Dec 22, 2012

ලංකාවේ පළමු බේස්බෝල් සජීවී විකාශය හෙට CSN වෙතින්

 කුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගනය දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේදී අද ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් විවෘතවීම නිමිති කොට ,ශ්‍රී ලංකාව සහ ජපානයේ කනගාවා බේස්බෝල් ඇකඩමි තරුණ කණ්ඩායම අතර පැවත්වෙන තරගය සජීවී ව විකාශය කිරීමට CSN නාලිකාව කටයුකු යොදා ඇත.එය ශ්‍රී ලංකාවේ බේස්බෝල් තරගයක් සජීවී ව විකාශය කරන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වන්නේය.
මෙහිදි මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ සිහිනයේ හිමිකාරත්වයේ සිට එය යථාර්ථයක් කිරීම දක්වා විශාල වෙහෙසක් දැරූ ශ්‍රී ලංකා පුහුණුකරු වටනබේ මෙම තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන අතර ඔහු සාමාජිකත්වය දැරූ කනගාවා බේස්බෝල් ඇකඩමි කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙයි.එසේම මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් සොයා දීම සදහා කැප වි ක්‍රියා කළ ශ්‍රී ලංකාවෙ සිටින එකම අන්තර්ජාතික බේස්බෝල් විනිසුරු වන සුජීව විජේනායක මෙහිදී මෙම තරගය විනිශ්චයට එක් වීමද විශේෂත්වයකි.
ජනාධිපතිවරයා අතින් විවෘත වන මෙම උත්සව අවස්ථාවට ජපාන තානාපතිවරයා ඇතුළු එරට නියෝජනය කරමින් මෙරට බේස්බෝල් දියුණුව අපේක්ෂාවෙන් ක්‍රියා කරන විශාල ප්‍රභූ පිරිසක් ද එක්වීමට නියමිත අතර ක්‍රීඩාංගණය විවෘත කිරීම සහ තරගය පිළිබද සජීවි අත්දැකීම පගවග 3 . 30 සිට CSN ඔස්සේ විද ගැනීමේ අවස්ථාව ඔබට හිමි වනවා ඇත.


පළමු ජාතික කඩු හරඹ සූරතාවය ස්ලිම්ලයින් ට

පානදුර මාස් යුනිචෙලා  භුමියේ ක්‍රියාත්මක වූ පළමු ජාතික කඩු හරඹ සූරතාවලියේ ජයග්‍රහණය ලබන්නට පන්නල මාස් ස්ලිම් ලයින් කණ්ඩායම සමත් වුණා.එහා දක්ෂතම ක්‍රීඩාකයා ලෙස FOIL ඉසව්ව ජයගත් පන්නල ස්ලිම් ලයින් හී ප්‍රදීප් ගීකියන්ග සමත් වුණා.නමුත් අවසාන තරගවලදී විශිෂ්ඨතම ජය වාර්තා කළ සිළුවේටා කණ්ඩායමේ ගයාන් බණ්ඩාර EPEE ඉසව්ව ලකුණු 15 / 7 ලෙස ජය ගත්තා.නමුත් ගයාන්ගේ ඉසව්වේ තරගකරුවෙක් සහභාගි නොවිම නිසා ඔහුට තරග හතකට පමණක් සහභාගි වන්නට සිදු වූ අතර එහිදී ඔහු ලකුණු 37 ක් ලබා සිටියා.නමුත් තරග 8 දී ලකුණු 40 ක් රැස් කර සිටි ප්‍රදීප් ගීකියන්ග පළමු ජාතික සූරතාවලියේ සූරයා වීමේ අවස්ථාව උදා කර ගත්තා.තරගාවලියේ අනු සූරතාවය හිමිකර ගැනීමට සමත් වුණේ පානදුර යුනිචෙලා කණ්ඩායමයි.
කේවල SABRE ඉසව්වේදී පානදුර යුනිචෙලා කණ්ඩායමේ සදේෂ් චන්දන ජය ගත්තා.කාන්තා FOIL ඉසව්ව ජය ගැනීමට සමත් වුණේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ කාන්චනා සදලංකා යි.EPEE කාන්තා ඉසව්වේ ජයග්‍රහණය ජාතික තලයේ බොක්සිං ක්‍රීඩිකාවක වන නිරංජලා වීරරත්න විසින් හිමි කර ගත්තා.SABRE  ඉසව්වේ ජයග්‍රහණය හිමි වූයේ පානදුර යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කාන්චනා මධුභාසිණි ට යි.
තරගාවලිය සංවිධානය කිරීමේදී විදේශීය පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබා දීමට අමතරව තරගයේ තීරණ සම්බන්ධයෙන් අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර කඩු හරඹ සංගමයේ නිල විනිසුරුවන් දෙදෙනෙකුද සහිතව අත්දැකිම් සහිත විදේශ විනිසුරුවන් යොදා ගැනීමට කටයුතු කර තිබුණා.
තරගාවලිය සරල සහ එහෙත් ගාම්භීර පෙණුමකින් සහ විධිමත් භාවයකින් සංවිධානය කරන්නට සෑහෙන වෙහෙසක් දරා තිබුණා.
 මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රධාන ආරාධිතයා මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා ද මෙම අවස්තාවට එක් ව සිටි අතර එහිදී තරගාවලියේ සාර්ථකත්වයට උර දුන් මාස් සමූහය වෙනුවෙන් ඩයන් ගෝමස් ප්‍රකාශ කර සිටියේ ඉදිරි දිනෙක හ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක සිහිනය සැබෑ කරන ඉසව්වක් බවට මෙම ඉසව්ව පත්වනු ඇති බවයි.
www.supirikrida.com

ඩිල්ෂාන් ටෙස්ට් පිටියට සමු දෙයි

ස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙන බව තිලකරත්න ඩිල්ෂාන් පවසා ඇත.මේ සටහන තැබෙන විට ටෙස්ට් තරග 81 ට ක්‍රීඩා කර ඇති ඩිල්ෂාන්ගේ ටෙස්ට් දිවිය බොහෝ විට ඉතිරි ටෙස්ට් තරග දෙකද එකතු වූ පසු තරග 83 කින් නිමවන ටෙස්ට් තරග චාරිකාවක් වනු ඇත.කඩුලු රැකීම සහ පිතිකරණය යන කාරනා මුල් කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ඩිල්ෂාන් කණ්ඩායමේ මෙන්ම සිය ස්ථාවරත්වය පිණිසද දක්ෂ දග පන්දු යවන්නෙකු වු අතර පසු කලෙක ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකයෙකු ලෙස ද සිය ක්‍රීඩා දායකත්වය ලබා දුන්නේය.
කළුකර විද්‍යාලයෙන්   ක්‍රීඩා පිටියට පිවිසි ඩිල්ෂාන්,ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නට තරම් පොහොසත් ක්‍රිඩකයෙකු වෙමින් පැමිණි සිය ‍දිරිමත් ක්‍රිකට් ගමණේ උපරිමයට පැමිණෙද්දී ලොව හොදම 20 - 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කිරුළු පැළදීමට සමත් විය.එසේම ඔහු විසින් ක්‍රිකට් ලෝකයට හදුන්වා දුන් ඩිල්ස්කූප් පහර අද ක්‍රිකට් පිටියේ ඉක්මන් ලකුණු හොයන ජනප්‍රියතම පහරක් වී ඇති අතර අද විශිෂ්ඨ පිතිකරුවන් වෙනම එම පහර හදාරන සහ පුහුණුවන තත්ත්වයට ක්‍රිකට් ලෝකය වර්ධනය වී ඇත.
www.supirikrida.com

කළුතර කළාප ගුරුවරු රාජ්‍ය සේවා බී කොටසේ දැල් පන්දු සූරතාවය ජය ගනියි

ටොරිංටන් හී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පිටියේදී නිමාවට පත් වූ රාජ්‍ය සේවා දැල් පන්දු තරගාවලියේ බී කොටසේ දැල් පන්දු සූරතාවය දිනා ගැනීමට කළුතර කළාපීය ගුරුවරියන්ගේ කන්ඩායම සමත් වුණා.අවසාන තරගයේදී ඔවුන් අතින් විශේෂ කාර්ය බලකා කණ්ඩායම පරාජයට පත් වූ අතර අවසන් තරගයේ දක්ෂතම විදින්නිය ලෙස මනොරිකා සපුතන්ත්‍රි ද,දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස මධුකා විජේකෝන් සහ දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස සලෝජා පෙරේරා ද ඇගයීමට පත් වුණා.කණ්ඩායමට නායකත්වය දුන් නලිනි අල්විස් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රීඩා කළා.

ඡායග්‍රාහී කණ්ඩායම මේ සමග වන ඡායාරූපයේ දැක්වෙනවා 
 සිටගෙන වමේ සිට, නාලිනී අල්විස් (නායිකා ),යසන්ති තුෂාරිකා,සලොජා පෙරේරා,ජානකි 
ගුණසේකර (පුහුණුකාරිනි)අශෝක බියට්‍රිස් (කලාප ශාරීරික අධ්‍යක්ෂිකා )සීතා පතිරණ,
මනොරිකා සපුතන්ත්‍රී,සකුන්තලා පෙරේරා,ශිරාණි දේවිකා,චාන්දනී අනගියද්ද ,
වාඩි  වී  වමේ සිට, අනුෂා ලක්මිණි,රන්ජනී කුසුමලතා,මධුකා විජේකෝන් ,සචිත්‍රා තිලංකා,
www.supirikrida.com

වැඩ නොකළත් ඡන්දෙට වැඩ දාන්න ඇමතිගෙන් ඉඩ

දැනට පරිපාලන කමිටුවක් මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනයට සම්බන්ධව ක්‍රියාත්මක සංගම් 35 ක් අතරෙන් ක්‍රියාකාරී මට්ටමේ නැති සංගම්වලට ද ඡන්ද බලය ලබා දීමට අමාත්‍යවරයා තීරණය කර ඇත.දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කර ක්‍රියාකාරී පිරිස් සදහා මැදිහත්ව එම සංගම් නැවත පන ගන්වා ඡන්ද බලය දිනා ගැනීමට හැකි තත්ත්වයට පත් කර ‍ගන්නා තුරු එම සංගම් ඡන්දය සදහා කැදවීම නොකළ යුතු වුවත්,ක්‍රීඩා සංවර්ධනයේ නාමයෙන් පෙනී සිටිමින් අමාත්‍යවරයාව කැකිල්ලේ රජුට ඇන්දවීමේ උත්සාහයක නියැලෙන පිරිසක් විසින් දෙන ලද උපදේශයක් අනුව අමාත්‍යවරයා මෙම තීරණයට එලැඹ තිබෙන බව ද සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.පසුගිය කාලයේ දැල්පන්දු පරිපාලන කමිටුවේ බොහෝ තීරණ නිසාද අමාත්‍යවරයා ගේ භූමිකාව කැකිල්ලේට සමාන වූ බව ද පැවසිය යුතුය.
අමාත්‍යවරයාගේ තීරණය සම්භන්ධයෙන් දැණුම් දෙන මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කර දුර්වල සහ ක්‍රියාකාරී නොවූ සංගම් වලට ඡන්ද බලය පිරිනමන බවය.දුර්වල සහ ක්‍රියාකාරී නොවූ සංගම් වලට දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කරන්නේ නම් ඡන්ද බලය නොලැබිය යුතු නමුත් එම නිවේදයෙන් කෙරෙන ඊ ළග අනතුරු ඇගවීම වන්නේ එසේ ක්‍රියාකාරි නොවන සංගමයක නිද්‍රාශිලී අයෙකුට නිලවරණය පැවත්වෙන සභාපති,නියෝජ්‍ය සභාපති,ලේකම්,භාණ්ඩාගාරික,උප සභාපති තනතුරු පහක්,උප ලේකම්,උප භාණ්ඩාගාරික,තරග ලේකම්,උප තරග ලේකම් සහ සම්බන්ධිකරණ නිලධාරී තනතුරු සදහා ඉදිරිපත් වීමට ද අවස්ථාව හිමි වීමය.
නිලවරණය 24 දා පැවත්වෙන අතර ජනවාරි 04 දා මධ්‍යහන 12.00 ට පෙර නාම යෝජනා භාර දීම සිදු විය යුතුය.
www,supirikrida.com

Dec 21, 2012

හතුරු ට සහ සචිත්‍ර ට ඕස්ට්‍රේලියාවෙන් කැදවීම්

හතුරුසිංහ

ශ්‍රී ලංකාවෙන් එතරම් සැළකිල්ලක් නොදැක් වූ චන්දික හතුරුසිංහ ගේ පුහුණුකාරිත්වයට සහ සචිත්‍ර සේනානායකගේ ක්‍රීඩකත්වයට ඕස්ට්‍රේලියාවෙන් සැළකිලි ලැබි ඇත.ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සෙවනැලි පුහුණුකරු වූ උපුල් චන්දික හතුරුසිංහ 2010 දි එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු කැනඩාවෙන් කැදවීමක් ලැබූ අතර දැන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වසර දෙකක කාලයකට හතුරුසිංහ සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට තෝරා ගෙන ඇත.
කොළඹ වේළුවන විද්‍යාලයෙන් ක්‍රිකට් ජීවිතය ඇරඹූ හතුරුසිංහ පසුව කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළේය.සාමාන්‍ය රජයේ සේවයේ නියුතු දෙමව්පියන් යුවළකගේ දරු තිදෙනෙකුගෙන් යුත් පව්ලේ වැඩිමහල් දරුවා ලෙස සිය ක්‍රිකට් පිත්තේ ශක්‍යතාවය පදනම් කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා තෙක් පැමිණි හතුරුසිංහගේ ක්‍රිකට් දිවිය ද බොහෝ හැල හැප්පීම් මැදින් පෙරට ඇදුණු එකක් විය.ආරම්භක පිතිකරුවා මෙන්ම ආරම්භක පන්දු යවන්නා ලෙස ද විටෙක ක්‍රියා කරන්නට ලැබුණු හතුරුසිංහගේ ක්‍රිකට් දිවිය සනත් ජයසූරියගේ ආරම්භක පිතිකරු සම්ප්‍රාප්තියත් සමග නිමා වට පත් වූ අතර පසුකගෙක ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සෙවනැලි පුහුනුකරු ලෙස සම්බන්ධ විය.
සචිත්‍ර
සචිත්‍ර ද කොළම ආනන්ද විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වු විශාල ක්‍රීඩක ගොන්නේ සිටින චරිතයක් වන අතර තුන් ඉරියව්වේම හැකියාවක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු ද අතිශයින් සාමාන්‍ය පවුලකින් ක්‍රිකට් පිටියට පැමිණි අයෙකු වන අතර තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තමන්ට නිශ්චිත ස්ථානයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යය පසුබිම සකස් නොවුණු අයෙකි.ලද අවස්ථාවන්හී ඔහු යමක් කළ හැකි අයෙකු සහ අභියෝග ඉදිරියේ නොසැලී ඊට මුහුණ දීමට අවශ්‍යය ශක්තිය ඇති අයෙකු ලෙස පෙන්වා ඇත.
එහෙත් මේ වන විට ශ්‍රී ලංකා සංචිතයේ දකින්නට නොලැබෙන සචිත්‍ර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයට එක් කර නොගත්ත ද,මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බිග්බෑෂ් 20 -20 තරගාවලියේ දී සිඩ්නි සික්සි කණ්ඩායමේ සුනිල් නාරායන් ගේ ස්ථානයේ හිදැස පිරවීමට තෝරා ගෙන ඇත.
www.supirikrida.com

තිබාර් ඇකඩමියේ මේස පන්දු සූරතාවයේදී රසීඩ් සහ යහනි සූරයා සහ සූරිය වෙති

තිබාර් මේස පන්දු ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර රත්මලාන සාම මන්දිරයේ පැවති තිබාර් අන්තර් මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළම රාජකීය විද්‍යාලය නියෝජනය කරන රෂිඩ් අෂීස් ඇගයීමට ලක් වූ අතර  දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ යහනි මෙණ්ඩිස් ය.තිබාර් මේස පන්දු ඇකඩමිය වෙනුවෙන් ජාතික තලයේ හිටපු මේස පන්දු ක්‍රීඩකයන් වන ඩබ්ඒ බුද්ධසිරි සහ නාමල් ගුනසේකර විසින් සංවිදානය කරන්නට යෙදුණ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස හිටපු ජාතික තලයේ මේස පන්දු ක්‍රීඩකයෙකු මෙන්ම වර්ථමානයේ තේරීම් කමිටු සාමාජිතයෙකු ද වන අනූජ රද්දැල්ල සහ ඔහුගේ බිරිද නිරෝෂණි රද්දැල්ල සහභාගි වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ තිබාර් ඇකඩමියේ තරගාවලියේ ජයග්‍රාහකයන් සමුහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.
www.supirikrida.com

ජපන් ඔලිම්පික් සැළසුමට පැසසුම්


පානය 2020 වර්ෂයේ ඔලිම්පික් තරගය ටෝකියෝ නගරයට දිනා ගැනීමට දරණ වෑයමේදී ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන සැළසුම් අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක් වී ඇත.ජාතික ඔලිම්පික් කමිටු 28 ක සහ පැරා ඔලිම්පික් සම්මේලන 16 ක් මෙසේ ටෝකියෝ සැළසුම වෙනුවෙන් දෙසැම්බර් 19 දා  කරන ලද හදුන්වා දීමේදී සිය එකගත්වය පළ කර ඇත.

ජපන් ඔලිම්පික් කමිටු ප්‍රධානි සුනෙක්ෂු ටකේඩා සිය පෞද්ගලික ස්තූතිය සිය සැළසුම් අනුමත කළ ඔලිම්පික් සංවිධාන වෙනුවෙන් පුද කරමින් 2020 දී තමන්ගේ අභිප්‍රාය 2020 දී ටෝකියෝ නගරය ක්‍රීඩා පවුලේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සිය අරමුණ බව පැවසීය.
දැනට මෙම තරගාවලිය දිනා ගැනීම සදහා තූර්කියේ ස්තාන්බුල් නගරයත්,ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයත් ටෝකියෝ නගරය සමග තරග වැදී සිටින අතර එළැඹෙන 2013 වසරේ සැප්තැම්බර් 7 දා බුවනෝර්ස් අයර්ස් නගරයේ පැවත්වෙන 125 වන ඔලිම්පික් සැසියේදී මේ නගර අතරින් සත්කාරකත්වය හිමි නගරය කුමක්ද යන්න තීරණය වනු ඇත.
www.supirikrida.com

කවින්ද "කොමර්ෂල් ක්‍රෙඩිට්" ට 'ඩී' කොටසේ ක්‍රිකට් සූරතාවය දිනා දීමට පෙරමුණ ගනියි

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඩී කොටසේ සූරතාවය දිනා ගැනීමට කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කණ්ඩායම් සමත් වුණා.ඔවුන් ඉදිරියේ අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදු වුණේ මොබිටෙල් කණ්ඩායමට යි.වෙළදසේවා ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගයේදී කඩුලු 8 ක ජයක් ලැබූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ලෙමනේඩ් කුසලානය දිනා ගනිද්දී පිත්තෙන් සහ පන්දුවෙන් දැක් වූ දස්කම් සළකා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ කවින්ද සිල්වා අවසාන තරගයේ වීරයා බවට පත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් මොබිටෙල් කණ්ඩායම ලකුණු 103 ට සීමා කළ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ කවින්ද සිල්වා ලකුණු 18 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ජයග්‍රාහී ඉලක්කයට පන්දු ඕවර් 20 දී කඩුලු 2 ක් පමණක් දැවී ළගා වූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 60 කින් දායක වන්නට ද කවින්ද සිල්වා සමත් වුණා.
www.supirikrida.com

Dec 20, 2012

දකුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය 23 දා දියගම දී විවෘතවේ

Article photo
කුණු ආසියාතික රටක ඉදිවන පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය ,හෝමාගම - දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී දෙසැම්බර් 23 දා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් විවෘත වන බව ජාත්‍යන්තර බේස්බෝල් සම්මේලන වෙබ් අඩවිය අවධාරණය කරයි. මූලික සංස්කෘතික ව්‍යාපෘතියක් සදහා වන විශේෂ ප්‍රදානයන්ගේ ද (GCGP) ආධාර ඇතිව ජපන් රජයේ ආධාරයක් ලෙස ඉදිවන මෙම ක්‍රීඩාංගණය වත්මන් ජාතික පුහුණුකරු වටනබේ ගේ අදහසක් මුල කර ගෙන ඉදි වන්නකි.
ජපන් රජය විසින් JICA  ආධාර පදනමේ අධික්ෂනය යටතේ ක්‍රියාවට නැංවූ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සදහා ජපන් රජය විසින් ප්‍රදානය කරන්නට යෙදුණ රුපියල් මිලියන 12 ක් මෙන්ම,විශේෂ ප්‍රදාන යටතේ ලැබුණු මිලියන 14 ක් ද මෙම ක්‍රීඩාංගනයේ ඉදිතිරීම් සදහා වැය වී තිබෙන බව එම ප්‍රවෘත්තිය මගින් අනාවරණය කරන අතර මේ අතරින් මිලියන අටක පමණ මුදලක් සොයා දෙන්නට දැනට ජපනයේ රැකියාවේ නියුතු ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික තලයේ සිටින ප්‍රධානතම විනිසුරුවරයා ලෙස පිළිගැනෙන සුජීව විජේනායකගේ උත්සාහයෙන් ආධාර ලෙස ලබා දී තිබීම ද විශේෂත්වයකි.
2002 වසරේ සිට ජපන් රජයේ අනු දැණුම  මත ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය පිණිස විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් සිදු වන බව පෙන්වා දෙන එම ප්‍රවෘත්තිය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ස්වේච්ඡා සේවාව (JOCV) මගින් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග දියුණුව සදහා පුහුණුකරුවන් ලබා දී ඇති බව ප්‍රකාශ කරයි.මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට අද බේස්බෝල් ක්‍රීඩා කරන රටවල් 72 ක් අතරෙන් 32 ස්ථානය දක්වා ලෝක ශ්‍රේනිගත කිරීම්වල පෙරට පැමිණිමට අවස්ථාව ලැබි තිබෙන බව ද එම ප්‍රවෘත්තිය පෙන්වා දෙයි.
2009 ආසියානු කුසලාන සූරතාවලියේදී තෙවන ස්ථානයට පත්වීම,වර්ථමානයේ දකුණු ආසියාතික අනු සූරයන් වීම,ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම 2010 දි ලෝක සූරතාවලියට සුදුසුකම් ලැබීම,ජපානයේ කණ්ඩායම් 18 ක සහභාගිත්යෙන් පැවති තරුණ බේස්බෝල් සූරතාවලියේදී ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි වීම මේ දක්වා ශ්‍රී ලංකාවේ බේස්බෝල් ඉතිහාසයේ වැදගත් සංධිස්තාන ලෙස මතු කර පෙන්වා දෙන එම ප්‍රවෘත්තිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සබදතාවලට වසර 50 ක් පිරීම නිමිති කර 2002 දී ඇරඹි බේස්බොල් සහයෝගයට වසර 60 ක් ගෙවෙන තැන ක්‍රීඩාංගණයක් පරිත්‍යාග කරමින් සමරන්නට ලැබීම පිළිබදව ජපානය සතුටට පත්වන බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පණිවිඩයක් ලෙස එම ප්‍රවෘත්තිය පළ කරන ජාත්‍යන්තර බේස්බෝල් සම්මේලන වෙබ් අඩවිය පැහැදිළි කරන්නේ ක්‍රීඩාංගණය විවෘත කිරීම නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සහ කනගාවා උසස් පාසල් බේස්බෝල් කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක්ද මෙම ක්‍රීඩාංගණයේ පැවත්වෙන බව ය.
www.supirikrida.com

Dec 19, 2012

ජන්ම පුරුද්දට ශිල්පීය ක්‍රමය කලවම් කර ලොව දිනන වෑයමක් - ශ්‍රී ලංකාව කඩු හරඹ අරඹයි

සර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නූතණ කඩු හරඹ ක්‍රීඩාව ක්‍රියාත්මක වෙනවා.ජාත්‍යන්තර තරග වලටත් තරග වැදිලා දකුණු ආසියාතික මට්ටමෙන් පදක්කම් දිනලත් තියෙනවා.එපමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවක් විදිහට ,ඔලිම්පික් කමිටුවේත් ක්‍රීඩා අමාත්‍යංශයෙත් ලියාපදිංචි වෙලා තියෙන කඩු හරඹ ක්‍රීඩාව,පළමු වරට ජාතික තරගාවලියක් විදිහට කරළියට එන්නේ දෙසැම්බර් 20 දා.
'අපි ටිකක් පරක්කු වුණා.පළමු දේ අපිව ලංකාවෙ පිළි අරගෙන තවම මාස 6 ක් විතර වෙන්නෙ.දැන් තමයි අපි සැළසුම් හදල වැඩේට බහින්න හදන්නෙ.'
ඒ වර්ථමාන කඩු හරඹ පරිපාලනයට නායකත්වය දෙන උෂාන් අබේවික්‍රම.උෂාන් කියන විදිහට මේ ක්‍රීඩාව සමාජ ගත කිරීම සදහා පාසල් පද්ධතියේ ඉදලම ආරම්භයක් ලබා ගන්න සැළසුම් කරල තියෙනවා.ඊට ප්‍රථම දැනටත් ක්‍රීඩාවෙ නියැලෙන ක්‍රීඩකයෝ 100 ට වැඩි ප්‍රමාණය අතරෙන් දක්ෂයො කවුද කියල සමාජ ගත කරමින් වැඩේ ආරම්භ කළොත් හොදයි කියන මතයෙ ඉදල තමයි ජාතික සූරතාවලියට පිවිසෙන්න තීරණය කරල තියෙන්නෙ.
තරගාවලිය 20 සහ 21 යන දෙදින තුළ පානදුර මාස් යුනිචෙලා හී දී පැවත්වීමට කටයුතු යොදල තියෙනවා.ඒ සදහා ක්‍රීඩා සමාජ 7 ක් නියෝජනය කරමින් 100 ක් පමණ සහභාගි වන අතර එහි ඇති ස්ථිර ක්‍රීඩා භූමි දෙකට අමතරව තවත් අමතර ක්‍රීඩා භූමී කිහිපයකුත් මෙම තරගාවලිය වෙනුවෙන් ස්ථාපිත වෙලා තියෙනවා.
මේක අපිට ජන්මෙන් ආපු දෙයක්!උෂාන් ක්‍රීඩාවේ අනාගතය පිළිබදව දැඩි විශ්වාසයකින් කතා කරන ගමන් ඉතිහාසයේ ඉදල අනාගතය දක්වා වර්ථමානය හරහා ඒ විශ්වාසයට අවශ්‍යය කරන කරුණු පුරුද්දනවා.
'අපි දක්ෂ කඩු හරඹ ශිල්පීන් හිටිය රටක්,ඒකට ඕනෑ තරම් ඉතිහාස උදාහරණ තියෙනවා.දැනටත් අපේ ක්‍රීඩකයන්ගෙ ඇගේ ඒ හැකියාව තියෙන බව අපිට දැනිල තියෙනවා.
උෂාන් පැහැදිළි කරන ආකාරයට ක්‍රීඩාවේ පදනම් ශිල්පීය ක්‍රමයන් අපේ ක්‍රීඩකයන් ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගන්න අතර ඒ මත පිහිටා ක්‍රියා කිරීමට පුදුමාකාර දක්ෂකමක් දක්වනවා.'
ජන්මෙන් එන මේ හැකියාව දියුණු කරන්න තරග අත්දැකීම් වගේම,ඉහළ තාක්ෂණය,ශිල්පීය ඥාණය දියුණු කිරිම වැනි කරුණු ගැන අපි අවධානය යොමු කරල තියෙනවා.දැනටත් ඉහළ මට්ටමේ පුහුණු උපදේශකයෙක් වන ඉන්දියාවේ ගනේෂන් සහ තවත් අයෙක් අපේ පුහුණුවීම් උපදේශකයො හැටියට කටයුතු කරනවා.
ඒ සියල්ල අතරේ උෂාන් පවසන මේ ක්‍රීඩාව කේන්ද්‍රගත ව තිබෙන ඉහළ ආර්ථික මට්ටමක් සහිත යුරෝපීය රටවල් සමග ගනු-දෙනුවක් හදා ගන්නත් මේ ක්‍රීඩාව වැදගත් ය කියන මතයත් කඩු - හරඹ ව්‍යාප්ත කිරීමේ අවශ්‍යයතාවය පිළිබදව සිතද්දී අමතක නොකළ යුතු කරුණක්.
www.supirikrida.com

යුධ හමුදාවෙන් පෙන් වූ නොපෙන්විය යුතු සංදර්ශනය සමග 'මාස් ස්ලිම් ලයින්' වසරේ බොක්සිං සූරතාවය හිමි කර ගනියි



මෙවර ජාතික බොක්සිං සූරතාවලිය තුළ විනිසුරු තීරණ සම්බන්ධයෙන් ඇති වු ගැටළුකාරි තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදා ආධාරකරුවන් සිය කණස්සල්ල ප්‍රකාශ කිරීමට භාවිතා කළ ක්‍රීඩා ශීලි නොවන ප්‍රතිචාර දැක්වීමේ විදි ක්‍රමය අවසානයේ ක්‍රීඩාවේ ගෞරවයට කළු පැල්ලමක් ඇති කරමින් නිමාවට පත් වෙද්දී,මේ වසරේ හොදම බොක්සිං ක්‍රීඩා සමාජය මෙන්ම 86 වන ජාතික බොක්සිං සූරතාවලියේ සූරතාවය ද මාස් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට හිමි විය.සෑම විටම සිය ප්‍රතිවාදියාව මරා දමන ලෙස ප්‍රකාශ කරමින් ප්‍රකෝපකාරී දිරි ගැන්වීමක යෙදීම ද, මාස් ක්‍රීඩකයන් ගේ ප්‍රතිවාදියා කවුරු වුව,විනිසුරුවරයෙකු ඔහු සම්බන්ධයෙන් ගනු ලබන තීරණ වලට අශෝභණ ලෙස ප්‍රතිචාර දැක්වීමද,මෙහිදි දකින්නට ලැබුණු අතර,එය පැහැදිළිවම ක්‍රීඩකයාගේ තරග රටාවට බාධා කල බවත් ඉතා හොදින් තරග කරන ක්‍රීඩකයන් බවා ආවේගකාරී ලෙස හැසිරෙනු දුටු බවත් දැක ගන්නට ලැබිණ.
ඔවුන් මේ සියළු දේ සමගින් ප්‍රතිවාදියා මරා දමන්නට, උස්සලා පොළවේ ගසන්නට ලෙස යන වචන භාවිතා කරමින් කියූ එක් වචනයක් පිළිබදව යුධ සෙබළාගේ තැන සිට නැවත කල්පනා කර නිවැරදි කර නො'ගන්නේ නම් එය සාමාන්‍ය සමාජය ද බිය ගන්වන සුළුය.ඒ, ඒ සියළු අනීතික දේ කරන්නට කීවේ 'ආමි මොරාල්'  යන වචනය තුළ සිට ය.ආමි මොරාල් යනු තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සෙබළා විසින් අනෙකාව පීඩනයකට ලක් කිරිම නම් ඔවුනගේ ආරක්ෂාව යටතේ සිටිය යුතු  කෝටි ගණන් ජනතාව ඉතා විමසිලිමත්ව සිටිය යුතු බවට කරන අනතුරු ඇගවීම දරුණු අවධානමකි.
කෙසේ නමුත්අප පසු ගිය කාලයේ දකින භාහිර සිදු වීමක් පිළිබදව කිහිප විටෙකම මගේ සටහන් තුළින් කියා ඇත.ඒ ත්‍රිවිධ හමුදාවන් මාස් සම්බන්ධයෙන් දක්වන පොදු විරෝධතාවය ය.ඒ විරෝධතාවය කෙසේ නමුත් ජාතික සංචිත වලට ඇතුළත් වන සියළු දෙනා රැක බලා ගැනීම ආදිය සිදු වන්නේ මාස් හරහාම ය.එහෙත් මාස් පොදු සතුරා ද වී ඇත.මීට හේතුව මාස් ක්‍රීඩකයන් අනෙකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව ගත කරන නිරවුල් සහ පහසුකම් සහිත ජීවිතය.විරෝධතාවය නැග එන්නේම මෙතැන සිට මාස් පංතිය විනාශ කිරීම යන ප්‍රාථමික අරගල ක්‍රියාවලියෙන්ය.තමා ජීවත්වන පීඩනය ට සහ අනෙකාගේ සරල,සැහැල්ලු බව සමග ඇති වන වෛරයේ ප්‍රතිපල බොක්සිං කවය තුළ මුදා හරින්නට දක්වන උත්සාහයේදී සිදු වන්නේ බොක්සිං දිය වී සටන ගමේ චණ්ඩියාගේ භූමිකාවට මාරු වීමය.
හමුදා සෙබළෙකු වීම ද සමග එම චණ්ඩිකම එක්වීමෙන් ඇති විය හැකි දරුණු ප්‍රතිපලය ඊයේ පැහැදිළිව දකින්නට ලැබිණ.එය ඉදිරියේදී වඩාත් අනර්ථකාරී තත්ත්වයකට ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව රැගෙන යන්නට ඉඩ ඇත.සාමාන්‍ය ජනයා රැදී සිටිය යුතු ස්ථාන තීරණය කිරීමට ඇතැම් තීරණාත්මක අවස්ථාවල හමුදාවට බලය ලැබෙන පරිදිම ඔවුන්ට ද සිය බලයේ වපසරියට අඩංගු නොවන ස්ථාන ඇත.මෙම බොක්සිං තරගාවලියේ ඔවුන් ඒ සීමාව අති ක්‍රමණය කරමින් ජනමාධ්‍යවේදීන් ගේ සීමාව අතික්‍රමණය කිරීම සහ එසේ නොකරන ලෙස කියා සිටියදී, විනයෙන් සහ බුද්ධියෙන් මෝරා නොගිය ඇතැම් සෙබළු එය සිය අයිතියක් මෙන් ප්‍රකාශ කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට කටයුතු කිරීම නවතා දමන්නට හමුදාවේම හිටපු බොක්සිං ප්‍රවීනයන් සහ පොලිසියේ නිලධාරීන් මැදිහත් නොවන්නට හමුදාවේ වීම ඕනෑම කෙනෙකුට තර්ජනය කිරීමට සහ ඕනෑම තැනෙකට පිවිස කරණම් ගැසීමට ලැබුණ වරප්‍රසාදයක් යැයි සිතන සෙබළ මානසිකත්වයක් ඇති අයෙකු අතින් මාධ්‍යවේදීන්ට ශරීර අඩන්තේට්ටම් පවා වෙන්නට තිබිණ.
ඔවුන් සිටි ප්‍රදේශයෙන් එල්ල වූ බිත්තර ප්‍රහාර,පුටු ප්‍රහාර,සහ ඇතැම් වීසි කිරීම් වලට මාධ්‍යවේදින් පවා ගොදුරු විණි.ඒවා යුධ හමුදාව විසින් සිදු කළ බව ඒත්තු ගන්වන්නට වෙනත් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාර බව ඔවුන් පසුව ප්‍රකාශ කළද පහර දුන්නේද නැතිද යන්නට වඩා විනය ගරුකව හැසිරිය යුතු පිරිසක් ලෙස තමන්ට අසාධාරණයක් සිදු වූ විට හැසිරෙන්නේ මෙසේ යැයි සමාජය ඉදිරියේ කියා පෑ ආකාරය හමුදාවේ කීර්තිනාමය පිළිබදව සාමාන්‍ය ජනතාව තුළ අපකීර්තිමත් හැගිමක් ඇති කිරීමක් බව සිතට ගැනිම වැදගත්ය.
විනිසුරු තීරණ සම්බන්ධයෙන් ගැටළු ඇති බව සුපිරික්‍රීඩා නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇත.මෙහිදී ද එවැනි තත්ත්වයන් ඇති නොවුණු බව අපි නොකියන්නෙමු.අප විසින් කරන ලද සොයා ගැනීම් වලට අනුව ඇතැම් විනිසුරුවන්ට එරෙහිව තරග තහනම් පවා පැනවීමට ක්‍රියා කර ඇත.ඒ මෙම තරගාවලිය ආශ්‍රිතවය.එසේම එක තරග වටයක් විනාඩියක් අඩුවෙන් කාලය ගණනය කිරීම නිසා විශාල ගැටළුකාරී තත්ත්වයක් ද ඇති විය.මෙවැනි නිලධාරීන් පිළිබදව පැරණි හිතවත්කම් හෝ තරාතිරම නොබලා පියවර ගත යුතුය.අලුත් විනිසුරුවන්ට පිවිසිය හැකි ලෙස දොරටු විවර විය යුතුය.ඒ සදහා ප්‍රවේශයක් ලබාගත හැකි පරිදි සිය සුදුසුකම් සපුරා ගැනීමට ද කවයෙන් පිට සිට තීරණ දෙන පිරිස උත්සාහ කළ යුතුය.තීරණ ඇතැම් අවස්ථාවල සිතා ගැනිමට නොහැකි ලෙස වරදින අවස්තා අප දැක ඇත්තෙමු.එය ඇතැම් විට මාස් ක්‍රීඩකයන්ට බලපාන අවස්ථා ද දැක ඇත්තෙමු.මේ සියළු දේ තුළින් යම් අසාධාරණයක් වූ බවට ගෙනෙන තර්කය ද කිසිදු මාධ්‍යවේදියෙකු ප්‍රතික්ෂේප නොකරනු ඇත.එහෙත් 86 වන බොක්සිං තරගාවලිය තුළ ඒ මතයේ පිහිටා සිය ක්‍රීඩකයා හෝ මාස් නොවන ක්‍රීඩකයා ගේ ආධාරකරුවාගේ කණ්නාඩියෙන් තරග නැරඹිමේ දී  මහ හඩින් විරෝධතා දැක් වූ බොහෝ දේ නිවැරදිව සිදු වූ අපි දුටිමු.සිදුවීම දරුණු තත්ත්වයට පෙරළුණු මංජු වන්නිආරච්චිගේ ගැටුම පිලිබදවද කිව යුතුව ඇත්තේ ද එයමය.දක්ෂ ක්‍රීඩකයෙකු වන වීරක්කොඩි මෙම තරගය තුළ හැසිරෙන ආකාරය,ප්‍රහාරයට පිවිසෙන ආකාරය තුළ ඔහු බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස ලබා තිබූ ශික්ෂණය වෙනුවට දකින්නට ලැබුණේ තරහකාරයෙකු මරා දමන්නට හැසිරෙන ආකාරයක් බව එම තරගයේ වීඩියෝ දර්ශන ඇත්නම් ඔබ ඒ සම්බන්ධයෙන් දරණ පූර්ව නිගමණ වලින් බැහැරව තරගය නැරඹීමෙන් හදුනා ගන්නට පුළුවන.



කෙසේ හෝ තරගාවලිය තුළ කාන්තා බොක්සිං ක්‍රීඩාව යම් ප්‍රගතියක් ලබා තිබෙන බව පැහැදිලිය.ඔවුන් ශිල්පීය ගුණයෙන් විශාල ලෙස ඉදිරියට පැමිණ ඇත.තරගකාරීත්වය ඉහළ ගොස් ඇත.ඒ විවෘත ස්වබාවයේ ගොදුරු බවට පත් වූ ටැන්සානියා ලෝකඩ පදක්කම්ලාභින් දෙදෙනා වූ ශිරෝමාලා වීරරත්න, ඩබ්අයිඑස්එස් ශෂිකලා ඉදිරියේත් සිතාරා සදරේකා, කේඒකේ හංසිකා ඉදිරියේත් පරාජයට පත් විය.එසේම ජාත්‍යන්තර අත්දැකිම් ඇති සහ ගෙවුණු ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාව වූ නිරංජලා සේනානායක,එල් උදයංගනී ඉදිරියේ පරාජයට පත් විය.
දැවැන්ත ශක්තියක් සහිත මුෂ්ටි ප්‍රහාර වලින් පොහොසත් මොහොමඩ් ඩිල්ෂාන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මෙම තරගාවලියේදී ත් සිය යුතුකම ඉටු කළේ,දක්ෂතම ක්‍රීඩකයා වෙමින්ය.එසේම ඔහු මේ වසරේ ලාකේය බොක්සිං තර අතර දීප්තිමත්ම තරුව බවට පත් වෙමින් බොක්සි ක්‍රීඩකයන් අතර වසරේ දක්ෂතමයා ලෙස සම්මානණීය විය.එසේම වසරේ අති දක්ෂ බොක්සිං තරුවට පිරිනැමෙන කුසලානය අනූසා කොඩිතුවක්කු දිනා ගත්තාය.ඇය මේ වසරේ බොක්සිං ක්‍රීඩවට ඉන්දීය - ශ්‍රී ලංකා තරගාවලියේදී සමු දුන් අතර,එහදී ද දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ අනූෂාය.ඊට අමතරව ඇය ටැන්සානියා ජාත්‍යන්තර තරගාවලියේදී රන් පදක්කම දිනා ගත්තාය.එසේම අනූසා වසරේ බොක්සිං තරුව ලෙස සම්මානනිය වීම කාන්තාවකට එම සම්මානය හිමි වූ දෙවන අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන අතර ඊට පෙර 2009 දි නිල්මිණි ජයසිංහ ද එම සම්මානය දිනුවාය.
තරගාවලියේ කැපී පෙණෙන ක්‍රීඩකයන් ලෙස මොහොමඩ් ඩිල්ෂාන් මෙන්ම සුරේෂ් පට්ටියආරච්චි ද එසේම සංවර්ධනයට ලක් විය යුතු චරිතයක් ලෙස සිය පළමු ජාතික සූරතාවලියම ජයග්‍රහණයකින් කෙළවර කර ගත් එම් ප්‍රභාස්වර ද, අවධානයට ලක් විය යුතු චරිතය.එසේම කාන්තා තරග ඉසව්වලදී කිලෝග්‍රෑම් 75 න් පහළට විහිදි සෑම ක්‍රීඩිකාවක්ම පාහේ යම් ප්‍රවර්ධනයක් අත් කර ගෙන ඇති ආකාරය පැහැදිළි වීම කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අනාගතය පිළිබදව සතුටු විය යුතු සහ පවත්වා ගෙන යමින් සහ සංවර්ධනය කරමින් රැක ගත යුතු තත්ත්වයකි.
www.supirikrida.com

ක්‍රිකට් පළුදු කරමින් ඕස්ට්‍රේලියාව ජය ගනියි

The Australian team crowds Mitchell Starc after he picked up the last wicketස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 137 කින් පරාජය වූ පළමු ටෙස්ට් තරගයේ අවසාන තීරණයට තරගයේ වීරයා වූ පීටර් සීඩ්ල් ගේ පන්දු යැවීම සදහා පන්දුව පළුදු කරමින් අනවශ්‍යය වාසි ලබා ගත් බවට ශ්‍රී ලංකා කළමණාකාරීත්වය එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් තරගයේ ජයග්‍රහණයේ කීර්තිය රිසි පරිදි භුක්ති විදින්නට ඕසට්‍රේලියානුවන්ට අවකාශ සළසා දෙන්නට තරග තීරක ක්‍රිස් බෝඩ් කටයුතු කළේය.කලෙක පටන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පක්ෂපාතීත්වයක් දක්වන තරග තීරක වරයෙකු වන ක්‍රිස් බෝඩ් අයිසීසී ය වැඩිම අවස්ථාවකදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග වල තරග තීරකයා ලෙස පත් කිරීමද ගැටළුකාරී තත්ත්වයක් වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ ගැන සැළකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත.
කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක ශ්‍රී ලංකා ඉණිමේ 88 වන පන්දු ඕවරයේ දී සීඩ්ල් පන්දුව පළුදු කළ බවට රූපවාහිණි දර්ශන මගින් සාක්ෂි ලබා දිය හැකි බවට තරග තීරක වරයාට කරුණු ඉදිරිපත් කළ ද ක්‍රිස් බෝඩ් හොරාගේ අම්මාගෙන් පේන අසන්නාක් මෙන් ඕස්ට්‍රේලියානු පුහුණුකරුගෙන් කරුණු විමසිමකින් පසු චරිත් ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නැති බව කිමට තරම් සුදු හමට සාධාරණය ඉටු කළේය.
කෙසේ හෝ ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේ නිවැරදිව පන්දුවට පහර නොදීම ගැන පළමුව අවධානය යොමු කර ඕස්ට්‍රේලියාවේ අපකීර්තිමත් ජය ගැන අමතක කර දෙවන තරගයට පිවිසිය යුතුව ඇත.දිනයක් තුළ කඩුලු 8 ක් රැක ගැනීමට දැරූ උත්සාහයේදී පළමු කාර්තුව කඩුල්ලක් පමණක් දැවී තරගය තුළ රැදී සිටි ශ්‍රී ලංකාව ඉතිරි කාර්තු දෙක තුළ තවත් කඩුලු හතක් අහිමි කර ගැනීම විශාල දුර්වල කමකි.ඩිල්ෂාන් ගේ දැවී යාමෙන් ඉනික්බිති තරගයේ තීරණය සම්බන්ධයෙන් තිබූ විවෘත ස්වභාවය සම්පූර්නයෙන්ම අත හැර දැමූ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු ආක්‍රමණය ඉදිරියේ හිස නමා ගෙන එය දරා සිටින්නට උත්සාහ කළා විනා එයට සැහැල්ලුවෙන් සහ ප්‍රති පීඩනයක් ඇති වන ආකාරයට මුහුණ දෙන්න උත්සාහයක් ගත්තේම නැත.ඒ නිසා තරගය තුළ කිසි විටෙක ඕස්ට්‍රේලියාව තිගැස්සසෙන සුළු තත්ත්වයක් ඇති නොවුණු අතර අවසාන කඩුලු 5 ලකුණු 54 ක් තුළ ශ්‍රී ලංකාව අහිමි කර ගත්තේ දැඩි රැකවරණ අපේක්ෂාවෙන් කළ පහර දීමේ රටාවක් තුළ ය.
ඩිල්ෂාන් සහ ප්‍රසන්න ජයවර්ධන හැරෙන විට කිසිවෙකුගේ පන්දුවට පහරදීමේ වේගය 40% ඉක්මවා නැති අතර ඔවුන් අනවශ්‍යය පීඩනයක කටයුතු කරන්නට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිය බව පැහැදිළිය.මේ තත්ත්වයද ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට සහය දුන් බව අමතක නොකල යුතුය.ලකුණු 137 කන් පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකාවට දෙවන තරගයේදී ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ මානසිකත්වය මෙන්ම හොබාත් තණතිල්ලටත් වඩා බලපෑම් කළ හැකි ශ්‍රී ලංකා පරාජයට හේතු වූ ඔවුන්ගේ වේල පන්දුවේ අභියෝගය ද මැඩ ගන්නට බොහෝ දේ කිරීමට සිදු වනු ඇත.
පරාජිත තරගයේ ලකුණු සටහනට පහත සබදතාවයෙන්  පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html

www.supirikrida.com

Dec 18, 2012

ගමේ කම්හලේ දොරේ වදින්නට ගැසූ ඩෑස් පහරක්

'චියර් ග්ර්ල්ස්' විවිධ වූ විශේෂීත ඇදුම් ආයිත්තම් වලින් සැරසුණු රූපණයේ යෙදෙන මිනිසුන්.එකම වර්ණයෙන්,එකම හැඩයෙන්,සැරසුනු ධජ පතාක ගත් මිනිසුන්'

සාමාන්‍යයෙන් දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති බිමක ජනප්‍රියත්වයේ ලක්ෂණ මේ විදිහට තරග නැරඹිමේදී ප්‍රදර්ශනය වෙනවා.මේක ලංකාවෙ දකින්න තියෙන්නෙ ක්‍රිකට් වල විතරයි.ඒත් සංවිධානාත්මකව මෙවැනි දෙයක් පසුගිය දිනයක මහරගම ජාතික තරුණසේවා සභාවෙදි දැක්කා.ඒ වෙළද සේවා වොලිබෝල් අවසන් තරග අවස්ථාවෙදි.
'ගාමන්ට් ෆැක්ටරි නෙ,කට්ටිය කන්න බොන්න දීලා බලෙන්ම ගේන්න ඇති.'
තරගාවලියෙ අවසාන තරග සදහා ඇවිත් හිටිය බ්‍රැන්ඩික්ස් සහ මාස්  කණ්ඩායම් දිහා බලල පූර්ව නිගමනයකට එන්න පුළුවන්.ඒත් ඇත්ත ඒකද?
එහෙමනම් දිනන කොට පරදින කොට ඇස් වල කදුළු පුරෝගන සතුට දුක ප්‍රකාශ කරන රගපෑමත් ඔවුන්ට උගන්නලද?සාමාන්‍ය කතාවෙන් කියනවනම් ඔවුන් ගෙනාවෙ කෙහොම වුණත් කෑ ගැහුවෙ බොක්කෙන්!
තමන්ගෙ ආයතනයෙ සහෝදර සහෝදරියන්ගෙ දහඩිය වලට අගයක් ඉල්ලල ඒ වටිනාකම දිනා දෙන්න අරගලයක් කරන ගානට ඔවුන් කෑ ගැහැව්වා.
ජාතික ක්‍රීඩාව ජාතියට අයිති වෙමින් තියෙනවද කියල පුංචි සතුටක් හිත තුළ ලියලන්න ගත්තා.කණ්ඩායම් කිහිපයක් දක්ෂයො ඔක්කොම ගොඩ ගහල හිර කර ගත්තම ඇතැම් ජාතික කණ්ඩායමේ සාමාජිකයන්ටත් බංකුවෙ ඉදන් ඉන්න වෙන අවස්ථා අපි පසු ගිය කාලයෙ දැක්කා.මේ සංස්කෘතියත් එක්ක ඒක වෙනස් වෙයිද?
පෞද්ගලික ආයතනික මට්ටමෙන් ජාතික තලයෙ ක්‍රීඩකයන්ට රැකියා දොරටු විවර වෙනවා නම්,එක තැනෙක පොදි ගැහිල ජීවිතය හොයන්න ක්‍රීඩකයන්ට සිදු වන්නෙ නැහැ.විශේෂයෙන්ම මේ තරගාවලිය නරඹන්න ජාතික තේරිම් කමිටුව ඔළුව දාලා බලන්න තිබුණා.ළගට ඇවිත් ගහල පෙන්නන්න එකයි,එන්න කියල ගහල පෙන්නන්න එකයි පැත්තකට දාලා හොයල ගිහිං ගහනව බලන්න ඕනි කියල හිතෙන සංස්කෘතියක් වොලිබෝලය ඇතුළෙ හැදෙන්න ඕනි.එහෙම එකක් හැදිල තිබුණ නම් විශේෂයෙන් ක්‍රීඩකයො කිහිප දෙනෙක්ටම ජාතික සංචිතයෙ පරීක්ෂණ වලට එන්න කියල ඒ අයට කියල යන්න තිබුණා.වැඩේ එතකොට තව දුරටත් සාර්ථකයි.ආයතන වල අවධානය මේ කෙරෙහි වැඩි වෙනවා.භෞතික වශයෙන් ක්‍රීඩාව දියුණු වෙනවා.
මේක කරනවට වඩා ඉන්න හුග දෙනෙක්ට ඕනි තමන්ගෙ මට්ටම වඩා ඉහළයි කියල පෙන්නල අඩි කිහිපයක් උඩින් යන්න.හැබැයි එහෙම හිතන අයව උඩින් අරන් බිමින් තියපු තරගාවලියක් හැටියට වෙළද සේවා ‍වොලිබෝල් තරගාවලිය හදුන්වන්න පුළුවන්.ජාතික මට්ටමේ තරගාවලියට මදක් පහළින් තමයි,වෙළද සේවා, ජනසතු සේවා වැනි තරග සංවිධානය වන්නෙ.ඒත් වොලිබෝලයේ කතාව ඊට හාත්පසින් වෙනස්.ඇතැම් තැන් ජාතික මට්ටමත් ඉක්මවා ගොස් තිබුණා.ක්‍රීඩාව වුණත් එහෙමයි.ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමට අභියෝග කළ හැකි මට්ටමෙන් ක්‍රීඩා කළා.
මෙතැනදි මාධ්‍යයෙන් වුණත් ඇතැම් විට වැරද්දක් වෙන්න ඇති.ජාතික වෙනුවට වෙළද කියන නම ආවම පුංචි මදි පුංචි කමක් එක්ක ඒ ගැන හිතන්න ඇති නිසාද මන්ද හුගක් අපේ සහෝදර මුහුණු පේන්න හිටියෙ නැහැ.
ඒත් ජාතික තලයේ වොලිබෝලය රැක ගන්න නම් මේ වොලිබෝලය සැබවින්ම විහිදුවා ලූ දීප්තිය පත්ඉරු මත,වගේම මැග්නීසියම් පට මතත් අතුරා ලොවට කියන්න තිබුණා.මේ හරහා විශාල වානිජමය වටිනා කමක් ආයතනික වශයෙන් ලැබිය හැකි බව ඒත්තු ගන්නන්න තිබුණා.ජාතික තලයෙන් ක්‍රීඩාව රැකෙන එක වගේම ක්‍රීඩකයාගේ සුරක්ෂිත බව ඇති කිරීමත් අපේ වගකීමක්.ඒ සදහා රැකියාවක් නෑ කියා දක්ෂයෙකු වෙනුවෙන් පිහිට වන්න යැයි ලියන්නට පෑනේ තීන්ත වැය කිරීමට වඩා,රූපවාහිනි තිරය භාවිතා කිරීමට වඩා ඔවුන්ට වෘත්තිය පදනමක් ගොඩ නැගෙන මෙවැනි තැන් ඔසවා තැබීම වැදගත් කොට සිතීමට අපේ මාධ්‍ය සමාජ දේශපාලනික අවබෝධයකින්  කටයුතු කළ යුතුයි.
කෙසේ වුවත් අලුත් සුවදක් රුදුනු සුළගක් ජාතික ක්‍රීඩාව හරහා ඇදි ගිය බව කිව යුතුයි.ඒ සුළග ගම් නියම් ගම් පසු කර වොලිබෝල් පිටියේ වැටෙන දහදිය වඩා ක්‍රමවත්භාවයක් තුළ ගමේ කම්හල් දොරෙන් ඇතුළට පිවිසෙන දවස වැඩි ඇතක නොවුණොත්,එළැඹෙන වසරේ වෙළද සේවා වොලිබෝල් තරගාවලිය තියන්නට ලංකාවෙ විශාලතම ඉඩ-කඩක් ඇති අලුත්ම බිමක් තෝරා ගන්නට තරම් මේ තරගාවලියේ සහභාගීත්වය පුළුල් වෙයි.
ඡායාරූප - සංජීව සමරවික්‍රම
තරගාවලියේ සමස්ත තරග ප්‍රතිපල සදහා අප වෙබ් අඩවිය වන www.supirikrida.com වෙත පිවිසෙන්න.
www.supirikrida.com


රේනුකාගෙ හිනාව ...

'ජීවිතය ජය ගන්න උගන්නන්න බෑ,ඉගෙන ගන්න ඕනි.'
දිනක් සංවාදයක් ඇතුළත ඩයන් ගෝමස් කිව්වා.ඒත් මේ හිනාවෙ තියෙන්නෙ ජිවිතය ජය ගන්න උගන්නන්නත් පුළුවන් කියල ඔහුගේ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමත්ද කියලත් හිතෙනවා.
ඩයන්ගෙ පිරුනු හිනාව සහ ඔහුගෙන් සම්මාන ගන්න රේනුකාගේ හිනාව ඇතුළෙ ඉතාමත් සාර්ථක වෙළද සේවා වොලිබෝල් තරගාවලියක් කිරීමෙන් උද්දාමයට පත් සභාපති රොහාන් සෝමවංශ ගෙ,ඔහු අසළ ඉන්න උප සභාපති සමන් වීරසූරියගෙ හිනාවට වඩා දෙයක් රැදිලා තියෙනවා.
මේ ජය සංඛේත ලබා ගන්න රේනුකා මෙවර වෙළද සේවා වොලිබෝල් කාන්තා සූරතාවය දිනූ මාවතගම මාස් කැෂුවලයින් ආයතනයෙ නායිකාව,රේනුකා නිල්මිණි නම් වූ ඇය මෙම තරගාවලියෙ අති සූර ක්‍රීඩිකාවත් වුණා.මේ ආයතනික ගණු දෙනුව නිසා නැගෙන හිනාවකටත් මේක ලඝු කරන්න බෑ.ඒක තදින් බැදුණු අධ්‍යාත්මික හිනාවක්.
කැෂුවලයින් ආයතනය ජාතික මට්ටමේ ජයග්‍රහණ සදහා ප්‍රවේශවන අවධියෙ කණ්ඩායමේ හිටපු රේනුකා,එක වරම දෛවය විසින් එල්ල කළ ඩෑෂ් පහරකින් බිම වැටෙනවා.
පිළිකාවක්!
කාගෙත් ඇස් වලට කදුළු නැගෙනවා.රේණුකා වොලිබෝලයට වගේම ජීවිතයෙන් නික්ම යන ගමනෙදි කැෂුවලයින් ආයතනයෙන් ද සමු ගෙන යන්න කළමණා පොදි බදිනවා.
පිරිස් කළමණාකාරිය අනෝමිද සිල්වා මේ වෙලාවෙ රේනුකාගෙ ඉරණම් ගමනෙ පයින් අදිනවා.ඒකට කණ්ඩායමේ කළමනාකරු චන්දන විජේසිංහ අවශ්‍යය මග පෙන්වීම කරනවා.කැෂුවලයින් සහෝදරත්වය සමග එන අනෝමිගේ උත්සාහයට යෝධ බල ශක්තියක් එකතු කරන ඩයන් සිය දෑතත් හෘදයාංගම සෙනෙහසත් ඒ වෙනුවෙන් කැප කරනවා.
මාස් සමූහයක් කියන කාරණය රේනුකා ට වගේම රේනුකාට අභියෝග කරන්න ආව මරණයටත් තේරෙනවා. රේනුකා වොලිබෝල් ගහනවා.දිනනවා,දක්ෂතම ක්‍රීඩිකාව වෙනවා.
ඒ අභිමාවත් මොහොතෙ තමන් වෙත ජීවිතය නැවත ඇදල දුන්නු ඩයන් ගෝමස්, රේනුකාගේ භාෂාවෙන්ම කියනව නම් 'අපේ ඩයන් ස්ර්' ඒ සම්මාන ප්‍රදානය කරන්න වේදිකාවෙ  ඉන්නවා.ඉතිං ඒ හිනාව තවත් හිනාවකට සම කරන්න පුළුවන්ද?
රොහාන්,සමන් දෙන්න මෑත කාලයේ දුටු දර්ශි වොලිබෝල් සංදර්ශනයකට නායකත්වය දුන්නු කණ්ඩායමේ නියමුවෝ දෙන්නෙක් තමයි.ඒ සාර්ථකත්වය ඊට දායක වූ ඕනෑම අයෙකුට හිනාවක් ඇති කරනවත් තමයි.ඒත් මෙතැන ඩයන්ගෙයි රේණුකාගෙ හිනාවටයි,ඒ ඇතුළෙ තියෙන මානව ප්‍රේමයේ ශක්තියේ ජයග්‍රාහී වෘතාන්තයටයි සමන් ගෙ හිනාවටයි,රොහාන් ගෙ හිනාවටයි ළං වෙන්නවත් බෑ.හැබැයි මේ හිනාවල් දෙක එක වේදිකාවක මේ විදිහට මුණ ගැස්සුව කණ්ඩායම හැටියට රොහාන්ලට සමන්ලට වගේම වෙළදසේවා වොලිබෝල් තරගාවලිය සාර්ථක කර ගන්න දහඩිය හලපු හැමෝටම ආඩම්බරණිය සතුටක් ලබන්න ඩයන්ගෙයි රේනුකාගෙයි හිනාවෙ කතාවම මදිද?
ඡායාරූපය සංජීව සමරවික්‍රම

පරාජයෙන් ගලවාගැනීමේ වගකීම මහේල සහ සංගා පිට ට

Shane Watson was stumped for 5කුණු 393 ක ඉලක්කයක් හඹා ගොස් ජය ගන්නේද,තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නේද යන ගැටළුවත් සමග කඩුළු 8 ක් සහ තවත් ලකුණු 328 ක් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම තීරණය කිරීමේ වගකීම මේ වන විට මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර වෙත පැවරී ඇත.ප්‍රථම ඉණිමේ දී ලබා ගත් වාසිදායක තත්ත්වය පෝෂණය කිරීමට ඇවැසි විශාල දායකත්වයක් ඕස්ට්‍රේලියානු ඉණිම ආරම්භයෙන් ලැබුණ ද,එය පවත්වා ගැනීමට හැකියාවක් ඔවුන්ට නොලැබිණ.විශේෂයෙන් මයිනල් ක්ලාක් හොදින් පිත්ත හසුරුවමින් සිටියදි ආබාධයකට ලක් වී පිටියෙන් ඉවත් වීමත් සමග මයික් හසී ට එක පසෙක සිට හුදෙකලා වේ බලා සිටීමට සිදු වූ අතර ඕස්ට්‍රේලියානු පසු පෙළ සිය දග කැවීමෙන් අන්ද මන්ද කළ රංගන හේරත් ලකුණු 96 ක් තුළ කඩුලු 5  ක් බිද හෙළිය.ඒ අනුව කඩුලු 9 ට ලකුණු 278 ක් ව තිබිය දී ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම නිමාවට පත් විය.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු දෙවන ඉණිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් එල්ල කළ තර්ජනය තරමටම ප්‍රසන්න ජයවර්ධන කඩුල්ල පිටුපස සිට කළ බලපැම ද,යළි යලිත් ජාත්‍යන්තර විචාරකයන් පවසන අන්දමට ලොව හොදම කඩුලු රකින්නා ප්‍රසන්න බව සනාත කළේය.විශේෂයෙන් ෂේන් වොට්සන් දවා ගැනිමට ඇසිල්ලක් තුළ කළ විශ්මය දනවන ස්ටම්ප් කිරීම ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් ලෙස හැදින්විය හැකිය.පීටර් සීඩ්ල් දවා ගැනීමට ප්‍රසන්න කළ උඩ පන්දු රැකීමද එවැනිම ප්‍රදර්ශනාත්මක  දස්කමක් විය.
ප්‍රථම ඉණිමේදී  ශ්‍රී ලංකාවට පිට පිටම දෙවන වරටත් පන්දුවට පහර දීමට විය හැකි අවදානමෙන් ගලවා ගත් ටීඑම් ඩිල්ෂාන් දෙවන ඉණිමේදි අසාර්ථක වීමත්,දිමුත් කරුණාරත්නගේ ඉණිම ලකුණු 30 කින් නිම විමත් සමග ක්‍රීඩා පිටියේ එක් වූ මහේල සහ කුමාර සංගක්කාර ඊයේ දිනය නිමවන විට නොදැවි සිටියහ.පන්දු ඕවර් 13 . 5 ක් තුළ සිය කඩුලු රැක ගනිමින් ලකුණු 18 ක් පමණක් ලබා ගත් මහේල සහ සංගා ජයග්‍රහණයට වඩා සිය කඩුලු බේරා ගැනීම පිළිබදව වැඩි අවධානයක් යොමු කර පරාජය නොවි සිටීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කර ගැනීමට උත්සාහ දරන බවක් පැහැදිළි විය.දිනයක් තුළ ලබා ගත හැකි ලකුණු ප්‍රමාණයක් සහ තරගයේ සිව්වන දිනයේ පන්දු යවන්නන්ට වාසිදායක විය හැකි පරිසරයක ඒ ඉලක්කය හඹා යාමට ගොස් තරගය පරාජය වීමේ අවදානමත් රැගෙන අද පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතමයන් දෙදෙනා දැනට ලොව ඕනෑම කඩුල්ලක් සදහා වන වාර්තාගත ටෙස්ට් තරග කඩුලු සබදතාවයේද හිමිකරුවෝය.ඒ නිසා කඩුල්ල රැක ගැනීම සිය ප්‍රධාන කාර්යය බවට පත් කර ගෙන,පරාජය නොවී සිටීම අරමුණ කර ගනිමින් ක්‍රීඩා කිරිමට මෙම යුගලය දක්වන දායකත්වය මත ඇතැම් විට එහි වරප්‍රසාදයක් ලෙස ජයග්‍රහණය හිමි විමට ද ඉඩ ඇත.
කෙසේ හෝ තරගයේ තීරණය ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂතාවය ඉදිරියේ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර හැසිරෙන්නේ කෙසේද යන්න මත රැදි පවතින බව පැහැදිළිය.තරගයේ ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනිමට හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html

දම්ආසී ක්‍රීඩා දිනය 22 දා

ක්‍රීඩා කේෂ්ත්‍රයේ නම ගිය පාසලක් වන නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට වසර සියයක් සැපිරීම නිමිති කර ගනිමින් විද්‍යාලීය භූමියේ දී දෙසැම්බර් 19 සිට 23 දක්වා පැවත්වීමට සංවිධානය කර තිබෙන 'දම්ආසි 2012' අධ්‍යාපනික වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියේ ක්‍රීඩා දිනය ලෙස දෙසැම්බර් 22 දා නම් කිරීමට පියවර ගෙන ඇත.ජාතික මලල ක්‍රීඩකයන්ගේ මෙහෙයවීමෙන් එදින මලල ක්‍රීඩා පුහුණු සැසියක් පැවත්වීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදා සහ ගුවන් හමුදා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් සහභාගි වන ප්‍රදර්ශන වොලිබෝල් තරග ද,ධම්මිස්සර වත්මන් වොලිබෝල් කණ්ඩායම සහ ආදි ශිෂ්‍ය කණ්ඩායම් සහභාගි වන දම්ආසී වොලිබෝල් වෘතාන්තය විදහා දැක්වෙන වොලිබෝල් තරග ද පැවත්වීමට කටයුතු කර ඇත.
එසේම විද්‍යාලීය ක්‍රීඩාව නගා සිටුවීම සදහා මෙහෙවරක් කළ විශිෂ්ඨයින් ඇගයීම මෙන්ම ඇරොබික්ස් වැඩ සටහන් ද,කඹ ඇදීමේ ප්‍රදර්ශන තරග සහ දම්ආසී ශක්තිවන්තයා තේරීමේ වැඩ සටහන ද මෙම ක්‍රීඩා දිනයට ඇතුළත් වැඩ සටහන් අතර කැපී පෙනෙයි.
www.supirikrida.com

Dec 17, 2012

ලංකාවේ හොකි ලොක්කියන්ගේ දණ බිම ඇනෙයි

සිංගප්පූරුවේ ශාන්ත කෑන්ස් කාතිම හොකී පථයේ පැවති ආසියානු සම්මේලන කුසලාන ‍කාන්තා හොකී සූරතාවලියේ සිව්වන තැන දක්වා පහත බසින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ දැවැන්ත පරාජයන් දෙකක්ද සමගින්ය.ඉකුත් වර තරගාවලියේ අනු සූරියන්ව සිටි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ ලකුණු 8 - 1 ලෙස පරාජයට පත් වූ අතර හොංකොං කණ්ඩායම ඉදිරියේ පරාජය වූයේ  6 - 0 ක් ලෙස ය.
පළමු වටයේදී පකිස්තානයට එරෙහිව 8 - 1 ක් ලෙස සහ සිංගප්පූරුවට එරෙහිව 1 - 0 ක් ලෙස ද ජය ගත් ශ්‍රී ලංකාව ලකුණු 2 - 1 ක් ලෙස තායිලන්තය ඉදිරියේ පමණක් පරාජය ලැබීය.නමුත් යළිත් තරගයේ තෙවන ස්ථානය සදහා තායිලන්තය හමු වෙද්දී තායිලන්තය තරග අත්දැකීම් සමග ලබා සිටි ප්‍රගතියට සමානව ලංකා වැටි තිබූ පසුබෑම පැහැදිළි කරමින් තරගයේ ජය තායිලන්තය විසින් අත් පත් කර ගත්තේ ලකුණු 6 - 3 ක් ලෙසය.
කාන්තා හොකී ක්‍රීඩාවේ උරුමක්කාරයන් ලෙස හැසිරෙන චරිත කිහිපයක් මේ සදහා වගකිව යුතු බව හොකී ප්‍රේමින් විසින් පෙන්වා දෙන අතර සම්මේලනය මෙවැනි අවස්ථාවලදි ක්‍රීඩා කණ්ඩායමට මුදල් සොයා දීමක් නොකරන නිසා තරගාවලිය ආසන්නයේ ක්‍රීඩිකාවන් අනවශ්‍යය පීඩනයකට මුහුණ දීමද මේ සදහා බල පෑ හැකි බව පෙන්වා දෙයි.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංචාර සදහා මුදල ප්‍රදානය කරන පුන්‍ය ආයතනයක් සිදු නොවිය යුතු බව අප විශ්වාස කරන අතර නමුත් එම වන්දනා සදහා කරන මුදල් අනුග්‍රහයන්ට සාපේක්ෂව ගත් විට ලංකාවේ හොකී ක්‍රීඩිකාවන්ට ආසියාවේ ප්‍රබලතම තරගයට පෙර හොකී වපසරිය තුළ ලැබෙන විශාලතම සහ ප්‍රධානතම තරගාවලිය මෙය බැවින් අනුග්‍රහයේදී  මේ ගැන සිතීමට හැකියාවක් තිබෙන බව ද අපි විශ්වාස කරන්නෙමු.
www.supirikrida.com

ලංකාවේ හොකී පොඩ්ඩියන්ට මැලේසියාවේදී තෙවන තැන

මැලේසියාවේ පීනෑං නගරයේ පැවති පෙස්ටා යූඑස්එම් කුසලානය සදහා පැවති හොකී තරගාවලියේ දි ඒ සදහා සහභාගි වූ අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම (මෙරුන්ස්) තරගාවලියේ සම තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.මැලේසියාවේ ක්වාලම්පූර් හී සමරියන් කණ්ඩායම මෙම වයස් ඛාණ්ඩයේ සූරතාවය දිනා ගත් අතර මෙම තරගාවලියට මීට අමාතරව අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් සහ අවුරුදු 15 න් පහළ බාලක කණ්ඩායමක් ද සහභාගි විණි.එහිදී අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් දෙකම අර්ධ අවසන් තරග වටයට පිවිසීම ද කැපී පෙණින.
ඡායාරූපයේ දැක්වෙන්නේ ජයග්‍රාහී කණ්ඩායමය.පද්මා නවරත්න කළමණාකාරීත්වය දරූ මෙම කණ්ඩායමෙ පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර කටයුතු කළ අතර සහය කළමණාකරු ලෙස ඒඑම්එස් හනෆි එක් වී සිටියේය.
කණ්ඩායමට දිල්රුක්ෂිකා කරුණානායක,චම්මි වාසනා වීරක්කොඩි,ජයනී චමෝද්‍ය සේනාරත්න,දසුනි රණසිංහ,ශසිනි සදරංගි හේවාගම,නිශාදි දහනායක,අක්ෂි නානායක්කාර,ශෂිනි අනුත්තරා සහ සචිනි නුවන්තිකා ඇතුළත් වූහ.
www.supirikrida.com

MAS සහ BRANDIX ගැටුමෙන් MAS තියුණු ජයක් ලබයි

   වෙළද සේවා වොලිබෝල් සූරතාවලියේ අවසාන දිනයේ කාන්තා සහ පිරිමි අංශවල ප්‍රථම ස්ථාන තුන තීරණය කිරීම සදහා පැවති තරග වලදී වැඩි සහභාගිත්වයක් දකින්නට ලැබුණු    MAS  සහ  BRANDIX ආයතන අතරෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් කාන්තා සහ පිරිමි සූරතා ද්විත්වයම  MAS  පවුලේ  MAS CASUALLINE MAWATHAGAMA   සහ  MAS ACTIVE CONTOURLINE - PALLEKALE යන කණ්ඩායම් දිනා ගැනීමට සමත් විය.එහිදී කාන්තා සූරතාවය වට 3 - 0 ක් ලෙස  MAS CASUALLINE MAWATHAGAMA  කණ්ඩායම දිනා ගත් අතර පිරිමි අවසාන තරගය දිනයේ උණුසුම්ම තරගය බවට පත් වෙමින් වට 5 ක දක්වා දිග් ගැස්සින.එහිදී  MAS ACTIVE CONTOURLINE - PALLEKALE  කණ්ඩායම අවසාන මොහොතේදී වට 3 - 2 ක් ලෙස ජය ගනිමින් පිරිමි කුසලානය ද පවුල තුළම රදවා ගන්නට සමත් විය.පිරිමි අනු සුරතාවය   BRANDIX INTIMATE APPARAL කණ්ඩායමට හිමි වූ අතර කාන්තා අනු සුරතාවය  BRANDIX CASUALWEAR -RIDEEGAMA කණ්ඩායමට හිමි විය.
ප්‍රතිපල අප වෙබ් අඩවියේ ඇති විශේෂ සබදතාවයෙන් ලබා ගැනීමට හැකි විය.
MAS කාන්තා සහ පිරිමි කණ්ඩායම් ඩයන් ගෝමස් සමග
අවසාන දින තරග වදින්නට නියමිතව සිටි කණ්ඩායම් 8 න් හතරක්ම BRANDIX කණ්ඩායම් වීම කැපී පෙණින.පිරිමි සූරතාවය සහ අනු සූරතාවය සදහාත් තෙවන ස්ථානය සදහාත් තරග වැදුණු BRANDIX කණ්ඩායම් දෙකම මෙහිදී පරාජයට පත් වූ අතර ඒ අනුව දෙවන ස්ථානයට සහ තෙවන ස්ථානය හසලක සුමිත්‍රා ගාමන්ට් වෙත පිරි නමමින් සිව්වන ස්ථානය දක්වාත් පිරිමි අංශයේදි BRANDIX  කණ්ඩායම් වලට පසු බසින්නට සිදු විය.කාන්තා අංශයේදී කණ්ඩායම් BRANDIX INTIMATE APPRAL - WELISARA කණ්ඩායම ඊයේ වාර්තා වු එකම BRANDIX ජයග්‍රහණය වාර්තා කළේ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනා ගනිමින් MAS LINEA AQUA LTD HANWELLA කණ්ඩායම පරාජයට පත් කරමින්ය.
තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස මාස් සමුහයේ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් සහභාගි වූ අතර විශේෂ ආරාධිතයා ලෙස ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා සහභාගි විය.

ඩිල්ෂාන් සහ මැතිව්ස් ගෞරවණීය සටනක

Peter Siddle trapped Angelo Mathews in front
ශ්‍රී ලංකාවට එරෙහි වූ පීටර් සීඩ්ල්
ස්ට්‍රේලියාවේ කඩුලු 5 ට  ලකුණු 450 ක් වූ ඉලක්කය හඹා යාමට පිටියට පිවිස ලකුණු 87 ට කඩුලු 4 ක් දැවී පිට පිටම දෙවන වරටත් පන්දුවට පහරදීමේ අභියෝගය ඉදිරියේ අසරණව සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෞරවණීය සටනක නියැලි තිලකරත්න ඩිල්ෂාන් (147 ) සහ ඇන්ජලෝ මැතිව්ස් (75) පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 161 ක සබදතාවයක් රදවා ගනිමින් ශ්‍රී ලංකා ඉණිම සියල්ල දැවී ලකුණු 336 ක් දක්වා රැගෙන යන්නට වාරු වූහ.ඒ සදහා පසුපෙළින් ප්‍රසන්න ජයවර්ධන (40) සහ නුවන් කුලසේකර (23) ලබා දුන් සහයත් නිසා ශ්‍රී ලංකා ඉණිමේ ඇති වන්නට තිබූ විශාල ලකුණු පරතරය ලකුණු 114 දක්වා අඩු කර ගන්නට ශ්‍රී ලංකා පිළිට හැකි විය.ශ්‍රී ලංකා ඉණිමට එරෙහිව නැගුණු ප්‍රධානතම අභියෝගය වූ පීටර් සීඩ්ල් ලකුණු 54 ට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය .
පිළිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියාව ඊයේ දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 27 ක් ලබා සිටි අතර මෙ සටහන තැබෙන මොහොත වන විට නොදැවුණු කඩුලු ගණනේ වෙනස් නොවී ලකුණු පූවරුව 87 ක් දක්වා ඉහළ ගොස් ඇත.ඒ අනුව දෙවන ඉණිමේ කිසිවෙකු නොදැවීම මේ වනවිට ශ්‍රී ලංකාව තරගයේ ලකුණු 201 ක් ඉදිරියෙන් සිටින අතර ඒ නිසා ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය සදහා නම් විශාල පෙරළියක් කිරීමට සිදු වනු ඇති අතර නැතිනම් සැබෑ තත්ත්වය තවත් දිනයක් ඉතිරිව තිබෙන බැවින් තරගය පරාජය නොවී සිටින්නේ කෙසේද යන්න පිළිබදව සිතීමය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html
www.supirikrida.com

Dec 16, 2012

ජනිත යළිත් සූරයා වෙයි

නත සුරත් ගේ සුපිරි දස්කම් සමග මෙවරත් ජාතික තරුණ සේවා සභාව - රූපවාහිනි සුපර් ලීග් පිරිමි සූරතාවය වරාය අධිකාරියට හිමි වුණා.ඒ අවසාන තරගයේදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම වට 3 - 1 ක් ලෙස පරාජයට පත් කරමින්.පළමු වට දෙක පහසුවෙන් ජය ගත්තද වරායට තියුණු අභියෝගයක් එල්ල කළ යුධ හමුදා කණ්ඩායම තෙවන වටයේ ජයග්‍රහණය දිනා ගනිමින් සහ සිව්වන වටය ලකුණු 30 - 28 ක් ජයග්‍රහණයක් දක්වා ගෙන යමින් දැක් වූ දක්ෂතා ප්‍රශස්ත මට්ටමක පැවතියා.
තරගයෙන් පසුව සුපිරි ක්‍රීඩා වෙත අදහස් දැක් වූ පරාජිත කණ්ඩායමේ පුහුණුකරු චාල්ස් තිලකරත්න ප්‍රකාශ කර සිටියේ,තරගය ජය ගැනීමට තමන්ට විශාල අවස්ථාවක් තිබූ බවයි.තමා විශ්වාස කරන අන්දමට දැනට දකුණු ආසියාවේ සිටින හොදම වොලිබෝල් ක්‍රීඩකයා ජනිත සුරත් බව පැවසූ චාල්ස් වරාය අධිකාරිය සතු එම ශක්තිය සිය කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බල පෑ බව පැවසීය.ජනිත ඉකුත් මාල දිවයින ජාතික සහ ලීග් සූරතාවලියන්හී ද දක්ෂතම ක්‍රීඩකයා වූයේ දකුණු ආසියාවේ වොලිබෝල් දැවැන්තයන් වන ඉන්දීය වොලිබෝල් ක්‍රීඩකයන් පවා තරග වදිද්දීය.
මේ අතර කාන්තා සූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගත්තේ මාවතගම කැෂුවලයින් කණ්ඩායම පරාජයට පත් කරමින්ය.එහිදී වට 3 - 0 ක් ලෙස ගුවන් හමුදාව ජය ගැනීමට සමත් විය.නමුත් මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජයට සමගාමී කැෂුවලයින් යෞවන සමාජ කාන්තා කණ්ඩායම ආණමඩුව ම.ම.වි යෞවන සමාජ කණ්ඩායම පරායට පත් කරමින් අභියෝග සූරතා තරගාවලියේ ජයග්‍රහණය ලබන්නට සමත් විය.ඒ වට 3 - 1 ක් ලෙස ජය ලබමින්ය.එම අභියෝග සූරතාවයේ පිරිමි සූරතාවය වට 3 - 2 ක් ලෙස රෙඩ්කැප් යෞවන සමාජයට හිමි වූ අතර අනු සූරතාවය රුවන්වැල්ල රාජසිංහ යෞවන සමාජයට හිමි විය.
පිරිමි සුපර් ලීග් සූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජනිත සුරත් සම්මානනීය වෙද්දී එම කාන්තා අංශයේ සම්මානය හිමි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ඉරේෂා උමයංගනීට ය.අභියෝග සූරතාවලියේ කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නට කැෂුවලයින් යෞවන සමාජයේ හිරුනි චාපා සමත් වූවාය.පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට සමත් වූයේ රාජසිංහ යෞවන සමාජ කණ්ඩායමේ එස්පීඒඑල්පී පතිරණ ය.
www.supirikrida.com

ශීත සෘතු ඔලිම්පික් උළෙලේ නගරාධිපතිනිය යෙලීනා



සෝචි හී පැවත්වීමට නියමිත 2014 ශිත සෘතු ඔලිම්පික් උලෙලේ ඔලිම්පික් ගම්මානයේ නගරාධිපතිනිය ලෙස ලොව බිහි සී සුපිරිතම රිටි පනින්නිය වන,පියාඹන ගැහැණිය නමින් විරුදාවලි ලත් යෙලීනා ඉසින්බයේවා තෝරා ගෙන ඇත.වර්ග අඩි 3,30,000 ක දුරක 1500 ක් වූ නවාතැන් පෙළෙවල් සූදානම් ව තිබෙනවා.මෙහි ඉදිකිරීම් සියල්ල එළැඹෙන 2013 වර්ෂයේ ගිම්හාන සමයෙන් නිමා වනු ඇතැයි විශ්වාස කරනවා.
රුසියාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කම් දෙකක් දිනා දී ඇති සහ වැඩිම ලෝක වාර්තා ප්‍රමාණයක් අලුත් කිරීමේ ගෞරවය දිනා සිටින යෙලීනා සිය ක්‍රීඩා හැකි‍යාවෙන් රටට ලබා දුන් ගෞරවයට ගෞරව කිරීමක් වශයෙන් මෙම අවස්ථාව හිමි වී තිබෙනවා.
www.supirikrida.com

paaravisports.com එලි දකියි

ක්‍රීඩා පුහුණුව සහ ශාරිරික යෝග්‍යතාවය මෙන්ම ශිල්පීය දැණුම සහ පෝෂණය ආදි ක්‍රීඩාව සහ සෞඛ්‍යමය වශයෙන් වැදගත්කමක් ඇති කරුණු සාකච්ඡාවට ගැනෙන paaravisports.com වෙබ් අඩවිය විවෘත වීම පසුගියදා හොටෙල් නිපොන් හී දී සිදු වුණා.ප්‍රවීන මලල ක්‍රීඩා පුහුනුකරුවෙකු වන සේපාල කුමාරදාසගේ මග පෙන්වීම සහ අධීක්ෂනය යටතේ ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවිය විවෘත කිරීමත් සමගම ඒ හා පුහුණු උපදේශනය සදහා බැදි ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක ලියාපදිංචිය ද සිදු වුණා.ඒ ඒ සදහා ප්‍රධාන ආරාධිතයන් ලෙස එක් ව සිටි මීගමුව දකුණ ජාත්‍යන්තර පාසලේ විදුහල්පති ආචාර්ය පෝල් පෙරේරා සහ ප්‍රවීන මාධ්‍යවේදී සහ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය කළමණාකරු ලෙස කටයුතු කළ  මහේස් සේනානායක අතින්.
ඡායාරූපයේ දැක්වෙන්නේ ලියාපදිංචියෙන් පසු ආචාර්ය පෝල් පෙරේරා සහ මහේෂ් සේනානායකයන් එම සාමාජිකත්වය පිරිනමන අයුරුයි.
www.supirikrida.com

ඕස්ට්‍රේලියාව ප්‍රබල තැනෙක

Tillakaratne Dilshan was unbeaten on 50 at stumpsවෝන් - මුරලිදරන් කුසලානය වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට ඕස්ට්‍රේලියාව ප්‍රබල තත්ත්වයක පසු වුණා.පළමු ඉණිමට මයික් හසී නොදැවී ලබා ගත් ලකුණු 115 ත් සමග කඩුලු 5 ට ලකුණු 450 ක්ලබා ගත් ඕස්ට්‍රේලියාව සිය පන්දු යැවීමේ හැකියවෙන් දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 4 ට ලකුණු 87 වැනි අසරණ අඩියකට ඇද දමන්නට ද සමත් වි තිබුණා.දැවී ගිය කඩුලු අතරට එක් නොවුනු එකම ප්‍රවීන පිතිකරුවා බවට පත් වූ ඩිල්ෂාන් දිනය නිමා වන විට නොදැවී ලකුණු 50 ක් ලබා හුදෙකලා සටනක නිරත සිටියා.
පළමු දිනයේ ලකුණු 299 ක් කඩුලු 4 ට ලබා සිටි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉලක්කම් තුනේ ඉණිම් ක්‍රීඩා කිරීම සාමාන්‍ය තත්ත්වය බව ප්‍රදර්ශනය කරමින් සිටින නායක මයිකල් ක්ලාක් විශාල හිස රදයක් වනු ඇතැයි අපේක්ෂා කළ ද  ඔහු ලකුණු 74 ට දැවී ගියා.අනතුරුව මයික් හසී, මැතිව් වේඩ් සමග එක්ව ශ්‍රී ලංකාවට එරෙහි ගොඩ නැගුණු භයානකම සබදතාවය ක්‍රියාත්මක කළ අතර ඕවර් 37.5 දී ලකුණු 146 ක නොබිදි සබදතාවයක් ක්‍රියාත්මක කළේ ලකුණු පූවරුව 450 දක්වා ඉහළට ඔසවා තබමින් .
ඒ අනුව ප්‍රබල තත්ත්වයක පසු වූ ඕස්ට්‍රේලියා ලකුණු පූවරුවට අභියෝගයක් වන්නට පැමිණි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹු දිමුත් කරුණාරත්න ලකුණු 14 ට දැවී ගිය අතර යළිත් අසාර්ථක වූ සංගක්කාර ලකුණු 4 ට සහ මහේල ලකුණු 12 ට දැවී ගියා.
සමස්ත ලකුණු සටහන සදහා පහත සදහන් සබදතාවය භාවිතා කළ හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html
www.supirikrida.com