Jun 19, 2012

රාජකීය අපරාජිත වාර්තාව බිද දැමූ ත්‍රිත්ව පෙරමුණට

බ්‍රැඩ්බි කුසලානය සදහා පැවති තරගයෙන් අපරාජිත රාජකිය විද්‍යාලයට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාලයේ අපරාජිත වාර්තාව බිද දැමීමෙන් නොනැවතී පාසල් රග්බි තරග ලකුණු සටහනේ පෙරමුණට එන්නට ද සමත් විය.තරගයේ ඇතැම් සිදුවිම් රාජකීයන්ට වාසිදායක කරනු පිණිස පසුබිම සකස් කළ බවට චෝදනා තරගය අරම්භයටත් පෙර සිට වාර්තා වුව ද,ත්‍රිත්ව ක්‍රඩකයෝ තමන් ඉදිරියේ සිටින්නේ තකුණු සටහනේ පෙරමුණේ සිටින අපරාජිතයන් යන්න කිසිදු තැකීමකට නොගෙන ආක්‍රමණකාරී තරග රටාවකට පිවිසෙමින් තරගයේ මුල සිටම රාජකීයන්ගේ ආත්ම විශ්වාසය පළුදු කරමින් තරගාවලියේ අවසානය පෙනි පෙනී කන්ද උඩරට රගර් කීර්තිය සුරැක ගන්නට පෙරට පැමිණියේය.
ඒ අනුව සිංගර් පාසල් රග්බි තරගාවලියේ නවතම ලකුණු සටහන පහත දැක්වේ.

No comments: