Jun 22, 2012

දොස්තරලා දුවයි


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් එම සංගමය සංවිධානය කරන්නට යෙදෙන කිමී 3.5 ක මාර්ග ධාවන තරගයක් ජූලි 1 වන දා බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ අසළින් ආරම්භ වීමට නියමිතව ඇත. මෙම තරගය විවෘත කාන්තා සහ පිරිමි ලෙසත් එසේම වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරියන්ට වෙනමත් පැවත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තරගයේ සෑම කාණ්ඩයකම ප්‍රථම ස්ථාන තුන ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම වෛදවරුන්ට සහ වෛද්‍යවරියන්ට ද වටිනා ත්‍යාග පිරිනැමෙන අතර සමස්ත තරගය පළමුව නිම කරන 50 දෙනාට එටිසලාට් දුරකථන ආයථනය පිරිනමන අන්තර්ජාල සම්බන්ධතා වලට පිවිසිය හැකි ඩොන්ගලයක් තෑගි වශයෙන් හිමිවනු ඇත. 

No comments: