Aug 25, 2012

හොංකොං වලට එරෙහි දැවැන්ත ජයකින් ශ්‍රී ලංකාව කිරීටය රැක ගැනීමේ ගමණ අරඹයි

IMG_0411 copy.jpgටවන ආසියානු කුසලාන දැල්පන්දු  තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය සමග පැවති තරගයෙන් ලකුණු 81 - 38 ක විශිෂ්ඨ ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකිවිය.විදේශ වෘත්තීය ක්‍රීඩකයන්ගේ සහය ඇතිව ක්‍රීඩා කරන බවක් පවසමින් හොංකොං දේශය සම්බන්ධයෙන් යම් සැකයක් මතු වී තිබුණද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඒ සියල්ල බිද දමමින් තරගයේ සෑම කාර්තුවකම ඉදිරියෙනු සිටිමින් ක්‍රීඩා කළ අතර වඩාත්ම ඉදිරියට පැමිණි පළමු වටයේ වාසිය දිගින් දිගටම පවත්වා ගන්නට ද සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පළපුරුදු ක්‍රීඩිකාවන් තිදෙනෙකු වන මරීෂා ප්‍රනාන්දු,ශසිකා සමරසිංහ සහ ගයත්‍රි ලංකාතිලක කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර පළම කාර්තුවෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති වාසිය සැළකිල්ලට ගනිමින් ඇතැම් විට මේ ක්‍රීඩිකාවන් ඉවතට ගනිමින් ද ස්ථාන වෙනස් කරමින් ද ඉදිරි අවශ්‍යයතා පිළිබදව සැළකිල්ලට ගෙන කටයුතු කරන්නට අවස්ථාව උදාවිය.ඒ අවස්ථාවන් හී සමන්ති නිලූෂිකා ද සේමිනි අල්විස් ද තමන් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවන් බව සනාත කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොව සමස්ත ලංකාවම වැඩිම විශ්වාසය තබා තිබෙන තර්ජනී ශිවලිංගම් එම විශ්වාසය ද නායකත්වය ද පන්දුවේ බරට එකතු කර ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබුණු අතර සිදු නොවිය හැකි වැරදි කිහිපයක් ඇති වූයේ ඇය එවැනි අනවශ්‍යය පීඩනයක ගොදුරක්ව සිටින නිසාදැයි සැක පහළ විය.ඒ නිසා ඉදිරියේදී ඉතා නිදහසේ තම ක්‍රීඩා රටාව දියත් කළ යුතු අතර පන්දුව ලබා ගැනීමේ, යොමු කිරීමේ සහ ලකුණු ලබා ගැනීමේ යාන්ත්‍රණයේදී කිසිවෙකු පීඩනයට ලක් වී සිටීම තරගයේ වාසිදායක තත්ත්වයන් අහිමි කර ගන්නට හේතුවක් විය හැකිය.ඒ නිසා ක්‍රීඩාවේ නියැලෙන විට සාමාන්‍ය ක්‍රීඩිකාවක ලෙස අසාමාන්‍ය බරක් නොදරා ක්‍රියා කිරිම ඉතා  වැදගත් වන අතර තර්ජනී ගෙන් නායිකාවකට වඩා රටට  වැදගත් වන්නේ සහ රටේ මිනිසුන් දයාබරිතව බලා සිටින්නේ ඇය ගේ උසෙන් ලැබෙන ලකුණු යන්න සිතා ගැනීම වැදගත්ය.
ලකුණු 26 - 6 ක් වූ ශ්‍රී ලංකා - හොංකොං තරගයේ ප්‍රථම වටයේ වාසිය 26 - 6 යන්න අවම කිරීමට කණ්ඩායමකට පහසුවෙන් ළගා විය නොහැකි ලකුණු මට්ටමක සිට ක්‍රීඩිකාවන් අධි විශ්වාසයෙන් කටයුතු කිරිම හේතු  විණි දැයි සැකය.දෙවන කාර්තුව නිමාවන  විට සමස්ත ලකුණු විස්තරය  43 - 18 ක් වු අතර තෙවන කාර්තුව නිම වෙද්දී ලකුණු තත්ත්වය 43 - 26 ක් විය.තරගයේ අවසාන භාගය නිමාවන විට එම පරතරය සටහන් වූයේ ලකුණු 81- 38 ක් විය.
www.shpirikrida.com

ක්‍රිස්ටීන් ලින් වයඹට පළමු පරාජය අත් කර දෙයි.

Kandurata Warriors' Chris Lynn scored 80
ස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩක ක්‍රිස්ටීන් ලින් විසින් දියත් කරන්නට යෙදුනු සුපිරි ප්‍රවේගකාරි පිතිහරඹය නිසා කදුරට සහ වයඹ අතර පැවති එස්එල්පිඑල් තරගයෙන් වයඹ කණ්ඩායමට සිය පළමු පරාජ‍යේ අමිහිරි අත්දැකීම විද ගන්නට සිදු විය.වයඹ නායක මහේල ජයවර්ධන මෙන්ම අලුත් දග පන්දු තරුව අකිල ධනංජය ද නොමැතිව තරග බිමට පිවිසි වයඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් කදුරට කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 14 ට දවාලමින් විශාල අභියෝගයක් එල්ල කළ ද ඉන් අනතුරුව සැහැල්ලු වීමට යාම නිසා දෝ තරගයේ වාසිය ගිලිහි යන බවක් දක්නට ලැබිණ.විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින්ගේ අද නෙත් වලට නොපෙනෙන ජීවන්ත කුලතුංග (23) මෙන්ම ක්‍රිස්ටීන් ලින් (80) සිව්වන කඩුල්ලට ලකුණු 59 ක් එක් කරමින් තරගය කදුරට දෙසට හැරවීමේ ආරම්භය සටහන් කළේය.
කුලතුංග ගේ දැවී යාමෙන් ඉනික්බිතිව වගකීම සියතට ගතු ලීන් පන්දු 51 දි ලකුණු 80 ලබා ගත්තේ කදුරට ලකුනු පූවරුව 149 දක්වා ගෙන එමින්ය.පන්දු යැවීමේදි වයඹ කණ්ඩායමට නායකත්වය දුන් හෆීස් ලකුණු 14 ට කඩුලු 3 ක් දවා ගත් අතර වයඹ කණ්ඩායමේ පන්දු රැකීම ප්‍රශස්ත මට්ටමක පැවතීම කදුරට කණ්ඩායමට තවත් විශාල ලකුණු ප්‍රමාණයකට යාමට ඇති ඉඩ ඇහිරිය.
පිලිතුරු ඉණිමට පිවිසි වයඹ කණ්ඩායමට කදුරට කණ්ඩායමේ දුරුවල පන්දු රැකීම ආශිර්වාදයක් වුව ද පන්දු යවන්නන් සියළු දෙනාම හොද තර්ජනයක් එල්ල කළ බැවින් ලකුණු ලබා ගැනිම දුෂ්කර කාර්යයක් විය.පිතිකරුවෙකු ලෙස තමා ඉතාමත් අසාර්ථක මට්ටමක සිටියද පිතිකරු නාමාවලියේ ඉහළ අංකයක් යොදා ගන්නා ජයසූරිය පන්දු යවන්නෙකු ලෙස සිය අත්දැකිම් මොනවට බාවිතයට ගනිමින් පන්දු යවමින් ද පන්දු පිටිය සකසමින් ද දස්කම් පෙන් වූ අතර කෞෂාල් ලොකුආරච්චි පන්දු යැවීමෙන් ලකුනු 15 ට කඩුලු 3 ක් දවා ගත්තේය.මේ සියල්ලෙහි අවසාන ප්‍රතිපලය වූයේ කදුරට ඉණිමට ලකුණු දෙකක් පසුපස සිට ලකුණු 147 දී වයඹ ඉණිම නිමා වීමය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571368.html
www.supirikrida.com

බෝල්ට් ගෙන් සහ බ්ලේක් ගෙන් යළිත් දස්කම්

යමන්ඩ් ලීග් මලල ක්‍රීඩා සූරතාවලිය යටතේ  ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වූ අදියරේදි විහිෂ්ඨ දස්කම් දැක්වීමට උසෙයින් බෝල්ට් සහ යොහානි බ්ලේක් සමත් විය.මීටර් 100 තරගයට සහභාගි වු යොහාන් බ්ලේක් සිය වේගය පිළිබදව නැවතත් සහතිකයක් ලබා දෙමින් එම තරගය සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කරමින් ජය ගැනීමට සමත් වූ අතර එය මේ වසරේ මීටර් 100 සදහා වාර්තා වූ හොදම දෙවන කාලය ද විය.ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී උසෙයින් බෝල්ට් වාර්තා කළ තත්පර 9.63 ක කාලයට පමණක් දෙවැනි වන බ්ලේක් ගේ ස්විට්සර්ලන්ත දස්කම හැරුණු විට මෙම වසරේ වසරේ වාර්තා වී ඇති හොදම කාලයන් හතරෙන් තුනක්ම (9.75 දෙවරක්) බ්ලේක් සතු වීමද කැපී පෙනෙයි.
මේ අතර ලෝක යොවුන්,කණිෂ්ඨ සහ ලෝක වාර්තාවද දරමින් මීටර් 200 ඉසව්වේ ආධිපත්‍යය තහවුරු කර ගෙන සිටින උසෙයින් බෝල්ට් මීටර් 200 ඉසව්ව ජය ගත්තේ ද මේ වසරේ වාර්තා වූ ලොව හොදම දෙවන කාලිය වාර්තා කරමින්ය.තත්පර 19.58 ක් වූ එම කාලය දෙවන වන්නේ ඔලිම්පික් තරගයේදී බෝල්ට් වාර්තා කළ කාලය වන තත්පර 19.44 ට පමණි.
www.supirikrida.com

ආම්ස්ට්‍රෝන්ග් ට වැරදෙයි

ලොව සුපිරිතම පාපැදි සවාරිය වන ප්‍රංශ සවාරිය සත් වරක් ජයගත් ඇමෙරිකාවේ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ට එම කිරුළ අහිමි වෙමින් පවතින බව වාර්තා වෙයි.ඒ තරග ජයග්‍රහණය සදහා ඔහු විසින් තහනම් උත්තේජක යොදා ගත් බවට තොරතුරු හෙළි වෙමින් පැවතීම නිසාය.සත් වරක් ප්‍රංශ සවාරිය ජය ගත් ආම්ස්ට්‍රෝන්ග් එම ජයග්‍රාහි අවස්ථා කිහිපයකටම මුහුණ දුන්නේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටියදී වීම නිසා ඔහුට  ජයග්‍රහණයේ වීරත්වයට වැඩි යමක් එකතු වනු දකින්නට ලැබිණ.ලොව පුරා පිළිකා‍ රෝගීන් වෙනුවෙන් සත්කාරයන් ප්‍රදානය සදහා ජනතා සංවිධාන සමග එකතු වෙමින් කටයුතු කළ ආම්ස්ට්‍රෝන්ග් සියළු පිළිකා රෝගීන් ගේ මානසික ශක්තිය පිණිස වූ පූර්වාදර්ශය විය.
පිළිකා රෝගයට ගනු ලබන ප්‍රතිකාර වල තහනම් උත්තේජක ද්‍රව්‍ය තිබිය හැකි අතර ඒ නිසා සිදුවිය හැකි අතිරේක උත්තේජනයන් හැරෙන්නට වෙනත් තහනම් උත්තේජක භාවිතයට ගෙ තිබේදැයි යන්න පිළිබදව මෙහිදි වැඩි පුර අවධානයට ලක් වනු ඇත.දැනටමත් මේ සම්බන්ධයෙන් ආම්ස්ට්‍රෝන්ග්ට ප්‍රංශ පාපැදි කිරුළ අහිමි කරමින් දඩුවම් පමුණුවීමට තීරණ ගෙන තිබෙන බවක් පෙනෙන්නට ඇති අතර නමුත් ජගත් ක්‍රීඩා බේරුම්කාර සභාව ඉදිරියේ සිය ගැටළුව ඉදිරිපත් කර ආම්ස්ට්‍රෝන්ග් විසින් තමා භාවිතයට ගත් ‍ඖෂධ වල ඇත්තේ පිළිකා නාශක සදහා යොදා ගන්නා දේ පමණක් යැයි ඔප්පු කරන්නේ නම් ඇතැම් විට ආම්ස්ට්‍රෝන්ග් ගේ වීරත්වයට තව දුරටත් හානියක් නොවනු ඇත.
www.supirikrida.com

පළග සූරතාවය ශ්‍රී ලංකා යෞවනයන්ට

ස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළග සූරතාවය දනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.අර්ධ අවසන් පූර්ව වටයට තේරෙමින් මුල් කණ්ඩායම් අට අතරට ඒමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර ඉන් අනතුරුව පැවති ශ්‍රේණිගත කිරිම් තරග වලදී සමස්ත තරගාවලියේ නව වන ස්ථානයට ශ්‍රේණිගත වෙමින් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.
Dickwella Patabandige Dilantha Niroshan Dickwella
නිරෝෂන් දික්වැල්ල
පළග කුසලානය සදහා වූ අවසාන තරගයේ දී කාසියේ වාසිය ලද ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 194 ක් රැස් කරන්නට සමත් වූ අතර එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වූ 44 වාර්තා කිරීමට මොහිබුල්ලා පාක් සමත් වුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරන ලහිරු මධුශංක සිය මද වේග පන්දුවෙන් දස්කම් දක්වමින් කැපී පෙණුන අතර ඔහු ලකුණු 34 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.කඩුල් දෙකක් දවා ගනිමින් ඉතා හොදින් ඇෆ්ගනිස්තාන් පිතිකරුවන් මර්ධනය කළ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සබැදි අමිල අපොන්සො සිය පන්දු ඕවර් 10 ලකුණු 19 ට කඩුලු 2 ක් දවා ගනිමින් අවසන් කළා.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ඉණිමේ කැපි පෙනෙනම ඉණිම ක්‍රියාත්මක කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යලයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වු නිරෝෂන් දික්වැල්ලයි.පන්දු 87 ක් තුළ ලකුණු 76 ක් ලැබූ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා ලෙස ද සම්මානනීය වුණා.තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත දැක්වෙනවා.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554561.html

Aug 24, 2012

2001 සිට 2012 ට

සියානු දැල්පන්දු තරගාවලිය ඇරඹිමට තව ඇත්තේ එක් දිනකි.මීට පෙර ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානය වූයේ 2001 දී ය.එදා කණ්ඩායමට 16 හැවිරිදි ගිෂාන්ති ජයකොඩි සහ තවත් නවක ක්‍රීඩිකාවක් වූ ශසිකා සමරසිංහ ද ඇතුළත් වූ අතර ඔවුන් දෙනොට ලංකාවේ ලකුනු යන්ත්‍රය ක්‍රියාත්මක කිරිම පවරා තිබිණ. ඒ අතරින් ශසිකා අවසාන වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගත් අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වූ අතර මෙවර ද කණ්ඩායමට ඇතුළත් ව සිටියි.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වාර්තා වූයේ ලකුණු 55 - 54 ක් ලෙස සිංගප්පුරුවට එරෙහිවය.දින එක හමාරක් පමණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග රටාව වීඩියෝ පට මගින් අධ්‍යයනය කරමින්පැමිණි සිංගප්පූරුව තරගයේ අවසාන විනාඩි කිහිපයට පිවිසෙන විටත් ලකුණු දෙකක පමණ පරතරයක් තබා ගෙන ඉදිරියෙන් සිටියේය.මේ අවස්ථාවේදී පුහුණුකාරිය හයසින්ත් විජේසිංහ එක් වරම අතිරේක ක්‍රිඩිකාවක් වූ ධම්මිකා මල්කාන්ති පිටියට කැදවීය.උපක්‍රමය සාර්ථක වූ  අතර සිංගප්පූරු ක්‍රීඩිකාවන් සිය වීඩියෝ දර්ශන වල නොසිටි ධම්මිකා මල්කාන්ති ගේ යොමුවිම් අවබෝධ කර ගනිද්දී ඇය ශ්‍රී ලංකාවේ දැල සීමාව වෙත පැමිණෙමින් තිබූ පන්දු දෙකක් පමණ ඩැහැගෙන තිබිණි.අවසාන නලාව හැඩවෙද්දී ඒ වාසිය ශ්‍රී ලංකාවට එක ලකුණක තියුණු ජයක් ලබා දී තිබුණාය.එදා තීරණාත්මක ක්‍රීඩිකාව වූ ධම්මිකා මල්කාන්ති ද මෙවර කණ්ඩායමේ සිටින අතර ඊට අමතරව අද කණ්ඩායමේ සම නායිකාව වන ගයත්‍රි ලංකාතිලක ද කණ්ඩායමේ උන්නාය.
ගයත්‍රි,ශසිකා සහ ධම්මිකා හරුණු විට මෙවර තරගාවලියට සෘජුව සම්බන්ධ තවත් චරිත තුනක් වේ.එදා ක්‍රීඩිකාවක් ලෙස කණ්ඩායමට කැදවද්දි විශාල ගැටළු මතු කරමින් ඇය මහළු බව කිවද තරගාවලියේ ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කිරිමට එරෙහිව මහා පවුරක් මෙන් සිටි සන්ධ්‍යා ජයසූරිය ඇය ය.ඇය මෙවර දක්ෂ ක්‍රීඩිකාවන් රැක ගැනීමට සටන් කළ තේරීම් කමිටුවේ සාමාජිකාවක්ය.
අනෙක් දෙදෙනා ‍මේ තරගාවලියේ 2001 දී කළ දේ නැවත කිරීමේ සහ දිනා සිටින කිරුල රැක ගැනීමේ අභියෝගයට සෘජුව මුහුණ දෙන්නෝය.ඒ අතරින් තමාරා ධර්මකීර්ති 2001 තරගාවලියේ මෙහෙයුම දියත් කළද දැල් පන්දු මුල් පුටුවේ උන්නේ ට්‍රික්සි නානායක්කාරය.මේ දෙදෙනාගේ වැඩ කලාවන් දෙකක් වූ බැවින් අර්බූද මතු වූ අතර තමාරා එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ලගේ සහ ලේකම් රාමනුජම් ගේ සහ ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් මිල්ටන් අමරසිංහ සියළු තරගාවලිය සම්බන්ධ වගකීම් පවරා තිබුණේ තමාරා ටය.
මේ තත්ත්වය නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වය ක්‍රීඩිකාවන්ට බලපෑම් ඇති කරන සුළු වු එකක් විය.ඔවුන්ට ඇදුම් දමා ගැනීමට බෑගයක් හෝ අලුත් ක්‍රීඩා ඇදුම් හෝ නොලැබිණ.මීට විරෝධය පා ක්‍රීඩිකාවන් තරග පිටියට ෂොපිං කවර වල සිය ඇදුම් ආයිත්තම් දමා ගෙන ආවේය.ඒ අතර ක්‍රීඩිකාවන් සිය වියදමෙන් මසා ගත් ක්‍රීඩා ඇදුම නැවත හරවා යැවීමට පරිපාලනය කටයුතු කළේය.තරගාවලිය ජය ගැනීමෙන් පසුව ද,ඒ තත්ත්වය වෙනස් නොවිණ.ඊට පසුවදා දහවල් මම එවකට සේවය කරමින් සිටි රාවය කාර්යාලයේ සිට හයසින්ත් ඇමතුවෙමි.වහාම ඔවුන් සිටි ට්‍රාන්ස් ඒෂියා හෝටලයට පැමිනිය හැකිදැයි විමසා සිටියාය.
මා යනවිට ක්‍රීඩිකාවන් සියල්ලමත් පුහුණුකාරියත් බලා සිටියේ තමාරා ධර්මකීර්ති එන තුරුය.තමාරා සියල්ලම ගලවා ගන්නා දේව දූතියක් ලෙස කවුරුත් සිතමින් සිටින බව පැහැදිළි විය.
‍'මේ ළමයි තරගෙ දිනලා ඇවිත් ගෙවල් වලට කෝල් කරලා,ඒ බිල ගෙවන්න බැ කියලා ෆෙඩරේෂන් එක කියනවා.දැන් හොටෙල් එකෙන් යන්න විදිහක් නෑ බිල ගෙවන් නැතුව,අපි මේ ටැමි එනකං ඉන්නෙ.' ඒ හයසින්ත්ය.
එවකට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූ මිල්ටන් අමරසිංහ ට මම එතැන සිටම දුරකතනයෙන් අමතා ඇති වී තිබෙන තත්ත්වය පැවසුවෙමි.ඔහු එය අමාත්‍යංශය විසින් බාර ගන්නා බවත් ක්‍රීඩිකාවන්ට ගැටළුවක් ඇති වන්නට නොදෙන බවත් පවසමින් වහා ක්‍රියාත්මක විය.ඒ සම්බන්ධයෙන් මා විසින් ලියන්නට යෙදුණ 'කදුළ සහ මදහස' නම් ලිපිය බොහෝ අගයමින් කතා කිරිමට ද හයසිනත් ඉදිරිපත් වූ අතර මෙවර ඇය එවැනි කදුළු නොවැටෙන පසුබිමක සිට තරගාවලිය මෙහෙය වන්නට සූදානමින් සිටින්නේය.
මෙවර එවැනි පසුබිමක් නැත.සියල්ල ලැබෙමින් පවතින්නේය.විදෙස් පුහුනුව පවා ලැබී ඇත.පහසුකම් පිළිබදව අමාත්‍යවරයාම සොයා බලන්නේය.කණ්ඩායම ශක්තිමත් කිරීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කැදවා ගැනීමට සුපිරික්‍රීඩා විසින් කළ කපුකම සාර්ථක කර ගැනීමට අමාත්‍යවරයා පැමිණියේ සිය දියණිය රෝහලේ සිටියදි ය.
'මේක කොහොම හරි දිනන්න ඕනි' අමාත්‍යවරයා මා විසින් කළ ඉල්ලීම භාරගත්තේ එසේ පවසමින්ය.
අනතුරුව අමාත්‍යවරයා ඒ කොහොම හරි දිනීම සදහා බොහෝ දේ ලබා දුන්නේය.මහජන බැංකුවේ අනුග්‍රාහක සම්ප්‍රාප්තියද සිදු වන්නේ එලෙසින්ය.තමාරා ද පහසුවෙන් වැඩ කරමින් සිටින්නේය.2001 දි ඇයට පැවරී තිබුණේ තරගාවලියේ මෙහෙයුම ය.මෙවර පරිපාලන මුල් පුටුවේ ඉන්නේද ඇයය.හයසින්ත් ට ද ගැටළු නැත.ඇය ට කන් දෙන පරිපාලනයක් ඇති වී ඇත.කණ්ඩායම ද නරක නැත.ඇතැම් විට අප මැදිහත්ව නැවත අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් කණ්ඩායමට කැදවීමට පාර කපද්දී ඇතැම් අය පිළිගැනීමට විවිධ හේතු පෙන්නා දෙමින් කටයුතු නොකරන්නට මේ කණ්ඩායම තවත් හොද වන්නට තිබිණ.
'ළමයි ගේ හිතට ප්‍රශ්න එන්න බෑ' හයසින්ත් හැම විටම ළමයිට පහසුකම් අරං දෙන්න සටන් කළ පුහුණුකාරියක් ලෙස ඉතිහාසයේ තැනෙක ලියැවී ඇත.ඇය මේ දින වල ක්‍රීඩිකාවන්ට මාධ්‍යයට කතා කිරීමට පනවා ඇති වාරණය හේතුවෙන් ක්‍රීඩිකාවන්ගේ අවස්ථාව ලබා ගනිමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන ආකාරයෙන් ඇති එකම ගැටළුව ඇයගේ වැටුප ගෙවා නොමැති වීම පමණක් විය යුතුය.අප එයද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙත් යොමු කළ අතර ඇය ඒ පිළිබදව ඉතා ඉක්මණින් සොයා බලන බව කිවාය.ඒ නිසා ඇයට ඉන් ඇතිවන පීඩනයද අඩු කර ගන්නට පුළුවන් ය.
මේ දිනවල ඇය කණ්ඩායමේ මානසික වර්ධනය පිණිස ඇය විසින් කරන ලද ප්‍රකාශ සහිත ලිපි ධනාත්මක ලිපි ලෙස ක්‍රීඩිකාවන්ගේ මානසික වර්ධනය පිණිස කියවන්නට දෙමින් සිටින බව වාර්තා වන අතර එය  හරහා ද ඇය ක්‍රීඩිකාවන්ගේ මානසික වර්ධනය පිණිස ද කටයුතු කරමින් සිටින්නේය.
සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වී පරාජය වි පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද වන විට ඉතා යහපත් මට්ටමක පසු වන්නේය.එම කණ්ඩායම පරාජය වූ පසුව පුහුණුකාරිය පැවසුවේ මෙම ආසියාතික තරගාවලිය වන විට එම කණ්ඩායම ආසියාව ජය ගැනීමට හැකි ලෙස සකසා ගන්නා බවය.ඇයට ඒ සදහා විශේෂ මහන්සියක් වන්නට ඉඩ නොතබා අප මාධ්‍යකරුවන් විදිහට අකුරු වලම සිර නොවි සිට අමාත්‍යවරයා හරහා නැවත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කැදවා දීමට පියවර ගත් නිසා ඇයට වැඩේ පහසු වී ඇත.
අප ප්‍රාර්ථනා කරන්නේ ජයග්‍රහණය ය.එහි කොටස් අපට අනවැසිය.එහෙත් පරාජය වුවහොත් අපට එහි කොටස් බෙදා දීමට සූදානමින් සිටින බව අපි දනිමු.ඒ නිසා කණ්ඩායම ශක්තිමත් කරීමට අපේද දායකත්වයක් තිබෙන බව සිහිකළ යුතු බව සිතුවෙමු.ඇතැම් විට එම දායකත්වය සම්පූර්ණයෙන් (පිරිසක් ඉවත් නොකොට) ලබා ගත්තේ නම් මේ වන විට තරගයකින් තොරවම ආසියාව ජයගත හැකි කණ්ඩායමක් සමග හයසින්ත්ට මේ ගමණට සූදානම් වන්නට තිබුණු බව අපි විශ්වාස කරන්නෙමු.එහෙත් ඉන්න කණ්ඩායමද ලෙහෙසියෙන් පරාජය කරන්නට හැකි කණ්ඩායමක් නොවන බව අපි විශ්වාස කරන්නෙමු.නිසි ලෙස ප්‍රයෝජනයට ගැනිමත්,නිසි තැන නිසි අය යෙදවිමත් යන්න ක්‍රීඩාවට ආදරය කරන රටට ප්‍රේම කරන පුරවැසියෙකුගේ යුතුකම විය යුතුය.ඒ දේ සිදුවන්නේ නම් මෙවර ද ආසියානු කුසලානය දිනා ගැනීමේ ගෞරවය ලංකාවට හිමි වීමට ඇති ඉඩ විශාලය.
සියල්ල යහපත්ව සිදුවන ජයග්‍රහණය පිලිබදව සටහනක් තැබිමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු!www.supirikrida.com
www.supirikrida.com

අකිලට දොර හැරෙයි

 ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත 20 - 20 තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේ දී මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එස්එල්පීඑල් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වන අකිල ධනංජය ද ඇතුළත් කර ඇත.එසේම එම කණ්ඩායමට ඩිල්ෂාන් මුණවීර ද කැදවා ඇත.ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ තරගාවලියට ඇතුළත් නොකළ ධනංජය එස්එල්පීඑල් තරගාවලියට ඇතුළත් කළ අතර එහිදී මහේල ඔහු ගේ හැකියාවෙන් නිසි ප්‍රයෝජන ලබමින් මෙතෙක් තරගාවලියේ පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට දුෂ්කරම පන්දු යවන්නා ඔහු බවට පත් කර ඇත.
තේරීම් කමිටුවේ තීරණ ඔවුන් ගේම අභියෝග බවට පත් වෙමින් අකිලව කණ්ඩායමට කැදවීම සිදු වී අති අතර ඔහු වෙනුවට යෙද වූ තරිදු වඩාත් දක්ෂ ක්‍රීඩකයා නම් ඔහු ද සංචිතයට කැදවිය යුතුව තිබිණි.කෙසේ හෝ අකිලව කැදවීම අගය කළ යුතු අතර ඔහු මහේල ගේ පාලනය යටතේ ඉහළ දස්කම් දක්වමින් තිබීම ලෝක කුසලාන තරගාවලියේ දි ශ්‍රී ලංකාවට විශාල ආශිර්වාදයක් විය හැකිය.මීට පෙර මහේල නායකත්වය දරන අවධියේ දී ශ්‍රී ලංකාවේ දෙවන පෙළ තරග වල කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටි අජන්ත මෙණ්ඩිස් ද අන්තර් පළාත් තරග වලදී මහේල ගේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබ ඉහළ දස්කම් දැක් වූ අතර බොහෝ විට මෙවර ඒ අවස්ථාව අකිලට හිමි විය හැකිය.
අකිලට අමතරව ප්‍රහාරාත්මක පිතිකරු ඩිල්ෂාන් මුණවීරට ද අවස්ථාවක් හිමි වී ඇති අතර ඇතැම් විට තෝරි තිබෙන සංචිතය ගැන සළකා බලන විට ඩිල්ෂාන්ට ඩිල්ෂාන් සමග ඉණිම ඇරඹිමට අවස්ථාවක් හිමිවනු ඇතැයි සිතිය  හැකිය.තවමත් ආබාධ සුව වී ඇති බවට වෛද්‍ය නිර්දේශ නොලැබුණු කුමාර සංගක්කාර සහ නුවන් කුලසේකර ද සංචිතයේ සිටින අතර බොහෝ විට ඔවුන් දෙදෙනා සිය පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පෙන්වා කණ්ඩායමට ඇතුළත් වනු ඇත.
ඒ අනුව නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම නායක මහේල් ජයවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,ටීඑම් ඩිල්ෂාන්,කුමාර සංගක්කාර,ලහිරු තිරිමාන්න,ජීවන් මෙණ්ඩිස්,ඩිල්ෂාන් මුණවීර,තිසර පෙරේරා,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,රංගන හේරත්,අජන්ත මෙණ්ඩිස්,දිනේෂ් චන්දිමාල්,සමින්ද එරංග සහ අකිල ධනංජය ලෙස වේ.
කාන්තා ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කරන ලද කණ්ඩායමේ නායකත්වය ශෂීකලා සිරිවර්ධන ට හිමි වී ඇති අතර නම් කරන ලද 14 දෙනෙකුගෙන් යුත් සංචිතයට සදමාලි දොලවත්ත,ඩිලානි මනෝදරා,චාමිනි සෙනවිරත්න,චමරි අතපත්තු,දීපිකා රසංගිකා,ඉෂානි ලොකුසූරිය,ශ්‍රීපාලි වීරක්කොඩි,උදේශිකා ප්‍රාබෝධනී,මධුරි සමුද්‍රිකා,ඉනෝකා රණවීර,ප්‍රසාදිනී වීරක්කොඩි,ඉනෝකා ගලගෙදර,නිලක්ෂි සිල්වා ඇතුළත් වෙති.

බිරින්දෑවරු නිසා අෆ්රිඩී ට සහ මැකලම් ට SLPL මග හැරෙයි



හීඩ් අෆ්රිඩී සහ නේදන් මැකලම් එස්එල්පීඑල් තරගාවලියෙන් ඉවත් වීමට තීරනය කර ඇත.ඒ සිය බිරින්දෑවරුන් ගේ අසනීප තත්ත්වයන් හේතුවෙන්ය.අෆ්රිඩී ගේ බිරිද රෝගාතුරව රෝහල් ගත කිරීම නිසා ද නේදන් මැකලම් ගේ බිරිද දරු ප්‍රසූතිය සදහා සූදානම්ව සිටින බැවින් ද මෙසේ තරගාවලිය හැර යාමට තීරණය කර තිබේ.

තරගාවලිය සහ එහි ස්වභාවය පිළිබදව සතුටෙන් කතා කරන මෙම ක්‍රීඩකයන් අතරමග තරගාවලිය හැර යාම සම්බන්ධයෙන් සංවිධායකයන්ගෙන් සමාව ඉල්ලා සිටින අතරේම ඊ ළග තරගාවලිය සදහා සහභාගි වන බවට පොරොන්දුවක් ද ලබා දී ඇත.
www.supirikrida.com

ගමේ පිහිණීම තටාගයට

ක්‍රීඩාව ගමට ගෙන යාම යටතේ පිහිණුම් ක්‍රීඩාව ගමට ගෙනයාම පෙරදැරි කර ගෙන පිහිණුම් තටාග පහක් ඉදිකර ජනතා අයිතියට පැවරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.නාවලපිටිය,මාදම්පෙ,කුරුණෑගල,අම්පාර සහ මොණරාගල ප්‍රදේශවල ඉදිවන මෙම පිහිණුම් තටාග එළැඹෙන ඔක්තෝම්බර් මාසය වන විට ඉදිකර අවසන් කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
වඩාත් විද්‍යානුකූලව ක්‍රීඩාව පවත්වා ගෙන යාම සදහා රජය ගන්නා උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මෙම පිහිණුම් තටාග ඉදිවීම සිදුවන බව අමාත්‍යංශය අවධාරණය කරන අතර ඒ හරහා ජාතික තලයට ගමේ පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිවිසීමට අවස්ථාවක් ඇති වනු ඇති බව පෙන්වා දෙයි.
www.supirikrida.com

Aug 23, 2012

ඉන්දියාව අවසන් තරගයට

Baba Aparajith celebrates a wicketවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගය සදහා නවසීලන්තයට එරෙහිව ලකුනු 09 ක ජයක් ලැබූ ඉන්දියාව සුදුසුකම් ලබා ගත්තා.ඒ අනුව 26 දා පැවත්වෙන අවසාන තරගයේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමේ අවස්ථාව ඉන්දියාවට හිමි වෙනවා.
තරගයේ කාසියේ වාසිය ලැබූ නවසිලන්තය පළමුව පන්දුවට පහර රැකීමට තීරණය කළ අතර ඊට යහපත් ලෙස ප්‍රතිචාර දැක්වීමට සමත් වු ඉන්දියාව පළමු කඩුලු දෙක දැවෙන විට ලකුණු 133 දක්වා ලකුණු පූවරුව ගෙන ආවේ ඉන්දීය ඉණිම ලකුණු 250 ට සමීප වේ ය යන විශ්වාසය ඇති කරමින්ය.නමුත් පන්දුවෙන් (29/1) සහ පිත්තෙන් (44) දස්කම් දැක්වූ බබා අපර්ජිත් තෙවන කඩුල්ල ලෙස දැවී යාමෙන් පසුව තරගයේ වාසිය නවසීලන්තය දෙසට හරවා ගන්නට පන්දු යවන්නෝ සමත් වූහ.ඉන්දීය පළමු පිතිකරුවන් සිව් දෙනා (ප්‍රහාන්ට් චොප්රා 52,උන්මුක්ට් චාන්ද් 32,බබා අපර්ජිත් 44 සහ හනුමා විහාරි 22) හැරුණු විට කිසිදු ඉන්දීය පිතිකරුවෙක් ලකුණු 20 සිමාවට නො'පැමිණියේය.බෙන් හෝර්න් 28 / 3 සහ මැතිව් ක්වීන් 36/2 ඉන්දීය පිතිකරුවන්ට තර්ජනයක් වූ ප්‍රධානතම පන්දු යවන්නෝ වූහ.
පිළිතුරු ඉණිමට පිවිසි නවසිලන්තයට යහපත් ආරම්භයක් ලබා දීමට එහි මුල් පෙළ පිතිකරුවන් අසමත් වීම නිසා පසු පෙළට වන්නට ඕවරයකට විශාල ලකුණු සාමාන්‍ය වේගයක් පවත්වා ගෙන යාමේ අවධානම නවසීලන්තය පිට පැටවිණ.නවසිලන්තය වෙනුවෙන් කැම් ප්ලෙචර් ලකුණු 53 ක් ලබමින් තරගය නවසීලන්තයට හරවා ගැනීමට දැරූ උත්සාහයත් පසු පෙළ පිතිකරුවන් ප්‍රවේගකාරී වෙමින් දැරූ උත්සාහයත් මත ලකුණු 09 ක පරාජයක් දක්වා පරාජයේ වර්ගපලය අඩු කර ගැනීම හැර කිරීමට දෙයක් ඉතුරු නොවිණ.
විශේෂයෙන් ඉන්දීය වේග පන්දු යවන්නන් කඩුල් දවා ගත්තත් නවසීලන්ත පිතිකරුවන් ගේ පිතිවලට වැට බැදි ඉන්දීය පන්දු යවන්න් වූයේ බබා අපර්ජිත් සහ හර්මීට් සිං ය.සිය පන්දු ඕවර් 10 තුළ පිළිවෙලින් 29/1 සහ 30/2 ලෙස ලබමින් දැක් වූ දස්කම් ය.කෙසේ වුව ද ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම මත ඔවුන්ගේ ඉරණම රැදී තිබෙන බැවින් ඕස්ට්‍රේලියාව සමග තරගයේදී ඒ තත්ත්වය ආරක්සා කර ගැනීම වැදගත්ය.
පහත ඇති සබදතාවය හරහා ඉන්දීය නවසිල්නත තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට අවස්තාව ඇත.http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554558.html

www.supirikrida.com

නව වැනියා ශ්‍රී ලංකාව ද - ඇෆ්ගනිස්තානය ද? තීරණය හෙට

Tharindu Kaushal registered Sri Lanka's best bowling figures with 3 for 28ණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට හෝ නොතේරී ඉවතට වීසි වුණ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරමි තරග යටතේ නව වන ස්ථානය තහවුරු කර ගැනීම වන සදහා වන තරගයට හෙට ඇෆගනිස්ථානය සමග සහභාගි වීමට නියමිතයි.බ්‍රිස්බේන් හී පැවත්වෙන මෙම තරගය ජය ගතහොත් තරගාවලියේ නව වන ස්ථානයේ රැදන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වන අතර පරාජය වුවහොත් එම ස්ථානය ඇෆ්ගනිස්තානයට පිරිනමා 10 වන ස්ථානය දක්වා පහළ බසින්නට ශ්‍රී ලංකාවට සිදු වෙනවා.
මෙවර සූරතාවය සදහා අවසාන තරගයට ක්‍රීඩා කිරිමට මේ වන විටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ‍දකුණු අප්‍රිකාව පරද‍ා සුදුසුකම් ලබා සිටින අතර,අද පැවත්වෙන ඉන්දීය - නවසිලන්ත තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාව එළැඹෙන අගෝස්තු 26 දා ටවුන්ස්විල් හී දි සූරයන් තීරණය කරන තරගයට මුහුණ දීමට නියමිතයි.
www.supirikrida.com

ජාතික දැල් පන්දු කණ්ඩායමට උපන් දින සාදයක්

සියානු කුසලානය සදහා සූදානම් වෙමින් සිටින ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට ඊයේ හදිසි උපන් දින සාදයකට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා.වර්ථමාන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම් නායක අසේල පටබැදි සිය සංචිතයටම පැමිණ මෙම සුළු උපන් දින සාදය පවත්වා දැල් පන්දු කණ්ඩායමට සුභ පතා ගිය බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙනවා.සුපිරික්‍රීඩා සමීපතමයෙකු වන අසේල එම සිදුවීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,ආසියානු සූරියන් සමග සිය උපන් දිනය සුළුවෙන් හෝ සැමරීමට හැකිවීම භාග්‍යයක් බවයි.තම මිතුරෙකු හමුවීමට ගිය මොහොතක ඇති වූ සුහද කතා බහක් හරහා මෙම අවස්ථාව උදා වූ බව පවසන අසේල කෙසේ හෝ එම භාග්‍යවන්ත අවස්ථාව පිළිබදව තමාට තව දුරටත් සතුටු විය හැකි අන්දමේ ප්‍රතිපලයක් මෙවර ආසියානු කුසලානයේදී ලැබෙනු ඇතැයි ද එම ජයග්‍රහණය ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ධෛර්‍යය ලැබෙනු ඇතැයි ද අසේල විශ්වාස කරනවා.
වර්ථමාන ජගත් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන තැනට වර්ගීකරණය වී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අසේල පළමු නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ සුපිරිතම ක්‍රීඩකයා ලෙස ද තේරී පත් වුණා.
www.supirikrida.com

කෙන්යානු ජනාධිපති ඔලිම්පික් පරාජය පිළිබදව පරීක්ෂණයක් කැදවයි

මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ දුර දිවීමේ ඉසව් වලදී විශාල පෙරළියක් කරනු ඇතැයි අපේක්ෂා කළ කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එම දක්ෂතා මතු නොවීම පිළිබදව දැඩි කණස්සල්ල පළ කරන කෙන්යානු ජනාධිපති මවායි කිබාකි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස වග කිවයුතු අංශ දැනුවත් කර ඇත.2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම හයක් සමග මලල ක්‍රීඩා පදක්කම සටහනේ තෙවන තැනට පත් කෙන්යාවට මෙවර හිමි වූයේ රන් පදක්කම් දෙකක් පමණි.
මීටර් 800 ඉසව්වේ ලෝක සූර ඩේවිඩ් රුඩීෂා නව ලෝක වාර්තාවක් සමගින් සිය ඉසව්ව ජය ගනිමින් ද,එසෙකී කෙම්බොයි මීටර් 3000 බාධක දිවීම ඉසව්වෙන් ද රන් පදක්කම් දිනා ගනිමින් කෙන්යාවේ ගෞරවය රැක දෙන්නට සමත් විය.
මේ වන විට මලල ක්‍රීඩා පුහුණුකරුවන් එරට ක්‍රීඩා අමාත්‍යංශයේ මලල ක්‍රීඩා අධීක්ෂණ නිලධාරීන්ට ද ඔවුන්  මලල ක්‍රීඩා පුහුනුකරුවන්ට ද ඇගිල්ල දිගු කරමින් පරාජයේ වගකීමෙන් ගැලවීම සදහා උත්සාහ දරමින් සිටින අතර ක්‍රීඩා අමාත්‍ය පොල් ඔටුඔමා පවසන්නේ හැකි ඉක්මණින් ජනාධිපතිවරයා ඉල්ලු සම්පූර්ණ වාර්තාව සකසා ලන්ඩන් ඔලිම්පික් පරායට බල පෑ හේතු අනාවරණය කරන බවය.
www.supirikrida.com

Aug 22, 2012

හත්වන කඩුල්ලට බැදි සැබැදියාවෙන් උතුර ගොඩ යයි

ස්නාහිර කණ්ඩායමට එරෙහිව ලකුණු 150 ක ඉලක්කයක් හඹා යමින් සිටි උතුර කණ්ඩායම හත් වන කඩුල්ලට පන්දු ඕවර් 6.2 ක් තුළ ඇති කර ගත් ලකුණු 70 ක සබදතාවය නිසා එස්එල්පීඑල් තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කිරීමේ භාග්‍යය උදා කර ගත්තේය.කලකට පසුව ලකුණු අතර ට පිවිසෙමින් තරගයේ අවසාන භාගයේදී ප්‍රදර්ශනාත්මක පිතිහරඹයක නියැලි චාමර කපුගෙදර උතුර ජයග්‍රහණයේ පෙරමුණ දරමින් පන්දු 42 ක් තුළ ලකුණු 69 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 2ක් සමගය.ඔහු නොදැවි ලබා ගත් ලකුණු 69 ට නොදැවී ලකුණු 21 කින් දායක වූ ඩිලන් ඩු ප්‍රීස් හත්වන කඩුල්ලේ ජයග්‍රාහී අඛන්ඩ සබදතාවයේ චාමර ගේ හවුල්කරු විය.
කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායම ලකුණු 150 ක් ලැබීය.එම ඉණිමේ දී කිසිදු පිතිකරුවෙකුට රිසි සේ ලකුණු අතරට පිවිසෙන්නට අවස්ථාව නොදුන් උතුර පන්දු යවන්නෝ  හොදින් පන්දු යැව්ව ද,කෙටි ලකුණු රැස් කරමින් ලකුණු 150 සීමාවට පිවිසීමටබස්නාහිර ක්‍රීඩකයෝ සමත් වූහ.
පිළිතුරු ඉණිමට පිවිසි උතුර කණ්ඩායමට එරෙිව ද බස්නාහිර පන්දු යවන්නෝ හොදින් සිය කාර්යය ඉටු කළ ද,අවසාන භාගයේදී ධම්මික ප්‍රසාද් සහ තිළිණ තුෂාර යන දෙදෙනාට එරෙහිව චාමර කපුගෙදර එල්ල කළ සාර්ථක ප්‍රහාරය හේතුවෙන් උතුර කණ්ඩායම ජය ගැනීම වැළක්වීමට නොහැකි කරුණක් විය.මේ තත්ත්වය වෙනස් කිරීමට ඇතැම් විට හොදින් පන්දු යවමින් සිටි මොහොමඩ් මහමදුල්ලා යොදා ගත්තේ නම් හෝ තමාම පන්දු යැවිමට ඉදිරිපත් වුයේ නම් හැකියාවක් තිබුණු බව පෙනෙන්නට තිබුණ ද,නායක ඩිල්ෂාන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති ලාංකේය පන්දු යවන්නන් දෙදෙනා ගැනම වැඩි විශ්වාසය තැබීමත් මෙම පරාජයේ එක් හේතු සාධකයක් විය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571367.html සබදතාවය තෙරපා තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.

හැව්ලොක් නැවත ඉපදෙයි

ශ්‍රී ලංකා රග්බි පිටියේ දිගු ඉතිහාසයක් ඇති 'හැව්ලොක්ස්' ක්‍රීඩා සමාජය මෑත කාලීනව නවී කරණය වූ ක්‍රීඩා සමාජ වල ගොදුරක් වෙමින් ඉතා දුර්වල තත්ත්වයකට වැටී තිබුණද,මේ වසරේ යළි පිබිදෙමින් උපරිමයට පැමිණ මෙවර පළමු පෙළ රගර් තරගාවලියේ පෙරමුණේ රැදෙන්නට සමත් වී සිටියි.තරග 10 ට සහභාගි වී ඉන් තරග 9 ක්ම ජයග්‍රහනයෙන් අවසන් කරමින් ලකුණු සටහනේ පෙරමුණේ සිටින හැව්ලොක් ක්‍රීඩා සමාජයට දෙවැනි සිටින්නේ මෑත කාලිනව වැඩිම වරක් සූරයන් බවට පත් වෙමින් කැපී පෙණුන මහනුවර ක්‍රීඩා සමාජය යි.ඔවුන් සහභාගි වූ තරග 10 න් 8 ක් ම ජය ගෙන සිටියි.
ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම තෙවන තැනට පත් වී තිබෙන අතර මෙවර තරගාවලියට එක් වූ කදුරට සිංහ කණ්ඩායම මුල් කණ්ඩායම් හතර තුළ රැදී සටීමට සමත් වී සිටියි.කුසලාන තරගාවලියේ මුල් කණ්ඩායම් හතර එසේ තීරණය වෙද්දී පළග තරග අංශයේ පෙරමුණේ රැදෙන්නට ශ්‍රී ලංකා යුධ හමුදාව සමත් වී සිටින අතර තරග 10 ට සහභාගි වී පෙරමුණේ  සිටින ඔවුන් හා සම ජයග්‍රහණ භුක්ති විදින පොලිස් කණ්ඩායම සහභාගී වූ තරග ප්‍රමාණයෙන් ගත් විට එකක් පසුපසින් දෙවන ස්ථානයේ පසු වෙයි.
www.supirikrida.com

කලකට පසුව දක්ෂතම ක්‍රීඩකයා පොලිසියෙන්


මීට කලකට පෙර ජාත්‍යන්තර මට්ටමේ රුසියානු ක්‍රීඩකයෙකු පරදා කතා බහට ලක් වූ ප්‍රියදර්ශන,පසුව සිය බොක්සිං ජීවිතය තුළ දැඩි පසුබෑමක් පෙන්නුම් කළේය.නමුත් අනතුරුව මේ වසරේ සිට සිය පුහුණුකරු වසන්ත කුමාර සමග කැපවීමෙන් පුහුණුව ලැබ ලේට්න් තරගාවලියේ අවසාන තරගයට පිවිසීම සහ දක්ෂතම පරාජිතයා වීම ද,නැවත ඉපදෙමින් තිබෙන ස්වීය බොක්සිං ආත්මයට පණ නල පිඹීමක් බදු ය.

මෑත ඉතිහාසය ගත් විට කාන්තා බොක්සිං තරග අංශයේදී යම් යම් අවස්ථාවල දී දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවන් බිහි වී ඇතත් මෙවර ලෙට්න් කුසලාන බොක්සිං තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිසියේ සමීර කරුණාරත්න තේරි පත්වීම බොහෝ කාලයකට පසු පොලිසිය ලද ජයකි.කි.ගෑ.60 බර පංතියෙන් ජය ගත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති සමීර වර්ථමානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අතර කලකට පසුව යළි බොක්සිං කවයට පැමිණ සිය අත්දැකීම් මතින් මෙවැනි ජයක් ලැබීම පැසසුම් සහගතය.විද්‍යානුකූල ක්‍රීඩකයෙකු ලෙස දශකයකටත් වඩා පැරණි සිය ජාතික තලයේ බොක්සිං ජීවිතය තුළ පැසසුම් රැසක් ලබා ඇති සමීර ඉදිරියේ දැඩි සටනකින් පසු පරාජයට පත් වූ ප්‍රියදර්ශණ සිල්වා දක්ෂතම පරාජිතයා විය.
දක්ෂතම ක්‍රීඩිකාව වූයේ නදීශෘ එරන්දි ය.මාස් සදර්න් බොක්සිං සමාජය නියෝජනය කරන එරන්දි,කතළුව විද්‍යලයෙන් අධ්‍යාපනය ලැබ මාස් හා බැදෙන එරන්දි කි.ග්‍රෑ,54 බර පංතියේ දී අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන පොලිසියේ එස් ගුනෙත්ති පරදා සූරිය වන්නට සමත් වූවාය.ඇය,වර්ථමානයේ කාන්තා බොක්සිං ක්‍රීඩාව තුළ කැපී පෙනෙන පුහුණුකරුවෙකු බවට පත් වී සිටින චම්පික මාතරආරච්චි යටතේ සිය බොක්සිං ජීවිතය ආලෝකමත් කර ගන්නීය.
එසේම දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත් වකෝසලා නිල්මිණි ද අත්දැකිම් බහුල ක්‍රීඩිකාවකි.ඇය ද අලුත් බලාපොරොත්තුවක් බවට පත් වි සිටින මාස් සදර්න් බොක්සිං සමාජයේම ජේඒඩී ජයසිංහ වෙතින් පරාජය ලැබුවේ කෝසලා ගේ අදක්ෂ කමට වඩා තමා රැකගත යුතු ක්‍රීඩිකාවක් බව සනාත කරමින් ජයසිංහ විසින් එල්ල කරන්නට යොදුණ දැවැන්ත ප්‍රහාර වරුෂාවක් මධ්‍යයේ ය.
Photo-KAMAL WANNIARACHCHI

www.supirikrida.com


Aug 21, 2012

සරිපෝවා වසරේ හොදම කාලය වාර්තා කරයි

න්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 3000 බාධක දිවීම ඉසව්ව ජය ගත් රැසියාවේ යුලියා ෂැරිපෝවා මේ වසරේ එම ඉසව්ව සදහා වන හොදම කාලය වාර්තා කරමින් සැම්සුන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය යටතේ ස්විඩනයේ ස්ටොක්හෝම් හී පැවති තරගාවලියේ එම ඉසව්වේ ජයග්‍රාහිකාව වූවාය.ලබ්ඩන් ඔලිම්පික් උළෙලේදී ඇය මේ වසරේ වාර්තා වූ හොදම කාලය වාර්තා කරමින් ජය ගත් අතර යළි මෙම තරගයේදී නැවත දක්ෂතා අතරට පිවිසෙමින් වසරේ හොදම කාලය අලුත් කිරිම කැපී පෙණින.
තරගයේ මීටර් 1400 ක් ගෙවුණු තැන සෙස්සන්ගෙන් මිදි ඉදිරියට ඇදෙන්නට වූ යුලියා මීටර් 3000 දිව අවසන් කරන විට විද්‍යුත් කාලඝනකය ඇයගේ කාලය සටහන් කර තිබුණේ විනාඩි 9:05.02 ක් විය.තරගයේ දෙවන ස්ථානය ඔලිම්පික් රිදි පදක්කම් ලාභිණිය වූ හබිබා ගිර්බිට ම හිමි වූ අතර ඇය වාර්තා කළ කාලය විනාඩි 9:10.36 ක් විය.තෙවන ස්ථානය හිමි වූයේ ඉතියෝපියාවේ එතෙනේස් ඩිරෝට ය.ඇය වාර්තා කළ කාලය විනාඩි 9:14.07 කි.
www.supirikrida.com

එංගලන්තය කාලෙකට පස්සෙ දෙකට

South Africa celebrate the winning momentජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේනිගත කිරිම් වල අංක එකට සිටි එංගලන්තය අභිබවා යමින් එංගලන්ත - දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ තරග 2 - 0 ක් ලෙස ජය ගත් දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත කිරිම් වල තෙවන ස්ථානයේ සිට ප්‍රථම ස්ථානය දක්වා උසස් වුණා.ඒ අනුව දෙවසරකට ආසන්න කාලයක් ටෙස්ට් ශ්‍රේණිගත කිරිම් වල අංක එකට සිටි එංගලන්තයට දෙවන ස්ථානය දක්වා පහත බසින්නට  සිදු වුණා.
හසීම් අම්ලා ගේ පිතිකරණය වටා මෙන්ම ඩේන් ස්ටෙයින් ගේ සහ වර්නන් පිලැන්ඩර් ගේ පන්දු යැවීම වටා ද,තවමත් නොනැවතී දස්කම් අතර සිටින තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් වැනි පරිනත ක්‍රීඩක දායකත්වය ද මත ජයග්‍රාහී ගමණක යෙදුණු දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට 20 -20 ශ්‍රේණිගත කිරිම් වල ද අංක එකට සිටින කණ්ඩායමයි.එසේම සීමිත පන්දුවාර තරග වල අංක දෙකට සිටින කණ්ඩායම ද දකුනු අප්‍රිකාව බැවින් මේ වන විට ලොව ඉදිරියෙන්ම සිටින ක්‍රිකට් ජාතිය දකුණු අප්‍රිකාව බව එංගලන්තයට එරෙහි ජයෙන් සනාත වන අතර ඔවුන්ට ප්‍රබල තර්ජනයක් වන එංගලන්තය ටෙස්ට් සහ 20 - 20 දෙවන ස්ථාන ද සීමිත පන්දුවාර තරග වල පළමු ස්ථානයද දිනා ගෙන සිටිනවා.
www.supirikrida.com

මහේලගෙන් සුපිරි ඉණිමක් නැගෙනහිර අපරාජිත බව අහෝසි වෙයි

යඹ කණ්ඩායමට නායකත්වය දෙන මහේල ජයවර්ධන විසින් දියත් කරන්නට යෙදුණ පන්දු 50 කින් ලකුණු 96 ක් ගලා ආ අති දැවැන්ත ඉණිමේ ප්‍රතිපලයක් ලෙස සිය පන්දු ඕවර් 20 ලකුණු 190 කින් නිම කළ වයඹ කණ්ඩායම නැ‍ගෙනහිර කණ්ඩායමට එරෙහිව ලකුණු 56 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.කාසියේ වාසිය ලබමින් පන්දුවට පහර දීමට පිවිසි වයඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ තමීම් ඉක්බාල් සහ කම්රාන් අක්මාල් අතර දුර දිග විහිදි සබදතාවයක් ඇති නොවුණු අතර ඒ අනුව මුළු ලකුණු 17 ක් ව තිබිය දී මහේල කම්රාන් අක්මාල් ගේ අඩුව පිරවීමට තමීම් ට එක් විය.
Mahela Jayawardene on his way to 96 off 50
එතැන් සිට තෙවන කඩුල්ලට තමීම් (32) සමග ලකුණු 67 ක් සහ කෞශල්‍යය වීරරත්න (36) සමග සිව්වන කඩුල්ලට ප්‍රවේගකාරී ලකුණු 56 ක් එකතු කළ මහේල කෞශල්‍යයගේ දැවී යාමෙන් අනතුරුව නැගෙනහිර පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් හයේ පහර පහක්ම වාර්තා කළේය.පන්දු යැවීමේදී අජන්ත මෙණ්ඩිස් පමණක් තර්ජනයක් වුව ද ඔහුට පන්දු රකින්නන්ගේ සහය නොලැබුණු බැවින් වයඹ ලකුණු පූවරුව 190 වෙද්දී දැවී ගිය කඩුලු ප්‍රමාණය ලෙස සටහන් වූයේ හතරක් පමණි.
පිළිතුරු ඉණිමට පිවිසි නැගෙනහිර කණ්ඩායමේ දැවැන්ත ලකුණු ප්‍රමාණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහය ව්‍යර්ථ කරන ප්‍රධානතම බලවේගය බවට පත් වූ වයඹ කණ්ඩායමේ දකුණත් පිට දග පන්දු යවන්නා අකිල ධනංජය නැවතත් තේරීම් කමිටුවේ නිදිබර දෑස් වලට ඇගිල්ලෙන් අනිමින් ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නියැලුණේ සිය පන්දු ඕවර් 4 දී ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගනිමින්ය.19 වන විය ආසන්නයේ සිටින මෙම පන්දු යවන්නා තුළ ඇති අපූරු පන්දු සංකලනය ද ගත් විට දිගු ගමණක් යාමට හැකි රටේ අනාගත ක්‍රිකට් සම්පතක් බව අවිවාදිත අතර ඔහු රැක ගැනීමට අවශ්‍යය ආත්ම විශ්වාසය සහ නිසි අවස්ථාව ලබා දීමට ක්‍රිකට් බලධාරීත්වය සහ තේරීම් කමිටු බලධාරීන් වග කිව යුතුය.
එසේම ලකුණු 190 ක විශාල ලකුණු ප්‍රමාණයක් හඹා ගිය නැගෙනහිර කණ්ඩායමේ ලාබාල ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා පමණක් හුදෙකලා සටනක නියැලුණු අතර ඔහුට සහය දෙන්නට අයෙක් විණි නම් තව දුරටත් පරාජයේ අවමානයේ ප්‍රමාණය හෝ හෑල්ලු කර ගන්නට තිබිණ.ඇන්ජලෝ පන්දු 39 කින් නොදැවී ලකුණු 48 ක් නොදැවී ලබා ගැනීමට සමත් විය.වයඹ - නැගෙනහිර තරගයේ ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571365.html
සනත් ජයසූරියගේ ආගමනයත් සමග සිය පිත්ත හකුලා ගෙන පිතිකරු නාමාවලියේ පහළට බසින්නට සිදු වූ කිත්රුවන් විතානගේ විසින් ලකුණු 31 ක් සහ ඔහුගේ දෑතට ලබා දුන් නුපුරුදු කඩුලු රැකීමේ වගකීම ඉටු කරමින් රැක ගත් අපූරු උඩ පන්දු 3 ත් කේන්දු කර ගනිමින් රුහුණ කණ්ඩායමට එරෙහිව ලකුණු 42 ක ජයක් ලබන්නට කදුරට කණ්ඩායමට හැකි විය.පළපුරුදු ජීවන්ත කලතුංග සහ කිත්රුවන් ලකුණු 31 බැගින් ලබා ගෙන ලබා දුන් දායකත්වය සමග කදුරට කණ්ඩායම ලකුනු 142 සීමාවට පිවිසි අතර  රුහුණ කණ්ඩායම වෙනුවෙන් දිලරුවන් පෙරේරා ලකුණු 21 ට කඩුලු 3 ක් ලබා ගත්තේය.
පිලිතුරු ඉනිමට පිවිසි රුහුණ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගිහාන් රූපසීංහ ආබාධයකට ගොදුරු වීම ඔවුන්ගේ ගමන් මග අහුරා නැගි විශාල බාධකයක් වූයේ තරග ආරම්භයේදී ම ලකුණු වේගය දැඩිව පහළ බසින්නට වූ බැවිණි.නමුත් ලහිරු තිරිමාන්න (23) සහ සහීඩ් අෆ්රිඩ් (36) නැවත රුහුණ කණ්ඩායම අවශ්‍යය ලකුණු වේගයට කැදවා එන්නට සාර්ථක උත්සාහයක් දරමින් ලකුණු රැස් කළ ද සෙස්සෝ සියල්ලෝම අසාර්ථකත්වයේ පතුලේ ගිලී ගියහ.තන්වීර් ලකුණු 4 ට කඩුලු 3 ක් ද සහීඩ් අජ්මාල් ලකුණු 23 ට කඩුලු 3 ක් ද ලබා කැපී පෙණින.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571364.html
ඉහත දැක්වෙන සබදතාවය තෙරපීමෙන් එම තරගයේ සමස්ත ලකුණු සටහන ට පිවිසෙන්නට හැකියාව ඇත.
www.supirikrida.com

Aug 20, 2012

පැරා ඔලිම්පික් සදහා වැඩිම කාන්තා සහභාගීත්වය මෙවරයි

ව දින නවයකින් ආරම්භ වීමට නියමිත ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලිය සදහා වැඩිම කාන්තා නියෝජනය මෙවර සිදුවනු ඇතැයි ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව සදහන් කරනවා.ක්‍රීඩා ඉසව් 18 ක් සදහා ඒ අනුව සහභාගි වීමට නියමිත ක්‍රීඩිකාවන් පිරිස 1513 ක් බව එම වාර්තා පෙන්වා දෙනවා.මීට පෙර සහභාගි වූ වැඩිම ක්‍රිඩිකාවන් සංඛ්‍යාව ඉකුත් බීජිං ඔලිම්පික් උළෙලේදී දකින්නට ලැබුණු අතර එහිදී 1383 ක් සහභාගි වූවා.
මෙවර සමස්ත තරගාවලියට සහභාගිවනු ඇතැයි අපේකෂා කරන මුළු ක්‍රීජක ප්‍රමාණය ද වාර්තාගත වන අතර එම ප්‍රමාණය 4200 ක්.එම පිරිස තරගාවලියට අදාළ ක්‍රීඩා ඉසව් වෙනුවෙන් රටවල් 166 ක් නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතයි.මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක කණ්ඩායමට ක්‍රීඩකයන්  හයක් සහ ක්‍රීඩිකාවක් ඇතුළත් වෙනවා.මලල ක්‍රීඩා සදහා පස් දෙනෙකු සහ ටෙනිස් ක්‍රීඩකයන් දෙකක් ලෙස එම සංචිතය සමන්විත වෙනවා.
www.supirikrida.com

සචිත්‍ර ගේ විචිත්‍ර දස්කම් ඌව ට ජය කැදවයි

Sachithra Senanayake picked up 3 for 16ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ගේ සුපිරි පන්දු  යැවීම මෙන්ම අවස්ථානුකූලව පිතිකරුවෙකු ලෙස සිය පිත්තෙන් දායකත්වය ලබා දීමට ඇති හැකියාව තුළින් උතුර කණ්ඩායම සහ ඌව කණ්ඩායම අතර පැවති එස්එල්පීඑල් 20 -20 ක්‍රිකට් තරගයේ ජය හිමි කර ගැනීමට ඌව කණ්ඩායමට හැකි විය.සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගත් සචිත්‍ර ලකුණු අවශ්‍යයම මොහොතක පන්දු 6 ක් තුළ ලකුණු 12 ක් ලබමින් තරගය නිම වීමට පන්දු පහකට මෙපිටින් ජයග්‍රහණය තහවුරු කර දීමට සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් උතුර කණ්ඩායමේ ආරම්භය ඉතා ශෝකාකූල ස්වභාවයක් ගත් අතර ලකුණු නොලබා කඩුලු 2 ක් ලෙස පැවති උතුර ලකුණු පූවරුව ඉහළ දැමීමට නායක ජෙහාන් මුබාරක් හුදෙකලා සටනක නිරතවනු දකින්නට ලැබිණ.නමුත් පිතිකරුවෙකු ලෙස අත්දැකීම් ඇති වසර ගණනක් පළමු පෙළ තරගවලදී දස්කම් දැක්වුව ද,ක්‍රිකට් බලධාරීන්ගේ ඇස නොගැටෙන ජානක ගුනරත්නගේ වේගවත් පිතිහරඹයෙන් ලද ලකුණු 30 සමග උතුර කණ්ඩායමට ලකුණු 124 දක්වා සිය ලකුණු පූවරුව ඉහළ දමා ගැනීමට අවකාශ ලැබිණ.
එම ලකුණු ප්‍රමාණය හඹා යාමට පැමිණි ප්‍රතිවාදීන්ට එම ඉලක්කය අපහසු එකක් බවට පත් කළ,උතුර ක්‍රීඩකයෝ ලකුණු ලබා ගැනීම වළකමින් පන්දු යවමින් සහ පන්දු රකිමින් ද කඩුලු දවා ගනිමින් ද ප්‍රබල සටනක් දියත් කරන්නට වූහ.විශේෂයෙන් මාතර ශාන්ත තෝමස් විද්‍යලයෙන් බිහි වූ වර්ථමානයේ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන මධුශංක ඒකනායක තර්ජනාත්මක පන්දු යැවීමක නියැලෙමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 13 ට කඩුල්ලක් දවා ගනිමින් නිම කිරීමට සමත් විය.නමුත් තවත් ප්‍රබල පිතිකරුවෙකු ලෙස මෙම තරගාවලිය හරහා ක්‍රිකට් ලෝකයටම කියා පාමින් සිටින ඩිල්ෂාන් මුණවීර මෙම තරගයේදී ද ඌව කණ්ඩායමට හොද ආරම්භයක් ලබා දෙමින් පන්දු 25 ක් තුළ ලකුණු 36 ක් රැස් කරන්නට සමත් විය.එම තරගයේ ලකුණු පූවරුව මේ සමග දැක්වෙයි
.http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571363.html
ඒ අතර බස්නාහිර සහ වයඹ අතර පැවති තරගයේ දී බස්නාහිර කණ්ඩායමේ සංයුතිය පිළිබදව යළිත් සැක උපදවමින් වයඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක විශාල පරාජයකට මුහුණ දුන්නේය.එම කණ්ඩායම තරගාවලිය පුරාම නායක ඩිල්ෂාන් මත පමණක් යැපෙන බවක් පෙන්වන අතර නමුත් වයඹ තරගයේදී කල් ඇතිව ඩිල්ෂාන් (09) දැවී යාමත් සමග හඹා ගිය ලකුණු 165 ක ඉලක්කය ක්‍රමයෙන් සිහිනයක් බවට පත් ව බොදව ගියේය.
වයඹ ඉණිම ඇරඹුම ප්‍රවේගකාරී වුව ද දග පන්දු යවන්නන් කැදවීමත් සමග තරගය පාලනය කර ගැනීමට බස්නාහිරට හැකියව ලැබිණ.ඊට පුරෝගාමී වෙමින් සචිත්‍ර සේනානායක තමීම් ඉක්බාල් ඉවත් කරමින් ඒ සදහා මග විවර කර දුන්නද නැවත ඔහු දෙස බැලීම ඩිල්ෂාන් විසින් අමතක කර දැමීම නිසා සචිත්‍රගේ පන්දු යැවිම එක පන්දු ඕවරයකින් නිමා විය.ඒ අනුව ඩිල්ෂාන් පන්දු යවන්නන් මෙහෙයවීමේ දී තමාට පන්දු යැවීමෙන් කළ හැකි දේ පිලීබදව පවා එතරම් විශ්වාසයකින් කටයුතු කරන බවක් නොපෙන්වන අතර ඔහුගේ පන්දු යැවීමද එක පන්දු ඕවරයකට ලකුණු 7 යි කඩුලු 1 යි ලෙස කියැවිණ.කෙසේ නමුත් පන්දු යැවීමේ බස්නාහිර පීඩනයට එරෙහිව කම්රාන් අක්මාල් තරගාවලිය පුරා දක්වන දස්කම් මේ තරගයේදී ත් දියත් කළ අතර ඔහු ලකුණු 65 ක් එක් කළේ පන්දු 46 කින් ය.
පිළිතුරු ඉණිමට පිවිසි බස්නාහිර වෙනුවෙන් ලකුනු 20 සීමාවට පිවිසි එකම ක්‍රීඩකයා වූ රයිලි රොසොව් පමණක් ලකුණු 20 ක් රැස් කළ අතර සෙසු ක්‍රීඩකයන්ගෙන් කිසිදු සහයක් නොලැබිණ.පන්දු යැවිමෙන් කැපි පෙණුන කෞෂාල්‍ය වීරරත්න ලකුණු 11  කඩුලු 3 ක් දවා ගත් අතර මෙම තරගයේදී ද විශිෂ්ඨ දස්කම් දැක් වූ පානදුර මහානාම විද්‍යාලයේ 19 වැනි වියට ආසන්න දකුණත් දග පන්දු යවන්නා අකිල ධනංජය,සිය පන්දු මිශ්‍රණයෙන් ප්‍රතිවාදින් ට තර්ජනයක් එල්ල කරන අයුරු මෙහිදී ද අපූරුවට පැහැදිළි කළේය.ලකුණු 15 ට කඩුලු 2 ක් දවා ගත් අකිල,ශ්‍රී ලංකා නායක මහේල ගේ වයඹ කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව බවට පත් වී තිබෙන අතර ඇතැම් විට මේ තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානයට ද එක් වීමට ඉඩ ඇත.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571362.html
www.supirikrida.com

නෝර්ලංකා ක්‍රිකට් සූරතාවය ' ද ලෙජන්ට්ස්' දිනා ගනියි

'ද ලෙජන්ට්ස්'
'නෝ වොරියර්ස්'
සීමාසහිත නෝර්ලංකා මනුෆැක්චරින්ග් ආයතනය දෙවන වරට සිය සේවක කණ්ඩායම් අතර        පවත්වන්නට යෙදුණු, කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වූ සත් සාමාජිකක්‍රිකට් තරගාවලියේ සූරතාවය කණ්ඩායම් 18 ක් අභිබවමින් රුමේෂ් ද සිල්වා නායකත්වය දැරූ 'ද ලෙජන්ට්ස්' කණ්ඩායම විසින් දිනා ගන්නට යෙදුණා.අනුසුරතාවය හිමිවූයේ ඉකුත් තරගාවලියේ සූරතාවය දිනූ ජූඩ් ශානක මෙහෙය වූ 'නෝර් වොරියර්ස්' කණ්ඩායමටයි.


නෝර්ලංකා මනුෆැක්චරින්ග්  ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජෙරල්ඩ් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවති ,කණ්ඩායමකට ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුළත් වන ආකාරයෙන් සංචිතය සෑදුනු මෙම තරගාවලියේ ‍වීරයා ලෙස ජූඩ් ශානක කුසලාන දිනා ගත් අතර දක්ෂතම පිතිකරුවා වූයේ රුමේෂ් ද සිල්වා යි.හොදම පන්දු යවන්නා ලෙස නොර් වොරියර්ස් කණ්ඩායමේ ඉන්දික ජයසේකර කුසලාන දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව වූයේ නෝර් වොරියර්ස් කණ්ඩායමේ සුමුදු නිමේෂානි යි.
ඡායාරුපවලින්  දැක්වෙන්නේ ජයග්‍රාහී 'ද ලෙජන්ට්ස්' කණ්ඩායම සහ අනු සූරතාවය දිනූ 'නෝ වොරියර්ස්' කණ්ඩායම්ය.
www.supirikrida.com

Aug 19, 2012

ජයසූරිය ජයසූරියට පරාජය වුණත් සමරවීර ගේ පිහිටෙන් කදුරට දිණුම්

Thilan Samaraweera on way to his highest T20 score of 71නත් ජයසූරිය ද නියෝජනය කරන කදුරට කණ්ඩායම තිලාන් සමරවීරගේ පිතිහරඹයත් ෂොහේල් තන්වීර් ගේ පන්දු යැවීමත් ඉදිරියේ ජයග්‍රහණය කළ ද,සනත් ජයසූරිය යළිත් ඔහුටම පරාජය වෙමින් තමන් ගේ ඉතිහාසයටම සරදම් කරන තත්ත්වයට පත්විය.කලෙකට පෙර මහත් අභිමානයෙන් අපේ වචන තුළ මතුවුණු සනත් මේ වන විට නිවැරදිව පන්දුව දැකීම සහ කාල ගණනය කිරීමට ඇති අපහසුතාවය පිළිබදව අනවබෝධයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට යාමෙන් සිය ඉතිහාසය විසින් ලබා දුන් ප්‍රශස්ත තත්ත්වයන් ක්‍රමාණුකුලව හිස් කර ගනිමින් අපකීර්තිමත් චරිතයක් බවට පත් වෙමින් සිටීම ඛේදයකි.
රාජ්‍ය දේශපාලනයට ද සම්බන්ධ චරිතයක් නිසා රජය ද අපහසුවට පත් කරන සුළු සනත් ගේ මේ ක්‍රියා කළාපයෙන් ඔහුට යම් කිසි මුදලක් ලැබෙනු විනා,මුදලට ගත නොහැකි රජයේ සහ තමන්ගේ කීර්තියට වන හානිය තේරුම් නොගැනීම ඔහු මහජන නියෝජිතයෙකු වුව ද අසරණ අදේශපාලනික චරිතයක් බව පැහැදිලි කරන්නේය.දේශපාලන ගෞරවය සහ කීර්තිය කියන දේ අලෙවි කිරීමට නොව රැක ගැනීමට තිබෙන දෙයක් යැයි අවබෝධ කර ගැනීමට තරම් වැඩුණු දේශපාලනික ඥාණයක් නොමැති ජයසූරිය,මේ වන විට සිය උපයාගත් ගෞරවයේ සහ කීර්තියේ ගිණුම හිස් කරමින් එයට මුදල් පුරවන්නෙකු පමණක් බවට පත්විම ලාකේය ක්‍රිකට් ඉතිහාසයේ වීරයාගේ චරිතය නිරුපනය කිරීම සම්බන්ධයෙන් අනාගතයට ගත හැකි තිබූ ආදර්ශය ක්‍රිකට් වලට අහිමි කිීමක් වීම විශාල ඛේදවාචකයකි.
එසේම මහජන නියෝජිතයෙක් ලෙස ද රටේ ක්‍රීඩාවේ අනාගතට දායකත්වයක් දැක්විය යුතු අයෙකු ලෙස මීට පෙර තරගවල යම් තරමක ප්‍රගතියක් පෙන් වූ ආරම්භක පිතිකරු කිත්රුවන් විතානගේ වැනි ක්‍රීඩකයෙක් පසු පෙළට ඇද දමා මුලින් පැමිණ හබල් ගසන්නෙකු ලෙස හැසිරී දැවී යාමෙන් එම ක්‍රීඩකයාට කරන ලද අපරාධයද සුළු කොට තැකිය නොහැකිය.ඒ නිසා ජයසූරියට තමන් ගේ උපයා ගත් සමාජ ආකර්ශනයට වඩා කෙසේ හෝ මුදල් ඉපයීමම පළමු කොට සිතිය යුතුද යන්න දරුවන් සිටින පියෙකු හැටියට දිය යුතු ආදර්ශයද යන්න ඔහුම සිතා බැලිය යුතුය.මාව ඉල්ලනවා යන්න ක්‍රීඩා කිරීමට හේතුවක් ලෙස දැක්වීමට යාමෙන් පලක් නැත.එය දේශපාලනික බලපරාක්‍රමය විසින් දෙන දානයක් මිස පසුගිය කාලයේ තමා ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ දුර්වල ආකාරය අනුව දක්ෂතාවයන්ට කරන ඇරයුමක් විය නොහැකි බව තේරුම් ගැනිමට ඔහුට හැකියාවක් තිබිය යුතු අතර අඩුම තරමේ ක්‍රිකට් බලන සියල්ලෝම අන්ධයන් නොවන බව හෝ තේරුම් ගැනීමට හැකි බුද්ධියක් හෝ ඔහුට තිබෙන බව අප විශ්වාස කරන බැවින් ලැබෙන ගණන සාක්කුවේ දමා ගෙන ඉදිරි තරග වලදි හෝ ක්‍රීඩාවට සහ සිය කණ්ඩායමටත් මේ රටේ අනාගතයට වටින ක්‍රීඩකයන්ටත් සේවය කිරීම වෙනුවෙන් කැපවීමට ඔහු බංකුවේ රැදී සිටීමේ තීරණයට එළැඹෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
අපි ඔබ වයසට ගියත් ශක්තිවන්ත බව විශ්වාස කරන අතර එහෙත් ශක්තිය සහ වේගය යනු විෂයන් දෙකක් බව ඔබ නොතේරුම් ගන්නේනම් කණගාටුවට කරුණකි.ඔබේ ප්‍රතික්‍රියා වේගය පිළිබදව අපට පෙනෙන දේ ඹබට නොපෙනීම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවක් බවට පත් වෙමින් තිබීම විශාල ඛේදවාචකයක් බව අපි නැවතත් නැවතත් අවධාරණය කරන්නේ එබැවින්ය.
කෙසේ හෝ උතුර සහ කදුරා තරගයේ පළමුව පන්දුවට පහර දුන් කදුරට වෙනුවෙන් තිලාන් සමරවීර ගේ පිහිටෙන් ආරම්භක කඩුල්ලට ලකුණු 50 ක් එක් කිරීමට දැයක වූ සනත් ජයසූරිය ලකුණු 5 ට දැවී ගියේ පන්දු 10 ක් වැය කරමින්ය.සමරවීර හුදෙකලා සටනක නියැලෙමින් ලකුණු 71 ක් ලැබූ අතර ජීවන්ත කුලතුංග (31) සහ අවසාන මොහොතේ ප්‍රවේගකාරී ප්‍රහාරයක නිරත කෞෂාල් ලොකුආරච්චි (21) දැක් වූ දායකත්වය හේතුවෙන් කදුරට ඉණිම ලකුණු 168 දක්වා දීර්ඝ විය.
උතුර කණ්ඩායමේ පිළිතුරු ඉණිමේදී සෙහෙල් තන්වීර් ගේ පන්දු යැවිම ඉදරියේ ආරම්භයේම කඩා වැටීමක් දකින්නට ලැබුණු අතර යළි එය නවතාලිමට හැකි ශක්තියක් ප්‍රදර්ශනය නොවිණි.කිසිවෙකුට ලකුණු 20 සීමාවට පැමිණීමට නොහැකි වූ අතර සියළු දෙනා ලකුණු 105 ට දැවී ගියේය.තන්වීර් ලකුණු 32 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට මේ සබදතාවය හරහා පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571361.html

www.supirikrida.com