Dec 8, 2012

සුපිරි තරග සදහා රටවල් තේරීමේ ප්‍රධාන වගකීම මහැදුරු රංජිත්ට

ලැඹෙන 2014 වසරේ සිට 2017 දක්වා වන කාලය තුළ ප්‍රිමියර් සුපර් සීරියස් සහ සුපර් සීරියස් තරග සදහා සත්කාරක නගර තීරණය කිරීම  මහාචාර්ය රංජිත් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් පත් කළ කමිටුවක් මගින් සිදු කළ බව  මහැදුරු රංජිත් විසින් සුපිරික්‍රීඩා වෙත පැවසීය.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ජගත් ජ්‍යෙෂ්ඨයන්ගේ තරගාවලියක සූරතාවය ද දිනා ඇති මහාචාර්ය රංජිත්,ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පරිපාලනයේදී කටයුතු කිරීමේදී පුද්ගල අනවබෝධය මත විශාල වශයෙන් ගැටළු ඇති කර ගත්තේය.නමුත් ඔහු ජගත් බැඩ්මින්ටන් පරිපාලනය සහ සමීප සබදතා පවත්වා ගෙන යන පුද්ගලයෙකි.
එම කමිටුව මගින් තොරා ගෙන ඇති ප්‍රිමියර් සුපර් සීරියස් තරගාවලි ලෙස ඕල් එංගලන්ත විවෘත,චීන වීවෘත,ඩෙන්මාර්ක් විවෘත,ඉන්දුනීසියා විවෘත සහ මැලේසියා විවෘත තරගාවලි නම් වී ඇත.සුපර් සීරියස් තරගාවලි ලෙස නම් කර ඇත්තේ ඕසට්‍රේලියානු විවෘත,ප්‍රංශ විවෘත,හොංකොං විවෘත,ඉන්දියා විවෘත,ජපන් විවාත සහ කොරියානු විවෘත තරග නම් කර ඇත.
මෙහිදී ප්‍රිමියර් සුපර් සීරියස් තරග වලදී ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂයක අවම තෑගි මුදලක් පිරිනැමීම අනිවාර්ය අතර සුපර් සීරියස් තරග වලදී ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දහසක ත්‍යාග පිරිනැමීම අනිවාර්ය වේ.
www.supirikrida.com

කණ්ඩායම් මාරු කිරීමට එරෙහිව පියවර ගැනීම සළකා බලනවා

ප්‍රතිමළුන් පිටු දැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක වූ ‍ජාතික බේස්බෝල් සූරතාවලිය පදනම් කරගෙන තෝරා ගත් කණ්ඩායම් අටක් ක්‍රීඩා කරන ලීග් තරගාවලියේදී ප්‍රතිමළුන් පිටුදැකීමේ තරගාවලියේදී පරාජය වූ කණ්ඩායම් වල දක්ෂ ක්‍රීඩකයන් ලීග් තරග සදහා සුදුසුකම් ලද කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීම නවතා දැමීම කෙරෙහි සළකා බලන බව ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ ජාතික සංවිධායක දිනේෂ් පෙරේරා පවසයි.ඔහු ඒ පිළිබදව අප කළ විමසීමකදී එවැනි ඉල්ලීම් කිහිපයක් ලැබී තිබෙන බව පිළි ගත් අතර තරගාවලි දෙකක් වීම නිසා එය ගැටළුවක් නොවන බව ද පෙන්වා දුන්නේය.


නමුත් සුපිරි ක්‍රීඩා විසින් ලීග් තරගාවලියට කණ්ඩායම් අට තෝරා ගැනීමට පදනම වූයේ ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලිය නම් එම තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අදාළ කණ්ඩායම් වල ම ක්‍රීඩා කළ යුතු බවට කරුණු සහිතව සුපිරික්‍රීඩා පෙන්වා දුන් පසු සංවිධායක වරයා ජාතික සංගමයේ අවධානයට මෙම කරුණ ලක් කිරිමට පියවර ගන්නා බව පැවසීය.
මේ ආකාරයෙන් ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේදී දක්ෂතා දැක්වූ කණ්ඩායම් වලට අසාධාරණයක් සිදුවන බවත් ඇතැම් විට කණ්ඩායමක් ලීග් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කැපවී ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට මේ තත්ත්වය යටතේ අසාධාරණයක් වන බවත් සුපිරික්‍රීඩා පෙන්වා දුන්නේය.මෙහිදී දිනේෂ් පෙරේරා මෙම තරගාවලියට කණ්ඩායම් අට තෝරා ගැනීම සදහා ප්‍රතිමළුන් පිටු දැකීමේ ප්‍රතපලය අදාළ කර ගත් බව පිළිගත් අතර ඒ අනුව මෙම තරගාවලිය තරගාවලි දෙකකට වඩා එකම තරගාවලියක දිගුවක් බවත්,ඒ අනුව තෝරා ගත් පිරිස වෙනසකින් තොරව දායක කර නොගැනීම නෛතිකව මෙන්ම සදාචාරාත්මකවත් ගැටළුකාරී බවත් අප විසින් පෙන්වා දීමෙන් අනතුරුව ජාතික සංවිධායක වරයා තමාට ඒ පිළිබදව තනිව තීරණයක් ගත නොහැකි බැවින් ඉදිරියේදී සම්මේලනයේ සෙසු නිලධාරීන් හා සාකච්ඡෘ කොට අසාධාරණයක් සිදු නොවන්නට කටයුතු කිරීමට හැකි වෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් පැහැදිළි කළේය.
බේස්බෝල් ජාතික කණ්ඩායම වෛද්‍ය ඒකකයේ ලියාපදිංචි කෙරේ
මේ අතර ගෙවුණු පකිස්තාන් සංචාරයේදී කණ්ඩායම සමග සම්භාහකයෙකු රැගෙන නොයාම පිළිබදව අප විසින් කරන ලද විවේචනාත්මක හෙළිදරව්වෙන් පසුව දිනේෂ් පෙරේරා අප වෙබ් අඩවිය සමග ඒ පිළිබදව සාකච්ඡාවක් කළ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩකයන් ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ලියාපදිංචි වී එහි පහසුකම් ලබා ගැනීම පිළිබදව අනවබෝධයෙන් සිටින බව පැහැදිළි විය.වර්ථමානයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා යටතේ සියළු ක්‍රීඩා වෙනුවෙන් අදාළ වන වැඩ පිළිවෙළක් සහ පහසුකම් සම්පාදනය කිරිමක් සිදුවන බව අප විසින් පෙන්වා දෙන්නය යෙදුණ අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා බොස්බෝල් සංගමය සිය ජාතික කණ්ඩායම වෛද්‍ය ආයතනයේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ බව පැවසීය.
ඒ අනුව ඉදිරියේදී සම්බාහන කටයුතු සදහා මෙන්ම ‍ඖෂධ වර්ග මෙන්ම වෙනත් අතිරේක ඖෂධ ඇතුළු පහසුකම් සියල්ලම බේස්බෝල් ක්‍රීඩකයන්ටද ලබා ගැනීමට ඉඩ- කඩ විවිර වනු ඇත.එසේම ජාතික සංචිතයේ සියළුම ක්‍රීඩකයන්ට සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබදව කටයුතු කිරිමේදී ජාතික ක්‍රීඩා වෛද්‍ය  ආයතනයේ නිර්දේශ වලට සහ කොන්දේසි වලට යටත්ව කටයුතු කිරිමට සිදුවන අතර මේ දක්වා ඒ වෙනුවෙන් වැය කළ බොහෝ දේ නොමිළේ සේවාවන් සේ ලබා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.
සුපිරික්‍රීඩා ‍විසින් පෙන්වා දුන් කරුණු පිළිබදව ඉක්මන් අවධානය යොමු කර කටයුතු කර අතපසු වී තිබි කාරණයක් ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉටු කිරිමට පියවර ගැනීම පිළිබදව ජාතික බේස්බෝල් සංගමයට මෙන්ම ඒ පිළිබදව මැදිහත් වී කටයුතු කළ දිනේෂ් පෙරේරාට ද අපි ස්තූතිවන්ත වෙමු.
www.supirikrida.com 

බස්නාහිර පළාත් පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේදී සචිනි සහ ලහිරු දක්ෂයන්ගේ කිරුළු පළදිති

ස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ මියුසියස් විද්‍යාලයේ සචිනි දිනූසීකා රණසිංහ තේරී පත් වූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරී පත් වූයේ හොරණ තක්ෂිලා විද්‍යාලයේ ලහිරු ප්‍රසංජිත් ය.සචිනි ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩිකාවක් ලබා ඇති ඉහළම තත්ත්වයට ළගා වූ ක්‍රීඩිකාව මෙන්ම කාන්තා ලෝක කුසලාන තරගාවලියක් සදහා අවස්ථාව හිමි වූ එකම ක්‍රීඩිකාව ද වන්නීය.ලහිරු මීටර් 400 කඩුලු පැනීම මෙන්ම 400 ඉසව්ව සදහාද දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි ගණනකට ඉදිරිපත් වීමට ලහිරුට හැකි වූයේ ජාත්‍යන්තර පරිසාධන මට්ටමට ළගා වීම හේතු කර ගෙනය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ලහිරු අඹේගොඩ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් දක්වන ලද දක්ෂතා හේතු කර ගෙන හොදම නැගී එන ක්‍රීඩකයා ලෙස ඇගයීමට පත් වූ අතර වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩිමින්ටන් ක්‍රීඩිකාව ලෙස සැළකෙන ජාතික සූරි තිළිණි හෙන්දහේවා නැගී එන දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළැන්දායතඇය කොළම විශාකා විද්‍යාලයේ සිසුවියකි.
ඡායාරූපයේ බස්නාහිර පළාත් අධ්‍යාපන නිලධාරීන් ලේකම්තුමිය,ඵලාත් අධ්‍යක්ෂ,ක්‍රීඩා අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් සමග සම්මානනීය වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක් ඡායාරූපයේ දැක්වෙන අතර වමේ සිට ගත් විට ලහිරු අඹේගොඩ,ලහිරු ප්‍රසංජිත්,සචිනි දිනුෂිකා රණසිංහ සහ තිළිණි හෙන්දහේවා ඡායාරූපයේ වෙති.
www.supirikrida.com
  

Dec 7, 2012

පාපන්දු අවසාන තරගයට ඒමට පෙර වැරදි හරස් වෙයි

හින්ද රාජපක්ෂ කුසලානය වෙනුවෙන් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක දකුණු ආසියාතික රටවල් හතරක් වන ශ්‍රී ලංකාව,මාල දිවයින,බංගලාදේශය සහ පකිස්තානය සහභාගි වන පාපන්දු තරගාවලියේ පකිස්තානය සමග පැවති තරගය ජය පරාජයෙන් තොරව කෙළවර කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුව ද,ප්‍රතිවාදීන්ට වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා දීම හේතුවෙන් හ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසෙන්නට අවස්ථාව නොලැබී ගියේය.පකිස්තානය සහ ශ්‍රී ලංකාව මූලික වටයේ තරග 1 ක් ජයගෙන එකක් පරාජය වී එකක් ජය පරාජයෙන් තොරව අවසන් කර සිටින අතර පකිස්තානයේ ප්‍රතිපල ද ඒ ආකාරයෙන්ම ය.


නමුත් ශ්‍රී ලංකාව මාල දිවයිනට පරාජය වූ තරගයේදී මාල දිවයින ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 3 ක් ලබා ගත් අතර ‍පකිස්තානය සමග පැවති තරගයේදී මාල දිවයින ජය ගත්තේ ගෝල 1 - 0 ක් ලෙස ය.ඒ අනුව ප්‍රතිවාදීන්ට ගෝල ලබා දීමේ දී ශ්‍රී ලංකාවට වඩා හොද මට්ටමක සිටි පකිස්තාන් කණ්ඩායමට අවසාන තරගයට පිවිසෙන්නට අවස්ථාව හිමි විණි.පළමු තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකේදී සටන්කාමී වැඩ සටහනක් පෙරට ගෙන එමින් මැනවින් ක්‍රීඩා කළ අතර ඒ නිසා මෙම තරගාවලියේ ආරම්භක තරගයේදී පෑ දුර්වලතා  විශාල වෙනසකට බදුන් කර ගන්නට කැප වූ වූ බව පැවසිය හැකිය.
මේ තත්ත්වය නිසා කලකට පසුව මාල දිවයිනට පරාජය වුව ද,බංගලාදේශය පරාජය කරමින් සහ පකිස්තානය සමග තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමින්ද යහපත් ප්‍රවේශයක් ඉදිරි තරගාවලි සදහා ලබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වූ අතර දැල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා ගේ ආක්‍රමණශීලී සහ විශ්වසනීය ක්‍රීඩා රටාව පකිස්තානය සමග පැවති තරගයේදී ඉහළින් කැපී පෙණින.

ශ්‍රී ලංකාව අවසාන තරගයට නාවත් සිංගප්පූරුව පරදයි

සියානු කුසලානය අහිමි වීමේ වාඩුව ගත් ශ්‍රී ලංකා දැල් පන්දු ක්‍රීඩිකාවෝ සිංගප්පූරුවට ඔවුනගේ දේශයේදීම පරාජය අත් කර දීමට සමත් වූහ.ලකුණු 65 - 52 ක් ලෙස එම ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිංගප්පූරුවට සය සාමාජික තරගාවලියේ අවසාන තරගය පිළිබදව තිබූ බලාපොරොත්තුව විසුණු කර දැමීමට සමත් වූහ.


නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියට පෙර එල්ල වූ චෝදනා කිසිවක් මේ ජයග්‍රහණය හරහා නිශේධනය නොවන බව කිව යුතුය.සිංගප්පූරුව මේ තරගාවලියේ දී එලැඹෙන කණිෂ්ඨ ආසියානු කුසලානය සහ ජගත් කණිෂ්ඨ කුසලානය බලාපොරොත්තුවෙන් අවුරුදු 16 ආසන්නයේ පසුවන දක්ෂ ක්‍රීඩිකාවන් තිදෙනෙකුම ඇතුළත් කර තිබිණ.එය වසං කළ නොහැකි කාරණයක් නොවන අතර එසේ කියා ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරදා රටක් හැටියට ලත් ජය කිසි විට හෑල්ලුවට ලක් කිරීම එම කරුණ හෙළිදරව් කිරීමේ අභිප්‍රාය නොවේය.
එසේම තිලකා ජිනදාසගේ සමයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ කාය ශක්තිය හා දරා ගැනීමේ හැකියාව අනෙකුත් ආසියානු රටවල් ඉක්මවා බොහෝ ඉදිරියෙන් තිබුණ ද,ඇය ගේ ඉවත් කිරීමෙන් පසු එය ක්‍රමයෙන් හීන වූ බවක් දක්නට ලැබිණ.මෙම තරගයේදී ද එම තත්ත්වය දකින්නට ලැබුණු අතර තරගයේ ප්‍රථම කාර්තුවේ සිට සිව්වැනි කාර්තුව දක්වා සැළකිල්ල යොමු කරද්දී කාර්තුවෙන් කාර්තුවට ලකුණු පරතරය අඩු වී අවසාන කාර්තුව පරාජය වූ බව හදුනා ගන්නට හැකිය.පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 19 - 12 ක් ලෙස ද,දෙවන කාර්තුව ලකුණු 17 - 12 ක් ලෙස සහ තෙවන කාර්තුව ලකුණු 14 - 12 ක් ලෙස ද ජය ගත් අතර අවසාන කාර්තුවේදී ශ්‍රී ලංකාව 16  - 15 ක් ලෙස පරාජයට පත් වන්නේය.
මේ තත්ත්වය ඇති වීමට බල පෑ ප්‍රධානතම කාරණයක් ලෙස වසර ගණනකින් ජාතික කණ්ඩායමක් හෝ රටක ප්‍රධාන කණ්ඩායමක් පුහුණුකර නොසිටි හයසින්ත් විජේසිංහට පුහුණුකරු ධූරය පිරිනැමීම දැක්විය හැකිය.ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයග්‍රහණය සදහා මෙහෙය වූ ප්‍රබලතම පුහුණුකාරියක් වූව ද ඒ පත්වීම ලැබෙන විට ඇය ඉහළ තරගකාරීත්වයට මුහුණ දීමට සුදුසු මට්ටමේ පුහුණුකාරියකව ප්‍රායෝගික මට්ටමෙන් ක්‍රියාකාරීව නොසිටියාය.ඒ තත්ත්වය පැහැදිළිව දැක දැක හයසින්ත් ගේ අඩුව මැකීමට ගත්තේ හයසින්ත්ටත් වඩා කාලයක් තරගකාරීව ජාතික මට්ටමෙන් කණ්ඩායමක් පුහුණු නොකළ තැනත්තියක ය.
ඒ තත්ත්වය සළකා වර්ථමානයේ ජාතික මට්ටමේ උසස් දක්ෂතා දක්වන තරගකාරී ක්‍රීඩා සමාජ වලට පුහුණුකරුවන් ලෙස සම්බන්ධ වී සිටින යමුනා සදමාලි,සොමිතා ද අල්විස්,රූබා ජයලාල් සහ පීඩීඑම් ප්‍රසාදි ඒ සදහා යෝජනා කර අප යෝජනා කර සිටියත් එවැනි ප්‍රායෝගික නැති මිනිසුන්ට වගකීම් පැවරීමේ ප්‍රතිපලය වූයේ එම පුහුණුකරුවන්ට එම අවස්ථාව අහිමි වීමය.අප එහිදී පාසල් පුහුණුකාරියන් ලෙස දක්ෂතා දක්වන අමල්කා ගුණතිලක සහ ජානකී ගුණසේකර වැනි අයෙකු සහය පුහුණුකාරියක ලෙස පත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නද එයින් ප්‍රතිපලයක් අත් නොවිණ.
කෙසේ හෝ මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට අවසන් තරගයට ඒමට නොහැකි වූ බව සිතන්නට ද හේතු තිබිය හැකිය.මැලේසියාව සහ ශ්‍රී ලංකාව ජයග්‍රහණ වලින් සම මට්ටමේ සිටියද ජයග්‍රහණ වල දී ගෝල පරතරය තබා ගැනීමේ ප්‍රතිශතය මත මැලේසියාව ඒ සදහා සුදුසුකම් ලබා ඇත.ඒ අනුව අපරාජිත ටැන්සානියාව සහ මැලේසියාව මෙවර සය ජාතික දැල් පන්දු තරගාවලියේ අවසාන තරගයට තරග වදිද්දී ශ්‍රී ලංකාවට සිව්වන හෝ තෙවන තැන බලාපොරොත්තුවෙන් නැමීබියාව සමග තරග වැදීමට සිදු වී ඇත.

කොරියා ග්‍රොන්ප්‍රී තරගාවලියේ අර්ධ අවසන් වටයෙන් නිලූක ගේ ගමන නවතියි


කොරියානු ග්‍රොන්ප්‍රී බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කළ නිලූක කරුණාරත්න එහි අර්ධ අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුවේ ෂී ලියැන්ග් ඩෙරෙක් වොන්ග් ඉදිරියේ ලකුණු 21 - 14 සහ 22 - 20 ලෙස පරාජයට පත්විය.
වර්ථමානයේ ලොව 58 වන ස්ථානයේ පසු වුව ද,38 වන ස්ථානයේ සිටි ක්‍රීඩකයෙකු වන ෂී ලියැන්ග් හමු වීමට ප්‍රථම නිලූක සත්කාරක කොරියාව නියෝජනය කළ වින් කී කිම් ලකුණු 21 - 18  සහ 21 - 11 ක් ලෙස පහසුවෙන් පරාජය කළේය.
දෙවන වටයේදී නිලූක තරග වැදුණේ සිංගප්පූරුවේ විෂ්නු යුලී සමගය.එහිදී නිලූක විසින් යුලී වදෙවන වටයේදී ලකුණු 21 - 16 සහ 21 - 14 ක් ලෙස පරාජය කරන්නට සමත් විය.
ඹලිම්පික් තරගාවලියේදී ලොවේම අවධානයට ලක් වූ නිලූක ලබා ඇති ඉහළම ජගත් ශ්‍රේණිගත කිරීමේ ස්ථානය 36 වන අතර මේ මොහොත වන විට ඔහු සිටින්නේ 40 වන ස්ථානයේ ය.

අද ගැටුම ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර

සිංගප්පූරුවේ පැවත්වෙන සය ජාතික ජාත්‍යන්තර දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පස්වන තරගය අද සිංගප්පූරුවට එරෙහිව පැවත්වේ .හිටපු ආසියාතික සූරියන් වන ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකාවේදීම කිරුළ ඩැහැගත් සිංගප්පූරුව ඉන් අනතුරුව අද පළමු වරට ලංකාව හමු වන අතර සංගප්පූරුවට දිනා ගත් කීර්තිය ආරක්ෂා කර ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවට අහිමි වූ කීර්තිය දිනා ගැනීමට ද ලැබෙන අපූරු අවස්ථාවක් ලෙස මේ තරගය හැදින්විය හැකිය.
මේ වන විට තරගාවලියේ මුහුණ දුන් තරග හතර අතරින් තරග දෙකක් පරාජය වී සිටින් ශ්‍රී ලංකාව ඒ අතරින් මැලේසියාව ඉදිරියේ පරාජය වීම ශ්‍රී ලංකාවට පසු පසින් සිටි කණ්ඩායමක් ඉදිරියේ පරාජය වීමක් ලෙස හැදින්විය හැකිය.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටින සිංගප්පූරුව ද ඔවුන්ට වඩා පියවරක් පසු පසින් සිටින ටැන්සානියාවට පරාජය වී තිබෙන අතර එම ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැන තැන හිමි වූ ශ්‍රී ලංකාවද මේ වන විට නිමා වී ඇති තරග ප්‍රතිපල සළකා බලද්දී තරගාවලිය තුළ සිව්වන තැන පසුවෙයි.
www.supirikrida.com

යුරී පසුපස ආ පාපය

මේ යුක්රේනයේ යුරී බිලොනෝහ් ය.ඔහු 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලෙ යගුලිය වීසි කිරීමේ ඉසව්වේ ජයග්‍රාහකයා විය.ඒ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතන්නට එදා ඔහුට දිගු වූ මේ දෑත් වල ඇගිලි පහෙන් අද ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ එක ඇගිල්ලක් පමණි.ඒ දබැරගිල්ල ය.තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වීමෙන්,මේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතූ අයගේ අවංකභාවය තලා පෙලා දැමීම ඊට හේතුවය.
‍යුරී වරදකරුවෙකු වන්නේ අට වසරකට පසු ඔහුගේ මුත්‍රා සාම්පලය පරික්ෂා කිරීමෙන්ය.එදා තහනම් උත්තේජන පරීක්ෂණයට හදුනා ගන්නට නොහැකි වූ උත්තේජනයක් යුරී භාවිතයට ගන්නට ඇත.සාමාන්‍ය තත්ත්වය ගත් විට උත්තේජන නිර්මාණය කිරීම පරීක්ෂණ අලුත් වීමට වඩා වේගවත්ය.ඒ නිසා පරීක්ෂණ දැල එලන විට එහි සිදුරු ඇති බව අන්තර් ජාතික තහනම් උත්තේජන පරික්ෂා කිරීමේ අංශ හොදින් දැනුවත්ය.ඒ නිසාම ඔවුන් ජාත්‍යන්තර මට්ටටේ ක්‍රීඩකයෙකුගේ මුත්‍රා සාම්පලයක් පරික්ෂාකාරීව අට වසරක් තබා ගන්නේය.මේරියන්ස් ජෝන්ස් වරදට හසු වන්නේද මේඑම  හේතුවෙන්ය.ඒ නිසා තහනම් උත්තේජන හරහා වැරදි පෙළඹවීම් ලැබීමට පෙළඹෙන ඕනෑම අයෙකු අවසානයේ බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මට්ටමට පැමිණිම නම් වරදට ආයුෂ අඩු  බව දැන ගත යුතුය.

Dec 6, 2012

අයර්ලන්තය ශ්‍රී ලංකාවට පරදියි

සිංගප්පූරුවේ ක්‍රියාත්මක සය ජාතික දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 70 - 63 ක ජයක් හිමිවිය.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දරා ගැනීම සහ ආරක්ෂක පෙළ මැනවින් ක්‍රීඩා කළේ නම් මෙම ජයග්‍රහණය මීට වඩා ලකුණු පරතරයක් සහිත ජයක් කර ගන්නට තිබුණු බව සිංගප්පූරු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීම් වලට අනුව පහතින්ම සිටින අයර්ලන්තයට එරෙහිව ප්‍රථම කාර්තුව ලකුණු 22 - 16 ක් ලෙස පෙරට පැමිණි ශ්‍රී ලංකාව දෙවන කාර්තුව ජය ගනිමින් පළමු අර්ධය නිමා වන විට ලකුණු 40 - 28 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
නමුත් තෙවන කාර්තුවේදී අයර්ලන්ත ක්‍රීඩිකාවන්ගේ ශක්තිමත් භාවය සහ දරා ගැනීමේ හැකියාව ඉදිරියේ ලකුණු ලබා ගැනීම සිදු වූයේ ශ්‍රී ලංකාව ලකුණු 20 ක සහ අයර්ලන්තය ලකුණු 16 ක් ලෙසය.මේ තත්ත්වය සිව්වන වටයේදී තවත් හොදින් පැහැදිළි වන්නට වූ අතර එහිදී අයර්ලන්තය ලකුණු 16 - 13 ක් ලෙස සිව්වන කාර්තුව ජය ගන්නට සමත් විය.නමුත් මුල් වට දෙකේ ලබා තිබූ වාසියේ මහිමයෙන් අවසාන ප්‍රතිපලයේදී හ්‍රී ලංකාවට ලකුණු 7 ක් ඉදිරියෙන් සිට තරගය ජය ගැනීමට හැකි විය.
මේ අතර සිංගප්පූරුවට එරෙහිය ගෙදරය පැන පහර දීමක් කිරීමට ටැන්සානියාව සමත් වූ අතර සිංගප්පූරුව ඔවුන් ඉදිරියේ 34 - 51 ලෙස පරාජය ලැබීය.මැලේසියාව සහ නැමීබියාව අතර තරගයේදී නැමීබියාව තරගයේ මුල් කාර්තුවේ දී ලකුණු 12 - 11 ක් ලෙස පෙරට පැමිණිය ද,සමස්ත තරගය පුරා එම වාසිදායක තත්ත්වය රදවා ගැනීමට වර්ධනය කර ගැනීමට අවස්ථාවක් නොදුන් මැලේසියාව තරගය ලකුණු 59 - 42 ක් ලෙස පහසු ජයග්‍රහණයකින් කෙළවර කළේය.
www.supirikrida.com

වෙළද සේවා වොලිබෝල් අවසාන තරග 16 දා මහරගම දී


වෙළද සේවා වොලිබෝල් සංගමය අලුත් ගමණකට මුල පුරමින් ආරම්භ කළ වෙළද සේවා වොලිබෝල් තරගාවලියේ මූලික තරග දෙසැම්බර් 1 සහ 2 යන දෙදින තුළ මහරගම ශ්‍රී ලංකා යූත් එළිමහන් කෙළිබිමේ පැවති අතර එහි අවසාන තරග දෙසැම්බර් 16 දා මහරගම යූත් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.පිරිමි අංශයේ අවසන් තරගයට Textured Jersey Lanka PLC කණ්ඩායම සහ Brandix Intimate Apparel Ltd-Welisara තේරී පත් වී සිටින අතර කාන්තා අංශයේ අවසන් තරගයට Intimate Apparel Ltd-Redigama සහ MAS Casualline-Mawathagama තේරී පත් වී සිටිති.පිරිමි අවසාන පූර්ව තරග වලදී Textured Jersey Lanka PLC වෙතින් David Peiris Motor Company LTD කණ්ඩායම වට 2 - 1 ක ජයක් ලැබූ අතර Brandix Intimate Apparel Ltd-Minuwangoda වට 2 - 0 කින් පරදා Brandix Intimate Apparel Ltd-Welisara කණ්ඩායම ජය ලැබීය.කාන්තා අවසාන පූර්ව තරග වලදී MAS Casualline-Mawathagama  කණ්ඩායම MAS Linea Aqua-Kapugoda පරදා වට 2 - 0 ක ජයක් ලැබූ අතර Intimate Apparel Ltd-Redigama,වට 2 - 0 කින් Intimate Apparel Ltd-Welisara පරදා අවසාන තරගයට සුදුසුකම් ලැබීය.


කණ්ඩායම් 50 ක ඉලක්කයක් සමග තරගාවලියට පිවිසි වෙළද සේවා වොලිබෝල් සංගමය මේ වන විටත් විශාල ජයග්‍රහණයක් ලබා ඇති අතර තරගාවලිය නියෝජනය පිණිස එක් වූ කණ්ඩායම් ප්‍රමාණය 65 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.පරිපාලනය පිළිබදව ඇති විශ්වසනීයත්වය ද වැඩි කණ්ඩායම් ප්‍රමාණයක් තරගාවලිය කරා යොමු වීමට ප්‍රධාන වශයෙන්ම බල පෑ බව සත්‍යය වන අතර මේ තත්ත්වය මත ඇති වූ තරගකාරීත්වය ජය ගැනීමට විවිධ උපක්‍රම භාවිතයේදි ඇතැම් කණ්ඩායම් වලට තරග නීති - රීති උල්ලංඝණය පිළිබදව චෝදනි බවා එල්ල වෙමින් පවතින අතර ඒ නිසා ඇතැම් විට අවසන් තරග නියෝජනය කරන කණ්ඩායම් වල වෙනසක් විය හැකි බව ද වෙළද සේවා වොලිබෝල් ආරංචි මාර්ග සදහන් කරයි.
www.supirikrida.com

එරන්ද ගේ ගෝලයෙන් ලංකාව යළි කුසලාන සටනට

හින්ද රාජපක්ෂ කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය සහ සහයෝගය ඇතිව සංවිධානය කරන්නට යෙදුන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ජය ඊයේ (05) බංගලාදේශයට එරෙහිව වාර්තා විය.නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක තරගාවලියේ මාල දිවයින අතර පැවති තරගයේදී දැක් වූ දුර්වලතා අවම කර ගැනීමට සමත් වී සිටි ශ්‍රී ලංකාව බංගලාදේශය සමග තියුණු තරගයක නියැලි අතර බංගලාදේශයද පකිස්තානය සමග පැවති තරගයෙන් පරාජය වී සිටි නිසා ‍මෙම තරගය ජය ගන්නට හැකි සෑම ශක්තියක්ම යොදා ක්‍රීඩා කරනු පෙණින.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එරන්ද ප්‍රසාද් රැස් කරන්නට යෙදුණ ගෝලය බංගලාදේශය අභිබවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙනෙන්නට ප්‍රමාණවත් විය.පළමු තරග වලින් ජය ගෙන සිටි මාල දිවයින සහ පකිස්තානයද ඊයේ එකිනෙකාට එරෙහිව තරග වැදි අතර මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ පෙරමුණේ රැදීමේ අවකාශය හිමිවන බැවින් එම තරගය ද තියුණු මුහුණු වරක් ගත්තේය.අවසානයේදී මාල දිවයින 1 - 0 ක් ලෙස එම තරගය ජය ගනිමින් තරගාවලියේ පළමු තැන රැදෙන්නට සමත් විය.හෙට ශ්‍රී ලංකාවට අවසාන තරගය පිළිබද බලාපොරොත්තුවක් තබා ගන්නට නම් පකිස්තානය පරාජය කළ යුතු අතර එම තරගයට අමතරව හෙට දැනට මෙම තරගාවලියේ දත්ත වලට අනුව පළමු ස්ථානයේ සිටින මාල දිවයින සහ අවසාන ස්ථානයේ සිටින බංගලාදේශය අතර තරගය ද පැවත්වීමට නියමිතය.
පවතින තත්ත්වය අනුව මාල දිවයින බංගලාදේශයට පරාජය වුව ද අවසාන තරගයට පිවිසීමට බාධාවක් නැති අතර නමුත් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය වඩාත් තියුණු තරගය වන අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසාන තරගය සදහා මාල දිවයින සමග තරග වැදීමට අවස්ථාව හිමි වනු ඇත.


Dec 5, 2012

ශ්‍රී ලංකාව මැලේසියාවටත් පරදියි


දැල් පන්දු ඉතිහාසය ආශ්‍රීත අප සතු තොරතොරු වලට අනුව ශ්‍රී ලංකාව කණිෂ්ඨ අංශයේදී මැලේසියාව ඉදිරියේ පරාජය ලබා තිබුණද,ප්‍රථම වරට ජාතික කණ්ඩායමක් වශයෙන් පරාජය වීම මෙවර සය ජාතික සිංගප්පූරු දැල් පන්දු තරගාවලියේදී ඊයේ (දෙසැම්බර් 04) සිදු විය.ඒ ලකුණු 73  - 66 ක් ලෙස ය.තරගයේ පළමු අර්ධය නිම වන විට ශ්‍රී ලංකාව 30 - 41 ක් ලෙස පසු පසින් සිටි අතර දෙවන අර්ධයේදී එම ලකුණු පරතරය ලකුණු දෙකකින් අඩු කර ගන්නට සමත් විය.

මේ පරාජය ජගත් ශ්‍රේණිගත කිරීම්වලට යම් බලපෑමක් එල්ල කළ හැකි පරාජයක් වන අතර වර්ථමානයේ ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ පසුවන අතර මැලේසියාව සිටින්නේ 25 වන ස්ථානයේය.තරගාවලියේ දෙවන දිනය වූ 03 දා ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට එරෙහිව ජය ගත්තද නැමිබියානු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ පසුවන අතර එම කණ්ඩායම 2011 දී  ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළේ හිටපු පුහුණුකාරිණියගේ සම්ප්‍රාප්තියත් සමග ජ්‍යෙෂ්ඨයන් බිදී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය.එම පුහුණුකාරියට එම තනතුරට පත් වීමට අදාළ පසුබිම සකස් කිරීමට උනන්දු වූ කණ්ඩායමේ සිටි යසා රාමචන්ද්‍රයන් අද පුහුණුකරු තනතුරේ සිටින අතර ඔවුන් සියල්ල හිටපු පුහුණුකාරියගේ පදයට රගමින් සිටියදී යළිත් ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු දක්ෂ ක්‍රීඩිකාවන් කණ්ඩායමට කැදවීමේ අවශ්‍යයතාවය ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්වා දීමට මැදිහත් වූයේ 'සුපිරික්‍රීඩා' ය.
නමුත් වර්ථමානයේ අමාත්‍යවරයා මාධ්‍යකරුවන් හෝ මාධ්‍ය වලින් පෙන්වා දෙන කරුණු පිළිබදව සිය අවධානය යොමු කිරීම පසෙකලා නිලධාරීන්ගේ උපදේශයන් පමණක් විශ්වාස කරන තත්ත්වයට පත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇත.yes sir න්‍යායෙන් ඔබ්බට නොයමින් සිය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය ආශිර්වාදය ලබා ගන්නා  දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම අමාත්‍ය කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් ද අසු පනින තෙක් පිටේ යෑමට සිතන සහ පනින ඕනෑම අසෙකු පිට සිය ගමන යෑමට සිතන අය  මිස අමාත්‍යවරයාගේ හෝ ක්‍රීඩාවේ දීර්ඝ පැවත්ම පිලිබදව සිතන අය නොවේය.ඒ නිසා සැබෑ චිත්‍රය වසං කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.
මේ නිසා මේ වන විටත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශය සිය නෙට්බෝල් අනුග්‍රාහකයන්ට ලබා දුන් සිහින අළු බවට පත් වෙමින් තිබෙන අතර මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හය අතරේ තෙවන තැන සිටින ශ්‍රී ලංකාව මැලේසියාවට පරාජය වීමෙන් අනතුරුව තව දුරටත් පහළට තල්ලු වී යාමේ අවදානමකට ලක් වී ඇත.
තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් ගත් විට සිංගප්පූරුව (18),ටැන්සානියාව (19),ශ්‍රී ලංකාව (23),මැලේසියාව (25),නැමීබියාව (26) සහ අයර්ලන්තය (28) ලෙස පිළිවෙලින් පසු වනු දකින්නට හැකිය.මේ සියල්ල සදහා බලපෑවේ පැවති අතුරු කමිටුවේ සභාපතිණියට සහ අමාත්‍යවරයගේ දෝෂ දර්ශණයට ලක් වන පිරිස් නොවන බව ඉතිහාසය පිළිබදව විමසීමේදී පැහැදිළි වන අතර අද අමාත්‍යවරයාගේ අනුකම්පාවට සහ වරප්‍රසාදයන්ට ලක් වන පිරිස් ‍ලාකේය දැල් පන්දුව ජාත්‍යන්තර මට්ටමෙන් ඉතිහාසයේ පහළම අඩියට කඩා වැටීමට මුල් වූ ආසියානු සූරතාවය දිනූ කණ්ඩායමේ පුහුණුකාරිය ඉවත් කිරීමට අවශ්‍යය පසුබිම සකස් කළ පිරිසය.
නමුත් ඉතිහාසය පිළිබදව කරුණු සොයා බලා අමාත්‍යවරයා දකින චිත්‍රයේ ඇති වැරදි රේඛා මකා දැමීමට යෝජනා කරන්නට නොව අමාත්‍යවරයාට yes  කීමෙන් හිත දිනා ගැනීම පිණිස ඒ චිත්‍රය පාට කර දීමට ඉදිරිපත් වන අය ද ඒ පිනෙන් සිංගප්පූරුව වන්දනා කරන්නට වරම් දිනා ගත්හ.මේ තත්ත්වය නිසා පෞද්ගලිකව කැප වී වැඩිම මුදලක් සහිත අනුග්‍රහයක් දැල් පන්දුවට රැගෙන ආ ක්‍රීඩා අමාත්‍යවරයා හිල් කළයකින් වතුර ඇදි චරිතයක් බවට පත් වී ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දැල් පන්දුවේ දැවැන්තම කඩා වැටීම සිදු වූ අවධියේ ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත් වී ඇත.

බස්නාහිර බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුනරුදයට දෙස් - විදෙස් ‍ඖෂධ සමාගම්

ස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය 39 වන වරටත් මෙහෙයවන බස්නාහිර පළාත් අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් තරග ඔක්තෝම්බර් 07 සහ 8 යන දිනයන්හී දී පැවත්වීමට කටයුතු යොදා ඇත.ගලකිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා භූමියේ පැවත්වෙන මෙම තරගාවලියට පෙර - අපර වෛද්‍ය ඖෂධ සමාගම් දෙකකින් එකක් ගෝල්ඩ් අනුග්‍රාහකයා ලෙසත් අනෙක් සමාගම සම අනුග්‍රාහකයෙකු ලෙසත් එක් වී තිබීම කැපී පෙනෙයි.පෙරදිග චීන වෛද්‍ය ක්‍රමයට අනුව ශාඛසාර ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන FCK I ASIA (PVT) LTD ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස මෙම තරගාවලිය සමග එක්වන අතර ASTRON LTD නම් බටහිර ‍ඖෂධ සමාගම සම අනුග්‍රාහකත්වයෙන් දායක වෙයි.
කණ්ඩායම් 60 ක් තරගාවලිය නියෝජනය කරන අතර පිරිමි කණ්ඩායම් 47 ක් ඒ,බී,සී සහ ඩී කාණ්ඩ යටතේත් කාන්තා කණ්ඩායම් 23 ක් ඒ,බී සහ සී කාණ්ඩ යටතේත් තරග බිමට පිවිසීමට නියමිතය.අති දක්ෂ ජාතික තලයේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මේ තරගාවලිය සමග එක් වීමට නියමිතය.දිනුක කරුනාරත්න,ලේඛා ෂෙහානි,අචිනි රත්නසිරි,උපුලි සමන්තිකා මෙන්ම කණිෂ්ඨ අංශයෙන් දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශාල පිරිසක්ද මේ සමග එක් වීමට නියමිතය.
බස්නාහිර පළාතේ ඇති බස්නාහිර පළාත් සංගමය තුළ ලියාපදිංචි නොවන කණ්ඩායම් වලටත් මෙම තරගාවලිය විවෘත කිරීමට බස්නාහිර පළාත් සංගමය ගෙන තිබෙන තීරණයෙන් පළාත තුළ සිටින සියළු දක්ෂයන්ට විශාල ඉඩ - කඩක් නිර්මාණය වී තිබෙන අතර ජාතික මට්ටමෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට විශාල ආලෝකයක් එක් කරන්නට එය සමත් වී තිබීම අගය කළ යුතුය.
තරගාවලියේ මාධ්‍ය සත්කාරකත්වය සදහා සීමාසහිත එක්සත් ප්‍රවාත්ති පත්‍ර සමාගම එක් වී සිටින අතර www.supirikrida.com  මාධ්‍ය සම්බන්ධිකරණයෙන් දායකත්වය දක්වයි.
www.supirikrida.com  

Dec 4, 2012

තර්ජණීගේ ප්‍රහාරයෙන් නැමීබියාව පැරදෙයි

සිංගප්පූරුවේ පැවත්වෙන සය ජාතික දැල් පන්දු තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ ලකුණු 69 - 65 ක් ලෙස රැස් කරමින්.මෙහිදී කැපී පෙණුන දස්කමක් ප්‍රදර්ශණය කර තර්ජණී සිවලිංගම් තම ප්‍රහාර 68 න් 67 ක් ම නිසි ඉලක්කයට යොමු කිරීම කැපී පෙණුනා.ශ්‍රී ලංකාව සහ නැමීබියාව අවසාන වරට හමු වූ අවස්ථාවේ දී ,ලකුණු 77 - 49  ජයක් ලබන්නට නැමීබියාව සමත් වුව ද, මෙවර එම ජය තම අත් වැරදි වලින් ගිලිහී ගිය බව පෙන්වා දෙන නැමීබියා පුහුණුකාරිනිය මර්චා මයිබර්ග් ඔවුන්ට එරෙහි වූ ප්‍රධානතම සාධකය ලෙස තර්ජණි සිවලිංගම්ගේ දැල විදීම පෙන්වා දෙනවා.
මීට පෙර දෙරට හමුවන විට ශ්‍රී ලංකාව නියෝජනය කළේ අත්දැකීම් අඩු කණ්ඩායමක් වූ අතර මෙවර කණ්ඩායමට පසුගිය ආසියාතික අනු සූරතාවය දිනූ කන්ඩායමෙන් ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් අහිමිව තිබුණද ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිටීම වාසිදායක තත්ත්වයක් ලෙස පෙනෙන්නට තිබෙනවා.ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය ටැන්සානියාව ඉදිරියේ ලකුණු 67 - 51 ලෙස පරාජය වූ අතර අද මැලේසියාවත් ඉදිරි දින වල දී සිංගප්පූරුව සහ අයර්ලන්තයත් හමු වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

ජපානයෙන් ලැබුණු බේස්බෝල් පුහුණු කදවුර සාර්ථකව නිමා වේ

ගාල්ලේ නාවික හමුදා සහ කොග්ගල ක්‍රීඩාංගණ මූලික කරගෙන ජපානයේ චුනිචි ඩ්‍රැගන් වෘත්තීය බේස්බෝල් කණ්ඩායමේ පුහුණුකරුවෙකු වන සුමිදා වටරි විසින් අවුරුදු 18 න් පහළ සහ ජාතික කණ්ඩායම් සදහා පවත්වන්නට යෙදුණ බේස්බෝල් දෙදින පුහුණු කදවුර දෙසැම්බර් 02 දා සාර්ථක ලෙස නිමාවට පත් වී තිබෙනවා.කණ්ඩායම් දෙකම  නියෝජනය කරමින් ක්‍රීඩකයින් 24 ක් පමණ සහභාගි වූ මෙම පුහුණු කදවුරට සහභාගි වූ ක්‍රීඩක කණ්ඩායම සහ පුහුණුකරු සුමිදා වටරි එක්ව ඡායාරූපයකට පෙනී සිටි අයුරු මේ සමග වන ඡායාරූපයෙන් දැක්වෙනවා.
www.supirikrida.com

අතට ගත් දේ ඔබා නොගත් ලංකාවේ කටට මාල දිවයින ගෝල තුනක් ඔබයි

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මහින්ද රාජපක්ෂ කුසලානය සදහා වන දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ ප්‍රථම තරගයේ දී ප්‍රථම භාගයේදී ශ්‍රී ලංකාවට ගෝල ලබා ගැනීමට ලැබුණු අවස්ථා කිහිපයක්ම අලසකම,නොසැළකිල්ල සහ කණ්ඩායම් හැගීමෙන් තොර වීම නිසා මග හැර ගැනීමේ වරදට දඩුවම් ලෙස මාල දිවයින පිළෙන් ගෝල තුනක ප්‍රහාරයක් විදින්නට ශ්‍රී ලංකාවට සිදු විය.වි‍ශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ අනොන්‍ය අවබෝධයේ විශාල හිදැස් දකින්නට ලැබුණු අතර එම හිදැස් වලින් මාල දිවයින කණ්ඩායම රිංගා යාමට තරම් අවස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම කැපී පෙණින.පන්දු පාලනය මේ නිසා උපක්‍රමශීලී සහ නිවැරදි තත්ත්වයෙන් පැවති අතර දඩුවම් පහර හැරෙන්නට ඉතිරි ගෝල දෙකම රැස් කිරීමේදී ක්‍රිඩාවේ සාමූහික ශිල්පීය ගුණය මාල දිවයින කණ්ඩායම හරහා ප්‍රදර්ශණය වීම කැපී පෙණින.
මේ අතර පකිස්තානය සහ බංගලාදේශය අතර පැවති තරගයෙන් බංගලාදේශය පරදා පකිස්තානය ජය ගත්තේ ගෝල 1 - 0 ක් ලෙස ය.තරගාවලියේ ප්‍රථම දිනය නිමවන විට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය පරාජිතයන්ගේ ගොන්නට වැටී ඇති අතර පකිස්තානය සහ මාල දිවයින ජයග්‍රාහී කණ්ඩායම් ලෙස මහින්ද රාජපක්ෂ කුසලානය සදහා ළං වීමේ උත්සාහයේ පෙරමුණේ සිටියි.
මේ සමග දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර පැවති තරගයේ දසුන් සහ පකිස්තානය සහ බංගලාදේශය අතර පැවති තරගයේ දසුන් පාලිත ගුණසිංහ ගේ කැමරා කාචයේ සටහන් වී ඇති අයුරුයි.
www.supirikrida.com

සමස්ත සූරතාවය නේෂන් ට්‍රස්ට් දිනා ගනියි ඒ කොටසේ සූරයෝ මැක්ලරන්ස් - සූරියෝ හැටන් නැෂනල්

නේෂන් ට්‍රස්ට්
ල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී නිමා වූ ඩියුලක්ස් වෙළද සේවා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත සූරතාවය නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායම විසින් දිනා ගත්තා.මෙහි කාගේත් වැඩි අවධානයක් දිනා ගත් පිරිමි කොටසේ සූරතාවය මැක්ලරන්ස් කණ්ඩායම දිනා ගත් අතර එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩක නිලූක කරුණාරත්න මෙන්ම ඔහුගේ පියා වන ලුවී කරුණාරත්න ද ඇතුළත් වීම සුවිශේෂී සිදුවීමක් වුණා.පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නිලූක කරුණාරත්න සම්මානනීය වූ අතර කාන්තා අංශයේදී ඒ කාණ්ඩයේ සූරතාවය හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට දිනා දීමට මූලික වූ මධූෂා දිසානායක දක්ෂතාම ක්‍රීඩිකාව බවට පත් වන්නට  සමත් වුණා.
මධූෂා 
පහත දැක්වෙන්නේ වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය විසින් නිකුත් කරන්නට යෙදුණ නිල ප්‍රතිපලය යි.


Douglas & Sons Ltd Challenge Trophy
Women’s Veterans
       
 3RDPLACE      Sampath     Bank Plc
  RUNNER-UP John Keels Group
             
   WINNER  Seylan Bank Plc                

BEST PLAYER Renu Chandrika de Silva – Seylan

Mahesh Markalandawa & Samantha Jayawardena. Challenge Trophy
Men’s Veterans  “B”  Division  
3RDPLACE      Airport & Aviation Sri Lanka Ltd
නිලූක
         
 RUNNER-UP   H. N. B. Plc
         
 WINNER    John Keels Group
BEST PLAYER
Mahendra Amarasinghe - JKH
.
Lanka Bell Challenge Trophy
Men’s Veterans  “A”   Division
3RDPLACE     Hatton National Bank Plc
         
RUNNER-UP   Brandix (pvt) Ltd
WINNER         Sri Lankan Air Lines Ltd
BEST PLAYER. Sujith Wijetunga
Ceylinco Insurance PLC (General) Challenge Trophy
Men’s “ H-4 “   Division
              3RDPLACE    National Development bank
              RUNNER-UP  Douglas & Sons
           
              WINNER     Ceylinco Sports Club
BEST PLAYER Mahela Thalpawila
පිය - පුතු සහය ලද මැක්ලරන්ස් 
 M K G CONSTRUCTIONS (PVT) LTD Challenge Trophy
Men’s  “ H-3“  Division
3RDPLACE     Diolog Axiata Plc
RUNNER-UP  Airport & AviationWINNER     South Asian Technologies
BEST PLAYER Pasan Punasinghe – South Asian Technologies
M K G CONSTRUCTIONS (PVT) LTD Challenge Trophy
Men’s  “ H-2“   Division
              3RDPLACE   Hatton National Bank Plc
              RUNNER-UP  Amro Sugers
              WINNER     Etisalat Lanka (pvt) Ltd
BEST PLAYER Jagath PremawardenaVictor Sports Challenge Trophy
Men’s  “H-1“   Division
              3RDPLACE   DFCC Bank
              RUNNER-UP  EAP Network
              WINNER     MJF Exports
BEST PLAYER Chithraka Jayasuriya – MJF Exports
Douglas & Sons Ltd Challenge Trophy
Men’s “G” Division  
            3RDPLACE     H. D. P. L.
             RUNNER-UP  I. B. M.
             WINNER     Brandix (pvt) Ltd
BEST PLAYER - Danuka Nawarathne - Brandix
Fine Enterprises Challenge Trophy
Men’s  “F” Division    
             3RDPLACE   Sanchio (pvt) Ltd
             RUNNER-UP John Keels Group
             WINNER    Seylan Bank
BEST PLAYER - Daminda de Silva – Seylan Bank
.Mercantile Badminton Association Challenge Trophy
Women’s  “E” Division    
           3RDPLACE Airport & Aviation
           RUNNER-UP  H. D. P. L.
           WINNER  Millenium
BEST PLAYER – Mario Samaratunga – Millenium Information Technologies
.
Douglas & Sons Ltd Challenge Trophy
Men’s  “E” Division    
           3RDPLACE    Mclarance Holdings Ltd
           RUNNER-UP  H. N. B.
           WINNER   H.D.D.E.S. Extracts
BEST PLAYER – Ravidu Senevirathne – HDDES Extracts
Fine Enterprises Challenge Trophy
Women’s   “D” Division    
     3RDPLACE   Brandix (pvt) Ltd
     RUNNER-UP Mclarance Holdings
           WINNER       Ceylinco Sports Club
BEST PLAYER – Ashani Mendis – Ceylinco Sports ClubDouglas & Sons Ltd Challenge Trophy
Men’s   “D” Division    
         3RDPLACE   John Keels Holdings
         RUNNER-UP  Commercial Bank of Ceylon Plc
         WINNER   Mas Holdings
BEST PLAYER – Nadeesha Daniel – Mas Holdings
.
Mercantile Badminton Association Challenge Trophy
Women’s  “C” Division    
          3RDPLACE   John Keels Holdings
          RUNNER-UP Standard Charted Bank
          WINNER    Nation Trust Bank
BEST PLAYER - Thilini Goonathilake - NTB
.
Nicky Thejwani Challenge Trophy
Men’s  “C” Division    
          3RDPLACE   HDDES Extracts
          RUNNER-UP LOLC
          WINNER    Brandix (pvt) Ltd
BEST PLAYER – Nihal Amarasena - Brandix
.Neranjan Abeykoon Challenge Trophy
Women’s  “B” Division    
          3RDPLACE  HSBC
          RUNNER-UP  N.T.B.
          WINNER    Janshakthi Insurance
BEST PLAYER – Dilhani de Silva – Janashakthi Insurance
Sri Lankan Air Lines Ltd Challenge Trophy
Men’s  “B” Division    
            3RDPLACE  Ceylinco Sports Club
            RUNNER-UP Seylan Bank
           WINNER  National Development Bank.
BEST PLAYER Prabash Indrajith
.
P. Sivalingam Challenge Trophy
Women’s  “ A” Division    
           3RDPLACE  Seylan Bank Plc
           RUNNER-UP  Sampath Bank
           WINNER  Hatton National Bank (A)
BEST PLAYERM – Madusha Dissanayaka
.Bartlett Group of Company Challenge Trophy
Men’s  “A” Division    
           3RDPLACE  Hatton National Bank
           RUNNER-UP – Sampath Bank
     
           WINNER  Mclarance
BEST PLAYER Niluka Karunaratna
.
OVERAL WINNERS

03RDPLACE  Seylan bank PLC
02NDPLACE  Hatton National Bank
01stPLACE    OVERALL CHALLENGE TROPHY
                  Nation’s Trust Bank    
www.supirikrida.com 

Dec 3, 2012

මහින්ද රාජපක්ෂ කුසලානයට දකුණු ආසියාතික රටවල් අද නාවලපිටියට



හින්ද රාජපක්ෂ අභියෝග කුසලානය සදහා දකුණු ආසියාතික රටවල් හතරක් අතර පැවත්වෙන සිව්කොන් පාපන්දු තරගාවලිය අද නාවලපිටියේදි ඇරඹිමට නියමිතය.අද තරගාවලියේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ය.වසරක් පාසා මෙම තරගාවලිය පැවත්වීම කෙරෙහි තරගාවලියට සහභාගි වන රටවල ද අවධානය මේ වන විටත් යොමු වී ඇති අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ පාපන්දු තරගාවලිය සංවිධනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේද සහය ඇතිව කටයුතු කරන්නනේය.

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ අද සමාරම්භය ආලෝකමත් කිරීමට පැරෂුට් භටයන් ගුවන් සංදර්ශන පුහුණුවේ යෙදී සිටින අයුරු සහ ක්‍රීඩා කණ්ඩායම් තරගාවලිය පැවත්වෙන නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පුහුණුවීම් වල යෙදී සිටින් අයුරුය.
ඡායා - කසුන් ලක්රූ

www.supirikrida.com

ජාතික කෙළි උළෙලේ දක්ෂතම මලල ක්‍රීඩකයා මංජුල - දක්ෂතම ක්‍රීඩිකාව ජානි

මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ඉසව්වෙන් නව උළෙල වාර්තාවක් තබමින් මීටර් 2.23 ක දක්ෂතාවයක් දැක් වූ දකුණු පළාත නියෝජනය කළ මංජුල කුමාර තේරී පත් වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වයඹ පළාතේ ජානි චතුරංගනී ද සිල්වා තේරී පත් වූයේ මීටර් 100 ඉසව්වේදී තත්පර 11 .78 ක දක්ෂතාවයක් දක්වමින්ය.එසේම මෙවර ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා මලල ක්‍රීඩා සූරතා ද්විත්වයම දකුණු පළාත දිනා ගැනීමද කැපී පෙණින.
සුපුරුදු පරිදිම මෙවරත් සමස්ත සූරතාවය බස්නාහිර දිනා ගත්තේ වැඩිම පහසුකම් සහිත පළාත ලෙස බස්නාහිර සතුව ඇති සම්පත් භාවිතයේ යහපල නෙලා ගනිමින්ය.මධ්‍යම පළාත දෙවන තැනට පත් වෙද්දී තෙවන තැන සතු වූයේ වයඹට ය.මාස හතකට ආසන්න කාලයක් විවිධ ක්‍රීඩාවන් සදහා මේ පොළව තුළ සිටින දක්ෂයන් ජාතික තලය සදහා ගෙන එන්නට කරනු ලබන කැපවීමේ අවසන් පලය උත්සවශ්‍රීයෙන් සමාජ ගත කරන ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පැවති දින තුන තුළ ක්‍රීඩා ඉසව් නිවැරදි කාල සටහනකට පවත්වා ගෙන යාමේ දුෂ්කරතාවය ජය ගන්නට සමත්වීම හැරෙන්නට බොහෝ කාරණාවලදී කාලයක සිට පවතින දුර්වලතා වෙනස් වී නැති බව දකින්නට ලැබිණ.තරගාවලිය පුරාම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේහයට අයත් අංගෝපාංග ලෙස අනෙකුත් පාර්ශවයන් කටයුතු නොකරන බවත්,ඒ සිය දේහයේ ක්‍රියාකාරීත්වයේ ශක්තිය හා හැකියාව පිළිඹිබු කරන අංගෝපාංග ලෙස දෙපාර්තමේන්තුව ඒ විප්පයෝගය පිළිබදව සැළකිල්ල යොමු නොකළ බවත් දකින්නට ලැබිණ.
මේ තත්ත්වය නිසා සමබර සහ සමතල වෙනුවට විවිධ විෂමතාවයන් දකින්නට ලැබීම කණගාටුදායක තත්ත්වයක් විය
ක්‍රීඩා උළෙල අවසානයේ ජාතික ධජය බිම හෙලිමට තරම් නොදැනුවත්ව සහ නොසැළකිල්ලෙන් කටයුතු කිරීම සිදුවන්නේද මේ අසමතුලිත තත්ත්වයන් තුළ ධනාත්මක සංවාදයන් වෙනුවට හුදෙකලාවීම මෙන්ම හුදෙකලා කිරිම් තුළය.කිසිවෙකුට මෙවැනි උළෙලක් තනිව කළ නොහැකිය.එසේම සියල්ලටම කිරිමටද නොහැකිය.ඒ නිසා එක් අධීක්ෂණයක් යටතේ සියළු දෙනාගේ අදහස්වල සාරය පෙරා ගෙන කටයුතු කළ යුතු අතර ඒ සාරය තුළින් සැකසෙන න්‍යාය පත්‍රය පොදු එකක් විය යුතු අතර ඊට අමතරව දේ ඊට ඇතුළත් වීම හෝ එහි ඇති දේ නොසළකා හැරීම සිදු නොවිය යුතුය.සියල්ලගේ අදහස් වලින් සැකසෙන න්‍යාය පත්‍රය තුළ පෞද්ගලිකව තමන් කැමති දේ නොතිබිය හැකි වුව ද,එය සාක්ෂාත් කිරීම පිණීස කටයුතු කිරීමේ සදචාරාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමක් සැමට තිබිය යුතුය.
එසේම උළෙල සම්බන්ධයෙන් ප්‍රචාරණ කාර්යයන් ඉටු කිරීමේදී නිවැරදිව කටයුතු කිරීම වැදගත් වන්නේ එම තොරතොරු සමාජ ගතවන බැවිනි.ඒවා නිවැරදි නොවීමෙන් වැරදි තොරතොරු ස්ථාපිත වීම නොවැළක්විය හැකිය.උළෙල සම්බන්ධයෙන් තොරතොරු පරිශිලනය කිරීමට යොදා ගන්නා තාක්ෂනික අත්පොතේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පළාත නිවැරදිව සටහන් වී නොතිබිණ.එසේම ප්‍රචාරණ පූවරු සැකසීමේදි අක්ෂර වින්‍යාශය වැරදියට යොදා තිබීම මෙන්ම විවිධ ලිඛිත රීතීන් බිද දැමීමද සිදු වී තිබෙනු දක්නට ලැබිණ.ඒවා නිවැරදිව මුද්‍රණයට පෙර පරික්ෂා කර සළකුණු කර තිබුණේද නැද්ද යන්න විමසා ඒ සම්බන්ධයෙන් වන ගෙවීම් පිළිබදව තීරණ ගැනීමට පෙළඹීම බලධාරීන්ගේ යුතුකම වනුනේ වානිජමය පරමාර්ථ වලින් වැරදි කිරීමට තිබෙන අවස්ථා අඩු කළ යුතු බැවින්ය.පළමු දිනයේ සිටම එම දෝෂ සහිත පූවරු ප්‍රදර්ශනය වීමට දී තිබීම කණගාටුදායක තත්ත්වයක් වන්නේ ඒවා ප්‍රදර්ශණය කිරීමෙන් පසු හෝ වගකිවයුත්තෝ නරඹා නැති නිසා විය යුතුය.
නැවතත් ක්‍රීඩා උළෙලට හැරෙද්දී ඇතැම් පළාත් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබී තිබූ වරප්‍රසාද,තවත් පළාතක ක්‍රීඩාවන් සදහා ලැබී නොතිබිණ.ඇතැම් විට ක්‍රීඩකයන්ද වරප්‍රසාද ලබනු විනා සිය පළාත වෙනුවෙන් ක්‍රීඩා තරග සදහා ඉදිරිපත් වීමට කල්පනා නොකිරීම ද දක්නට ලැබිණ.ඒ නිසා බොහෝ ඉසව් කෙළින්ම අවසාන තරගය සදහා පිවිසිණ.මේ තත්ත්වයට පළාත් ක්‍රීඩා පරිපාලන ඒකක මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද වග කිව යුතුය.
ක්‍රීඩක දක්ෂතා මෑත කාලීනව යම් පිබිදීමකට ලක්ව තිබෙනු දැකිය හැකිය.ඊට සාපේක්ෂව මේ තරගාවලියේ දක්ෂතා හොද මට්ටමකින් ක්‍රියාත්මක වන ආකාරයක් දකින්නට නෙැලිබිණ.නමුත් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඇතැම් ඉසව් ද ගත් විට හොද ප්‍රගතියක් මේ තරගාවලිය තුළද ප්‍රදර්ශනය කිරීම කැපී පෙණින.
තරගාවලිය පුරාම තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් කසු-කුසු කොතෙකුත් ඇසිණ.විශාල පිරිසක් මේ තත්ත්වය සමතයකට පත් කිරීමට තහනම් උත්තේජන පරීක්ෂණය සදහා ලේ පරික්ෂාව සිදු කළ යුතුය යන මතයේ පිහිටා සිටිනු බව පෙණින.මේ තත්ත්වය තරගයේ දෙවන දිනයේදි ශ්‍රී ලංකාවේ අනාගත කෙටිදුර බලාපොරොත්තුව බවට මතු වෙමින් සිටින හිමාෂ ඒෂාන් ට තහනම් උත්තේජන චෝදනා එල්ල වීමත් සමග වැඩිපුර සංවාදයට ලක් වෙනු දකින්නට ලැබිණ.එම උත්තේජනය එන්නතක් නොව බීඹට ගන්නා අතිරේක පෝෂණ සංඝටයකින් ලැබුණු එකක් බවට පැතිරෙන තොරතොරු ද දෙයාකාරයකින් අවධානයට ලක්විය යුතුය.පළමු වැන්න එවැනි ශක්තිජනක අතිරේක ආහාර වර්ග පැමිණෙද්දීම පරීක්ෂනයට භාජනය කළ හැකි යම් ක්‍රමවේදයක් සැකසිය යුතුය.දෙවැන්න කුමන දෙයක් කෑමට බීමට ගත්තද එය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුගේ අනුමැතියෙන් ගැනිය යුතුය.ඇතැම්විට එහි මතුපිට දත්ත සමග ඒ සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් තහවුරු කර ගත නොහැකිනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂනයක් කර අවශ්‍යය කටයුතු කිරීමට පසුබිමක් තිබිය යුතුය.
නමුත් දැන් පශ්චාත් පරීක්ෂණ සදහා එකිනෙකාට ඇගිල්ල දිගු කර ගැනීමට කාලය නොවන බව අපි සිතන්නෙමු.වගකිව යුත්තා කවුරුන්ද යන්න නොව මග හැරුණු තැන් හදුනගෙන කටයුතු කිරීම වැදගත්ය.39 වැනි ක්‍රීඩා උළෙලේදී හෝ මෙවැනි දේ නොලියා සුභාශිංෂණ කිරිමේ අදිටනින් ලියන සටහනක් වන මේ සටහනට අවසානයේ නව තාක්ෂණය භාවිතයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දක්වන මැලි කම ඉවත් කර ගත යුතුය යන්නද තියා තැබිය යුතුමය.විශේෂයෙන් ප්‍රතිපල ලබා දීමේදී ප්‍රතිපලයෙන් ප්‍රතිපලය යතුරු පූවරුවේ අකුරු කිරීමේ වෑයමට වඩා අලුත් මෘදුකාංගයක් නිර්මාණය කර ගැනීම වැදගත්ය.විශේෂයෙන් දැනටත් මලල ක්‍රීඩා සංගමය සතුව තිබෙන ප්‍රතිපල නිකුත් කිරීමේ තාක්ෂණය හෝ ඒ සදහා යොදා ගන්නේ නම් වැදගත්ය.
සුගතදාස ක්‍රීඩාංගණ බලධාරීන්ද අවශ්‍ය පරිදි විද්‍යුත් කාල ඝනක පරීක්ෂනය සහ තරග අවසාන ඡායාරූප පරීක්ෂණ මැදිරියේ සිට නිකුත් කරන තාක්ෂණ පරීක්ෂණ ප්‍රතිපලය කෙළින්ම අදාළ උළෙල පරිපාලනය සමග සම්බන්ධ වන පරිදි සම්බන්ධ කරන්නේ කෙසේද යන්න පිළිබදව කල්පනා කාරී විය යුතුය.එම ප්‍රතිපලය වෙනසක් හෝ විරෝධතාවයක් ඉදිරිපත් කිරිමට ලබා දී තිබෙන නීත්‍යානුකූල කාලය තෙක් නොනිල ප්‍රතිපලයක් ලෙස ඉදිරිපත් කර ඉන් අනතුරුව නිල ප්‍රතිපලයක් ලෙස නිකුත් කිරීමට හැකියාව තිබෙනාකාරයෙන් සකස් කළ හැකිය.
එසේම දෝෂ සහිත ඉදිරිපත් කිරීම් සදහා ගෙවීමේදී ඒ දෝෂයන් පිලිබදව සැළකිල්ල යොමු කිරීමද වටින්නේය.සොරි යන වචනයෙන් එක වචනයක වැරදීමකින් සිදුවන පෞරෂහානිය නැවත සකස්කර ගත නොහැකි බව අපි දනිමු.ඒ නිසා කාර්යයක් ඉටු කිරීමේදි වඩාත් නිවැරදිව ඉටු කිරීම සදහා පොළඹවන්නටනම් කුමන හෝ තැනෙකින් වරදට දඩුවමක් තිබෙන බව පෙන්නා දිය යුතුය.එය ඉතාමත් වැදගත්ය.
වඩාත් නිවැරදි වූ සහ පිළිවෙළක් සහිත 39 වන ක්‍රීඩා උළෙලක් දැකීම අපේ ප්‍රාර්ථනය වන්නෙමු.
www.supirikrida.com


GOOD BYE අනූෂා

ලාංකේය බොක්සිං ඉතිහාසයේ බිහි වූ සුපිරිතම බොක්සිං ක්‍රීඩිකාවක වන අනූෂා කොඩිතුවක්කු තමා ලංකාවේදී සහභාගි වන අවසන් ජාත්‍යන්තර තරගයට මුහුණ දුන්නාය.ඒ ඉන්දියාව සමග පැවති ද්වන්ධ බොක්සිං සටනේදී ය.එහිදී ඇය සිය සමුගැනීම ගෞරවනීය සහ ජයග්‍රාහී මතකයන් තුරුළු කරගත් ගෞරවණිය සමුගැනීමක් බවට පෙරළා ගත්තේ ඉන්දීය ක්‍රීඩිකා පූජා ටෝකස් ට එරෙහිව ලකුණු 27 - 11 ක් ලෙස අනගි ජයක් වාර්තා කරමින්ය.එසේම සිය මුෂ්ටි ප්‍රහාරය ඉදිරියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළු පළදින්නට ද අනූෂාට හැකි විය.
ජාතික ධජය රැගෙන මේ ගමන පැමිණිමට සිය දහදියෙන්,වෙහෙසෙන් දායකත්වය දුන් ලක්ෂ සංඛ්‍යාත මාස් සේවක සමූහය නියෝජනය කරමින් එහි පැමිණ සිටි දහස් ගණකටත් සියළුම බොක්සිං ලෝලීන් සහ කේෂ්ත්‍රයට සම්බන්ධ සියල්ලන්ටමත් ප්‍රනාමය පිණිස ඇය සුගතදාස ගෘහස්ත පිටිය වටා දිව ගියේ දෑසේ පිරුණු කදුළු සමගින්ය.සිය මුෂ්ටි ප්‍රහාරයන් දැඩිව ප්‍රතිවාදියා මත පතිත කරන්නාක් මෙන් සාමාන්‍ය ගැහැණියකට කිසිසේත් දරා ගැනීමට නොහැකි තරම් කුළු ගෙඩි පහර වැනි වූ ප්‍රහාරයන් ඉවසන්නට හුරු පුරුදු වූ අනූෂා ‍ගේ මනස තුළ ජීවත් වූ නොදුටු ගැහැණියගේ හැගුම්බර වූ බව දෑස් වලින් කඩා හැලෙද්දී සිය වෙහෙස අභිමානවත් ලෙස රටේ කීර්තිය බවට පෙරළු අභිතවත් මිතුරියගේ සමුගැනීම පිළිබදව හැගුම්බර වූ මාස් සහෝදර කැළගේ නෙත් ද කදුළෙන් තෙත් වෙනු අපි දුටුවෙමු.
දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ලාංකේය බොක්සිං දේහයේ ලේ නහර බවට පත් වූ එහි ජීවමාන සාක්ෂිය වන ඩයන් ගෝමස් ගේ බොක්සිං පීතෘත්වය බොක්සිං ක්‍රීඩකයන්ගේ සැබෑ පීතෘත්වය හා වෙනස් වන්නේනම් ඒ ලේ සබදතාවයක් නැති කමෙන් පමණි.අනූෂාට ද එවැනි පිය රැකවරණයක් තැණු ඩයන් ද දෑසේ දිළිසෙන කදුළු අපහසුවෙන් සිර කර ගනිමින් තම බොක්සිං පවුලේ ජ්‍යෙෂ්ඨ දියණියගේ හැගුම්බර සමුගැනිම ආඩම්බරයෙන් මෙන්ම සියුම් වූ වේදනාවකින් ද විදිනු අපි දුටුවෙමු.
අනූෂා සමුගෙන ගිය ද ඉතිරි කළ දෑ බොහෝය.ඒ මතක පොත යළි යළිත් පෙරළා බලා බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් උගත යුතු පාඩම් බොහොමයක් අනාගත පරපුරට අනූෂා ඉතිරි කර ගොස් ඇත.ඒ පොත්වල පාඩම් නිවැරදිව කියවන්නේ නම් එහි ජයගත හැකි සාර්ථකත්වයේ කරුණු කාරණා රැසක් සුපැහැදිළිව දැක ගන්නට ලැබෙනු නිසැකය.ඇය බොක්සිං ක්‍රීඩාවට දිනා දුන් ජාත්‍යන්තර ජයග්‍රහණ තරමටම ඇය ඉතිරිකර ගිය දෑ ජයග්‍රහණ බවට පෙරළිමට තරම් සවිමත්ය.ඒ වටිනාකමට ගෞරවනීය ආචාරය පුද කරන අතරේම වෘත්තීය බොක්සිං කවයට පා තබන්නට අනූෂා දකින සිහිනයත්-ඇයගේ අනාගත බොක්සිං බලාපොරොත්තු සහ ජීවිතයේ සියළු ප්‍රාර්ථනාවන් ද සපල වේවායැයි සුපිරික්‍රීඩා සුබ පතන්නෙමු!
ඡායා - කමල් වන්නිආරච්චි
www.supirikrida.com  

Dec 2, 2012

ලංකාවෙන් ඉන්දියාවට මුෂ්ටි ප්‍රහාරයක්

සියාවේ විශිෂ්ඨ බොක්සිං සංසිකෘතියක් ඇති රටක් ලෙස පිළිගැනෙන ඉන්දියාව අභිබවා පෙරට එමින් ඉන්දීය - ශ්‍රී ලංකා ද්වන්ධ බොක්සිං තරගාවලියේ සූරයන්ට හිමි MAS හොල්ඩින්ග්ස් අභියෝග කුසලානය ශ්‍රී ලංකාවේ රදවා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි බොක්සිං කණ්ඩායම සමත් වුණා.පිරිමි තරග 4 ක් සහ කාන්තා තරග 3 ක් ලෙස ක්‍රියාත්මක වූ තරගාවලියේ පිරිමි අංශයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජය ලබා දෙන්නට අනුරුද්ධ ගුණතිලක සහ ගයාන් බණ්ඩාර සමත් වූ අතර මහත් බලාපොරොත්තු තබා සිටි සුරේස් පට්ටිආරච්චි ඉතාමත් තියුණු තරගයකින් පසුව ඒ ස්ලිම්බ්‍රාසන් ඉදිරියේ පරාජයට පත් වුණා.එසේම එරංග මධුෂාන් ට ද අම්රිත් සිං ඉදිරියේ පරාජය ලබන්නට සිදු වුණා.
කාන්තා තරග වලදී අනුෂා කොඩිතුවක්කු මෙන්ම එරන්දි ද සිල්වා ශ්‍රී ලංකාවට ජය ගෙන දීමට කටයුතු කළ අතර විදුෂිකා ප්‍රබාධි පමණක් පරාජයට පත් වුණා.තරගාවලියේ අතිසූර ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ ඒ ස්ලිම්බ්‍රාසන් තේරී පත් වූ අතර සුරේෂ් පට්ටිආරච්චි හොදම පරාජිතයා වුණා.ක්‍රීඩිකාවන් අතරින් අතිසූර ක්‍රීඩිකාව බවට පත් වුණේ අනූෂෘ කොඩිතුවක්කුයි.හොදම පරාජිත ක්‍රීඩිකාව බවට පූජා ටොකාස් පත් වුණා.ජයග්‍රාහකයන්ට පිරිනැමෙන MAS හොල්ඩින්ග්ස් අභියෝග කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත හිමි වුණා.
තරගය නැරඹිම සදහා 6000 ට ආසන්න පිරිසකගේ සහභාගීත්වය දකින්නට ලැබුණා.විශේෂයෙන් රාජ්‍ය මට්ටමේ ක්‍රීඩා උත්සවයකට ප්‍රවාහන පහසුකම් ලබා දීමෙන් හෝ 1000 ක් රැගෙන ඒම මහත් දුෂ්කර වෑයමක් වුව ද ලාංකේය බොක්සිං ක්‍රීඩාවේ ශක්තිය බවට පත්වී සිටින මාස් සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ට එහි සභාපති මහේෂ් අමලියන්ගේද නොමසුරු සහය ලැබෙන බැවින් ලාංකේය බොක්සිං ක්‍රීඩාවට නරඹන්නාගේ අවශ්‍යයතාවයේ සිටම සියළු අඩු - ලුහුඩු පියවීමට ලැබීම අතිශයින් ප්‍රශංසාවට ලක්විය යුතු වෙනවා.
එසේම තරගාවලිය සංවිධානයේදී වර්ථමාන බොක්සිං සම්මේලනය එහි සභාපති ඕබ්‍රි පීරිස් සහ ලේකම් මහේෂ් දහනායක ඇතුළු විධායක මඩුල්ල සියල්ල සාර්ථක ලෙස අවසන් කිරීමට දක්වා තිබෙන උනන්දුව සහ කැපවීමද ඉතා ඉහළ මට්ටමක පැවතීම ද අගය කළ යුතුයි.
www.supirikrida.com

දෙවන දිනයේ නව වාර්තා දෙකක්

මංජුල
 38 වන ජාතික මලල ක්‍රීඩා උළෙලේ දෙවන දිනය තුළ නව ක්‍රීඩා උළෙල වාර්තා දෙකක් බිහි වුණා.ජාතික උස පැනීමේ වාර්තාව මෙන්ම ජාතික ක්‍රීඩා උළෙලේ වාර්තාව ද දිනා සිටින මංජුල කුමාර ක්‍රීඩා උළෙල වාර්තාව යළිත් අලුත් කර ලියා ගත් අතර ජාතික වාර්තාව ද ඔහු නමට ලියා ගැනීමට තිබූ අවස්ථාවක් නූලෙන් ගිලිහී ගියා.තායිලන්ත ග්‍රොන්ප්‍රී තරගාවලියේ සිටම ශ්‍රී ලංකා වාර්තාව හා හුස්ම දැනෙන මායිමට පැමිණ,සපර්ශ කිරීමේ අවස්ථාවට සපැමිණීමට නොහැකිව සිටින,මංජුල ඊයේත් ශ්‍රී ලංකා වාර්තාව සහ ඔහුගේ හොදම දක්ෂතාවයමීටර් 2.27 සිට  මීටර් 2.28 ක් බවට පෙරලීමට ගත් උත්සාහය මීටර් 2.23 දී කෙළවර වුණා.ජාතික ක්‍රීඩා උළෙල වාර්තාව මීටර් මීටර් 2.20 සිට මීටර් 2.23 දක්වා ඔසවා තබන්නට සමත් වුණා.
මංජුල මෙන්ම දකුණු පළාත නියෝජනය කළ ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි ද මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයේදී නව උළෙල වාර්තාවක් තැබීමට සමත් වුණා.මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වවේ ජාතික වාර්තාලාභිණිය ලෙස සිටි නිමාලි සෞඛ්‍ය හේතූන් මත වන විට දුර දිවීම් තරග වලින් ඉවත්ව සිටින අතර ඊයේ විශේෂත්වය වූවේ මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ වර්ථමානයේ ජාතික වාර්තාලාභිණිය එරංගා දුලක්ෂි ද මීටර් 400 කඩුලු ඉසව්වට සහභාගි වී දෙවන ස්ථානය ලබා ගැනීමයි.එසේම මේ දක්වා එම උළෙල වාර්තාව රැක ගෙන සිටි සබරගමු පළාතේ නයෝමිකා ගිම්හානි ජයතිලක (විනාඩි 1:01.45) මෙම ඉසව්වේ සිව්වන තැන දක්වා පහතට තල්ලු වි නව වාර්තාව නිමාලි ගේ නම ඉදිරියේ විනාඩි 1:00.85 ලෙස සටහන් වුණා.
නිමාලි
මේ දක්වා උළෙලේ නව ශී ලංකා වාර්තාවද සමග වෙනස් වූ සමස්ත වාර්තා ප්‍රමාණයෙන් පහකින් තුනකම හිමිකාරිත්වය දරන්නට දකුණු පළාතට හැකි වී තිබෙනවා ඒ අතරින් දෙකක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ ගයන්තිකා තුෂාරි අබේරත්න සහ ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි විසින් දිනා ගැනීමත් විශේෂත්වයක් ගත්තා.සුපිරික්‍රීඩා නිරන්තරයෙන් අවධාරණය කරන පරිදි හම්බන්තොටට ක්‍රිකට් ක්‍රීඩාංගණවලට වඩා වැදගත් වන්නේ මලල ක්‍රීඩා ක්‍රීඩාංගණ පැහැදිළි කරන්නට මෙම කාරණය හොද උදාහරණයක් වන අතර අඩුම තරමේ කෘතිම ධාවන පථයක පිවිසෙන තෙක් සූරියවැව මහජන ක්‍රීඩාංගණය හෝ ක්‍රීඩා කළ හැකි යහපත් මට්ටමකට සංවර්ධනය කර දීමට පියවර ගැනීම වැදගත් වෙනවා.
තරගාවලිය සම්බන්ධ ඇස්තමේන්තුගත වියදම මිලියන 59 ක් වන අතර මෙම යාන්ත්‍රණයේ ප්‍රාදේශීය තරග මට්ටමේ සිට ජාතික තරගාවලිය දක්වා පැමිණෙන විට පළමු මොහොතේ සිට ක්‍රීඩකයෙකු වෙනුවෙන් සැළකිය යුතු මුදලක් වැය වී තිබෙනවා.එසේම ජාතික තරගාවලියට සහභාගිවන විට පළාත් මට්ටමෙන් ද යම් ආකාරයක විහාල මුදලක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් වැය කරමින් ක්‍රීඩා ඇදුම් කට්ටල මෙන්ම ධාවන පාවහන් ආදියද ලබා දෙන අවස්ථා තිබෙනවා.නමුත් ඒ සියළු වියදම් වලින් ප්‍රතිලාභ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුතුකමක් සහ හැදියාවක් නැති අයුරෙන් මෙම ජාතික ක්‍රීඩා උළෙලේ යාන්ත්‍රණය හෑල්ලුවට ලක් කිරීම අශෝබන ක්‍රීයාවක් වන අතර මේ හේතුවෙන් මූලික තරග පැවත්වීමට අවශ්‍යය සහය දිවීම් කණ්ඩායම් ප්‍රමාණය අහිමිවීම මෙන්ම ඇතැම් කේවල තරග ඉසව්ද කෙළින්ම අවසාන තරග දක්වා පැමිණිම කණගාටුදායක තත්ත්වයක් ලෙස දැකිය හැකියි.