මුබාරක් මෙන්ම ඇන්ජලෝ පෙරේරා ද  පළමු තරග දෙක සදහා නම් කළ  සංචිතයට කැදවා ඇති අතර උපනායකතවය පිරි නමා ඇත්තේ ලහිරු තිරිමාන්නට ය.තිලකරත්න ඩිල්ෂාන්,උපුල් තරංග,කුමාර සංගක්කාර,මහේල ජයවර්ධන,රංගන හේරත්,සචිත්‍ර සේනානායක,සමින්ද එරංග,අජන්ත මෙණ්ඩිස්,තිසර පෙරේරා,සුරංග ලක්මාල් ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩකයෝ වෙති.
එසේම මෙම තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම චන්දිමාල් පෙරටු කොට පිටියට බැසීමත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින තරගයකදී මෙහෙය වන ලද ලාබාලතම නායකයා බවට ද චන්දිමාල් පත් වෙනු ඇත.
www.supirikrida.com

SLPL නරිවාදං අහවරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන්නට නියමිත SLPL  ක්‍රිකට් තරගාවලිය පැවත්වීම සදහා සුදුසු ආර්ථික වට පිටාවක් නිර්මාණය වී නොමැති බවට ජනමාධ්‍ය විසින් එල්ල කළ ප්‍රහාර වලට ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මැදිහත්  වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවා තරගාවලිය පැවත්වෙන බවට ගෙන ගිය ප්‍රචාර සදහා ඊයේ නිල වශයෙන් අගුළු වැටුණේ තරගාවලිය නොපැවත්වෙන බවට ක්‍රිකට් ආයතනයට ඊයේ නිල නිවේදනයක් නිකුත් කරන්නට සිදුවීම නිසාය.
ඉකුත් තරගාවලියේදි සිදු කළ යුතු ගෙවීම් ආදිය නිසි පරිදි සිදු නොවීම මෙන්ම අයිපීඑල් තරගාවලිය සම්බන්ධයෙන් මතු වූ රේස් ඹට්ටු ගැටළු ද තරගාවලියේ මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වගකීම පැවරි ආයතනය පිළිබදව ඇති අස්ථාවරත්වයද යන ගැටළු නිසා මෙවර තරගාවලියට අනුග්‍රාහයන් ලැබීම දුෂ්කර බව මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන අවස්ථාවන් හී ක්‍රිකට් ආයතනය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යවරයා ද තරගාවලි‍ය පැවත්වීම ස්ථීර බවට සහතික ඉදිරිපත් කළ අතර අවසානයේ පෙන්වා දුන් භෞතික සාධක හේතුවෙන් තරගාවලිය අත්හැර දමන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙක ප්‍රකාශ නිකුත් කරන්නට විණි.
www.supirikrida.com

Jul 17, 2013

මේස පන්දු කණිෂ්ඨයන්ව ඇන්දීමේ වගකීම ජාතික ඉතිරි කිරීම භාර ගනියි

න්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ජූලි 20 සිට 22 දක්වා පැවත්වෙන දකුණු ආසියාතික කණිෂ්ඨ මේස පන්දු සූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගුවන් ටිකට් පත් අනුග්‍රහය දැරීමට ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත් වී සිටින අතර ඔවුන්ගේ ඇදුම් සදහා අනුග්‍රහය දැක්වීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉදිරිපත්ව සිටියි.අවුරුදු 18 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් මෙම තරගාවලියේදි කණිෂ්ඨ අංශයෙන් තරග වදින අතර අවුරුදු 15 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් තරග වදින්නේ කැඩේට් තරග අංශයෙනි.
තරගාවලිය සදහා සහභාගීත්වය අවිනිශ්චිතව තිබුණු පකිස්තානයේ  සහභාගීත්වය ද මේ වන විට තහවුරු කර තිබෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ඇති අභියෝගයන්ද තව තවත් පුළුල් වී ඇති බව දැකිය හැකිය.ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩාවේ වර්ථමානයේ සිටින සුවිශේෂිම ක්‍රීඩකයෙක් ලෙස අවිවාදිත මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ මෙම තරගාවලියේදී කැඩෙට් අංශයට සහභාගි වන බාලක කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඔහු ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු අතර ප්‍රමුඛත්වයෙහිලා සැළකිය හැකිය.
එසේම වර්ථමානයේ විද්‍යාර්ථ විද්‍යාලයේ මෙන්ම නුවර ප්‍රදේශයේද විශාල වශයෙන් දැකිය හැකි මේස පන්දු ක්‍රීඩාවේ දක්ෂතා වර්ධනය මෙම තරග සංචාරය සදහා එක්ව සිටින ක්‍රීඩක ක්‍රෟඩිකා සංයුතියෙන්ද පැහැදිළිව අවබෝධ කර ගත හැකිය.මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට එක් වන තිළිණ විජේසිරි කණිෂ්ඨ බාලක කණ්ඩායමේ නායකත්වය දරන ඊට අමතරව බාලක කණ්ඩායමට විද්‍යාර්ථ විද්‍යාලයෙන් ක්‍රිෂාන්ත වික්‍රමරත්න සහ චින්තක ඒකනායක ද එක් වී සිටිති.කැඩේට් කණ්ඩායමට ද උදයට අමතර විද්‍යාර්ථයෙන් ප්‍රසාද් ජේ ද සිල්වා ද එක් වි සිටියි.
එසේම බාලිකා කණිෂ්ඨ අංශයේදී නුවර නියෝජනයක් නොදැකිය හැකි නමුත් කැඩේට් තරග අංහයේ බාලිකා කණ්ඩායමට අයත් තිදෙනාගෙන් ශේසලා බණ්ඩාර සහ රිද්මි කරදනආරච්චි යන දෙදෙනාම මහනුවර මහමායා බාලිකාවියෝය.කැඩෙට් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ කුරුණාගල මලියදේව බාලිකාවේ පවනි සිරිසේනය.කණිෂ්ඨ බාලිකා අංශයේදී නායකත්වයේ වගකීම දැරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ උමායා තාරකී නම් කර ඇති අතර එම කණ්ඩායමේ සෙසු සාමාජිකාවන් වන්නේ බුද්ධිනී රාජගුරු ( කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය),රුවිනි කන්නන්ගර (මියුසියස් විදයාලය - කොළඹ) සහ කොළඹ විශාකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දු ය.
බාලක කණිෂ්ඨ අංශයෙන් තරග වැදීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නුවන්ත නිරෝහණ ද මෙම සංචාරයට එක් වී සිටින අතර කැඩේට් අංශයෙන් තරග වදින බාලක කණ්ඩායමට එම විද්‍යාලයේ සුපුන වරුසවිතාන ද එක් වී සිටියි.

23 න් පහළ සුක්කානම කිත්රුවන්ට

සිංගප්පූරුවේ කලාන්ග් සහ සිංගප්පූරු ක්‍රිකට් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් අගෝස්තු 15 සිට 26 දක්වා පැවත්වීමට නියමිත ආසියානු කවුන්සලයේ අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායමේ නායකත්වය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතානගේ ට පැවරී ඇත.උප නායකත්වය පැවරී ඇත්තේ ෂෙහාන් ජයසූරියටය.ඉකුත් වසරේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20 - 20 තරගාවලිය හරහා මතුව,20 -20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කළ අකිල ධනංජයට ද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමි වී ඇති අතර පාසල් ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා අතර සිටින මොරටුව වේල්ස්කුමර විද්‍යාලයේ කුසල් මෙණ්ඩිස් ද මෙම කණ්ඩයමේ සාමාජිකයෙකි.


සෙසු සාමාජිකයන් අතර නිරෝෂන් දික්වැල්ල,උදාර ජයසුන්දර,ධනුෂ්ක ගුණතිලක,රොමේෂ් බුද්ධික,අමිල අපොන්සො,මධුක ලියනපතිරනගේ,ලහිරු ජයරත්න,කසුන් මධුශංක,ලහිරු මධුශංක,චතුරංග කුමාර සහ චරිත් ජයම්පති වෙති.තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,පකිස්තානය,ඇෆ්ගනිස්තානය,බංගලාදේශය,නේපාලය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සත්කාරක සිංගප්පූරුවද සහභාගි වන අතර ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටයේදී බංගලාදේශය,එක්සත් අරාබි එමීර් සහ සිංගප්පුරුව අයත් වන බී කාණ්ඩයෙන් තරග වදිති.

Jul 16, 2013

ජැමෙයිකානුවන් පහක් තහනම් දැලේ පැටලෙයි!


Powell, Carter and Simpson.න්තර්ජාතික මාධ්‍ය වාර්තා වලට අනුව ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු තහනම් උත්තේජන පරීක්ෂණ වලින් අසමත් වී ඇති අතර දැනටමත් එසේ පරීක්ෂණ වලින් අසමත් ජැමෙයිකානුවන් ලෙස මීටර් 100 හිටපු ලෝක වාර්තාලාභියා වන අසාෆා පවෙල් සහ මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රිදී පදක්කම්ලාභිණියක වන ශිරෝන් සිම්ප්සන්  ප්‍රසිද්ධියට  පත් කර ඇත.මේ අතර තවත් කෙටි දුර සූරයෙකු වන ජැමෙයිකාවට මීටර් 100 සහය දිවීමේ ඔලිම්පික් පදක්කම් දෙකක්ම දිනා දීමට හවුල් වූ නෙස්ටා කාටර් ද මේ ලේඛණයේ සිටින බවට ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ වන විටත් මීටර් 100 ඉසව්වේ ලොව වේගවත්ම ක්‍රීඩක දක්ෂතා සළකද්දී සිව් වන තැන සිටින ජැමෙයිකාවේ පවෙල් මෙන්ම එම ලේඛණයේ දෙවන තැන සිටින ඇමෙරිකාවේ ටයිසන් ගේ ද තහනම් උත්තේජන පරීක්ෂණයෙන් අසමත් වී ඇත.ඔහු ද ලෝක සූරතා මලල ක්‍රීඩා සූරතාවලියක ද්විත්ව රන් පදක්කම් දිණිමේ දුර්ලභ දක්ෂතාවය ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙකි.
මේ තත්ත්වය මත බී සාම්පල පරීක්ෂණයක් සදහා යාමට ක්‍රීඩකයන්ට ඉඩ ඇති අතර එම පරීක්ෂණය මොස්කව් ලෝක සූරතාවලියට ප්‍රථම සිදු කර ඔවුන් නිර්දෝෂි බව ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් එම තරගාවලියට සහභාගි වීමට මෙම ක්‍රීඩකයන්ට අවස්ථාව හිමි නොවනු ඇත.
www.supirikrida.com

ඛෙත්තාරාම සේවකයාට පහර දුන් පුද්ගලයා පොලිස් අත් අඩංගුවේ

ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ‍අලුත් වැඩියා කටයුතු සදහා සහභාගි වූ ක්‍රිකට් ආයතන සේවකයෙකුට එහි පරිපාලන කටයුතු පවරා තිබෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සෙබලෙකු පහර දීම සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ එදිනම ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු රජිත් ප්‍රනාන්දු පවසනවා.ඒ පිළිබදව සුපිරික්‍රීඩා කළ විමසීමකට අදහස් දැක් වූ රජිත් පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් අවශ්‍යය නීතිමය කටයුතු ක්‍රියාවට නැංවීමට එදිනම මැදිහත් වූ බවත් මේ වන විටත් සේවකයාට පහර දුන් බවට  චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයා පොලිස් අත් අඩංගුවේ පසු වන බවත්ය.
www.supirikrida.com

හිස් ආවරණ වලින් තොරව පවත්වන පළමු ජාතික මට්ටමේ බොක්සිං තරගාවලිය හෙට සුගතදාස පිටියේදී

ව ජාත්‍යන්තර නියමයන්ට අනුව හිසි ආවරණ වලින් තොරව පවත්වන පළමු ජාතික මට්ටමේ බොක්සිං තරගාවලිය ලෙස 71 වන ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය හෙට (17) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී ආරම්භ වීමට නියමිතයි.අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලේට්න් අනුස්මරණය කරමින් 1942 දී ඇරඹි මෙම තරගාවලිය ජාතික මට්ටමේ ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ලැබෙන,ලංකාවේ ජාතික බොක්සිං තරග කාල සටහනේ ප්‍රධානතම ඉසව්වක් බවට හැදින්විය හැකියි.
හෙට සිට 21 වන දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු බොක්සිං සංගම් සභාපතිවරයෙකු වූ කේවී ධර්මදාස එක් වීමට නියමිත අතර,පළමු වරට හිස් ආවරණ වලින් තොරව පැවත්වෙන තරගාවලිය මෙම තරගාවලිය බැවින් ජයග්‍රහණයන් සම්බන්ධයෙන් විවෘත ස්වභාවයක් ඇති විය හැකි බොක්සිං කේෂ්ත්‍රයේ බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.ජාතික මට්ටමෙන් පැවත්වෙන තරග වලදී සූරතා සහ අනු සූරතා ලැබූ දක්ෂයන් රොද බදින තරගාවලියක් වන මෙම තරගාවලියේ පිරිමි අංශයේ තරග වටයක් විනාඩි 3 බැගින් වට 3ට සීමා වන අතර වටයක් විනාඩි 2 බැගින් කාන්තා තරග වට 4 ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.තරගාවලියේ බර පංති සදහා වන නියමිත බර සළකා බැලීම සදහා වන පරික්ෂණය හෙට පෙරවරු 8 සිට 10 දක්වා සුගතදාස  පිටියේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com 

ලක් වොලිබෝලය අලුත් විය යුතු බවට අනාවැකි සමග නේපාල සූරතාවය ලංකාව දිනා ගනියි

නේපාලයේ පැවති ආරාධිත දකුණු ආසියාතික ජාත්‍යන්තර වොලිබෝල් සූරතාවලියේ සූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඔවුන් අවසාන තරගයේදී ලකුණු 25 - 22 ,25-17 සහ 25-19 ක් ලෙස වට 3- 0 ක ජයක් මාල දිවයිනට එරෙහිව ලබා ගත්තා.
තරගාවලියේ අති සූර ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ ජනිත් සුරත් සම්මානනීය වූ අතර හොදම පන්දු වළකන්නා ලෙස සම්මානනීය වූයේ හිරන්‍ය කේසලයි.හිරන්‍ය මෙන්ම ලංකාවේ අනාගත වොලිබෝලයට ඉතා වැදගත් නිලංග සංජය හොදම පන්දු සනසන්නා බවට පත් වුණා.හොදම පන්දු පිරිනමන්නා ලෙස ඇගයීමට ලක් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමීර දිසානායක යි.ඒ වගේම විශේෂ දක්ෂතා ඇගයීමේදී ශ්‍රී ලංකාවට අහිමි වූ එකම ඇගයීම තරගාවලියේ හොදම ලිබරෝ ක්‍රීඩකයා ලෙස මාල දිවයින කණ්ඩායමේ අබ්දුල්ලා ජුනයිඩ් විසින් හිමි කර ගත්තා
මේ තරගාවලියේදීත් නැගී එන මාල දිවයින කණ්ඩායම ශ්‍රී ලංකාවට යම් කිසි තර්ජනයක් දෙමින් ඉතිහාසය හා සසදන විට සමීප ලකුණු පරතරයක් රදවා තබා ගැනීම වොලිබෝල් බලධාරින්ගේ අවධානයට ලක් විය යුතු කරුණක් වෙනවා.එසේම ගෙවුණු මධ්‍යම ආසියාතික උප කලාපීය තරග වලදී ද ඇතැම් ක්‍රීඩකයන් උපයා ගත් ගෞරවයට හානි නොකොට ඔවුන් ගෞරවණීය ආකාරයට සමු ගැන්විය යුතු බව නවක ක්‍රීඩකයන්ගේ ප්‍රවේශයන් සනාත කළ අයුරින්ම මේ තරගාවලියේදී ත් නිලංග සංජය,හිරන්‍ය කේසල වැනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතීම හරහා අලුත් මුහුණු ලාංකේය වොලිබෝල් පිටියට වැදගත් බව තහවුරු වුණා..
එසේම දකුණු ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ පකිස්තානය මේ තරගවලියේ දකින්නට නොලැබි අතර ඒ නිසා මේ ජයග්‍රහණය සැබෑ දකුණු ආසියාතික ජයග්‍රහණයක් කර ගැනීමට ඇති මාවත තව දුරටත් විවර කර ගත යුතු වෙනවා.තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ඩබ්එන් සෙනවිරත්නයන් ද එක් ව සිටි අතර එම අවස්තාව ඇමතූ නේපාල ක්‍රීඩා අමාත්‍ය නේපාලය විසින් ආරම්භ කළ මෙම තරගාවලිය එළැඹෙන පෙබරවාරි මස ශ්‍රී ලංකාවේදී සංවිධානය කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් පාළක මණ්ඩල සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා ගෙන් ඉලලීමක් ද කර සිටියා.
www.supirikrida.com

Jul 15, 2013

යුගලයන්ගේ සූරතාවය HNB දිනා ගනියි

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙය වූ බැඩ්මින්ටන් යුගල සූරතාවලියේ සමස්ත සූරතාවය HNB විසින් දිනා ගත්තේ අවසාන තරගයේදී මැක්ලරන්ස් කණ්ඩායම 3 - 1 ක් ලෙස පරාජයට පත් කරමින්.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදි ජූලි 10 දා සිට 14 දා දක්වා පැවති මෙම තරගාවලියේ තෙවන ස්තානය සම්පත් බැංකු කණ්ඩායම විසින් හිමි කර ගත්තා.
තරගාවලියේ පලිහ සූරතාවය දිනා ගත්තේ නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායමයි.ඔවුන් 3 - 2 ක් ලෙස කොමර්ෂල් බැංකු කණ්ඩායම පරාජයට පත් කළ අතර ජාතික සංවර්දන බැංකු කණ්ඩායම තෙවන ස්ථානයට පත් වුණා.පළග සූරතාවය 3 - 2 ක ජයක් ලැබූ මාස් හෝල්ඩින්ග්ස් කණ්ඩායමට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූවේ ශ්‍රී ලංකාන් කණ්ඩායමටයි.තෙවන ස්ථානය දිනා ගත්තේ ජෝන් කීල්ස් ආයතන කණ්ඩායමයි.
ඕලේනියම් තොරතොරු තාක්ෂණ කණ්ඩායම 3 - 0 ක් ලෙස වර්චුසා පරිගණක ආයතන කණ්ඩායම පරාජයට පත් කරමින් බදුන සූරතාවය හිමි කර ගත් අතර එහි තෙවන ස්ථානය දිනා ගැනීමට එස්එස්එස් හෝල්ඩින්ග්ස් ආයතන කණ්ඩායම සමත් වුණා.වෙළද ආයතන 34 ක කණ්ඩායම් කණ්ඩායම් 42 ක් නියේජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ට අධික පිරිසක් නියෝජනය කළ මෙම තරගාවලියේදී මැක්ලරන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ජාතික සූරයා වන නිලූක කරුණාරත්න තරග වැදීමත් හිටපු වැඩිම වරක්ජාතික සූරිය වෙමින් වාර්තා තබන ලද චන්ද්‍රිකා ද සිල්වා වැනි ජාතික තලයේ විශිෂ්ඨයන් රැසක් මෙම තරගාවලිය නියෝජනය කිරීමත් නිසා තරගාවලියේ තරගකාරීත්වය ඉහළ මට්ටමක පැවතුණා.
තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට Dulux ආයතනයේ ප්‍රවර්ධන සේවා සැපයුම් කළමණාකරු හසිත ද අල්විස් සහ DSI ආයතනයේ වෙළද ලාංඡන විධායක දේවින්ද කුලතුංග යන මහත්වරුන් එක් වී සිටියා.
www.supirikrida.com

ජනාධිපති කුසලානය වෙස්ලි සතු කර ගනියි

මෙවර පාසල් රග්බි පිටියේ පෙරළිකාර කණ්ඩායම බවට පත් වූ කොළඹ වෙස්ලි විද්‍යාලය ලීග් සූරයන් වූ ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ අවසාන තරගයට පිවිසි අයුරෙන්ම අවසාන තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 34 -21 කින් පරාජය කරමින් මෙවර මයිලෝ ජනාධිපති කුසලානයේ හිමිකාරයන් වුණා.ඉතිහාසයේ ප්‍රථම වරට මයිලෝ ජනාධිපති කුසලානයේ හිමිකාරිත්වය ලැබූ වෙස්ලි විදුහලට අවසාන තරගයේදී හමු වූ ත්‍රිත්ව විද්‍යාලය අවසාන තරගයට පිවිසියේ ශාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින්ය.
ලීග් සූරයන් පරාජය කරමින් අවසාන තරගයට පිවිසි වෙස්ලි කණ්ඩායම දැඩි ආත්ම විශ්වාසයකින් තරගය තුළ රැදී සිටි අතර පළමු අර්ධය නිමාවේ ලකුණු 13 - 8 ක් ලෙස ඉදිරියෙන් සිටි ත්‍රිත්ව කණ්ඩායම දෙවන භාගයේදි අභිබවා යමින් ක්‍රීඩා කිරීමට එම විශ්වාසය බෙහෙවින් ඉවහල් විය.කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණ පිටියේ පැවති අවසන් තරගය තුළ වෙස්ලි ක්‍රීඩකයෝ ගෝල් දිණුම් තුනක්,උත්සාහක දිණුමක් සහ දඩුවම් පහරකින් ලකුණු 34 ක් ලබා ගනිද්දී,ත්‍රිත්ව ක්‍රීඩකයන්  එක් ගෝල දිණුමක්,උත්සාහක දිණුමක්,දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු 21 ක් රැස් කරණු ලැබීය.
ඡායාරූප වලින් දැක්වෙන්නේ වෙස්ලි නායකයා නෙස්ට්ලේ සමාමේ නෝමන් කන්නංගර සහ බන්දුල එගොඩගේ වෙතින් ජයග්‍රාහී කුසලානය ලබා ගත් අයුරු සහ තරගයේ උද්වේගකර අවස්ථාවකි.
www.supirikrida.com

Jul 14, 2013

මැතිව්ස් ගේ නායකත්වය වෙනුවට චන්දිමාල් යෙදවීම සැකයි

ටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවති තුන් කොන් තරගාවලියේ අවසාන තරගයේදි නියමිත කාල වේලාව තුළ පන්දු නොයැවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට එලැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග වන පළමු සහ දෙවන එක්දින තරග දඩුවමක් ලෙස අහිමි කර ඇති අතර තරග ගාස්තු වලින් සියයට 40 ක් නැවත අය කර ගැනීමට ද තීරණය වී ඇත.ඒ අනුව දකුණු අප්‍රිකාව සමග වන පළමු ස දෙවන එක්දින තරග දෙකේදී නායකත්වය දිනේෂ් චන්දිමාල් වෙත පැවරේද යන්න සළකා බැලෙමින් ඇත.
මෑත කාලයේ චන්දිමාල් ගේ ක්‍රීඩා විලාශය උප නායකත්වයට පමණක් නොව කණ්ඩායමේ ස්ථානයට ද බාධාවක් වෙමින් වැඩෙමින් තිබෙන බව දැකිය හැකි අතර එසේ වුවහොත් නායකත්වයේ වගකීම මහේලට හෝ සංගක්කාරට පැවරීමට ඉඩ තිබෙන අතර ඇතැම් විට සෞඛ්‍යමය තත්ත්වය යහපත් වී පළමු තරගයට ඩිල්ෂාන් ක්‍රීඩා කරන්නේ නම් ඔහු ද ඒ සදහා නම් කිරීමට ඉඩ තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
www.supirikrida.com

ලෝක යොවුන් සූරතාවලියේ අවසාන තරග වලට ලංකාවේ කිසිවෙකු නැහැ

යුක්රේනයේ ඩොනෙට්ස්ක් හී පැවත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ කිසිදු යොවුන් ක්‍රීඩකයෙකුට මූලික තරග වලින් එපිටට යාමට ඉඩ නොලැබුණු අතර,එල්ඒඒ සමිත් හැරෙන්නට අන් ක්‍රීඩකයෙකුට සිය පෞද්ගලික හොදම දක්ෂතාවයට පිවිසීමට ද හැකියාව නොලැබිණ.සමිත් මීටර් 200 මූලික තරගයේදී තත්පර 22.62 ක දක්ෂතාවයක් දක්වමින් සිය හොදම පෞද්ගලික දක්ෂතාවය වර්ධනය කර ගන්නට සමත් විය.
මේ සමග වන්නේ එහි තරගාවසාන තාක්ෂණික ඡායාරූපය වන අතර එම තරගයේ පස් වැන්නා ලෙස තරගය නිම කළේ සමිත්ය.ඡායාරූපයට අනුව අටවන මං තීරුවේ සිටින ඡායාරූපයේ තෙවැන්නා ලෙස දකින කෙන්යානු ක්‍රීඩකයා තරග නීති උල්ලංඝණය කරමින් තරග වැදි නිසා තරගයෙන් ඉවත් කරන අතර ඒ අනුව පළමු මං තීරුවේ සිටින තරගයේ හය වැන්නා ලෙස ඡායාරුපයේ දකින සමිත් ට තරගයේ පස්වන ස්ථානය හිමි විය.
Xie Yuchen, winner of the girls' Discus at the 2013 World Youth Championships in Donetsk (Getty Images) මේ අතර අද තරගාවලියේ අවසාන දිනය වන අතර අද වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව යොවුන් ලෝක වාර්තා 8 ක් බිහි කිරීමට සමත් වී ඇත.මින් හයක්ම බිහි වී ඇත්තේ පිටියේ ඉසව් වලදී වීම කැපී පෙණෙන අතර නව වාර්තා අටෙන් පහක්ම ක්‍රීඩිකාවන් විසින් අලුත් කර ඇත.එම වාර්තා පහම පිටියේ වාර්තාවන්ය.එසේම කාන්තා වීසි කිරීම් ඉසව් සියල්ලගේම (කව පෙත්ත,හෙල්ල,මිටිය,යගුලිය) වාර්තා අලුත් වීම ද කැපී පෙණෙන සිදුවීමක් විය.ඡායාරූපයේ දැක්වෙන්නේ චීන ක්‍රීඩිකා යුවෙන්චි ෂි දක්ෂතා දැක් වූ අයුරුය.
http://www.iaaf.org/competitions/iaaf-world-youth-championships/8th-iaaf-world-youth-championships-4874/records ඇසුරෙන් නව යොවුන් ලෝක වාර්තා දැක ගැනීමට හැකි අතර තරගාවලියේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ජැමෙයිකාව වන අතර දෙවන ස්ථානයේ පසු වන්නේ ඕස්ට්‍රේලියාවය.
www.supirikrida.com