Jan 28, 2012

Dialog
ජනාධිපති රන් කුසලාන
වොලිබෝල් තරගාවලිය
තරගයෙන් තරගයට ප්‍රතිපල


පිරිමි තරග ප්‍රතිපල
නුවරඑළිය යංග් ස්ටාර් සහ රශ්මි ක්‍රීඩා සමාජය මඪකළපුව
වට 3/0   නුවරඑලියට ජය
25/17,25/18,25/19


ෆාතිමා ත්‍රිකුණාමලය සහ සුපර් සයින් මාතලේ
වට 3/0 ත්‍රිකුණාමලයට ජය
25/13,25/15,25/22


එස්එස් සී සියඹලාණ්ඩුව සහ තුනුක්කායි මුලතිව් තරගයෙන් වට 3/1 ලෙස සියඹලාණ්ඩුව ජය ගත්තද පසුව ඉදිරිපත් වූ විරෝධතාවයකින් ඔවුන් තරගාවලියෙන් ඉවත් කෙරිණතඒ අනුව තුනුක්කායි කණ්ඩාවම ඉදිරියට යාමට සුදුසුකම් ලැබුවේය.


අරුණ අම්පාර සහ සුහද මාතර
වට 3/ද අම්පාරට ජය
25/13,25/16.25/22


විවේකානන්ද බදුල්ල සහ පුතියභාරති කිලිනොච්චි
වට 3/0 බදුල්ලට ජය
25/15,25/22,25/21


සාගර ගාල්ල සහ එස්එස්සී පොළොන්නරුව
3/0 ගාල්ලට ජය
25/16,25/12,25/18


දීප්ති කුරුණෑගල සහ හින්දු යොවුන් යාපනය
වට 3/0 කුරුණෑගලට ජය
25/13,25/14,25/15


අරුණ හම්බන්තොට සහ තුනුක්කායි මුලතිව්
වට 3/0 ජයක් හම්බන්තොට
25/07,25/12,25/12


වලව ක්‍රීඩා සමාජය සහ සාන්ත මේරි මන්නාරම
වට 3/0 වලව ට ජය
25/21,25/21,25/21


යුනයිටඩ් පුත්තලම සහ එකමුතු මහනුවර
වට 3/0 පුත්තලමට ජය
25/20,25/25/16,25/10


සියනෑ ගම්පහ සහ යංග් ස්ටාර් නුවරඑළිය
වට 3/0 ජය ගම්පහ ට 
25/00,25/00,25/00


බලරැස් කොළඹ සහ සිංහ අනුරාධපුර 
වට 3/0 කොළඹට ජය 
 25/17,25/13,25/22


සාගර ගාල්ල සහ බදුල්ල විවේකානන්ද
වට 3/0 ජය ගාල්ල ට
25/23,25/22,25/21


පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායම සහ කුරුණෑගල දීප්ති ක්‍රීඩා සමාජය අතර පැවති තරගය
වට 2/1 ලෙස දීප්ති ක්‍රීඩා සමාජය ඉදිරියෙන් සිටියදී අන්ධකාරය නිසා තරගය කල් දැමිණ
මෙම තරගය අද (ජනවාරි 29) පැවතිණ.
තරගය වට 3/0 ක් ලෙස ලකී සික්ස් ජයගත්තේය
25/19,25/22,25/20




කෑගල්ල රන්තරු සහ ත්‍රිකුණාමලය ෆාතිමා
වට 3/0 කෑගල්ලට ජය
25/13,25/18,25/12


අම්පාර අරුණ සහ වලව න්‍රීඩා සමාජය
වට 3/0 අම්පාරට ජය
25/19,25/23,25/21


හම්බන්තොට අරුණ සහ කොළඹ බලරැස්
තරගයේ ලකුනු තත්ත්වය 2/1 ලෙස පවතිද්දී අරැණ ක්‍රීඩකයෙකුගේ සහෝදරයෙකු මිය ගිය බවට ලබුණු ආරංචියක් මත එම ක්‍රීඩා සමාජය තරගයෙන් ඉවත් වී බලරැස් කණ්ඩායමට ජයග්‍රහණය පිරිනැමීය


ගම්පහ සියනෑ සහ ගාල්ල සාගර 
වට 3/1 ක ජයක් ගම්පහ ට
23/25,25/14,25/20,25/21


ප්‍රථම අවසාන පූර්ව තරග පිරිමි 1


බොලරැස්ගමුව බලරැස් කොළඹ සහ නාත්තන්ඩිය යුනයිටඩ්
වට 3/0 කොළඹ ට ජය
25/23,25/18,25/22



ප්‍රථම අවසාන පූර්ව තරග පිරිමි 2




ගම්පහ සියනෑතරු සහ කෑගල්ල රන්තරු
වට  3/2  ජය ගම්පහට
25/21,20/25,25/23,18/25,21/19




කාන්තා තරග ප්‍රතිපල
යුනයිටඩ් යාපනය සහ හීරෝලයින් මඩකළපුව
වට 3/0 යාපනයට ජය
25/10,25/04,25,11


ග්‍රැන්මා කළුතර සහ මින්නෝලි මුලතිව්
වට 3/0 කළුතර ට ජය
25/09,25/12,25/15


මිණිගමුව මහනුවර සහ පුතිය භාරති කිලිනොච්චි
වට 3/0 මහනුවරට ජය
25/18,25/10,25/16


මීමලේ බදුල්ල සහ හෙලවිරු වව්නියා
මීමලේ කණ්ඩායමට නිතරග ජයක්


නවෝද්‍යා මොණරාගල සහ සාන්ත මේරි මන්නාරම
වට 3/0 මොණරාගලට ජය
25/07,25/06,25/05


අරුණ අම්පාර සහ විජය ගාල්ල
වට 3/0 අම්පාරට ජය
25/19,25/11,17


නන්දිමිත්‍ර පොලොන්නරුව සහ මඩුල්ලන් නුවරඑළිය
වට 3/0 පොළොන්නරුවට ජය
25/19,25/16,25/17


මුදුණේගම අනුරාධපුර සහ විජයබා හම්බන්තොට
වට 3/0 හම්බන්තොට ට ජය 
10/25,23/25,16/25 


විජය පුත්තලම සහ ෆාතිමා ත්‍රිකුණාමලය
වට 3/0 ක ජයක් පුත්තලමට
25/10,25/22,25/15


කෑගල්ල මායා සහ මාතලේ වීර කැප්පෙටිපොළ
වට 3/1 ක ජයක් කෑගල්ලට
25/16,25/22,17/25,25/12


ගම්පහ ගෝලඩන් බර්ඩ්ස් සහ යුනයිටඩ් යාපනය 
වට 3/0 ගම්පහට ජය
25/13,25/13,25/17


කොළඹ එකමුතු සහ මහනුවර මිණිගමුව 
වට 3/0 කොළඹ ට ජය
25/09,25/09,25/05


කුරුණෑගල කැෂුවලයින් සහ නන්දිමිත්‍ර පොළොන්නරුව
වට 3/0 කුරුණෑගලට ජය
25/16,25/18,25/10


රත්නපුර ධර්මපාල සහ අම්පාර අරුණ 
වට 3/0 ජය රත්නපුරට
25/12,25/20,25/21


ශාන්ත මැතිව්ස් මාතර සහ ග්‍රැන්මා කළුතර
වට 3/0 මාතරට ජය
25/16,25/03,25/05


මායා කෑගල්ල සහ මී මලේ බදුල්ල 
වට 3/0 කැගල්ල ට ජය
25/15,25/12,26/24


ගම්පහ ගෝල්ඩන් බර්ඩ්ස් සහ කෑගල්ල මායා
මායා තරගයට සහභාගි නොවිණ 
ගම්පහ ට නිතරග ජයක්


හම්බන්තොට විජයබා සහ මොනරාගල නවෝද්‍යා
වට 3/0 ක ජයක්
25/04,25/10,25/09


රත්නපුර ධර්මපාල සහ කොළොන්නාව එකමුතු
වට 3/2 ක ජයක්
25/11,20/25,25/18,20/25,15/08


ශාන්ත මැතිව් මාතර සහ කුරුණෑගල කැෂුවලයින් 
වට 3/2 ක ජයක්
22/25,25/23,16/25,25/21,15/13


කොස්වාඩිය විජය සහ හම්බන්තොට විජයබා
වට3/0 ක ජයක් 
25/21,25/16,25/14

ප්‍රථම අවසාන පූර්ව තරග කාන්තා 1




කොස්වාඩිය විජය පුත්තලම සදෛනියාය ශාන්ත මේරි ‍මාතර
වට 3/0 පුත්තලමට ජය
25/10,25/11,25/17





ප්‍රථම අවසාන පූර්ව තරග කාන්තා 2


දෙවන අවසාන පූර්ව තරගය 
රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ගම්පහ සහ ඇහැලියගොඩ ධර්මපාල රත්නපුර
වට 3/0 ජය ගම්පහ ට
25/17,25/21,25/19




www'supirikrida.com

අද,මුලු රටම කහවත්තට





ශ්‍රී ලංකාවේ සියළුම පරිපාලන දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම බැගින් මේ වන විටත් කහවත්තට ළගා වී ඇත.ඒ අද සහ හෙට පැවත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික් සූරයන් අතර පැවත්වෙන තරගවලට සහභාගි වීම සදහාය.රටේ ජාතික ක්‍රීඩාවේ මහා මංගල්ලය බදු රටට දායාද කළ ගමේ දක්ෂයන් ගම නියෝජනය කරමින් ක්‍රීඩා කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් සූරතාවලියේ දිස්ත්‍රික් සූරයන් එකිනෙකට හමුවන මෙම තරගාවලිය කහවත්තේ සංවිධානය කිරීමේ වගකීම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් පැවරී ඇත්තේ එහි නියෝජ්‍ය සභාපති සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්නයන්ට ය.
රටේ ප්‍රධාන වොලිබෝල් ක්‍රීඩා සමාජ බවට පත් වී තිබෙන ත්‍රිවිධ හමුදාවන්ට සහ වරාය අධිකාරියට වැනි ආයතන වලට  අයත් ක්‍රීඩා සමාජ පෝෂණය කිරීමේ කාර්යය ට වසර පුරාම උර දෙන ර්‍කීඩක ක්‍රීඩිකාවන් සිය වොලිබෝල් ජීවීතයට එවැනි වෘත්තීමය පදනමක් එකතුකළ තිඹිරිගෙය වන  ගමේ ක්‍රීඩා සමාජයට කෘතවේදීත්වය ප්‍රකාශ කරන අවස්ථාව ලෙස සැළකෙන මෙම තරගාවලිය ගමේ වොලිබෝල් ක්‍රීඩාවේ පැවැත්ම සනාත කරන වොලිබෝල් තරගාවලිය ලෙස හැදින්විය හැකිය.මෙම සත්කාර්යය යථාර්ථයක් බවට පෙරළා ගැනීමේ අනුග්‍රාහක සත්කාරකත්වය දරන්නේ ඩයලොග් ආසියාටා ආයතනය ය. 

ජාතික රට හරහා දිවීම හෙට දොඩන්ගොඩ දී




නුරාධපුරයේ පැවත්වීමට නියමිත මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ ප්‍රථම අංකය ලෙස නිමාවට පත් වීමට නියමිත ජාතික රට හරහා දිවීමේ තරගාවලිය හෙට (ජනවාරි 29) දොඩන්ගොඩ දී පැවත්වීමට නියමිතයි.ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව 23 වන වරට සංවිධානය කරන්නට යෙදෙන මෙම රට හරහා දිවීමේ තරගාවලියට සෑම පළාතක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතයි.
පිරිමි තරගය කිලෝ මීටර් 12 ක් ද කාන්තා තරගය කිලෝ මීටර් 8 ක දුරක් ද පැවත්වේ.

Jan 27, 2012

මා එන්නේ වසරකට - මහේල ජයවර්ධන


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වූ මහේල ජයවර්ධන,නායකත්වය බාර ගන්නේ වසරක කාලයකට පමණක් බව පැවසීය.නායක තිලකරත්න ඩිල්ෂාන් ගේ සමයේ අසාර්ථක වීම් සදහා තේරීම් වල දී යම් අසාධාරණයක් සිදු වූ බව ද මහේල පැවසීය.තමාට නායකත්වය ලබා ගැනීම සදහා ආරාධනා ඉදිරිපත් වූවේ ඩිල්ෂාන් නායකත්වයෙන් ඉවත් වූ පසුව බව පැවසූ මහේල,එම අවස්ථාවේ දී තමා තීරණයක් ගැනීමට පෙර කතා කරන පිරිසක් සිටින බවත් එම පිරිස් සමග කතා කොට නායකත්වය වසරක කාලයක් සදහා පමණක් භාර ගැනීමට තීරණය කළ බවක් පැවසීය.
හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ද එම මාධ්‍ය හමුවට සහභාගි වූ අතර ඔහු මහේල ගෙන් ඉල්ලා සිටියේ අඩුම තරමේ වසර දෙකක කාලයක් හෝ නායකත්වයේ රැදී සිටින ලෙස ය.තමා නායකත්වයේ සිටිය දී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගේ සහය තමන් ට දිගටම ලැබුණු බව කී ඩිල්ෂාන් කණ්ඩායම් තේරීම ආදියට සිය නායකත්වය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගෙන් බලපෑම් එල්ල වූ බවට කළ චෝදනාව ප්‍රතික්ෂේප කළ ද කණ්ඩායම අසාර්ථක වීමට තේරීම් බල පෑ බවට මහේල කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමට ඉදිරිපත් වූයේ නැත.

ලොරියකට අදින්න කුණු ඇදෙන පාසල් බැඩ්මින්ටන් නිලවරණය ඉරිදා


සුගිය කාලයේ මූල්‍ය අක්‍රමිකතා ඇතුළු විශාල චෝදනා රැසක් එල්ල වූ පාසල් බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය එළැඹෙන ඉරිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවත්වීමට නියමිත බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.එම චෝදනා වලට ඉලක්ක වූ පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් වරයා එක දිගට තමාට එල්ල වන චෝදනා නිසා මෙන්ම එම ධුරය දැරීමට එක දිගට හැකියාව ඇති කාලය ඉක්මවා ගිය විට ලබාගත යුතු අවසරය එම චෝදනා හේතු කර ගනිමින් නොලැබෙන නිසා ද මෙවර නිලවරණයට ඉදිරිපත් නොවී ඔහු ගේ හිතවතෙකු ලේකම් ධූරයට ඉදිරිපත් කිරීමේ උත්සාහයක නිරත ව සිටීන බව  එම වාර්තා සදහන් කරයි.
වත්මන් ලේකම්වරයා සමග එකටම කටයුතු කළ පසුගිය කාලයේ යම් විරසකයක් පෙන් වූ එම පුද්ගලයාට වර්ථමාන පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ සෙනෙහස නොඅඩුව ලැබීම එයට හේතුව ලෙසද දැන ගන්නට ඇත.පාසල් සංගමයට චෝදනා එල්ල වූ වීට එම සංගමය තරගාවලි සැළසුමක් සකස් කර ගැනීම සදහා රුපියල් 30,000 ක මුදලක් වියදම් කර අසාමාන්‍ය ලෙස මුදල් ගසා කෑමක් කර තිබෙන බව පෙනෙන්නට තිබෙන බව අධ්‍යක්ෂවරයා පැවසුව ද,පසුව එම තරගාවලියේ තරග ලේකම් ලෙස මෙවර නිලවරණයට ඉදිරිපත් වූ පුද්ගලයා කටයුතු කර තිබෙන බව දැන ගත්විට චෝදනා එල්ල කළ පුද්ගලයාට චෝදනා එල්ල කිරීමට අයිතියක් නැති බව කියමින් පරීක්ෂණයක් කිරීම මග හැරීය.
නමුත් මෙම නිලවරණයේ දී නිලවරණ දිනය තෙක් වත්මන් ලේකම්වරයා ගේ පාර්ශවය නියෝජනය කරන බව පෙන්වමින් සිටින පිරිසක් ඉරිදාවන විට විරුද්ධ පාර්ශවයට සහය දෙමින් වත්මන් පරාපාලනයේ පවතින දුර්වලතා සහ කරන ලද අක්‍රමිකතා ද මෙම නිලවරණය ආශ්‍රිත සැළසුම් ද සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.මේ තත්ත්වය මත වත්මන් ලේකම්වරයා ගේ සේවා ස්ථානය වන නිසා මේ චෝදනා එල්ල කරන්නන්ගේ ආරක්ෂාව පිළිබදව ගැටළුවක් ඇති වීමේ ඉඩකඩක් පවතින බව පෙන්වා දෙන මෙම නිලවරණයට ඉදිරිපත් වන සෙසු පිරිස් මරදාන පොලිසියට නිලවරණය වෙනුවෙන් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

Jan 26, 2012

තෙන්නකෝන් ගේ පුටුවේ චරිත් වාඩි වෙයි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අනුර තෙන්නකෝන් වෙනුවට එම තනතුර සදහා චරිත් සේනානායක පත් කිරීමට ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙටි කාලයක් ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා පෙන් වූ චරිත් සේනානායක කොළඹ ආනන්ද විද්‍යාලය හරහා ක්‍රිකට් පිටියට පා තැබූ අතර ක්‍රීඩකයෙකු ලෙස කොළඹ සීසීසී ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.
එසේම මීට පෙර සුපිරි ක්‍රීඩා හෙළි කළ පරිදි කණ්ඩායමේ නව පුහුනුකරු ලෙස ඕස්ට්‍රේලියා සංචාරය සදහා එක් වන්නේ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රෙහැම් ෆෝඩ් ය.කලක් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම පුහුණුකළ ‍ෆෝඩ්,ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වීමට ප්‍රථම දකුණු අප්‍රිකාවේ ඩර්බන් ඩොල්පින් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එම කණ්ඩායම ජය මාවතට අවතීර්ණ කිරිමට කටයුතු කරමින් උන්නේය.

ක්ලාක් සහ පොන්ටින් මහේලට සහ තිලාන්ට මෙ’පිටින් නැවතෙති

මහේල සහ තිලාන් වාර්තාගත තරගයේ දී
සිව්වන කඩුල්ල සදහා ලොව හොදම සබදතාවය හිමි මහේල ජයවර්ධන සහ තිලාන් සමරවිර සතු ලකුණු 437 ක වාර්තාගත සබදතාවයට මෙපිටින් නැවතුණු ඉන්දියාවට එරෙහිව රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් සිව්වන කඩුල්ල සදහා පවත්වා ගෙන ගිය සිව්වන කඩුල්ලේ සබදතාවය ලකුණු 386 දී නැවතිණි.එහිදී මයික්ල් ක්ලාක් ලකුණු 210 ක් ද රිකී පොන්ටින් ලකුණු 221 ක් ද රැස් කරන්නට සමත් විය.මෙම ලකුණු ප්‍රමාණයේ ආධාරයෙන් ඕස්ට්‍රේලියා ප්‍රථම ඉණිම කඩුලු 7 ට ලකුණු 604 ක් ව තිබිය දී නැවතිණි.
මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර පකිස්තානයට එරෙහිව පිළිවෙලින් ලකුණු 240 සහ 231 ක් රැස් කරමින් 2009 දී මෙම වාර්තාව පිහිටවීමට සමත් විය.ලොව විශාල ආන්දෝලනයක් ඇති කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක් වූ පකිස්තාන සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී මෙම දස්කම වාර්තා විණි.

දින 10 ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලි 03

උපාලි

ගාමිණි
ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් එළැඹෙන මාර්තු මස 19 සිට 29 දක්වා දින 10 තුළ ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් පැවතවීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි.එහි පළමු තරගාවලිය සංවිධානය කිරීමේ ගෞරවය මීගමුව ටෙනිස් ක්‍රීඩා සමාජයට හිමි වී ඇති අතර එහි ජයග්‍රහකයනට මුදල් ත්‍යාග ලෙස ඇමෙරිකානු ඩොලර් 2,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය වී ඇත.එම තරගාවලිය මාර්තු 19 – 21 යන තෙදින තුළ පැවත් වේ.
දෙවන තරගාවලිය ජාතික ටෙනිස් සංගම් මූලස්ථාන පිටියේදී පැවත්වෙන අතර දින 10 තුළ පැවත්වෙන තරගාවලි තුනෙන් වැඩිම ත්‍යාග මුදල වන ඩොලර් 10,000 ක මුදල ක් මෙම තරගයේ ජයග්‍රහකයනට හිමි වේ.තරගාවලිය මාර්තු 23 සිට 25 දක්වා පැවත්වීමට කටයුතු යොදා ඇත.තෙවන තරගාවලිය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේ දී පැවත්වේ.මාර්තු 27 – 29 අතර පැවත්වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට මුදලින් ඇමෙරිකානු ඩොලර් 2,000 ක ත්‍යාග මුදලක් හිමි වේ.
ලොව පුරා වසරකට ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලි 70 ක් පමණ පැවත්වෙන අතර මේ වන විට ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් වන උපාලි රාජකරුණා මෙන්ම ගාමිණි දිසානායකත් ජාත්‍යන්තර අවධානය ට පත් වී සිටියි.එසේම ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව එහි ප්‍රකාශිකාවක් සුපිරි ක්‍රීඩා වෙත පැවසූ අතර රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවේ ක්‍රීඩක තාක්ෂණය දියුණු කිරිමට මෙන්ම,එම පුහුණුකරුවන්ට ඉහළ දැණුමක් ලබා දීම කෙරෙහි ද සම්මේලනයේ අවධානය යොමු වී ඇත.
මේ තරගාවලිය ද ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩාව දෙස වැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු කරන තරගාවලියක් වනු ඇති අතර එය ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ ජාත්‍යන්තර සබදතා පොහොසත් කිරීමට හේතුවක් වනු ඇත.ඒ පියවර ශක්තිමත් කරමින් මෙම තරගාවලියට අනුග්‍රාහකත්වයෙන් සම්මාදම් වීමට මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට ඉහළ ඉඩ-කඩක් සැකසී ඇති අතර ඒ පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය හරහා ලබා ගැනීමට පුළුවන.

මෙවර දියමන්ති ලීග් තරගාවලියට සැම්සූන්ග් අනුග්‍රහය


ලෝකයේ ප්‍රබලතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින දියමන්ති මලල ක්‍රීඩා ලීග් තරගාවලියේ අනුග්‍රාහකත්වය සදහා මෙවරත් සැම්සූන්ග් ආයතනය ඉදිරිපත් වී ඇත.2010 දී වසර දෙකක කාලයක් සදහා අනුග්‍රාහකත්වය දක්වන්නට ඉදිරිපත් වූ සැමුසූන්ග් එහි සාර්ථකත්වය පදනම් කර ගනිමින් තෙවන වරටත් අනුග්‍රාහකත්වය භාර ගැනීමට ඉදිරිපත් වී ඇත.
මෙම තරගාවලිය යටතේ විවිධ රටවල තරගාවලි 14 ක් සංවිධානය වන අතර ඉකුත් වසරේ මෙම තරගාවලි රූපවාහිණියෙන් නැරඹු පිරිස මිලියන 290 ඉක්මවන අතර,තරගාවලි නැරඹිම සදහා ක්‍රීඩා පිටි වෙත පැමිණි පිරිස හාර ලක්ෂය ඉක්මවයි.

Jan 25, 2012

ඔස්ට්‍රේලියා - ඉන්දියා ටෙස්ට් ඉතිහාසයේ හොදම කඩුලු සබදතාවය පොන්ටින් සහ ක්ලාක් සතු වෙයි



ස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් සහ හිටපු නායක රිකී පොන්ටින් මේ වන විට ඇඩිලේඩ් හි ක්‍රියාත්මක ඕස්ට්‍රේලියා - ඉන්දියා සිව්වන ටෙස්ට් තරගයේ දී එම දෙරට අතර පැවති ටෙස්ට් තරගවල දී ක්‍රීඩකයන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පවත්වා ඇති හොදම ලකුණු සබදතාවය සිය නම ඉදිරියේ සටහන් කර ගැනිමට සමත් වුණා.කඩලු 3 ක් දැවී ලකුණු 84 ක් පමණක් ලබා සිටිය දී ක්‍රීඩා පිටියේ එක් වූ මේ දෙදෙනා මීට සුළු මොහොතකට පෙර දිවා භෝජනය සදහා තරගය නතර කරන විට සිව්වන කඩුල්ලට නොදැවුණු ලකුණු 385 ක සබදතාවයක් තබමින් මෙම වාර්තාව තැබිමට පියවර ගත්තා.
මිට පෙර ඉන්දියාව වෙනුවෙන් රාහුල් ඩ්‍රාවිඩ් සහ ඩබ්ලිව්විඑස් ලක්ෂමන් ගබා තබු ලකුණු 376 ක වාර්තාවමෙම දෙරට අතර පැවති ටෙස්ට් තරග වලදී වාර්තා වී තිබූ හොදම කඩුලු සබදතාවය වුණා.සිව්වන කඩුල්ල සදහා පැවති හොදම සබදතාවය සචින් තෙන්දුල්කාර් සහ ලක්ෂ්මන් විසින් පිහිටුවා තිබූ අතර එය ලකුණු 353 ක් වුණා.
දැනට ලකුණු 210  ක් ලබා කඩුල්ලේ නොදැවී සිටින ක්ලාක් සහ ද්විත්ව ශතකයට ලකුණු දෙකක් පිටුපසින් සිටින රිකී පොන්ටින් ලෝකයේ සිව්වන කඩුල්ලේ හොදම  සබදතාවය ලෙස සැළකෙන මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර පකිස්තානයට එරෙහිව රැස් කළ ලකුණු 437 ට ලකුණු 52 ක් පිටුපසින් සිටිනවා.ලොව හොදම කඩුලු සබදතාවය දකුණු අප්‍රිකාවට එරෙහිව මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විසින් පිහිටුවා ඇති අතර එය ලකුණු 624 ක්.තෙවන කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා පිහිටුවා ඇති එම සබදතාවයට පසු ඇති හොදම සබදතාවයද ශ්‍රී ලංකාවට හිමිවන අතර ඒ තෙවන කඩුල්ල වෙනුවෙන් සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම විසින් රැස් කළ ලකුණු 576 ක සබදතාවය වෙනවා.
www.supirikrida.com

බොක්සිං ක්‍රීඩිකාවන් ගේ සාය තව දුරටත් ප්‍රශ්නයක්


තැම් බොක්සිං ක්‍රීඩිකාවන් බොක්සි තරග සදහා සායෙන් සැරසී තරග වැදීම නීත්‍යාණුකූල කරන්නේ ද, නැද්ද යන්න තීරණය කිරීම සදහා තායිලන්තයේ දි රැස් වූ ජාත්‍යන්තර ආධුනික බොක්සිං සම්මේලනයේ විධායක සභාව ඒ සම්බන්ධයෙන් සථීර තීරණයකට එළැඹීම තව දුරටත් කල් තබා විසිර ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා ඇති ජාත්‍යන්තර ආධුනික බොක්සිං සම්මේලන සභාපති සීනේ ළුූ පවසා ඇත්තේ නිල ඇදුම සම්භන්ධයෙන් පාලනයක් සහ සථීරත්වයක් ඇති තීන්දුවක් ගැනීමට අවශ්‍යය බවය.ඒ සදහා ඉදිරියේ දී ඉක්මණින් තීරණයක් ගැනීමට කටයුතු කරන බව ද සභාපතිවරයා පවසා ඇත.ඇතැම් ක්‍රීඩිකාවෝ සායට කැමතියි ඇතැම් අය කැමති නෑ යනුවෙන් පවසා ඇති සභාපතිවරයා කෙසේ හෝ කාන්තා බොක්සිං ඇදුමේ යට කොටස පිළිබදව මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට  පෙර තීරණයක් ගන්නා බවට එම අදහස් දැක්වීමේ දී ඉගි සපයා තිබේ.

දැලේ පැටලිලි ඉහළ යයි


ශ්‍රී ලංකා දැල් පන්දුවේ පැටලිලි පුමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ජාතික පුහුණුකාරිය වීම සදහා හිටපු පුහුණුකාරිය හයසින්ත් විජේසිංහ සමග සොමිතා ද අල්විස් ද ඉදිරිපත් වීම සමග මේ තත්ත්වය ඇති වී ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා පවසන පරිදි පසුගිය දෙසැම්බරයේ ලාංකේය දැල් පන්දුව ජාත්‍යන්තර මට්ටමෙන් විශාල කඩා වැටීමකට භාජනය කළ බවට චෝදනා එල්ල වන හයසින්ත් විජේසිංහ ගේ පුහුණුකාර ධුරය අවසන් කළ බව කිව ද මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු විශේෂඥ පුහුණුකාරිය ‍ගේ නිල නොලත් පරිවාර නිලධාරිණිය ලෙස ඇය සමග එකට කටයුතු කිරීමට මෙන්ම පුහුණු කටයුතු වලදී සහය දැක්වීමට ද දැල් පන්දු පරිපාලනය විසින් හයසින්ත් ට අවස්ථාව සළසා ඇත.
එසේම එම පරිපාලනය හයසින්ත් ඉදිරිපත් වන පුහුණුකාර ධුරය තෝරා පත් කර ගැනීමේ පරීක්ෂණ මණ්ඩලයට ද එම ඕස්ට්‍රේලියානු පුහුණුකාරිය නම් කරමින් යළිත් හයසින්ත් දැල් පන්දු පුහුණුකාරිය කිරීම සදහා පිඹුරුපත් සකසමින් සිටින අතර එය තිලකා ජිනදාස ඉවත් කර හයසින්ත් විජේසිංහ පුහුණුකාර ධූරයට ගෙන ඒම සදහා පැවති පරිපාලනය පුහුණුකාර ධරයට තේරී පත් වීම සදහා හයසින්ත් ට වාසිදායක අන්දමින් අදාළ සුදුසකම් සැකසීමට සමාන බවට දැල් පන්දු කේෂ්තුයේ කතා බහට ලක් වෙමින් ඇත.
මේ වන විට හයසින්ත් ගේ පුහුණුකාර ධුරය ප්‍රතික්ෂේප කරමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ජාතික සංචිතයට පැමිණිමෙන් වැළකි ඇති අතර ඒ සදහා සොමිතා ද අල්විස් වගකිව යුතු බව ඇගවෙන කතාවක් පැමිණ සිටින ඕස්ට්‍රේලියානු පුහුණුකාරියට හයසින්ත් පැවසීම නිසා හයසින්ත් සහ සොමිතා අතර බහින්බස් වීමක් ඇති වී තිබෙන බව ද සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.කළක් ජාතික පුහුණුකාර ධුරය දරමින් ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත් කර දුන් හයසින්ත් සිංගප්පූරු ජාතික පුහුණුකාරිය ලෙස ද කටයුතු කර ඇති අතර නමුත් ඇය මෙව ඇය ශ්‍රී ලංකා ජාතාක කණ්ඩායමට පුහුණුකාරිය ලෙස පත් වී එන්නට පෙර සිංගප්පූරුවේ ක්‍රීඩා සමාජයක හෝ පුහුණුකාර ධුරය දරා නොසිටි අතර එහි පාසලක ක්‍රීඩා පුහුණුකාරිය ලෙස කටයුතු කරමින් සිටියේය.
ජාතික පුහුණුකාරිය ලෙස පත් වූ සෑම විටකදී ම පාහේ පරිපාලනය සමග අර්බූද ඇති කරගෙන ඉවත් වූ හයසින්ත් එසේ ඉවත්ව සිගප්පූරුවට යාමෙන් පසු වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ජාත්‍යන්තර අවධානයට කැදවා එමින් ආසියානු සූරතාවය දිනා දුන් තිලකා ජිනදාස ඉවත් කරමින් ජාතික පුහුණුකාර ධුරයට පත් වූවා ය. ඒ පත් වීමෙන් පසුව ගත් තීරණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමෙන් විශාල ඇද වැටීමකට ලක් ව ඇති අතර ඒ සදහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ හයසින්ත් යටතේ ක්‍රීඩා කිරීමෙන් වැළඛී සිටීමට ගත් තීරණය ද විශාල වශයෙන් බල පෑ ඇත.
කෙසේ හෝ වත්මන් පරිපාලනයේ ඇතැම් නිලධාරිණියන් ගේ ජාත්‍යන්තර න්‍යාය පතු වෙනුවෙන් සුරතලෙකු ලෙස යොදා ගැනීමට හයසින්ත් පාවිච්චි කිරීමේ තත්ත්වය තුළ සිටින ජාත්‍යන්තර අවධානයට ලක් වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට ද හයසින්ත් යම් යම් බලපෑමක් කරන අතර ඒ තත්ත්වය තුළ එවැනි ක්‍රීඩිකාවන් ගේ වරප්‍රසාද පාලනය කරන බවටත් ඔවුන්ට හිමි යම් යම් වගකීම් වලින් පහත හෙළිමටත් කුමණ්ත්‍රන දියත් වෙමින් තිබෙන බව වාර්තා වේ.මේ තත්ත්වය තුළ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු සූරතාවයට පෙර අහිමි වීමට පෙර ඉඩ ඇති බවට තොරතුරු සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.
කෙසේ වුව ද අමාත්‍යවරයා තිලකා ජිනදාසට යළි පුහුණුකාර ධුරය භාර ගැනීම පිණිස පැමිණෙන්නැයි පෞද්ගලිකවම ආරාධනා කර ඇතත් දැනට බෘනායි හී දැල් පන්දු ක්‍රීඩාවේ සංවර්ධන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඇය ට එම ගිවිසුම් කාලය නිමා විමට තව කාලයක් ඇති බැවින් එසේ පැමිණී‍මේ අපහසුතාවය දන්වා ඇති බව වාර්තා වේ.නමුත් පවතින පරිපාලනය සියළුම ක්‍රීඩිකාවන් සහභාගි වීම ප්‍රතික්ෂේප කළ ද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමෙන් අත්වන පසුබෑම නොසළකා එහි ඇතැම් නිලධාරිණියන් ගේ ජාත්‍යන්තර සිහින සැබෑ කර ගැනීමට හයසින්ත්ව යොදා ගැනීම පිණිස ඇයව පුහුණුකාරධුරය පිරිනැමීම සදහා පිඹුරුපත් සකස් කරමින් සිටින අතර පැමිණ සිටින ඕස්ට්‍රේලියානු පුහුණුකාරිණියගේ පරිවාර කටයුතු සදහා හයසින්ත් සහභාගි කරවා ගැනීම මෙන්ම එම ඕස්ට්‍රේලියානු පුහුණුකාරිය ජාතික පුහුණුකාර ධුරය තේරීමේ පරීක්ෂණ මණ්ඩලයට පත් කිරීමත් එම සැළසුමේ අංගයක් බව දැල් පන්දු කේෂ්ත්‍ර ආරංචි මාර්ග පැහැදිළි කරයි.

Jan 24, 2012

තුන්කොන් තරගාවලියට තුන් ඉරියව් වැඩි පිරිසක් මහරූෆ්ටත් යළි අවස්ථාවක්



ස්ට්‍රේලියාවේ පැවත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් පස් දෙනෙකුම කැදවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර ඇත.ඒ අනුව හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්,උප නායක ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා,සචිත්‍ර සේනානායක සහ එංගලන්ත සංචාරයෙන් පසුව යළිත් වරක් ෆර්විස් මහරූෆ් ද මෙම සංචිතයට කැදවා ඇත.

පසුගිය කාලයේ නුවන් කුලසේකර ද තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වීමට තමන්ට හැකියාවක් ඇති බව පෙන්වා ඇති අතර ඒ නිසා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව ශක්තිමත් කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත.මෙම කණ්ඩායමෙන් කෙතරම් දක්ෂතා අතර නොසිටිය ද,කණ්ඩායමේ රැදී සිටීමේ භාග්‍යය ලද දිල්හාර ප්‍රනාන්දු ඉවත් කර ඇත්තේ ආබාධයක් හේතුවෙන් ය.දිල්හාර වෙනුවට මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ දක්ෂතා දක් වූ වේග පන්දු යවන්නා වන චානක වෙළගෙදර කැදවා ඇත.තිලාන් සමරවීර පොරොත්තු ලේඛණයේ රැදවීමට පියවර ගෙන තිබේ.

                                ශ්‍රී ලංකා සංචිතය
 මහේල ජයවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,උපුල් තරංග,තිලකරත්න ඩිල්ෂාන්,කුමාර් සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න,නුවන් කුලසේකර,තිසර පෙරේරා,සචිත්‍ර සේනානායක,ලසිත් මාලිංග,රංගන හේරත්,චානක වෙළගෙදර,ධම්මික ප්‍රසාද් සහ ෆර්විස් මහරූ‍ෆ්

                    තුන්කොන් තරගාවලියේ කාල සටහන


Date and Time
Match
Weather 
Sun Feb 5           
03:20 GMT | 14:20 local
08:50 IST
1st Match - Australia v India
Melbourne Cricket Ground
N/A
Wed Feb 8           
04:20 GMT | 12:20 local
09:50 IST
2nd Match - India v Sri Lanka
Western Australia Cricket Association Ground, Perth
N/A
Fri Feb 10           
04:20 GMT | 12:20 local
09:50 IST
3rd Match - Australia v Sri Lanka
Western Australia Cricket Association Ground, Perth
N/A
Sun Feb 12           
03:20 GMT | 13:50 local
08:50 IST
4th Match - Australia v India
Adelaide Oval
N/A
Tue Feb 14           
03:20 GMT | 13:50 local
08:50 IST
5th Match - India v Sri Lanka
Adelaide Oval
N/A
Fri Feb 17           
03:20 GMT | 14:20 local
08:50 IST
6th Match - Australia v Sri Lanka
Sydney Cricket Ground
N/A
Sun Feb 19           
03:20 GMT | 13:20 local
08:50 IST
7th Match - Australia v India
Brisbane Cricket Ground, Woolloongabba, Brisbane
N/A
Tue Feb 21           
03:20 GMT | 13:20 local
08:50 IST
8th Match - India v Sri Lanka
Brisbane Cricket Ground, Woolloongabba, Brisbane
N/A
Fri Feb 24           
03:20 GMT | 14:20 local
08:50 IST
9th Match - Australia v Sri Lanka
Bellerive Oval, Hobart
N/A
Sun Feb 26           
03:20 GMT | 14:20 local
08:50 IST
10th Match - Australia v India
Sydney Cricket Ground
N/A
Tue Feb 28           
03:20 GMT | 14:20 local
08:50 IST
11th Match - India v Sri Lanka
Bellerive Oval, Hobart
N/A
Fri Mar 2           
03:20 GMT | 14:20 local
08:50 IST
12th Match - Australia v Sri Lanka
Melbourne Cricket Ground
N/A
Sun Mar 4           
03:20 GMT | 13:20 local
08:50 IST
1st Final - TBC v TBC
Brisbane Cricket Ground, Woolloongabba, Brisbane
N/A
Tue Mar 6           
03:20 GMT | 13:50 local
08:50 IST
2nd Final - TBC v TBC
Adelaide Oval
N/A
Thu Mar 8           
03:20 GMT | 13:50 local
08:50 IST
3rd Final - TBC v TBC
Adelaide Oval
N/A