Jan 21, 2012

මධයම ආසියානු වොලිබෝල් තරගාවලිය ඇරඹේ




ළැඹෙන ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ මූලික තරගාවලියක් ලෙස සැළකෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය ඊයේ මීගමුවේ දී ඇරඹුණා.ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම තරගාවලියට ශ්‍රී ලංකාව,කසකස්තානය,ඉන්දියාව,මාල දිවයින සහ ඉරානය සහභාගි වීමට නියමිතය.

මෙවර ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට එක් රටකින් කණ්ඩායම් දෙකක් පමණක් වන සේ වර්ගීකරනයෙන් කණ්ඩායම් 16 ක් ද එසේ නොතේරෙන රටවලින් මහද්වීපික තරගාවලි ඩය ගන්නා කන්ඩායම් 5 ක් සහ ජගත් වෙරළ වොලිබෝල් සූරතාවලියෙන් කණ්ඩායම් දෙකක් ද සුදුසුකම් ලැබීමට නියමිතය.මේ තත්ත්වය මත ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමකට ද බොහෝ විට මෙම අවස්ථාව දිනා ගත හැකි වේ යැයි විහ්වාසය තැබිය හැකි අතර මේ වන විටත් චීනට අවශ්‍යය සුදුසුකම් සපුරා ඉදිරියෙන් සිටින කණ්ඩායම් අතරේ සිටීම නිසා චීන නොවන කණ්ඩායමකට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව දිනා ගැනීමට තරම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද පසු ගිය කාලයේ් දක්ෂතා දක්වා ඇත.

තරගාවලියේ සමාප්තසමාචාර උළෙල හෙට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් මීගමුවේ දී පැවත්වීමට නියමිතය.

තිසර සිංහ වෙස් ගනියි


Thisara Perera was named Man of the Match 

කුණු අප්‍රිකාවට එරෙහිව පැවති සිවිවන එක් දින තරගයේ දී කලෙකට පසුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ පහස විදින්නට සැළස් වූ තිසර පෙරේරා ගේ ප්‍රවේගකාරී ඉණිම, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය මෙන්ම තිසර පෙරේරා ට එක් දින තරග සදහා දොරටුව වසා දමමින් කණ්ඩායම් බලධාරීත්වය කරන ලද කෙණහිලිකමේ වරද ද පෙනවා දුන්නේය.තිසර,පන්දු 44 කින් ලබා ගත් ලකුණු 69 ට හතරේ සිමාවෙන් බොහෝ එපිට පතිත වූ දැවැන්ත හයේ පහර 5 ක් ම අයත් වූ අතර,තරගය නිමා කරමින් ඔහු ලෝන්ග් ඕෆ් කළාපයෙන් එල්ල කළ දැවැන්ත හයේ පහර කිම්බර්ලි ක්‍රීඩාංගනයෙන් ඉවත පතිත වන තරමට දිගු එකක් විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව දිවා රාත්‍රි තරගයේ රාත්‍රියේ පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට පවරා පළමුව පන්දුවට පහර දීමේ වාරය උදා කර ගත්තේය.දැඩි ප්‍රහාරාත්මක ස්වභාවයක් ගත් දකුණු අප්‍රිකා ඉණිමේ පළමු පන්දු වාර 30 නිමා වන විට ලකුණු 200 ලබා ගැනීම ඊට කදිම නිදසුනකි.පළමු කඩුල්ලට ග්‍රෙහැම් ස්මිත් (68) සහ ඇල්විරෝ පීටර්සන් (37) පන්දු ඕවර් 13.1 ක් තුළ පළමු කඩුල්ලට එක් කළ සබදතාවය ලකුණු 84 ක් විය.දෙවන කඩුල්ලට ස්මිත් ට එකතු වූ ඒබී ඩිවිලියර්ස් තරගයේ මුල් භාගයේ දී ම ‘බැටින්ග් පවර් ප්ලේ’  ලබා ගනිමින් ගිනිකෙළි සංදර්ශණයක් පවත්වන්නට විය.එහි ප්‍රතිපලයක් ලෙස දෙවන කඩුල්ල සදහා පන්දු ඕවර් 10 .4 තුළ ලකුණු 87 ක සබදතාවයක් ඇති වූ අතර ඩිවිලියර්ස් තිසර පෙරේරා ගේ ඥාණාන්විත පන්දුවක හමුවේ පස්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 76 ලකුණු 96 ක් ලබා සිටියේය.ඩිවිලියර්ස් ගේ ඉණිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

නමුත් තරගයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාලනය සියතට ගත් අතර අවසාන පන්දු ඕවර් 10 තුළ ලකුණු 49 ක ට සිමා කළේය.තරගයේ පළමු කාර්තුවේ පන්දුව පිත්තට ගලා ඒමේ රිද්මයේ වේගය මදක් අඩුවීම සිය පන්දු ඕවර් 50 තුළ ලකුණු 350 ක් පමණ බලාපොරොත්තුවෙන් සිටි දකුණු අප්‍රිකාවේ ලකුණු පූවරුව 299 ට සීමා කරන්නට හේතු විය.
මේ ලකුණු පූවරුව අභිබවා යාමේ වගකීම පැවරුණු ශ්‍රී ලංකා පිතිකරුවන්ට රාත්‍රියේ පන්දුවට පහර දීම මෙන්ම තණතීරුවේ මන්දගාමී ස්වභාවය ද, විශාල අභියෝගයක් ලෙස පෙනෙන්නට තිබුනු අතර,පන්දු ඕවර් 3.1 ක් ගත වෙන තැන ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය තුල ලකුණු අතර සිටින පිතිකරුවෙකු වූ උපුල් තරංග ගේ කඩුල්ල අහිමි වූයේ ලකුණු පූවරුව ලකුණු 17 ක් ව තිබියදීය.අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාර පන්දු 31 කින් ලකුණු 32 ක් පබා සිටිය දී දැවී ගියේ ඇල්විරෝ පීටර්සන් ගේ අති විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේය.

නමුත් තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකය අත් කර ගත් ඩිල්ෂාන් වගකීම සිය කර පිට තබා ගනිමින් අති විශිෂ්ඨ ඉණිමක් ක්‍රිඩා කළ අතර මේ සංචාරයේ ප්‍රබලතම පිතිකරුවා බවට පත් ව සිටින දිනේෂ් චන්දිමාල් කණ්ඩායම් හැගීමෙන් යුත් පරිපූර්ණ ඉණිමක් ගොඩ නගමින් සිටියේය.ඩිල්ෂාන් කලෙකට පසුව සිය නම ඉදිරියේ ඉලක්කම් තුනක ගණනක් ලියා ගන්නට හැකි ඉණිමක් ක්‍රීඩා කළ ද පන්දු 87 ක් තුළ ලැබූ ලකුණු 87 කින් ඔහුගේ ඉණිම අහවර විය.මහේල ජයවර්ධන වෙනුවට ඇතුළත් කළ සිටි ලහිරු තිරිමාන්න ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදි සිටීමට අවස්ථාව හිමි වූයේ නැත.ඔහු ලකුණු 13 ට දැවී ගිය පසු පිතිකරු නාමාවලියේ උසස් වීමක් ලද තිසර පෙරේරා පිටියට පිවිසියේය.
නිරන්තරයෙන්ම ප්‍රවේගකාරි පිතිකරුවෙකු වූ තිසර,දිනේෂ් චන්දිමාල් ගේ නිරන්තර අවවාද කිරීම් සමග සිය ප්‍රවේගකාරීත්වයට කල්පනා කාරීත්වය ද මුහු කර ගත් අතර සෑම පන්දුවකටම පහර එල්ල කිරීමේ න්‍යාය වෙනස් කර සුදුසු පන්දුව එනතෙක් රැදි පහර එල්ල කිරීමට පටන් ගත්තේය.එහි ප්‍රතිපලයක් ලෙස වෙනදා මෙන් දිගු පහර කිහිපයකින් නිමා වන තිසර ගේ ඉණිම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාත කරන ඉණිමක් බවට පත් වූ අතර චන්දිමාල් සහ තිසර අතර පස්වන කඩුල්ල සදහා පන්දු ඕවර් 6.2 ක් තුළ ලකුණු 52 ක් එක් කළේය.චන්දිමාල් ලකුණු 59 ක් ලැබු අතර අවසාන පන්දු වාර කිහිපයේ දි තිසර සමග ජයග්‍රහණය තෙක් පිටියේ රැදුණු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු  21 ක් ලබා නොදැවී සිටියේය.
සාමාන්‍යයෙන් ලොව හොදම පන්දු රකින්නන් සහිත කණ්ඩායමක් ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව අතින් ඊයේ පන්දු රැකීමේ දී බොහෝ අවස්ථා ගිලිහී යනු දකින්නට ලැබිණ.විශේෂයෙන්ම තිසර සහ චන්දිමාල් පිටියේ සිටින අවස්ථාවන් හී එවැනි සිදුවීම් බහුල වූයේ එම පිතිකරුවන් දෙදෙනා ගොඩ නැගූ පීඩනයද හේතු කරගෙන වූ අතර කෙසේ හෝ ඒ සියල්ල අවසාන වූයේ දකුණු අප්‍රිකාවට පන්දු ඕවරයකට ලබා දුන් ලකුණු 6 ක් අභියෝගය ප්‍රමාණවත් එකක් නොවීමෙන් ය.

ඒ සදහා විශාලම ප්‍රහාරය දියත් කළ තිසර පෙරේරා තරගයේ වීරයා වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ නිල ලකුණු විස්තරයට ප්‍රවේශ විය හැකි සබදතාවය ය.
http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514038.html

www.supirikrida.com

නිලූක ගෙන් කාශ්‍යප් ට පැයක තරගයක්


ස්වීඩන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන නිලූක කරුණාරත්න ජගත් ශ්‍රේණිගත කිරීම් වල 29 වන ස්ථානයේ පසුවන පාරුපිල්ලෙයි කාශ්‍යප් සමග විනාඩි 57 ක් පුරා පැවති තරගයෙන් වට 2 -1 ලෙස පරාජයට පත් විය.තරගයේ ප්‍රථම  වටය කාශ්‍යප් ට බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කළ නිලූත එම වටය 21 - 12 ක් ලෙස ජය ගත්තේය.නමුත් දෙවන වටයේ දී ලකුණු 21 - 19 ක් ලෙස ද,තෙවන වටයේ දී ලකුණු 21 - 12 ක් ලෙස ද නිලූක ව පරාජය කළ පාරුපිල්ලෙයි සිය තත්ත්වය ආරක්ෂා කර ගන්නට සමත් විය.මෙම තරගාවලියේ සිටින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා පාරුපිල්ලෙයි වන අතරනිලූක උදෑසන තරගයෙන් පසුව පස්වරුවේ පාරුපිල්ලෙයි හමුවන කාලය දක්වා ප්‍රථම තරගයෙන් පසුව දෙවන තරගයට පිවිසෙන විට සම්භාහකයෙකුගේ හෝ සේවය ලබා නොගැනීම ද ඔහු ගේ පසුබෑමට සාධකයක් ලෙස දැකිය හැකිය.
පාරුපිල්ලෙයි සමග තරගයේ දී නිලූක ගේ දක්ෂතාවයන් කෙමෙන් දියව ගිය බවක් එම ප්‍රතිපලය හරහා ම දැකිය හැකි අතර ඒ තත්ත්වයට ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට මෙවැනි තරගාවලියක දී  ලැබිය යුතු සම්භාහන සේවය,භෞත චිකිත්සක සේවය මෙන්ම පුහුණු උපදේශකත්වයක් හෝ නොමැතිව තරග වැදීම බෙහෙවින් බලපාන බව මෙරට ක්‍රීඩා බලධාරීන්ට නොවැටහීම සහ එය ලබා දීම යුතුකමක් ලෙස නොසිතීම නිලූක ගේ අභාග්‍යයකටත් වඩා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අභාග්‍යයකි.
මේ අතර නිලූක සිය ප්‍රථම තරගයේ දී චෙකොස්ලොවේකියාවේ පීටර් කොව්කල් ලකුණු 21 - 12 ක් සහ 21 -16 ක් ලෙස දැඩි අභියෝගයකින් තොරව පරාජය කළේ විනාඩි 34 ක කාලයක් වැය කරමින්ය.

www.supirikrida.com

Jan 20, 2012

ලංකාවේ සුක්කානම යලිත් පරණ මුහුනකට ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයෙකු වෙතම පැවරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගේ අවධානය යොමු වී තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.දැනට ඔහු ද දක්ෂතා අතර නැති වීම පිළිබදව එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බූදයක් ඇති වී තිබුණ ද ඔහු ගේ නායකත්වය සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමක් වශයෙන් ලත් ප්‍රගතිය සළකා නායකත්වය ඔහුට පිරිනැමිය යුතු බව ක්‍රිකට් බලධාරීන් බොහෝ දෙනා මත පළ කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

තවත් පිරිසක් නව නායකත්වයක් ගැන සිතීමේ වැදගත් කම පෙන්වා දුන්න ද,එසේ නායකත්වය සම්බන්ධයෙන් කතා බහට ලක් වන ක්‍රීඩකයා පසුගිය කාලයේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරිම ගැටළුකාරී වු නිසා ඒ සදහා යොමු වී ඇත්තේ අඩු අවධානයකි.එසේම නායකත්වය ටෙස්ට් සහ එක්දින ලෙස ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත පිරිනැමීම කෙරෙහිද අවධානය යොමු වී ඇත.තිලකරත්න ඩිල්ෂාන් නායකයෙකු ලෙස අසාර්ථක වීමට පෞද්ගලිකව ඔහු ගේ දුර්වල තා වලට වඩා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ගේ අසාර්ථක වීමි ද බල පෑ කියන පිරිසක්  ද ඒ අතර වෙති.ඔවුන් පෙන්වා දි ඇත්තේ කාලීන දක්ෂතාවයන් ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යන ක්‍රීඩක පිරිසක් ඩිල්ෂාන්ට ලබා දිය යුතු බවය.

www.supirikrida.com

ලෝක සූරයන්ට පකිස්තානුවෝ බැට දෙති

ත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රෙණිගත කිරිම් වල අංක එකට ශ්‍රේණිගතව සිටින එංගලන්තයට කඩුලු 10 ක පරාජයක් අත් කර දුන් පකිස්තානය මේ දිනවල ආසියාතික ක්‍රිකට් කන්ඩායම් දෙකක් වන ඉන්දියාව ඕස්ට්‍රේලියාව ඉදිරියේත, ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව ඉදිරියේත මුහුණ දෙමින් සිටින දැවැන්ත ප‍ාජයන් හමු වේ ආසියානු ක්‍රිකට් ලබන අපකීර්තිය යම්තාක් දුරකට අවම කර ගැනීමට සමත් විය.දග පන්දු යවන්නන්ට උචිත සාජා තණතීරුවේ පකිස්තානයේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක නියැලි සහීඩ් අජ්මාල් ඉණිම දෙකේ දී එංගලන්ත පිතිකරුවන් 10 දෙනෙකු ලකුණු 97 ක් තුළ දවාලමින් ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කීවේය.
තරගයේ කාසියේ වාසිය ලබා පන්දුවට පහර දිමට තීරණය කළ එංගලන්තය වෙනුවෙන් සටන්කාමී ඉණිමක් ක්‍රීඩා කළ මිට් ප්‍රියර් ලබා නොදැවී ලබා ගත් ලකුණු 70 ට වාරු වී එංගලන්ත ඉණිම ලකුණු 192 දක්වා රැගෙන ගිය ද,දෙවන ඉණිමේ දී කිසිදු එංගලන්ත ක්‍රීඩකයෙකුට හිස එසවීමට අවස්ථාවක් නොලැබිණ.ජොනතන් ට්‍රොට් ලකුණු 49 ක් ලැබූවද අජ්මාල් මෙන්ම අබ්දූල් රහෙමාන් සහ උමාර් ගුල් ද ගොඩ නැගූ පීඩනය ඉදිරියේ එංගලන්තය ලකුණු 160 ට දැවි ගියේය.
සිය පුථම ඉණිමට මෙහොමඩ් හෆීස් (88),තව්ෆික් උමාර්(58),නායක මිස්බා උල්හක්(52) සහ අදනන් අක්මාල් (61) ලබාගත් අර්ධ ශතක වල ආධාරයෙන් ලකුණු 338 ක් දක්වා ගිය පකිස්තානය ජයග්‍රහණය සදහා දෙවන ඉණිමේ දී ලකුණු 15 ක් ලබා ගත්තේ කිසිදු කඩුල්ලක් එංගලන්ත පන්දු යවන්නන්ට පූජ නොකිරීමට වග බලා ගනිමින් ය.
http://www.espncricinfo.com/pakistan-v-england-2012/engine/current/match/531628.html තරගයේ ලකුණු විස්තරය මෙම සබදතාවය තෙරපීමෙන් ලබා ගැනිමට හැකිය

www.supirikrida.com

නිලූක තවත් ඉදිරියට



ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රිඩක නිලූක කරුණාරත්න ඊයේ සිදු වූ නව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රේණි ගත කිරීම් වල තවත් පියවර 6 ක් ඉදිරියට පැමි‍ණ 72 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටියි.මීට පෙර නිලූක 71 වන ස්ථානයට පත් ව ඇති අතර තව දුරටත් ඔහුට ලැබෙන ජාත්‍යන්තර අවස්ථා අනුව නිලූක බොහෝ විට ඉදිරි කාලය තුළ සිය ජීවිතයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් වීමට ඉඩ ඇත.
නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව අද ඇර‍ඹෙන ස්වීඩන තරගාවලියේ දී නිලූක තරග වදින්නේ නව ශ්‍රේණිගත කිරීම් වලට පෙර, තමන් ට වඩා ඉදිරියෙන් සිටි පීටර් කව්කල්  ට වඩා ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙකු ලෙස ය.කෙසේ වුව ත් මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයා වූ ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් තරගාවලියෙන් ඉවත් වී ඇති අතර මේ තත්ත්වය මත නිලූකට පීටර් සමග පැවත්වෙන තරගය ජය ගතහොත් ඊ ළග තරගයේ දී මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වල දැනට සිටින ප්‍රබලතම ක්‍රිඩකයා වන ඉන්දියාවේ පාරුපිල්ලෙයි කාශ්‍යප් හමු වීමට නියමිතය.
නිලූක සම්බන්දයෙන් අදහස් දැක් වූ බැඩ්මින්ටන් ප්‍රවීනයෙකු ප්‍රකාශ කර සිටියේ මේ වන විටත් නිලූක සිටින්නේ ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබන ක්‍රියා පරිපාටියට අනුව ඔලිම්පික් සදහා සුදුසුකම් ලැබිය හැකි තත්ත්වයේ බවය.නමුත් ඉදිරියේ ද දිගින් දිගටම තරගාවලි සදහා ඉදිරිපත් වී මෙම තත්ත්වය ආරක්ෂා කර ගත යුතු බව පවසන එම ප්‍රවීනයා ඒ සදහා බැඩ්මින්ටන් පරිපාලනයේ සහ ක්‍රීඩා පරිපාලනයේ උදව් උපකාර අතවශ්‍යය බව ද පැහැදිළි කරයි.
දැනට නිලූක මෙම තරගාවලි සදහා සහභාගි වන්නේ තමා වෙළද තානාපති ලෙස කටයුතු කරන මැක්ලරන්ස් ආයතනයේ සහ මනිලාල් ප්‍රනාන්දු මහතාගෙන් ලැබෙන යම් අනුග්‍රහයන් මත සහ ඔහු ගේ පෞද්ගලික වියදමින් ය.මේ වන විට 2012 ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටමට ක්‍රීඩාවකින් පිවිස සිටින ක්‍රීඩකයෙකු වන නිලූක ගේ එම තත්ත්වය ආරක්ෂා කර දීමට ක්‍රීඩා බලධාරීන් මීට වඩා උනන්දු විය යුතු බව සුපිරි ක්‍රිඩා විශ්වාස කරයි.මේ වන විටත් ඔහු එම තත්ත්වයට පිවිස ඇත්තේ විදේශ තරගාවලි සදහා කිසිදු පුහුණුකරුවෙකු, භෞත චිකිත්සකයෙකු හෝ නොමැතිව තනිවම සහභාගි වෙමින් ය.ඒ නිසාම ඔහු ට තරගයකින් තරගයට යන විට සිය සිරුරේ යෝග්‍යතාවය පිණිස සම්භාහනයට හෝ කිසිවෙකු නැති අතර එවැනි වාතාවරණයක නිලූක දක්වන මේ දක්ෂතා පිළිබදව සහ රටට ලබා දෙන ගෞරවය පිළිබදව ක්‍රීඩා බලධාරීන් දක්වන සැළකිල්ල ප්‍රමාණවත් නොවන බව අපේ විශ්වාසය ය.

Jan 19, 2012

දුලිප් ලා හැලෙයි දොන් ඇලෙයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්ථමාන පසුබෑම සහ ඒ සදහා ක්‍රිකට් තේරිම් වල බලපෑම ද සැළකිල්ලට ගෙන අසන්ත ද මෙල් ගේ ප්‍රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් නම් කළ ද ඒ සදහා හිටපු තේරීම් කමිටුවේ සාමාජිකයෙකුව සිට දොන් අනුරසිරි ද ඇතුළත් කර තිබීම හාස්‍යයට කරුණක් බව ක්‍රිකට් විචාරකයන් ගේ මතය වි ඇත.දුලිප් මේණ්ඩිස් ප්‍රධානත්වය දැරූ තේරීම් කමිටුව වත්මන් ක්‍රිකට් පසුබෑම පිළිබද වගකිව යුතු වන්නේ නම් එහි සාමාජිකයෙකුව සිටි දොන් අනුරසිරි ඒ සදහා සුදුසු විම ගැටළුවට කරුණක් බව ඔවුන් ගේ මතය වී ඇත.

ටෙස්ට් තරග 18 ට සහ එක්දින තරග 45 ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති 45 හැවිරිදි දොන් අනුරසිරි ක්‍රීඩකයෙකුට වඩා තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස විදේශ සංචාර සදහා එක් වී ඇති අතර එසේ විදේශ ගත වීම සම්බන්ධයෙන් මෙන්ම,ක්‍රිකට් තේරීම සම්බන්ධයෙන් ව විශමාචාරයන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැඩි විවේචනයකට ලක් වු අයෙකු වුව ද ඔහු වසර ගණනාවක් කුමන තේරීම් කමිටුවක් පත් වුව ද එහි සාමාජිකත්වය දැරීමේ භාග්‍යවන්තයෙකු වී ඇත.මේ වන විට දැඩි විවේචනයට ලක් වෙමින් සිටින තේරිම් කමිටුවේ ඉවත් කිරීමේ දී ද දොන් අනුරසිරි ගේ නම ඊට ඈදි තිබීම විමතියට කරුණක් වුව ද ඔහු කුමන හෝ බලපෑමක් මත යළිත් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත් වන්නට භාග්‍යවන්තයෙකු වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ක්‍රිකට් පරිපාලනයට පාලනය කළ නොහැකි බලවේගයක් හරහා ඔහු ට කුමන වරදක් වූව ද දිගින් දිගටම ක්‍රිකට් තේරීම් කමිටුවේ රැදී සිටින්නට හැකියාව ලැබෙන්නේ දැයි සැක පහළ වන අතර නව තේරීම් කමිටු සභාපතිවරයා ද නම් දැරූ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන සමයක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් නිවැරදිව නොකළ බවට චෝදනා එල්ල වූ සහ රාජකාරිමය වශයෙන් පැවරි වෙනත් වගකිම් වලදී ද දැඩි දෝශ දර්ශනයට ලක් වූ අයෙක් වීම පිළිබදව ද ක්‍රිකට් කේෂ්ත්‍රයේ දැඩි කතා බහට ලක් වෙමින් ඇත.

මේ පත් කිරිම් සිදුවන බවට පළ කළ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලෙස ඔහු ගේ මාධ්‍ය ලේකම්වරයා අද පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ද අද පස්වරුව වනවිට මාධ්‍ය වාර්තා කී ආකාරයටම අසන්ත ද මෙල් ගේ නායකත්වයෙන් යුත් තේරීම් කමිටුවක් පත් කරන්නට යෙදුණේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ විශය පතයට ක්‍රිකට් අදාළ නොවන විශයක් ද යන්න පිළිබදව සැක උපදවමින් ය.

මාෂ් ගේ තැනට ‍ෆෝඩ් රිගයි

ග්‍රෙහැම් ෆෝඩ් 
හිටපු දකුණු අප්‍රිකා පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් වන්නට නියමිත බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.පසුගිය ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වී ආ ජෙෆ් මාෂ් ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ ව විට අසාර්ථකත්වයට පත් වී ඇති අතර ඒ තත්ත්වය මෙන්ම ජෙ‍ෆ් මාෂ් ගේ ඇතැම් ඉල්ලිම් ද නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුනුකරුවෙකු පිළිබදව සිතා බලන්නට තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර දකුණු අප්‍රිකානු sport24 මාධ්‍ය ආරංචි මාර්ග සදහන් කරන්නේ ෆෝඩ් ඩර්බන් හි ක්‍රියාත්මක ඩොල්පින් ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධූරයෙන් අද සිට ඉවත් වීමට තීරණය (ජනවාරි 18) කර ඇති බව ය.ඒ සදහා එම කණ්ඩායම් ප්‍රධානින් ගේ අනුමැතිය ‍ෆෝඩ් ට ලැබී ඇති අතර ඔහු ඒසම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමා ජාතික කණ්ඩායමක පුහුණුකරු ධූරය දැරීමේ සිහිනය සාක්ෂාත් කර ගනු පිණිස මෙසේ ඉවත් වීමට තීරණය කළ බවය. ඩොල්පින් ක්‍රිඩා සමාජයට පළමු පෙළ ක්‍රිකට් තරග සූරතාවය මෙන්ම එක්දින සූරතාවය ද දිනා දීමට කටයුතු කර ඇති ෆෝඩ්,කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.

ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද  ක්‍රීඩකයෙකු නොවන ෆෝඩ් පළමු පෙළ තරග හතකට පමණක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ද ක්‍රීඩකයෙකු ලෙස ඉහළ දස්කම් දක්වා නැත.නමුත් පුහුණුකරුවෙකු ලෙස හොද ප්‍රතිපල පෙන්වා ඇති ෆෝඩ් මීට පෙර ඉන්දියාවේ පුහුණුකරු ධුරයට ද ඉල්ලුම්පත් යොමු කර ඇතත් පසුව එය ඉවත් කර ගෙන ඇත.මෙය ලංකාවේ ජාතික මට්ටමෙන් ක්‍රීඩා නොකළ අයෙකුට පුහුණුකරුවෙකු විය නොහැකිය යන මතය බිද දැමිමක් නිසා ශ්‍රී ලංකාවට ද ෆෝඩ් ගේ සාර්ථකභාවය හරහා පුහුණුකරුවා පිලිබද නව චින්තනයක් ඇති කර ගැනීමට මග පාදනු ඇත.

ලොව පුරා ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන් වෙත පැවති ඉල්ලුම අභියෝගයට ලක් කරමින් බිද වැටෙමින් පැවති ඕස්ට්‍රේලියා කණ්ඩායමට මග පෙන්වීම දකුණු අප්‍රිකා පුහුණුකරුවෙකු වන මිකි ආතර් ට පැවරීමෙන් ඉනික්බිති එම කණ්ඩායම සාර්ථක වෙමින් පවතින අතර ශ්‍රී ලංකාව ද ඒ අනුව දකුණු අප්‍රිකානු පුහුණුකරුවෙකු පිළිබදව විශ්වාසය තැබීම, දකුණු අප්‍රිකානු පුහුණුකරුවන්ට ජාත්‍යන්තර පිටියේ හොද කලක් උදාවන බවට ඉගි සැපයීමක් බදු ය.මන්ද ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන් පිළිබද විශාල ඉල්ලුමක් ඇති කිරිමට 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඩෙව් වට්මෝර් කටයුතු කිරීම තදින්ම බල පෑවේය.


මුහුණු මාරුවේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වීම හේතු කර ගනිමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ මුහුණු මාරු කිරීමට නව ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.ඒ අනුව වත්මන් ගැටළුකාරී තත්ත්වයන්ට වගකිව යුතු දුලිප් මෙණ්ඩිස් ගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට මීට පෙර තේරීම් සම්බන්ධයෙන් බරපතල විවේචන වලට ලක් වූ හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙකු වන අසන්ත ද මෙල් ට ප්‍රධානත්වය පවරන තේරීම් කමිටුවක් පත් කිරීමට නව ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.

ක්‍රිකට් තේරීම මෙන්ම රාජකාරී ජීවිතයේ ද අතිශයින් විවේචනයට සහ දෝශ දර්ශනයට ලක් වූ පුද්ගලයෙකු යළි ක්‍රිකට් තේරීම් කමිටුවට ගෙන ඒම පිළිබදව ක්‍රිකට් කේෂ්ත්‍රයේ වැඩි දෙනෙකුගේ කැමැත්තක් නැති බව වාර්තා වන අතර ක්‍රිකට් කණ්ඩායමේ වර්ථමාන තේරීම් අසාර්ථක වීම දක්ෂතා සදහා නිසි ඇගයීම නොලැබීම නම් පත්වන තේරීම් කමිටුව යටතේ වෙනත් ආකාරයකින් එයම ක්‍රියාවට නැගෙනු ඇතැයි බොහෝ දෙනෙකු සැක පහළ කරයි.
කලෙක පටන් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මාරුවෙන් මාරුවට ක්‍රිකට් තේරීම් කමිටුව සදහා පත් වීම සාමාන්‍යය සිදුවීමක් වී ඇති අතර ඒ කිහිපදෙනා හැරෙන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ වෙනත් ක්‍රීඩකයන් පිළිබදව අවධානය යොමු කර අලුත් මුහුණු සහිත තේරීම් කමිටුවක් පත් නොවීම ක්‍රීඩාවේ ප්‍රගමනයට විශාල හානියක් බව ද බොහෝ දෙනාගේ අදහස වී ඇත.


ජගත් මලල ක්‍රීඩා දිනයට පෝස්ටර් තරගයක්


ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ඇරඹී 2012 වසරේ සිට වසර 100 ක් ගතවෙන මේ වසරේ ජගත් මලල ක්‍රීඩා දිනය සමරමින් ලොව පුරා විසිරි සිටින ඕනෑම අයෙකුට සහභාගි විය හැකි පෝස්ටර් ප්‍රදර්ශනයක් පැවත්වීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන ඇත.2012 වසරේ ඇරඹි අද වන විට විවිධ රටවල ජාතික සංගම් 212 ක් සමග කටයුතු  කරන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ජගත් ප්‍රජාවට මෙවැනි විවෘත තරගයක් පවත්වන ප්‍රථම අවස්ථාව ‍මෙය ලෙස හැදින්විය හැකිය.
ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත මලල ක්‍රීඩා ලෝලීන් ගේ හැකියාවන්ට සහ ආශ්වාදයට වේදිකාවක් තණනු පිණිස පවත්වන මෙම පෝස්ටර් තරගයට අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකිය.වැඩි තොරතුරු මෙහි පහත සදහන් අන්තර්ජාල සබදතාවය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ඇත
http://www.iaaf.org/news/newsid=63379.html

www.supirikrida.com

ස්විඩන් බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹේ

නිලූක කරුණාරත්න
ස්වීඩන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ස්ටොල්ක්හෝම් හී ඇරඹේ.අද තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වට ක්‍රියාත්මක වන අතර හෙට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න තරග බිමට පිවිසීමට නියමිතය.අද සිදු වීමට නියමිත ශ්‍රේණිගත කිරීම් වල දී දැනට රැදී සිටින 78 වන ස්ථානයෙන් ඉදිරියට ඒමට ඉකුත් සතියේ පැවති එස්තෝනියා ජාත්‍යන්තර තරගාවලියෙන් නිලූකට හිමි වීමට නියමිත ලකුණු 1750 ක පමණ ප්‍රසාද ලකුණු ප්‍රමාණයත් සමග හැකිවෙනු ඇතැහි විශ්වාස කළ හැකි අතර මේ වන විට 73 වන ස්ථානයේ පසුවන නෙදර්ලන්තයේ පිටර් කොවිකල් හෙට නිලූක ගේ පළමු තරගයේ ප්‍රතිවාදියා වනු ඇත.
ස්පාඥඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් (ජගත් ශ්‍රේණිගත කිරීම් වල 22 වන ස්ථානය) සහ ඉන්දියාවේ පාරුපිල්ලෙයි කාශ්‍යප් (ජගත් ශ්‍රේණිගත කිරීම්වල 30 වන ස්ථානය) මෙම තරගාවලිය නියෝජනය කරන ප්‍රබලතම ක්‍රීඩකයන් ලෙස තරගාවලියට සම්බන්ධ වර්ගිකරණයේ පිළිවෙළින් පළමු සහ දෙවන ස්ථාන වල පසු වෙයි.


Jan 18, 2012

බූටින් ගේ බූට් යුගලයට සති හතරක නිවාඩුවක්



සී මිලාන් කණ්ඩායම නියෝජනය කරන ඝානා ජාතික කෙවින් ප්‍රින්ස් බූටින්ග් ඉන්ටර් මිලාන් සහ ඒසී මිලාන් කණ්ඩායම් අතරේ පැවති තරගයක දී වම් පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක් වීම හේතු කරගෙන සති හතරක් විවේක ගන්වා ඇත.ඒසී මිලාන් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරන ක්‍රීඩකයෙකු වන 24 හැවිරිදි බූටින්ග් පසුගිය වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානයට ද යෝජනා විය.
බූටින්ග් ගේ අඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ඒසී මිලාන් පුහුණුකරු මැසිමිලියානෝ ඇලෙග්‍රී සදහන් කර සිටියේ බූටින්ග් එලැඹෙන පෙබරවාරි 26 දා පැවත්වෙන ජුවෙන්ටාස් සමග වන පාපන්දු තරගයට ක්‍රිඩා කිරීම සදහා සුවය ලබන බව තමා විශ්වාස කරන බවයි.

www.supirikrida.com

මධ්‍යම ආසියානු වෙරළ වෙලිබෝල් තරගාවලිය මීගමුවේ දී ඇරඹේ


සියානු මහද්වීපික වෙරළ වොලිබෝල් සූර සූරියන් තීරණය කරන සහ ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ මූලික තරග වටයක් ලෙස ද ක්‍රියාත්මක මධ්‍යම ආසියානු කලාපීය කාන්තා සහ පිරිමි වෙරළ වොලිබෝල් තරගාවලිය 21 සහ 22 යන දෙදින තුළ මීගමු වෙරළේ දී පැවත්වීමට විධි විධාන යොදා ඇත.20 දා පසවරු 5.30 ට ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන  මෙම තරගාවලිය ට ශ්‍රී ලංකාව,ඉන්දියාව,මාල දිවයින,ඉරානය සහ කසකස්තානය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.
ලන්ඩන් වෙරළ ඔලිම්පික් ක්‍රීඩා පිටිය

තරගාවලිය විනෝදාත්මක අංග රැසක් ද සමග ඒ වෙනුවෙන් සකස් කළ ක්‍රීඩා පිටි දෙකක 21 දා සහ 22 දා පෙ.ව 8.30 සිට පස්වරු 5.30 දක්වා පැවත් වීමට කටයුතු යොදා ඇති අතර පැවති දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් සූරතා මෙන්ම අනු සූරතා ද දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හමබන්තොටට ත් වඩා තමන්ට වඩාත් හුරු පුරුදු මීගමු වෙරළේ දී වඩාත් විශ්වාසයෙන් ක්‍රීඩා කරනු ඇතැයි යන්න වොලිබෝල් සම්මේලනයේ විශ්වාසය වී ඇත.

ඉකුත් ඔලිමිපික් තරගාවලියේ දී සංවිධානය කරන රටට අමතරව ජගත් ශ්‍රේණිගත කිරිම් වල මුල් ස්ථාන 23 දිනා ගන්නා කණ්ඩායම් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබැබූව ද මෙවර එම නීතිය වෙනස් වී ඇත.ඒ අනුව ජගත් ශ්‍රේණිගත කිරිම් වලට අනුව මුල් කණ්ඩායම් 16 ද මහද්විපික තරගාවලීන් සහ ජගත් වෙරළ වොලිබෝල් සූරතාවලිය ආශ්‍රිතව ද කණ්ඩායම් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.ඒ අනුව ශ්‍රී ලංකා පිරිමි වෙරල වොලිබෝල් කණ්ඩායමකට මෙම තරගාවලියේ දස්කම් අනුව සහ මහද්විපික තරගාවලියේ දස්කම් අනුව ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ විශාල ඉඩකඩක් තිබෙන බව වොලිබෝල් විචාරකයන් ගේ මතය වි ඇත.


www.supirikrida.com

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට ඩක්වර්ත් ලුවිස් හරහට හිටියි

ප්ලෙසිස්

රග පහකින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය ගෙන සිටි දකුණු අප්‍රිකාවට අභියෝගයක් ලබා දි නැවත තරගාවලියට ප්‍රවේශ වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ ඩක්වර්ත් ලුවිස් න්‍යාය විවාත මුහුණුවරක් ගෙන තිබූ තරගයේ තීරණය දකුණු අප්‍රිකාවට ජය ලබා දෙමින් නිමාවට පත් කළේය.තරගයේ දෙවනුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම 34 වන ඕවරය නිමාවට පත් වන විට ලබා සිටි ලකුණු 179 ඒ අනුව ඔවුන්ට ලකුණු 4 ක ජයක් ලබා දෙන්නට ප්‍රමාණවත් විය.
තරගයේ කාසියේ වාසිය ලැබු ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකිම සහ දුවද්දී දවා ගැනීම් හමුවේ නියමිත පන්දු වාර 50 කඩුලු 9 ට ලකුණු 266 ක් ලබා නිමා කළේය.එහිදී උපුල් තරංග ලකුණු 58 ක් රැස් කළ අතර ඔහු සහ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට පන්දු වාර 18.3 ක් තුළ ලකුණු 94 ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඩිල්ෂාන් ඉතා විශ්වාසදායක පහරදීමක නිරත වුව ද ඩේන් ස්ටෙයින් ගේ අති විශිෂ්ඨ පන්දු රැකීම ඩිල්ෂාන් ගේ ඉණිම ලකුණු 33 දී අත් හිටුවාලීය.කුමාර සංගක්කාර පන්දු 37 දි ලබා ගත් ලකුණු 38 මෙන්ම ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරිමට පිතිකරණ නාමාවලියේ උසස් වීමක් ලද නුවන් කුලසේකර පන්දු 38 දී ලද ලකුණු 40 ත් වාරු කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 සටන්කාමි ලකුණු 266 කින් නිමා කරන්නට සමත් විය.
පිළිතුරු ඉණිමට පිවිසි දකුණු අප්‍රිකාවට සිය පළමු කඩුලු 3 ලකුණු 52 ක් තුළ අහිමි කර ගන්නට සිදු වූයේ ලසිත් මාලිංග ගේ (20/2) සහ ඩිල්ෂාන් ගේ (22/1) පන්දු යැවීම ඉදිරියේ ය.එතැනි සිට පිටියේ එක් වූ ෆැෆ් ඩු ප්ලෙසිස් (72) සහ ජීන්- පෝල් ඩුමිනි (25 ) සිවිවන කඩුල්ලට ලකුණු 61 ක සබදතාවයක් පැවත් වූ අතර පස්වන කඩුල්ල සදහා ප්ලෙසිස් සමග එක් වූ නායක ඒබී ඩිවිලියර්ස් (නොදැවී 39) තවත් ලකුණු 34 ක සබදතාවයක් ද පවත්වමින් දකුණු අප්‍රිකාව වේගවත් ලකුණු ලබා ගැනීමකට ප්‍රවේශ කරන්නට සමත් විය.ප්ලෙසිස් ඇන්ජලෝ මැතිව්ස් සහ සංගක්කාර එක්ව ද ඩුමිනි නුවන් කුලසේකර කඩුල්ලට එල්ල කළ සෘජු පන්දු ප්‍රහාරයකින් ද දුවද්දී දැවී යාමත් සමග තරගය නවතන තෙක්ම පන්දු ඕවර 50 පවත්වා ගෙන ගියේනම් ශ්‍රී ලංකාවට ජයගත හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබිණ.
නමුත් තිලකරත්න ඩිල්ෂාන් ට පිට පිටම සිය නායකත්වය යටතේ අත් විදින්නට සිදුවූ සිව්වන එක්දින තරගාවලියට මාර්ගය විවෘත කළ කාලගුණය තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය දක්වා රැගෙන ගිය අතර එහි ප්‍රතිපලයක් ලෙස ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් තිබූ තරගය දකුණු අප්‍රිකාවට ජය ලබා දෙමින් අවසන් විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපුමෙන් පිවිසිය හැකිය.


දකුණු අප්‍රිකා සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලීන පසුබෑම වෙනස් කිරීම සදහා මෙම සංචාරයෙන් පසුව කණ්ඩායම සම්බන්ධයෙන් වෙනස් කම් කිහිපයක් කිරිම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එය ක්‍රීඩක වෙනස්වීම් වලට සීමා නොවුණු කණ්ඩායමේ වෙනත් වගකීම් පැවරි නිලධාරීන් සම්බන්ධයෙන් ද සිදු වන වෙනස් වීමක් විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා පෞද්ගලිකව මෙම තරගාවලිය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බවත් දක්ෂතා මෙන්ම ක්‍රීඩකයන් කණ්ඩායම වෙනුවෙන් දක්වන කණ්ඩායම් හැගිමත් සිය අවධානයට ලක් කරමින් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී බලපානු ඇති බවය.නව ක්‍රිකට් පරිපාලනයට ද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් සහ සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනෙන් දින පහල වැටීම නවතාලීම සදහා අවශ්‍යය පියවර ගැනීම කෙරෙහි ඉදිරි දින කිහිපයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කරනු ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.

කෙන්යාව මැරතන් සංචිතය නම් කරයි

මැකාවු

එඩ්නා
මැරතන් ධාවනයේ ඉහළ දක්ෂතා දක්වන කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සදහා ක්‍රීඩකයන් හය දෙනෙකු සහ ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඇතුළත් මැරතන් සංචිතයක් නම් කිරිමට කෙන්යානු මලල ක්‍රීඩා බලධාරින් පියවර ගෙන ඇත.එහිදි පිරිමි අංශයේ ප්‍රමුඛත්වය ඉකුත් ජගත් මලල ක්‍රීඩා සූරතාවලි මැරතන් තරගය ජය ගත් ප්‍රැට්ට්‍රික් මැකාවු ට හිමි වී ඇති අතර කාන්තා අංශයේ ප්‍රමුඛත්වය එම තරගාවලියේ කාන්තා මැරතන් තරගය ජයගත් එඩ්නා කිප්ලගාට් ට හිමි වී ඇත.


එම්මානුවෙල්

කිරුයි


මෝසස්

ජෙෆ්රි

කිප්සෑන්ග්



පිරිමි අංශයෙන් මෙම සංචිතයට බොස්ටන් සහ නිව්යෝර්ක් මැරතන් තරග ජය ගත් ජෙ‍ෆ්රි මුතායි,ජගත් තරගාවලියන් හි ද්විත්ව රන් පදක්කම් ලාභි ඇබෙල් කිරුයි,චිකාගෝ මැරතන් තරගය ජයගත් මෝසස් මොසොප්,ෆ්‍රැන්ක්ෆර්ට් ජයග්‍රාහකයා වන විල්සන් කිප්සෑන්ග් සහ ජගත් මැරතන් බිමේ කිරුළ හිමි එම්මානුවෙල් මුතායි ද මෙම සංචිතයට ඇතුළත් වී ඇත.

ෆලොරන්ස්

ජෙෆ්ටූ

ලීඩියා
සැරොන්

මේරි


කාන්තා අංශයෙන් එඩ්නාට අමතරව ඇය ජයගත් ලෝක සූරතා මැරතන් තරගයේ දෙවන ස්තානය දිනූ ප්‍රිස්කා ජෙෆ්ටූ,තෙවන ස්ථානය දිනූ සැරොන් චෙරොප්,ලන්ඩන් තරගය ජයගත් මේරි කෙයිටනී,බර්ලින් තරගයේ ජයග්‍රාහිකාව වූ ෆ්ලොරන්ස් කිප්ලගාට් ඇතුළත් වී ඇති අතර සියල්ලන් විශ්මයට පත් කරමින් සිය දක්ෂතා නිසි ලෙස නඩත්තු කරමින් තරුණ ක්‍රීඩිකාවන්ට අභියෝගයක් එල්ල කරන ප්‍රවීන ක්‍රීඩිකා ලීඩියා කෙරෙමෙයි ද මෙම සංචිතයට ඇතුලත් ව සිටින්නීය. 

Jan 17, 2012

දොස්තර ගේ ක්‍රීඩා සැත්කම වරදියි


ක්‍රීඩා පණත සංශෝධනය කිරිමේ දී එම කටයුත්ත භාරව සිටි පිරිස අතර සිටි ප්‍රබල වෛද්‍යවරයෙක් ක්‍රීඩා අමාත්‍යවරයා සතු බලතල අනවශ්‍ය ලෙස පුළුල් කරමින් විශාල පිරිසකට අසාධාරණයක් වන අන්දමින් ඇතුළත් කළ වගන්ති සම්බන්ධයෙන් වර්ථමානයේ ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ පිරිස් දැක් වූ විරෝධතාවය හේතු කර ගෙන එම වගන්ති ඉවත් කිරීම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙන බව දැන ගන්නට ඇත.
එම පණත හරහා ක්‍රියාත්මක වන බලතල පත්වන ඕනෑම ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අදාළ වන අතර ඒ අනුව පුද්ගලයා අනුව ක්‍රීඩාවට ඇති විය හැකි විශාල ගැටළුකාරී තත්ත්වයන් දකින්නට ලැබෙන බවත් ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ අයෙක් සුපිරි ක්‍රීඩා වෙත පෙන්වා දුන්නේය.යම් පොදු ප්‍රතිපත්තිමය රාමුවකට ලාංකේය ක්‍රීඩා පරිපාලනය රැගෙන ඒම මිස සියළු බලතල ක්‍රීඩා අමාත්‍යවරයා මත පටවා අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති මත ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෙම පණත සංශෝධනය කිරීමෙන් උත්සාහ කිරීම රටට අවශ්‍යය කරන ස්ථීර ක්‍රීඩා ප්‍රතිපත්තිය වෙනුවට පත්වන ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අවශ්‍යයතා පරිදි ක්‍රීඩාව මෙහෙයවීමට මග පෑදීම ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධියට විශාල ලෙස හානිකර තත්ත්වයක් ඇති කළ හැකි බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

සිල්කි ගෙන් මේ වසරේ හොදම පිම්ම


ව ජර්මන් ගෘහස්ථ රිටි පැනීමේ ජාතික වාර්තාවක් තබමින් ඉකුත් 15 දා ලෙවර්කුසෙන් හී පැවති නෝර්ඩ්හෙන් ප්‍රාදේශීය ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ රිටී පැනීමේ ඉසව්ව ජය ගන්නට සිල්කි සිල්කි ස්පිගෙල්බර්ග් සමත් වූවා ය.ඇය එහිදී වාර්තා කළ මීටර් 4.77 ක උස මේ වසරේ ගෘහස්ථ තරගාවලියක මෙන්ම එළිමහන් ක්‍රීඩා තරගයකදී ද වාර්තා වූ හොදම කාන්තා රිටී පැනීමේ දක්ෂතාවය වන්නේය.
එළිමහන් ක්‍රීඩා තරගයක හොදම දක්ෂතාවය ලෙස මීටර් 4.75 ක දක්ෂතාවයක් දක්වා ඇති 25 හැවිරිදි සිල්කි යුරෝපා මලල ක්‍රිඩා සූරතාවලියේ රිදී පදක්කම් දෙකක උරුමක්කාරියකි. ඊට අමතරව ඇය මලල ක්‍රීඩා ජීවිතය ආරම්භයේ දී 2001 වසරේ පැවති ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ ජයග්‍රාහිකාව වන්නටත් 2003 වසරේ පැවති යුරෝපා කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී රිටි පැනීමේ ඉසව්ව ජය ගන්නටත් සමත් වී ඇත.

කලිස් සහ අම්ලා වෙනුවට කොලින් සහ පීටර්සන්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවත්වෙන තෙවන එක්දින තරගයේ දී පළමු තරග දෙකේ දි සාර්ථක වූ හසීම් අම්ලා සහ පළමු තරගයේ දී සාර්ථක ඉණිමක් ගොඩනැගූ ජැක් කලිස් ක්‍රීඩා නොකරන බවත් ඒ වෙනුවට කොලින් ඉන්ග්‍රම් සහ ඇල්විරෝ පීටර්සන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක්වනු ඇති බවත් වාර්තා වේ. 
මේ අතරින් වමතින් පන්දුවට පහර දෙන කොලින් ඉන්ග්‍රම්  දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 12 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදි ශතක දෙකක් රැස් කරගෙන ඇති ක්‍රීඩකයෙකි.එසේම 89.26 ක ප්‍රහාරක වේගයක් රදවා ගන්නට ද ඔහු සමත් වී ඇත.ඇල්විරෝ පීටර්සක කොලින්ට වඩා අත්දැකීම් ඇති ටෙස්ට් සහ එක්දින තරග වෙනුවෙන් දකුණු අප්‍රිකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකි.ටෙස්ට් තරග 10 ක් තුළ දකුණතින් පිත්ත හසුරුවන පීටර්සන් ශතක දෙකකින් සහ අර්ධ ශතක තුනකින් සිය දායකත්වය දකුණු අප්‍රිකාවට ලබා දී ඇති අතර,එක්දින තරග 14 ක් නියෝජනය කර අර්ධ ශතක 4 ක් ලබා ගෙන ඇති දකුණතින් පිට දග පන්දු යැවීමේ හැකියාව ද සතු ක්‍රීඩකයෙකි.

අන්තර්ජාල ඔලිම්පික් ප්‍රවේශපත් කවුලුව යළි විවෘත වේ


නවාරි 6 දා සිට අත්හැර දමන ලද ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර විකිණීම මෙම සතියේ  සිට යළි ආරම්භ කිරීමට නියමිතය.ඇති වූ තාක්ෂණීක ගැටළුකාරි තත්ත්වයන් නිරාකරණය කර ගනිමින්,ප්‍රවේශපත්‍ර අලෙවි ඒජන්තවරයා සහ සංවිධායක කමිටුව විසින් ඇති කරගත් එකගතා ගිවිසුම් මත මෙම ප්‍රවේශපත්‍ර අලෙවිය යළි ආරම්භ කරන බව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩල ප්‍රකාශකයා සදහන් කර ඇත.
වෙනත් ව්‍යාජ ප්‍රවේශපත්‍ර අලෙවිකරුවන්ට හසු නොවී,අන්තර්ජාලය හරහා නිවැරදි සේවයක් ලබා දීමේ අරමුණ ඇතිව සහ වැඩි පිරිසකට කාර්යක්ෂම සේවයක් ලබා ගත හැකි පරිදි ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමේ අන්තර්ජාල මාර්ගය වේගවත් ක්‍රියාකාරිත්වයකින් යුක්ත කිරිමද නැවත ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භයත් සමග ඇති වනු ඇත.

Jan 16, 2012

සචිත්‍ර හෙට එක්දින පිටියට

සචිත්‍ර සේනානනායක
කාලයක් තිස්සේ දක්ෂතා දැක් වුව ද  ක්‍රිකට් බලධාරීන් ගේ නිසි අවධානය යොමු නොවුණු තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානනායක හෙට ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.අජන්ත මෙණ්ඩිස් ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකාවට කැද වූ සචිත්‍ර දකුණත් පිට දග පන්දු යවන්නෙකු ලෙස දක්වන දක්ෂතාවය සළකා හෙට තරගයේ දී රංගන හේරත් වෙනුවට යෙදවීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දෙවන එක්දින තරගය නිමා වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වූ නායක ටීඑම් ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියේ ද තරුණ ක්‍රීඩකයන් ගේ දක්ෂතා ගැන සතුටට පත් වූ බව සහ ඒ නිසාම ඊ ළග තරගයට තවත් නවකයෙකුට අවස්ථාව ලැබීමේ ඉඩක් පවතින බවය.ඩිල්ෂාන් පැවසූ එම අවස්ථාව බොහෝ විට හිමිවිය හැක්කේ සචිත්‍ර ට බව එම ආරංචි මාර්ග සනාත කරන අතර ඔහු දකුණත් පිට දග පන්දු යවන්නෙකු ලෙස දක්වන දක්ෂතා මෙන්ම අති විශිෂ්ඨ පන්දු රකින්නෙකු වීමත් ශ්‍රී ලංකා මැද ‍පෙළ ශක්තිමත් කළ හැකි පිතිකරුවෙකු වීමත් නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඔහු ගේ දායකත්වය අතිශයින් වැදගත් බවත් එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
අඩි 6 ක් උස ක්‍රීඩකයෙකු වන සචිත්‍ර කොළඹ ආනන්දය හරහා ක්‍රිකට් පිටියට පා තැබූ අතර වර්ථමානයේ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.
www.supirikrida.com

පළමු ශීත සෘතු ඔලිම්පික් උළෙලේ විශේෂ අවස්ථා






මේ දිනවල ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්‍රක් හි ප්‍රථම ශිත සෘතු යොවුන් ඔලිම්පික් උළෙල පැවත්වෙනවා. ඉකුත් 13 දා ඇරඹි මෙම ක්‍රීඩා උළෙල එළැඹෙන 22 දා අවසන් වීමට නියමිතයි.ක්‍රීඩා ඉසව් 12 ක් ක්‍රියාත්මක වන එම ක්‍රීඩා උළෙල ආශ්‍රිත ඡායාරූප පෙළක් මේ සමග පළවන අතර ඒ පිළිබද වැඩි තොරතුරු ලබා ගැනීමට http://www.innsbruck2012.com  නම් වූ මෙම වෙබ් සබදතාවයට පිවිසීමෙන් ඔබට හැකියාව ඇත. 

ඉන්දියාවත් අසරණ වෙයි



ශ්‍රී ලංකාව මේ වන විට දකුණු අප්‍රිකාවේදී මුහුණ දී සිටින ඉරණමටත් වඩා අසරණ තත්ත්වයකට ඕස්ට්‍රේලියාවේ දී පත්ව සිටින ඉන්දියාව ටෙස්ට් තරග හතරකින් යුත් ඕස්ට්‍රේලියාව සමග වන ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය නිමාවන විටම තරග 3- 0 ක පරාජයක් අත් කර ගෙන සිටියි.පර්ත් හී පැවති තෙවන ටෙස්ට් තරගයේ දී ඉණිමක හා ලකුණ 37 ක පරාජයක් අත් කර ගත් ඉන්දියාව සතු ප්‍රබල පිතිකරු නාමාවලියට ඉණිම දෙකේ දී කිසි විටකත් ලකුණු 200 සීමාවට පැමිණීමට නොහැකිවීම කණගාටුදායක තත්ත්වයක් විය.
පසුගිය කාලයේ යම් පසුබැස්මක් පෙන්වමින් සිටි ඕස්ට්‍රේලියාව සිය ප්‍රවින ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එකවර සමුගැනීමෙන් ඇති වූ හිස් බව මේ වන විට සැහෙන දුරට පියවා ගෙන ඇති අතර අත්දැකීම් හරහා එම හිස්තැන් පිරවීමට කැද වූ ක්‍රීඩකයෝ මේ වන විට නිවැරදි ස්ථාවරයකට පැමිණ සිටින බවක් දැකිය හැකිය.තෙවන ටෙස්ට් තරගයේ දී වාර්තා වූ සමස්ත ලකුණු ප්‍රමාණය 701 වූ අතර ඉණිම දෙකටම ඉන්දියාව ලබා ගත් ලකුණු ප්‍රමාණය 332 ක් (161 සහ 171) පමණක් වූ අතර එය ඉන්දිය පිතිකරුවන්ගේ දුර්වල කමක් තරමටම පන්දු යවන්නන්ට  හිතකර වූ පර්ත් තණතිල්ලේ ඕස්ට්‍රේලියාවේ බෙන් ‍හිල්ෆෙන්හෝස් සහ පීටර් සීඩ්ල් ගේ පන්දු යැවීමේ විශිෂ්ඨත්වය විසින් ඉන්දිය පිතිකරුවන යටත් කර ගැනිමක් ලෙස ද දැක්විය හැකිය.
ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකිය. http://www.espncricinfo.com/australia-v-india-2011/engine/match/518952.html

ජගත් මලල ක්‍රීඩා තරු දිලෙන ඩයමන්ඩ් ලීග් තරග කාල සටහන එළි දැක්වේ


ගත් මලල ක්‍රීඩා පිටියේ සිටින සුපිරිතම ජවන හා පිටිය ක්‍රීඩකයින් තරග වදින සැම්සුන්ග් ඩයමන්ඩ් මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිත තරග කාල සටහන ජගත මලල ක්‍රීඩා සම්මේලනය විසින් නිකුත් කර ඇත.මැයි 11 දා කටාර් දේශයේ දෝහා වලින් ඇරඹෙන මෙම ලීග් තරගාවලිය සැප්තැම්බර් 7 දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරින් අවසන් විමට නියමිතය.කටාරයෙන් ඇරඹී බ්‍රසල්ස් දක්වා වන තාලය අතර තුර මෙම ලීග් තරගාවලිය යටතේ සංවිධානය වීමට නියමිත ලීග් තරග ප්‍රමාණය 14 කි.පහත දැක්වෙන්නේ එම තරගාවලි සහ තරග පැවත්වෙන දින පිළිබද තොරතුරුය.

මැයි 7 - කටාර් හී දෝහා
මැයි 19 -චීනයේ සැන්ග්හායි
මැයි 31 -ඉතාලියේ රෝමය
ජූනි 2-ඇමෙරිකාවේ ඉයුජින්
ජූනි 7 -නෝර්වේ හී ඔස්ලෝ
ජූනි 9 -ඇමෙරිකාවේ නිව්යෝක්
ජූලි 6 -ප්‍රංශයේ පැරිස්
ජූලි 13/ 14 -බ්‍රිතාන්‍යයේ ලන්ඩන්
ජූලි 20 -මොනැකො
අගෝස්තු 17 -ස්වීඩනයේ ස්ටොක්හෝම්
අගෝස්තු 23 ස්විට්සර්ලන්තයේ ලොසන්නෙ
අගෝස්තු 26 -බ්‍රිතාන්‍යයේ බර්මින්ග්හැම්
අගෝස්තු 30 -ස්විට්සර්ලන්තයේ සූරිච්
සැප්තැම්බර් 7 -බෙල්ජියමේ බ්‍රසල්ස්