Jun 22, 2012

පැසිපන්දුවේ යෞවනයන්ගේ කිරුළ යාපනයට - යෞවනියන්ගේ කිරුළ කොළඹට

ජාතික තරුණ සේවා සභාව යෞවන කටයුතු අමාත්‍යංශයේ දායකත්වය ලබමින් ක්‍රියාත්මක කරන යෞවන ක්‍රීඩා උළෙලට මේ වසරේ සිට ඇතුළත් කරන්නට යෙදුණ පැසිපන්දු තරගාවලියේ පිරිමි සූරතාවය යාපනය දිස්ත්‍රික්කය විසින් දිනා ගත් අතර කාන්තා සූරතාවය කොළඹ දිස්ත්‍රික්කය විසින් දිනා ගත්තේය.මෙහිදී යෞවන ක්‍රීඩා උළෙලේ පළමු වරට දක්ෂතම පැසිපන්දු ක්‍රීඩකයා වීමේ භාග්‍යය යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ ෂන්මුගසුන්දරලිංගම් වහීසන් ට හිමි වූ අතර එම භාග්‍යය විදීමේ පැසිපන්දු ක්‍රීඩිකාව වීමේ අවස්ථාව හිමි වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රිස්ටීන් සෝලන්ග ගුණවිජය ට ය.
තරගාවලියේ පිරිමි අනු සූරතාවය ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ය.කාන්තා අනු සූරතාවය හිමි වූයේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර තෙවන ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි විය.

No comments: