Jun 9, 2012

15 th asian athletics championship PHOTO








pic by Raju


pic by Raju


pic by Raju

pic by Raju


pic by Raju

pic by Raju























http://www.supirikrida.com/

කණිටු දස්කම් බලන්න පුදුම උනන්දුවක්


ද ඇරඹෙන 15 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නැරඹීම සදහා විශාල උනන්දුවක් ඇති වී තිබෙන බව මලල ක්‍රීඩා සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.පාසල්,වෙනත් සමාජ සංවිධාන මෙන්ම පවුල් පිටින් ද කොළම සුගතදාස ක්‍රීඩා සංකීරණ හෝටල් පරිශ්‍රයේ පිහිටුවා ඇති ක්‍රීඩා උළෙල ලේකම් කාර්යාලයට පැමිණෙන පිරිස් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට දක්වන උනන්දුව නිසා මෙම ක්‍රීඩා උළෙල නැරඹිම සදහා විශාල පිරිසක් එක් වනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි පිරිස පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන බැවින් එම පාසල් දරුවන් උනන්දු කිරීම සදහා එම පාසල් වලට අයත් දූ දරුවන් කණ්ඩායම් ලෙස මෙම තරගාවලිය ආවරණයට සහභාගි වීමට ඉඩ තිබෙන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග දින හතර සදහා නොමිළේ නිකුත් කළ ප්‍රවේශ පත් වලින් 15.000 ට වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇති බව ද මල ක්‍රීඩා සංගම් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අලුත් ධාවන පථය මෙන්ම ජාත්‍යන්තර තරගකාරීත්වය යන කාරණා මත මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් සිය හොදම පෞද්ගලික දක්ෂතාවයන් සදහා පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු පළ වන අතර ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් දැනට සුදුසුකම් ලබා සිටින සිව් දෙනාට අමතරව තවත් කිහිප දෙනෙකු අදාළ පරිසාධනයට පිවිසෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.


Glitz විලාසිතා අන්තර් සමාගම් බැඩ්මින්ටන් හැඩ ගැන්වීමට

ප්‍රථම වරට glitz විලාසිතා අනුග්‍රහය ඇතිව පවත්වන්නට යෙදෙන අන්තර් සමාගම් යුගල බැඩ්මින්ටන් තරගාවලිය පිළිබදව මාධ්‍ය හමුවක් www.supirikrida.com වෙබ් අඩවියේ සංවිධානාත්මක මැදිහත් වීම යටතේ කොළඹ ගාලුමුවදොර හෝට‍ලයේ දී පවත්වන්නට යෙදුණා.එම අනුග්‍රාහකත්වයත් සමග ආයතන 31 ක් වෙනුවෙන් කන්ඩායම් 35 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් සහභාගී වීමට නියමිත අතර ත්‍යාග සහ සහතිකපත් වලට අමතරව අනුග්‍රාහකයන් එම ජයග්‍රාහකයන්ට වටිනා තිළිණ සදහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටීමත් අගය කළ යුතුයි.
මෙම මාධ්‍ය හමුවට glitz වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී හසානි අම්ජාඩ්,වෙළද කළමණාකරු ඒඑම්එල් අකීල්,මෙහෙයුම් කළමණාකරු ඒඑම්එම් ෂාපික් සහභාගි වූ අතර වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් නිරෝධ ඩි කොස්තා,උප සභාපති ශෝන් ෂේක්,බාන්ඩාගාරික රශ්මික අබේසුන්දර,උප සභාපති රොෂාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටි අතර මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අදාළ අනුග්‍රාහක චෙක්පත glitz ආයතනය විසින් වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයට පිරිනැමූ  අවස්ථාවයි.

Jun 8, 2012

20/20 තානාපතිකම මාලිංග ට

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට නියමිත 20 / 20 ක්‍රිකට් තරගාවලියේ නිල තානාපති ලෙස ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ලසිත් මාලිංග ව නම් කර ඇත.
මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීමේ දී අර්බූදයක් ඇති කර ගෙන සිටින ලසිත් මාලිංග ගේ දක්ෂතාවය මෙන්ම භාහිර පෙනීම ද ජගත් ක්‍රිකට් කවුන්සිලයේ සැළකිල්ලට යොමු වී ඇත.
ලසිත් ඔහුටම ආවේනික වූ පන්දු යැවීම නිසා මෙන්ම සුවිශේෂි විලාසිතා නිසා ද ශ්‍රී ලංකාවේ පමණක් නොව ජගත් ක්‍රිකට් ලෝලීන් අතර ද විශාල ජනප්‍රියත්වයක් ලබා සිටියි.
www.supirikrida.com


ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය මංචි වොලිබෝලයේ රසකිරුළු පළදියි


මෙවර මංචි වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරතාවය ශ්‍රී ලංකා වරාය අධිකාරියත් කාන්තා සූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් විසින් දිනා ගන්නට සමත් විය.වරාය සිය ඉකුත් වසරේ සූරතාවය රැක ගන්නට සමත් වූ අතර  ගියවර සූරතාවය රැක ගන්නට ගිය විදේශ සේවා නියුක්ති කාර්යාංශ  පිළට සිදු වූයේ ආබාධයකට ලක්ව සිටින සිය කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකාව වන ලීනා  සදමාලි ගේ දායකත්වයේ අඩුව සමගින් අනු සූරතාවයේ රැදෙන්නටය.

කෙසේ නමුත් අවසන් තරග ද්විත්වයම තරග වට පහක් දක්වා දිගු විය.කාන්තා සූරතාවය සදහා පැවති අවසන් තරගයේදී ප්‍රථම සහ සිව්වන වටය 25 / 20 සහ 25 /18 ලෙස ජයගත් විදේශ සේවා කණ්ඩායම තරග වට 2 ක් ජයගත්ත ද ලකුණු 25/22 සහ 25/15 ක් ලෙස දෙවන සහ තෙවන වටය ජයගත් ගුවන් හමුදාව තීරාණාත්මක අවසන් වටයේදී ලකුණු 15 /7 ලෙස ජයග්‍රහණය ලබමින් තරගාවලියේ කාන්තා සූරියෝ වූහ.
පිරිමි අවසන් තරගය ද වට පහක් දක්වා දිගු වූයේ මෙවර මංචි කුසලාන තරගාවලියට සැබෑම උනුසුම් රසයක් එකතු කරමින්ය.එහිදී ප්‍රථම වටයම ජය ගනිමින් (25/22) ලෙස තරගයේ පෙරමුණ ගන්නට වරාය සමත් වුව ද,දෙවන වටයේදී සහ තෙවන වටයේදී 25/12 ක් සහ 25/18 ලෙස තරග වට දෙකක් ජයගත් ගුවන් හමුදාව තරගයේ පෙරමුණට පැමිණියේය.නමුත් තීරාණාත්මක සිව්වන වටය සහ පස්වන වටය 25/20 සහ 15 /13 ක් ලෙස ජයගත් වරාය සමස්ත සූරතාවය ජය ගත්තේය.
මෙම තරගාවලියට සමගාමීව පැවති දෙවන කොටසේ සූරතාවය ද ගුවන් හමුදා කාන්තා කණ්ඩායමටම හිමි විය.ඔවුන් වට 31ක් ලෙස ටොරිංටන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජය ගත්තේය.යුධ හමුදාවේ ඇහැලියගොඩ සහ නුවර කන්ඩායම් දෙකක් අතර පැවති දෙවන කොටසේ අවසාන තරගය ද ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර වට පහක් දක්වා දිගු වූ එම අවසන් තරගයේ ජය නුවර කණ්ඩායමට හිමි විය.
පහත දැක්වෙන්නේ තරගයේ නිල ප්‍රතිපල  සටහන සහ ඡායාරූප කිහිපයකි.

                                                                                                                   

Jun 7, 2012

ආසියානු තරගාවලියට රටවල් 34 ක් ලංකාවට


ජූනි 9 දා සිට 12 දා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන රටවල් ප්‍රමාණය ඊයේ වන විට 34 ක් දක්වා ඉහළ ගියේය.අවසාන වරට ශ්‍රීලංකාවේ පැවත්වෙන තරගාවලියට සහභාගි වීම සදහා අවස්ථාව ලද උස්බෙකිස්තානය ඊයේ හවස සිය රට වෙනුවෙන් 11 දෙනෙකු ගේ ක්‍රීඩා කණ්ඩායමක් එවන බව සහතික කළේය.
තරගාවලිය වරක් අවලංගු වීම මත තරගාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් රටවල් දෙගිඩියාවෙන් පසු වූ අතර නැවත තරගාවලිය ලබා දීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය එකග වීම මෙන්ම තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකලස් කරන ලද යහපත් ප්‍රකාශත් සමග ආසියාතික රටවල අවධානය වැඩි වශයෙන් මේ තරගාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් යොමු විය.
ඒ නිසා තරග උළෙල සදහා සහභාගීත්වය සනාථ කිරීමට දී ඇති කාලයෙන් අනතුරුව ද තරග සංවිධාන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් වූ අතර ඇති වූ තත්ත්වයන් සැළකිල්ලට ගෙන ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ආශිර්වාදයද ඇතිව ඒ රටවලට ඉදිරිපත් වීමට ඊයේ දක්වා කාලය ලබා දීමට එකග විය.ඒ අනුව පැමිණි රටවල් සළකා බලද්දී හ්‍රී ලංකාවට පසුව මෙම තරගාවලිය නියෝජනය කරන වැඩිම පිරිස ජපානයෙන් ඉදිරිපත් වී ඇති අතර ජපානයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 42 ක් ඇතුළුව මේ තරග උළෙට සහභාගි  වන ජපාන කණ්ඩායම 61 කි.
www.supirikrida.com 

ඇමතිතුමනි! ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ සිට අනාගතයට එබී බලන්න


සියාවේ මලල ක්‍රීඩා ඉතිහාසයේ පිපෙන කැකුළු වල සුවද විද ගන්නට අලුතින් එලුණු සුගතදාස ධාවන පථය මග බලමින් සිටියි.එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යථාර්තය නම් මේ උළෙලෙන් මතු වුණු කැකුළු මල් බවට පත් වී සුවද හැමුවේ කලාතුරකින් බවය.
එසේ ඉතිහාසයෙන් හමුවන සුවද මල් වූ සුවද කැකුළු අතර ඉදිරියෙන්ම සිටින්නී සුසන්තිකා ජයසිංහ ය.ඇය ආසියාතික කණිෂ්ට මලල ක්‍රීඩා උළෙලෙන් නොනැවති ඔලිම්පික් උළෙලකදී ද ශ්‍රී ලංකාව රිදියෙන් නැහැ වීම දක්වා සිය හැකියාවන් ඉදිරියට රැගෙන යාමට තරම් භාග්‍යවන්ත වූවාය.දමයන්ති දර්ශා දෙවැන්නිය විය. එසේම  මේ ආසියානු කණිෂ්ඨ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දී ඇත්තේද සුසන්තිකා සහ දර්ශාම පමණි.ඔවුන් දෙදෙනාට පසුව වඩාත් ජාත්‍යන්තර මට්ටමෙන් කතා බහට ලක් වූ ක්‍රීඩකයා වන්නේ ෂෙහාන් අඹේපිටිය ය.ඔහු ද ශ්‍රී ලංකාවට මේ තරග ඉතිහාසයේ රිදී පදක්කමක් ලබා දීමෙන් නොනැවතී තවත් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා දී ඇත්තේය.
වර්ථමානයේ මීටර් 3000 බාධක දිවීමේ ජාතික වාර්තාලාභිණිය වන එරංගා දුලක්ෂි 2010 වසරේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් අතර ඇයද තවමත් නිසි අවස්තාවක් නොලදමින් මේ ක්ෂ්ත්‍රයේ රැදී සිටින්නීය.නිසි අවස්ථාව සහ අවධානය මේ කණිස්ඨ ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි නොවීම නිසාම ඒවා කැකුළු සුවද ට සීමා වී සුවද හමන මල් බවට පත් නොවී අකාලයේ පර විණි.
බෙනිල්ඩස් ප්‍රනානන්දු මේ තරග ඉතිහාසයේ පළමු පදක්කම්ලාභියා වූ අතර ඔහු ලෝකඩ පදක්කමක් ලබා දුන්නේය.ඔහුට ඇමෙරිකානු ශිෂ්‍යත්වයක් හිමි වූ අතර එහෙත් ඔහු නිසි අධීක්ෂණයකට ලක් නොවිණී.මෙම තරග ඉතිහාසයේ කණිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස දැක් වූ දක්ෂතා සළකද්දී හමුවන සුවිශේෂීම ක්‍රීඩකයා මනෝජ් පුෂ්පකුමාර ය.ඔහු උළෙල දෙකක්   නියෝජනයට අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා දක්ෂතා දැක්වීමේ හැකියාව ලැබා ඇති අතර ඒ අවස්ථා දෙකේදීම ඔහු  ශ්‍රී ලංකාවට රිදී පදක්කම බැගින් ගෙන එන්නට සමත් විය.නමුත් ඔහු ද නිසි අවධානයෙන් ඇගයීමෙන් තොරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට අහිමි වූ සම්පත් බවට පරිවර්ථනය විය.මෙම පදක්කම්ලාබීන් අතර ශ්‍රී ලංකාවට සහය දිවිමේ එක් රන් පදක්කමක් පමණක් හිමි ව ඇති අතර ඒ සදහා දායක වූ කණ්ඩායමේ සිටි ජෝයි ධනුෂ්ක ඒ ජයග්‍රහණයෙන් ඉක්බිතිව සුළු කාලයකදී එම කාල වකවානුවේ සිටි ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසා ලෙස ඉදිරියට පැමිණිය ද එය දීර්ඝ කාලයකට නොවිණි.අද ජෝයි මලල ක්‍රීඩා පිටියේ රැදී සිටින්නේ යගුලිය වීසි කිරීමේ සූරයෙකු ලෙසිණි.
ජානක වීරසිංහ මෙම තරග ඉතිහාසයේ මැදි දුර දිවීමේ ඉසව්වවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන දීමට සමත් වූ එකම ක්‍රීඩකයා ලෙස දැකිය හැකි අතර ඔහු 2008 දී මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩකයා විය.නමුත් අද ඔහු එම ඉසව්වද අත හැර සිටින අතර කාලයත් සමග ජාතික තලයට පිවීසීමේ හැකියාවක් ඔහුගෙන් ද දිසි නොවිණි.
ක්‍රීඩකයා ගේ නොසැළකිල්ල ද නිසි අධික්ෂණය සහ සහයෝගය ද නොලැබීම නිසා මේ තරග ඉතිහාසයේ ආසියාව ජය ගත් පිරිස් ඉන් අනතුරුව ලංකාවේ දී ඔහු අංක එකට පත් නොවී ක්‍රීඩා පිටියෙන් වීසි වී ගිය බවක් පෙනෙන්නට තිබෙන බව පැහැදිළිව දැක ගත හැකිය.මේ තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.මේ තරග උළෙලේ ජයග්‍රාහකයන් මෙන්ම තරග උළෙල හරහා මෙන්ම මේ වන විටත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සදහා තේරී ඇති අයද රැක ගැනීමට අනුග්‍රාහක වැඩ පිළිවෙලක් සමග ඔවුන්ව රැකෙන විනය නීති මාලාවක් ද ඉදිරිපත් කළ යුතුය.
මේ තරග උළෙලේ ජයග්‍රාහකයන්ට අමාත්‍යංශයෙන් ලැබන මුදල් ත්‍යාග පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔවුන්ට මාසික අනුග්‍රාහකත්වයක් හිමි විය යුතුය.එය දෙවසරකට හිමි වීම වුව ප්‍රමාණවත්ය.ඒ දෙවසර තුළ ඔහු හෝ ඇය ලැබිය යුතු ප්‍රගතිය මෙපමණක් විය යුතුය යන නිගමණයට එළැඹ ඒ තත්ත්වයට ළගා වීම මත හෝ ළගා නොවීම මත ඒ අනුග්‍රාහකත්වය පිළිබදව තීරණය කරන කඩ ඉමක් යෙදීම ද අගනේය.
තිබෙන තත්ත්වය අනුව අලුත් පරපුරක් ගැන සිතීම වඩා වැදගත් වන අතර ඒ නිසා ඒ පිළිබදව වන ආරම්භය මේ තරග උළෙ හරහා ලබා ගත හැකිනම් ක්‍රීඩා අමාත්‍යවරයාට සිය අමාත්‍ය ධූරය පිළිබදව අනාගතයේ දවසක සතුටු විය හැකි බොහෝ දේ ලැබෙනු ඇත.