Jan 18, 2013

ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පළමු සංවත්සර සැමරුමට මලල ක්‍රීඩා ග්‍රොන් ප්‍රී

න්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පළමු සංවත්සරය සැමරීමට එළැඹෙන ජූලි 27 දා ලන්ඩන් ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා සූරතාවලිය පැවත්වීමට තීරණය කර ඇත.මේ වන විටත් 2016 දී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලිය පැවත්වීමට මෙන්ම 2017 දී ජගත් පැරා මලල ක්‍රීඩා සූරතාවලිය පැවත්වීමට ද යෝජිතය.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ගෞරවණීය අවස්ථාවක් ලෙස සළකා මෙම ක්‍රීඩාංගණයේ ජූලි 27 දා පවත්වන සංවත්සර තරගාවලිය ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා සූරතාවලියේ අදියරක් ලෙස පැවත්වීම එකග වී ඇත.
එසේම එලිසබෙත් රාජිණියගේ නම ඇති ඔලිම්පික් උද්‍යානයේ නැගෙනහිර කොටසේ  ඔලිම්පික් සමාරම්භක උලෙලේ චමත්කාරය සිහියට නංවමින් මහජනතාව වෙනුවෙන් විශේෂ සංදර්ශනයක් පැවත්වීමට ද තීරණය වී ඇත.
www.supirikrida.com

ක්‍රීඩාංගණ දියුනුවට ලක්ෂ 20 ට අඩු ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 369 ක් වැය කරයි

ක්‍රීඩා අමාත්‍යංශය විසින් පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධනයට අදාළ ව්‍යාපෘති හරහා කුඩා පරිමාණයේ ක්‍රීඩාංගණ වල ක්‍රීඩා කිරීමට අවශ්‍යය මූලික පහසුකම් ස්ථාපිත කිරීම සදහා මෙන්ම ක්‍රීඩා කළ නොහැකි ක්‍රීඩාංගණ ක්‍රීඩා කළ හැකි මට්ටමට ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 20 ට අඩු ව්‍යාපෘති යටතේ ක්‍රීඩාංගණ සංවර්ධනයට රුපියල් මිලියන 369 ක් වැය කර ඇත.2012 වර්ෂයේ දී මෙතරම් මුදලක් වැය කරමින් එම ක්‍රීඩා පිටි සංවර්ධනයට අවධානය යොමු කිරීම පිළිබදව කරුණු පැහැදිළි කරන ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩා පහසුකම් ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමේ සංකල්පය අනුව,මෙරට ක්‍රීඩා සංස් කෘතියක් නිර්මාණය කිරීමේදී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට විශේෂ තැනක් ගබා දීම සදහා මෙම ව්‍යාපෘතියේ අරමුණ බව අනාවරණය කරයි.
www.supirikrida.com

ඕස්ට්‍රේලියානු පොඩ්ඩන්ටත් වඩා ලොක්කන්ගේ පිතිකරණය දුබල වෙති

Nuwan Kulasekara was named Man of the Match for his five-wicket haulබ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගණයේ දී පැවති ‍ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තෙවන එක්දින තරගයේදී පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ජ්‍යෙෂ්ඨයන් යොදවා ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල කිරීමට ඕස්ට්‍රේලියාව ගත් උත්සාහය ව්‍යර්ත වූයේ ඕසට්‍රේලියානු කණ්ඩායමේ සියළු දෙනාම ලකුණු 74 ට දැවී යාමෙන්ය.කාසියේ වාසිය ලැබූ ඕසට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තබමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර,ලකුණු 22 ට කඩුලු 5 ක් දවා ගනිමින් ඕසට්‍රේලියාව අන්ත අසරණ තත්ත්වයට ඇද දැමීය.කුලසේකර කලක් ලොව එක්දින පන්දු යවන්නන් අතර අංක එකට සිටි අතර ඒ බව යළිත් සනාත කළ කුලසේකර, සිය මදවේග පන්දුවෙන් වරක් කඩුලු ත්‍රිත්ව අවස්ථාවට ද සමීප වූ අතර අවස්ථා දෙකකදීම එකම ඕවරයේ කඩුලු දෙක බැගින් ලබා ගනිමින් තරගය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට අවශ්‍යය කාර්යය නිවැරදිව ඉටු කළේය.
ඕස්ට්‍රේලියාවේ නම ගිය පිතිකරුවන් සි්‍යව දෙනාම ඉතා ඉක්මණින් ක්‍රීඩාගාරයට හරවා යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ලසිත් මාලිංග ට ලකුණු 14 ට කඩුලු 3 ක් හිමි වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10 ට කඩුලු 1 ක් සහ සමින්ද එරංග ලකුණු 14 ට කඩුලු 1 ක් දවා ගැනීමට සමත් වූහ.ඕස්ට්‍රේලියාවේ නමගිය කිසිදු පිතිකරුවෙකුට සිය නම ඉදිරියේ ඉලක්කම් දෙකක ලකුණු සංඛ්‍යාවක් සටහන් කර ගැනීමට අවස්ථාව නෙලැබි අතර තරගයේ හොදම කඩුලු සබදතාවය ලෙස මිචෙල් ස්ට්‍රැක් සහ ඩොරති ක්ෂේවියර් අවසන් කඩුල්ලට ලකුණු 30 ක් එක් කර ගත්තේය.එම දෙදෙනාගේ නම ඉදිරියේ පමණක් ඉලක්කම් දෙකේ ලකුණු සටහන් වූ අතර ස්ට්‍රැක් ලකුණු 22 ක් නොදැවී ලබා ගත් අතර ඩොරති ලකුණු 15 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉණිමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹීමට උපුල් තරංග ගේ ස්ථානය නායක මහේල ජයවර්ධන බාර ගෙන තිබිණ.නමුත් ප්‍රතිපලය වූයේ මහේල ද එම ස්ථානයේ තරංග මෙන්ම අසාර්ථක වීමය.මහේල එක ලකුණකට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් විය.නමුත් ලකුණු 33 දී පිට පිටම කඩුලු දෙකක් දැවී ගොස් ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 33 ක් වූ අතර මේ අවස්ථාවේදී කුසල් ජනිත් තමන්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වීම සම්පූර්ණයෙන් නිවැරදි ක්‍රියාවක් බවට සනාත කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැගෙන යමින් නොදැවී ලකුණු 22 ක් එක් කළේය.කුසල් සහ ජනිත්ට අමතරව පසු පෙළට පැමිණි තරංග පමණක් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසෙමින් ලකුණු 12 ක් රැස් කළ ද ඔහු ද දැවී ගිය අතර ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කයට පිවිසෙන විට කඩුලු 6 ක් අහිමි කර ගත්තේ,ප්‍රිස්බේන් තණතිල්ල පිලිබදව ද යම් කුකුසක් ඇති කරමින්ය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගය සිය වාසියට හරවා ගැනීමට උත්සාහ කළ පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රධාන භූමිකාව බවට පත් වූ මිචෙල් ජොන්සන් ලකුණු 11 ට කඩුලු 3 ක් ලබා ගත් අතර මිචෙල් ස්ට්‍රැක් ලකුණු 25 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573016.html
www.supirikrida.com

ජනමාධ්‍යයෙන් කරන හෙළිදරව් ප්‍රමාණවත් නැහැ - ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් * මාධ්‍ය තොරතොරු පිළිබදව නිරන්තරයෙන් සොයා බලනවා - මාධ්‍ය ලේකම්

ක්‍රීඩා අමාත්‍යවරයා ජනමාධ්‍යය හරහා කරන හෙළිදරව් ගැන නිතර හොයා බලන බව ප්‍රකාශ කරන අතර මෑත දී අන්තර් පළාත් ක්‍රිකට් තරග සදහා ක්‍රීඩකයන් නම් කිරීමේදී එම තත්ත්වය නිවැරදි කිරීමට ද අමාත්‍යවරයා විසින් පාදක කර ගත්තේ ජනමාධ්‍යය ඔස්සේ වාර්තා වූ තොරතොරුය.
නමුත් බේස්බෝල් සංගමය සිය ජාතික තරගාවලියේම දිගුවක් ලෙස ලීග් තරගාවලිය පැවත්වීම සදහා කණ්ඩායම් අටක් ජාතික තරගාවලියේ උපරිම දක්ෂතා මත තෝරා ගෙන කටයුතු කරන අතර,එහිදී ලීග් තරගාවලියට ජාතික තරගාවලියට සහභාගි වූ පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට හැකියාව ලැබෙන පරිදි බේස්බෝල් සංගමයේ නිලධාරීන්ම බේස්බෝල්  ක්‍රීඩා සමාජ වලින් ලිපියක් අත්සන් ලබා ගැනීම අප විසින් ඉදිරිපත් කළ ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටින්නේ ජනමාධ්‍යයෙන් කරන කරුණු මත පදනම්ව පමණක් එවැනි දේ සොයා බැලිය නෙහැකි බවය.ඇය ඒ පිළිබදව නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේරත්නයන් දැනුවත් කිරීමෙන් පසුව ඔහු විසින් ලබා දුන් පිළිතුරට අනුව එසේ කරුණු දැක් වූ අතර නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේරත්නයන්ද එම කරුණුම සනාත කළේය.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන්ගෙන් අප කළ කරුණු විමසීමක දී දැන ගන්නට ලැබුණේ ක්‍රීඩා අමාත්‍යවරයා ජනමාධ්‍ය මගින් කරන හෙළිදරව් පිලිබදව සොයා බලන බවය.අසාධාරණයක්, දූෂණයක් හෝ වෙන කුමන හෝ තත්ත්වයක් සම්බන්ධයෙන් හෝ ජනමාධය විසින් කරන අනාවරණ ඒ පිළිබදව සොයා බැලීම සදහා අමාත්‍යවරයා ප්‍රමාණාත්මක සාක්ෂි ලෙස ගනු ලබන බව ද මාධ්‍ය ලේකම්වරයා විසින් පෙන්වා දුන්නේය.අදාළ නිලධාරීන් දෙදෙනාගේ අදහස් සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් මාධ්‍ය ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බව ප්‍රකාශ කළ අතර එය මාධ්‍ය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මතය නොවන බව පැවසීය.
ඇතැම් අවස්ථාවලදී බලයේ සිටින පරිපාලනයක් සමග ගැටුම් ඇති කර ගැනීම,ක්‍රීඩා සමාජවලට මෙන්ම එම ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන්ටද අසාධාරණකම් වලට ලක්වීමට හේතු විය හැකි බවත්,බේස්බෝල් සංගමය සදාචාරසම්පන්න නොවන ක්‍රියාවලියකට ක්‍රීඩා සමාජ පොළඹවමින් සිටින තත්ත්වයක් තුළ එය යහපාලනයක් ඇති කණ්ඩායමක් ලෙස සිතීම වඩාත් දුෂ්කර තත්ත්වයක් තුළ ක්‍රීඩා සමාජවලට හෝ ක්‍රීඩකයන්ට ඊට විරුද්ධ වීමට හැකියාවක් නැති බව ද මාධ්‍ය ලේකම්වරයා වෙත පෙන්වා දුන් අතර මෙම තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමට ඔහු විසින් කඩිනම් පියවර ගනු ලබන බව ද ප්‍රකාශ කළේය
මෙම ලිපියට අත්සන් ලබා ගනිමින් කටයුතු කරන්නේ එක් ක්‍රීඩා සමාජයක් නියෝජනය කරන නිලධාරියෙකුගේ අවශ්‍යතාවය පරිදි බවත් ඔහු එම ලිපිය අත්සන් ලබා ගැනීම හැර එය අත්සන් තබන ක්‍රීඩා සමාජ වලට එහි පිටපතක් හෝ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ද දැන ගන්නට ඇත.
එක් තරගාවලියක් පාදක කර ගනිමින් පැවත්වෙන තවත් තරගාවලියක් ගණන් ගැනෙන්නේ එම තරගාවලියේම දිගුවක් ලෙස  වන අතර  එහිදී එම තරගාවලිය කුමන හෝ කණ්ඩායමක් නියෝජනය කළ ක්‍රීඩකයෙකු පසුව වෙනත් ක්‍රීඩා සමාජයකින් තරග වදින්නේ නම් එහි අවසාන අර්ථය වන්නේ,එක් තරගාවලියක් තුළ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා සමාජ දෙකක් නියෝජනය කිරීමට අවස්ථාව හිමි වීමය.මෙවැනි අවස්ථාවන් වැළක්විමට අදාළ පරිපාලනය කටයුතු කළ වුවත්,මෙහිදී පරිපාලනයම එම කාරණය සදහා කණ්ඩායම් පෙළඹවීම කණගාටුදායක තත්ත්වයක්ය.
මෙහිදී තවත් ආකාරයකින් ජාතික තරගාවලියේදී ලීග් තරගාවලිය සදහා කණ්ඩායම් ගෙන ඒමට දායක වූ ක්‍රීඩකයන්ට තම කැපවීම පාදක කර ගෙන පෙරට ආ කණ්ඩායමට ක්‍රීඩා කිරීම ලීග් තරගාවලියේදී අහිමි වන අතර එසේම පරාජිත කණ්ඩායම් තව දුරටත් තමන් සතුව සිටින සීමිත දක්ෂයන් අහිමිවීම තුළ තව දුරටත් අසරණ තත්ත්වයට පත් වේ.පරිපාලනයක් විසින් මෙම කරුණු දෙකම සිදු නොකළ යුතුය.
ජනමාධ්‍ය භාවිතය ඉක්මවා යමින් බේස්බෝල් ක්‍රීඩාවේ පුනරුදය පිණිස ඇතැම් විටෙක පුහුණුවීමට ස්ථානයක් නොතිබි මොහොතක, ජාතික කණ්ඩායමට පුහුණුවීම සදහා ක්‍රීඩා පිටි සොයා දෙමින් මෙන්ම ඇතැම් දක්ෂයන් විදේශවල සිට ගෙන්වා ඔවුන්ගේ වියදමෙන් ජාතික කණ්ඩායමට සහ කණිෂ්ඨ කණ්ඩායමට පුහුණුසැසි පැවත්වීමට ද දායක වූ අයෙකු ලෙස මෙම සටහන තබන්නා එවැනි උපකාර හරහා ක්‍රීඩාවේ ප්‍රබෝධයක් බලාපොරොත්තු වුව ද,මේ වනවිට ක්‍රීඩාව ජාතික වශයෙන් නැංවීමට වඩා නිලධාරියෙකුගේ උවමනාව මත හැසිරෙන සමස්ත පරිපාලනයම එම නිලධාරියා සම්බන්ධ ක්‍රීඩා සමාජවල අභිවෘද්ධිය පිණිස ජාතික න්‍යාය පත්‍රය හකුලා ගැනීම ඛේදණීය තත්ත්වයක් වී ඇත.
ඒ නිසා නැවතත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පැවසූ ආකාරයට මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු පරිපාලනයේ අවධානය යෙමුවනු ඇතැයි අපේකෂා කෙරේ.
www.supirikrida.com

මේ වසරේ නිලවරණයෙන් පත් වන අයට වසර දෙකක් - මාධ්‍යයට ක්‍රීඩා පරිපාලනයට වැට

ජාතික ක්‍රීඩා සංගම්වල නිල කාලය වසර දෙක දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණය මෙම වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ජනමාධ්‍යයට සම්බන්ධ කිසිම තනතුරක් දැරීම ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට නුසුදුසු කමක් ලෙස ද නම් කිරීමට තීරණය කර ඇත.ඒ අනුව මෙම මාර්තු 31 දා ට ප්‍රථම සියළුම ජාතික සංගම් මේ වසරට අදාළව නිලවරණ පැවත්විය යුතු අතර එහිදී පත්වන ක්‍රීඩා සංගම් සදහා වසර දෙකක නිල කාලයක් හිමි වෙනු ඇති අතර එම නිලවරණවලට ජනමාධ්‍ය සම්බන්ධතා ඇති කිසිදු අයෙකුට ඉදිරිපත් වීමට ද අවසර නැත.
මේ දක්වා ජාතික ක්‍රීඩා පරාපලනයකට වැඩ කිරීමට ලැබුණේ වසරක කාලයක් පමණක් වූ අතර එම කාලය ඇතැම් විට සැළසුම් සැකසීමට හෝ නව පරිපාලනයනට ප්‍රමාණවත් නොවන බවට කරුණු ඉදිරිපත් වූ අතර එම කරුණු සැළකිල්ලට ගෙන ක්‍රීඩා අමාත්‍යවරයා විසින්  ක්‍රීඩා පණතේ කරන්නට යෙදුණ සංශෝධන මගින් මෙම මෙම තත්ත්වය ඇති කර ඇත.මේ අතර ජනමාධ්‍යයට ක්‍රීඩාව හා සක්‍රීයව දායක වූ පිරිස් ක්‍රීඩා මාධ්‍යය හැසිරවීමට සම්බන්ධ නොවීම නිසා ක්‍රීඩාවේ ශිල්පීය දුර්වලතා සහ තාක්ෂණික ගැටළු පිළිබදව නිවැරදි විචාරයන් අඩුවෙන් සිදුවන තත්ත්වයක් තුළ ක්‍රීඩා මාධ්‍යවේදීන් ලෙස ක්‍රීඩාවේ නියැලි අය මාධ්‍යයට පිවිසීමෙන් මින් අනතුරුව එම දැණුමෙන් ක්‍රීඩාවේ පරිපාලනයට සේවය කිරීමට ඇති අවස්ථාව ජනමාධ්‍යය සම්බන්ධයෙන් ගත් තීරණ වලදී එතරම් කාලෝචිත දෙයක් ලෙස සැළකිය නොහැකි බව සුපිරික්‍රීඩා අදහස වේ.
ඇතැම් විට හැකියාවන් බහුල පුද්ගලයෙකුට ක්‍රීඩාවට සේවය කිරීම පිණිස විවිධ වූ තත්ත්වයන් තුළ ලැබෙන අවස්ථාවක් මෙම සංශෝධනය හරහා නොලැබී යා හැකි අතර ක්‍රීඩා මාධ්‍ය කෙරෙහි ක්‍රීඩාවේ ප්‍රායෝගිකව නියැලෙනන්ගේ අවධානය යොමු නොවීම නිසා ක්‍රීඩා විචාරයේදී තව දුරටත් ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග වල සහ තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් කරනු ලබන ධනාත්මක විවරණයන් හී අඩු - පාඩු ඇති විය හැකිය.
www.supirikrida.com

දැයට කිරුළ වොලිබෝල් ජාතික මට්ටමේ තරග රුවන්වැල්ලට

දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් ජාතික වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමය එකව සංවිධානය කරන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ජනවාරි 19 දා සහ 20 දා රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලිය ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.පාසල් මට්ටමෙන් සහ විවෘත තරග අංහයෙන් පළාත් තරග වලදී සූරතාවය සහ නු දූරතාවය දිනූ කණ්ඩායම් ජාතික මට්ටමේ තරග සදහා සුදුසුකම් ලබා ඇති අතර එම කණ්ඩායම් අතරින් රුවන්වැල්ලේදී තරග වදින කණ්ඩායම් අතරින් අවසන් තරග සදහා සුදුසුකම් ලබන කණ්ඩායම් දැයට කිරුළ ප්‍රදර්ශනය පැවත්වෙන අම්පාරේ දී තරග වැදීමට නියමිතය.
ජාතික මට්ටමේ තරග ආරම්භ කරමින් 19 දා රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ පැවත්වෙන සමාරම්භයට ප්‍රධාන ආරාධතයා ලෙස දැයට කිරුළ ජාතික ප්‍රදර්ශණ කමිටුවේ සභාපති සහ විදුලි සංදේශ සහ තොරතොරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා එක් වීමට නියමිතය.
www.supirikrida.com

අවසන් 13 ට මිචෙල්ලා ඇතුළත් වෙති


Mitchell Aaron StarcMitchell Guy Johnsonශ්‍රී ලංකා කණ්ඩායම සහ ඒස්ට්‍රේලියාව අතර පැවත්වෙන එක්දින තරගාවලියේ තෙවැන්න අද ඇරඹෙන අතර පළමු තරගයට එක් කළ ඕස්ට්‍රේලියානු නවක ක්‍රීඩකයන් වෙනුවට තෙවන තරගයේ සිට නැවත ජ්‍යෙෂ්ඨයන් කැදවීමට එරට ක්‍රිකට් බලධාරීන් .තීරණය කළ ද,මිචෙල් ස්ට්‍රැක් සහ මිචෙල් ජොන්සන් ආබාධිත තත්ත්වය මත ඔවුන් දෙදෙනා ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව කීව ද,අවසන් 13 දෙනා අතරට එම නම් දෙකම එක් කිරීමට තීරණය වී ඇත.ඒ අනුව අනිවාර්‍යයෙන්ම මෙම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ නිශ්චිතව තරගයට එක් වන බව පැහැදිළි අතර  එම දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ද අවසන් 13 දෙනාට නම් කිරීම හරහා පැහැදිළි වේ.                                                                www.supirikrida.com



ඇන්ජලෝගෙන් එස්එස්සී පිටිය දෙවනත් වන ඉණිමක්

Angelo Perera, player portraitන්තර් පළාත් ක්‍රිට් තරගාවලිය අරඹමින් පැවති බස්නාහිර සහ වයඹ කණ්ඩායම් අතර තරගයේදී ලකුණු 255 ක් හඹා යාමට සිදු වූ වයඹ කණ්ඩයෙමට ඇන්ජලෝ පෙරේරා ක්‍රියාත්මක කළ ප්‍රහාරාත්මක සහ ප්‍රදර්ශණාත්මක පිතිහරඹය නිසා පන්දු ඕවර් 41..5 ත දී ලකුණු 257 ක කඩුලු 5 න් පමණක් දැවී ගබා ගන්නට හැකි විය.මෙවර තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කළ ඇන්ජලෝ එස්එස්සී පිටිය වර්ණවත් කර ලකුණු 100 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 66 ක් තුළදී ය.දර්ශනීය හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත වූ එම ඉණිමේ අවසාන ප්‍රතිපලය ජයග්‍රාහී එකක් බවට පත් කිරීමට මනා දායකත්වයක් දැක් වූ ඉණිමක් ක්‍රීඩා කළ කොසල කුලසේකර ලකුණු 45 ක් ලබා නොදැවී සිටියේ පන්දු 64 ට මුහුණ දෙමින්ය.
ඇන්ජලෝ 19 වන ඕවරයේදී පිටියට පිවිසෙන විට ලකුණු 99 ක් තුළ කඩුලු 4 ක් වයඹ කණ්ඩායමට අහිමි වී තිබුනු අතර ලකුණු 108 දී පස්වන කඩුල්ල ද සිය කණ්ඩායමට අහිමි විය.එතැන් සිට ඇන්ජලෝ සහ කුලසේකර අතර නොබිදි ලකුණු 149 ක සබදතාවයක් ක්‍රියාත්මක වූයේ හරියටම පන්ු ඕවර 22 ක් තුළ ය.
තරගයේ කාසියේ වාසිය ලැබූ වයඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බස්නාහිර කණ්ඩායමට ආරාධනා කළ අතර එම කණ්ඩායම වෙනුවෙන් ඉණිම ඇරඹූ තිලකරත්න ඩිල්ෂාන් ගේ සහෝදරයා වන ටීඑම් සම්පත් සහ මහේල උඩවත්ත පන්දු ඕවර් 18.5 ක් තුළ ලකුණු 91 ක් ලබා ගනිමින් බස්නාහිර ලකුණු පූවරුව දැවැන්ත ඉලක්කයට ගෙන යාමට අවශ්‍යය අඩිතාලම දැමීය.උඩවත්ත ලකුණු 63 ක් සහ සම්පත් ලකුණු 49 ක් ලැබූ අතර නමුත් අනතුරුව පැමිණි පතිකරුවනට එම යහපත් තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නොලැබිණ.චතුර රන්දුණු සිය වමත් දග පන්දුවේ හැකියාවෙන් ලකුණු 52 ට කඩුලු 4 ක් දවා ගත්තේ පන්දු ඕවර් 50 තුළ කඩුලු 8 ට ලකුණු ලකුණු 255 ක් ලබා ගනිමින්ය.සම්පත් සහ උඩවත්තට අමතරව ඉෂාන් ජයරත්න තරගයේ අවසාන පන්දු ්වර් කිහිපයේදි පන්දු 26 ක් තුළ නොදැවී ලබා ගත් ලකුණු 33 සහ රුමේෂ් බුද්ධික ලැබූ ලකුණු 33 බස්නාහිර පිලේ සෙසු කැපී පෙණුන ඉණිම් අතර විය.
වයඹ ට හයවන කඩුල්ලේ නොබිදි වටිනා සබදතාවයට අමතරව නායක ජෙහාන් මුබාරක් එකතු කළ ලකුණු 51 ද විශාල ශක්තියක් වූ අතර තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකිය.http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600408.html
මේ අතර මුවර්ස් පිටියේ පැවති උතුර සහ නැගෙනහිර එකාබද්ධ කණ්ඩායම සහ ඌව සහ කදුරට ඒකාබද්ධ කණ්ඩායම අතර තරගයේදී උව - කදුරට කණ්ඩායමේ පන්දු යැවීම ඉදිරියේ උතුර - නැගෙනහිර කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි.කාසියේ වාසිය දිනූ ඌව - කදුරට කණ්ඩායම පළමුව පන්දු රැකීමට ගත් තීරණයේ නිවැරදිබව සනාත කළ එම කණ්ඩායමේ අමිල් ප්‍රසාද් ලකුණු 35 ට කඩුලු 5 , දිල්හාර ප්‍රනාන්දු ලකුණු 16 ට කඩුලු 3 සහ සචිත්‍ර සේනානායක ලකුණු 20 ට කඩුලු 2 උතුර - නැගෙනහිර කණ්ඩායම ලකුණු 84 සීමා කරද්දී එම කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකේ ලකුණු ලබා ගැනීමට සමත් වූයේ මයික්ල වැන්ඩොට් (30) ,මිලින්ද සිරිවර්ධන (20) සහ කෞශල්‍ය්‍යය  වීරරත්න පමණි.
එම ලකුණු ප්‍රමාණයට පන්දු ඕවර් 17 ක් තුළ ළගා වූ ඌව - කදුරට කණ්ඩායම ඒ වෙනුවෙන් වැය කළේ කඩුලු 2 ක් පමණි.කෞශාල් සිල්වා නොදැවී ලකුණු 40 ක් එක් කළ අතර නායකතිළිණ කණ්ඩම්බි නොදැවී ලකුණු 25 ක් එක් කළේය.තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600409.html
www.supirikrida.com

Jan 17, 2013

ඔලිම්පික් මුල් පුටුව ආසියාවට ?

Ng Ser Miang 2
රොග් (දකුණ) සහ මියෑන්ග් (වම)
ළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා ජැක් රොග් ඉවත්ව යන අතර,එම තනතුර සදහා ඔහුගේ ද සහය ඇතිව සිංගප්පූරුවේ එන්ග් සෙර් මියෑන්ග් පත් වනු ඇතැයි ජාත්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.විශේෂයෙන්ම වත්මන් උප සභාපතිවරයෙකු වන මියෑන්ග් ට වත්මන් සභාපති ජැක් රොග් ගේ ද සහය හිමි වී තිබීම විශේෂත්වයකි.
හිටපු රුවල් ඔරු සූරයෙකු වන මියෑන්ග් වර්ථමානයේ සිංගප්පූරුවේ ජීවත් වුව ද,1969 දී චීනය නියෝජනය නරමින් ගිණිකොණ ආසියාතික තරග සදහා සහභාගි වී ඇත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකු මෙන්ම පළමු යොවුන් ඔලිම්පික් තරගාවලිය සංවිධානය කිරීමේ දී එහි සංවිධාන කමිටුවේ සභාපතිවරයා වූ මියෑන්ග් 2008 සහ 2012 ඔලිම්පික් තරගවලදී ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් සුවිශේෂි භූමිකාවක් කළ අයෙකි.
සිංගප්පූරු ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාව සිටි  මියෑන්ග් 1994 - 1998 කාල වකවානුව තැළ ජාත්‍යන්තර රුවල් ඔරු සංගමයේ සභාපති ධූරය ද දරා ඇත. පළමු යොවුන් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් සිංගප්පූරු ජාතික දින ප්‍රශංසනීය සේවය සදහා වූ සම්මානයෙන් ඇගයීම් ලද මියෑන්ග් එක්සත් ජනපද ක්‍රීඩා ඇකඩමියෙන් කීර්තිමත් සේවය සදහා ද ඇගයීම් සම්මාන ලබා ඇත.මේ තත්ත්වය නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මුල් බුටුව සදහා සෙස්සන්ට වඩා මියෑන්ග්ට පත් වීමට ඇති ඉඩ - කඩ විශාල බව විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වර්ණපුර,කණ්ඩම්බි,වීරරත්න,චාමර සහ මුබාරක් පළාත් කණ්ඩායම් නායකයන් ලෙස නම් කරති.

න්තර පළාත් කණ්ඩායම් තරගාවලියේ දී පළාත් කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම් මලින්ද වර්ණපුර,තිළිණ කණ්ඩම්බි,කෞශල්‍යය වීරරත්න,චාමර සිල්වා සහ ජෙහාන් මුබාරක් වෙත පිරි නැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධෘරීත්වය තීරණය කර ඇත.ඒ අනුව බස්නාහිර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මලින්ද වර්ණපුර ට හිමි වන අතර එම කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර ඇත්තේ,මහේල උඩවත්ත ය.
තිළිණ කණ්ඩම්බි වෙත කදුරට ඌව කණ්ඩායමේ නායකත්වය පිරිනමා ඇත.එහි උප නායකයා ලෙස කටයුතු කිරීමට දිමුත් කරුණාරත්න තෝරා ගෙන ඇත. උතුර. සහ නැගෙනහිර කණ්ඩායමේ නායකයා ලෙස කෞශල්‍යය වීරරත්න පත් කර ඇති අතර ඔහුගේ උප නායකයා ලෙස දෙදෙනෙකුගේ නම් දකින්නට ලැබෙන අතර ඒ අනුව සම උප නායකත්වයේ වගකීම සමීර සොයිසා සහ මාලිංග බණ්ඩාර වෙත පවරා ඇත.
රුහුණු කණ්ඩායම මෙහෙයවීමට චාමර සිල්වාට පවරා දී ඇත්තේ ඔහුට උප නායකත්වයේ සහයක තනතුර  ඉන්දික ද සේරම්  ට පිරි නමමින්ය.වයඹ කණ්ඩායමේ නායකත්වය ජෙහාන් මුබාරක් වෙත පවරා ඇත්තේ ඔහු ගේ උප නායකයා ලෙස චාමර කපුගෙදර නම් කරමින්ය.

නිලූක ගේ උතසාහය වරදී

මේ බෑන්ක් මැලේසියානු විවෘත ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකා සූර නිලූක කරුණාරත්නට සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට අවස්ථාව නොලැබි අතර,ඔහු ඩෙන්මාර්කයේ හාන්ස් ක්‍රිස්ටියන් විටින්ග්හස් අතින් පරාජයට පත් විය.ජගත් ශ්‍රේණිගත කිරීම් හී 18 වන ස්ථානයේ පසුවන හාන්ස් සහ නිලූක අතර තරගය විනාඩි 31 ට සීමා විය.
ප්‍රථම තරග වටයේ දී හාන්ස් දැඩිව ආක්‍රමණයට පිවිසෙමින් ලකුණු 21 - 9 ක් ලෙස ප්‍රථම වටයේ ජය හිමි කර ගැනීමට සමත්වීමේ වාසිය දෙවන වටයේදී තරගයට ප්‍රවේශ වීමට උත්සාහ දැරූ නිලූකට දැඩි බාධාවක් වූ අතර හාන්ස් දැඩි මානසික විශ්වාසයකින් දිගින් දිගටම කටයුතු කරමින් දෙවන වටය ද ලකුණු 21 -14 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
www.supirikrida.com

ඕස්ට්‍රේලියාව පොඩි ඔවුන් කඩේ යැවීම නවතයි - ක්ලාක්ලා නැවත කැදවයි

A serious Michael Clarke looks onදෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව වෙතින් කඩුලු 8 ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් ඉනික්බිතිව ඕස්ට්‍රේලියාව සිය එක්දින කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීමට තීරණය කර ඇත.ඒ අනුව තෙවන එක්දින තරගයේදි නැවතත් නායකත්වය සමගින් කණ්ඩායමට පැමිණිමට මයිකල් ක්ලාක් ට සිදු වී ඇති අතර එසේම ටෙස්ට් තරගාවලියේදී ත් ප්‍රවේගකාරී පිතිකරණයක් දියත් කළ ඩේවිඩ් වර්නර් මෙන්ම කඩුලු රකින මැතිව් වේඩ් ද කණ්ඩායමට කැදවීම් ලබා ඇත.තෙවන තරගයට කැදවීම සදහා මිචෙල් ක්ලාක් ගැන ද සළකා බැලුවද ඔහු ගේ ආබාධිත තත්ත්වය තවම පහව ගොස් නැති බැවින් ඒ වෙනුවට,බෙන් කටින් කණ්ඩායමට කැදවා ඇත.
ඕස්ට්‍රේලියාව ප්‍රථම තරග දෙක සදහා පමණක් කණ්ඩායම නම් කළ අතර ජෝජ් බේලි ගේ නායකත්වයෙන් යුතු එම තරුණ කණ්ඩායම ඕස්ට්‍රේලියානු පරිපාලනය විසින් හදුන්වා දී තිබුණේ,2015 වර්ෂයේ ලෝක කුසලාන ඉලක්කය හදුනාගැනීම සදහා භාවිතයට ගන්නා කණ්ඩායමක් ලෙස ය.නමුත් දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් පරාජයට වීමට එම කණ්ඩායමට සිදු වු අතර එහිදී නිවැරදිව දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළපුරුද්ද සහ දක්ෂතා අතරින් එම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනු දැකිමත් සමග ඕස්ට්‍රේලියාව සිය අනාගත සැළසුම් පසෙක ලා,තරගාවලිය ජය ගැනීම සදහා ප්‍රවීනයන්ගේ සහය ලැබීමට තීරණය කර ඇත.
ඒ නිසා තෙවන එක්දින තරගයේ සිට ඕස්ට්‍රේලියාව සිය ප්‍රවීනයන් සමග තරගාවලියට ප්‍රවේශ වෙමින් ජයග්‍රාහී මානසිකත්වයට පිවිස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝග කිරීමට උත්සාහ දරනු ඇත.ඇතැමි විට දිනේෂ් චන්දිමාල් සුවය ලබා ඇතැයි විශ්වාස කළ හැකි අතර එසේ වුවහොත් ශී ලංකාව මෙම තරගයේදී නියෝජනය කිරීමට දෙවන එක්දින තරගය නියෝජනය කරමින් සිය ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරගයේදී දක්ෂතා ප්‍රදර්ශනය කළ කුසල් ජනිත් පෙරේරා ට සිය ස්ථානය අහිමි වී යා හැකිය.ඇතැම් විට එය එසේ සිදු නොවී,මෙම තරග දෙකම දක්ෂතා අතර නොසිටි උපුල් තරංග ට කණ්ඩායමෙන් පිටතට විත් ආරම්භක පිතිකරු ලෙස අත්දැකීම් ඇති දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න හෝ කුසල් ජනිත් ට එම ස්ථානය භාර දෙන්නට ද සිදු විය හැකිය.
www.supirikrida.com

Jan 16, 2013

වොලිබෝලයට ඔලිම්පික් පුහුණුවක්

Chad Schreiber talks to the Lakeland College women's volleyball team. Schreiber has announced his resignation from Lakeland. ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ උපදේශක ෂන්වෙන් චෝ විසින් ශ්‍රී ලංකාවේ දී පෙබරවාරි 24 දා සිට මාර්තු 7 වන දා පවත්වන්නට නියමිත ඔලිම්පික් සහයෝගිතා FIVB අදියර 1 පාඨමාලාව සදහා සහභාගි වීමට කැමති අයගෙන් අයදුම්පත් කැදවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.
ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙන් සහ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂනය යටතේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ක්‍රියාත්මක කරන මෙම පාඨමාලාව සදහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ජනවාරි 25 දා වේ.අයදුම්පත් ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,අමාත්‍ය කාර්යාලය,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,අංක 234,ෙඩන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතුය.
www.supirikrida.com

ඇමති පන්දුව අතට ගනිද්දීම තේරීම් කමිටුව පාදයක් පසු පසට ගනියි


න්තර් පළාත් ක්‍රිකට් තේරීම් සම්බන්ධයෙන් කෙරුණු හෙළිදරව් වලට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ පිලිබදව කරන ලද විමසීමට අනුව මෙරට ඉතිරිව සිටින තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනා සහ තවත් විශේෂ විමර්ශකයන් කිහිප දෙනෙකු අතරේ කෙරුණ සාකච්ඡාවක් මත එම කණ්ඩායම් වලට තවත් ක්‍රීඩකයන් 20 ක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව කණ්ඩායමකට නම් කර සිටින ලද 15 දෙනාගේ ප්‍රමාණය 19 දක්වා ඉහළ යනු ඇත.

ක්‍රිකට් පාළක මණ්ඩලයේ පුහුණුකරුවන් යැයි කියා ගන්නා පිරිසක් යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම දස්කම් අතර නැතත් පළමු තේරීම් වලදී අවසෟථාව හිමි වී තිබුණේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම කිසිදු කණ්ඩායමක අවස්ථාව අහිමි කරමින්ය.නමුත් හෙළිදරව් කිරීමෙන් පසුව අමාත්‍යවරයා කරන ලද විමසීමට අනුව තවත් ක්‍රීඩකයන් 20 දෙනෙකුට අවස්ථාව හිමි වී ඇතත්,පළමු තේරීමේ දී පාළක මණ්ඩල පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබීම පදනම් කරගෙන කණ්ඩායමට ඇතුළත් වූ පිරිස ද ඉවත් කිරීමට කටයුතු කර නැත.
තේරීම් කමිටුව ප්‍රශ්නය අසන සැනින් කර පිස දෑමට පුහුල් හෙරා පිළිබදව  ක්‍රිඩා අමාත්‍යවරයාට අමුතුවෙන් පැහැදිළි කර ගැනීමක් අවශ්‍යය නොවන අතර ඒ නිසා වහාම සමස්ත තේරීම් සදහා පදනම් වූ නිර්නායකයන් නිරීක්ෂණය කිරීම මෙන්ම ඒ හරහා අන්තර් පළාත් තරග වලදී සැබෑ දක්ෂයන්ට අවස්ථාව ලැබෙන ආකාරයේ උත්තේජනයක් සැපයීම ද අමාත්‍යවරයා විසින් පැහැර නොහරිනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

Jan 15, 2013

නිලූක විශිෂ්ඨයන් සමග මැලේසියාවේදී ගැටෙයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩක සහ ලොව අංක 37 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින නිලුක කරුණාරත්න,අද මැලේසියාවේ ක්වාලම්පූර් හී පුත්‍රා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන MAYBANK මැලේසියා විවෘත ‍බැඩ්මින්ටන් සූරතාවලියේදී තරග බිමට පිවිසීමට නියමිතය.ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස සැළකෙන වොනග් ලි චොයි මෙන්ම ඔලිම්පික් තරගාවලියේදී නිලූක අතින් පරාජයට පත් එවකට ලොව අංක 8 ක්‍රීඩකයාව සිටි සහ වර්ථමානයේ ලොව අංක 4 ක්‍රිඩකයාව සිටින කෙනචි ටාගෝ ද මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටියි.
අද තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කරුවන්ගේ තරග පැවත්වෙන අතර ලොව අංක 38 සිටින ඉන්දීය ක්‍රීඩක එම්වී ගුරුසායිදත්ට ද එම වටය නියෝජනය කරමින් සුදුසුකම් ලබන්නට සිදු වී තිබීමෙන් මෙම තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ප්‍රබලත්වය පිළිබද සිතා ගැනීම අපහසු නැත.
නිලූක හෙට සිය ප්‍රථම තරගයේදී ලොව අංක 18 ට ‍ශ්‍රේණි ගතව සිටින ඩෙන්මාර්කයේ හාන්ස් - ක්‍රිස්ටියන් විටින්ග්හස් සමග ගැටෙන්නට නියමිත අතර එම තරගය ජය ගතහොත් සුදුසුකම් ලැබීමේ වටයේ ජයග්‍රාහකයෙකු සහ ලොව  16 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින චීනයේ වැන්ග් ෂෙන්මින්ග් සමග වන තරගයේ ජයග්‍රාහකයාට මුහුණ දිමට සිදු වනු ඇත.
www.supirikrida.com

ඩිජොකොවික් පිට පිටම තෙවතාවක් ඕස්ට්‍රේලියන් කිරුළ ඩැහැ ගැනීමේ වෑයමක

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස සැළකෙන සර්බියාවේ නොවැක් ඩිජොකොවික් ඊයේ ඇරඹි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කිරුළ දිනා ගනිමින් පිට පිටම එය තෙවතාවක් දිනා ගැනීමේ ගෞරවය සටහන් කිරීමට උත්සාහ දරමින් සිටියි.2011 සහ 12 වසර වලට ප්‍රථම 2008 වර්ෂයේ ද ඕස්ට්‍රේලියානු ටෙනිස කිරුළේ හිමිකරුවා වී ඇති ඩිජොකොවික් මෙවර තරගාවලිය ජය ගතහොත් මෙම තරගාවලිය නියෝජනය කරන සහ වර්ථමානයේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් හා සම වීමේ අවස්තාව ඇත.


 තරගාවලිය ඊයේ (14) සිට 27 දක්වා මෙල්බර්න් නුවර දී ක්‍රියාත්මක විමට නියමිත අතර ඒකල තරග සදහා ක්‍රීඩකයන් 128 ක් තරග බිමට පිවිසෙන අතර යුගල අංශයෙන් යුගල 64 ක් තරගාවලියට ඇතුළත් කර ගෙන ඇත.පිරිමි අංශයේ දී අංක එකට සහ දෙකට සිටින ඩිජොකොවික් සහ ෆෙඩරර් මෙන්ම අංක තුනට සිටින ඇමෙරිකාවේ ඇන්ඩි මරේ ද තරග වදික අතර කාන්තා අංශයෙන් ද,අංක එකට සිටින බල්ගේරියාවේ වික්ටෝරියා අයරෙන්කා,අංක දෙකට සිටින රුසියාවේ මාරියා ෂරාපෝවා සහ අංක තුනට ශ්‍රේණිගතව සිටින ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් ද තරග වදියි.

2013 WORLD BASEBALL CLASSIC තරග කාල සටහන සහ ප්‍රවේශපත් අලෙවිය ඇරඹේ

  •  ලෝක බේස්බෝල් ක්ලැසික් තරගාවලියේ තරග කාල සටහන සහ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් නිකුත් කිරීම පිළිබදව එම නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් අප වෙබ් අඩවිය දැනුවත් කර ඇත.පළමු වටයේ තරග කාණ්ඩ හතරකින් ක්‍රියාත්මක  කිරීමට තීරණය වී ඇති අතර එහි පළමු කාණ්ඩයේ (ඒ) තරග ජපානයේ පුකෝකා නගරයේ දී මාර්තු 2 සිට 6 දක්වා පැවත්වෙන අතර එම කාණ්ඩයෙන් ජපානය,බ්‍රසීලය,කියුබාව සහ චීනය තරග බිමට පිවිසෙයි.                                                              
  •  'බී' කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිත කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව,කොරියාව,චීන තායිපේ සහ නෙදර්ලන්තය වන අතර එම තරග පැවත්වෙන්නේ තායිවානයේ තායිචුන්ග් හී දී මාර්තු 2 දා සිට 5 දා දක්වා ය.සී කාණ්ඩයෙන් වෙනිසියුලාව,ඩොමිනික් රිපබ්ලිකන්,ස්පාඤ්ඤය සහ පුවාටරිකෝ මාර්තු 7 දා සිට 10 දා දක්වා තරග වදින අතර එම තරග පැවත්වෙන්නේ පුවාටරිකෝ හී සාන්තචුවාන් හි දී ය.

    • ඩී කාණ්ඩයෙන් ඇමෙරිකාව,ඉතාලිය,කැනඩාව සහ මෙක්සිකෝව තරග වදින අතර එම තරග ද මාර්තු 7 දා සිට 10 දා දක්වා ඇමෙරිකාවේ ඇරිසෝනා හී දී පැවත්වීමට නියමිත අතර එම ජයග්‍රාහී කණ්ඩායම් අතර දෙවන වටයේ තරග ද කාන්ඩ දෙකක් යටතේ පැවත්වීමට නියමිතය.එම පළමු කාණ්ඩයේ තරග ජපානයේ ටෝකියෝ හී දී මාර්තු 8 සිට මාර්තු 12 දක්වා පළමු වටයේ ඒ සහ බී කාණ්ඩ වල ජයග්‍රාහි කණ්ඩායම් අතර පැවත්වෙන අතර දෙවන වටයේ දෙවන කාණ්ඩයෙන් තරග වැදීමට සුදුසුකම් ලබන කණ්ඩායම් මාර්තු 12 සිට 16 දක්වා තරග වදින්නේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හී මියාමි හී දී ය.
    • තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක සහ අවසාන තරගය ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී දී පැවත්වෙන අතර පළමු අවසාන පූර්ව තරගය මාර්තු 17 සහ දෙවන අවසාන පූර්ව තරගය මාර්තු 18 පැවත්වීමට නියමිතය.අවසාන තරගය පැවත්වෙන්නේ මාර්තු 19 දා ය.තරග කාල සටහන සහ තරගයට ප්‍රවේශපත් ලබා ගැනීම සදහා පහත සබදතාවය භාවිතා කළ හැකිය. http://web.worldbaseballclassic.com/wbc/2013/schedule_and_tickets/?partnerId=ed-6673078-65400221 

    Jan 14, 2013

    ලහිරු ආයෙත් අසන්තලාට තලයි

    Lahiru Thirimanne is congratulated by Kushal Perera for his centuryමෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ පිතිකරුවන් අතර වේග පන්දු යවන්නන්ට හොදින්ම මුහුණ දෙන පිතිකරුවෙකු ලෙස ප්‍රකට ලහිරු තිරිමාන්න,තේරීම් කමිටුව විසින් ඕස්ට්‍රේලියානු සංචාරයේ  ටෙස්ට් තරග සදහා නම් නොකළ අතර, ක්‍රීඩකයන් එක පිට අබාධයට ලක් වන තත්ත්වයක් තුළ,ඔහු ශ්‍රී ලංකා පිළට එක් වෙමින් තමන් පළමු තේරීමේ නොතැබීමට තේරුම් කමිටුව ගත් අඥාන තීරණය පැහැදිළ කරමින් තෙවන ටෙස්ට් තරගයේදී,සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ අතර ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා සංචාරයේ ලද ප්‍රථම ජය වාර්තා කිරීමට මුල් වෙමින් තරගයේ වීරයා වන්න ද සමත් විය.
    පළමු තරගයෙන් අති විශිෂ්ඨ ජයක් ලබා සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉදිරියේ නව පිබිදීමක් සහිතව පන්දු යැවූ සහ මේ තරගාවලියේ මෙතෙක් නොදුටු සාර්ථක පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සහ පන්දු රකින්නෝ ඕස්ට්‍රේලියාව ලකුණු 170 සීමා කරන්නට සමත් වූහ.ලසිත් මාලිංග කලෙකට පසුව කණ්ඩායමට හොද සේවයක් ලබා දෙමින් ලකුණු 32 ට කඩුලු 3 ක් ලබා ගත් අතර තිසර සහ මැතිව්ස්  කඩුලු 2 බැගින් ලබා ගත්තේ පිළිවෙලින් ලකුණු 40 ක් සහ ලකුණු 24 ක් ලබා ගනිමින්ය.කුලසේකර ද මැනවින් පන්දු යවමින් ලකුණු 24 ට එක් කඩුල්ලක් දවා ගත්තේය.
    එහි වාසිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනිමට ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබදව සැක සංකා මතු කරමින් උපුල් තරංග ලකුණු නොලබාම දැවී ගිය පසු ඩිල්ෂාන් සිය පරිනත බවෙන් තිරිමාන්නට මග පෙන්වන අතරේ දෙවන කඩුල්ලට ලකුණු 137 සබදතාවයක් පැවත් වූවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට ප්‍රවේශ කරමින්ය.ලහිරු වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණ දෙමින් ස්ථාවර වන තත්ත්වයක් තුළ ලැබි තිබෙන සුළු ඉලක්කය තුළ ඔහුට සිය මංගල ශතකයට ළගා වීමට තිබෙන හැකියාව තේරුම් ගත් හිටපු ශ්‍රී ලංකා නායකයා, සිය නායකත්ව සමයේ තිරිමාන්න කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස පවත්වා ගැනීමට තීරණය කළ හේතු සාධක පැහැදිලි කරන්නට ඉඩ දෙන අපූර්ව ශතකය සදහා යාමට මග සකස් කළේය.ඩිල්ෂාන් ලකුණු 51 ට දැවී ගිය අතර නවක ක්‍රීඩක කුසල් ජනිත්  සිය පළමු තරගයේදි වැඩි පීඩනයකින් තොරව ජයග්‍රාහී මානසිකත්වයකින් පන්දුවට පහර දීමට ලැබුණු අවස්ථාව මැනවින් තේරුම් ගත් අතර ඔහු ලහිරු සමග නොබිදි,ලකුණු 35 ක සබදතාවයක් පැවත් වූවේ පන්දු 16 කින් හයේ සහ හතරේ පහර එක බැගින් සටහන් වූ ලකුණු 14 ක් එක් කර ගනිමින්ය.
    තරගාවලියේ මෙම ජය නිසා සමස්ත ප්‍රතිපලය 1 - 1 ක් ලෙස සම වූ අතර ඕස්ට්‍රේලියාව නවක  ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම නම් කළේ පළමු තරග දෙකට පමණක් වන බැවින් මෙම පරාජයත් සමග යළිත් මයිකල් ක්ලාක් ඇතුළු පිරිවර තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නැගී සිටීමට පැමිණීමට ඉඩ ඇත.
    තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකිය.
    http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573015.html
    www.supirikrida.com

    තුන්වන තුන්කොන් තරගාවලියේ 15 න් පහළ ජය රිච්මන්ඩ් ට,19 න් පහළ ජය රාජකීයට

      
    • කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු බේස්බෝල් නායකයා ලෙස සැළකෙන,වර්ථමාන බේස්බෝල් පරිපාලනයේ ලේකම් ධුරය දරන,මනෝජ් ප්‍රනාන්දු කුසලානය සදහා පවත්වන තුන්කොන් බේස්බෝල් තරගාවලියේ තෙවැන්න ගාල්ලේදී නිමාවට පත් වූයේ අවුරුදු 15 න් පහළ සූරතාවය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටත්,19 න් පහළ සූරතාවය කොළඹ රාජකීය විද්‍යාලයටත් හිමි කර දෙමින්ය.මෙම තරගාවලිය කොළඹ රාජකීය,ගාල්ල රිච්මන්ඩ් සහ මහනුවර කිංස්වුඩ් යන විද්‍යාල ත්‍රිත්වය අතර පැවත්වෙන අතර මෙවර 15 න් පහළ අවසාන තරගයට රිච්මන්ඩ් කණ්ඩායමට එරෙහිව පැමිණි කොළඹ රාජකීයන්ට ලකුණු 2 -13 ක පරාජයක් අත් විදින්නට සිදු විය.
    අවුරුදු 19 න් පහළ  අවසාන තරගයේදී ද රාජකීය සහ රිඩ්මන්ඩ් කණ්ඩායම් ගැටුණු අතර එහි දී රාජකීයන් ජය ගත්තේ ලකුණු 15 - 5 ක් ලෙස ය. අවුරුදු 15 න් පහළ තරග අංශයේදී
      • හොඳම පිතිකරු – L.Z. අත්මන් (රාජකීය විද්‍යාලය)
      • හොඳම පන්දු රකින්නා – පමිදු චාමික (රිච්මන්ඞ් විද්‍යාලය)
      • හොඳම පන්දු යවන්නා – ෂෙනාල් බටුවත්ත (රිච්මන්ඞ් විද්‍යාල)
      • තුන් ඉරියව් කී‍්‍රඩකයා – රංජුල ශාරනාත් (රිච්මන්ඞ් විද්‍යාල)  යන අය විශේෂ ඇගයීම් ලැබු අතර 19 න් පහළ තරග අංශයේදී 
      • හොඳම පිතිකරු – උපේක්ෂ සිරිවර්ධන (රාජකීය විද්‍යාලය)
      • හොඳම පන්දු රකින්නා – C.J.බණ්ඩාර (රාජකීය විද්‍යාලය)
      • හොඳම පන්දු යවන්නා – P.C.කරණාසේන (රාජකීය විද්‍යාලය)
      • තුන් ඉරියව් කී‍්‍රඩකයා – දිනෙත් ධනංජය (රිච්මන්ඞ් විද්‍යාල)   ඇගයීම් ලැබීය.   කරගාවලියේ සත්කාරකත්වය දැරීමේ වගකීම මෙවර ගාල්ල රිච්මන්ඩ් විදයාලයට පැවරී තිබිණ.මෙවර තරගාවලියේ විශේෂ සිහිකිරිම් අතරට ශ්‍රී ලංකාවට බේස්බෝල් ක්‍රීඩාව හදුන්වා දී විසිපස් වසරක් ගත වීම විශේෂත්වයක් ගත් අතර එය ස්මරණය කරමින් තරගාවලියට ප්‍රවේශ වන විට එහි පුරෝගාමී මෙහෙවර සිදු කළ හිටපු අමාත්‍ය පෙස්ටස් පෙරේරා දැයෙන් සමු ගැනීමද විශේෂත්වයකි.
      • www.supirikrida.com

    පෙස්ටස් සහ ගයි දැයෙන් සමු ගතියි

    ශ්‍රී ලංකාවට බේස්බෝල් ක්‍රීඩාව හදුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරට දායක වූ 1977 එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වූ පෙස්ටස් පෙරේරා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා සහ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස 83 - 8 කාල වකවානුවේ කටයුතු කළ සහ පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද,ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළ ගයි ද අල්විස් ඊයේ සිය ජීවිත වලට සමු දුන්නේය.
    පෙස්ටස් ක්‍රීඩාවට සමීප ව කටයුතු කළ දේශපාලනඥයෙකු ලෙස ප්‍රකට අතර අද ද දිවයිනේ ප්‍රධානතම මලල ක්‍රීඩා ධාවන පථයක් ලෙස පැසසුම් ලබන වෙන්නප්පුව අල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණය ඇතුළු එම ක්‍රීඩා සංකීරණය ජනතාවට පවරා දීම කෙරෙහි විශාල මෙහෙවරක් කළේ ෆෙස්ටස් පෙරේරා ය.එසේම ධිවර අමාත්‍යවරයාව සිටිය දී ධිවර ප්‍රජාව අතර ක්‍රීඩාව දියුණු තත්ත්වයට ගෙන ඒමට උත්සාහ කළ අතර බේස්බෝල් ක්‍රීඩාවේ ආරම්භක අවධියේ අම්පාර වැනි ප්‍රදේශවල එම ක්‍රීඩාවේ විශාල ප්‍රබෝධයක් දක්නට ලැබෙන්නේ ෆෙස්ටස් පෙරේරා ගේ ආශිර්වාදය මත යන්නද ප්‍රකටය.හෙතෙම මිය යන විට 82 වන වියේ පසු විය.
    ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම කඩුලු රකින්නෙකු බවට අවිවාදිත ගයි,දැවැන්ත පහරවල් සහිත ප්‍රහාරකයෙකු ද විය.සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරන සුසංයෝගයට පෙර වරෙක ගයි ද එක්දින තරග වල දී ආරම්භක පිතිකරු භූමිකාවට ගෙන ඒමට උත්සාහයක් තිබුණ ද එය සාර්ථක වන තුරු කල් මැරීමට එවකට පරිපාලනය නිර්භීත නොවීය.පසුව ග්වේන් හේරත් ගේ ආශිර්වාදය ඇතිව කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ගයි,ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනයේ මුල් පුටුව දරමින් සෑහෙන කාලයක් එහි සභාපතිවරයාව සිටියේය.කලෙක සිට පිළිකා රෝගයෙන් පීඩා විදි ගයි මිය යන විට 52 වන වියේ පසුවිය.
    ක්‍රීඩාවේ ප්‍රබෝධය පිණිස දැවැන්ත මෙහෙවරක් කළ පෙස්ටස් සහ ගයි යන දෙපළටම ඔවුන් විශ්වාස කළ ධර්මයන්ට අනුව මරණයෙන් අත්විය හැකි ඉහළම ආශිර්වාදය ලැබීමට හේතු වාසනා වේවා යන්න සුපිරි ක්‍රීඩා පැතුමයි.
    www.supirikrida.com

    Jan 13, 2013

    කේ අකුරු දෙකකට අද පළමු වරට ජාත්‍යන්තර එක්දින වරම්

           Mathurage Don Kushal Janitha Perera
    කුසල්

      

    Kane William Richardson
    කෙන්
    Benjamin Colin James Cutting
    බෙන්
      
      ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන දෙවන එක්දින තරගයේදී පළමු වරට ජාත්‍යන්තර එක්දින පිටියට පිවසීමට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කේන් රිචඩ්සන්  සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත පෙරේරා තරග බිමට පිවිසීමට නියමිත අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කෙන්ට අමතරව බෙන් කටින්ග් ද අද ජාත්‍යන්තර එක්දින  තරග බිමට පිවිසීමට නියමිතය.
    23 හැවිරිදි කෙන්, ස්ට්‍රැක් වෙනුවට වේග පන්දු යවන්නෙකු ලෙස අද තරග බිමට පිවිසෙන අතර 25 හැවිරිදි කටින්ග් පිතිකරුවෙකු ලෙස කවාජා ගේ ස්ථානය දිනා ගනිමින් අද තරගයට ඇතුළත්ව සිටියි.පළමු එක්දින තරගයේදී මෙන්ම අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා සටන්කාමි ඉණිම් දෙකක් ක්‍රියාත්මක කළ දිනේෂ් චන්දිමාල් ලකුණු අතර සිටින මොහාතක ආබාධයකට ලක් වීම ශ්‍රී ලංකාව පැත්තෙන් අවාසිදායක තත්ත්වයක් ලෙස දැකිය හැකි අතර ඒ වෙනුවට අද එක්දින තරග වරම් ලබමින් කඩුල්ල පිටුපස වගකීම භාර ගැනීම පැවරී ඇත්තේ  22 හැවිරිදි කුසල් ජනිත් පෙරේරාට ය.

    96 තවමත් ශක්තිමත්

    Romesh Kaluwitharana pulls the ball during his swashbuckling knock of 52 runs.


    ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ දක්වා ලත් විශිෂ්ඨතම ජයග්‍රහණය ලෙස සැළකෙන ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් කැපවුනු අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ සිදත් වෙත්තමුණිගේ නායකත්වයෙන් වූ ක්‍රිකට් පරමාදර්ශි කණ්ඩායම අතර තරගයෙන් 96 විජයග්‍රාහී කණ්ඩායම ජය ගනු ලැබුවා.හේමාස් සමාගමේ බේබි ෂර්මි ව්‍යාපෘතියක් වන  රෝගී ළමා හදවත් සුවපත් කිරීමේ ව්‍යාපෘතියට ආධාර පිණිස කොළම එන්සීසී ක්‍රීඩා පිටියට එක් වූ mමෙම ක්‍රිකට් ප්‍රවීනයන් අතර පරමාදර්ශින්ගේ කණ්ඩායමට වර්ථමාන ජාතක කණ්ඩායම සමග නිරතුරු නම කියවෙන චාමර සිල්වා වැනි ක්‍රීඩකයන් ඇතුළත් වුව ද 96 ලෝක සූරයෝ මේ තරගය අපහසුවකින් තොරව ජය ගනු දැකීම විශේෂ සිදුවීමක් වුණා.
    විශේෂයෙන් රොමේෂ් කළුවිතාරණ ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 52 ක් ලබා ගනිමින් 96 කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මූලිකත්වය දුන් අතර  නායක රණතුංග ද ලකුණු 37 ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර දෙකක්ද සමගින්ය.ඉන් එක් හයේ පහරක් එන්සීසි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාගාරය ඉහලින් ඇදී යන එකක් වූ අතර අර්ජුන මෙන්ම කළු ද සිය අනුකම්පා විරහිත පිතිහරඹයේ කාලය දිගු නොකර අතර මැද සිය ඉණිම් අත් හිට වූ පසු එවකට කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කළ හෂාන් තිලකරත්න මෙන්ම ලෝක කුසලාන තරගවෙලියේ තීරණාත්මක අවස්ථාවන් හී කණ්ඩායම ගොඩ ගැනීමේ මැද පෙළ මෙහෙයුම දියත් කළ රොෂාන් මහානාම ද තරගයේ ජයග්‍රහණය සනාත වන තුරු සිය කඩුලු රැක ගැනිමට සමත් වූයේ කඩුලු හතක ජයක් ලෝක සූරයන්ගේ පිළට හිමි කර දෙමින්ය.
    96' ලෝක කුසලාන ජයග්‍රහණයේදී මෙන්ම අර්ජුණ මෙම තරගයේදී ද ලකුණු හඹායාම පිළිබදව විශ්වාසය තැබූ අතර කාසියේ වාසියෙන් පසුව පන්දුවට පහරදීම සදහා පරමාදර්ශීන්ගේ කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔවුන් ලකුණු 137 ක් ලබා ගත්තේය.පන්දු ඕවර් 20 දී එම ලකුණු ප්‍රමාණය අභිබවා යාමට ලෝක සූරයන්ට ලැබුණු ඉලක්කය අර්ජුණ ගේ සහ කළු ගේ පිතිහරඹය හේතුවෙන් 15 වන ඕවරයේදී සාක්ෂාත් කර ගැනීමට  හැකි විය.
    www.supirikrida.com

    ආසියානු පැසි පන්දුව බීරූට් වලින් මැනිලාවට

    ලෙබනනයේ බීරුටී නුවර පැවත්වීමට නියමිතව තිබූ 27 වන ආසියානු පැසිපන්දු තරගාවලිය සිරියාවේ පවතින අයහපත් දේශපාලනික වාතාවරණය හේතු කොට ගෙන පිලීපීනයේ මැනිලා නුවර වෙත ගෙන ඒමට තීරණය කර ඇත.සිරියාවේ අසල්වැසි රාජ්‍යයක් වන ලෙබනනය සිරියා සිවිල් යුද්ධයේ අතුරු ප්‍රතිපල සහ වේදනාත්මක අත්දැකීම් වලට නිතර ගොදුරු විය හැකි සීමාවේ පිහිටා තීබීම බේරුට් නුවරින් මෙම තරගාවලිය ඉවත් කිරීමට බල පා ඇත.


    වසර දෙකකට වරක් පැවත්වෙන ආසියානු පැසිපන්දු තරගාවලිය හරහා ලෝක සූරතාවය සදහා ආසියානු කණ්ඩායම් තුනක් තෝරා ගැනෙන අතර වැඩිම වරක් මෙම සූරතාවය දිනා ගෙන ඇත්තේ චීනය යි.ඉකුත් වරද අවසාන තරගයේදී ජෝර්දානය පරාජය කරමින් ආසියානු සූරයන් වු චීනය මෙම දස්කම 15 වතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.
    චිනයට පසුව වැඩිම වරක් සූරතාවය දිනා ගෙන ඇති පිලපීනය පස් වතාවක් මෙම සූරතාවයට හිමිකම් කියා ඇතත් 1985 න් පසු මෙම සූරතාවය දිනා ගැනීමට ඔවුන්ට හැකි වී නැත.එවැනි වාතාවරණයක 1960 ට පසු ආසියානු සූරතාවයක් මැනිලා නුවරට පැමිණෙන මෙම අවස්ථාවේදී සිය සත්කාරකත්වය සමගම කගෙකින් තම රටට ස්පර්ශ කිරීමට නොහැකි වූ ආසියානු කුසලානය ස්පර්ශ කිරීමට ද පිලිපීනය විශාල වශයෙන් උත්සාහ දරනු ඇත.