Oct 26, 2013

හිස් පුටුත් එක්ක සාක්කුත් පිරවෙයිද?

සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ පිහිණුම් තටාංගණයට අයත් ප්‍රේක්ෂකයන්ට අයත් සියළු ප්‍රදේශයන්ට ආසන සවි කිරීමට උත්සාහ කරන බවක් වාර්තා වන අතර එම ආසන සවි කිරීම හරහා ඇතැමුන් සිය සාක්කුද පුරවා ගැනීමේ උවමනාවෙන් කටයුතු කරන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙනවා.දැනට ඇතැම් මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව් කිරීම් නිසා මිළදී ගැනීමේ කාර්යය නැවතී තිබෙන බවත් සුගතදාස අධිකාරියේම ඇතැම් නිලධාරීන් මේ ක්‍රියාවට කැමැත්තක් නොදැක්වීමත් එම මිළදී ගැනීම පමා වීමට හේතු වී තිබෙන බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශයෙන් අධිකාරිය පාලනයේදී නිසි පරිදි කටයුතු නොකිරීම සහ ඇතැම් විට අධිකාරියේ දැණුම්දීම් ඉක්මවා යමින් තීරන වලට එළැඹිම ද නිසා අධිකාරයේ සේවා සහ නිෂ්පාදන ක්‍රියා වෙනුවෙන් අනිසි ගෙවීම් සිදුවන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙන කරුණු වලින් අනාවරණය වෙනවා.ඒ සම්බන්ධයෙන් උදාහරණ පෙන්වා දෙන එම ආරංචි මාර්ග ධාවන පථයේ තියෙන දුබලතා නිසා එම ගෙවීම් කිරීමට අධිකාරියේ වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකුම අකමැත්ත ප්‍රකාශ කර තිබියදී ත් ක්‍රීඩා අමාත්‍යංශය හරහා එම ගෙවීම් සිදු කිරීමට අවශ්‍යය කටයුතු කිරීමට පියවර ගැනීම පෙන්වා දෙනවා.
මේ වන විටත් ඉතා දුලබ මට්ටමේ පවතින සුගතදාස ධාවන පථය ලංකාවේ එලන ලද වේගවත්ම ධාවන පථයක් ලෙස කැපි පෙණුනද ඉතා සුළු කාලයකින් එහි ඇතිරීමේ කටයුතු නිසි පරිදි සිදු වී තිබීම නිසා එය භාවිතයට ගැනීමට නොහැකි මට්ටමට විනාශ වි තිබෙනවා.මේ සම්බන්ධයෙන් වන වගකිව යුතු කාලය ඉක්මවා නොතිබෙන තත්ත්වයක් තුළ එම සමාගම නැවත ඉදි කිරීම් සිදු නොකරන්නේ නම් එම ආයතනයට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම මෙන්ම සියළු මුදල් ගෙවීමටත් ප්‍රථම  ධාවන පථය අබලන් විම නිසා එය නොගෙවන ලෙස අධිකාරියේ ඉහළ නිලධාරින් කරන ලද ඉල්ලීම් ද නොතකා එම ගෙවීම් කිරීම ආදී කරුණු නිසා අමාත්‍යංශයේ කාගේ හෝ කුමනාකාරයේ හෝ සම්බන්ධයක් මෙම ධාවන පථයත් සමග ඇත්දැයි යන්න පිළිබදවද විශාල සැකයක් උපදින බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඒ නිසා පුටු සවි කිරිමේ කාර්යය ද කාලයත් සමග එහි උණුසුම මැකෙන්නට දී වැඩි මිළට මිළ දී ගැනීමට ඉඩ ඇතැ බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ එම මිළදී ගැනීමේ කාර්යය වඩාත් සාධාරණ ලෙස ඉටු කිරීමට අවශ්‍යය පරිසරය නොපමාව සකස් කිරීමට පියවර ගත යුතු බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැහැදිළි කරනවා.
www.supirikrida.com 

Oct 25, 2013

නිරෝගි ක්‍රීඩකයෙක් තැනීමට ඔලිම්පික් කමිටුව මුල් සවිමත් කරයි

ක්‍රීඩා තරග වලදී  සිදුවන වැරදි භාවිතාවන් සහ ඉරියව් ආදි කරුණු හේතු කොට ගනිමින් ආබාධ වලට ගොදුරු වන සංඛ්‍යාවේ ඉහළ යාමක් දකින්නට ලැබෙන අතර දැඩි තරගකාරීත්වය වානිජකරණයට ලක් වීමත් සමග ඉහළ යාම ද මෙයට හේතුවක් ලෙස දැකිය හැකිය.මේ තත්ත්වය මත වඩා විද්‍යානුකූල පරිසරයක වෛද්‍ය උපදෙස් මත ක්‍රීඩකයාගේ පුහුණුව සිදු වීම මෙන්ම ශාරිරික සහ මානසික වශයෙන් පීඩාවන් හෝ රෝග තත්ත්වයන් ඇති නොවන පරිදි යහපත් සෞඛ්‍ය පරිසරයක් නඩත්තු කර ගැනිම ද වර්ථමානයේ අත්‍යවශ්‍යය කරුණක් බවට පෙරලෙමින් ඇත.
මේ තත්ත්වය සැළකිල්ලට ගත් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබදෛවෙද්‍යවරුන්ගේ දැණුම ඉහළ නැංවීම පිණිස තෙදින වැඩ මුළුවක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.දෙසැම්බර් 6 සිට 8 දක්වා පැවත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය කමිටුව මෙහෙයවන මෙම දේශනමාලාව පැවත්වීමට ක්‍රීඩා වෛද්‍ය සංගමයේ මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදය ද හිමි වී ඇත.
ක්‍රීඩා ‍වෛද්‍ය විද්‍යාව පිළිබද වෛද්‍ය කේෂ්ත්‍රයේ විශාල උනන්දුවක් මෙන්ම පිබිදීමක සහ අවශ්‍යතාවයක් ඇති වෙමින් පවතින මොහොතක ඊට සහභාගි වීමට බලාපොරොත්තුවන වෛද්‍යවරුන් ඒ සදහා සහභාගි වන්නේ නම් හැකි ඉක්මණින් සහභාගීත්වයට සුදුසු කාරණා සම්පූර්ණ ගැනීමෙන් පාඨමාලාව වෙනුවෙන් ඉඩ ලබා ගැනීමට හැකි සුළු පිරිස අතරට එක් වීමේ හැකියාව ඇත.ලියාපදිංචි ගාස්තු ඇතුළු සියළු විස්තර ජාතික ඔලිම්පික් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් (www.srilankaolympic.org ) ලබා ගැනීමේ හැකියාව ඇති අතර ජාික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය අංශයේ සභාපති වෛද්‍ය  සී තුරෙයිරාජා (දුරකථන අංක 0777755188) හෝ ගයත්‍රි ලියනගේ (0112 684420 ) හරහා මේ සම්බන්ධයෙන් වැඩි දුරාත් තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත.
පහත සදහන් අප වෙබ් අඩවිය ඔස්සේ ද ජාතික ඔලිම්පික් කමිටුවේ වෙබ් අඩවියට සම්බන්ධ විමට අවස්ථාව ඇත.
www.supirikrida.com

Oct 24, 2013

ජාතික ක්‍රීඩාෙව් අලුත් සුවදට අත වනන ඩීඒස්අයි ජාතික තරග රුවන්වැල්ෙල්දී

                                                                                              
ජාතික ක්‍රීඩා‍වේ අනාගතය ‍‍ ‍‍වෙනු‍‍වෙන් සිදු කරන ප්‍රධානතම සත් කාර්යය ‍‍ලෙස අනාගත දක්ෂයන් රටට හදුන්වා  ‍දෙන ඩීඑස්අයි  සුපර් ස්‍‍පෝර්ස්ට්ස් ‍ ‍වොලි‍බෝල් තරගාවලිය 2013 යට‍තේ පැවත්වෙන තරගාවලි‍‍යේ ජාතික මට්ට‍මේ තරග අද (24)  සහ  ‍හෙට රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලීය ක්‍රීඩාංගණ‍යේදී පැවත්වීමට කටයුතු ‍යොදා ඇත.වාර්තාගත කණ්ඩායම් ප්‍රමාණයක් ඉදිරිපත් වූ ‍මෙම තරගාවලිය යට‍තේ පළාත් සූරතා දිනා ගැනීමට සමත් වූ අවුරුදු 18 න් පහළ,අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 14 න් පහළ යන වයස් ඛාණ්ඩ වලට අයත් බාලක බාලිකාවන් ‍මෙම තරගාවලිය නි‍‍‍යෝජනය කරන අතර අවසාන වටය සදහා ‍‍‍‍මෙහිදී එක් වයස් ඛාණ්ඩයකින් කණ්ඩායම් හතර බැගින් ‍තෝරා ගැනීමට නියමිතය.
උතුරු නැ‍‍‍ගෙනහිර කණ්ඩායම් වලට අමතරව ‍මෙවර ජාතික මට්ට‍‍මේ තරග වලදී මධ්‍යම පළාත නි‍‍‍යෝජනය කරමින් මහනුවර,මාත‍‍ලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් පාසල් අතරින් අවරුදු 16 න් පහළ බාලක සූරතාවය මස්‍‍කෙළිය ‍පෙය‍ලෝන් ‍‍දෙමළ විද්‍යාලය දිනා ගැනීම කැපී ‍‍පෙ‍නෙන සිදුවීමකි.අතීත‍යේ  උතුර නැ‍ගෙනහිර ‍පළාත් වල  ‍මෙන්ම නුවරඑළිය හැටන් ප්‍ර‍‍දේශවලද ‍‍වොලි‍බෝල් ශස්‍රීකව පැවති බවට ඇති සාක්ෂි වල ශක්ති‍‍යෙන් ‍මෙවැනි නැගිටීම් යළි ඇතිවීම ජාතික ක්‍රීඩා‍වේ   අනාගත ප්‍ර‍බෝධයට අතිශයින්ම වැදගත්ය.
www.supirikrida.com

Oct 23, 2013

පකිස්තානයට සූරතාවය - තරගාවලියේ වීරයා යොහාන්

සිව්වන ජගත් නීතිඥ කුසලානය ඊයේ නවදිල්ලි නුවර දී නිමාවට පත් වූ අතර මෙවර සූරතාවය දිනා ගන්නට පකිස්තානයට හැකි විය.අවසාන තරගයේදී සත්කාරක ඉන්දියාව පරාජය කරමින් පකිස්තානය සූරතාවය දිනා ගත් අතර තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.තරගාවලියේ ක්‍රීඩක දක්ෂතා සැළකිල්ලට ගනිමින් මෙම තරගාවලි ඉතිහාසයේ තරගාවලියක වටිනාම ක්‍රීඩක සම්මානය දෙවන වරටත් ශ්‍රී ලංකාවට හිමි ව අතර මෙවර එම ගෞරවය ලංකාවට ගෙන ආවේ යොහාන් ජිනසේනය.මීට පෙර ද පළමුවන තරගාවලිය ඉන්දියාවේදී පැවත් වු අවස්ථාවේදී ද තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ අසේල පටබැදි මෙවර කණ්ඩායමට නායකත්වය දීම ද විෂේශත්වයකි.
තරගාවලිය ක්‍රියාත්මක වූ ස්වභාවය අනුව මූලික වටයේ තරග වල දී සියළුම කණ්ඩායම් එකට මුණ ගැසුණු අතර එම අවස්ථවේදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.නමුත් තරගාවලියේ අග භාගය වන විට දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව පන්දු ඕවර් 30 දී ලකුණු 336 ක් ලබා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූ නමුත් තරගාවලිය පැවත් වු ක්‍රමයට අනුව අවසාන පූර්ව තරග නොපැවත් වූ අතර මූලික වටයේ ලකුණු සටහනේ පළමු කණ්ඩායම් දෙකට පමණක් අවසාන තරගය හිමි විය.ඒ අනුව ශ්‍රී ලංකාවට අවසාන තරගය සදහා පිවිසීම උරගා බලන්නට නැවත අවස්ථාවක් නොපැමිණි අතර සූරයන් සහ අනු සූරයන්ට එරෙහිව හැර අන් සියළුම කණ්ඩායම් වලට එරෙහිව ශ්‍රී ලංකාවට තරග ජය ගැනීමේ අවස්ථාව හිමි විය
කණ්ඩායමේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවති අතර පිත්තෙන් ප්‍රියන්ත රාජපක්ෂ,රොෂාන් ඩී රෆායෙල්,යොහාන් ජිනසේන,එර්ෂාන් ආරියරත්නම් සහ නායක අසේල ජයකොඩි දක්ෂතා දැක් වූ අතර පන්දු යැවීමේදී තුසිත පල්ලේවත්ත කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ද,ප්‍රදීප් හීන්කෙන්ද එංගලන්තයට එරෙහිව කඩුලු පහක් ලබා ගනිමින් ද දක්ෂතා දැක් වූ අතර තරගාවලියේ වීරයා බවට පත් වු යොහාන් ජිනසේන ද තරග ජයග්‍රහණයට අවශ්‍යය දායකත්වය පන්දුවෙන් නිරතුරුව ලබා දුන්නේය.
තරගාවලිය පුරාම පිත්තෙන් සහ පන්දුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සේවයක් කරමින් තරගාවලියේ වීරයා වූ යොහාන්,පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙකු වන අතර ඔහු සහභාගි වූ තෙවන ලෝක කුසලාන නීතිඥ ක්‍රිකට් .තරගාවලිය මෙය විය.2009 දී එංගලන්තයේදී ත්,2011 දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් නීතිඥ කුසලාන ක්‍රිකට් තරගාවලි නියෝජනය කර ඇති යොහාන් පානදුර ප්‍රදේශයේ සිවිල් නීතිය සම්බන්ධයෙන් පෙනී සිටින ප්‍රසිද්ධ නීතිඥවරයෙකු ලෙස කැපී පෙනෙයි.
ජගත් ක්‍රිකට් පිටියේ ස්වභාවය අනුවද ක්‍රිකට් හී ප්‍රමුඛස්ථානය ක්‍රමයෙන් දකුණු ආසියාව සතු වෙමින් තිබෙන අතර ජගත් නීතිඥ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද මෙම තත්ත්වය ඒ අයුරින්ම දැක ගන්නට ලැබිණ.පළමු තැන පකිස්තානයටත් දෙවන තැන ඉන්දියාවට සහ තෙවන තැන ශ්‍රී ලංකාවට හිමි වු මෙම තරගාවලිය ද දකුණු ආසියාවේ ක්‍රිකට් දක්ෂතාවග ආධිපත්‍යයට යටත් වූ තරගාවලියක් ලෙස නිමාවට පත් විය.මෙවර ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවින පළමු පෙළ කණ්ඩායම් පුහුණුකරුවෙකු මෙන්ම ජනමාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන කටයුතු කළේය.
www.supirikrida.com

Oct 21, 2013

ප්‍රියන්ත ඇතුළු ශ්‍රී ලංකා නීතිඥ පිතිකරුවෝ එංගලන්තය වනසති

න්දියාවේ නව දිල්ලි නුවර ක්‍රියාත්මක නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී  ලංකාව ලකුණු 226 ක දැවැන්ත ජයක් අත් කර ගන්නට සමත් විය.පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙම තරගයට නියිමිතව තිබු පන්දු වාර 30 තුළ කඩුලු 3 ට ලකුණු 336 ක් ලබා ගත්තේ පන්දු ඕවරයකට ලකුණු 10.36 ක දළ වේගයක් රදවා ගනිමින්ය.ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹි ප්‍රියන්ත රජපක්ෂ ලකුණු 100 ක් ලබා ගනිමින් සිය ඉණිම අත් හිටවු අතර ඔහු සමග ඉණිම ඇරඹු උදිත රාජසේකරගේ දායකත්වය ලකුණු 68 ක් විය.යොහාන් ජිනසේන මෙවර තරගාවලියේ සිය දෙවන අර්ධ ශතකය සදහා පිවිසෙමින් නොදැවී ලකුණු 57 ක් ලබා ගත් අතර රොෂාන් ඩී රෆායෙල් ගේ පිත්තෙන් එක් වූ ලකුණු ප්‍රමාණය ලකුණු 38 ක් විය.තුසිත පල්ලේවත්ත නොදැවී එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 35 කි.
පිළිතුරු ඉණිමට පිවිසි එංගලන්තය අසරණ කිරීමට ශ්‍රී ලංකාවේ දැවැන්ත ලකුණු පූවරුව වුව ද ප්‍රමාණවත් වූ නමුත් ඒ අතරට පිවිසි ප්‍රදීප් හීන්කෙන්දගේ දග කැවෙන පන්දුව ඔවුන් වඩාත් අසරණ තත්ත්වයකට ඇද දැමූ අතර ප්‍රදීප් ගේ දකුණත් පිට දග පන්දු ඉදිරියේ එංගලන්ත පිතිකරුවන් ලකුණු 7 ක් ලබා ගනිද්දී ප්‍රදීප් ඔවුන්ගේ කඩුලු පහක් ලබා ගැනීමට සමත්වීම කැපි පෙණින.පන්දු ඕවර 30 තුළ කඩුලු 7 ට ලකුණු 114 ට සීමා වූ එංගලන්ත ඉණිම අඩාල කරන්නට ප්‍රදීප් ට සහය වූ තරංග අබේකෝන් සිය දකුණත් පිට දග පන්දුවෙන් කළ දඩ‍යමේ පලය වූයේ ලකුණු 21 ට කඩුලු 2 කි.
www.supirikrida.com

මැලේසියාවෙන් ලංකාවට රන් පදක්කම් තුනක්

මැලේසියාවු විවාත මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ චන්ද්‍රිකා සුභාෂිණී,කසුන් කල්හාර සහ මංජුල කුමාර ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් තුනක් සහ රිදි පදක්කම් දෙකක් දිනා දෙන්නට සමත් වූහ.චන්ද්‍රිකා මීටර් 200 සහ 400 යන ඉසව්වලදි රන් පදක්කම් දිනා දුන්නාය.කසුන් කල්හාර මීටර් 400 ඉසව්වේදි රන් පදක්කමක් ද,මීටර් 200 ඉසව්වේදී රිදී පදක්කමක් ද දිනා ගත් අතර මංජුල කුමාරට උස පැනීමේ ඉසව්වේදි හිමි වූයේ රිදී පදක්කමක්ය.
චන්ද්‍රිකා මීටර් 200 ඉසව්ව තත්පර 24.10 කින් අවසන් කර එහි රන් පදක්කම දිනා ගත් අතර මීටර් 400 ඉසව්වේදී ඇය කලකට පසුව තත්පර 53 සීමාවෙන් මෙපිටට විත් එම ඉසව්ව ජය ගැනීම සදහා තත්පර 52.86 කාලයක් වාර්තා කරන්නට සමත් වූවාය.කසුන් කල්හාර මීටර් 200 රදී පදක්කම දිනා ගැනීම සදහා වැය කළ කාලය තත්පර 21.58 ක් වු අතර මීටර් 400 රන් පදක්කම දිනා ගැනීමේදී එම ඉසව්ව සදහා කසුන් වාර්තා කළ කාලය තත්පර 47.19 ක් විය.වසර පුරාම දස්කම් අතර සිටිය ද බලධාරීන්ගේ සැළකිය යුතු අවධානයට ලක් නොවූ ජාතික උස පැනීමේ වාර්තාලාභී මංජුල  කුමාර ට සිය තරග කාල සටහනේ නිතරග සමය ආසන්නයේ ලැබුණු මෙම තරගයේදී ඉහළ දක්ෂතා අතරට ප්‍රවේශ වීමට නොහැකි වූ අතර ඔහු විසින් වාර්තා කරන්නට යෙදුණ මීටර් 2.15 ක උස වෙනුවෙන් මංජුලට හිමි වූයේ දෙවන ස්ථානය ය.
www.supirikrida.com

යුධ හමුදා ආක්‍රමණයක් - මැද පෙළ තේරීම යළිත් අභියෝගයට

නේෂන් කුසලානය සදහා පැවති ජාතික ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලියේදී දැල් පන්දු තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද මැද පෙළ ක්‍රීඩිකාවන්ට තෝරා නොගන්නා ලද ජයලිය කුමාරි යළිත් හොදම මැද පෙළ ක්‍රීඩිකාව වීමට ඊයේ මාතරදී නිමාව දුටු ජාතික ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලියේදී සමත් වූවාය.මීට පෙරද ජාතික දැල් පන්දු පරිපාලනයේ මූලිකත්වයෙන් පැවති තරග වලදී මෙම සූරතාවයට හිමිකම් කී ජයලිය මෙන්ම තවත් කැපී පෙණුනම මැද පෙළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු පිළිබදවද මාධ්‍යය විසින් කරුණු ඉදිරිපත් කළ අතර එහිදී තේරීම් කමිටුව මැද පෙළ ක්‍රීඩිකාවන් ලෙස තෝරා ගත් ක්‍රීඩිකාවන් වෙනුවට වෙනත් දක්ෂ ක්‍රීඩිකාවක් මැද පෙළ වෙනුවෙන් නිර්මාණය කිරීම සදහා දැල්පන්දු පරිපාලනයේ අවධානය යොමු වි ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.තේරීම් කමිටුවේ වරදට අවසානයේ වගකිව යුත්තන් බවට පත්වන පරිපාලනය නව පුහුණුකාරියද සමග එක්ව ඉදිරියේදී මෙම කටයුත්ත සිදු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
තරගාවලියේ විෂේශිතම සිදුවීම වූයේ හිටපු ජාතික සූරියන්ට මෙන්ම හිටපු ජාතික අනු සීරියන්ටද ප්‍රහාරයක් එල්ල කළ යුධ හමුදා කණ්ඩායම 2013 වසරේ ජාතික දැල් පන්දු සූරියන් වීමය.1992 දී අවසාන වරට ජාතික දැල් පන්දු සූරියන් වීමෙන් අනතුරුව පළමු වරට ජාතික සූරතාවයකට හිමිකම් කී යුධ හමුදාව වෙනුවෙන් කැපි පෙණුන දක්ෂතා දැක් වූ කාංචනා ජයවීර තරගාවලියේ දක්ෂකම ක්‍රීඩිකාව මෙන්ම හොදම දැල විදින්නිය වීම ද කැපී පෙණුනාය.ආරක්ෂක පෙළ නියෝජනයේද යුධ හමුදාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නවාංජලී රාජපක්ෂ හොදම රකින්නිය වුවාය.තරගාවලිය මාතරට පැමිණිම ඉහළින් පිළිගත් මාතර ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මාතර ක්‍රීඩිකාවන් අතරින් කැපි පෙණුන ගයත්‍රි වික්‍රමගේ දක්ෂතම නැගී එන ක්‍රීඩිකාව වීමට සමත් විය.
තරගාවලියේ පාසල් ක්‍රීඩිකාවන්ගේ ශක්තිය කදිමට පැහැදිළි කළ කුරුණෑගල ක්‍රීඩිකාවෝ අවසාන කණ්ඩායම් අට අතරට ප්‍රවිශ්ඨ වෙමින් දස්කම් දැක් වු අතර එය ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාවේ අනාගතය ගැන සුභ නිමිත්තකි.එසේම දැල් පන්දු සභාපතිණිය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ආසියාවටම දැල් පන්දු සභාපතිණිය වෙමින් ආසියාවේ සහ ලංකාවේ දැල් පන්දු අනාගතය ලෝකයට අභියෝගයක් කිරීම සදහා සැකසීම පිණිස සිහින දකින මොහොතක දැල් පන්දු තේරීම් කමිටුව නැවත අභියෝගයට ලක් වන්නේ කුරුණෑගල ක්‍රීඩිකාවන් කිසිවක් දැල් පන්දු සංචිතයේ නොවන බැවින්ය.
එසේම දැල් පන්දු ක්‍රීඩාවේ බොහෝ අය පසුගිය කාලයේ තිලකා ජිනදාසගේ පුහුණුකාරීත්වය තර්ජනී සිවලිංගම්ගේ උස මත යැපීමක් බව දක්වන්නට උත්සාහ කරමින් සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඇයගේ පුහුණුකාරීත්වය මත ලැබූ ජයග්‍රහණයන් පිළිබදව සැහැල්ලු චිත්‍රයක් කිර්මාණයට උත්සාහ කළ අතර නමුත් උස යනු එක් සාධකයක් පමණක් බවත් එයට අභියෝග කළ හැකි බවත් පෙන්වා දුන් යුධ හමුදා පුහුණුකාරිය පීඩීඑන් ප්‍රසාදි යුධ හමුදාවට සෙලාන් බැංකුව අභිබවා යන්නට මග පෙන් වූවාය.නේෂන් කුසලානය වෙනුවෙන් කැද වූ පුහුණුකාරිය සොමිතා ද අල්විස් ට ද එම අභියෝගයට මුහුණ දෙන්නට නොහැකි වුවාය. ප්‍රසාදි ගේ මග පෙන්වීම මත මැද පෙළින් නැගුණු මරීෂා ප්‍රනාන්දු ද,පසු පෙළින් පැමිණි නවාංජලී ගේ ආක්‍රමණයද සහ කාංනා ජයවීරගේ නිවැරදි ඉලක්කයද මූලික කර ගෙන කණ්ඩායම් හැගීමෙන් යුත් ක්‍රීඩක අන්තර් සම්බන්ධය සමග රොද බැදුණු යුධ හමුදාවේ ක්‍රියාකාරිත්වය ඉදිරියේ මෙවරද හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට අනු සූරතාවයෙන් සෑහෙන්නට වූ අතර අවසාන තරගයේ ලකුණු සටහන 51 - 47 ක් ලෙස දිස් විය.
තෙවන ස්ථානය සදහා පැවති තරගයේදී වරාය අධිකාරී පිල පරාජයට පත් කළ සෙලාන් බැංකුව මෙවර තමන්ට අහිමි වූ ජාතික සූරතාවය වෙනුවට තෙවන ස්ථානය දිනා ගත්තේ ලකුණු 47 - 30 ක් ලෙස ලකුණු 17 ක පරතරයක් තබා ගනිමින්ය.නමුත් වරාය අධිකාරි කණ්ඩායම අවසාන පූර්ව තරගයේදී අනු සූර හැටන් නැෂනල් බංකු කණ්ඩායමට තියුණු තරගයක් ලබා දුන් අතර එහි අවසාන තරග ප්‍රතිපලය වූයේ ලකුණු 21 - 19 කි.එසේම එවැනි අභියෝගයක් කළ වරාය අධිකාරිය පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සිය ජයග්‍රහණය බේරා ගත්තේ අසීරුවෙන්ය.එහිදී ලකුණු තත්ත්වය වුයේ ලකුණු 29 - 27 ක් විය.
මාතර සිට සුපිරි ක්‍රීඩා නිරීක්ෂණ කණ්ඩායම
www.supirikrida.com



Oct 20, 2013

ප්‍රභාෂ්වර‍ගේ පෙර ගමනට වාසනාව හරස් වෙයි

සකස්තානයේ අල්මැටී හී ක්‍රියාත්මක ලෝක කුසලාන බොක්සිං තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සියළුම ක්‍රීඩකයන්ට පරාජය අත් කර දෙමින් ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසාන ක්‍රීඩකයා වූ මලිත් ප්‍රභාෂ්වරට ද කරට කර සටනකින් පසුව ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නට සිදු වුණා.තරගය විනිශ්චය කළ විනිසුරුවන් පද් දෙනාගෙන් තෝරා ගත් තිදෙනෙකුගේ ලකුණු සසදා බලද්දී රුසියානු සහ වියට්නාම විනිසුරුවන්ට අනුව එක ලකුණකින් වේල්සයේ ඈස්ලි විලියම්ස් ඉදිරියෙන්සිටි අතර ෆින්ලන්ත විනිසුරුගේ තීරණයට අනුව එක ලකුණකින් ඉදිරියෙන් සිටියේ මලිත් ප්‍රභාෂ්වරයි.ඒ අනුව අවසාන තීරණයේදී 2 - 1 ලෙස මලිත් පරාජය හිමි කර ගත්තත් ඔහු මෙම තරගාවලිය පුරාම සිටි ශ්‍රී ලංකාව නියෝනය කළ ක්‍රීඩකයන් අතරින් ඉහළම තරගකාරීත්වය ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා බවට පත් විය.එමෙන්ම එක් විනිසුරු තීරණයකින් හෝ ජයග්‍රහණය ලබා ගත් එකම ලාංකේය ක්‍රීඩකයාද මලිත් බවට පත් වන්නේ එය කෙතරම් දුෂ්කර කාර්යයක්ද යන්නද පැහැදිළි කරමින්ය.
තරගාවලියට පෙර සිටම මලිත් සහ ඔහුගේ පුහුණුකරු වසන්ත කුමාර ද කසකස්තානයේ පැවත්වෙන පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයන්ට වෙන් කර තිබූ උසස් බොක්සිං පාඨමාලාවන් හැදෑරු අතර එහි ප්‍රතිපල ද මෙහිදී දක්නට ලැබිණ.මලිත් මෙන්ම වසන්තත් මහනුවර මාස් ලීනියා හී සේවයේ නිරත වන්නෝය.
www.supirikrida.com

තුසිතට කඩුලු ත්‍රිත්වයක්

ඉන්දියාවේ ක්‍රියාත්මක සිව්වන නිතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙතෙක් පැවති තරග වලදී තුසිත පල්ලෙවත්ත ඕස්ට්‍රේලියානු බී කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් කැපී පෙණුනා.ලකුණු 11 ට කඩුලු 4 ක් ලබා ගත් තුසිතගේ එම පන්දු යැවීමට අනගි සහයක් ලබා දුන් යොහාන් ජිනසේන (15 ට 2) සහ සම්පත් පෙරේරාගේ (14 ට 1) දායකත්වයත් නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 66 ට දැවී ගියා.නීතිඥ ලෝක කුසලාන තරගාවලියේ කඩුලු ත්‍රිත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විෂේශ තැනක් හිමි වන අතර මෙම තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ ද ශ්‍රී ලංකාවේ රන්ජන් රණතුංග යි.
තුසිත ගේ දස්කම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු නවයක ජයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව ඊට පෙර පැවති ඉන්දියාවට එරෙහි තරගය පරාජයට පත් වූයේ ලකුණු 45 කින්.පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම එහිදී ලකුණු 205 ක් ලබා ගත් අතර ඉන්දීය නීතිඥයන් වෙනුවෙන් මන්වින්දර් සිං ගාන්ධි (67) සහ වජහ්ලත් රිස්වි (57) අර්ධ ශතක ලබා ගන්නට සමත් වු අතර  දැවී ගිය ඉන්දීය කඩුලු පහෙන් දෙකක් තුසිත හිමි කර  ගත්තේ ලකුණු 45 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් වන අතර ඉතිරි කඩලු  තුන එක් කඩුල්ල බැගින් අසේල පටබැදි,ප්‍රදීප් හීන්කෙන්ද සහ යොහාන් ජිනසේන අතරේ බෙදී ගියා.පිළිතුරු ඉණිමේදී ශ්‍රී ලංකා ලකුණු පූවරුව නියමිත පන්දුවාර 35 නිමාවේදී කඩුලු නවයකට ලකුණු 160 ට සීමා වු අතර හුදෙකලා සටනක නිරත වූ ගිහාන් කුලරත්න නොදැවී ලකුණු 43 ක් ලබා ගත්තා.
පකිස්තානයට එරෙහිව පැවති තරගයේදි ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එර්සාන් අරියරත්නම් (44), අසේල පටබැදි (37) වැනි පිතිකරුවන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව පන්දු ඕවර් 35 නිමා වන විට ලකුණු 171 ක් ලබා ගත්තා.ඒ අතර වාරයේදී කඩුලු හතක් අහිමි කර ගත්තා.පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තාන පිතිකරුවන් දැඩි ප්‍රහාරයක්දියත් කළ අතර එහි ප්‍රතිපලය වූයේ පන්දු වාර 24.5 දී එක් කඩුල්ලක් පමණක් දැවි තිබියදී පකිස්තානු ලකුණු පූවරුව 172 ක් වීමයි.එහිදී පකිස්තානය ෂියා ඛාන් ලකුණු 72 ක් සහ කාසිෆ් සොහේල් ලකුණු 52 ක් ලබා ගත් අතර දැවි ගිය එකම කඩුල්ල ලබා ගැනීමේ ගෞරවය තුසිත පල්ලෙවත්තට හිමි වුණා.
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජය ගත් කොදෙව්වන්ට එරෙහි තරගයේදී ද පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු සහය ලැබුණු බවක් පෙනෙන්නට නොතිබි අතර කොදෙව් ක්‍රීඩකයන් පන්දු ඕවර් 35 තුළ ලකුණු 179 ක් ලබා ගත්තා.මනීෂ් වෑවිට ලකුණු 50 ට කඩුලු 2 ක් ලබා ගත් අතර තුසිත පල්ලෙවත්ත ලකුණු 16 ට කඩුල්ලක් ලබා ගත්තා.දැව්නත අභියෝගයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් රොසාන් ඩි රෆායෙල් නොදැවී ලකුණු 52 ක් සහ යොහාන් ජිනසේන ලකුණු 50 ක් ලබමින් පෑ දස්කම් හේතුවෙන් 28 වන පන්දු ඕවරයේ සිව්වන පන්දුව වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 182 ක් බවට පත් වුණා.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් අහිමිව තිබූ බැවින් තරගයේ තීරණය අනුව කොදෙව්වන්ට කඩුලු පහක පරාජයක් අත්වුණා
මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නීතිඥ කණ්ඩායම දේශීය පිටියේදී ද දක්ෂතා දක්වා තිබූ බැවින් මෙවර තරගාවලිය පිළිබදව වෙනදාට වඩා ජයග්‍රාහි විශ්වාසයක් පළ වූ අතර ‍නමුත් මේ වන විට සුපුරුදු දස්කම් දැක්වීමේදි මද පසුබෑමක් පෙන්වන අතර විෂේශයෙන් පන්දු යැවීමේ අංශය ඉදිරියේදි සුපුරුදු දක්ෂතා අතරට පැමිණිම සහ සෙසු කණ්ඩායම් වල හැසිරීම්ද සමග ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති ඕසට්‍රේලියා ඒ සහ එංගලන්ත කණ්ඩායම් අතර තරග වලදී ශ්‍රී ලංකවේ හැසිරීම ද ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව තීරණය කරනවා ඇත.
www.supirikrida.com