Jun 29, 2013

ගේලගේ ප්‍රහාරයෙන් ලක් පවුර බිද වැටෙයි

Chris Gayle scored a hundred off 89 balls
කිංග්ස්ටන් තණතීරුවේ ඉහළම දක්ෂතා දක්වා ඇති පිතිකරුවා ලෙස සැළකෙන ක්‍රිස් ගේල් පන්දු 100 කින් ලකුණු 129 ක් රැස් කරමින් දියත් කළ ප්‍රහාරාත්මක ඉණිම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 208 ක් රැක ගැනීම සදහා කරන ලද සියළු වෑයම් නිශ්පල වූහ.කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ඩ්වේන් බ්‍රාවෝ පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකාවට කළ ආරාධනයේ අභියෝගය මැනිවින් භාර ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ මහේල ජයවර්ධන සහ උපුල් තරංග පළමු කඩුල්ල සදහා ප්‍රවේශම මෙන්ම ආක්‍රමණයද මුසු වූ ලකුණු 62 ක සබදතාවයක් පැවත් වූ නමුත් ඔවුන්ගේ ඉවත් වීමෙන් ඉනික්බිති ශ්‍රී ලංකා ඉණිම මන්දගාමී හැඩයක් ගත් අතර අංක 6 සිට 11 දක්වා කිසිදු පිතිකරුවෙක්ට ලාංකේය ලකුණු පූවරුව ඉහළ නැංවීම සදහා ඉලක්කම්  දෙකේ ලකුණු ප්‍රමාණයකින් දායන වන්නට නොහැකි විය.

නායක ඇන්ජලෝ මැතිව්ස් පමණක් ක්‍රිස් ගේල් විසින් අත හරින ලද උඩ පන්දුව ආශිර්වාදයක් කර ගනිමින්  ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාවට රැගෙන යමින් නොදැවී ලකුණු 55 ක් ලැබූ අතර මහේල ජයවර්ධන ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කරමින් පන්දු 52 ක් තුළ ලකුණු 52 ක් ලැබීය.ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත්ම හිසරදයක් වූ සුනිල් නරායින් ලකුණු 40 ට කඩුලු 4 ක් දවා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ පිතිකරුවන් කොදෙව් පන්දු රකින්නන්ට වැඩි වෙහෙසක් නොදී ඔවුන්ගේ දෝත් තුළම උඩ  පන්දු තැන්පත් වන සේ පහර එල්ල කරමින් දුර්වල පිතිකරණයක් විදහා දැක් වූහ.
පිළිතුරු ඉණිමට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරු යුගලය අතරින් ජොන්සන් චාල්ස් යම්කිසි ආකාරයක පීඩනයකට ලක් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුව ද,ක්‍රිස් ගේල් අනෙක් අන්තයේ සිට පන්දු යවන්නන් සිය පාලනයට යටත් කර ගත් නිසා චාල්ස්ට අනවශ්‍යය කළබලයකින් තොරව කඩුල්ල රැක ගනිමින් ගේල් ට අවශ්‍යය සහය ලබා දීමට හැකි විය.ඒ නිසා පළමු කඩුල්ල ලෙස චාල්ස් දැවී යන විට කොදෙව් ලකුණු පූවරුව ලකුණු 115 දක්වා ඉහළ ගොස් තිබිණ.ගේල් දෙවැන්නා ලෙස දැවී යන විට ලකුණු පූවරුව 181 වූ අතර ගේල් ඉන් ලකුණු 129 ක් ම ලබා සිටියේය.ඒ අනුව ගේල් ගේ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමට කොදෙව්වන්ට පන්දු ඕවර් 37.5 ක් ප්‍රමාණවත් වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අජන්ත මෙණ්ඩිස්,නුවන් කුලසේකර සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597923.html සබදතාවය යොදා ගෙන පිවිසිය හැකි අතර කොදෙව්වන්ට ප්‍රසාද ලකුණු ද සමග කඩුලු හයක ජයග්‍රහණයක් ලබා ගැනීම සදහා පසුබිම සකස් කරමින් ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ ක්‍රිස් ගේල් විවාදයකින් තොරවම තරගයේ වීරයා විය.

මාස් බොක්සිං සූරතාවලියේදී සමීරගෙන් පෙරළියක්

හනුවර පල්ලෙකැලේ ලීනියා ක්ලෝදිං හී පැවති මාස් ජ්‍යෙෂ්ඨ කාන්තා සහ පිරිමි බොක්සිං සූරතාවලියේ දී කිලෝ ග්‍රෑම් 60 බර පංතියේ තරග වදින පල්ලෙකැලේ ලීනියා ක්ලෝදිං හී සමීර ප්‍රනාන්දු එම බර පංතියේ ජාතික සූරයා වන අනුරාධ ගුණතිලක බිම හෙළමින් එල්ල කළ මුෂ්ටි ප්‍රහාරය තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය බවට පත් වූ අතර එම ජයග්‍රහණය හේතුවෙන් සමීර ප්‍රනාන්දු මෙවර මාස් බොක්සිං තරගාවලියේ අති සූර ක්‍රීඩකයා බවට පත් විය.මාස් බොක්සිං පවුලේ බොක්සිං ආධිපත්‍යය දරා සිටින පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට එරෙහිව ලීනියා ක්ලෝදිං මෙවර ජාතික බොක්සිං කණ්ඩායම භාර පුහුණුකරු වසන්ත කුමාර ප්‍රමුඛ කරගත් පුහුණු කණ්ඩායමක් සමග එක්ව අති විශිෂ්ඨ අභියෝගයක් ලබා දුන් අතර තරගාවලියේ කාන්තා සහ පිරිමි සමස්ත රන් පදක්කම් 6 ක් දිනා ගනිද්දී ස්ලිම්ලයින් කණ්ඩායමට දිනා ගත හැකි වූයේ රන් පදක්කම් 5 ක් පමණි. 
කාන්තා අංශයේදී ද ලීනියා ක්‍රීඩිකා එල් උදයංගනී කැපී පෙණුන අතර ඇය කිග්‍රෑම් 60 බර පංතියේ ජයග්‍රාහිකාව බවට පත් වූයේ 2010 ආසියානු කාන්තා බොක්සිං සූරතාවලිය නියෝජනය කළ බීඑල්එස් සදරේඛා පරාජය කරමින් ය.නමුත් කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති තවත් ප්‍රබල ක්‍රීඩිකාවක් වන පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණි පරාජය කළ තුල්හිරිය තුරුලි ක්‍රීඩා සමාජයේ අනුරාධා ජයසිංහ ය.අනුරාධා ගේ ජයග්‍රහණයට එරෙහිව අත්දැකීම් සහිත කෝසලා ලබා දුන් අභියෝගය නිසාම කෝසලා තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූවාය.දක්ෂතම පරාජිත ක්‍රීඩකයා බවට පත් වූයේ නීල් හෙට්ටිආරච්චිය.ඔහු ද පල්ලෙකැලේ ලීනියා ක්ලෝදිං හී නියෝජනයකි.
නව ජාත්‍යන්තර නීති-රීති වලට අනුකූලව ක්‍රියාත්මක වූ මෙවර තරගාවලියේ දී පළමු වරට ක්‍රීඩකයන් හිස් ආවරණ රහිතව තරග බිමට පිවිසීම ලාංකේය බොක්සිං ඉතිහාසයේ වැදගත් සටහනක් වනු ඇත.තරගාවලියට මාස් පවුල නියෝජනය කරමින් ජාතික මට්ටමේ ජයග්‍රාහකයන්,ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම බලාපොරොත්තු සහගත නැගී එන බොක්සිං ක්‍රීඉක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ බැවින් තරගාවලියේ දක්ෂතා සහ තරගකාරී බව ප්‍රශස්ත මට්ටමක විය.
ලීනියා ක්ලෝදිං,තුල්හිරිය තුරුලි,පන්නල ස්ලිම්ලයින්,බියගම සිළුවේටා,මාවතගම කැෂුවලයින්,පානදුර යුනිචෙලා සහ කොග්ගල යුනිචෙලා යන බොක්සිං කණ්ඩායම් මාස් පවුල නියෝජනය කරමින් මෙවර තරගාවලියට ඉදිරිපත් වී සිටියහ.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලියේ අතිසූර ක්‍රීඩකයා වූ සමීර ප්‍රනාන්දු,මාස් සමූහ අධ්‍යක්ෂ මෙන්ම නූතණ බොක්සිං ක්‍රීඩාවේ භෞතික සංවර්ධනයේ පුරෝගාමියා වන ඩයන් ගෝමස් අතින් තමන්ට හිමි සූරතා කුසලානය ලබා ගත් අවස්ථාවයි.

Jun 28, 2013

කලකට පසු දුලාන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට

ලකට පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් විදේශ සංචාරයකට එක් වන්නට දුලාන් ප්‍රියශාන්ත ට හැකි වී තිබේ.මාතර දිස්ත්‍රික්කයෙන් මලල ක්‍රීඩාවට පිවිසි ලාල් අබේවික්‍රමයන් යටතේ පුහුණුව ලබන දුලාන් ශ්‍රී ලංකා නාවික හමුදාවට සම්බන්ධ මලල ක්‍රීඩකයෙකු වන අතර දැනට ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම මලල ක්‍රීඩකයෙකි.පසුගිය කාලයේ විශාල ලෙස පසු බැස්මකට ලක්ව සිටි දුලාන් යළිත් ඉතා කැපවීමෙන් පුහුණුව ලැබ පුනේ පැවත්වෙන 20 වන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකා මීටර් 4 x 400 කණ්ඩායමට තේරී පත් වීමට සුදුසුක් ලබා සිටියි.
එම ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගි වීම සදහා ක්‍රීඩකයන් අට දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට අවස්ථාව හිමි වී ඇත.ක්‍රීඩකයන් අතර උස පැනීමේ සූර මංජුල කුමාර ආසියාතික මලල ක්‍රීඩා තරගාවලි රන් පදක්කම් දෙකකටම උරුම කම් කියන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුව බවට පත් වී ඇත.සචිත් මධුරංග ද පින්ලන්තයේ ලැබූ වැඩි දුර පුහුණුවකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන ප්‍රබලතම පදක්කම් බලාපොරොත්තුවකි.නදීකා ලක්මාලි ද පින්ලන්තයේ පුහුණුව ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන පූනේ බලාපොරොත්තුවක් වන අතර ඇය පසුගිය ආසායානු ග්‍රොන්ප්‍රී තරගාවලි තුනේම හෙල්ල වීසි කිරීමේ ජයග්‍රාහිකාව වීමද ජයග්‍රහණයට අවශ්‍යය මානසිකත්වය තහවුරු කරනු ඇත.ගෙවුණු ආසියානු ග්‍රෝන්ප්‍රී තරගාවලියේදී විහාලතම පෙරළිය කළ ලාංකේය ක්‍රීඩිකාව වූ ඩබකේඑල්ඒ නිමාලි ද තරගාවලියේ ප්‍රධානතම බලාපොරොත්තුවක්ව සිටින අතර තරගාවලියට සහභාගි වන නිලධාරි ගොන්නට පදක්කම් බලාපොරොත්තුවක් වන ඇයගේ පුහුණුකරු ඇතුළත් කරන ලෙස කරන ලද ඉල්ලීම් බලධාරීන් කණකට නොගැනීම ඛේදයකි.චන්ද්‍රිකා සුභාෂණි මෙන්ම (මීටර් 400) ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කිරීම සදහා අවශ්‍යය පරිසාධන මට්ටමට පසුගියදා ළගා වූ ඇමෙරිකාවේ සිටින ක්‍රිස්ටීන් මෙරිල් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් බලාපො‍රොත්තු අතර ඉදිරියෙන් වැජඹෙන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හැටියට ගත හැකිය.
 ක්‍රීඩකයන් ලෙස මංජුල කුමාර (උස),අංජන ගුණරත්න (මීටර් 400,4 x 400),දිලහාන් ආලෝක  (මීටර් 400,4 x 400),සචිත් මධුරංග (හෙල්ල වීසිකිරීම),චානක ජයසේකර (4 x 400),කසුන් කල්හාර සෙනවිරත්න (4 x 400),දුලාන් ප්‍රියදර්ශක (4 x 400) සහ චාමර නුවන් ගමගේ (තුන් පිම්ම) යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වී සිටිති.ක්‍රීඩිකාවන් ලෙස චන්ද්‍රිකා සුභාෂණි (මීටර් 400,4 x 400),නදීකා ලක්මාලි (හෙල්ල),ඩබ්කේඑල්ඒ නිමාලි (මීටර් 800),නදීශානි ලේකම්ගේ(හෙල්ල),ක්‍රිස්ටීන් මෙරිල් (මීටර් 400 කඩුලු,4 x 400),සුජානි බුද්ධිකා (මීටර් 200),ජානි චතුරංගි (මීටර් 100),ගීතානි රාජසේකර(මීටර් 5000),
එරංගා දුලක්ෂි (මීටර් 3000 බාධක),යූඩී සදමාලි (4 x 400),උපමාලි රත්නකුමාරි (4 x 400) සහ ගීතානි පද්මකුමාරි (4 x 400) යන තරගාවලියට සහභාගි වෙති.
www.supirikrida.com

පන්දුවෙන් දිනූ ගෞරවය පිත්තෙන් වැනසෙති

Suranga Lakmal celebrates Mohammad Hafeez's dismissalටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති එක් දින තරගාවලිය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිර්මාණය කළ පරිසරය පිතිකරුවන්ගේ දුර්වල ප්‍රහාරාත්මක රටාව නිසා විනාශ වී ගොස් තෙවන එක් දින තරගයෙන් කොදෙව් ක්‍රීඩකයන්ට ලකුණු 67 ක ජයක් හිමි වෙමින් ශ්‍රී ලංකාවට තරගාවලියෙන් 2 - 1 ක් ලෙස පරාජය භුක්ති විදින්නට ද සිදු විය.පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයන් ලකුණු 196 ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ට හැකි වූ අතර එහිදී සුරංග ලක්මාල් ලකුණු 28 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.ඊට අමතරව දිල්රුවන් පෙරේරා,සීකුගේ ප්‍රසන්න,විමුක්ති පෙරේරා,චතුරංග ද සිල්වාසහ රමිත රඹුක්වැල්ල  එක් කඩුල්ල බැගින් දවා ගත් අතර ඒ අතරින් සීකුගේ ප්‍රදර්ශනාතිමක පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දු වාර 10 ලකුණු 23 ට සීමා කරන්නට සමත් විය.
පිළිතුරු ඉණිමට මුහුණ දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය තරගාවලිය පුරාම ලකුණු අතර සිටියද මෙම තරගයේදී ඉක්මණින් කඩුලු අහිමි කර ගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ බිද වැටීමේ ආරම්භය විය.මැද පෙළ පිතිකරුවන් ලෙස දිල්රුවන් පෙරේරා ලකුණු 48 ක් ලැබූ අතර රමිත රඹුක්වැල්ල ලකුණු 22 ක් ලැබීය.සෙසු පිතිකරුවන් අතරින් දිමුත් කරුණාරත්න (12) සහ සීකුගේ ප්‍රසන්න (10) ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයක්  ලැබූ  පිතිකරුවන් වූ අතර සෙසු සියල්ලෝම ලකුණු 10 ට අඩු ලකුණු ප්‍රමාණයකට දැවී යාම ඛේදණිය තත්ත්වයක් විය.
ලකුණු පූවරුවට http://www.espncricinfo.com/ci/engine/current/match/631947.html මෙම සබදතාවය ඔස්සේ පිවිසීමට හැකියාව ඇත.
www.supirikrida.com

වෙළද සේවා ක්‍රිකට් ප්‍රවීනයෝ ගැටෙති

වෙළද සේවා ක්‍රිකට් සංගමය මෙහෙයවන අවුරුදු 40 න් ඉහළ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ඉරු දින (ජූනි 30) කොළඹ වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර පැවත්වීමට තීරණය කර තිබේ.එහිදී ඉකුත් වසරේ සූරතාවය දිනූ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම මෙන්ම එම වසරේ තරගාවලියට පිවිසෙමින් ප්‍රබල කණ්ඩායම් වලට අභියෝගයක් වෙමින් අනු සූරතාවය දිනූ කොමර්ෂල් බැංකු කණ්ඩායමද තරග බිමට පිවිස සිටිති.
එම කණ්ඩායම් දෙකට අමතරව ජෝන් කීල්ස්,සිංගර්,ජනශක්ති,ශ්‍රී ලංකා එයාර් ලයින්ස්,එයාර් පෝර්ට් සහ එවේෂන් සර්විස්,හේලීස්,සහ ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම්ද තරග බිමට පිවිසෙන අතර සම්පත් බැංකු කණ්ඩායම,යුනියන්ඇෂුවර්න්ස් කණ්ඩායම සහ කොළම ඩොක්යාඩ් කණ්ඩායමද මෙවර තරගාවලියට පළමු වරට මුහුණ දීමට ඉදිරිපත් වෙති.
තරගාවලියේ දක්ෂතම පිතිකරු,දක්ෂතම පන්දු යවන්නා,වඩාත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා,වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කරන ක්‍රීඩකයා සහ අවසන් තරගයේ වීරයා යන සම්මානද ක්‍රීඩක දක්ෂතා අගයමින් පිරිනැමීමට වෙළද සේවා ක්‍රිකට් සංගමට අවශ්‍යය පියවර ගෙන ඇත.
www.supirikrida.com

Jun 27, 2013

පාපන්දුව රහස් පොලිසියට සහ අල්ලස් කොමිසමට පෙරලීමේ වෑයමක්

රින් වර සංශෝධන වලට ලක් වූ සහ අවස්ථා කිහිපයකදීම විවිධ පුද්ගලයන් ඉල්ලා අස් වූ බවට ප්‍රකාශ වීම නිසා පාපන්දු පරිපාලනයේ මූල්‍ය අක්‍රමිකතා පරික්ෂාවට ලක් කළ කමිටුව කවරේද යන්න හදුනා ගන්නට නොහැකිව තිබුණු නමුත් ඊයේ එහි නිල කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාගේද සහභාගීත්වය ඇතිව මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,අදාළ පාපන්දු ගණු-දෙනු පිළිබදව පරික්ෂා කිරීමට අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපොර්තමේන්තුවට වගකීම පැවරීමට අපේක්ෂා කරන බවය.
ජනමාධ්‍ය හමුවේ කමිටු වාර්තාව ප්‍රකාශ කිරීමට ක්‍රීඩා පණත සංශෝධනය වැනි අසාර්ථක මෙහෙයුම් ගණනාවකට දායක වූ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නීති උපදේශක මෙන් පෙනී සිටින පණ්ඩුක කීර්තිනන්ද සහභාගි වූ අතර ක්‍රීඩා අමාත්‍යවරයා මූලික වශයෙන් අයථා මුදල් පරිහරණයක් සිදු වී ඇතැයි යන මතයේ සිට ඔහුගේම නියෝජිතයන් මෙම පරීක්ෂණ කාර්යය සදහා යෙදවීම,මෙන්ම එම මාධය හමුවේදී පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් වැඩිපුරම අදහස් දැක් වූ පුද්ගලයා ක්‍රීඩා අමාත්‍යවරයා වීමත් නිසා මෙම වාර්තාවද,සරත් වීරසේකර වාර්තාව මෙන්ම ඒක පාර්ශ්වික වාර්තාවක් විය හැකි බවට මධ්‍යස්ථ පාර්ශව සැක පහළ කරයි.
එම නිසා පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මෙම පරීක්ෂණ කාර්යය ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශය වග නොකියන ස්වාධීන කමිටුවක් මගින් සිදුවිය යුතු බව පවසන මධ්‍යස්ථ පාර්ශව මේ පිළිබදව ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සූදානම් බව ද පෙන්වා දුන්නේය.
www.supirikrida.com

ජානකී සම්පූර්ණයෙන් නිදහස්

බෘනායි හී දී ජූනි 30 දා ඇරඹෙන ආසියානු යොවුන් දැල් පන්දු තරග‍ාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය ජානකී ගුණසේකර තරගාවලියේ තරගවලදී  සිය තීරණ ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ නිදහස ඇති බව දැල්පන්දු සභාපතිණිය ලක්ෂ්මි වික්ටෝරියා පවසයි.ඇය සුදුසුකම් පරික්සා කර එම තනතුරට කැදවා ඇත්තේ ඒ සදහා ඇය සුදුසු නිසා බව පවසන සභාපතිණිය ඇය පිළිබදව තම සංගමය තබා ඇති විශ්වාසය ඉතා ඉහළ මට්ටක පවතින බව පෙන්වා දෙනවා.ඒ නිසා තරගවලදී කිසිදු ආකාරයකින් තීරණ ගැනීම සදහමා කිසිවෙකු ඇයට බලපෑම් නොකරනු ඇතැයි පවසන ලක්ෂ්මි වික්ටෝරියා,ඒ පිළිබදව තරගාවලියට සහභාගිවන සෙසු නිලධාරිණියන්ට අවශ්‍යය උපදෙස් ලබා දීමට ද තමා ක්‍රියා කළ බව පවසනවා.
තරගකාරී වට පිටාවකදී වෙනත් භාහිර පීඩන වලින් තොරව නිර්මාණශීලීව සිතිමට අවශ්‍යය නිදහස ඇය සතු කර තැබීම අපේ යුතුකමක් යැයි පවසන සභාපතිණිය,තරගාවලියේ දක්ෂතා රැක ගැනීම සදහා පසුගිය කාලයේ කල්ලිවාදයකින් තොරව සියළු දෙනාගේ සහය තමාට දිනා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාව ලද ජයක් හැටියට පෙන්වා දුන්නාය.නිලවරණයදී මා සමග වැඩ කිරීමට නොහැකි බව පවසමින් ඉවත්ව ගිය අය පවා ක්‍රීඩාවේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් මා ගත් ඇතැම් පියවරවලදී මා සමග එක්ව වැඩ කිරීම සතුටුදායක තත්ත්වයක් බව පෙන්වා දෙන ලක්ෂිමි වික්ටෝරියා තමා  කල්ලියකට අයත් අයෙකු නොව දැල්පන්දු පමණක් තමාගේ කල්ලිය වන බව පැහැදිළි කිරීමට සමත් වීම තුළින් ලාංකේය දැල් පන්දුවේ සංවර්ධනය අපේක්ෂා කරන පිරිස් දිනා ගැනිමට සමත් වූ බව පෙන්වා දුන්නා.
ඒ නිසා මෙවර යොවුන් තරගාවලියට හොද සහයෝගයකින් කණ්ඩායම සූදානම් කිරීමට හැකි වූ බව පෙන්වා දෙන ලක්ෂ්මි,විශේෂයෙන් කණ්ඩායමේ ශාරිරික යෝග්‍යකාවය නිවැරදිව කළමණාකරනය කිරීම සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සජිත් ජයලාල් මහතා ලබා දුන් සහය ඉහළ මට්ටමක පැවති බව පෙන්වා දුන්නා.ක්‍රීඩා අමාත්‍යවරයා පුහුණු සංචිතයේ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍යය සහය  උපරිමයෙන් ලබා දුන් බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා,සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මෙන්ම සෑම තරාතිරකම අය නේවාසිකාගාරය ලබා දෙමින් අවශ්‍යය පහසුකම් සම්පාදනය කරමින් මෙම තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීමට දැක් වූ සහය ඉතා ඉහළින් අගය කරන බව පැවසුවාය.
එසේම තරගාවලිය පැවත්වෙන බෘනායි හී ජාතික පුහුණුකාරිය වන්නේ අපේ තිලකා ජිනදාස යැයි පවසන ලක්ෂ්මි ඇය මේ වන විටත් අපිට විශාල සහයක් දක්වා තිබෙනවා යැයි පැවසුවාය.එවැනි වට පිටාවක ක්‍රීඩිකාවන්ට ආගන්තුක බව අඩුවෙන් දැණෙනු ඇති බව පවසන ලක්ෂ්මි,සෑම ක්‍රීඩිකාවක්ම මේ තරගාවලිය ජය ගැනීමට හැකි බවට දැඩි විශ්වාසයකින් පසුවන බවත් ඒ මානසික ශක්තිය ජයග්‍රහණය සදහා ලොකු පිටුවහලක් වනු ඇති බවත් පෙන්වා දුන්නාය.
www.supirikrida.com
 .

කොරියාවට අපෙන් හතක්

කොරියාවේ බූසාන් නුවරදී ජූනි 30 දා ඇරඹෙන 21 වන ආසියානු මේස පන්දු තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිව් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගි වීමට නියමිතයි.රටවල් 27 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්,විනිසුරුවන් සහ නිලධාරීන් මෙම තරගාවලියට සහභාගි වන අතර රටවල් 25 ක් නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 193 ක් වනවා.තරගාවලියට වැඩිපුරම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගි කරන්නේ චීන තායිපේ වන අතර එරට නියෝජනය කරමින් ක්‍රීඩකයන් නව දෙනෙකු සහ ක්‍රීඩිකාවන් අට දෙනෙකු තරගාවලියට සහභාගි වෙනවා.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජනය කරන කණ්ඩායමට කලකට පසු ජ්‍යෙස්ඨ ක්‍රීඩක ඉන්දික ප්‍රසාද් ද ඇතුලත්ව සිටින අතර සෙසු ක්‍රීඩකයන් වන්නේ රොහාන් සිරිසේන,උදය රණසිංහ සහ මිලින්ද ලක්ෂිත යි.ක්‍රීඩිකාවන් ලෙස මෙ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමි වී තිබෙන්නේ ඉෂාරා මධුරංගි,පවනි සිරිසේන සහ රිද්මි කරදනආරච්චි යන ක්‍රීඩිකාවන්ටයි.
www.supirikrida.com

HARFA වෙතින් TAG RUGBY

ගර් සහ පාපන්දු ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති හිෂාම් ආබ්දීන් විසින් මෙහෙයවන HARFA රගර් ඇකඩමිය මගින් මෙහෙයවන අවුරුදු 35 ට වැඩි ක්‍රීඩකයන් සහභාගි වන සත් සාමාජික ටැග් රගර් තරගාවලියක් ජූලි 6 සහ 7 දෙදින තුළ කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.ප්‍රබල රගර් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද ප්‍රකට ආබ්දීන්ගේ ඇකඩමිය 2008 දී ඇරඹි පසු ඒ සදසහා දායක වෙමින් මාර්කෝ ද සිල්වා,ටෝනි විමලසූරිය සහ කමල් ජයවර්ධන ද පුහුණු කටයුතු සදහා එක් වූ අතර කාන්තා පුහුණුකාරිණියන් ලෙස ජාතික මට්ටමෙන් දක්ෂතා දක්වා ඇති හොරේෂා ප්‍රනාන්දු,රුක්ෂානි ආරියසේන සහ රුවනි දීපිකා ද එක් වී සිටිති.
ජාතික මට්ටමේ සිටි සුපිරිතම ක්‍රීඩකයන් මෙවර HARFA සත් සාමාජික රගර් තරගාවලිය නියෝජනය කරනු ඇතැයි ආබ්දීන් විශ්වාසය පළ කරන අතර ජූලි 6 සහ 7 ආදී රගර් තරුවල නොමැකි දීප්තිය දැක බලා ගැනීමට කොළඹ හැව්ලොක් පිටියට රග්ර් ලෝලීන්ට ගෞරවයෙන් අරාධනා කර සිටියි.
www.supirikrida.com

Jun 26, 2013

දිමුත් නොදැකීම

Dimuth Karunaratne scored his maiden one-day hundredව දින දෙකකින් ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී ඔවුන්ට සහ ඉන්දියාවට එරෙහිව අරඹන තුන් කොන් එක් දින තරගාවලියේදී ශ්‍රී ලකා කණ්ඩායම තෝරා ගැනීමේදි මේ මොහොත වන විට කොදෙව් තණතීරු තුළ ඉහළ දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දක්ෂතා නොසළකා හැර තිබේ.චැම්පියන් කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ බංකු මතට ගාල් කරන්නට සිදු වූ ඇතැම් ක්‍රීඩකයන්ද ආබාධිත තත්ත්වයන් නිසා හිස් තැන් පිරවීමේදීත් කොදව් බිමේ දස්කම් දක්වමින් සිටි ක්‍රීඩකයන්ට මූලික තැන දිය යුතුව තිබුණත්,එහිදි දිගින් දිගටම දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම ‍ඒ කණ්ඩායමේ නායකයා ද වූ දිමුත් කරුණාරත්න පිළිබදව අවධානය යොමු කළ යුතුව තිබිණ.
කුසල් ජනිත් පෙරේරා චැම්පියන්ස් කුසලාන තරගාවලියේදි වේග තණතීරු වල කාලයට සමපාත වීමේ ගැටළුවකින් පසුවන තත්ත්වයක් තුළ එම තණතීරු තුළ පන්දු හොදින් දර්ශණය කර ගනිමින් සිටි දිමුත් වැනි ක්‍රීඩකයෙකු පිළිබදව වැඩි අවධාන‍යක් යොමු කළ යුතුව තිබිණ.උපුල් තරංග ද මේ මොහොතේ කණ්ඩායමට පිවිසෙන්නේ තරගකාරී වට පිටාවෙන් බැහැරව සිට බැවින් දිමුත් පිළිබදව සිතීම කළ යුතුවම තිබුණු කාරණයක් වුව,තේරීම් කමිටුව අතින් එය ගිලිහී යාම කණගාටුදායකය.
ඊයේ පැවති දෙවන එක් දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 90 කින් පරාජයට පත් වුව ද,පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිළේ ලකුණු 240 හඹා යාමේදී  පන්දු 61 කින් ලකුණු 51 ක් රැස් කළ දිමුත්, පළමු කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සමග ලකුණු 94 ක සබදතාවයක් පැවත්වීමට ද සමත් විය.ප්‍රථම තරගයේදී ද පන්දු 105 කින් ලකුණු 89 ක් ලැබූ දිමුත් තරගාවලියේදී ශතක දෙකක් ද රැස් කරන්නට සමත් විය.එවැනි පසු බිමක වඩා විශ්වාසවන්ත තේරීම බවට දිමුත් පත් වන්නට තිබුණ ද එය එසේ සිදු වි නැත.
www.supirikrida.com


පාපන්දු බිමෙන් නැගෙන පාපන්දු විරෝධය

බ්‍රසීලය 2014 පාපන්දු ලෝක කුසලානයට මෙන්ම 2016 ඔලිම්පික් තරගාවලියට ද සත්කාරකත්වය දරන්නට ඉදිරිපත් වීමෙන් රටේ මහජන මුදල් අනවශ්‍යය නාස්තියකට යොමු වන බව පෙන්වමින් ලක්ෂ සංඛයාත බ්‍රසීල ජනතාව එම තරගාවලි දෙකට විරෝධය පාන්නට පටන් ගෙන ඇත.මේ වන විට ජගත් පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියද බ්‍රසීලයේ ක්‍රියාත්මක වන අතර එම තරග අවස්ථාවන්හී ද බ්‍රසීල ජනතාව මෙ‍ම විරෝධතා සදහා ලක්ෂ ගණනින් එක් වනු දැකිය හැකිය.
ජනතා ප්‍රශ්න සදහා අවශ්‍යය මැදිහත් වීම නොකරමින් රටේ මුදල් ක්‍රීඩා සැණකෙළි සදහා යෙදවීමට රජයේ ආශිර්වාදය හිමි වීම මෙම විරෝධතා කරුවෝ දැඩි ලෙස හෙළා දකිති.කෙසේ හෝ බ්‍රසීල ජනතාවගේ ආගම සමාන ක්‍රීඩාවක් වන පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයට පැමිණිමට විරෝධය දැක්වීම ඇදහිය නොහැකි කරුණක් වන අතර එය අතැම් විට සියළු ඇදහීම් සහ විශ්වාස බඩගින්න ඉදිරියේ දෙවන බවට කරනු ලබන ඉගියක් වැනිය.
කෙසේ නමුත් බ්‍රසීල රජය මේ වන විට එම විරෝධතා නොතකා හරිමින් 2014 පාපන්දු ලෝක කුසලානය පවත්වන බවට යළි යළිත් ජගත් පාපන්දු බලධාරීන් ඉදිරියේ සපත කර ඇති අතර,මේ මොහොත වන විට එරට ක්‍රියාත්මක පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේදී මෙම පීඩාකාරී තත්ත්වය තුළ ඉහළ දස්කම් දකවමින් සිටින බ්‍රසීල කණ්ඩායම අද උරගුවේ සමග තරගාවලියේ පළමු අවසාන පූර්ව තරගයට මුහුණ දීමට සූදානමින් සිටිති.

වෛද්‍යතිලක ගේ පිංබර උපන් දින තෑග්ග

ගත් කීර්තියට පත් ප්‍රවීන මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරී පීඑච්ඩී වෛද්‍යතිලක මහතා මෙවර සිය උපන් දිනය නිමිති කොට පා අහිමි පුද්ගලයෙකුට පාදයක් පිරිනැමිමට ඉදිරිපත් වුණා.ක්‍රියාකාරීත්වය අතින් සාමාන්‍ය පාදයක ක්‍රියාකාරීත්වයට සමානව ක්‍රියා කරන ලොව හොදම කෘතිම පාදය ලෙස ජගත් කීර්තිය දිනූ live flex නම් වූ මෙම කෘතිම පාදය ද ලාංකේය නව නිර්මාණකරුවෙකු වන අරුණ සමරවික්‍රමගේ නිර්මාණයක් වෙනවා.

පා අහිමි ප්‍රජාවට පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් live flex  පාද පිරිනැමෙන ‍‍සහෝදරත්වයේ පිය සටහන් වැඩ සටහනට සමගාමීව වෛද්‍යතිලකයන් විසින් මෙම පාද පිරිනැමීම සිදු කරන්නට එළැඹුණා. live flex නිෂ්පාදනායතනය වන කළුතර, නාගොඩ, කර්මාන්ත පුරයේ පිහිටි ආවාස් ඉන්ටර්නැෂනල් ආයතනයේදී සිදු වූ මෙම පාද පරිත්‍යාගයට එහි නිර්මාණාත්මක හිමිකරු අරුණ සමරවික්‍රම ද එක් වුණා.ආගමික කටයුතු වලින් අනතුරුව වෛද්‍යතිලකයන් විසින් පා අහිමි පුදගලයාට පාදය පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ දැක්වෙනවා. 

Jun 25, 2013

ප්‍රසන්න කොදෙව් ඒ පිළට අප්‍රසන්න අත්දැකීමක් දෙයි

Seekkuge Prasanna celebrates a wicket ටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේ ජයග්‍රහණය දකිමින් සිටි කොදෙව් ක්‍රීඩකයන්ගෙන් එය උදුරා ගත් සීකුගේ ප්‍රසන්න පන්දු 17 ක් තුළ ලකුණු 51 ක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් ලබා දෙන්නට සමත් වුණා.ග්‍රෙනඩා හී සාන්ත ජෝජ් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම සිය නියමිත පන්දු ඕවර් 50 තුළ ලකුණු 282 ක් රැස් කරන්නට සමත් වුණා.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලෙන්ඩිල් සිමන්ස් අගනා ශතකයක් ලබා ගත් අතර ඩියොනරින් නරසිං ප්‍රවේගකාරී ලකුණු 60 ක් ලබා ගත්තා.
ඕවරයකට ලකුණු හයකට ආසන්න වේගයකින් ජයග්‍රාහී ඉලක්කට හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න (89)  සහ නිරෝෂන් දික්වැල්ල (61)  පන්දු ඕවර් 24.1 දී ආරම්භක කඩුල්ලට ලකුණු 138 ක් එක් ක‍ළා.නමුත් පන්දු ඕවර 40.2 ක් ගෙවෙන තැන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 217 ට අහිමි වී තිබුණා.එම අවස්තාවේදී පිටියට පිවිසි සීකුගේ ප්‍රසන්න පන්දු 17 දී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සහිතව ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ නිසා 47 වන පන්දු ඕවරයේ සිව්වන පන්දුවේදි ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 287 දක්වා ඉහළ ගෙ යමින් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබා දීමට සීකුගේ සමත් වුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දි සුරංග ලක්මාල් ලකුණු 45 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.
www.supirikrida.com

නීතිඥයන්ගේ අපරාජිත බව රැකීමට අසේලගෙන් නායකත්වයේ ඉණිමක්

තෙවන කොටසේ ක්‍රිකට් සූරතාවලියේ අපරාජිත බව තව දුරටත් සුරක්ෂිත කර ගත් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම කොළම කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එම ක්‍රීඩා පිටියේදීම ලකුණු 80 ක ජයක් ලබා ගත්තා.පළමුව පන්දුවට පහර දුන් නීතිඥ කණ්ඩායම වෙනුවෙන් එහි නායක අසේල පටබැදි හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු ලකුණු 72 ක් ලබා ගන්නට සමත් වූ අතර ගිහාන් කුලරත්න නොදැවී ලකුණු 25 ක් සහ උදිත රාජසේකර ලකුණු 24 ලබා ගනිමින් නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු පූවරුව පන්දු ඕවර් 50 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 212 ක් දක්වා ඔසවා තබන්නට දායක වුණා.අසේල පිට පිටම ලබා ගත් දෙවන අර්ධ ශතකය මෙය වන අතර ඉකුත් තරගයේදි බෝරා ක්‍රීඩා සමාජයට එරෙහිව ද වේගවත් ලකුණු 71 ක් නොදැවී ලබා ගන්නට සමත් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි කෝල්ට්ස් කණ්ඩායම අසරණ කිරීමට ප්‍රමුඛත්වය ගත් පිට දග පන්දු යවන යොහාන් ජිනසේන,කොල්ට්ස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 24 ට දවා ගනිද්දී තරංග අබේකෝන් සහ තුසිත රණතුංග ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක බැගින් ලබා දෙමින් කඩුලු දෙක බැගින් දවා ගත්තා.කොල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් ලකුණු 27 ට කඩුලු 2 ක් දවා ගත් ලහිරු හේරත් පිත්තෙන් ද දස්කම් දක්වමින් ලකුණු 39 ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් කැපී පෙණුනා.
www.supirikrida.com

Jun 24, 2013

ඉන්දියාව චැම්පියන්

Virat Kohli does his rendition of <i>Gangnam Style</i>
 තරගයේ විශේෂ අවස්ථා සදහා පහත සබදතාවය භාවිතා කරන්නhttp://www.espncricinfo.com/ci/content/video_audio/644781.html
චැම්පියන්ස් කුසලාන තරගයේදී අවසාන තරගයට පිවිසෙන තෙක් අපරාජිත බව රැක ගත් ඉන්දියාව,අවසාන තරගයේදී එංගලන්තය ලකුණු 5 කින් පරදා චැම්පියන් කුසලානය තරගාවලියේ සිය අපරාජිත බව සමග ශූරතාවය ද,ඉන්දියාවට රැගෙන යන්නට සමත් වුණා.තීරණාත්මක කාසියේ වාසිය එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ට හිමි වුව ද,වර්ෂාව නිසා තරගය පන්දු ඕවර් 20 ට සීමා වුණා.තරගාවලිය පුරා ඉදිරියෙන් සිටිමින් කැපී පෙනෙන ඉන්දීය පිතිකරු සිකර් ධව‍ාන් මෙම තරගයේදී ද ලකුණු 31 ක් ලබා ගත් අතර විරාට් කෝලි ඉන්දීය පිළේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 43 ක් රැස් කළා.රවීන්ද්‍ර ජඩේජා ගේ දායකත්වය නොදැවී ලත් ලකුණු 33 ක් වුණා.පන්දු යැවීමේදී ඉන්දියාවට විශාලතම හිසරදය බවට පත් වූ ඉන්දීය සම්බවයක් ඇති එංගලන්තයේ රවී බෝපරා ලකුණු 20 ක් තුළ එංගලන්ත පිතිකරුවන් තිදෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 129 හඹා යාමට ගත් උත්සාහයේදී ඉයින් මෝර්ගන් පන්දු 30 ක් තුළ ලකුණු 33 ක් ලබා ගනිමින් උත්සාහ ගත අතර යළිත් ක්‍රියාත්මක වූ රවී බෝපරාද පන්දු 25 දී ලකුණු 30 ක දායකත්වයක් ලබා දුන්නා.නමුත් රවිචන්ද්‍ර අශ්වින්ගේ පන්දු දග කැවීම ඉදිරියේ අසරණ වූ එංගලන්ත පිතිකරුවන්ට ඔහුගේ ඕවර් 4 තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 15 ක් වූ අතර ඒ අතර කාලයේ අශ්වින්ගේ කඩුලු පැසට එංගලන්ත කඩුලු දෙකක් ද එකතු වුණා.පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් තරගයේ වීරයා බවට පත් වූ රවීන්ද්‍ර ජඩේජා සිය පන්දු ඕවර 4 තුළ කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 24 ක් පමණක් ලබා දෙමින්.තරගාවලිය පුරා අති දක්ෂ පිතිකරණයක නියැලි සිකර් ධවාන් එම දස්කම හේතු කොට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කරා.
අවසාන පූර්ව තරගය තෙක් පැමිණිය ද අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාවට අවසාන තරගය ආශ්‍රිතව අසමසම කීර්තිමය වටිනාකමක් හිමි වූයේ තරගයේ ප්‍රධාන තීරක ලෙස රන්ජන් මඩුගල්ලත්,අවසාන තරගයේ විනිසුරුවරයෙකු ලෙස කුමාර ධර්මසේනත් කටයුතු කිරීම නිසයි.
www.supirikrida.com