Jul 25, 2013

සංජයගෙන් ලංකාවට තවත් පදක්කමක්

මේ දිනවල ප්‍රංශයේ  ක්‍රියාත්මක අන්තර්ජාතික අබාධිත වූවන් සදහා වන ක්‍රීඩා තරගාවලියේ ටී 47 දරණ කාණ්ඩයේ මීටර් 400 තරගයට ඉදිරිපත් වූ ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනූ ප්‍රදීප් සංජය මෙම තරගයේ අවසන් පූර්ව තරගය ජය ගත්තේ දෙවැන්නා වෙමින්.තත්පර 50.23 ට තරගය නිම කළ ප්‍රදීප් අවසාන තරගයට තේරී පත් වී සිටින අට දෙනාගෙන් පෞද්ගලික දක්ෂතාවය  අනුව සංජය ඉදිරියෙන් සිටියි.  ඒ නිසාම අද පැවත්වෙන ටී 47 අවසාන තරගයේ දී මංතීරු හතරේ තරග වැදීමේ භාග්‍යය  දිනා ගැනීමට සංජය සමත් වී සිටියි.මේ සමග දැක්වෙන්නේ තරග වැදුණු අයුරු දකින යූ ටියුබ් රූප පෙළක්ය





























ශ්‍රී ලංකා පිතිකාරිණියෝ පන්දු 10 න් තරගය හමාර කරයි

Eshani Kaushalya in action against Pakistanගත් කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම තීරණය කිරීම සදහා අයර්ලන්තයේ පැවත්වෙන සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ජපාන කණ්ඩායම ලකුණු 21 ට සීමා කරන්නට සමත් වු අතර එම ලකුණු ප්‍රමාණය පන්දු 10 ක් තුළ ඉක්මවා ගිය ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් දෙපළ ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක ලබා දෙන්නට සමත් වුණා. එහිදී පන්දු 7ට මුහුණ දුන් යශෝධා මෙණ්ඩිස් ඉන් පන්දු හතරකදීම පන්දුව හතරේ සීමාව ඉක්මවා යවන්නට සළස්වමින් ලකුණු 18 ක් ලබා ගැනීමට සමත් වුණා.
ජපාන කණ්ඩායම ලකුණු 21 ට සීමා කරන්නට මුල් වූ ආරම්භක පන්දු යවන්නිය වූ උප නායිකා කෞශල්‍යා ලොකුසූරිය ලකුණු 5 ට කඩුලු 2 ක් ලබා ජපාන සංචාරය ආරම්භ කිරීම සළකා ඇයට තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මානය පිරිනැමුණු අතර ඉකුත් තරගයේ කැනඩාව පරාජය කිරමට මූලිකත්වය ගතු චන්දිමා ගුණරත්න ලකුණු 2 ට කඩුලු 2 ක් දවා ගත්තා.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-qualfier-2013/engine/current/match/640935.html සබදතාවය උපයෝගී කර ගෙන සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකියි.

ලංකාව 20 / 20 න් උඩ එයි

ජාත්‍යන්තර 20/20 නවතම රිලයන්ස් ජගත් ශ්‍රේණිගත කිරීම් වල දී ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.එහි දෙවන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම විසින් හිමි කර ගෙන ඇති අතර තෙවනනස්ථානයේ ඉන්දියාව පසු වෙනවා.
ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණිය ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී පතුලටම ඇද වැටෙන බවක් දකින්නට ලැබෙනවා.එහි හත් වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවය පසු පසින් සිටින්නේ නවසීලන්තය,බංගලාදේශ්‍ය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පමණයි.ලංකාවේ පැවත්වීමට නියමිතව තිබූ එස්එල්පීඑල් තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ ටෙස්ට් තරග වලට ක්‍රීඩක ආශිර්වාදය ද ඇතිව පයින් ගැසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම තරගාවලිය පැවත්වීමට ද නොහැකි වූ අතර වැටී තිබෙන තත්ත්වය අනුව තරග නොමැති වීමෙන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පහතටම වැටීමේ අවදානම තව තවත් තීව්ර වෙමින් ද තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී මේ මොහොත වන විට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව සමග වන තරගාවලියේදී ටෙස්ට් තරග ඇතුළත්ව තිබුණා නම් දකුණු අප්‍රිකාවට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවස්ථාවට වඩා වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඉදිරියට එන්නට  තිබෙන බව කණ්ඩායම් දෙක ශ්‍රේණිගත කිරීම් හි සිටින තැන සළකා බලද්දී පැහැදිළි වෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් හි දී දෙවන තැනට පත්ව සිටින ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු තැනද රැදෙන බැවින් ශ්‍රේණිගත කිරීම් හී අංශ තුනෙන්ම පළමු කණ්ඩායම් තුන අතර රැදෙන්නට ඉන්දියාවට හැකි වී තිබෙනවා.ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී සිටින්නේ සිව්වන තැනයි.
www.supirikrida.com

ඩම්බෙල් ක්‍රීඩා සමාජය මහා කඹ ඇදිල්ලක

පූගොඩ ඩම්බෙල් ෆිට්නස් ක්‍රීඩා සමාජය සංවිධානය කරන මහා කඹ ඇදීමේ තරගාවලිය අගෝසතු 4 දා උදෑසන 7.00 සිට ඕවිටිගම බෝධිරාජ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.මේ වන විටත් ජාතික මට්ටමේ සිටින ප්‍රබලතම කාන්තා සහ පිරිමි කණ්ඩායම් රාශියක් මෙම තරගාවලියට ඉදිරිපත් වී සිටින අතර ප්‍රබල කණ්ඩායම් සියල්ලම පාහේ සහභාගීත්වය සනාත කර තිබෙන බව ද දැන ගන්නට ඇත.එසේම එදින පෙරවරු 7.00 ට පෙර මෙම තරගාවලියට අතුළත් වීම සදහා අනෙකුත් කණ්ඩායම් වලට ද අවස්ථාව සළසා ඇති බව ඩම්බෙල් ක්‍රීඩා සමාජය අවධාරණය කරයි.
පූගොඩ ඩම්බෙල් ෆිට්නස් ක්‍රීඩා සමාජය ප්‍රථම වතාවට සංවිධානය කරන මෙම තරගාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 20,000 ක මුදලක් පිරිනමන අතර දෙවන සහ තෙවන ස්ථාන සදහා පිළිවෙලින් රුපියල් 15,000 ක් සහ 10,000 ක් පිරිනැමීමට නියමිතය.කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය සදහා රුපියල් 10000 ක් ද දෙවන ස්ථානය සදහා රුපියල් 5000 ක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.
www.supirikrida.com

ඉන්දීය ගැටවරයෝ චාමික ඉදිරියේ තරමක් දුරට මෙල්ල වෙති

ඹුල්ල රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු සිව් දින ටෙස්ට් තරගයේදී පලමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයන් තරගයේ දෙවන දිනය වූ ඊයේ (24) සිය ප්‍රථම ඉණිම කඩුලු 7 ට ලකුණු 503 ක් ලබා සිටියදී නිමා කරන්නට තීරණය කළ අතර ඉන්දීය ප්‍රහාරය තරමක් දුරට හෝ අඩපණ කරන්නට මූලිකත්වය ගත් චාමික කරණාරත්න ලකුණු 94 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් විය.ඉන්දීය කණ්ඩායමේ අංක 1 සිට 5 දක්වා වන පිතිකරුවන් අතරින් නායක විජේ ෂෝල් අගනා ලකුණු 173 ක් ලැබූ අතර සෙසු පිතිකරුවන් සිව් දෙනාම අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණින.විජේ ෂොල් ගේ මෙන්ම අයිපීඑල් තරගාවලියේද අවධානයට පාත්‍ර වූ සංජු සැම්සන් ගේ ද ගමණ නැවත්වීමට සමත් වූ චාමික,ක්‍රියාත්මක නොවන්නට ඊයේ ඉන්දීය ඉණිම මීටත් වඩා අඩු කඩුලු සංඛ්‍යාවක් සහ වැඩි ලකුණු සංඛ්‍යාවක් වන්නට තිබිණ.
ශ්‍රී ලංකාවේ සිය වයස් කාණ්ඩයේ ජාතික බැඩ්මින්ටන් සූරයා මෙන්ම එම වයස් සීමාවට අදාළව හෙල්ල වීසී කිරීමේ සූරයාද වන චාමික ශ්‍රී ලංකා අවුරුදු 17 න පහළ කණ්ඩායමේ නායකත්වයට යෝජිතව සිටින දුර්ලභ ක්‍රීඩා හැකියාවන් සහිත ජාතික සම්පතකි.මෙවැනි වයස් ඛාණ්ඩවල ක්‍රීඩකයන් තේරීමේදී හොදින් සැළකිලිමත් වීම අත්‍යවශ්‍යය කාරණයක් වන අතර ඉන්දියාව එය කෙතරම් හොදින් කර තිබේද යන්න කණ්ඩායමේ පිතිකරු සංචිතයේ ක්‍රියාකාරීත්වය පැහැදිළි කරේය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිළට තරගයේ අටවන ඕවරයේදි සිය කණ්ඩායම් නායකයාගේ කඩුල්ල අහිමි වූ අතර ලකුණු 6 ක් පමණක් ලබා දෙමින් කුසල් මෙණ්ඩිස් පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 15 ක් පමණක් විය.ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු ලකුණු පූවරුව කඩුලු 1 ක් දැවී ලකුණු 23 ක් ලෙස දැක්විණ.
ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/ci/engine/current/match/647197.html
www.supirikrida.com

රාජා ජාත්‍යන්තර පිටියට

Ravindra Wimalasiriකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රියාත්මක එක් දින තරගාවලියේදී ශ්‍රී  ලංකා ක්‍රිකට් කේෂ්ත්‍රයට නව ජාත්‍යන්තර විනිසුරුවෙකු බිහිවනු දකින්නට ලැබිණ.ඔහු නමින් රාජා විමලසිරි ය.
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් කේෂ්ත්‍රයේ 80 දශකයේ මැද භාගය සහ අග භාගය තුළ දකින්නට ලැබුණු සුවිශේෂී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර රාජා විමලසිරි ට හිමි වූයේ ප්‍රමුඛ තැනකි.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ රාජා නමින් රවීන්ද්‍ර විමලසිරි වුව ද වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ජොරා යන නමින්ය.පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කොකාකෝලා එක්දින කුසලානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේම අවධානය දිනා ගන්නා මොහොතේ ඒ වෙනුවෙන් දැක් වූ දායකත්වය වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලැබුණේ ද රාජා ට ය.එම කණ්ඩායමේ සිටි දීපාල් ගුණවර්ධන, පසන් වනසිංහ,වැනි බොහෝ ක්‍රීඩකයන්ට ජයග්‍රහණයේ මතකයන් ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දොරටු විවර වූ අතර රාජා ද ඒ අතර සිටියේය.ඒ නිසා ආත්ම තෘප්තිය හෙබි රජයේ වැදගත් සහ පිළිගත වෘත්තියක නියැලීමේ ගෞරවය ක්‍රීඩාවෙන් ලැබුණු දායාදය කර ජීවත් වන්නට රාජා ට අවස්ථාව හිමි වුව ද,පෞද්ගලික කේෂ්ත්‍රයේ ක්‍රිකට් සදහා හිමි මූල්‍යමය වට පිටාව ස්පර්ශ කරන්නට රාජා ට අවකාශය රාජා ට නොලැබිණ.ඒ නිසාම රාජ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇතැයි ඇතැමෙකු තුළ තිබූ විශ්වාසය ද කෙමෙන් හැකිළිණ.
www.supirikrida.com

Jul 24, 2013

චන්දිමාල් අභියෝගය ජය ගනියි

Dinesh Chandimal and Thisara Perera are ecstatic with JP Duminy's wicketන්ජලෝ මැතිව්ස් ගෙ තරග දෙකක තහනම නිසා තමන්ට පැවරුණු නායකත්වයේ වගකීම නිසි ලෙස ඉටු කරමින් එම තරග දෙකම ජය ගත් දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන එක් දින තරග ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමී ඉණිමක් දියත් කරමින් තරගයේ වීරයා වන්නට ද සමත් වුණා.වර්සාව නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 17 ක ජයක් හිමි වූ මෙම තරගයේදී ශ්‍රී ලංකා නායකයා කාසියේ වාසිය නිසා වසා තිබූ තණතීරුවේ ස්වභාවය නොසළකා පන්දුවට පහර දීමට තීරණය කිරීම ඇතැම් ක්‍රිකට් විචාරකයන්ට ගැටළුවක් වුවත් ශ්‍රී ලංකාවේ වළාකුළු ගැන චන්දිමාල්  තරමට තමන් නොදන්නා බව විදේශිකයන්ට  මතක් කරමින් වර්ෂාව විසින් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායයට යටත් කරනු ලැබුවා.
තණතීරුවේ ස්වභාවය පළමුව පන්දුවට පහර දීමට එතරම් උචිත නොවුණද,තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර සංගක්කාර දෙවන කඩුල්ල වෙනුවෙන් කල්පනාකාරිව ලකුණු 61 ක් ලබා ගත්තා.වගකීම් සපිරි ඉණිමක් දියත් කළ ඩිල්ෂාන් සිව්වන කඩුල්ල ලෙස ලකුණු 43 ට දැවි යාමෙන් ඉනික්බිති පිටියට පිවිසි නායක චන්දිමාල් ට විශාල සම්බන්ධතාවයක් පැවත්වීමට සහය දැක්විය හැකි සගයෙක් නොලැබි කළ වගකීම තමන් පිට පවරා ගනිමින් ඔහු කණ්ඩායමට වටිනා ලකුණු 43 ක් එක් කර දුන්නා.
ඒ නිසා අතරමග වැටි වර්ෂාව විසින් ශ්‍රී ලංකා ඉණිමට තිත තබද්දී ලකුණු පූවරුව පන්දු ඕවර් 49.2 දී කඩුලු නවයකට ලකුණු 223 ක් ලෙස දැක් වුණා.එම ලකුණු ප්‍රමාණය සදහා යාමේදී ශ්‍රී ලංකාවට විශාලතම හිසරදය බවට පත් වූ මෝර්නි මෝර්කල් ලකුණු 34 ට කඩුලු 3 ක් දවා ගත්තා.ප්‍රදර්ශණාත්මක පන්දු රැකීමක නිරත වූ දකුණු අප්‍රිකානුවන් අතරින් ඩිල්ෂාන් දවා ගැනීමට ඩිවිලියර්ස් රැක ගත් උඩ පන්දුව මෙන්ම චන්දිමාල්ගේ ඉණිම අවසාන කරමින් ඩුප්ලෙසිස් රැක ගත් උඩ පන්දුවත් අති විශිෂ්ඨ මට්ටමේ උඩ පන්දු වුණා.
පිළිතුරු ඉණිම ඇරඹූ දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල පළමු ඕවරයේදීම දවා ගත් ලසිත් මාලිංග රොබින් පීටර්සන් ලකුණු 3 ක් ලබා සිටියදී නැවත ක්‍රීඩාගාරයට පිටත් කර හැරියා.වර්ෂාව කිනම් මොහොතක ඇද වැටේද යන සැකය නිසා ලකුණු වේගය රදා ගැනීම සදහා නිරන්තරයෙන් උත්සාහ කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සිදු වූ අතර එහි ප්‍රතිපලය ලෙස පන්දු ඕවර් 21 වෙද්දී දකුණු අප්‍රිකානුවන්ට අහිමි වූ කඩුලු ප්‍රමාණය පහක් බවට පත් වි තිබුණා.හිමි වී තිබූ ලකුණු 104 ඒ මොහොත වන විට දැවී ගිය කඩුලු ප්‍රමාණයද සැළකිල්ලට ගැනීමේදී ලකුණු 121 ක් වූ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 17 ජයක් හිමි වුණා.රංගන හේරත් යළිත් වරක් පන්දුවෙන් දක්ෂතා පෙන්වමින් ලකුණු 16 ට කඩුලු 2 ක් දවා ගත්තා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635654.html
www.supirikrida.com

දඹුල්ලේදී ඉන්දීය ගැටවරයන්ගෙන් ලාංකේය ගැටවරයන්ට දරුණු ප්‍රහාරයක්

Vijay Zol plays one into the leg sideශ්‍රී ලංකාවේ සංචාරය කරන අවුරුදු 19 න් පහළ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර දඹුල්ල රන්ගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹි පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 333 ක් ලබා අති ප්‍රබල ස්ථානයක පසු වෙනවා.කාසියේ වාසිය දිනූ කුසල් මෙණ්ඩිස් පන්චුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට කළ ආරාධනය බන්දේසියක තබා දුන් රස බොජුනක් බවට පෙරළා ගත් ඉන්දීය ක්‍රීඩකයන් අතරින් මේ දක්වා තණතිල්ල මතට පා තැබූ පිතිකරුවන් සිව් දෙනාම අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනා.ඒ අතරින් ඉන්දීය තේරීම් කමිටුවේ දැක්ම සුපැහැදිළි කළ වගකීම් පෙරදැරි කරගත් සුපිරි ඉණිමක නියැලෙන ඉන්දීය නායකයා විජේ ෂෝල් ලකුණු 129 ක් ලබා ඊයේ දිනය නිමා වන විට නොදැවී සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැවී ගිය ඉන්දීය කඩුලු දෙක ලක්ෂාන් ජයසිංහ (59/1) සහ රමේෂ් මෙණ්ඩිස් (95/1) අතරේ බෙදී ගියා.පහත දැක්වෙන සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුණු පූවරුවට පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/ci/engine/current/match/647197.html
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හොද ආරම්භයක් ලබා ගනියි

කාන්තා 20 - 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පළමු තරගයේදී කැනඩාවට එරෙහිව කඩුලු නවයක ජයක් ලබා ගත්තා.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කැනඩාව ලකුණු 44 ට සීමා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණු අතර එහිදී කැපී පෙණෙන දස්කම් දැක් වූ වමතින් දග පන්දු යවන චන්දිමා ගුණරත්න ලකුණු 6 ට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇගයීමට ලක් වූවා.


ලකුණු 44 ක ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙපළ වන චමරි අතපත්තු සහ යශෝධා මෙණ්ඩිස් පන්දු ඕවර් 4.2 ක් තුළ ආරම්භක කඩුල්ලට ලකුණු 20 ක සබදතාවයක් පැවත් වූ අතර චමරි ලකුණු 9 ට දැවී ගියා.අනතුරුව පිටියට පිවිසි  කෞෂල්‍යා ලොකුසූරිය පන්දු 6 ක් තුළ 4 පහර 4 ක් සහිතව ලකුණු 17 ක් රැස් කළේ ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය වෙත හත්වන පන්දු ඕවරයේ පළමු පන්දුවෙන්ම ළගා කරමින්.
ලකුණු විස්තරය සදහා පහත සබදතාවය යොදා ගන්න.

Jul 23, 2013

ලංකාවට තවත් රිදී පදක්කම් දෙකක්

න්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ක්‍රියාත්මක වූ දකුණු ආසියාතික මේස පන්දු තරගාවලියේ දී කණිෂ්ඨ බාලක සහ බාලිකා අංශයන් හී රිදී පදක්කම් ශ්‍රී ලංකාවට හිමි වුණා.එහිදී කණ්ෂ්ඨ බාලිකා අංශයේ තරග වල දී ඉන්දියාවේ මනිකා බට්රා සහ සුතිර්තා මුකර්ජි සූරතාවය දිනා ගත්තද ඊට එරෙහිව ප්‍රබල සටනක් දියත් කළ ශ්‍රී ලංකාවේ උමායා තාරකී සහ බුද්ධිනී රාජගුරු තරගයේ දෙවන වටය ලකුණු 11 - 9 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.එසේම සිව්වන වටයේ දී ද ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ලකුණු තත්ත්වය 11 - 13 ක් ලෙස සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය වළක්වා ලන්නට සාර්ථක උත්සාහයක් ගත්තා.උමායා අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන්ද,බුද්ධිනී කුරුණෑගල මලියදේව බාලිකාවෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වී සිටියා.
එසේම බාලක යුගල අවසාන තරගයේදී තිලිණ විජේසිරි සහ නුවන්ත නිරෝෂණ රිදී පදක්කමක් දිනා ගත් අතර ඔවුන් දෙදෙනා වට 3 - 0 ක් ලෙස පරාජයට පත් කළ අභිෂේක් යාදෙව් සහ සුදන්සු ග්‍රෝවර් එහි රන් පදක්කම ඉන්දියාවට දිනා දුන්නා.තිළිණ මහනුවර විද්‍යාර්ත විද්‍යලයේ වන අතර නිරෝෂණ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවෙකු වෙනවා.
මීට අමතරව මෙම තරගාවලියේ කණ්ඩායම් තරග වලදී කණිෂ්ඨ සහ කැඩෙට් බාලක බාලිකා තරග අංශ හතරේම රිදී පදක්කම් ද ශ්‍රී ලංකාවට හිමි වුණා.බාලිකා කණිෂ්ඨ කේවල තරග අංහයේදී පවනි සිරිසේන සහ බුද්ධිනි රාජගුරු ලෝකඩ පදක්කම් දිනා ගත් අතර බාලක කඩෙට් අංශයේදී උදය රණසිංහ සහ ජයසංඛ සිල්වා කේවල අංශයෙන් ලෝකඩ පදක්කම්ලාභීන් බවට පත් වුණා.එම බාලිකා අංශයේද කේවල ලෝකඩ පදක්කම් යුගලයම ලංකාවට ලබා දීමට පවනි සිරිසේන සහ සෙසලා බණ්ඩාර සමත් වුණා.
www.supirikrida.com

YOUTH GAME වලට සුරතලෙක්

මෙවර පොළොන්නරුවේ පැවත්වෙන ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා උළෙලට සුරතලෙක් හදුන්වා දෙන්නට ජාතික තරුණ සේවා සභාව පියවර ගෙන තිබෙනවා.රේන්බෝ නම් වූ වළසා ඒ අනුව මෙවර ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා උළෙලේ සුරතලා බවට පත් වෙනවා.මෙවරත් මලල ක්‍රීඩා ඉසව් වලදී නව තරග වාර්තාවකට රුපියල් 10000 ක් පිරිනැමීම මේ වසර තුළත් ක්‍රියාවට නැගෙන අතර මෙවරත් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබන්නෙකුට මෝටර් රථයක් ලබා ගැනීමට අවකාශ සළසා තිබේ.එසේම වසර කිහිපයක සිට සිදුවන ආකාරයෙන් මෙවරත් අවුරුදු 20 න් පහළ සහ ඉහළ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යතුරුපැදි පිරිනැමීමද සිදු වනවා ඇත.
මූල්‍යමය වශයෙන් ක්‍රීඩා උළෙලක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම නොනවත්වා පවත්වා ගෙන යමින් ක්‍රීඩා කේෂ්ත්‍රයට නවමු අත්දැකීම් ගෙන ආ ආකාරයට ශ්‍රී ලංකා යූත් මෙවර ක්‍රීඩා උළෙල හරහා දේශිය ක්‍රීඩා උළෙල සංස්කෘතියට සුරතලෙක් හදුන්වා දෙනවා.
මෙවර ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් 25 දා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් බිහි වූ සුවිශේෂිම වීසි කිරීමේ ක්‍රීඩිකාව වන සොනාලි කුමාරි වීරසේකර සමග යොවුන් ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින උස පැනීමේ සූරයෙකු වන ඩබ්ලිව්ඩීආර් විජේසිංහ ඔලිම්පික් ගිණි සිළුව දැල් වීමට සූදානමින් සිටිනවා.28 දා තරග උළෙලේ සමාප්තිය සිදු වීමට නියමිතයි.
www.supirikrida.com

Jul 22, 2013

ප්‍රභාෂ්වර සහ කෝසලා දක්ෂතම ක්‍රීඩකයෝ වෙති


ලේට්න් කුසලාන තරගාවලිය කොළම සුගතදාස ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වූයේ මේ වසරේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ මලිත් ප්‍රභාෂ්වරටත් දක්ෂතම බොක්ක්‍රීඩිකා සම්මානය මාස් සදර්න් බොක්සිං ක්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණිටත් හිමි කර දෙමින්.පිරිමි අංශයේ දක්ෂතම පරාජිතයා වූයේ යුධ හමුදා බොක්සිං ක්‍රීඩා සමාජයේ ඉන්දික පෙරේරා යි.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ මාස් සදර්න් බොක්සිං සමාජයේ ලක්මාලි උදයංගනී යි.
ජූලි මස 17 වන දින සිට 21 වන දා දක්වා පැවති තරගාවලියේ අවසාන දිනය වඩා උද්වේගකර මුහුණු වරක් ගත් අතර විශේෂයෙන් මෑත කාලයේ ක්‍රීඩාව ආක්‍රමණය කරමින් පවතින විනිසුරුවන්ට නොසළකා හැරීමේ තත්ත්වය එන්න එන්නම බොක්සිං කේෂ්ත්‍රය තුළ ද වර්ධනය වෙමින් පවතින බවට මෙම තරගාවලියේදී ද දකින්නට ලැබුණා.එහිදී විනිසුරුවන් ද ජාතික වශයෙන් බොක්සිං ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස වන තීරණ ගැනීම කළ යුතුය යන්නද අවධාරණය කළ යුතුව ඇත්තේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් කුකුසක් ඇති වන බැවිණි.
එවැනි අවස්ථාවන් කිහිපයක්ම ඊයේ ද දකින්නට ලැබුණු අතර මේ අවස්ථාවන් හී එම තත්ත්වයන් අවංකව තේරුම් ගෙන කටයුතු කරනු වෙනුවට සිය ක්‍රීඩකයා සම්බන්ධයෙන් අසාධාරණයක් වීම දක්වා එය පටු කොට පෙන්වීමට ඇතැම් ක්‍රීඩා සමාජවල නිලධරයන් දරණ වෑයමද කණගාටුදායකය.තවත් අවාසනාවන්ත තත්ත්වයක් ලෙස දැකිය හැක්කේ තරගාවලියට සහභාගි වන ප්‍රධානතම සිවිල් ක්‍රීඩා සමාජය වන මාස් ක්‍රීඩා සමාජ ආරක්ෂක හමුදා ක්‍රීඩා සමාජ එක් රොක් ව සිය පොදු සතුරා ලෙස සළකා ක්‍රියා කිරීමය.
වර්ථමානයේ ලාංකේය බොක්සිං ක්‍රීඩාවේ පැවත්ම සදහා ප්‍රාන වායුව සපයන්නාක් මෙන්ම මාස් ක්‍රීඩා සමාජය ක්‍රීඩකයාට සහ පුහුණුකරුවාට  අනෙකුත් ක්‍රීඩා සමාජ වලට වඩා සැළකිය යුතු පහසුකමක් සපයා දීමට ද උත්සුක වීමද අගය කළ යුතුය.ඒ නිසාම ආරක්ෂක අංශවල බොහෝ අයද සිය සේවා විශ්‍රාමයෙන් පසුව මාස් සමග ජීවිතය අරඹන බවටත් බොහෝ උදාහරණ පෙනෙන්නට ඇත.
එවැනි තත්ත්වයක සාමාන්‍ය ප්‍රේක්ෂකයා සහ මාස් අතර දුරස්බවක් නිර්මාණය කර ස්වීය පැවත්ම සදහා මගක් සකසා ගනු වෙනුවට එම විරෝධ හදයාංගම ඒවා නොවන බැවින් විරෝධය කරන හොහොතට හෝ ඉන් මතුවටද ඊට එකතු කර ගත හැකි වටිනාකමක් නැත.ඒ කොසේ වුව ද විනිශ්චය ද මිට වඩා විමංසනාක්ෂියකින් සහ ජාතික වගකීමකින් තරගය වෙත යොමු වූ මනසකින් කළ යුතු බව අපි ද විශ්වාස කරමු.නව නීතිමය තත්ත්වයන්ට අනුව පිරිමි පහළ බර පංති තරග හිස් ආවරණ නොපැළ ද පැවත් වූ අතර ලකුණු සටහන යාන්ත්‍රිකව සිදු නොවීම නිසා ඒ සදහා අනවශ්‍යය කාලයක් වැය විය.බොක්සිං සංගමයේ නිලධාරියෙකු පැවසුවේ නව නීතිමය තත්ත්වයන්ට අනුව ලකුණු සටහන් කරන විද්‍යුත් උපකරණ සකස් වී පැමිණිමට තව සුළු කාලයක් වැය වෙනු ඇති බවය.
www.supirikrida.com

ලංකාවට රිදී

 න්දියාවේ නව දිල්ලි නුවර  ඉන්දිරා ගාන්ධි ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ ක්‍රියාත්මක දකුණු ආසියාතික මේස පන්දු සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණිෂ්ඨ සහ කැඩෙට් අංශයේ බාලක බාලිකා කණ්ඩායම් හතරටම ඉන්දියාව ඉදිරියේ අනු සූරතාවය ලබා නැවතෙන්නට සිදු වුණා.ජාත්‍යන්තර අවධානයට පත් වී සිටින කලාපීය ප්‍රබලයා වන ඉන්දියාව අවසාන තරග හතරම තරග 3 - 0 ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකාව පරාජය කළ ද කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ මේස පන්දු ක්‍රීඩාවද යම් ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන බව පැහැදිළි වුණා.
විශේෂයෙන්ම උදය රණසිංහ කැඩෙට් අංශයේ කණ්ඩායම් තරගාවලියේ තමා සහභාගි වූ කේවල තරගයේදී බර්ඩ් බෝරෝ සමග තරග වට 5 ක් දක්වා සිය තරගය පවත්වා ගෙන යාම කැපී පෙණුනා.මේ නිසා තරග සංවිධානයේදී මෙන්ම තරගාවලිය සම්බන්ධනිල ප්‍රකාශන වලදී ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වි උැති බවක් පෙනෙන්නට තිබෙනවා.
www.supirikrida.com

Jul 21, 2013

චන්දිමාල් ගේ ආරම්භයට සංගාගෙන් මල් වෙඩි

Dinesh Chandimal is all smiles after his side's winශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර එක් දින තරගයක් මෙහෙය වූ ලාබාලතම නායකයා ලෙස සිය ක්‍රිකට් දිවියේ නායකත්ව ගමණ ඇරඹු දිනේෂ් චන්දිමාල් ට සිය පළමු තරගයම ජයග්‍රාහී අත්දැකීමක් බවට පත් කරන්නට ජාත්‍යන්තර එක් දින තරගයක දැකිය හැකි සුන්දරම ප්‍රහාරයක් දියත් කළ කුමාර සංගක්කාර පන්දු 137 කින් ලකුණු 169 ක් රැස් කරන්නට සමත් විය.හතරේ පහර 18 ක් සහ හයේ පහර 6 ක් එම ඉණිමට එක් කළ සංගා උපුල් තරංග (43)  සමග දෙවන කඩුල්ලට ලකුණු 70 ක සහ මහේල ජයවර්ධන (42) සමග තෙවන කඩුල්ලට ලකුණු 73 ක් ද එක් කරන්නට සමත් වුණා.ලහිරු තිරිමාන්න එක් කළේ ලකුණු 17 ක් පමණක් වුව ද ඔහු තරගයේ විශාලතම සම්බන්ධතාවය ඇති කිරීමට සංගාට සහය වෙමින් සිව්වන කඩුල්ලට ලකුණු 123 ක් එක් කළා.පන්දු ඕවර් 13.5 ක් තුළ ගලා ආ එම ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 100 ක් ම සංගාගෙන් පිත්තෙන් වාර්තා වුණ අතර සංගා ඒ සදහා මුහුණ දුන්නේ පන්දු 50 ට පමණක් වීම විශේෂ සිදු වීමක් වුණා.
අවසන් මොහොතේදී තිසර පෙරේරා ද පන්දු 7 කින් ලකුණු 16 ක් ලබා නොදැවී සිටි අතර ශ්‍රී ලංකා ඉණිම අවසාන විට දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 320 ක දැවැන්න ලකුණු පූවරුවක් අභියෝගයක් ලෙස නැගී සිටියා.
ලකුණු 6.4 ක් පමණ වූ දළ ලකුණු වේගයක් අභියෝගයක් ලෙස ගෙන පිටියට පැමිණි දකුණු අප්‍රිකා පිතිකරුවන්ට පළමු පන්දුවෙන්ම කොලින් ඉන්ග්‍රම් ගේ කඩුල්ල අහිමි කළ ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු ඉලක්කය ඉදිරියේ ශ්‍රී ලංකා පන්දු යවන්න්ගේ නැගී සිටීම සළකුණු කළා.පිත්තෙන් අවසාන මොහොතේ වේගවත් ලකුණු 17 ක් ලබා දුන් තිසර පෙරේරා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 31 ට කඩුලු 3 ක් දවා ගත්තා.රංගන හේරත් ලකුණු 25 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ටීඑම් ඩිල්ෂාන් තමාට කණ්ඩායමට පිත්තෙන්හෝ පිත්තනේ ලබා දීමට හැකි විශිෂ්ඨ දායකත්වය පිළිබද උදාහරණ සපයමින් ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ ඇන්ජලෝ පෙරේරා එක් වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණ ද මෙරට මෑත කාලයේ බිහි වූ සියළුම තේරීම් කමිටුවල අසම්මත ‍කරුණාවට සහ ගෞරවයට පාත්‍ර වූ ජෙහාන් මුබාරක් එම ස්ථානය පැහැර ගෙන තිබුණා.පුහුණු තරගයේදි වඩාත් සාර්ථක වූ ඇන්ජලෝ වෙනුවට මුබාරක් තෝරා ගැනීමට එම තරගයේදී ද නායකත්වය දැරූ චන්දිමාල් මෑත කාලයේ මුබාරක් ඉක්මවා තුන් ඉරියව් දක්ෂතා දක්වා සිටින ඇන්ජලෝ පන්දු යැවීමට යොදා නොගත් අතර එ අවස්ථාව මුබාරක් ට ලබා දී තිබුණා.
එම තරගයේ සාර්ථකම පිතිකරු වූ ඇන්ජලෝ වෙනුවට මේ හේතුවෙන් මුබාරක්ට ඊයේ කණ්ඩායමේ දොරටු විවර කර දෙන්නට චන්දිමාල් ගේ සහය ද හිමි වූ අතර තේරීම් කමිටු වල මේ ක්‍රියා වලිය නිසා මුබාරක් සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන්  මූ බරක් ලෙස හදුන්වන අතර මේ ආකාරයට කටයුතු කරන ක්‍රිකට් තේරීම් කමිටු ක්‍රිකට් සහ රටට බරක් වීමෙන් රටේ ක්‍රිකට් අනාගතයට වඩාත් පලදායි තේරීම් සදහා අත්දැකීම් ලබා ගන්නට ඇති අවස්ථාවන් අහිමි කරනවා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635653.html
www.supirikrida.com

කණිෂ්ඨ,කැඩෙට් තරග වලදී කණ්ඩායම් අංශයෙන් ලංකාව ඉදිරියට

න්දියාවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රියාත්මක දකුණු ආසියාතික කණිෂ්ඨ සහ කැඩෙට් මේස පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් හතරටම ඉන්දියාව සමග අවසාන තරගයට මුහුණ දීමේ අවස්ථාවක් ලැබෙනු ඇතැයි සැක කළ හැකිය.දැනටමත් එක් කාණ්ඩයක් පමණක් ක්‍රියාත්මක බාලිකා තරග අංශ වලදී අද පැවත්වෙන අවසාන තරග වලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හමු වීමට නියමිතය.කණිෂ්ඨ බාලිකා අංශයට කාන්තා කණඩායම් හතරක් ඉදිරිපත් වූ අතර ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද නේපාලය සහ බංගලාදේශය තරග 3 - 0 ක් ලෙස පරදවා එම කාණ්ඩයේ සූරියන් තීරණය කිරීමේ ගැටුමට තරග වැදීමට සුදුසුකම් ලබා සිටිති.
කැඩෙට් බාලිකා තරග අංශයේදී කණ්ඩායම් දෙකක් පමණක් ඉදිරිපත් වී සිටි අතර එහිදී ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද තරග 3 - 0 ක් ලෙස නේපාල ක්‍රීඩිකාවෝ පරාජයට පත් කර අද අවසාන තරගයට සුදුසුකම් ලබා ඇත.බාලක කැඩෙට් තරග අංශයේදී ශ්‍රී ලංකාව සිටි බී කාණ්ඩයේ දී ප්‍රතිවාදීන් ලෙස හමු වූ භූතානය සහ නේපාලය තරග 3 - 0 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූහ.එහිදී එම කාණ්ඩයේ දෙවන තැන නේපාලයට හිමි වූ අතර ඒ කාණ්ඩයේ දී ඉන්දියාව විසින් බංගලාදේශය සහ පකිස්තානය  පහසුවෙන් පරාජය කර පෙරමුණ ගත් අතර දෙවන තැන පකිස්තානය පරාජය කරමින් බංගලාදේශය විසින් දිනා ගැනීම කැපී පෙණින. එසේ කැපී පෙනෙන ජයක් ලැබුව ද,අද පෙරවරු 10 සිට ක්‍රියාත්මක වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට ඔවුන් තර්ජනයක් නොවනු ඇති බව විචාරක මතය වන අතර තරගාවලිය සම්බන්ධ නිල ප්‍රවෘත්ති සටහන් වලද ශ්‍රී ලංකාව කලාපයේ මේස පන්දු ක්‍රීඩාවේ දෙවැන්නෝ බව හදුන්වා ඇත.එසේ වුවහොත් ඉන්දියාව සහ නේපාලය අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සමග ආසියානු කැඩෙට් බාලක සූරයන් තීරණය කරන තරගයට ශ්‍රී ලංකාව පස්වරු 1.00 සිට මුහුණ දෙනු ඇත.
කණිෂ්ඨ බාලක අංශයේ තරග වලදී ද,ශ්‍රී ලංකාව සිටියේ බී කාණ්ඩයේ ය.එහිදී බී කාණ්ඩයේ සිටි නේපාලය සහ බංගලාදේශය තරග 3 - 0 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.ඒ කාණ්ඩයේ සිටි ඉන්දියාවද ඒ අකාරයේම ප්‍රතිපල විදහා දක්වමින් පකිස්තානය සහ භූතානය පරායට පත් කළේය. ඒ කාණ්ඩයෙන් දෙවන තැනට පැමිණි ශ්‍රී ලංකාව අද පස්වර් 1.00 ට ඇරඹෙන අවසාන තරගයට මුහුණ දීම සදහා සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය සමග තරග වදියි.ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගත් ඉන්දියාව බී කාණ්ඩයෙන් දෙවන තැනට පත් නේපාලය සමග තරග වදියි.
ඊට අමතරව අද දිනයේ කණිෂ්ඨ අංශයේ බාලක සහ බාලිකා කේවල තරග මෙන්ම යුගල තරග ද පැවත්වෙන අතර කැඩෙට් අංශයේ කේවල තරග ද පැවත්වීමට කටයුත් සකස් කර ඇත.ඊයේ  පස්වරුවේ පැවති සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ඡායාරූපයක් පහත පළ වේ
www.supirikrida.com