Aug 11, 2012

ලෝක කැරම් උණුසුම ලංකාවට

යවන ලෝක කැරම් සුරතාවලිය පැවත්වීමේ සත්කාරකත්වය හිමි වී ඇති ශ්‍රී ලංකාව එම තරගාවලිය ඔක්තෝම්බර් 31 සිට නොවැම්බර් 04 දක්වා කොළඹ ගලදාරී හෝටලේයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 ක් පමණ සහ නිලධාරීන් විශාල ප්‍රමාණයක් මෙම තරගාවලිය නියෝජනය කිරීමට රටවල් 20 කින් පමණ එනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පෙන්වා දෙයි.බටහිර සහ නැගෙනහිර යුරෝපය,අප්‍රිකාව,ආසියාව මෙන්ම මැද පෙරදිග රටවල් වලින් එම කණ්ඩායම් 20 මෙහි පැමිණීමට නියමිතය.ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් මෙහෙයවන මෙ තරගාවලියේ කටයුතු අධික්ෂණය කිරීම සදහා අමාත්‍යංශ නිලධාරී මඩුල්ලක් පත් කරන බව ද ක්‍රීඩා අමාත්‍යංශය අවධාරනය කරයි.
www.supirikrida.com

ඩිබාබා ගේ සිහිනය බොද වෙයි

Athletes compete in the women's 5000m Final on Day 14තිරුනේෂ් ඩිබාබා ඔලිම්පික් උළෙල දෙකක දී මීටර් 10000 සහ 5000 යන ඉසව් ද්විත්වය වෙනුවෙන් රන් පදක්කම් ලබා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් ඉතියෝපියවේම මෙසරෙත් ඩිෆා එහි රන් පදක්කම දිනා ගත්තාය.2008 බීජිං ඔලිම්පික් උළෙලේ මීටර් 10000 සහ 5000 ඉසව් ද්විත්වය වෙනුවෙන් රන් පදක්කම් දිනා සිටින ඩිබාබා මීටර් 5000 කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව වන විනාඩි 14:11.15 ක කාලයේ උරුමක්කාරිය ද වන්නීය.
මෙවර ද මීටර් 10000 ඉසව්වේ රන් පදක්කම දිනා  ගැනීමට ඩිබාබා සමත් වූ අතර මීටර් 5000 ඉසව්වේ දී මෙසරෙත් ඩි‍ෆා රන් පදක්කමද ,කෙන්යාවේ විවියන් චැරියට් රිදී පදක්කම ද දිනා ගනිද්දී 27 හැවිරිදි ඩිබාබා ට හිමි වූයේ ලෝකඩ පදක්කමය.2004 වසරේ සිට ඔලිම්පික් තරග සදහා සහභාගි වන ඩිබාබා 2004 දී සිය පළමු ඔලිම්පික් පදක්කම දිනා ගත්තේ ද මීටර් 5000 ඉසව්වට ය.ඒ ලෝකඩ පදක්කමක් වූ අතර මෙවර දිනා ගත් ලෝකඩ පදක්කමත් සමග ඇයට ඔලිම්පික් ලෝකඩ පදක්කම් දෙකක් සහ රන් පදක්කම් තුනක හිමි කාරිත්වය ලැබෙන්නේය.
ඩිබාබා තෙවන තැනට පත් කළ මෙසරෙට් විනාඩි 15:04.25 කින් ද,චැරියට් විනාඩි 15:04.73 කින් ද නිමා කරමින් පිලිවෙළින් රන් සහ රිදී පදක්කම් වලට හිමිකම් කීහ.ඡායාරූයේ දැක්වෙන්නේ මෙසරෙට් තරගය ජයගත් අවස්ථාවය.
www.supirikrida.com

දෙවන මලල ක්‍රීඩා ලෝක වාර්තාව ඇමෙරිකාවෙන්

United States pose on the podium during the Victory Ceremony for the women's 4 x 100m Relay මෙවර ඔලිම්පික් උළෙලේ පළමු මලල ක්‍රීඩා ලෝක වාර්තාව පිහිටුවීමට මීටර් 800 සූර ඩේවිඩ් රුඩීෂා සමත් වූ අතර ඊයේ (අගෝස්තු 11) දෙවන ලෝක වාර්තාව තැබීමේ ගෞරවය ඇමෙරිකානු මීටර් 4 x 100 සූරියෝ අත් කර ගත්හ.තත්පර 40.82 කින් ඉසව්ව නිමා කළ ඇමෙරිකානු සහය දිවීමේ කණ්ඩායමට බියන්කා නයිට්,ටියානා මෙඩිසන්,ඇලිසන් ෆෙලික්ස් සහ කාමලිටා ජෙටර් ඇතුළත් වූහ.ඉතිහාසයේ පැවති වේගවත්ම මීටර් 4 x 100 කාන්තා තරගයක් බවට පත් කළ මෙම තරගයේ දෙවන ස්ථානය දිනු සුපිරි ක්‍රීඩිකාවන් වන ෂෙරොන් සිම්ප්සන්,කෙරන් ස්ටුවර්ට්,වොරෝනිකා කැම්බල් සහ ෂැලී ඈන් ප්‍රෙෂර් සහභාගි වූ ජැමෙයිකානු කණ්ඩායම සිය ඉසව්ව නිමා කළේද නව ජැමෙයිකානු ජාතික වාර්තාවක් සමගින් තත්පර 41.41 ට ය.
තෙවන ස්ථානය දිනූ යුක්රේනය ද ජාතික වාර්තාවක් තැබූ අතර ඔවු්න්ට තත්පර 42.04 ක කාලයක් මෙම ඉසව්ව සදහා ගත වූ අතර සිව්වන ස්ථානය නයිජීරියාවද සිය කාලීන හොදම දක්ෂතාවය වන තත්පර 42.64 ක් වාර්තා කරන්නට සමත් විය.
www.supirikrida.com

ලියෝ අතට ජාතික කොඩි දෙකක්

මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 1500 පිරිමි ඉසව්වේ දෙවන ස්ථානය දිනූ ලියෝ මැන්ෂනෝ සිය ජයග්‍රහණයෙන් පසුව තමා නියෝජනය කළ ඇමෙරිකාවේ ජාතික කොඩිය මෙන්ම මෙක්සිකෝවේ ජාතික කොඩිය ද ප්‍රදර්ශනය කිරිම විශාල කතා බහකට ලක් වූ මාතෘකාවක් බවට පත් වී ඇත.රටවල් දෙකක ජාතික කොඩි දෙකක් භාවිතය යම් ගැටළුකාරි තත්ත්වයක් ඇති කරන්නක් බව ඇතැම් විචාරයකන්ද පවසන බැවින් ඇතැම් විට ඇමෙරිකානු ක්‍රීඩා බලධාරීන් ඉදිරියේ මේ පිළිබදව ඉදිරියේදී ලියෝ ට කරුණු දැක්වීමට සිදු වීමට ද ඉඩ ඇත.
ලියෝ මැන්ෂනෝ අවුරුදු හතරේදී පමණ මෙක්සිකෝවේ සිට සිය දෙමව්පියන් සමග ඇමෙරිකාවට පැමිණ ඇති අතර ඔහු උපතින් මෙක්සිකානුවෙකි. මූල්‍යමය පදනම මත අප්‍රිකානු රටවලින් පැමිණ පුරවැසි කම ලබා ගත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිය දක්ෂතා වලින් ඇමෙරිකාවට ආලෝකය ලබා දුන්නද,ලියෝ එවැනි අයෙකු නොවන අතර ඔහු කුඩා කාලයේ සිටම ඇමෙරිකාවේ සම්පත් වලින් පෝෂණය ලැබුවෙකි.එහෙත් ඔහු ජයග්‍රහණයේදී අන් කිසිදු ක්‍රීඩකයෙක් නොකළ ආකාරයෙන් සිය දිනූ බිමද මතකයට නැගීම මානව ගුණ දහම් අනුව බලන කළ අගය කළ යුතු තත්ත්වයකි.
www.supirikrida.com

තහනම් පුහුණුකරු ගේ ඇසුර ගැන කාමලිටා සහ රිචඩ්සන් සැකයට

මෙරිකානු කෙටි දුර ධාවන සූරි කාමලිටා ජෙටර සහ මීටර් 110 කඩුලු පැන දිවීමේ සූර ජේසන් රිචඩ්සන් තහනම් උත්තේජන ආයතන නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම නිසා ඇමෙරිකානු තහනම් උත්තේජන ආයතනය විසින් අවුරුදු 10 ක තහනමකට  ලක්කර සිටින ධාවන පුහුණුකරු මාක් බ්ලොක් සමග පවත්වන ඇසුර නිසා සැකයට භාජනය වි සිටියි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කාමලිටා ප්‍රකාශ කර ඇත්තේ ඔහු තමාගේ හොදම මිතුරෙක් බවත්,ඔහුගේ දියණිය ඇතුළු  සියල්ල පවුලේ මිතුරන් බවත් ඉන් ඔබ්බට දෙයක් නැති බවත්ය.ජේසන් රිචඩ්සන් ද ඔහු සමග ඇති ඇසුර ප්‍රතික්ෂේප කර නැති අතර තමා ගේ අතපසුවීම් දකින ඒවා නැති කර ගැනිමට උදව් කරන මිතුරෙක් ලෙස මාක්ව හදුන්වා දි ඇත.
www.supirikrida.com

Aug 10, 2012

ලෝක සූරිය පැරද වූ බ්‍රිතාන්‍යයේ නිකොලා ඇඩම්ස් පළමු ‍කාන්තා රන් පදක්කමට උරුමකම් කියයි

Katie Taylor of Ireland celebrates Women's Fly Boxing winලිම්පික් තරගාවලියකට කාන්තා බොක්සිං තරග හදුන්වා දුන් මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පළමු කාන්තා බොක්සිං රන් පදක්කම දිනා ගැනීමේ ගෞරවය සත්කාරක බ්‍රිතාන්‍යයේ නිකොලා ඇඩම්ස් ට හිමි විය.හය වඩාත් කැපී පෙණුනේ ඇය අතින් එම බර පංතියේ (කිලෝ ග්රෑම් 51 -ෆ්ලයිවේග්ට්) 2010 මෙන්ම 2012 වසරේද ලෝක සූරිය වූ රෙන් කැන්කන් පරාජය වීම නිසාය.
ලෝක සූරියගෙන් බලාපොරොත්තු වූ තරම් තර්ජනයක් ඇඩම්ස් වෙත එල්ල නොවීම කැපී පෙණුන අතර ඇය තරගය ජය ගත්තේ ලකුණු 16 - 7 ක් ලෙස ය.අවසාන වටයේදී පමණක් රෙන්. ඇඩම්ස් හා සම වෙමින් ලකුණු 2 - 2 ක් ලෙස එම වටය අවසන් කළ අතර පළමු වටයේදී ලකුණු 4 -2 කින් සහ තෙවන වටයේ ලකුණු 5 - 2 කින් ඉදිරියෙන් සිටි ඇඩම්ස් තෙවන වටයේදී ලකුණු 5-1 ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය.
www.supirikrida.com

බොල්ට් ඔලිම්පික් ඉතිහාසය අලුත් කරයි

ලිම්පික් ඉතිහාසයේ මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වය වෙනුවෙන් ඔලිම්පික් උළෙල දෙකකදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ උසෙයින් බෝල්ට් ඊයේ සිය දස්කම් තවමත් වියැකී නැති බව සනාත කරමින් තත්පර 19.32 කින් සිය ඉසව්ව නිමා කර නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වූවාය.ඉතිහාසයේ පැවති වේගවත්ම මීටර් 200 ඉසව්වක් ලෙස අවිවාදිත මෙම තරගයේදි මුලු ස්තාන හතරම තත්පර 20 ට අඩුවෙන් මීටර් 200 නිමා කිරීම කැපී පෙණින.
තරගයට පෙරාතුව පෙර පුහුනුවීම් ධාවන පථයේ සිට බෝල්ට් ජැමෙයිකානු ක්‍රීඩක වැරන් වෙයාර් සමග රැදෙමින් ඔහුට අවවාද දෙමින් ක්‍රියා කරන අයුරු රූපවාහිනි දසුන් වලින් පැහැදිළි විය.එහි ප්‍රතිපලය ලෙස වර්ථමානයේ උසෙයින් බෝල්ට් ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ජැමෙයිකාවේම යොහාන් බ්ලේක් තත්පර 19.44 ට තරගය නිමා කරමින් සිය කාලීන හොදම දක්ෂතාවය දක්වමින් රිදී පදක්කම දිනා ගනිද්දී වැරන් සිය හොදම දක්ෂතාවයට පිවිසෙමින් තත්පර 19.84 කින් ඉසව්ව නිමා කරමින් තරගයේ ලෝකඩ පදක්කම ද ජැමෙයිකාවට දිනා දීමට සමත් විය.
තරගයේ සිව්වන ස්ථානය දිනූ ඇමෙරිකාවේ වොල්ස් ස්පියර්මන් ද සිය කාලීන හොදම දක්ෂතාවය දක්වමින් තත්පර 19.90 කින් තරගය නිමි කිරීමට සමත් විය.
www;supirikrida.com

ජපන් හපනියෝ පැරද වු ඇමෙරිකානු කාන්තාවෝ පාපන්දු රන් පදක්කම දිනති

The United States women's soccer team celebrate with the the gold medal කාන්තා ලෝක සුරතාවය දිනා සිටින ජපන් පාපන්දු කණ්ඩායමට 2 - 1 ක පරාජයක් උරුම කර දුන් ඇමෙරිකානු කාන්තා පාපන්දු ක්‍රීඩිකාවෝ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා පාපන්දු රන් පදක්කමට උරුමකම් කීහ.අමෙරිකානු කන්ඩායම වෙනුවෙන් අටවන සහ පනස් හතර වන විනාඩි වලදී ඇමෙරිකාව වෙනුවෙන් ගෝල රැස් කර ගැනීමට සමත් වූ කලි ලොයිඩ් ඇමෙරිකාවට මෙම රන් පදක්කම දිනා දීමට මුල් වූ ක්‍රීඩිකාව වූවාය.
ලෝක සූරී ජපන් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය රැස් කිරීමේ භාග්‍යය යුකී ඔගිමි විසින් දිනා ගත් අතර ඇය තරගයේ 63 වන මිනිත්තුවේදී එම ගෝලය රැස් කළාය.තරගයේ වැඩි දක්ෂතා ඇමෙරිකාවෙන් වාර්තා වූ අතර තරගයේ උණුසුම කෙතරම් ඉහළ මට්ටමක පැවතියද තරගයේ එක කහ කාඩ් අවවාදයක් පමණක් දකින්නට ලැබුණු අතර එම අවවාදය ලැබුවේ ඇමෙරිකානු කණ්ඩායමේ සුපිරි පෙර පෙළ ක්‍රීඩිකා ඇබී වැම්බැක්ය.
තරගාවලියේ ලෝකඩ පදක්කම ප්‍රංශය පරාජය කළ කැනඩාවට හිමි වූ අතර ඡායාරුපයෙන් දැක්වෙන්නේ ඇමෙරිකාව වෙනුවෙන් ගෝල ද්විත්වයක් රැස් කළ අංක 10 ක්‍රීඩිකා කලී ලොයිඩ් ය.
www.supirikrida.com

ඉතිහාසයේ වේගවත්ම මිටර් 800 ඉසව්වේ ජය ලෝක වාර්තාවක් සමග රුඩීෂා ට

Gold medallist David Lekuta Rudisha of Kenya poses on the podiumතිහාසයේ පැවති වේගවත්ම මීටර් 800 ඉසව්ව බවට පත් වූ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 800 ඉසව්වේ ජයග්‍රහණය තමන් සතුව පැවති පැරනි ලෝක වාර්තාව (1:41.54) විනාඩි 1:40.91 ක් බවට පත් කළ කෙන්යාවේ ඩේවිඩ් රුඩීෂා ට හිමිවිය.මෙහිදී විශේෂත්වය වූයේ තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් අට දෙනාගෙන් රුඩීෂා ද ඇතුළුව හත් දෙනෙකුම සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කළ අතර තරගයේ හත්වන තැන ලැබූ සුඩානයේ කාකි අබුබකර් ද සිය හොදම කාලීන දක්ෂතාවය ප්‍රදර්ශනය කරන්නට සමත් විය.
දෙවන ස්ථානය දිනා ගත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරග ජයග්‍රාහකයා වූ ‍බොට්ස්වානා හී අමොස් නයිජල් නව බොට්ස්වානා ජාතික වාර්තාවක් තබමින් විනාඩි 1:41.73 කින් තරගය නිමා කළේය.තෙවන ස්ථානය කෙන්යාවේම කිතුම් තිමොතිට හිමි වූ අතර ඔහු වාර්තා කළ විනාඩි 1:42.53 ඔහුගේ හොදම කාලය විය.පිළිවෙලින් සිව්වන ස්ථානය සහ පස්වන ස්ථානය දිනූ ඇමෙරිකානු ක්‍රීඩකයන් වන ඩවන් සොලමන් (1:42.82) සහ නික් සයිමන්ඩ් ද (1:42.95) සිය හොදම පෞද්ගලික කාලයන් වාර්තා කළේය.
හත්වන ස්තානය දිනූ ඉතියෝපියාවේ අමාන් මොහොමඩ් නව ඉතියෝපියානු වාර්තාවක් තැබිමට සමත් වූයේ විනාඩි 1:43.20 ක දක්ෂතාවයක් දක්වමින්ය.තරගයේ අවසාන ස්ථානයට (8) පත් වූ බ්‍රිතාන්‍යයේ ඔසාජි ඇන්ඩෘ ද සිය හොදම පෞද්ගලික දක්ෂතාවය දැක් වූවේ 1:43.77 ක කාලයක් වාර්තා කරමින්ය.
www.supirikrida.com

Aug 9, 2012

මම විවේචනයට ගරු කරන වැරදි හදා ගන්න කැමති කෙනෙක් - බැඩ්මින්ටන් සභාපති

සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දුරකථනය මගින් අදහස් දැක් වූ බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක පැවසුවේ නිලූක කරුණාරත්න වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කළ බවත් අප ලිපියෙන් විස්තර කරන ආකාරයට තමන් අතින් වරදක් වී ඇත්නම් ඒවා නොදැන සහ යම් නොමග යැවීම් හේතුවෙන් සිදු වන්නට ඇතැයි එම ලිපිය කියවීමෙන් තමන් තේරුම් ගත් බවත් ය.
මීට පෙර ද අප වෙබ් අඩවියේ පළ වූ විවේචන දුටු බව පැවසූ බස්නායකයන්,එවැනි අවස්ථා කිහිපයකදී ම කතා කිරීමට උත්සාහ කළ ද කාර්ය බහුලත්වය නිසා අමතක වූ බවත් සෘජු විවේචන තමා ප්‍රිය කරන බවත් පැවසීය.තමා සැම විටම නිවැරදි යැයි නොසිතන නමුත් තමා සෑම විටම වැරදි නිවැරදි කර ගැනීමට සූදානම් අයෙකු බැවින් එම විවේචන ඔස්සේ වඩාත් නිවැරදි ගමනක් යාම තම අපේක්ෂාව බව ද පෙන්වා දුන්නේය.නිලූක කරුණාරත්න වෙනුවෙන් මැක්ලරන්ස් ආයතනය මෙහෙය වූ උත්සවයේදී අමාත්‍යවරයා නිලූක කරුණාරත්නට ලබා දුන් බව කියන විශාල මුදල් ප්‍රමාණය නිවැරදි නොවන බව තමා පිලිගත්තේ අමාත්‍යවරයා වැරදි ප්‍රකාශයක් කළ බව ඒත්තු ගැන්වීමට නොවන බව පැහැදිළි කළ බස්නායකයන් එය අමාත්‍යංශය විසින් වැරදීමකින් ලබා දුන් තොරතුරු මත සිදුවන්නට ඇතිය යන විශ්වාසයෙන් බවත් පැහැදිළි කළේය.
අමාත්‍යවරයා පවසන මුදල් ප්‍රමාණය සමස්ත බැඩ්මින්ටන් සංගමයට ලබා දුන් මුදලක් මිස නිලූකට පමණක් ලබා දුන් මුදලක් නොවන බව එම උත්සවයේදි  බස්නායක විසින් කළ ප්‍රකාශය උපුටා දක්වමින් අප බැඩ්මින්ටන් සංගමය වැරදි තොරතුරු ලබා දී ඇතැයි කරන විවේචනය පදනම් කර ගෙන එම අදහස් ප්‍රකාශ කළ හෙතෙම ඉදිරියේදී නිලූක කරුණාරත්නට දීර්ඝ කාලීනව විදේශ පුහුණුවක් ලබා දිය යුතුව ඇතැයි පැහැදි‍ළි කළේය.
නිලූක ගේ ඉදිරි ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කටයුතු පිලිබදව සදහන් කළ බස්නායකයන් තමා සහ නිලූක ගේ කළමණාකරු මෙන්ම අනුග්‍රාහකයාද වන රොහාන් ද සිල්වා සහ තමා නිලූකට පුහුණු කටයුතු කළ කොරියානු ජාතික පුහුණුකරු කිම් සමග සාකච්ඡා කළ බව ද නිලූක විදේශ ගත කිරීමට වඩා පුහුණුකරු මෙරටට කැදවිය හැකි ආකරයක් ගැන ද තමා එහිදී යෝජනා කළ බව ද ඔහු පැහැදිළි කළේය.වර්ථමානයේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාව ලෙස කැපී පෙනෙන තිළිණි හෙන්දහේවා වැනි ක්‍රීඩිකාවක දැන් සිටම විදේශ පුහුණුවකට යොමු කිරීමේ වැදගත් කම අප විසින් මෙහිදී සභාපතිවරයාට පෙන්වා දුන් අතර මේ වන විටත් තමා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඇය මෙන්ම කාවින්දි,සහ ෂුස්මිතා යන ක්‍රීඩිකාවන් මෙන්ම අචිනි රත්නසිරි වැනි අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් පිළිබදවද එවැනි අවධානයක් යොමු කිරීම සිය අපේක්ෂාව බවද පැහැදිළි කළේය.
යළිත් නිලූක කරුණාරත්න සමග තරග පිටියට පුහුණුකරුවෙකු නොපැමිණිම ගැන අදහස් දැක් වූ සභාපතිවරයා කොරියානු පුහුණුකරුට එහි ඒමට අවකාශ නොතිබීමට හේතුව ඔහු පෝලන්ත ජාතික පුහුණුකරු ලෙස කටයුතු කිරීම බව පැහැදිළි කළේය.ක්‍රීඩා අමාත්‍යවරයා විසින් යොමු කළ පුහුනුකරුවෙකු වන ලුවී කරුණාරත්න වෙනුවෙන් අවසර පත්‍රයක් සැකසී නොතිබීම එයට හේතු වූ බව පැවසූ සභාපතිවරයා එහිදී යම් අඩුවක් වී තිබෙන බවට අප විසින් පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පළ නොකළේය.කිසිවෙකු නොමැති තැන තමාට අන්තර්ජාතික බැඩ්මින්ටන් සම්මේලන සාමාජිකයෙකු ලෙස එහි අසුන් ගැනීමට ඇති අයිතිය පාවිච්චි කර නිලූක ගේ ද ඉල්ලීම පිට තමා එහි අසුන් ගත් බව පැහැදිළි කළේය.
කොරියනු සංචාරයට කළමණාකරුවෙකු ලෙස සහභාගි කිරීමට එම සංචාරයට පුතෙකු එක් වු උප සභාපතිවරයෙකුගේ ආවතේවකම් සහ රියදුරුකම් කරන අයෙකු සහභාගි කරවිම තමා දැනුවත්ව කළ දෙයක් නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා ඔහු සහභාගි වූ සංචාරයේ එම තනතුර සදහා කෙනෙකු නම් කර එවන ලෙස සංගම් කිහිපයකට දැණුම් දුන්නත් දකුණු පළාතෙන් පමණක් මොහු එහි කමිටු සාමාජිකයෙකු බව කියමින් යෝජනා කර එවා තිබූ බව  පැවසීය.ඒ අනුව ඔහු ව සංචාරයට නම් කිරීමේදී ගැටළුවක් නොවුණු බව පෙන්වා දුන් සභාපතිවරයා නමුත් එය තමා පෙර සදහන් කල නොමග යැවීමකින් වූ වරදක් බව ද පෙන්වා දුන්නේය.
නැවත නැවතත් අප විසින් දිගින් දිගටම විවේචනාත්මකව වැරදි පෙන්වා දීම පිලිබදව කරුණු දැක් වූ සභාපතිවරයා එයට ස්තූති කරන අතරේම එම වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යාමට එය විශාල රුකුලක් වනු ඇති බවත් සදහන් කළේය.

ඇමෙරිකාවට සරු දවසක්

Aries Merritt of the United States celebrates after winning gold in the men's 110m Hurdles

මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩාවේ ඇමෙරිකානු ආධිපත්‍යය බිදී යමින් තිබුණද,ඊයේ යළිත් එය පණ ලබන අයුරක් දකින්නට ලැබුණා.ඊයේ රන් පදක්කම් තුනක් මලල ක්‍රීඩාවෙන් පමණක් දිනා ගත් ඇමෙරිකාවට කාන්තා බීච් වොලිබෝල් තරගවලින් ලැබුණු රන් පදක්කමත් සමග   ඊයේ දවස තුළ ඇමෙරිකාවට රන් පදක්කම් හතරක් හිමි වුණා.චීනයට රන් පදක්කම් දෙකක් පමණක් හිමි වූ ඊයේ දිනයේදී ඇමෙරිකාව සහ චීනය අතර රන් පදක්කම් පරතරය දෙකක් දක්වා අඩු වූ අතර ඒ අනුව චීනයේ රන් පදක්කම් ප්‍රමානය 36 ක් වෙද්දී ඇමෙරිකාවේ රන් පදක්කම් ප්‍රමාණය 34 දක්වා ඉදිරියට පැමිණියා.
ඊයේ මලල ක්‍රීඩාවෙන් හිමි වූ රන් පදක්කම් විමසා බැලීමේ දී ඇමෙරිකාවට යම් වාසනා ගුණයක් ද තිබෙන බව පැහැදිලි වුණා.විශේෂයෙන් මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්වේදී ලොව අංක එකට සිටින ලියු ෂියෑන් ප්‍රථම වටයේදීම තරගයෙන් ඉවත්විම මෙන්ම අවසාන තරගයේදී ඉසව්වේ ලා්ක වාර්තාලාභියා වන කියුබාවේ ඩැරන් රොබ්ලස් ආබාධයකට ලක් වී තරගයෙන් ඉවත් වීමත් ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.නමුත් එම ඉසව්ව ජයගත් ඇමෙරිකාවට දිනා දුන් ඇරිස් මෙරිට් වාර්තා කළ තත්පර 12.92 ක කාලය ගෙන බලද්දී ඔවුන් දෙදෙනා සිටියද ජය මෙරිට්ට ජය ගැනීමට අවස්ථාවක් තිබුණු බව පැහැදිළි කරන දක්ෂතාවයක් නිසා මෙරිට් අදක්ෂ යැයි කීමට නොහැකි වුව ද ෂියෑන් සහ රොබ්ලස් සිටියානම් ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබුණු බව ද ප්‍රතික්සේප කළ නොහැකියි.
මීටර් 200 ඉසව්වේ දී ඔලිම්පික් උළෙල දෙකකදීම රිදී පදක්කමකට සීමා වූ සිය දක්ෂතාවය රන් පදක්කමකට පෙරළා ගැනීමට ඇමෙරිකාවේ ඇලිසන් ෆෙලික්ස් සමත් වීම ඇයගේ අප්‍රතිහත ධෛර්‍ය පැහැදිළි කරන සුළු සිදුවීමක් වුණා.ඒ වගේම ලොව ඉදිරියෙන්ම සිටින දුර පනින්නිය තමන් බව සනාත කරමින් බ්‍රිට්නි රීස් ඇමෙරිකාවට දිනා දුන් රන් පදක්කම මෙන්ම බීච් වොලිබොල් කාන්තා අංශයේ ආදිපත්‍යය තමන් සතු බව පෙන්වමින් කෙරී වොල්ස් සහ මිස්ටි මේ-ට්‍රෙනර් දිනා දුන් රන් පදක්කමද අගය කළ යුතුයි.
ඉදිරියේදී ඊටන් ඇස්ටන් බොහෝ විට සිය ශක්තිවන්ත බව මොනවට විදහා දක්වමින් දසප්‍රයාම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම වැළක්වීමට නම් ඔහුගේම වරදක් හෝ ආබාධයක් විය යුතු බව සිතිය හැකි අතර ඔහුව ඉක්මවා යා හැකි තරග කරුවෙක් ගැන සිතීම අපහසුයි.එසේම ඇමෙරිකාව පැසිපන්දු පිටියේ දරන ආධිපත්‍යයද බොහෝ ඉදිරියෙන් තිබෙන නිසා සහ මලල ක්‍රීඩා සහය දිවීම් ඉසව් වලදී ඔවුන්ට ජයග්‍රාහකයන් වීමට ඇති ඉඩත් සළකන විට චීනයට සිය තත්ත්වය රැක ගැනීමට නම් තවත් පදක්කම් අටක් පමණ හිමි කර ගත යුතු වෙනවා.එසේම ඒ තත්ත්වය වෙනස් කිරීමට ජැමෙයිකාවෙන් ලැබෙන සහයද මේ මොහොතේ චීනයට ඉතාමත් වටිනා අතර ඒ ජැමෙයිකානු අභියෝගය විසින් ඇමෙරිකාවට අහිමි කරන්නට
හැකි රන් පදක්කම් ප්‍රමානය ද චීනයේ ජයග්‍රහණය තීරණය කරන සාධකයක් වන බව නිසැකයි.
www.supirikrida.com











Aug 8, 2012

බස්නායකගෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට තවත් වැරදි පිරිනැමීමක්

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නගේ ඔලිම්පික් සහභාගීත්වය වළක්වමින් ඔහුට ඒ සදහා සුදුසුකම් ලැබිය හැකි මග වසා දැමීමට උත්සාහ කළ බැඩ්මින්ටන් පරිපාලනයක අවතාර ඔලිම්පික් තරගාවලියේ ඔහු ගේ ක්‍රීඩා විලාශය පිළිබදව ලෝකයම ප්‍රශංසා මුඛයෙන් කතා කරන වාතාවරනයක් තුළ යළිත් වතාවක් ඔහුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයකට ක්‍රීඩා අමාත්‍යංශය ඈදා ගැනීමේ සැළසුමක් ක්‍රියාත්මක වන බවට ඉගි පහළ කරන මාධය නිවේදනයක් ඊයේ ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ලේකම් හර්ෂ බී අබේකෝන් ගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් විය.එය, පහුණුකරුවෙකු සහභාගි නොකිරීම පිලිබදව සිය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් බැඩ්මින්ටන් පරිපාලනයට එරෙහිව ගත යුතු විනය ක්‍රියා මාර්ග ක්‍රීඩකයාගේ පිටින් යවමින් ඉදිරියේදී මෙම ක්‍රීඩකයාව ජාත්‍යන්තර පුහුණුවකට යොමු කරමින් අමාත්‍යංශ අනුග්‍රහය යටතේ ජාතික වස්තුවක් ලෙස රැක ගැනීම පසෙක ලා ඔහුට එරෙහිව අමාත්‍යංශය විනය ක්‍රියාමාර්ග සදහා පොළඹවන සුළු ඉගි සැපයීමකි
එහිදී මාධ්‍ය ලේකම්වරයා පෙන්වා දෙන්නේ නිලූක කරුණාරත්න පුහුණුකරු වෙනුවට රොහාන් ද සිල්වා තරගයට සහභාගි කර ගත් බවය.නමුත් රොහාන් පුහුණුකරු ලෙස තරගාවලියට සහභාගි නොවුණු අතර ඔහු සහභාගි වූයේ කළමණාකරු ලෙස ය.රොහාන්ට එම අවස්ථාව ලැබෙන්නට හේතුව වූයේ මෙම තරගාවලියට සහභාගි වීම සදහා විදෙස් තරගාවලි නියෝජනයේදී නිලූක වෙනුවෙන් විශාල බර පැනක් දැරුවේ රොහාන් ද සිල්වා බැවින් නිලූක ඊට ගෞරවයක් ලෙස රොහාන් ට එම අවස්ථාව ලබා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යංශයෙන් මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවෙන් කරන ලද ඉල්ලීම් අනුවය.
මිට පෙර ද ක්‍රීඩා අමාත්‍යවරයාට නිලූක කරුණාරත්නට ක්‍රිඩා අමාත්‍යංශයෙන් ලබා දුන් මුදල් හැටියට දීර්ඝ කාලයක සිට බැඩ්මින්ටන් පරිපාලනයට ලබා දුන් මුදල් ලබා දෙමින් අමාත්‍යවරයා නොමග යැවූ පරාක්‍රම බස්නායක සභාපතිවරයා, නිලූක කරුණාරත්න වෙනුවෙන් පැවත් වූ මාධ්‍ය හමුවේදී ඒ පිළිබදව සදහන් කළේ,එය අමාත්‍යවරයාට වැරදිමකින් කරන ලද ප්‍රකාශයක් බවය.නැවත මාධ්‍ය ලේකම් වරයාගේ නිවේදනය දෙස අවධානය යොමු කරද්දී පැහැදිළි වන තවත් කරුණක් නම් නිලූක ගේ කොරියානු පුහුණුකරු තරගයට පෙරාතුව නිලූකට අවශ්‍යය උපදෙස් ලබා දුන් බවය.ඔහු එහි සිටි බව සදහන් කරන්නේ බැඩ්මින්ටන් පරිපාලන ප්‍රධානියා වන පරාක්‍රම බස්නායක ලබා දුන් තොරතුරු මතය.
එසේම ක්‍රීඩා අමාතයවරයා කොරියානු පුහුණුකරු වෙත යැවීමට නිලූකට අවශ්‍යය පසුබිම සකසමින් මෙන්ම නිලූක ගේ දෙමව්පියන් තරගාවලියට සභභාගි කරමින් ද නිලූක ගේ මානසික තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට විශාල උපකාරයක් කළ බව අපි දනිමු.නමුත් එසේ සහය පුහුණුකරු ලෙස ගිය ඔහුගේ පියා හෝ කොරියානු පුහුණුකරු වෙනුවට එම ස්ථානයට පරාක්‍රම බස්නායක සැපත් වූයේ කෙසේද යන්න මෙහිදී ඇතිවන බරපතලම ගැටළුවය.
බැඩ්මින්ටන් පරිපාලනයේ ප්‍රධානියෙකු එහි ඉද සිටීම නියමයක් ලෙස තවත් අකාරයකට අමාත්‍යවරයා නොමග යවමින් බස්නායකයන් විසින් පැවසිය හැකි බැවින් එසේ බැඩිමින්ටන් පරිපාලන වල නිලධාරීන් ක්‍රීඩකයාගේ අවශ්‍යයතාවය නොසළකා එහි සිටියේ නම් ඒ කවුරුන්ද යන්නත් එසේ සිටියා නම් ඔවුන් ට සහ බස්නායකයන්ට බැඩ්මින්ටන් දැණුම සම්බන්ධයෙන් ඇති අවබෝධයේ වර්ගපලය ද විමසා බැලිය යුතුය.
ක්‍රීඩා අමාත්‍යවරයා නිලූක සම්බන්ධයෙන් ඔහුගේ තරග මානසිකත්වය යහපත්ව පවත්වා ගෙන යාම සදහා ගත් තීන්දු බැඩ්මින්ටන් පරිපාලන ප්‍රධානියාගෙන් නිශේධනය වි ඇති තත්ත්වයක් තුළ බැඩ්මින්ටන් පරිපාලනය එම වරදකරුවන්ගේ පෝලීමේ චෝදනා විරහිතව අමාත්‍යවරයාද සිටුවා තබා ගෙන ක්‍රීඩාවේ ප්‍රධාන පරිපාලකයා සිය කණ්ඩායමේ වැරදි වලට හවුල් කරුවෙකු කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය සාර්ථකව පොළඹවා ගැනීමක් ලෙස මෙම මාධ්‍ය  නිවේදනය හරහා හැගීමක් ඇති වීම වහාම නිවැරදි විය යුතු බව අපේ හැගීමය.
අමාත්‍යංශයේම නිවේදනයට අනුව පරාක්‍රම බස්නායකගේ උපුටා දැක්වීම පැහැදිළි කරන ආකාරයට කොරියානු පුහුණුකරු වෙනුවට ක්‍රීඩකයා බලාපොරොත්තු නොවුනු බැඩ්මින්ටන් සභාපතිවරයා එහි අසුන් ගත්තේ මන්ද?ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් තරග සංචාරය සදහා සහය පුහුණුකරුවෙකු ලෙස සහභාගි වූ නිලූක ගේ පියා (ලුවී කරුණාරත්න) පුහුණුකරු ලෙස තරග පැවත්වෙන ස්ථානයට සහභාගි නොකර පරාක්‍රම බස්නායක එහි අසුන් ගත්තේ මන්ද?
මේවාට පිළිතුරු අවශ්‍යය වන්නේ බැඩ්මින්ටන් පරිපාලනයෙන්ය.
www.supirikrida.com

ශ්‍රී ලංකා දැල් පන්දු තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි?

සියානු කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම නම් කිරීම සදහා අවසන් තේරීම් පසුගියදා පැවතිය ද ඒ සම්බන්ධයෙන් පුහුණුකාරිය සතුටට පත් වී නැති වීම හේතුකොට ගෙන ඇය දැල් පන්දු ප්‍රධානින් හරහා නැවත තෝරා ගැනීමකට යන ලෙස බලපෑම් කරමින් සිටින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.කණ්ඩායම තේරීමේ දී හොදින් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවන් ඊට ආදේශ කරන ලෙස පුහුණකාරිය කරන ලද ඉල්ලීම් යම් තරමකින් සළකා බැලුවද,ඉතාමත් ඉහළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් ඉවත් කිරීමට තේරීම් කමිටුව අකමැති වීම හේතු කර ගෙන මෙම තත්ත්වය ඇති වී තිබෙන බව එම වාර්තා පැහැදිළි කරයි.
ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වූ කළමණාකාරිය සමග සමීපව කටයුතු  කළ බවට චෝදනා කරමින් එම සංචාරයට ආබාධයක් තිබියදී පවා එක් කර ගත් ක්‍රීඩිකාවක් ඉවත් කිරීමට පුහුණුකාරිය අනුබල දී ඇති අතර එම සංචාරයෙන් පසුව හමුදා සේවයට සම්බන්ධ ක්‍රීඩිකාවක් පුහුණුවීම් වලට ඒමෙන් වැළකී සිය නිල රාජකාරිය ආශ්‍රිත සේවයේ පුහුණුවකට සහභාගි වී ඇති බවත් ඇය කණ්ඩායමට අත්‍යවශ්‍යය ක්‍රීඩිකාවක බව පුහුණුකාරිය පවසා ඇයද කණ්ඩායමේ රදවා ගැනිමට තේරීම් කමිටුවේ අවසරය ලබා ගෙන ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.
එහිදී කණ්ඩායමේ දරා ගැනීමේ ශක්තිය පිළිබදව තේරීම් කමිටුව සෑහීමකට පත් වී නැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී හෝ අවධානය යොමු කරන ලෙස පුහුණුකාරියට උපදෙස් ලබා දී ඇත.එහිදී හොදින්ම සිය දරා ගැනීම පවත්වා ගෙන තේරීමට මුහුණ දුන් ක්‍රීඩිකාව ලෙස තේරීම් කමිටුවේ අවධානයට ලක් වූ ක්‍රීඩිකාවක් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවක් ඊට ආදේශ කරන ලෙස ඉල්ලා පුහුනුකාරිය කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායම අමාත්‍යවරයාට යොමු නොකරමින් අතුරු කමිටු ප්‍රධානින් හරහා පුහුණුකාරිය සිය බලපෑම තේරීම් කමිටුව වෙත එල්ල කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ වන විටත් තරගාවලිය පවතින රටේ කණ්ඩායම තෝරා නැති වීම පිලිබදව ක්‍රීඩා කේෂ්ත්‍රයේ විශාල කතාබහක් ඇති වී ඇතත් පුහුණුකාරිය සහ දැල් පන්දු පරිපාලනයේ ඇතැමෙක් ඕසට්‍රේලියානු සංචාරයේ වීඩියෝ පට ද නරඹා නැවත තේරීමක් කරන ලෙස ඉල්ලා ඇති බව ද සුපිරික්‍රීඩා වෙත දැන ගන්නට ලැබිණ.තේරිම් කමිටුවේ නිලධාරිණියන්ට බලපෑම් කරමින් කණ්ඩායමෙන් ඉවත් කරන්නට හදන ක්‍රීඩිකාව ඕස්ට්‍රේලියාවේදී හොදින් ක්‍රිඩා නොකිරීමට එහි ඇති වෙනත් සාධක බල පාන්නට ඇති බව පෙන්වා දෙන තේරීම් කමිටුව තරගාවලිය පැවත්වෙන පරිසරයේදී ඇය ඉතාමත් හොදින් දස්කම් දැක්වීම වඩා වැදගත් කොට සැළකිය යුතු බව ද පුහුණුකාරියට දන්වා ඇත.
දැනට තෝරා ගෙන ඇති ක්‍රීඩිකාවත් ඇය ඉවත් කර කණ්ඩායමට ඇයගේ ස්ථානය සදහා ගෙන ආ යුතු බවට යෝජනා කරන ක්‍රීඩිකාවත් එකම කණ්ඩායමකට ක්‍රීඩා කරන අතර එහිදී දැනට තෝරා ඇති ක්‍රීඩිකාව අදාළ ස්ථානයේ ක්‍රීඩා කරන බවත්,අනෙක් ක්‍රීඩිකාව වෙනත් ස්ථානයක ක්‍රීඩා කරන බවටත් තොරතුරු වාර්තා වේ.පුහුණුකාරිය තේරිම් කමිටුව ඉදිරියේ කරුණු දක්වමින් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ දරා ගැනීමේ ශක්තිය හීනවීම පිළිබදව කරුණු දක්වමින් පවසා ඇත්තේ තරගයකට ක්‍රීඩිකාවන් එක් එක් කාර්තුව සදහා වෙනස් කර යොදා ගනිමින් ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බවය.මාස ගණනක පුහුණු සැසි වලින් පසුව එක දිගට තරගයක යෙදීමට හැකි ලෙස කණ්ඩායමේ තත්ත්වය ඉහළට නොගැනීම පිළිබදව මෙහිදී පුහුණුකාරියට තේරිම් කමිටුව වරද පටවා ඇති අතර තමන්ට අවශ්‍යය කණ්ඩායම නම් කර ගැනීම සම්බන්ධයෙන් තර්ක කරමින් කාලය විනාශ කර දැමීම නවතා දැන්වත් වෙහෙස වී ක්‍රීඩා පුහුණුවීම් වල නියැලෙන ලෙස ද අවවාද කොට ඇත.
කෙසේ වුවත් සිය අවශ්‍යයතාවය වෙනුවෙන් දිගින් දිගමට තේරීම් කමිටුවට බලපෑම් කරමින් සිටින පුහුණුකාරිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකගේ නම ද පවසමින් ඇයගේ ද ඉල්ලීමක් ලෙස සළකා ක්‍රීඩිකාවක කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට උත්සාහ දරමින් සිටීම පිළිබදව දැල්පන්දු පරිපාලනය ද පුහුණුකාරියට අවවාද කිරීම පසෙකලා තේරීම් කමිටුවට බලපෑම් කරන යන්නේ නම් එය නරක ආදර්ශයක් විය හැකිය.මේ තත්ත්වය මත තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ඉඩක් ද පවතින අතර දැල් පන්දු පරිපාලනය පුහුණුකාරිය අවසාන මොහොතේ සිය නොහැකියාව වසා ගැනීම සදහා ඉල්ලා අස්වේය යන බියෙන් පුහුණුකාරියට අවනත වන්නේදැයි සැකයක් මතුවන බව දැල් පන්දු කේෂ්ත්‍රයේ කතා බහට ලක්වෙමින් පවතින්නේය.
මීට පෙර ද සිය අවශ්‍යයතාවය මත දැල් පන්දු පරිපාලනය නොහැසිරුනු විට කණ්ඩායම අතහැර විදෙස්ගත වීම සම්භන්ධයෙන් පුහුණුකාරිය සම්බන්ධව ඇති අත්දැකීම් සළකා එවැනි බියක් ඇති වීම සාධාරණ බව පෙන්වා දෙන ඔව්හූ ගියවර තිලකා ජිනදාස යටතේ ආසියානු කුසලානය දිනූ ජ්‍යෙෂ්ඨ සංචිතය ද එසේ අතරමග හැර දමා ගිය බව පෙන්වා දෙති.එසේම තරගාවලියට සහභාගි වන විදේශ කණ්ඩායමක් සමග තවත් තරගාවලියට සහභාගි වන කණ්ඩායමක් ඉදිරිපිට පුහුණු තරගයක නියෑලීම පිලිබදවද මේ වන විට පුහුණුකාරියට එරෙහිව මතු වෙමින් තිබෙන විශාල චෝදනාවක් වන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇති අතර මේ තත්ත්වයන් සළකා තරගාවලියේදී කණ්ඩායම පරාජය වුවහොත් එම වරදේ වැඩි කොටස තේරීම් කමිටුවට පැවරීම පිණිස පුහුණුකාරිය මෙම අරගලය දියත් කිරීමට පියවර ගන්නට ඇති බවද ඇතැමුන් ගේ මතය වී ඇත.
‍කෙසේ හෝ මේ වන විට ආසියානු කිරුළ නැවත දිනා ගැනීම අපේක්ෂාවෙන් සිංගප්පූරු දැල්පන්දු සංචිතය නම් කර ඇති අතර ඔවුන්ගේ අවසාන ක්‍රීඩිකාවන් දොළොස් දෙනා ඔවුන් ක්‍රීඩා කරන ස්ථාන ද නිශ්චිතව නම් කරමින් කණ්ඩායම ඉදිරිපත් කිරීමට මේ වන විටත් සිංගප්පූරු දැල් පන්දු පරිපාලනය ක්‍රියා කර ඇත.පුහුණුකාරියම අනුවද ඇය දිගින් දිගටම ප්‍රසිද්ධියේ පවසා ඇති පරිදි එක්තරා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට අනුවද අප විසින් පළ කරනු ලබන මෙම ප්‍රවෘත්ති කණ්ඩායමේ මානසිකත්වයට අහිතකර වන අතර අප විශ්වාස කරන්නේ වඩාත් දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් සමග තරගාවලියට පිවිසීම මේ මොහොතේ ජයග්‍රහණය පිණිස වන හොදම ක්‍රියා මාර්ගය බවය.
පහත දැක්වෙන්නේ සිංගප්පූරු දැල් පන්දු වෙබ් අඩවිය සිය කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන පැහැදිළි ආකාරය ය.ඡායාරුපයෙන් දැක්වෙන්නේ ආසියාවේ තෙවැනියන් ලෙස තරගාවලියට සහභාගි වී හත්වන ආසියානු සූරියන් වෙමින් ආසියානු දැල්පන්දු කිරුළ දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් අනතුරුව ඡායාරුපයකට පෙනී සිටි අයුරුය.
PlayersPositionsAgeHeightInternational Caps
Chen HuifenGA/GS27170cm60
Chen Li LiGK22196cm5
Premila HirubalanGD/GK/WD30170cm79
Shelby KohC/WA18177cm8
Vanessa LeeWD/C28170cm52
Lin Qingyi (Co-Captain)GK/GD27174cm51
Jean Ng (Co-Captain)GK/GD34174cm100
Nurul BaizuraWD/C/WA22170cm17
Charlene PorimaC/WD34172cm45
Cassandra SohGS22176cm11
Charmaine SohGA/GS22175cm10
Yu Mei LingGS21179cm4

www.supirikrida.com

සැලී රිදී රන් කර රන් රිදී කරයි

Sally Pearson of Australia wins the Women's 100m Hurdles Final කුත් වසරේ ලොව විශිෂ්ඨතම මලල ක්‍රීඩිකාව ලෙස නම් කළ සැලී පියර්සන් නව ඔලිම්පික් වාර්තාවක් (තත්.12.35) සමග මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජය ගත්තේ 2008 වසරේදී තමන් දිනූ රිදී පදක්කම රන් පදක්කමක් බවට පෙරළා ගනිමින්ය.එම ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ ඇමෙරිකානු ක්‍රීඩිකා ඩොන් හාපර් රිදී පදක්කමට හිමිකම් කියූ අතර නමුත් ඇයද සිය ජීවිතයේ හොදම තරග නිමි කිරීමේ කාලය වාර්තා කරමින් පැවති ඔලිම්පික් වාර්තාව සම කරමින් තත්පර 12.37 ක කාලයක් ගත කරන්නට සමත් වූවාය.
ඉතා වේගවත් තරගයක යෙදෙමින් සියළු දෙනාම මේ තරගය ජය ගැනීමට කළ උත්සාහය නිසා තරග නිමා කිරීම් ඇතැම් රටවල ජාතික වාර්තා බවට පත් වෙද්දී බොහෝ දෙනෙකු සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කිරීම ද කැපී පෙණින.තරගයේ තෙවන සහ සිව්වන ස්ථාන සදහා පිළිවෙලින් පත් වූ ඇමෙරිකාවේ කෙලී ලේස්  තත්.12.48 ක් වාර්තා කරද්දී ලෝලා ජෝන්ස් සිය කාලීන හොදම දක්ෂතාවය ලෙස තත්පර 12.58 ක් වාර්තා කරන්නට සමත් විය.
පස්වන ස්ථානයට පත් වූ තුර්කියේ වැනිට් නෙවින් නව ජාතාක වාර්තාවක් තබමින් තත්පර 12.58 කින් සිය ඉසව්ව නිමා කළ අතර හයවන තැනට පිවිසි කැනඩාවේ ජෝජ් පිලිසියා සිය හොදම පෞද්ගලික කාලය සම කරමින් තත්පර 12.65 ට ඉසව්ව නිමා කළාය.
www.supirikrida.com

ලංකාව ආයෙත් පරාදයි

Irfan Pathan picked up three wicketsන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ඇරඹීමට පෙරම ඒ පිළිබද කණ්ඩායම් දෙකේ සංයුතිය ගැන සදහන් කරමින් අප පවසා සිටියේ ඉන්දියාවේ හැකියාවන් ඇති කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ වාසනාවන්තයන් ගේ කණ්ඩායම අතර තරගාවලියක් පැවත්වෙන බවයි.ඇතැම් ජාත්‍යන්තර විචාරකයන් ද ශ්‍රී ලංකා නායක මහේල සහ දෝනි ගැන ද මෙවැනි අදහසක් දැරුවා.ඒත් දෝනි ගේ වාසනා යන්ත්‍රය කරකැවිය හැකි දක්ෂතා වලින් අනූන කණ්ඩායමක් ලැබුණත් මහේලට එවැනි කණ්ඩායමක් නැහැ.
දක්ෂයන් මෙන්ම දක්ෂතා අතර නැති කිහිප දෙනෙකුටද එම සංචිතයේ වාසනාව තිබෙන බැවින් හදිසියක දී   වෙනුවට යෙදීමට ඉන්නේ එවැනි වාසනාවන්තයන් නිසා දක්ෂතා සුරැකෙන්නේ නැති අඩුව පසුගිය කාලයේම දකින්නට ලැබුණත් එවැනි වාසනාවන් පහළවීම පිළිබදව ජනතාවට ඇති කුහුල නිවා ගන්නට ජනමාධ්‍ය්‍යට මුහුණ දීමට තරම්වත් හැගීමක් නැති තේරීම් කමිටුව දිගින් දිගටම වදුරෙකුට දැලි පිහියක් ලැබුණු ආකාරයෙන් හැසිරෙමින් සිටිනවා.නමුත් ඔවුන් ට පෞද්ගලිකව කිසි හානියක් නොවන අතර ඔවුන් දිගින් දිගටම තේරීම් කමිටුවේම සිටින අතර ඔවුන් ගේ දැලි පිහි පහරින් තුවාල ලබන්නේ දක්ෂයන් සහ ක්‍රීඩාව වීම ඛේදණීය තත්ත්වයක් බවට පත් වී තිබෙනවා.
මේ තත්ත්වය මත පැවති එකම 20 - 20 තරගයේදී ශ්‍රී ලංකාව ජගත් ශ්‍රේණිගත කිරීම් වල තමන්ට ඉදිරියෙන් සිටීම පිලිබදව තැකීමක් නොකරන ඉන්දියාව කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ලකුණු 39 කින් පරාජය කරන්නට සමත් වෙනවා.පල්ලෙකැලේ ක්‍රීඩාංගණ ඉතිහාසය ගැන සොයා බලද්දී එහි සාර්ථකම පිතිකරුවා වන ටීඑම් ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී යාම මෙන්ම එම තණතිල්ලේ ඉතාමත් හොදින් පන්දු යවා ඇති ඩිල්ෂාන් පන්දු නොයැවීමද යම් ආකාරයක බලපෑමක් කළ බව මෙහිදී සිහිපත් කළ යුතුයි.දිගින් දිගටම ඔහුගේ කණ්ඩායමට ඇති අවශ්‍යයතාවය පිතිකරණය පමණක් යන්න ඔහුටම ඒත්තු යන පරිදි ඔහුගේ ක්‍රිකට් ජීවිතය විනාශ කිරීමට කාට හෝ ඇති උවමනාවක් හෝ තමාට ඇති උවමනාවක් හෝ මහේල විසින් ඉටු කරමින් තිබෙන බව පැහැදිළි වුණත් කිසිදු බලධාරියෙකු ඒවා සංඛයා ලේඛන සමග සංසන්දනය කරමින් කතා කිරීමට ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක්.
එම නිසා මෙම තරගාවලියේදී අවස්ථානුකූලව පිතිකර'නයේ නොයෙදීම ලෙස පරාජයේ හේතුව හුවා දක්වන්නට මහේල කටයුතු කරද්දී ඔහු ද කණ්නාඩියක් ඉදිරිපිට සිට අවස්ථානූ කූලව නායකත්වයේ වගකීම ඉටු නොකළ බවට ද දෙස් දෙවොල් තැබිය යුතුව තිබෙනවා.
කෙසේ හෝ ඉතාමත් දක්ෂ තරුණ කණ්ඩායමක් ලෙස ඉන්දීය සංචාරයට එක් කර තිබූ එකම 20 - 20 තරගයේ සෑම අතින්ම ඉදිරියෙන් සිටි ඉන්දියාව එම තරගය ජයගත් බව කිව යුතුයි.ඒ නිසා එම ජයග්‍රහණය වාසනාවන්ත එකක් නොවන අතර කළයුතු දේ නිසි වේලාවට නිසි පරිදි කිරීමේ භෞතික තත්ත්වයන් විසින් ඉන්දියාවට ලබා දුන් ජයග්‍රහණයක් ලෙස අර්ථ දැක්විය යුතුයි.
20 - 20 තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය මගින් පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564786.html
www,supirikrida.com

රන් පදක්කම්ලාභියා ගේ හිස මතට මහ බරක්







ර ඉසිලීම ඉසව්ව වෙනුවෙන් බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ජර්මණියේ මැතිව්ස් ස්ටෙනර් සිය ඉසව්වේ නියැලී සිටියදී  ආබාධයකට ගොදුරු වීම නිසා තරගයෙන් ඉවත් වුණා.ස්නැච් ක්‍රමයට එම එසවීම කරමින් සිටියදී ඇති වූ තත්ත්වයක් නිසා ඔහු බර එසවුමත් සමග ඇද වැටුණු අතර එහි දී බර එසවුම සිය හිස සහ ගෙල මත පතිත වුණා.
සංවිධායකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව නරඹන්නන්ගෙන් ආවරනය කර රෝහල වෙත ගෙන යාමට කටයුතු කල අතර එහිදී ඔහු ව විකිරණ ප්‍රතිකාර වෙත යොමු කර තිබෙනවා.එහිදී සංවිධායකයන් තමාට ඉක්මණින් ප්‍රතිකාර ලබා දීම සදහා යොමු කිරීම පිලිබදව මතියෙස් සංවිධායකයන් වෙත ස්තුතිය පුද කර තිබෙනවා.
මේ සමග දැක්වෙන්නේ ඊට අදාළ ඡායාරූප කිහිපයක්.
www.supirikrida.com

කැමරුන් ක්‍රීඩකයන් හතක් අතුරුදහන්


න්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන කැමරුන් ක්‍රීඩක කණ්ඩායමේ හත් දෙනෙකු මේ වන විට අතුරුදහන් වී තිබෙන බව ලන්ඩනයෙන් වාර්තා වේ.අතුරුදහන් වූ හත් දෙනා අතරට බොක්සිං ක්‍රීඩකයන් පස් දෙනෙකුම ඇතුළත් වී ඇති අතර පිහිණුම් ක්‍රීඩකයෙක් සහ පාපන්දු ක්‍රීඩකයෙක් ද ඒ අතර වේ.තෝමස් එසොම්බා,ක්‍රිස්ටියන් ඩොන්ෆැක්,ඇබ්ඩන් මිවෝලි,බ්ලැසි යෙප්මොව් සහ සර්ගි ඇම්බොමෝ යන බොක්සිං ක්‍රීඩකයන් ද,පෝල් එකානේ යන පිහිණුම් ක්‍රීඩකයා සහ කැමරුන් කණ්ඩායම වෙනුවෙන් තරග බිමට පිවිසීමට වරම් නොලත් පාපන්දු සංචිතයට අයත් ව සිටි ඩ්‍රසෙලි එන්ගාකෝ මේ අතුරුදහන් වූ ක්‍රීඩක සංයුතිය නියෝජනය කරනවා.
මේ අතුරුදහන්වීම පිළිබදව කණ්ඩායම්භාර නිලධාරීන් විශාල ගැටළු ගණනාවකට මුහුණ දී සිටින අතර විදෙස් වාර්තා පෙන්නා දෙන්නේ මිලියන 12 ක් පමණ වන කැමරුන් රැකියා වියුක්තියන් අතරට වැටෙන මෙම ක්‍රීඩකයන් යුරෝපීය රැකියා වෙළද පොළෙන් අවස්ථාවක් ලබා ගැනීම පිණිස කණ්ඩායමෙන් පලා යන්නට ඇති බවයි.
www.supirikrida.com

Aug 7, 2012

ඔලිම්පික් පාපන්දු පිටියේ ආසියානු දස්කම් කැපී පෙනෙයි

Extra time during the women's semi-final Football match between Canada and the USAජගත් කාන්තා පාපන්දු සූරියන් වන ජපානය මේ වන විටත් ඇමෙරිකාවට එරෙහිව පාපන්දු රන් පදක්කම සදහා වන සටනට සුදුසුකම් ලබා සිටින අතර මෙවර පිරිමි අංශයේදී ද ආසියානු දස්කම් කැපී පෙණෙන තත්ත්වයක විය.මේ  වන විට අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා තිබෙන කණ්ඩායම් හතරට ජපානය සහ කොරියාව සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය ආරම්භයේදී ම ජගත් සූර ස්පාඤ්ඤය පරදවමින් ජගත් පාපන්දු ලෝකයේ අවධානය දිනා ගත් ජපානය අවසන් පූර්ව තරගයේදී මෙක්සිකෝවට එරෙහිව තරග වැදීමට නියමිතය.කොරියානු කන්ඩායමේ ප්‍රතිවාදියා වන්නේ බ්‍රසීලය ය.ඡායාරුපයේ දැක්වෙන්නේ ජපාන කාන්තා පාපන්දු කන්ඩායම අවසාන තරගයට තේරී පත්වීම ප්‍රේක්සකයන් සමග විද ගත් අයුරුයි.
www.supirikrida.com

මේස පන්දු පිටියම චීනයට?

Zhang Jike celebrate during men's Singles Table Tennis finalමෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මේස පන්දු ක්‍රීඩාව වෙනුවෙන් දිනා ගත හැකි රන් පදක්කම් හතරම චිනය දිනා ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ විශ්වාසය පළ කරති.පිරිමි සහ කාන්තා කේවල ලෙසත් කන්ඩායම් ලෙසත් තරගාවලිය පැවත්වෙන අතර මේ වන විට නිමා වී ඇති කාන්තා සහ පිරිමි ඒකල තරග වල රන් සහ රිදී පදක්කම් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගෙන සිටිති.
පිරිමි කේවල අංහයේ රන් පදක්කම චීනයේ ජික් සාන්ග් විසින් දිනා ගත් අතර එහි රිදී පදක්කම හාවෝ වැනග් දිනා ගත්අතර එහි ලෝකඩ පදක්කම දිමිත්‍රි ඔවිට්චරෝ විසින් දිනා ගත්තා.කාන්තා කේවල සූරිය වූයේ චීනයේ ලී ෂයැෂිඔවා වන අතර රිදී පදක්කම ඩින්ග් නින්ග් විසින් දිනා ගත්තා.සිංගප්පූරුවේ ෆෙන්ග් ටියැන්ගවෙයි විසින් ලෝකඩ පදක්කම දිනා ගත් මෙම ඉසව්වේ කාන්තා කණ්ඩායම් අවසාන තරග අද පැවත්වෙන අතර ඒ සදහා චීනය සමග ගැටෙන්නේ ජපානය යි.
පිරිමි කණ්ඩායම් අවසාන තරග හෙට (8) පැවත්වෙන අතර ඒ සදහා ද චීනය සුදුසුකම් ලබා සිටින අතර එහිදී චීනයට එරෙහිව රන් පදක්කම සදහා තරග වැදීමට දකුනු කොරියාව තරග වැදිමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

සිය මිත්තනිය වෙනුවෙන් රන් පදක්කම් දෙකක් දිනූ ෆෙලික්ස් සැන්චස්

තිශයින් සංවේදී මිනිසෙකු ලෙස ප්‍රකට සුපිරි මීටර් 400 කඩුලු මතින් දිවීමේ සූර ෆෙලික්ස් සැන්චස් සිය දෙවන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් වුණා.තත්පර 47.63 ක කාලයකින් සිය ඉසව්ව නිමා කළ සැන්චස් තරගය අවසානයේ තම උඩුකය ඇදුම තුළින් ගත් සිය මිත්තනියගේ ඡායාරූපයක් ධාවන පථය මත තබා ගෙන සිප ගන්නට වුණා.මියගිය මිත්තනියගේ බලාපොරොත්තුවක් සපල කිරීමක් හැටියට එම ජයග්‍රහණය ඇය වෙත පිදූ සැන්චෙස් ජය සංඛේත ප්‍රදානයේදී ඉතාමත් හැගුම්බරව කදුළු වගුරද්දී මුළු ක්‍රීඩාංගණයම සිය අසුන් වලින් නැගිට මේ තිස් හතර හැවිරිදි ඩොමිනිකන් ජාතිකයාට ගෞරව කළා.
වසර 2000 දී සිය ප්‍රථම ඔලිම්පික් අත්දැකීම සිඩ්නි වලදී ලබාගන්නා සැන්චෙස්,එහි අවසාන පූරව තරග සදහා දක්වා තරග වදිනවා.2001 සිට 2004 දක්වා 43 ක් වරක් සිය අපරාජිත තත්ත්වය රැක ගන්නා සැනචෙස් 2004 ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ තත්පර 46.63 ක දක්ෂතාවයක් දක්වමින්.2008 වන විට ආබාධයකින් පෙළෙමින් සිට නැවත යථා තත්ත්වයට පත් වෙමින් සිටින සැන්චෙස්ට බීජිං ඔලිම්පික් උළෙලේ පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදු වෙනවා.
ජාතික වීරයෙකු ලෙස ඩොමිනිකන් රජය විසින් පිළිගනු ලබන සැන්චෙස් නමින් එහි ජාතික ක්‍රීඩාංගණය පවා නම් කර තිබෙනවා.සිය නමින් පවත්වා ගෙන යන පදනම මගින් කුඩා දරුවන්ට උදවි අපකාර කරන සැන්චෙස්,විශේෂයෙන් දරුවන්ගේ ඉංග්‍රිසී දැණුම වර්ධනය කිරිම සදහා කැපවීමෙන් කටයුතු කරමින් සිටිනවා.
Felix Sanchez of Dominican Republic celebrates becoming Olympic champion in the men's 400m Hurdles
සැන්චෙස් සිය සිව්වන ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින් මීටර් 400 කඩුලු මතින් දිවීම වැනි ඉසව්වක රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනෙන දක්ෂතාවයක් වන අතර එහි රිදී පදක්කම ඇමෙරිකාවට දිනා දෙන්නට මයිකල් ටෙන්ස්ලි සමත් වෙනවා.මේ වසර පුරාම මෙම ඉසව්වේ අපරාජිතත්ත්වය රැක ගෙන සිටි පුවාටරිකෝ හී ජෙවියර් කොල්සන් ලෝකඩ පදක්කමෙන් සෑහෙන්නට සිදු වුණා.
www.supirikrida.com

පියාඹන ගැහැණියගේ තටු බිදෙයි

Elena Isinbaeva of Russia misses a vaultකාන්තා රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් වාර්තාවද උසුලන යෙලීනා ඉසින්බයේවා ට මෙවර ඔලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කමකින් සෑහෙන්නට සිදු වූවාය.2004 සහ 2008 ඔලිම්පික් උළෙල දෙකේම රන් පදක්කම දිනා සිට යෙලීනා ට සිය තෙවන ඔලිම්පික් රන් පදක්කම සදහා ගත් උත්සාහයේදී වාර්තා කිරීමට හැකි වූයේ මීටර් 4.70 ක දස්කමක් පමණි.
කාන්තා රිටී පැනීමේ රන් පදක්කම සහ රිදී පදක්කම සදහා වාර්තා වූ උස ප්‍රමාණය මීටර් 4.75 ක් පමණක් වූ අතර එහිදී අඩු වාර ගණනකදී උස ප්‍රමාණයන් ඉක්මවා යාම සළකා රන් පදක්කම ඇමෙරිකාවේ ජෙනිෆර් සුහ්ර් විසින් දිනා ගත් අතර රිදී පදක්කම කියුබාවේ යරිස්ලි සිල්වා ට හිමි වූ අතර ඇය විසින් වාර්තා කළ දක්ෂතාවය නව කියුබානු ජාතික වාර්තාවක් ද විය.
ඡායාරුපයේ දැක්වෙන්නේ ජෙනිෆර් ෂුහ්ර් විසින් රිටි පැනී‍මේ යෙදී සිටි අවස්ථාවකි.
www.supirikrida.com

මරජුවානා ගත් ඇමෙරිකානුවාට වැඩ වරදී

 රිජුවානා හෝ හෑෂ් නම් මත් ද්‍රව්‍ය වල තිබිය හැකි  tetrahydrocannabinol නම් 
තහනම් උත්තේජනය තිබූ බවට පරීක්ෂණ වල දී අනාවරණය වීම නිසා ඇමෙරිකා එක්සත් ජනපද ජූඩෝ ක්‍රීඩක නික් ඩෙල්පොපෙලෝ ට ඔලිම්පික් තරග සහභාගීත්වය අත්හිටුවීමට තරග සංවිධායකයන් පියවර ගෙන ඇත.මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය නික් ගේ ඔලමිපික් අවසර පත්‍රය අවලංගු කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය විසින් ගන්නා ක්‍රියා මාර්ගය කවරේද යන්නද විමසීමක් කර ඇත.
www.supirikrida.com

Aug 6, 2012

ඉන්දියාවට ඉදිරියෙන් සිට ටී - 20 පිටියට බසින ලංකාවේ ඉරණම අභියෝගයට

න්දියාව සහ ශ්‍රී ලංකාවේ ටී -20 ක්‍රිකට් දස්කම් විමසා බලද්දී සෑම අතින්ම ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිරියෙන් සිටින කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුව තිබෙන බව සංඛ්‍යාලේඛන ඔප්පු කර පෙන්වයි.කණ්ඩායම් වර්ගීකරනයේදී ශ්‍රී ලංකාව ටී - 20 කණ්ඩායම් අතර ලොව තෙවන තැනට පත්ව සිටින අතර ඉන්දියාව සිටින්නේ හත්වන තැනයි.ටී - 20 පිතිකරුවන් වර්ගීකරනයේ මුල් දස දෙනා අතර ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකුම දකින්නට ලැබෙනවා.ඒ අතරින් මහේල ජයවර්ධන හයවන තැන සහ ටීඑම් ඩිල්සාන් අටවන තැන සිටින අතර නව වන තැන සිටින සංගක්කාර මේ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසු නොවීම කණගාටුදායකයි.
පන්දු යවන්නන් වරගීකරණයේ මුල දස දෙනා අතර ශ්‍රී ලංකාවේ අජන්ත මෙණ්ඩිස් (4) සහ ලසිත් මාලිංග (7) දකින්නට ලැබුණත් අජන්තගේ සේවය ද ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ.ඒ ඔහුද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවන බැවින්.
තුන් ඉරියව් ක්‍රීඩකයන් සළකා බලද්දී මුල් දස දෙනා අතර අටවන තැන සිටින ටීඑම් ඩිල්ෂාන් ගේ පන්දු යැවීමට නායක මහේල ජයවර්ධන ප්‍රිය කරන බවක් නොපෙනෙන නිසා ඔහුගෙන් කාලයක සිටම තුන් ඉරියව් දස්කම් නෙලා ගැනීමක් සිදු වන්නේ නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින විශ්වසනීයම පන්දු රකින්නා වන ඩිල්ෂාන්ට නායකත්වයෙන් සමුගැනීමෙන් පසු ඇතැම් තරගයක දී  පන්දු ඕවර් කිහිපයක් එපා වාහෙට හොදි බෙදන්නාක් මෙන් ලැබුණා හැරෙන්නට ඔහුගෙන් පන්දු යැවීමේ සේවය ලබා ගැනීමට මහේල සුදානම් නැති බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ නිසා එම වර්ගීකරණයේ 10 වන තැන සිටින ඇන්ජලෝ මැතිව්ස්  හැරෙන්නට අප කණ්ඩායමට අලුත්ම තුන් ඉරියව් බලාපොරොත්තුව වන තිසර එකතු වෙනවා.
කෙසේ හෝ ඉන්දීය තරුණ ක්‍රීඩකයන් වඩා විශ්වාසයකින් සිටිනවා.ඒ සීමිත පන්දුවාර තරගාවලිය ජයගැනීම නිසාම ඔවුන් සතුව සිටින සියළුම ක්‍රීඩකයන් අයිපීඑල් තරගාවලියේ ටී - 20 සංස්කෘතිය ඇතුළත හොදින් දක්ෂතා දැක් වූ පිරිස වීමත් නිසා.මේ තත්ත්වයට සංඛ්‍යාලේඛණ වල ඉදිරියෙන් සිටීමේ තත්ත්වය ප්‍රායෝගිකව ගලපා ගැනීමේ අභියෝගය හෙට පල්ලෙකැලේ දී ශ්‍රී ලංකාවට බාර ගන්නට සිදු වෙනවා.දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ගොදුරුව සිටීම මෙන්ම දක්ෂතා ඇති අයගෙන් ප්‍රයෝජනයට ගැනීමට නායකයා දක්වන උනන්දුවට සාපේක්ෂව තරගයේ තීරනය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ඇති ඉඩ තීරණය කරනවා.පො‍තේ ලකුණු හදන පිළිවෙළට ලංකාව පෙරමුණේ සිටියද යථාර්තය නම් මේ මොහොත වන විට පිටියේ ලකුණු ලබා ගැනීමේදී මෙන්ම ප්‍රතිවාදීන් ගේ ලකුණු ලැබීම වැළැක්වීමට ඇති හැකියාව අතිනුත් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා.මේ සදහා පොත් පෙරළීමෙන් තොරව සැබෑ යථාර්තය තෝරා ගෙන සැබෑ දක්ෂතා ප්‍රයෝජනයට ගැනීමට මහේල ජයවර්ධන දක්වන වෙහෙස සහ කැපවීම මත මිස ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම් මත සිය ක්‍රිකට් දැණුම පරිශිලනය කිරීමෙන් ජයග්‍රහණය ලැබීමට යාමනම් විශ්වාස කිරීමට අපහසුයි.
www.supirikrida.com

විලියම්ස් සොහොයුරියෝ ඔලිම්පික් ඉතිහාසයට

Serena and Venus Williams celebrate on the podium
ලිම්පික් ඉතිහාසයේ ටෙනිස් යුගල තරගයක දී තෙවන වරටත් රන් පදක්කම් දිනීමට ඇමෙරිකාවේ සෙරීනා සහ වීනස් විලියම්ස් සොහොයුරියෝ සමත් වුණා.2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මෙම සොහොයුරියන් දෙදෙනා කාන්තා යුගල තරගයේ රන් පදක්කම දිනා ගැනීමට අමතරව වීනස් එහි කේවල රන් පදක්කමද දිනා ගනු ලැබුවා.නැවත 2008 බීජිං ඔලිම්පික් උළෙලට සහභාගි වන වීනස් සහ ෂෙරිනා එම තරගාවලියේ යුගල රන් පදක්කමේ උරුමක්කාරියෝ වූවා.මෙවර නැවත සෙරීනා වර්ථමානයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රිඩිකාව වන මාරියා ෂරා‍ෆෝවා පහසුවෙන් පරාජය කරමින් නොනැවතී සිය සොහොයුරිය විනස් සමග එක්ව චෙකොස්ලොවේකියාවේ ඇනඩ්‍රියා හැලවකෝවා සහ ලුසී හැඩෙකා පරාජයට පත් කරමින් කාන්තා යුගල රන් පදක්කමද දිනා ගන්නේ මේ දෙදෙනා  එක්ව දිනා ගත තෙවන යුගල රන් පදක්කම ලෙස ඉතිහාසයට එකතු වෙමින්.
එසේම සෙරීනා ගේ මෙම ජයග්‍රහණයත් සමග ස්ටෙෆි ග්‍රාප් හා සම වීමට ද ඇයට හැකියාව ලැබෙන අතර ඔලිම්පික් රන් පදක්කමක සහ ප්‍රධාන පෙළේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග හතරක ජයග්‍රහණය ලැබූ අයෙක් ලෙස සෙරීනා ස්ටෙෆී හා සම තත්ත්වයට පත් වෙනවා.එසේම මෙම ඔලිම්පික් උළෙලේ දී රොජර් ෆෙඩරර් දිගින් දිගටම බලාපොරොත්තු නැති අභියෝග වලට ලක් වීම කැපී පෙණුන අතර අවසානයේ ඔහුට එම කේවල රන පදක්කම අහිමි කරමින් එංගලන්තයේ ඇන්ඩි මරේ ඔලිම්පික් කේවල සූරතාවය දිනා ගැනීමත් මේ වසරේ ඔලිම්පික් ටෙනිස් පිටියේ වාර්තාගත සිදුවීම් අතර කැපී පෙණුනා.
www'supirikrida.com

බැඩ්මින්ටන් රන් ඔක්කොම චීනයට


The China Badminton team celebrate their 5 Gold Medalsමෙවර ද ඔලිම්පික් බැඩ්මින්ටන් පිටියේ ආධිපත්‍යය තහවුරු කළ චීනය ඒ සදහා පිරිනැමෙන රන් පදක්කම පහටම උරුම කම්  කීවා.ඊට අමතරව ඔවුන් රිදී පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක්ද බැඩිමින්ටන් වෙනුවෙන් සිය පදක්කම් මල්ලට එකතු කර ගනු ලැබුවා.මෙහිදී පිරිමි සූරතාවය නැවත වරක් ලොව සුපිරිතම ක්‍රිඩකයා තමා බව තහවුරු කරමින් ලී ඩෑන් විසින් දිනා ගත් අතර කාන්තා සූරිය වූයේ ෂුරෙයී ලී යි.
Yihan Wang of China competes in the women's Singles Badminton gold medal
පිරිමි යුගල තරග අංශයේ රන් පදක්කම චීනයට දිනා දීමට යුන් සායි සහ හයිෆෙන්ග් ෆූ සමත් වූ අතර කාන්තා යුගල සුරතාවය චීනයට දිනා දීමට කියුන්ග් ටියෑන් සහ යුන්ලෙයි ෂාහෙන් සමත් වුණා.
මිශ්‍ර යුගල සූරතාවය ෂෑන්ග එන් සමග එක් වූ ෂාහෝ වයි විසින් දිනා ගත් අතර බැඩ්මින්ටන් පදක්කම් සටහනේ අසල්වැසි ඉන්දියාවේ නම සටහන් කළ ෂයිනා නෙවාල් කාන්තා තරග අංශයේ ලෝකඩ පදක්කමට හිමිකම් කිවා.පහළ ඡායාරූපයේ දැක්වෙන්නේ නෙවාල් වල අතර ඉහතින් දැක්වෙන්නේ ජයග්‍රාහී චීන බැඩ්මින්ටන් කණ්ඩායමයි.
www.supirikrida.com

කියුබානුවා විසින් කොලොම්බියාවට දිනා දුන් රිදී පදක්කම


An athlete competes in the women's Triple Jump Finalකාන්තා තුන් පිම්ම තරගයේ රිදී පදක්කම දිනා ගනු ලැබුවේ කොළොම්බියාවේ ක්‍රිස්ටීන් ඉබරගුවේන් විසින්.ඇය විසින් මීටර් 14 .80 ක දක්ෂතාවයක් පෙන්වමින් වාර්තා කළ මෙම ජයග්‍රහණය ඇයගේ කියුබානු පුහුණුකරු උබල්ඩෝ ඩනී විසින් කොළොම්බියාවට දිනා දුන් පදක්කමක් ලෙස හදුන්වන්නට හැකියි.ක්‍රිස්ටීන් කොළොම්බියාවේ උස පැනීමේ ජාතික වාර්තාව වන මීටර් 1.93 ක දක්ෂාතවය දක්වා සිටි ක්‍රිඩිකාවයි.එම උස පදනම් කරගෙන ජාත්‍යන්තර තරග සදහා පිවිසීම අපොහොසත් නොවුණ ද ජයග්‍රහණ පිළිබදව එතරම් බලාපොරොත්තු තැබීමේ ඉඩක් තිබුණේ නැහැ.මේ තත්ත්වය මත උබල්ඩෝ පැනීම් පුහුණුකරු ලෙස කොළොම්බියාවට ආ පසු ක්‍රිස්ටීන් ට උස පැනීමට වඩා තුන් පිම්ම ඉසව්වෙන් ජගත් ජයග්‍රහණ සදහා පිවිසිය හැකි බවට අනුමාන කරනවා.

ඒ අනුව පුහුණුකරු විසින් ක්‍රිස්ටීන් ට තමා ජාතික වාර්තාව දරන ඉසව්වෙන් ඉවත් වෙන ලෙස ගෙන එන යෝජනාව සාවධානව පිළිගන්නා ක්‍රිස්ටින් තුන් පිම්ම ඉසව්ව සදහා පිවිසෙන අතර එහිදී මෙවර ඔලිම්පික් රිදි පදක්කමට පෙර ඉකුත් ජගත් මලල ක්‍රිඩා සූරතාවලියේදී ලෝකඩ පදක්කම ද දිනා ගන්නට සමත් වෙනවා.28 හැවිරිදි ක්‍රිස්ටින් පුහුණුකරු ගේ දැනුමට ගර කිරීම නිසා හිමිවන මෙම රිදි පදක්කම කොළොම්බියාව මලල ක්‍රීඩා පිටියේ ලද විශාලතම ජාත්‍යන්තර ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක් වන අතර  මෙම තරගයේ ජයග්‍රහණය කසකස්තානයේ ඔල්ගා රිපකෝවා විසින් දිනා ගනු ලබන්නේ මීටර් 14.98 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් වන අතර තෙවන ස්ථානය මීටර් 14.79 ක දක්ෂතාවයක් පෙන් වූ යුක්රේනයේ ඔල්හා සලාහුදා ට හිමි වෙනවා.
www.supirikrida.com

බෝල්ට් නව ඔලිම්පික් වාර්තාවක් සමග වේග කිරුල රැක ගනියි.අවසන් අට දෙනාගෙන් හතක්ම තත්පර 10 ට අඩුවෙන් දුවති

Runners leave the starters blocks in the men's 100m finalමා සතුව මීටර් 100 ඉසව්ව සදහා පැවති තත්පර 9.69 ක ඔලිම්පික් වාර්තාව යළි අලුත් කළ උසෙයින් බෝල්ට් තත්පර 9.63 කින් මීටර් 100 නිමාවට පත් කර නව ඔලිම්පික් තරග වාර්තාවක්  පිහිටු වන්නට සමත් වුණා.බීජීං ඔලිම්පික් උළෙලෙදි තැබු නව තරග වාර්තාව අහිමි වීම කෙසේ වෙතත් මෙවර බෝල්ට් ට තරග ජයග්‍රහණය අහිමි වනු  ඇතැයි බො‍හෝ දෙනා සැක පහළ කළා.ඒ ජැමෙයිකානු ඔලිම්පික් තේරීම් තරග වල දී යොහාන් බ්ලේක් ට පරාජය වීම නිසා.එසේම ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් සහ ටයිසන් ගේ මෙන්ම ජැමෙයිකාවේම  අසාෆා පවෙල් ද මෙවර ජයග්‍රහණය වෙනුවෙන් බෝල්ට් ව වෙනදාට වඩා මහන්සි කළා.
Runners leave the starters blocks in the men's 100m finalමීටර් 100 අවසන් තරගය සදහා සුදුසුකම් ලැබූ අවසන් තරගකරුවන් අටදෙනා අතරින් තත්පර 10 ට අඩුවෙන් තරග කළ තරගකරුවන් හත් දෙනෙකුම සිටිම විශේෂත්වයක් වුණා.ඒ තත්ත්වය නිසාම බෝල්ට් ට තරගය අතරතුර රංගනයන් සදහා අවකාශ නැති බව තරගයට පෙර සිටම පැහැදිළිව නෙන්නට තිබුණා.ඒ අකාරයටම තරග වැදුණු සියළු දෙනා තමන් ලොව සිටින හොදම වෘත්තීය මට්ටමේ ධාවකයන් බව පසක් කරමින් ප්‍රතිචාර දැක්වීම 0.200 ට අඩුවෙන් තබා ගැනීමට සමත් වුණා.ඒ අතරින් බෝල්ට් තමන්ගේ ප්‍රධානම අභියෝග වූ ජස්ටින් ගැට්ලින් (0.178) සහ යොහාන් බ්ලේක් (0.179) අභිබවා යමින් 0.165 ක ප්‍රිතික්‍රියා වේගයක් රදවා ගත් අතර ටයිසන් ගේ බෝල්ට් ට වඩා ඉදිරියෙන් සිටිමින් 0.145 ක ප්‍රිත්‍රික්‍රියා වේගයකින් තරගය ආරම්භ කර තිබුණා.අවසන් මීටර් 70 දී පමණ සුපිරි ධාවක අසාෆා පවෙල් ආබාධයකට ලක් වීම නිසා ඔහු තත්පර 11.99 කින් තරගය නිම නොකරන්නට මෙම තරගයේ අවසාන ප්‍රතිපලයේ සියල්ලෝම තත්පර 10 ට අඩුවෙන් ධාවනයේ යෙදුණු අය වෙන්නට තිබුණා.
දෙවන ස්ථානය දිනූ  යොහාන් බ්ලේක් සිය හොදම පෞද්ගලික කාලය සම කිරීමටත් (9.75),ජස්ටින් ගැට්ලින් හොදම පෞද්ගලික කාලය (9.79) සහ පස්වන ස්ථානය දිනූ බේන් රේලි (9.88) සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කිරීමටත් සමත් වුණා.ටයිසන් ගේ සිය හොදම කාලීන දක්ෂතාවය පෙන්වමින් තරගයේ සිව්වන ස්ථානය දිනා ගත්තේ තත්පර 9.80 ක කාලයක් ගත කරමින්.බෝල්ට් ද සිය කාලීන හොදම දක්ෂතාවය මෙන්ම ඔහු මීටර් 100 ලෝක වාර්තාව සදහා ධාවනයේ යෙදුනු තත්පර 9.58 කාලයට පසුව එම ඉසව්ව වෙනුවෙන් වාර්තා කළ හොදම කාලය ද මෙය වෙනවා.
www.supirikrida.com


කාන්තා මීටර් 400 රන් පදක්කම ඇමෙරිකාවට පිරිමි අවසන් තරගයට ඇමෙරිකානුවන් නෑ

Sanya Richards-Ross of the United States crosses the line to win goldදින තුනක් තිස්සේ මලල ක්‍රීඩා රන් පදක්කමක් බලාපොරොත්තුවෙන් සිටි ඇමෙරිකාවේ බලාපොරොත්තුව මල්පල ගන්වන්නට සැන්යා රිචඩ්ස් සමත් වුණේ මීටර් 400 කාන්තා තරගයේ රන් පදක්කම ඇමෙරිකාවට දිනා දෙමින්.එහි ලෝකඩ පදක්කමත් ඇමෙරිකාවට දිනා දෙන්නට ඩිඩී ට්‍රොටර් සමත් වූ අතර දෙවන ස්ථානය බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටින් ඔරොගු විසින් දිනා ගත්තා.ඉතා තියුනු මුහුණු වරක් ගත් මෙම අවසාන තරගයේදී ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුම තත්පර 50 ට මෙපිටින් තරගය නිම කිරීමට සමත් වුණා.
නමුත් ඇමෙරිකානු බූදලයක් ලෙස කලෙක සිට පවතින මීටර් 400 පිරිමි ඉසව්වේ අවසාන පූර්ව තරග වලින් කිසිදු ඇමෙරිකානුවෙකු එම අවසන් තරගයට සුදුසුකම් ලබා නොසිටීමත් කැපී පෙනෙනවා.ඇමෙරිකාවෙන් පමණක් නොව කෙටි දුර ධාවන පිටියේ අලුත්ම ප්‍රවනතාවය වන ජැමෙයිකාවෙන් ද කිසිදු ක්‍රීඩකයෙක් එම පිරිමි අවසාන තරගයට සුදුසුකම් ලබා නොතිබීම කැපී පෙණෙන කරුණක්.
www.supirikrida.com

ඔලිම්පික් කාන්තා මැරතන් ජය ඉතියෝපියාවේ ගෙලානා ට

Valeria Straneo of Italy leads the pack during the Women's Marathon
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා මැරතන් රන් පදක්කම ඉතියෝපියාවට දිනා දෙන්නට ටිකී ගෙලානා සමත් වුණා.මේ වසරේ කාන්තා මෙන්ම පිරිමි මැරතන් පිටියේද නිරන්තරයෙන් අසන්නට ලැබුණේ කෙන්යානු ජයග්‍රහණ වුව ද ඔලිම්පික් මැරතන් තරගයේදී කෙන්යාවට හිමි වූයේ රිදී පදක්කම පමණයි.එය ප්‍රිස්කා ජිප්ටෝ විසින් දිනා ගත්තා.ගෙලානා ඉතියෝපියාවට රන් පදක්කම නව ඔලිම්පික් වාර්තාවක් සමග ගෙන එද්දී තෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ සිය හොදම තරග නිමි කිරීමේ කාලය සමග රුසියාවේ පෙට්රෝවා ආකිපෝවා යි.
පැය 2:23:07 ට තරගය නිමා කළ ගෙලානා නව තරග වාර්තාවක් තැබූ අතර ඇය එඩ්මන්ටන් මැරතන් තරගය ජය ගනිමින් වාර්තා කළ කාලය වන පැය 2:18:58 ඇයගේ හොදම තරග නිමි කිරීමේ කාලය මෙන්ම ඉතියෝපියානු නව තරග වාර්තාව ද වෙනවා.ඇයගේ ජීවිතය සහ පවුල අතර මැරතන් සම්බන්ධ යම් බැදීමක් ද පෙනෙන්නට අතර 24 හැවිරිදි ගෙලානා ගේ ඥාති සොහොයුරෙකු වන ගෙෂන්ගි ඇබෙරා ද 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්ව ජය ගෙන තිබෙනවා.
www.supirikrida.com

Aug 5, 2012

ලංකාවේ ජයග්‍රහණය දුවද්දී දැවී යයි.

MS Dhoni completes the run out of Lahiru Thirimanneශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පස්වන එක්දින තරගය ද ඉන්දියාවට ලකුණු 2ද ක ජයක් ලබා දෙමින් නිමාවට පත් වූයේ තරගාවලි ජයග්‍රහණය 4 - 1 ක් බවට පත් කරමින්ය.ඊයේ ඉන්දියාව විරේන්ද්‍ර ෂෙවාග් වෙනුවට අයිපීඑල් තරගාවලියේ දස්කම් දැක් වූ අයිජින්ක්යා රහ්නේ කැදවා තිබුණද ඔහුට සාර්ථක වන්නට අවස්ථාවක් ලැබණේ නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායමෙන්ද මහේල ජයවර්ධන සහ රංගන හේරත් ඉවත්වීම නිසා ඒ වන විටත් අහිමිව තිබූ සංගක්කාරගේ සහ කුලසේකරගේ සේවය ද අහිමි ව දෙවන පෙළ කණ්ඩායමක් ලෙස තරගයට පිවිස තිබුණා.
Virat Kohli was named the player of the seriesනමුත් නායකත්වයේ බරෙන් ඇති වූ පීඩනය දරා ලත නොහැකිව මෙන හොදින් පන්දුව දකිමින් සිටියදී ඇන්ජලෝ මැතිව්ස් අනවශ්‍යය ලකුණකට උත්සාහ කරමින් නිකරුනේ දුවද්දී දැවී ගියේ තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට තිබුණු හැරවුම් ලක්ෂයක් මග හරවමින්.එහෙත් කලෙකට පසුව අපූරු පසුපෙළ සබදතාවයක් දියත් කළ ලහිරු තිරිමාන්න සහ ජීවන් මෙණ්ඩිස් හයවන කඩුල්ලට ලකුණු 102 ක සබදතාවයක් පැවත් වූවා.කුමාර සංගක්කාරගේ අඩුව පිරවීමේ වගකීම මැනවින් ඉටුකළ ලහිරු ඉතා දැඩි විශ්වාසයකින් ගොඩ නැගූ ඉනිමේ අවසාන භාගයේ ප්‍රවේගකාරී වෙමින් හයේ පහර තුනක්ද සහිතව ලකුණු 77 ක් ලබා සිටියදී කඩුලු අතර දිවීම නිසි අවබෝධයෙන් නොකළ නිසා දුවද්දී දැවී නොයන්නට ඉන්දියාවට එරෙහිව අනගි ජයක් ලැබීමේ අවශ්‍යයතාවය ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබුණා.
තරගාවලිය පුරා ලැබුණු අවස්ථාවන් හී විශිෂ්ඨ දක්ෂතා පෙන් වූ ජීවන් මෙණ්ඩිස් ලකුණු 72 ක් රැස් කළ අතර කෙතරම් අසාර්ථක වුව ද ඩොලර් මලු පුරවා ගැනීමේ භාග්‍යය ලබමින් සංචිත ගත වන්නට වාසනා ගුණයෙන් දිල්හාර ප්‍රනාන්දුට ද අභියෝග කළ හැකි තත්ත්වයට වර්ධනය වෙමින් සිටින චාමර කපුගෙදර කන්ඩායමේ ජ්‍යෙෂ්ටයන්ගේ සහ තේරීම් කමිටුවේ සෙනෙහස මිස මේ මොහොතේ තමන් දක්ෂතා අතර නැති බව යළිත් පසක් කරමින් ලකුණු නවයකට දැවී ගියා.
සචිත්‍ර සේනානායක දග පන්දු යවන්නෙකු ලෙස තමන්ට එක්දින කණ්ඩායමේ ස්ථානය තහවුරු විය යුතු බවට ඔප්පු කරන පන්දු යැවීමක නිරත වූ අතර නමුත් පිතිකරුවෙකු ලෙස තමන්ට ඇති හැකියාව නොතකා හැර නොසැළකිල්ලෙන් පන්දුවට පහර නොදෙන්නට තරගයේ ජය ශ්‍රී ලංකාවට ලබා දීමේ හැකියාව ඔහු සතුව තිබුණා.ඊයේත් දග පන්දු යැවීම සදහා නායක ඇන්ජලෝ මැතිව්ස් මහේල ජයවර්ධන සිද්ධාන්තයම ක්‍රියාවට නැං වූ අතර තිලකරත්න ඩිල්ෂාන් ගේ කඩුලු වැටෙන දග පන්දුව ඔහු ද අමතක කර දමා තිබුණා.වේග පන්දු යවන්නන් හරහා යැපෙන න්‍යායට මුල් තැන දෙමින් කටයුතු කළ මැතිව්ස් එම පන්දු යවන්නන් මගින් යොමු කළ පන්දු ඕවර් 35 තුළ ලකුණු 219 ක් ලබා දී තිබුණා.
ඉන්දීය පිතිකරුවන් අතරින් යළිත් ගාම්භිර් බිද වැටෙන්නට ගිය ඉන්දීය ඉණිම රැක ගනිමින් ලකුනු 88 ක් ලබා ගත් අතර මනෝජ් තිවාරි ලකුණු 68 ක් ලැබුවා.නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 38 දී ප්‍රහාරාත්මක ලකුණු 58 ක් ලබා ගත්තා.මාලිංග ලකුණු 64 ට කඩුලු 3 ක් ද,නුවන් ප්‍රදීප් 63 ට කඩුලු 2 ක් ද ලබා ගන්නට සමත් වුණා.ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය තහවුරු කළ ඉර්ෆාන් පතාන් ලකුණු 61 ට කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා.තරගාවලියේ දී ශතක දෙකක් සමග ලකුණු 337 ක් ලැබූ විරාට් කෝලි තරගාවලියේ වීරයා බවට පත් වුණා.
තරගයේ අවසාන ලකුණු සටහනට http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564785.html සබදතාවය හරහා පිවිසිය හැකි අතර http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/series/564778.html?view=records සබදතාවය හරහා තරගාවලියේ සමස්ත ක්‍රීඩක දක්ෂතා වෙත පිවිසිය හැකියි.
www.supirikrida.com


.ගණිකා මඩම් වැසූ නමුත් සේවය පාරේ සිට

න්ඩන් නුවර ගණිකා ව්‍යාපාරය අනීතික ලෙස නොසැළකුණ ද,ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් පසුගිය මාස 18 පුරා ගණිකා මඩම් 80 ක් වසා දැමීමට බලධාරීන් කටයුතු කළත් මේ වන විට ඔලිම්පික් නැරඹීම සදහා ලන්ඩනයට පැමිණ සිටින පිරිසට ලිංගික සේවය ලබා දීම සදහා ගණිකාවන් විශාල වශයෙන් මාර්ග වීදී වල ඇති ආරක්ෂාවන් සහිත  ස්ථානවල වෙසෙන බව ලන්ඩනයෙන් වාර්තා වේ.මිලියන දෙකක් පමණ වන ආගන්තුකයන් ඩැහැ ගැනීම සදහා ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගණය අවට ඇති වීදි වල ගණිකාවන් විශාල පිරිසක් දැකිය හැකි බව එම වාර්තා තව දුරටත් පැහැදිළි කරනවා.
ලන්ඩන් පොලිසිය තරගාවලියට පෙරාතුවම ගණිකාවන් විශාල පිරිසකට තරගාවලිය පැවත්වෙන ප්‍රදේශය තහනම් ප්‍රදේශයක් බවට පත් කළ අතර එයට හේතුව ලෙස පොලිසිය පෙන්වා දී තිබුණේ,ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ වූ ජාවාරම් කරුවන් සමග ඔවුන්ට ඇති සබදතා තහවුරු කර ගැනීමෙන් පසු එම තීරණය ට පිවිසි බවයි.මෙසේ තහනමට ලක් වූ පිරිස අතර වැඩිපුරම දකින්නට ලැබෙන්නේ අප්‍රිකානු සහ ආසියාතික රටවලට අයත් කාන්තාවන් බව ද එම වාර්තා හෙළිදරව් කරනවා.
නමුත් තවමත්ගණිකා ව්‍යපාරය,මත් ද්‍රව්‍ය ව්‍යාපාරය,මංකොල්ලකෑම් ආදිය ලන්ඩන් නුවරට කිලෝ මීටර් 7 ක් පමණ නුදුරින් සිදුවන බවට විදෙස් වාර්තා උදාහරණ සහිතව පෙන්වා දුන්නා.
www.supirikrida.com 

තහනම් දැලේ පැටලුණු ප්‍රමාණය හතරක් දක්වා ඉහළ යයි

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල ආශ්‍රිතව කරන ලද තහනම් උත්තේජන පරීක්ෂණ වල දී තහනම් උත්තේජන ගත් බවට ඔප්පු වූ  ප්‍රමාණය හතරක් දක්වා ඉහළ ගොස් ඇත.ඔවුන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂන වලදී ඒ බව තහවුරු වීම නිසා ඇතැමෙක්ට තරග වලට ඉදිරිපත් නොවීම ඉවත යන්නට සිදු වූ අවස්ථාද වාර්ථා වේ.
එ අනුව උස්බෙකිස්තානයේ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ලුයිසා ගැලුයිලිනා,ඇල්බේනියාවේ බර ඉසිලීම් ක්‍රීඩක හයිසෙන් පුලාකු,රැසියානු පාපැදි තරගකරු වික්ටෝරියා බරනෝවා සහ කොළොම්බියාවේ මීටර් 400 ධාවන සූර දීගෝ පැලෝමෙක් මේ වන විට තහනම් උත්තේජන ගත් බවට ඔප්පු වී ඇති සිව් දෙනායි.
www.supirikrida.com

අප්‍රිකානු අයිතිය බ්‍රිතාන්‍යයට


Mohamed Farah of Great Britain celebrates winning gold in the Men's 10,000m

"රැකවල් බැමි ලිහිණ ලේ සුවද හැමු විට
වැටවල් උඩින් පැන දිව ආමි තුරුළට
රටවල් සිය ගණන් පසු කර ලැබූ දිනුමට
මේ හාදුව තරම් වටිනා දෙයක් වේද පියෙකුට"
ප්‍රිකානු රටවල් සතුව පැවති මීටර් 10,000 ඉසව්ව  බ්‍රිතාන්‍ය නියෝජනය කළ මොහොමඩ් ෆාරා විසින් ජයග්‍රහණය කළා.තරගයේ මුල සිටම ඉතියෝපියානුවන් සහ කෙන්යානුවන් පෙරමුනේ ධාවනයේ යෙදුනද,මීටර් 9000 සීමාවට පිවිසෙන විට ක්‍රමයෙන් ෆාරා ඉදිරියෙන් ධාවනයේ යෙදෙන්නට පටන් ගත් අතර අවසන් මීටර් 400 තත්පර 53 කාලයකින් නිමා කරමින් ඔහු තරගය ජය ගනිද්දී දෙවන ස්ථානය ඇමෙරිකාවේ රප් ගැලන් වෙත හිමි වුනා.මීටර් 10000 ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් ජයග්‍රාහකයාද වන ඉතියෝපියාවේ කෙනනිසා බෙකලේ ට පදක්කමක් ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔහු සිව්වන ස්ථානය දිනා ගනිද්දී තෙවන ස්ථානය තරිකු බෙකලේ විසින් දිනා ගත්තා.
මොහොමඩ් ‍ෆාරා සෝමාලියාවේ උපත ලැබුවද ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන්නේ සිය පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වීම නිසයි.1983 මාර්තු 23 සෝමාලියාවේ මොගඩිසු හී උපත ලබන 29 හැවිරිදි ෆාරා සිය පවුල සමග බෙහෙවින් ඇලුණු පුද්ගලයෙක්.සිය බිරිද ටානියා ට මෙන්ම දියණිය රිහානාට ද දැඩිව ආදරය කරන ෆාරා ගේ ජයග්‍රහණයත් සමග සිය දියණිය ආරක්ෂක වැට කඩුලු අතරින් ධාවන පථයට පැන සිය පියාව බදා ගත් අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.එසේම සිය දෙවන දරු උපත සදහා සූදානම් වෙමින් සිටින ටානියා ද ධාවන පථයට පිවිස ෆාරා සිප ගනිමින් සුභ පැතුවා.
සිය දියණිය දුටු සැනින් ඈ එන මගට පිවිසි ෆාරා ඇය දැඩිව ආදරයෙන් සිප ගත්තේ අන් කිසිවක් ඈ තරම් ඔහුට නොවටිනා බව කියන්නට මෙන්.ඡායාරූපයේ දැක්වෙන්නේ ෆාරා සහ රහීනා ඡායාරූප ශීල්පීන්ගේ කැමරා කාච වලට මැදි වූ අවස්ථාවක්.www.supirikrida.com


ෂෙලී ඇමෙරිකාව පෙරළා දැමීම අරඹයි

Olympics Day 8 - Athleticsබීජීං ඔලිම්පික් උළෙලේ දී චීනයට සමස්ත සූරතාවය දිනා ගැනීමට බෙහෙවින් ඉවහල් වූ ජැමෙයිකාව විසින් ඇමෙරිකානු කෙටි දුර ආධිපත්‍යය උදුරා ගැනීමට මෙවර ද ආරම්භය ලබා දුන් ජැමෙයිකාවේ ෂෙලී ඈන් ප්‍රෙෂර් බීජීං ඔලිම්පික් උළෙලෙ මීටර් 100 ඉසව්වෙන් දිනා ගත් රන් පදක්කමේ උරුමය තව දුරටත් රැක ගැනීමට සමත් වූවා ය.තරගයට පෙරාතුව සහ මැත කාලීන දක්ෂතා පිළිබදව විමසද්දී ද ෂෙලී ට වඩා ඉදිරියෙන් සිටි ඇමෙරිකාවේ කාමෙලිටා ජෙටර් මෙවර ඔලිම්පික් වේග කිරුළේ උරුමක්කාරිය වෙනු ඇතැයි  විශ්වාස කළ ද එය මිත්‍යාවක් බවට පෙරළා දැමූ ෂෙලී යළිත් කාන්තා කෙටි දුර ආධිපත්‍යය සිය නමට ලියවා ගත්තාය.
තරග ආරම්භයේ දි සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ජාත්‍යන්තර අත්දැකීම් සමග මානසිකව තරගයට සම වැදී සිටින අයුරු පැහැදිළි කරමින් හොද ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර තරගයේ පළමු වැනියා මෙන්ම කැමලීටා ජැටර් ද 0.153 ක ‍ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර සියල්ලලෝම 0.200 ට අඩුවෙන් ප්‍රතික්‍රීයා දක්වා තිබීම මෙන්ම ක්‍රීඩිකාවන් හය දෙනෙකුම අවසන් තරගය තත්පර 11.00 අඩු කාලයකින් නිමි කිරීම හරහා පැහැදිළි වන්නේ ඔවුන්ගේ වෘත්තීය ස්වභාවය මෙන්ම තරගකාරී හැකියාවය.
තරගයේ තෙවන ස්ථානය ජැමෙයිකාවේම සුපිරි කෙටිදුර සූරී වෙරෝනිකා කැම්බල් ට හිමි විය.සමස්ත ප්‍රතිපල විස්තරය www.supiriikridada.com වෙතින් ලබා ලැනීමට ද හැකියාව ඇත.
www.supirikrida.com