Feb 23, 2013

අමරනාත් පරපුරෙන් අයෙක් බදුරලියට

ලෝක පූජිත ක්‍රිකට් පවුලක් වන ඉන්දියාවේ අමරනාත් පවුලේ සාමාජිකයෙක් වන දිග්විජේ අමරනාත් සිය පළමු පළමු පෙළ ක්‍රිකට් තරගයට ඊයේ සහබාගි වූයේ ශ්‍රී ලංකාවේදීය.23 වැනි වියට පා තබමින් සිටින විජේ හිටපු ඉන්දීය ක්‍රීඩක සුරින්දර් අමරනාත්ගේ පුත්‍රයා වන අතර සුරින්දර් ගේ සහෝදරයා ඉන්දියාව ප්‍රථම වරට ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වා අවසාන තරගයේ වීරයා වූ මොහින්දර් අමරනාත් ය.ඒ දෙදෙනාගේ පියා වන ලලා අමරනාත් ඉන්දියාව බිහිකළ තවත් සුපිරි ටෙස්ට් ක්‍රිකට් වීරයෙක්ය.ලලා ගේ අඩිපාරේ යමින් ඔහුගේ පුතුන් දෙදෙනා වන සුරින්දර් සහ මොහින්දර් ද පසු කලෙක ඉන්දීය ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වෙනුවෙන් සුවිශේෂී දස්කම් දැක් වූ අතර එම තෙවන පරම්පරාවේ නියෝජනය කරමින් දිග්විජේ බදුරලිය ක්‍රිකට් සමාජය වෙනුවෙන් සිය පළමු තරගයට ඊයේ ක්‍රීඩා පිටියට පිවිසියේ ද්‍රවිඩ ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිවය.
එහිදී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ඔහු පන්දු 59 ට මුහුණ දී එක හතරේ පහරක් සමග ලබා ගත්තේ ලකුණු 15 ක් පමණි.නමුත් ප්‍රබල ද්‍රවිඩ ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව අති විශිෂ්ඨ ශතකයක් ලබමින් ලකුණු 111 ක් රැස් කළ පබසර වඩුගේ සමග කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ දැමීම   වෙනුවෙන් වාර්තා වූ අර්ධ ශතක සබදතා දෙකෙන් එකක් පළමු කඩුල්ලට මාලිංග මලිගස්පේ (22) සමග වූ ලකුණු 62 ක සබදතාවය වූ අතර අනෙක් සබදතාවයේ හිමිකරුවා වූයේ විජේ ය.විජේ පබසර සමග තෙවන කඩුල්ලට පැවත් වූ සබදතාවය ලකුණු 65 ක් විය.
www.supirikrida.com

ලක් ක්‍රිකට් ලලනාවෝ යළිත් පිතිහරඹය වරද්දා ගනිති

Deepika Rasangika plays the pullමෙවර කාන්තා ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී උසස් තරග රටාවක් පවත්වා ගෙන ගිය ද,පිතිකරණ නාමාවලිය සැකසීමේදී දැක් වූ දුර්වලතාවයන්ගෙන් හානියක් කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම හානිය යළිත් සිදු කර ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග දඹුල්ලේ දී පැවති එක්දින තරගයෙන් කඩුළු හතරක පරාජයක් හිමි කර ගත්තේය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 164 ට සීමා කළ කොදෙව් ක්‍රීඩිකාවෝ ඔවුන්ට අවශ්‍යය වූ ලකුණු 165 කරා පන්දු ඕවර් 38 ක් තුළ පිවිසියේ,කඩුලු හයක් පමණක් අහිමි කර ගනිමින්ය.
ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේ සාර්ථක වූ ආරම්භක පිතිකාරිණිය යශෝධා මෙණ්ඩිස් මෙම තරගය සදහා ආබාධිත තත්ත්වය මත ක්‍රීෟඩා නොකරන අතර ඒ වෙනුවට ක්‍රීඩා කරන්නී හිටපු නායිකාවක වන චමරි පොල්ගම්පොලය.ඇය සමග ඉණිම ඇරඹීමට ලෝක කුසලානයේදි සාර්ථක වූ චමරි වෙනුවට ඊයේ කැදවා තිබුණේ ප්‍රසාදිනී වීරක්කොඩිය. චමරි අංක තුනට පසුබස්වා තිබුණු අතර ලෝක කුසලානයේ අංක තුන පිතිකාරිනිය ලෙස වැඩි තරග ප්‍රමාණයකදී ක්‍රීඩා කරමින් තරගාවලියේ සියළුම පිතිකාරිණියන් අතර සිව්වන තැනට පත්ව සිටි දිපිකා රසාංගිකා අංක හතර දක්වා පසුපසට ගෙන තිබිණ.එසේම ඩිලානි මනෝදරා යළිත් අංක 10 දක්වා පහතට දමා තිබුණු අතර ඇය දිගින් දිගටම ලෝක කුසලාන තරගාවලිය තුළ ද වගකිව යුතු පිතිකාරිණියක ලෙස දක්ෂතා දක්වා තිබියදී මෙවැන්නක් සිදු නොවිය යුතුව තිබිණ.
කෙසේ වුව ද එම තත්ත්වය පැහැදිලි කරමින් මෙම තරගයේද වැඩිම ලකුණුලාභිණිය වන්නට දීපිකා සමත් වූයේ ලකුණු 28 ක් රැස් කරමින්ය.චමරි අතපත්තු ලකුණු 27 ක් රැස් කළාය. තරගය නිමා වන විට ඩිලානි ලකුණු 14 ක් ලබා නොදැවී ද සිටියේ ඇයට හිමි තැන හිමි විණිද යන ප්‍රශ්නය යළිත් මතු කරමින්ය.
මේ වන විට කට වහරේ කාන්තා ක්‍රිකට් ගැන ද විවිධ අපූර්ව කතා ඇසෙන අතර ඒ අනුව ඇතැම් අය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජොහාන් මුබාරක් ලෙස සදමාලි දොළවත්තව හදුන්වන්නට පටන් ගෙන ඇත.ලෝක කුසලාන තරගාවලියේදී ද අසාර්ථක චරිතයක් වූ ඇය,එම තරගාවලිය තුළ ද අසාර්ථක වන්නට වන්නට යළි යළිත් පිතිකරු නාමාවලියේ උසස් කර සාර්ථක වන්නට අවස්ථාවක් ලබා දීමට කණ්ඩායම් බලධාරීත්වය උත්සාහ ගනු පෙණුනු අතර,මෙම තරගයේදි ද පිතිකාරිනියන් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළ කැපී පෙණුන කෞශල්‍යා ලොකුසූරිය,දීපිකා රසාංගිකා සහ චාමිනි සෙනවිරත්න වැන්නියන්ට ඉහළ අංකයක් සදමාලි දොළවත්තට පිරිනමා එහි අස්වැන්න ලෙස පන්දු පන්දු 30 දී ලබා ගත් ලකුණු 8 ක් කණ්ඩායමට දායක කර ගන්නට හැකිවිය.
කාන්තා ක්‍රිකට් ලෝකයේ අවධානයට ලක්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉහළ සැළකුම් ලැබෙන තත්ත්වයක් නිර්මාණය වන්නට පටන් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන අතර ඒ නිසා ජාතික වශයෙන් ඇති වගකීම මෙන්ම වෘත්තීයමය වශයෙන් වන වැදගත් කම ද තේරුම් ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම කණ්ඩායමේ පිතිකරණ නාමාවලිය තරගයෙන් තරගයට විශාල වශයෙන් සිදුකරන වෙනස්වීම නැවත්වීමට පියවර ගත යුතුය.අවස්ථානුකූලව සිදුකරන වෙනස් කමන් ලෙස හැදින්විය හැකි වෙනස්කමක් නොවන එම වෙනස්කම් වලදී සිතා ගත නොහැකි ලෙස සිදුකරන පිතිකරණ නාමාවලියේ අංක මාරුව වරෙක අංක තුන පිතිකාරිණිය අංක 9 හෝ 10 දක්වා පහත හෙළිමක් වන්නේ නම් එය පිළිගත නොහැකි තත්ත්වයක් බව පැහැදිළිය.
කාන්තා ක්‍රිකට් මේ තත්ත්වයට ගෙන ඒමට දහදිය හෙළු සෑම ක්‍රීඩිකාවකටම ඒ සදහා ගෞරව පූර්වකව සැළකිම ජාතික යුතුකමක් ලෙස දැකිය හැකි අතර,නමුත් එය පාදක කර ගෙන දක්ෂතා අතර නැති ක්‍රීඩිකාවන්ට යැපීම් මාර්ගයක් ලෙස ලාංකේය ක්‍රිකට් පත් කර ගැනීමට ද,වෙනත් හේතූන් පදනම් කරගෙන කණ්ඩායමේ ස්ථාන සහ වරප්‍රසාද තීරණය කිරීමටද අවස්තාවන් ඇත්නම් ඒවා වහාම වසා දැමිය යුතුය.
www.supirikrida.com


Feb 22, 2013

පිලීපීන් යන්න යොවුන් මුෂ්ටි ප්‍රහාරකයෝ පහක්

පිලීපීනයේ පැවත්වෙන ආසියානු යොවුන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායමට ක්‍රීඩකයන් පස් දෙනෙකු ඇතුළත් කිරීමට තීරණය කර ඇත.ඒ අනුව එම්ආර් සදරුවන්(ස්ලිම්ලයින්),එච්ඒසී රොෂාන් (සුමංගල විද්‍යාලය - පානදුර),රුචිර ගුණසේන (සීවලි මමවි - රත්නපුර),ඒඑස් තුඩුවේවත්ත (ධර්මරාජ විද්‍යාලය - මහනුවර) සහ කේආර් මධුශංක (එම්ඩීඑස් - රත්මලාන) එසේ සුදුසුකම් ලබා ඇති ක්‍රීඩකයන් පස් දෙනා වන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රොහාන් දංගල්ලය.සහය පුහුණුකරු ඉන්දික සේනානනායක වන අතර කණ්ඩායම් කළමණාකරු ලෙස කටයුතු කරන්නේ පාසල් බොක්සිං සංගමයේ ලේකම් ලක්ෂ්මන් තිලකරත්නය.
www.supirikrida.com

මුරලිගේ දග කැවීම වෙළද සේවා ඇකඩමියට

ලෝකයේ පහළ වූ විශිෂ්ඨතම පන්දු යවන්නා ලෙස ලෝක පූජිත ක්‍රිකට් විචාරකයන්ගේ පැසසුමට සහ ගෞරවයට පත් මුත්තයියා මුරලිදරන් පසුගියදා වෙළ සේවා ක්‍රිකට් පාසලේ පුහුණුව ලබන ක්‍රිකට් ර්‍කීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් සම්බන්ධ කෙටි දේශන වැඩ මුළුවකට සහභාගි වුණා.ඔහු මෙන්ම තවත් ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිස්ඨ දග පන්දු යවන්නෙකු ලෙස සැළකෙන,වර්ථමාන‍යේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී කණිෂ්ඨ පුහුණුකරු වන රොජර් විජේසූරිය ද එක්ව සිටියා.
වයස අවුරුදු 13 න් පහළ,15 න් පහළ සහ 17 න් පහළ දරුවන් 170 ට පමණ පුහුණු පහසුකම් සැපයෙන වෙළද සේවා ක්‍රිකට් ඇකඩමියේ පුහුණුව ලබන ක්‍රීඩකයන් විසින් එම කෙටි දේශනය තුළ දි මතු කරන ලද ප්‍රශ්න වෙනුවෙන් මුත්තයිා මුරලිදරන් ඉතාමත් නිහතමානී ව පිළිතුරු ලබා දුන් අයුරු කාගේත් ඇගයීමට සහ ප්‍රශංසාවට ලක් වුණා.රොජර් විජේසූරියද එම අවස්ථාවේදී ක්‍රීඩකයන් නැගූ ගැටළු නිරාකරණය කිරීම සදහා සුවිශේෂි මැදිහත්වීමක් කිරීම කැපී පෙණුනා.
ඡායාරූපයෙන් දැක්වෙනුනේ මුරලිදරන් වෙනුවෙන් සැකසි පැය දෙකක වීඩියෝ දර්ශනයක් සහිත වැඩ සටහනකින්ද සමන්විත එම කෙටි දේශනයන්ට සහභාගි වූ ක්‍රීඩකයන් අමතමින් වෙළද සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ඈෂ්ලි රත්නායක එම දෙශනයන් සංවිධානය කිරීමට බලපෑ කරුණු පැහැදිළි කළ ආකාරයයි.එම අවස්ථාවට එක වූ වෙළද සේවා පුහුණු පාසලේ ප්‍රධානී නලීන් වික්‍රමසිංහ,වෙළද සේවා ක්‍රිකට් සංගමයේ තරග කමිටු සභාපති මහේෂ් ද අල්විස් සහ සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමග රොජර් විජේසූරියද ඡායාරූපයේ සිටිනවා.
www.supirikrida.com

වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායම මැලේසියානු සංචාරයක

දැඩි අර්බූද ගණනාවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පරිපාලන ඒකක අතරේ යහපත් පරිපාලනයක් පවත්වා ගෙන යාමේ භාග්‍යය උදා කරගෙන සිටින ශ්‍රී ලංකා වෙළද සේවා බැඩ්මින්ටන් පරිපාලනයේ මෙහෙයවීම ඇතිව ශ්‍රී ලංකා වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායමක් මේ දිනවල මැලේසියාවේ සංචාරයක යෙදී සිටිනවා.එම පිරිමි කණ්ඩායමට නායකත්වය නදුන් හෙට්ටිආරච්චි විසින් සපයන අතර කාන්තා කණ්ඩායමට නායකත්වය ලක්ෂිකා පීරිස් විසින් සපයනු ලබනවා.එම නායකත්වය යටතේ සහභාගි වන ශ්‍රී ලංකා වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායමට ප්‍රභාෂ් ඉන්ද්‍රජිත්,කුෂාන් මධුරංග,ලහිරු කොඩිතුවක්කු,මහේන්ද්‍ර අමරසිංහ,ජයන් මධුශංඛ,පැතුම් ලියනගේ සහ මනෝෂා චන්ද්‍රසේන ඇතුළත් වෙනවා.
කණ්ඩායම් භාරකරු ලෙස රශ්මික අබයසුන්දර කටයුතු කරන අතර,කණ්ඩායම් කළමණාකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රියන්ත සමරදිවාකරයි.සහය කණ්ඩායම් කළමණාකරු ලෙස නලීන් නානානයක්කාර කටයුතු කරන අතර කණ්ඩායම් පුහුණුකරු ධූරය චරිත් අමුගොඩආරච්චිට හිමිව තිබෙනවා.
www'supirikrida.com

Feb 18, 2013

හුංගමට යන කණ්ඩායම් අට බලංගොඩ දී තෝරා ගැනේ


 නාධිපති රන් කුසලාන 2013 තරගාවලියේ අවසාන පූර්ව තරග දක්වා වන කණ්ඩායම් නිර්ණය කර ගැනීම සදහා දිස්ත්‍රික් සූරයන් අතර පවත්වන තරගාවලිය බලංගොඩ මහජන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති අතර එහිදී කාන්තා අංශයෙන් මාවතගම කැෂුවලයින්,නාත්තණ්ඩිය යුනයිටඩ්,සියඹලාගොඩ කපිල සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම් තේරී පත් විය.පිරිමි අංශයෙන් නාත්තණ්ඩිය යුනයිටඩ්,බොරැලස්ගමුව බලරැස්,දෙබෑගම රන්තරු සහ ගම්පහ සියනෑතරු කණ්ඩායම් තේරී පත් විය.

අවසාන කණ්ඩායම් හතර අතර තරග කණ්ඩායමකට තරග දෙකක් ලැබෙන පරිදි එකිනෙකා හමුවන අයුරෙන් පැවත්වෙන අතර එහි පළමු තරග වටය ද බලංගොඩ දී පැවත්වීමට නියමිතව තිබිණ.නමුත් වැසි සහිත තත්ත්වය නිසා පිරිමි අංශයේ දෙබෑගම රන්තරු සහ නාත්තණ්ඩිය යුනයිටඩ් කණ්ඩායම් අතර තරගය පැවත්වීමට නොහැකි විණි.පැවත් වූ තරගය වූ බලරැස් සහ සියනෑතරු අතර තරගයෙන් ප්‍රබල වර්ථමාන ජාතික කණ්ඩායම් සාමාජිකයන්ගෙන් සමන්විත සියනෑතරු කණ්ඩායමේ රැස් කදම්භය හීන කළ බලරැස් සිය හැකියාවන් වල ප්‍රභාවෙන් සියනෑතරු කණ්ඩායම අඩපණ කරමින් වට 3 - 2 ක විශිෂ්ඨ ජයක් ගබා ගැනීම කැපී පෙණින.
කාන්තා අංශයේදී ද නාත්තණ්ඩාය යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ තරුණ ජවයට එරෙහිව චන්දිමා අකරවිට එල්ල කළ සුවිශේෂි ප්‍රහාරය කැපී පෙණුන අතර ඇය හමුවේ ඉතා අසීරු අත්සාහයක් දරමින් නැගී සිටි නාත්තණ්ඩිය තරුණ ක්‍රීඩිකාවෝ තරග වට 3 - 1 ක ජයක් අත් කර ගැනීමට සමත් වූහ.මාවතගම කැෂුවලයින් තරගයද ජාතික තලයේ ක්‍රීඩිකාවන් අතර තරගයක් වූ අතර එහිදී ප්‍රගපලය වූයේ ද තරග වට 3 - 1 ක ජයකි.එම ජයග්‍රහණය කැෂුවලයින් කණ්ඩායමට හිමි විය.මෑත වකවානුවේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩිකාව බවට පත්ව සිටි ලීනා සදමාලී ආබාධිත තත්ත්වයෙන් පසු පළමු වරට මෙවර ජාතික තලයේ තරගාවලියක ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර ඇය යලිත් සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් සිටින බව මෙම තරගාවලියේදී කැෂුවලයින් ජයග්‍රහණ ශක්තිමත් කරමින් පැහැදිළි කිරීම ද ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවට සතුටු විය හැකි කරුණකි.

හය වන වරටත් කිරුළ ඕස්ට්‍රේලියාවට

Australians with their World Cup trophy
කාන්තා ලෝක කුසලාන අවසන් තරගය ලකුණු 114 කින් ජයගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ හයවන වරටත් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් සූරියෝ වීමේ භාග්‍යය උදා කර ගත්හ.අවසාන තරගයේදී අපහසුවකින් තොරව ලකුණු 114 ක ජයක් අත් කර ගත් ඕස්ට්‍රේලියාව සූරතාවය පිළීබදව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් දුටු සිහිනය අනු සූරතාවයෙන් නිමා කළහ.
ඕසට්‍රේලියානු සංස්කෘතියට අනුව සීමිත පන්දු වාර තරග වලදී බොහෝවිට කරන අයුරෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ ක්‍රමවේදය අනුගමණය කළ ඕස්ට්‍රේලියාව සිය පන්දු ඕවර් 50 අවසානයේදී ලකුණු 259 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් පමණක් දැවෙමින්ය.ඕස්ටේට්‍රේලියාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෙස් කැමරන් පන්දු 76 දී ලකුණු 75 ක් ලැබූ අතර රිචෙල් හෙයින්ස් ලකුණු  52 ක් රැස් කළාය.ඕස්ට්‍රේලියානු ඉණිමේ අග භාගය ප්‍රවේගවත් කළ නායිකා ජුඩී ෆීල්ඩ්ස් (නොදැවී 36) සහ එලයිස් පෙරී (නොදැවී 25) එක් කළ නොබිදි ලකුණු 50 ක සබදතාවයද නිසා ඕස්ට්‍රේලියානු ඉණිම ලකුණු 259 ක් දක්වා දිගු විය.
තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව බවට පත් වූ නවසීලන්ත නායිකා සුසී බෙට්ස් සමස්ත තරගාවලියේ ලකුණු 407 ක් ලැබූ අතර ඇයට පමණක් දෙවැනිව සිටි කොදෙව් ක්‍රීඩිකා ස්ටෙෆනි ටේලර් ව එලයිස් පෙරී විසින් ලකුණු 5 ට පිටියෙන් ඉවත් කිරීමත් සමග කොදෙව් ඉණිමට හිස ඔසවන්නට අවස්තාවක් නොලැබිණ.විශෙෂයෙන් පෙරී ලකුණු 19 ට කඩුලු 3 ක් සහ දග පන්දු යවන ක්‍රීඩිකා ලීසා ස්ටැල්කර් ලකුණු 20 ට කඩුලු 2 ක් ලබමින් ඇති කළ පීඩනය  ඉදිරියේ කොදෙව් ඉණිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ ‍නායිකා මෙරිස්සා ඇගුලේරාට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 23 ක් පමණි.කොදෙව් ඉණිම ලකුණු 145 ට සීමා වීමට පන්දු යැවීම තරමටම පන්දු රැකීමේ සුවිශේෂි දක්ෂතාද බල පෑ අතර අවසාන තරගයේ සියළු ගෞරව ඕස්ට්‍රේලියාව සතු වූයේ මෙවර ලෝක කුසලානයේ හිමිකාරීත්වය ලකුණු 114 ක ජයක් සමග ඕස්ට්‍රේලියාව සතු වෙමින්ය.
තරගාවලියේ පස්වන ස්ථානයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා පෙන් වූ අතර හොදම පිතිකාරිණියන් වර්ගීකරණයේදී දිපිකා රසාංගිකා සිව්වන ස්ථානයට පැමිණියාය.පන්දු යැවීමේදී ද චාමිණි සෙනවිරත්න සහ ශෂිකලා සිරිවර්ධන වැඩිම කඩුලු ලාභින් අතර මුල් දස දෙනා වෙත පැමිණ සිටි අතර චමරි අතපත්තු,කෞශල්‍යා ලොකුසූරිය වැනි ක්‍රීඩිකාවන් ලෝකයේ අවධානය ශ්‍රී ලංකා‍ව දෙසට හැරවීමට සමත් දක්ෂතා ප්‍රදර්ශනය කරමින් කැපී පෙණින.
www.supirikrida.com

Feb 17, 2013

මුළු උතුරම සබරගමුවට

මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජයග්‍රාහී දිස්ත්‍රික් කණ්ඩායම් අතර තරග නියෝජනය කිරීම සදහා උතුරු පළාතට අයත් දිස්ත්‍රික් පහම නියෝජනය කරන කාන්තා සහ පිරිමි කණ්ඩායම් එම තරගාවලියට සහභාගි වීම සදහා බලංගොඩට පැමිණීම විශේෂ සිදුවීමක් විය.ඒ අනුව උතුරු පළාතේ යාපනය,මුලතිව්,කිලිනොච්චි,මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික් නියෝජනය කරමින් කණ්ඩායම් 10 ක් තරගාවලියට සහබාගි වූ අතර ඒ අතරින් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කරමින් පැමිණි කන්කසන්තුරේ කාන්තා කණ්ඩායමට යාපනය මහජන විද්‍යාලය නියෝජනය කරමින් පැමිණ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ පුලගරාසි වැනි ක්‍රීඩිකාවන්ද ක්‍රීඩා කරනු දක්නට ලැබිණ.
නමුත් කන්කසන්තුරේ කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක් වූ එහි නියෝජිතයෙකු පවසා සිටියේ කන්කසන්තුරේ තවමත් සිවිල් සමාජය වෙත සපුරා නිදහස හිමි වූ ප්‍රදේශයක් නොවන බවය.සාමාන්‍ය සමාජය සමග වන ගණු- දෙනු සදහා එම ප්‍රදේශයේ ඉඩ - කඩ අඩු බව පෙන්වා දුන් එම පුද්ගලයා හමුදා අවසරයකින් තොරව දකුණේ අයෙකුට වුව ඒ වෙත ඇතුල්වීමට තවමත් අවසර නැති බව පැහැදිළි කළේය.හමුදා පාලනය යටතට ගෙන තිබෙන එම ප්‍රදේශයේ සිවිල් ජන ජීවිතය ස්ථාපිත වන්නේනම් මීට වඩා යහපත් ලෙස ක්‍රීඩා කටයුතු පවත්වා ගෙන යාමට අවස්ථාව හිමිවන බව  පෙන්වා දුන් එම නියෝජිතයා  මෙය රජයේ අවධානයට යොමුවිය යුතු තත්ත්වයක් බවත් පැහැදිළි කළේය.
www.supirikrida.com