කෙසේ නමුත් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ පිරිමි මෙන්ම කාන්තා අංශයෙන් ද MAS ආයතනයට සම්බන්ධ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සහ මාස් සදර්න් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය ලැබීම කැපී පෙණින.සෑම තරගාවලියක දී මෙන්ම මෙම තරගාවලියේදී ද මාස් හා සම්බන්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවනට අනෙකුත් ක්‍රීඩා සමාජ හා එක්ව විරෝධය දැක්වීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ වලදී විනිශ්චය විරෝධයට ලක් කරමින් කටයුතු කිරීම මෙහිදී ද දක්නට ලැබිණ.සැබවින්ම ඇතැම් තීරණ පිලිබදව සැක සහිත බවක් පෙණුන ද,එම විනිශ්චයන් සදහා සහභාගි වන වැඩි පිරිසකට අනෙකුත් ක්‍රීඩා සමාජ සමග නෑ සබදකම් තිබීම ගැන ද මෙහිදී අවදානයට ලක් විය යුතුය.
ප්‍රියදර්ශණී,ඩිල්ෂාන්,නිරංජලා සහ පෙරේරා |
මාස් සහ සෙසු කන්ඩායම් වල මාස් විරෝධතාවය අතර ඇති ඓන්ද්‍රීය ගනු දෙනුව ඇති නැති පරතරය විසින් මතු කිරීමක් ලෙස හැදින්වීමට හැකි අතර මාස් ද ඇතුළුව සියල්ලෝම මෙවැනි ජාතික මට්ටමේ තරග වල දී ජාතික සම්පත් රැක ගැනීම සහ ඔවුන්ට හෘදයාංගමව සුබ පැතීම යන්න ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ ප්‍රගමනයට හේතුවන බව අපේ විශ්වාසය වන්නෙමු.
එසේම මාස කිහිපයක් විදේශ ගතව සිට පැමිණ නැවත බොක්සි පිටියට පා තැබූ MAS ක්‍රීඩා සමාජයේ නිරංජලා සේනානායක දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වූවා ය.ඇයගේ කැපවීම සහ හැකියාව පිලිබද නිදර්ශනයක් ලෙස එම දක්ෂතාවය හැදින්විය හැකිය.
තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ඉන්දික පෙරේරා තේරී පත් වූ අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ එච්එස් ප්‍රියදර්ශණීය.
www.supirikrida.com